යෙදුමෙන් කියවන්න

චතුමග‍්ගනයසහස‍්සං අට‍්ඨකථා

චතුමග‍්ගනයසහස‍්සං

චතුමග්ගනයසහස්සං

සබ‍්බමග‍්ගෙසු පදපටිපාටියා සමසට‍්ඨිපදානි, චතූහි අපණ‍්ණකඞ‍්ගෙහි සද‍්ධිං චතුසට‍්ඨි හොන‍්ති. අසම‍්භින‍්නතො පන තෙත‍්තිංස. කොට‍්ඨාසවාරසුඤ‍්ඤතවාරා පාකතිකා එව. යථා ච පන පඨමමග‍්ගෙ එවං දුතියාදීසුපි නයසහස‍්සමෙවාති චත‍්තාරො මග‍්ගෙ චතූහි නයසහස‍්සෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

සියලු මාර්ගයන්හි පද පිළිවෙළින් වූ සමසැටක් පද අපණ්ණකාංග සතරක් සමග සූසැටක් වෙයි. අසම්භින්න වශයෙන් වනාහි තිස්තුනකි. කොට්ඨාසවාර සුඤ්ඤත වාරයෝ ප්‍රකෘතියෙන් යුක්තයහ. ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රථම මාර්ගයෙහි මෙන්ම ද්විතීයාදීන්හි ද මෙසේ නය දහසක්මයැයි සතර මාර්ගයන් නය සාරදහසකින් බෙදා දැක්වූ සේක.

සච‍්චවිභඞ‍්ගෙ පන සට‍්ඨි නයසහස‍්සානි ලොකුත‍්තරානි ඉමෙසං එව වසෙන නික‍්ඛිත‍්තානි. සතිපට‍්ඨානවිභඞ‍්ගෙ වීසති නයසහස‍්සානි ලොකුත‍්තරානි, සම‍්මප‍්පධානවිභඞ‍්ගෙ වීසති, ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ ද‍්වත‍්තිංස, බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගෙ ද‍්වත‍්තිංස, මග‍්ගඞ‍්ගවිභඞ‍්ගෙ අට‍්ඨවීසති නයසහස‍්සානි ලොකුත‍්තරානි ඉමෙසං එව වසෙන නික‍්ඛිත‍්තානි.

සච්ච විභංගයෙහි වනාහි ලෝකෝත්තර නය සැටදහසක් මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී. සතිපට්ඨාන විභංගයෙහි ලෝකෝත්තර නය විසිදහසක්, සම්‍යක්ප්‍රධාන විභංගයෙහි විස්සක් ඍද්ධිපාද විභංගයෙහි දෙතිසක් - බෝධ්‍යාංග විභංගයෙහි දෙතිසක් - මාර්ග විභංගයෙහි ලෝකෝත්තර නය විසිඅටදහසක් ද මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී.

ඉධ පන චතූසු මග‍්ගෙසු චත‍්තාරියෙව නයසහස‍්සානි. තෙසු පඨමජ‍්ඣානිකෙ පඨමමග‍්ගෙ අට‍්ඨඞ‍්ගානි භාජිතානි; තථා දුතියාදීසු. තත්‍ථ පඨමමග‍්ගෙ සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨිං පජහතීති සම‍්මාදිට‍්ඨි. සම‍්මාසඞ‍්කප‍්පාදයොපි මිච‍්ඡාසඞ‍්කප‍්පාදීනං පජහනට‍්ඨෙනෙව වෙදිතබ‍්බා. එවං සන‍්තෙ ‘පඨමමග‍්ගෙනෙව ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතානං පහීනත‍්තා උපරිමග‍්ගත‍්තයෙන පහාතබ‍්බා දිට‍්ඨි නාම නත්‍ථි. තත්‍ථ සම‍්මාදිට‍්ඨීති නාමං කථං හොතී’ති? ‘යථා විසං අත්‍ථි වා, හොතු මා වා, අගදො අගදො ත්‍වෙව වුච‍්චති, එවං මිච‍්ඡාදිට‍්ඨි අත්‍ථි වා, හොතු මා වා, අයං සම‍්මාදිට‍්ඨි එව නාම’.

මෙහි මාර්ග සතරෙහි වනාහි නය සාරදහසක්මය. ඔවුනතුරෙන් ප්‍රථමධ්‍යානික ප්‍රථම මාර්ගයෙහි අෂ්ටාංග බෙදන ලදී. ද්විතීයාදීන්හි ද එසේමය. එහි ප්‍රථම මාර්ගයෙහි සම්‍යක් දෘෂ්ටිය දුරු කෙරේ යනු = සම්මා දිට්ඨි යයි. සම්‍යක් සංකල්ප ආදිය ද මිථ්‍යා සංකල්පාදීන් දුරුකිරීම් අර්ථයෙන්ම දතයුතුයි. මෙසේ ඇති කල්හි ප්‍රථම මාර්ගයෙන්ම දෙසැටක් දෘෂ්ටි සහගතයන් ප්‍රහීණ හෙයින් මතු මාර්ග තුනෙන් ප්‍රහීණ කළයුතු දෘෂ්ටි නම් නැත. එහි සම්මා දිට්ඨි යන නාමය කෙසේ වේ ද යත්, යම්සේ විසක් ඇතත් නැතත් බෙහෙත බෙහෙතම යැයි කියනු ලැබේ. මෙසේ මිථ්‍යා දෘෂ්ටිය ඇතත් නැතත් මෙය සම්‍යක් දෘෂ්ටියම නමි.

‘යදි එවං නාමමත‍්තමෙවෙතං හොති, උපරිමග‍්ගත‍්තයෙ පන සම‍්මාදිට‍්ඨියා කිච‍්චාභාවො ආපජ‍්ජති, මග‍්ගඞ‍්ගානි න පරිපූරෙන‍්ති, තස‍්මා සම‍්මාදිට‍්ඨි සකිච‍්චකා කාතබ‍්බා මග‍්ගඞ‍්ගානි පූරෙතබ‍්බානී’ති. සකිච‍්චකා චෙත්‍ථ සම‍්මාදිට‍්ඨි යථාලාභනියමෙන දීපෙතබ‍්බා. උපරිමග‍්ගත‍්තයවජ‍්ඣො හි එකො මානො අත්‍ථි, සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති. සා තං මානං පජහතීති සම‍්මාදිට‍්ඨි. සොතාපත‍්තිමග‍්ගස‍්මිඤ‍්හි සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨිං පජහති. සොතාපන‍්නස‍්ස පන සකදාගාමිමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි, සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති සා තං මානං පජහතීති සම‍්මාදිට‍්ඨි. තස‍්සෙව සත‍්තඅකුසලචිත‍්තසහජාතො සඞ‍්කප‍්පො අත්‍ථි. තෙහෙව චිත‍්තෙහි වාචඞ‍්ගචොපනං අත්‍ථි, කායඞ‍්ගචොපනං අත්‍ථි , පච‍්චයපරිභොගො අත්‍ථි, සහජාතවායාමො අත්‍ථි, අසතිභාවො අත්‍ථි, සහජාතචිත‍්තෙකග‍්ගතා අත්‍ථි. එතෙ මිච‍්ඡාසඞ‍්කප‍්පාදයො නාම සකදාගාමිමග‍්ගෙ සම‍්මාසඞ‍්කප‍්පාදයො. තෙසං පහානෙන සම‍්මාසඞ‍්කප‍්පාදයොති වෙදිතබ‍්බා. එවං සකදාගාමිමග‍්ගෙ අට‍්ඨඞ‍්ගානි සකිච‍්චකානි කත්‍වා ආගතානි. සකදාගාමිස‍්ස අනාගාමිමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි. සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති. තස‍්සෙව සත‍්තහි චිත‍්තෙහි සහජාතා සඞ‍්කප‍්පාදයො. තෙසං පහානෙන අනාගාමිමග‍්ගෙ අට‍්ඨන‍්නං අඞ‍්ගානං සකිච‍්චකතා වෙදිතබ‍්බා. අනාගාමිස‍්ස අරහත‍්තමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි. සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති. යානි පනස‍්ස පඤ‍්ච අකුසලචිත‍්තානි, තෙහි සහජාතා සඞ‍්කප‍්පාදයො. තෙසං පහානෙන අරහත‍්තමග‍්ගෙ අට‍්ඨන‍්නං අඞ‍්ගානං සකිච‍්චකතා වෙදිතබ‍්බා.

එසේ නම් මෙය නාම මාත්‍රයක්ම වේද, මතු මාර්ග තුනේදී සම්‍යක් දෘෂ්ටිය කෘත්‍ය රහිත බවට පැමිණෙයි. මාර්ගාංග සම්පූර්ණ නොවෙයි. එහෙයින් සම්‍යක් දෘෂ්ටිය කෘත්‍ය සහිත කළයුතුයි. මාර්ගාංග සම්පූර්ණ කළ යුතුයි. මෙහිදී සම්‍යක් දෘෂ්ටියේ කෘත්‍ය සහිත බව යථාලාභ නියමයෙන් (ලැබෙන පරිදි) දැක්විය යුතුයි. මතු මාර්ග තුනෙන් නැසිය යුතු එක් මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. ඒ සම්‍යක් දෘෂ්ටිය ඒ මානය දුරු කෙරේනුයි = සම්මා දිට්ඨිය, ශ්‍රෝතාපත්ති මාර්ගයේදී වනාහි සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටිය දුරු කරයි. ශ්‍රෝතාපන්නයාගේ වනාහි සකෘදාගාමී මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. (එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී එය) ඒ මානය දුරුකෙරේ යනු = සම්මා දිට්ඨිය. එයටම අකුසල චිත්ත සහජාත සංකල්ප සතක් ඇත. එහෙයින්ම සිත්වලින් වාචාංග චලනය කිරීමක් ඇත. කායාංග චලනය කිරීමක් ඇත. ප්‍රත්‍යය පරිභෝගයක් ඇත. සහජාත ව්‍යායාමයක් ඇත. සිහි නැති බවක් ඇත. සහජාත චිත්තේකග්ගතාවක් ඇත. මොව්හු මිත්‍යා සංකල්පාදීහු නම් වෙත්, සකෘදාගාමී මාර්ගයේ සම්මා සංකල්පාදීහු ඔවුන්ගේ ප්‍රහාණයෙන් සම්මා සංකල්පාදීහු යැයි දතයුත්තාහ. මෙසේ සකෘදාගාමි මාර්ගයේ අෂ්ටාංගයෝ කෘත්‍ය සහිත කොට ආවාහුය. අනාගාමි මාර්ගයේදී ඇසිය යුතු මානයක් සකෘදාගාමී මාර්ගයට ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. එයටම සිත් සත සමග සහජාත සංකල්පාදීහු වෙත්ද අනාගාමී මාර්ගයේදී ඔවුන්ගේ ප්‍රහාණයෙන් අෂ්ටාංගයන්ගේ කෘත්‍ය සහිත බව දතයුතුයි. අනාගාමි මාර්ගයට අර්හත් මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයේ සිටී. එයට යම් අකුසල් සිත් පහක් ඔවුන් සමග සහජාත සංකල්පාදීහු වෙත් ද ඔවුන්ගේ ප්‍රහාණයෙන් අර්හත් මාර්ගයේ අෂ්ටාංගයන්ගේ කෘත්‍ය සහිත බව දතයුතුයි.

ඉමෙසු චතූසු මග‍්ගෙසු පඨමමග‍්ගෙන චත‍්තාරි සච‍්චානි දිට‍්ඨානි. ‘උපරිමග‍්ගත‍්තයං දිට‍්ඨකමෙව පස‍්සති, අදිට‍්ඨකං පස‍්සතී’ති දිට‍්ඨකමෙව පස‍්සතීති අයං ආචරියානං සමානත්‍ථකථා. විතණ‍්ඩවාදී පනාහ ‘අදිට‍්ඨං පස‍්සතී’ති. සො වත‍්තබ‍්බො – ‘පඨමමග‍්ගෙ කතමං ඉන්‍ද්‍රියං භාජෙසී’ති? ජානමානො ‘අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රිය’න‍්ති වක‍්ඛති. ‘උපරිමග‍්ගෙසු කතර’න‍්ති? වුත‍්තෙපි ‘අඤ‍්ඤින්‍ද්‍රිය’න‍්ති වක‍්ඛති. සො වත‍්තබ‍්බො – ‘අදිට‍්ඨසච‍්චදස‍්සනෙ සති උපරිමග‍්ගෙසුපි අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියමෙව භාජෙහි. එවං තෙ පඤ‍්හො සමෙස‍්සතී’ති. ‘කිලෙසෙ පන අඤ‍්ඤෙ අඤ‍්ඤො පජහති; පහීනෙ එව පජහතී’ති? ‘අඤ‍්ඤෙ අඤ‍්ඤො පජහතී’ති. ‘යදි අඤ‍්ඤෙ අඤ‍්ඤො, අප‍්පහීනෙ කිලෙසෙ පජහති. සච‍්චානිපි අදිට‍්ඨානෙව පස‍්සතී’ති එවංවාදී පුග‍්ගලො පුච‍්ඡිතබ‍්බො – ‘සච‍්චානි නාම කතී’ති? ජානන‍්තො ‘චත‍්තාරී’ති වක‍්ඛති. සො වත‍්තබ‍්බො – ‘තව වාදෙ සොළස සච‍්චානි ආපජ‍්ජන‍්ති. ත්‍වං බුද‍්ධෙහිපි අදිට‍්ඨං පස‍්සසි. බහුසච‍්චකො නාම ත්‍වං. එවං මා ගණ‍්හ. සච‍්චදස‍්සනං නාම අපුබ‍්බං නත්‍ථි, කිලෙසෙ පන අප‍්පහීනෙ පජහතී’ති.

මේ මාර්ගයන් අතුරෙන් ද ප්‍රථම මාර්ගයෙන් සතර සත්‍යයෝ දක්නා ලදහ. මතු මාර්ග තුන දක්නා ලද්දම දකී ද නො දක්නා ලද්දක් දකී ද යත්, දක්නා ලද්දම දකී. මෙය ආචාර්යවරුන්ගේ සමානාර්ථ කථාවයි. විතණ්ඩවාදීහු වනාහි මෙසේ කීහ. ‘නුදුටු දෙයක් දකී’ යනුයි. ප්‍රථම මාර්ගයේදී කවර ඉන්‍ද්‍රියක් බෙදන්නෙහි දැයි ඔහුගෙන් ඇසිය යුතුය. දන්නේ නම් අඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රිය යැයි කියයි. මතු මාර්ගයන්හි කවරේදැයි කී කල්හි ද අඤ්ඤින්‍ද්‍රිය යැයි කියයි. නොදුටු සත්‍ය දර්ශනය ඇති කල්හි මතු මාර්ගයන්හි ද අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය යම බෙදන්නෙහිය. මෙසේ ඔබගේ ප්‍රශ්නය සමනය වේද අවබෝධ කරගත් පුද්ගලයා අවබෝධ කරගත් ක්ලේශයන් ප්‍රහීණ කරයි ද ප්‍රහීණ වූ කෙලෙස්ම දුරුකරයිදැයි ඔහු විමසයි යුතුයි. අන්‍යයෙක් අන්‍ය වූ කෙලෙස් ප්‍රහීණ කරයි යනුයි. අවබෝධ කළ පුද්ගලයා අවබෝධ වූ අප්‍රහීණ කෙලෙස් දුරුකරයි නම්, නො දක්නා ලද සත්‍යයනුත් දකීයැයි යන වාද ඇති පුද්ගලයාගෙන් (මෙය) ඇසිය යුතුයි. සත්‍යයෝ (නම්) කෙතෙක් ද කියායි. දන්නේ නම් සතරකැයි කියයි. ඔහුට මෙසේ කිවයුතුයි. ඔබගේ වාදයෙහි සත්‍යයෝ සොළසක් පැමිණෙත්. බුදුන් විසිනුදු නොදක්නා ලද්දක් දක්නෙහිය. ඔබ බහුසච්චක නම් වෙයි. (මෙසේ) නොගනුව, සත්‍ය දර්ශනය නම් අපූර්වයක් නැත. අප්‍රහීණ ක්ලේශයන්ම දුරුකරයි.

තත්‍ථ සච‍්චදස‍්සනස‍්ස අපුබ‍්බාභාවෙ පෙළොපමං නාම ගහිතං – එකස‍්ස කිර චත‍්තාරො රතනපෙළා සාරගබ‍්භෙ ඨපිතා. සො රත‍්තිභාගෙ පෙළාසු උප‍්පන‍්නකිච‍්චො ද‍්වාරං විවරිත්‍වා, දීපං ජාලෙත්‍වා, දීපෙන විහතෙ අන්‍ධකාරෙ, පෙළාසු පාකටභාවං ගතාසු, තාසු කිච‍්චං කත්‍වා ද‍්වාරං පිදහිත්‍වා ගතො. පුන අන්‍ධකාරං අවත්‍ථරි. දුතියවාරෙපි තතියවාරෙපි තථෙව අකාසි. චතුත්‍ථවාරෙ ද‍්වාරෙ විවටෙ අන්‍ධකාරෙ පෙළා න පඤ‍්ඤායන‍්තීති වීමංසන‍්තස‍්සෙව සූරියො උග‍්ගඤ‍්ඡි, සූරියොභාසෙන විහතෙ අන්‍ධකාරෙ පෙළාසු කිච‍්චං කත්‍වා පක‍්කාමි.

(එහි) එහි සත්‍යදර්ශයාගේ අපූර්ව භාවයෙහි පේළෝපමාව ගන්නා ලදී. එක් පුද්ගලයෙකුට වනාහි සාර ගර්භයෙහි තබන ලද පෙට්ටි සතරක් ඇත. හෙතෙම රාත්‍රි කාලයෙහි පෙට්ටි පිළිබඳ කටයුතු ඇති වූ කල්හි දොර හැර පහන් දල්වා පහනින් අඳුර පහවී පෙට්ටි ප්‍රකට වූ කල්හි ඒවා පිළිබඳ කටයුතු කොට දොර වසා ගියේය. නැවත අන්‍ධකාරය පැතිර ගියේය. දෙවන වරද තෙවන වර ද එසේම කෙළේය. සතරවනචර (දොර) විවර කළ කල්හි අඳුරෙහි පෙට්ටි නො පෙනේ යැයි විමසද්දීම ඉර උදාවිය. සූර්යාලෝකයෙන් අඳුර පහව ගිය කල්හි පෙට්ටි පිළිබඳ කටයුතු කොට ගියේය.

තත්‍ථ චත‍්තාරො පෙළා විය චත‍්තාරි සච‍්චානි. තාසු කිච‍්චෙ උප‍්පන‍්නෙ ද‍්වාරවිවරණකාලො විය සොතාපත‍්තිමග‍්ගස‍්ස විපස‍්සනාභිනීහරණකාලො. අන්‍ධකාරං විය සච‍්චපටිච‍්ඡාදකතමං. දීපො භාසො විය සොතාපත‍්තිමග‍්ගොභාසො. විහතෙ අන්‍ධකාරෙ තස‍්ස පුරිසස‍්ස පෙළානං පාකටභාවො විය මග‍්ගඤාණස‍්ස සච‍්චානං පාකටභාවො. මග‍්ගඤාණස‍්ස පාකටානි පන මග‍්ගසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස පාකටානෙව හොන‍්ති. පෙළාසු කිච‍්චං කත්‍වා ගතකාලො විය සොතාපත‍්තිමග‍්ගස‍්ස අත‍්තනා පහාතබ‍්බකිලෙසෙ පජහිත්‍වා නිරුද‍්ධකාලො. පුන අන්‍ධකාරාවත්‍ථරණං විය උපරිමග‍්ගත‍්තයවජ‍්ඣසච‍්චපටිච‍්ඡාදකතමං.

එහි සත්‍ය සතර පෙට්ටි හතර මෙනි. සෝවාන් මාර්ගය පිළිබඳ විදර්ශනාව පවත්වාගෙන ගිය කාලය පෙට්ටි පිළිබඳ කෘත්‍යය උපන්කල්හි දොර විවර කරන කාලය මෙනි. සත්‍යය වසාලන අඳුර අන්‍ධකාරය මෙනි. ශ්‍රෝතාපත්ති මාර්ගාලෝකය පහන් එළිය මෙනි. මාර්ගඥානයට සත්‍යය ප්‍රකටවීම අඳුර පහව ගිය කල්හි ඒ පුරුෂයාට පෙට්ටි පෙනීයෑම මෙනි. මාර්ගඥානයට ප්‍රකට වූ දේ (වනාහි) මාර්ගයෙන් සමංගත පුද්ගලයාට ද ප්‍රකට වේමය. සෝවාන් මාර්ගය පිළිබඳව තමා විසින් පහ කළයුතු ක්ලේශයන් දුරුකොට නිරුද්ධ වූ කාලය පේළාවන් පිළිබඳ කටයුතු කොට ගිය කාලය මෙනි. මතු මාර්ග තුනෙන් නැසිය යුතු සත්‍යය වසාලන අඳුර නැවත දුරුව පැතිරගිය කාලය මෙනි.

දුතියවාරෙ ද‍්වාරවිවරණකාලො විය සකදාගාමිමග‍්ගස‍්ස විපස‍්සනාභිනීහරණකාලො. දීපොභාසො විය සකදාගාමිමග‍්ගොභාසො. පෙළාසු කිච‍්චං කත්‍වා ගතකාලො විය සකදාගාමිමග‍්ගස‍්ස අත‍්තනා පහාතබ‍්බකිලෙසෙ පජහිත්‍වා නිරුද‍්ධකාලො. පුන අන්‍ධකාරාවත්‍ථරණං විය උපරිමග‍්ගද‍්වයවජ‍්ඣසච‍්චපටිච‍්ඡාදකතමං.

සකෘදාගාමී මාර්ගය පිළිබඳ විදර්ශනාව පවත්වාගෙන යන කාලය දෙවන වාරයේදී දොර විවර කිරීම මෙනි. සකෘදාගාමී මාර්ගොභාසය පහන් එළිය මෙනි. සකෘදාගාමි මාර්ගය පිළිබඳව තමා විසින් පහ කළයුතු ක්ලේශයන් දුරුකොට නිරුද්ධ කාලය පේළාවන් පිළිබඳ කෘත්‍යය කොට ගිය කාලය මෙනි. මතු මාර්ග දෙකින් නැසිය යුතු සත්‍යය වසාලන අඳුර නැවත අඳුරු පැතිරයෑම මෙනි.

තතියවාරෙ ද‍්වාරවිවරණකාලො විය අනාගාමිමග‍්ගස‍්ස විපස‍්සනාභිනීහරණකාලො. දීපොභාසො විය අනාගාමිමග‍්ගොභාසො. පෙළාසු කිච‍්චං කත්‍වා ගතකාලො විය අනාගාමිමග‍්ගස‍්ස අත‍්තනා පහාතබ‍්බකිලෙසෙ පජහිත්‍වා නිරුද‍්ධකාලො. පුන අන්‍ධකාරාවත්‍ථරණං විය උපරිඅරහත‍්තමග‍්ගවජ‍්ඣසච‍්චපටිච‍්ඡාදකතමං.

අනාගාමි මාර්ගයට විදර්ශනාව පවත්වාගෙන යෑම තුන්වෙනි වර දොර විවර කරන කාලය මෙනි. අනාගාමි මාර්ගය පිළිබඳව තමා විසින් පහකළයුතු ක්ලේශයන් පහකොට නිරුද්ධ කාලය පේළාවන් පිළිබඳ කෘත්‍යය කොට ගිය කාලය මෙනි. මත්තෙහි අර්හත් මාර්ගයෙන් විනාශ කළයුතු සත්‍යය වසාලන අඳුර නැවත අඳුර පැතිරීම මෙනි. අර්හත් මාර්ගය පිළිබඳ විදර්ශනාව පවත්වාගෙන යන කාලය සතරවන වාරයෙහි දොර විවරකරන කාලය මෙනි.

චතුත්‍ථවාරෙ ද‍්වාරවිවරණකාලො විය අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනාභිනීහරණකාලො. සූරියුග‍්ගමනං විය අරහත‍්තමග‍්ගුප‍්පාදො. අන්‍ධකාරවිධමනං විය අරහත‍්තමග‍්ගස‍්ස සච‍්චපටිච‍්ඡාදකතමවිනොදනං . විහතෙ අන්‍ධකාරෙ තස‍්ස පෙළානං පාකටභාවො විය අරහත‍්තමග‍්ගඤාණස‍්ස චතුන‍්නං සච‍්චානං පාකටභාවො. ඤාණස‍්ස පාකටානි පන පුග‍්ගලස‍්ස පාකටානෙව හොන‍්ති. පෙළාසු කිච‍්චං කත්‍වා ගතකාලො විය අරහත‍්තමග‍්ගස‍්ස සබ‍්බකිලෙසඛෙපනං. සූරියුග‍්ගමනතො පට‍්ඨාය ආලොකස‍්සෙව පවත‍්තිකාලො විය අරහත‍්තමග‍්ගස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය පුන සච‍්චපටිච‍්ඡාදකතමාභාවො . ඉදං තාව සච‍්චදස‍්සනස‍්ස අපුබ‍්බාභාවෙ ඔපම‍්මං.

අර්හත් මාර්ගය ඉපදීම සූර්යෝද්ගමනය මෙනි. අර්හත් මාර්ගයාගේ සත්‍යය වසාලන මෝහාන්‍ධකාරය දුරුකිරීම අඳුර දුරුකිරීම මෙනි. අර්හත් මාර්ග ඥානයට චතුරාර්ය සත්‍යය ප්‍රකටවීම අඳුර පහව ගිය කල ඔහුට පේළාවන් ප්‍රකටවීම මෙනි. ඥානයට ප්‍රකට වූ සත්‍යයෝ පුද්ගලයාට ද ප්‍රකට වූවාහු වෙත්. අර්හත් මාර්ගයාගේ සියලු කෙලෙස් ක්‍ෂය වීම පේළාවන් පිළිබඳ කටයුතු කොට ගිය කාලය මෙනි. අර්හත් මාර්ගය උපන් කාලයේ පටන් නැවත සත්‍යය වසාලන අඳුරු බව සූර්යෝද්ගමනයේ පටන් ආලෝකයව පැවති කාලය මෙනි. මේ වනාහි සත්‍ය දර්ශනයාගේ අපුබ්බ භාවයෙහි උපමාවයි. දක්නා ලද්දම දකී. රහත් තෙම වනාහි අවබෝධ කරගත් කෙලෙස් දුරුකරයි යනුයි.

දිට‍්ඨකමෙව හි පස‍්සති. ‘කිලෙසෙ පන අඤ‍්ඤෙ අඤ‍්ඤො පජහතී’ති එත්‍ථ ඛාරොපමං නාම ගහිතං. එකො පුරිසො කිලිට‍්ඨං වත්‍ථං රජකස‍්ස අදාසි. රජකො ඌසඛාරං ඡාරිකඛාරං ගොමයඛාරන‍්ති තයො ඛාරෙ දත්‍වා ඛාරෙහි ඛාදිතභාවං ඤත්‍වා උදකෙ වික‍්ඛාලෙත්‍වා ඔළාරිකොළාරිකං මලං පවාහෙසි. තතො න තාව පරිසුද‍්ධන‍්ති දුතියම‍්පි තථෙව ඛාරෙ දත්‍වා, උදකෙ වික‍්ඛාලෙත්‍වා, තතො නාතිසණ‍්හතරං මලං පවාහෙසි. තතො න තාව පරිසුද‍්ධන‍්ති තතියම‍්පි තෙ ඛාරෙ දත්‍වා උදකෙ වික‍්ඛාලෙත්‍වා තතො සණ‍්හතරං මලං පවාහෙසි. තතො න තාව පරිසුද‍්ධන‍්ති චතුත්‍ථම‍්පි තෙ ඛාරෙ දත්‍වා, උදකෙ වික‍්ඛාලෙත්‍වා අංසුඅබ‍්භන‍්තරගතම‍්පි නිස‍්සෙසං මලං පවාහෙත්‍වා සාමිකස‍්ස අදාසි. සො ගන්‍ධකරණ‍්ඩකෙ පක‍්ඛිපිත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතකාලෙ පරිදහති.

මෙහිදී ඛාරොපමාව ද ගන්නා ලදී. එක් පුරුෂයෙක් කිලිටු වස්ත්‍රයක් රජකයාට දුන්නේය. රජත තෙම කරමැටිඅළු දරඅළු ගොමඅළු යන අළු වර්ග තුන දමා අළු කාවැදුණු බව දැන දියෙහි සෝදා ඕළාරික ඕළාරික කුණු පාකර හැරියේය. ඉක්බිති තවමත් පිරිසිදු නොවීයැයි දෙවනවර ද එසේම අළු දමා දියෙහි සෝදා එයින් ඉතා සියුම් නොවූ මල සෝදා හැරියේය. ඉක්බිති තවමත් පිරිසිදු නොවිණැයි තුන්වන වර ද ඒ අළු දමා දියෙහි සෝදා එයින් ඉතා සියුම් වූ මල සෝදා හැරියේය. ඉක්බිති තවත් පිරිසිදු නොවිණැයි සතරවන වර ද ඒ අළු දමා දියෙහි සෝදා අභ්‍යන්තරගත අංශු මාත්‍රයකුදු ඉතිරි නො කොට මල සෝදා හැර ස්වාමියාට දුන්නේය. හෙතෙම සුවඳ කරඬුවෙක බහා කැමති කැමති විටදී අදී.

තත්‍ථ කිලිට‍්ඨවත්‍ථං විය කිලෙසානුගතං චිත‍්තං. තිවිධඛාරදානකාලො විය තීසු අනුපස‍්සනාසු කම‍්මස‍්ස පවත‍්තනකාලො. උදකෙ වික‍්ඛාලෙත්‍වා ඔළාරිකොළාරිකමලප‍්පවාහනං විය සොතාපත‍්තිමග‍්ගෙන පඤ‍්චකිලෙසඛෙපනං. දුතියම‍්පි තෙසං ඛාරානං අනුප‍්පදානං විය ‘න තාව පරිසුද‍්ධං ඉදං චිත‍්ත’න‍්ති තාසුයෙව තීසු අනුපස‍්සනාසු කම‍්මප‍්පවත‍්තනං. තතො නාතිසණ‍්හතරමලප‍්පවාහනං විය සකදාගාමිමග‍්ගෙන ඔළාරිකසංයොජනද‍්වයඛෙපනං. තතො ‘න තාව පරිසුද‍්ධං වත්‍ථ’න‍්ති පුන ඛාරත‍්තයදානං විය ‘න තාව පරිසුද‍්ධං ඉදං චිත‍්ත’න‍්ති තාසුයෙව තීසු අනුපස‍්සනාසු කම‍්මප‍්පවත‍්තනං. තතො සණ‍්හතරමලප‍්පවාහනං විය අනාගාමිමග‍්ගෙන අණුසහගතසංයොජනද‍්වයඛෙපනං. ‘න තාව පරිසුද‍්ධං වත්‍ථ’න‍්ති පුන ඛාරත‍්තයදානං විය ‘න තාව පරිසුද‍්ධං ඉදං චිත‍්ත’න‍්ති තාසුයෙව තීසු අනුපස‍්සනාසු කම‍්මප‍්පවත‍්තනං. තතො වික‍්ඛාලනෙන අංසුඅබ‍්භන‍්තරගතෙ මලෙ පවාහෙත්‍වා පරිසුද‍්ධස‍්ස රජතපට‍්ටසදිසස‍්ස ගන්‍ධකරණ‍්ඩකෙ නික‍්ඛිත‍්තස‍්ස වත්‍ථස‍්ස ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ පරිදහනං විය අරහත‍්තමග‍්ගෙන අට‍්ඨන‍්නං කිලෙසානං ඛෙපිතත‍්තා පරිසුද‍්ධස‍්ස ඛීණාසවචිත‍්තස‍්ස ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ ඵලසමාපත‍්තිවිහාරෙන වීතිනාමනං. ඉදං ‘අඤ‍්ඤෙ අඤ‍්ඤො කිලෙසෙ පජහතී’ති එත්‍ථ ඔපම‍්මං. වුත‍්තම‍්පි චෙතං –

කෙලෙස් අනුව ගිය සිත එහි කිලිටු වස්ත්‍රය මෙනි. ත්‍රිවිධ අනුපස්සනාවන්හි කර්ම පවත්වන කාලය ත්‍රිවිධ අළු දමන කාලය මෙනි. සෝවාන් මාර්ගයෙන් පංචවිධ ක්ලේශයන් සෝදා හැරීම දියෙහි සෝදා ඕළාරික මල සෝදාහැරීම මෙනි. තවමත් මේ සිත අපිරිසිදු යැයි ඒ ත්‍රිවිධ අනුපස්සනාවන්හිම කර්ම පැවැත්වීම දෙවන වර ද ඒ අළු දැමීම මෙනි. සකෘදාගාමි මාර්ගයෙන් ඕළාරික සංයෝජන දෙක ක්‍ෂය කර දැමීම ඉක්බිති ඉතා සියුම් නොවූ මල සෝදාහැරීම මෙනි. මේ සිත තවමත් පිරිසිදු නොවිණැයි ඒ ත්‍රිවිධ අනුපස්සනාවන්හි කර්ම පැවැත්වීම ඉක්බිති තවමත් වස්ත්‍රය පිරිසිදු නො විනැයි නැවතත් අළු දැමීම මෙනි. අනාගාමි මාර්ගයෙන් අනුසහගත සංයෝජන දෙක ක්‍ෂය කර දැමීම ඉක්බිති ඉතා සියුම් මල සෝදාහැරීම මෙනි. මේ සිත තවමත් පිරිසිදු නො විනැයි ඒ ත්‍රිවිධ අනුපස්සනාවන්හි කර්ම පැවැත්වීම වස්ත්‍රය තවමත් පිරිසිදු නො විනැයි නැවත අළු වර්ග තුන දැමීම මෙනි. අර්හත් මාර්ගයෙන් අටවැදෑරුම් කෙලෙස් ක්‍ෂය කළ හෙයින් පිරිසිදු රහතන් වහන්සේ කැමති කැමති විටෙක පලසමවත් විහරණයෙන් කාලය ගෙවීම ඉක්බිති සේදීමෙන් අභ්‍යන්තරගත අංශුමාත්‍ර වූත් මල පාකර හැර පිරිසිදු රිදීපටක් සමාන සුවඳ කරඬුවේ බහාලූ වස්ත්‍රය කැමති කැමති විටෙක හැඳීම මෙනි. මෙහි මේ උපමාව අඤ්ඤෙ අඤ්ඤො, කිලෙසො පජහති යනු මෙහි උපමාවයි. මෙයද කියන ලදී -

“සෙය්‍යථාපි , ආවුසො, වත්‍ථං සංකිලිට‍්ඨං මලග‍්ගහිතං, තමෙනං සාමිකා රජකස‍්ස අනුපදජ‍්ජෙය්‍යුං. තමෙනං රජකො ඌසෙ වා ඛාරෙ වා ගොමයෙ වා සම‍්මද‍්දිත්‍වා අච‍්ඡෙ උදකෙ වික‍්ඛාලෙති. කිඤ‍්චාපි තං හොති වත්‍ථං පරිසුද‍්ධං පරියොදාතං, අථ ඛ‍්වස‍්ස හොතියෙව ‘අණුසහගතො ඌසගන්‍ධො වා ඛාරගන්‍ධො වා ගොමයගන්‍ධො වා අසමූහතො’. තමෙනං රජකො සාමිකානං දෙති. තමෙනං සාමිකා ගන්‍ධපරිභාවිතෙ කරණ‍්ඩකෙ නික‍්ඛිපන‍්ති. යොපිස‍්ස හොති අණුසහගතො ඌසගන්‍ධො වා ඛාරගන්‍ධො වා ගොමයගන්‍ධො වා අසමූහතො, සොපි සමුග‍්ඝාතං ගච‍්ඡති. එවමෙව ඛො, ආවුසො, කිඤ‍්චාපි අරියසාවකස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි භවන‍්ති, අථ ඛ‍්වස‍්ස හොතියෙව පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති මානො, ‘අස‍්මී’ති ඡන්‍දො, ‘අස‍්මී’ති අනුසයො අසමූහතො, සො අපරෙන සමයෙන පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සී විහරති – ‘ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො; ඉති වෙදනා ඉති සඤ‍්ඤා ඉති සඞ‍්ඛාරා ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො’ති. තස‍්සිමෙසු පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතො යොපිස‍්ස හොති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති මානො, ‘අස‍්මී’ති ඡන්‍දො, ‘අස‍්මී’ති අනුසයො අසමූහතො, සොපි සමුග‍්ඝාතං ගච‍්ඡතී”ති (සං· නි· 3.89).

‘ඇවැත්නි, යම්සේ කිලිටි වූ මල බැඳුණු වස්ත්‍රයක් වේද, හිමියෝ එය පිරිසිදු කිරීම රජකයාට දෙන්නාහ. රජකතෙම එය කරමැටියෙහි හෝ අළුවල හෝ ගොමවල හෝ උලා පිරිසිදු ජලයෙහි සෝදයි. ඒ වස්ත්‍රය පිරිසිදු වූයේ නමුදු මනාව පිරිසිදු වූයේ නමුදු එහි නොනසන ලද අනුසහගත කරමැටි ගඳ හෝ අළුගඳ හෝ ගොමගඳ හෝ වේමය. රජකතෙම එය හිමියන්ට දෙයි. හිමියෝ එය සුවඳ කවන ලද කරඬුවෙහි බහාලති. එහි නො නසන ලදුව අනුසහගත වූ කරමැටි ගඳක් හෝ අළුගඳක් හෝ ගොමගඳක් හෝ වේ නම් එය විනාශ වී යයි. ඇවැත්නි, එපරිද්දෙන් වනාහි ආර්ය ශ්‍රාවකයාගේ පංච ඕරම්භාගිය සංයෝජන ප්‍රහීණ වුවද ඉක්බිති ඔවුන්ගේ නො නසන ලද අනුසහගත පංචස්කන්‍ධයන් පිළිබඳ (මම) වෙමි යන මානය (මම) වෙමි යන ඡන්‍දය (මම) වෙමි යන අනුසය වෙයි. හෙතෙම පසුකලෙක රූපය මෙසේය. රූපයාගේ හටගැනීම මෙසේය. රූපයාගේ අස්තංගය මෙසේය. වේදනාව මෙසේය. සංඥාව මෙසේය. සංස්කාරයෝ මෙසේය. විඥානය මෙසේය. විඥානයාගේ හටගැනීම මෙසේය. විඥානයාගේ අස්තංගමය මෙසේ යැයි පංච උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි. මෙසේ මේ පංච උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය ඔහුගේ නොනසන ලදුව අනුසහගතව ආ පංච උපාදානස්කන්‍ධයන් පිළිබඳ (මම) වෙමි යන යම් මානයක් (මම) වෙමි යන යම් ඡන්‍දයක් (මම) වෙමි යන යම් අනුසයක් වේ නම් එය විනාශයට පැමිණේ යනුයි.

තත්‍ථ සොතාපත‍්තිමග‍්ගෙන පඤ‍්ච අකුසලචිත‍්තානි පහීයන‍්ති සද‍්ධිං චිත‍්තඞ‍්ගවසෙන උප‍්පජ‍්ජනකපාපධම‍්මෙහි. සකදාගාමිමග‍්ගෙන ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තානි තනුකානි භවන‍්ති සද‍්ධිං චිත‍්තඞ‍්ගවසෙන උප‍්පජ‍්ජනකපාපධම‍්මෙහි. අනාගාමිමග‍්ගෙන තානියෙව පහීයන‍්ති සද‍්ධිං සම‍්පයුත‍්තධම‍්මෙහි. අරහත‍්තමග‍්ගෙන පඤ‍්ච අකුසලචිත‍්තානි පහීයන‍්ති සද‍්ධිං චිත‍්තඞ‍්ගවසෙන උප‍්පජ‍්ජනකපාපධම‍්මෙහි. ඉමෙසං ද‍්වාදසන‍්නං අකුසලචිත‍්තානං පහීනකාලතො පට‍්ඨාය ඛීණාසවස‍්ස චිත‍්තඞ‍්ගවසෙන පුන පච‍්ඡතොපවත‍්තනකකිලෙසො නාම න හොති.

එහි ශ්‍රෝතාපත්ති මාර්ගයෙන් චිත්තාංග වශයෙන් උපදනා පාප ධර්මයන් සමග පංච අකුශල සිත් ප්‍රහීණ වෙයි. සකෘදාගාමී මාර්ගයෙන් චිත්තාංග වශයෙන් උපදනා පාපධර්මයන් සමග ද්වේෂ සහගත සිත් දෙක තුනී වෙයි. අනාගාමී මාර්ගයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් සමග ඒ දොම්නස් සහගත සිත් ප්‍රහීණ වෙයි. අර්හත් මාර්ගයෙන් චිත්තාංග වශයෙන් උපදනා පාපධර්මයන් සමග පංච අකුශල චිත්තයෝ ප්‍රහීණ වෙත්. මේ දොළොස් අකුසල සිත් ප්‍රහීණ වූ කාලයේ පටන් ක්‍ෂීණාශ්‍රවයාට නැවත පසුව පවතින කෙලෙස් නම් නොවෙයි.

තත්‍රිදං ඔපම‍්මං – එකො කිර මහාරාජා පච‍්චන‍්තෙ ආරක‍්ඛං දත්‍වා මහානගරෙ ඉස‍්සරියං අනුභවන‍්තො වසති. අථස‍්ස පච‍්චන‍්තො කුප‍්පි. තස‍්මිං සමයෙ ද‍්වාදස චොරජෙට‍්ඨකා අනෙකෙහි පුරිසසහස‍්සෙහි සද‍්ධිං රට‍්ඨං විලුම‍්පන‍්ති. පච‍්චන‍්තවාසිනො මහාමත‍්තා ‘පච‍්චන‍්තො කුපිතො’ති රඤ‍්ඤො පහිණිංසු. රාජා ‘විස‍්සට‍්ඨා ගණ‍්හථ, අහං තුම‍්හාකං කත‍්තබ‍්බං කරිස‍්සාමී’ති සාසනං පහිණි . තෙ පඨමසම‍්පහාරෙනෙව අනෙකෙහි පුරිසසහස‍්සෙහි සද‍්ධිං පඤ‍්ච චොරජෙට‍්ඨකෙ ඝාතයිංසු. සෙසා සත‍්ත ජනා අත‍්තනො අත‍්තනො පරිවාරෙ ගහෙත්‍වා පබ‍්බතං පවිසිංසු. අමච‍්චා තං පවත‍්තිං රඤ‍්ඤො පෙසයිංසු.

එහිදී මේ උපමාවකි. එක් මහරජ කෙනෙක් ප්‍රත්‍යන්තයෙහි ආරක්‍ෂාව යොදා මහ නගරයෙහි ඉසුරු අනුභව කරමින් වාසය කරති. ඉක්බිති ඔහුට ප්‍රත්‍යන්තය කිපුණේය. එසමයෙහි සොර දෙටුවෝ දොළොස් දෙනෙක් නොයෙක් දහස්ගණන් පුරුෂයින් සමග රට පැහැර ගනිත්. ප්‍රත්‍යන්තවාසී මහඇමතියෝ ප්‍රත්‍යන්තය කිපිණැයි රජුට දැන්වූහ. රජ තෙමේ විශ්වාස අය ගනුව. මම නුඹලාට කළයුතු දේ කරමියි හස්නක් යැවීය. ඔව්හු පළමු ප්‍රහාරයෙන්ම නොයෙක් දහස් ගණන් පුරුෂයින් සමගින් සොරදෙටුවන් පස්දෙනෙකු ඝාතනය කළහ. ඉතිරි සත්දෙන (තම) තමන්ගේ පිරිස ගෙන පර්වතයට පිවිසියහ. ඇමතියෝ ඒ පුවත රජුට දැන්වූහ.

රාජා ‘තුම‍්හාකං කත‍්තබ‍්බයුත‍්තං අහං ජානිස‍්සාමි, තෙපි ගණ‍්හථා’ති ධනං පහිණි. තෙ දුතියසම‍්පහාරෙන ද‍්වෙ චොරජෙට‍්ඨකෙ පහරිංසු, පරිවාරෙපි තෙසං දුබ‍්බලෙ අකංසු. තෙ සබ‍්බෙපි පලායිත්‍වා පබ‍්බතං පවිසිංසු. තම‍්පි පවත‍්තිං අමච‍්චා රඤ‍්ඤො පෙසයිංසු.

රජතෙමේ නුඹලාට කළයුතු දේ මම දනිමි. ඔවුන් ගනුවයි ධනය යැවීය. ඔව්හු දෙවන ප්‍රහාරයෙන් සොරදෙටුවන් දෙදෙනෙකු නැසූහ. ඔවුගේ පිරිවර ද දුර්වල කළහ. ඒ සියල්ලෝ ද පලාගොස් පර්වතයට පිවිසියහ. ඇමතියෝ ඒ පුවත ද රජුට දැන්වූහ.

පුන රාජා ‘විස‍්සට‍්ඨා ගණ‍්හන‍්තූ’ති ධනං පහිණි. තෙ තතියසම‍්පහාරෙන සද‍්ධිං සහායපුරිසෙහි ද‍්වෙ චොරජෙට‍්ඨකෙ ඝාතයිත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො පෙසයිංසු.

රජ නැවතත් විශ්වාසයන් ගනුවයි ධනය යැවීය. ඔව්හු තුන්වන ප්‍රහාරයෙන් සහායක පුරුෂයන් සමග සොරදෙටුවන් දෙදෙනෙකු ඝාතනය කොට ඒ පුවත ද රජුට දැන්වූහ.

පුන රාජා ‘අවසෙසෙ විස‍්සට‍්ඨා ගණ‍්හන‍්තූ’ති ධනං පහිණි. තෙ චතුත්‍ථසම‍්පහාරෙන සපරිවාරෙ පඤ‍්ච චොරජෙට‍්ඨකෙ ඝාතයිංසු. ද‍්වාදසන‍්නං චොරජෙට‍්ඨකානං ඝාතිතකාලතො පට‍්ඨාය කොචි චොරො නාම නත්‍ථි. ඛෙමා ජනපදා උරෙ පුත‍්තෙ නච‍්චෙන‍්තා මඤ‍්ඤෙ විහරන‍්ති. රාජා විජිතසඞ‍්ගාමෙහි යොධෙහි පරිවුතො වරපාසාදගතො මහාසම‍්පත‍්තිං අනුභවි.

රජ නැවතත් සෙසු විශ්වාස අය ගනුවයි ධනය යැවීය. ඔව්හු සතරවන ප්‍රහාරයෙන් පිරිවර සහිතව සොරදෙටුවන් පස්දෙනෙකු ඝාතනය කළහ. සොරදෙටුවන් දොළොස් දෙනා ඝාතනය කළ තැන් පටන් කිසිම සොරෙක් නම් නැත. භයරහිත ජනපද වැසියෝ දරුවන් ළෙහි නටවමින් වාසය කෙරෙත් යැයි සිතමි. රජතුමා විජිත සංග්‍රාම ඇති යෝධයින් පිරිවරා උතුම් ප්‍රාසාද ගතවූයේ මහත් සම්පත් අනුභව කළේය.

තත්‍ථ මහන‍්තො රාජා විය ධම‍්මරාජා. පච‍්චන‍්තවාසිනො අමච‍්චා විය යොගාවචරා කුලපුත‍්තා. ද‍්වාදස චොරජෙට‍්ඨකා විය ද‍්වාදස අකුසලචිත‍්තානි. තෙසං සහායා අනෙකසහස‍්සපුරිසා විය චිත‍්තඞ‍්ගවසෙන උප‍්පජ‍්ජනකපාපධම‍්මා. රඤ‍්ඤො පච‍්චන‍්තො කුපිතොති පහිතකාලො විය ආරම‍්මණෙ කිලෙසෙසු උප‍්පන‍්නෙසු ‘භන‍්තෙ, කිලෙසො මෙ උප‍්පන‍්නො’ති සත්‍ථු ආරොචනකාලො. ‘විස‍්සට‍්ඨා ගණ‍්හන‍්තූ’ති ධනදානං විය ‘කිලෙසෙ නිග‍්ගණ‍්හ භික‍්ඛූ’ති ධම‍්මරඤ‍්ඤො කම‍්මට‍්ඨානාචික‍්ඛනං. සපරිවාරානං පඤ‍්චන‍්නං චොරජෙට‍්ඨකානං ඝාතිතකාලො විය සොතාපත‍්තිමග‍්ගෙන සම‍්පයුත‍්තානං පඤ‍්චන‍්නං අකුසලචිත‍්තානං පහානං.

එහි බුදුරජාණන් වහන්සේ රජු මෙනි. යෝගාවචර කුලපුත්‍රයෝ ප්‍රත්‍යන්ත වැසි ඇමතියන් මෙනි. දොළොස් අකුසල් සිත් සොරදෙටුවන් දොළොස් දෙනා මෙනි. චිත්තාංග වශයෙන් උපදනා පාපධර්මයෝ ඔහුගේ සහායක නොයෙක් දහස් ගණන් පුරුෂයන් මෙනි. අරමුණෙහි ක්ලේශයන් උපන් කල්හි ‘ස්වාමීනි, මම ක්ලේශයක් උපනැ’යි බුදුන්ට දන්වන කාලය ප්‍රත්‍යන්තය කිපිණැයි රජුට දැන්වූ කාලය මෙනි. මහණ කෙලෙසින් නිග්‍රහ කරවයි බුදුන් විසින් කර්මස්ථාන දීම විශ්වාසයන් ගනුවැයි ධනය දීම මෙනි. සෝවාන් මාර්ගයෙන් සසම්ප්‍රයුක්ත පංච අකුශල චිත්තයන්ගේ ප්‍රහාණය පිරිවර සහිත සොරදෙටුවන් පස්දෙනා ඝාතනය කළ කාලය මෙනි.

පුන රඤ‍්ඤො පවත‍්තිපෙසනං විය සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පටිලද‍්ධගුණාරොචනං. ‘සෙසකෙ ච ගණ‍්හන‍්තූ’ති පුන ධනදානං විය භගවතො සකදාගාමිමග‍්ගස‍්ස විපස‍්සනාචික‍්ඛනං. දුතියසම‍්පහාරෙන සපරිවාරානං ද‍්වින‍්නං චොරජෙට‍්ඨකානං දුබ‍්බලීකරණං විය සකදාගාමිමග‍්ගෙන සසම‍්පයුත‍්තානං ද‍්වින‍්නං දොමනස‍්සචිත‍්තානං තනුභාවකරණං.

ලබන ලද ගුණය බුදුන්ට දැන්වීම නැවත රජුට ප්‍රවෘත්ති දැන්වීම මෙනි. බුදුරජාණන් වහන්සේ සකෘදාගාමි මාර්ගයට විදර්ශනා දෙසීම සෙස්සන් ද ගනුවයි නැවත ධනය දීම මෙනි. සකෘදාගාමි මාර්ගයෙන් සසම්ප්‍රයුක්ත දෝමනස්ස සහගත සිත් දෙක තුනී බවට පත්කිරිම දෙවන ප්‍රහාරයෙන් පිරිවර සහිත සොරදෙටුවන් දෙදෙනා දුබල කිරීම මෙනි.

පුන රඤ‍්ඤො පවත‍්තිපෙසනං විය සත්‍ථු පටිලද‍්ධගුණාරොචනං. ‘විස‍්සට‍්ඨා ගණ‍්හන‍්තූ’ති පුන ධනදානං විය භගවතො අනාගාමිමග‍්ගස‍්ස විපස‍්සනාචික‍්ඛනං. තතියසම‍්පහාරෙන සපරිවාරානං ද‍්වින‍්නං චොරජෙට‍්ඨකානං ඝාතනං විය අනාගාමිමග‍්ගෙන සසම‍්පයුත‍්තානං ද‍්වින‍්නං දොමනස‍්සචිත‍්තානං පහානං.

බුදුරජාණන් වහන්සේට ලබන ලද ගුණය දැන්වීම නැවත රජුට ප්‍රවෘත්ති දැන්වීම මෙනි. බුදුරජාණන් වහන්සේ අනාගාමි මාර්ගයට විදර්ශනා දේශනා කිරීම විශ්වාසයන් ගනුවයි නැවත ධනය දීම මෙනි. අනාගාමි මාර්ගයෙන් සසම්ප්‍රයුක්ත දොම්නස් සිත් දෙක ප්‍රහාණය කිරීම තුන්වන ප්‍රහාරයෙන් පිරිවර සහිත සොරදෙටුවන් දෙදෙනා ඝාතනය කිරීම මෙනි.

පුන රඤ‍්ඤො පවත‍්තිපෙසනං විය තථාගතස‍්ස පටිලද‍්ධගුණාරොචනං. ‘විස‍්සට‍්ඨා ගණ‍්හන‍්තූ’ති පුන ධනදානං විය භගවතො අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනාචික‍්ඛනං. චතුත්‍ථසම‍්පහාරෙන සපරිවාරානං පඤ‍්චන‍්නං චොරජෙට‍්ඨකානං ඝාතිතකාලතො පට‍්ඨාය ජනපදස‍්ස ඛෙමකාලො විය අරහත‍්තමග‍්ගෙන සසම‍්පයුත‍්තෙසු පඤ‍්චසු අකුසලචිත‍්තෙසු පහීනෙසු ද‍්වාදසන‍්නං අකුසලචිත‍්තානං පහීනකාලතො පට‍්ඨාය පුන චිත‍්තඞ‍්ගවසෙන උප‍්පජ‍්ජනකස‍්ස අකුසලධම‍්මස‍්ස අභාවො. රඤ‍්ඤො විජිතසඞ‍්ගාමස‍්ස අමච‍්චගණපරිවුතස‍්ස වරපාසාදෙ මහාසම‍්පත‍්තිඅනුභවනං විය ඛීණාසවපරිවුතස‍්ස ධම‍්මරඤ‍්ඤො සුඤ‍්ඤතඅනිමිත‍්තඅප‍්පණිහිතභෙදෙසු සමාපත‍්තිසුඛෙසු ඉච‍්ඡිතිච‍්ඡිතඵලසමාපත‍්තිසුඛානුභවනං වෙදිතබ‍්බන‍්ති.

ලබන ලද ගුණය බුදුන්ට දැන්වීම නැවත රජුට ප්‍රවෘත්ති දැන්වීම මෙනි. භාග්‍යවතුන් වහන්සේ අර්හත් මාර්ගයට විදර්ශනා දේශනා කිරීම විශ්වාසයන් ගනුවයි නැවත ධනය දීම මෙනි. අර්හත් මාර්ගයෙන් සසම්ප්‍රයුක්ත පංච අකුශල චිත්තයන් ප්‍රහීණ වූ කල්හි දොළොස් අකුසල සිත් ප්‍රහීණ වූ කාලයේ පටන් පැවත චිත්තාංග වශයෙන් උපදනා අකුශල ධර්මයන්ගේ අභාවය සතරවන ප්‍රහාරයෙන් පිරිවර සහිත සොරදෙටුවන් ඝාතනය කළ තැන් පටන් ජනපදයේ ක්‍ෂේම කාලය මෙනි. රහතුන් පිරිවැරූ බුදුරජාණන් වහන්සේ සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත භේදයන්ගෙන් යුත් සමවත් සුව අතුරෙන් කැමති කැමති සුව අනුභව කිරිම දිනන ලද සංග්‍රාම ඇති ඇමති ගණයා පිරිවැරූ රජු වරප්‍රසාදයෙන් මහත් සැප අනුභව කිරීම මෙනැයි දතයුතුයි.

කුසලා ධම‍්මාතිපදස‍්ස වණ‍්ණනා නිට‍්ඨිතා.

කුසලාධම්මා යන පදයේ වර්ණනාව නිමියේය.