යෙදුමෙන් කියවන්න

ඡක‍්කං

සම්පූර්ණ පරිච්ඡේදය

976. රූපායතනං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං, සද‍්දායතනං සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ගන්‍ධායතනං ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, රසායතනං ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, ඵොට‍්ඨබ‍්බායතනං කායවිඤ‍්ඤෙය්‍යං රූපං, සබ‍්බං රූපං මනොවිඤ‍්ඤෙය්‍යං රූපං.

976. රූපායාතනය චක්‍ෂුර්විඥේය (චක්‍ෂුර්විඥානයෙන් දත හැකි) රූපය, ශබ්දායතනය ශ්‍රෝතවිඥේය රූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේය රූපය, රසායතනය ජිහ්වාවිඥේය රූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේය රූප ය, හැම රූපය මනෝවිඥෙය රූප යි.

එවං ඡබ‍්බිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ ෂට්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

ඡක‍්කං.

ෂට්කය යි.

977. රූපායතනං චක‍්ඛු විඤ‍්ඤෙය්‍යං රූපං, සද‍්දායතනං සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ගන්‍ධායතනං ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, රසායතනං ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, ඵොට‍්ඨබ‍්බායතනං කායවිඤ‍්ඤෙය්‍යං රූපං, රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං මනොධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං, සබ‍්බං රූපං මනොවිඤ‍්ඤාණධාතු විඤ‍්ඤෙය්‍යං රූපං.

977. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥේය (ත්‍රිවිධ මනෝධාතුයෙන් දත හැකි) රූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.

එවං සත‍්තවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ සප්තප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

සත‍්තකං.

සප්තකය යි.

978. රූපායතනං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං, සද‍්දායතනං සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ගන්‍ධායතනං ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, රසායතනං ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, මනාපියො ඵොට‍්ඨබ‍්බො සුඛසම‍්ඵස‍්සො කායවිඤ‍්ඤෙය්‍යං රූපං, අමනාපියො ඵොට‍්ඨබ‍්බො දුක‍්ඛසම‍්ඵස‍්සො කායවිඤ‍්ඤෙය්‍යං රූපං, රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං මනොධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං, සබ‍්බං රූපං මනොවිඤ‍්ඤාණධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං.

978. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, සුවපහස් වූ මනවඩවන පහස කායවිඥේයරූප ය, දුක්පහස් වූ නො මනවඩවන පහස කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥෙයරූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.

එවං අට‍්ඨවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ අෂ්ටප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

අට‍්ඨකං.

අෂ්ටකය යි.

979. කතමං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං?

979. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:

යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.

980. කතමං තං රූපං සොතින්‍ද්‍රියං -පෙ- ඝානින්‍ද්‍රියං -පෙ- ජිව‍්හින්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං -පෙ- ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- පුරිසින්‍ද්‍රියං -පෙ- ජීවිතින්‍ද්‍රියං?

980. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:

යො තෙසං රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං ජීවිතින්‍ද්‍රියං.

ඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.

981. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං?

981. ඒ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං.

රූපායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.

එවං නවවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ නවප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

නවකං.

නවකය යි.

982. කතමං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං?

982. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:

යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.

983. කතමං තං රූපං සොතින්‍ද්‍රියං -පෙ- ඝානින්‍ද්‍රියං -පෙ- ජිව‍්හින්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං -පෙ- ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- පුරිසින්‍ද්‍රියං -පෙ- ජීවිතින්‍ද්‍රියං?

983. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:

යො තෙසං රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං ජීවිතින්‍ද්‍රියං.

ඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඊර්‍ය්‍යාපථයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.

984. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං සප‍්පටිඝං?

984. ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං සප‍්පටිඝං.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූප යි.

985. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං අප‍්පටිඝං?

985. ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං අප‍්පටිඝං.

කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූප යි.

එවං දසවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ දශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

දසකං.

දශකය යි.

986. කතමං තං රූපං චක‍්ඛායතනං?

986. ඒ චක්‍ඛායතන රූපය කවරේ යත්:

යං චක‍්ඛු චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං චක‍්ඛායතනං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතන රූපයි.

987. කතමං තං රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං?

987. ඒ සෝතායතනරූපය ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... සද්දායතන ... ගන්‍ධායතන ... රසායතන ... ඵොට්ඨබ්බායතනරූපය කවරේ යත්:

පඨවීධාතු -පෙ- ඵොට‍්ඨබ‍්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට‍්ඨබ‍්බායතනං.

පෘථිවිධාතු ය ... තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.

988. කතමං තං රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං?

988. ඒ අනිදස්සන අප්පටිඝ වූ ධම්මායතනපරියාපන්න රූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්නරූප යි.

එවං එකාදසවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ ඒකාදශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

එකාදසකං.

ඒකාදශකය යි.

රූපවිභත‍්ති

රූපකාණ්ඩය නිමි.

අට‍්ඨමං භාණවාරං.

අටවැනි බණවර යි.