පඤ‍්චකං
971. කතමං තං රූපං පඨවීධාතු?
971. ඒ පඨවිධාතුරූපය කවරේ යත්:
යං කක‍්ඛළං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා උපාදින‍්නං වා අනුපාදින‍්නං වා, ඉදං තං රූපං පඨවීධාතු.
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න (ශරීරස්ථ) වූ හෝ අනුපාදින්න වූ හෝ යම් කර්‍කශයෙක් පරුෂයෙක් කර්‍කශත්‍වයෙක් කර්‍කශභාවයෙක් වේ ද, මේ ඒ පෘථිවිධාතුරූප යි.
972. කතමං තං රූපං ආපොධාතු?
972. ඒ ආපෝධාතු රූපය කවරේ යත්:
යං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා උපාදින‍්නං වා අනුපාදින‍්නං වා, ඉදං තං රූපං ආපොධාතු.
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
973. කතමං තං රූපං තෙජොධාතු?
973. ඒ තේජෝධාතු රූපය කවරේ යත්:
යං තෙජො තෙජොගතං උස‍්මා උස‍්මාගතං උසුමං උසුමගතං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා උපාදින‍්නං වා අනුපාදින‍්නං වා, ඉදං තං රූපං තෙජොධාතු.
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුමෙක් උණුසුම් අයුරෙක් තද උණුසුමෙක් තද උණුසුම් අයුරෙක් වේ ද, මේ ඒ තේජෝධාතුරූප යි.
974. කතමං තං රූපං වායොධාතු?
974. ඒ වායෝධාතු රූපය කවරේ යත්:
යං වායො වායොගතං ථම‍්භිතත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා උපාදින‍්නං වා අනුපාදින‍්නං වා, ඉදං තං රූපං වායොධාතු.
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් වායුවෙක් වායෝගතයෙක් රූපයාගේ පිරුණුබවෙක් වේ ද, මේ ඒ වායෝධාතුරූප යි.
975. කතමං තං රූපං උපාදා?
975. ඒ උපාදාරූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා.
චක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාරූප යි.
එවං පඤ‍්චවිධෙන රූපසඞ‍්ගහො.
මෙසේ පඤ්චප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.