4. චතුක්කනිද්දෙසවණ්ණනා අට්ඨකථා
4. චතුක්කනිද්දෙසවණ්ණනා
4. චතුක්ක නිද්දේස වර්ණනාව
චතුක්කනිද්දෙසෙ – අසප්පුරිසොති ලාමකපුරිසො. පාණං අතිපාතෙතීති පාණාතිපාතී. අදින්නං ආදියතීති අදින්නාදායී. කාමෙසු මිච්ඡා චරතීති කාමෙසුමිච්ඡාචාරී. මුසා වදතීති මුසාවාදී. සුරාමෙරයමජ්ජපමාදෙ තිට්ඨතීති සුරාමෙරයමජ්ජපමාදට්ඨායී.
චතුක්ක නිද්දේශයෙහි අසප්පුරිසො යනු ලාමක පුරුෂයාය. ප්‍රාණය හෙළීම (විනාශ කිරීම) පාණාතිපාතී වේ. නොදුන් දේ ගැනීම වන්නේ අදින්නාදානායි. කාමයන්හි වැරදි ලෙස හැසිරේනුයි කාමෙසු මිච්ඡාචාරී. බොරු කියානුයි මුසාවාදී. සුරාමේරය මද්‍ය ප්‍රමාදයෙහි සිටීනුයි සුරාමෙරය මජ්ජපමාදට්ඨායි.
පාණාතිපාතෙ සමාදපෙතීති යථා පාණං අතිපාතෙති, තථා නං තත්ථ ගහණං ගණ්හාපෙති. සෙසෙසුපි එසෙව නයො. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො යස්මා සයං කතෙන ච දුස්සීල්යෙන සමන්නාගතො යඤ්ච සමාදපිතෙන කතං, තතො උපඩ්ඪස්ස දායාදො, තස්මා අසප්පුරිසෙන අසප්පුරිසතරොති වුච්චති. සප්පුරිසොති උත්තමපුරිසො.
පාණාතිපාතෙ සමාදිපෙති යනු යම්සේ ප්‍රාණය නැති කෙරේද? එසේ ඔහු එහි ගැනීම ගන්වයි. සෙස්සෙහි ද මේ නයමය. අයං වුච්චති එබඳු වූ මේ පුද්ගලයා යම්හෙයකින් තමා කරන ලද්දෙහි ද දුසිල්බවින් යුක්ත වේ. යමෙකු එහි සමාදන් කරවා නම් ඒ පවේ භාගයක දායාදය හිමි වේ. එනිසා අසත්පුරුෂයා විසින් අසප්පුරිසතර යයි කියනු ලැබේ. සප්පුරිසො යනු උතුම් පුරුෂයාය.
සප්පුරිසෙන සප්පුරිසතරොති අත්තනා කතෙන සුසීල්යෙන සමන්නාගතත්තා යඤ්ච සමාදපිතො කරොති. තතො උපඩ්ඪස්ස දායාදත්තා උත්තමපුරිසෙන උත්තමපුරිසතරො.
සප්පුරිසතරො යනු තමා විසින් කරන ලද්දෙහි සුසීලයෙන් යුක්තව යමෙකු සමාදන් කරවූයේ ද ඒ පිනේ අඩකඩ දායාද වන බැවින් උත්තමපුරිසෙන උත්තම පුරිසතර වේ.
පාපොති අකුසලකම්මපථසඞ්ඛාතෙන දසවිධෙන පාපෙන සමන්නාගතො.
පාපො යනු අකුසල කර්මපථ සංඛ්‍යාත දසවිධ පවින් යුක්ත වූයේ.
කල්යාණොති කුසලකම්මපථසඞ්ඛාතෙන දසවිධෙන කල්යාණධම්මෙන සමන්නාගතො සුද්ධකො භද්රකො. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව.
කල්යාණො යනු දසවිධ කල්‍යාණ ධර්මයෙන් යුක්ත වූයේ පිරිසිදුය. සොඳුරුය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුව නොගැඹුරු අරුත් ඇත්තේමය.
පාපධම්මාදීසු – පාපො ධම්මො අස්සාති පාපධම්මො. කල්යාණො ධම්මො අස්සාති කල්යාණධම්මො. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
[missing trans]
සාවජ්ජාදීසු – සාවජ්ජොති සදොසො. සාවජ්ජෙන කායකම්මෙනාති සදොසෙන පාණාතිපාතාදිනා කායකම්මෙන. ඉතරෙසුපි එසෙව නයො. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො තීහි ද්වාරෙහි ආයූහනකම්මස්ස සදොසත්තා, ගූථකුණපාදිභරිතො පදෙසො විය සාවජ්ජොති වුච්චති.
සාවජ්ජාදියෙහි සාවජ්ජො යනු දෝස සහිතය. සාවජ්ජෙන කාය කම්මෙන යනු දොස් සහිත වූ ප්‍රාණඝාතාදි කායකර්මයෙන්. සෙස්සෙහිද මෙම නයයි. අයං වුච්චති එබඳු වූ මේ පුද්ගලයා තුන්දොරින් රැස්කරන කර්මයේ සදොස් බැවින් අසුචි කුණප ආදියෙන් යුත් ප්‍රදේශයක් මෙන් සාවද්‍ය යයි කියනු ලැබේ.
සාවජ්ජෙන බහුලන්ති යස්ස සාවජ්ජමෙව කායකම්මං බහු හොති, අප්පං අනවජ්ජං; සො සාවජ්ජෙන බහුලං කායකම්මෙන සමන්නාගතො, අප්පං අනවජ්ජෙනාති වුච්චති. ඉතරෙසුපි එසෙව නයො. කො පන එවරූපො හොතීති? යො ගාමධම්මතාය වා නිගමධම්මතාය වා කදාචි කරහචි උපොසථං සමාදියති, සීලානි පූරෙති. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො තීහි ද්වාරෙහි ආයූහනකම්මෙසු සාවජ්ජස්සෙව බහුලතාය අනවජ්ජස්ස අප්පතාය වජ්ජබහුලොති වුච්චති.
සාවජ්ජෙන බහුලං යමෙකුගේ සාවද්‍ය කර්මම බොහෝ වේද? අනවද්‍ය කර්ම අඩුවේද? හෙතෙම සාවද්‍ය බහුල වූ කාය කර්මයෙන් යුක්ත අල්ප වූ අනවද්යයෙන් යුක්ත හයි කියනු ලැබේ. සෙස්සෙහි ද මෙම නයම වේ. කවරෙක් නම් මෙබඳු වේද? යමෙක් ගමෙහි හෝ නිගමයෙහි ධර්මතාව බැවින් කිසිවිට උපෝසථය සමාදන් වේ. සිල් පුරයි. අයං වුච්චති මෙබඳු රූප වූ මේ පුද්ගලයා තුන් දොරෙන් රැස්කරන කර්මයෙන් සාවද්යයේම බහුල බැවින් අනවද්යයේ අල්ප බැවින් වජ්ජබහුලො යයි කියනු ලැබේ.
යථා හි එකස්මිං පදෙසෙ දුබ්බණ්ණානි දුග්ගන්ධානි පුප්ඵානි රාසිකතානස්සු, තෙසං උපරි තහං තහං අතිමුත්තකවස්සිකපාටලානි පතිතානි භවෙය්යුං. එවරූපො අයං පුග්ගලො වෙදිතබ්බො. යථා පන එකස්මිං පදෙසෙ අතිමුත්තකවස්සිකපාටලානි රාසිකතානස්සු, තෙසං උපරි තහං තහං දුබ්බණ්ණදුග්ගන්ධානි බදරපුප්ඵාදීනි පතිතානි භවෙය්යුං. එවරූපො තතියො පුග්ගලො වෙදිතබ්බො. චතුත්ථො පන තීහිපි ද්වාරෙහි ආයූහනකම්මස්ස නිද්දොසත්තා, චතුමධුරභරිතසුවණ්ණපාති විය දට්ඨබ්බො. තෙසු පඨමො අන්ධබාලපුථුජ්ජනො. දුතියො අන්තරන්තරා කුසලස්ස කාරකො ලොකියපුථුජ්ජනො. තතියො සොතාපන්නො සකදාගාමිඅනාගාමිනොපි එතෙනෙව සඞ්ගහිතා. චතුත්ථො ඛීණාසවො. සො හි එකන්තෙන අනවජ්ජොයෙව. අයං අඞ්ගුත්තරට්ඨකථායො.
යම්සේ එක් ප්‍රදේශයක දුර්වර්ණ දුර්ගන්ධ පුෂ්ප රැස්කොට ඇත. ඒවා මත ඉද්ද පලොල් කෝඹු වැටී ඇත. මේ පුද්ගලයා එසේ යයි දතයුතුය. යම්සේ වනාහි එක් ප්‍රදේසයක කෝඩු ඉද්ද පලොල් මල් රැස් කොට තිබේ. ඒවා මත දුර්වර්ණ දුර්ගන්ධ ඩෙබර මල් වැටී ඇත. තුන්වන පුද්ගලයා මෙබඳු යයි දතයුතුය. සතරවැන්නා තුන්දොරින් රැස්කරන කර්මයේ නිදොස් බැවින් චතුමධුරයෙන් පිරුණු රන් තලියක් මෙන් දතයුතුය. ඔවුන් අතරෙහි පළමුවැන්නා අඳබල් පුහුදුන් පුඟුලෙකි. දෙවැන්නා අතරින්පතර කුසල් කරන්නේ ලෞකික පෘථග්ජනයෙකි. තුන්වැන්නා සෝවාන් වූවෙකි. සකෘදාගාමි අනාගාමිහුද මොහු සමග සංග්‍රහ කරන ලදී. සතරවැන්නා ක්ෂීණාශ්රවයන් වහන්සේය. හෙතෙම වනාහි ඒකාන්තයෙන් අනවද්යම වේ. මෙය අංගුත්තර අටුවා කථා නය වේ.
උග්ඝටිතඤ්ඤූආදීසු – උග්ඝටිතඤ්ඤූති එත්ථ උග්ඝටිතං නාම ඤාණුග්ඝාටනං, ඤාණෙ උග්ඝටිතමත්තෙයෙව ජානාතීති අත්ථො. සහ උදාහටවෙලායාති උදාහාරෙ උදාහටමත්තෙයෙව. ධම්මාභිසමයොති චතුසච්චධම්මස්ස ඤාණෙන සද්ධිං අභිසමයො. අයං වුච්චතීති අයං ‘චත්තාරො සතිපට්ඨානා’තිආදිනා නයෙන සංඛිත්තෙන මාතිකාය ඨපියමානාය දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා අරහත්තං ගණ්හිතුං සමත්ථො පුග්ගලො උග්ඝටිතඤ්ඤූති වුච්චති.
උග්ඝටිතඤ්ඤු ආදියෙහි උග්ඝටිතඤ්ඤු යනු මෙහි ගලවා දැමීම නම් ඤාණ ගලවා දැමීමයි. ඤාණයෙන් ගලවා දමන ලද ඇසිල්ලෙහි දැනගනී යන අර්ථයයි. සහඋදාහටවෙලාය යනු කීමෙහි. කියන ලද ඇසිල්ලෙහිම. ධම්මාභිසමයො යනු සිව්සස් නුවණ සමග අවබෝධය. අයං වුච්චති මේ සතර සතිපට්ඨාන යනාදි නයින් සංක්ෂේපයෙන් මාතෘකාව තබන කල්හි දේශනා අනුසාරයෙන් ඤාණය යවා රහත්වීමට සමත් පුද්ගලයා උග්ඝටිතඤ්ඤු යයි කියනු ලැබේ.
විපඤ්චිතං විත්ථාරිතමෙව අත්ථං ජානාතීති විපඤ්චිතඤ්ඤූ. අයං වුච්චතීති අයං සඞ්ඛිත්තෙන මාතිකං ඨපෙත්වා විත්ථාරෙන අත්ථෙ භාජියමානෙ අරහත්තං පාපුණිතුං සමත්ථො පුග්ගලො විපඤ්චිතඤ්ඤූති වුච්චති.
විස්තරය, විස්තරයෙන්ම අර්ථය දනී යයි විපචිතඤ්ඤු වේ. අයං වුච්චති සංක්ෂේපයෙන් මාතෘකා තබා විස්තර වශයෙන් අර්ථය බෙදන කල්හි රහත්බවට පැමිණීමට සමත් මේ පුද්ගලයා විපචිතඤ්ඤු යයි කියනු ලැබේ.
උද්දෙසාදීහි නෙතබ්බොති නෙය්යො. අනුපුබ්බෙන ධම්මාභිසමයො හොතීති අනුක්කමෙන අරහත්තප්පත්ති.
උද්දේසාදියෙන් පැමිණවිය යුතු යනු නෙය්යො වේ. අනුපුබ්බෙන ධම්මාභිසමයො හොති යනු අනුක්රමයෙන් රහත්බවට පැමිණීම.
බ්යඤ්ජනපදමෙව පරමං අස්සාති පදපරමො. න තාය ජාතියා ධම්මාභිසමයො හොතීති න තෙන අත්තභාවෙන ඣානං වා විපස්සනං වා මග්ගං වා ඵලං වා නිබ්බත්තෙතුං සක්කොතීති අත්ථො.
අක්ෂර පදම මොහුට පරම (අවසාන) යයි පදපරම වේ. ඒ ආත්මභාවයෙහි ධර්මය අවබෝධ නොවේ. න තාය ජාතියා ධම්මාභිසමයො හොති යනු ඒ ආත්මභාවයෙන් විදර්ශනාව හෝ මාර්ගය හෝ ඵලය හෝ නිපදවීමට නොහැකිය යන අර්ථය වේ.
යුත්තපටිභානාදීසු – පටිභානං වුච්චති ඤාණම්පි, ඤාණස්ස උපට්ඨිතවචනම්පි. තං ඉධ අධිප්පෙතං. අත්ථයුත්තං කාරණයුත්තඤ්ච පටිභානමස්සාති යුත්තප්පටිභානො. පුච්ඡිතානන්තරමෙව සීඝං බ්යාකාතුං අසමත්ථතාය නො මුත්තං පටිභානමස්සාති නො මුත්තප්පටිභානො. ඉමිනා නයෙන සෙසා වෙදිතබ්බා. එත්ථ පන පඨමො – කිඤ්චි කාලං වීමංසිත්වා යුත්තමෙව පෙක්ඛති, තිපිටකචූළනාගත්ථෙරො විය. සො කිර පඤ්හං පුට්ඨො පරිග්ගහෙත්වා යුත්තපයුත්තකාරණමෙව කථෙති.
යුත්තපටිභානාදියෙහි ඤාණයට ද ඤාණයට එළඹි වචන ද පටිභාන යයි කියනු ලැබේ. මෙහි එය අදහස් වේ. අර්ථයෙන් යුක්ත වූ ද ඤාණයෙන් යුක්ත වූ ද ප්‍රතිභානය මොහුට ඇත්තේය යනු යුත්තපටිභානො වේ. විචාරන ලද අනතුරුවම ප්‍රකාශ කරන්නට අසමත් බැවින් නො මුත්ත පටිභානය මොහුට ඇත්තේය යනු නො මුත්තපටිභානො වේ. මේ නයින් සෙස්ස දැනගත යුතුය. මෙහි වනාහි පළමුවැන්නා ඇසිල්ලක් විමසා යුතු දේම දකියි. තිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේ මෙනි. උන්වහන්සේ වනාහි ප්‍රශ්නයක් විචාරන විට, විග්රහකොට යුක්ත ප්‍රයුක්ත කරුණුම කියති.
දුතියො – පුච්ඡානන්තරමෙව යෙන වා තෙන වා වචනෙන පටිබාහති, වීමංසිත්වාපි ච යුත්තං න පෙක්ඛති චතුනිකායිකපණ්ඩිතතිස්සත්ථෙරො විය. සො කිර පඤ්හං පුට්ඨො පඤ්හපරියොසානම්පි නාගමෙති, යං වා තං වා කථෙතියෙව. වචනත්ථං පනස්ස වීමංසියමානං කත්ථචි න ලග්ගති.
දෙවැන්නා විචාරන ලද අනතුරුව යම් ඒ මේ වචනයකින් වසා තබයි. (පිළිබහයි) විමසා ද යුතු වූ දේ නොදකියි. වතුනිකායික පණ්ඩිත තිස්ස ස්ථවිරයන් වහන්සේ මෙනි. උන්වහන්සේ වනාහි ප්‍රශ්නයක් විචාරන කල්හි ප්‍රශ්න විචාරීම අවසන් වනතුරු නොසිට යම් ඒ මේ දෙයක් කියති. උන්වහන්සේ වචනාර්ථය විමසනු ලබන්නේ කිසිතැනක නොනවතී.
තතියො – පුච්ඡාසමකාලමෙව යුත්තං පෙක්ඛති, තඞ්ඛණඤ්ඤෙව වචනං බ්යාකරොති තිපිටකචූළාභයත්ථෙරො විය. සො කිර පඤ්හං පුට්ඨො සීඝමෙව කථෙති, යුත්තපයුත්තකාරණො ච හොති.
තුන්වැන්නා විචාරන සමකාලයෙහිම යුතු දේ දකියි. එකෙණෙහිම වචන ප්‍රකාශ කරයි. තිපිටක චූලාභය ස්ථවිරයන් වහන්සේ මෙනි. උන්වහන්සේ වනාහි ප්‍රශ්නයක් විචාරන ලද්දේ යුතු දේ හා ඒ සමග බැඳුණු දේ (යුක්තපයුක්ත) ඉක්මනින් කියති.
චතුත්ථො – පුට්ඨො සමානො නෙව යුත්තං පෙක්ඛති , න යෙන වා තෙන වා පටිබාහිතුං සක්කොති තිබ්බන්ධකාරනිමුග්ගො විය හොති ලාළුදායිත්ථෙරො විය.
සතරවැන්නා විචාරන ලද්දේම යුතු දේ නොදකියි. යම් දෙයකින් වසන්නට ද නොහැකි වේ. නොබැඳුනාකාර ගිලුනෙක් වේ. ලාලුදායි තෙරුන් මෙනි.
ධම්මකථිකෙසු – අප්පඤ්ච භාසතීති සම්පත්තපරිසාය ථොකමෙව කථෙති. අසහිතඤ්චාති කථෙන්තො ච පන න අත්ථයුත්තං කාරණයුත්තං කථෙති. පරිසා චස්ස න කුසලා හොතීති සොතුං නිසින්නපරිසා චස්ස යුත්තායුත්තං කාරණාකාරණං සිලිට්ඨාසිලිට්ඨං න ජානාතීති අත්ථො. එවරූපොති අයං එවංජාතිකො බාලධම්මකථිකො. එවංජාතිකාය බාලපරිසාය ධම්මකථිකොත්වෙව නාමං ලභති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. එත්ථ ච ද්වෙයෙව ජනා සභාවධම්මකථිකා, ඉතරෙ පන ධම්මකථිකානං අන්තරෙ පවිට්ඨත්තා එවං වුත්තා.
ධම්මකථිකයන් අතරෙහි අප්පඤ්ච භාසති යනු පැමිණි පිරිසට ස්වල්පයක් කියයි. අසහිතඤ්ච යනු කියන්නේ ද අරුත් සහිතව කරුණු සහිතව නොකියයි. පරිසාචස්ස න කුසලාහොති යනු ඇසීමට හිඳගත් මොහුගේ පිරිස ද යුතු අයුතු, කරුණු කාරණා, සිලිටු නොසිලිටු නොදනී යන අර්ථය වේ. එවරූපො මේ තෙමේ එබඳු ජාතියේ බාල ධර්ම කථිකයෙකි. ඒ ජාතියේ බාල පිරිසෙහිම ධර්මකථික නාමය ලබයි. මෙම නයින් සියළුතන්හි අර්ථය දතයුතුය. මෙහිද දෙදෙනෙක්ම ස්වභාව ධර්මකථිකයෝ වෙති. ඉතිරි අය ධර්මකථිකයන්ගේ අතරෙහි පිවිස සිටින නිසා මෙසේ කියන ලදී.
වලාහකූපමෙසු වලාහකාති මෙඝා. ගජ්ජිතාති ථනිතා. තත්ථ ගජ්ජිත්වා නො වස්සනභාවො නාම පාපකො. මනුස්සා හි යථා දෙවො ගජ්ජති ‘සුවුට්ඨිකා භවිස්සතී’ති බීජානි නීහරිත්වා වපන්ති. අථ දෙවෙ අවස්සන්තෙ ඛෙත්තෙ බීජානි ඛෙත්තෙයෙව නස්සන්ති, ගෙහෙ බීජානි ගෙහෙයෙව නස්සන්තීති දුබ්භික්ඛං හොති. නො ගජ්ජිත්වා වස්සනභාවොපි පාපකොව. මනුස්සා හි ‘ඉමස්මිං කාලෙ දුබ්බුට්ඨිකා භවිස්සතී’ති නින්නට්ඨානෙසුයෙව වප්පං කරොන්ති. අථ දෙවො වස්සිත්වා සබ්බබීජානි මහාසමුද්දං පාපෙති, දුබ්භික්ඛමෙව හොති. ගජ්ජිත්වා වස්සනභාවො පන භද්දකො. තදා හි සුභික්ඛං හොති. නො ගජ්ජිත්වා නො වස්සනභාවො එකන්තපාපකොව.
වලාහක උපමාවෙහි වලාහක යනු මේඝයයි. ගජ්ජිතා යනු අහස ගිගුරුමය. එහි ගොරවා නොවසින බව මෙනි. මිනිස්සු අහස ගොරවයි. සරු අස්වැන්නක් වන්නේ යයි බීජ වපුරති. ඉක්බිති නො වසින කල්හි කෙතේ බීජ කෙතෙහිම නැසේ. ගෙයි බීජ ගෙයිම නැසෙතැයි දුබික් වේ. ගොරවා නොවසින ස්වභාවය ද පවිටුය. මිනිස්සු මේ කාලයෙහි නොවසීය. වගල් කුඹුරුම වපුරති. ඉක්බිති වැසි වැස බීජ මහසමුදුරට පමුණුවයි. දුර්භික්ෂයක්ම වේ. ගොරවා වසින බව වනාහි යහපත්ය. එකල සුභික්ෂ වේ. නො ගොරවා නොවසින බව ඒකාන්තයෙන්ම පවිටුය.
භාසිතා හොති නො කත්තාති ‘ඉදානි ගන්ථධුරං පූරෙස්සාමි, වාසධුරං පූරෙස්සාමී’ති කථෙතියෙව, න පන උද්දෙසං ගණ්හාති, න කම්මට්ඨානං භාවෙති.
භාසික හොති නො කත්තා දැන් ග්‍රන්ථධූරය පුරමියි විදර්ශනා ධුරය පුරමියි කියමන පමණකි. උද්දේසය නොගනියි. කමටහන් භාවනා නොකරයි.
කත්තා හොති නො භාසිතාති ‘ගන්ථධුරං වා පූරෙස්සාමි වාසධුරං වා’ති න භාසති. සම්පත්තෙ පන කාලෙ තමත්ථං සම්පාදෙති. ඉමිනා නයෙන ඉතරෙපි වෙදිතබ්බා. සබ්බං පනෙතං පච්චයදායකෙනෙව කථිතං. එකො හි ‘අසුකදිවසෙ නාම දානං දස්සාමී’ති සඞ්ඝං නිමන්තෙති, සම්පත්තකාලෙ නො කරොති. අයං පුග්ගලො පුඤ්ඤෙන පරිහායති, භික්ඛුසඞ්ඝොපි ලාභෙන පරිහායති . අපරො සඞ්ඝං අනිමන්තෙත්වාව සක්කාරං කත්වා ‘භික්ඛූ ආනෙස්සාමී’ති න ලභති, සබ්බෙ අඤ්ඤත්ථ නිමන්තිතා හොන්ති. අයම්පි පුඤ්ඤෙන පරිහායති , සඞ්ඝොපි තෙන ලාභෙන පරිහායති. අපරො පඨමං සඞ්ඝං නිමන්තෙත්වා, පච්ඡා සක්කාරං කත්වා දානං දෙති, අයං කිච්චකාරී හොති. අපරො නෙව සඞ්ඝං නිමන්තෙති, න දානං දෙති, අයං ‘පාපපුග්ගලො’ති වෙදිතබ්බො.
කත්තා හොති න භාසිතා ග්‍රන්ථධූරය පුරමියි විදර්ශනා ධුරය පුරමියි නොකියයි. කාලය පැමිණි කල එය සම්පාදනය කරයි. මෙනයින් ඉතිරි ඒවාද දතයුතුය. මේ සියල්ල ප්‍රත්‍ය දායකයින්ටම කියන ලදී. එක්කෙනෙක් අසවල් දිනයෙහි දානය දෙමියි සංඝයාට ආරාධනා කරයි. පැමිණි කල නොකරයි. මේ පුද්ගලයා පිනින් පිරිහෙයි. භික්ෂු සංඝයා ද ලාබයෙන් පිරිහෙයි. තවකෙනෙක් සංඝයාට ආරාධනා නොකොට සත්කාර කොට භික්ෂූන් පමුණුවන්නෙමි. ලබයි. අන් සියළුතන්හි ආරාධනා කරන ලද්දේ වේ. මේ තෙමේ ද පිනින් පිරිහෙයි. සංඝයා ද ඒ ලාබයෙන් පිරිහෙයි. තවකෙනෙක් පළමුව සංඝයාට ආරාධනා කොට පසුව සත්කාර කොට දන් දෙයි. මේ තෙමේ කෘත්යකාරී (කළමනාකාරී) වේ. තව කෙනෙක් සංඝයාට ආරාධනා නොකරයි. දන් නොදෙයි. මේ පවිටු පුද්ගලයා යයි දතයුතුය.
මූසිකූපමෙසු – ගාධං කත්තා නො වසිතාති අත්තනො ආසයං බිලං කූපං ඛණති, නො තත්ථ වසති, කිස්මිඤ්චිදෙව ඨානෙ වසති, එවං බිළාරාදිඅමිත්තවසං ගච්ඡති. ඛත්තාතිපි පාඨො. වසිතා නො ගාධං කත්තාති සයං න ඛණති, පරෙන ඛතෙ බිලෙ වසති, එවං ජීවිතං රක්ඛති. තතියා ද්වෙපි කරොන්තී, ජීවිතං රක්ඛති. චතුත්ථා ද්වෙපි අකරොන්තී අමිත්තවසං ගච්ඡති. ඉමාය පන උපමාය උපමිතෙසු පුග්ගලෙසු පඨමො යථා සා මූසිකා ගාධං ඛණති, එවං නවඞ්ගං සත්ථුසාසනං උග්ගණ්හාති. යථා පන සා තත්ථ න වසති, කිස්මිඤ්චිදෙව ඨානෙ වසන්තී, අමිත්තවසං ගච්ඡති; තථා අයම්පි පරියත්තිවසෙන ඤාණං පෙසෙත්වා චතුසච්චධම්මං න පටිවිජ්ඣති, ලොකාමිසට්ඨානෙසුයෙව චරන්තො මච්චුමාරකිලෙසමාරදෙවපුත්තමාරසඞ්ඛාතානං අමිත්තානං වසං ගච්ඡති. දුතියො යථා සා මූසිකා ගාධං න ඛණති, එවං නවඞ්ගං සත්ථුසාසනං න උග්ගණ්හාති. යථා පන පරෙන ඛතබිලෙ වසන්තී ජීවිතං රක්ඛති; එවං පරස්ස කථං සුත්වා චතුසච්චධම්මං පටිවිජ්ඣිත්වා තිණ්ණං මාරානං වසං අතික්කමති. ඉමිනා නයෙන තතියචතුත්ථෙසුපි ඔපම්මසංසන්දනං වෙදිතබ්බං.
මූසික උපමාවල ගාධං කත්තා නො වසිතා තමාගේ ආශ්‍රයෙහි ගුලක් වළක් කනියි. එහි නොවසයි. වෙන කිසිතැනක වසයි. මෙසේ බළල් ආදි සතුරු වසයට යයි. ඛත්තා යනු ද පාඨයකි. වසිතා නො ගාධං කත්තා නො කනියි. අනුන් කැනූ ගුලේ වසයි. මෙසේ දිවි රකී. තුන්වැන්නා දෙකම කරයි. දිවි රකී. සතරවැන්නා දෙකම නොකරයි. සතුරු වසයට යයි. මෙම උපමාවෙන් උපමිත වූ පුද්ගලයන් අතරෙහි පළමුවැන්නා ඒ මීයා යම්සේ වළ කනීද එසේ නවංග සත්ථු සාසනය ඉගෙන ගනී. යම්සේ ඌ එහි නොවසයි ද කිසිතැනක වාසය කරමින් සතුරන් අතට යයි. එසේම මෙතෙමේද පරියත්ති වසයෙන් නුවණ මෙහෙයා චතුරාර්ය සත්‍යය අවබෝධ නොකරයි. ලෝක ආමිස ස්ථානවලම හැසිරෙන්නේ මරණය නැමති මාරයා, කෙලෙස් මාරයා, දේවපුත්ත මාරයා සංඛ්‍යාත සතුරන්ගේ වසඟයට යයි. දෙවැන්නා ඒ මීයා යම්සේ වළ නො කනීද එසේම නවංග සත්ථු සාසනය නොගනී. යම්සේ වනාහි අනුන් කනින ලද ගුහාවෙහි වාසය කරයි. දිවි රකියි. මෙසේ අනුන්ගේ කථා අසා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට තුන් මරුන්ගේ විෂය ඉක්මවයි. මේ නයින් තෙවන සතරවන උපමා සන්සන්දනය දතයුතුය.
අම්බූපමෙසු – ආමං පක්කවණ්ණීති අන්තො ආමං බහි පක්කසදිසං. පක්කං ආමවණ්ණීති අන්තො පක්කං බහි ආමසදිසං. සෙසද්වයෙසුපි එසෙව නයො. තත්ථ යථා අම්බෙ අපක්කභාවො ආමතා හොති, එවං පුග්ගලෙපි පුථුජ්ජනභාවො ආමතා, අරියභාවො පක්කතා. යථා ච තත්ථ පක්කසදිසතා පක්කවණ්ණිතා; එවං පුග්ගලෙපි අරියානං අභික්කමනාදිසදිසතා පක්කවණ්ණිතාති – ඉමිනා නයෙන උපමිතපුග්ගලෙසු ඔපම්මසංසන්දනං වෙදිතබ්බං.
අඹ උපමාවල ආමං පක්කවණ්ණි යනු ඇතුළත පැසී නැත. පිටත පැසුණා මෙනි. පක්කං ආමවණ්ණං ඇතුළත පැසී ඇත. පිටත නොපැසුණා මෙනි. සෙසු දෙකෙහි ද මෙම නයයි. එහි අඹේ නොපැසුණු බව යම්සේ ආමතා වේ. එසේම පුද්ගලයින්ගේ පුහුදුන් බව ආමතා වේ. ආර්යභාවය පක්කතා වේ. එහි යම්සේ එහි පැසුණු සමාන පැසුණු වර්ණ ඇති මෙබඳු පුද්ගලයා ද ආර්යයන්ගේ ඉදිරියට යෑම ආදිය සමාන බැවින් පැසුණු වර්ණ ඇතැයි මේ නයින් උපමිත පුද්ගලයන් කෙරෙහි උපමා සැසඳීම දතයුතුය.
කුම්භූපමෙසු – කුම්භොති ඝටො. තුච්ඡොති අන්තො රිත්තො. පිහිතොති පිදහිත්වා ඨපිතො. පුරොති අන්තො පුණ්ණො. විවටොති විවරිත්වා ඨපිතො. උපමිතපුග්ගලෙසු පනෙත්ථ අන්තො ගුණසාරවිරහිතො තුච්ඡො බාහිරසොභනතාය පිහිතො පුග්ගලො වෙදිතබ්බො. සෙසෙසුපි එසෙව නයො.
ඝට උපමාවල කුම්භො යනු කළයයි. තුච්ඡො ඇතුළත හිස්. පිහිතො වසා තබන ලද. ඇතුළත පිරුණු. විවටො විවෘත කර තබන ලද උපමිත පුද්ගලයන් අතර මෙහි ඇතුළත ගුණසාරයක් නැත්තා තුච්ඡො වේ. බාහිර සෝබන බැවින් පිහිතො වේ. පුද්ගලයා දතයුතුය. සෙස්සෙහිද මම නයම වේ.
උදකරහදූපමෙසු – උදකරහදො තාව ජණ්ණුමත්තෙපි උදකෙ සති පණ්ණරසසම්භින්නවණ්ණත්තා වා බහලත්තා වා උදකස්ස අපඤ්ඤායමානතලො උත්තානො ගම්භීරොභාසො නාම හොති. තිපොරිස චතුපොරිසෙපි පන උදකෙ සති අච්ඡත්තා උදකස්ස පඤ්ඤායමානතලො ගම්භීරො උත්තානොභාසො නාම හොති. උභයකාරණසම්භාවතො පන ඉතරෙ ද්වෙ වෙදිතබ්බා. පුග්ගලොපි කිලෙසුස්සදභාවතො ගුණගම්භීරතාය ච අභාවතො ගුණගම්භීරානං සදිසෙහි අභික්කමාදීහි යුත්තො උත්තානො ගම්භීරොභාසො නාම. ඉමිනා නයෙන සෙසාපි වෙදිතබ්බා.
විල උපමාවල - විල් දණක් පමණ ජලය ඇති කල්හි වර්ණ පහළොවක් මිශ්‍රකළ බැවින් හෝ ඝන බැවින් හෝ දියේ මැනීම් තලය නොපෙනෙන බැවින් උත්තානො ගම්භීරාභාසො නම් වේ. මිනිසුන් තුන්හතර දෙනෙකු පොව්වන ජලය ඇති කල්හි පිරිසිදු බැවින් දියේ මැනීම් සීමාව පෙනීමෙන් ගම්භීරො උත්තානාභාසො නම් වේ. මේ කරුණු දෙකෙහි ස්වභාවයෙන් ඉතිරි දෙක දතයුතුය. පුද්ගලයා ද කෙලෙස් බහුල වූ බැවින් ගුණ ගැඹුරුබවක් නැති බැවින් ගුණ ගැඹුර ඇත්තන් හා සමානව ඉදිරියට යෑම් ආදියෙන් යුක්ත වූයේ උත්තානො ගම්භීරාභාසො නම් වේ. මෙම නයින් සෙස්ස ද දතයුතුය.
බලීබද්දූපමෙසු – බලීබද්දො තාව යො අත්තනො ගොගණං ඝට්ටෙති උබ්බෙජෙති, පරගොගණෙ පන සොරතො සුඛසීලො හොති – අයං සකගවචණ්ඩො නො පරගවචණ්ඩො නාම. පුග්ගලොපි අත්තනො පරිසං ඝට්ටෙන්තො විජ්ඣන්තො ඵරුසෙන සමුදාචරන්තො, පරපරිසාය පන සොරච්චං නිවාතවුත්තිතං ආපජ්ජන්තො සකගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො නාමාති. ඉමිනා නයෙන සෙසාපි වෙදිතබ්බා. නිද්දෙසවාරෙ පනෙත්ථ උබ්බෙජිතා හොතීති ඝට්ටෙත්වා විජ්ඣිත්වා උබ්බෙගප්පත්තං කරොතිච්චෙව අත්ථො.
ගව උපමාවල යම් ගවයෙක් තමාගේ ගව ගණයා සමග ගැටෙති. තැති ගන්වයි. පර ගව ගණයෙහි ඇලුණු යහපත් ස්වභාව ඇත්තේ වේ. මොහු සක ගව චණ්ඩො නො පර ගව චණ්ඩො නම් වේ. පුද්ගලයා ද තමාගේ පිරිස හා ගැටෙන්නේ ඵරුෂ වචන කියන්නේ හැසිරේ. අන්‍ය පිරිස් කෙරෙහි සුරස බව, නිහතමාන පැවැත්ම ඇත්තේ සකගව චණ්ඩො වේ. නො පරගව චණ්ඩො නම් වේ. මේ නයින් සෙස්ස ද දතයුතුය. මෙහි නිද්දේස වාරයෙහි උබ්බෙජිතා හොති යනු ගැටී බැණවැදී තැති ගැන්ම කෙරේ යන අර්ථයයි.
ආසීවිසූපමෙසු – ආසීවිසො තාව යස්ස විසං ආසුං ආගච්ඡති සීඝං ඵරති; ඝොරං පන න හොති, චිරකාලං න පීළෙති – අයං ආගතවිසො නො ඝොරවිසො. සෙසපදෙසුපි එසෙව නයො. පුග්ගලවිභාජනං පන උත්තානත්ථමෙව.
ආසීර්විෂ උපමාවල යම් සර්පයෙකුගේ විස වහා එයි. ඉක්මනින් පැතිරේ. දරුණු නොවේ. වැඩිකලක් නොපෙළයි. මෙය ආගත විසො නො ඝොර විසො වේ. සෙසු පදවලද මෙම නයයි. පුද්ගල බෙදීම වනාහි ප්‍රකට අර්ථ ඇත්තේමය.
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොතීතිආදීසු අනනුවිච්චාති අතුලයිත්වා, අපරිග්ගණ්හිත්වා. අපරියොගාහෙත්වාති පඤ්ඤාය ගුණෙ අනොගාහෙත්වා.
අවිචාරව අනවබෝධව නින්දාවට සුදුස්සා වර්ණනා කරන ලද්දේ ආදියෙහි අනනුපච්ච යනු සංසන්දනය නොකොට පරීක්ෂා නොකොට. අපරියොගහෙත්වා යනු ප්‍රඥා ගුණයන් නොගෙන.
භූතං තච්ඡන්ති විජ්ජමානතො භූතං, අවිපරීතතො තච්ඡං. කාලෙනාති යුත්තපයුත්තකාලෙන. තත්ර කාලඤ්ඤූ හොතීති යමිදං කාලෙනාති වුත්තං. තත්ර යො පුග්ගලො කාලඤ්ඤූ හොති, කාලං ජානාති, තස්ස පඤ්හස්ස වෙය්යාකරණත්ථාය “ඉමස්මිං කාලෙ පුච්ඡිතෙනාපි මයා න කථෙතබ්බා, ඉමස්මිං කාලෙ කථෙතබ්බා”ති – අයං කාලෙන භණති නාම. උපෙක්ඛකො විහරතීති මජ්ඣත්තභූතාය උපෙක්ඛාය ඨිතො හුත්වා විහරති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙව.
භූතං තච්ඡං යනු විද්‍යමාන බැවින් භූත වේ. විපරීත නොවීමෙන් තච්ඡං වේ. කාලෙන යුතු ඒ හා බැඳුණු කාලයෙන්. තත්ර කාලඤ්ඤු හොති යනු යම් මෙය කාලයෙන් යයි කියන ලදී. එහි යම් පුද්ගලයෙක් කාලඤ්ඤු හොති කාලය දනී. මේ ප්රශ්නය විස්තර කිරීම පිණිස මේ කාලයෙහි විමසන්නේ ද මා විසින් නොකිවයුතු වන්නේය. මේ කාලයෙහි කිවයුතු යයි කාලය කියයි නම් වේ. උපෙක්ඛතො විහරති මධ්‍යස්ථ උපේක්ෂාවෙන් වාසය කරයි. සෙසු සියල්ල නොගැඹුරුය.
උට්ඨානඵලූපජීවීතිආදීසු – යො උට්ඨානවීරියෙනෙව දිවසං වීතිනාමෙත්වා තස්ස නිස්සන්දඵලමත්තං කිඤ්චිදෙව ලභිත්වා ජීවිකං කප්පෙති, තං පන උට්ඨානං ආගම්ම කිඤ්චි පුඤ්ඤඵලං න පටිලභති, තං සන්ධාය යස්ස පුග්ගලස්ස උට්ඨහතොතිආදි වුත්තං. තතූපරි දෙවාති තතො උපරි බ්රහ්මකායිකාදයො දෙවා. තෙසඤ්හි උට්ඨානවීරියෙන කිච්චං නාම නත්ථි. පුඤ්ඤඵලමෙව උපජීවන්ති. පුඤ්ඤවතො චාති ඉදං පුඤ්ඤවන්තෙ ඛත්තියබ්රාහ්මණාදයො චෙව භුම්මදෙවෙ ආදිං කත්වා නිම්මානරතිපරියොසානෙ දෙවෙ ච සන්ධාය වුත්තං. සබ්බෙපි හෙතෙ වායාමඵලඤ්චෙව පුඤ්ඤඵලඤ්ච අනුභවන්ති. නෙරයිකා පන නෙව උට්ඨානෙන ආජීවං උප්පාදෙතුං සක්කොන්ති, නාපි නෙසං පුඤ්ඤඵලෙන කොචි ආජීවො උප්පජ්ජති.
උට්ඨාන ඵලූපජීවි යනාදියෙහි උට්ඨාන වීර්යයෙන්ම දවස ගෙවා එහි විපාක ඵලමාත්ර වශයෙන් කිසිවක් ලබා ජීවිතය ගෙවයි. එය වනාහි උත්සාහයට පැමිණ කිසි පින් පලයක් නොලබයි. ඒ සඳහා යස්ස පුග්ගලස්ස උට්ඨහතො යනාදිය කියන ලදී. තතූපරිදෙව යනු එයින් ඉහළ බ්රහ්මකායිකාදි දෙවියෝ. ඔවුන්ටද උට්ඨාන වීර්යයෙන් කටයුතු නැත. පින්පලයෙන් ජීවත්වෙති. පුඤ්ඤවතො ච යනු මේ පින් පින්වන්තයන් නම් ක්ෂත්රිය බ්රාහ්මණාදීහුද භූමාටු දෙවියන් ආදිකොට නිම්මානරතිය අවසන්කොට ඇති දෙවියන් සඳහා ද කියන ලදී. මේ සියළුදෙනාම උත්සාහ ඵලය ද පින්ඵලය ද අනුභව කරති. නිරය වාසිකයෝ වනාහි උත්සාහයෙන් දිවි රැකීමට නොහැකි වෙති. ඔවුන්ගේ පින් පලයෙන් ජීවත්වීමක් නැත.
තමාදීසු – “නීචෙ කුලෙ පච්චාජාතො”තිආදිකෙන තමෙන යුත්තොති තමො. කායදුච්චරිතාදීහි පුන නිරයතමූපගමනතො තමපරායණො. නෙසාදකුලෙති මිගලුද්දකාදීනං කුලෙ. වෙනකුලෙති විලීවකාරකුලෙ. රථකාරකුලෙති චම්මකාරකුලෙ. පුක්කුසකුලෙති පුප්ඵඡඩ්ඩකකුලෙ. කසිරවුත්තිකෙති දුක්ඛවුත්තිකෙ. දුබ්බණ්ණොති පංසුපිසාචකො විය ඣාමඛාණුවණ්ණො. දුද්දසිකොති විජාතමාතුයාපි අමනාපදස්සනො. ඔකොටිමකොති ලකුණ්ඩකො. කාණොති එකක්ඛිකාණො වා උභයක්ඛිකාණො වා. කුණීති එකහත්ථකුණී වා උභයහත්ථකුණී වා. ඛඤ්ජොති එකපාදඛඤ්ජො වා උභයපාදඛඤ්ජො වා. පක්ඛහතොති හතපක්ඛො පීඨසප්පී. පදීපෙය්යස්සාති තෙලකපල්ලකාදිනො පදීපූපකරණස්ස. එවං පුග්ගලො තමො හොති තමපරායණොති එත්ථ එකො පුග්ගලො බහිද්ධා ආලොකං අදිස්වා මාතුකුච්ඡිස්මිඤ්ඤෙව කාලං කත්වා අපායෙසු නිබ්බත්තන්තො සකලෙපි කප්පෙ සංසරති. සොපි තමො තමපරායණොව. සො පන කුහකපුග්ගලො භවෙය්ය. කුහකස්ස හි එවරූපා නිබ්බත්ති හොතීති වුත්තං.
අඳුරු ආදියෙහි පහත් කුලයක උපන්නේය යන ආදී අඳුරින් යුක්ත වූයේ තමො නම් වේ. කාය දුශ්චරිතාදියෙන් නැවත නිරයට පැමිණියේ තම පරායන වේ. නෙසාද කුලෙ යනු මුව වැද්දන් ආදීන්ගේ කුලයෙහි. වෙන කුලෙ යනු බටපොතු කාර්මික කුලයෙහි. රථකාර කුලෙ යුද අවි සාදන කුලයෙහි. පුක්කුස කුලෙ පවිත්‍ර කරන කුලයෙනි. කසිර වුත්තිකෙන දුක්ඛ වෘත්තියෙන්. දුබ්බණ්ණො දුර්වර්ණ, පාංසු පිසාචයකු මෙන්. දැවුණු කත්රවක වර්ණයෙන්. දුද්දසසිකො වැදු මව ද අමනාපයෙන් දකින. ඔකොටිමකො මිටි. කාණො එක් ඇසක් හෝ දෙඇසම කන වූ. කුණී එක් අතක් හෝ දෑතම කොර වූ. බඤ්ජො එක් පයක් හෝ දෙපයම කොරවූ. පක්ඛහතො අත්පා කොරවූ. පදීපෙය්‍ය තෙල් කබල් ආදි පහන් උපකරණ. එවං පුග්ගලො තමො හොති තම්පරායනො මෙහි එක් පුද්ගලයෙක් පිටත එළියක් නොදැක මව්කුසම කළුරියකොට අපායවල උපදින ලද බැවින් කල්පයක් සැරිසරයි. හේ ද තමොතම පරායන වේ. හේ වනාහි කුහක පුද්ගලයෙක් වන්නේය. කුහකයාගේ මෙබඳු වූ උපත වේ යයි කියන ලදී.
එත්ථ ච නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වාතිආදීහි ආගමනවිපත්ති චෙව පුබ්බුප්පන්නපච්චයවිපත්ති ච දස්සිතා. දලිද්දෙතිආදීහි පවත්තිපච්චයවිපත්ති. කසිරවුත්තිකෙතිආදීහි ආජීවුපායවිපත්ති. දුබ්බණ්ණොතිආදීහි රූපවිපත්ති. බහ්වාබාධොතිආදීහි දුක්ඛකාරණසමායොගො. න ලාභීතිආදීහි සුඛකාරණවිපත්ති චෙව උපභොගවිපත්ති ච. කායෙන දුච්චරිතන්තිආදීහි තමපරායණභාවස්ස කාරණසමායොගො. කායස්ස භෙදාතිආදීහි සම්පරායිකතමූපගමො. සුක්කපක්ඛො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො.
මෙහිද නීචෙ කුලෙ පච්ඡාජාතො හොති චණ්ඩාල කුලෙ වා ආදියෙන් පැමිණීමේ විපත මෙන්ම පෙර උපන් ප්‍රත්‍ය විපත්තිය ද දක්වන ලදී. දලිද්දෙ ආදියෙන් පවතින ප්‍රත්‍ය විපත්තිය. කසිර වුත්තිකෙහි ආදියෙන් ජීවත්වීමේ උපාය විපත්තිය. දුබ්බණ්ණො ආදියෙන් රූප විපත්තිය. බව්හාබාධො ආදියෙන් දුක් කරුණු එකතු වීමෙන්. න ලාභී ආදියෙන් සුව කරුණු විපත් ද උපභෝග විපත්තියද. කායෙන දුච්චරිතං ආදියෙන් අඳුරට යන කරුණු එකතුවීම. කායස්ස භෙදා ආදියෙන් ඊළඟ භවයෙහි අඳුර එළඹීම. හොඳ පැත්තෙහි කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුය.
අපිචෙත්ථ තිවිධාය කුලසම්පත්තියා පච්චාජාතිආදිකෙන ජොතිනා යුත්තතො ජොති, ආලොකභූතොති වුත්තං හොති. කායසුචරිතාදීහි පන සග්ගූපපත්තිජොතිභාවූපගමනතො ජොතිපරායණො. ඛත්තියමහාසාලකුලෙ වාතිආදීසු ඛත්තියමහාසාලාති ඛත්තියා මහාසාරා මහාසාරප්පත්තා ඛත්තියා. යෙසඤ්හි ඛත්තියානං හෙට්ඨිමන්තෙන කොටිසතං නිධානගතං හොති, තයො කහාපණකුම්භා වළඤ්ජනත්ථාය ගෙහමජ්ඣෙ රාසිං කත්වා ඨපිතා හොන්ති, තෙ ඛත්තියමහාසාලා නාම. යෙසං බ්රාහ්මණානං අසීතිකොටිධනං නිහිතං හොති, දියඩ්ඪො කහාපණකුම්භො වළඤ්ජනත්ථාය ගෙහමජ්ඣෙ රාසිං කත්වා ඨපිතො හොති, තෙ බ්රාහ්මණමහාසාලා නාම. යෙසං ගහපතීනං චත්තාලීසකොටිධනං නිහිතං හොති, කහාපණකුම්භො වළඤ්ජත්ථාය ගෙහමජ්ඣෙ රාසිං කත්වා ඨපිතො හොති, තෙ ගහපතිමහාසාලා නාම. තෙසං කුලෙති අත්ථො. අඩ්ඪෙති ඉස්සරෙ. නිධානගතධනස්ස මහන්තතාය මහද්ධනෙ. සුවණ්ණරජතභාජනාදීනං උපභොගභණ්ඩානං මහන්තතාය මහාභොගෙ. නිධානගතස්ස ජාතරූපරජතස්ස පහූතතාය පහූතජාතරූපරජතෙ. විත්තූපකරණස්ස තුට්ඨිකරණස්ස පහූතතාය පහූතවිත්තූපකරණෙ. ගොධනාදීනඤ්ච සත්තවිධධඤ්ඤානඤ්ච පහූතතාය පහූතධනධඤ්ඤෙ. අභිරූපොති සුන්දරරූපො. දස්සනීයොති අඤ්ඤං කම්මං පහාය දිවසම්පි පස්සිතබ්බයුත්තො. පාසාදිකොති දස්සනෙනෙව චිත්තපසාදාවහො. පරමායාති උත්තමාය. වණ්ණපොක්ඛරතායාති පොක්ඛරවණ්ණතාය. පොක්ඛරං වුච්චති සරීරං. තස්ස වණ්ණසම්පත්තියාති අත්ථො. සමන්නාගතොති උපෙතො.
තවද මෙහි තිවිධ කුසල සම්පත්තියෙන් ඉපදීමෙන් ආලෝකයෙන් යුක්ත වූයේ ජොති වේ. ආලෝක ඇතැයි කියන ලද්දේ වේ. කාය සුචරිතාදියෙන් ස්වර්ග උත්පත්ති ආලෝකයට එළඹියේ. ජොතිපරායනො වේ. ක්ෂත්රිය මහාසාර කුල ආදියෙහි ඛත්තිය මහාසාලො යනු ක්ෂත්රිය මහාසාරය. මහාසාර බවට පැමිණි ක්ෂත්රියා. යම් ක්ෂත්රියෙකු යටත්පිරිසෙයින් කෝටි සියයක් නිධානගත ධනය වේ. වියදම සඳහා කහවණු කළ තුනක් ගේ මැද ගොඩගසා ඇත. ඒ ක්ෂත්රිය මහසාර වේ. සෙසු බ්‍රාහ්මණයින්ට අසූ කෝටියක් නිධන්ගත වේ. වියදම සඳහා කහවණු කළ එකහමාරක් මැද ගොඩගසා ඇත. ඒ බ්‍රාහ්මණ මහාසාර නම් වේ. සෙසු ගෘහපතීන්ට සතළිස් කෝටියක් නිධන්ගත වේ. වියදම සඳහා කහවණු කළයක් ගේ මැද ගොඩගසා ඇත. ඒ ගෘහපති මහාසාර නම් වේ. ඔවුන්ගේ කුලයෙහි යන අර්ථයයි. අඩ්ඪෙ ඉසුරුමත් නිධන්ගත ධනය මහත් බැවින් මහද්ධනෙ වේ. රන්රිදී භාජනා දී උපභෝග භාණ්ඩ මහත් බැවින් මහාභොගෙ වේ. නිධානගත රන්රිදී ධනයේ බොහෝ බැවින් පහතජාතරූපරජතෙ වේ. සම්පත් උපකරණවල සතුට වඩන කරුණු බොහෝ බැවින් පහූත විත්තූපකරණෙ වේ. ගව ධනාදිය ද සප්තවිධ ධාන්‍යවල ද බොහෝ බැවින් පහූත ධන ධඤ්ඤෙ වේ. අභිරූපො සුන්දර රූපය. දස්සනීයො සෙසු වැඩ හැර දවසක්ම බැලිය යුතුය. පාසාදිකො දැකීමෙන්ම සිත පැහැදීම ඇතිකරන. පරමාය උතුම්. වණ්ණපොක්ඛරතාය ශරීර වර්ණයෙන් යුත්. පොක්ඛර යනු ශරීරය යයි කියනු ලැබේ. එහි වර්ණ සම්පත්තිය යන අර්ථය වේ. සමන්නාගතො යුක්ත.
ඔණතොණතාදීසු – දිට්ඨධම්මිකාය වා සම්පරායිකාය වා සම්පත්තියා විරහිතො ඔණතො. නීචො, ලාමකොති අත්ථො. තබ්බිපක්ඛතො උණ්ණතො. උච්චො, උග්ගතොති අත්ථො. සෙසමෙත්ථ තමාදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බං. අපිච – ඔණතොණතොති ඉදානි නීචො, ආයතිම්පි නීචොව භවිස්සති. ඔණතුණ්ණතොති ඉදානි නීචො, ආයතිං උච්චො භවිස්සති. උණ්ණතොණතොති ඉදානි උච්චො, ආයතිං නීචො භවිස්සති. උණ්ණතුණ්ණතොති ඉදානි උච්චො, ආයතිම්පි උච්චොව භවිස්සතීති.
ඔණතොණතාදියෙහි මෙලෝ පරලෝ සම්පත් නැති ඔණතො වේ. පහත් ලාමක යන අර්ථයයි. ඊට විපක්ෂ වශයෙන් උණ්ණතො වේ. උසස් උසස්ව නැගුණු යන අර්ථය වේ. මෙහි සෙස්ස තමාදියෙහි කී නයින්ම දතයුතුය. තවද ඔණතොණාතො දැන් පහත්ය. පසුව උසස් වේ. උණ්ණාතොණත දැන් උසස්ය. පසුව පහත් වේ. උණ්ණාතුණ්ණතො දැන් උසස්ය. පසුවද උසස් වන්නේය.
රුක්ඛූපමෙසු – රුක්ඛො තාව ඵෙග්ගුසාරපරිවාරොති වනජෙට්ඨකරුක්ඛො සයං ඵෙග්ගු හොති , පරිවාරරුක්ඛා පනස්ස සාරා හොන්ති. ඉමිනා නයෙන සෙසා වෙදිතබ්බා. පුග්ගලෙසු පන සීලසාරවිරහතො ඵෙග්ගුතා, සීලාචාරසමන්නාගමෙන ච සාරතා වෙදිතබ්බා.
රුක් උපමාවල පළමුව රුක් ඓග්ගු සාරපරිවාරො වන දෙටු රුක තමා ඵලය වේ. පිරිවර රුක් සාර වේ. මෙම නයින් සෙස්ස දතයුතුය. පුද්ගලයන් කෙරෙහි වනාහි සීලසාර නැත්තේ එලබව වේ. සීලසාර යුක්ත වූයේ සාරවත් බව දතයුතුය.
රූපප්පමාණාදීසු – සම්පත්තියුත්තං රූපං පමාණං කරොතීති රූපප්පමාණො. තත්ථ පසාදං ජනෙතීති රූපප්පසන්නො. කිත්තිසද්දභූතං ඝොසං පමාණං කරොතීති ඝොසප්පමාණො. ආරොහං වාතිආදීසු පන – ආරොහන්ති උච්චත්තනං. පරිණාහන්ති කිසථූලභාවාපගතං පරික්ඛෙපසම්පත්තිං. සණ්ඨානන්ති අඞ්ගපච්චඞ්ගානං දීඝරස්සවට්ටතාදියුත්තට්ඨානෙසු තථාභාවං. පාරිපූරින්ති යථාවුත්තප්පකාරානං අනූනතං, ලක්ඛණපරිපුණ්ණභාවං වා. පරවණ්ණනායාති පරෙහි පරම්මුඛා නිච්ඡාරිතාය ගුණවණ්ණනාය. පරථොමනායාති පරෙහි ථුතිවසෙන ගාථාදිඋපනිබන්ධනෙන වුත්තාය ථොමනාය. පරපසංසනායාති පරෙහි සම්මුඛා වුත්තාය පසංසාය. පරවණ්ණහාරිකායාති පරම්පරථුතිවසෙන පරෙහි පවත්තිතාය වණ්ණහරණාය.
රූප ප්‍රමාණ ආදියෙහි සම්පත් යුතු රූප ප්‍රමාණ කෙරේනුයි රූපප්පමාණො වේ. එහි පැහැදීම ඇතිකරයි යනු රූපප්පසන්නො වේ. කීර්ති ශබ්ද කෝෂය ප්‍රමාණ කෙරේනුයි ඝොසප්පමාණො වේ. ආරෝහ යනාදියෙහි ආරොහං වේ. උසස් බව වේ. පරිණාහං - කෘෂ ථූල භවයක් නැති වටමට සම්පත. සණ්ඨානං - අඟපසඟාදියේ දිගුකොට වට ආදි යුතු තැන්වල යථා ස්වභාවය. පාරිපූරිං කියන ලද ආකාරයෙන් නොඅඩු, ලක්ෂණ පිරිපුන් බව හෝ. පරවණ්ණානාය අන්‍යයන් විසින් අනභිමුඛයෙහි පිටකරන ගුණවරුණෙන්. පරථොමතාය අන්‍යයන් විසින් ස්තුති වශයෙන් ගාථාදි නිබන්ධයෙන් කියන ලද ස්තූතියෙන්. පරපසංසනාය අන්‍යයන් විසින් ඉදිරියෙහි කරන ලද පැසසුමෙන්. පරවණ්ණාහාරිකාය පරම්පරා ස්තුති වශයෙන් අන්‍යයන් විසින් පවත්වන ලද වරුණ ගෙනයෑමෙන්.
චීවරලූඛන්ති චීවරස්ස දුබ්බණ්ණාදිභාවෙන ලූඛතං. පත්තලූඛන්ති භාජනස්ස වණ්ණසණ්ඨානවත්ථූහි ලූඛතං. සෙනාසනලූඛන්ති නාටකාදිසම්පත්තිවිරහෙන සෙනාසනස්ස ලූඛතං. විවිධන්ති අචෙලකාදිභාවෙන අනෙකප්පකාරං. දුක්කරකාරිකන්ති සරීරතාපනං.
චීවරලූඛං සිවුරේ දුර්වර්ණ භාවයෙන් රූක්ෂ බව. පත්ත ලූඛං භාජනයෙහි වර්ණ සටහන් වස්තුවලින් රූක්ෂ වූ. සෙනාසන ලූඛං නාටකාදී සම්පත් නැති බැවින් සේනාසන රූක්ෂ බව. විවිධං අචෙලකාද භාවයෙන් නොයෙක් ආකාර වූ. දුක්කර කාරිකං ශරීරය තැවීම,
අපරො නයො – ඉමෙසු හි චතූසු පුග්ගලෙසු රූපෙ පමාණං ගහෙත්වා පසන්නො රූපප්පමාණො නාම. රූපප්පසන්නොති තස්සෙව අත්ථවචනං. ඝොසෙ පමාණං ගහෙත්වා පසන්නො ඝොසප්පමාණො නාම. චීවරලූඛපත්තලූඛෙසු පමාණං ගහෙත්වා පසන්නො ලූඛප්පමාණො නාම. ධම්මෙ පමාණං ගහෙත්වා පසන්නො ධම්මප්පමාණො නාම. ඉතරානි තෙසංයෙව අත්ථවචනානි. සබ්බසත්තෙ ච තයො කොට්ඨාසෙ කත්වා ද්වෙ කොට්ඨාසා රූපප්පමාණා, එකො න රූපප්පමාණො. පඤ්ච කොට්ඨාසෙ කත්වා චත්තාරො කොට්ඨාසා ඝොසප්පමාණා, එකො න ඝොසප්පමාණො. දස කොට්ඨාසෙ කත්වා නව කොට්ඨාසා ලූඛප්පමාණා, එකො න ලූඛප්පමාණො. සතසහස්සං කොට්ඨාසෙ කත්වා පන එකො කොට්ඨාසොව ධම්මප්පමාණො, සෙසා න ධම්මප්පමාණා. එවමයං චතුප්පමාණො ලොකසන්නිවාසො.
වෙනත් න්‍යායක් : මේ සිවු පුද්ගලයින් කෙරෙහි රූපය ප්රමාණයකොට පැහැදුනේ. රූපප්පමාණො නම් වේ. රූපප්පමානො යනු එහිම අර්ථ වර්ණනයයි. ශබ්දයෙහි ප්‍රමාණය ගෙන පැහැදුනේ ලූඛප්පමාණො නම් වේ. ධර්මයෙහි ප්‍රමාණය ගෙන පැහැදුනේ ධම්මප්පණ්ණො නම් වේ. සෙස්සෙහි ඒවායේ අර්ථ වර්ණනා වේ. සියළු සත්ත්වයෝ ද කොටස් තුනක් කොට, කොටස් දෙකක් රූපප්පමාණ වේ. එක කොටසක් රූපප්පමාණ නොවේ. කොටස් පහක් කොට, සතර කොටසක් ශබ්ද ප්‍රමාණ වේ. එක් කොටසක් ශබ්ද ප්‍රමාණ නොවේ. කොටස් දහයක් කොට, කොටසක් ලූඛප්ප්රමාණ වේ. එක කොටසක් රළු ප්‍රමාණ නොවේ. ලක්ෂයක් කොටස් කොට, ධර්ම ප්‍රමාණ ගණනින් එක් කොටසකි. සෙස්ස ධම්මප්පමාණ නොවේ. ලොව වසන සතර ප්‍රමාණය මෙසේය.
එතස්මිං චතුප්පමාණෙ ලොකසන්නිවාසෙ බුද්ධෙසු අප්පසන්නා මන්දා, පසන්නාව බහුකා. රූපප්පමාණස්ස හි බුද්ධරූපතො උත්තරි පසාදාවහං රූපං නාම නත්ථි. ඝොසප්පමාණස්ස බුද්ධානං කිත්තිඝොසතො උත්තරි පසාදාවහො ඝොසො නාම නත්ථි. ලූඛප්පමාණස්ස කාසිකානි වත්ථානි මහාරහානි කඤ්චනභාජනානි තිණ්ණං උතූනං අනුච්ඡවිකෙ සබ්බසම්පත්තියුත්තෙ පාසාදවරෙ පහාය පංසුකූලචීවරසෙලමයපත්තරුක්ඛමූලාදිසෙනාසනසෙවිනො බුද්ධස්ස භගවතො ලූඛතො උත්තරි පසාදාවහං අඤ්ඤං ලූඛං නාම නත්ථි. ධම්මප්පමාණස්ස සදෙවකෙ ලොකෙ අසාධාරණසීලාදිගුණස්ස තථාගතස්ස සීලාදිගුණතො උත්තරි පසාදාවහො අඤ්ඤො සීලාදිගුණො නාම නත්ථි. ඉති භගවා ඉමං චතුප්පමාණිකං ලොකසන්නිවාසං මුට්ඨිනා ගහෙත්වා විය ඨිතොති.
ලොව වසන මේ සතර ප්‍රමාණයෙහි බුදුවරුන් කෙරෙහි අප්‍රසන්න වූවෝ මද වෙති. ප්‍රසන්න වූවෝ බොහෝය. රූපප්පමාණයෙහි බුද්ධ රූපයෙන් ඉහළ පැහැදීම ගෙනදෙන රූපයක් නම් නැත. ඝොසප්ප්රමාණයේ බුදුවරුන්ගේ කීර්ති ඝෝෂයට වඩා ඉහළ ප්රසාදාවන ශබ්දයක් නම් නැත. ලූඛප්ප්රමාණයෙහි මහත් වටිනා කසීසළු රන්භාජන ඍතු තුනට ගැලපෙන සියළු සම්පතින් යුත් උතුම් ප්‍රාසාද අත්හැර පසල් සිවුර සෙල්මුවා පාත්‍රය රුක්මුල් ආදි සෙනසුන් සෙව්නා භාග්‍යවත් බුදුන් වහන්සේට වඩා රූක්ෂභාවයෙන් ඉහළ ප්රසාදාවන රූක්ෂභාවයක් නැත. ධර්ම ප්‍රමාණයේ දෙවියන් සහිත ලෝකයෙහි අසාධාරණ වූ සීලාදි ගුණ යුත් තථාගතයන් වහන්සේගේ සීල ගුණයෙන් ඉහළ පැහැදීම ගෙනදෙන වෙනත් සීල ගුණයක් නම් නැත. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ලොව වසන මේ සතර ප්‍රමාණය මිටින් ගෙන මෙන් සිටියහ.
අත්තහිතාය පටිපන්නාදීසු – සීලසම්පන්නොති සීලෙන සම්පන්නො සමන්නාගතො. සමාධිසම්පන්නොතිආදීසුපි එසෙව නයො. එත්ථ ච සීලං ලොකියලොකුත්තරං කථිතං. තථා සමාධිපඤ්ඤා ච. විමුත්ති අරහත්තඵලවිමුත්තියෙව. ඤාණදස්සනං එකූනවීසතිවිධං පච්චවෙක්ඛණඤාණං. නො පරන්තිආදීසු – පරපුග්ගලං “තයාපි සීලසම්පන්නෙන භවිතුං වට්ටතී”ති වත්වා යථා සීලං සමාදියති, එවං න සමාදපෙති, න ගණ්හාපෙති. එසෙව නයො සබ්බත්ථ. එතෙසු පන චතූසු පඨමො වක්කලිත්ථෙරසදිසො හොති. දුතියො උපනන්දසක්යපුත්තසදිසො. තතියො සාරිපුත්තමොග්ගල්ලානත්ථෙරසදිසො. චතුත්ථො දෙවදත්තසදිසොති වෙදිතබ්බො.
අත්ත හිත පිණිස පිළිපන්නාදියෙහි සීලසම්පන්නො සීලයෙන් යුත්. සමාධි සම්පන්නො ආදියෙහි ද මෙම නයමය. මෙහි සීලය ලෞකික ලෝකෝත්තර වශයෙන් කියන ලදී. සමාධි ප්‍රඥා ද එසේය. විමුත්ති රහත්ඵල විමුක්තියම වේ. විමුත්තිඤාණ දස්සනං දහනව ආකාර වූ ප්රත්යවේක්ෂා ඤාණය. නො පරං යනාදියෙහි පර පුද්ගලයා ඔහු විසින් ද සීලයෙන් යුක්ත වීම වටී යයි කියා යම්සේ සීලය සමාදන් වෙයි. මෙසේ සමාදන් නොකරවයි. නොගන්වයි. සියළු තැන මෙසේය. මේ සතුරෙහි වනාහි පළමුවැන්නා වක්කලි තෙරුන් හා සමානය. දෙවැන්නා උපනන්ද ශාක්‍යපුත්‍රයා හා සමානය. තෙවැන්නා සැරියුත් මුගලන් තෙරවරුන් හා සමානය. සිව්වැන්නා දෙව්දතුන් හා සමාන යයි දතයුතුය.
අත්තන්තපාදීසු – අත්තානං තපති දුක්ඛාපෙතීති අත්තන්තපො. අත්තනො පරිතාපනානුයොගං අත්තපරිතාපනානුයොගං. අචෙලකොති නිච්චෙලො, නග්ගො. මුත්තාචාරොති විසට්ඨාචාරො. උච්චාරකම්මාදීසු ලොකියකුලපුත්තාචාරෙන විරහිතො ඨිතකොව උච්චාරං කරොති, පස්සාවං කරොති, ඛාදති, භුඤ්ජති ච. හත්ථාපලෙඛනොති හත්ථෙ පිණ්ඩම්හි නිට්ඨිතෙ ජිව්හාය හත්ථං අපලෙඛති. උච්චාරං වා කත්වා හත්ථස්මිඤ්ඤෙව දණ්ඩකසඤ්ඤී හුත්වා හත්ථෙන අපලෙඛතීති දස්සෙති. තෙ කිර දණ්ඩකං සත්තොති පඤ්ඤපෙන්ති. තස්මා තෙසං පටිපදං පූරෙන්තො එවං කරොති. භික්ඛාගහණත්ථං ‘එහි භද්දන්තෙ’ති වුත්තො, න එතීති නඑහිභද්දන්තිකො. තෙන හි ‘තිට්ඨ භද්දන්තෙ’ති වුත්තොපි න තිට්ඨතීති නතිට්ඨභද්දන්තිකො. තදුභයම්පි හෙතං තිත්ථියා “එතස්ස වචනං කතං භවිස්සතී”ති න කරොන්ති. අභිහටන්ති පුරෙතරං ගහෙත්වා ආහටං භික්ඛං. උද්දිස්සකතන්ති “ඉමං තුම්හෙ උද්දිස්ස කත”න්ති එවං ආරොචිතභික්ඛං. න නිමන්තනන්ති “අසුකං නාම කුලං වා වීථිං වා ගාමං වා පවිසෙය්යාථා”ති එවං නිමන්තිතභික්ඛම්පි න සාදියති, න ගණ්හාති.
අත්තන්තපාදියෙහි ආත්මය තවයි දුක් පමුණුවයි යනු, අත්තන්තපො වේ. තමාගේ තැවීම් අනුයෝග අත්තපරිතාපනානුයොගං අචෙලකො වස්ත්‍ර නැති. නග්න. මුත්තාචාරො අත්හළ ආචාර. මලපහ කිරීම් ආදි ක්‍රියාවල ශිෂ්ටයන්ගේ ආචාරයෙන් විරහිතව හිටගෙන මලපහ කරයි. මූත්‍රා කරයි. කයි. බුද්ධි හත්ථාපලෙඛනො අනේපිඬු අවසන් වූ පසු අත දිවෙන් ලෙවකයි. මලපහ කොට අතෙහිම දඬුවකැයි සිතා අතින් සූරා මයි. ඔව්හු දඬුව සතෙකැයි පණවති. එහෙයින් ඔවුන්ගේ පිළිවෙත් පුරන්නේ මෙසේ කරයි. භික්ෂා ගැනීමෙහි ස්වාමින් වහන්ස වඩින්නැයි කීකල, නොඑයි යනු න එහි භදන්තිකො. එසේනම් ස්වාමින් වහන්ස, සිටින්නැයි කී විට ද නොසිටියි යනු න තිට්ඨභදන්තිකො. ඒ දෙකද මේ තීර්ථකයා මොහුගේ වචනය කළා වන්නේ යයි නොකරයි. අභිනවං කලින් ගෙන, ගෙනෙන ලද භික්ෂාව. නිමන්තනං අසවල් නම් කුලයට හෝ වීථියට හෝ ගමට හෝ පිවිසෙන්නැයි මෙසේ නිමන්ත්‍රණය කරන ලද භික්ෂාව නො ඉවසයි. නො ගනියි.
න කුම්භිමුඛාති කුම්භිතො උද්ධරිත්වා දිය්යමානං භික්ඛං න ගණ්හාති. න කළොපිමුඛාති කළොපීති උක්ඛලි, පච්ඡි වා. තතොපි න ගණ්හාති. කස්මා? කුම්භී කළොපියො කටච්ඡුනා පහාරං ලභන්තීති. න එළකමන්තරන්ති උම්මාරං අන්තරං කත්වා දිය්යමානං න ගණ්හාති. කස්මා? අයං මං නිස්සාය අන්තරකරණං ලභතීති. දණ්ඩමුසලෙසුපි එසෙව නයො. ද්වින්නන්ති ද්වීසු භුඤ්ජමානෙසු එකස්මිං උට්ඨාය දෙන්තෙ න ගණ්හති. කස්මා? කබළන්තරායො හොතීති. න ගබ්භිනියාතිආදීසු පන ගබ්භිනියා කුච්ඡියං දාරකො කිලමති. පායන්තියා දාරකස්ස ඛීරන්තරායො හොති. පුරිසන්තරගතාය රතිඅන්තරායො හොතීති න ගණ්හාති න සඞ්කිත්තීසූති සඞ්කිත්තෙත්වා කතභත්තෙසු. දුබ්භික්ඛසමයෙ කිර අචෙලකසාවකා අචෙලකානං අත්ථාය තතො තතො තණ්ඩුලාදීනි සමාදපෙත්වා භත්තං පචන්ති, උක්කට්ඨාචෙලකො තතො න පටිග්ගණ්හාති. න යත්ථ සාති යත්ථ සුනඛො ‘පිණ්ඩං ලභිස්සාමී’ති උපට්ඨිතො හොති, තත්ථ තස්ස අදත්වා ආහටං න ගණ්හාති. කස්මා? එතස්ස පිණ්ඩන්තරායො හොතීති.
න කුම්භිමුඛා කළයෙන් ගෙන දෙන ලබන භික්ෂාව නොපිළිගනියි. න කළොපිමුඛා කළොපි යනු හැළියයි. පැස හෝ එයින් ද නොගනී. කුමක් හෙයින්ද? කළය කළොපිය හැන්දෙන් පහුර ලබයි. න එළකමන්තරං එළිපත්ත අතර කොට දෙනු ලබන්නේ නොපිළිගනී. කුමක් හෙයින්ද? මෙය මා නිසා අතුරු කරණයක් ලබයි. දණ්ඩ මොහොල ආදියෙහි ද මෙම නයයි. ද්වින්නං දෙදෙනෙක් බුදින කල්හි එකෙක් නැගිට දෙන්නේ නොගනී. කුමක් හෙයින් ද? කබල අතරෙහි වේ යයි. න ගබ්භිනිසා යනාදියෙහි ගැබිනිය කුසෙහි දරුව ක්ලාන්ත වේ. පොවන්නියගෙන් දරුවාට කිරෙන් අනතුරු වේ යයි පුරුෂාන්තරයට ගිය තැනැත්තියකින් රති අන්තරාය වේ යයි නොගනියි. න සංකත්තීසු - සළකුණු කොට බතෙහි දුබික් සමයෙහි වනාහි අචේල ශ්‍රාවකයෝ අචේලහින්ගේ ප්‍රයෝජනය සඳහා එයින් එයින් සහල් ආදිය සම්මාදන් කොට බත් පියති. උත්කෘෂ්ට අචේලකයෝ එයින් නොපිළිගනිති. න යත්ථ සා යම් තැනක සුනඛයෙක් පිඬු ලබමියි එළඹ සිටියේ වේ. එහි ඌට නොදී ගෙනෙන ලද්ද නොගනී. කුමක් හෙයින්ද? මොහුට පිඬු අන්තරායක් වේ යයි.
සණ්ඩසණ්ඩචාරිනීති සමූහසමූහචාරිනී. සචෙ හි අචෙලකං දිස්වා ‘ඉමස්ස භික්ඛං දස්සාමා’ති මානුස්සකා භත්තගෙහං පවිසන්ති, තෙසු ච පවිසන්තෙසු කළොපිමුඛාදීසු නිලීනා මක්ඛිකා උප්පතිත්වා සණ්ඩසණ්ඩා චරන්ති, තතො ආහටං භික්ඛං න ගණ්හාති. කස්මා? මං නිස්සාය මක්ඛිකානං ගොචරන්තරායො ජාතොති. ථුසොදකන්ති සබ්බසස්සසම්භාරෙහි කතං සොවීරකං. එත්ථ ච සුරාපානමෙව සාවජ්ජං. අයං පන එතස්මිම්පි සාවජ්ජසඤ්ඤී. එකාගාරිකොති යො එකස්මිංයෙව ගෙහෙ භික්ඛං ලභිත්වා නිවත්තති. එකාලොපිකොති යො එකෙනෙව ආලොපෙන යාපෙති. ද්වාගාරිකාදීසුපි එසෙව නයො. එකිස්සාපි දත්තියාති එකාය දත්තියා. දත්ති නාම එකා ඛුද්දකපාති හොති, යත්ථ අග්ගභික්ඛං පක්ඛිපිත්වා ඨපෙන්ති.
සණ්ඩසණ්ඩචාරිනී සමූහ සමූහ හැසිරෙන්නී. ඉදින් අචේලකයකු දැක මොහුට භික්ෂාව දෙමියි මිනිස්සු බත්ගෙට පිවිසෙති. ඔවුන් පිවිසෙන කල්හි කළොවිමුඛාදියෙහි සැඟවුණු මැස්සෝ නැගී සමූහ සමූහව හැසිරෙති. එයින් ගෙනෙන ලද භික්ෂාව නො පිළිගනී. කුමක් හෙයින්ද ? මා නිසා මැස්සන්ගේ ගෙදරට අනතුරක් වූයේ යයි. ථුසොදකං සියළු සස්මි සම්භාරයෙන් කළ සෝවීරකය. මෙහිද සුරාපානයම සාවද්‍ය වේ. මෙය වනාහි මෙහිද සාවද්‍ය සංඥා වේ. එකාගාරිකො හේ එකම ගෙයි භික්ෂාව ලැබ නවතියි. එකොලොපිකො යමෙක් එකම පිඬකින් යැපෙයි. ද්වාගාරිකාදියෙහි ද මෙම නයම වේ. එකිස්සාපි දත්තියා එක දත්තියකින්. දත්ති යනු කුඩා භාජනයක් වේ. (පීරිසිය මෙනි.) යමක අග්‍ර භික්ෂාව බහා තබයි.
එකාහිකන්ති එකදිවසන්තරිකං. අඩ්ඪමාසිකන්ති අඩ්ඪමාසන්තරිකං. පරියායභත්තභොජනන්ති වාරභත්තභොජනං. එකාහවාරෙන ද්වීහවාරෙන සත්තාහවාරෙන අඩ්ඪමාසවාරෙනාති – එවං දිවසවාරෙන ආභතභත්තභොජනං. සාකභක්ඛොති අල්ලසාකභක්ඛො. සාමාකභක්ඛොති සාමාකතණ්ඩුලභක්ඛො. නීවාරාදීසු – නීවාරා නාම තාව අරඤ්ඤෙ සයං ජාතා වීහිජාති. දද්දුලන්ති චම්මකාරෙහි චම්මං විලිඛිත්වා ඡඩ්ඩිතකසටං. හටං වුච්චති සිලෙසොපි, සෙවාලොපි කණිකාරාදිරුක්ඛනිය්යාසොපි. කණන්ති කුණ්ඩකං. ආචාමොති භත්තඋක්ඛලිකාය ලග්ගො ඣාමොදනො. තං ඡඩ්ඩිතට්ඨානෙ ගහෙත්වා ඛාදති. “ඔදනකඤ්ජිය”න්තිපි වදන්ති. පිඤ්ඤාකාදයො පාකටා එව. පවත්තඵලභොජීති පතිතඵලභොජී.
එකාහිතං එක් දවසක් ඇතුළත. අද්ධමාසිකං අඩමසක් ඇතුළත. පරියායභත්තභොජනං වාර බත් බොජුන්, එක්දිනකින්, සත් දිනකින්, අඩමසකින් මෙසේ දින වාරයෙන් ගෙනෙන ලද බත් බොජුන්. සාකභක්ඛො අමු සාක භක්ෂණය කරන්නා. සාමාක භක්ඛො සාමාක සහල් භක්ෂණය කරන්නා. නීවරාදියෙහි නීවාර නම් වනයෙහි හටගන්නා (ස්වයංජාත) වී වර්ගයකි. දද්දුල්ලං - සොම්මරුවන් සම් සූරාදැමූ කසට. හටං ලාටු ද සෙවෙල් ද, කිණිහිරි ආදි ගස්වන කිරිද. කණං සහල් කුඩු, (හුනුසාල්). ආචාම බත්හැළියේ ඇලුණු දැවුණු බත් (දංකුඩ) ඒවා දැමූ තැනින් ගෙන කයි. බත් කැඳ යයි ද කියති. පිඤ්ඤාකාදයො පුන්නක්කු ආදිය පවත්තඵලභොජි වැටුණු ගෙඩි බුදී.
සාණානීති සාණවාකචෙලානි. මසාණානීති මිස්සකචෙලානි. ඡවදුස්සානීති මතසරීරතො ඡඩ්ඩිතවත්ථානි. එරකතිණාදීනි වා ගන්ථෙත්වා කතනිවාසනානි. පංසුකූලානීති පථවියං ඡඩ්ඩිතනන්තකානි. තිරීටානීති රුක්ඛත්තචවත්ථානි. අජිනන්ති අජිනමිගචම්මං. අජිනක්ඛිපන්ති තදෙව මජ්ඣෙ ඵාලිතං. සඛුරකන්තිපි වදන්ති. කුසචීරන්ති කුසතිණානි ගන්ථෙත්වා කතචීරකං. වාකචීරඵලකචීරෙසුපි එසෙව නයො. කෙසකම්බලන්ති මනුස්සකෙසෙහි කතකම්බලං. යං සන්ධාය වුත්තං – “සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං කෙසකම්බලො තෙසං පතිකුට්ඨො අක්ඛායතී”ති (අ· නි· 3.138). වාළකම්බලන්ති අස්සවාළාදීහි කතකම්බලං. උලූකපක්ඛන්ති උලූකපත්තානි ගන්ථෙත්වා කතනිවාසනං. උබ්භට්ඨකොති උද්ධං ඨිතකො.
සාණානි හනවැහිරි රෙදි. මසාකානී මිශ්‍රව රෙදි. ඡවදුස්සානි මළ සිරුරෙන් ඉවත දැමූ වස්තු. ඒරක තෘණවලින් මැසූ ඇඳුම්. පංසුකූලානි - පොළවෙහි දැමූ රෙදි කැබලි. තිරීටකානි ගස් පොතු වස්ත්‍ර. අජිනං අඳුන් දිවිසම්. අජිනක්ඛිපං එහිම මැද පැලූ. කුසචීර කුසතණවලින් විසූ පටිය. වැහැරි පටි ලෑලි පටිවලද මෙම නයයි. කෙසකම්බලං මිනිස් කෙසින් කළ කම්බිලිය. ඒ සඳහා කියන ලදී. ‘මහණෙනි, යම් ඒ මේ වියන ලද වස්ත්‍ර, කෙස්කම්බිලිය ඒවා අතර නින්දිත යයි කියයි. ‘වාළකම්බලං’ අස් වලිගාදි ලොමින් කළ පොරෝනය. උලුක පංකං බකමූණා පියාපතින් කළ ඇඳුම. උබ්භට්ඨකො - උඩ සිටි.
උක්කුටිකප්පධානමනුයුත්තොති උක්කුටිකවීරියං අනුයුත්තො. ගච්ඡන්තොපි උක්කුටිකොව හුත්වා උප්පතිත්වා උප්පතිත්වා ගච්ඡති. කණ්ටකාපස්සයිකොති අයකණ්ටකෙ වා පකතිකණ්ටකෙ වා භූමියං කොට්ටෙත්වා තත්ථ චම්මං අත්ථරිත්වා ඨානචඞ්කමාදීනි කරොති. සෙය්යන්ති සයන්තොපි තත්ථෙව සෙය්යං කප්පෙති. සායං තතියමස්සාති සායතතියකං. “පාතො, මජ්ඣන්හිකෙ, සායන්ති දිවසස්ස තික්ඛත්තුං පාපං පවාහෙස්සාමී”ති උදකොරොහනානුයොගං අනුයුත්තො විහරති.
උක්කුටිකප්පධානමනුයුත්තො උක්කුටික වීර්යයෙන් යුක්ත යන්නේ ද උක්කුටිකයෙන් සිට පැන පැන යයි. කණ්ටකාපස්සයිකො යකඩ කටු හෝ ප්‍රකෘති කටු හෝ බිම සිටුවා ඒ මත සම අතුරා සිටීම් සක්මන් ආදිය කරයි. සෙය්යං නිදන්නේ ද එහිම සයනය කරයි. සවස තුන්වනු කොට ඇත්තේ සායත්තියං වේ. අළුයම, මධ්‍යාහ්නය, සවස යයි දවසට තුන්වරක් පව් සෝදන්නෙමි යයි ජලයට බැස අනුයෝගයෙන් යුක්තව වාසය කරයි.
පරං තපතීති පරන්තපො. පරෙසං පරිතාපනානුයොගං පරපරිතාපනානුයොගං. ඔරබ්භිකාදීසු – උරබ්භා වුච්චන්ති එළකා. උරබ්භෙ හනතීති ඔරබ්භිකො. සූකරිකාදීසුපි – එසෙව නයො. ලුද්දොති දාරුණො කක්ඛළො. මච්ඡඝාතකොති මච්ඡබන්ධො කෙවට්ටො. බන්ධනාගාරිකොති බන්ධනාගාරගොපකො. කුරූරකම්මන්තාති දාරුණකම්මන්තා.
අනුන් තවන්නේ පරංතපො වේ. අන්‍යයන්ගේ තැවීම් ක්‍රම අනුගමනය කරන්නේ පරපරිතාපානුයොගං වේ. ඔරබ්භකාදියෙහි උරබ්භා යනු එලුවෝය. එලුවන් මරන්නේ ඔරබ්භිකො වේ. සූකරිකා ඌරු ආදියෙහි ද මෙම නයයි. ලුද්දො දරුණු, කැකුළු (කර්කස) මච්ඡ ඝාතකො මසුන් මරන ධීවරයෝ. බන්ධනාගාරිකා බන්ධනාගාර පාලකයෝ. කුරූර කම්මත්තා දරුණු කර්මාන්ත.
මුද්ධාවසිත්තොති ඛත්තියාභිසෙකෙන මුද්ධනි අභිසිත්තො. පුරත්ථිමෙන නගරස්සාති නගරතො පුරත්ථිමදිසාය. සන්ධාගාරන්ති යඤ්ඤසාලං . ඛරාජිනං නිවාසෙත්වාති සඛුරං අජිනචම්මං නිවාසෙත්වා. සප්පිතෙලෙනාති සප්පිනා ච තෙලෙන ච. ඨපෙත්වා හි සප්පිං අවසෙසො යො කොචි ස්නෙහො තෙලන්ති වුච්චති. කණ්ඩුවමානොති නඛානං ඡින්නත්තා කණ්ඩුවිතබ්බකාලෙ තෙන කණ්ඩුවමානො. අනන්තරහිතායාති අසන්ථතාය. සරූපවච්ඡායාති සදිසවච්ඡාය. සචෙ ගාවී සෙතා හොති, වච්ඡොපි සෙතකොව සචෙ කබරා වා, රත්තා වා, වච්ඡොපි තාදිසොවාති – එවං සරූපවච්ඡාය. සො එවමාහාති සො රාජා එවං වදෙති. වච්ඡතරාති තරුණවච්ඡකභාවං අතික්කන්තා බලවවච්ඡා. වච්ඡතරීසුපි එසෙව නයො. බරිහිසත්ථායාති පරික්ඛෙපකරණත්ථාය චෙව යඤ්ඤභූමියං අත්ථරණත්ථාය ච.
මුද්ධාවසිත්තො ක්ෂත්රිය අභිසේකයෙන් හිස අභිසේක කළ. පුරත්ථිමෙන නගරස්ස නගරයෙන් පෙර දිසාව. සන්ථාගාරං යඥ ශාලාව ඛුරාජිනං නිවාසෙති කුර සහිත අඳුන් දිවි සම පොරවා. සප්පි තෙලෙන ගිතෙලින් ද තෙලෙන් ද ගිතෙල් හැර සෙසු යම්කිසිවක් තෙල් යයි කියනු ලැබේ. කණාඩුව මානො නිය සිඳී ඇති නිසා කනිටු අවි විය යුතු කාලයෙහි එයින් කණ්ඩුවමාන වේ. අනන්තතරහිතාය අසන්ථතාවෙන්. සරූපවච්ඡාය සමාන වස්සා හේ (පැටියාගේ). එලදෙන සුදු නම් පැටියාද සුදුය. පොහොර නම් හෝ රතුනම් හෝ පැටියා ද එබඳු වේ යයි මෙසේ සරුපවච්ඡාය වේ. සො එවමාහ ඒ රජ මෙසේ කියයි. වච්ඡතරා තරුණ පැටිබව ඉක්මවා බලවත් පැටියා. වච්ඡතරීයෙහිද මෙම නයයි. පරිහිංසත්ථාය වට කිරීම ද යඥ භූමියේ ඇතිරීම සඳහා ද
දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. නිච්ඡාතොති ඡාතං වුච්චති තණ්හා, සා අස්ස නත්ථීති නිච්ඡාතො. සබ්බකිලෙසානං නිබ්බුතත්තා නිබ්බුතො. අන්තො තාපනකිලෙසානං අභාවා සීතලො ජාතොති සීතීභූතො. ඣානමග්ගඵලනිබ්බානසුඛානි පටිසංවෙදෙතීති සුඛප්පටිසංවෙදී. බ්රහ්මභූතෙන අත්තනාති සෙට්ඨභූතෙන අත්තනා.
දිට්ඨෙව ධම්මෙ මේ ආත්ම භාවයෙහිම. නිච්ඡාතො ඡාත තණ්හාව යයි කියනු ලැබේ. එය මොහුට නැතැයි නිච්ඡා නොවේ. සියළු කෙලෙසුන්ගෙන් නිවුණු නිසා - නිබ්බුතො. ඇතුළ තවන කෙලෙස් නැති බැවින් සීතල වීයයි - සීතිභූතො. ධ්‍යාන මාර්ගඵල නිර්වාණ සැප විඳියි යනු සුඛ පටිසංවෙදී. බ්රහ්මභූත්ථෙන අත්තනා ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන්.
ඉමං පන පුග්ගලං බුද්ධුප්පාදතො පට්ඨාය දස්සෙතුං – ඉධ තථාගතොතිආදිමාහ. තත්ථ තථාගතොති අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථාවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති. අරහං සම්මාසම්බුද්ධොතිආදීනි විසුද්ධිමග්ගෙ විත්ථාරිතානෙව. තං ධම්මන්ති තං වුත්තප්පකාරසම්පදං ධම්මං. සුණාති ගහපති වාති කස්මා පඨමං ගහපතිං නිද්දිසති? නිහතමානත්තා උස්සන්නත්තා ච. යෙභුය්යෙන හි ඛත්තියකුලතො පබ්බජිතා ජාතිං නිස්සාය මානං කරොන්ති. බ්රාහ්මණකුලා පබ්බජිතා මන්තෙ නිස්සාය මානං කරොන්ති. හීනජච්චකුලා පබ්බජිතා අත්තනො විජාතිතාය පතිට්ඨාතුං න සක්කොන්ති. ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්තෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්වා තාදිසස්ස මානස්ස අභාවතො නිහතමානදප්පා හොන්ති. තෙ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා යථාබලං බුද්ධවචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තෙ පතිට්ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්ඛමිත්වා පබ්බජිතා නාම න බහුකා, ගහපතිකාව බහුකා. ඉති නිහතමානත්තා උස්සන්නත්තා ච පඨමං ගහපතිං නිද්දිසතීති.
මේ පුද්ගලයා බුද්ධෝත්පාදයේ සිට දැක්වීමට ඉධ තථාගතො යනාදිය කීහ. එහි තථාගතො යනු භාග්‍යවතුන් වහන්සේ කරුණු අටකින්, තථාගත නම් වන සේක. එසේ පැමිණියේ යයි තථාගත වේ. එසේ ගියේ යයි තථාගත වේ. තථ්‍ය ලක්ෂණය පැමිණියේ යයි තථාගත වේ. සත්‍ය ධර්මය යථා පරිද්දෙන් අවබෝධ කරන ලද්දේ තථාගත වේ. සත්‍ය දැක්වීමෙන් තථාගත වේ. සත්‍ය කීමෙන් තථාගත වේ. සත්‍ය කිරීමෙන් තථාගත වේ. අභිභවන අර්ථයෙන් තථාගත වේ. අරහං සම්මා සම්බුද්ධො ආදිය විසුද්ධි මාර්ගයෙහි විස්තර කෙළේමය. තං ධම්මං කියන ලද ආකාර ඒ සම්පත් ධර්මය අසයි. ගහපති වා කුමක් හෙයින් පළමුව ගෘහපති නිදෙසයිද? නිහතමාන බැවින් ද උත්සන්න බැවින් ද ක්ෂත්රිය කුලයෙන් පැවිදි වූවෝ ජාතිය නිසා බොහෝසෙයින් මානය කරති. හීන ජාති කුලවලින් පැවිදි වූවෝ තමාට ජාතියක් නැති බැවින් පිහිටීමට නොහැකි වෙති. ගෘහපති දරුවෝ වනාහි කිසිලිවලින් දාඩිය පෙරන්නේ පිටේ ලුනු පිපෙනතුරු පොළොව කොටා එබඳු මානයක් නොමැතිවීමෙන් නිහතමාන දර්ප වෙති. ඔව්හු පැවිදි වී මානය හෝ දර්පය හෝ නොකොට යථ ශක්තියෙන් බුද්ධ වචනය ඉගෙන විපස්සනාවට ක්‍රියා කරන්නේ රහත්බවේ පිහිටීමට හැකිවෙති. සෙසු කුලවලින් ද නික්මී පැවිදි වූවෝ බහුල නොවෙති. ගෘහපතියෝම බහුල වෙති. මෙසේ නිහතමාන බැවින් ද වැඩි බැවින් ද පළමු ගෘහපතියන් නිදෙසයි.
අඤ්ඤතරස්මිං වාති ඉතරෙසං වා කුලානං අඤ්ඤතරස්මිං. පච්චාජාතොති පතිජාතො. තථාගතෙ සද්ධං පටිලභතීති පරිසුද්ධං ධම්මං සුත්වා ධම්මස්සාමිම්හි තථාගතෙ “සම්මාසම්බුද්ධො වත සො භගවා”ති සද්ධං පටිලභති. ඉති පටිසඤ්චික්ඛතීති එවං පච්චවෙක්ඛති. සම්බාධො ඝරාවාසොති සචෙපි සට්ඨිහත්ථෙ ඝරෙ යොජනසතන්තරෙපි වා ද්වෙ ජායම්පතිකා වසන්ති, තථාපි නෙසං සකිඤ්චනසපලිබොධට්ඨෙන ඝරාවාසො සම්බාධොයෙව. රජොපථොති රාගරජාදීනං උට්ඨානට්ඨානන්ති මහාඅට්ඨකථායං වුත්තං. ආගමනපථොතිපි වත්තුං වට්ටති. අලග්ගනට්ඨෙන අබ්භොකාසො වියාති අබ්භොකාසො. පබ්බජිතො හි කූටාගාරරතනපාසාදෙ ච දෙවවිමානාදීසු ච සුපිහිතද්වාරවාතපානෙසු පටිච්ඡන්නෙසු වසන්තොපි නෙව ලග්ගති, න සජ්ජති, න බජ්ඣති. තෙන වුත්තං – “අබ්භොකාසො පබ්බජ්ජා”ති.
අඤ්ඤතරසාර වා ඉතිරි කුලවල එක්තරා එකක උපන්. තථාගතෙ සද්ධිං පටිලභති පිරිසිදු දහම් අසා ධර්ම ස්වාමි වූ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ යයි ශ්‍රද්ධා ඇතිවෙයි. ඉති පටිසඤ්චික්ඛති මෙසේ ප්රත්යවෙක්ෂා කරයි. සම්බාධො ඝරාවාසො ඉදින් හැටරියන් ගෙයි යොදුන් සියයක් අතර දම්පතීහු වෙසෙති. එසේ වුවද ඔවුන්ගේ කෙලෙස් පලිබෝධ අර්ථයෙන් ගිහිගෙයි වාසය සම්බාධ වේමය. රජාපථො රාග ඇලීම් ආදියෙන් නැගිටිය නොහැකි යයි මහ අටුවාවෙහි කියන ලදී. ආගමන පථයයි කීමට ද වටී. නො ඇලීම් අර්ථයෙන් අභ්‍යවකාශය වැනි යයි අබ්භොකාසො. පැවිද්දා කුළුගෙවල් රුවන් පහයෙහි ද දේව විමානාදියෙහි ද මනාව වඩන ලද දොර ජනෙල්වලින් පිළිසන්ව වසන්නේ ද නො ඇලේ. නො සැරසේ. නො බැඳේ. එයින් කියන ලදී. අබ්භොකාසො පබ්බජ්ජා යයි.
අපිච – සම්බාධො ඝරාවාසො කුසලකිරියාය ඔකාසාභාවතො. රජොපථො අසංවුතසඞ්කාරට්ඨානං විය රජානං කිලෙසරජානං සන්නිපාතට්ඨානතො. අබ්භොකාසො පබ්බජ්ජා කුසලකිරියාය යථාසුඛං ඔකාසසම්භාවතො. නයිදං සුකරං…පෙ… පබ්බජෙය්යන්ති එත්ථ අයං සඞ්ඛෙපකථා – යදෙතං සික්ඛත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං. එකදිවසම්පි ච කිලෙසමලෙන අමලිනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං. සඞ්ඛලිඛිතං ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං…පෙ… චරිතුං – “යංනූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා පරිදහිත්වා අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්ය”න්ති. එත්ථ ච යස්මා අගාරස්ස හිතං කසිවාණිජ්ජාදිකම්මං “අගාරිය”න්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි, තස්මා පබ්බජ්ජා “අනගාරිය”න්ති ඤාතබ්බා. තං අනගාරියං. පබ්බජෙය්යන්ති පටිපජ්ජෙය්යං. අප්පං වාති සහස්සතො හෙට්ඨා භොගක්ඛන්ධො අප්පො නාම හොති, සහස්සතො පට්ඨාය මහා. අබන්ධනට්ඨෙන ඤාතියෙව ඤාතිපරිවට්ටො. සොපි වීසතියා හෙට්ඨා අප්පො හොති, වීසතියා පට්ඨාය මහා.
තවද සම්බාධො ඝරාවාසො කුශල ක්‍රියාවලම අවකාශ නැති බැවින්. රජාපථො වසන ලද කසල ගොඩක් මෙන් කෙලෙස් ඇලීම් එකතුවන ස්ථානය හෙයින්. අච්චොකාසො පබ්බජ්ජා කුසල ක්‍රියාවල සුවසේ අවකාශ ඇති බැවින්. නයිදං සුකරං....පබ්බජෙය්යං මෙහි මේ සංක්ෂෙප කථාවය. ඒ මේ ශික්ෂා තුනෙන් යුත් බ්‍රහ්ම චර්යාව නොකඩකොට එක දවසක් පසුව සිත පැමිණවීම සඳහා එකන්ත පරිපුණ්ණං වේ. කෙලෙස් මලවලින් පිරිසිදුකොට එකම දවසක් පසුව සිත පැමිණවීම සඳහා එකත්ත පරිසුද්ධං වේ. සංඛ ලිඛිතං ලියූ එක හා සමාන දෙවූ සක මෙන් හැසිරිය යුතුය. මෙය පහසු නොවේ. අගාරං අජ්ඣාවසතා ගිහිගෙයි වසන්නා විසින් ඒකාන්ත පරිපූර්ණව හැසිරීමට. යන්නූනාහං කෙස් රැවුල් බා කහපාට බැවින් කසාය බ්‍රහ්ම චර්යාවේ හැසිරෙන්නාට සුදුසු වූ වත්ථානි අච්ඡාදෙත්වා වස්ත්‍ර ඇඳ නික්මී. අනගාරියං පබ්බජෙය්යං මෙහි ගිහිගෙට හිත වූ කෘෂි වණික් ආදි කර්ම අගාරිය යයි කියනු ලැබේ. ඒවා පැවිද්දෙහි නැත. එනිසා පැවිද්ද අනගාරි යයි දැනගත යුතුය. ඒ අනගාරියං පබ්බජෙය්යං පිළිපදින්නේය. අප්පං වා දහසකින් පහළ භෝග ස්කන්ධය අප්ප නම් වේ. දහසේ පටන් මහා වේ. බැඳීම් අර්ථයෙන්ම ඤාතීන්ම ඤාතිපරිම්මො වේ. එය විස්සෙන් පහළ අප්ප වේ. විස්සේ සිට මහා වේ.
භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නොති යා භික්ඛූනං අධිසීලසඞ්ඛාතා සික්ඛා, තඤ්ච. යත්ථ චෙතෙ සහ ජීවන්ති, එකජීවිකා සභාගවුත්තිනො හොන්ති, තං භගවතා පඤ්ඤත්තසික්ඛාපදසඞ්ඛාතං සාජීවඤ්ච. තත්ථ සික්ඛනභාවෙන සමාපන්නොති භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො. සමාපන්නොති සික්ඛං පරිපූරෙන්තො සාජීවඤ්ච අවීතික්කමන්තො හුත්වා තදුභයං උපගතොති අත්ථො. පාණාතිපාතං පහායාතිආදීසු පාණාතිපාතාදිකථා හෙට්ඨා විත්ථාරිතා එව. පහායාති ඉමං පාණාතිපාතචෙතනාසඞ්ඛාතං දුස්සීල්යං පජහිත්වා. පටිවිරතො හොතීති පහීනකාලතො පට්ඨාය තතො දුස්සීල්යතො ඔරතො විරතොව හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථොති පරූපඝාතත්ථාය දණ්ඩං වා සත්ථං වා ආදාය අවත්තනතො නික්ඛිත්තදණ්ඩො චෙව නික්ඛිත්තසත්ථො චාති අත්ථො. එත්ථ ච ඨපෙත්වා දණ්ඩං, සබ්බම්පි අවසෙසං උපකරණං සත්තානං විනාසනභාවතො ‘සත්ථ’න්ති වෙදිතබ්බං. යං පන භික්ඛූ කත්තරදණ්ඩං වා දන්තකට්ඨවාසිං වා පිප්ඵලිකං වා ගහෙත්වා විචරන්ති, න තං පරූපඝාතත්ථාය. තස්මා නිහිතදණ්ඩා නිහිතසත්ථාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. ලජ්ජීති පාපජිගුච්ඡනලක්ඛණාය ලජ්ජාය සමන්නාගතො. දයාපන්නොති දයං මෙත්තචිත්තතං ආපන්නො. සබ්බපාණභූතහිතානුකම්පීති සබ්බෙ පාණභූතෙ හිතෙන අනුකම්පකො. තාය දයාපන්නතාය සබ්බෙසං පාණභූතානං හිතචිත්තකොති අත්ථො. විහරතීති ඉරියති, පාලෙති.
භික්ඛූනං සික්ඛාසාජීව සමාපන්නො භික්ෂූන්ගේ අධිශීල සංඛ්‍යාත යම් ශික්ෂා. එයද මෙය සමග ජීවත් වෙයි. එක් ජීවිකාවක් සමග පැවැත්ම වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් පැනවූ ශික්ෂාපද සංඛ්‍යාත ඒ සහජීවය ද, එහි ශික්ෂණ භාවයෙන් සම්පන්න යයි භික්ෂූන්ගේ සික්ඛා සාජීව සමාපන්න වේ. ශික්ෂාව සම්පූර්ණ කරන්නේ සාජීවය ද ව්‍යතික්‍රමණය නොවී ඒ දෙකම පැමිණියේ නම් අර්ථයයි. පාණාතිපාතං පහාය ආදියෙහි පාණඝාතාදි කථා යට විස්තර කරන ලදී. පහාය මේ ප්‍රාණඝාත දුසිල්බව දුරුකොට පටිවිරතො හොති ප්‍රහීන කාලයේ සිට ඒ දුසිල්බවින් මෙපිටින් වෙන් වූයේ වේ. නිහිත දණ්ඩො නිහිතසෙත්ථා අනුන් නැසීම සඳහා පොල්ලක් හෝ ආයුධයක් හෝ ගෙන විනාශ කිරීම පිණිස තබන ලද දණ්ඩ හෝ තබන ලද ආයුධය යන අර්ථයයි. මෙහි දණ්ඩ හැර සෙසු සියළු උපකරණ සතුන් විනාශ කිරිම් ස්වභාවයෙන් සස්ත්‍ර යයි දතයුතුය. භික්ෂුව යම් සැරයටි දණ්ඩක් හෝ දැහැටි දණ්ඩක් හෝ කතුරු දණ්ඩක් ගෙන හැසිරේ. එය අනුන් නැසීම පිණිස නොවේ. එහෙයින් තබන ලද දණ්ඩම තබන ලද ආයුධයම ඒ සංඛ්‍යාවට යයි. ලජ්ජී - පව පිළිකුල් කරන ලක්ෂණය වූ ලජ්ජාවෙන් යුක්ත. දයාපන්නො මෙත් සිත පැමිණි. සබ්බාපාණභූත හිතානුකම්පී සියළු සතුන් කෙරෙහි දියුණුවෙන් අනුකම්පා කරන්නා. ඒ දයාවෙන් සියළු සතුන්ට යහපත උදාකරන සිතැත්තේ යන අර්ථයයි. විහරති ඉරියව් පවත්වයි.
දින්නමෙව ආදියතීති දින්නාදායී. චිත්තෙනපි දින්නමෙව පටිකඞ්ඛතීති දින්නපාටිකඞ්ඛී. ථෙනෙතීති ථෙනො. න ථෙනෙන අථෙනෙන. අථෙනත්තායෙව සුචිභූතෙන. අත්තනාති අත්තභාවෙන. අථෙනං සුචිභූතං අත්තභාවං කත්වා විහරතීති වුත්තං හොති.
දෙන ලද දේම ගන්නා ලද්දේ දින්නදායී වේ. සිතින් දෙන දෙයම කැමති වෙයි. දින්නපාටිකංඛී වේ. සොරකම් කෙරේනුයි ථෙන. සොරකම් නොකිරීමෙන් අථෙන්තෙ වේ. සොරකම් නොකරන බැවින් සුචිභුතෙන වේ. අත්තනා ආත්ම භාවයෙන් ඉක්බිති ඔහු පිරිසිදු ආත්මභවක් ඇතිව වාසය කෙරේ යයි කියන ලද්දේ වේ.
අබ්රහ්මචරියන්ති අසෙට්ඨචරියං. බ්රහ්මං සෙට්ඨං ආචාරං චරතීති බ්‍රහ්මචාරී. ආරාචාරීති අබ්රහ්මචරියතො දූරචාරී. මෙථුනාති රාගපරියුට්ඨානවසෙන සදිසත්තා මෙථුනකාති ලද්ධවොහාරෙහි පටිසෙවිතබ්බතො මෙථුනාති සඞ්ඛං ගතා අසද්ධම්මා. ගාමධම්මාති ගාමවාසීනං ධම්මා.
අබ්රහ්මචරියං ශ්‍රේෂ්ඨ නොවූ හැසිරිම. බ්රහ්මං ශ්‍රේෂ්ඨ ආචාරයෙහි හැසිරෙයි. බ්‍රහ්මචාරී වේ. ආරාචාරී අබ්‍රහ්මචරියාවෙන් දුරු වූ. මෙථුනා - රාගය නැගිටීම් වශයෙන් සමාන බැවින් මෙථුනක යයි ලද ව්‍යවහාරයෙන් සෙවිය යුතු බැවින් මෙථුන යයි සංඛ්‍යාවට කියන ලදී. අසද්ධර්මයයි. ගාමධම්මා ග්‍රාමවාසීන්ගේ ධර්මයයි.
සච්චං වදතීති සච්චවාදී. සච්චෙන සච්චං සන්දහති ඝටෙතීති සච්චසන්ධො. න අන්තරන්තරා මුසා වදතීති අත්ථො. යො හි පුරිසො කදාචි මුසා වදති, කදාචි සච්චං, තස්ස මුසාවාදෙන අන්තරිතත්තා සච්චං සච්චෙන න ඝටීයති, තස්මා න සො සච්චසන්ධො. අයං පන න තාදිසො. ජීවිතහෙතුපි මුසා අවත්වා සච්චෙන සච්චං සන්දහතියෙවාති සච්චසන්ධො. ථෙතොති ථිරො, ථිරකථොති අත්ථො. එකො හි පුග්ගලො හලිද්දිරාගො විය, ථුසරාසිම්හි නිඛාතඛාණුකො විය, අස්සපිට්ඨෙ ඨපිතකුම්භණ්ඩමිව ච, න ථිරකථො හොති. එකො පාසාණලෙඛා විය, ඉන්දඛීලො විය ච ථිරකථො හොති. අසිනා සීසෙ ඡින්දන්තෙපි ද්වෙ කථා න කථෙති. අයං වුච්චති ථෙතො. පච්චයිකොති පත්තියායිතබ්බකො, සද්ධායිකොති අත්ථො. එකච්චො හි පුග්ගලො න පච්චයිකො හොති. ‘ඉදං කෙන වුත්තං? අසුකෙනා’ති වුත්තෙ ‘මා තස්ස වචනං සද්දහථා’ති වත්තබ්බතං ආපජ්ජති. එකො පච්චයිකො හොති. ‘ඉදං කෙන වුත්තං? අසුකෙනා’ති වුත්තෙ ‘යදි තෙන වුත්තං, ඉදමෙව පමාණං, ඉදානි උපපරික්ඛිතබ්බං නත්ථි, එවමෙව ඉද’න්ති වත්තබ්බතං ආපජ්ජති. අයං වුච්චති පච්චයිකො. අවිසංවාදකො ලොකස්සාති තාය සච්චවාදිතාය ලොකං න විසංවාදෙතීති අත්ථො.
සත්‍ය කියා නය සච්චවාදී වේ. සත්‍යයෙන් සත්‍ය ගළපයි. ගටයි සච්චසන්ධො වේ. අතරින් පතරවත් බොරු නොකියයි යන අර්ථයයි. යම් පුරුෂයෙක් ඇතැම්විට බොරු කියයි. ඇතැම්විට ඇත්ත කියයි. ඔහු බොරුකීමෙන් අන්තරිත බැවින් සත්‍යයෙන් සත්‍ය නොගලපයි. එනිසා ඔහු සච්චසන්ධ නොවේ. මෙය වනාහි එබඳු ජීවිත හේතුවෙන්වත් බොරු නොකියා සත්‍යයෙන් සත්‍යය ගළපයි යනුම සච්ච සන්ධො වේ. ථෙතො ස්ථිරව සිටියේය යන අර්ථයයි. එක් පුද්ගලයෙක් කහ වර්ණය මෙන් (හලිද්දි රාගො විය.) දහයියා ගොඩේ සිටවූ කණුවක් මෙන්. අසුපිටේ තබන ලද පුහුල් ගෙඩියක් මෙන් ස්ථිර නොවේ. එකෙක් ගලේ කෙටූ අකුරන් මෙන් ඉන්ද්‍රඛීලයක් මෙන් ස්ථිරය. කඩුවෙන් හිස සිඳිද්දිත් කථා දෙකක් නොකියයි. මොහු ථෙත යයි කියනු ලැබේ. පච්චයිකො විශ්වාස කළයුතු, ශ්‍රද්ධාව ඇතිකර ගැනීම යන අර්ථයයි. එක් පුද්ගලයෙක් විශ්වාසය ඇති නොවේ. මෙය කවුරුන් කියන ලදද? අසවලා විසින් යයි කී කල්හි එසේ නම් ඔහු විසින් කියන ලදී. මෙයම ප්‍රමාණය. දැන් පරීක්ෂා කිරීමට දෙයක් නැත. මෙය මෙසේ යයි කිවයුතු බවට පැමිණේ. මේ තෙමේ විචාරයිකයා යයි කියනු ලැබේ. අවිසංවාදකො ලොකස්ස ඒ සත්‍යවාදී භවයෙන් ලෝකය විරුද්ධ වාදයක් නැතැයි යන අර්ථයයි.
ඉමෙසං භෙදායාති යෙසං ඉතො සුත්වාති වුත්තානං සන්තිකෙ සුතං, තෙසං භෙදාය. භින්නානං වා සන්ධාතාති ද්වින්නං මිත්තානං වා සමානුපජ්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින්නානං එකමෙකං උපසඞ්කමිත්වා – ‘තුම්හාකං ඊදිසෙ කුලෙ ජාතානං, එවං බහුස්සුතානං ඉදං න යුත්ත’න්තිආදීනි වත්වා සන්ධානං කත්තා. අනුප්පදාතාති සන්ධානානුප්පදාතා. ද්වෙ ජනෙ සමග්ගෙ දිස්වා – ‘තුම්හාකං එවරූපෙ කුලෙ ජාතානං, එවරූපෙහි ගුණෙහි සමන්නාගතානං අනුච්ඡවිකමෙත’න්තිආදීනි වත්වා දළ්හීකම්මං කත්තාති අත්ථො. සමග්ගො ආරාමො අස්සාති සමග්ගාරාමො. යත්ථ සමග්ගා නත්ථි, තත්ථ වසිතුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගරාමොතිපි පාළි. අයමෙව අත්ථො. සමග්ගරතොති සමග්ගෙසු රතො. තෙ පහාය අඤ්ඤත්ර ගන්තුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගෙ දිස්වාපි සුත්වාපි නන්දතීති සමග්ගනන්දී. සමග්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත්තෙ සමග්ගෙයෙව කරොති, තං සාමග්ගීගුණපරිදීපකමෙව වාචං භාසති, න ඉතරන්ති.
ඉමෙසං භෙදාය යමක් මෙසේ නම් කියන ලද්දවුන්ගේ සමීපයෙහි ඔවුන්ගේ භේදය සඳහා අසන ලදී. භින්නං වා සන්ධාතා මිතුරන් දෙදෙනෙකුගේ හෝ සමාන උපාධ්යායකාදීන්ගේ (එක උපාධ්යායකුගේ ශිෂ්‍යයන් අතර) හෝ කිසියම් කරුණකින් බිඳුනවුන්ගේ එක් එක්කෙනා වෙත එළඹ, ඔබ මෙබඳු කුලයක ඉපදී, බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව මෙය සුදුසු නොවේ යයි ආදිය කියා සමගි කරන ලදී. අනුප්පාදාතා සමගිය තහවුරු කළ. දෙදෙනෙකුගේ සමගිය දැක මෙබඳු කුලයක ඉපදුණු මෙබඳු ගුණවලින් යුත් මෙය ඔබට සුදුසු යයි ආදිය කියා ක්‍රියාව දැඩිකළා යන අර්ථයයි. සමගි වූ ආරාමය මොහුට වේයයි සමග්ගාරාමො වේ. යම්තැනක සමගිය නැත්නම් එහි විසීමද කැමති නොවේ යන අර්ථයයි. සසමග්ගරතො සමගි වූවන් කෙරෙහි ඇලීම. ඔවුන් හැර වෙන තැනකට යෑමට කැමති නොවේ යන අර්ථයයි. සමගි වූවන් දැක ද අසා ද සතුටුවේ යයි සමග්ග නන්දී වේ. සමග්ගකරණිංවාචා භාසිකා යම් වදනකින් සතුන් සමගි කෙරේද? ඒ සමගි ගුණය දැක්වීමට සඳහා වචන කථා කරයි. වෙන කථා නොකරයි.
කාලෙන වදතීති කාලවාදී. වත්තබ්බයුත්තකාලං සල්ලක්ඛෙත්වා වදතීති අත්ථො. භූතං තථං තච්ඡං සභාවමෙව වදතීති භූතවාදී. දිට්ඨධම්මිකසම්පරායිකත්ථසන්නිස්සිතමෙව කත්වා වදතීති අත්ථවාදී. නවලොකුත්තරධම්මසන්නිස්සිතං කත්වා වදතීති ධම්මවාදී. සංවරවිනයපහානවිනයසන්නිස්සිතං කත්වා වදතීති විනයවාදී. නිධානං වුච්චති ඨපනොකාසො. නිධානමස්ස අත්ථීති නිධානවතී. හදයෙ නිධාතබ්බයුත්තකං වාචං භාසිතාති අත්ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච “අහං නිධානවතිං වාචං භාසිස්සාමී”ති න අකාලෙන භාසති. යුත්තකාලං පන සල්ලක්ඛෙත්වාව භාසතීති අත්ථො. සාපදෙසන්ති සඋපමං, සකාරණන්ති අත්ථො. පරියන්තවතින්ති පරිච්ඡෙදං දස්සෙත්වා. යථාස්සා පරිච්ඡෙදො පඤ්ඤායති, එවං භාසතීති අත්ථො. අත්ථසංහිතන්ති අනෙකෙහිපි නයෙහි විභජන්තෙන පරියාදාතුං අසක්කුණෙය්යතාය අත්ථසම්පන්නං භාසති. යං වා සො අත්ථවාදී අත්ථං වදති, තෙන අත්ථෙන සංහිතත්තා අත්ථසංහිතං වාචං භාසති. න අඤ්ඤං නික්ඛිපිත්වා අඤ්ඤං භාසතීති වුත්තං හොති.
කාලය සුදුසු දේ කියයි යනු කාලවාදී වේ. කිවයුතු කාලය සලකා කියයි යන අර්ථයයි. තිබෙන සත්‍ය වූ ස්වභාවයම කියයි යනු භූතවාදී වේ. මෙලොව පරලොව ඇසුරුකොට කියයි යනු අත්ථවාදි වේ. නව ලොවුතුරා දහම් ඇසුරෙන් කියයි යනු ධම්මවාදීති සංවර විනය නය ඇසුරුකොට කියයි යනු විනයවාදී වේ. තබන අවකාශය නිධාන යයි කියනු ලැබේ. නිධානය මොහුට ඇත්තේය යනු නිධානවතී වේ. සිත තබාගත යුතු වචනයක් කියන ලදැයි යන අර්ථයයි. කාලෙන යනු මෙබඳු වචනයක් කියන්නේද? මම නිධානවතී වචනයක් කියන්නෙමියි අකාලයේ නො කියයි. සුදුසු තාල සලකාම කියයි යන අර්ථයයි. සාපදෙසං උපමා සහිත කරුණු සහිත යන අර්ථයයි. පරියත්තවතීනං දක්වන කොටස පැහැදිලි වනතුරු කියයි යන අර්ථයයි. අත්ථ සංහිතං නොයෙක් ආකාරයෙන් අර්ථ සහිතව කියයි. අනිකක් තබා අනිකක් නොකියතියි කියන ලද්දේ වේ.
බීජගාමභූතගාමසමාරම්භාති මූලබීජං, ඛන්ධබීජං, ඵළුබීජං, අග්ගබීජං බීජබීජන්ති පඤ්චවිධස්ස බීජගාමස්ස චෙව යස්ස කස්සචි නීලතිණරුක්ඛාදිකස්ස භූතගාමස්ස ච සමාරම්භා. ඡෙදනභෙදනපචනාදිභාවෙන විකොපනා පටිවිරතොති අත්ථො. එකභත්තිකොති පාතරාසභත්තං, සායමාසභත්තන්ති ද්වෙ භත්තානි. තෙසු පාතරාසභත්තං අන්තොමජ්ඣන්හිකෙන පරිච්ඡින්නං. ඉතරං මජ්ඣන්හිකතො උද්ධං අන්තොඅරුණෙන. තස්මා අන්තොමජ්ඣන්හිකෙ දසක්ඛත්තුං භුඤ්ජමානොපි එකභත්තිකොව හොති. තං සන්ධාය වුත්තං – එකභත්තිකොති. රත්තියා භොජනං රත්ති, තතො උපරතොති රත්තූපරතො. අතික්කන්තෙ මජ්ඣන්හිකෙ යාව සූරියසත්ථඞ්ගමනා භොජනං විකාලභොජනං නාම, තතො විරතත්තා විරතො විකාලභොජනා. සාසනස්ස අනනුලොමත්තා විසූකං පටාණීභූතං දස්සනන්ති විසූකදස්සනං. අත්තනා නච්චනනච්චාපනාදිවසෙන නච්චා ච ගීතා ච වාදිතා ච අන්තමසො මයූරනච්චනාපනාදිවසෙනපි පවත්තානං නච්චාදීනං විසූකභූතා දස්සනා චාති නච්චගීතවාදිතවිසූකදස්සනා. නච්චාදීනි හි අත්තනා පයොජෙතුං වා පරෙහි පයොජාපෙතුං වා යුත්තානි පස්සිතුං වා නෙව භික්ඛූනං න භික්ඛුනීනං වට්ටන්ති. මාලාදීසු – මාලාති යංකිඤ්චි පුප්ඵං. ගන්ධන්ති යංකිඤ්චි ගන්ධජාතං. විලෙපනන්ති ඡවිරාගකරණං. තත්ථ පිළන්ධන්තො ධාරෙති නාම. ඌනට්ඨානං පූරෙන්තො මණ්ඩෙති නාම. ගන්ධවසෙන ඡවිරාගවසෙන ච සාදියන්තො විභූසෙති නාම. ඨානං වුච්චති කාරණං. තස්මා යාය දුස්සීල්යචෙතනාය තානි මාලාධාරණාදීනි මහාජනො කරොති, තතො පටිවිරතොති අත්ථො. උච්චාසයනං වුච්චති පමාණාතික්කන්තං. මහාසයනං අකප්පියසන්ථතං, තතො පටිවිරතොති අත්ථො. ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති කහාපණො, ලොහමාසකො, ජතුමාසකො, දාරුමාසකොති යෙ වොහාරං ගච්ඡන්ති. තස්ස උභයස්සාපි පටිග්ගහණා පටිවිරතො, නෙව නං උග්ගණ්හාති, න උග්ගණ්හාපෙති, න උපනික්ඛිත්තං සාදියතීති අත්ථො.
බීජගාම භූතගාම සමාරම්භා මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ගබීජ, බීජ බීජ යන පස්ආකාර වූ බීජගාමයේ ද යම්කිසි නිල් තණ රුක් ආදි භූත ගාමයේ ද සිඳින තවන ආදියෙන් විනාශ කිරීමෙන් වෙන්වෙයි යන අර්ථයයි. එකභත්තිකො පාතරාස බත සායමාස බත යයි බත් දෙකක් ඇත. එයින් පාතරාස බත මධ්‍යාහ්නයෙන් අවසන් වේ. අනික මධ්‍යාහ්නයේ සිට අරුණ නැගෙන තුරු වේ. එහෙයින් මධ්‍යාහ්නය වනතුරු දසවරක් වළඳන්නේ ද එකභත්තික වේ. එකභත්තික යයි ඒ සඳහා කියන ලදී. රාත්‍රී භෝජනය රත්ති වේ. එයින් වෙන්වූයේ රත්තුපරතො වේ. මධ්‍යාහ්නය ඉක්මවා ඉර බසිනතුරු භෝජය විකාල භෝජනය නම් වේ. එයින් වෙන්වන ලද බැවින් විරතො විකාලභොජනා වේ. සාසනයට අනුලොම් නොවූ විසුළු විරුද්ධ දැක්වීම් විසූක දස්සන වේ. තමාම නටන, නැටවීම් වශයෙන් නැටීම (නෘත්‍යය) ද ගී ද වැයුම් ද යටත්පිරිසෙන් මොනර නැටුම් ආදි වශයෙන් ද පවත්වන නැටීම් ආදියේ විසුළු වූ දැකීම් යයි නච්චගීතවාදිත විසූක දස්සනා වේ. නෘත්‍යාදිය තමා යෙදීමට හෝ අනුන් යෙදවීමට හෝ යුක්ත වූ ඒවා දැකීමට හෝ භික්ෂූන්ට මෙන්ම භික්ෂුණීන්ට ද නොවටී. මාලාදියෙහි මාලා යයි යම්කිසි මල්ය. ගන්ධං යම්කිසි සුවඳ වර්ගයකි. විලෙපනං සව් වර්ණ කරන. එහි පිලන්‍ධන යනු දැරිමකි. අඩුතැන් පුරවන්නේ මණ්ඩෙකි වේ. සුවඳ වශයෙන් සහ සම පාට කිරීම් වශයෙන් හෝ ඉවසන්නේ විභූසෙති වේ. ඨාන යනු කාරණ යයි කියනු ලැබේ. එනිසා යම් දුසිල් බවකින් ඒ මල් දැරීම් ආදිය මහජනයා කරයි. එයින් වැලකුනේ, වෙන්වූයේය යන අර්ථයයි. උච්චාසයන ප්‍රමාණය ඉක්මවූ ආසන, මහාසයන අකැප සන්ථත (ඇතිරි) එයින් වෙන්වූයේය යන අර්ථය වේ. ජාතරූපං ස්වර්ණ. රජතං කහවණු, ලොහවාසක, ඡතුමාසක, දාරුමාසක යයි ව්‍යවහාරයට යයි. එය ක්‍රම දෙකින්ම පිළිගැනීමෙන් වෙන්වූයේ, ගැනීමෙන් හෝ ගැනීමෙන් තොරවූයේ වෙත තබන ලද විට ද නො ඉවසයි.
ආමකධඤ්ඤපටිග්ගහණාති සාලිවීහියවගොධුමකඞ්ගුවරකකුද්රූසකසඞ්ඛාතස්ස සත්තවිධස්සාපි ආමකධඤ්ඤස්ස පටිග්ගහණා. න කෙවලඤ්ච එතෙසං පටිග්ගහණමෙව, ආමසනම්පි භික්ඛූනං න වට්ටතියෙව. ආමකමංසපටිග්ගහණාති එත්ථ අඤ්ඤත්ර ඔදිස්ස අනුඤ්ඤාතා ආමකමච්ඡමංසානං පටිග්ගහණමෙව භික්ඛූනං න වට්ටති, නො ආමසනං. ඉත්ථිකුමාරිකපටිග්ගහණාති එත්ථ ඉත්ථීති පුරිසන්තරගතා. ඉතරා කුමාරිකා නාම. තාසං පටිග්ගහණම්පි ආමසනම්පි අකප්පියමෙව. දාසිදාසපටිග්ගහණාති එත්ථ දාසිදාසවසෙනෙව තෙසං පටිග්ගහණං න වට්ටති. ‘කප්පියකාරකං දම්මි’, ‘ආරාමිකං දම්මී’ති එවං වුත්තෙ පන වට්ටති. අජෙළකාදීසුපි ඛෙත්තවත්ථුපරියොසානෙසු කප්පියාකප්පියනයො විනයවසෙන උපපරික්ඛිතබ්බො. තත්ථ ඛෙත්තං නාම යස්මිං පුබ්බණ්ණං රුහති. වත්ථු නාම යස්මිං අපරණ්ණං රුහති. යත්ථ වා උභයම්පි රුහති තං ඛෙත්තං. තදත්ථාය අකතභූමිභාගො වත්ථු. ඛෙත්තවත්ථුසීසෙන චෙත්ථ වාපිතළාකාදීනිපි සඞ්ගහිතානෙව.
ආමක ධඤ්ඤා පටිග්ගහණ හැල්, වී, යව, ගොයුම, තණහාල්, වරක (එනම් ධාන්‍ය) කුරහන් සංඛ්‍යාත සප්තවිධ ධාන්‍ය පිළිගැනීම, අතගෑම ද භික්ෂූන්ට නොවටී. ආමක මංස පටිග්ගහණ මෙහි අන්තැනක් උදෙසා අනුදත් අමු මස් මාලු පිළිගැනීමම භික්ෂූන්ට නොවටී. ආමසනයද සුදුසු නැත. ඉත්ථිකුමාරිකා පටිග්ගහණා මෙහි ස්ත්‍රිය පුරුෂාන්තරයට ගියාය. (විවාහ වී) ඉතිරිවන කුමරියෝය. ඔවුන් පිළිගැනීම ද ස්පර්ශ කිරීම ද අකැපය. දාසිදාස පටිග්ගහණ දැසි දසුන් වශයෙන් ඔවුන් පිළිගැනීම නොවටී. ‘කැපකරුවෙකු දෙමි, ආරාමිකයකු දෙමි’ කී කල්හි වනාහි වටී. අජඑළකයන් කෙරෙහි ද කෙත්වත් අවසන්හි කැප නොකැප විධි විනය විනය වශයෙන් පරීක්ෂා කළ යුතුය. එහි කෙත් නම් යම්තැනක පුබ්බණ්හ (වී ආදිය) වැඩේද, වත්ථු යන අපරණ්ණ (කුරහන් ආදි) වැඩේද ඒ තැන්ය. කෙත්වතු ශීර්ෂයෙන් මෙහි වැව් කළා ආදිය ද සංග්‍රහ විය.
දූතෙය්යං වුච්චති දූතකම්මං. ගිහීනං පහිතං පණ්ණං වා සාසනං වා ගහෙත්වා තත්ථ තත්ථ ගමනං . පහීණගමනං වුච්චති පරඝරං පෙසිතස්ස ඛුද්දකගමනං. අනුයොගො නාම තදුභයකරණං. තස්මා දූතෙය්යපහීණගමනානං අනුගොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කයවික්කයාති කයා ච වික්කයා ච. තුලාකූටාදීසු – කූටන්ති වඤ්චනං. තත්ථ තුලාකූටං නාම රූපකූටං, අඞ්ගකූටං ගහණකූටං, පටිච්ඡන්නකූටන්ති චතුබ්බිධං හොති. තත්ථ රූපකූටං නාම ද්වෙ තුලා සමරූපා කත්වා ගණ්හන්තො මහතියා ගණ්හාති, දදන්තො ඛුද්දිකාය දෙති. අඞ්ගකූටං නාම ගණ්හන්තො පච්ඡාභාගෙ හත්ථෙන තුලං අක්කමති, දදන්තො පුබ්බභාගෙ. ගහණකූටං නාම ගණ්හන්තො මූලෙ රජ්ජුං ගණ්හාති, දදන්තො අග්ගෙ. පටිච්ඡන්නකූටං නාම තුලං සුසිරං කත්වා අන්තො අයචුණ්ණං පක්ඛිපිත්වා ගණ්හන්තො තං පච්ඡාභාගෙ කරොති, දදන්තො අග්ගභාගෙ.
දූතෙය්යං දූත කර්මය කියයි. ගිහියන්ගේ පණිවිඩ, හසුන් ගෙන ඒ ඒ තැන්වලට යෑම. පහීණාගමන අන්‍ය ගෙවල්වලට යවන කුඩා ගමන. අනුයොගො ඉහත කරුණු දෙකම. එහෙයින් දූත ක්‍රියා පහිණාගමන අනුයෝගය යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. කය වික්කය මිලට ගැනීම සහ විකිණිම. හොර තරාදි ආදියෙහි කූටං වංචාව. තුලාකූටය රූපකුට, අංගකුට, ගහණකුට, පටිච්ඡත්තකුට යයි සතරාකාරය. එහි තුලාකුට නම් ගන්නකොට වැඩියෙන් ගනී. දෙනකොට අඩුවෙන් දෙයි. අංගකූට නම් ගන්නකොට පසසන් තරිදිය ඇඟිල්ලෙන් ඉක්මවයි. දෙනකොට ඉදිරියෙන් ඇඟිල්ලෙන් ඔබයි. ගහණකුට ගන්නවිට මුල ලණුවෙන් ගනියි. දෙනවිට අග ලණුවෙන් දෙයි. පටිච්ඡත්ත කූට නම් තරාදිය සිදුරුකර ඇතුළේ යකඩ කුඩු බහා ගන්නාවිට පසුභාගය කරයි. දෙනවිට අග භාගයෙනි.
කංසො වුච්චති සුවණ්ණපාති. තාය වඤ්චනං කංසකූටං. කථං? එකං සුවණ්ණපාතිං කත්වා අඤ්ඤා ද්වෙ තිස්සො ලොහපාතියො සුවණ්ණවණ්ණා කරොන්ති, තතො ජනපදං ගන්ත්වා කිඤ්චිදෙව අඩ්ඪකුලං පවිසිත්වා සුවණ්ණභාජනානි කිණථා’ති වත්වා අග්ඝෙ පුච්ඡිතෙ සමග්ඝතරං දාතුකාමා හොන්ති. තතො තෙහි ‘කථං ඉමෙසං සුවණ්ණභාවො ජානිතබ්බො’ති වුත්තෙ ‘වීමංසිත්වා ගණ්හථා’ති සුවණ්ණපාතිං පාසාණෙ ඝංසිත්වා සබ්බපාතියො දත්වා ගච්ඡන්ති.
කපස නම් රත්භාජනය. එයින් වංචාව කසකුට වේ. කෙසේද? එක් රන් භාජනයක් කොට තමන් ලෝහ භාජන දෙක තුනක් කරයි. ඒවායේ රන් ආලේප කරයි. ඉන්පසු ජනපදයට ගොස් කිසියම් මධ්‍යම කුලයකට පැමිණ රන්භාජන විකුණා ගන්නවාදැයි අසා වටිනාකම ඇසූවිට සමාන වටිනාකම දීමට කැමැත්තේ, රන්බව දැනගන්නේ කෙසේදැයි අසුවා විමසු ගනුවයි රන්භාජන ගලෙහි ගටා සියළු භාජන දී යයි.
මානකූටං නාම හදයභෙදසිඛාභෙදරජ්ජුභෙදවසෙන තිවිධං හොති. තත්ථ හදයභෙදො සප්පිතෙලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො හෙට්ඨා ඡිද්දෙන මානෙන ‘සණිකං ආසිඤ්චා’ති වත්වා අන්තොභාජනෙ බහුං පග්ඝරාපෙත්වා ගණ්හාති. දදන්තො ඡිද්දං පිධාය සීඝං පූරෙත්වා දෙති. සිඛාභෙදො තිලතණ්ඩුලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො සණිකං සිඛං උස්සාපෙත්වා ගණ්හාති. දදන්තො වෙගෙන පූරෙත්වා සිඛං ඡින්දන්තො දෙති. රජ්ජුභෙදො ඛෙත්තවත්ථුමිනනකාලෙ ලබ්භති. ලඤ්ජං අලභන්තා හි ඛෙත්තං අමහන්තම්පි මහන්තං කත්වා මිනන්ති.
මානකූටය හදය භේදය, සිඛා භේදය, රජ්ජුභේද වශයෙන් තුන් ආකාරය. එහි හදය භේදය ගිතෙල්, තෙල් ආදිය මනින කාලයෙහි ලැබේ. ඒවා ගන්නේ යට සිදුරෙන් මැනීමෙන් වහා වත්කරන්නැයි කියා ඇතුළු භාජනයෙහි බොහෝ වගුරුවා ගනියි. දෙන්නේ සිදුර වසා වහා පුරවා දෙයි. සිඛො භේදයෙහි තල, සහල් මනිනවිට ලැබේ. ඒවා ගනු ලබන්නේ වහා සිබාව ඔසවා ගනී. දෙන්නේ වේගයෙන් පුරවා සිඛාව බිඳ දෙයි. රජ්ජු භේදය කෙත් වතු මනිනවිට ලැබේ. අල්ලස් ලබන්නේ අතිමහත් කෙත මහත්කොට මනී.
උක්කොටනාදීසු – උක්කොටනන්ති අස්සාමිකෙ සාමිකෙ කාතුං ලඤ්ජග්ගහණං. වඤ්චනන්ති තෙහි තෙහි උපායෙහි පරෙසං වඤ්චනං. තත්රිදමෙකං වත්ථු – එකො කිර ලුද්දකො මිගඤ්ච මිගපොතකඤ්ච ගහෙත්වා ආගච්ඡති. තමෙකො ධුත්තො – “කිං භො මිගො අග්ඝති, කිං මිගපොතකො”ති ආහ. “මිගො ද්වෙ කහාපණෙ, මිගපොතකො එක”න්ති ච වුත්තෙ කහාපණං දත්වා මිගපොතකං ගහෙත්වා ථොකං ගන්ත්වා නිවත්තො , “න මෙ භො මිගපොතකෙන අත්ථො, මිගං මෙ දෙහී”ති ආහ. තෙන හි “ද්වෙ කහාපණෙ දෙහී”ති. සො ආහ – “නනු තෙ, භො, මයා පඨමං එකො කහාපණො දින්නො”ති? “ආම දින්නො”ති. ඉදම්පි මිගපොතකං ගණ්හ, එවං සො ච කහාපණො අයඤ්ච කහාපණග්ඝණකො මිගපොතකොති ද්වෙ කහාපණා භවිස්සන්තීති. සො “කාරණං වදතී”ති සල්ලක්ඛෙත්වා මිගපොතකං ගහෙත්වා මිගං අදාසීති.
උක්කෝටනාදියෙහි උක්කොටනං හිමියන් අහිමියන් කිරීමට අල්ලස් ගැනීම. වඤ්චනං ඒ ඒ උපායවලින් අනුන් වංචා කිරීම. එහිලා මේ කථා වස්තුවකි. එක් වැද්දෙක් වනාහි මුවකුද මුව පැටියෙකු ද ගෙන එයි. එක් ධූර්තයෙක් පින්වත, මුවා කීයක් අගීද? මුව පැටියා කීයක් අගීදැයි ඔහුගෙන් ඇසීය. මුවා කහවණු දෙකයි. පැටියා කහවණු එකයි. කහවණුවක් දී මුව පැටියා ගෙන ටිකදුරක් ගොස් නැවතී, මට මුව පැටියාගෙන් වැඩක් නැහැ. මට මුවා දෙන්න යයි ඉල්වීය. එහෙනම් කහවණු දෙකක් දෙන්නැයි කීය. මම කලින් කහවණු එකක් දුන්නා නේද? ඔව් දුන්නා. මේ මුව පැටියා ගන්න. මෙසේ ඒ කහවණුව හා මේ කහවණුවත් වටින මුව පැටියා හා කහවණු දෙකක් වේ. හේ කරුණු සහිත යයි සලකා මුවපැටියා ගෙන මුවා දුන්නේය.
නිකතීති යොගවසෙන වා මායාවසෙන වා අපාමඞ්ගං පාමඞ්ගන්ති, අමණිං මණීති, අසුවණ්ණං සුවණ්ණන්ති කත්වා පතිරූපකෙන වඤ්චනං. සාචියොගොති කුටිලයොගො. එතෙසංයෙව උක්කොටනාදීනමෙතං නාමං. තස්මා උක්කොටනසාචියොගො වඤ්චනසාචියොගො නිකතිසාචියොගොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙචි අඤ්ඤං දස්සෙත්වා අඤ්ඤස්ස පරිවත්තනං ‘සාචියොගො’ති වදන්ති. තං පන වඤ්චනෙනෙව සඞ්ගහිතං.
නිකති යනු යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ හවඩි නොවන දෙයක් හවඩියක් කරයි. මුදල් නොවූවක් මුදල් කරයි. ස්වර්ණ නොවූවත් ස්වර්ණ කොට ප්රතිරූපකයකින් වංචා කිරීමය. සාවියොගො වංක යෝගයි. මේවා උක්කොටනාදියටම නමකි. එහෙයින් උක්කොටන සාවියොග යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. අනිකක් දක්වා අනිකක පරිවර්තනය සාවි යෝගයයි. කිසිවෙක් කියති. එය වංචනයේම සංග්‍රහ කරන ලදී.
ඡෙදනාදීසු – ඡෙදනන්ති හත්ථච්ඡෙදනාදි. වධොති මාරණං. බන්ධොති රජ්ජුබන්ධනාදීහි බන්ධනං. විපරාමොසොති හිමවිපරාමොසො, ගුම්බවිපරාමොසොති දුවිධො. යඤ්හි හිමපාතසමයෙ හිමෙන පටිච්ඡන්නා හුත්වා මග්ගප්පටිපන්නං ජනං මුසන්ති, අයං හිමවිපරාමොසො. යං ගුම්බාදීහි පටිච්ඡන්නා මුසන්ති, අයං ගුම්බවිපරාමොසො. ආලොපො වුච්චති ගාමනිගමාදීනං විලොපකරණං. සහසාකාරොති සාහසිකකිරියා. ගෙහං පවිසිත්වා මනුස්සානං උරෙ සත්ථං ඨපෙත්වා ඉච්ඡිතභණ්ඩග්ගහණං. එවමෙතස්මා ඡෙදන…පෙ… සහසාකාරා පටිවිරතො හොති.
ඡේදනාදියෙහි ඡෙදනං යනු අත කැපීම් ආදිය. චධො මරණය. බන්ධො ලනු ආදියනේ බැඳීම. විපරාමොසො හිම විපරාමොස, ගුම්බ විපරාමොස යයි දෙයාකාරය. යමක හිම වැටෙන කාලයෙහි හිමෙන් වැසී මාර්ගයට පිවිසි ජනයා මුළා කරයි. මෙය හිම විපරාමොසයයි. යමක් පඳුරු ආදියෙන් වැසී මුළා කෙරේනුයි මෙය ගුම්බ විපරාමොසයයි. ආලොප ගම් නියම් පැහැර ගැනීම යයි කියනු ලැබේ. සහසාකාරො සාහසික ක්‍රියා. මෙසේ මේ ඡෙදන සහසාකරයෙන් වෙන්වූයේ වේ.
සො සන්තුට්ඨො හොතීති සො චතූසු පච්චයෙසු ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතො හොති. කායපරිහාරිකෙනාති කායං පරිහරණමත්තකෙන. කුච්ඡිපරිහාරිකෙනාති කුච්ඡිපරිහරණමත්තකෙන. සමාදායෙව පක්කමතීති අට්ඨවිධං භික්ඛු පරික්ඛාරමත්තකං සබ්බං ගහෙත්වාව කායපටිබද්ධං කත්වාව ගච්ඡති. “මම විහාරො පරිවෙණං උපට්ඨාකො”ති සඞ්ගො වා බද්ධො වා න හොති. සො ජියා මුත්තසරො විය යූථා පක්කන්තො, මත්තහත්ථී විය ඉච්ඡිතිච්ඡිතං සෙනාසනං වනසණ්ඩං රුක්ඛමූලං වනපත්ථං පබ්භාරං පරිභුඤ්ජන්තො එකොව තිට්ඨති, එකොව නිසීදති. සබ්බිරියාපථෙසු එකොව අදුතියො.
සො සන්තුට්ඨො හොති හේ සිව්පසයෙහි දොළොස් ආකාරයෙන් ඉතරීතර පච්චය සන්තෝෂ වශයෙන් යුක්ත වේ. කායපරිහාරිකෙන කාය පරිහරණ මාත්‍රයෙන්. කුච්ඡිපරිහාරිකෙත කුස පරිහරණ මාත්‍රයෙන්. සමාදායෙව පක්කමති අෂ්ටවිධ වූ භික්ෂු පරිෂ්කාර ශරීරයටම සියල්ල සම්බන්ධ කරගෙන යයි. මගේ විහාරය, කාමරය, උපස්ථායකයා යයි ඇලීමක් බැඳීමක් නැත. හේ දුකෙන් මිදුණු ඊට මෙන් රැළෙන් නික්මුණු මදැතා මෙන් කැමති කැමති සෙනසුන, ලඳු කැලෑව ගසමුල අරණ්‍යය, පර්වතය පරිභෝග කරමින් කෙනෙක් සිටගෙන සිටිති. කෙනෙක් හිඳගෙන සිටිති. සියළු ඉරියව්වල කෙනෙක් නොදෙවෙනිය.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 42);
සිව්දෙසම මෙතවෙයි - ලද දෙයින් සිත තුටුවන නැතිව බිය වෙරවඩන - කඟවෙනු සේ තනිව සරයි
එවං වණ්ණිතං ඛග්ගවිසාණකප්පතං ආපජ්ජති.
මෙසේ වර්ණනා කරන කඟවේණෙකු මෙන් පැමිණේ.
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො, “සෙය්යථාපී”තිආදිමාහ. තත්ථ පක්ඛී සකුණොති පක්ඛයුත්තො සකුණො. ඩෙතීති උප්පතති. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – සකුණො නාම “අසුකස්මිං පදෙසෙ රුක්ඛො පරිපක්කඵලො”ති ඤත්වා නානාදිසාහි ආගන්ත්වා නඛපක්ඛතුණ්ඩාදීහි තස්ස ඵලානි විජ්ඣන්තා විධුනන්තා ඛාදන්ති. “ඉදං අජ්ජතනාය, ඉදං ස්වාතනාය භවිස්සතී”ති තෙසං න හොති. ඵලෙ පන ඛීණෙ නෙව රුක්ඛස්ස ආරක්ඛං ඨපෙන්ති, න තත්ථ පත්තං වා නඛං වා තුණ්ඩං වා ඨපෙන්ති. අථ ඛො තස්මිං රුක්ඛෙ අනපෙක්ඛො හුත්වා යො යං දිසාභාගං ඉච්ඡති, සො තෙන සපත්තභාරොව උප්පතිත්වා ගච්ඡති. එවමෙව අයං භික්ඛු නිස්සඞ්ගො නිරපෙක්ඛොයෙව පක්කමති, තෙන වුත්තං සමාදායෙව පක්කමතීති. අරියෙනාති නිද්දොසෙන. අජ්ඣත්තන්ති සකෙ අත්තභාවෙ. අනවජ්ජසුඛන්ති නිද්දොසසුඛං.
දැන් එම අර්ථය උපමාවකින් දැක්වීමට සෙය්යථාපි යනාදිය කීහ. එහි පක්ඛිසකුණො පියාපත් ඇති කුරුල්ලා. ඩෙති ඉගිලෙයි. මෙය මෙහි සංක්ෂෙප අර්ථයයි. කුරුල්ලෝ අසවල් ප්‍රදේශයේ ගසක පැසුණු ගෙඩි ඇතැයි දැන නොයෙක් දිසාවලින් පැමිණ නිය පා හොටවලින් ඒ ගෙඩි විද කති. මෙය අදටය, මෙය හොටවලින් ඒ ගෙඩි විද කති. මෙය අදටය, මෙය හෙටටය යන්නක් ඔවුන්ට නැත. පල හීනවන විට ගසට ආරක්ෂා තැනේය. එහි පියාපත් හෝ නිය හෝ හොට හෝ නො තබති. ඒ ගස ගැන අපේක්ෂා නැතිව, කැමති දිසාවකට පියාපත් සහ ඉගිලී යයි. මේ භික්ෂුව ද එසේය. නොඇලී අපේක්ෂා රහිතවම යයි. අරියෙන නිර්දෝෂයෙන්.
සො චක්ඛුනා රූපං දිස්වාති සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො භික්ඛු චක්ඛුවිඤ්ඤාණෙන රූපං පස්සිත්වාති අත්ථො. සෙසපදෙසුපි යං වත්තබ්බං, තං සබ්බං හෙට්ඨා වුත්තමෙව. අබ්යාසෙකසුඛන්ති කිලෙසෙහි අනවසිත්තසුඛං. අවිකිණ්ණසුඛන්තිපි වුත්තං. ඉන්ද්රියසංවරසුඛඤ්හි දිට්ඨාදීසු දිට්ඨමත්තාදිවසෙන පවත්තතාය අවිකිණ්ණං හොති.
සො චක්ඛුනා රූපං දිස්වා මේ ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වූ භික්ෂුව චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක යන අර්ථයයි. සෙස්සෙහි ද යමක් කිවයුතු නම් ඒ සියල්ල යට කියන ලදමය. අබ්යාසෙක සුඛං කෙලෙසුන්ගෙන් නොතෙත් වූ සුවය. අවිකිණ්ණ සැප යයි ද කියන ලදී. ඉන්ද්රිය සංවර සැපයෙහි දක්නා ලද ආදියෙහි දුටු පමණින් ආදි වශයෙන් අවිකීර්ණ වේ.
සො අභික්කන්තෙ පටික්කන්තෙති සො මනච්ඡට්ඨානං ඉන්ද්රියානං සංවරෙන සමන්නාගතො භික්ඛු ඉමෙසු අභික්කන්තපටික්කන්තාදීසු සත්තසු ඨානෙසු සතිසම්පජඤ්ඤවසෙන සම්පජානකාරී හොති. තත්ථ යං වත්තබ්බං සියා, තං ඣානවිභඞ්ගෙ වුත්තමෙව.
සො අභික්කන්තෙ පටික්කන්තෙ හේ මනස සවැනිකොට ඇති ඉඳුරන්ගේ සංවරයෙන් යුක්ත වූ භික්ෂුව අභික්කන්ත පටික්කන්ත ආදී ස්ථාන සතෙහි සිහියෙන් දැනීම් වශයෙන් දැනීම් ඇත්තේ වේ. එහි කිවයුතු දේ ධ්‍යාන විභංගයෙහි කියන ලද්දේමය.
සො ඉමිනා චාතිආදිනා කිං දස්සෙති? අරඤ්ඤවාසස්ස පච්චයසම්පත්තිං දස්සෙති. යස්ස හි ඉමෙ චත්තාරො පච්චයා නත්ථි , තස්ස අරඤ්ඤවාසො න ඉජ්ඣති, තිරච්ඡානගතෙහි වා වනචරකෙහි වා සද්ධිං වත්තබ්බතං ආපජ්ජති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා “කිං එවරූපස්ස පාපභික්ඛුනො අරඤ්ඤවාසෙනා”ති භෙරවං සද්දං සාවෙන්ති. හත්ථෙහි සීසං පහරිත්වා පලායනාකාරං කරොන්ති . “අසුකො භික්ඛු අරඤ්ඤං පවිසිත්වා ඉදඤ්චිදඤ්ච පාපකම්මං අකාසී”ති අයසො පත්ථරති. යස්ස පනෙතෙ චත්තාරො පච්චයා අත්ථි, තස්ස අරඤ්ඤවාසො ඉජ්ඣති. සො හි අත්තනො සීලං පච්චවෙක්ඛන්තො කිඤ්චි කාළකං වා තිලකං වා අපස්සන්තො පීතිං උප්පාදෙත්වා තං ඛයතො වයතො සම්මසන්තො අරියභූමිං ඔක්කමති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා අත්තමනා වණ්ණං භාසන්ති. ඉතිස්ස උදකෙ පක්ඛිත්තතෙලබින්දු විය යසො විත්ථාරිකො හොති. විවිත්තන්තිආදීනි හෙට්ඨා වුත්තත්ථානෙව. සො එවං සමාහිතෙ චිත්තෙ…පෙ… යථාකම්මූපගෙ සත්තෙ පජානාතීති එත්තකෙ ඨානෙ යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තමෙව.
සො ඉමිනා ච යනාදියෙන් කුමක් දක්වයිද? අරණ්යවාසිකයාට ප්‍රත්‍ය සම්පත්තිය දක්වයි. යමෙකුට මේ ප්‍රත්‍ය සතර නැත්නම් ඔහුගේ අරණ්‍ය වාසය සමෘද්ධ නොවේ. තිරිසන්ගත සතුන් හෝ වනචාරින් හෝ සමග කිවයුතු බවට පැමිණේ. අරණ්‍යයට අධිගෘහිත දෙවිවරු එබඳු ආරණ්‍ය වාසයේ සිටින පවිටු භික්ෂුවට බියජනක ශබ්ද අස්සවති. අත්වලින් හිස පැහැර පලායන ආකාර කරති. අසවල් භික්ෂුව ආරණ්‍යයට පිවිස මේ මේ පව්කම් කෙළේ යයි නින්දා පතුරවයි. යමෙකුට මේ සිව්පසය ඇත්නම් ඔහුගේ ආරණ්‍යවාසය සමෘද්ධ වේ. හේ තමාගේ සීලය ප්රත්යවේක්ෂා කරන්නේ කිසි කලුවක් හෝ තිතක් හෝ නොදැක ප්‍රීතිය උපදවා එය ක්ෂය ව්‍යය වශයෙන් සම්මර්ශනය කරන්නේ ආර්යභූමියට පැමිණෙයි. ආරණ්‍යයේ අධිගෘහිත දෙවියෝ සතුටු වී වර්ණනා කරති. මෙසේ දියෙහි වැටුණු තෙල්බින්දු මෙන් යසස- කීර්තිය පැතිරුණේ වේ. විවිත්තං යනාදිය යට කියන ලද්දේය. සො එවං සමාහිතෙ චිත්තෙ.... යථා කම්මූපගෙ සත්තෙ පජානාති යන මෙහි කිවයුතු සියල්ල විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේය.
තතියවිජ්ජාය සො එවං සමාහිතෙ චිත්තෙති විපස්සනාපාදකං චතුත්ථජ්ඣානචිත්තං වෙදිතබ්බං. ආසවානං ඛයඤාණායාති අරහත්තමග්ගඤාණත්ථාය. අරහත්තමග්ගො හි ආසවානං විනාසනතො ආසවානං ඛයොති වුච්චති. තත්ර චෙතං ඤාණං තප්පරියාපන්නත්තාති. චිත්තං අභිනින්නාමෙතීති විපස්සනාචිත්තං අභිනීහරති. සො ඉදං දුක්ඛන්ති එවමාදීසු – “එත්තකං දුක්ඛං, න ඉතො භිය්යො”ති සබ්බම්පි දුක්ඛසච්චං සරසලක්ඛණප්පටිවෙධෙන යථාභූතං පජානාති, පටිවිජ්ඣති. තස්ස ච දුක්ඛස්ස නිබ්බත්තිකං තණ්හං – අයං දුක්ඛසමුදයොති; තදුභයම්පි යං ඨානං පත්වා නිරුජ්ඣති, තං තෙසං අප්පවත්තිං නිබ්බානං – අයං දුක්ඛනිරොධොති; තස්ස ච සම්පාපකං අරියමග්ගං – අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං පජානාති, පටිවිජ්ඣතීති – එවමත්ථො වෙදිතබ්බො.
තුන්වන විද්‍යාවෙන් නොඑවං සමාහිතෙ චිත්තෙ විදර්ශනා පාදක කොට ඇති සිව්වන දැහැන් සිත දතයුතුය. ආසවානං ඛය ඤාණාය රහත්මග ඤාණය සඳහා. අරහත්ත මාර්ගය ආශ්‍රවයන් විනාශ කිරීමෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය යයි කියනු ලැබේ. යමක් යම් තැනකට පැමිණ නිරුද්ධ වේද, එතැන මේ ඤාණය ඇතුළත් වේ. චිත්තං අභිනින්නාමෙති විදර්ශනා සිත පමුණුවයි. සො ඉදං දුක්ඛං මේ ආදියෙහි දුක මෙපමණය. සියළු දුක් මෙයින් බොහෝ නොවේ. ස්වකීය කෘත්‍ය ලක්ෂණ ප්‍රතිවේදයෙන් ඇති සැටි දනියි. අවබෝධ කරයි. ඒ දුක ඇතිකරන තෘෂ්ණාව අයං දුක්ඛ සමුදයො. ඒ දෙකම යම්තැනකට පැමිණ නිරුද්ධ වේ. එය ඒවායේ නොපැවැත්මයි. නිවීමයි. අයං දුක්ඛ නිරොධං ඊට පමුණුවන ආර්ය මාර්ගය. අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදා ස්වකීය කෘත්‍ය ලක්ෂණ ප්‍රතිවේදයෙන් ඇතිසේ දැනගනී. අවබෝධ කරයි. මෙසේ අර්ථය දතයුතුය.
එවං සරූපතො සච්චානි දස්සෙත්වා ඉදානි කිලෙසවසෙන පරියායතො දස්සෙන්තො ඉමෙ ආසවාතිආදිමාහ. තස්ස එවං ජානතො එවං පස්සතොති තස්ස එවං ජානන්තස්ස එවං පස්සන්තස්ස සහ විපස්සනාය කොටිප්පත්තං මග්ගං කථෙති. කාමාසවාති කාමාසවතො. විමුච්චතීති ඉමිනා මග්ගක්ඛණං දස්සෙති. විමුත්තස්මින්ති ඉමිනා ඵලක්ඛණං දස්සෙති. මග්ගක්ඛණෙ හි චිත්තං විමුච්චති, ඵලක්ඛණෙ විමුත්තං හොති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණන්ති ඉමිනා පච්චවෙක්ඛණඤාණං දස්සෙති. ඛීණා ජාතීතිආදීහි තස්ස භූමිං. තෙන හි ඤාණෙන සො පච්චවෙක්ඛන්තො ‘ඛීණා ජාතී’තිආදීනි පජානාති. වුසිතන්ති වුට්ඨං පරිවුට්ඨං කතං චරිතං නිට්ඨිතන්ති අත්ථො. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. පුථුජ්ජනකල්යාණකෙන හි සද්ධිං සත්ත සෙක්ඛා බ්රහ්මචරියවාසං වසන්ති නාම. ඛීණාසවො වුට්ඨවාසො. තස්මා සො අත්තනො බ්රහ්මචරියවාසං පච්චවෙක්ඛන්තො වුසිතං බ්රහ්මචරියන්ති පජානාති. කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාවසෙන සොළසවිධම්පි කිච්චං නිට්ඨාපිතන්ති අත්ථො. පුථුජ්ජනකල්යාණකාදයො හි තං කිච්චං කරොන්ති; ඛීණාසවො කතකරණීයො. තස්මා සො අත්තනො කරණීයං පච්චවෙක්ඛන්තො. “කතං කරණීය”න්ති පජානාති. නාපරං ඉත්ථත්තායාති “ඉදානි පුන එත්ථභාවාය එවං සොළසකිච්චභාවාය කිලෙසක්ඛයාය වා මග්ගභාවනාකිච්චං නත්ථී”ති පජානාති.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍ය දක්වා දැන් කෙලෙස් වශයෙන් පරිසායකින් දක්වන්නේ ඉමෙ ආසවා යනාදිය කීහ. එහි එවං ජාතතො එවං පස්සතො මෙසේ දැනගන්න බලන ඔහුට විපස්සනා සහිත මාර්ගය අවසානයට පැමිණෙන ලදැයි කියයි. කාමාසවා - කාම ආසවවලින් විමුච්චතී මෙසේ මෙයින් මාර්ග ක්ෂණය දක්වයි. විමුත්තස්මිං මෙසේ මෙයින් ඵල ලක්ෂණය පෙන්වයි. මාර්ග ක්ෂණයෙහි සිත මිදේ. ඵලක්ෂණයෙහි විමුක්තිය වේ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං මෙසේ මෙයින් සත්‍යය ප්රත්යවෙක්ෂා ඤාණං දක්වයි. ඛීණා ජාති යනාදියෙන් ඒ භූමිය. ඒ ඤාණයෙන් හෝ ප්රත්යවෙක්ෂා කරන්නේ ඛීණා ජාති ආදිය දැනගනී. වුසිතං විසූයේ. මොනවට විසූයේ, කරන ලද්දේ, හැසිරෙන ලද්දේ අවසන් වූයේය යන අර්ථයයි. බ්රහ්මචරියං මාර්ග බ්‍රහ්මචර්යාව. කල්‍යාණ පෘථග්ජනයා සමග ශෛක්ෂයන් සත්දෙනා බ්‍රහ්මචරිය වාසයෙහි වඩිති. ක්ෂීණාශ්රවයා වැඩ අවසන් වූයේ වේ. එහෙයින් ඔහු තමාගේ බ්රහ්මචරියා වාසය ප්රත්යවෙක්ෂා කරන්නේ බ්‍රහ්මචර්ය විසුයේ යයි දැනගනී. කතං කරණීයං සිව්සස්වල සිව් මාර්ගයෙන් පරිඤ්ඤා-දැනගැනීම පහාන ඉවත්කිරීම සච්ඡිකය-අවබෝධය වශයෙන් සොළොස් ආකාර කෘත්‍ය නිම කෙළේ යන අර්ථයයි. කල්‍යාණ පෘථග්ජනාදීහු ඒ කිස කරති. ඛීණාසවයන් වහන්සේ කළයුතු දේ කරන ලද්දේ වන්නාහ. එනිසා ඔහු තමාගේ කටයුතු ප්රත්යවෙක්ෂා කරන්නේ කළයුතු දේ කළැයි දැනගනී. නාපරං ඉත්ථත්තාය දැන් නැවත කළයුත්තක් නොමැති බැවින් සොළොස් කෘත්‍ය නැති බැවින් කෙළෙස් ක්ෂය කිරීමට හෝ මාර්ග භාවනා කෘත්‍ය නැතැයි දැනගනී.
සරාගාදීසු – අප්පහීනොති වික්ඛම්භනප්පහානෙන වා තදඞ්ගප්පහානෙන වා සමුච්ඡෙදප්පහානෙන වා අප්පහීනො.
සරාගාදියෙහි අප්පහීනො විෂ්කම්භන ප්‍රහානයෙන් හෝ තරංග ප්‍රහානයෙන් හෝ සමුච්ඡෙද ප්‍රහානයෙන් හෝ ප්‍රහීන නොවූ.
ලාභී හොතීතිආදීසු – ලාභීති ලාභවා පටිලභිත්වා ඨිතො. අජ්ඣත්තං චෙතොසමථස්සාති නියකජ්ඣත්තසඞ්ඛාතෙ අත්තනො චිත්තෙ උප්පන්නස්ස චෙතොසමථස්ස. අධිපඤ්ඤාධම්මවිපස්සනායාති අධිපඤ්ඤාසඞ්ඛාතාය ඛන්ධධම්මෙසු අනිච්චාදිවසෙන පවත්තාය විපස්සනාය. රූපසහගතානන්ති රූපනිමිත්තාරම්මණානං රූපාවචරසමාපත්තීනං. අරූපසහගතානන්ති න රූපනිමිත්තාරම්මණානං අරූපසමාපත්තීනං. එත්ථ ච පඨමො අට්ඨසමාපත්තිලාභී පුථුජ්ජනො. දුතියො සුක්ඛවිපස්සකඅරියසාවකො. තතියො අට්ඨසමාපත්තිලාභී අරියසාවකො. චතුත්ථො ලොකියමහාජනො වෙදිතබ්බො.
ලාභිහොති යනාදියෙහි ලාභී ලබන්නා. ලාභයක් ලැබ සිටී. අජ්ඣත්තං චෙතො සමථස්ස තමා අයත් අධ්‍යාත්ම සංඛ්‍යාත ස්කන්ධාදි ධර්ම විෂ්කම්භ අනිත්‍යයි වශයෙන් පවතින විදර්ශනාවෙන්. රූප සහතානං රූපාවචර නිමිති අරමුණේ රූපාවචර සමාපත්තිවල. අරූප සහගතානං අරූප නිමිති අරමුණේ අරූප සමාපත්තිවල. මෙහිද පළමුවැන්නා අෂ්ට සමාපත්තිලාභී පෘථග්ජනයා. දෙවැන්නා ශුෂ්ක විදර්ශක ආර්ය ශ්රාවකයා තුන්වැන්නා අෂ්ට සමාපත්තිලාභී ආර්ය ශ්රාවකයා. සතරවැන්නා ලෞකික මහජනයා දතයුතුය.
අනුසොතගාමීආදීසු – අනුසොතගාමීති වට්ටසොතං අනුගතො, වට්ටසොතෙ නිමුග්ගො පුථුජ්ජනො වෙදිතබ්බො. පටිසොතගාමීති පටිසොතගමනො . අනුසොතං අගන්ත්වා පටිසොතං ගච්ඡන්තස්සෙතං අධිවචනං. පාපඤ්ච කම්මං න කරොතීති පඤ්ඤත්තං වීතික්කමන්තො න කරොති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙනාති කිලෙසපරියුට්ඨානෙ සති උප්පන්නෙන දුක්ඛදොමනස්සෙන සද්ධිම්පි. පරිපුණ්ණන්ති තිස්සන්නං සික්ඛානං එකායපි අනූනං. පරිසුද්ධන්ති නිරුපක්කිලෙසං. බ්රහ්මචරියන්ති සෙට්ඨචරියං. ඉමිනා වාරෙන සොතාපන්නසකදාගාමිනො කථිතා. කිං පන තෙ රුදන්තා බ්රහ්මචරියං චරන්තීති? ආම. කිලෙසරොදනෙන රුදන්තා චරන්ති නාම. සීලසම්පන්නො පුථුජ්ජනභික්ඛුපි එත්ථෙව සඞ්ගහිතො.
අනුසෝතගාමි ආදියෙහි අනුසොතගාමී සසර ශ්රොතම අනුගත වූයේ සසර සැඩපහරෙහි ගිලුනේ පෘථග්ජනයා දතයුතුය. පටිසොතගාමී උඩුගං දෙසට යෑම. අනුසෝතයට නොගොස් පටිසෝතයට යන්නාට අධිවචනයකි. පාපඤ්ච කම්මං න කරොති පණවන ලද්දක් ව්‍යතික්‍රමණය නොකරයි. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන - කෙලෙස් නැගිටින කල්හි උපන් දුක් දොම්නස් සමග ද, පරිපුණ්ණං තිවිධ ශික්ෂාවල එකකින්වත් අඩු නැති. පරිසුද්ධං කෙලෙස් නැති. බ්රහ්මචරියං ශ්‍රේෂ්ඨ චර්යාව. මේ වාරයෙන් සෝවාන් සකදාගාමි කියන ලදී. කිම ඔවුන් අඬමින් බ්‍රහ්ම චරියාවේ හැසිරෙත්ද? එසේය. කෙලෙස් ඇඬුමෙන් අඬමින් හැසිරෙත් නම් වේ. සිල්වත් පුහුදුන් භික්ෂුව ද මෙහිම ඇතුළත් කරන ලදී.
ඨිතත්තොති ඨිතසභාවො. අනාගාමීති කාමරාගබ්යාපාදෙහි අකම්පනීයචිත්තතාය ච තම්හා ලොකා අනාවත්තිධම්මතාය ච ඨිතසභාවො නාම. තිණ්ණොති තණ්හාසොතං උත්තිණ්ණො. පාරඞ්ගතොති නිබ්බානපාරං ගතො. ථලෙ තිට්ඨතීති අරහත්තඵලසමාපත්තිථලෙ තිට්ඨති. චෙතොවිමුත්තින්ති ඵලසමාධිං. පඤ්ඤාවිමුත්තින්ති ඵලඤාණං. අයං වුච්චතීති අයං ඛීණාසවො “තිණ්ණො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති වුච්චති. බාහිතපාපතාය හි එස බ්රාහ්මණො නාම.
ඨිතත්තො සිටි බව. අනාගාමියා වනාහි කාමරාග ව්යාපාදවලින් කම්පා නොවන සිත් ඇති බව ද ඒ ලෝකයෙන් නොඑන ධර්මතාවද සිටි බව නම් වේ. තිණ්ණො තෘෂ්ණා ශ්රෝතසින් එගොඩ වූ. පාරංගතො නිවන් නැමති පරතෙරට ගිය. ථතෙ තිට්ඨති අර්හත් ඵල නැමති ගොඩබිම සිටියි. චෙතොවිමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය. අයං වුච්චති මේ ක්ෂීණාශ්රවයා රහතන් වහන්සේ. තිණ්ණො පාරංගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො යයි කියනු ලැබේ. පව ඉවත්වීමෙන් මේ තෙමේ බ්‍රාහ්මණ නම් වේ.
අප්පස්සුතාදීසු – අප්පකං සුතං හොතීති නවඞ්ගෙ සත්ථුසාසනෙ කිඤ්චිදෙව ථොකං සුතං හොති. න අත්ථමඤ්ඤාය, න ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොතීති අට්ඨකථඤ්ච පාළිඤ්ච ජානිත්වා ලොකුත්තරධම්මස්ස අනුරූපධම්මං පුබ්බභාගපටිපදං පටිපන්නො න හොති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
අප්පස්සුතාදියෙහි අප්පකං සුතං හොති නවංග සත්ථු සාසනයෙහි කිසියම් ස්වල්පයක් ඇසුවේ වේ. න අත්ථමඤ්ඤාය න ධම්ම මඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නො හොති යනු අටුවා ද පෙළ ද දැන ලෝකෝත්තර ධර්මයට අනුරූප ධර්මය වූ පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ නොවේ. මෙම නයින් සියළු තැන අර්ථය දතයුතුය.
සමණමචලාදීසු – සමණමචලොති සමණඅචලො, මකාරො පදසන්ධිකරො. නිච්චලසමණො, ථිරසමණොති අත්ථො . අයං වුච්චතීති අයං සොතාපන්නො සාසනෙ මූලජාතාය සද්ධාය පතිට්ඨිතත්තා ‘සමණමචලො’ති වුච්චති. සකදාගාමී පන රජ්ජනකිලෙසස්ස අත්ථිතාය සමණපදුමොති වුත්තො. රත්තට්ඨො හි ඉධ පදුමට්ඨො නාමාති වුත්තං. අනාගාමී කාමරාගසඞ්ඛාතස්ස රජ්ජනකිලෙසස්ස නත්ථිතාය සමණපුණ්ඩරීකොති වුත්තො. පණ්ඩරට්ඨො හි ඉධ පුණ්ඩරීකට්ඨො නාමාති වුත්තං . ඛීණාසවො ච ථද්ධභාවකරානං කිලෙසානං අභාවෙන සමණෙසු සමණසුඛුමාලො නාමාති වුත්තො. අප්පදුක්ඛට්ඨෙනපි චෙස සමණසුඛුමාලොයෙවාති.
සමණමචලාදියෙහි සමණමචලො ශ්‍රමණ අචලයා, ‘ම’ කාරය පද සන්ධි කරයි. සමණං + අචලො = සමණමචලො වේ. නිශ්චල ශ්‍රමණයා, ස්ථිර ශ්‍රමණයා අර්ථය වේ. අයං වුච්චති මේ සෝවාන් පුද්ගලයා සාසනයෙහි මුල් උපත වූ ශ්‍රද්ධාවෙහි පිහිටි බැවින් සමණමචලො යයි කියනු ලැබේ. සකෘදාගාමියා වනාහි ඇලෙන කෙලෙස් ඇති බැවින් සමණ පදුමො යයි කියන ලදී. ඇලීම් අර්ථය මෙහි පදුම අර්ථයට නමකැයි කියන ලදී. කාමරාග සංඛ්‍යාත ඇලෙන කෙලෙස් නැති බැවින් අනාගාමියා සමණ පුණ්ඩරීකො කියන ලදී. සුලු අර්ථය මෙහි පුණ්ඩරීක අර්ථය නමැයි කියන ලදී. ක්ෂීණාශ්රවයාද තද බව ඇතිකරන කෙලෙස් නැති බැවින් ශ්රමණයන් අතර සසමණ සුඛුමාලො නමැයි කියන ලදී. අල්ප දුක්ඛාර්ථයෙන්ද (දුක් නැති බැවින්) මේ තෙවො සමණ සුඛුමාල ම වේ.
චතුක්කනිද්දෙසවණ්ණනා.
චතුක්ක නිපාත නිද්දේසය නිමි.