යෙදුමෙන් කියවන්න

තිකං

989. කතමෙ ධම‍්මා කුසලා?

989. කවර ධර්‍මයෝ කුශල වෙති යත්:

තීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා කුසලා.

අලෝභ ය අදෝස ය අමෝහ ය යන තුන් කුශලමූලයෝ ය. උන් (ඒ අලෝභාදීන්) හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ අලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ කුශලයෝ යි.

990. කතමෙ ධම‍්මා අකුසලා?

990. කවර ධර්‍මයෝ අකුශල වෙති යත්:

තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා අකුසලා.

ලෝභ ය දෝසය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, තදේකස්ථ (ඒ ලෝභාදිය සමග එක් සිතෙක සිටියා) වූ ක්ලේශයෝ ය, ඒ ලෝභාදීන් හා සම්ප්‍රයුක්ත වු වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

991. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

991. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු. ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

කාමාවචර වූ රූපාවචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ (තුන් වටහි ඇතුළු නො වු ) කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, නො ම කුශලාකුශල වූ නො ද කර්‍මවිපාක වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ද, සියලු රූපය ද අසඞ්ඛතධාතු (නිවන ) ද, යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

992. කතමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා?

992. කවර ධර්‍ම කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:

සුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන‍්නෙ සුඛං වෙදනං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමි වූ සිත්හි සුඛවේදනාව තබා ඒ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.

993. කතමෙ ධම‍්මා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා?

993. කවර ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:

දුක‍්ඛභූමියං කාමාවචරෙ දුක‍්ඛං වෙදනං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ ධම‍්මා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කාමාවචරයෙහි දුකට භූමි වූ සිත්හි දුඃඛවේදනාව තබා ඒ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.

994. කතමෙ ධම‍්මා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා?

994. කවර ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා ) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:

අදුක‍්ඛමසුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන‍්නෙ අදුක‍්ඛමසුඛං වෙදනං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමි වූ සිත්හි උපේක්‍ෂාවේදනාව තබා තත්සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.

995. කතමෙ ධම‍්මා විපාකා?

995. කවර ධර්‍මයෝ විපාක වෙති යත්:

කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා විපාකා.

කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකයෝ යි.

996. කතමෙ ධම‍්මා විපාකධම‍්මධම‍්මා?

996. කවර ධර්‍මයෝ විපාකස්වභාවධර්‍ම වෙති යත්:

කුසලාකුසලා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා විපාකධම‍්මධම‍්මා.

කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලා කුශලධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකධර්‍ම (විපාකස්වභාව) ධර්‍මයෝ යි.

997. කතමෙ ධම‍්මා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා?

997. කවර ධර්‍මයෝ නො ම විපාක වූවාහු විපාකස්වභාවධර්‍ම නො වූවාහු වෙති යත්:

යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.

නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසංඛතධාතු (නිවන) ද යන මේ ධර්‍මයෝ නෛව විපාක න විපාකස්වභාව ධර්‍මයෝ යි.

998. කතමෙ ධම‍්මා උපාදින‍්නුපාදානියා?

998. කවර ධර්‍මයෝ උපාදින්න - උපාදානිය වෙති යත්:

සාසවා කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යං ච රූපං කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා උපාදින‍්නුපාදානියා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයකුත් වේ ද, මේ ධර්‍මයෝ උපාදින්න උපාදානියයෝ යි.

999. කතමෙ ධම‍්මා අනුපාදින‍්නුපාදානියා?

999. කවර ධර්‍මයෝ අනුපාදින්න - උපාදානිය වෙති යත්:

සාසවා කුසලාකුසලා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, යං ච රූපං න කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නුපාදානියා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ අනුපාදින්න - උපාදානියයෝ යි.

1000. කතමෙ ධම‍්මා අනුපාදින‍්නඅනුපාදානියා?

1000. කවර ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානිය වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නඅනුපාදානියා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානියයෝ යි.

1001. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා?

1001. කවර ධර්‍මයෝ සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වෙති යත්:

තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා, තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා.

ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ ය, තත්සහජෛකස්ථ වූ ක්ලේශයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ සංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.

1002. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා?

1002. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨසඞ්කිලෙසික වෙති යත්:

සාසවා කුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘතධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.

1003. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨඅසඞ‍්කිලෙසිකා?

1003. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨ අසඞ්කිලේසික වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨඅසඞ‍්කිලෙසිකා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ට - අසාංක්ලේශිකයෝ යි.

1004. කතමෙ ධම‍්මා සවිතක‍්කසවිචාරා?

1004. කවර ධර්‍මයෝ සවිතර්‍ක - සවිචාර වෙති යත්:

සවිතක‍්කසවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන‍්නෙ විතක‍්ක විචාරෙ ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සවිතක‍්කසවිචාරා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි, අපරියාපන්නයෙහි සවිතර්‍ක සවිචාරභූමියෙහි වූ විතර්‍කවිචාරයන් තබා තත් (සවිතර්‍කසවිචාර චිත්තය හා) සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සවිතර්‍ක සවිචාරයෝ යි.

1005. කතමෙ ධම‍්මා අවිතක‍්කවිචාරමත‍්තා?

1005. කවර ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍ර වෙති යත්:

අවිතක‍්කවිචාරමත‍්තභූමියං රූපාවචරෙ අපරියාපන‍්නෙ විචාරං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා අවිතක‍්කවිචාරමත‍්තා.

රූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක විචාරමාත්‍රභූමියෙහි වූ විචාරය තබා ඒ අවිතර්‍කවිචාරමාත්‍රචිත්තය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍රයෝ යි.

1006. කතමෙ ධම‍්මා අවිතක‍්කඅවිචාරා?

1006. කවර ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාර වෙති යත්:

අවිතක‍්කඅවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන‍්නෙ වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අවිතක‍්කඅවිචාරා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක - අවිචාරභූමියෙහි වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාරයෝ යි.

1007. කතමෙ ධම‍්මා පීතිසහගතා?

1007. කවර ධර්‍මයෝ ප්‍රීතිසහගත වෙති යත්:

පීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන‍්නෙ පීතිං ඨපෙත්‍වා තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පීතිසහගතා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි ප්‍රීතිභූමියෙහි වූ, ප්‍රීතිය තබා ඒ (ප්‍රීතිය උපදනා සිත හා) සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.

1008. කතමෙ ධම‍්මා සුඛසහගතා?

1008. කවර ධර්‍මයෝ සුඛසහගත වෙති යත්:

සුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන‍්නෙ සුඛං ඨපෙත්‍වා තං සම‍්පයුත‍්තො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සුඛසහගතා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමියෙහි වූ, සුඛය තබා ඒ (සුඛභූමිය) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.

1009. කතමෙ ධම‍්මා උපෙක‍්ඛාසහගතා?

1009. කවර ධර්‍මයෝ උපේක්‍ෂාසහගත වෙති යත්:

උපෙක‍්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන‍්නෙ උපෙක‍්ඛං ඨපෙත්‍වා තං සම‍්පයුත‍්තො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපෙක‍්ඛාසහගතා.

කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමියෙහි වූ, උපේක්‍ෂාව තබා ඒ (උපේක්‍ෂාව උපදනා සිත) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ උපෙක්‍ෂාසහගතයෝ යි.

1010. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා?

1010. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:

තීණි සඤ‍්ඤොජනානි: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො.

සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.

1011. තත්‍ථ කතමා සක‍්කායදිට‍්ඨි?

1011. එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්:

ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඤ‍්ඤං, සඤ‍්ඤාය වා අත‍්තානං. සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සංඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඞ‍්ඛාරෙ, සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.

මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද (අදක්‍ෂ) වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්‍රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්‍රෂ්ටිදර්‍ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥානවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී.

යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසුකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනා විපරියෙසගාහො, අයං වුච‍්චති සක‍්කායදිට‍්ඨි.

මෙබඳු වූ යම් ද්‍රෂ්ටියක ද්‍රෂ්ටිගතයෙක් ද්‍රෂ්ටිගහනයෙක් ද්‍රෂ්ටිකාන්තාරයෙක් ද්‍රෂ්ටිවිසූකායිකයෙක් ද්‍රෂ්ටිවිෂ්පන්‍දිතයෙක් ද්‍රෂ්ටිසංයෝජනයෙක්, (දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි විසින්) අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක්, මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථ්‍යායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ.

1012. තත්‍ථ කතමා විචිකිච‍්ඡා?

1012. එහි විචිකිත්සා කවර යත්:

සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති, ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, අපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති. යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො, අයං වුච‍්චති විචිකිච‍්ඡා.

ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නවලොවුතුරු දහම්හි ... අට අරී සඟුන් කෙරෙහි ... ත්‍රිවිධ ශික්‍ෂායෙහි, (අතීතස්කන්‍ධාදි) පූර්‍වාන්තයෙහි, (අනාගතාස්කන්‍ධයෙහි) අපරාන්තයෙහි, පූර්‍වාන්ත අපරාන්තයෙහි, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මවිෂයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පමුණුවන ලද බවෙක් විමතියෙක් විචිකිත්සාවක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයයෙක් අනෛකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් (අරමුණට) නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සා යයි කියනු ලැබේ.

1013. තත්‍ථ කතමො සීලබ‍්බතපරාමාසො?

1013. එහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්:

ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච‍්චති සීලබ‍්බතපරාමාසො.

මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.

ඉමානි තීණි සංයොජනානි, තදෙකට‍්ඨා ච කිලෙසා, තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා.

මේ තුන් සංයෝජනයෝ ය, ඔවුන් හා ප්‍රහාණෛකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ තදේකස්ථ ලෝභ දි අටකෙලෙසුන් හා සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදිය විසින් උපදවන ලද කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.

1014. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා?

1014. කවර ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:

අවසෙසො ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා, තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා.

අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, (ප්‍රහාණවශයෙන්) තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.

1015. කතමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා?

1015. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් - භාවනායෙන් නො ම ප්‍රහාතව්‍ය වෙති යත්:

කුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතු දැයි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.

1016. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා?

1016. කවර ධර්‍මයෝ දර්‍ශනයෙ ප්‍රහාතව්‍ය හේතු ඇතියහ යත්:

තීණි සඤ‍්ඤොජනානි: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො.

සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.

තත්‍ථ කතමා සක‍්කායදිට‍්ඨි? ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො -පෙ- රූපං අත‍්තතො සමනුපස‍්සති -පෙ- අයං වුච‍්චති සක‍්කායදිට‍්ඨි.

එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්: මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ... රූපය ආත්මයයි දකී ... මේ සත්කායද්‍රෂ්ටි යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා විචිකිච‍්ඡා? සත්‍ථරි කඞ‍්ඛති -පෙ- අයං වුච‍්චති විචිකිච‍්ඡා.

එහි විචිකිත්සා කවර යත්: ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ... මේ විචිකිත්සා යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො සීලබ‍්බතපරාමාසො? ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙනසුද‍්ධි -පෙ- අයං වුච‍්චති සීලබ‍්බතපරාමාසො.

එහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්: මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධිය ... මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.

ඉමානි තීණි සංයොජනානි තදෙකට‍්ඨා ච කිලෙසා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා. තීණි සඤ‍්ඤොජනානි සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා. තදෙකට‍්ඨො ලොභො දොසො මොහො, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා. තදෙකට‍්ඨා ච කිලෙසා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

මේ තුන් සංයෝජනයෝ ය, තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ කෙලෙසුන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු ය. සත්කායදිට්ඨි ය විචිකිච්ඡා ය සීලබ්බතපරාමාස ය යන තුන් සංයෝජනයෝ ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. තදේකස්ථ වූ ලෝභ ය දෝස ය මෝහ ය, යන මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු ය. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.

1017. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා?

1017. කවර දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:

අවසෙසො ලොභො දොසො මොහො, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා තදෙකට‍්ඨා ච කිලෙසා තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා.

අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, මේ දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියහ. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.

1018. කතමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා?

1018. කවර ධර්‍මයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතු දැ යි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.

1019. කතමෙ ධම‍්මා ආචයගාමිනො?

1019. කවර දහම්හු ආචයගාමී වෙති යත්:

සාසවා කුසලාකුසලා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා ආචයගාමිනො.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ ආචයගාමීහු ය.

1020. කතමෙ ධම‍්මා අපචයගාමිනො?

1020. කවර දහම්හු අපචයගාමී වෙති යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා අපචයගාමිනො.

අපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ අපචයගාමීහු ය.

1021. කතමෙ ධම‍්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො?

1021. කවර දහම්හු නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙති යත්:

කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසඞ්ඛත (නිවන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙත්.

1022. කතමෙ ධම‍්මා සෙඛා?

1022. කවර දහම්හු ශෛක්‍ෂ වෙති යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, හෙට‍්ඨිමානි ච තීණි සාමඤ‍්ඤඵලානි ඉමෙ ධම‍්මා සෙඛා.

අපරියාපන්න වූ සතරමාර්‍ගයෝ ද, හෙට්ඨිම වූ තුන් ශ්‍රාමාණ්‍යඵලයෝ දැ යි, මේ ධර්‍මයෝ ශෛක්‍ෂයෝ යි.

1023. කතමෙ ධම‍්මා අසෙඛා?

1023. කවර දහම්හු අශෛක්‍ෂ වෙති යත්:

උපරිට‍්ඨිමං අරහත‍්තඵලං, ඉමෙ ධම‍්මා අසෙඛා.

මතුයෙහි වූ අර්‍හත්ත්‍වඵල ය. මේ ධර්‍මයෝ අශෛක්‍ෂ යෝ යි.

1024. කතමෙ ධම‍්මා නෙවසෙඛා නාසෙඛා?

1024. කවර ධර්‍මයෝ නෛව ශෛක්‍ෂ නාශෛක්‍ෂ වෙති යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාකන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නෙව සෙඛා නාසෙඛා.

ඒ (ශෛක්‍ෂාශෛක්‍ෂ) ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂයෝ යි.

1025. කතමෙ ධම‍්මා පරිත‍්තා?

1025. කවර ධර්‍මයෝ පරිත්ත වෙති යත්:

සබ‍්බෙව කාමාවචරා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පරිත‍්තා.

සියලු ම කාමාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ පරිත්තයෝ යි.

1026. කතමෙ ධම‍්මා මහග‍්ගතා?

1026. කවර ධර්‍මයෝ මහද්ගත වෙති යත්:

රූපාවචරා අරූපාවචරා කුසලාව්‍යාකතා ධම‍්මා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මහග‍්ගතා.

රූපාවචර අරූපාවචර වූ කුශලාව්‍යකෘතධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මහද්ගතයෝ ය.

1027. කතමෙ ධම‍්මා අප‍්පමාණා?

1027. කවර ධර්‍මයෝ අප්‍රමාණ වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අප‍්පමාණා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ අප්‍රමාණයෝ යි.

1028. කතමෙ ධම‍්මා පරිත‍්තාරම‍්මණා?

1028. කවර ධර්‍මයෝ පරිත්තාලම්බන වෙති යත්:

පරිත‍්තෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා පරිත‍්තාරම‍්මණා.

පරිත්ත වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ පරිත්තාලම්බනයෝ යි.

1029. කතමෙ ධම‍්මා මහග‍්ගතාරම‍්මණා?

1029. කවර ධර්‍මයෝ මහද්ගතාලම්බන වෙති යත්:

මහග‍්ගතෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා මහග‍්ගතාරම‍්මණා.

මහද්ගත වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මහද්ගතාලම්බනයෝ යි.

1030. කතමෙ ධම‍්මා අප‍්පමාණාරම‍්මණා?

1030. කවර ධර්‍මයෝ අප්‍රමාණාලම්බන වෙති යත්:

අප‍්පමාණෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා අප‍්පමාණාරම‍්මණා.

අප්‍රමාණ වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මෙ ධර්‍මයෝ අප්‍රමාණාලම්බනයෝ යි.

1031. කතමෙ ධම‍්මා හීනා?

1031. කවර ධර්‍මයෝ හීන වෙති යත්:

තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා, තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා හීනා.

ලෝභ ය දෝස ය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, (සහජ වශයෙන්) තෙදෙකස්ථ වූ ක්ලේශයෝ ද, උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ හීනයෝ යි.

1032. කතමෙ ධම‍්මා මජ‍්ඣිමා?

1032. කවර ධර්‍මයෝ මධ්‍යම වෙති යත්:

සාසවා කුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මජ‍්ඣිමා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මධ්‍යමයෝ යි.

1033. කතමෙ ධම‍්මා පණීතා?

1033. කවර ධර්‍මයෝ ප්‍රණීත වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච, මග‍්ගඵලානි ච, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා පණීතා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද , අසඞ්ඛත ධාතුව දැයි. මේ ධර්‍මයෝ ප්‍රණීතයෝ යි.

1034. කතමෙ ධම‍්මා මිච‍්ඡත‍්තනියතා?

1034. කවර ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වෙති යත්:

පඤ‍්ච කම‍්මානි ආනන‍්තරිකානි, යා ච මිච‍්ඡාදිට‍්ඨි නියතා, ඉමෙ ධම‍්මා මිච‍්ඡත‍්තනියතා.

මාතෘවධාදි පඤ්ච ආනන්තරික කර්‍මයෝ ද, යම් නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියකුත් වේ ද, මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියතයෝ යි.

1035. කතමෙ ධම‍්මා සම‍්මත‍්තනියතා?

1035. කවර ධර්‍මයෝ සම්‍යක්ත්‍වනියත වෙති යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා සම‍්මත‍්තනියතා.

අපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ සම්‍යක්ත්‍ව නියතයෝ යි.

1036. කතමෙ ධම‍්මා අනියතා?

1036. කවර ධර්‍මයෝ අනියත වෙති යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනියතා.

ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ අනියතයෝ යි.

1037. කතමෙ ධම‍්මා මග‍්ගාරම‍්මණා?

1037. කවර ධර්‍මයෝ මාර්‍ගාලම්බන වෙති යත්:

අරියමග‍්ගං ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා මග‍්ගාරම‍්මණා.

ආර්‍ය්‍යමාර්‍ගය අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බනයෝ යි.

1038. කතමෙ ධම‍්මා මග‍්ගහෙතුකා?

1038. කවර ධර්‍මයෝ මාර්‍ගහේතුක වෙති යත්:

අරියමග‍්ගසමඞ‍්ගිස‍්ස මග‍්ගඞ‍්ගානි ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මග‍්ගහෙතුකා. අරියමග‍්ගසමඞ‍්ගිස‍්ස සම‍්මාදිට‍්ඨි මග‍්ගො චෙව හෙතු ච. සම‍්මාදිට‍්ඨිං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මග‍්ගහෙතුකා. අරියමග‍්ගසමඞ‍්ගිස‍්ස අලොභො අදොසො අමොහො, ඉමෙ ධම‍්මා මග‍්ගහෙතු. තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මග‍්ගහෙතුකා.

ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ මාර්‍ගාඞ්ගයන් තබා ඒ මාර්‍ගසම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය, ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ සම්‍යග්දෘෂ්ටිය මාර්‍ග ද හේතු ද වෙයි. සම්‍යග්දෘෂ්ටිය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය. ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ අලෝභ ය අදෝස ය අමෝහ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුහු ය. උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ යි.

1039. කතමෙ ධම‍්මා මග‍්ගාධිපතිනො?

1039. කවර ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙති යත්:

අරියමග‍්ගං අධිපතිං කරිත්‍වා යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා මග‍්ගාධිපතිනො. අරියමග‍්ගසමඞ‍්ගිස‍්ස වීමංසාධිපතෙය්‍යං මග‍්ගං භාවයන‍්තස‍්ස වීමංසං ඨපෙත්‍වා තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො, -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා මග‍්ගාධිපතිනො.

ආර්‍ය්‍යමාර්‍ගය ආරම්මණාධිපති කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපතිහු ය. වීමංසාව අධිපති කොට මාර්‍ගය වඩන ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ වීමංසාව තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙත්.

1040. කතමෙ ධම‍්මා උප‍්පන‍්නා?

1040. කවර ධර්‍මයෝ උත්පන්න වෙති යත්:

යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා උප‍්පන‍්නා සමුප‍්පන‍්නා උට‍්ඨිතා සමුට‍්ඨිතා උප‍්පන‍්නා උප‍්පන‍්නංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා උප‍්පන‍්නා.

යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු පහළ වූවාහු මොනොවට හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු ප්‍රකට වූවාහු උපන්නාහු වෙසෙසින් උපන්නාහු උත්‍ථිත වූවාහු සමුත්‍ථිත වූවාහු උපන්නාහු උපන් කොටසින් ගැණුනාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ උත්පන්නයෝ යි.

1041. කතමෙ ධම‍්මා අනුප‍්පන‍්නා?

1041. කවර ධර්‍මයෝ අනුත්පන්න වෙති යත්:

යෙ ධම‍්මා අජාතා අභූතා අසඤ‍්ජාතා අනිබ‍්බත‍්තා අනභිනිබ‍්බත‍්තා අපාතුභූතා අනුප‍්පන‍්නා අසමුප‍්පන‍්නා අනුට‍්ඨිතා අසමුට‍්ඨිතා අනුප‍්පන‍්නා අනුප‍්පන‍්නංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අනුප‍්පන‍්නා.

යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත අනුත්පන්න වූවාහු අනුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනුත්පන්නයෝ යි.

1042. කතමෙ ධම‍්මා උප‍්පාදිනො?

1042. කවර ධර්‍මයෝ උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) වෙති යත්:

කුසලාකුසලානං ධම‍්මානං අවිපක‍්කවිපාකානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යඤ‍්ච රූපං කම‍්මස‍්ස කතත‍්තා උප‍්පජ‍්ජිස‍්සති, ඉමෙ ධම‍්මා උප‍්පාදිනො.

කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ නො මූ කළ විපාක ඇති කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් උපදනේ ද, මේ ධර්‍මයෝ උත්පාදීහ.

1043. කතමෙ ධම‍්මා අතීතා?

1043. කවර ධර්‍මයෝ අතීත වෙති යත්:

යෙ ධම‍්මා අතීතා නිරුද‍්ධා විගතා විපරිණතා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා උප‍්පජ‍්ජිත්‍වා විගතා අතීතා අතීතංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අතීතා.

යම් ධර්‍ම කෙනෙක් ක්‍ෂණත්‍රය ඉක්මවූවාහු නිරුද්ධ වූවාහු පහව ගියාහු (ප්‍රකෘතිය හැරීමෙන්) විපරිණාමයට ගියාහු අස්තයට ගියාහු අභ්‍යස්තයට ගියාහු ඉපිදැ පහව ගියාහු ද, අතීත වූවාහු අතීතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අතීතයෝ යි.

1044. කතමෙ ධම‍්මා අනාගතා?

1044. කවර ධර්‍මයෝ, අනාගත වෙති යත්:

යෙ ධම‍්මා අජාතා අභූතා අසඤ‍්ජාතා අනිබ‍්බත‍්තා අනභිනිබ‍්බත‍්තා අපාතුභූතා අනුප‍්පන‍්නා අසමුප‍්පන‍්නා අනුට‍්ඨිතා අසමුට‍්ඨිතා අනාගතා අනාගතංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අනාගතා.

යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත්ත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත වූවාහු අනාගත වූවාහු අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනාගතයෝ යි.

1045. කතමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නා?

1045. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:

යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා උප‍්පන‍්නා සමුප‍්පන‍්නා උට‍්ඨිතා සමුට‍්ඨිතා පච‍්චුප‍්පන‍්නා පච‍්චුප‍්පන‍්නංසෙන සඞ‍්ගහිතා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නා.

යම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්‍ථිත සමුත්‍ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි.

1046. කතමෙ ධම‍්මා අතීතාරම‍්මණා?

1046. කවර ධර්‍මයෝ අතීතාලම්බන වෙති යත්:

අතීතෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා අතීතාරම‍්මණා.

(පරිත්ත මහද්ගත වූ) අතීත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අතීතාලම්බනයෝ ය.

1047. කතමෙ ධම‍්මා අනාගතාරම‍්මණා?

1047. කවර ධර්‍මයෝ අනාගතාලම්බන වෙති යත්:

අනාගතෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා අනාගතාරම‍්මණා.

අනාගත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අනාගතාලම්බනයෝ යි.

1048. කතමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා?

1048. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති යත්:

පච‍්චුප‍්පන‍්නෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ යි.

1049. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තා?

1049. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති යත්:

යෙ ධම‍්මා තෙසං තෙසං සත‍්තානං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං නියකා පාටිපුග‍්ගලිකා උපාදින‍්නා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ සත්ත්තවයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු (සිය සිය සතනැ උපන්නාහු) තිජක (තමා කෙරෙහි) වූවාහු ප්‍රාතිපෞද්ගලික (වෙන් වෙන් ව පුඟුල්සතු) වූවාහු උපාදින්න (ශරීරස්ථ) වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ අධ්‍යාත්මයෝ යි.

1050. කතමෙ ධම‍්මා බහිද‍්ධා?

1050. කවර ධර්‍මයෝ බාහ්‍ය වෙති යත්:

යෙ ධම‍්මා තෙසං තෙසං පරසත‍්තානං පරපුග‍්ගලානං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං නියකා පාටිපුග‍්ගලිකා උපාදින‍්නා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, ඉමෙ ධම‍්මා බහිද‍්ධා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු නිජාත්මයෙහි උපන්නාහු ප්‍රාතිපෞද්ගලික වූවාහු උපාදින්න වූවාහු ද, ඒ රූප - වේදනා -සංඥා ය සංස්කාර - විඥාන යි. මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.

1051. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තබහිද‍්ධා?

1051. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍ය වෙති යත්:

තදුභයං, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

ඒ (අධ්‍යාත්ම - බාහ්‍ය යන) දෙකය. මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යයෝ යි.

1052. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තාරම‍්මණා?

1052. කවර ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති යත්:

අජ‍්ඣත‍්තෙ ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තාරම‍්මණා.

අධ්‍යාත්ම වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍මකෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බනයෝ යි.

1053. කතමෙ ධම‍්මා බහිද‍්ධාරම‍්මණා?

1053. කවර ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙති යත්:

බහිද‍්ධා ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා බහිද‍්ධාරම‍්මණා.

බාහ්‍ය වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බනයෝ යි.

1054. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා?

1054. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍යාලම්බන වෙති යත්:

අජ‍්ඣත‍්තබහිද‍්ධා ධම‍්මෙ ආරබ‍්භ යෙ උප‍්පජ‍්ජන‍්ති චිත‍්තචෙතසිකා ධම‍්මා, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා.

අධ්‍යාත්ම - බාහ්‍ය වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යාලම්බනයෝ යි.

1055. කතමෙ ධම‍්මා සනිදස‍්සනසප‍්පටිඝා?

1055. කවර ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:

රූපායතනං, ඉමෙ ධම‍්මා සනිදස‍්සනසප‍්පටිඝා.

රූපායතන ය, මේ ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.

1056. කතමෙ ධම‍්මා අනිදස‍්සනසප‍්පටිඝා?

1056. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:

චක‍්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව‍්හායතනං කායායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉමෙ ධම‍්මා අනිදස‍්සනසප‍්පටිඝා.

චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.

1057. කතමෙ ධම‍්මා අනිදස‍්සනඅප‍්පටිඝා?

1057. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - අප්‍රතිඝ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යං රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනිදස‍්සනඅප‍්පටිඝා.

වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, අනිදර්‍ශන - අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - ප්‍රතිඝයෝ යි.

තිකං.

ත්‍රික නිර්දේශ යි.