යෙදුමෙන් කියවන්න

නීවරණගොච‍්ඡකං

1157. කතමෙ ධම‍්මා නීවරණා:

1157. කවර ධර්‍මයෝ නීවරණ වෙති යත්:

ඡ නීවරණා: කාමච‍්ඡන්‍දනීවරණං, ව්‍යාපාදනීවරණං, ථීනමිද‍්ධනීවරණං, උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං, විචිකිච‍්ඡානීවරණං, අවිජ‍්ජානීවරණං.

නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිද්‍යානීවරණ යි.

1158. තත්‍ථ කතමං කාමච‍්ඡන්‍දනීවරණං:

1158. එහි කාමච්ඡන්‍දනීවරණය කවරේ යත්:

යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං, ඉදං වුච‍්චති කාමච‍්ඡන්‍දනීවරණං.

කාම විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද නීවරණ යයි කියනු ලැබේ.

1159. තත්‍ථ කතමං ව්‍යාපාදනීවරණං:

1159. එහි ව්‍යාපාදනීවරණ කවරේ යත්:

‘අනත්‍ථං මෙ අචරී’ති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතී’ති ආඝාතො ජායති, ‘අනත්‍ථං මෙ චරිස‍්සතී’ති ආඝාතො ජායති. ‘පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත්‍ථං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සතී’ති ආඝාතො ජායති. ‘අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතී’ති ආඝාතො ජායති. අට‍්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං විරොධො පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති ව්‍යාපාදනීවරණං.

‘මට අනර්‍ත්‍ථ කෙළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රියමනාප වූවහුට අනර්‍ත්‍ථ කෙළේ ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේ යැ ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මෙබඳු වූ යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ පෙරැළීමෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරැළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් චණ්ඩ බවෙක් වාක් අපරිපූර්‍ණතායෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ව්‍යාපාදනීවරණ යයි කියනු ලැබේ.

1160. තත්‍ථ කතමං ථීනමිද‍්ධනීවරණං:

1160. එහි ථීනමිද්ධනීවරණ කවරේ යත්:

අත්‍ථි ථීනං අත්‍ථි මිද‍්ධං.

ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති.

1161. තත්‍ථ තකමං ථීනං:

1161. එහි ථීනය කවරේ යත්:

යා චිත‍්තස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථීනං ථීයනා ථීයිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති ථීනං.

චිත්තයාගේ යම් අකල්‍ය (ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මොනවට එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවෙක් ස්ත්‍යානයෙක් ස්ත්‍යානාකාරයෙක් ස්ත්‍යානභාවයෙක් (තද බවෙක්) වේ ද, මේ ථීන යයි කියනු ලැබේ.

1162. තත්‍ථ කතමං මිද‍්ධං:

1162. එහි මිද්ධය කවරේ යත්:

යා කායස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔනාහො පරියොනාහො අන‍්තොසමොරොධො මිද‍්ධං සොප‍්පං පචලායිකා සුපනා සුපිතත‍්තං, ඉදං වුච‍්චති මිද‍්ධං. ඉති ඉදඤ‍්ච ථීනං, ඉදඤ‍්ච මිද‍්ධං, ඉදං වුච‍්චති ථීනමිද‍්ධනීවරණං.

කයෙහි යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍යභාවයෙක් බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙක්) පෙළීමෙක් නිද්‍රායෙක් (ඇස් පිය සැලීම් ආදී) සල බවෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් ඇද්ද, මේ මිද්ධ යයි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත් මේ මිද්ධයත් ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.

1163. තත්‍ථ කතමං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං:

1163. එහි උද්ධච්චකුක්කුච්චනීවරණ කවරේ යත්:

අත්‍ථි උද‍්ධච‍්චං, අත්‍ථි කුක‍්කුච‍්චං.

උද්ධච්චයෙක් ඇත, කුක්කුච්චයෙක් ඇති.

1164. තත්‍ථ කතමං උද‍්ධච‍්චං:

1164. එහි උද්ධච්ච කවරේ යත්:

යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවූපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං.

චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්ත වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ උද්ධච්ච යයි කියනු ලැබේ.

1165. තත්‍ථ කතමං කුක‍්කුච‍්චං:

1165. එහි කුක්කුච්ච කවරේ යත්:

අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා, අවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතා, වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතා යං එවරූපං කුක‍්කුච‍්චං කුක‍්කුච‍්චායනා කුක‍්කුච‍්චායිතත‍්තං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච‍්චති කුක‍්කුච‍්චං. ඉති ඉදං ච උද‍්ධච‍්චං ඉදං ච කුක‍්කුච‍්චං, ඉදං වුච‍්චති උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං.

අකැපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යෙයහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යෙයහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළ බවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් සිත හිරිනැගීමෙක් ඇද්ද, මේ කුක්කුච්ච යයි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චයත් මේ කුක්කුච්චයත් යන මේ උද්ධච්චකුක්කුච්චනීවරණ යයි කියනු ලැබේ.

1166. තත්‍ථ කතමං විචිකිච‍්ඡානීවරණං:

1166. එහි විචිකිච්ඡා නීවරණ කවරේයත්:

සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති, ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, අපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති, යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං, විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො, ඉදං වුච‍්චති විචිකිච‍්ඡානීවරණං.

ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ විචිකිච්ඡානීවරණ යයි කියනු ලැබේ.

1167. තත්‍ථ කතමං අවිජ‍්ජානීවරණං:

1167. එහි අවිද්‍යානීවරණ කවරේ යත්:

දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං, යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසඞ‍්ගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, ඉදං වුච‍්චති අවිජ‍්ජානීවරණං.

දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ, දුඃඛසමුදයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම යැ, පූර්‍වාන්තයෙහි නො දැනීම යැ, අපරාන්තයෙහි නො දැනීම යැ, පූර්‍වාපරාන්තයෙහි නො දැනීම යැ, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි නො දැනීම යැ යන නොදැනීමෙක් අදර්‍ශනයෙක් ධර්‍මයට නුවණින් අනභිමුඛ වීමෙක් අනවබෝධයෙක් අනිත්‍යාදි විසින් නො දැනීමෙක් සිවුසස් නො දැනීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සඟහා නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාවය නො දැකීමෙක් (කුශලාකුශලයන්) ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් මුළායෙක් බලවත් මෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් අකුශලමූලයෙක් ඇද්ද, මේ අවිද්‍යානීවරණ යි කියනු ලැබේ.

ඉමෙ ධම‍්මා නීවරණා.

මේ ධර්‍මයෝ නීවරණයෝ යි.

1168. කතමෙ ධම‍්මා නො නීවරණා:

1168. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බඤ‍්ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො නීවරණං.

ඒ නීවරණ ධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.

1169. කතමෙ ධම‍්මා නීවරණියා:

1169. කවර ධර්‍මයෝ නීවරණීය වෙති යත්:

සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා නීවරණියා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු නීවරණීය ධර්‍මයෝ යි.

1170. කතමෙ ධම‍්මා අනීවරණියා:

1170. කවර දහම්හු අනීවරණීය වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනීවරණියා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනීවරණීය වෙත්.

1171. කතමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා:

1171. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණ සම්ප්‍රයුක්තයෝ යි.

1172. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා:

1172. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො සබ‍්බඤ‍්ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්තයෝ යි.

1173. කතමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණියා ච:

1173. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණීය ද වෙති යත්:

තානෙව නීවරණානි නීවරණා චෙව නීවරණියා ච.

ඒ නීවරණයෝ මැ නීවරණයෝ ද නීවරණීය වූවාහු ද වෙත්.

1174. කතමෙ ධම‍්මා නීවරණියා චෙව නො ච නීවරණා:

1174. කවර ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා නීවරණියා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච, ඉමෙ ධම‍්මා නීවරණියා චෙව නො ච නීවරණා.

යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් නීවරණීය වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙත්.

1175. කතමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තා ච:

1175. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙති යත්:

කාමච‍්ඡන්‍දනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං කාමච‍්ඡන්‍දනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, ව්‍යාපාදනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං ව්‍යාපාදනීවරණෙන නීවරණං චෙව නීවරණ සම‍්පයුත‍්තං ච, ථීනමිද‍්ධනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං ථීනමිද‍්ධනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, කුක‍්කුච‍්චනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං කුක‍්කුච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, විචිකිච‍්ඡානීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තඤ‍්ච, අවිජ‍්ජානීවරණං විචිකිච‍්ඡානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, කාමච‍්ඡන්‍දනීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං කාමච‍්ඡන්‍දනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, ව්‍යාපාදනීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං ව්‍යාපාදනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං ථීනමිද‍්ධනීවරණෙන නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තං ච, කුක‍්කුච‍්චනීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං කුක‍්කුච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, විචිකිච‍්ඡානීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, අවිජ‍්ජානීවරණං උද‍්ධච‍්චනීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, උද‍්ධච‍්චනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තං ච, ඉමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තා ච.

කාමච්ඡන්‍දනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කාමච්ඡන්‍දනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ නීවරණ වූවාහු ද නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.

1176. කතමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණා:

1176. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණා.

යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙත්.

1177. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියා:

1177. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියා.

යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයෙන් විප්‍රයුක්ත වූවාහු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙත්.

1178. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියා:

1178. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙත්.

නීවරණගොච‍්ඡකං.

නීවරණ ගොච්ඡක යි.