යෙදුමෙන් කියවන්න

5. පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා

5. පංචක නිද්දේස වර්ණනාව

පඤ‍්චකෙ – තත්‍රාති තෙසු “ආරභති ච විප‍්පටිසාරී ච හොතී”තිආදිනා නයෙන හෙට‍්ඨා උද‍්දිට‍්ඨපුග‍්ගලෙසු. ය‍්වායන‍්ති යො අයං. ආරභතීති එත්‍ථ ආරම‍්භසද‍්දො කම‍්මකිරියාහිංසනවීරියවිකොපනාපත‍්තිවීතික‍්කමෙසු වත‍්තති. තථා හෙස “යංකිඤ‍්චි දුක‍්ඛං සම‍්භොති, සබ‍්බං ආරම‍්භපච‍්චයා”ති (සු· නි· 748) කම‍්මෙ ආගතො. “මහායඤ‍්ඤා මහාරම‍්භා, න තෙ හොන‍්ති මහප‍්ඵලා”ති (අ· නි· 4.39) කිරියායං. “සමණං ගොතමං උද‍්දිස‍්ස පාණං ආරභන‍්තී”ති (ම· නි· 2.51-52) හිංසනෙ. “ආරභථ, නික‍්ඛමථ, යුඤ‍්ජථ බුද‍්ධසාසනෙ”ති (සං· නි· 1.185) වීරියෙ. “බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො හොතී”ති (දී· නි· 1.10, 194; ම· නි· 1.293) විකොපනෙ. “ආරභති ච විප‍්පටිසාරී ච හොතී”ති (අ· නි· 5.142) අයං පන ආපත‍්තිවීතික‍්කමෙ ආගතො. තස‍්මා ආපත‍්තිවීතික‍්කමවසෙන ආරභති චෙව තප‍්පච‍්චයා විප‍්පටිසාරී ච හොතීති අයමෙත්‍ථ අත්‍ථො.

පංචකයෙහි තත්‍රා වීර්යය ද විපිළිසර බව ද මෙයයි. යනාදි නයින් යට කියන ලද ඒ පුද්ගලයන් අතරෙන් යවායං යමෙක් ආරම්භති යයි, මෙහි ආරම්භ ශබ්දය කම්ම කිරිය හිංසන විරිය විකාරයට පත්කිරීම ආපත්ති වීතික්කම යන මේවායෙහි වැටේ. එසේ මෙය ‘යං කිංචි දුක්‍ඛං සම්භොති, සබ්බං ආරම්භ පච්චයා යයි කර්මයෙහි ආවේය. මහා යඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා කිරියාවෙහිය. ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරම්භති හිංසනයෙහි, ආරම්භථ නිකෙමථ යුඤ්ජථ බුද්ධසාසනෙ ‘වීර්යෙහි, බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතො හොති විකොපනයෙහි වේ. ආරම්භති ච විප්පටිසාරී ච හොති මෙය වනාහි ඇවැත් ඉක්මවීමෙහි ආවේය. එහෙයින් ඇවැත් ව්‍යතික්‍රමණ වශයෙන් ආරම්භ ද එය ප්‍රත්‍ය වීමෙන් විපිළිසර බව ද වේ යයි මෙය මෙහි අර්ථයයි. චෙතො විමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය,

යථාභූතං නප‍්පජානාතීති අනධිගතත‍්තා යථාසභාවතො න ජානාති. යත්‍ථස‍්සාති යස‍්මිං අස‍්ස, යං ඨානං පත්‍වා එතස‍්ස පුග‍්ගලස‍්ස උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්තීති අත්‍ථො. කිං පන පත්‍වා තෙ නිරුජ‍්ඣන‍්තීති? අරහත‍්තමග‍්ගං. ඵලප‍්පත‍්තස‍්ස පන නිරුද‍්ධා නාම හොන‍්ති. එවං සන‍්තෙපි ඉධ මග‍්ගකිච‍්චවසෙන ඵලමෙව වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ආරම‍්භජාති ආපත‍්තිවීතික‍්කමසම‍්භවා. විප‍්පටිසාරජාති විප‍්පටිසාරතො ජාතා. පවඩ‍්ඪන‍්තීති පුනප‍්පුනං උප‍්පජ‍්ජනෙන වඩ‍්ඪන‍්ති. සාධූති ආයාචනසාධු. ඉදං වුත‍්තං හොති – යාව අපරද‍්ධඤ‍්ච වත ආයස‍්මතා, එවං සන‍්තෙපි මයං ආයස‍්මන‍්තං යාචාම – “දෙසෙතබ‍්බයුත‍්තකස‍්ස දෙසනාය, වුට‍්ඨාතබ‍්බයුත‍්තකස‍්ස වුට‍්ඨානෙන, ආවිකාතබ‍්බයුත‍්තකස‍්ස ආවිකිරියාය, ආරම‍්භජෙ ආසවෙ පහාය, සුද‍්ධන‍්තෙ ඨිතභාවපච‍්චවෙක‍්ඛණෙන විප‍්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්‍වා නීහරිත්‍වා විපස‍්සනාචිත‍්තඤ‍්චෙව විපස‍්සනාපඤ‍්ඤඤ‍්ච භාවෙතූ”ති. අමුනා පඤ‍්චමෙන පුග‍්ගලෙනාති එතෙන පඤ‍්චමෙන ඛීණාසවපුග‍්ගලෙන. සමසමො භවිස‍්සතීති ලොකුත‍්තරගුණෙහි සමභාවෙනෙව සමො භවිස‍්සතීති එවං ඛීණාසවෙන ඔවදිතබ‍්බොති අත්‍ථො.

යථාභූතං නප්පජානාති අවබෝධ නොකළ තැනැත්තා ස්වභාවය යථා වශයෙන් නොදනී. යත්‍ථස්ස යම්තැනක මොහුගේ. යම් තැනකට පැමිණ මේ පුද්ගලයාගේ - උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිස්සො නිරුජ්ඣති - උපන් සියළු අකුසල ධර්ම නිරවශේෂයෙන් නිරුද්ධ වේ යන අර්ථයයි. කිම පැමිණ ඒවා නිරුද්ධ නොවේද? රහත්මග පලයට පැමිණියෙහුගේ නිරුද්ධ නම් වේ. මෙසේ ඇතිකල්හි මෙහි මාර්ග කෘත්‍ය වශයෙන් පලයම කියන ලදැයි දතයුතුය. ආරම්භජාති ආපත්ති ව්‍යතික්‍රමණං ස්වභාවකොට ඇත. විප්පටිසාරජා විපිළිසරයෙන් හටගත්. පවඩ්ඪන්ති නැවත නැවත උත්තේජනයෙන් වැඩෙත්. සාධු ආයාචනයෙහි මෙය කියන ලද්දේ වේ. ඒකාන්තයෙන් ආයු පමණ වැරදි කළ කල්හිද අපි ආයාචනා කරමු. දේසනා කළ යුතු සූත්‍ර දෙසීම සඳහා නැගිට සිටිය යුත්ත නැගිටීම සඳහා ප්‍රකට කළයුත්ත ප්‍රකට කිරීම සඳහා. ආරම්භජෙ ආසවෙ පිරිසිදු බවෙහි සිටි බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් විප්පටිසාරෙ ආසවෙ පටිවිනොදෙත්‍වා බැහැර කොට විපස්සනා සිත ද, විපස්සනා පඤ්ඤඤ්ච භාවෙතු විපස්සනා පඤ්ඤාව වඩනු. අමුනා පඤ්චමෙන පුග්ගලෙන මේ පස්වෙනි ක්‍ෂීණාශ්‍රව පුද්ගලයා විසින්. සමසමො භවිස්සති ලෝකෝත්තර ගුණවලින් ස්වභාවයෙන්ම සම වන්නේය. මෙසේ ක්‍ෂීණාශ්‍රවයා විසින් අවවාද දිය යුතුය යන අර්ථයයි.

ආරභති න විප‍්පටිසාරී හොතීති ආපත‍්තිං ආපජ‍්ජති. තං පන දෙසෙතුං සභාගපුග‍්ගලං පරියෙසති. තස‍්මා න විප‍්පටිසාරී හොති. අඞ‍්ගුත‍්තරට‍්ඨකථායං පන “වුට‍්ඨිතත‍්තා න විප‍්පටිසාරී හොතී”ති වුත‍්තං. න ආරභති විප‍්පටිසාරී හොතීති ආපත‍්තිං නාපජ‍්ජති, විනයපඤ‍්ඤත‍්තියං පන අකොවිදත‍්තා අනාපත‍්තියං ආපත‍්තිසඤ‍්ඤී හුත්‍වා විප‍්පටිසාරී හොති. අඞ‍්ගුත‍්තරට‍්ඨකථායං පන “සකිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය පච‍්ඡා කිඤ‍්චාපි නාපජ‍්ජති, විප‍්පටිසාරං පන විනොදෙතුං න සක‍්කොතී”ති වුත‍්තං. න ආරභති න විප‍්පටිසාරී හොතීති නෙව ආපත‍්තිං ආපජ‍්ජති, න විප‍්පටිසාරී හොති. කතමො පනෙස පුග‍්ගලොති? ඔස‍්සට‍්ඨවීරියපුග‍්ගලො. සො හි “කිං මෙ ඉමස‍්මිං බුද‍්ධකාලෙ පරිනිබ‍්බානෙන, අනාගතෙ මෙත‍්තෙය්‍යසම‍්මාසම‍්බුද‍්ධකාලෙ පරිනිබ‍්බායිස‍්සාමී”ති විසුද‍්ධසීලොපි පටිපත‍්තිං න පූරෙති. සොපි “කිමත්‍ථං ආයස‍්මා පමත‍්තො විහරති පුථුජ‍්ජනස‍්ස නාම ගති අනිබද‍්ධා. ආයස‍්මා හි මෙත‍්තෙය්‍යසම‍්මාසම‍්බුද‍්ධස‍්ස සම‍්මුඛභාවං ලභෙය්‍යපි න ලභෙය්‍යාපීති අරහත‍්තත්‍ථාය විපස‍්සනං භාවෙහී”ති ඔවදිතබ‍්බොව. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

ආරම්භති න විප්පටිසාරො හොති ඇවැත්වලට නොපැමිණෙයි. විනය ප්‍රඥප්තියෙහි අදක්‍ෂ බැවින් අනාපත්තියෙහි ආපත්ති සංඥාවෙන් විපිළිසර වේ. අංගුත්තර අටුවාවෙහි වරක් ඇවතට පැමිණ එයින් නැගිට පසුව කිසිවකට නොපැමිණේ යන විපිළිසරය අත්හැරීමට නොහැකි යයි කියන ලදී. න ආරම්භති න විප්පටිසාරී හොති ඇවතට නොපැමිණේ. විපිළිසර නොවේ. මේ පුද්ගලයා කවරෙක්ද? විරිය අත්හල පුද්ගලයාය. හේ වනාහි මේ බුද්ධ කාලයෙහි පිරිනිවන් පෑමෙන් කිම? අනාගතයෙහි මෛත්‍රීය සම්මා සම්බුදුන්ගේ කාලයේ පිරිනිවන් පාන්නෙමියි විසුද්ධ සීලය ද ප්‍රතිපත්ති නොපුරයි. හේ ආයුෂ්මතුන් කුමක් නිසා පමාව වාසය කෙරෙහිද? පුහුදුන් නම් ගති අනිබද්ධය. ආයුෂ්මතා මෛත්‍රී බුදුහාමුදුරුවන් දකින්නට ලැබුණත් රහත්බව නොලබන්නේය. විපස්සනාව වඩන්න යයි අවවාද කළ යුතුය. සෙසු සියළු තන්හි කියන ලද නයින්ම දතයුතුය.

දත්‍වා අවජානාතීතිආදීසු – එකො භික‍්ඛු මහාපුඤ‍්ඤො චතුපච‍්චයලාභී හොති. සො චීවරාදීනි ලභිත්‍වා අඤ‍්ඤං අප‍්පපුඤ‍්ඤං ආපුච‍්ඡති. සොපි තස‍්මිං පුනප‍්පුනං ආපුච‍්ඡන‍්තෙපි ගණ‍්හාතියෙව. අථස‍්ස ඉතරො ථොකං කුපිතො හුත්‍වා මඞ‍්කුභාවං උප‍්පාදෙතුකාමො වදති – “අයං අත‍්තනො ධම‍්මතාය චීවරාදීනි න ලභති, අම‍්හෙ නිස‍්සාය ලභතී”ති. එවං පුග‍්ගලො දත්‍වා අවජානාති නාම. එකො පන එකෙන සද‍්ධිං ද‍්වෙ තීණි වස‍්සානි වසන‍්තො පුබ‍්බෙ තං පුග‍්ගලං ගරුං කත්‍වා පච‍්ඡා ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ චිත‍්තීකාරං න කරොති, ආසනාපි න වුට‍්ඨාති, උපට‍්ඨානම‍්පි න ගච‍්ඡති. එවං පුග‍්ගලො සංවාසෙන අවජානාති නාම.

දත්‍වා අවජානාති ආදියෙහි, එක් භික්‍ෂුවක් මහා පින්වන්තයෙකි. සිව්පස ලාභී වේ. හෙතෙම සිවුරු ආදිය ලැබ අනිත් මද පිනැත්තන්ගෙන් අසයි. හේද නැවත නැවත අසනු ලබන්නේ ගනීමය. ඉක්බිති දෙන්නා ටිකක් කිපී මකුබව උපදවනු කැමැත්තේ කියයි. මේ තෙමේ තමාගේ ස්වභාවයෙන් චීවරාදිය නොලබයි. අප නිසා ලබයි. මෙසේ පුද්ගලයා දී අවජානාති නම් වේ. එක් භික්‍ෂුවක් වනාහි තව භික්‍ෂු කෙනෙකුන් සමග දෙතුන් වසක් වසන්නේ, පෙර ඒ පුද්ගලයා ගරුකොට පසුව කල් යනකොට ගරු නොකරයි. අසුනෙන්ද නොනැගිටියි. නැගිට්ටේ ද නොයයි. මෙසේ පුද්ගලයා සංවාසෙන අවජානාති නම් වේ.

ආධෙය්‍යමුඛොති ආදිතො ධෙය්‍යමුඛො. පඨමවචනස‍්මිංයෙව ඨපිතමුඛොති අත්‍ථො. අධිමුච‍්චිතා හොතීති සද‍්ධාතා හොති. තත්‍රායං නයො – එකො පුග‍්ගලො සාරුප‍්පංයෙව භික‍්ඛුං ‘අසාරුප‍්පො එසො’ති කථෙති, තං සුත්‍වා එස නිට‍්ඨං ගච‍්ඡති. පුන අඤ‍්ඤෙන සභාගෙන භික‍්ඛුනා ‘සාරුප‍්පො අය’න‍්ති වුත‍්තෙපි තස‍්ස වචනං න ගණ‍්හාති “අසුකෙන නාම ‘අසාරුප‍්පො අය’න‍්ති අම‍්හාකං කථිත”න‍්ති පුරිමභික‍්ඛුනොව කථං ගණ‍්හාති. අපරොපිස‍්ස දුස‍්සීලං ‘සීලවා’ති කථෙති. තස‍්ස වචනං සද‍්දහිත්‍වා පුන අඤ‍්ඤෙන “අසාරුප‍්පො එස භික‍්ඛු, නායං තුම‍්හාකං සන‍්තිකං උපසඞ‍්කමිතුං යුත‍්තො”ති වුත‍්තොපි තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා පුරිමස‍්සෙව කථං ගණ‍්හාති. අපරො වණ‍්ණම‍්පි කථිතං ගණ‍්හාති, අවණ‍්ණම‍්පි කථිතං ගණ‍්හාතියෙව. අයම‍්පි ආධෙය්‍යමුඛොයෙව නාම. ආධාතබ‍්බමුඛො යං යං සුණාති, තත්‍ථ තත්‍ථ ඨපිතමුඛොති අත්‍ථො.

ආධෙය්‍යමුඛො මුලින් දිය යුතු වචනය. පළමු වචනයෙහි තබන ලද මුව ඇති යන අර්ථයයි. අධිමුච්චිතා හොති සද්ධාතා වේ. එය නය මෙසේය. එක් පුද්ගලයෙක් භික්‍ෂුවට සරුප් වූ දෙය නොසරුප් යයි කියයි. එය අසා මෙතෙම නිශ්චයට යයි. නැවත වෙනත් සභාගයකින් භික්‍ෂුව විසින් මෙය සරුප් යයි කීවිටද ඔහුගේ වචනය නොගනී. අසවල් දෙයින් මෙය නොසරුප් යයි අපට කියන ලදැයි පෙර භික්‍ෂුවගේ කථාවම ගනී. තව කෙනෙක් දුසිලා සිල්වත් යයි කියති. ඒ වචනය විශ්වාස කොට නැවත වෙනින් භික්‍ෂුවට මෙය නොසරුප් යයි මේ තෙමේ ඔබ ලඟට පැමිණීම නොසරුප් යයි කී කල්හිද ඔහුගේ වචනය නොගෙන පෙර කතාවම ගනී. තව කෙනෙක් ගුණ කියූ කථාද අගුණ කියූ කථාද ගනිති. මේ තෙමේ ආධෙය්‍ය මුඛොම වේ. තැබිය යුතු වචනය, යම් යම් දේ අසයි. ඒ ඒ තැන තැබිය යුතු වචනය යන අර්ථයයි.

ලොලොති සද‍්ධාදීනං ඉත‍්තරකාලට‍්ඨිතිකත‍්තා අස‍්සද‍්ධියාදීහි ලුලිතභාවෙන ලොලො. ඉත‍්තරසද‍්ධොති පරිත‍්තසද‍්ධො, අපරිපුණ‍්ණසද‍්ධො. සෙසෙසුපි එසෙව නයො. එත්‍ථ පන පුනප‍්පුනං භජනවසෙන සද‍්ධාව භත‍්ති. පෙමං සද‍්ධාපෙමං ගෙහසිතපෙමම‍්පි වට‍්ටති. පසාදො සද‍්ධාපසාදොව. එවං පුග‍්ගලො ලොලො හොතීති එවං ඉත‍්තරසද‍්ධාදිතාය පුග‍්ගලො ලොලො නාම හොති. හලිද‍්දිරාගො විය , ථුසරාසිම‍්හි කොට‍්ටිතඛාණුකො විය, අස‍්සපිට‍්ඨියං ඨපිතකුම‍්භණ‍්ඩං විය ච අනිබද‍්ධට‍්ඨානො මුහුත‍්තෙන පසීදති, මුහුත‍්තෙන කුප‍්පති.

ලොලො අඩු කාලයක් සිටි බැවින් අශ්‍රද්ධාදියෙන් කැළඹුණු බැවින් ලොල් වූ. ඉත්තර සද්ධො අඩු, අසම්පූර්ණ ශ්‍රද්ධාව. සෙස්සෙහි ද මෙම නයයි. මෙහි වනාහි නැවත නැවත භජන වශයෙන් ශ්‍රද්ධාවම භත්ති වේ. පෙමං ශ්‍රද්ධා ප්‍රේමය ද ගෙහසිත ප්‍රේමය ද වටී. පසාදො ශ්‍රද්ධා ප්‍රසාදයම. එවං පුග්ගලො ලොලො හොති. මෙසේ ශ්‍රද්ධාව අඩු බැවින් පුද්ගලයා ලෝල නම් වේ. කහ වර්ණය මෙන් දහයියා ගොඩේ සිටවූ කනුවක් මෙන් අසුපිටේ තබන ලද පුහුලක් මෙන් නොබැඳි ස්ථානයෙහි මොහොතකින් පැහැදෙයි. මොහොතකින් කිපේ.

මන්‍දො මොමූහොති අඤ‍්ඤාණභාවෙන මන්‍දො අවිසදතාය මොමූහො. මහාමූළ‍්හොති අත්‍ථො.

මන්‍දො මොමූහො අඥාන බැවින් මන්‍ද වේ. විසද නොවීමෙන් මොමූහය. මහා මෝඩයා යන අර්ථයයි.

යොධාජීවූපමෙසු – යොධාජීවාති යුද‍්ධූපජීවිනො. රජග‍්ගන‍්ති හත්‍ථිඅස‍්සාදීනං පාදප‍්පහාරභින‍්නාය භූමියා උග‍්ගතං රජක‍්ඛන්‍ධං. න සන්‍ථම‍්භතීති සන්‍ථම‍්භිත්‍වා ඨාතුං න සක‍්කොති. සහති රජග‍්ගන‍්ති රජක‍්ඛන්‍ධං දිස‍්වාපි අධිවාසෙති. ධජග‍්ගන‍්ති හත්‍ථිඅස‍්සාදිපිට‍්ඨෙසු වා රථෙසු වා උස‍්සාපිතානං ධජානං අග‍්ගං. උස‍්සාරණන‍්ති හත්‍ථිඅස‍්සරථාදීනඤ‍්චෙව බලකායස‍්ස ච උච‍්චාසද‍්දමහාසද‍්දං. සම‍්පහාරෙති සමාගතෙ අප‍්පමත‍්තකෙපි පහාරෙ. හඤ‍්ඤතීති විහඤ‍්ඤති, විඝාතං ආපජ‍්ජති. බ්‍යාපජ‍්ජතීති විපත‍්තිං ආපජ‍්ජති, පකතිභාවං ජහති. සහති සම‍්පහාරන‍්ති ද‍්වෙ තයො පහාරෙ පත්‍වාපි සහති, අධිවාසෙති . තමෙව සඞ‍්ගාමසීසන‍්ති තමෙව ජයඛන්‍ධාවාරට‍්ඨානං. අජ‍්ඣාවසතීති සත‍්තාහමත‍්තං අභිභවිත්‍වා ආවසති. කිං කාරණා? ලද‍්ධප‍්පහාරානං පහාරජග‍්ගනත්‍ථඤ‍්චෙව කතකම‍්මානං විසෙසං ඤත්‍වා ඨානන‍්තරදානත්‍ථඤ‍්ච ඉස‍්සරියසුඛානුභවනත්‍ථඤ‍්ච.

යොධාජීව උපමාවල යොධාජීව යුද්ධයෙන් ජීවත්වන්නෝ. රජග්ගං ඇත් අස් ආදීන්ගේ පා පහරින් බිඳුණු පොළොවෙන් නැගෙන රජස්කන්‍ධය (දූවිලි). සන්‍ථම්භතී තදකොට. සිටීමට නොහැකි. සහතිරජගහං දූවිලි රාශිය දැක ද ඉවසයි. ධජග්ගං ඇතුන් අසුන් පිට හෝ රථවල හෝ ඔසවන ලද කොඩිවල අග. උස්සාදනං ඇත් අස් රිය ආදියේ ද බලකායේ ද උස් ශබ්ද මහා ශබ්ද. සම්පහාර පැමිණි අප්‍රමාණ වූ ප්‍රහාර. හඤ්ඤති විනාශ කරයි. විඝාතයට පැමිණෙයි. බ්‍යාපජ්ජති විපතට පැමිණේ. ප්‍රකෘතිභාවය අත්හරියි. සහති සම්පහාරං දෙතුන් පහරක් පැමිණ ද ඉවසයි. තමෙව සංඝාමසීසං එයම ජයකඳවුරු ස්ථානයයි. අජ්ඣාවසති දින හතක් අභිබවා වසයි. කරුණු කිම? ලද පහර හා පහරට පිළියම්ද කළ ක්‍රියාවට විසේසය දැන තනතුරු දීමද ඉසුරු සැප අනුභවය සඳහාද

ඉදානි යස‍්මා සත්‍ථු යොධාජීවෙහි කිච‍්චං නත්‍ථි, ඉමස‍්මිං පන සාසනෙ තථාරූපෙ පඤ‍්ච පුග‍්ගලෙ දස‍්සෙතුං ඉදං ඔපම‍්මං ආභතං, තස‍්මා තෙ පුග‍්ගලෙ දස‍්සෙන‍්තො එවමෙවන‍්තිආදිමාහ.

දැන් ශාස්තෲන්ට යුද සෙබලුන්ගෙන් වැඩක් නැත. මේ සාසනයෙහි එබඳු වූ පුද්ගලයන් පස්දෙනෙකු දැක්වීමට උපමාවක් ගෙනෙන ලදී. එහෙයින් ඒ පුද්ගලයන් දැක්වීමට එවමෙව යනාදිය කීහ.

තත්‍ථ සංසීදතීති මිච‍්ඡාවිතක‍්කස‍්මිං විසීදති, අනුපවිසති. න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුන‍්ති බ්‍රහ‍්මචරියවාසං අනුපච‍්ඡිජ‍්ජමානං ගොපෙතුං න සක‍්කොති. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවිකත්‍වාති සික‍්ඛාය දුබ‍්බලභාවං පකාසෙත්‍වා. කිමස‍්ස රජග‍්ගස‍්මින‍්ති කිං තස‍්ස පුග‍්ගලස‍්ස රජග‍්ගං නාමාති වදති. අභිරූපාති අභිරූපවතී. දස‍්සනීයාති දස‍්සනයොග‍්ගා. පාසාදිකාති දස‍්සනෙනෙව චිත‍්තප‍්පසාදාවහා. පරමායාති උත‍්තමාය. වණ‍්ණපොක‍්ඛරතායාති සරීරවණ‍්ණෙන චෙව අඞ‍්ගසණ‍්ඨානෙන ච.

එහි සංසීදතී - මිථ්‍යා විතර්කයෙහි යෙදෙයි. පිවිසෙයි. න සක්කොති බ්‍රහ්මචරියං සත්තානෙතුං බ්‍රහ්මචරිය වාසය නොකඩ කරමින් ආරක්‍ෂා කිරීමට නොහැකි වෙයි. සික්‍ඛා දුබ්බල්‍යං ආවිකත්‍වා ශික්‍ෂාවේ දුබල බව ප්‍රකාශ කොට. කිමස්ස රජග්ගස්මිං කිම ඒ පුද්ගලයාට රජග්ග නාමය මෙසේ කියයි. අභිරූපා රූපවතී, දස්සනීයා දැක්මට යෝග්‍ය, පාසාදිකා දැකීමෙන්ම සිතට ප්‍රසාදය ගෙන එන. පරමාය උතුම්. වණ්ණ පොක්‍ඛරතාය ශරීර වර්ණයෙන් හා අඟ පසඟ සටහනින්

ඌහසතීති අවහසති. උල‍්ලපතීති කථෙති. උජ‍්ජග‍්ඝතීති පාණිං පහරිත්‍වා මහාහසිතං හසති. උප‍්පණ‍්ඩෙතීති උප‍්පණ‍්ඩනකථං කථෙති.

උවහසති අවමන්කොට සිනාසෙයි. උල්ලපති කියයි. උජ්ජග්ඝති අත පැහැර මහ හඬින් සිනාසෙයි. උප්පණ්ඩෙති ලජ්ජා ඇති කරවයි.

අභිනිසීදතීති අභිභවිත්‍වා සන‍්තිකෙ වා එකාසනෙ වා නිසීදති. දුතියපදෙපි එසෙව නයො. අජ‍්ඣොත්‍ථරතීති අවත්‍ථරති.

අභිනිසීදති අභිවචනය කොට සමීපයෙහි හෝ එක ආසනයේ හිඳියි. දෙවන පදයෙහිද මෙම නයයි. අජ්ඣොත්තරතී යනු වසාගෙන සිටී.

විනිවෙඨෙත්‍වා විනිමොචෙත්‍වාති ගහිතට‍්ඨානතො තස‍්ස හත්‍ථං විනිවෙඨෙත්‍වා චෙව, මොචෙත්‍වා ච. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

විනිවෙඨෙත්‍වා විනිමොචෙත්‍වා යන ගත් තැනින් අත බැඳුම් හැරදැමීම ද මිදීමද මෙහි සෙස්ස පැහැදිලිය.

පිණ‍්ඩපාතිකෙසු – මන්‍දත‍්තා මොමූහත‍්තාති නෙව සමාදානං ජානාති, න ආනිසංසං; අත‍්තනො පන මන්‍දත‍්තා මොමූහත‍්තා අඤ‍්ඤාණෙනෙව පිණ‍්ඩපාතිකො හොති. පාපිච‍්ඡො ඉච‍්ඡාපකතොති පිණ‍්ඩපාතිකස‍්ස මෙ සතො “අයං පිණ‍්ඩපාතිකො”ති චතුපච‍්චයසක‍්කාරං කරිස‍්සන‍්ති. ලජ‍්ජී, අප‍්පිච‍්ඡොතිආදීහි ච ගුණෙහි සම‍්භාවෙස‍්සන‍්තීති. එවං පාපිකාය ඉච‍්ඡාය ඨත්‍වා තාය පාපිච‍්ඡාය අභිභූතො හුත්‍වා පිණ‍්ඩපාතිකො හොති. උම‍්මාදවසෙන පිණ‍්ඩාය චරන‍්තො පන උම‍්මාදා චිත‍්තවික‍්ඛෙපා පිණ‍්ඩපාතිකො නාම හොති. වණ‍්ණිතන‍්ති ඉදං පිණ‍්ඩපාතිකඞ‍්ගං නාම බුද‍්ධෙහි ච බුද‍්ධසාවකෙහි ච වණ‍්ණිතං පසත්‍ථන‍්ති පිණ‍්ඩපාතිකො හොති. අප‍්පිච‍්ඡතංයෙව නිස‍්සායාතිආදීසු – “ඉති අප‍්පිච‍්ඡො භවිස‍්සාමි, ඉදං මෙ පිණ‍්ඩපාතිකඞ‍්ගං අප‍්පිච‍්ඡතාය සංවත‍්තිස‍්සති; ‘ඉති සන‍්තුට‍්ඨො භවිස‍්සාමි ඉදං මෙ පිණ‍්ඩපාතිකඞ‍්ගං සන‍්තුට‍්ඨියා සංවත‍්තිස‍්සති’; ‘ඉති කිලෙසෙ සංලිඛිස‍්සාමි’, ඉදං මෙ පිණ‍්ඩපාතිකඞ‍්ගං කිලෙසසල‍්ලෙඛනත්‍ථාය සංවත‍්තිස‍්සතී”ති පිණ‍්ඩපාතිකො හොති. ඉදමත්‍ථිතන‍්ති ඉමාය කල්‍යාණාය පටිපත‍්තියා අත්‍ථිකභාවං, ඉමිනා වා පිණ‍්ඩපාතමත‍්තෙන අත්‍ථිකභාවං. යං යං ලද‍්ධං තෙන තෙනෙව යාපනභාවං නිස‍්සායාති අත්‍ථො. අග‍්ගොති ජෙට‍්ඨකො. සෙසානි තස‍්සෙව වෙවචනානි.

පිණ්ඩපාතිකයන් අතරෙහි මන්‍දත්තා මොමූහච්චා සමාදන් වූ දෙය නොදනී. ආනිසංස නොදනී. තමාගේ අඥාන බැවින් හා මුළා බැවින් අනුවණින්ම පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතික වේ. පාපිච්ඡො ඉච්ඡාපකතො පිණ්ඩපාතිකයාට මේ පිණ්ඩපාතිකයෙකැයි සිව්පසයෙන් සත්කාර කරනු ලැබේ. ලජ්ජා ඇත්තෙකි. අපිස් කෙනෙකි ආදි ගුණයෙන් වර්ණනා කරන්නේ යයි මෙවැනි පවිටු අදහසින් යුක්ත වී පිණ්ඩපාතිකො හොති වේ. පිස්සුවෙන් පිඬු පිණිස හැසිරෙන්නේ උම්මාද චිත්ත වික්‍ඛොපා පිණ්ඩපාතිකො නම් වේ. වණ්ණිතං මේ පිණ්ඩපාතික අංගය බුදුවරුන් විසින් ද ශ්‍රාවකයන් විසින් ද වර්ණනා කරන ලදැයි ප්‍රශංසා කරන ලදැයි පිණ්ඩපාතික වේ. අප්පච්ඡතං යෙව නිස්සාය ආදියෙහි මෙසේ අපිස් වෙමි. මගේ මේ පිණ්ඩපාතික අංගය අපිස්බව සඳහා පවතින්නේ යයි මෙසේ සතුටු වන්නෙමි. මගේ මේ පිණ්ඩපාතිකාංගය සන්තෝෂය පිණිස පවතින්නේ යයි මෙසේ කෙලෙස් තුනී කරන්නෙමියි මගේ මේ පිණ්ඩපාතිකාංගය කෙලෙස් තුනීකිරීම පිණිස පවතින්නේ යයි පිණ්ඩපාතිකො හොති ඉදමත්‍ථිතං මේ කල්‍යාණ ප්‍රතිපත්තියේ ඇති බව, මේ පිණ්ඩපාතය පමණකින් ඇති බව, යමක් ලද විට එයින්ම යැපෙන බව සඳහාය යන අර්ථයයි. අග්ගො ජ්‍යෙෂ්ඨයා. සෙස්ස එහිම සමාන වචන වේ.

ගවා ඛීරන‍්ති ගාවිතො ඛීරං නාම හොති, න විනා ගාවියා. ඛීරම‍්හා දධීතිආදීසුපි එසෙව නයො. එවමෙවන‍්ති යථා එතෙසු පඤ‍්චසු ගොරසෙසු සප‍්පිමණ‍්ඩො අග‍්ගො; එවමෙවං ඉමෙසු පඤ‍්චසු පිණ‍්ඩපාතිකෙසු ය‍්වායං අප‍්පිච‍්ඡතාදීනි නිස‍්සාය පිණ‍්ඩපාතිකො හොති. අයං අග‍්ගො ච සෙට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. ඉමෙසු පන පඤ‍්චසු පිණ‍්ඩපාතිකෙසු ද‍්වෙව ජනා පිණ‍්ඩපාතිකා , තයො න පිණ‍්ඩපාතිකා. නාමමත‍්තෙන පන පිණ‍්ඩපාතිකාති වෙදිතබ‍්බා. ඛලුපච‍්ඡාභත‍්තිකාදීසුපි එසෙව නයොති.

ගවාඛීරං දෙනගෙන් කිරි වේ. දෙන හැර නොවේ. බීරම්හා දධී යනාදියෙහි ද මෙම නයයි. එවමෙවං යම්සේ මේ පස්ගෝ රසයෙහි ගිතෙල්ම අග්‍ර වේ. එසේම මේ පිණ්ඩපාතිකයන් පස්දෙනා අතරෙන් යමෙක් අපිස් බව ආදිය නිසා පිණ්ඩපාතික වූයේ නම් හෙතෙමේ අග්ගො ච සෙට්ඨො ච මොක්‍ඛො ච උත්තමො ච පවරො ච පිණ්ඩපාතිකයන් පස්දෙනා අතරෙන් දෙදෙනෙක්ම පිණ්ඩපාතික වෙති. තුන්දෙනෙක් පිණ්ඩපාතිකයන් නොවෙති. නාම මාත්‍රයෙන් පිණ්ඩපාතික යයි දතයුතුය. ඛලුපච්ඡාභත්තිකාදියෙහි ද මෙම නයම වේ.

පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා.

පංචක නිද්දේසය නිමි.

6. ඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා

6. ඡක්ක නිද්දේස වර්ණනාව

ඡක‍්කෙ – තත්‍රාති තෙසු ඡසු පුග‍්ගලෙසු. සම‍්මාසම‍්බුද‍්ධො තෙන දට‍්ඨබ‍්බොති සො පුග‍්ගලො තෙන අනාචරියකෙන අත‍්තනා උප‍්පාදිතෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සබ‍්බඤ‍්ඤුබුද‍්ධො දට‍්ඨබ‍්බො.

සවැන්නෙහි තත්‍රා යනු ඒ පුද්ගලයන් සයදෙනා කෙරෙහි. සම්මා සම්බුද්ධො තෙන දට්ඨබ්බො ඒ පුද්ගලයා ආචාර්යවරයකු නැතිව තමා විසින්ම උපදවන සියල්ල දන්නා නුවණින් සර්වඥ බුද්ධ යයි දතයුතුය.

පච‍්චෙකසම‍්බුද‍්ධො තෙනාතිආදීසුපි තෙන පච‍්චෙකසම‍්බොධිඤාණෙන සො පුග‍්ගලො පච‍්චෙකසම‍්බුද‍්ධො. තෙන සාවකපාරමීඤාණෙන තෙ පුග‍්ගලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා. තෙන දුක‍්ඛස‍්ස අන‍්තකරණෙන තෙ පුග‍්ගලා අවසෙසා අරහන‍්තො. තෙන ඉත්‍ථත‍්තං අනාගමනෙන සො පුග‍්ගලො අනාගාමී. තෙන ඉත්‍ථත‍්තං ආගමනෙන තෙ පුග‍්ගලා සොතාපන‍්නසකදාගාමිනො දට‍්ඨබ‍්බාති.

පච්චෙක සම්බුද්ධො තෙන ආදියෙහි ද ඒ පසේබුදු නුවණින් ඒ පුද්ගලයා පච්චෙක සම්බුද්ධ වේ. තෙන සාවක පාරමී නුවණින් ඒ පුද්ගලයෝ සාරිපුත්ත මොග්ගල්ලානා වෙති. තෙන දුක් කෙළවර කිරීමෙන් ඒ පුද්ගලයෝ අවසෙස අරහන්තා අවසේස රහත්හු වෙති. තෙන කාමලොවට නොපැමිණීමෙන් ඒ පුද්ගලයා අනාගාමී වේ. තෙන කාමලොවට පැමිණීමෙන් ඒ පුද්ගලයෝ සොතාපන්න සකෘදාගාමිනො දට්ඨබ්බාති. සෝවාන් සකෘදාගාමින් දතයුතුය.

ඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා.

ඡක්ක නිද්දේසය නිමි.

7. සත‍්තකනිද‍්දෙසවණ‍්ණනා

7. සත්තක නිද්දේස වර්ණනාව

සත‍්තකෙ – සකිං නිමුග‍්ගොති එකවාරං නිමුග‍්ගො. එකන‍්තකාළකෙහීති එකන‍්තෙනෙව කාළකෙහි නත්‍ථිකවාදඅහෙතුකවාදඅකිරියවාදසඞ‍්ඛාතෙහි නියතමිච‍්ඡාදිට‍්ඨිධම‍්මෙහි. එවං පුග‍්ගලොති ඉමිනා කාරණෙන පුග‍්ගලො එකවාරං නිමුග‍්ගො තථා නිමුග‍්ගොව හොති. එතස‍්ස හි පුන භවතො වුට‍්ඨානං නාම නත්‍ථීති වදන‍්ති. මක‍්ඛලිගොසාලාදයො විය හෙට‍්ඨා නරකග‍්ගීනංයෙව ආහාරො හොති.

සත්තකයෙහි සකිං නිමුග්ගො යනු එක්වරක් ගිලුණු. එකන්ත කාළකෙහි ඒකාන්තයෙන්ම කළුදහමින්, නාස්තිකවාද අහේතුකවාද අකිරියවාද සංඛ්‍යාත නියත මිථ්‍යාදෘෂ්ටික ධර්මවලින්. එවං පුග්ගලො මේ කාරණයෙන් පුද්ගලයා එක්වරක් නිමුග්ගො ගිලුනේ එසේ නිමුග්ගොව ගිලුනේම වේ. මේ භවතාට වනාහි ගොඩඒමක් නම් නැතැයි කියති. මක්‍ඛලීගෝසාලාදීහු මෙන් යට යට නරක ගිනිම ආහාර වේ.

සාහු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසූති කුසලධම‍්මෙසු සද‍්ධා නාම සාධුලද‍්ධිකාති උම‍්මුජ‍්ජති. සො තාවතකෙනෙව කුසලෙන උම‍්මුජ‍්ජති නාම. සාධු හිරීතිආදීසුපි එසෙව නයො. හායතියෙවාති චඞ‍්කවාරෙ ආසිත‍්තඋදකං විය එකන‍්තෙන පරිහායතෙව. එවං පුග‍්ගලොති එවං සාහු සද‍්ධාති. ඉමෙසං සද‍්ධාදීනං වසෙන එකවාරං උම‍්මුජ‍්ජිත්‍වා තෙසං පරිහානියා පුන නිමුජ‍්ජතියෙව, දෙවදත‍්තාදයො විය. දෙවදත‍්තො හි අට‍්ඨ සමාපත‍්තියො, පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වාපි පුන බුද‍්ධානං පටිකණ‍්ටකතාය තෙහි ගුණෙහි පරිහීනො රුහිරුප‍්පාදකම‍්මං සඞ‍්ඝභෙදකම‍්මඤ‍්ච කත්‍වා කායස‍්ස භෙදා දුතියචිත‍්තවාරෙන නිරයෙ නිබ‍්බත‍්ති. කොකාලිකො ද‍්වෙ අග‍්ගසාවකෙ උපවදිත්‍වා පදුමනිරයෙ නිබ‍්බත‍්තො.

සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව නම් යහපත් ඇදහීමකි. හිරී ආදියෙහි ද මෙම නයම වේ. උච්චුජ්ජතී එපමණකින් කුසලයෙන් මතු වූයේ වේ. හායතිමෙව කිරිගොට්ටෙහි වත්කළ දිය මෙන් පිරිහේමය. එවං පුග්ගලො මෙසේ වහා ශ්‍රද්ධාව ඇති මේ ශ්‍රද්ධාදීන්ගේ වශයෙන් එක්වරක් ගොඩනැගී ඔවුන්ගේ පිරිහීමෙන් නැවත ගිලේමය. දේවදත්තාදීන් මෙන් දේවදත්තයා වනාහි අෂ්ට සමාපත්ති පංචාභිඥා උපදවාද බුදුවරුන්ට විරුද්ධ වූ බැවින් ඒ ගුණවලින් පිරිහුනේ ලේ සෙලවීමේ කර්මය ද සංඝභේද කර්මය ද කොට මරණින් පසු දෙවන චිත්තවාරයෙන් නිරයේ උපන්නේය. කෝකාලිකයා අගසව් දෙනමට දොස් කියා පදුම නිරයෙහි උපන්නේය.

නෙව හායති නො වඩ‍්ඪතීති අප‍්පහොනකකාලෙපි න හායති, පහොනකකාලෙපි න වඩ‍්ඪති. උභයම‍්පි පනෙතං අගාරිකෙනපි අනගාරිකෙනපි දීපෙතබ‍්බං. එකච‍්චො හි අගාරිකො අප‍්පහොනකකාලෙ පක‍්ඛිකභත‍්තං වා සලාකභත‍්තං වා වස‍්සාවාසිකං වා උපනිබන්‍ධාපෙති. සො පච‍්ඡා පහොනකකාලෙපි පක‍්ඛිකභත‍්තාදිමත‍්තමෙව පවත‍්තෙති. අනගාරිකොපි ආදිම‍්හි අප‍්පහොනකකාලෙ උද‍්දෙසං වා ධුතඞ‍්ගං වා ගණ‍්හාති, මෙධාබලවීරියසම‍්පත‍්තියා පහොනකකාලෙපි තතො උත‍්තරිං න කරොති. එවං පුග‍්ගලොති එවං ඉමාය සද‍්ධාදීනං ඨිතියා පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො නාම හොති.

නෙව හායති නො වඩ්ඪති පොහොනා නො කල්හිද නො පිරිහේ. පොහොනා කාලයෙහි ද නො වැඩේ. මෙහි අගාරික අනගාරික දෙදෙනාම දැක්විය යුතුය. ඇතැම් අගාරිකයෙක් (ගිහියෙක්) නො සෑහෙන කාලයෙහි පක්‍ෂ බත හෝ සලාක බත හෝ වස්සාවාසික බත හෝ ආරාධනා කරයි. හේ පසුව සෑහෙන කාලයෙහි ද පක්‍ෂ බත ආදිය පමණක් පවත්වයි. අනගාරිකයා ද නො සෑහෙන කාලයෙහි උද්දේසය හෝ ධුතංගය හෝ ගනියි. ඤාණය විරිය සම්පත්තියෙන් සෑහෙන කාලයෙහි ද එයින් එහා යමක් නොකරයි. එවං පුග්ගලො මෙසේ මේ ශ්‍රද්ධාදියෙන් සිටි පුද්ගලයා උම්මුජ්ජිත්‍වා ඨිතො නම් වේ.

උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති විලොකෙතීති සොතාපන‍්නො පුග‍්ගලො උට‍්ඨහිත්‍වා ගමනමග‍්ගං ගන‍්තබ‍්බං දිසං වා ආලොකෙති නාම.

උම්මුජ්ජිතා විපස්සති විලොකෙති සෝවාන් පුද්ගලයා නැගී සිට ගමන් මාර්ගයේ යා යුතු දිසාව හෝ බලන්නේ නම් වේ.

උම‍්මුජ‍්ජිත්‍වා පතරතීති සකදාගාමිපුග‍්ගලො කිලෙසතනුතාය උට‍්ඨහිත්‍වා ගන‍්තබ‍්බදිසාභිමුඛො පතරති නාම.

උම්මුජ්ජිත්‍වා පතරති සකදාගාමි පුද්ගලයා කෙලෙස් තුනී බැවින් නැගී සිට යා යුතු දිසාවට හැරී එගොඩ වෙයි.

පතිගාධප‍්පත‍්තො හොතීති අනාගාමිපුග‍්ගලො උට‍්ඨාය විලොකෙත්‍වා පතරිත්‍වා ගන‍්ත්‍වා එකස‍්මිං ඨානෙ පතිට‍්ඨාපත‍්තො නාම හොති, තිට‍්ඨති, න පුනාගච‍්ඡති.

පතිගාධප්පත්තො හොති අනාගාමී පුද්ගලයා නැගී සිට බලා එගොඩ වී ගොස් එක් ස්ථානයක සිටියේ වේ. සිටියි. නැවත නො එයි.

තිණ‍්ණො පාරඞ‍්ගතො ථලෙ තිට‍්ඨතීති සබ‍්බකිලෙසොඝං තරිත්‍වා පරතීරං ගන‍්ත්‍වා නිබ‍්බානථලෙ ඨිතො නාම හොති. ඉමෙ පන සත‍්ත පුග‍්ගලා උදකොපමෙන දීපිතා.

තිණ්ණො පාරංගතො ථලෙ තිට්ඨති - සියළු ක්ලේශ ඕඝයන් තරණයකොට පරතෙරට ගොස් නිර්වාණ ථලයෙහි සිටියේ වේ. මේ පුද්ගලයෝ සත්දෙනා වනාහි ජල උපමාවෙන් දක්වන ලදී.

සත‍්ත කිර ජඞ‍්ඝවාණිජා අද‍්ධානමග‍්ගපටිපන‍්නා අන‍්තරාමග‍්ගෙ එකං පුණ‍්ණනදිං පාපුණිංසු. තෙසු පඨමං ඔතිණ‍්ණො උදකභීරුකො පුරිසො ඔතිණ‍්ණට‍්ඨානෙයෙව නිමුජ‍්ජිත්‍වා පුන උට‍්ඨාතුං නාසක‍්ඛි, අන‍්තොයෙව මච‍්ඡකච‍්ඡපභක‍්ඛො ජාතො. දුතියො ඔතිණ‍්ණට‍්ඨානෙ නිමුජ‍්ජිත්‍වා සකිං උට‍්ඨහිත්‍වා පුන නිමුග‍්ගො උට‍්ඨාතුං නාසක‍්ඛි, අන‍්තොයෙව මච‍්ඡකච‍්ඡපභක‍්ඛො ජාතො. තතියො නිමුජ‍්ජිත්‍වා උට‍්ඨහි. සො මජ‍්ඣෙ නදියා ඨත්‍වා නෙව ඔරතො ආගන‍්තුං, න පරතො ගන‍්තුං අසක‍්ඛි . චතුත්‍ථො උට‍්ඨාය ඨිතො උත‍්තරණතිත්‍ථං ඔලොකෙසි. පඤ‍්චමො ඔතරණතිත්‍ථං ඔලොකෙත්‍වා පතරි. ඡට‍්ඨො තරිත්‍වා පාරිමතීරං ගන‍්ත්‍වා කටිප‍්පමාණෙ උදකෙ ඨිතො. සත‍්තමො පාරිමතීරං ගන‍්ත්‍වා ගන්‍ධචුණ‍්ණාදීහි න‍්හාත්‍වා වරවත්‍ථානි නිවාසෙත්‍වා සුරභිවිලෙපනං විලිම‍්පිත්‍වා නීලුප‍්පලාදීනි පිළන්‍ධිත්‍වා නානාලඞ‍්කාරපටිමණ‍්ඩිතො මහානගරං පවිසිත්‍වා පාසාදවරමාරුය‍්හ උත‍්තමභොජනං භුඤ‍්ජි.

සත වනාහි, ඇවිදින වෙළෙන්දෝ දීර්ඝ මාර්ගයට පිළිසන්පන්නේ අතරමග පිරුණු නදියක් වෙත පැමිණියහ. ඔවුනතුරෙන් පළමුවැන්නා ජලයට බිය පුද්ගලයෙකු නිසා බැස්ස තැනම ගිලී නැවත උඩ ඒමට නොහැකි විය. ඇතුළේම මස් කැසුබු ආදීන්ට ගොදුරු විය. දෙවැන්නා බැස්ස තැන ගිලී වරක් මතුවී නැවත ගිලී මතුවීමට නොහැකි විය. ඇතුළේ මස්කැසුබු ආදීන්ට ගොදුරු විය. තුන්වැන්නා ගිලී මතුවී ගඟේ මැද සිට මෙතෙරට ඒමට හෝ එතෙරට යෑමට නොහැකි විය. සතරවැන්නා නැගී සිටියේ එතෙර තොට බැලීය. පස්වැන්නා එතෙරවන තොට බලා පීනයි. සවැන්නා තරණයකොට පරතෙරට ගොස් ඉඟ පමණ ජලයෙහි සිටියේය. සත්වැන්නා පරතෙරට ගොස් සුවඳ සුණු ආදියෙන් ස්නානය කොට උතුම් ඇඳුම් ඇඳ සුරභි ආලේපනය කොට, නිල් උපුල් ආදිය පැළඳ නොයෙක් අලංකාරයෙන් සැරසුනේ මහා නගරයට පිවිස උතුම් ප්‍රාසාදය නැගී උතුම් භෝජන අනුභව කළේය.

තත්‍ථ සත‍්ත ජඞ‍්ඝවාණිජා විය ඉමෙ සත‍්ත පුග‍්ගලා. නදී විය වට‍්ටං. පඨමස‍්ස උදකභීරුකස‍්ස පුරිසස‍්ස ඔතිණ‍්ණට‍්ඨානෙයෙව නිමුජ‍්ජනං විය මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස වට‍්ටෙ නිමුජ‍්ජනං. උම‍්මුජ‍්ජිත්‍වා නිමුග‍්ගපුරිසො විය සද‍්ධාදීනං උප‍්පත‍්තිමත‍්තකෙන උම‍්මුජ‍්ජිත්‍වා තෙසං පරිහානියා නිමුග‍්ගපුග‍්ගලො. මජ‍්ඣෙ නදියා ඨිතො විය සද‍්ධාදීනං ඨිතියා ඨිතපුග‍්ගලො. උත‍්තරණතිත්‍ථං ඔලොකෙන‍්තො විය ගන‍්තබ‍්බමග‍්ගං ගන‍්තබ‍්බදිසං වා ඔලොකෙන‍්තො සොතාපන‍්නො. පතරිතපුරිසො විය කිලෙසතනුතාය පතරන‍්තො සකදාගාමී. තරිත්‍වා කටිමත‍්තෙ උදකෙ ඨිතපුරිසො විය අනාවත‍්තිතධම‍්මතාය ඨිතො අනාගාමී. න‍්හත්‍වා පාරිමතීරං උත‍්තරිත්‍වා ථලෙ ඨිතපුරිසො විය චත‍්තාරො ඔඝෙ අතික‍්කමිත්‍වා නිබ‍්බානථලෙ ඨිතො ඛීණාසවබ්‍රාහ‍්මණො. ථලෙ ඨිතපුරිසස‍්ස නගරං පවිසිත්‍වා පාසාදවරං ආරුය‍්හ උත‍්තමභොජනභුඤ‍්ජනං විය ඛීණාසවස‍්ස නිබ‍්බානාරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා වීතිනාමනං වෙදිතබ‍්බං. උභතොභාගවිමුත‍්තාදයො හෙට‍්ඨා පකාසිතායෙවාති.

එහි පදික වෙළෙන්දෝ සත්දෙනා මෙනි. මේ පුද්ගලයන් සත්දෙනා සසර නදිය මෙනි. දියට බිය පළමු පුද්ගලයා බැස්ස තැනම ගිලුණා මෙන් මිසදිටුවා සසරෙහි ගැලීම. ගිලී මතු වූ පුරිසයා මෙනි. ශ්‍රද්ධාදියේ ඉපදීම් මාත්‍රයෙන් නැගී ඒවායේ පරිහානියෙන් ගිලෙන පුද්ගලයා ගඟ මැද සිටියහු මෙන් ශ්‍රද්ධාදියේ ස්ථිතියෙන් සිටි පුද්ගලයා. එතෙර කොට බලන්නා මෙන් යායුතු මග යායුතු දිසාව බලන සෝවාන් පුද්ගලයා. එගොඩ පීනන පුඟුලා මෙන් කෙලෙස් තුනී සකෘදාගාමී පුද්ගලයා. කරණය කොට ඉඟ පමණ ජලයේ සිටි පුද්ගලයා මෙනි. නොපවතින ධර්මතාවෙන් සිටි අනාගාමී පුද්ගලයා, ස්නානය කොට පරස්පෙරින් එතෙරව ගොඩබිම සිටි පුද්ගලයා මෙනි. ඕඝ සතර තරණයකොට නිවන් තලයෙහි සිටි ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා ගොඩ සිටි පුද්ගලයා නගරයට පිවිස ප්‍රාසාදයට නැගී උතුම් භෝජනය මෙන් ක්‍ෂීණාශ්‍රවයා නිවන් අරමුණෙන් ඵලසමාපත්තියට පැමිණ ගතකිරීම දතයුතුය. උභතොභාග විමුක්තාදිය යට පවසන ලදමය.

සත‍්තකනිද‍්දෙසවණ‍්ණනා.

සත්තක නිද්දේසය නිමි.

අට‍්ඨකනවකනිද‍්දෙසාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

අට්ඨක නවක නිද්දේසාදිය ද යට කියන ලද නයින්ම දතයුතුය.

10. දසකනිද‍්දෙසවණ‍්ණනා

10. දසක නිද්දේස වර්ණනාව

දසකනිද‍්දෙසෙ – ඉධාති කාමාවචරභූමියං. කාමාවචරභූමියඤ‍්හි සත‍්තක‍්ඛත‍්තුපරමාදීනං කාමාවචරභූමියඤ‍්ඤෙව නිට‍්ඨා හොති. කාමාවචරත‍්තභාවෙනෙව අරහත‍්තප‍්පත‍්ති ච අනුපාදිසෙසනිබ‍්බානප‍්පත‍්ති ච හොතීති අත්‍ථො.

දසක නිද්දේසයෙහි ඉධ කාමාවචර භූමියෙහි. කාමාවචර භූමියේ සත්තක්‍ඛත්තුපරමාදීන්ට කාමාවචර භූමියම නිෂ්ඨාව වේ. කාමාවචර බැවින්ම රහත්බවට පැමිණීම ද අනුපාදිසේස නිර්වාණයට පැමිණීම ද වේය යන අර්ථයයි.

ඉධ විහායාති ඉධ කාමාවචරෙ අත‍්තභාවෙ විහාය සුද‍්ධාවාසත‍්තභාවෙ ඨිතානං නිට‍්ඨා හොතීති අත්‍ථො. අන‍්තරාපරිනිබ‍්බායිආදයො හි ඉධ අනාගාමිඵලං පත්‍වා ඉතො චුතා සුද‍්ධාවාසෙසු උප‍්පජ‍්ජිත්‍වා තෙන අත‍්තභාවෙන අරහත‍්තඤ‍්චෙව අනුපාදිසෙසනිබ‍්බානධාතුඤ‍්ච පාපුණන‍්ති. තෙන වුත‍්තං – “ඉමෙසං පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා”ති.

ඉධ විහාය මෙහි කාමාවචර ආත්මභාවය හැර සුද්ධාත්ම භවයෙහි සිටියවුනට නිෂ්ඨාව වේයයි යන අර්ථයයි. අන්තරා පරිනිබ්බායි ආදීහු මෙහි අනාගාමි ඵලයට පැමිණ මෙයින් චුතව සුද්ධාවාසවල ඉපිද ඒ ආත්මභාවයෙන් අරහත්භාවයට ද අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවට ද පැමිණෙති. එයින් කියන ලදී. ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨාති.

දසකනිද‍්දෙසවණ‍්ණනා.

දසක නිද්දේසය නිමි.

නිගමනකථා

නිගමන කථා

එත‍්තාවතා ච –

මෙපමණකින්ම:

යං වෙ පුග‍්ගලපඤ‍්ඤත‍්තිං, ලොකෙ අප‍්පටිපුග‍්ගලො; නාතිසඞ‍්ඛෙපතො සත්‍ථා, දෙසෙසි තිදසාලයෙ.

ලොවැ අසම පුඟුල් පැණවුම දෙසී තිදසාලයේ - හැකිළීමක් නොමැතිවම

තස‍්සා අට‍්ඨකථඤ‍්චෙව, දීපභාසාය සඞ‍්ඛතං; ආගමට‍්ඨකථායො ච, ඔගාහෙත්‍වා අසෙසතො.

අටුවාව ද එහී - සැකසූ හෙළදිව් බසින් අටුවාවල ද ගම් - කිමිදී නිරවසේසෙන්

සුවිභත‍්තො අසංකිණ‍්ණො, යො යො අත්‍ථො යහිං යහිං; තතො තතො තං ගහෙත්‍වා, පහාය අතිවිත්‍ථාරං.

සුබෙදුණු නුමුසු වූ - ඒ ඒ තැනින් එමරුත් එයින් ගෙන ඒවා - වැඩි විස්තර හැරදමා

විසුද‍්ධිමග‍්ගෙ යං වුත‍්තං, තං අනාදාය සඞ‍්ඛතා; නාතිසඞ‍්ඛෙපවිත්‍ථාර-නයෙනට‍්ඨකථා අයං.

සැකසූ විසුදු මගැ - නොගෙනම කියන ලද දේ නැති කෙටි විතර වු - නයින් අටුවාවකි මේ

තං එතං සත‍්තමත‍්තෙහි, භාණවාරෙහි තන‍්තියා; චිරට‍්ඨිතත්‍ථං ධම‍්මස‍්ස, සඞ‍්ඛරොන‍්තෙන යං මයා.

සතක්ම පමණ වූ - බණවරකින් පෙළබසින් මවිසින්ම සකසන - තිර පැවතුමට දහමේ

සම‍්පත‍්තං කුසලං තෙන, සද‍්ධම‍්මං සුඛුමං සිවං; ඔලොකෙන‍්තු විසුද‍්ධෙන, පාණයො ධම‍්මචක‍්ඛුනාති.

සියුම් සිව සදහම් - එ පිණින් පැමිණ කුසලට පිරිසිදු දහමැසින් - බලත්වා සැම සත්තුම

පුග‍්ගලපඤ‍්ඤත‍්ති-අට‍්ඨකථා නිට‍්ඨිතා.

පුග්ගල පඤ්ඤත්තිප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.