5. පඤ්චක නිද්දෙසො
5. පඤ්චක නිද්දෙසො
5. පඤ්චක නිර්දෙශය
1. තත්ර ය්වායං පුග්ගලො ආරම්භති ච විප්පටිසාරී ච හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො: ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති, විප්පටිසාරජා ච ආසවා පවඩ්ඪන්ති, සාධුවතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
1. ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණෙන්නේත් විපිළිසර වන්නේත් වේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද හෙතෙම මෙසේ කියයුතු වන්නේ යැ. (කෙසේ ද.) “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ ද වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් ද බැහැර කොට සමාධියත් විදර්ශනාවත් වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
තත්ර ය්වායං පුග්ගලො ආරම්භති න විප්පටිසාරී හොති. තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති, සාධුවතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණේ ද විපිළිසර නො වනසුලු වේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට සමථයත් විදර්ශනාවත් වඩනු මැනවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
තත්ර ය්වායං පුග්ගලො න ආරම්භති විප්පටිසාරී හොති. තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති, සාධු වතායස්මා විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර වන්නේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, “ආයුෂ්මතුන්ගේ ඇවැතට පත්වීමෙන් හටගත් ආස්‍රවයෝ නො දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් බැහැර කොට සමථ විදර්ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා භා සමසමයෙක් වන්නේ යැ” යි.
තත්ර ය්වායං පුග්ගලො නාරම්භති න විප්පටිසාරී හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති. සාධු වතායස්මා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති. ඉති ඉමෙ චත්තාරො පුග්ගලා අමුනා පඤ්චමෙන පුග්ගලෙන එවං ඔවදියමානා, එවං අනුසාසියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපුණන්ති.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර නො වන්නේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ: “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ නොදක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් සමථවිදර්ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙමේ තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ යි මෙසේ මේ පුද්ගලයෝ සතරදෙන තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අනුක්රමයෙන් ආස්‍රවයන්ගේ ක්ෂය වීමට පැමිණෙත්.
2. කථඤ්ච පුග්ගලො දත්වා අවජානාති: ඉධෙ’කච්චො පුග්ගලො පුග්ගලස්ස දෙති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං තස්ස එවං හොති අහං දම්මි, අයං පතිගණ්හාතීති, තමෙනං දත්වා අවජානාති, එවං පුග්ගලො දත්වා අවජානාති.
2. කෙසේ පුද්ගල ‘දී අවසනැ අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයක් හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙයි. ඔහුට “මම දෙමි, මේ තෙමේ පිළිගනී” යන මෙ බඳු සිතෙක් වෙයි. ඒ මොහුට ‘දී’ අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘දී අවමන් කෙරේ.’
කථඤ්ච පුග්ගලො සංවාසෙන අවජානාති: ඉධෙ’කච්චො පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවසති ද්වෙ වා තීණි වා වස්සානි, තමෙනං සංවාසෙන අවජානාති, එවං පුග්ගලො සංවාසෙන අවජානාති.
කෙසේ නම් පුද්ගල ‘සංවාසයෙන් අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයකු සමග හවුරුදු දෙකක් හෝ තුනක් හෝ එක් වැ වෙසෙයි. ඒ මොහුට (ගරු සරු නො කිරීමෙන්) සහවාසයෙන් අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘සහවාසයෙන් අවමන් කෙරේ.’
කථඤ්ච පුග්ගලො ආධෙය්යමුඛො හොති: ඉධෙ’කච්චො පුග්ගලො පරස්ස වණ්ණෙ වා අවණ්ණෙ වා භාසියමානෙ ඛිප්පඤ්ඤෙව අධිමුච්චිතා හොති, එවං පුග්ගලො ආධෙය්යමුඛො හොති.
කෙසේ නම් පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ (පළමු වචනය තර වැ ගන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අනෙකකුගේ ගුණයක් හෝ නුගුණයක් හෝ කියනු ලබන කල්හි වහා මැ හදහන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ වේ.
කථඤ්ච පුග්ගලො ලොලො හොති: ඉධෙ’කච්චො පුග්ගලො ඉත්තරසද්ධො හොති, ඉත්තරභත්තී, ඉත්තරපෙමො, ඉත්තරපසාදො, එවං පුග්ගලො ලොලො හොති.
කෙසේ නම් පුද්ගල ‘ලෝලයෙක්’ (සැලෙන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘හීනශ්රද්ධා’ ඇත්තේ, හීනභක්ති ඇත්තේ හීනප්රේම ඇත්තේ හීනප්රසාද ඇත්තේ වෙයි. මෙසේ පුද්ගල ‘ලෝලයෙක්’ වේ.
කථඤ්ච පුග්ගලො මන්දො මොමූහො හොති: ඉධෙ’කච්චො පුග්ගලො කුසලාකුසලෙ ධම්මෙ න ජානාති. සාවජ්ජානවජ්ජෙ ධම්මෙ න ජානාති. හීනප්පණීතෙ ධම්මෙ න ජානාති: කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ න ජානාති. එවං පුග්ගලො මොමූහො හොති.
කෙසේ නම් පුද්ගල අඥානයෙක් මහාමූඪයෙක් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලාකුශලධර්‍මයන් නො දනි. සාවද්‍ය නිරවද්‍ය ධර්මයන් නො දනි හීනප්‍රණීත ධර්මයන් නො දනී. සප්‍රතිභාග (අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ) වූ කෘෂ්ණශුක්ල ධර්මයන් නො දනි. මෙසේ පුද්ගල ‘අඥානයෙක් මහාමූඪයෙක්’ වේ.
3. තත්ථ කතමෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා පඤ්ච යොධාජීවා, ඉධෙ’කච්චො යොධාජීවො රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති න සක්කොති සංගාමං ඔතරිතුං එවරූපොපි ඉධෙ’කච්චො යොධාජීවො හොති අයං පඨමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
3. එහි යුදසෙබළුන් බඳු පුද්ගලයෝ පස් දෙන කවරහ යත්: යුදසෙබළු පස් දෙනෙකි; මෙලොව යුදසෙබළෙක් ධූලිකඳ මතු දැක නවති, පසු බසී, දැඩි නො වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙලොව මෙබඳු වූ ද යුද සෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති. විද්‍යමාන වූ පළමුවැනි යුද සෙබළා යි.
පුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං, එවරූපොපි ඉධෙ’කච්චො යොධාජීවො හොති. අයං දුතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද අනෙකෙකි: මෙලොව එක් යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි. එතෙකුදු වත් දද කෙළවර මතු දැක නවතී, පසුබසී, නො දැඩි වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුද සෙබළෙක් වෙයි. මෙ තෙමේ ලොව ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළා යි.
පුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, අපි ච ඛො උප්පාදනං යෙව සුත්වා සංසීදති, විසීදති න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති. අයං තතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද අනෙකෙකි; මෙහි කිසි යුදසෙබළෙක් (රණබිම්හි) ධූලිකඳ ඉවසයි, දද කෙළවර ඉවසයි, එතෙකුදු වත් රණගොස මතු අසා නවති, පසුබසි, නො දැඩි වෙයි. රණ බිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන තුන්වැනි යුදසෙබළා යි.
පුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපි ච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති, එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති, අයං චතුත්ථො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද අනෙකෙකි: මෙලොව කිසි යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි දද අග ඉවසයි, රණගොස ඉවසයි. එතෙකුදු වත් පහර එත් මැ නැසෙයි, දුර්මුඛ වෙයි. මෙහි මෙ බඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන සතරවැනි යුදසෙබළා යි.
පුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං, සහති සම්පහාරං, සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති අයං පඤ්චමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද අනෙකෙකි; මෙහි එක් යුදසෙබළෙක් ධූලි කඳ ඉවසයි, දද අග ඉවසයි, රණගොස ඉවසයි, අවිපහර ඉවසයි. හෙතෙම ඒ යුදය ජය ගෙන දිනූයුද ඇත්තේ ඒ මැ ජය කඳවුරෙහි වාස කෙරෙයි, මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොව ඇති, දක්නා ලැබෙන පස්වැනි යුදසෙබළා යි.
ඉමෙ පඤ්ච යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, එවමෙව පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු, කතමෙ පඤ්ච: ඉධෙ’කච්චො භික්ඛු රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛා දුබ්බල්යං ආවීකත්වා, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. කිමස්ස රජග්ගස්මිං: ඉධ භික්ඛු සුණාති, අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරී වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතාති. සො තං සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං, සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස රජග්ගස්මිං. සෙය්යථාපි සො යොධාජීවො රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමො අයං පුග්ගලො. එවරූපො’පි ඉධෙ’කච්චො පුග්ගලො හොති අයං පඨමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මොහු පස්දෙන ලොවැ ඇති දක්නා ලැබෙන යුදසෙබළු යි. එපරිදි මැ භික්ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන යුදසෙබළුනට බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්: මෙ සසුන්හි එක් මහණෙක් රජග්ගය මැ දැක කිඳෙයි පසුබසී නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්ෂා දුර්වල බව ප්‍රකාශ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුගේ රජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනා රූ ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනසුලු යැ උතුම් රූසපුයෙන් යුක්ත යැ යි අසයි. හෙතෙම එය අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්ෂා දුර්වල බව ප්‍රකාශ කොට ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වේ. මේ ඔහුගේ රජග්ගය යි. යම්සේ මැ ඒ යුදසෙබළ තෙමේ රජග්ගය මැ දැක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මෙතෙමේ භික්ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන පළමු වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
පුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති. න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, කිමස්ස ධජග්ගස්මිං: ඉධ භික්ඛු නහෙව ඛො සුණාති, අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරි වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතාති.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි. එතෙකුදු වත් ධජග්ගය දැක කිඳෙයි, පසුබසී, නො දැඩි වෙයි, බඹසර පවත්වන්නට නො හැකි වෙයි. ශික්ෂා දුර්වල බව ප්‍රකාශ කොට ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුට ධජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනාරූ ඇත්තී යැ, දැකුම්කලු යැ, ප්‍රසාදය එළවනසුලු යැ, උතුම් රූසපුයෙන් යුක්ත යැ යි නො මැ අසයි.
අපි ච ඛො සාමං යෙව පස්සති ඉත්ථිං වා කුමාරිං වා අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං. සො තං දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං, සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස ධජග්ගස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති විසීදති න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං දුතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
එතෙකුදු වත් “මනාරූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවනසුලු වූ උතුම් රූසපුයෙන් යුත් ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ තෙමේ මැ දකි. හෙතෙම ඇය දැක කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්ෂා දුර්වල බව ප්‍රකාශ කොට ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට ධජග්ග යි. යම් සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද එතෙකුදු වත් ධජග්ගය මැ දක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
පුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං සහති ධජග්ගං. අපි ච ඛො උස්සාදනංයෙව සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, කිමස්ස උස්සාදනායං. ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා, රුක්ඛමූලගතං වා, සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා ඌහසති උල්ලපති උජ්ඣග්ඝති උප්පණ්ඩෙති. සො මාතුගාමෙන ඌහසියමානො උල්ලපියමානො උජ්ඣග්ඝියමානො උප්පණ්ඩියමානො සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස උස්සාදනාය. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං. අපිච ඛො උස්සාදනංයෙව සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමො අයං පුග්ගලො, එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං තතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛුසු.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි, ධජග්ගය ඉවසයි. එතෙකුදු වත් (රණහඬ) උස්සාදනය මැ අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්ෂා දුර්වලභාවය ප්‍රකාශ කොට ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. ඔහුට (රණහඬ) උස්සාදනය කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ මුකුළු කොට සිනා සෙයි, කථා කරයි, හඬනගා සිනා සෙයි, කෙළි කවට බෙණෙයි. හෙතෙම මාගම විසින් මුකුළු කොට සිනාසෙනු ලබන්නේ මුකුළු කොට බණනු ලබන්නේ හඬනඟා සිනාසෙනු ලබන්නේ කවටකම් කරනු ලබන්නේ කිඳෙයි, පසු බසී, නොදැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි, ශික්ෂණ දුර්වල බව ප්‍රකාශ කොට ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට රණහඬ වෙයි. යම්සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද ධජග්ගය ඉවසා ද එතෙකුදු වත් උස්සාදනය (රණහඬ) මැ අසා කිඳේ ද පසු බසී ද නො දැඩි වේද රණබිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන තුන්වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
පුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපි ච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති. කිමස්ස සම්පහාරස්මිං. ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති, අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්ථරියමානො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති, ඉදමසස්ස සම්පහාරස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපිච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති, අයං චතුත්ථො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද අග ඉවසයි, රණහඩ ඉවසයි. එතෙකුදු වත් පහර හෙත් මැ නැසෙයි, පෙරළෙ යි. ඔහුට පහර දීම යනු කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟ හිඳියි, ළඟ හොවියි, මැඩගෙන හිඳියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය නො කොට දුර්වල බව ප්‍රකාශ නො කොට මෛථුනධර්ම සේවනය කරයි. මේ ඔහුට පහර දීම යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද අග ඉවසා ද රණහඩ ඉවසා ද එතෙකුදු වත් පහර හෙත් මැ නැසේ ද වැනසේ ද මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වේ. මේ තෙමේ භික්ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන සතර වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
පුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං සහති උස්සාදනං සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිත සඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. කිමස්ස සඞ්ගාමවිජයස්මිං ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්ථරියමානො විනිවට්ටෙත්වා විනිමොචෙත්වා යෙන කාමං පක්කමති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජිං.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද’ග ඉවසයි, රණහඩ ඉවසයි, පහරහෙනු ඉවසයි. හෙතෙම සංග්‍රාමය ජයගෙන දිනූ සංග්රාම ඇත්තේ එම යුදකඳවුරෙහි වාස කෙරෙයි. ඔහුට සංග්රාමවිජය කිමෙක යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාර ගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟහිඳියි. ළඟ හොවියි. මැඩගනියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ වෙළුම් හැර ග්රහණයෙන් මිදී කැමැති පරිදි යම් තැනෙක යෙයි. හෙතෙම අරණ්‍ය යැ වෘක්ෂමූල යැ පර්වත යැ කඳුරැලි යැ ගිරිගුහා යැ ශ්මසාන යැ වනසෙනසුන යැ අභ්‍යාවකාශ යැ පිදුරුබිස්ස යැ යන විවේක සේනාසනයක් භජනය කෙරේ.
සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සො අභිජ්ඣං ලොකො පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති. සබ්බපාණභූතහිතානුකම්පී. ව්යාපාදදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො ථීනමිද්ධා චිත්තං පරිසොධෙති උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති. අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
හෙතෙම අරණ්‍යයට ගියේ හෝ වෘක්ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවා කායලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යාව ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාද දෝෂය හැර දමා ව්‍යාපාද රහිත සිත් ඇත්තේ සියලු ප්‍රාණභූතයන්ට හිතානුකම්පීව වාස කෙරෙයි. හිත - අනුකම්පා ඇත්තේ ව්‍යාපාද දෝෂයෙන් සිත සෝධා හරියි. ථීනමිද්ධය දුරු කොට පහ වූ ථීනමිද්ධ ඇත්තේ ආලෝකසංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ වාස කෙරෙ යි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උඩඟු නො වූයේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව දුරු කොට විචිකිච්ඡායෙන් එතෙර වූයේ කුශලධර්මයන්හි සැක රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කෙරේ.
සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිවච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.
හෙතෙම චිත්තයාගේ උපක්ලේශයන් වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිත සමාධිගත වූ කල්හි පිරිසුදු වූ කල්හි නිර්මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි මොළොක් වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස සිත නමයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි.
ඉමෙ ආසවානං යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදමස්ස සඞ්ගාමවිජයස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං, සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං පඤ්චමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු. ඉමෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛුසු.
මොහු ආස්‍රවහ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන්ගේ නිරෝධ යැයි ඇති සැටියෙන් දැනගනී. මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු භවාස්‍රවයෙනුදු අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි නුවණ පහළ වෙයි. ජාතිය ක්ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද. කළ යුතු කිස කරන ලදි. මෙ අර්හත්වය සඳහා අන් කළ යුතු දැයෙක් නැතැ යි දැනගනි. මේ ඔහුගේ සංග්රාමවිජය යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද’ග ඉවසා ද රණහඩ ඉවසා ද ප්‍රහාරය ඉවසා ද හෙතෙම ඒ සංග්‍රාමය ජය ගෙන දිනූසංග්රාම ඇත්තේ ඒ මැ රණබිම්හි වෙසේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද කිසි පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන පස් වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
4. තත්ථ කතමෙ පඤ්ච පිණ්ඩපාතිකා: මන්දත්තා මොමූහත්තා පිණ්ඩපාතිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො පිණ්ඩපාතිකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා පිණ්ඩපාතිකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධ සාවකෙහීති පිණ්ඩපාතිකො හොති. අපි ච අප්පිච්ඡතංයෙව නිස්සාය, සන්තුට්ඨිංයෙව නිස්සාය, සල්ලෙඛංයෙව නිස්සාය, ඉදමට්ඨිතංයෙව නිස්සාය පිණ්ඩපාතිකො හොති.
4. එහි පිණ්ඩපාතිකයෝ පස්දෙන කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් පිණ්ඩපාතික වෙයි. පාපේච්ඡා ඇත්තේ පාපේච්ඡායෙන් මැඩුණේ පිණ්ඩපාතික වෙයි. උමතුවෙන් චිත්ත වික්ෂේපයෙන් පිණ්ඩපාතික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසස්නා ලදැ යි පිණ්ඩපාතික වෙයි. තව ද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ.
තත්ර ස්වායං පිණ්ඩපාතිකො අප්පිච්ඡතංයෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛංයෙව නිස්සාය, ඉදමට්ඨිතංයෙව නිස්සාය, පිණ්ඩපාතිකො හොති. අයං ඉමෙසං පඤ්චන්නං පිණ්ඩපාතිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි නාම ගාවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි සප්පිම්හා සප්පිමණ්ඩො. සප්පිමණ්ඩං තත්ථ අග්ගමක්ඛායති. එවමෙව ය්වායං පිණ්ඩපාතිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිං යෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය පිණ්ඩපාතිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං පිණ්ඩපාතිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච, ඉමෙ පඤ්ච පිණ්ඩපාතිකා.
ඔවුනතුරෙහි යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා, කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි. යම්සේ දෙනගෙන් කිරි කිරෙන් දී දීයෙන් වෙඬරු වෙඬරුයෙන් ගී ගීයෙන් ගීමඬ ලැබේ ද, ඔවුනතුරෙහි සප්පිමණ්ඩය මැ අග්‍ර යැ යි කියනු ලැබේ. එපරිදි මැ යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් පිණ්ඩපාතිකයෝ යි.
5-14. තත්ථ කතමෙ පඤ්ච ඛලුපච්ඡාභත්තිකා -පෙ- පඤ්ච එකාසනිකා -පෙ- පඤ්චපංසුකූලිකා -පෙ- පඤ්ච තෙචීවරිකා -පෙ- පඤ්ච ආරඤ්ඤිකා -පෙ- පඤ්ච රුක්ඛමූලිකා -පෙ- පඤ්ච අබ්භොකාසිකා -පෙ- පඤ්ච නෙසජ්ජිකා -පෙ- පඤ්ච යථාසන්ථතිකා -පෙ- පඤ්ච සොසානිකා.
5-14. එහි පස්වැදෑරුම් ඛලුපච්ඡාභත්තිකයෝ ... පස් වැදෑරුම් ඒකාසනිකයෝ ... පස් වැදෑරුම් පංශුකූලිකයෝ ... පස් වැදෑරුම් තෙචීවරිකයෝ ... පස් වැදෑරුම් ආරණ්‍යකයෝ ... පස් වැදෑරුම් වෘක්ෂමූලිකයෝ ... පස් වැදෑරුම් අභ්යවකාශිකයෝ ... පස් වැදෑරුම් නෙසජ්ජිකයෝ ... පස් වැදෑරුම් යථාසන්‍ථතිකයෝ ... පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්:
තත්ථ කතමෙ පඤ්ච සොසානිකා: මන්දත්තා මොමූහත්තා සොසානිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො සොසානිකො හොති, උම්මාදා චිත්තවික්ඛෙපො සොසානිකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති සොසානිකො හොති, අපිච අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිංයෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති.
එහි පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් සෝසානික වෙයි. ලාමක පැතුම් ඇත්තේ පාපේච්ඡායෙන් මැඬුණේ සෝසානික වෙයි. උමතුවෙන් චිත්තවික්ෂේපයෙන් සෝසානික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසසන ලද යි සෝසානික වෙයි. තවද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානිකයෙක් වේ.
තත්ර ය්වායං සොසානිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨියෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං සොසානිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි නාම ගාවා ඛීරං ඛීරම්හා දධි දධිම්හා නොනීතං නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩං තත්ථ අග්ගමක්ඛායති, එවමෙව ය්වායං සොසානිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිංයෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං සොසානිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. ඉමෙ පඤ්ච සොසානිකා.
ඔවුනතුරෙහි යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි, යම්සේ දෙනගෙන් කිරි, කිරෙන් දී, දීයෙන් වෙඬරු, වෙඬරුයෙන් ගී, ගීයෙන් ගීමඬ ලබා ද ගීමඬ – ඝෘතමණ්ඩය ඔවුනතුරෙන් අග්‍ර යැ යි කියනු ලැබේ ද, එපරිදි මැ යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් සෝසානිකයෝ යි.
පඤ්චක නිද්දෙසො නිට්ඨිතො.
පඤ්චක නිර්දේශ නිමියේ යි.