සුත්තන්තමාතිකාය
1302. කතමෙ ධම්මා විජ්ජාභාගිනො:
1302. විද්යාභාගීධර්මයෝ කවරහ යත්:
විජ්ජාය සම්පයුත්තකා ධම්මා, ඉමෙ ධම්මා විජ්ජාභාගිනො.
අෂ්ටවිද්‍යායෙන් සම්ප්‍රයුක්ත වූ ධර්මයෝ යැ. මොහු විද්‍යාභාගී ධර්මයෝ යි.
1303. කතමෙ ධම්මා අවිජ්ජාභාගිනො:
1303. අවිද්යාභාගීධර්මයෝ කවරහ යත්:
අවිජ්ජාය සම්පයුත්තකා ධම්මා, ඉමෙ ධම්මා අවිජ්ජාභාගිනො.
සත්‍යප්‍රතිච්ඡාදක අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ යැ. මොහු අවිද්‍යාභාගී ධර්මයෝ යි.
1304. කතමෙ ධම්මා විජ්ජූපමා:
1304. විදුලි උපමා කොට ඇති ධර්මයෝ කවරහ යත්:
හෙට්ඨිමෙසු තීසු අරියමග්ගෙසු පඤ්ඤා, ඉමෙ ධම්මා විජ්ජූපමා.
යට තුන් අරිමගැ වූ ප්‍රඥා යැ. මොහු විදුලි උපමා කොට ඇති ධර්මයෝ යි.
1305. කතමෙ ධම්මා වජිරූපමා:
1305. වජ්රෝපමධර්මයෝ කවරහ යත්:
උපරිමෙ අරහත්තමග්ගෙ පඤ්ඤා, ඉමෙ ධම්මා වජිරූපමා.
උපරිම වූ රහත්මගැ ප්‍රඥා යැ. මොහු වජ්රෝපමධර්මයෝ යි.
1306. කතමෙ ධම්මා බාලා:
1306. බාලධර්‍මයෝ කවරහ යත්:
අහිරිකං ච අනොත්තප්පං ච, ඉමෙ ධම්මා බාලා, සබ්බෙපි අකුසලා ධම්මා බාලා.
අහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු බාලධර්‍මයෝ යැ. හැම අකුසල්හු බාලධර්‍මයෝ යි.
1307. කතමෙ ධම්මා පණ්ඩිතා:
1307. පණ්ඩිතධර්මයෝ කවරහ යත්:
හිරි ච ඔත්තප්පං ච, ඉමෙ ධම්මා පණ්ඩිතා, සබ්බෙපි කුසලා ධම්මා පණ්ඩිතා.
හ්‍රී ද අපත්‍රපා ද යන මොහු පණ්ඩිතධර්මයෝ යැ. හැම කුසල්දහම්හු පණ්ඩිතධර්මයෝ යි.
1308. කතමෙ ධම්මා කණ්හා:
1308. කෘෂ්ණධර්‍මයෝ කවරහ යත්:
අහිරිකං ච අනොත්තප්පං ච, ඉමෙ ධම්මා කණ්හා, සබ්බෙපි අකුසලා ධම්මා කණ්හා.
අහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු කෘෂ්ණධර්‍මයෝ යැ. හැම අකුසල්හු කෘෂ්ණධර්‍මයෝ යි.
1309. කතමෙ ධම්මා සුක්කා:
1309. ශුක්ලධර්මයෝ කවරහ යත්:
හිරි ච ඔත්තප්පං ච, ඉමෙ ධම්මා සුක්කා, සබ්බෙපි කුසලා ධම්මා සුක්කා.
හ්‍රී ද අපත්‍රපා ද යන මොහු ශුක්ලධර්මයෝ යැ. හැම කුසල්හු ශුක්ලධර්මයෝ යි.
1310. කතමෙ ධම්මා තපනීයා:
1310. තපනීයධර්‍මයෝ කවරහ යත්:
කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, ඉමෙ ධම්මා තපනීයා, සබ්බෙපි අකුසලා ධම්මා තපනීයා.
කාය දුශ්චරිත යැ වාග් දුශ්චරිත යැ යන මොහු තපනීයධර්‍මයෝ යැ. හැම අකුසල්හු තපනීයධර්‍මයෝ යි.
1311. කතමෙ ධම්මා අතපනීයා:
1311. අතපනීයධර්‍මයෝ කවරහ යත්:
කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං, ඉමෙ ධම්මා අතපනීයා, සබ්බෙපි කුසලා ධම්මා අතපනීයා.
කායසුචරිත යැ වාග්සුචරිත යැ මනස්සුචරිත යැ යන මොහු අතපනීයධර්‍මයෝ යැ. හැම කුසල්හු අතපනීයධර්‍මයෝ යි.
1312. කතමෙ ධම්මා අධිවචනා:
1312. අධිවචනධර්‍මයෝ කවරහ යත්:
යා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා අධිවචනා.
ඒ ඒ ධර්මයන්ගේ යම් සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු අධිවචනධර්‍මයෝ යි.
සබ්බෙව ධම්මා අධිවචනපථා.
හැම ධර්මයෝ මැ අධිවචනධර්‍මයෝ යි.
1313. කතමෙ ධම්මා නිරුත්ති:
1313. නිරුක්තිධර්මයෝ කවරහ යත්:
යා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යෙං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා නිරුත්තී.
ඒ ඒ ධර්මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු නිරුක්තිධර්මයෝ යි.
සබ්බෙව ධම්මා නිරුත්තිපථා.
හැම ධර්මයෝ මැ නිරුක්තිපථයෝ යි.
1314. කතමෙ ධම්මා පඤ්ඤත්ති:
1314. ප්රඥප්තිධර්මයෝ කවරහ යත්:
යා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති ව්යඤ්ජනං අභිලාපො, ඉමෙ ධම්මා පඤ්ඤත්ති,
ඒ ඒ ධර්මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු ප්රඥප්තිධර්මයෝ යි.
සබ්බෙව ධම්මා පඤ්ඤත්තිපථා.
හැම ධර්මයෝ මැ ප්‍රඥප්තිපථයෝ යි.
1315. තත්ථ කතමං නාමං:
1315. එහි නාම කවරෙ යත්:
වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අසඞ්ඛතා ච ධාතු, ඉදං වුච්චති නාමං.
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ අසඞ්ඛතධාතු ද යන මේ ‘නාම’ යි කියනු ලැබේ.
1316. තත්ථ කතමං රූපං:
1316. එහි රූප කවරෙ යත්:
චත්තාරො මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං.
සතර මහාභූතයෝ යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ යන මේ ‘රූප’ යි කියනු ලැබේ.
1317. තත්ථ කතමා අවිජ්ජා:
1317. එහි විද්‍යා කවර යත්:
යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
යම් නො දැනීමෙන් නො දැක්මෙන් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අනිත්‍යාදිවශයෙන් නො ගැනීමෙක් නො බැසගැනීමෙක් සම වැ නො දැකීමෙක් (ධර්‍මස්වභාව) ප්රත්යවේක්ෂා නො කිරීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවීත්රතායෙක් බාලබවෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් ඇද්ද, මෝ ‘අවිද්‍යා’ යි කියනුලබා.
1318. තත්ථ කතමා භවතණ්හා:
1318. එහි භවතෘෂ්ණා කවර යත්:
යො භවෙසු භවච්ඡන්දො භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, අයං වුච්චති භවතණ්හා.
රූපාරූපභවයෙහි යම් භවච්ඡන්දයෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහභවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවයෙහි බැසගෙනසිටීමෙක් ඇද්ද, මෝ ‘භවතෘෂ්ණා’ යි කියනුලබා.
1319. තත්ථ කතමා භවදිට්ඨි:
1319. එහි භවදෘෂ්ටි කවර යත්:
භවිස්සති අත්තා ච ලොකො චා ති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති භවදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද මතුයෙහි වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
1320. තත්ථ කතමා විභවදිට්ඨි:
1320. එහි විභවදෘෂ්ටි කවර යත්:
න භවිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති විභවදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද මතුයෙහි නො වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
1321. තත්ථ කතමා සස්සතදිට්ඨි:
1321. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්:
සස්සතො අත්තා ච ලොකො චා තී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සස්සතදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද ශාශ්වත යැ’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනුලබා.
1322. තත්ථ කතමා උච්ඡෙදදිට්ඨි:
1322. එහි උච්ඡේදදෘෂ්ටි කවර යත්:
උච්ඡිජ්ජිස්සති අත්තා ච ලොකො චාතී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති උච්ඡෙදදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද සිඳී’ යෙයි යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘උච්ඡේදදෘෂ්ටි’ යයි කියනුලබා.
1323. තත්ථ කතමා අන්තවාදිට්ඨි:
1323. එහි අන්තවත් දෘෂ්ටි කවර යත්:
අන්තවා අත්තා ච ලොකො චා තී යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අන්තවාදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද අන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අන්තවත් දෘෂ්ටි’ යයි කියනු ලබා.
1324. තත්ථ කතමං අනන්තවාදිට්ඨි:
1324. එහි අනන්තවත් දෘෂ්ටි කවර යත්:
අනන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අනන්තවාදිට්ඨි.
‘ආත්මය ද ලෝකය ද අනන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අනන්තවත් දෘෂ්ටි’ යයි කියනුලබා.
1325. තත්ථ කතමා පුබ්බන්තානුදිට්ඨි:
1325. එහි පූර්වාන්තානුගත දෘෂ්ටි කවර යත්:
පුබ්බන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති පුබ්බන්තානුදිට්ඨි.
පූර්වාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මෝ ‘පූර්වාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
1326. තත්ථ කතමා අපරන්තානුදිට්ඨි:
1326. එහි අපරාන්තානුගත දෘෂ්ටි කවර යත්:
අපරන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අපරන්තානුදිට්ඨි.
අපරාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදීද, මෝ ‘අපරාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
1327. තත්ථ කතමං අහිරිකං:
1327. එහි අහ්‍රීක කවරෙ යත්:
යං න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
යම් කරුණෙකින් ලජ්ජාවියයුත්තෙන් ලජ්ජා නො වේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා නො වේ ද, මේ ‘ආහ්රීක’ යයි කියනුලැබේ.
1328. තත්ථ කතමං අනොත්තප්පං:
1328. එහි අනපත්‍රපා කවර යත්:
යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
යම් කරුණෙකින් තැවියයුත්තෙන් නො තැවේ ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් නො තැවේ ද, මේ ‘අනපත්‍රපා’ යැයි කියනුලැබේ.
1329. තත්ථ කතමා හිරි:
1329. එහි හිරි කවර යත්:
යං හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියං, අයං වුච්චති හිරි.
යම් කරුණෙකින් ලජ්ජා වියයුත්තෙන් ලජ්ජාවට පැමිණේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජාවට පැමිණේද, මෝ ‘හිරි’ යයි කියනුලබා.
1330. තත්ථ කතමං ඔත්තප්පං:
1330. එහි ඔත්තපය කවරේ යත්:
යං ඔත්තප්පති, ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති ඔත්තප්පං.
යම් කරුණෙකින් තැති ගතයුත්තෙන් තැතිගනී ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් තැතිගනී ද, මේ ‘ඔත්තපය’ යයි කියනුලැබේ.
1331. තත්ථ කතමා දොවචස්සතා:
1331. එහි ‘දෝවචස්සතා’ කවර යත්:
සහධම්මිකෙ වුච්චමානෙ දොවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනීකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති දොවචස්සතා.
ප්රඥප්තශික්ෂාපදය කියනු ලබන කල්හි දුර්වචකමෙක් දුර්වචබවෙක් දුර්වචතායෙක් විලෝමග්රාහී බවෙක් විලොමග්රහණයෙහි සුව ඇති බවෙක් අනාදර බවෙක් අනාදරතායෙක් අගෞරවතායෙක් නිශ්රයවාස රහිත බවෙක් වේ ද, මෝ ‘දෝවචස්සතා’ යයි කියනුලබා.
1332. තත්ථ කතමා පාපමිත්තතා:
1332. එහි පාපමිත්‍රතා කවර යත්:
යෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්තී සම්භත්තී තංසම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
ශ්‍රද්ධා නැති දුශ්ශීල වූ අල්පශ්‍රැත වූ මාත්සර්‍ය්‍ය ඇති දුෂ්ප්‍රාඥ වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ යම් සේවනයක් නීසේවනයෙක් සංසේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් උන් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘පාපමිත්තතා’ යයි කියනුලබා.
1333. තත්ථ කතමා සොවචස්සතා:
1333. එහි සෝවචස්සතා කවර යත්:
සහධම්මිකෙ වුච්චමානෙ සොවචස්සායං සොවචස්සියං සොවචස්සතා අප්පටිකූලගාහිතා අවිපච්චනීකසාතතා සගාරවතා සප්පතිස්සවතා, අයං වුච්චති සොවචස්සතා.
ප්රඥප්තිශික්ෂාපදය එළවා කියනුලබන කල්හි සුවචකමෙක් සුවචබවෙක් සුවචතායෙක් අවිරුද්ධග්රාහ ඇති බවෙක් අනුකූලග්රහණයෙහි සුව ඇති බවෙක් සගෞරවතායෙක් නිශ්රයවාස ඇති බවෙක් ඇද්ද, මෝ ‘සෝවචස්සතා’ යයි කියනුලබා.
1334. තත්ථ කතමා කල්යාණමිත්තතා:
1334. එහි කල්‍යාණමිත්‍රතා කවර යත්:
යෙ තෙ පුග්ගලා සද්ධා සීලවන්තො බහුස්සුතා චාගවන්තො පඤ්ඤවන්තො, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්ති සම්භත්ති තංසම්පවඞ්කතා, අයං වුච්චති කල්යාණමිත්තතා.
ශ්‍රද්ධා ඇති සිල්වත් වූ බහුශ්‍රැති වූ ත්‍යාගවත් වූ ප්‍රඥාවත් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔහුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්ජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔහුත් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘කල්යාණමිත්තතා’ යයි කියනුලබා.
1335. තත්ථ කතමා ආපත්තිකුසලතා:
1335. එහි ආපත්තිකුසලතා කවර යත්:
පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තියො, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තියො, යා තාසං ආපත්තීනං ආපත්තිකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආපත්ති කුසලතා.
පඤ්ච ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ සප්ත ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ. ඒ ආපත්තීන්ගේ පරිච්ඡේද දන්නා බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආපත්තිකුසලතා’ යයි කියනුලබා.
1336. තත්ථ කතමා ආපත්තිවුට්ඨානකුසලතා:
1336. එහි ආපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
යා තාහි ආපත්තීහි වුට්ඨානකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආපත්තිවුට්ඨාන කුසලතා.
ඒ ආපත්තින්ගෙන් නැගීසිටීමෙහි දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘ආපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
1337. තත්ථ කතමා සමාපත්තිකුසලතා:
1337. එහි සමාපත්තිකුසලතා කවර යත්:
අත්ථි සවිතක්කසවිචාරා සමාපත්ති, අත්ථි අවිතක්කවිචාරමත්තා සමාපත්ති, අත්ථි අවිතක්ක අවිචාරා සමාපත්ති, යා තාසං සමාපත්තීනං සමාපත්තිකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සමාපත්තිකුසලතා.
සවිතර්‍කසවිචාර සමාපත්තියෙක් ඇත. අවිතර්‍කවිචාරමාත්‍ර සමාපත්තියෙක් ඇත. අවිතර්කඅවිචාරසමාපත්තියෙක් ඇත. ඒ සමාපත්තීන්ගේ පරිකර්ම සහිත අර්පණා පරිච්ඡේදයෙහි කුසල බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘සමාපත්තිකුසලතා’ යයි කියනුලබා.
1338. තත්ථ කතමා සමාපත්තිවුට්ඨානකුසලතා:
1338. එහි සමාපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
යා තාහි සමාපත්තීහි වුට්ඨානකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අයං වුච්චති සමාපත්තිවුට්ඨානකුසලතා.
ඒ සමාපත්තින්ගෙන් යම් නැගීසිටීමෙහි නිපුණ බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘සමාපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
1339. තත්ථ කතමා ධාතුකුසලතා:
1339. එහි ධාතුකුසලතා කවර යත්:
අට්ඨාරස ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු යා තාසං ධාතූනං ධාතුකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ධාතුකුසලතා.
අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු යැ රූපධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු යැ, ඝානධාතු යැ ගන්ධධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ, ජිව්හාධාතු යැ රසධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ, කායධාතු යැ ඵොට්ඨබ්බ ධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ, මනෝධාතු යැ ධම්මධාතු යැ මනෝවිඤ්ඤාණ ධාතු යි. ඒ ධාතුන්ගේ යම් උද්ග්රහමනසිකාරාදි ධාතුකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
1340. තත්ථ කතමා මනසිකාරකුසලතා:
1340. එහි මනසිකාරකුසලතා කවර යත්:
යා තාසං ධාතූනං මනසිකාරකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති මනසිකාරකුසලතා.
ඒ ධාතුන්ගේ උද්ග්රහමනසිකාර දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
1341. තත්ථ කතමා ආයතනකුසලතා:
1341. එහි ආයතනකුසලතා කවර යත්:
ද්වාදසායතනානි: චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං, යා තෙසං ආයතනානං ආයතනකුසලතා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති ආයතනකුසලතා.
දොළොස් ආයතන කෙනෙක් වෙති: චක්ඛායතන ය රූපායතන යැ, සෝතායතන යැ සද්දායතන යැ, ඝානායතන යැ ගන්ධායතන යැ, ජිව්හායතන යැ රසායතන යැ, මනායතන යැ ධම්මායතන යි. ඒ ආයතනයන්ගේ යම් (උද්ග්රහමනසිකාරාදි) ආයතනකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආයතනකුසලතා’ යයි කියනුලබා.
1342. තත්ථ කතමා පටිච්චසමුප්පාදකුසලතා:
1342. එහි පටිච්චසම්මුප්පාදකුසලතා කවර යත්:
අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති; එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පටිච්චසමුප්පාදකුසලතා.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනා වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්මනස්යෝපාදානයෝ සම්භව වෙත්. මෙසේ මේ කේවලදුඃඛරාශිහුගේ සමුදය වේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මෝ ‘පටිච්චසම්මුපාදකුසලතා’ යයි කියනුලබා.
1343. තත්ථ කතමා ඨානකුසලතා:
1343. එහි ස්ථානකුශලතා කවර යත්:
යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං හෙතු පච්චයා උප්පාදාය තං තං ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි’ අයං වුච්චති ඨානකුසලතා.
යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතුප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්මය කාරණ වේ යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්මාදිට්ඨියෙක් වේ ද, මෝ ‘ඨානකුසලතා’ යයි කියනුලබා.
1344. තත්ථ කතමා අට්ඨානකුසලතා:
1344. එහි අස්ථානකුසලතා කවර යත්:
යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං න හෙතු න පච්චයා උප්පාදාය තං තං අට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අට්ඨානකුසලතා.
යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතු නො වෙත් ද ප්‍රත්‍යය නො වෙත් ද ඒ ඒ ධර්මය අස්ථාන යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ අස්ථානකුසලතා’ යයි කියනුලබා.
1345. තත්ථ කතමො අජ්ජවො:
1345. එහි ආජීව කවරෙ යත්:
යා උජුකතා අජිම්හතා අවඞ්කතා අකුටිලතා, අයං වුච්චති අජ්ජවො.
යම් ඍජු බවෙක් නො ඇද බවෙක් නො වක් බවෙක් අකුටිල බවෙක් ඇද්ද, මේ ‘ආජීව’ යයි කියනුලැබේ.
1346. තත්ථ කතමො මද්දවො:
1346. එහි මාර්‍දව කවරෙ යත්:
යා මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා නීචචිත්තතා, අයං වුච්චති මද්දවො.
යම් මෘදු බවෙක් සිනිඳු බවෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් යටත් සිත් ඇති බවෙක් වේ ද, මේ ‘මාර්‍දව’ යයි කියනුලැබේ.
1347. තත්ථ කතමා ඛන්ති:
1347. එහි ක්ෂාන්ති කවර යත්:
යා ඛන්ති ඛමනතා අධිවාසනතා අචණ්ඩික්කං අනසුරොපො අත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ඛන්ති.
යම් ක්ෂාන්තියක් සහන බවක් අධිවාසනා කරන බවෙක් නො සැඬ බවෙක් පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ සියමන බවෙක් ඇද්ද, මෝ ‘ක්ෂාන්ති’ යයි කියනු ලබා.
1348. තත්ථ කතමං සොරච්චං:
1348. එහි සුරතතා කවර යත්,
යො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, ඉදං වුච්චති සොරච්චං; සබ්බොපි සීලසංවරො සොරච්චං.
යම් කායික අවීතික්‍රමයෙක් වාචසික අවීතික්‍රමයෙක් කායිකවාචසික අවීතික්‍රමයෙක් ඇද්ද, මේ ‘සොරච්ච’ යයි කියනු ලැබේ. හැම සීලසංවර ‘සොරච්ච’ නමි.
1349. තත්ථ කතමං සාඛල්යා:
1349. එහි සඛිල බව කවරෙ යත්:
යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං පහාය, යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති, යා තත්ථ සණ්හවාචතා සඛිලවාචතා අඵරුසවාචතා, ඉදං වුච්චති සාඛල්යං.
යම් තෙපුලෙක් (ඛුංසන වම්භනාදීන්) හටගත් අණ්ඩක ඇති පූතික වු පරාහට කටුක වු මෙරමා ලැගෙනසුලු ක්‍රෝධයට ආසන්න වු සමාධිය පිණිස නො පවත්නේ වේ ද, එබඳු වු තෙපුල් හැරපියා යම් තෙපුලෙක් නිර්දෝෂ ද කනට සුව එළවා ද ප්‍රේමනීය ද හෘදයඞ්ගම ද නාගරිකද බොහෝ දෙනාට කාන්ත ද බොහෝ දෙනාට මනවඩා ද එබඳු තෙපුල් කියන්නේ වෙයි. ඒ පුගුල් කෙරෙහි යම් සිලුටු වචන ඇති බවෙක් මෘදු වචන ඇති බවෙක් නො පරොස් වචන ඇති බවෙක් ඇද්ද, මේ ‘සාඛල්ය’ (සඛිල බව) යයි කියනුලැබේ
1350. තත්ථ කතමො පටිසන්ථාරො:
1350.එහි පටිසන්ථාර කවරෙ යත්:
ද්වෙ පටිසන්ථාරා. ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච, ඉධෙකච්චො පටිසන්ථාරකො හොති ආමිසපටිසන්ථාරෙන වා ධම්මපටිසන්ථාරෙන වා, අයං වුච්චති පටිසන්ථාරො.
පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි: ආමිසපටිසන්ථාර ද ධම්මපටිසන්ථාර දැ යි. මෙලොවැ කිසිවෙක් ආමිසපටිසන්ථාරයෙන් හෝ ධම්මපටිසන්ථාරයෙන් හෝ අතුරු නැති කරන්නේ වෙයි. මේ ‘පටිසන්ථාර’ යයි කියනුලැබේ.
1351. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා:
1351. එහි ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතා කවර යත්:
ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති, යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛො අසංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා.
මෙලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිති විසින් ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන මෙ පුඟුල්හු අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ වෙයි. චක්ෂුරින්ද්රියෙහි සංවරයට නො පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැස. .. මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී අනුව්යඤ්ජනග්රාහී වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන මොහු අභිධ්‍යා දෞර්මනස්ය පාපක අකුශලධර්‍මයෝ මැඩැපවත්නාහු වෙත් ද ඒ මනින්ද්රියාගේ සංවරය පිණිස නො පිළිපදී, මනින්‍ද්‍රිය නො රක්නේ වෙයි. මනින්ද්රියෙහි සංවරයට නො පැමිණෙයි මේ ෂඬින්ද්රියයන්ගේ යම් අගුප්තියක් අගෝපනයෙක් නො රැක්මෙක් අසංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්ද්රියයන්හි නො පියූ දොර ඇති බව’ යයි කියනුලැබේ.
1352. තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා:
1352. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්:
ඉධෙකච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති දවාය මදාය මණ්ඩනාය විභූසනාය, යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා.
මෙහි කිසිවෙක් ප්රත්යවේක්ෂා ප්‍රඥායෙන් නො දැන, නො විමසා අනුපායයෙන් කෙළි පිණිස මද පිණිස මණ්ඩන පිණිස විභූෂණ පිණිස ආහාර වළඳ කෙරෙහි, ඒ ප්රත්යවේක්ෂා නො කොට වැළැඳීමෙහි යම් අසන්තුෂ්ටිතායෙක් අමාත්රඥතායෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යයි කියනුලබා.
1353. තත්ථ කතමා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා:
1353. එහි ඉන්ද්රියයන්හි ගුප්තද්වාර බව කවර යත්:
ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති න අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුව්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති, යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ගුත්ති ගොපනා ආරක්ඛා සංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා.
මෙ ලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවෘත කොට වෙසෙන තෙල පුඟුල්හු අභිධ්යාදෞර්මනස්ය ලාමක අකුශලධර්‍මයෝ මැඩැගෙන සිටුනාහු ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරයට පැමිණෙයි. චක්ෂුරින්ද්රියය රකී. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැසැ ... මනසින් දහම් දැන නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත වැ වෙසෙන මොහු අභිධ්යාදෞර්මනස්ය ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද මනින්ද්රියයාගේ සංවරයට පිළිපන්නේ වෙයි. මනින්‍ද්‍රිය රකී. මනින්ද්රියයාගේ සංවරයට පැමිණෙයි. මේ ෂඩින්ද්රියයන්ගේ යම් ගුප්තියක් ගෝපනයෙක් ආරක්ෂායෙක් සංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්ද්රියයන්හි ගුප්තද්වාර බව’ යයි කියනුලැබේ.
1354. තත්ථ කතමා භොජනෙ මත්තඤ්ඤුතා:
1354. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්:
ඉධෙකච්චො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණං ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති, යා තත්ථ සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ මත්තඤ්ඤුතා.
මෙ ලොවැ කිසිවෙක් නුනුවණින් ප්රත්යවේක්ෂා කොට ආහාර වළඳ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි. මදයට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. මේ ශරීරයාගේ ස්ථිතියට යැපීමට වෙහෙස සන්හිඳුවීමට බ්රහ්මචර්ය්යානුග්රහයට පමණ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනාත් නසමි. අලුත් බඩගිනි වේදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍ය භාවය ද සුඛවිහරණ ද වේ යයි කියා යි. ඒ ප්රත්යවේක්ෂා කොට වැළඳීමෙහි යම් සතුටු බවෙක් පමණ දන්නා බවෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥ බව’ යයි කියනුලැබේ.
1355. තත්ථ කතමං මුට්ඨසච්චං:
1355. එහි මූඪස්මෘති බව කවර යත්:
යා අසති අනනුස්සති අප්පටිස්සති අසති, අසරණතා අධාරණතා පිලාපනතා පම්මුස්සනතා ඉදං වුච්චති මුට්ඨසච්චං.
යම් අසතියක් අනුස්මෘති රහිත බවෙක් ප්රතිස්මෘති රහිත බවෙක් අසතියක් සිහි නො කරන බවෙක් නො දරන බවෙක් අරමුණෙහි ඉල්පෙන බවෙක් නටසිහි ඇති බවෙක් ඇද්ද, මේ ‘මුළාසිහි ඇති බව’ යයි කියනුලැබේ.
1356. තත්ථ කතමං අසම්පජඤ්ඤං:
1356. එහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්:
යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං.
යම් නො දැනීමෙක් නො දැක්මෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් (සිවුසස් දහම්) අප්‍රතිවේධයෙක් අසඞ්ග්රාහයෙක් නො බැසගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාව නො දැක්මෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් චිත්තසන්තානයාගේ අපවිත්‍ර බවෙක් බාල බවෙක් සම්‍යක්ප්‍රඥා රහිත බවෙක් මෝහයෙක් ප්රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යා - ඕඝයෙක්, අවිද්‍යා - යෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යා - පර්ය්යුත්ථායෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
1357. තත්ථ කතමා සති:
1357. එහි ස්මෘති කවර යත්:
යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති, අයං වුච්චති සති.
යම් ස්මෘතියක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් ස්මෘතියක් සිහිකරන අයුරෙක් ධරණබවෙක් අරමුණෙහි නො ඉල්පෙන බවෙක් නො මුළාවන බවෙක් ස්මෘතියක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ඇද්ද, මෝ ‘ස්මෘති’ යයි කියනුලැබේ.
1358. තත්ථ කතමං සම්පජඤ්ඤං:
1358. එහි සම්‍යක්ප්‍රඥා කවර යත්:
යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං.
යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘සම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
1359. තත්ථ කතමං පටිසඞ්ඛානබලං:
1359. එහි පටිසඞ්ඛාන (ප්රත්යවේක්ෂා) බල කවරෙ යත්:
යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති පටිසඞ්ඛාන බලං.
යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘ප්‍රත්‍යවේක්‍ෂාබල’ යයි කියනුලැබේ.
1360. තත්ථ කතමං භාවනාබලං:
1360. එහි භාවනා බල කවරෙ යත්:
යා කුසලානං ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං, ඉදං වුච්චති භාවනාබලං. සත්තපි බොජ්ඣඞ්ගා භාවනාබලං.
බෝධිපාක්ෂික කුශලධර්‍මයන්ගේ යම් ආසේවනායෙක් භාවනායෙක් පුනපුනා වැඩීමෙක් ඇද්ද, මේ ‘භාවනාබල’ යයි කියනුලැබේ. සප්තබෝධ්‍යඞ්ගයෝ මැ භාවනාබල යි.
1361. තත්ථ කතමො සමථො:
1361. එහි සමථ කවරෙ යත්:
යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමථො.
චිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථ’ යයි කියනුලැබේ.
1362. තත්ථ කතමා විපස්සනා:
1362. එහි විපස්සනා කවර යත්:
යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති විපස්සනා.
යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෝ ‘විපස්සනා’ යයි කියනුලබා.
1363. තත්ථ කතමං සමථනිමිත්තං:
1363. එහි සමථනිමිත්ත කවරෙ යත්:
යා චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධි, ඉදං වුච්චති සමථනිමිත්තං.
චිත්තයාගේ අරමුණෙහි යම් අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථනිමිත්ත’ යයි කියනුලැබේ.
1364. තත්ථ කතමං පග්ගාහනිමිත්තං:
1364. එහි ප්‍රග්‍රාහනිමිත්ත කවරෙ යත්:
යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පග්ගාහනිමිත්තං.
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්යක්ව්යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහනිමිත්ත’ යයි කියනුලැබේ.
1365. තත්ථ කතමො පග්ගාහො:
1365. එහි ප්‍රග්‍රාහ කවරෙ යත්:
යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පග්ගාහො.
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහ’ යයි කියනුලැබේ.
1366. තත්ථ කතමො අවික්ඛෙපො:
1366. එහි අවික්‍ෂේප කවරෙ යත්:
යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති අවික්ඛෙපො.
චිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘අවික්‍ෂේප’ යයි කියනුලැබේ.
1367. තත්ථ කතමා සීලවිපත්ති:
1367. එහි ශීලවිපත්ති කවර යත්:
යො කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති සීලවිපත්ති, සබ්බම්පි දුස්සීල්යං සීලවිපත්ති.
යම් කායික ව්‍යතික්‍රමයෙක් වාචසික ව්‍යතික්‍රමයෙක් කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලවිපත්ති’ යයි කියනුලබා. හැම දුශ්ශිල්‍යය ශීලවිපත්ති නමු.
1368. තත්ථ කතමා දිට්ඨිවිපත්ති:
1368. එහි දෘෂ්ටිවිපත්ති කවර යත්:
නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨිවිපත්ති. සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති.
දුන් දැය විපාක නැත, පූජායෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, උපපාදුක සත්වයෝ නැත, ලොවැ යැම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැතැයි මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘශ්ටි ඇති බවෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘දෘෂ්ටිවිපත්ති’ යැයි කියනු ලබා. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති නමු.
1369. තත්ථ කතමා සීලසම්පදා:
1369. එහි ශීලසම්පත් කවර යත්:
යො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති සීලසම්පදා, සබ්බොපි සීලසංවරො සීලසම්පදා.
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලසම්පත්’ යයි කියනුලබා. හැම ශීලසංවර ශීලසම්පත් නමු.
1370. තත්ථ කතමා දිට්ඨිසම්පදා:
1370. එහි දෘෂ්ටිසම්පත් කවර යත්:
අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො. අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දිට්ඨිසම්පදා. සබ්බාපි සම්මාදිට්ඨි දිට්ඨිසම්පදා.
‘දුන් දැය විපාක ඇත, පුදනලද්දෙහි විපාක ඇත, හෝම (ආගන්තුක සත්කාර) යෙහි විපාක් ඇත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, උපපාදුක සත්වයෝ ඇත, ලොව සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු ශ්‍රමණබ්‍රාහ්මණයෝ ඇතැ’යි යම් මෙබඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘දිට්ඨිසම්පදා’ යි කියනුලැබේ. හැම සම්‍යග්දෘෂ්ටි දිට්ඨිසම්පදා යි.
1371. තත්ථ කතමා සීලවිසුද්ධි:
1371. එහි ශීලවිසුද්ධි කවර යත්:
යො කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති සීලවිසුද්ධි. සබ්බොපි සීලසංවරො සීලවිසුද්ධි.
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යාතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යාතික්‍රමයෙක් ඇද්ද, මේ ‘ශීලවිසුද්ධි’ යැයි කියනු ලබා. හැම ශීලසංවරය ශීලවිසුද්ධි යි.
1372. තත්ථ කතමා දිට්ඨිවිසුද්ධි:
1372. එහි දිට්ඨිවිසුද්ධි කවර යත්:
කම්මස්සකතාඤාණං සච්චානුලොමිකඤාණං මග්ගසමඞ්ගිස්ස ඤාණං ඵලසමඞ්ගිස්ස ඤාණං.
කර්‍මස්වකතාඥානය සත්‍යානුලෝමිකඥානය මාර්ගසමඞ්ගීහුගේ ඥානය ඵලසමඞ්ගීහුගේ ඥාන යි.
1373. දිට්ඨිවිසුද්ධි ඛො පනාති: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.
1373. ‘දිට්ඨිවිසුද්ධි ඛො පන’ යනු යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, එයයි.
1374. යථා දිට්ඨිස්ස ච පධානන්ති: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො.
1374. ‘යථාදිට්ඨිස්ස ච පධානං’ යනු යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, එයයි.
1375. සංවෙගොති: ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං. සංවෙජනීයං ඨානන්ති: ජාති ජරා ව්‍යාධි මරණං.
1375. ‘සංවේගො’ යනු ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය යි. ‘සංවෙජනීයං ඨානං’ යනු ජාති ජරා ව්‍යාධි මරණ යි.
1376. සංවිග්ගස්ස ච යොනිසො පධානන්ති. ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජානෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
1376. ‘සංවිග්ගස්ස ච යෝනිසෝ පධානං’ යනු මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අවිනාශයට බහුලභාවයට විපුලත්වයට වැඩීමට සම්පූර්ණ වීමට කුශලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
1377. අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසූති: යා කුසලානං ධම්මානං භාවනාය අසන්තුට්ඨස්ස භිය්යොකම්යතා.
1377. ‘අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මේසු’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි අසන්තුෂ්ට වූවහුගේ බොහෝ කොට කැමතිබවෙක් ඇද්ද එය යි.
1378. අප්පටිවානිතා ච පධානස්මින්ති: යා කුසලානං ධම්මානං භාවනාය සක්කච්චකිරියතා සාතච්චකිරියතා අට්ඨිතකිරියතා අනොලීනවුත්තිතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ආසෙවනා භාවනා බහුලීකම්මං.
1378. ‘අප්පටිචානිතා ච පධානස්මිං’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි යම් සකස් කොට කරන බවෙක් නිරතුරු වැ කරන බවෙක් නො නැවත කරන බවෙක් නො හැකුළුණු පැවතුම් ඇති බවෙක් නො පියූ කුශලච්ඡන්දය ඇති බවෙක් නො පියූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනායෙක් භාවනායෙක් බහුල කිරීමෙක් ඇද්ද එය යි.
1379. විජ්ජාති: තිස්සො විජ්ජා: පුබ්බෙනිවාසානුස්සති ඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ්ජා.
1379. ‘විජ්ජා’ යනු ත්‍රිවිද්‍යා යැ. පූර්වනිවාසානුස්මෘතිඥානය විද්‍යා යැ, සත්වයන්ගේ ච්‍යුති උපප්‍රාප්තියෙහි ඥානය විද්‍යා යැ, ආස්‍රවයන්ගේ ක්ෂය වීමෙහි ඥානය විද්‍යා යි.
1380. විමුත්තීති: ද්වෙ විමුත්තියො, චිත්තස්ස ච අධිමුත්ති නිබ්බානඤ්ච.
1380. ‘විමුක්ති’ යනු විමුක්ති දෙකෙකි: අෂ්ටසමාපත්තී සඞ්ඛ්‍යාත වූ චිත්තයාගේ අධිමුක්තිය ද නිර්වාණය දැ යි.
1381. ඛයෙ ඤාණන්ති: මග්ගසමඞ්ගිස්ස ඤාණං.
1381. ‘ඛයෙඤාණං’ යනු මාර්ගසමඞ්ගීහුගේ ඥානය යි.
1382. අනුප්පාදෙ ඤාණන්ති ඵලසමඞ්ගිස්ස ඤාණං.
1382. ‘අනුප්පාදෙඤාණං’ යනු ඵලසමඞ්ගීහුගේ ඥානය යි.
සුත්තන්තමාතිකාය
සූත්‍රාන්ත මාතෘකාය
නික්ඛෙපකණ්ඩං නිට්ඨිතං.
නික්ෂේපකාණඩය නිමි.