යෙදුමෙන් කියවන්න

සුද‍්ධිකපටිපදා

277. කතමෙ ධම‍්මා කුසලා?

277. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවාචා හොති, සම‍්මාකම‍්මන‍්තො හොති, සම‍්මාආජීවො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සද‍්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ‍්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත‍්තප‍්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ‍්ඣා හොති, අව්‍යාපාදො හොති, සම‍්මාදිට‍්ඨි හොති, හිරි හොති, ඔත‍්තප‍්පං හොති, කායපස‍්සද‍්ධි හොති, චිත‍්තපස‍්සද‍්ධි හොති, කායලහුතා හොති, චිත‍්තලහුතා හොති, කායමුදුතා හොති, චිත‍්තමුදුතා හොති, කායකම‍්මඤ‍්ඤතා හොති, චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති, කායපාගුඤ‍්ඤතා හොති, චිත‍්තපාගුඤ‍්ඤතා හොති, කායුජ‍්ජුකතා හොති, චිත‍්තුජ‍්ජුකතා හොති, සති හොති, සම‍්පජඤ‍්ඤං හොති, සමථො හොති, විපස‍්සනා හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්ච සමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස (ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, විතෛත්කාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨි වෙයි, සම්මාවාචා වෙයි, සම්මාකම්මන්ත වෙයි, සම්මාආජීව වෙයි, සම්මාවායාම වෙයි, සම්මාසති වෙයි, සම්මාසමාධි වෙයි, සද්ධාබල වෙයි, විරියබල වෙයි, සතිබල වෙයි, සමාධිබල වෙයි, පඤ්ඤාබල වෙයි, හිරිබල වෙයි, ඔත්තප්පබල වෙයි, අලෝභය වෙයි, අදෝසය වෙයි, අමෝහය වෙයි, අනභිජ්ඣා වෙයි, අව්‍යාපාද වෙයි, සම්මාදිට්ඨි වෙයි, හිරි වෙයි, ඔත්තප්ප වෙයි, කායපස්සද්ධි වෙයි, චිත්තපස්සද්ධි වෙයි, කායලහුතා වෙයි, චිත්තලහුතා වෙයි, කායමුදුතා වෙයි, චිත්තමුදුතා වෙයි, කායකම්මඤ්ඤතා වෙයි, චිත්තකම්මඤ්ඤතා වෙයි, කායපාගුඤ්ඤතා වෙයි, චිත්තපාගුඤ්ඤතා වෙයි, කායුජ්ජුකතා වෙයි, චිත්තුජ්ජුකතා වෙයි, සති වෙයි, සම්පජඤ්ඤ වෙයි, සමථය වෙයි, විපස්සනා වෙයි, පග්ගාහය වෙයි, අවික්ඛේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.

278. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

278. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.

279. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

279. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනාව වේ.

280. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

280. කවරෙක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.

281. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

281. කවරෙක් එසමයෙහි චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.

282. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

282. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.

283. කතමො තස‍්මිං සමයෙ විතක‍්කො හොති?

283. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ විතක‍්කො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.

284. කතමො තස‍්මිං සමයෙ විචාරො හොති?

284. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා, අයං තස‍්මිං සමයෙ විචාරො හොති.

එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාරය වේ.

285. කතමා තස‍්මිං සමයෙ පීති හොති?

285. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අයං තස‍්මිං සමයෙ පීති හොති.

එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.

286. කතමං තස‍්මිං සමයෙ සුඛං හොති?

286. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සුඛං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛවේදනා වේ.

287. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

287. කවරෙක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැ සිටීමෙක් නොවිසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධි බලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

288. කතමං තස‍්මිං සමයෙ සද‍්ධින්‍ද්‍රියං හොති?

288. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සද‍්ධා සද‍්දහනා ඔක‍්කප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං, ඉදං තස‍්මිං සමයෙ සද‍්ධින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.

289. කතමං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති?

289. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රම (කුසීත බැවින් නික්මෙන වීර්‍ය්‍ය) යෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක්, සම්‍යග්වීර්‍ය්‍යයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.

290. කතමං තස‍්මිං සමයෙ සතින්‍ද්‍රියං හොති?

290. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ සතින්‍ද්‍රියං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘති සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වේ.

291. කතමං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති?

291. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.

292. කතමං තස‍්මිං සමයෙ පඤ‍්ඤින්‍ද්‍රියං හොති?

292. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ පඤ‍්ඤින්‍ද්‍රියං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් (අනිත්‍යාදි ප්‍රකාරයෙන් දහම්) දැනීමෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නඟන) පතෝදයෙක් ප්‍රාඥයෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥා ප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.

293. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

293. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදය (චිත්ත) යෙක් භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

294. කතමං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති?

294. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.

295. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

295. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යො තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

296. කතමං තස‍්මිං සමයෙ අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං හොති?

296. කවරෙක් එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්:

යෙ තෙසං ධම‍්මානං අනඤ‍්ඤාතානං අදිට‍්ඨානං අප‍්පත‍්තානං අවිදිතානං අසච‍්ඡිකතානං සච‍්ඡිකිරියාය පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං හොති.

නො දත් විරූ නුදුටු විරූ නො පත් විරූ නුවණින් නො පාළ කළ නො පසක් කළ ඒ සිවුසස් දහමුන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ.

297. කතමා තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති?

297. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් නිදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවහාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.

298. කතමො තස‍්මිං සමයෙ සම‍්මාසඞ‍්කප‍්පො හොති?

298. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාසඞ‍්කප‍්පො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක් සංකල්ප වේ.

299. කතමා තස‍්මිං සමයෙ සම‍්මාවාචා හොති?

299. කවරෙක් එසමයෙහි සම්මාවාචා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චතූහි වචීදුච‍්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාවාචා හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, සතර වාග්දුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් ආචාරසීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ එසමයෙහි සම්මාවාචා වේ.

300. කතමො තස‍්මිං සමයෙ සම‍්මාකම‍්මන‍්තො හොති?

300. කවරෙක් එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තීහි කායදුච‍්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො සම‍්මාකම‍්මන‍්තො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාකම‍්මන‍්තො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, ත්‍රිවිධ කායදුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්කර්‍මාන්තයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වේ.

301. කතමො තස‍්මිං සමයෙ සම‍්මාආජීවො හොති?

301. කවරෙක් එසමයෙහි සම්‍යගාජීව වෙයි යත්:

යා තස‍්මිං සමයෙ මිච‍්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො සම‍්මාආජීවො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාආජීවො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, මිථ්‍යා ආජීවයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්ආජීවයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යගාජීව වේ.

302. කතමො තස‍්මිං සමයෙ සම‍්මාවායාමො හොති?

302. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාවායාමො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඨ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.

303. කතමා තස‍්මිං සමයෙ සම‍්මාසති හොති?

303. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාසති හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.

304. කතමො තස‍්මිං සමයෙ සම‍්මාසමාධි හොති?

304. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාසමාධි හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.

305. කතමං තස‍්මිං සමයෙ සද‍්ධාබලං හොති?

305. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං, ඉදං තස‍්මිං සමයෙ සද‍්ධාබලං හොති.

එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.

306. කතමං තස‍්මිං සමයෙ විරියබලං හොති?

306. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ විරියබලං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අනික්‍ෂිප්ත ඡන්‍දතායෙක් අනික්‍ෂිප්තධුරතායෙක් ධුරසම්ප්‍රග්‍රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.

307. කතමං තස‍්මිං සමයෙ සතිබලං හොති?

307. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ සතිබලං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතිබල වේ.

308. කතමං තස‍්මිං සමයෙ සමාධිබලං හොති?

308. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ සමාධිබලං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.

309. කතමං තස‍්මිං සමයෙ පඤ‍්ඤාබලං හොති?

309. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ පඤ‍්ඤාබලං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්ඛොඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥාබල වේ.

310. කතමං තස‍්මිං සමයෙ හිරිබලං හොති?

310. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ හිරීයති හිරීයිතබ‍්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ හිරිබලං හොති.

එසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරිබල වේ.

311. කතමං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පබලං හොති?

311. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පබලං හොති.

එසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතුකොට බිය වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය වේ ද, මේ එසමයෙහි ඔත්තප්පබල වේ.

312. කතමො තස‍්මිං සමයෙ අලොභො හොති?

312. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අලොභො අලුබ‍්භනා අලුබ‍්භිතත‍්තං අසාරාගො අසාරජ‍්ජනා අසාරජ‍්ජිතත‍්තං අනභිජ‍්ඣා අලොභො කුසලමූලං, අයං තස‍්මිං සමයෙ අලොභො හොති.

එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අලෝභ වේ.

313. කතමො තස‍්මිං සමයෙ අදොසො හොති?

313. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අදොසො අදුස‍්සනා අදුස‍්සිතත‍්තං අව්‍යාපාදො අව්‍යාපජ‍්ඣො අදොසො කුසලමූලං, අයං තස‍්මිං සමයෙ අදොසො හොති.

එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අද්වේෂ වේ.

314. කතමො තස‍්මිං සමයෙ අමොහො හොති?

314. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ අමොහො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රකාරයෙන් දන්නා අයුරෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අමොහ වේ.

315. කතමා තස‍්මිං සමයෙ අනභිජ‍්ඣා හොති?

315. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අලොභො අලුබ‍්භනා අලුබ‍්භිතත‍්තං අසාරාගො අසාරජ‍්ජනා අසාරජ‍්ජිතත‍්තං අනභිජ‍්ඣා අලොභො කුසලමූලං, අයං තස‍්මිං සමයෙ අනභිජ‍්ඣා හොති.

එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණුබවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අනභිධ්‍යා වේ.

316. කතමො තස‍්මිං සමයෙ අව්‍යාපාදො හොති?

316. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අදොසො අදුස‍්සනා අදුස‍්සිතත‍්තං අව්‍යාපාදො අව්‍යාපජ‍්ඣො අදොසො කුසලමූලං, අයං තස‍්මිං සමයෙ අව්‍යාපාදො හොති.

එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අව්‍යාපාද වේ.

317. කතමො තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති?

317. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදි විසින් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.

318. කතමා තස‍්මිං සමයෙ හිරි හොති?

318. කවරක් එසමයෙහි හිරි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ හිරීයති හිරීයිතබ‍්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, අයං තස‍්මිං සමයෙ හිරි හොති.

එසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරි වේ.

319. කතමං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පං හොති?

319. කවරෙක් එසමයෙහි ඔත්තප්ප වෙයි යත්:

යං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. ඉදං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පං හොති.

එසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ත්‍රස්ත වේ ද, මේ එසමයෙහි ඔත්තප්ප (උත්ත්‍රස්ත) වේ.

320. කතමා තස‍්මිං සමයෙ කායපස‍්සද‍්ධි හොති?

320. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස පස‍්සද‍්ධි පටිප‍්පස‍්සද‍්ධි පස‍්සම‍්භනා පටිප‍්පස‍්සම‍්භනා පටිප‍්පස‍්සම‍්භිතත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අයං තස‍්මිං සමයෙ කායපස‍්සද‍්ධි හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.

321. කතමා තස‍්මිං සමයෙ චිත‍්තපස‍්සද‍්ධි හොති?

321. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස පස‍්සද‍්ධි පටිප‍්පස‍්සද‍්ධි පස‍්සම‍්භනා පටිප‍්පස‍්සම‍්භනා පටිප‍්පස‍්සම‍්භිතත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අයං තස‍්මිං සමයෙ චිත‍්තපස‍්සද‍්ධි හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හුන් බවෙක් ප්‍රශ්‍රබ්ධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රශ්‍රබ්ධි වේ.

322. කතමා තස‍්මිං සමයෙ කායලහුතා හොති?

322. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස ලහුතා ලහුපරිනාමතා අදන්‍ධනතා අවිත්‍ථනතා, අයං තස‍්මිං සමයෙ කායලහුතා හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායලඝුතා වේ.

323. කතමා තස‍්මිං සමයෙ චිත‍්තලහුතා හොති?

323. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස ලහුතා ලහුපරිනාමතා අදන්‍ධනතා අවිත්‍ථනතා, අයං තස‍්මිං සමයෙ චිත‍්තලහුතා හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ලඝුතායෙක් යුහු වැ පිරිවැටෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තලඝුතා වේ.

324. කතමා තස‍්මිං සමයෙ කායමුදුතා හොති?

324. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස මුදුතා මද‍්දවතා අකක‍්ඛළතා අකඨිනතා, අයං තස‍්මිං සමයෙ කායමුදුතා හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි කායමෘදුතා වේ.

325. කතමා තස‍්මිං සමයෙ චිත‍්තමුදුතා හොති?

325. කවරෙක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස මුදුතා මද‍්දවතා අකක‍්ඛළතා අකඨිනතා, අයං තස‍්මිං සමයෙ චිත‍්තමුදුතා හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.

326. කතමා තස‍්මිං සමයෙ කායකම‍්මඤ‍්ඤතා හොති?

326. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස කම‍්මඤ‍්ඤතා කම‍්මඤ‍්ඤත‍්තං කම‍්මඤ‍්ඤභාවො, අයං තස‍්මිං සමයෙ කායකම‍්මඤ‍්ඤතා හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.

327. කතමා තස‍්මිං සමයෙ චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති?

327. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස කම‍්මඤ‍්ඤතා කම‍්මඤ‍්ඤත‍්තං කම‍්මඤ‍්ඤභාවො, අයං තස‍්මිං සමයෙ චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.

328. කතමා තස‍්මිං සමයෙ කායපාගුඤ‍්ඤතා හොති?

328. කවරෙක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස පගුණතා පගුණත‍්තං පගුණභාවො, අයං තස‍්මිං සමයෙ කායපාගුඤ‍්ඤතා හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ ( නො ගිලන්) බවෙක් වේ ද, මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.

329. කතමා තස‍්මිං සමයෙ චිත‍්තපාගුඤ‍්ඤතා හොති?

329. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස පගුණතා පගුණත‍්තං පගුණභාවො, අයං තස‍්මිං සමයෙ චිත‍්තපාගුඤ‍්ඤතා හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද, මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.

330. කතමා තස‍්මිං සමයෙ කායුජ‍්ජුකතා හොති?

330. කවරෙක් එසමයෙහි කායඍජුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස උජුතා උජ‍්ජුකතා අජිම‍්හතා අවඞ‍්කතා අකුටිලතා, අයං තස‍්මිං සමයෙ කායුජ‍්ජුකතා හොති.

එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද, මේ එසමයෙහි කායඍජුතා වේ.

331. කතමා තස‍්මිං සමයෙ චිත‍්තුජ‍්ජුකතා හොති?

331. කවරෙක් එසමයෙහි චිත්තඍජුතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උජුතා උජ‍්ජුකතා අජිම‍්හතා අවඞ‍්කතා අකුටිලතා, අයං තස‍්මිං සමයෙ චිත‍්තුජ‍්ජුකතා හොති.

එසමයෙහි විඥානස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් ඍජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලාතායෙක් වේ ද, මේ එසමයෙහි චිත්තඍජුතා වේ.

332. කතමා තස‍්මිං සමයෙ සති හොති?

332. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සති හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘති වේ.

333. කතමං තස‍්මිං සමයෙ සම‍්පජඤ‍්ඤං හොති?

333. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං තස‍්මිං සමයෙ සම‍්පජඤ‍්ඤං හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙක් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මෙ එසමයෙහි සම්‍යග්ඥාන වේ.

334. කතමො තස‍්මිං සමයෙ සමථො හොති?

334. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ සමථො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමෘධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.

335. කතමා තස‍්මිං සමයෙ විපස‍්සනා හොති?

335. කවරෙක් එසමයෙහි විදර්‍ශනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ විපස‍්සනා හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සියුසස් දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි විදර්‍ශනා වේ.

336. කතමො තස‍්මිං සමයෙ පග‍්ගාහො හොති?

336. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ පග‍්ගාහො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.

337. කතමො තස‍්මිං සමයෙ අවික‍්ඛෙපො හොති?

337. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං තස‍්මිං සමයෙ අවික‍්ඛෙපො හොති.

එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.

යෙවා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා කුසලා.

එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, ධර්‍මයෝ කුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, නවින්‍ද්‍රියානි හොන‍්ති, පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති, අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්තබලානි හොන‍්ති, තයො හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, එකා වෙදනා හොති, එකා සඤ‍්ඤා හොති, එකා චෙතනා හොති, එකං චිත‍්තං හොති, එකො වෙදනාක‍්ඛන්‍ධො හොති, එකො සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති, එකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති, එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, එකං මනායතනං හොති, එකං මනින්‍ද්‍රියං හොති, එකා මනොවිඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා කුසලා.

තවද එසමයෙහි සතර ස්කන්‍ධ කෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සප්තබල කෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක් චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක් සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක් විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මැ මනායතනය වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ කුශලයෝ යි.

338. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

338. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං අලොභො අදොසො අමොහො අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි හිරි ඔත‍්තප‍්පං කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි කායලහුතා චිත‍්තලහුතා කායමුදුතා චිත‍්තමුදුතා කායකම‍්මඤ‍්ඤතා චිත‍්තකම‍්මඤ‍්ඤතා කායපාගුඤ‍්ඤතා චිත‍්තපාගුඤ‍්ඤතා කායුජ‍්ජුකතා චිත‍්තුජ‍්ජුකතා සති සම‍්පජඤ‍්ඤං සමථො විපස‍්සනා පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති. -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතින්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්ප ය සම්‍යග්වාචා ය සම්‍යක්කර්‍මාන්ත ය සම්‍යක්-ආජීව ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක්සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල හා ප්‍රඥාබල හා හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අදෝස ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටිය ය හිරි ය ඔත්තප්ප ය කායප්‍රශ්‍රබ්ධි ය චිත්තප්‍රශ්‍රබ්ධි ය කායලඝුතා ය චිත්තලඝුතා ය කායමෘදුතා ය චිත්තමෘදුතා ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍යතා ය චිත්තප්‍රාගුණ්‍යතා ය කායඍජුතා ය චිත්තඍජුතා ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

339. කතමෙ ධම‍්මා කුසලා?

339. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ද දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

340. කතමෙ ධම‍්මා කුසලා?

340. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

341. කතමෙ ධම‍්මා කුසලා?

341. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

342. කතමෙ ධම‍්මා කුසලා?

342. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත වූ ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

343. කතමෙ ධම‍්මා කුසලා?

343. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං -පෙ- දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං -පෙ- සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුඃඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

සුද‍්ධිකපටිපදා.

සුද්ධිකපටිපදා යි.