යෙදුමෙන් කියවන්න

පරාමාසගොච‍්ඡකං

1179. කතමෙ ධම‍්මා පරාමාසා:

1179. කවර ධර්‍මයෝ පරාමාස වෙති යත්:

දිට‍්ඨිපරාමාසො.

දෘෂ්ටි පරාමර්‍ශයයි.

1180. තත්‍ථ කතමො දිට‍්ඨිපරාමාසො:

1180. එහි දෘෂ්ටිපරාමර්‍ශ කවරේ යත්:

සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච‍්චති දිට‍්ඨිපරාමාසො, සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිපරාමාසො. ඉමෙ ධම‍්මා පරාමාසා.

ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ ඒ මැ ජීව යැ ඒ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි නො මැ වෙයි නො වන්නේ නො වේ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් කුන්මාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දෘෂ්ටිපරාමර්‍ශය යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ ධර්‍මයෝ පරාමර්‍ශයෝ යි.

1181. කතමෙ ධම‍්මා නො පරාමාසා:

1181. කවර ධර්‍මයෝ පරාමාස නො වෙති යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො පරාමාසා.

ඒ පරාමාස ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමාස නො වෙත්.

1182. කතමෙ ධම‍්මා පරාමට‍්ඨා:

1182. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වෙති යත්:

සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පරාමට‍්ඨා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධයැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ටයෝ යි.

1183. කතමෙ ධම‍්මා අපරාමට‍්ඨා:

1183. කවර ධර්‍මයෝ අපරාමෘෂ්ට වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අපරාමට‍්ඨා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අපරාමෘෂ්ටයෝ යි.

1184. කතමෙ ධම‍්මා පරාමාසසම‍්පයුත‍්තා:

1184. කවර ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්ත වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පරාමාසසම‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්තයෝ යි.

1185. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා:

1185. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්තයෝ යි.

1186. කතමෙ ධම‍්මා පරාමාසා චෙව පරාමට‍්ඨා ච:

1186. කවර ධර්‍මයෝ පරාමර්‍ශ වූවාහු ද පරාමෘෂ්ට වූවාහු ද වෙති යත්:

ස‍්වෙව පරාමාසො පරාමාසො චෙව පරාමට‍්ඨො ච.

ඒ පරාමර්‍ශ මැ පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වෙත්.

1187. කතමෙ ධම‍්මා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසා:

1187. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වූවාහු ද නො ද පරාමර්‍ශ වූවාහු ද වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා පරාමට‍්ඨා, තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසා.

ඒ පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් පරාමෘෂ්ට වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ට ද නො ද පරාමර්‍ශ ද වෙත්.

1188. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨා:

1188. කවර ධර්‍මයෝ පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨා.

ඒ ධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ යි.

1189. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා:

1189. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටයෝ වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා.

අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයෝ යි.

පරාමාසගොච‍්ඡකං.

පරාමාස ගොච්ඡක යි.