යෙදුමෙන් කියවන්න

3. තික මාතිකා

3. තික මාතිකා

3. ත්‍රික මාතෘකා

1. නිරායො ආසංසො විගතාසො.

1. ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ යැ, ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යැ, පහ වූ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යි,

2. තයො ගිලානූපමා පුග‍්ගලා.

2. ගිලනාට බඳු උපමා ඇති පුද්ගලයෝ තිදෙනෙකි.

3. කායසක‍්ඛී දිට‍්ඨිප‍්පත‍්තො සද‍්ධාවිමුත‍්තො.

3. කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ.

4. ගූථභාණී පුප‍්ඵභාණී මධුභාණී.

4. ගුථයට බඳු වචන ඇත්තේ යැ, පුෂ්පයට බඳු වචන ඇත්තේ යැ, මී බඳු වචන ඇත්තේ යි.

5. අරුකූපම චිත‍්තො පුග‍්ගලො විජ‍්ජූපමචිත‍්තො පුග‍්ගලො වජිරූපමචිත‍්තො පුග‍්ගලො.

5. පැරණි ව්‍රණයට බඳු සිත් ඇති පුද්ගල යැ, විදුලියට බඳු සිත් ඇති පුද්ගල යැ, වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගල යි.

6. අන්‍ධො එකචක‍්ඛු ද‍්විචක‍්ඛු.

6. අන්‍ධ යැ, එකැස් ඇතියේ යැ, දෑස් ඇතියේ යි.

7. අවකුජ‍්ජපඤ‍්ඤො පුග‍්ගලො උච‍්ඡඞ‍්ගපඤ‍්ඤො පුග‍්ගලො පුථුපඤ‍්ඤො පුග‍්ගලො.

7. යැටිකුරු වූ ප්‍රඥා ඇති පුද්ගල යැ, ඇකයෙහි ලූවක් බඳු ප්‍රඥා ඇති පුද්ගල යැ, පතළා වූ ප්‍රඥා ඇති පුද්ගල යි.

8. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො කාමෙසු ච භවෙසු ච අවීතරාගො, අත්‍ථෙකච‍්චො පුග‍්ගලො කාමෙසු වීතරාගො භවෙසු අවීතරාගො, අත්‍ථෙකච‍්චො පුග‍්ගලො කාමෙසු ච භවෙසු ච වීතරාගො.

8. (පඤ්ච) කාමයන්හි ද, (රූපාරූප) භවයන්හි ද නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි පහ වූ රාග ඇති භවයන්හි නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි ද භවයන්හි ද පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇති.

9. පාසාණලෙඛූපමො පුග‍්ගලො පඨවිලෙඛූපමො පුග‍්ගලො උදකලෙඛූපමො පුග‍්ගලො.

9. ගලෙහි ඇඳි හිර බඳු පුද්ගල යැ, පොළොවෙහි ඇඳි හිරබඳු පුද්ගල යැ, දියෙහි ඇඳි හිර බඳු පුද්ගල යි.

10. තයො පොත්‍ථකූපමා පුග‍්ගලා.

10. සණවැහැරි කඩමාලු බඳු පුද්ගලයෝ තිදෙනෙකි,

11. තයො කාසිකවත්‍ථූපමා පුග‍්ගලා.

11. කසීවත් බඳු පුද්ගලයෝ තිදෙනෙකි,

12. සුප‍්පමෙය්‍යො, දුප‍්පමෙය්‍යො, අප‍්පමෙය්‍යො.

12. සුවසේ මිනිය හැක්කේ යැ, දුකසේ මිනියැ හැක්කේ යැ, නො මිනියැ හැක්කේ යි.

13. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො.

13. සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො, අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො.

සේවනය කළ යුතු භජනය කළ යුතු පර්‍ය්‍යුපාසනය කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත, සත්කාර කොට ගරුකාර කොට සේවනය කළයුතු භජනය කළයුතු පර්‍ය්‍යුපාසනය කළයුතු කිසි පුද්ගලයෙක් ඇති.

14. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ජිගුච‍්ඡිතබ‍්බො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො,

14. පිළිකුල් කටයුතු වූ සේවනය නොකළ යුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො,

උපේක්‍ෂා කටයුතු වූ සේවනය නො කළයුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො.

සේවනය කළ යුතු වූ භජනය කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇති.

15. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී සමාධිස‍්මිං මත‍්තසොකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී.

15. ශීලයන්හි සපුරා කරන සුලු වූ, සමාධියෙහි එක්දෙසක් කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස‍්මිං ච පරිපූරකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී.

ශීලයන්හි ද සපුරා කරනසුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරනසුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත.

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස‍්මිං ච පරිපූරකාරී පඤ‍්ඤාය ච පරිපූරකාරී.

ශීලයන්හි දු සපුරා කරන සුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි දු සපුරා කරනසුලු වූ කිසි පුද්ගලයෙක් ඇති.

16. තයො සත්‍ථාරො, අපරෙපි තයො සත්‍ථාරො.

16. ශාස්තෲහු තිදෙනෙක, අන්‍ය වූ ද ශාස්තෲහු තිදෙනෙකි.

තිකි මාතිකා නිට‍්ඨිතා.

ත්‍රික මාතෘකා නිමි.