යෙදුමෙන් කියවන්න

4. චතුක‍්ක මාතිකා

4. චතුක‍්ක මාතිකා

4. චතුෂ්ක මාතෘකා

1. අසප‍්පුරිසො, අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො, සප‍්පුරිසො. සප‍්පුරිසෙන සප‍්පුරිසතරො.

1. අසත්පුරුෂ යැ, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතර යැ, සත්පුරුෂ යැ, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතර යි.

2. පාපො, පාපෙන පාපතරො, කල්‍යාණො, කල්‍යාණෙන කල්‍යාණතරො.

2. පාප යැ, පාපියාට වඩා පාපතර යැ, කල්‍යාණ යැ, කල්‍යාණයාට වඩා කල්‍යාණතර යි.

3. පාපධම‍්මො, පාපධම‍්මෙන පාපධම‍්මතරො, කල්‍යාණධම‍්මො, කල්‍යාණධම‍්මෙන කල්‍යාණධම‍්මතරො.

3. පාපධර්‍ම යැ, පාපධර්‍මයාට වඩා පාපධර්‍මතර යැ, කල්‍යාණධර්‍ම යැ, කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතර යි.

4. සාවජ‍්ජො, වජ‍්ජබහුලො, අප‍්පවජ‍්ජො, අනවජ‍්ජො.

4. සාවද්‍ය යැ, වද්‍ය බහුල යැ, අල්පවද්‍ය යැ, අනවද්‍ය යි.

5. උග‍්ඝටිතඤ‍්ඤූ, විපඤ‍්චිතඤ‍්ඤූ, නෙය්‍යො, පදපරමො.

5. උග්ඝටිතඥ යැ, විපඤ්චිතඥ යැ, නේය යැ, පදපරම යි.

6. යුත‍්තපටිභානො නො මුත‍්තපටිභානො, මුත‍්තපටිභානො නො යුත‍්තපටිභානො, යුත‍්තපටිභානො ච මුත‍්තපටිභානො ච, නෙව යුත‍්තපටිභානො නො මුත‍්තපටිභානො.

6. මුක්තප්‍රතිභාන නො වූ යුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන නො වූ මුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන ද මුක්තප්‍රතිභාන ද වූයේ යැ, යුක්තප්‍රතිභාන නො ද වූ මුක්ත ප්‍රතිභාන නො වූයේ යි.

7. චත‍්තාරො ධම‍්මකථිකා පුග‍්ගලා.

7. ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනෙකි.

8. චත‍්තාරො වලාහකූපමා පුග‍්ගලා.

8. වලාහකයට බඳු පුද්ගලයෝ සතර දෙනෙකි.

9. චත‍්තාරො මූසිකූපමා පුග‍්ගලා.

9. මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙකි.

10. චත‍්තාරො අම‍්බූපමා පුග‍්ගලා.

10. අම්බූපම (අඹයට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.

11. චත‍්තාරො කුම‍්භූපමා පුග‍්ගලා.

11. කුම්භූපම (කළය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.

12. චත‍්තාරො උදකරහදූපමා පුග‍්ගලා.

12. උදකරහදුපම (ජලාශය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.

13. චත‍්තාරො බලිවද‍්දූපමා පුග‍්ගලා.

13. බලිවර්‍දොපම (ගවයා බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.

14. චත‍්තාරො ආසිවිසූපමා පුග‍්ගලා.

14. ආශිර්විෂෝපම (සර්‍පයාට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි,

15. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො, අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්සා වණ‍්ණං භාසිතා හොති,

15. තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නුගුණ කියයුත්තාගේ ගුණ කියන කිසි පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසිතා හොති,

තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස ගුණ කියයුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අප‍්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති,

තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා පසාදනීයෙ ඨානෙ අප‍්පසාදං උපදංසිතා හොති.

තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.

16. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනුවිච‍්ච පරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසිතා හොති,

16. තුලනය කොට නුවණින් ගුණයට බැස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනුවිච‍්ච පරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසිතා හොති,

තුලනය කොට නුවණින් ගුණයට බැස ගුණ කිය යුත්තාගේ ගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනුවිච‍්ච පරියොගාහෙත්‍වා අප‍්පසාදනීයෙ ඨානෙ අප‍්පසාදං උපදංසිතා හොති,

තුලනය කොට නුවණින් ගුණයට බැස නො පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අනුවිච‍්ච පරියොගාහෙත්‍වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති.

තුලනය කොට නුවණින් ගුණයට බැස පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.

17. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන, නො ච ඛො වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන,

17. නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් ගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත.

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන, නො ච ඛො අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං. භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන,

ගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද, (එබඳු) ඇතැම් පුද්ගල දෙයක් ඇත.

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන, වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන.

නුගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, ගුණකියයුත්තාගේ (ද) විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නෙව අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන, නො ච වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසිතා හොති භූතං තච‍්ඡං කාලෙන.

නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කාලයෙහි නො මැ කියන්නේ වේ ද, ගුණ කියයුත්තාගේ ද විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) පුද්ගලයෙක් ඇති.

18. උට‍්ඨානඵලූපජීවී නො පුඤ‍්ඤඵලූපජීවී, පුඤ‍්ඤඵලූපජීවී නො උට‍්ඨානඵලූපජීවී, උට‍්ඨානඵලූපජීවී ච පුඤ‍්ඤඵලූපජීවී ච. නෙව උට‍්ඨානඵලූපජීවී නො පුඤ‍්ඤඵලූපජීවී.

18. පුණ්‍යඵලයෙන් නො ව උත්‍ථාන (වීර්‍ය්‍ය) ඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථානඵලයෙන් නො ව පුණ්‍යඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවි නො රක්නේ යි.

19. තමොතම පරායනො, තමො ජොතිපරායනො, ජොතිතමපරායනො, ජොති ජොති පරායනො.

19. අඳුරින් අඳුරට යන්නේ යැ, අඳුරින් එළියට යන්නේ යැ, එළියෙන් අඳුරට යන්නේ යැ, එළියෙන් එළියට යන්නේ යි.

20. ඔනතොනතො, ඔනතුන‍්නතො, උන‍්නතොනතො, උන‍්නතුන‍්නතො.

20. අවනත වැ සිට අවනත වන්නේ යැ, අවනත වැ සිට උන්නත වන්නේ යැ, උන්නත වැ සිට අවනත වන්නේ යැ, උන්නත වැ සිට උන්නත වන්නේ යි.

21. චත‍්තාරො රුක‍්ඛූපමා පුග‍්ගලා.

21. වෘක්‍ෂෝපම (රුකක් බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.

22. රූපප‍්පමාණො රූපප‍්පසන‍්නො, ඝොසප‍්පමාණො ඝොසප‍්පසන‍්නො, ලූඛප‍්පමාණො ලූඛප‍්පසන‍්නො, ධම‍්මප‍්පමාණො ධම‍්මප‍්පසන‍්නො.

22. රූප ප්‍රමාණ රූප ප්‍රසන්න යැ, ඝෝෂ ප්‍රමාණ ඝෝෂ ප්‍රසන්න යැ, රූක්‍ෂ ප්‍රමාණ රූක්‍ෂ ප්‍රසන්න යැ, ධර්‍ම ප්‍රමාණ ධර්‍ම ප්‍රසන්න යි.

23. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය,

23. තමාට හිත පිණිස පිළිපන්නේ පරහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පරහිතාය පටිපන‍්නො හොති නො අත‍්තහිතාය,

පරහට හිත පිණිස පිළිපන්නේ තමාහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අත‍්තහිතාය චෙව පටිපන‍්නො හොති පරහිතාය ච,

තමහට හිත පිණිස ද පිළිපන්නේ ම පරහට ද හිත පිණිස පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නෙවත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය.

තමහට හිත පිණිස නො පිළිපන්නේ ම පරහට හිත පිණිස (ද) නො පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇති.

24. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො,

24. තමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුවේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පරන‍්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත‍්තො,

අනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො ච හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො,

තමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ ද, අනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නෙව අත‍්තන‍්තපො හොති න අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති.

තමා නො තවන්නේ ම තමා තවන ප්‍රතිපදායෙහි නො යෙදුණේ, අනුන් නො තවන්නේ අනුන් තවන ප්‍රතිපදායෙහි නොයෙදුණේ වේද, හෙතෙම තමා නො තවන්නේ අනුන් නො තවන්නේ මෙ අත්බැව්හි ම තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතුව වාස කෙරේද, (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.

25. සරාගො, සදොසො, සමොහො, සමානො.

25. රාග සහිත යැ, ද්වේෂ සහිත යැ, මෝහ සහිත යැ, මානසහිත යි.

26. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතො සමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

26. අධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ලාභී හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.

අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන්නේ, අධ්‍යාත්මයෙහි විත්තශමථය නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

අධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ ම අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,

අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නෙව ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නේ ම අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.

27. අනුසොතගාමී පුග‍්ගලො, පටිසොතගාමී පුග‍්ගලො, ඨිතත‍්තො පුග‍්ගලො, තිණ‍්ණො පාරගතො. ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො.

27. (සංසාර ස්‍රෝතස්හි) යටිගං බලා යන සුලු පුද්ගල යැ, උඩුගං බලා යන සුලු පුද්ගල යැ, ස්ථිතාත්ම පුද්ගල යැ, තරණය කළ පරතෙරට ගිය ගොඩසිටුනා බ්‍රාහ්මණ යි.

28. අප‍්පස‍්සුතො සුතෙන අනුප‍්පන‍්නො, අප‍්පස‍්සුතො සුතෙන උප‍්පන‍්නො, බහුස‍්සුතො සුතෙන අනුප‍්පන‍්නො, බහුස‍්සුතො සුතෙන උප‍්පන‍්නො.

28. අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යි.

29. සමණමචලො, සමණපදුමො, සමණපුණ‍්ඩරීකො, සමණෙසු සමණසුඛුමාලො.

29. සමණමචල යැ, සමණපදුමයැ, සමණපුණ්ඩරීක යැ, මහණුන්අතුරෙහි සමණ සුඛමාල යි.

චතුක‍්ක මාතිකා නිට‍්ඨිතා.

චතුෂ්ක මාතෘකා නිමි.