කිලෙසගොච‍්ඡකං
නික‍්ඛෙප කණ‍්ඩෙ දුතියක භාණවාරං නිට‍්ඨිතං.
නික්‍ෂේපකාණ්ඩයෙහි දෙවැනි බණවර නිමි.
1234. කතමෙ ධම‍්මා කිලෙසා:
1234. කවර ධර්‍මයෝ ක්ලේශ වෙති යත්:
දස කිලෙසවත්‍ථූනි. ලොභො දොසො මොහො මානො දිට‍්ඨි විචිකිච‍්ඡා ථීනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පං.
ක්ලේශ වස්තූහු දස දෙනෙකි. ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, මිද්ධ යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
1235. තත්‍ථ කතමො ලොභො:
1235. එහි ලෝභ කවරේ යත්:
යො රාගො සරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො පළිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සඤ‍්ජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො සිනෙහො අපෙක‍්ඛා පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡඤ‍්ඡිකතා සාධුකම්‍යතා අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡාදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, අයං වුච‍්චති ලොභො.
යම් රාගයෙක් බලවත් රාගයෙක් අරමුණෙහි සත්ත්‍වයන්ගේ පැමිණවීමෙක් ඇවිරීමෙක් (භවයෙහි) ඇලීමෙක් නන්‍දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් භවයට ඇදීමෙක් වඤ්චායෙක් (සසරවට සත්‍වයන්) ඉපැදවීමෙක් (සත්ත්‍වයන් දුක හා සමග යොදමින්) ඉපදවීමෙක් (සසරවට) හිවීමෙක් ජාලිනියක් (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නදියක් විසත්තිකායෙක් විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) දෙවැන්නක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (ඒ ඒ අරමුණෙහි ඇලෙන හෙයින්) වනයෙක් බලවත් වූ ගහනයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක් රූපෙයහි ආශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්)ජල්පායෙක් ප්‍රකර්‍ෂජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් පුනපුනා අරමුණෙහි ලොල්වීමෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් මිහිරි අරමුණු කැමති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශල වාරය ගන්නා) පර්‍ය්‍යුත්‍ථානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ගර්දුල(බලු බැඳුම)යෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් දැඩි ලෝභයෙක් ලෝභ අකුසල මූලයෙක් ඇද්ද, මේ ‘ලෝභ’ ය යි කියනු ලැබේ.
1236. තත්‍ථ කතමො දොසො:
1236. එහි ද්වේෂ කවරේ යත්:
අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතීති, ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතො ජායති, පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත්‍ථං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අට‍්ඨානෙ වා පන ආඝාතො ජායති, යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති දොසො.
මට අවැඩ කළැයි කෝප උපදී. මට අවැඩ කෙරෙයි කෝප උපදී. මට අවැඩ කරන්නේ වනැයි කෝප උපදී. මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළැයි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ යයි කෝප උපදී. මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කළැයි ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි කෝප උපදී. යළි අස්ථානයෙහි හෝ කෝප උපදී. මෙබඳු චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරළීමෙක් චිත්තයාගේ ප්‍රද්වේෂයෙක් ක්‍රෝධකේ ක්‍රෝධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති ආකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ‘ද්වේෂ’ යයි කියනු ලැබේ.
1237. තත්‍ථ කතමො මොහො:
1237. එහි මෝහ කවරේ යත්:
දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං, යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති මොහො.
දුඃඛය නො දැනීම, දුඃඛසමුදය නො දැනීම, දුඃඛනිරෝධය නො දැනීම, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නො දැනීම, පූර්‍වාන්තය නො දැනීම, අපරාන්තය නො දැනීම, පූර්‍වාන්තාපරාන්තය නො දැනීම, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන් නො දැනීම යන මෙබඳු වූ යම් නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංගාහනායෙක් දුර්මේධායෙක් බාල්‍යයෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘මෝහ’ යයි කියනු ලැබේ.
1238. තත්‍ථ කතමො මානො:
1238. එහි මාන කවරේ යත්:
සෙය්‍යොහමස‍්මීති මානො, සදිසොහමස‍්මීති මානො, හීනොහමස‍්මීති මානො, යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මානො.
‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි මාන යැ, ‘මම සදෘශ වෙමි’යි මාන යැ, ‘මම හීන වෙමි’යි මාන යැ, මෙබඳු වූ යම් මානෙයක් මාන ආකාරෙයක් මානිත බෙවක් උන්නතියෙක් නඟාතැබීමෙක් (මාන සඞ්ඛ්‍යාත)ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් (චිත්තයාගේ) කේතුකාම්‍යතායෙක් ඇද්ද, මේ ‘මාන’ යයි කියනු ලැබේ.
1239. තත්‍ථ කතමා දිට‍්ඨි:
1239. එහි දෘෂ්ටි කවරේ යත්:
සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා හොති තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං, දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච‍්චති දිට‍්ඨි සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨි.
‘ලෝකය ශාශ්වත’ යයි හෝ ‘ලෝකය අශාශ්වත’ යයි හෝ ‘ලෝකය අන්තවත්’ යයි හෝ ‘ලෝකය අනන්තවත්’ යයි හෝ ‘ඒ මැ ජීව යැ යි ඒ මැ ශරීර යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ ‘සත්ත්‍වයා මරණින් මතු වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ හෝ ‘සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වේ’ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ) ග්‍රාහයෙක් පිහිටාගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටි’ යයි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි මැ දෘෂ්ටි වේ.
1240. තත්‍ථ කතමා විචිකිච‍්ඡා:
1240. එහි විචිකිත්සා කවර යත්:
සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති, ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, අපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති, යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො, අයං වුච‍්චති විචිකිච‍්ඡා.
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පාදයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ ‘විචිකිත්සා’ යයි කියනු ලැබේ.
1241. තත්‍ථ කතමං ථීනං:
1241. එහි ථීනය කවරැ යත්:
යා චිත‍්තස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථීනං ථීයනා ථීයිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති ථීනං.
චිත්තයාගේ යම් අකල්‍යතායෙක් අකර්‍මණ්‍යතායෙක් අවලීනයෙක් (පසුබැසීමෙක්) මොනවට එල්බ සිටීමෙක් හැකිළීමෙක් හැකුළුණු අයුරෙක් හැකුළුණු බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පතළ බවෙක් ඇද්ද, මේ ‘ථීන’ යයි කියනු ලැබේ.
1242. තත්‍ථ කතමං උද‍්ධච‍්චං:
1242. එහි ඖද්ධත්‍ය කවරේ යත්:
යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවූපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං.
චිත්තයාගේ යම් උඩඟු බවෙක් අව්‍යූපශමයෙක් චිත්තයාගේ වික්ශේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ ‘ඖද්ධත්‍ය’ යයි කියනු ලැබේ.
1243. තත්‍ථ කතමං අහිරිකං:
1243. එහි අහ්‍රීක කවරේ යත්:
යං න හිරීයති හිරීයිතබ‍්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං වුච‍්චති අහිරිකං.
ජුගුප්සා කටයුතු යම් කාය දුෂ්චරිතාදියක් ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අහ්‍රීක’ යයි කියනු ලැබේ.
1244. තත්‍ථ කතමං අනොත‍්තප‍්පං:
1244. එහි අනපත්‍රපා කවරේ යත්:
යං න ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, න ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං වුච‍්චති අනොත‍්තප‍්පං.
බිය විය යුතු කාය දුෂ්චරිතාදී හේතුයෙන් යම් නො බිය වීමෙක් ඇද්ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් නො බිය වීමෙක් ඇද්ද, මේ ‘අනපත්‍රපා’ යයි කියනු ලැබේ.
ඉමෙ ධම‍්මා කිලෙසා.
මේ ධර්‍මයෝ ක්ලේශයෝ යි.
1245. කතමෙ ධම‍්මා නො කිලෙසා:
1245. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො කිලෙසා.
ඒ ක්ලේශධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, සියලු රූපය ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
1246. කතමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා:
1246. සාංක්ලේශිකධර්‍මයෝ කවරහ යත්:
සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශිකධර්‍මයෝ යි.
1247. කතමෙ ධම‍්මා අසඞ‍්කිලෙසිකා:
1247. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලෙසිකා.
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
1248. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා:
1248. සංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා තං සම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තං සමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා.
ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, එය හා එක් වැ සිටි ක්ලේශයෝ යැ, එය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු සංක්ලිෂ්ටධර්‍මයෝ යි.
1249. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨා:
1249. අසංක්ලිෂ්ටධර්‍මයෝ කවරහ යත්:
කුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨා.
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ..... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටයෝ යි.
1250. කතමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා:
1250. ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා.
ඒ ක්ලේශධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ..... විඥානස්කන්‍ධ යැ යන මොහු ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ යි.
1251. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා:
1251. ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා.
ඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ යැ.... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශවිප්‍රයුක්තධර්‍මයෝ යි.
1252. කතමෙ ධම‍්මා කිලෙසා චෙව සඞ‍්කිලෙසිකා ච:
1252. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ධර්‍මයෝ කවරහ යත්:
තෙව කිලෙසා කිලෙසා චෙව සඞ‍්කිලෙසිකා ච.
එ මැ ක්ලේශයෝ ක්ලේශයෝත් සාංක්ලේශිකයෝත් වෙති.
1253. කතමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා චෙව නො ච කිලෙසා:
1253. සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා චෙව නො ච කිලෙසා.
යම් ධර්‍ම කෙනෙක් ඒ ක්ලේශධර්‍මයන් විසින් සාංක්ලේශික වූවාහු ද ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
1254. කතමෙ ධම‍්මා කිලෙසා චෙව සඞ‍්කිලිට‍්ඨා ච:
1254. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ කවරහ යත්:
තෙව කිලෙසා කිලෙසා චෙව සඞ‍්කිලිට‍්ඨා ච:
එ මැ ක්ලේශයෝ ක්ලේශයෝ ද සංක්ලිෂ්ටයෝ ද වෙති.
1255. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා චෙව නො ච කිලෙසා:
1255. සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා, තෙ ධම‍්මෙ ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා චෙව නො ච කිලෙසා.
ඒ ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
1256. කතමෙ ධම‍්මා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තා ච:
1256. කවර ධර්‍මයෝ ක්ලේශ වූවාහු ද ක්ලේශසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:
ලොභො මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මොහො ලොභෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, දොසො මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මොහො දොසෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මානො මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මොහො මානෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, දිට‍්ඨි මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මොහො දිට‍්ඨියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, විචිකිච‍්ඡා මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, මොහො විචිකිච‍්ඡාය කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, ථීනං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො ථීනෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, උද‍්ධච‍්චං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අහිරිකං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අනොත‍්තප‍්පං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච.
ලෝභය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අහිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අහිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලොභො උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, උද‍්ධච‍්චං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දොසො උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, උද‍්ධච‍්චං දොසෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, උද‍්ධච‍්චං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, මානො උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, උද‍්ධච‍්චං මානෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දිට‍්ඨි උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, උද‍්ධච‍්චං දිට‍්ඨියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, විචිකිච‍්ඡා උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, උද‍්ධච‍්චං විචිකිච‍්ඡාය කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, ථීනං උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අහිරිකං උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අනොත‍්තප‍්පං උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චං අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච.
ලෝභය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය විච්කිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලොභො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අහිරිකං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දොසො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අහිරිකං දොසෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අහිරිකං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මානො අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්මයුත‍්තො ච, අහිරිකං මානෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දිට‍්ඨි අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, අහිරිකං දිට‍්ඨියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, විචිකිච‍්ඡා අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, අහිරිකං විවචිකිච‍්ඡාය කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, ථීනං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අහිරිකං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච අහිරිකං උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අනොත‍්තප‍්පං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අහිරිකං අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච.
ලෝභය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.
ලොභො අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අනොත‍්තප‍්පං ලොභෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දොසො අනොත‍්තප‍්පෙන කිලොසා චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අනොත‍්තප‍්පං දොසෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මොහො අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අනොත‍්තප‍්පං මොහෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, මානො අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අනොත‍්තප‍්පං මානෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, දිට‍්ඨි අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, අනොත‍්තප‍්පං දිට‍්ඨියා කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, විචිකිච‍්ඡා අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තා ච, අනොත‍්තප‍්පං විචිකිච‍්ඡාය කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, ථීනං අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අනොත‍්තප‍්පං ථීනෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චං අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අනොත‍්තප‍්පං උද‍්ධච‍්චෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අහිරිකං අනොත‍්තප‍්පෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, අනොත‍්තප‍්පං අහිරිකෙන කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තං ච, ඉමෙ ධම‍්මා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තා ච.
ලෝභය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දිට්ඨිය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය දිට්ඨිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ ක්ලේශයෝත් ක්ලේශසම්ප්‍රයුක්තෝත් වෙත්.
1257. කතමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසා:
1257. කවර ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසා.
ඒ ක්ලේශධර්‍මයන් සමඟ යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ … විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙත්.
1258. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා සඞ‍්කිලෙසිකා:
1258. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා සාසවා කුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා සඞ‍්කිලෙසිකා.
ඒ ක්ලේශධර්‍මයන් කෙරෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශල අව්‍යාකෘතධර්‍මයෝ යැ, රූපස්කන්‍ධය යැ ... විඥානස්කන්‍ධය යැ යන මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත ද සාංක්ලේශික ද වෙත්.
1259. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා අසඞ‍්කිලෙසිකා:
1259. කවර ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වෙති යත්:
අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා අසඞ‍්කිලෙසිකා.
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන් මේ ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික්යෝ යි.