යෙදුමෙන් කියවන්න

පිට‍්ඨිදුකං

1580. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා:

1580. දර්‍ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදය දැ’යි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ යි.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්ස සහගත චිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා දස‍්සනෙන පහාතබ‍්බා සියා න දස‍්සනෙන පහාතබ‍්බා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.

1581. කතමෙ ධම‍්මා න දස‍්සනෙන පහාතබ‍්බා:

1581. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා න දස‍්සනෙන පහාතබ‍්බා.

උද්ධච්චසහගත චිත්තෝත්පාදයැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.

1582. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා:

1582. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බා.

ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා භාවනාය පහාතබ‍්බා සියා න භාවනාය පහාතබ‍්බා.

සතර දෘෂ්ටිවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.

1583. කතමෙ ධම‍්මා න භාවනාය පහාතබ‍්බා:

1583. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා න භාවනාය පහාතබ‍්බා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.

1584. කතමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා:

1584. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, එත්‍ථුප‍්පන‍්නං මොහං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ මෙහි උපන් මෝහය හැර යි. මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා, සියා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගත දෙසිත යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.

1585. කතමෙ ධම‍්මා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා:

1585. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ යත්:

විචිකිච‍්ඡාසහගතො මොහො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

විචිකිත්සාසහගත මෝහ යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.

1586. කතමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා:

1586. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, එත්‍ථුප‍්පන‍්නං මොහං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතුකා:

ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මෙහි උපන් මෝහය හැර යි. මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා. ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා භාවනාය පහාතබ‍්බහෙතුකා, සියා න භාවනාය පහාතබ‍්බහෙතුකා.

සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාද යැ, දොම්නස් සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.

1587. කතමෙ ධම‍්මා න භාවනාය පහාතබ‍්බහෙතුකා:

1587. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා න භාවනාය පහාතබ‍්බහෙතුකා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.

1588. කතමෙ ධම‍්මා සවිතක‍්කා:

1588. සවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලං, අකුසලං, කාමාවචරකුසලස‍්ස විපාකතො එකාදස චිත‍්තුප‍්පාදා, අකුසලස‍්ස විපාකතො ද‍්වෙ, කිරියතො එකාදස, රූපාවචරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං පඨමං ඣානං කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං විතක‍්කං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සවිතක‍්කා.

කාමාවචරකුශල යැ, අකුශල යැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලයාගේ විපාකයෙන් දෙසිතෙක, ක්‍රියායෙන් එකොලොසෙක, කුශලහෙයින් ද, විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන යැ,මෙහි උපන් විතර්‍කය හැර යි. මොහු සවිතර්‍ක ධර්‍මයෝ යි.

1589. කතමෙ ධම‍්මා අවිතක‍්කා:

1589. අවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො අරූපාවචරා කුසලතො ච, විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච විතක‍්කො ච. රූපඤ‍්ච නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අවිතක‍්කා.

දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර අරූපාවචරයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිතර්‍කධර්‍මයෝ යි.

1590. කතමෙ ධම‍්මා සවිචාරා:

1590. සවිචාරධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලං, අකුසලං, කාමාවචරකුසලස‍්ස විපාකතො එකාදස චිත‍්තුප‍්පාදා, අකුසලස‍්ස විපාකතො ද‍්වෙ, කිරියතො එකාදස, රූපාවචර එකකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තර එකකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං විචාරං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සවිචාරා.

කාමාවචර කුශල යැ, අකුශල යැ, කාමාවචර කුශලයාගේ විපාක හෙයින් එකොළොස් චිත්තෝත්පාද කෙනෙකැ, අකුශලවිපාකහෙයින් දෙසිතෙකැ, ක්‍රියාහෙයින් එකොළොසෙකැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ඒකකද්විකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ඒකකද්විකධ්‍යානයෝ යැ, මෙහි උපන් විචාරය හැර යි. මොහු සවිචාරධර්‍මයෝ යි.

1591. කතමෙ ධම‍්මා අවිචාරා:

1591. අවිචාරධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, විචාරො ච, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අවිචාරා.

දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල විපාක හෙයින් ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, විචාරය ද, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිචාර ධර්‍මයෝ යි.

1592. කතමෙ ධම‍්මා සප‍්පීතිකා:

1592. සප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචරකුසලස‍්ස විපාකතො පඤ‍්ච, කිරියතො පඤ‍්ච, රූපාවචරදුකතිකජ‍්ඣානා කුසලතොච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තර දුකතිකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං පීතිං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සප‍්පීතිකා.

කාමාවචරකුශලයෙන් සතර සොම්නස්සහගිය සිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙක, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ද්විත්‍රිකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විත්‍රිකධ්‍යානයෝ යැ,මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.

1593. කතමෙ ධම‍්මා අප‍්පීතිකා:

1593. අප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො අට‍්ඨ, කාමාවචර කුසලස‍්ස විපාකතො එකාදස, අකුසලස‍්ස විපාකතො සත‍්ත, කිරියතො ඡ, රූපාවචර දුකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තර දුකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, පීති ච, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අප‍්පීතිකා.

කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සිත් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අප්‍රීතිකධර්‍මයෝ යි.

1594. කතමෙ ධම‍්මා පීතිසහගතා:

1594. ප්‍රීතිසහගතධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචරකුසලස‍්ස විපාකතො පඤ‍්ච, කිරියතො පඤ‍්ච, රූපාවචර දුකතිකජ‍්ඣානා කුසලතොච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරදුකතිකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං පීතිං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා පීතිසහගතා.

කාමාවචර කුශලයෙන් සතර සොම්නස්සහගියසිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ , කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ කුශලහෙයින් ද, විපාකහෙයින් ද. ලෝකෝත්තර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ, මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු ප්‍රීතිසහගතධර්‍මයෝ යි.

1595. කතමෙ ධම‍්මා න පීතිසහගතා:

1595. ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො අට‍්ඨ, කාමාවචර කුසලස‍්ස විපාකතො එකාදස, අකුසලස‍්ස විපාකතො සත‍්ත, කිරියතො ඡ, රූපාවචර දුකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තර දුකදුකජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, පීති ච, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න පීති සහගතා.

කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ ,කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ යි.

1596. කතමෙ ධම‍්මා සුඛසහගතා:

1596. සුඛසහගතධර්‍මයෝ කවරහ යත්:

කාමාවචර කුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො චත‍්තාරො, කාමාවචරකුසලස‍්ස විපාකතො ඡ, කිරියතො පඤ‍්ච, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං සුඛං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා සුඛසහගතා.

කාමාවචර කුශලයෙන් සොම්නස්සහගිය සතරසිත්හු යැ, අකුශලයෙන් සතරෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් සයෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, මෙහි උපන් සුඛය හැර යි. මොහු සුඛසහගත ධර්‍මයෝ යි.

1597. කතමෙ ධම‍්මා න සුඛසහගතා:

1597. සුඛසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො අට‍්ඨ, කාමාවචරකුසලස‍්ස විපාකතො දස, අකුසලස‍්ස විපාකතො සත‍්ත, කිරියතො ඡ, රූපාවචර චතුක‍්කජ‍්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං චතුක‍්කජ‍්ඣානං කුසලතො ච විපාකතො ච, සුඛං ච රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න සුඛසහගතා.

කාමාවචරකුශලයෙන් උපේක්‍ෂාසහගත සතරසිත්හු යැ, අකුශලයෙන් අටෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දශයෙක, අකුශලයාගේ විපාකයෙන් සතෙක, ක්‍රියායෙන් සයෙක, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර චතුෂ්කධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා හෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුෂ්කධ්‍යාන යැ, සුඛය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සුඛසහගත නො වූ ධර්‍මයෝ යි.

1598. කතමෙ ධම‍්මා උපෙක‍්ඛාසහගතා:

1598. උපේක්‍ෂාසහගතධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො උපෙක‍්ඛාසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස‍්ස විපාකතො දස, අකුසලස‍්ස විපාකතො ඡ, කිරියතො ඡ, රූපාවචර චතුත්‍ථජ‍්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරං චතුත්‍ථජ‍්ඣානං කුසලතො ච විපාකතො ච, එත්‍ථුප‍්පන‍්නං උපෙක‍්ඛං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා උපෙක‍්ඛා සහගතා.

කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සයෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දසයෙක් අකුශලයාගේ විපාකයෙන් සයෙක, ක්‍රියාහෙයින් සයෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, මෙහි උපන් උපේක්‍ෂාව හැරයි. මොහු උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.

1599. කතමෙ ධම‍්මා න උපෙක‍්ඛාසහගතා:

1599. උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලතො චත‍්තාරො සොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, අකුසලතො ඡ, කාමාවචරකුසලස‍්ස විපාකතො ඡ, අකුසලස‍්ස විපාකතො එකො, කිරියතො පඤ‍්ච, රූපාවචරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ලොකුත‍්තරතිකචතුක‍්කජ‍්ඣානා කුසලතො ච විපාකතො ච, උපෙක‍්ඛා ච, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා න උපෙක‍්ඛාසහගතා.

කාමාවචර කුශලයෙන් සොම්නස් සහගිය සතර සිත්හු යැ, අකුශලයෙන් සයෙක, කමාචචරකුශලයාගේ විපාකයෙන් සයෙක, අකුශලයාගේ විපාකයෙන් එකෙක, ක්‍රියා හෙයින් පසෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, උපේක්‍ෂාව ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ යි.

1600. කතමෙ ධම‍්මා කාමාවචරා:

1600. කාමාවචර ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරකුසලං, අකුසලං, සබ‍්බො කාමාවචරස‍්ස විපාකො, කාමාවචරකිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා කාමාවචරා.

කාමාවචර කුශල යැ, අකුශල යැ, සියලු කාමාවචර විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැ යි මොහු කාමාවචර ධර්‍මයෝ යි.

1601. කතමෙ ධම‍්මා න කාමාවචරා:

1601. කාමාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:

රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා න කාමාවචරා.

රූපාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැයි මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.

1602. කතමෙ ධම‍්මා රූපාවචරා:

1602. රූපාවචර ධර්‍මයෝ කවරහ යත්:

රූපාවචර චතුක‍්කපඤ‍්චකජ‍්ඣානං කුසලතො ච විපාකතො ච කිරියතො ච, ඉමෙ ධම‍්මා රූපාවචරා.

කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුෂ්කපඤ්චකධ්‍යාන යැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.

1603. කතමෙ ධම‍්මා න රූපාවචරා:

1603. රූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා න රූපාවචරා.

කාමාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ දැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.

1604. කතමෙ ධම‍්මා අරූපාවචරා:

1604. අරූපාවචර ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො ආරුප‍්පා කුසලතො ච විපාකතො ච කිරියතො ච, ඉමෙ ධම‍්මා අරූපාවචරා.

කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද සතර ආරූප්‍යයෝ යැ යි මොහු අරූපාවචර ධර්‍මයෝ යි.

1605. කතමෙ ධම‍්මා න අරූපාවචරා:

1605. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:

කාමාවචරා රූපාවචරා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා න අරූපාවචරා.

කාමාවචරයෝ යැ, රූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැ යි මොහු අරූපාවචර නො වූ ධර්‍මයෝ යි.

1606. කතමෙ ධම‍්මා පරියාපන‍්නා:

1606. පර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා පරියාපන‍්නා.

ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පර්‍ය්‍යාපන්න ධර්‍මයෝ යි.

1607. කතමෙ ධම‍්මා අපරියාපන‍්නා:

1607. අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අපරියාපන‍්නා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.

1608. කතමෙ ධම‍්මා නීයානිකා:

1608. නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා නීයානිකා.

අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ යැ, මොහු නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.

1609. කතමෙ ධම‍්මා අනීයානිකා:

1609. අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනීයානිකා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.

1610. කතමෙ ධම‍්මා නියතා:

1610. නියත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්ස සහගත චිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සියා නියතා සියා අනියතා. චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, ඉමෙ ධම‍්මා නියතා.

සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාද යෝ යැ, දෞර්‍මනස්‍ය සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මේ ධර්‍මයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහ. අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ යන මොහු නියත ධර්‍මයෝ යි.

1611. කතමෙ ධම‍්මා අනියතා:

1611. අනියත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, තීසු භූමිසු කුසලං, චතූසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනියතා.

දෘෂ්ටිගත විප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අනියත ධර්‍මයෝ යි.

1612. කතමෙ ධම‍්මා සඋත‍්තරා:

1612. සඋත්තර ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සඋත‍්තරා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සියලු රූපය දැයි මොහු සඋත්තර ධර්‍මයෝ යි.

1613. කතමෙ ධම‍්මා අනුත‍්තරා:

1613. අනුත්තර ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනුත‍්තරා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුත්තර ධර්‍මයෝ යි.

1614. කතමෙ ධම‍්මා සරණා:

1614. සරණ ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසල චිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සරණා.

දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ මොහු සරණ ධර්‍මයෝ යි.

1615. කතමෙ ධම‍්මා අරණා:

1615. අරණ ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අරණාති.

චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අරණ ධර්‍මයෝ යි

පිට‍්ඨිදුකං.

පිට්ඨිදුකය යි.

අට‍්ඨාකථාකණ‍්ඩං නිට‍්ඨිතං.

අර්‍ත්‍ථකථා කාණ්ඩය නිමි.

ධම‍්මසඞ‍්ගණිප‍්පකරණං නිට‍්ඨිතං.

ධර්‍මසඞ්ගණීප්‍රකරණය සමාප්තයි.