යෙදුමෙන් කියවන්න

තිකං

1383. කතමෙ ධම‍්මා කුසලා:

1383. කුශලධර්‍මයෝ කවරහ යත්:

චතූසු භූමිසු කුසලං, ඉමෙ ධම‍්මා කුසලා.

සතර භූමියෙහි කුශල යැ. මේ ධර්‍මයෝ කුශලයෝ යි.

1384. කතමෙ ධම‍්මා අකුසලා:

1384. අකුශලධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුපාදා, ඉමෙ ධම‍්මා අකුසලා.

දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

1385. කතමෙ ධම‍්මා අව්‍යාකතා:

1385. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්:

චතූසු භූමිසු විපාකො, තීසු භූමීසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

සතර භූමියෙහි විපාකය ද තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

1386. කතමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා:

1386. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචරකුසලස‍්ස විපාකතො ච කිරියතො ච පඤ‍්ච, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං සුඛං වෙදනං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කාමාවචරකුශලයෙන් සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ යැ අකුශලයෙන් (සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ) සතර දෙන යැ කාමාවචරකුශලයාගේ විපාකයෙන් ද ක්‍රියායෙන් ද (සෝමනස්සසහගත විපාක සතරයැ හසිතුප්පාදචිත්තය දැ යි චිත්තෝපාදයෝ) පස්දෙන යැ කුශලයෙන් ද විපාකයෙන් ද ක්‍රියායෙන් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ කුශලයෙන් ද විපාකයෙන් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ යන මොහු යැ. මෙහි උපන් සුඛවේදනාව තබා මේ ධර්‍මයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.

1387. කතමෙ ධම‍්මා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා:

1387. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙ දොමනස‍්සසහගතා චිත‍්තුප‍්පාදා, දුක‍්ඛසහගතං කායවිඤ‍්ඤාණං එත්‍ථුප‍්පන‍්නං දුක‍්ඛං වෙදනං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුක්සහගිය කායවිඥාන යි. මෙහි උපන් දුඃඛවේදනාව තබා මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.

1388. කතමෙ ධම‍්මා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා:

1388. අදුඃඛාසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස‍්ස විපාකතො දස, අකුසලස‍්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචරං චතුත්‍ථං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො අරූපාවචරා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං චතුත්‍ථං ඣානං කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං අදුක‍්ඛමසුඛං වෙදනං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කාමාවචර - කුශලයන් කෙරෙන් සතර උපේක්‍ෂා සහගත චිත්තෝත්පාදයෝ යැ. අකුශලයන් කෙරෙන් (චිත්තෝත්පාද) සයෙක. කාමාවචර කුශලවිපාකයන් කෙරෙන් දශයෙක. අකුශලවිපාකයන් කෙරෙන් සයෙක. ක්‍රියා සිත් අතුරෙන් සයෙක. කුශල විපාක - ක්‍රියා විසින් රූපාවචර චතුථිධ්‍යනය ද කුශල විපාක - ක්‍රියා විසින් සතර අරූපාවචරයෝ ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර චතුථිධ්‍යනය ද යන මෙහි උපන් අදුක්ඛමසුඛවේදනාව තබා මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.

තිස‍්සො ච වෙදනා රූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි, අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි.

ත්‍රිවිධ වේදනාවෝ ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ‘සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’ යි ද ‘දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද ‘අදුක්මසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද නො කියැයුත්තාහ.

1389. කතමෙ ධම‍්මා විපාකා:

1389. විපාකධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමීසු විපාකො, ඉමෙ ධම‍්මා විපාකා.

සතර භූමියෙහි විපාක යැ. මේ විපාකයෝ යි.

1390. කතමෙ ධම‍්මා විපාකධම‍්මධම‍්මා:

1390. විපාකස්වභාවධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමීසු කුසලං, අකුසලං, ඉමෙ ධම‍්මා විපාකධම‍්මධම‍්මා.

සතර භූමියෙහි කුශල යැ, අකුශල යැ යන මේ ධර්‍මයෝ විපාකස්වභාව ධර්‍මයෝ යි.

1391. කතමෙ ධම‍්මා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා:

1391. නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කිරියාව්‍යාකතං රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.

තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ යි.

1392. කතමෙ ධම‍්මා උපාදින‍්නුපාදානියා:

1392.උපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු විපාකො, යං ච රූපං කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා උපාදින‍්නුපාදානියා.

තුන් භූමියෙහි විපාක ද කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් වේ ද, මොහු උපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.

1393. කතමෙ ධම‍්මා අනුපාදින‍්නුපාදානියා:

1393. අනුපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමීසු කිරියාව්‍යාකතං, යං ච රූපං න කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නුපාදානියා.

තුන් භූමියෙහි කුශල යැ අකුශල යැ තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මොහු අනූපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.

1394. කතමෙ ධම‍්මා අනුපාදින‍්නඅනුපාදානියා.

1394. අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නඅනුපාදානියා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ යි.

1395. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා:

1395. සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා.

දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මොහු සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ යි.

1396. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා:

1396. අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා.

තුන් භූමියෙහි කුශල යැ තුන් භූමියෙහි විපාක යැ තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ යි.

1397. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨඅසඞ‍්කිලෙසිකා:

1397. අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨඅසඞ‍්කිලෙසිකා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ යි.

1398. කතමෙ ධම‍්මා සවිතක‍්කසවිචාරා:

1398. සවිතර්‍කසවිචාර ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරං කුසලං, අකුසලං, කාමාවචරකුසලස‍්ස විපාකතො එකාදස චිත‍්තුප‍්පාදා, අකුසලස‍්ස විපාකතො ද‍්වෙ, කිරියතො එකාදස, රූපාවචරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච එත්‍ථුප‍්පන‍්නෙ විතක‍්කවිචාරෙ ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සවිතක‍්කසවිචාරා.

කාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචර කුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලවිපාකයෙන් දෙකෙක, ක්‍රියායෙන් එකොළොසෙක, කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යානය යැ, යන මෙතෙක් තැන්හි උපන් විතර්‍කවිචාරයන් තබා මේ ධර්‍මයෝ සවිතර්‍කසවිචාරයෝ යි.

1399. කතමෙ ධම‍්මා අවිතක‍්කවිචාරමත‍්තා:

1399. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ කවරහ යත්:

රූපාවචරපඤ‍්චකනයෙ දුතියං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරපඤ‍්චකනයෙ දුතියං ඣානං කුසලතො ච විපාකතො ච එත්‍ථුප‍්පන‍්නං විචාරං ඨපෙත්‍වා, විතක‍්කො ච, ඉමෙ ධම‍්මා අවිතක‍්කවිචාරමත‍්තා.

කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර පඤ්චකනයෙහි ද්විතීයධ්‍යානය ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානය ද මෙහි උපන් විචාරය තබා, විතර්‍කය ද යන මොහු අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ යි.

1400. කතමෙ ධම‍්මා අවිතක‍්කඅවිචාරා:

1400. අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ කවරහි යත්:

ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, රූපාවචරතිකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකජ‍්ඣානා කුසලොතො ච විපාකතො ච, පඤ‍්චකනයෙ දුතියජ‍්ඣානෙ උප‍්පන‍්නො ච විචාරො, රූපඤ‍්ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අවිතක‍්කඅවිචාරා.

දෙ පස් විඥානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් සතර ආරුප්‍යයෝද , කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රිකධ්‍යානයෝ ද,පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානයේ උපන් විචාරය ද, රූපය ද, නිර්‍වාණය ද යන මොහු අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ යි.

විතක‍්කසහජාතො විචාරො න වත‍්තබ‍්බො සවිතක‍්කසවිචාරොතිපි, අවිතක‍්කවිචාරමත‍්තොතිපි, අවිතක‍්කඅවිචාරොතිපි.

විතර්‍කසහජාතක වූ විචාරය සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යයි ද, අවිතර්‍කඅවිචාර යයි ද නො කියැයුත්තේ යි.

1401. කතමෙ ධම‍්මා පීතිසහගතා:

1401. ප්‍රීතිසහගත ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචරකුසලස‍්ස විපාකතො පඤ‍්ච, කිරියතො පඤ‍්ච, රූපාවචරදුකතිකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරදුකතිකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච එත්‍ථුප‍්පන‍්නං පීතිං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා පීතිසහගතා.

කාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සොම්නස් සහගිය) සතර චිත්තෝත්පාදයෝ ද,කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි (සිත්) පසෙක් ද, ක්‍රියාචිත්තයන් කෙරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක විසින් ලෝකෝත්තර ද්වික - ත්‍රිකධ්‍යානයෝ ද යන මෙහි උපන් ප්‍රීතිය තබා, මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.

1402. කතමෙ ධම‍්මා සුඛසහගතා:

1402. සුඛසහගත ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචර කුසලස‍්ස විපාකතො ඡ, කිරියතො පඤ‍්ච, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච එත්‍ථුප‍්පන‍්නං සුඛං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සුඛසහගතා.

කාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සතරෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙන් සයෙක් ද, ක්‍රියා (සිත්) අතුරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද, කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද යන මෙහි උපන් සුවය තබා, මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.

1403. කතමෙ ධම‍්මා උපෙක‍්ඛාසහගතා:

1403. උපේක්‍ෂාසහගත ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො ඡ, කාමාවචරස‍්ස කුසලස‍්ස විපාකතො දස, අකුසලස‍්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචරං චතුත්‍ථං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං චතුත්‍ථං ඣානං කුසලතො ච විපාකතො ච එත්‍ථුප‍්පන‍්නං උපෙක‍්ඛං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා උපෙක‍්ඛාසහගතා.

කාමාවචර කුශලයන් කෙරෙහි සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සයෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි දසයෙක, අකුශලවිපාකයෙහි සයෙක, ක්‍රියායෙහි සයෙක, කුශලවිපාක ක්‍රියා විසින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, කුශලවිපාක විසින් ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ යන මෙහි උපන් උපේක්‍ෂාව තබා, මේ ධර්‍මයෝ උපේක්‍ෂා සහගතතයෝ යි.

පීති න පීතිසහගතා, සුඛසහගතා න උපෙක‍්ඛා සහගතා, සුඛං න සුඛසහගතං සියා පීතිසහගතං න උපෙක‍්ඛාසහගතං, සියා න වත‍්තබ‍්බං පීතිසහගතන‍්ති. ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා දුක‍්ඛසහගතං කායවිඤ‍්ඤාණං, යා ච වෙදනා උපෙක‍්ඛා, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා පීතිසහගතාතිපි, සුඛසහගතාතිපි, උපෙක‍්ඛාසහගතාතිපි.

ප්‍රීතිය ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත යැ, උපේක්‍ෂාසහගත නො වේ. සුඛය සුඛසහගත නො වෙයි, ප්‍රීතිසහගත වන්නේ යැ, උපේක්‍ෂාසහගත නො වේ, ප්‍රීතිසහගත යයි නො කියැයුතු ද වන්නේ යැ. දොම්නස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුඃඛසහගත කායවිඥාන යැ උපේක්‍ෂාවේදනාව ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යයි ද සුඛසහගතයෝ යයි ද උපේක්‍ෂාසහගතයෝ යයි ද නො කියැයුත්තාහ.

1404. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා:

1404. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාදය යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.

1405. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා:

1405. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා.

ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යැ.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා දස‍්සනෙන පහාතබ‍්බා සියා භාවනාය පහාතබ‍්බා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ.

1406. කතමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා

1406. නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද නො වූ ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමීසු කුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

සතරභූමියෙහි කුශල යැ සතරභූමියෙහි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපයද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.

1407. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා:

1407. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, එත්‍ථුප‍්පන‍්නං මොහං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු යි.

1408. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා:

1408. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, එත්‍ථුප‍්පන‍්නං මොහං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා.

ඖද්ධත්‍යසහගත චිත්තෝපාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා, සියා භාවනාය පහාතබ‍්බහෙතුකා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ.

1409. කතමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා:

1409. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:

විචිකිච‍්ඡාසහගතො මොහො, උද‍්ධච‍්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

විචිකිච්ඡා සහගත මෝහ යැ ඖද්ධත්‍ය සහගත මෝහ යැ සියුබිම්හි කුශල යැ සියුබිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.

1410. කතමෙ ධම‍්මා ආචයගාමිනො:

1410. ආචයගාමී ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, අකුසලං, ඉමෙ ධම‍්මා ආචයගාමිනො.

තුන්බිම්හි කුශල යැ අකුශල යැ යන මොහු ආචයගාමී (ප්‍රතිසන්‍ධි, ච්‍යුති, ගති, ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යි.

1411. කතමෙ ධම‍්මා අපචයගාමිනො:

1411. අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා අපචයගාමිනො.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යි.

1412. කතමෙ ධම‍්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො:

1412. නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නෙව ආචයගාමිනො න අපචයගාමිනො.

සතර බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, මොහු නො මැ ආචයගාමී නො අපචයගාමී ධර්‍මයෝ යි.

1413. කතමෙ ධම‍්මා සෙඛා:

1413. ශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, හෙට‍්ඨිමානි ච තීණි සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා සෙඛා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද හෙට්ඨිම් වූ තුන් ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු ශෛක්‍ෂධර්‍මයෝ යි.

1414. කතමෙ ධම‍්මා අසෙඛා:

1414. අශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:

උපරිට‍්ඨිමං අරහත‍්තඵලං, ඉමෙ ධම‍්මා අසෙඛා.

මතුයෙහි සිටි අර්‍හත්ඵලය යි. මේධර්‍මයෝ අශෛක්‍ෂයෝ යි.

1415. කතමෙ ධම‍්මා නෙවසෙඛා නාසෙඛා:

1415. නො මැ ශෛක්‍ෂ වූ ද නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නෙවසෙඛා නාසෙඛා.

තුන්බිම්හි කුශල යැ අකුශල යැ තුන්බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.

1416. කතමෙ ධම‍්මා පරිත‍්තා:

1416. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලං, අකුසලං, සබ‍්බො කාමාවචරස‍්ස විපාකො, කාමාවචරකිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා පරිත‍්තා.

කාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචරයාගේ හැම විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු පරිත්තධර්‍මයෝ යි.

1417. කතමෙ ධම‍්මා මහග‍්ගතා:

1417. මහද්ගතධර්‍මයෝ කවරහ යත්:

රූපාවචරා අරූපාවචරා කුසලාව්‍යාකතා, ඉමෙ ධම‍්මා මහග‍්ගතා.

රූපාවචර අරූපාවචර කුශලාව්‍යාකෘතයෝ ය. මොහු මහද්ගත ධර්‍මයෝ යි.

1418. කතමෙ ධම‍්මා අප‍්පමාණා:

1418. අප්‍රමාණධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අප‍්පමාණා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අප්‍රමාණධර්‍මයෝ යි.

1419. කතමෙ ධම‍්මා පරිත‍්තාරම‍්මණා:

1419. පරිත්තාලම්බන ධර්‍මයෝ කවරහ යත්:

සබ‍්බො කාමාවචරස‍්ස විපාකො, කිරියාමනොධාතු, කිරියාහෙතුක මනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතා, ඉමෙ ධම‍්මා පරිත‍්තාරම‍්මණා.

සියලු කාමාවචර විපාක යැ ක්‍රියා මනෝධාතු යැ සොම්නස් සහගිය ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු යැ යන මොහු පරිත්තාලම්බනධර්‍මයෝ යි.

1420. කතමෙ ධම‍්මා මහග‍්ගතාරම‍්මණා:

1420. මහද්ගතාලම්බනධර්‍මයෝ කවරහ යත්:

විඤ‍්ඤාණඤ‍්චායතනං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, ඉමෙ ධම‍්මා මහග‍්ගතාරම‍්මණා.

විඤ්ඤාණඤ්චායතන යැ නේසවඤ්ඤානාසඤ්ඤයතන යැ යන මොහු මහද්ගතාලම්බනාධර්‍මයේ යි.

1421. කතමෙ ධම‍්මා අප‍්පමාණාරම‍්මණා?

1421. අප්‍රමාණාලම්බන ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා අප‍්පමාණාරම‍්මණා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු අප්‍රමාණාලම්බන ධර්‍මයෝ යැ.

කාමාවචරකුසලතො චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, කිරියතො චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, සබ‍්බං අකුසලං, ඉමෙ ධම‍්මා සියා පරිත‍්තාරම‍්මණා, සියා මහග‍්ගතාරම‍්මණා, න අප‍්පමාණාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා පරිත‍්තාරම‍්මණාතිපි, මහග‍්ගතාරම‍්මණාතිපි.

කාමාවචර කුශලයෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ. ක්‍රියායෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ සියලු අකුශල යැ යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන නො වෙති. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද නො කියයුතු ද වන්නාහ.

කාමාවචරකුසලතො චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, කිරියතො චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, රූපාවචරචතුත්‍ථං ඣානං කුසලතො ච කිරියතො ච, කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතා, ඉමෙ ධම‍්මා සියා පරිත‍්තාරම‍්මණා, සියා මහග‍්ගතාරම‍්මණා, සියා අප‍්පමාණාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා පරිත‍්තාරම‍්මණාතිපි, මහග‍්ගතාරම‍්මණාතිපි, අප‍්පමාණාරම‍්මණාතිපි.

කාමාවචර කුශලයෙහි සතර ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ ද ක්‍රියායෙහි සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයෝ ද කුශලක්‍රියා හෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය ද උපේක්‍ෂාසහගත ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු ද යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන වන්නාහ. මහද්ගතාලම්බන ද වන්නාහ. අප්‍රමාණාලම්බන ද වන්නාහ. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බනහ’යි ද නො කියැ යුතු ද වන්නාහ.

රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්‍ථස‍්ස ඣානස‍්ස විපාකො, ආකාසානඤ‍්චායතනං, ආකිඤ‍්චඤ‍්ඤායතනං, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා පරිත‍්තාරම‍්මණාතිපි, මහග‍්ගතාරම‍්මණාතිපි.

කුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද චතුර්‍ත්‍ථධ්‍යානයාගේ විපාකය ද ආකාසානඤ්චායතනය ද ආකිඤ්චඤ්ඤායතනය ද යන මේ ධර්‍මයෝ ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බන’යි ද නො කියැයුත්තාහ.

රූපං ච නිබ‍්බානං ච අනාරම‍්මණා.

රූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ ය.

1422. කතමෙ ධම‍්මා හීනා:

1422. හීන ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා හීනා.

දොළොස් අකුශල චිත්තෝත්පාදයෝ යැ. මොහු හීන ධර්‍මයෝ යි.

1423. කතමෙ ධම‍්මා මජ‍්ඣිමා:

1423. මධ්‍යම ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා මජ‍්ඣිමා:

තුන්බිමැ කුශල යැ තුන්බිමැ විපාක යැ තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ හැම රූපය ද යන මොහු මධ්‍යම ධර්‍මයෝ යි.

1424. කතමෙ ධම‍්මා පණීතා:

1424. ප්‍රණීත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා පණීතා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ප්‍රණීත ධර්‍මයෝ යි.

1425. කතමෙ ධම‍්මා මිච‍්ඡත‍්තනියතා:

1425. මිථ්‍යාත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා මිච‍්ඡත‍්තනියතා සියා අනියතා.

දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වන්නාහ, අනියත ද වන්නාහු ය.

1426. කතමෙ ධම‍්මා සම‍්මත‍්තනියතා:

1426. සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා සම‍්මත‍්තනියතා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ යි.

1427. කතමෙ ධම‍්මා අනියතා:

1427. අනියත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, තීසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනියතා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අනියතයෝ යි.

1428. කතමෙ ධම‍්මා මග‍්ගාරම‍්මණා:

1428. මාර්‍ගාලම්බනධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, කිරියතො චත‍්තාරො ඤාණසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා මග‍්ගාරම‍්මණා, න මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාතිපි මග‍්ගාධිපතිනොතිපි.

කාමාවචර කුශලයන් කෙරෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, ක්‍රියායෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහු යැ, මාර්‍ගහේතුක නො වෙති. මාර්‍ගාධිපති වන්නාහු යැ, මාර්‍ගාලම්බනාහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කියැයුතු ද වන්නාහු යැ.

චත‍්තාරො අරියමග‍්ගා න මග‍්ගාරම‍්මණා, මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගාධිපතිනොති.

සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ මාර්‍ගාලම්බන මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපතිහ’යි නො කියැයුතු ද වන්නාහ.

රූපාවචරචතුත්‍ථජ‍්ඣානං කුසලතො ච කිරියතො ච, කිරියාහෙතුක මනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතා, ඉමෙ ධම‍්මා සියා මග‍්ගාරම‍්මණා, න මග‍්ගහෙතුකා න මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති.

කුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, උපේක්‍ෂාසහගත ක්‍රියාහේතුක මනෝවිඥාන ධාතු යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති නො වෙති, ‘මාර්‍ගාලම්බනහ’යි නො කියැයුතු ද වන්නාහ.

කාමාවචරකුසලතො චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, සබ‍්බං අකුසලං, සබ‍්බො කාමාවචරස‍්ස විපාකො, කිරියතො ඡ චිත‍්තුප‍්පාදා, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්‍ථස‍්ස ඣානස‍්ස විපාකො, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාතිපි, මග‍්ගහෙතුකාතිපි, මග‍්ගාධිපතිනොතිපි, රූපං ච නිබ‍්බානං ච අනාරම‍්මණා.

කාමාවචර කුශලයන් කෙරෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, සියලු කාමාවචර විපාක යැ, ක්‍රියා විසින් චිත්තෝත්පාදයෝ සදෙනෙකැ, කුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, කුශලවිපාකක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මේ දහම්හු මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නොකියැයුත්තාහ. රූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ යි.

1429. කතමෙ ධම‍්මා උප‍්පන‍්නා:

1429. උත්පන්නධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමීසු විපාකො, යං ච රූපං කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා සියා උප‍්පන‍්නා, සියා උප‍්පාදිනො, න වත‍්තබ‍්බා අනුප‍්පන‍්නාති.

චාතුර්භූමක විපාක යැ, කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න වෙති, උත්පාදී ද වෙත්, අනුත්පන්නයහ’යි නො කියයුත්තාහ.

චතුසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු කිරියාව්‍යාකතං, යං ච රූපං න කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනොති.

චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න ද වෙති. අනුත්පන්න ද වෙති ‘උත්පාදීහ’යි නො කියැයුත්තාහ.

නිබ‍්බානං න වත‍්තබ‍්බං උප‍්පන‍්නන‍්තිපි අනුප‍්පන‍්නන‍්තිපි උප‍්පාදිනොතිපි.

නිර්‍වාණය උත්පන්න යයි ද, අනුත්පන්න යයි ද, උත්පාදී යයි ද නො කියැයුතු ය.

1430. කතමෙ ධම‍්මා අතීතා:

1430. අතීතධර්‍මයෝ කවරහ යත්:

නිබ‍්බානං ඨපෙත්‍වා සබ‍්බෙ ධම‍්මා සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා, නිබ‍්බානං න වත‍්තබ‍්බං අතීතන‍්තිපි අනාගතන‍්තිපි පච‍්චුප‍්පන‍්නන‍්තිපි.

නිවන තබා හැම දහම්හු අතීත වෙති, අනාගත වෙති, ප්‍රත්‍යුපන්න වෙති. නිවන අතීත යයි ද, අනාගත යයි ද, ප්‍රත්‍යුපන්න යයි ද නො කියැයුතු යැ.

1431. කතමෙ ධම‍්මා අතීතාරම‍්මණා:

1431. අතීතාලම්බන ධර්‍මයෝ කවරහ යත්:

විඤ‍්ඤාණඤ‍්චායතනං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, ඉමෙ ධම‍්මා අතීතාරම‍්මණා:

විඤ්ඤාණඤ්චායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වන්නාහ.

1432. නියතඅනාගතාරම‍්මණා නත්‍ථි.

1432. නියත අනාගතාලම්බනයෝ නැත්තාහ.

1433. කතමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා:

1433. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙපඤ‍්චවිඤ‍්ඤාණානි, තිස‍්සො ච මනොධාතුයො, ඉමෙ ධම‍්මා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

ද්විපඤ්චවිඥානයෝ යැ, තුන් මනෝධාතුහු දැ යි මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති.

කාමාවචරකුසලස‍්ස විපාකතො දස චිත‍්තුප‍්පාදා, අකුසලස‍්ස විපාකතො මනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතා, කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතා, ඉමෙ ධම‍්මා සියා අතීතාරම‍්මණා සියා අනාගතාරම‍්මණා සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

කාමාවචර කුශලවිපාකයෙන් චිත්තෝත්පාදයෝ දසදෙනෙකැ, අකුශල විපාකයෙන් උපේක්‍ෂාසහගත මනෝවිඥානධාතු යැ ,සෞමනස්‍යසහගත ක්‍රියාහේතුක මනෝවිඥානධාතු යැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති, අනාගතාලම්බන ද වෙති, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වෙත්.

කාමාවචරකුසලං, අකුසලං, කිරියතො නව චිත‍්තුප‍්පාදා, රූපාවචරං චතුත්‍ථං ඣානං කුසලතො ච කිරියතො ච, ඉමෙ ධම‍්මා සියා අතීතාරම‍්මණා සියා අනාගතාරම‍්මණා සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා; සියා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපි අනාගතාරම‍්මණාතිපි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාතිපි.

කාමාවචර කුශල යැ, අකුශල යැ, ක්‍රියා හෙයින් නවචිත්තෝත්පාදයෝ යැ, කුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුරුත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති. අනාගතාලම්බන ද වෙති. ප්‍රත්‍යුපන්නාලම්බන ද වෙති. අතීතාලම්බන යයි ද අනාගතාලම්බන යයි ද ප්‍රත්‍යුපන්නාලම්බන යයි ද නො කියැයුත්තාහු ද වෙත්.

රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්‍ථස‍්ස ඣානස‍්ස විපාකො, ආකාසානඤ‍්චායතනං ආකිඤ‍්චඤ‍්ඤායතනං, චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාතිපි අනාගතාරම‍්මණාතිපි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාතිපි. රූපං ච නිබ‍්බානං ච අනාරම‍්මණා.

කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද, චතුර්‍ත්‍ථධ්‍යානවිපාක යැ, ආකාසානඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතනයැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයේ යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති’යි ද අනාගතාලම්බන වෙති’යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති’යි ද නො කියැයුත්තාහ. රූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.

1434. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තා:

1434. අධ්‍යාත්මධර්‍මයෝ කවරහ යත්:

අනින්‍ද්‍රියබද‍්ධරූපං ච නිබ‍්බානං ච ඨපෙත්‍වා සබ‍්බෙ ධම‍්මා සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා, අනින්‍ද්‍රියබද‍්ධරූපං ච නිබ‍්බානං ච බහිද‍්ධා.

අනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා තබා සියලු ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති, බාහිර ද වෙති, අධ්‍යාත්ම බාහිර ද වෙත්. අනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා බාහිර යි.

1435. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තාරම‍්මණා:

1435. අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ කවරහ යත්:

විඤ‍්ඤාණඤ‍්චායතනං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තාරම‍්මණා:

විඤ්ඤාණඤ්චායාතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙත්.

1436. කතමෙ ධම‍්මා බහිද‍්ධාරම‍්මණා:

1436. බාහ්‍යාලම්බනධර්‍මයෝ කවරහයත්:

රූපාවචර තිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චතුත්‍ථස‍්ස ඣානස‍්ස විපාකො, ආකාසානඤ‍්චායතනං, චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි. ඉමෙ ධම‍්මා බහිද‍්ධාරම‍්මණා.

කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, ආකාසානඤ්චායතන යැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැයි මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙත්.

රූපං ඨපෙත්‍වා සබ‍්බෙව කාමාවචරා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා, රූපාවචරං, චතුත්‍ථං ඣානං කුසලතො ච කිරියතො ච, ඉමෙ ධම‍්මා සියා අජ‍්ඣත‍්තාරම‍්මණා සියා බහිද‍්ධාරම‍්මණා සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා.

රූපය තබා සියලු මැ කාමාවචර කුශලාකුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ. කුශල හෙයින් ද අකුශල හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති, බාහ්‍යාලම්බන වෙති, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වෙත්.

ආකිඤ‍්චඤ‍්ඤායතනං න වත‍්තබ‍්බං අජ‍්ඣත‍්තාරම‍්මණන‍්තිපි බහිද‍්ධාරම‍්මණන‍්තිපි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණන‍්තිපි.

ආකිඤ්චඤ්ඤායතනය ආධ්‍යාත්මාලම්බන යයි ද බාහ්‍යාලම්බන යයි ද ආධ්‍යාත්මබාහ්‍යාලම්බන යයි ද නො කියැයුතු යැ.

රූපං ච නිබ‍්බානං ච අනාරම‍්මණා.

රූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.

1437. කතමෙ ධම‍්මා සනිදස‍්සනසප‍්පටිඝා:

1437. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:

රූපායතනං, ඉමෙ ධම‍්මා සනිදස‍්සනසප‍්පටිඝා.

රූපායතන යි, මේ ධර්‍මයෝ සනිදර්‍ශනසප්‍රතිඝ වෙත්:

1438. කතමෙ ධම‍්මා අනිදස‍්සනසප‍්පටිඝා:

1438. අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:

චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉමෙ ධම‍්මා අනිදස‍්සනසප‍්පටිඝා.

චක්‍ෂුරායතන යැ ... සප්‍රෂ්ටව්‍යාතන යි, මේ ධර්‍මයෝ අනිදර්‍ශනසප්‍රතිඝ වෙත්.

1439. කතමෙ ධම‍්මා අනිදස‍්සනඅප‍්පටිඝා:

1439. අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, යං ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනිදස‍්සනඅප‍්පටිඝා.

චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.

තිකං

ත්‍රිකධර්‍ම යි.