පිට්ඨිදුකං
1260. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා:
1260. ඒ කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
තීණි සඤ්ඤෙජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1261. තත්ථ කතමා සක්කායදිට්ඨි:
1261. එහි සක්කාදිට්ඨි කවර යත්:
ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං -පෙ- යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති සක්කායදිට්ඨි.
මෙලොව අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්ය්යධර්මයට අදක්ෂ වූයේ ආර්ය්යධර්මයෙහි නො හික්මුනේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂ ධර්මයට අදක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුනේ රූපය ආත්ම හෙයින් දකී. රූපවත් වූ ආත්මය හෝ දකී. ආත්මයෙහි හෝ රූපය දකී. රූපයෙහි හෝ ආත්මය දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විනඥානය ආත්ම හෙයින් දකී. ආත්මය විනඥානවත් කොට හෝ දකී. ආත්මයෙහි විනඥානය ඇතැයි හෝ දකී. විනඥානයෙහි හෝ ආත්මය ඇතැයි දකී. මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්සංයෝඡනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙන් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1262. තත්ථ කතමා විචිකිච්ඡා:
1262. එහි විචිකිච්ඡා කවර යත්:
සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි. ධර්මයෙහි සැක කෙරෙයි. සංඝයා කෙරෙහි සැක කෙරෙයි. ශික්ෂායෙහි සැක කෙරෙයි. පූර්වාන්තයෙහි සැක කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි. පූර්වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. ඉදම්ප්රත්යයතාප්රතීත්යසමූත්පාදයෙහි සැක කෙරෙයි. මෙබඳු යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්වේධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් අපර්ය්යවගාහනයෙක් චිත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යයි කියනු ලැබේ.
1263. තත්ථ කතමො සීලබ්බතපරාමාසො:
1263. එහි සීලබ්බතපරාමාස කවරෙ යත්:
ඉතො බහිද්ධා සමණාබ්රාහ්මණානං සීලෙන සුද්ධි, වතෙන සුද්ධි, සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො. ඉමානි තීණි සඤ්ඤොජනානි, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා.
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ව්‍රතයෙන් ශුද්ධි යැ ශීලව්‍රතයෙන් ශුද්ධි යැ යි මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ‘සීලබ්බතපරාමාස’ යයි කියනු ලැබේ. මේ තුන් සංයෝජනයෝ යැ තදේකස්ථ ක්ලේශයෝද තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන වූ කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ යන මේ ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1264. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා:
1264. කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍ය නොවෙති යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බා.
ඒ ධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්යාකෘතධර්මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍ය නො වෙත්.
1265. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා:
1265. භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
අවසෙසො ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බා.
අවශිෂ්ට වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහය යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන වූ කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්මයෝ යි.
1266. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බා:
1266. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්මයෝ කවරහ යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බා.
ඒ ධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වන ධර්මයෝ යි.
1267. කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා:
1267. දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්මයෝ කවරහ යත්:
තීණි සඤ්ඤොජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො.
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1268. තත්ථ කතමා සක්කායදිට්ඨි,
1268. එහි සක්කායදිට්ඨි කවර යත්:
ඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සක්කායදිට්ඨි.
මෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1269. තත්ථ කතමා විචිකිච්ඡා:
1269. එහි විචිකිච්ඡා කවර යත්:
සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති -පෙ- ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි විචිකිච්ඡා කෙරෙයි ... වීත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යැයි කියනු ලැබේ.
1270. තත්ථ කතමො සීලබ්බතපරාමාසො:
1270. එහි සීලබ්බතපරාමාස කවර යත්:
ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො.
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සීලබ්බතපරාමාස’ යැයි කියනු ලැබේ.
ඉමානි තීණි සඤ්ඤොජනානි, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
මේ තුන් සංයෝජයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන වූ කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ යන මොහු දර්ශනායන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්මයෝ යි.
තීණි සඤ්ඤොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා. තදෙකට්ඨො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතු තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා.
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන මේ ධර්මයෝ දර්ශනයෙන් ප්රභාතව්යෙයෝ යැ තදේකස්ථ වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ යන මොහු දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්මයෝ යි.
1271. කතමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා:
1271. දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්මයෝ කවර යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
ඒ ධර්මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්මයෝ යි.
1272. කතමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා:
1272. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු ඇති ධර්මයෝ කවර යත්:
අවසෙසො ලොභො දොසො මොහො, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතු, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා භාවනාය පහාතබ්බහෙතුකා.
සෙසු ලෝභ යැ ද්වේෂ යැ මෝහ යැ යන මේ ධර්මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු වෙති. තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යය හේතු ඇති ධර්මයෝ යි.
1273. කතමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා:
1273. භාවනායෙන් ප්‍රහාතව්‍යයහේතු නැති ධර්මයෝ කවර යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න භාවනාය පහාතබ්බහෙතුකා.
ඒ ධර්මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශල - අව්‍යාකෘතධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැති ධර්මයෝ යි.
1274. කතමෙ ධම්මා සවිතක්කා:
1274. සවිතර්‍කධර්‍මයෝ කවර යත්:
සවිතක්කභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ විතක්කං. ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සවිතක්කා.
කාමාවචර රූපාවචර අපරියාපන්න වූ සවිතර්කභූමියෙහි විතර්කය තබා ඒ විතර්කය හා සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්මයෝ සවිතර්‍කයෝ යි.
1275. කතමෙ ධම්මා අවිතක්කා:
1275. අවිතර්‍කධර්‍මයෝ කවර යත්:
අවිතක්කභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ. වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, විතක්කො ච, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අවිතක්කා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිතර්කභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විතර්කය ද හැම රූ ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
1276. කතමෙ ධම්මා සවිචාරා:
1276. සවිචාරධර්‍මයෝ කවර යත්:
සවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ විචාරං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සවිචාරා:
කාමාවචර රූපාවචර අපරියාපන්න සවිචාරභූමියෙහි විචාරය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සවිචාර ධර්මයෝ යි.
1277. කතමෙ ධම්මා අවිචාරා:
1277. අවිචාරධර්‍මයෝ කවර යත්:
අවිචාරභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, විචාරො ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අවිචාරා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අවිචාරභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ විචාරය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අවිචාරධර්‍මයෝ යි.
1278. කතමෙ ධම්මා සප්පීතිකා:
1278. සප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
සප්පීතිකභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ පීතිං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සප්පීතිකා.
කාමාවචර රූපාවචර අපරියාපන්න සප්රීතිකභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සප්‍රීතික ධර්මයෝ යි.
1279. කතමෙ ධම්මා අප්පීතිකා:
1279. අප්‍රීතිකධර්‍මයෝ කවර යත්:
අප්පීතිකභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, පීති ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අප්පීතිකා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න අප්රීතිකභූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අප්‍රීතික ධර්මයෝ යි.
1280. කතමෙ ධම්මා පීතිසහගතා:
1280. ප්‍රීතිසහගතධර්‍මයෝ කවර යත්:
පීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ පීතිං ඨපෙත්වා තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පීතිසහගතා.
කාමාවචර රූපාවචර අපරියාපන්න ප්රීතිභූමියෙහි ප්‍රීතිය තබා තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු ප්‍රීතිසහගත ධර්මයෝ යි.
1281. කතමෙ ධම්මා න පීතිසහගතා:
1281. ප්‍රීතිසහගත නො වූ ධර්මයෝ කවර යත්:
න පීතිභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, පීති ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න පීතිසහගතා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න ප්‍රීති නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ ප්‍රීතිය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ප්‍රීතිසහගත නො වූ ධර්මයෝ යි.
1282. කතමෙ ධම්මා සුඛසහගතා:
1282. සුඛසහගතධර්‍මයෝ කවර යත්:
සුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අපරියාපන්නෙ සුඛං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සුඛසහගතා.
කාමාවචර රූපාවචර අපරියාපන්න සුඛභූමියෙහි සුවය තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු සුඛසහගත ධර්මයෝ යි.
1283. කතමෙ ධම්මා න සුඛසහගතා:
1283. සුඛසහගත නො වූ ධර්මයෝ කවර යත්:
න සුඛභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සුඛං ච, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න සුඛසහගතා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න සුඛ නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන සුවය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු සුඛසහගත නො වූ ධර්මයෝ යි.
1284. කතමෙ ධම්මා උපෙක්ඛාසහගතා:
1284. උපේක්ෂා සහගත ධර්මයෝ කවර යත්:
උපෙක්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ උපෙක්ඛං ඨපෙත්වා තංසම්පයුත්තො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා උපෙක්ඛාසහගතා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්ෂා භූමියෙහි උපේක්ෂාව තබා තත්සම්ප්‍රයුක්ත සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ, විඥානස්කන්‍ධ යන මොහු උපේක්ෂා සහගත ධර්මයෝ යි.
1285. කතමෙ ධම්මා න උපෙක්ඛාසහගතා:
1285. උපේක්ෂාසහගත නො වූ ධර්මයෝ කවර යත්:
න උපෙක්ඛාභූමියං කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ අපරියාපන්නෙ වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, උපෙක්ඛා ච සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා න උපෙක්ඛාසහගතා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න උපේක්ෂා නො වූ භූමියෙහි වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ උපේක්ෂාව ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු උපේක්ෂා සහගත නො වූ ධර්මයෝ යි.
1286. කතමෙ ධම්මා කාමාවචරා:
1286. කාමාවචර ධර්මයෝ කවර යත්:
හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්ති දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතු ආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, ඉමෙ ධම්මා කාමාවචරා.
යටින් අවීචිනිරය හිම් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තී දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයෙක් ඇද්ද, මොහු කාමාවචර ධර්මයෝ යි.
1287. කතමෙ ධම්මා න කාමාවචරා:
1287. කාමාවචර නො වූ ධර්මයෝ කවර යත්:
රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න කාමාවචරා.
රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද මොහු කාමාවචර නො වූ ධර්මයෝ යි.
1288. කතමෙ ධම්මා රූපාවචරා:
1288. රූපාවචරධර්‍මයෝ කවර යත්:
හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා රූපාවචරා.
යට භාගයෙන් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටා දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වූ සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර ධර්මයෝ යි.
1289. කතමෙ ධම්මා න රූපාවචරා:
1289. රූපාවචර නො වූ ධර්මයෝ කවර යත්:
කාමාවචරා අරූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න රූපාවචරා.
කාමාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර නො වූ ධර්මයෝ යි.
1290. කතමෙ ධම්මා අරූපාවචරා:
1290. අරූපාවචරධර්‍මයෝ කවර යත්:
හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උප්පන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, ඉමෙ ධම්මා අරූපාවචරා.
යටින් ආකාසානඤ්චායතනූපග දෙවියන් පිරියත් කොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනනූපග දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වැ සිටි සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දිට්ඨධර්මසුඛවිහාරීහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්ම කෙනෙක් ඇද්ද, මොහු අරූපාවචර ධර්මයෝ යි.
1291. කතමෙ ධම්මා න අරූපාවචරා:
1291. අරූපාවචර නො වූ ධර්මයෝ කවර යත්:
කාමාවචරා රූපාවචරා අපරියාපන්නා, ඉමෙ ධම්මා න අරූපාවචරා.
කාමාවචර රූපාවචර අපරියාපන්න වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, අරූපාවචර නො වූ ධර්මයෝ යි.
1292. කතමෙ ධම්මා පරියාපන්නා:
1292. පරියාපන්නධර්මයෝ කවර යත්:
සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා පරියාපන්නා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු පරියාපන්න ධර්මයෝ යි.
1293. කතමෙ ධම්මා අපරියාපන්නා:
1293. අපරියාපන්නධර්මයෝ කවර යත්:
මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අපරියාපන්නා.
මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද අපරියාපන්න ධර්මයෝ යි.
1294. කතමෙ ධම්මා නිය්යානිකා:
1294. නෛර්ය්යාණිකධර්මයෝ කවර යත්:
චත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නිය්යානිකා.
අපරියාපන්න වූ සතර මාර්ගයෝ යි. මොහු නෛර්‍ය්‍යාණික ධර්මයෝ යි.
1295. කතමෙ ධම්මා අනිය්යානිකා:
1295. අනෛර්ය්යාණිකධර්මයෝ කවර යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනිය්යානිකා.
ඒ නෛර්ය්යාණිකධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥාකස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනෛර්‍ය්‍යාණික ධර්මයෝ යි.
1296. කතමෙ ධම්මා නියතා:
1296. නියත ධර්මයෝ කවර යත්:
පඤ්චකම්මානි ආනන්තරිකානි, යා ච මිච්ඡාදිට්ඨි නියතා, චත්තාරො මග්ගා අපරියාපන්නා, ඉමෙ ධම්මා නියතා.
ආනන්තර්‍ය්‍ය වූ පඤ්චකර්මයෝ ද නියත මිත්යාදෘෂ්ඨියෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න සතර මාර්ගයෝ ද යන මොහු නියත ධර්මයෝ යි.
1297. කතමෙ ධම්මා අනියතා:
1297. අනියතධර්‍මයෝ කවර යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනියතා.
ඒ නියතධර්මයන් තබා අවශිෂ්ට වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න කුශලාකුශලාව්යාකෘතධර්මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනියතධර්‍මයෝ යි.
1298. කතමෙ ධම්මා සඋත්තරා:
1298. සඋත්තරධර්මයෝ කවර යත්:
සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඋත්තරා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සඋත්තර ධර්මයෝ යි.
1299. කතමෙ ධම්මා අනුත්තරා:
1299. අනුත්තරධර්මයෝ කවර යත්:
අපරියාපන්නා මග්ගා ච, මග්ගඵලානි ච, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනුත්තරා.
අපර්‍ය්‍යාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුත්තරධර්මයෝ යි.
1300. කතමෙ ධම්මා සරණා:
1300. සරණධර්මයෝ කවර යත්:
තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා සරණා.
ලෝභ ද්වේෂ මෝහ යන තුන් අකුශලමූලයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්ථාන කායකර්ම වාක්කර්ම මනඃකර්ම යන මොහු සරණධර්මයෝ යි.
1301. කතමෙ ධම්මා අරණා:
1301. අරණ ධර්මයෝ කවර යත්:
කුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බං ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අරණාති.
කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අරණධර්මයෝ යි.