යෙදුමෙන් කියවන්න

2. දුක මාතිකා

2. දුක මාතිකා

2. ද්වික මාතෘකා

1. කොධනො ච උපනාහී ච

1. ක්‍රෝධ ඇත්තේ ද, බද්ධවෛර ඇත්තේ ද,

2. මක‍්ඛී ච පළාසී ච

2. ගුණමකු වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කිරීම) ඇත්තේ ද,

3. ඉස‍්සුකී ච මච‍්ඡරී ච

3. ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරු බව) ඇත්තේ ද,

4. සඨො ච මායාවී ච

4. කෛරාටික වූයේ ද, මායා ඇත්තේ ද,

5. අහිරිකො ච අනොත‍්තප‍්පී ච

5. (පාපයෙහි) ලජ්ජා නැත්තේ ද, (උපවාදයෙහි) බිය නැත්තේ ද,

6. දුබ‍්බචො ච පාපමිත‍්තො ච

6. දුර්වචස්ක වූයේ ද, පාපමිත්‍රයන් ඇත්තේ ද,

7. ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරො ච භොජනෙ අමත‍්තඤ‍්ඤූ ච

7. ඉඳුරන්හි නො පියන ලද දොර ඇත්තේ ද,වැළැඳීමෙහි පමණ නො දන්නේ ද,

8. මුට‍්ඨස‍්සති ච අසම‍්පජානො ච

8. මුළා වූ සිහි ඇත්තේ ද, නුවණ නැත්තේ ද,

9. සීලවිපන‍්නො ච දිට‍්ඨිවිපන‍්නො ච

9. ශීලවිපත්තියට පැමිණියේ ද, දෘෂ්ටිවිපත්තියට පැමිණියේ ද,

10. අජ‍්ඣත‍්තසඤ‍්ඤොජනො ච බහිද‍්ධාසඤ‍්ඤොජනො ච

10. අධ්‍යාත්ම සංයෝජන ඇත්තේ ද, බාහ්‍ය සංයෝජන ඇත්තේ ද,

11. අක‍්කොධනො ච අනුපනාහී ච

11. ක්‍රෝධ නැත්තේ ද, බද්ධවෛර නැත්තේ ද,

12. අමක‍්ඛී ච අපලාසී ච

12. ගුණමකු නො වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කොට ගැනුම්) නැත්තේ ද,

13. අනිස‍්සුකී ච අමච‍්ඡරී ච

13. ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරුබව) නැත්තේ ද,

14. අසඨො ච අමායාවී ච

14. කෛරාටික නොවූයේ ද, මායා නැත්තේ ද,

15. හිරිමා ච ඔත‍්තප‍්පී ච

15. (පාපයෙහි) ලජ්ජා ඇත්තේ ද, (උපවාදයෙහි) බිය ඇත්තේ ද,

16. සුවචො ච කල්‍යාණමිත‍්තො ච

16. සුවච වූයේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද,

17. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො ච භොජනෙ මත‍්තඤ‍්ඤූ ච

17. ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොරඇත්තේද, වැළැඳීමෙහි පමණ දන්නේ ද,

18. උපට‍්ඨිතසති ච සම‍්පජානො ච

18. එළඹ සිටි සිහි ඇත්තේ ද, නුවණ ඇත්තේ ද,

19. සීලසම‍්පන‍්නො ච දිට‍්ඨිසම‍්පන‍්නො ච

19. ශීල සම්පන්න වූයේ ද, දෘෂ්ටි සම්පන්න වූයේ ද, (වෙති.)

20. ද‍්වෙපුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මිං

20. ලෝකයෙහි දුර්‍ලභ පුද්ගලයෝ දෙදෙනෙකි,

21. ද‍්වෙ පුග‍්ගලා දුතප‍්පයා

21. පිණවීමට දුෂ්කර පුද්ගලයෝ දෙදෙනෙකි,

22. ද‍්වෙ පුග‍්ගලා සුතප‍්පයා

22. පිණවීමට සුකර පුද්ගලයෝ දෙදෙනෙකි,

23. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති

23. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ වැඩෙත්,

24. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති

24. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ නො වැඩෙත්,

25. හීනාධිමුත‍්තො ච පණීතාධිමුත‍්තො ච

25. හීනාධිමුක්ත වූයේ ද, ප්‍රණීතාධිමුක්ත වූයේ ද,

26. තිත‍්තො ච තප‍්පෙතා ච

26. තෘප්ත වූයේ ද, තෘප්තිකාරක වූයේ ද (යන මොහු ය.)

දුක මාතිකා නිට‍්ඨිතා

ද්වික මාතෘකා නිමි.