යෙදුමෙන් කියවන්න

තිකඅත්‍ථුද‍්ධාරවණ‍්ණනා අට‍්ඨකථා

තිකඅත්‍ථුද‍්ධාරවණ‍්ණනා

තිකඅත්ථුද්ධාරවණ්ණනා

ඉදානි නික‍්ඛෙපකණ‍්ඩානන‍්තරං ඨපිතස‍්ස අට‍්ඨකථාකණ‍්ඩස‍්ස වණ‍්ණනාක‍්කමො අනුප‍්පත‍්තො. කස‍්මා පනෙතං අට‍්ඨකථාකණ‍්ඩං නාම ජාතන‍්ති? තෙපිටකස‍්ස බුද‍්ධවචනස‍්ස අත්‍ථං උද‍්ධරිත්‍වා ඨපිතත‍්තා. තීසුපි හි පිටකෙසු ධම‍්මන‍්තරං ආගතං අට‍්ඨකථාකණ‍්ඩෙනෙව පරිච‍්ඡින්‍දිත්‍වා විනිච‍්ඡිතං සුවිනිච‍්ඡිතං නාම හොති. සකලෙ අභිධම‍්මපිටකෙ නයමග‍්ගං මහාපකරණෙ පඤ‍්හුද‍්ධාරං ගණනචාරං අසල‍්ලක‍්ඛෙන‍්තෙනාපි අට‍්ඨකථාකණ‍්ඩතොයෙව සමානෙතුං වට‍්ටති.

දැන් නික්‍ෂේප කණ්ඩයන්ට අනතුරුව තබන ලද අර්ථකථා කාණ්ඩයේ වර්ණනා ක්‍රමය පැමිණියේය. කවර හෙයින් මෙය වනාහි අට්ඨකථා කාණ්ඩය නම් වීද, ත්‍රිපිටක බුද්ධ වචනයේ අර්ථය උදුරා තැබූ හෙයිනි. පිටක තුනෙහිම වනාහි ධර්මයට අනතුරුව ආවත් අට්ඨකථා කණ්ඩයෙන්ම පිරිසිඳ විනිශ්චය කරන ලද්දේ මනාව නිශ්චය කරන ලද්දේ නම් වෙයි. සියලු අභිධර්ම පිටකයෙහි නයමාර්ගය මහා ප්‍රකරණයෙහි ප්‍රශ්නෝද්ධාරය හා ගණවාරය නොසලකන්නකු විසින් ද අට්ඨකථා කාණ්ඩයෙන්ම ගෙනහැර දක්වන්නට වටී.

කුතො පභවං පන එතන‍්ති? සාරිපුත‍්තත්‍ථෙරප‍්පභවං. සාරිපුත‍්තත්‍ථෙරො හි එකස‍්ස අත‍්තනො සද‍්ධිවිහාරිකස‍්ස නික‍්ඛෙපකණ‍්ඩෙ අත්‍ථුද‍්ධාරං සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තස‍්ස අට‍්ඨකථාකණ‍්ඩං කථෙත්‍වා අදාසි. ඉදං පන මහාඅට‍්ඨකථායං පටික‍්ඛිපිත්‍වා ඉදං වුත‍්තං – අභිධම‍්මො නාම න සාවකවිසයො, න සාවකගොචරො; බුද‍්ධවිසයො එස, බුද‍්ධගොචරො. ධම‍්මසෙනාපති පන සද‍්ධිවිහාරිකෙන පුච‍්ඡිතො තං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස කථෙසි. සම‍්මාසම‍්බුද‍්ධො තස‍්ස භික‍්ඛුනො අට‍්ඨකථාකණ‍්ඩං කථෙත්‍වා අදාසි. කථං? භගවා හි ‘කතමෙ ධම‍්මා කුසලා’ති පුච‍්ඡි. ‘කුසලා ධම‍්මා නාම කතමෙ’ති සල‍්ලක‍්ඛෙසීති අත්‍ථො. අථස‍්ස තුණ‍්හීභූතස‍්ස ‘නනු යං මයා කතමෙ ධම‍්මා කුසලා? යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතීතිආදිනා නයෙන භූමිභෙදතො කුසලං දස‍්සිතං, සබ‍්බම‍්පි තං චතූසු භූමීසු කුසලං, ඉමෙ ධම‍්මා කුසලා’ති ඉමිනා නයෙන කණ‍්ණිකං කණ‍්ණිකං ඝටං ඝටං ගොච‍්ඡකං ගොච‍්ඡකං කත්‍වා අත්‍ථුද‍්ධාරවසෙන කුසලාදිධම‍්මෙ දස‍්සෙන‍්තො කථෙත්‍වා අදාසි.

මෙය කොතැනකින් ප්‍රභව වීද යත්, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රභව විය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි නික්‍ෂේප කාණ්ඩයෙහි අර්ථෝද්ධාරය සලකා ගන්නට නොහැකි වූ තමාගේ සද්ධිවිහාරිකයෙකුට අර්ථකථා කාණ්ඩය කියවා දුන්හ. මහ අටුවාවෙහි වනාහි මෙය ප්‍රතික්‍ෂේප කොට මෙසේ කියන ලදී. අභිධර්මය නම් ශ්‍රාවක විෂය නොවේ. ශ්‍රාවක ගෝචර නොවේ. මෙය බුද්ධ විෂයය. බුද්ධගෝචරය. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ වනාහි සද්ධිවිහාරිකයා විසින් විචාරන ලදුව ඔහු රැගෙන බුදුන් වෙත ගොස් සම්මා සම්බුදුන්ට කීහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට අර්ථකථා කාණ්ඩය කියවා දුන් සේක. කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි ‘කතමෙ ධම්මා කුසලා’ යැයි විචාළ සේක. කුශල ධර්මයෝ නම් කවරහ යැයි සැලකූහ යනු අර්ථයි. ඉක්බිති තුෂ්ණීභූත වූ ඔහුට මා විසින් ‘කතමෙ ධම්මා කුසලා යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති’ යනාදී නයින් භූමි නිර්දේශයෙන් යම් කුසලයක් දක්වන ලද නොවේද? ඒ සියල්ල සතර භූමින්හි කුශලය, ‘ඉමෙ ධම්මා කුසලා’ යැයි මේ නයින් කර්ණික කර්ණිකා වශයෙන් ගුළි ගුළි කොට පොකුරු පොකුරු කොට අර්ථෝද්ධාර වශයෙන් කුශලාදී ධර්මයන් දේශනා කරන සේක් කියවා දුන්හ.

තත්‍ථ චතූසූති කාමාවචරරූපාවචරාරූපාවචරඅපරියාපන‍්නාසු. කුසලන‍්ති ඵස‍්සාදිභෙදං කුසලං. ඉමෙ ධම‍්මා කුසලාති ඉමෙ සබ‍්බෙපි තාසු තාසු භූමීසු වුත‍්තා ඵස‍්සාදයො ධම‍්මා කුසලා නාම.

එහි චතුසු යනු කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකුත්තරයන්හි කුසලං යනු ස්පර්ශාදී භේද ඇති කුශලය, ඉමෙ ධම්මා කුසලා යනු ඒ ඒ භුමින්හි කියන ලද මේ සියලුම ස්පර්ශාදී ධර්මයෝ කුශලයෝ නම්භ.

අකුසලානං පන භූමිවසෙන භෙදාභාවතො ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදාති ආහ. තත්‍ථ උප‍්පජ‍්ජතීති උප‍්පාදො. චිත‍්තමෙව උප‍්පාදො චිත‍්තුප‍්පාදො. දෙසනාසීසමෙව චෙතං. යථා පන ‘රාජා ආගතො’ති වුත‍්තෙ අමච‍්චාදීනම‍්පි ආගමනං වුත‍්තමෙව හොති, එවං ‘චිත‍්තුප‍්පාදා’ති වුත‍්තෙ තෙහි සම‍්පයුත‍්තධම‍්මාපි වුත‍්තාව හොන‍්තීති. සබ‍්බත්‍ථ චිත‍්තුප‍්පාදග‍්ගහණෙන සසම‍්පයුත‍්තධම‍්මං චිත‍්තං ගහිතන‍්ති වෙදිතබ‍්බං. ඉතො පරං චතූසු භූමීසු විපාකොතිආදීනං සබ‍්බෙසම‍්පි තිකදුකභාජනීයපදානං අත්‍ථො, වෙදනාත‍්තිකාදීසු ච සුඛාදීනං නවත‍්තබ‍්බතා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව පාළියත්‍ථං වීමංසිත්‍වා වෙදිතබ‍්බා. විසෙසමත‍්තමෙව පන වක‍්ඛාම.

අකුශලයන්ට වනාහි භූමි වශයෙන් භේදයක් නැති හෙයින් ද්වාදස අකුසල චිත්තුප්පාදා යැයි වදාළහ. එහි උපදී යනු = උප්පාදො ය. සිතම උත්පාදය වූයේ = චිත්තුප්පාදො ය. මෙය දේශනා ශීර්ෂයක්මය. යම් සේ වනාහි රජ ආවේය යැයි කී කල්හි අමාත්‍යාදීන්ගේ පැමිණීම කියන ලද්දේම වෙයි. මෙසේ චිත්තුප්පාදො යැයි කී කල්හි ඔවුන් හා සම්ප්‍රයුක්ත ධර්මයෝද කියන ලද්දෝම වෙත් යැයි සියලු තැන්හිම චිත්තෝත්පාද ග්‍රහණයෙන් සම්ප්‍රයුක්ත ධර්ම සහිත සිත ගන්නා ලදැයි දතයුතුයි. මින් පසුව චතුසු භූමීසු විපාකො යනාදී සියලුම තික දුක භාජනීය පදයන්ගේ අර්ථයන් වේදනාත්‍රිකාදීන්හි සුඛාදීන්ගේ අර්ථයන් නොකිවයුතු හෙයින් යට කියන ලද නයින්ම පාළියේ අර්ථය විමසා දතයුතුයි. විශේෂ මාත්‍රයක් පමණක්ම කියමි.

තත්‍ථ පරිත‍්තාරම‍්මණත‍්තිකෙ තාව සබ‍්බො කාමාවචරස‍්ස විපාකොති එත්‍ථ ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණානි චක‍්ඛුපසාදාදයො නිස‍්සාය නියමෙනෙව ඉට‍්ඨානිට‍්ඨාදිභෙදෙ රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බධම‍්මෙ ආරබ‍්භ පවත‍්තන‍්තීති පරිත‍්තාරම‍්මණානි. කුසලාකුසලවිපාකා පන ද‍්වෙ මනොධාතුයො හදයවත්‍ථුං නිස‍්සාය චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අනන‍්තරා නියමතො රූපාදීනෙව ආරබ‍්භ පවත‍්තන‍්තීති පරිත‍්තාරම‍්මණා. කුසලවිපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතා පඤ‍්චද‍්වාරෙ සන‍්තීරණවසෙන ඡසු ද‍්වාරෙසු තදාරම‍්මණවසෙනාති නියමතො රූපාදීනි ඡ පරිත‍්තාරම‍්මණානෙව ආරබ‍්භ පවත‍්තතීති පරිත‍්තාරම‍්මණා. කුසලාකුසලවිපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුද‍්වයං පඤ‍්චද‍්වාරෙ සන‍්තීරණවසෙන ඡසු ද‍්වාරෙසු තදාරම‍්මණවසෙන නියමතො රූපාදීනි ඡ පරිත‍්තාරම‍්මණානෙව ආරබ‍්භ පවත‍්තති. පටිසන්‍ධිවසෙන පවත‍්තමානම‍්පි පරිත‍්තං කම‍්මං කම‍්මනිමිත‍්තං ගතිනිමිත‍්තං වා ආරම‍්මණං කරොති, පවත‍්තියං භවඞ‍්ගවසෙන, පරියොසානෙ චුතිවසෙන පවත‍්තමානම‍්පි තදෙව ආරම‍්මණං කරොතීති පරිත‍්තාරම‍්මණං. අට‍්ඨ පන සහෙතුකවිපාකචිත‍්තුප‍්පාදා එත්‍ථ වුත‍්තනයෙනෙව තදාරම‍්මණවසෙන පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන ච පරිත‍්තධම‍්මෙයෙව ආරබ‍්භ පවත‍්තන‍්ති. කිරියමනොධාතු පඤ‍්චද‍්වාරෙ රූපාදීනි ආරබ‍්භ පවත‍්තති. සොමනස‍්සසහගතාහෙතුකකිරියමනොවිඤ‍්ඤාණධාතු ඡසු ද‍්වාරෙසු පච‍්චුප‍්පන‍්නෙ මනොද‍්වාරෙ අතීතානාගතෙපි පරිත‍්තෙ රූපාදිධම‍්මෙයෙව ආරබ‍්භ ඛීණාසවානං පහට‍්ඨාකාරං කුරුමානා පවත‍්තතීති පරිත‍්තාරම‍්මණා. එවමිමෙ පඤ‍්චවීසති චිත‍්තුප‍්පාදා එකන‍්තෙනෙව පරිත‍්තාරම‍්මණාති වෙදිතබ‍්බා.

එහි පරිත්තාරම්මණත්තිකයෙහි වනාහි සබ්බො කාමාවචරස්ස. විපාකො යනු මෙහි දෙපස් විඥානයෝ චක්‍ෂුප්‍රසාදාදීන් නිසා නියමයෙන්ම ඉෂ්ටා නිෂ්ටාදී භේද ඇති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් අරබයා පවතිත් යනු = පරිත්තාරම්මණ ය. කුශලාකුශල විපාක මනෝධාතු දෙක හදවත ඇසුරු කොට චක්‍ෂුර් විඥානාදීන්ට අනතුරුව නියමයෙන් රූපාදීන්ම අරබයා පවතී යනු = පරිත්තාරම්මණා ය. කුසලවිපාක අහේතුක මනෝවිඥාන ධාතුව හා සෝමනස්ස සහගතයෝ ද පංච ද්වාරයෙහි සන්තීරණ වශයෙන් ෂට් ද්වාරයන්හි තදාරම්මණ වශයෙන් යන නියමයෙන් රූපාදි සය පරිත්තාරම්මණයන්ම අරබයා පවතිත් යැයි = පරිත්තාරම්මණා ය. උපේක්‍ෂා සහගත කුශලාකුශල විපාක අහේතුක මනෝවිඥාන ධාතු දෙක පංච ද්වාරයෙහි සන්තීරණ වශයෙන් ෂට්ද්වාරයන්හි තදාරම්මණ වශයෙන් නියම හෙයින් රූපාදී පරිත්තාරම්මණ සය අරබයා පවතී. ප්‍රතිසන්ධි වශයෙන් පවත්නේ ද පරිත්ත කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණ කරයි. ප්‍රවෘත්තියෙහි භවංග වශයෙන් ද පර්යාවසානයෙහි චුති වශයෙන් පවත්නේ ද එයම අරමුණු කරයි යනු = පරිත්තාරම්මණං ය. සහේතුක විපාක චිත්තෝත්පාද අට වනාහි මෙහි කියන ලද නයින්ම තදාරම්මණ වශයෙන් ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන් ද පරිත්ත ධර්මයන්ම අරබයා පවතී. කිරිය මනෝධාතුව පංචද්වාරයෙහි රූපාදිය අරබයා පවතී. සොම්නස් සහගත අහේතුක කිරිය මනෝවිඥාන ධාතුව ෂට්ද්වාරයත් පවතිද්දී මනෝද්වාරයෙහි අතීතානාගතයන්හි ද පරිත්ත රූපාදී ධර්මයන්ම අරබයා ක්‍ෂීණාශ්‍රවයන්ට සතුටු ආකාරයක් කරමින් පවතී යන පරිත්තාරම්මණ ය. මෙපරිද්දෙන් පස්විසි චිත්තෝත්පාදයෝ ඒකාන්තයෙන්ම පරිත්තාරම්මණයෝ යැයි දතයුත්තාහ.

විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනධම‍්මා අත‍්තනො අත‍්තනො හෙට‍්ඨිමං සමාපත‍්තිං ආරබ‍්භ පවත‍්තනතො මහග‍්ගතාරම‍්මණා. එව මග‍්ගඵලධම‍්මා නිබ‍්බානාරම‍්මණත‍්තා අප‍්පමාණාරම‍්මණා.

විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ධර්මයෝ (තමාගේ) තමාගේ යටම සමවත අරබයා පවත්නා හෙයින් මහග්ගතාරම්මණා ය. මාර්ගඵල ධර්මයෝ නිර්වාණාරම්මණ හෙයින් අප්පමාණාරම්මණා ය.

කුසලතො චත‍්තාරො කිරියතො චත‍්තාරොති අට‍්ඨ ඤාණවිප‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා සෙක‍්ඛපුථුජ‍්ජනඛීණාසවානං අසක‍්කච‍්චදානපච‍්චවෙක‍්ඛණධම‍්මසවනාදීසු කාමාවචරධම‍්මෙ ආරබ‍්භ පවත‍්තිකාලෙ පරිත‍්තාරම‍්මණා. අතිපගුණානං පඨමජ‍්ඣානාදීනං පච‍්චවෙක‍්ඛණකාලෙ මහග‍්ගතාරම‍්මණා. කසිණනිමිත‍්තාදිපඤ‍්ඤත‍්තිපච‍්චවෙක‍්ඛණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණා. අකුසලතො චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා පඤ‍්චපණ‍්ණාසාය කාමාවචරධම‍්මානං ‘සත‍්තො සත‍්තො’ති පරාමසනඅස‍්සාදනාභිනන්‍දනකාලෙ පරිත‍්තාරම‍්මණා. තෙනෙවාකාරෙන සත‍්තවීසති මහග‍්ගතධම‍්මෙ ආරබ‍්භ පවත‍්තිකාලෙ මහග‍්ගතාරම‍්මණා. පණ‍්ණත‍්තිධම‍්මෙ ආරබ‍්භ පවත‍්තනකාලෙ සියා නවත‍්තබ‍්බාරම‍්මණා. දිට‍්ඨිවිප‍්පයුත‍්තානං තෙයෙව ධම‍්මෙ ආරබ‍්භ කෙවලං අස‍්සාදනාභිනන්‍දනවසෙන, පවත‍්තියං පටිඝසම‍්පයුත‍්තානං දොමනස‍්සවසෙන, විචිකිච‍්ඡාසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදස‍්ස අනිට‍්ඨඞ‍්ගතවසෙන, උද‍්ධච‍්චසහගතස‍්ස වික‍්ඛෙපවසෙන අවූපසමවසෙන ච පවත‍්තියං පරිත‍්තමහග‍්ගතනවත‍්තබ‍්බාරම‍්මණතා වෙදිතබ‍්බා. එතෙසු පන එකධම‍්මොපි අප‍්පමාණෙ ආරබ‍්භ පවත‍්තිතුං න සක‍්කොති, තස‍්මා න අප‍්පමාණාරම‍්මණා.

කුශල වශයෙන් සතරක් ද කිරිය වශයෙන් සතරක්දැයි ඥානවිප්‍රයුක්ත අසත්කෘත්‍යදාන ප්‍රත්‍යක්‍ෂණ ධර්මශ්‍රවණාදීන්හි කාමාවචර ධර්මයන් අරබයා පැවති කාලයෙහි පරිත්තාරම්මණා ය. ඒ කාරණයෙන්ම සප්තවීසති මහද්ගත ධම්මයන් අරබයා පැවති කාලයෙහි මහග්ගතාරම්මණා ය, අතිප්‍රගුණ ප්‍රථම ධ්‍යනාදීන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයේදී මහග්ගතරම්මණා ය. කසිණ නිමිත්තාදී ප්‍රඥප්ති ප්‍රත්‍යවේක්‍ෂණ කාලයෙහි නවත්තාබ්බාරම්මණා ය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සතර අකුශල චිත්තෝත්පාදයෝ පස්පනස් කාමාවචර ධර්මයන්ට සත්ත්වයාය සත්ත්වයා යැයි පරාමර්ශන ආස්වාදන අභිනන්‍දන කාලයෙහි පරිත්තාරම්මණා ය. එම ආකාරයෙන් සප්තවිංශති මහද්ගත ධර්මයන් අරබයා පවත්නා කාලයෙහි මහග්ගතාරම්මණා ය. ප්‍රඥප්ති ධර්මයන් අරබයා පවත්නා කාලයෙහි නවත්තබ්බාරම්මණා වන්නේය. දෘෂ්ටි විප්‍රයුක්තයන්ට එම ධර්මයන්ම අරබයා හුදෙක් ආස්වාදන අභිනන්දන වශයෙන් ද ප්‍රතිඝ සම්ප්‍රයුක්තයන්ගේ ප්‍රවෘත්තියෙහි දෝමනස්ස වශයෙන් ද විචිකිච්ඡා සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයට අනිට්ඨං ගත වශයෙන් ද උද්ධච්ච සහගතයාට වික්‍ෂේපන වශයෙන් ද වන්නේය. අවූපසම වශයෙන් පැවැත්මේදී ද පරිත්ත මහග්ගත නවත්තබ්බාරම්මණතාව දතයුතුයි.

කුසලතො චත‍්තාරො කිරියතො චත‍්තාරොති අට‍්ඨ ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා සෙක‍්ඛපුථුජ‍්ජනඛීණාසවානං සක‍්කච‍්චදානපච‍්චවෙක‍්ඛණධම‍්මසවනාදීසු යථාවුත‍්තප‍්පකාරෙ ධම‍්මෙ ආරබ‍්භ පවත‍්තිකාලෙ පරිත‍්තමහග‍්ගතනවත‍්තබ‍්බාරම‍්මණා හොන‍්ති. ගොත්‍රභුකාලෙ ලොකුත‍්තරධම‍්මෙ පච‍්චවෙක‍්ඛණකාලෙ ච නෙසං අප‍්පමාණාරම‍්මණතා වෙදිතබ‍්බා.

මොවුනතුරෙහි වනාහි එක් ධර්මයක්වත් අප්පමාණාරම්මණයන් අරබයා පවතින්නට නොහැකි වෙයි. එහෙයින් අප්පමාණාරම්මණ නොවෙයි. කුශල වශයෙන් සතරක් ද කිරිය වශයෙන් සතරක්දැයි ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද අටක් ශෛක්‍ෂ පෘථුග්ජන ක්‍ෂීණාශ්‍රවයන්ට සත්කෘත්‍යදාන ප්‍රත්‍යවේක්‍ෂණ ධර්මශ්‍රවණාදීන්හි උක්තප්‍රකාර ධර්මයන් අරබයා පවත්නා කාලයෙහි පරිත්ත මහග්ගත නවත්තබ්බාරම්මණයෝ වෙත්. ගෝත්‍රභූ කාලයෙහි වනාහි ලෝකෝත්තර ධර්මය ද ප්‍රත්‍යවේක්‍ෂණ කාලයෙහි ඔවුන්ගේ අප්පමාණාරම්මණතාව ද දතයුතුයි.

යං පනෙතං රූපාවචරචතුත්‍ථජ‍්ඣානං තං සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං ආකාසකසිණචතුත්‍ථං ආලොකකසිණචතුත්‍ථං බ්‍රහ‍්මවිහාරචතුත්‍ථං ආනාපානචතුත්‍ථං ඉද‍්ධිවිධචතුත්‍ථං දිබ‍්බසොතචතුත්‍ථං චෙතොපරියඤාණචතුත්‍ථං යථාකම‍්මුපගඤාණචතුත්‍ථං දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං අනාගතංසඤාණචතුත්‍ථන‍්ති කුසලතොපි කිරියතොපි ද‍්වාදසවිධං හොති.

යම් මේ රූපාවචර චතුර්ථ ධ්‍යානයක් වේද එය සර්වත්‍රපාදක චතුර්ථිය ආකාශකෘෂ්ණ චතුර්ථිය ආලෝක කෘෂ්ණ චතුර්ථිය බ්‍රහ්මවිහාර චතුර්ථිය ආනාපාන චතුර්ථිය සෘද්ධිවිධ චතුර්ථිය දිව්‍යශ්‍රෝත චතුර්ථිය චේතෝපර්යඥාන චතුර්ථිය යථාකර්මූපගත ඥාන චතුර්ථිය දිව්‍යඤ්චක්‍ෂුරහි ඥාන චතුර්ථිය පූර්වේනිවාසඥාන චතුර්ථිය අනාගතඥාන චතුර්ථිය යැයි කුශල වශයෙන් ද ක්‍රියා වශයෙන් ද ද්වාදශවිධ වේ.

තත්‍ථ ‘සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං’ නාම අට‍්ඨසු කසිණෙසු චතුත්‍ථජ‍්ඣානං. තඤ‍්හි විපස‍්සනායපි පාදකං හොති, අභිඤ‍්ඤානම‍්පි, නිරොධස‍්සාපි, වට‍්ටස‍්සාපි පාදකං හොතියෙවාති සබ‍්බත්‍ථපාදකන‍්ති වුත‍්තං. ‘ආකාසකසිණආලොකකසිණචතුත්‍ථානි’ පන විපස‍්සනායපි අභිඤ‍්ඤානම‍්පි වට‍්ටස‍්සාපි පාදකානි හොන‍්ති, නිරොධපාදකානෙව න හොන‍්ති. ‘බ්‍රහ‍්මවිහාරආනාපානචතුත්‍ථානි’ විපස‍්සනාය චෙව වට‍්ටස‍්ස ච පාදකානි හොන‍්ති, අභිඤ‍්ඤානං පන නිරොධස‍්ස ච පාදකානි න හොන‍්ති. තත්‍ථ දසවිධම‍්පි කසිණජ‍්ඣානං කසිණපණ‍්ණත‍්තිං ආරබ‍්භ පවත‍්තත‍්තා, බ්‍රහ‍්මවිහාරචතුත්‍ථං සත‍්තපණ‍්ණත‍්තිං ආරබ‍්භ පවත‍්තත‍්තා, ආනාපානචතුත්‍ථං නිමිත‍්තං ආරබ‍්භ පවත‍්තත‍්තා පරිත‍්තාදිවසෙන නවත‍්තබ‍්බධම‍්මාරම‍්මණතො නවත‍්තබ‍්බාරම‍්මණං නාම හොති.

එහි සර්වත්‍රපාදක චතුර්ථි ධ්‍යානය නම් අටවැදෑරුම් කසිණයන්හි චතුර්ථි ධ්‍යානයයි. එය වනාහි විදර්ශනාවට ද පාදක වේ. එය අභිඥාවන්ට ද නිරෝධයට ද වෘත්තයට ද පාදක වේ ම යැයි සර්වත්‍රපාදක යැයි කියන ලදී. ආකාශ කසිණ ආලෝක කසිණ චතුර්ථයෝ වනාහි විදර්ශනාවට ද අභිඥාවන්ට ද වෘත්තයට ද පාදක වෙත්. නිරෝධ පාදකයෝ නම් (නො) වෙත්. බ්‍රහ්මවිහාර ආනාපාන චතුර්ථය විදර්ශනාවට මෙන්ම වෘත්තයට ද පාදක වෙත්. අභිඥානයන්ට මෙන්ම නිරෝධයටත් පාදක නොවෙත්. එහි දශවිධ වූ ම කසිණ ධ්‍යාන කසිණ ප්‍රඥප්තිය අරබයා පවත්නා හෙයින් ද, බ්‍රහ්මවිහාර චතුර්ථිය සත්‍ව ප්‍රඥප්තිය අරබයා පවත්නා හෙයින් ද, ආනාපාන චතුර්ථිය නිමිත්ත අරබයා පවත්නා හෙයින් ද, පරිත්තනාදී වශයෙන් නොකිය යුතු ධර්ම අරමුණු කොට ඇති හෙයින් නවත්තබ්බාරම්මණ නම් වෙයි.

‘ඉද‍්ධිවිධචතුත්‍ථං’ පරිත‍්තමහග‍්ගතාරම‍්මණං හොති. කථං? තඤ‍්හි යදා කායං චිත‍්තසන‍්නිස‍්සිතං කත්‍වා අදිස‍්සමානෙන කායෙන ගන‍්තුකාමො චිත‍්තවසෙන කායං පරිණාමෙති, මහග‍්ගතචිත‍්තෙ සමොදහති, සමාරොපෙති, තදා උපයොගලද‍්ධං ආරම‍්මණං හොතීති කත්‍වා රූපකායාරම‍්මණතො පරිත‍්තාරම‍්මණං හොති. යදා චිත‍්තං කායසන‍්නිස‍්සිතං කත්‍වා දිස‍්සමානෙන කායෙන ගන‍්තුකාමො කායවසෙන චිත‍්තං පරිණාමෙති, පාදකජ‍්ඣානචිත‍්තං රූපකායෙ සමොදහති, සමාරොපෙති, තදා උපයොගලද‍්ධං ආරම‍්මණං හොතීති කත්‍වා මහග‍්ගතචිත‍්තාරම‍්මණතො මහග‍්ගතාරම‍්මණං හොති.

ඍද්ධි චතුර්ථිය පරිත්ත මහග්ගතාරම්මණ වෙයි. කෙසේ ද? එය වනාහි යම් අවස්ථාවෙක කය චිත්ත සන්නිශ්‍රිත කොට අදෘශ්‍යමාන කයින් යනු කැමැත්තේ වේද චිත්ත වශයෙන් කය වෙනස් කරයි. මහද්ගත සිතෙහි ඇතුළත් කරයි ද ආරෝපණය කරයි ද, එකල්හි උපයෝගයෙන් ලද්ද අරමුණ වේයැයි කොට රූපකායාරම්මණයෙන් පරිත්තාරම්මණ වෙයි. යම්කලෙක සිත කාය සන්නිශ්‍රිත කොට දෘශ්‍යමාන කයින් යනු කැමැත්තේ වේ ද, කාය වශයෙන් සිත වෙනස් කරයි. පාදක ධ්‍යාන සිත රූපකායෙහි ඇතුළත් කරයි. ආරෝපණය කරයි. එකල්හි උපයෝගයෙන් ලද අරමුණු වේයැයි කොට මහග්ගත චිත්තාරම්මණයෙන් මහග්ගතාරම්මණය වෙයි.

‘දිබ‍්බසොතචතුත්‍ථං’ සද‍්දං ආරබ‍්භ පවත‍්තත‍්තා එකන‍්තපරිත‍්තාරම‍්මණමෙව. ‘චෙතොපරියඤාණචතුත්‍ථං’ පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණාරම‍්මණං හොති. කථං? තඤ‍්හි පරෙසං කාමාවචරචිත‍්තජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති, රූපාවචරාරූපාවචරචිත‍්තජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං, මග‍්ගඵලජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං හොති. එත්‍ථ ච පුථුජ‍්ජනො සොතාපන‍්නස‍්ස චිත‍්තං න ජානාති, සොතාපන‍්නො වා සකදාගාමිස‍්සාති එවං යාව අරහතො නෙතබ‍්බං. අරහා පන සබ‍්බෙසං චිත‍්තං ජානාති. අඤ‍්ඤොපි ච උපරිමො හෙට‍්ඨිමස‍්සාති අයං විසෙසො වෙදිතබ‍්බො. ‘යථාකම‍්මුපගඤාණචතුත්‍ථං’ කාමාවචරකම‍්මජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති, රූපාවචරාරූපාවචරකම‍්මජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං.

දිව්‍යාග්‍රෝත චතුර්ථය ශබ්දය අරබයා පවත්නා හෙයින් ඒකාන්ත පරිත්තාරම්මණමය. චේතෝපර්යාය ඥාන චතුත්‍ථය පරිත්ත මහග්ගත අප්පමාණ අරමුණු වෙයි. කෙසේ ද? එය වනාහි අන්‍යයන්ගේ කාමාවචර සිත් දැනගන්නා කාලයෙහි පරිත්තාරම්මණ වේ. එසේම රූපාවචර අරූපාවචර සිත් දැනගන්නා කාලයෙහි මහග්ගතාරම්මණ වෙයි. මාර්ගඵල දැනගන්නා කාලයෙහි අප්පමාණාරම්මණ වෙයි. මෙහිද පෘථග්ජන තෙමේ සෝතාපන්නයාගේ සිත නොදනී. සෝතාපන්නයා ද සකෘදාගාමියාගේ දැයි මෙසේ රහතන් වහන්සේ තෙක් පැමිණවිය යුතුයි. රහතන් වහන්සේ වනාහි සියල්ලන්ගේම සිත් දැනගනිති. අන්‍ය වූ ද උපරිමයා හෙට්ඨිමයාගේ යැයි මේ විශේෂය දතයුතුයි. යථා කම්මූපගඥාන චතුර්ථිය කාමාවචර කර්ම ජානන කාලයෙහි පරිත්තාරම්මණය වේ. රූපාවචර අරූපාවචර කර්ම ජානන කාලයෙහි මහග්ගතාරම්මණ වේ.

‘දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං’ රූපාරම‍්මණත‍්තා එකන‍්තපරිත‍්තාරම‍්මණමෙව. ‘පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං’ පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණනවත‍්තබ‍්බාරම‍්මණං හොති. කථං? තඤ‍්හි කාමාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. රූපාවචරාරූපාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ මහග‍්ගතාරම‍්මණං. අතීතෙ අත‍්තනා වා පරෙහි වා භාවිතමග‍්ගං සච‍්ඡිකතඵලඤ‍්ච අනුස‍්සරණකාලෙ අප‍්පමාණාරම‍්මණං. අතීතෙ බුද‍්ධා මග‍්ගං භාවයිංසු, ඵලං සච‍්ඡාකංසු, නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායිංසූති ඡින‍්නවටුමකානුස‍්සරණවසෙන මග‍්ගඵලනිබ‍්බානපච‍්චවෙක‍්ඛණතොපි අප‍්පමාණාරම‍්මණං. අතීතෙ ‘විපස‍්සී නාම භගවා’ අහොසි . තස‍්ස ‘බන්‍ධුමතී නාම නගරං අහොසි, බන්‍ධුමා නාම රාජා පිතා, බන්‍ධුමතී නාම මාතා’තිආදිනා නයෙන නාමගොත‍්තපථවීනිමිත‍්තාදිඅනුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං හොති.

දිව්‍යචක්‍ඛු ඤාණ චතුර්ථිය රූපාරම්මණ හෙයින් ඒකාන්ත පරිත්තාරම්මණයමය. පූර්වේනිවාසානුස්මෘති ඥාන චතුර්ථිය පරිත්ත මහග්ගත අප්‍රමාණ නවත්තව්‍යාරම්මණ වෙයි. කෙසේ ද? එය වනාහි කාමාවචර ස්කන්‍ධ අනුස්මරණ කාලයෙහි පරිත්තාරම්මණ වෙයි. රූපාවචර අරූපාවචර ස්කන්‍ධ අනුස්මරණ කාලයෙහි පරිත්තාරම්මණ වෙයි. රූපාවචර අරූපාවචර ස්කන්‍ධ අනුස්මරණ කාලයෙහි මහග්ගතාරම්මණය, අතීතයෙහි තමා විසින් හෝ අන්‍යයන් විසින් හෝ වඩනා ලද මාර්ගය ද සාක්‍ෂාත් කරන ලද ඵලය ද අනුස්මරණය කරන කාලයෙහි අප්‍රමාණාරම්මණය, අතීතයෙහි බුදුවරු මාර්ගය වැඩූහ. ඵලය සාක්‍ෂාත් කළහ. පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියහයි සිඳින ලද (සංසාර) මාර්ගය ඇති අය සිහිකිරීම් වශයෙන් මාර්ගඵල නිර්වාණ ධර්මයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ද අප්‍රමාණාරම්මණය. අතීතයෙහි විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ වූහ. උන්වහන්සේට බන්‍ධුමතී නම් නුවරක් විය. පියා බන්‍ධුමතී රජය. මෑණියෝ බන්‍ධුමතී නම් වූහ යනාදී නයින් නාම ගෝත්‍ර පෘථුවි නිමිති ආදිය අනුස්මරණ කාලයෙහි නවත්තබ්බාරම්මණ වෙයි.

‘අනාගතංසඤාණචතුත්‍ථෙ’පි එසෙව නයො. තම‍්පි අයං අනාගතෙ ‘කාමාවචරෙ නිබ‍්බත‍්තිස‍්සතී’ති ජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. ‘රූපාවචරෙ වා අරූපාවචරෙ වා නිබ‍්බත‍්තිස‍්සතී’ති ජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං. ‘මග‍්ගං භාවෙස‍්සති ඵලං සච‍්ඡිකරිස‍්සති’ ‘නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායිස‍්සතී’ති ජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං. අනාගතෙ “මෙත‍්තෙය්‍යො නාම භගවා උප‍්පජ‍්ජිස‍්සති, සුබ්‍රහ‍්මා නාමස‍්ස බ්‍රාහ‍්මණො පිතා භවිස‍්සති, බ්‍රහ‍්මවතී නාම බ්‍රාහ‍්මණී මාතා භවිස‍්සතී”තිආදිනා නයෙන නාමගොත‍්තජානනකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං හොති.

අනාගතංසඥාන චතුර්ථයෙහි ද මේ නයමය. එය වනාහි මේ තෙමේ අනාගතයේ දී කාමාවචරයේ උපදින්නේ යැයි දැනගන්නා කාලයේ දී පරිත්තාරම්මණ වෙයි. රූපාවචරයෙහි හෝ අරූපාවචරයෙහි උපදී යැයි දැනගන්නා කාලයේ දී මහග්ගතාරම්මණය, මාර්ගය වඩන්නේ ඵලය සාක්‍ෂාත් කරන්නේය. නිර්වාණ ධාතුවෙහි පිරිනිවන් පාන්නේ යැයි දැනගන්නා කාලයේදී අප්‍රමාණාරම්මණය. අනාගතයෙහි මෛත්‍රීය නම් භාග්‍යවතුන් වහන්සේ උපදනා සේක. උන්වහන්සේගේ පියා සුබ්‍රහ්ම නම් බමුණෙක් වන්නේ මව බ්‍රහ්මවතී නම් බැමිණියක් වන්නේ යැයි ආදී නයින් නාමගෝත්‍ර දැනගන්නා කාලයේ දී නවත්තබ්බාරම්මණ වෙයි.

අරූපාවචරචතුත්‍ථං පන ආසවානං ඛයචතුත්‍ථඤ‍්ච පාළියං ආගතට‍්ඨානෙයෙව කථෙස‍්සාමි. කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතා සබ‍්බෙසම‍්පි එතෙසං කුසලාකුසලකිරියචිත‍්තානං පුරෙචාරිකා. තස‍්සා තෙසු වුත‍්තනයෙනෙව ආරම‍්මණභෙදො වෙදිතබ‍්බො. පඤ‍්චද‍්වාරෙ පන වොට‍්ඨබ‍්බනවසෙන පවත‍්තියං එකන‍්තපරිත‍්තාරම‍්මණාව හොති. රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානාදීනි පරිත‍්තාදිභාවෙන නවත‍්තබ‍්බධම‍්මං ආරබ‍්භ පවත‍්තිතො නවත‍්තබ‍්බාරම‍්මණානි. එත්‍ථ හි රූපාවචරානි පථවීකසිණාදීසු පවත‍්තන‍්ති, ආකාසානඤ‍්චායතනං උග‍්ඝාටිමාකාසෙ, ආකිඤ‍්චඤ‍්ඤායතනං විඤ‍්ඤාණාපගමෙති.

අරූපාවචර චතුර්ථය හා ආශ්‍රවක්‍ෂ චතුර්ථය ද පාළියෙහි පැමිණි පැමිණි තැන්වලම කියනු ලැබේ. උපේක්‍ෂා සහගත ක්‍රියා හේතු මනෝවිඥාන ධාතුව මෙකී සියලුම කුශලාකුශල ක්‍රියා චිත්තයන්ට පුරේචාරිකය. එහි ආරම්මණ භේදය ඒ තැන්වල කියන ලද නයින්ම දතයුතුයි. පංචද්වාරයෙහි වොත්‍ථපන වශයෙන් පැවැත්වීමේදී වනාහි ඒකාන්ත පරිත්තාරම්මණම වෙයි. රූපාවචක ත්‍රික චතුෂ්ක ධ්‍යානාදිය පරිත්තාරම්මණ බැවින් නවක්තවා ධර්මය අරබයා පවත්නා හෙයින් නවත්තාරම්මණය. එහි වනාහි රූපාවචරයෝ පෘථුවි කසිණාදීන්හි පවතිත්. ආකාසානාඤ්චායතනය හා උද්ඝාටිත ආකාශයෙහි ආකිඤ්චඤ්ඤායතනය විඥානාපගමයෙහිය.

මග‍්ගාරම‍්මණත‍්තිකෙ ආදිම‍්හි වුත‍්තා අට‍්ඨ ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා සෙක‍්ඛාසෙක‍්ඛානං අත‍්තනා පටිවිද‍්ධමග‍්ගානං පච‍්චවෙක‍්ඛණකාලෙ මග‍්ගාරම‍්මණා, මග‍්ගෙන පන අසහජාතත‍්තා න මග‍්ගහෙතුකා, අත‍්තනා පටිවිද‍්ධමග‍්ගං ගරුං කත්‍වා පච‍්චවෙක‍්ඛණකාලෙ ආරම‍්මණාධිපතිවසෙන මග‍්ගාධිපතිනො, අඤ‍්ඤධම‍්මාරම‍්මණකාලෙ න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාතිපි මග‍්ගාධිපතිනොතිපි. චත‍්තාරො අරියමග‍්ගා මග‍්ගසඞ‍්ඛාතස‍්ස මග‍්ගසම‍්පයුත‍්තස‍්ස වා හෙතුනො අත්‍ථිතාය එකන‍්තතො මග‍්ගහෙතුකාව. වීරියං පන වීමංසං වා ජෙට‍්ඨකං කත්‍වා මග‍්ගභාවනාකාලෙ සහජාතාධිපතිනා සියා මග‍්ගාධිපතිනො, ඡන්‍දචිත‍්තානං අඤ‍්ඤතරජෙට‍්ඨකකාලෙ සියා න වත‍්තබ‍්බා මග‍්ගාධිපතිනොති.

මාර්ගාරම්මණාත්‍රිකයෙහි ආදියෙහි කියන ලද ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද අට ශෛක්‍ෂයින්ට තමා විසින් ප්‍රතිවේධ කරන ලද මාර්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි මාර්ගාරම්මණය, මාර්ගය සමග සහජාත නොවන හෙයින් මාර්ගහේතුක නොවේ. තමා විසින් ප්‍රතිවේධ කරන ලද මාර්ගය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි ආරම්මණාධිපති වශයෙන් ද අන්‍යධර්ම අරමුණු කරන කාලයෙහි නවත්තබ්බයෝ මාර්ගාරම්මණ යැයි මාර්ගාධිපති යැයි වෙත්. සතර ආර්යමාර්ගයෝ මාර්ගසංඛ්‍යාත මාර්ග සම්ප්‍රයුක්තය හෝ හේතුව ඇති බැවින් ඒකාන්තයෙන් මාර්ග හේතුකයෝය. වීර්යය වනාහි වීමංසාව ජ්‍යෙෂ්ඨ කොටගෙන මාර්ගභාවනා කාලයෙහි සහජාතාධිපති මාර්ගාධිපති වන්නේය. නො ඡන්‍ද චිත්තයන්ගෙන් අන්‍යතරයෙකු ජ්‍යෙෂ්ඨ කාලයෙහි මාර්ගාධිපතීහු යැයි නොකිය යුතුයි.

ද‍්වාදසවිධෙ රූපාවචරචතුත්‍ථජ‍්ඣානෙ සබ‍්බත්‍ථපාදකචතුත්‍ථාදීනි නව ඣානානි නෙව මග‍්ගාරම‍්මණානි න මග‍්ගහෙතුකානි න මග‍්ගාධිපතීනි. චෙතොපරියඤාණපුබ‍්බෙනිවාසඤාණඅනාගතංසඤාණචතුත්‍ථානි පන අරියානං මග‍්ගචිත‍්තජානනකාලෙ මග‍්ගාරම‍්මණානි හොන‍්ති, මග‍්ගෙන පන අසහජාතත‍්තා න මග‍්ගහෙතුකානි, මග‍්ගං ගරුං කත්‍වා අප‍්පවත‍්තිතො න මග‍්ගාධිපතීනි. කස‍්මා පනෙතානි න මග‍්ගං ගරුං කරොන‍්තීති? අත‍්තනො මහග‍්ගතතාය. යථා හි රාජානං සබ‍්බො ලොකො ගරුං කරොති, මාතාපිතරො පන න කරොන‍්ති. න හි තෙ රාජානං දිස‍්වා ආසනා වුට‍්ඨහන‍්ති, න අඤ‍්ජලිකම‍්මාදීනි කරොන‍්ති, දහරකාලෙ වොහරිතනයෙනෙව වොහරන‍්ති. එවමෙතානිපි අත‍්තනො මහග‍්ගතතාය න මග‍්ගං ගරුං කරොන‍්ති.

ද්වාදශවිධ රූපාවචර චතුර්ථ ධ්‍යානයෙහි සර්වත්‍රපාදක චතුර්ථ ධ්‍යානාදී නව ධ්‍යාන මාර්ගාරම්මණ ද නොවේ. මාර්ගහේතුක ද නොවේ. මාර්ගාධිපති ද නොවේ. චේතෝපර්යා ඥානය පූර්වේනිවාසානුස්මෘති ඥානය අනාගතංශ ඥාන චතුර්ථය යන මොව්හු වනාහි ආර්යයන්ගේ මාර්ග චිත්ත විජානන කාලයෙහි මාර්ගාරම්මණයෝ වෙත්. මාර්ගය සමග සහජාත නොවූ හෙයින් වනාහි මාර්ගහේතුක නොවෙත්. මාර්ගය ගරුකොට නො පවත්නා හෙයින් මාර්ගාධිපති ද නොවෙත් යනුයි. මොව්හු වනාහි කවර හෙයින් මාර්ග ගරු නො කරත් ද? තමා මහත්ගත හෙයිනි. යම්සේ වනාහි මුළු ලෝකයා රජු ගරු කරයි. මව්පියෝ වනාහි ගරු නො කරත්. ඔව්හු රජු දැක අසුනෙන් නො නැඟිටිත්. ඇඳිලි බැඳීම් ආදිය නො කරත්. ළදරු කාලයෙහි ව්‍යවහාර කළ නයින්ම ව්‍යවහාර කරති. මෙසේ මොවුහු ද තමාගේ මහත්ගත භාවයෙන් ගරු නො කරත්.

කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුපි අරියානං මග‍්ගපච‍්චවෙක‍්ඛණකාලෙ පච‍්චවෙක‍්ඛණපුරෙචාරිකත‍්තා මග‍්ගාරම‍්මණා හොති, මග‍්ගෙන අසහජාතත‍්තා පන න මග‍්ගහෙතුකා, මග‍්ගං ගරුං කත්‍වා අප‍්පවත‍්තිතො න මග‍්ගාධිපති. කස‍්මා ගරුං න කරොතීති? අත‍්තනො අහෙතුකතාය හීනතාය ජළතාය. යථා හි රාජානං සබ‍්බො ලොකො ගරුං කරොති, අත‍්තනො පරිජනා පන ඛුජ‍්ජවාමනකචෙටකාදයො අත‍්තනො අඤ‍්ඤාණතාය පණ‍්ඩිතමනුස‍්සා විය නාතිගරුං කරොන‍්ති, එවමෙව ඉදම‍්පි චිත‍්තං අත‍්තනො අහෙතුකතාය හීනතාය ජළතාය මග‍්ගං ගරුං න කරොති.

ක්‍රියාහේතුක මනෝ විඥාන ධාතුව ද ආර්යයන් මාර්ගප්‍රත්‍යවේක්‍ෂණ කරන කාලයෙහි ප්‍රත්‍යවේක්‍ෂණා පුරේචාරික හෙයින් මාර්ගාරම්මණ වෙයි. මාර්ගය හා සහජාත නොවන හෙයින් වනාහි මාර්ග හේතුක නොවෙයි. මාර්ගය ගරුකොට නො පවත්නා හෙයින් මාර්ගාධිපති නොවේ. කවර හෙයින් ගරු නො කරයි ද, තමා අහේතුක බැවිනි. හීන බැවිනි. ජඩ බැවිනි. යම් සේ වනාහි රජුට මුළු ලෝකයා ගරු කරයි ද, තමාගේ පිරිවර ජනයා වූ කුදු වාමනක චේටකාදීහු තමාගේ අඥාන භාවයෙන් පණ්ඩිත මිනිසුන් මෙන් ඉතා ගරු නො කරත්. මෙපරිද්දෙන් මේ සිත ද තමා අහේතුක බැවින් ද හීන බැවින් ද ජඩ බැවින් ද මාර්ගයට ගරු නො කරයි.

ඤාණවිප‍්පයුත‍්තකුසලාදීනි ඤාණාභාවෙන චෙව ලොකියධම‍්මාරම‍්මණතාය ච මග‍්ගාරම‍්මණාදිභාවං න ලභන‍්ති, නවත‍්තබ‍්බාරම‍්මණානෙව හොන‍්තීති වෙදිතබ‍්බානීති.

ඥාන විප්‍රයුක්ත කුශලාදිය ඥානාභාවයෙන් මෙන්ම ලෞකික ධර්මාරම්මණතාවෙන් ද මාර්ගාරම්මණාදිභාවය නොලබයි. න වක්තව්‍යාරම්මණම වේයැයි දතයුතුයි යනුයි.

අතීතාරම‍්මණත‍්තිකෙ විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනධම‍්මා හෙට‍්ඨා අතීතසමාපත‍්තිං ආරබ‍්භ පවත‍්තිතා එකන‍්තෙන අතීතාරම‍්මණාව.

අතීතාරම්මණත්‍රිකයෙහි විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ධර්මයෝ යට අතීත සමාපත්තිය අරබයා පවත්වා හෙයින් ඒකාන්තයෙන්ම අතීතාරම්මණයෝමය.

නියොගා අනාගතාරම‍්මණා නත්‍ථීති නියමෙන පාටියෙක‍්කං චිත‍්තං අනාගතාරම‍්මණං නාම නත්‍ථි. නනු ච අනාගතංසඤාණං එකන‍්තෙන අනාගතාරම‍්මණං, චෙතොපරියඤාණම‍්පි අනාගතං ආරබ‍්භ පවත‍්තතීති? නො න පවත‍්තති. පාටියෙක‍්කං පන එතං එකං චිත‍්තං නාම නත්‍ථි. රූපාවචරචතුත්‍ථජ‍්ඣානෙන සඞ‍්ගහිතත‍්තා අඤ‍්ඤෙහි මහග‍්ගතචිත‍්තෙහි මිස‍්සකං හොති. තෙන වුත‍්තං ‘නියොගා අනාගතාරම‍්මණා නත්‍ථී’ති.

නියෝග අනාගත අරමුණු නැත යනු නියමවෙත් වෙන්වුණු අනාගතාරම්මණ සිතක් නම් නැත. අනාගතංශඥානයත් ඒකාන්තයෙන්ම අනාගතය අරමුණු කරගත් චේතෝපරියාය ඤාණයත් අනාගතය අරබයා පවත්නේ වේද, නො පවත්නේ නොවේ. මෙය වනාහි වෙනම එක් සිතක් නම් නැත. රූපාවචර චතුර්ථ ධ්‍යානය සමග සංගෘහීත බැවින් අන්‍ය මහත්ගත සිත් සමග මිශ්‍ර වෙයි. එහෙයින් මෙසේ කියන ලදී. ‘නියෝගා අනාගතාරම්මණා නත්‍ථි’ යනුයි.

ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණානි, තිස‍්සො මනොධාතුයො ච පච‍්චුප‍්පන‍්නෙසු රූපාදීසු පවත‍්තිතො පච‍්චුප‍්පන‍්නාරම‍්මණා නාම. දස චිත‍්තුප‍්පාදාති එත්‍ථ අට‍්ඨ තාව සහෙතුකා දෙවමනුස‍්සානං පටිසන්‍ධිග‍්ගහණකාලෙ කම‍්මං වා කම‍්මනිමිත‍්තං වා ආරබ‍්භ පවත‍්තියං අතීතාරම‍්මණා. භවඞ‍්ගචුතිකාලෙසුපි එසෙව නයො. ගතිනිමිත‍්තං පන ආරබ‍්භ පටිසන්‍ධිග‍්ගහණකාලෙ තතො පරං භවඞ‍්ගකාලෙ ච පච‍්චුප‍්පන‍්නාරම‍්මණා. තථා පඤ‍්චද‍්වාරෙ තදාරම‍්මණවසෙන පවත‍්තියං. මනොද‍්වාරෙ පන අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණානං ජවනානං ආරම‍්මණං ගහෙත්‍වා පවත‍්තිතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණා. ‘කුසලවිපාකාහෙතුකඋපෙක‍්ඛාසහගතමනොවිඤ‍්ඤාණධාතුය’ම‍්පි එසෙව නයො. කෙවලඤ‍්හි සා මනුස‍්සෙසු ජච‍්චන්‍ධාදීනං පටිසන්‍ධි හොති. පඤ‍්චද‍්වාරෙ ච සන‍්තීරණවසෙනාපි පච‍්චුප‍්පන‍්නාරම‍්මණා හොතීති අයමෙත්‍ථ විසෙසො. ‘සොමනස‍්සසහගතා’ පන පඤ‍්චද‍්වාරෙ සන‍්තීරණවසෙන තදාරම‍්මණවසෙන ච පච‍්චුප‍්පන‍්නාරම‍්මණා හොති. මනොද‍්වාරෙ තදාරම‍්මණවසෙන සහෙතුකවිපාකා විය අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණාති වෙදිතබ‍්බා.

දෙපස් විඤ්ඤාණ ද මනෝධාතු තුන ද වර්තමාන රූපාදියෙහි පවත්නා හෙයින් පච්චුපන්නාරම්මණ නමි. දස චිත්තුප්පාදා යන මෙහි සහේතුක අට වනාහි දෙවි මිනිසුන්ගේ පිළිසිඳ ගන්නා කාලයෙහි කර්මය හෝ කර්ම නිමිත්ත අරබයා පැවැත්මේදී අතීතාරම්මණාය, භවංග චුති කාලයන්හි ද මේ නයමය. ගති නිමිත්ත අරබයා පිළිසිඳ ගන්නා කාලයෙහි ද ඉන් පසුව භවංග කාලයෙහි ද පච්චුපන්නාරම්මණය, පංච ද්වාරයෙහි තදාරම්මණ වශයෙන් පැවැත්වේදී ද එසේමය. මනෝද්වාරයෙහි වනාහි අතීත, අනාගත පච්චුප්පන්නාරම්මණ ජවනයන්ට අරමුණ පැවැත්මෙන් අතීතානාගත පච්චුප්පන්නාරම්මණය, කුසලවිපාක අහේතුක උපේක්‍ෂා සහගත මනෝවිඥාන ධාතුවෙහි ද මේ නයමය. එය වනාහි හුදෙක් මනුෂ්‍යයන් අතුරෙහි ජාත්‍යන්‍ධාදීන්ට ප්‍රතිසන්ධිය වෙයි. පංචද්වාරයෙහි ද සන්තීරණ වශයෙන් ද ප්‍රත්‍යුත්පන්නාරම්මණ වේ යන මෙය මෙහි විශේෂයයි. සෝමනස්ස සහගතයෝ වනාහි පංචද්වාරයෙහි සන්තීරණ වශයෙන් ද තදාරම්මණ වශයෙන් ද පච්චුප්පන්නාරම්මණ වෙත්. මනෝද්වාරයෙහි තදාරම්මණ වශයෙන් සහේතුක විපාකයන් මෙන් අතීතානාගත පච්චුප්පන්නාරම්මණ යැයි දතයුතුයි.

‘අකුසලවිපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු’ පන කුසලවිපාකාය උපෙක‍්ඛාසහගතාහෙතුකාය සමානගතිකා එව. කෙවලඤ‍්හි සා ආපායිකානං පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන පවත‍්තතීති අයමෙත්‍ථ විසෙසො. ‘කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු’ සොමනස‍්සසහගතා ඛීණාසවානං පඤ‍්චද‍්වාරෙ පහට‍්ඨාකාරං කුරුමානා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා හොති. මනොද‍්වාරෙ අතීතාදිභෙදෙ ධම‍්මෙ ආරබ‍්භ හසිතුප‍්පාදවසෙන පවත‍්තියං අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණා හොති.

අකුශල විපාක හේතුක මනෝවිඥාන ධාතුව වනාහි කුශල විපාක උපේක්‍ෂා සහගත අහේතුකයට සමාන ගතිකමය. හුදෙක් එය වනාහි ආපායිකයන්ට ප්‍රතිසන්ධි භවංග ච්‍යුති වශයෙන් පවතී යනු මෙහි විශේෂයයි. සෝමනස්ස සහගත ක්‍රියා හේතුක මනෝවිඥාන ධාතුව ක්‍ෂීණාශ්‍රවයන්ට පංචද්වාරයෙහි ප්‍රහර්ෂා කාරයක් කරමින් ප්‍රත්‍යුත්පන්නාරම්මණ වෙයි. මනෝද්වාරයෙහි අතීතාදී භේද ඇති ධර්මයන් අරබයා හසිතෝත්පාද වශයෙන් පැවැත්මේදී අතීතානාගත ප්‍රත්‍යුත්පන්නාරම්මණ වෙයි.

කාමාවචරකුසලන‍්තිආදීසු කුසලතො තාව චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා. සෙක‍්ඛපුථුජ‍්ජනානං අතීතාදිභෙදානි ඛන්‍ධධාතුආයතනානි සම‍්මසන‍්තානං පච‍්චවෙක‍්ඛන‍්තානං අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණා හොන‍්ති. පණ‍්ණත‍්තිනිබ‍්බානපච‍්චවෙක‍්ඛණෙ නවත‍්තබ‍්බාරම‍්මණා. ඤාණවිප‍්පයුත‍්තෙසුපි එසෙව නයො. කෙවලඤ‍්හි තෙහි මග‍්ගඵලනිබ‍්බානපච‍්චවෙක‍්ඛණා නත්‍ථි. අයමෙවෙත්‍ථ විසෙසො.

කාමාවචර කුසලං යන ආදීන්හි කුශල වශයෙන් වනාහි අඥාන සම්ප්‍රයුක්ත සතර චිත්තෝත්පාදයෝ අතීතාදි භේද ඇති ස්කන්‍ධ ධාතු ආයතන සම්මර්ශනය කරන ප්‍රත්‍යවේක්‍ෂා කරන ශෛක්‍ෂ පෘථග්ජනයින්ට අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ආරම්මණයෝ වෙත්. ප්‍රඥප්ති නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණයෙහි න වත්තබ්බාරම්මණයෝ වෙත්. ඥාන විප්‍රයුක්තයන්හිද මේ නයමය. හුදෙක් ඔවුන්ට වනාහි මාර්ගඵල නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණ නැත. මෙහි විශේෂය මෙයමය.

අකුසලතො චත‍්තාරො දිට‍්ඨිසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා අතීතාදිභෙදානං ඛන්‍ධධාතුආයතනානං අස‍්සාදනාභිනන්‍දනපරාමාසකාලෙ අතීතාදිආරම‍්මණා හොන‍්ති. පණ‍්ණත‍්තිං ආරබ‍්භ අස‍්සාදෙන‍්තස‍්ස අභිනන්‍දන‍්තස‍්ස ‘සත‍්තො සත‍්තො’ති පරාමසිත්‍වා ගණ‍්හන‍්තස‍්ස නවත‍්තබ‍්බාරම‍්මණා හොන‍්ති. දිට‍්ඨිවිප‍්පයුත‍්තෙසුපි එසෙව නයො. කෙවලඤ‍්හි තෙහි පරාමාසග‍්ගහණං නත්‍ථි. ද‍්වෙ පටිඝසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා අතීතාදිභෙදෙ ධම‍්මෙ ආරබ‍්භ දොමනස‍්සිතානං අතීතාදිආරම‍්මණා, පණ‍්ණත‍්තිං ආරබ‍්භ දොමනස‍්සිතානං නවත‍්තබ‍්බාරම‍්මණා. විචිකිච‍්ඡුද‍්ධච‍්චසම‍්පයුත‍්තා තෙසු එව ධම‍්මෙසු අනිට‍්ඨඞ‍්ගතභාවෙන චෙව උද‍්ධතභාවෙන ච පවත‍්තියං අතීතානාගතපච‍්චුප‍්පන‍්නනවත‍්තබ‍්බාරම‍්මණා. කිරියතො අට‍්ඨ සහෙතුකචිත‍්තුප‍්පාදා කුසලචිත‍්තුප‍්පාදගතිකා එව. කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතා පඤ‍්චද‍්වාරෙ වොට‍්ඨබ‍්බනවසෙන පවත‍්තියං පච‍්චුප‍්පන‍්නාරම‍්මණාව. මනොද‍්වාරෙ අතීතානාගතපච‍්චුප‍්පන‍්නාරම‍්මණානඤ‍්චෙව පණ‍්ණත‍්තිනිබ‍්බානාරම‍්මණානඤ‍්ච ජවනානං පුරෙචාරිකකාලෙ අතීතානාගතපච‍්චුප‍්පන‍්නනවත‍්තබ‍්බාරම‍්මණා.

අකුශලයෙන් චතුර්විධ දෘෂ්ටි සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ අතීතාදී භේද ඇති ස්කන්‍ධධාතු ආයතනයන්ට ආස්වාදන අභිනන්දන පරාමර්ශන කාලයෙහි අතීතාදී ආරම්මණයෝ වෙත්. ප්‍රඥප්තිය අරබයා ආස්වාදනය කරන සතුටුවන (සත්ත්වයාය) සත්ත්වයා යැයි පරාමර්ශනය කොට ගන්නාට නවත්තබ්බාරම්මණයෝ වෙත්. දෘෂ්ටි විප්‍රයුක්තයන්හි ද මේ නයමය. හුදෙක් (ඔවුන් විසින්) වනාහි පරාමර්ශන ග්‍රහණයක් නැත. ප්‍රතිඝ සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද ද්වය අතීතාදී භේද ඇති ධර්මයන් අරබයා දෝමනස්සයන්ට අතීතාදී ආරම්මණ වෙයි. ප්‍රඥප්තිය අරබයා දෝමනස්සිතයන්ට නවත්තබ්බාරම්මණය, විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්තයෝ එම ධර්මයන්හිම අනිට්ඨංගත භාවයෙන් මෙන්ම උද්ධත භාවයෙන් ද පැවැත්මේ දී අතීතානාගත ප්‍රත්‍යුත්පන්න නවත්තබ්බාරම්මණයහ. ක්‍රියා වශයෙන් අෂ්ට සහේතුක චිත්තෝත්පාදයෝ කුශල චිත්තෝත්පාදකගතිකයෝමය. උපේක්‍ෂා සහගත ක්‍රියාහේතුක මනෝවිඥාන ධාතුව පංචද්වාරයෙහි ව්‍යවස්ථාපන වශයෙන් පැවැත්මේදී ප්‍රත්‍යුත්පන්නාරම්මණමය. මනෝද්වාරයෙහි අතීතානාගත ප්‍රත්‍යුත්පන්නයන්ට මෙන්ම ප්‍රඥප්ති ආරම්මණයන්ට ද ජවනයන්ට පුරේචාරික කාලයෙහි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න නවත්තබ්බාරම්මණය

යථාවුත‍්තප‍්පභෙදෙ රූපාවචරජ‍්ඣානෙ සබ‍්බත්‍ථපාදකචතුත්‍ථං ආකාසකසිණචතුත්‍ථං ආලොකකසිණචතුත්‍ථං බ්‍රහ‍්මවිහාරචතුත්‍ථං ආනාපානචතුත්‍ථන‍්ති ඉමානි පඤ‍්ච නවත‍්තබ‍්බාරම‍්මණානෙව. ‘ඉද‍්ධිවිධචතුත්‍ථං’ කායවසෙන චිත‍්තං පරිණාමෙන‍්තස‍්ස අතීතපාදකජ‍්ඣානචිත‍්තං ආරබ‍්භ පවත‍්තනතො අතීතාරම‍්මණං. මහාධාතුනිධානෙ මහාකස‍්සපත්‍ථෙරාදීනං විය අනාගතං අධිට‍්ඨහන‍්තානං අනාගතාරම‍්මණං හොති. මහාකස‍්සපත්‍ථෙරො කිර මහාධාතුනිධානං කරොන‍්තො අනාගතෙ අට‍්ඨාරසවස‍්සාධිකානි ද‍්වෙ වස‍්සසතානි ඉමෙ ගන්‍ධා මා සුස‍්සිංසු, පුප‍්ඵානි මා මිලායිංසු, දීපා මා නිබ‍්බායිංසූති අධිට‍්ඨහි. සබ‍්බං තථෙව අහොසි. අස‍්සගුත‍්තත්‍ථෙරො වත‍්තනියසෙනාසනෙ භික‍්ඛුසඞ‍්ඝං සුක‍්ඛභත‍්තං භුඤ‍්ජමානං දිස‍්වා ‘උදකසොණ‍්ඩි දිවසෙ දිවසෙ, පුරෙභත‍්තං දධිරසා හොතූ’ති අධිට‍්ඨහි. පුරෙභත‍්තං ගහිතං දධිරසං හොති පච‍්ඡාභත‍්තෙ පාකතිකමෙව. කායං පන චිත‍්තසන‍්නිස‍්සිතං කත්‍වා අදිස‍්සමානෙන කායෙන ගමනකාලෙ, අඤ‍්ඤස‍්ස වා පාටිහාරියස‍්ස කරණකාලෙ, කායං ආරබ‍්භ පවත‍්තත‍්තා පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති.

එසේ කියන ලද ප්‍රභේද ඇති රූපාවචර ධ්‍යානයෙහි සර්වත්‍රපාදක චතුර්ථ ධ්‍යානය ආකාශ කසිණ චතුර්ථිය ද ආලෝක කසිණ චතුර්ථය ද බ්‍රහ්මවිහාර චතුර්ථය ද ආනාපාන චතුර්ථය ද යන මේ පස නවත්තබ්බාරම්මණමය. ඍද්ධිවිධ චතුර්ථය කාය වශයෙන් සිත වෙනස් කරන්නට අතීතපාදක සිත අරබයා පවත්නා හෙයින් අතීතාරම්මණය. මහා ධාතු නිධානයේ දී මහා කාශ්‍යපස්ථ විරාදීන්ට මෙන් අනාගතය අධිෂ්ඨාන කරන්නවුන්ට අනාගතාරම්මණය වෙයි. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වනාහි මහා ධාතු නිධානය කරන සේක් අනාගතයේ අවුරුදු දෙසිය දහඅටක් මේ සුවඳ නො වියලේවා. මල් නො මැලවේවා. පහන් නො නිවේවායි අධිෂ්ඨාන කළ සේක. සියල්ල එසේම විය. අස්සගුත්ත ස්ථවිරයන් වහන්සේ වත්තනිය සේනාසනයෙහි භික්‍ෂු සංඝයා වහන්සේලා වියලි බත් වළඳනු දැක ගල්පොකුණ දිනපතා පෙරවරුවෙහි දීර්ඝ වේවායි අධිෂ්ඨාන කළ සේක. පෙරවරුවෙහි (ගන්නා ලද ජලය) දීර්ඝ විය. පස්වරුවෙහි ප්‍රකෘතියෙන්ම විය. කාය චිත්තසන්නිශ්‍රිත අදෘශ්‍යමාන කයින් කොට වඩිනා කල (අන්‍යයෙකුට ප්‍රාතිහාර්යයක් හෝ කරන කල) කය අරබයා පවත්නා හෙයින් පච්චුප්පන්නාරම්මණ වෙයි.

‘දිබ‍්බසොතචතුත්‍ථං’ විජ‍්ජමානසද‍්දමෙව ආරබ‍්භ පවත‍්තිතො පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති. චෙතොපරියඤාණචතුත්‍ථං අතීතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ අනාගතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ පරෙසං චිත‍්තං ජානන‍්තස‍්ස අතීතාරම‍්මණං අනාගතාරම‍්මණඤ‍්ච හොති. සත‍්තදිවසාතික‍්කමෙ පන තං ජානිතුං න සක‍්කොති. අතීතානාගතංසඤාණානඤ‍්හි එස විසයො. න එතස‍්ස පච‍්චුප‍්පන‍්නජානනකාලෙ පන පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති.

දිව්‍යශ්‍රෝත චතුර්ථිය විද්‍යමාන ශබ්දයම අරබයා පවත්නා හෙයින් ප්‍රත්‍යුත්පන්නාරම්මණය, චේතෝපරියාඥාන චතුර්ථිය අතීතයෙහි සත්දිනක් ඇතුළත ද අනාගතයෙහි සත්දිනක් ඇතුළත ද අන්‍යයන්ගේ සිත දන්නහුට අතීතාරම්මණය ද අනාගතාරම්මණය ද වෙයි. සත් දවස ඉක්මීමේදී වනාහි එය දැනගන්ට නො හැකිවෙයි. අතීත අනාගතශ ඥානයන්ගේ වනාහි මෙය වෙනසයි. මොහුට වනාහි වර්තමානය දන්නා කාලයෙහි පච්චුප්පන්නාරම්මණය නොවේ.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච නාමෙතං තිවිධං – ඛණපච‍්චුප‍්පන‍්නං සන‍්තතිපච‍්චුප‍්පන‍්නං අද‍්ධාපච‍්චුප‍්පන‍්නඤ‍්ච. තත්‍ථ උප‍්පාදට‍්ඨිතිභඞ‍්ගප‍්පත‍්තං ‘ඛණපච‍්චුප‍්පන‍්නං’. එකද‍්විසන‍්තතිවාරපරියාපන‍්නං ‘සන‍්තතිපච‍්චුප‍්පන‍්නං’. තත්‍ථ අන්‍ධකාරෙ නිසීදිත්‍වා ආලොකට‍්ඨානං ගතස‍්ස න තාව ආරම‍්මණං පාකටං හොති; යාව පන තං පාකටං හොති, එත්‍ථන‍්තරෙ එකද‍්විසන‍්තතිවාරා වෙදිතබ‍්බා. ආලොකට‍්ඨානෙ විචරිත්‍වා ඔවරකං පවිට‍්ඨස‍්සාපි න තාව සහසා රූපං පාකටං හොති; යාව තං පාකටං හොති, එත්‍ථන‍්තරෙ එකද‍්විසන‍්තතිවාරා වෙදිතබ‍්බා. දූරෙ ඨත්‍වා පන රජකානං හත්‍ථවිකාරං ඝණ‍්ඩිභෙරීආදිආකොටනවිකාරඤ‍්ච දිස‍්වාපි න තාව සද‍්දං සුණාති; යාව පන තං සුණාති, එතස‍්මිම‍්පි අන‍්තරෙ එකද‍්විසන‍්තතිවාරා වෙදිතබ‍්බා. එවං තාව මජ‍්ඣිමභාණකා. සංයුත‍්තභාණකා පන ‘රූපසන‍්තති අරූපසන‍්තතී’ති ද‍්වෙ සන‍්තතියො වත්‍වා, ‘උදකං අක‍්කමිත්‍වා ගතස‍්ස යාව තීරෙ අක‍්කන‍්තඋදකලෙඛා න විප‍්පසීදති, අද‍්ධානතො ආගතස‍්ස යාව කායෙ උසුමභාවො න වූපසම‍්මති, ආතපා ආගන‍්ත්‍වා ගබ‍්භං පවිට‍්ඨස‍්ස යාව අන්‍ධකාරභාවො න විගච‍්ඡති, අන‍්තොගබ‍්භෙ කම‍්මට‍්ඨානං මනසිකරිත්‍වා දිවා වාතපානං විවරිත්‍වා ඔලොකෙන‍්තස‍්ස යාව අක‍්ඛීනං ඵන්‍දනභාවො න වූපසම‍්මති, අයං රූපසන‍්තති නාම; ද‍්වෙ තයො ජවනවාරා අරූපසන‍්තති නාමා’ති වත්‍වා ‘තදුභයම‍්පි සන‍්තතිපච‍්චුප‍්පන‍්නං නාමා’ති වදන‍්ති.

මේ ප්‍රත්‍යුත්පන්නය ද ඛණ පච්චුප්පන්නය සන්තති පච්චුප්පන්නය අද්ධාන පච්චුප්පන්නය යැයි ත්‍රිවිධය. එහි උත්පාද ස්ථිති භංගප්‍රාප්ත වූයේ ඛණපච්චුප්පන්නය. ඒකද්විසන්තතිවාර පර්යාපන්න වූයේ සන්තති පච්චුප්පන්නය. එහි අඳුරෙහි හිඳ ආලෝක ස්ථානයකට ගියහුට එකෙණෙහි අරමුණ ප්‍රකට නොවේ. යම් අවස්ථාවක එය ප්‍රකට වේද, මේ අතර ඒකද්වි සන්තති වාර දතයුතුයි. ආලෝකය ඇති තැනක හැසිර කාමරයකට පිවිසියකුට ද එකෙණෙහි වහා රූප ප්‍රකට නොවෙයි. යම් අවස්ථාවක එය ප්‍රකට වේ ද, මේ අතර ඒකද්විසන්තති වාර දතයුතුයි. දුර සිට වනාහි රඳවුන්ගේ හස්තවිකාරය ගෙඩිබර ආදිය ගසන විකාර දැක ද එකෙණෙහි ශබ්දය නො අසයි. යම් අවස්ථාවක එය අසයි ද මේ අතර ද ඒකද්විසන්තති වාරයෝ දතයුතුයි. මේ වනාහි මධ්‍යම භාණකයෝ ය. සංයුක්ත භාණකයෝ වනාහි රූප සන්තතිය, අරූප සන්තතිය යැයි සන්තති දෙකක් කියා ජලය ඇක්ම ගියහුගේ තීරයෙහි ජලරේඛා යම්තාක් නො පෑදේද, මාර්ගයෙන් ආවහුගේ කයෙහි උණුසුම් බව යම්තාක් නොසන්සිඳේ ද, අව්වේ අවුත් ගැබට පිවිසියහුගේ අඳුරු බව යම්තාක් පහ නොවේ ද, ඇතුළු ගැබෙහි කමටහන් මෙනෙහි කොට දවල් කවුළුව විවරකොට බලන්නහුගේ ඇස්වල සැලෙන බව යම්තාක් නොසන්සිඳේ ද මෙය රූප සන්තති නමි. ජවනවාර දෙක තුනක් අරූප සන්තති නමැයි ද කියා ඒ දෙකම සන්තති පච්චුප්පන්න නමැයි කියති.

එකභවපරිච‍්ඡින‍්නං පන අද‍්ධාපච‍්චුප‍්පන‍්නං නාම. යං සන්‍ධාය භද‍්දෙකරත‍්තසුත‍්තෙ “යො චාවුසො, මනො යෙ ච ධම‍්මා උභයමෙතං පච‍්චුප‍්පන‍්නං. තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං, ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති, තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරතී”ති (ම· නි· 3.284) වුත‍්තං. සන‍්තතිපච‍්චුප‍්පන‍්නඤ‍්චෙත්‍ථ අට‍්ඨකථාසු ආගතං. අද‍්ධාපච‍්චුප‍්පන‍්නං සුත‍්තෙ.

එක් භවයකට සීමා වූයේ වනාහි අද්ධාන පච්චුප්පන්න නමි. යමක් සඳහා භද්දේක සූත්‍රයෙහි ‘ඇවැත්නි, යම් මනසක් වේද, යම් සම්ප්‍රයුක්ත ධර්මයෝ වෙත් ද මේ දෙකම පච්චුප්පන්නය, විඥානය ඒ පච්චුප්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එහි සතුටුවෙයි. එහි සතුටුවන්නේ ප්‍රත්‍යුත්පන්න ධර්මයන්හි එකතුවෙයි’ යැයි කියන ලදී. මෙහි සන්තති පච්චුප්පන්නය අට්ඨකථාවන්හි ආයේය. අද්ධානපච්චුප්පන්නය සූත්‍රයෙහිය.

තත්‍ථ කෙචි ‘ඛණපච‍්චුප‍්පන‍්නං චිත‍්තං චෙතොපරියඤාණස‍්ස ආරම‍්මණං හොතී’ති වදන‍්ති. කිංකාරණා? යස‍්මා ඉද‍්ධිමස‍්ස ච පරස‍්ස ච එකක‍්ඛණෙ චිත‍්තං උප‍්පජ‍්ජතීති. ඉදඤ‍්ච නෙසං ඔපම‍්මං – යථා ආකාසෙ ඛිත‍්තෙ පුප‍්ඵමුට‍්ඨිම‍්හි අවස‍්සං එකං පුප‍්ඵං එකස‍්ස වණ‍්ටං පටිවිජ‍්ඣති වණ‍්ටෙන වණ‍්ටං පටිවිජ‍්ඣති, එවං පරස‍්ස චිත‍්තං ජානිස‍්සාමීති රාසිවසෙන මහාජනස‍්ස චිත‍්තෙ ආවජ‍්ජිතෙ අවස‍්සං එකස‍්ස චිත‍්තං එකෙන චිත‍්තෙන උප‍්පාදක‍්ඛණෙ වා ඨිතික‍්ඛණෙ වා භඞ‍්ගක‍්ඛණෙ වා පටිවිජ‍්ඣතීති. තං පන වස‍්සසතම‍්පි වස‍්සසහස‍්සම‍්පි ආවජ‍්ජන‍්තො යෙන චිත‍්තෙන ආවජ‍්ජෙති, යෙන ච ජානාති තෙසං ද‍්වින‍්නං සහට‍්ඨානාභාවතො ආවජ‍්ජනජවනානඤ‍්ච අනිට‍්ඨෙ ඨානෙ නානාරම‍්මණභාවප‍්පත‍්තිදොසතො අයුත‍්තන‍්ති අට‍්ඨකථාසු පටික‍්ඛිත‍්තං. සන‍්තතිපච‍්චුප‍්පන‍්නං පන අද‍්ධාපච‍්චුප‍්පන‍්නඤ‍්ච ආරම‍්මණං හොතීති වෙදිතබ‍්බං.

එහිදී ඇතැම් කෙනෙක් ක්‍ෂණ ප්‍රත්‍යුත්පන්න සිත චේතෝ පර්යාඥානයට අරමුණු වේයැයි කියත්. කවර කරුණක් නිසා ද? යම්හෙයකින් ඍද්ධිමතාටත් අන්‍යයාටත් එකම ක්‍ෂණයෙක සිත උපදී යන මෙයද ඔවුන්ගේ උපමාවකි. යම්සේ මල්මිටක් අහසට දැමූ කල්හි අවශ්‍යයෙන් එක් මලක් එකක නටුවෙහි සම්බන්ධ වෙයි. නටුවෙන් නටුව සම්බන්ධ වෙයි. මෙසේ අන්‍යයෙකුගේ සිත දැනගනිමියි රාශි වශයෙන් මහජනයාගේ සිත් ආවර්ජනා කළ කල්හි අවශ්‍යයෙන් එකෙකුගේ සිත මේ සිත සමග උත්පාද ක්‍ෂණයෙහි හෝ (ස්ථිතික්‍ෂණයෙහි හෝ) භංගක්‍ෂණයෙහි හෝ සම්බන්ධ වෙයි. එය වනාහි වර්ෂ සියයක් ද වර්ෂ දහසක් ද ආවර්ජනා කරනුයේ යම් සිතකින් ආවර්ජනය කෙරේ ද යමෙකු විසින් දැනගනී ද ඒ දෙදෙනාගේ එක්ව සිටීමක් නැති බැවින් ද ආවර්ජන ජවනයන් ද නො නිමි තැනදී නානාරම්මණයන්ට පැමිණීමේ දෝෂයෙන් අයුතු හෙයින් අර්ථකථාවන්හි ප්‍රතික්‍ෂේප කරන ලදී. සන්තති පච්චුප්පන්නය වනාහි අද්ධාන පච්චුප්පන්නය ද අරමුණු වේයැයි දතයුතුයි.

තත්‍ථ යං වත‍්තමානජවනවීථිතො අතීතානාගතවසෙන ද‍්විතිජවනවීථිපරිමාණකාලෙ පරස‍්ස චිත‍්තං, තං සබ‍්බම‍්පි සන‍්තතිපච‍්චුප‍්පන‍්නං නාම. අද‍්ධාපච‍්චුප‍්පන‍්නං පන ජවනවාරෙන දීපෙතබ‍්බන‍්ති යං අට‍්ඨකථායං වුත‍්තං තං සුවුත‍්තං. තත්‍රායං දීපනා – ඉද‍්ධිමා පරස‍්ස චිත‍්තං ජානිතුකාමො ආවජ‍්ජෙති. ආවජ‍්ජනං ඛණපච‍්චුප‍්පන‍්නං ආරම‍්මණං කත්‍වා තෙනෙව සහ නිරුජ‍්ඣති. තතො චත‍්තාරි පඤ‍්ච ජවනානි යෙසං පච‍්ඡිමං ඉද‍්ධිචිත‍්තං, සෙසානි කාමාවචරානි. තෙසං සබ‍්බෙසම‍්පි තදෙව නිරුද‍්ධං චිත‍්තමාරම‍්මණං හොති. න ච තානි නානාරම‍්මණානි හොන‍්ති. අද‍්ධාපච‍්චුප‍්පන‍්නවසෙන පච‍්චුප‍්පන‍්නාරම‍්මණත‍්තා එකාරම‍්මණානි. එකාරම‍්මණත‍්තෙපි ච ඉද‍්ධිචිත‍්තමෙව පරස‍්ස චිත‍්තං පජානාති, න ඉතරානි; යථා චක‍්ඛුද‍්වාරෙ චක‍්ඛුවිඤ‍්ඤාණමෙව රූපං පස‍්සති, න ඉතරානීති. ඉති ඉදං සන‍්තතිපච‍්චුප‍්පන‍්නස‍්ස චෙව අද‍්ධාපච‍්චුප‍්පන‍්නස‍්ස ච වසෙන පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති. යස‍්මා වා සන‍්තතිපච‍්චුප‍්පන‍්නම‍්පි අද‍්ධාපච‍්චුප‍්පන‍්නෙයෙව පතති, තස‍්මා අද‍්ධාපච‍්චුප‍්පන‍්නවසෙනෙතං පච‍්චුප‍්පන‍්නාරම‍්මණන‍්ති වෙදිතබ‍්බං.

එහි වර්තමාන ජවන වීථියෙන් අතීතානාගත වශයෙන් දෙතුන් ජවන වීථි ප්‍රමාණයක කාලයක් යම් අන්‍යයෙකුගේ සිතක් වේද ඒ සියල්ල ද සන්තති පච්චුප්පන්න නමි. අද්ධාන පච්චුප්පන්නය වනාහි ජවන ද්වාරයෙන් දැක්විය යුතුයැයි යමක් අට්ඨකථාවෙහි කියන ලද ද, එය මනා සේ කියන ලදී. මේ එහි දැක්වීමයි. සෘද්ධිමත් තැනැත්තේ අන්‍යයාගේ සිත දැනගනු කැමතිව ආවර්ජනා කරයි. ආවර්ජනය ක්‍ෂණ ප්‍රත්‍යුත්පන්න ආරම්මණ කොට එය සමගම නිරුද්ධ වෙයි. ඉන්පසු ජවන සතරක් හෝ පහක් වෙති. ඔවුන්ට පශ්චිමව ඍද්ධි සිතය. සෙසු සිත් කාමාවචරය. ඒ සියල්ලන්ටම එකී නිරුද්ධ සිත අරමුණු වෙයි. ඒ සිත් නානාරම්මණ නොවේ. අද්ධාන පච්චුප්පන්න වශයෙන් පච්චුප්පන්නාරම්මණ බැවින් ඒකාරම්මණය. ඒකාරම්මණත්වයෙහි ද සෘද්ධි සිතම අන්‍යයාගේ සිත දැනගනී. අන් සිත් දැනගන්නේ නොවේ. යම්සේ චක්‍ඛු ද්වාරයේ දී චක්‍ඛු විඤ්ඤාණයම රූපය දකී ද අන්‍ය විඤ්ඤාණයෝ නො දකිත් යනු යි. මෙසේ මෙය සන්තති පච්චුප්පන්නයාගේ ද අද්ධාන පච්චුප්පන්නයාගේ ද වශයෙන් පච්චුප්පන්නාරම්මණ වෙයි. යම්හෙයකින් හෝ සන්තති පච්චුප්පන්නය ද අද්ධාන පච්චුප්පන්නයේම වැටේ ද, එහෙයින් මෙය අද්ධාන පච්චුප්පන්න වශයෙන් පච්චුප්පන්නාරම්මණ යැයි දතයුතුයි.

‘පුබ‍්බෙනිවාසඤාණචතුත්‍ථං’ නාමගොත‍්තානුස‍්සරණෙ නිබ‍්බානනිමිත‍්තපච‍්චවෙක‍්ඛණෙ ච නවත‍්තබ‍්බාරම‍්මණං, සෙසකාලෙ අතීතාරම‍්මණමෙව. යථාකම‍්මුපගඤාණචතුත්‍ථම‍්පි අතීතාරම‍්මණමෙව. තත්‍ථ කිඤ‍්චාපි පුබ‍්බෙනිවාසචෙතොපරියඤාණානිපි අතීතාරම‍්මණානි හොන‍්ති, අථ ඛො තෙසං පුබ‍්බෙනිවාසඤාණස‍්ස අතීතක‍්ඛන්‍ධා ඛන්‍ධපටිබද‍්ධඤ‍්ච කිඤ‍්චි අනාරම‍්මණං නාම නත්‍ථි. තඤ‍්හි අතීතක‍්ඛන්‍ධඛන්‍ධපටිබද‍්ධෙසු ධම‍්මෙසු සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසමගතිකං හොති. චෙතොපරියඤාණස‍්ස ච සත‍්තදිවසබ‍්භන‍්තරාතීතං චිත‍්තමෙව ආරම‍්මණං. තඤ‍්හි අඤ‍්ඤං ඛන්‍ධං වා ඛන්‍ධපටිබද‍්ධං වා න ජානාති, මග‍්ගසම‍්පයුත‍්තචිත‍්තාරම‍්මණත‍්තා පන පරියායතො මග‍්ගාරම‍්මණන‍්ති වුත‍්තං. යථාකම‍්මුපගඤාණස‍්ස ච අතීතචෙතනාමත‍්තමෙවාරම‍්මණන‍්ති. අයං විසෙසො වෙදිතබ‍්බො. අයමෙත්‍ථ අට‍්ඨකථානයො. යස‍්මා පන “කුසලා ඛන්‍ධා ඉද‍්ධිවිධඤාණස‍්ස චෙතොපරියඤාණස‍්ස පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණස‍්ස යථාකම‍්මුපගඤාණස‍්ස අනාගතංසඤාණස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.404) පට‍්ඨානෙ වුත‍්තං, තස‍්මා චත‍්තාරොපි ඛන්‍ධා චෙතොපරියඤාණයථාකම‍්මුපගඤාණානං ආරම‍්මණං හොන‍්ති. තත්‍රාපි යථාකම‍්මුපගඤාණස‍්ස කුසලාකුසලා එවාති.

පූර්වේනිවාසඥාන චතුර්ථිය නම් ගෝත්‍රානුස්මරණයෙහි ද නිර්වාණ නිමිත්ත ප්‍රත්‍යවේක්‍ෂණයෙහි ද නවත්තබ්බාරම්මණය, සෙසු කාලයෙහි අතීතාරම්මණයමය. යථා කම්මූපගඤාණ චතුර්ථය ද අතීතාරම්මණමය. එහි ඇතැම්විට පූර්වේනිවාස චේතෝපර්යාය ඥානයෝ ද අතීතාරම්මණයෝ වෙත්. තවද ඔවුන්ගෙන් පූර්වේනිවාස ඥානයාගේ අතීත ස්කන්‍ධයෝ ද ස්කන්‍ධ ප්‍රතිබද්ධය ද කිසිසේත් අනාරම්මණ නම් නැත. එය වනාහි අතීතස්කන්‍ධ ඛන්‍ධූපනිබද්ධ ධර්මයන්හි සර්වඥතාඥාන සමගතික වෙයි. චේතෝපර්යාය ඥානයට ද සත්දිනක් ඇතුළත අතීත සිතම අරමුණ වූවත්, එය වනාහි අන්‍ය ස්කන්‍ධයක් හෝ ස්කන්‍ධ ප්‍රතිබද්ධයක් හෝ නො දනී. මාර්ග සම්ප්‍රයුක්ත චිත්තාරම්මණ හෙයින් වනාහි පර්යාය වශයෙන් මාර්ගාරම්මණ යැයි කියන ලදී. යථා කර්මුපග ඥානයට අතීත චේතනා මාත්‍රයම අරමුණ යැයි මේ විශේෂය දතයුතුයි. මේ මෙහි අට්ඨකථා නයයි. යම්හෙයකින් වනාහි ‘අකුශල ස්කන්‍ධයෝ ඍද්ධිවිධ ඥානයට ද චේතෝපර්යාය ඥානයට ද පූර්වේ නිවාසානුස්මෘති ඥානයට ද යථා කර්මූපග ඥානයට ද අනාගතංශ ඥානයට ද ආරම්මණප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍යයැ’යි ප්‍රස්ථානයෙහි කියන ලද ද, එහෙයින් සතර ස්කන්ධයෝ චේතෝපර්යායඥාන යථා කර්මූපග ඥානයන්ට අරමුණු වෙත් ද, එහිද යථා කර්මූපග ඥානයට කුශලා කුශලයෝමය යනුයි.

‘දිබ‍්බචක‍්ඛුඤාණචතුත්‍ථං’ විජ‍්ජමානවණ‍්ණාරම‍්මණත‍්තා පච‍්චුප‍්පන‍්නාරම‍්මණමෙව. අනාගතංසඤාණචතුත්‍ථං අනාගතාරම‍්මණමෙව. තඤ‍්හි අනාගතක‍්ඛන්‍ධඛන්‍ධපටිබද‍්ධෙසු ධම‍්මෙසු පුබ‍්බෙනිවාසඤාණං විය සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසමගතිකං හොති. තත්‍ථ කිඤ‍්චාපි චෙතොපරියඤාණම‍්පි අනාගතාරම‍්මණං හොති, තං පන සත‍්තදිවසබ‍්භන‍්තරෙ උප‍්පජ‍්ජනකචිත‍්තමෙව ආරම‍්මණං කරොති. ඉදං අනාගතෙ කප‍්පසතසහස‍්සෙ උප‍්පජ‍්ජනකචිත‍්තම‍්පි ඛන්‍ධෙපි ඛන්‍ධපටිබද‍්ධම‍්පි. රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානාදීනි අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු එකධම‍්මම‍්පි ආරබ‍්භ අප‍්පවත‍්තිතො එකන‍්තනවත‍්තබ‍්බාරම‍්මණානෙවාති වෙදිතබ‍්බානි.

දිව්‍ය චක්‍ෂුර්ඥාන චතුර්ථිය විද්‍යමාන වර්ණාරම්මණ හෙයින් ප්‍රත්‍යුත්පන්නාරම්මණමය. අනාගතංශ ඥාන චතුර්ථය අනාගතාරම්මණමය. එය වනාහි අනාගත ස්කන්‍ධ ස්කන්න්‍ධූප නිබද්ධ ධර්මයන්හි පූර්වේනිවාසඥානය මෙන්ම සර්වඥතා ඥානයට සමගතිකය වෙයි. එය වනාහි සත්දිනක් ඇතුළත උපදනා සිතම අරමුණු කරයි. මෙය අනාගතයෙහි කල්ප ලක්‍ෂයකදී උපදනා සිත ද ස්කන්‍ධය ද ස්කන්‍ධූප නිබද්ධය ද අරමුණු කරයි. රූපාවචර ත්‍රික චතුෂ්ක ධ්‍යානාදිය අතීත අනාගත වර්තමාන එකම ධර්මයක්වත් අරබයා නොපවත්නා හෙයින් ඒකාන්තයෙන් නවත්තබ්බාරම්මණයෝ යැයි දතයුත්තාහ.

අජ‍්ඣත‍්තත‍්තිකෙ අනින්‍ද්‍රියබද‍්ධරූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච බහිද‍්ධාති ඉදං යථා ඉන්‍ද්‍රියබද‍්ධං පරපුග‍්ගලසන‍්තානෙ බහිද‍්ධාති වුච‍්චමානම‍්පි තස‍්ස අත‍්තනො සන‍්තානපරියාපන‍්නත‍්තා නියකජ‍්ඣත‍්තං හොති, එවං න කෙනචි පරියායෙන අජ‍්ඣත‍්තං හොතීති නියකජ‍්ඣත‍්තපරියායස‍්ස අභාවෙන බහිද‍්ධාති වුත‍්තං, න නියකජ‍්ඣත‍්තමත‍්තස‍්ස අසම‍්භවතො. නියකජ‍්ඣත‍්තමත‍්තස‍්ස පන අසම‍්භවමත‍්තං සන්‍ධාය අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකෙ බහිද‍්ධාරම‍්මණතා වුත‍්තා. අජ‍්ඣත‍්තධම‍්මාපගමමත‍්තතොව ආකිඤ‍්චඤ‍්ඤායතනාරම‍්මණස‍්ස අජ‍්ඣත‍්තභාවම‍්පි බහිද‍්ධාභාවම‍්පි අජ‍්ඣත‍්තබහිද‍්ධාභාවම‍්පි අනනුජානිත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනං න වත‍්තබ‍්බං අජ‍්ඣත‍්තාරම‍්මණන‍්තිපීතිආදි වුත‍්තං.

ආධ්‍යාත්ම ත්‍රිකයෙහි අනින්‍ද්‍රියබද්ධ රූපය ද නිර්වාණය ද බාහිර යැයි ද මෙය යම්සේ ඉන්‍ද්‍රිය බද්ධ ද පරපුද්ගල සන්තානයෙහි බාහිර යැයි කියනු ලබන්නේ ද එය ආත්ම සන්තාන පර්යාපන්න හෙයින් නියතාධ්‍යාත්ම ද වෙයි. මෙසේ කිසියම් පර්යායකින් ආධ්‍යත්ම නො(වේයැයි) නියතාධ්‍යාත්ම පර්යායයාගේ අභාවයෙන් බාහිර යැයි කියන ලදී. න නියතාධ්‍යාත්ම මාත්‍රයාගේ අසම්භවයෙන් නියතාධ්‍යාත්ම මාත්‍රයාගේ අභාවමාත්‍රය සඳහා ආධ්‍යාත්මාරම්මණාත්‍රිකයෙහි බහිද්ධාරම්මණතාව කියන ලදී. ආධ්‍යාත්ම ධර්මාපගම මාත්‍රයෙන්ම ආකිඤ්චඤ්ඤායතනා රම්මණයාගේ ආධ්‍යාත්මභාවය ද බහිද්ධාභාවය ද ආධ්‍යාත්ම බහිද්ධා භාවය ද අනුනො දැන ආකිචඤ්ඤායතනය නොකිය යුතුයි. අජ්ඣත්තාරම්මණං යන ආදිය කියන ලදී.

තත්‍ථ න කෙවලං තදෙව නවත‍්තබ‍්බාරම‍්මණං, තස‍්ස පන ආවජ‍්ජනම‍්පි, උපචාරචිත‍්තානිපි, තස‍්සාරම‍්මණස‍්ස පච‍්චවෙක‍්ඛණචිත‍්තානිපි, තස‍්සෙව අස‍්සාදනාදිවසෙන පවත‍්තානි අකුසලචිත‍්තානිපි නවත‍්තබ‍්බාරම‍්මණානෙවාති. තානි පන තස‍්මිං වුත‍්තෙ වුත‍්තානෙව හොන‍්තීති විසුං න වුත‍්තානි. කථං වුත‍්තානෙව හොන‍්තීති? එතඤ‍්හි ආකිඤ‍්චඤ‍්ඤායතනං, යඤ‍්ච තස‍්ස පුරෙචාරිකං ආවජ‍්ජනඋපචාරාදිවසෙන පවත‍්තං, තෙන සහ එකාරම‍්මණං භවෙය්‍ය. තං සබ‍්බං අතීතාරම‍්මණත‍්තිකෙ ‘කාමාවචරකුසලං, අකුසලං, කිරියතො නව චිත‍්තුප‍්පාදා, රූපාවචරචතුත්‍ථජ‍්ඣාන’න‍්ති එවං වුත‍්තානං එතෙසං චිත‍්තුප‍්පාදානං ‘සියා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපී’තිආදිනා නයෙන නවත‍්තබ‍්බාරම‍්මණභාවස‍්ස අනුඤ‍්ඤාතත‍්තා, ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්ස ච ‘ආකිඤ‍්චඤ‍්ඤායතනං, චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපී’ති එවං එකන‍්තෙන නවත‍්තබ‍්බාරම‍්මණත‍්තවචනතො නවත‍්තබ‍්බාරම‍්මණන‍්ති වුත‍්තං. ඉදානි තං අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකෙ එකම‍්පි වුච‍්චමානං යස‍්මා හෙට‍්ඨා තෙන සහ එකාරම‍්මණභාවම‍්පි සන්‍ධාය කාමාවචරකුසලාදීනං නවත‍්තබ‍්බාරම‍්මණතා වුත‍්තා, තස‍්මා ඉධාපි තෙසං නවත‍්තබ‍්බාරම‍්මණභාවං දීපෙති. කො හි තෙන සහ එකාරම‍්මණානං නවත‍්තබ‍්බාරම‍්මණභාවෙ අන‍්තරායොති ? එවං තස‍්මිං වුත‍්තෙ ‘වුත‍්තානෙව හොන‍්තී’ති වෙදිතබ‍්බානි. සෙසමෙත්‍ථ අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකෙ පාළිතො උත‍්තානමෙව.

එහි හුදෙක් එය පමණක් නවත්තබ්බාරම්මණ නොවේ. එහි ආවර්ජනය ද උපචාර සිත් ද එම අරමුණේ ප්‍රත්‍යවේක්‍ෂණ සිත් ද එහිම ආස්වාදනාදී වශයෙන් පවත්නා අකුශල සිත් ද නවත්තම්මාරම්මණයෝමය. එම සිත් ද එහිම කී කල්හි කියන ලද්දෝ ම වෙත් යැයි වෙනම නො කියන ලදහ. කෙසේ නම් කියන ලද්දෝ ම වෙත් ද යත්, මේ ආකිඤ්චඤ්ඤායතනය ද එය පුරේචාරිකව ආවර්ජන උපචාරාදී වශයෙන් පවත්නා යමක් වේ ද එය හා ඒකාරම්මණ වන්නේය. ඒ සියල්ල අතීතාරම්මණත්‍රිකයෙහි කාමාවචර කුශලය අකුශලය ත්‍රිකයෙන් නව චිත්තෝත්පාදයෝය රූපාවචර චතුර්ථ ධ්‍යානය යැයි මෙසේ කියන ලද මේ චිත්තෝත්පාද නවත්තබ්බ වන්නේය. අතීතාරම්මණාපි යනාදී නයින් ආකිඤ්චඤ්ඤායතනයටද නවත්තබ්බාරම්මණ භාවය අනුඤ්ඤාත හෙයින්ය. ආකිඤ්චඤ්ඤායතනය අපර්යාපන්න මාර්ග සතරය. සාමඤ්ඤඵල සතරය යන මේ ධර්මයෝ නවත්තබ්බය අතීතාරම්මපි යැයි මෙසේ ඒකාන්තයෙන් නවවත්තබ්බාරම්මණත්ත යැයි කීමෙන් නවත්තබ්බාරම්මණ යැයි කියන ලදී. දැන් ආධ්‍යාත්මාරම්මණා ත්‍රිකයෙහි කියනු ලබන ඒ යම්හෙයකින් යට එය සමග ඒකාරම්මණභාවය ද නිසා කාමාවචර කුශලාදීන්ගේ නවත්තබ්බාරම්මණතාව කියන ලදී. එහෙයින් මෙහිද ඔවුන්ගේ නවත්තබ්බාරම්මණභාවය දක්වයි. එය සමග ඒකාරම්මණයන්ගේ නවත්තබ්බාරම්මණභාවයෙහි කවර අන්තරායෙක් ද යනුයි. මෙසේ එහිදී කී කල්හි කියන ලද්දෝ ම වෙත්යැයි දතයුතුයි. ශේෂය මෙහි ආධ්‍යාත්මාරම්මණාත්‍රිකයෙහි පාළියෙන් පැහැදිලි කරන ලද්දේමය.

ආරම‍්මණවිභාගෙ පන විඤ‍්ඤාණඤ‍්චායතනං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති ඉමෙසං තාව කුසලවිපාකකිරියවසෙන ඡන‍්නං චිත‍්තුප‍්පාදානං අත‍්තනො සන‍්තානසම‍්බන්‍ධං හෙට‍්ඨිමසමාපත‍්තිං ආරබ‍්භ පවත‍්තිතො අජ‍්ඣත‍්තාරම‍්මණතා වෙදිතබ‍්බා. එත්‍ථ ච කිරියආකාසානඤ‍්චායතනං කිරියවිඤ‍්ඤාණඤ‍්චායතනස‍්සෙව ආරම‍්මණං හොති, න ඉතරස‍්ස. කස‍්මා? ආකාසානඤ‍්චායතනකිරියසමඞ‍්ගිනො කුසලස‍්ස වා විපාකස‍්ස වා විඤ‍්ඤාණඤ‍්චායතනස‍්ස අභාවතො. කුසලං පන කුසලවිපාකකිරියානං තිණ‍්ණම‍්පි ආරම‍්මණං හොති. කස‍්මා? ආකාසානඤ‍්චායතනකුසලං නිබ‍්බත‍්තෙත්‍වා ඨිතස‍්ස තතො උද‍්ධං තිවිධස‍්සපි විඤ‍්ඤාණඤ‍්චායතනස‍්ස උප‍්පත‍්තිසම‍්භවතො. විපාකං පන න කස‍්සචි ආරම‍්මණං හොති. කස‍්මා? විපාකතො වුට‍්ඨහිත්‍වා චිත‍්තස‍්ස අභිනීහාරාසම‍්භවතො. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්ස ආරම‍්මණකරණෙපි එසෙව නයො. රූපාවචරත‍්තිකචතුක‍්කජ‍්ඣානාදීනං සබ‍්බෙසම‍්පි නියකජ‍්ඣත‍්තතො බහිද‍්ධාභාවෙන බහිද‍්ධාභූතානි පථවීකසිණාදීනි ආරබ‍්භ පවත‍්තිතො බහිද‍්ධාරම‍්මණතා වෙදිතබ‍්බා.

ආරම්මණ විභාගයෙහි වනාහි විඤ්ඤාණඤ්චායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන මොවුන්ට වනාහි කුසල විපාකකිරිය වශයෙන් චිත්තෝත්පාද සයකට තමාගේ සන්තාන සම්බන්ධ හෙට්ඨිව සමාපත්තිය අරබයා පැවැත්මෙන් ආධ්‍යත්මාරම්මණභාවය දතයුතුයි. මෙහිද කිරිය හා ආකාසානඤ්චායතනය කිරිය විඤ්ඤාණඤ්චායතනයටම අරමුණු වේ. අනෙකකට අරමුණු නොවේ. කවර හෙයින් ද? ආකාසානඤ්චායතන කිරිය සමංගි කුසලයට හෝ විපාකයට හෝ විඤ්ඤාණඤ්චායතනයාගේ අභාවයෙනි. කුසලය වනාහි කුසලවිපාක කිරිය තුනටම අරමුණු වෙයි. කවර හෙයින් ද? ආකාසානඤ්චායතන කුසලය උපදවා සිටි ඉන් උඩ ත්‍රිවිධ විඤ්ඤාණඤ්චායතනයාගේ උත්පත්ති සම්භවයෙනි. විපාකය වනාහි කවරෙකුටවත් අරමුණු නොවේ. කවර හෙයින් ද? විපාකයෙන් නැගී සිතට අභිනීහාර සම්භවයෙනි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ආරම්මණකරණයේදී ද මේ නයමය. රූපාවචරත්‍රික චතුෂ්ක ධ්‍යානාදී සියල්ලගේම නියතජ්ඣත්තභාවයෙන් බාහිර බැවින් බහිද්ධාභූත පඨවි කසිණාදිය අරබයා පැවැත්මෙන් බහිද්ධාරම්මණතාව දතයුතුයි.

සබ‍්බෙව කාමාවචරා කුසලාකුසලාබ්‍යාකතා ධම‍්මා, රූපාවචරං චතුත්‍ථං ඣානන‍්ති එත්‍ථ කුසලතො තාව චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා අත‍්තනො ඛන්‍ධාදීනි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අජ‍්ඣත‍්තාරම‍්මණා. පරෙසං ඛන්‍ධාදිපච‍්චවෙක‍්ඛණෙ පණ‍්ණත‍්තිනිබ‍්බානපච‍්චවෙක‍්ඛණෙ ච බහිද‍්ධාරම‍්මණා. තදුභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. ඤාණවිප‍්පයුත‍්තෙසුපි එසෙව නයො. කෙවලඤ‍්හි තෙසං නිබ‍්බානපච‍්චවෙක‍්ඛණං නත්‍ථි. අකුසලතො චත‍්තාරො දිට‍්ඨිසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා අත‍්තනො ඛන්‍ධාදීනං අස‍්සාදනාභිනන්‍දනපරාමාසගහණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණා, පරස‍්ස ඛන්‍ධාදීසු චෙව අනින්‍ද්‍රියබද‍්ධරූපකසිණාදීසු ච තථෙව පවත‍්තිකාලෙ බහිද‍්ධාරම‍්මණා, තදුභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. දිට‍්ඨිවිප‍්පයුත‍්තෙසුපි එසෙව නයො. කෙවලඤ‍්හි තෙසං පරාමාසගහණං නත්‍ථි. ද‍්වෙපි පටිඝසම‍්පයුත‍්තා අත‍්තනො ඛන්‍ධාදීසු දොමනස‍්සිතස‍්ස අජ‍්ඣත‍්තාරම‍්මණා, පරස‍්ස ඛන්‍ධාදීසු චෙව අනින්‍ද්‍රියබද‍්ධරූපපණ‍්ණත‍්තීසු ච බහිද‍්ධාරම‍්මණා, තදුභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. විචිකිච‍්ඡුද‍්ධච‍්චසම‍්පයුත‍්තානම‍්පි වුත‍්තපකාරෙසු ධම‍්මෙසු විචිකිච‍්ඡනඵන්‍දනභාවවසෙන පවත‍්තියං අජ‍්ඣත‍්තාදිආරම‍්මණතා වෙදිතබ‍්බා.

සියලුම කාමාවචර කුශලාකුශල ව්‍යාකෘත ධර්මයෝය. රූපාවචර චතුර්ථ ධ්‍යනය යන මෙහි කුශල වශයෙන් වනාහි ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද සතර තමාගේ ස්කන්ධාදීන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට ආධ්‍යාත්මාරම්මණය, අන්‍යයන්ගේ ස්කන්ධාදීන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේදී ද ප්‍රඥප්ති නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේදී ද බහිද්ධාරම්මණයහ. තදුභය වශයෙන් ආධ්‍යාත්ම බාහිර ආරම්මණයහ. ඤාණ විප්‍රයුක්තයන්හි ද මේ නයමය. හුදෙක් (ඔවුන්ට) නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණයක් නැත. අකුශලයෙන් දෘෂ්ටි සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද සතර තම ස්කන්ධාදීන් ආස්වාදන අභිනන්‍දන පරාමර්ශන ග්‍රහණ කාලයෙහි ආධ්‍යත්මාරම්මණය. අන්‍යයන්ගේ ස්කන්ධාදියෙහි මෙන්ම අනින්‍ද්‍රිය බද්ධ රූපත්කෘෂ්ණාදියෙහිද එසේම පවත්නා කාලයෙහි බහිද්ධාරම්මණය. තදුභය වශයෙන් (පැවැත්මේ දී) ආධ්‍යාත්ම බාහිර ආරම්මණය. දෘෂ්ටි විප්‍රයුක්තයන්හි ද මේ නයමය. හුදෙක් ඔවුන්ගේ වනාහි පරාමර්ශ ග්‍රහණයක් නැත. ප්‍රතිඝ සම්ප්‍රයුක්ත දෙක ද තම ස්කන්ධාදියෙහි තම ස්කන්ධාදියෙහි ද දෝමනස්ස ආධ්‍යාත්මාරම්මණය, අන්‍යයාගේ ස්කන්ධාදියෙහි මෙන්ම අනින්‍ද්‍රියබද්ධ රූප ප්‍රඥප්තීන්හි ද බහිද්ධාරම්මණය. විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්තගේ ද උක්තප්‍රකාර ධර්මයන්හි විචිකිච්ඡන ඵන්‍දභාව වශයෙන් පැවැත්මේදී ආධ්‍යාත්මාදී ආරම්මණතාව දතයුතුයි.

ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණානි , තිස‍්සො ච මනොධාතුයොති, ඉමෙ තෙරස චිත‍්තුප‍්පාදා අත‍්තනො රූපාදීනි ආරබ‍්භ පවත‍්තියං අජ‍්ඣත‍්තාරම‍්මණා, පරස‍්ස රූපාදීසු පවත‍්තා බහිද‍්ධාරම‍්මණා, තදුභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. සොමනස‍්සසහගතඅහෙතුකවිපාකමනොවිඤ‍්ඤාණධාතු පඤ‍්චද‍්වාරෙ සන‍්තීරණතදාරම‍්මණවසෙන අත‍්තනො පඤ‍්ච රූපාදිධම‍්මෙ, මනොද‍්වාරෙ තදාරම‍්මණවසෙනෙව අඤ‍්ඤෙපි අජ‍්ඣත‍්තිකෙ කාමාවචරධම‍්මෙ ආරබ‍්භ පවත‍්තියං අජ‍්ඣත‍්තාරම‍්මණා, පරෙසං ධම‍්මෙසු පවත‍්තමානා බහිද‍්ධාරම‍්මණා, උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. උපෙක‍්ඛාසහගතවිපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුද‍්වයෙපි එසෙව නයො. කෙවලං පනෙතා සුගතියං දුග‍්ගතියඤ‍්ච පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙනාපි අජ‍්ඣත‍්තාදිභෙදෙසු කම‍්මාදීසු පවත‍්තන‍්ති.

දෙපස් විඥාන තුන් මනෝධාතු යන මේ තෙළෙස් චිත්තෝත්පාද තමාගේ රූපාදිය අරබයා පැවැත්මේ දී ආධ්‍යාත්මාරම්මණ ය, අන්‍යයාගේ රූපාදියෙහි පැවතියේ බහිද්ධාරම්මණය, තදුභය වශයෙන් අධ්‍යාත්ම බාහිර ආරම්මණය, සෝමනස්ස සහගත අහේතුක විපාක මනෝවිඥාන ධාතු පංචද්වාරයෙහි සන්තීරණ තදාරම්මණ වශයෙන් තමාගේ පංචරූපාදී ධර්මයන් ද මනෝද්වාරයෙහි තදාරම්මණ වශයෙන් අන්‍ය වූ ආධ්‍යාත්මික කාමාවචර ධර්මයන් ද අරබයා පැවැත්වීමේදී ආධ්‍යාත්මාරම්මණය. අන්‍යයන්ගේ ධර්මයන්හි පවත්නාහු බහිද්ධාරම්මණයහ. උපාය වශයෙන් ආධ්‍යාත්ම බාහිර ආරම්මණයහ. උපේක්‍ෂා සහගත විපාක අහේතුක මනෝවිඥාන ධාතු දෙකෙහි ද මේ නයමය. හුදෙක් මේවා වනාහි සුගතියෙහි ද දුගතියෙහි ද ප්‍රතිසන්‍ධි භවංග චුති වශයෙන් ද අධ්‍යාත්මාදී භේද ඇති කර්මාදියෙහි පවතී.

අට‍්ඨ මහාවිපාකචිත‍්තානිපි තාසංයෙව ද‍්වින‍්නං සමානගතිකානි. කෙවලං පනෙතානි සන‍්තීරණවසෙන න පවත‍්තන‍්ති. පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙනෙව එතානි සුගතියංයෙව පවත‍්තන‍්ති. සොමනස‍්සසහගතාහෙතුකකිරියා පඤ‍්චද‍්වාරෙ අත‍්තනො රූපාදීනි ආරබ‍්භ පහට‍්ඨාකාරකරණවසෙන පවත‍්තියං අජ‍්ඣත‍්තාරම‍්මණා, පරස‍්ස රූපාදීසු පවත‍්තා බහිද‍්ධාරම‍්මණා. මනොද‍්වාරෙ තථාගතස‍්ස ජොතිපාලමාණවමඝදෙවරාජකණ‍්හතාපසාදිකාලෙසු අත‍්තනා කතකිරියං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස හසිතුප‍්පාදවසෙන පවත‍්තා අජ‍්ඣත‍්තාරම‍්මණා .

අෂ්ට මහාවිපාක සිත් ද ඒ දෙකටම සමානගතිකය. හුදෙක් මේවා වනාහි සන්තීරණ වශයෙන් (නො) පවතී. ප්‍රතිසන්ධි භවංග චුති වශයෙන්ම මේවා සුගතියෙහිම පවතී. සොම්නස් සසහගත අහේතුක කිරිය සිත් පංචද්වාරයෙහි තමාගේ රූපාදිය අරබයා පහටු ආකාර කිරීම් වශයෙන් පැවැත්මේ දී ආධ්‍යත්මාරම්මණය, අන්‍යයාගේ රූපාදියෙහි පවතිනවිට බහිද්ධාරම්මණය. මනෝද්වාරයේ දී තථාගතයන් වහන්සේ ජෝතිපාල මානව, මඛාදේව රාජ, කණ්හතාපස ආදී කාලයන්හි තමා කළ ක්‍රියා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට හසිතෝත්පාද වශයෙන් පැවතියේ ආධ්‍යත්මාරම්මණය.

මල‍්ලිකාය දෙවියා සන‍්තතිමහාමත‍්තස‍්ස සුමනමාලාකාරස‍්සාති එවමාදීනං කිරියාකරණං ආරබ‍්භ පවත‍්තිකාලෙ බහිද‍්ධාරම‍්මණා. උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. උපෙක‍්ඛාසහගතකිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු පඤ‍්චද‍්වාරෙ වොට‍්ඨබ‍්බනවසෙන මනොද‍්වාරෙ ච ආවජ‍්ජනවසෙන පවත‍්තියං අජ‍්ඣත‍්තාදිආරම‍්මණා. අට‍්ඨ මහාකිරියා කුසලචිත‍්තගතිකා එව. කෙවලඤ‍්හි තා ඛීණාසවානං උප‍්පජ‍්ජන‍්ති, කුසලානි සෙක‍්ඛපුථුජ‍්ජනානන‍්ති එත‍්තකමෙවෙත්‍ථ නානාකරණං.

මල්ලිකා දේවියට සන්තති මහ ඇමතිට සුමන මල්කරුට යැයි මේ ආදීන්ට ක්‍රියා කිරීම අරබයා පැවති කාලයෙහි බහිද්ධාරම්මණය. උභය වශයෙන් ආධ්‍යාත්ම බාහිර ආරම්මණය. උපේක්‍ෂා සහගත කිරිය අහේතුක මනෝවිඥාන ධාතුව පංච ද්වාරයෙහි වොත්‍ථපන වශයෙන් ද මනෝද්වාරයෙහි ආවර්ජන වශයෙන් ද පැවැත්මේ දී ආධ්‍යත්මාදී ආරම්මණය අට්ඨමහා මහාකිරියා කුසලචිත්ත ගතිකමය. හුදෙක් ඒවා ක්‍ෂීණාශ්‍රවයන්ට උපදී. කුසල් ශෛක්‍ෂ පෘථග්ජනයන්ට උපදී. මෙහි වෙනස මෙපමණය.

වුත‍්තප‍්පකාරෙ රූපාවචරචතුත්‍ථජ‍්ඣානෙ සබ‍්බත්‍ථපාදකචතුත්‍ථාදීනි පඤ‍්ච ඣානානි ඉමස‍්මිං තිකෙ ඔකාසං ලභන‍්ති. එතානි හි කසිණපණ‍්ණත‍්තිනිමිත‍්තාරම‍්මණත‍්තා බහිද‍්ධාරම‍්මණානි.

උක්තප්‍රකාර රූපාවචර චතුර්ථ ධ්‍යානයෙහි සර්වත්‍රපාදක චතුර්ථාදී පංචධ්‍යාන මේ ත්‍රිකයෙහි අවකාශ ලබයි. මේවා වනාහි කසිණ ප්‍රඥප්ති නිමිත්තාරම්මණ හෙයින් බහිද්ධාරම්මණය.

‘ඉද‍්ධිවිධචතුත්‍ථං’ කායවසෙන චිත‍්තං, චිත‍්තවසෙන වා කායං පරිණාමනකාලෙ අත‍්තනො කුමාරකවණ‍්ණාදිනිම‍්මානකාලෙ ච සකායචිත‍්තානං ආරම‍්මණකරණතො අජ‍්ඣත‍්තාරම‍්මණං, බහිද‍්ධා හත්‍ථිඅස‍්සාදිදස‍්සනකාලෙ බහිද‍්ධාරම‍්මණං, කාලෙන අජ‍්ඣත‍්තං කාලෙන බහිද‍්ධා, පවත‍්තියං අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

ඍද්ධිවිධ චතුර්ථිය කාය වශයෙන් සිත ද චිත්ත වශයෙන් කය ද වෙනස් කරන කාලයේදී ද තමාගේ කුමාරකවර්ණාදිය මවන කාලයේදී ද ස්වකීය කාය චිත්තයන් අරමුණු කරන හෙයින් අජ්ඣත්තාරම්මණය. බාහිර ඇත් අස් ආදීන් දක්වන කාලයේ දී බහිද්ධාරම්මණය. කාලයකදී ආධ්‍යාත්මය කාලයකදී බාහිරය. පැවැත්මේදී ආධ්‍යාත්ම බාහිරාරම්මණය.

‘දිබ‍්බසොතචතුත්‍ථං’ අත‍්තනො කුච‍්ඡිසද‍්දසවනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරෙසං සද‍්දසවනකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං. ‘චෙතොපරියඤාණචතුත්‍ථං’ පරෙසං චිත‍්තාරම‍්මණතො බහිද‍්ධාරම‍්මණමෙව. අත‍්තනො චිත‍්තජානනෙ පන තෙන පයොජනං නත්‍ථි. ‘පුබ‍්බෙනිවාසචතුත්‍ථං’ අත‍්තනො ඛන්‍ධානුස‍්සරණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස ඛන්‍ධෙ, අනිද්‍රියබද‍්ධරූපං, තිස‍්සො ච පණ‍්ණත‍්තියො අනුස‍්සරණතො බහිද‍්ධාරම‍්මණං, උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං.

දිව්‍යශ්‍රෝත චතුර්ථිය තමාගේ කුසෙහි ශබ්ද අසන කාලයෙහි ආධ්‍යාත්මාරම්මණය. අන්‍යයන්ගේ ශබ්දය අසන කාලයෙහි බහිද්ධාරම්මණය. උභය වශයෙන් ආධ්‍යාත්ම බාහිර ආරම්මණය. චේතෝපර්යාය ඥාන චතුර්ථය අන්‍යයන්ගේ සිත් අරමුණු හෙයින් බහිද්ධාරම්මණමය. තමාගේ සිත දැනීමේ දී වනාහි එයින් ප්‍රයෝජනයක් නැත. පූර්වේනිවාස චතුර්ථිය තමාගේ ස්කන්‍ධ අනුස්මරණ කාලයෙහි ආධ්‍යත්මාරම්මණය. අන්‍යයාග් ස්කන්ධ අනින්‍ද්‍රියබද්ධ රූපය ත්‍රිවිධ ප්‍රඥප්ති අනුස්මරණය කරන්නාට බහිද්ධාරම්මණය. උභය වශයෙන් ආධ්‍යාත්ම බහිද්ධාරම්මණය.

‘දිබ‍්බචක‍්ඛුචතුත්‍ථං’ අත‍්තනො කුච‍්ඡිගතාදිරූපදස‍්සනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, අවසෙසරූපදස‍්සනකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං. ‘අනාගතංසඤාණචතුත්‍ථං’ අත‍්තනො අනාගතක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං, පරස‍්ස අනාගතක‍්ඛන්‍ධානං වා අනින්‍ද්‍රියබද‍්ධස‍්ස වා රූපස‍්ස අනුස‍්සරණකාලෙ බහිද‍්ධාරම‍්මණං, උභයවසෙන අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණං. ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්ස නවත‍්තබ‍්බාරම‍්මණතාය කාරණං හෙට‍්ඨා වුත‍්තමෙව.

දිව්‍යචක්‍ෂු චතුර්ථිය තමාගේ කුක්‍ෂිගත රූපාදිය දක්නා කාලයේ දී ආධ්‍යාත්මාරම්මණය. අවශේෂ රූප දක්නා කාලයේ දී බහිද්ධාරම්මණය. උභය වශයෙන් ආධ්‍යාත්ම බහිද්ධාරම්මණය. අනාගතංශ ඥාන චතුර්ථිය තමාගේ අනාගත ස්කන්‍ධ අනුස්මරණ කාලයේදී ආධ්‍යත්මාරම්මණය, අන්‍යයාගේ අනාගත ස්කන්‍ධ හෝ අනින්‍ද්‍රිය බද්ධ රූපයන් අනුස්මරණය කරන කාලයේ දී බහිද්ධා රම්මණය, උභය වශයෙන් ආධ්‍යාත්ම බහිද්ධාරම්මණය, ආකිඤ්චඤ්ඤායතනය නවත්තබ්බාරම්මණ බැවින් කාරණය යට කියන ලදමය.