යෙදුමෙන් කියවන්න

හෙතු ගොච‍්ඡකං

1440. කතමෙ ධම‍්මා හෙතු:

1440. හේතුධර්‍මයෝ කවරහ යත්:

තයො කුසලහෙතු, තයො අකුසලහෙතු, තයො අව්‍යාකතහෙතු.

තුන් කුශලහේතූහු යැ, තුන් අකුශලහේතූහු යැ, තුන් අව්‍යාකෘතහේතූහු යි.

අලොභො කුසලහෙතු අදොසො කුසලහෙතු චතුසු භූමිසු කුසලෙසු උප‍්පජ‍්ජන‍්ති, අමොහො කුසලහෙතු කාමාවචරකුසලතො චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු කුසලෙසු උප‍්පජ‍්ජති.

අලෝභ කුශලහේතු හා අද්වේෂ කුශල හේතු හා චාතුර්භූමක කුශලයෙහි උපදිති. අමෝහ කුශලහේතුව කාමාවචර කුශලයෙන් සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක කුශලයෙහි උපදී.

ලොභො අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දොසො ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, මොහො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති.

ලෝභය ලෝභසහගත චිත්තෝත්පාද අටෙහි උපදී, ද්වේෂය දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙකෙහි උපදී, මෝහය සියලු අකුශලයන්හි උපදී.

අලොභො විපාකහෙතු, අදොසො විපාකහෙතු, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකෙසු උප‍්පජ‍්ජන‍්ති.

අලෝභවිපාකහේතුව හා අදෝසවිපාකහේතුව හා දෙක කාමාවචරවිපාකයෙහි අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයෙහි උපදිත්.

අමොහො විපාකහෙතු කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිතුප‍්පාදෙ ඨපෙත්‍වා, චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා, චතුසු භූමිසු විපාකෙසු උප‍්පජ‍්ජති.

අමෝහවිපාකහේතුව කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපකායෙහි උපදී.

අලොභො කිරියහෙතු අදොසො කිරියහෙතු, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමිසු කිරියෙසු උප‍්පජ‍්ජන‍්ති,

අලෝභක්‍රියාහේතු හා අදෝසක්‍රියාහේතු හා මොහු කාමාවචරක්‍රියායෙන් අහේතුකචිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදිත්.

අමොහො කිරියහෙතු කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා, චත‍්තාරො ඤාණවිප‍්පයුත‍්තෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා, තීසු භූමීසු කිරියෙසු උප‍්පජ‍්ජති, ඉමෙ ධම‍්මා හෙතු.

අමෝහක්‍රියාහේතුව කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදී. මේ ධර්‍මයෝ හේතූහු වෙත්.

1441. කතමෙ ධම‍්මා න හෙතු:

1441.හේතු නොවන ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා හෙතු, චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකො තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න හෙතු.

හේතුධර්‍ම තබා චාතුර්භූමක කුශල යැ, අකුශ යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතු නොවන ධර්‍මයෝ යි.

1442. කතමෙ ධම‍්මා සහෙතුකා:

1442. සහේතුක ධර්‍මයෝ කවරහ යත්:

විචිකිච‍්ඡාසහගතං උද‍්ධච‍්චසහගතං මොහං ඨපෙත්‍වා, අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමිසු කිරියාව්‍යාකතං, ඉමෙ ධම‍්මා සහෙතුකා.

විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, මේ ධර්‍මයෝ සහේතුකයෝ යි.

1443. කතමෙ ධම‍්මා අහෙතුකා:

1443. අහේතුක ධර්‍මයෝ කවරහ යත්:

විචිකිච‍්ඡා සහගතො මොහො, උද‍්ධච‍්චසහගතො මොහො, ද‍්වෙ පඤ‍්ච විඤ‍්ඤාණානි, තිස‍්සො ච මනොධාතුයො, පඤ‍්ච ච අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුයො, රූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අහෙතුකා.

විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතූහු ද පස් අහේතුක මනෝවිඥානධාතූහු ද රූපය නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අහේතුකයෝ යි.

1444. කතමෙ ධම‍්මා හෙතුසම‍්පයුත‍්තා:

1444. හේතුසම්ප්‍රයුක්තධර්‍මයෝ කවර යත්:

විචිකිච‍්ඡාසහගතං උද‍්ධච‍්චසහගතං මොහං ඨපෙත්‍වා අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමිසු කිරියාව්‍යාකතං, ඉමෙ ධම‍්මා හෙතුසම‍්පයුත‍්තා.

විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයැ, කාමාවචර ක්‍රියා හෙයින් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මේ ධර්‍මයෝ ක්‍රියාව්‍යාකෘතයෝ යි.

1445. කතමෙ ධම‍්මා හෙතුවිප‍්පයුත‍්තා:

1445. හේතුවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:

විචිකිච‍්ඡාසහගතො මොහො, උද‍්ධච‍්චසහගතො මොහො, ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, තිස‍්සො ච මනොධාතුයො, පඤ‍්ච ච අහෙතුක මනොවිඤ‍්ඤාණධාතුයො, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා හෙතුවිප‍්පයුත‍්තා.

විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතුහු ද, අහේතුක මනෝවිඥානධාතු පස ද, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතුවිප්‍රයුක්තයෝ යි.

1446. කතමෙ ධම‍්මා හෙතු චෙව සහෙතුකා ච:

1446. හේතු වූ ද සම්ප්‍රයුක්තහේතු සහිත ද වූ ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තයො හෙතු එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා හෙතු චෙව සහෙතුකා ච.

යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් එක්වට උපදනාහු වෙත් ද, මේ ධර්‍මයෝ හේතු ද සම්ප්‍රයුක්ත හේතුයෙන් සහේතුක ද වෙත්.

1447. කතමෙ ධම‍්මා සහෙතුකා චෙව න ච හෙතු:

1447. සහේතුක ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමිසු කිරියාව්‍යාකතං, එත්‍ථුප‍්පන‍්නෙ හෙතු ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සහෙතුකා චෙව න ච හෙතු.

චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයෙන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, මෙහි උපන් හේතුන් තබා, මේ දහම්හු සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.

අහෙතුකා ධම‍්මා න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි.

අහේතුක ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙති’යි ද, සහේතුක ද නො ද හේතු වෙති’යි ද නොකියයුත්තාහ.

1448. කතමෙ ධම‍්මා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තා ච:

1448. හේතු වූ ද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තයො හෙතු එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා හෙතු චෙව හෙතු සම‍්පයුත‍්තා ච.

යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් (අන්‍ය හේතූන් සමග) එක්වට උපදිත් ද, මොහු හේතු වූද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.

1449. කතමෙ ධම‍්මා හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතු:

1449. හේතුසම්ප්‍රයුක්ත වූ ද නො ද හේතු වු ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමීසු කිරියාව්‍යාකතං, එත්‍ථුප‍්පන‍්නෙ හෙතු ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා හෙතුසම‍්පයුත‍්තා චෙ ව න ච හෙතු.

චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ යි.

හෙතුවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතු සම‍්පයුත‍්තාතිපි, හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතූතිපි.

හේතුවිප්‍රයුක්ත ධර්‍මයෝ හේතු ද වූ හේතුසම්ප්‍රයුක්ත වූවෝ යයි ද, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූහ’යි ද නො කියැයුත්තාහ.

1450. කතමෙ ධම‍්මා න හෙතු සහෙතුකා:

1450. හේතු නො වූ සහේතුක ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, කාමාවචරස‍්ස විපාකතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා චතුසු භූමිසු විපාකො, කාමාවචරකිරියතො අහෙතුකෙ චිත‍්තුප‍්පාදෙ ඨපෙත්‍වා තීසු භූමිසු කිරියාව්‍යාකතං, එත්‍ථුප‍්පන‍්නෙ හෙතු ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා න හෙතු සහෙතුකා.

චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පදායන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතු නො වූ සහේතුක ධර්‍මයෝ යි.

1451. කතමෙ ධම‍්මා න හෙතු අහෙතුකා:

1451. හේතු වූ නො වූ අහේතුක ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙ පඤ‍්ච විඤ‍්ඤාණානි, තිස‍්සො ච මනොධාතුයො, පඤ‍්ච ච අහෙතුක මනොවිඤ‍්ඤාණධාතුයො, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න හෙතු අහෙතුකා.

දෙපස් විඥානයෝ යැ, මනෝධාතු ත්‍රිකය ද, අහේතුක මනෝවිඥානධාතු පඤ්චකය ද රූපය ද, නිර්‍වාණය ද, යන මේ ධර්‍මයෝ හේතු නො වූ අහේතුකයෝ යි.

හෙතු ධම‍්මා න වත‍්තබ‍්බා න හෙතු සහෙතුකාතිපි, න හෙතු අහෙතුකාතිපි.

හේතු ධර්‍මයෝ හේතු නො වූ සහේතුකයෝ යයි ද, හේතු නො වූ අහේතුකයෝ යයි ද නොකියයුත්තාහ.

හෙතු ගොච‍්ඡකං.

හේතුගොච්ඡක යි.