උපාදානගොච‍්ඡකං
1218. කතමෙ ධම‍්මා උපාදානා:?
1218. උපාදානධර්‍මයෝ කවරයහ යත්:
චත‍්තාරි උපාදානානි: කාමූපාදානං දිට‍්ඨූපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං.
උපාදානයෝ සතර දෙනෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
1219. තත්‍ථ කතමං කාමූපාදානං:
1219. එහි කාමූපාදාන කවරේ යත්:
යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං, ඉදං වුච‍්චති කාමූපාදානං.
පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද, මේ කාමූපාදාන යයි කියනු ලැබේ.
1220. තත්‍ථ කතමං දිට‍්ඨුපාදානං:
1220. එහි දිට්ඨූපාදාන කවරේ යත්:
නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං නත්‍ථි හුතං නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො නත්‍ථි පරො ලොකො නත්‍ථි මාතා නත්‍ථි පිතා නත්‍ථි සත‍්තා ඔපපාතිකා නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො ඉදං වුච‍්චති දිට‍්ඨූපාදානං, ඨපෙත්‍වා සීලබ‍්බතූපාදානං ච අත‍්තවාදූපාදානං ච, සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨුපාදානං.
දුන් දැය ඵලවිපාක නැත, යාගයෙහි ඵලවිපාක නැත, හෝමයෙහි ඵලවිපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ නැතැ’ යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දිට්ඨූපාදාන යයි කියනු ලැබේ. සීලබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද තබා හැම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨූපාදාන නමි.
1221. තත්‍ථ කතමං සීලබ‍්බතූපාදානං:
1221. එහි සීලබ්බතූපාදාන කවරේ යත්:
ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, ඉදං වුච‍්චති සීලබ‍්බතූපාදානං.
මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීලව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘඪග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ සීලබ්බතූපාදාන නමි.
1222. තත්‍ථ කතමං අත‍්තවාදූපාදානං:
1222. එහි අත්තවාදූපාදාන කවරේ යත්:
ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, ඉදං වුච‍්චති අත‍්තවාදූපාදානං.
මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් දකී, ආත්මය රූපවත් යයි හෝ දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම හෙයින් දකී, ආත්මය විඥානවත් යයි හෝ දකී, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකී, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී, මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ආත්මවාදෝපාදාන යයි කියනු ලැබේ.
ඉමෙ ධම‍්මා උපාදානා.
මේ ධර්‍මයෝ උපාදානයෝ යි.
1223. කතමෙ ධම‍්මා නො උපාදානා:
1223.උපාදාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො උපාදානා.
ඒ උපාදානධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ සෙසු කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ. වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදාන නො වෙත්.
1224. කතමෙ ධම‍්මා උපාදානියා:
1224. කවර ධර්‍මයෝ උපාදානිය වෙති යත්:
සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපාදානියා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය වෙත්.
1225. කතමෙ ධම‍්මා අනුපාදානියා:
1225. කවර ධර්‍මයෝ අනුපාදානිය වෙති යත්:
අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනුපාදානියා.
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානිය ධර්‍මයෝ වෙත්.
1226. කතමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා:
1226. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා.
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත වෙත්.
1227. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා:
1227. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා.
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදාන ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වෙත් ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වෙත්.
1228. කතමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානියා ච:
1228. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානිය ද වෙති යත්:
තානෙව උපාදානානි උපාදානා චෙව උපාදානියා ච.
ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
1229. කතමෙ ධම‍්මා උපාදානියා චෙව නො ච උපාදානා:
1229. කවර ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා උපාදානියා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපාදානියා චෙව නො ච උපාදානා.
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් විසින් උපාදානිය වෙත් ද ඒ ධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානිය ද නො ද උපාදාන ද වෙත්.
1230. කතමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තා ච:
1230. කවර ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙති යත්:
දිට‍්ඨූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, කාමූපාදානං දිට‍්ඨූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, සීලබ‍්බතූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, කාමූපාදානං සීලබ‍්බතූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, අත‍්තවාදූපාදානං කාමූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, කාමූපාදානං අත‍්තවාදූපාදානෙන උපාදානං චෙව උපාදානසම‍්පයුත‍්තං ච, ඉමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තා ච.
දිට්ඨූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය දිට්ඨූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. සීලබ්බතූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය සීලබ්බතූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. අත්තවාදූපාදානය කාමූපපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. කාමූපපාදානය අත්තවාදූපාදානය හා උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වෙත්.
1231. කතමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානා:
1231. කවර ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානා.
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්ත ද නො ද උපාදාන ද වෙත්.
1232. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියා:
1232. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය වෙති යත්:
තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියා.
යම් ධර්‍ම කෙනෙක් ඒ උපාදානධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු වෙත් ද කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත උපාදානිය වෙත්.
1233. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියා:
1233. කවර ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙති යත්:
අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියා.
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය වෙත්.