1. එකක මාතිකා
1. එකක මාතිකා
1. ඒකක මාතෘකා
ඡ පඤ්ඤත්තියො: ඛන්ධපඤ්ඤත්ති, ආයතනපඤ්ඤත්ති, ධාතුපඤ්ඤත්ති, සච්චපඤ්ඤත්ති, ඉන්ද්රියපඤ්ඤත්ති, පුග්ගලපඤ්ඤත්තී ති.
ප්‍රඥප්තීහු සදෙනෙකි: ස්කන්ධ ප්රඥප්ති ය, ආයතන ප්රඥප්ති ය, ධාතු ප්රඥප්ති ය, සත්‍ය ප්රඥප්ති ය, ඉන්ද්රිය ප්රඥප්ති ය, පුද්ගල ප්රඥප්ති යි.
කිත්තාවතා ඛන්ධානං ඛන්ධපඤ්ඤත්ති: යාවතා පඤ්චක්ඛන්ධො, රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. එත්තාවතා ඛන්ධානං ඛන්ධපඤ්ඤත්ති.
කෙතෙකින් ස්කන්ධයන්ගේ ස්කන්ධප්රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) පඤ්චස්කන්ධය වේ ද, (විභාග විසින්) රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්‍ධ යි. මෙතෙකින් ස්කන්ධයන්ගේ ස්කන්ධප්රඥප්තිය වේ.
කිත්තාවතා ආයතනානං ආයතනපඤ්ඤත්ති: යාවතා ද්වාදසායතනානි චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. එත්තාවතා ආයතනානං ආයතනපඤ්ඤත්ති.
කෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) දොළොස් ආයතන කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතනය, ගන්ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනආයතන යැ යි. මෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ.
කිත්තාවතා ධාතූනං ධාතුපඤ්ඤත්ති: යාවතා අට්ඨාරසධාතුයො, චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. එත්තාවතා ධාතූනං ධාතුපඤ්ඤත්ති.
කෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) අටළොස් ධාතු කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්ෂුර්විඥානධාතුය, ශ්රෝත්රධාතුය, ශබ්දධාතුය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජීහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්මධාතු ය, මනෝවිඥානධාතු යැ යි. මෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ.
කිත්තාවතා සච්චානං සච්චපඤ්ඤත්ති: යාවතා චත්තාරි සච්චානි, දුක්ඛසච්චං සමුදයසච්චං නිරොධසච්චං මග්ගසච්චං. එත්තාවතා සච්චානං සච්චපඤ්ඤත්ති.
කෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) සතර සත්‍ය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) දුඃඛ සත්‍ය ය, සමුදය සත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යැ යි. මෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ.
කිත්තාවතා ඉන්ද්රියානං ඉන්ද්රියපඤ්ඤත්ති: යාවතා බාවීසතින්ද්රියානි: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං සුඛින්ද්රියං දුක්ඛින්ද්රියං සොමනස්සින්ද්රියං දොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. එත්තාවතා ඉන්ද්රියානං ඉන්ද්රියපඤ්ඤත්ති.
කෙතෙකින් ඉන්ද්රියයන්ගේ ඉන්ද්රියප්රඥප්තිය වේ ද යත්: යම්පමණෙකින් (සැකෙවින්) දෙවිසි ඉන්ද්රිය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්ෂුරින්ද්රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්රාණේන්ද්රියය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනඉන්ද්රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්ද්රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්ද්රියය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය ය යි. මෙතෙකින් ඉන්ද්රියයන්ගේ ඉන්ද්රිය ප්රඥප්තිය වේ.
කිත්තාවතා පුග්ගලානං පුග්ගලපඤ්ඤත්ති:
කොතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ ද යත්:
1. සමයවිමුත්තො
1. සමයවිමුක්ත ය,
2. අසමයවිමුත්තො
2. අසමයවිමුක්ත ය,
3. කුප්පධම්මො
3. කෝප්යධර්ම ය,
4. අකුප්පධම්මො
4. අකෝප්යධර්ම ය,
5. පරිහානධම්මො
5. පරිහාණධර්ම ය,
6. අපරිහානධම්මො
6. අපරිහාණධර්ම ය,
7. චෙතනාභබ්බො
7. චේතනාභව්‍ය ය,
8. අනුරක්ඛනාභබ්බො
8. අනුරක්ෂණාභව්ය ය,
9. පුථුජ්ජනො
9. පෘථග්ජන ය,
10. ගොත්රභූ
10. ගෝත්‍රභූ ය,
11. භයූපරතො
11. භයොපරත ය,
12. අභයූපරතො
12. අභයෝපරත ය,
13. භබ්බාගමනො
13. භව්‍යාගමන ය,
14. අභබ්බාගමනො
14. අභව්‍යාගමන ය,
15. නියතො
15. නියත ය,
16. අනියතො
16. අනියත ය,
17. පටිපන්නකො
17. ප්‍රතිපන්නක ය,
18. ඵලෙඨීතො
18. ඵලස්ථිත ය,
19. සමසීසී
19. සමශීර්ෂී ය
20. ඨීතකප්පී
20. ස්ථිතිකල්පී ය,
21. අරියො
21. ආර්‍ය්‍ය ය.
22. අනරියො
22. අනාර්‍ය්‍ය ය,
23. සෙඛො
23. ශෛක්ෂ ය,
24. අසෙඛො
24. අශෛක්ෂ ය,
25. නෙවසෙඛො නාසෙඛො
25. නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ය,
26. තෙවිජ්ජො
26. ත්‍රෛවිද්‍ය ය,
27. ඡළභිඤ්ඤො
27. ෂඩභිඥ ය,
28. සම්මාසම්බුද්ධො
28. සම්යසක්සම්බුද්ධ ය,
29. පච්චෙකබුද්ධො
29. ප්‍රත්‍යෙකබුද්ධ ය,
30. උභතොභාගවිමුත්තො
30. උභතොභාගවිමුක්ත ය,
31. පඤ්ඤාවිමුත්තො
31. ප්රඥාවිමුක්ත ය,
32. කායසක්ඛී
32. කායසාක්‍ෂී ය,
33. දිට්ඨප්පත්තො
33. දෘෂ්ටප්‍රාප්ත ය,
34. සද්ධාවිමුත්තො
34. ශ්‍රද්ධාවිමුක්ත ය,
35. ධම්මානුසාරී
35. ධර්මානුසාරී ය,
36. සද්ධානුසාරී
36. ශ්‍රද්ධානුසාරී ය,
37. සත්තක්ඛත්තුපරමො
37. සප්තකෘත්වඃපරම ය,
38. කොලංකොලො
38. කොලංකොල ය,
39. එකබීජී
39. ඒකබීජී ය,
40. සකදාගාමී
40. සකෘදාගාමී ය,
41. අනාගාමී
41. අනාගාමී ය,
42. අන්තරාපරිනිබ්බායී
42. අන්තරාපරිනිර්වායි ය,
43. උපහච්චපරිනිබ්බායී
43. උපහත්යපරිනිර්වායි ය,
44. අසඞ්ඛාරපරිනිබ්බායී
44. අසංස්කාරපරිනිර්වායි ය,
45. සසඞ්ඛාරපරිනිබ්බායී
45. සසංස්කාරපරිනිර්වායි ය,
46. උද්ධංසොතො අකනිට්ඨගාමී
46. ඌර්ද්ධවංස්රෝත අකනිෂ්ටගාමී ය,
47. සොතාපන්නො, සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නො
47. ශ්රෝතආපන්න යැ, ශ්රොතආපත්තිඵල සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
48. සකදාගාමී, සකදාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නො
48. සකෘදාගාමී යැ, සකෘදාගාමී ඵල සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
49. අනාගාමී, අනාගාමිඵල සච්ඡිකිරියාය පටිපන්නො
49. අනාගාමී යැ, අනාගාමි ඵල සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
50. අරහා, අරහත්තඵල සච්ඡිකිරියාය පටිපන්නො
50. අර්හත් යැ, අර්‍හත්ත්‍වඵල සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, (යන මෙතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ.)
එකක මාතිකා නිට්ඨිතා
ඒකක මාතෘකා නිමි.