යෙදුමෙන් කියවන්න

3. තිකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

3. තිකනිද‍්දෙසවණ‍්ණනා

3. තික නිද්දේස වර්ණනාව

තිකනිද‍්දෙසෙ – දුස‍්සීලොති නිස‍්සීලො. පාපධම‍්මොති ලාමකධම‍්මො. සීලවිපත‍්තියා වා දුස‍්සීලො, දිට‍්ඨිවිපත‍්තියා පාපධම‍්මො . කායවචීසංවරභෙදෙන දුස‍්සීලො, සෙසසංවරභෙදෙන පාපධම‍්මො. අසුද‍්ධපයොගතාය දුස‍්සීලො, අසුද‍්ධාසයතාය පාපධම‍්මො. කුසලසීලවිරහෙන දුස‍්සීලො; අකුසලසීලසමන‍්නාගමෙන පාපධම‍්මො. අසුචීති අසුචීහි කායකම‍්මාදීහි සමන‍්නාගතො. සඞ‍්කස‍්සරසමාචාරොති සඞ‍්කාය පරෙහි සරිතබ‍්බසමාචාරො. කිඤ‍්චිදෙව අසාරුප‍්පං දිස‍්වා ‘ඉදං ඉමිනා කතං භවිස‍්සතී’ති එවං පරෙහි ආසඞ‍්කනීයසමාචාරො, අත‍්තනොයෙව වා සඞ‍්කාය සරිතබ‍්බසමාචාරො – සාසඞ‍්කසමාචාරොති අත්‍ථො. තස‍්ස හි දිවාට‍්ඨානාදීසු සන‍්නිපතිත්‍වා කිඤ‍්චිදෙව මන‍්තයන‍්තෙ භික‍්ඛූ දිස‍්වා ‘ඉමෙ එකතො හුත්‍වා මන‍්තෙන‍්ති, කච‍්චි නු ඛො මයා කතකම‍්මං ජානිත්‍වා මන‍්තෙන‍්තී’ති එවං සාසඞ‍්කසමාචාරො හොති.

තුන්වන නිද්දේසයෙහි දුස්සීලො යනු සිල් නැති. පාපධම්මො යනු ලාමක දහම්ය. සීල විපත්තියෙන් දුස්සීල හෝ දෘෂ්ටි විපත්තියෙන් පවිටු දහම්. කය වචන සංවරය බිඳීමෙන් හෝ දුස්සීල සෙසු සංවර භේදයෙන් පවිටු දහම්. අසුද්ධ ප්‍රයෝගයෙන් දුස්සීල. අසුද්ධ අදහසින් පවිටු දහම්. කුසල සීල නොමැතිකමින් දුස්සීල. අකුසල සීල යුත් හෙයින් පවිටු දහම්. අසූචි යනු අපිරිසිදු කායකර්මාදියෙන් යුක්ත. සංකස්සර සමාචාරො යනු සැකයෙන් අනුන් විසින් සිහි කළ යුතු හැසිරීම. සැක සහිත හැසිරිම යන අර්ථයයි. දිවා ස්ථානවල රැස්වී කිසිවක් කථාකරන භික්‍ෂූන් දැක මොව්හු එකතුවී කතා කරති. මා විසින් කළ ක්‍රියාව දැන කතා කරත්දැයි මෙසේ සැක සහිත හැසිරිම වේ.

පටිච‍්ඡන‍්නකම‍්මන‍්තොති පටිච‍්ඡාදෙතබ‍්බයුත‍්තකෙන පාපකම‍්මෙන සමන‍්නාගතො. අස‍්සමණො සමණපටිඤ‍්ඤොති අස‍්සමණො හුත්‍වාව සමණපතිරූපකතාය ‘සමණො අහ’න‍්ති එවං පටිඤ‍්ඤො. අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤොති අඤ‍්ඤෙ බ්‍රහ‍්මචාරිනො සුනිවත්‍ථෙ සුපාරුතෙ සුම‍්භකපත‍්තධරෙ ගාමනිගමජනපදරාජධානීසු පිණ‍්ඩාය චරිත්‍වා ජීවිකං කප‍්පෙන‍්තෙ දිස‍්වා සයම‍්පි තාදිසෙන ආකාරෙන තථා පටිපජ‍්ජනතො ‘අහං බ්‍රහ‍්මචාරී’ති පටිඤ‍්ඤං දෙන‍්තො විය හොති. ‘අහං භික‍්ඛූ’ති වත්‍වා උපොසථග‍්ගාදීනි පවිසන‍්තො පන බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො හොතියෙව, තථා සඞ‍්ඝිකං ලාභං ගණ‍්හන‍්තො. අන‍්තොපූතීති පූතිනා කම‍්මෙන අන‍්තො අනුපවිට‍්ඨො, නිග‍්ගුණතාය වා ගුණසාරවිරහිතත‍්තා අන‍්තොපූති. අවස‍්සුතොති රාගාදීහි තින‍්තො. කසම‍්බුජාතොති සඤ‍්ජාතරාගාදිකචවරො. අථ වා කසම‍්බු වුච‍්චති තින‍්තකුණපගතං කසටඋදකං. ඉමස‍්මිඤ‍්ච සාසනෙ දුස‍්සීලො නාම ජිගුච‍්ඡනීයත‍්තා තින‍්තකුණපකසටඋදකසදිසො. තස‍්මා කසම‍්බු විය ජාතොති කසම‍්බුජාතො.

පටිච්ඡන්න කම්මන්තො සැඟවිය යුතු පව්කමකින් යුත්. අස්සමණො සමණ පටිඤ්ඤො අශ්‍රමණයෙක්ව. ශ්‍රමණ ප්‍රතිරූපතාවෙන් මම ශ්‍රමණයෙක්මියි මෙසේ ප්‍රතිඥාව. අබ්‍රහ්මචාරි බ්‍රහ්මචාරි පටිඤ්ඤො යනු අනිත් බ්‍රහ්මචාරීන් මනාව හැඳ පෙරවූ සකස් කළ පාත්‍ර ධර්ම ගම්නියම් ජනපද රාජධානිවල පිඬු පිණිස හැසිර දිවි ගෙවන්නන් දැක තෙමේ ද ඒ ආකාරයෙන් එසේ පිළිපදිනුයේ මම බ්‍රහ්මචාරින්ට පිළිණ දෙන්නේ මෙන් වේ. මෙම භික්‍ෂු යයි කියා උපොසථාදියට පිවිසෙන්නේ බ්‍රහ්මචාරි පළිණ වේමය. එසේම සංඝික ලාභය ගැනීමේදී. අන්තො පූති යනු අපිරිසිදු ක්‍රියාවෙන් ඇතුළට පිවිසි. ගුණ නැති බව හෝ ගුණසාර විරහිත බැවින් ඇතුළත අපිරිසිදු. අවස්සු තො යනු රාගාදියෙන් තෙත් වූ. කසම්බුජාතො යනු හටගත් රාගාදි කසල. එසේ නැතහොත් කසම්බු යනු තෙත කුණප සහිත කසට ජලය යයි කියනු ලැබේ. මේ සසුනේ දුස්සීලයා නම් පිළිකුල් බැවින් තෙත කුනප කසට ජලය හා සමානය. එසේ හෙයින් කසල මෙන් ඇතිවී යයි කසම්බු ජාතො වේ.

තස‍්ස න එවං හොතීති කස‍්මා න හොති? යත්‍ථ පතිට‍්ඨිතෙන සක‍්කා භවෙය්‍ය අරහත‍්තං ලද‍්ධුං, තස‍්සා පතිට‍්ඨාය භින‍්නත‍්තා. යථා හි චණ‍්ඩාලකුමාරකස‍්ස ‘අසුකො නාම ඛත‍්තියකුමාරො රජ‍්ජෙ අභිසිත‍්තො’ති සුත්‍වාපි, යස‍්මිං කුලෙ පච‍්චාජාතා අභිසෙකං පාපුණන‍්ති, තස‍්මිං කුලෙ අපච‍්චාජාතත‍්තා න එවං හොති – ‘කුදාස‍්සු නාමාහම‍්පි සො ඛත‍්තියකුමාරො විය අභිසෙකං පාපුණෙය්‍ය’න‍්ති; එවමෙව දුස‍්සීලස‍්ස ‘අසුකො නාම භික‍්ඛු අරහත‍්තං පත‍්තො’ති සුත්‍වාපි, යස‍්මිං සීලෙ පතිට‍්ඨිතෙන අරහත‍්තං පත‍්තබ‍්බං, තස‍්ස අභාවතො ‘කුදාස‍්සු නාමාහම‍්පි සො සීලවා විය අරහත‍්තං පාපුණෙය’න‍්ති න එවං හොති. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො අරහත‍්තාසාය අභාවා නිරාසොති වුච‍්චති.

තස්ස න එවං හොති යන්න කුමක් හෙයින් නොවේද? යම්තැනක පිහිටීමෙන් රහත්බව ලැබීම හැකි වන්නේය. ඒ පිහිටීම බිඳුනු බැවින්. යම්සේ සැඩොල් ළමයෙකුට අසවල් ක්‍ෂත්‍රිය කුමාරයා රාජ්‍යයෙහි අභිෂේක කරන ලදැයි අසාද යම් කාලයක පසුව ඉපදී අභිෂේකයට පැමිණේ. ඒ කුලයෙහි පුතෙකුව නොඉපදුන බැවින් මෙසේ නොවේ. කවදා නම් මම ද ක්‍ෂත්‍රිය කුමාරයා මෙන් අභිෂේකයට පැමිණෙම්ද? එසේම දුස්සීලයෙකුට, අසවල් භික්‍ෂුව රහත් වූයේ යයි අසාද යම් සීලයක පිහිටියෙකු රහත්බවට පත්විය යුතුය. එය නොමැති වීමෙන් කවදා නම් මම ද ඒ සිල්වතා මෙන් රහත්බවට පැමිණෙන්නෙම් ද නම් මෙසේ නොවේ. අයං වුච්චති යනු මෙබඳු රූප වූ පුද්ගලයා රහත් බවට පැමිණීමේ ආසාව නැත්තේ නිරාස යයි කියනු ලැබේ.

තස‍්ස එවං හොතීති කස‍්මා හොති? යස‍්මිං පතිට‍්ඨිතෙන සක‍්කා භවෙය්‍ය අරහත‍්තං පාපුණිතුං, තස‍්සා පතිට‍්ඨාය ථිරත‍්තා. යථා හි සුජාතස‍්ස ඛත‍්තියකුමාරස‍්ස ‘අසුකො නාම ඛත‍්තියකුමාරො රජ‍්ජෙ අභිසිත‍්තො’ති සුත්‍වාව යස‍්මිං කුලෙ පච‍්චාජාතා අභිසෙකං පාපුණන‍්ති, තස‍්මිං පච‍්චාජාතස‍්ස එවං හොති – ‘කුදාස‍්සු නාමාහම‍්පි, සො කුමාරො විය අභිසෙකං පාපුණෙය්‍ය’න‍්ති එවමෙව සීලවතො ‘අසුකො නාම භික‍්ඛු අරහත‍්තං පත‍්තො’ති සුත්‍වාව යස‍්මිං සීලෙ පතිට‍්ඨිතෙන අරහත‍්තං පත‍්තබ‍්බං, තස‍්සා පතිට‍්ඨාය ථිරත‍්තා – ‘කුදාස‍්සු නාමාහම‍්පි සො භික‍්ඛු විය අරහත‍්තං පාපුණෙය්‍ය’න‍්ති එවං හොති. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො ආසංසො නාම වුච‍්චති. සො හි අරහත‍්තං ආසංසති පත්‍ථෙතීති ආසංසො.

තස්ස එවං හොති යනු කුමක් හෙයින්ද? යම්තැනක පිහිටීමෙන් රහත් බවට පැමිණීම හැකි වන්නේය. ඒ පිහිටීමෙන් ස්ථාවර වේ. යම්සේ සුජාත ක්‍ෂත්‍රිය කුමාරයෙකුට අසවල් ක්‍ෂත්‍රිය කුමාරයා රාජ්‍යයෙහි අභිෂේක කෙළේ යයි අසා පසුව යම්කිසි කුලයක ඉපිද අභිෂේකයට පැමිණේ. එහි පසු උපන් බැවින් මෙසේ වේ. කවදා නම් මම ද ඒ ක්‍ෂත්‍රිය කුමාරයා මෙන් අභිෂේකයට පැමිණෙන්නෙම්. එසේම සිල්වතෙක් අසවල් භික්‍ෂුව රහත්වූයේ යයි අසාම, යම් සීලයක පිහිටාම රහත්බවට පත්විය යුතුය. එහි පිහිටීමෙන් ස්ථාවර වී කවදා නම් මම ඒ භික්‍ෂුව මෙන් රහත්බවට පැමිණෙන්නෙම්ද මෙසේ වේ. අයං වුච්චති යනු එබඳු වූ මේ පුද්ගලයා ආසංස බලාපොරොත්තු වන්නා වූ යයි කියනු ලැබේ.

යා හිස‍්ස පුබ‍්බෙ අවිමුත‍්තස‍්සාති යා තස‍්ස ඛීණාසවස‍්ස පුබ‍්බෙ අරහත‍්තවිමුත‍්තියා අවිමුත‍්තස‍්ස විමුත‍්තාසා අහොසි, සා පටිප‍්පස‍්සද‍්ධා, තස‍්මා න එවං හොති. යථා හි අභිසිත‍්තස‍්ස ඛත‍්තියස‍්ස ‘අසුකො නාම ඛත‍්තියකුමාරො රජ‍්ජෙ අභිසිත‍්තො’ති සුත්‍වා එකස‍්ස රඤ‍්ඤො ද‍්වින‍්නං රජ‍්ජාභිසෙකානං ද‍්වින‍්නං සෙතච‍්ඡත‍්තානං අභාවා න එවං හොති – “කුදාස‍්සු නාමාහම‍්පි සො කුමාරො විය අභිසෙකං පාපුණෙය්‍ය”න‍්ති; එවමෙව ඛීණාසවස‍්ස ‘අසුකො නාම භික‍්ඛු අරහත‍්තං පත‍්තො’ති සුත්‍වා, ද‍්වින‍්නං අරහත‍්තානං අභාවා – ‘කුදාස‍්සු නාමාහම‍්පි සො භික‍්ඛු විය අරහත‍්තං පාපුණෙය්‍ය’න‍්ති න එවං හොති. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො අරහත‍්තාසාය විගතත‍්තා විගතාසොති වුච‍්චති.

යා හිස්ස පුබ්බෙ විමුත්තස්ස යනු ඒ ක්‍ෂීණාශ්‍රවයාගේ පෙර අරහත් විමුක්තියෙන් නොමිදුනා වූ විමුක්ති ආසා විය. එය සංසිඳී ඇති නිසා මෙසේ නොවේ. යම්සේ අභිෂේක කළ ක්‍ෂත්‍රියා හේ අසවල් රාජකුමාරයා රාජ්‍යයෙහි අභිෂේක කරන ලදැයි අසා එක් රජෙකුට අභිෂේක දෙකක් සේසත් දෙකක් නොවීමෙන් මෙසේ නොවේ. කවදා නම් මම ඒ රාජකුමාරයා මෙන් අභිෂේකයට පැමිණෙම්ද? එසේම ක්‍ෂීණාශ්‍රවයාට අසවල් නම් භික්‍ෂුව රහත්බවට පැමිණියේ යයි අසා රහත් දෙනමකගේ නොවීමෙන් කවදා නම් මම ඒ භික්‍ෂුව මෙන් රහත් වන්නෙම්ද? යන මෙය නොවේ. අයං වුච්චති මෙබඳු වූ මේ පුද්ගලයා අරහත් බවට පැමිණීමේ ආසාවෙන් වෙන් වූ බැවින් විගතාසො (ආසා ඇති) යයි කියනු ලැබේ.

ගිලානූපමනිද‍්දෙසෙ – යාය උපමාය තෙ ගිලානූපමාති වුච‍්චන‍්ති, තං තාව උපමං දස‍්සෙතුං තයො ගිලානාතිආදි වුත‍්තං. තත්‍ථ සප‍්පායානීති හිතානි වුද‍්ධිකරානි. පතිරූපන‍්ති අනුච‍්ඡවිකං. නෙව වුට‍්ඨාති තම‍්හා ආබාධාති ඉමිනා අතෙකිච‍්ඡෙන වාතාපමාරාදිනා රොගෙන සමන‍්නාගතො නිට‍්ඨප‍්පත‍්තො ගිලානො කථිතො. වුට‍්ඨාති තම‍්හා ආබාධාති ඉමිනා ඛිපිතකච‍්ඡුතිණපුප‍්ඵකජරාදිප‍්පභෙදො අප‍්පමත‍්තකාබාධො කථිතො.

ගිලානූපම නිද්දේසයෙහි යම් උපමාවකින් ඔව්හු ගිලන් උපමා යයි කියනු ලබති. ඒ උපමාව දැක්වීමට තයො ගිලානා යනාදිය කියන ලදී. එහි සප්පාය යන සුදුසු වුද්ධිකාරක. පතිරූපං සුදුසු. නෙව වුට්ඨාති තම්හා ආබාධා යන පිළියම් කළ නොහැකි වාත අපස්මාරාදි රෝගයෙන් යුත් ගිලනා කියන ලදී. වුට්ඨාහි තම්හා ආබාධා යන මෙයින් බහාලන ලද කුෂ්ට, තිලපුප්ඵක ආදි ජරා රෝග කියන ලදී.

ලභන‍්තො සප‍්පායානි භොජනානි නො අලභන‍්තොති ඉමිනා පන යෙසං පටිජග‍්ගනෙන ඵාසුකං හොති, සබ‍්බෙපි තෙ ආබාධා කථිතා. එත්‍ථ ච පතිරූපො උපට‍්ඨාකො නාම ගිලානුපට‍්ඨාකඅඞ‍්ගෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො දක‍්ඛො අනලසො වෙදිතබ‍්බො.

ලභන්තො සප්පායානි භොජනානි නෙ අලභන්තො යන මෙයින් පිළියම් කිරීමට පහසු වූ සියළු රෝග කියන ලදී. මෙහිද සුදුසු උපස්ථායකයා නම් ගිලාන උපස්ථායක අංගවලින් යුත් පණ්ඩිත දක්‍ෂ ක්‍රියාශීලී යයි දතයුතුය.

ගිලානුපට‍්ඨාකො අනුඤ‍්ඤාතොති ‘භික‍්ඛුසඞ‍්ඝෙන දාතබ‍්බො’ති අනුඤ‍්ඤාතො. තස‍්මිඤ‍්හි ගිලානෙ අත‍්තනො ධම‍්මතාය යාපෙතුං අසක‍්කොන‍්තෙ භික‍්ඛුසඞ‍්ඝෙන තස‍්ස භික‍්ඛුනො ‘එකො භික‍්ඛු ච සාමණෙරො ච ඉමං පටිජග‍්ගථා’ති අපලොකෙත්‍වා දාතබ‍්බා. යාව පන තෙ තං පටිජග‍්ගන‍්ති, තාව ගිලානස‍්ස ච තෙසඤ‍්ච ද‍්වින‍්නං යෙනත්‍ථො සබ‍්බං භික‍්ඛුසඞ‍්ඝස‍්සෙව භාරො. අඤ‍්ඤෙපි ගිලානා උපට‍්ඨාතබ‍්බාති ඉතරෙපි ද‍්වෙ ගිලානා උපට‍්ඨාතබ‍්බා. කිං කාරණා? යොපි හි නිට‍්ඨප‍්පත‍්තගිලානො, සො අනුපට‍්ඨියමානො ‘සචෙ මං පටිජග‍්ගෙය්‍යුං, ඵාසුකං මෙ භවෙය්‍ය, න ඛො පන මං පටිජග‍්ගන‍්තී’ති මනොපදොසං කත්‍වා අපායෙ නිබ‍්බත‍්තෙය්‍ය. පටිජග‍්ගියමානස‍්ස පන එවං හොති – ‘භික‍්ඛුසඞ‍්ඝෙන යං කත‍්තබ‍්බං තං සබ‍්බං කතං, මය‍්හං පන කම‍්මවිපාකො ඊදිසො’ති සො භික‍්ඛුසඞ‍්ඝෙ මෙත‍්තං පච‍්චුපට‍්ඨපෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තති. යො පන අප‍්පමත‍්තකෙන බ්‍යාධිනා සමන‍්නාගතො ලභන‍්තොපි අලභන‍්තොපි වුට‍්ඨාතියෙව, තස‍්ස විනාපි භෙසජ‍්ජෙන වූපසමනකබ්‍යාධි භෙසජ‍්ජෙ කතෙ ඛිප‍්පතරං වූපසම‍්මති. තතො සො බුද‍්ධවචනං වා උග‍්ගණ‍්හිතුං සමණධම‍්මං වා කාතුං සක‍්ඛිස‍්සති. ඉමිනා කාරණෙන අඤ‍්ඤෙපි ගිලානා උපට‍්ඨාතබ‍්බාති වුත‍්තං.

ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො භික්‍ෂු සංඝයා විසින් දෙන ලද අනුමැතියෙන්. ඒ ගිලනාට තමාගේ ස්වභාවයෙන් යැපීමට නොහැකි වනවිට භික්‍ෂු සංඝයා විසින් භික්‍ෂූන්ගෙන් එක් භික්‍ෂුවක් ද සාමණේරයෙක් ද සොයාලා මොහු පෝෂණය කරන්නැයි ලබාදිය යුතුය. යම්තාක් ඔහු පෝෂණය කෙරේ නම් ඒ තාක් කල් ගිලනාට සහ ඒ දෙදෙනාට අවශ්‍ය දේ සැපයීම භික්‍ෂු සංඝයාට භාරය. අඤ්ඤෙපි ගිලාන උපට්ඨාපෙතබ්බා යනු අතිරේක ගිලනුන් දෙදෙනෙකුට උපස්ථාන කළයුතුය. කුමක් නිසාද? අවසානයට පැමිණි ගිලනෙකුට උපස්ථාන නොකරනු ලබනවිට ‘මට උපස්ථාන කරනවා නම් මට පහසුවක් වෙයි’ මට උපස්ථාන කරන්නේ නැතැයි සිත දූෂ්‍ය කරගෙන අපායේ උපදින්නේය. පෝෂණය කරනු ලබන්නාට මෙසේ වේ. භික්‍ෂු සංඝයා විසින් කළයුතු යමක් වීනම් ඒ සියල්ලම කරන ලදී. මගේ කර්ම විපාකය මෙබඳු යයි භික්‍ෂු සංඝයා කෙරෙහි මෙත් සිත පිහිටුවා ස්වර්ගයෙහි උපදී. යමෙක් අල්ප වූ අසනීපයකින් යුක්ත වූයේ උපස්ථාන ලැබුවත් නොලැබුවත් සුව වන්නේය. බෙහෙතක් නැතත් සුවවන අසනීපය බෙහෙත් කළ කල්හි ඉක්මණින්ම සුව වේ. එයින් හේ බුදුවදන් ඉගෙනීමට හෝ මහණදම් පිරීමට හෝ හැකිවන්නේය. මේ කාරණයෙන් අන්‍ය ගිලනුන්ට ද උපස්ථාන කළයුතු යයි කියන ලදී.

නෙව ඔක‍්කමතීති නෙව පවිසති. නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති කුසලෙසු ධම‍්මෙසු මග‍්ගනියාමසඞ‍්ඛාතං සම‍්මත‍්තං. ඉමිනා පදපරමො පුග‍්ගලො කථිතො. දුතියවාරෙන උග‍්ඝටිතඤ‍්ඤූ ගහිතො සාසනෙ නාළකත්‍ථෙරසදිසො . බුද‍්ධන‍්තරෙ එකවාරං පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකෙ ඔවාදං ලභිත්‍වා පටිවිද‍්ධපච‍්චෙකබොධිඤාණො ච. තතියවාරෙන විපඤ‍්චිතඤ‍්ඤූ පුග‍්ගලො කථිතො. නෙය්‍යො පන තන‍්නිස‍්සිතොව හොති.

නෙව ඔක්කමති යනු නො පිවිසේමය. නියාමං කුසලෙසු ධම්මෙසු සම්මතං යනු කුසල ධර්මවල මාර්ග නියාම සංඛ්‍යාත සම්මතය. මෙයින් පදපරම පුද්ගලයා කියන ලදී. දෙවෙනි වාරයෙන් උග්ඝටිතඤ්ඤක ගන්නා ලදී. සාසනයෙහි නාලක තෙරුන් සමාන. බුද්ධාන්තරයෙහි පසේ බුදුවරුන්ගේ සමීපයෙහි එක්වරක් අවවාද ලැබ පිළිවිදුනා ලද පසේ බුදු නුවණ ද තුන්වන වාරයෙන් විපචිතඤ්ඤු පුද්ගලයා කියන ලදී. නෙය්‍ය පුද්ගලයා ඔහු නිශ්‍රිතවම වේ.

ධම‍්මදෙසනා අනුඤ‍්ඤාතාති මාසස‍්ස අට‍්ඨ වාරෙ ධම‍්මකථා අනුඤ‍්ඤාතා. අඤ‍්ඤෙසම‍්පි ධම‍්මො දෙසෙතබ‍්බොති ඉතරෙසම‍්පි ධම‍්මො කථෙතබ‍්බො. කිං කාරණා? පදපරමස‍්ස හි ඉමස‍්මිං අත‍්තභාවෙ ධම‍්මං පටිවිජ‍්ඣිතුං අසක‍්කොන‍්තස‍්සාපි අනාගතෙ පච‍්චයො භවිස‍්සති. යො පන තථාගතස‍්ස රූපදස‍්සනං ලභන‍්තොපි අලභන‍්තොපි ධම‍්මවිනයඤ‍්ච සවනාය ලභන‍්තොපි අලභන‍්තොපි ධම‍්මං අභිසමෙති; සො අලභන‍්තො න තාව අභිසමෙති, ලභන‍්තො පන ඛිප‍්පමෙව අභිසමෙස‍්සතීති ඉමිනා කාරණෙන තෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. තතියස‍්ස පන පුනප‍්පුනං දෙසෙතබ‍්බොව. කායසක‍්ඛිදිට‍්ඨප‍්පත‍්තසද‍්ධාවිමුත‍්තා හෙට‍්ඨා කථිතායෙව.

ධම්මදෙසනා අනුඤ්ඤාතා යනු මාසයකට අටවරක් ධර්ම කථා අනුදන්නා ලදී. අඤ්ඤෙසම්පි ධම්මො දෙසෙතබ්බො යනු සෙසු දහම් ද කිවයුතුය. කුමක් නිසාද? පදපරමයාට මෙම ආත්ම භාවයෙහි ධර්මය අවබෝධ කළ නොහැකි වුවත් අනාගතයට ප්‍රත්‍ය වන්නේය. යමෙක් තථාගතයන් වහන්සේගේ රූප දර්ශනය ලැබුවත් නොලැබුවත් ධර්ම විනයද ඇසීමට ලැබුනත් නැතත් ධර්මය අවබෝධ කරයි. හේ දහම් ඇසීම නොලබන්නේ එතෙක් අවබෝධ නොකරයි. ලබන්නේ වහා අවබෝධ කරයි. මේ කරුණින් ඔවුන්ට ධර්මය දේශනා කළයුතුය. තුන්වැන්නා වනාහි නැවත නැවත දේශනා කළයුතුය. කායසක්‍ඛි දිට්ඨප්පත්ත සද්ධාවිමුත්ත යට කියන ලදී.

ගූථභාණීආදීසු – සභග‍්ගතොති සභායං ඨිතො. පරිසග‍්ගතොති ගාමපරිසාය ඨිතො. ඤාතිමජ‍්ඣගතොති දායාදානං මජ‍්ඣෙ ඨිතො. පූගමජ‍්ඣගතොති සෙණීනං මජ‍්ඣෙ ඨිතො. රාජකුලමජ‍්ඣගතොති රාජකුලස‍්ස මජ‍්ඣෙ මහාවිනිච‍්ඡයෙ ඨිතො. අභිනීතොති පුච‍්ඡනත්‍ථාය නීතො. සක‍්ඛිපුට‍්ඨොති සක‍්ඛිං කත්‍වා පුච‍්ඡිතො. එහම‍්භො පුරිසාති ආලපනමෙතං. අත‍්තහෙතු වා පරහෙතු වාති අත‍්තනො වා පරස‍්ස වා හත්‍ථපාදාදිහෙතු වා ධනහෙතු වා. ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වාති එත්‍ථ ආමිසන‍්ති ලාභො අධිප‍්පෙතො. කිඤ‍්චික‍්ඛන‍්ති යං වා තං වා අප‍්පමත‍්තකං. අන‍්තමසො තිත‍්තිරවට‍්ටකසප‍්පිපිණ‍්ඩනවනීතපිණ‍්ඩාදිඅප‍්පමත‍්තකස‍්සාපි ලඤ‍්ජස‍්ස හෙතූති අත්‍ථො. සම‍්පජානමුසා භාසිතා හොතීති ජානන‍්තොයෙව මුසාවාදං කත‍්තා හොති. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො ගූථසදිසවචනත‍්තා ගූථභාණීති වුච‍්චති. යථා හි ගූථං නාම මහාජනස‍්ස අනිට‍්ඨං හොති අකන‍්තං; එවමෙව ඉමස‍්ස පුග‍්ගලස‍්ස වචනං දෙවමනුස‍්සානං අනිට‍්ඨං හොති අකන‍්තං.

ගූථභාණි ආදියෙහි සභග්ගතො යනු සභාවෙහි සිටින ලද. පරිසග්ගතො යනු ගමේ පිරිසෙහි සිටින ලද. ඤාතිමජ්ඣගතො යනු දායාද දෙන මැද සිටින ලද. පූගමජ්ඣගතො යනු සේනාව මැද සිටින ලද රාජකුල මජ්ඣගතො යනු රාජකුලයේ මහා විනිශ්චය මැද සිටින ලද. අභිනීතො යනු ප්‍රශ්න ඇසීම සඳහා පමුණුවන ලද. සක්‍ඛිපුට්ඨො යනු සාක්‍ෂි කොට අසන ලද. එහි භො පුරිස යන මෙය ඇමතීමකි. අත්තහෙතු වා පරහෙතු වා යනු තමාගේ හෝ අනුන්ගේ අත්පා ආදි හේතුවෙන් හෝ ධන හේතුවෙන් හෝ. ආමිසකිඤ්චික්‍ඛහෙතු යම් ඒ මේ අල්ප වූ. යටත්පිරිසෙයින් තිත්තිර වටු. ගිතෙල් පිඩ වෙඬරු පිඩ ආදී අල්ප වූයේ ද අල්ලසට හේතු යන අර්ථයි. සම්පජාත මුසා භාසිතා යනු දැනගෙනම බොරු කියන ලද්දේ වේ. අයං වුච්චති යනු එබඳු වූ මේ පුද්ගලයා අසූචි සමාන වචන ඇති බැවින් ගූථභාණි යයි කියනු ලැබේ. යම්සේ අසූචි නම් මහජනයාට අනිෂ්ට වේ. කාන්ත නොවේ. එසේම මේ පුද්ගලයාගේ වචන දෙව්මිනිසුන්ට අනිෂ්ට වේ. ප්‍රිය නොවේ.

අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො පුප‍්ඵසදිසවචනත‍්තා පුප‍්ඵභාණීති වුච‍්චති. යථා හි ඵුල‍්ලානි වස‍්සිකානි වා අධිමුත‍්තකානි වා මහාජනස‍්ස ඉට‍්ඨානි කන‍්තානි හොන‍්ති; එවමෙව ඉමස‍්ස පුග‍්ගලස‍්ස වචනං දෙවමනුස‍්සානං ඉට‍්ඨං හොති කන‍්තං.

අයං වුච්චති යනු එබඳු රූප වූ මේ පුද්ගලයා මල් සමාන වචන ඇති බැවින් පුප්ඵභාණි යයි කියනු ලැබේ. යම්සේ පිපුණු ඉද්ද හෝ සමන් හෝ මල් මහජනයාට ඉෂ්ට වේ. ප්‍රිය වේ. එසේම මේ පුද්ගලයා හෝ වචන දෙවි මිනිසුන්ට ඉෂ්ට වේ. ප්‍රිය වේ.

නෙලාති එලං වුච‍්චති දොසො. නාස‍්සා එලන‍්ති නෙලා. නිද‍්දොසාති අත්‍ථො, “නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො”ති (උදා· 65) එත්‍ථ වුත‍්තනෙලං විය. කණ‍්ණසුඛාති බ්‍යඤ‍්ජනමධුරතාය කණ‍්ණානං සුඛා. සූචිවිජ‍්ඣනං විය කණ‍්ණසූලං න ජනෙති. අත්‍ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්‍වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච‍්ඡති අප‍්පටිහඤ‍්ඤමානා සුඛෙන චිත‍්තං පවිසතීති හදයඞ‍්ගමා. ගුණපරිපුණ‍්ණතාය පුරෙ භවාති පොරී. පුරෙ සංවඩ‍්ඪනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස‍්ස එසාතිපි පොරී. නගරවාසීනං කථාති අත්‍ථො. නගරවාසිනො හි යුත‍්තකථා හොන‍්ති. පිතිමත‍්තං පිතාති, මාතිමත‍්තං මාතාති, භාතිමත‍්තං භාතාති වදන‍්ති. එවරූපී කථා බහුනො ජනස‍්ස කන‍්තා හොතීති බහුජනකන‍්තා. බහුජනස‍්ස කන‍්තභාවෙනෙව බහුනො ජනස‍්ස මනාපා චිත‍්තවුද‍්ධිකරාති බහුජනමනාපා. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො මධුභාණීති වුච‍්චති. මුදුභාණීතිපි පාඨො. උභයත්‍ථාපි මධුරවචනොති අත්‍ථො. යථා හි චතුමධුරං නාම මධුරං පණීතං; එවමෙව ඉමස‍්ස පුග‍්ගලස‍්ස වචනං දෙවමනුස‍්සානං මධුරං හොති.

නෙලා යන්නෙහි ඵල යනු දෝස යයි කියනු ලැබේ. ඵල නැති නිසා නෙල යයි කියනු ලැබේ. නිර්දෝෂ යන අර්ථයයි. නෙලග්ගො සෙතපච්ඡාදොත මෙහි කියන ලද නෙල මෙන්. කණ්ණසුඛා යනු වචනවල මිහිරි බැවින් කනට සුවයකි. ඉඳිකටුවෙන් විදින්නාක් මෙන් කට උල් නොදනවයි. අරුත් මිහිරි බැවින් මුළු සිරුරෙහි කෝපය ඇති නොවී ප්‍රේමය උපදවානුයි පෙමනීයා වේ. හෘදයට පැමිණ වෙහෙසට පත් නොවන්නේ සුවසේ සිතට පිවිසේ යනු හදයංගමා වේ. ගුණ පිරීමෙන් පුරය වීර්යය වෛරී වේ. පුරයෙහි සංවර්ධන කාන්තාව මෙන් සුකුමාර බැවින් පොරී වේ. පුරයෙහි මෙය හෝ පොරී වේ. පුරයේ මෙය යනු නගරවාසීන්ගේ කථා නය අර්ථය වේ. නුවරවැසියන්ගේ කතා වේ. ප්‍රීතිමත්ය යන පිතා වේ. මාති මාත්‍රය මාතා වේ. භාතිමත්ත භතා වේ. මෙබඳු වූ කතා බොහෝදෙනාට ප්‍රිය වේය බහුජන කන්තා වේ. බොහෝ දෙනාට ප්‍රියභාවයෙන්ම බොහෝදෙනාට මනාප වූ සිතේ වැඩීම කෙරේනුයි බහුජන මනාපා වේ. අයං වුච්චති මෙබඳු වූ මේ පුද්ගලයා මධුභාණී යයි කියනු ලැබේ. මුදුභාණි යනු ද පාඨයකි. දෙකේම මිහිරි වචන යන අර්ථයයි. යම්සේ චතු මධුර නම් ප්‍රණීත වේ. එසේම මේ පුද්ගලයාගේ වචන දෙව් මිනිසුන්ට මිහිරි වේ.

අරුකූපමචිත‍්තාදීසු – අභිසජ‍්ජතීති ලග‍්ගති. කුප‍්පතීති කොපවසෙන කුප‍්පති. බ්‍යාපජ‍්ජතීති පකතිභාවං පජහති, පූතිකො හොති. පතිත්‍ථීයතීති ථිනභාවං ථද‍්ධභාවඤ‍්ච ආපජ‍්ජති. කොපන‍්ති දුබ‍්බලකොධං. දොසන‍්ති දුස‍්සනවසෙන තතො බලවතරං. අප‍්පච‍්චයන‍්ති අතුට‍්ඨාකාරං දොමනස‍්සං. දුට‍්ඨාරුකොති පුරාණවණො. කට‍්ඨෙනාති දණ‍්ඩකකොටියා. කඨලායාති කපාලෙන. ආසවං දෙතීති අපරාපරං සවති. පුරාණවණො හි අත‍්තනො ධම‍්මතාය එව පුබ‍්බං ලොහිතං යූසන‍්ති ඉමානි තීණි සවති , ඝට‍්ටිතො පන තානි අධිකතරං සවති. එවමෙවං ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං, දුට‍්ඨාරුකො විය හි කොධනො පුග‍්ගලො. තස‍්ස අත‍්තනො ධම‍්මතාය සවනං විය කොධනස‍්සපි අත‍්තනො ධම‍්මතාය උද‍්ධුමාතකස‍්ස විය චණ‍්ඩිකතස‍්ස චරණං. කට‍්ඨෙන වා කඨලාය වා ඝට‍්ටනං විය අප‍්පමත‍්තකම‍්පි වචනං භිය්‍යොසො මත‍්තාය සවනං විය ‘මාදිසං නාම එස එවං වදතී’ති භිය්‍යොසො මත‍්තාය උද‍්ධුමායනභාවො දට‍්ඨබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො අරුකූපමචිත‍්තොති වුච‍්චති. පුරාණවණසදිසචිත‍්තොති අත්‍ථො.

අරුකූපම චිත්තාදියෙහි අභිසජ්ජති යනු ලගී. කුප්පති යනු කෝප වශයෙන් කිපේ. බ්‍යාපජ්ජති යනු ප්‍රකෘතිභාවය අත්හරියි. කුණු වේ. පතිත්‍ථියති යනු ථිතභාවය තදබවට පැමිණේ. කොපං යනු දුර්වල ක්‍රෝධයයි. දොසං ද්වේෂ වශයෙන් ඊට වඩා බලවත් වේ. අප්පච්චයං සතුට නැති, දොම්නසයි. දුට්ඨාරුකො යනු පැරණි තුවාලයකි. කට්ඨෙන යනු දණ්ඩක කෙළවරින්. කඵලෙන යනු කපාලයෙන්. ආසවං දෙති යනු නොසිඳී වැගිරේ. පැරණි තුවාලයේ එහි ස්වභාවය වශයෙන් සැරව ලේ ඉස්ම තැන වැගිරේ. ගැටීමෙන් ඊට වඩා වැඩියෙන් වැගිරේ. එවමෙව ඛො යනු මෙහි මෙය උපමාව සැසඳීම වේ. පැරණි වණය මෙනි. ක්‍රෝධ පුද්ගලයා එහි ස්වභාවය වැගිරීම ක්‍රෝධ පුද්ගලයාගේ ස්වභාවය ද ඉදිමුණු අයකු මෙන් සැඩ හැසිරීමයි. දණ්ඩකින් හෝ කැටකැබලිත්තකින් හෝ ගැටීම මෙන් වචන ඇති වේ. ඇසීමට බොහෝ කැමැත්තෙන් මෙන් මා වැනි කෙනෙකුට මොහු මෙසේ කියා යයි අතිශයින් ඉදිමුණු බව දතයුතුය. අයං වුච්චති මෙබඳු මේ පුද්ගලයා අරුකුපමචිත්ත යයි කියනු ලැබේ. පැරණි තුවාල සමාන සිතය යන අර්ථය වේ.

රත‍්තන්‍ධකාරතිමිසායාති රත‍්තිං චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණෙන අන්‍ධභාවකරණෙ බහලතමෙ. විජ‍්ජන‍්තරිකායාති විජ‍්ජුප‍්පත‍්තික‍්ඛණෙ. ඉධාපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – චක‍්ඛුමා පුරිසො විය හි යොගාවචරො දට‍්ඨබ‍්බො. අන්‍ධකාරං විය සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣා කිලෙසා. විජ‍්ජුසඤ‍්චරණං විය සොතාපත‍්තිමග‍්ගඤාණස‍්ස උප‍්පත‍්තිකාලො. විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සාමන‍්තා රූපදස‍්සනං විය සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං. පුන අන්‍ධකාරාවත්‍ථරණං විය සකදාගාමිමග‍්ගවජ‍්ඣා කිලෙසා. පුන විජ‍්ජුසඤ‍්චරණං විය සකදාගාමිමග‍්ගඤාණස‍්ස උප‍්පාදො. විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සාමන‍්තා රූපදස‍්සනං විය සකදාගාමිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං. පුන අන්‍ධකාරාවත්‍ථරණං විය අනාගාමිමග‍්ගවජ‍්ඣා කිලෙසා. පුන විජ‍්ජුසඤ‍්චරණං විය අනාගාමිමග‍්ගඤාණස‍්ස උප‍්පාදො. විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සාමන‍්තා රූපදස‍්සනං විය අනාගාමිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං වෙදිතබ‍්බං. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො විජ‍්ජූපමචිත‍්තොති වුච‍්චති. ඉත‍්තරකාලොභාසෙන විජ‍්ජුසදිසචිත‍්තොති අත්‍ථො.

රත්තන්‍ධකාර තිමිසාය යනු රාත්‍රියෙහි චක්‍ඛු විඤ්ඤාණයට පැමිණීම වැලැක්වීමෙන් නොපෙනීම කිරීමේ දැඩි අඳුර. විජ්ජත්තරිකාය යනු විදුලි කොටන ක්‍ෂණයෙහි. මෙයද මෙහි උපමා සංසන්දනයයි. ඇස් ඇති පුරුෂයකු මෙන් යෝගාවචරයා දතයුතුය. සෝවාන් මාර්ගය වළහන කෙලෙස් අඳුර මෙනි. සෝවාන් මාර්ග ඤාණය උපන් මොහොත විදුලිය කෙටීමක් මෙනි. සෝවාන් මාර්ග ඤාණයෙහි නිවන් දැකීම විදුලි කොටනවිට ඇස් ඇත්තෙකුට අවට රූප දර්ශනය වෙනවා මෙනි. සකදාගාමි මාර්ගය වලහන කෙලෙස් නැවත අඳුර පැතිරීම මෙනි. සකෘදාගාමි මාර්ග ඤාණය ඉපදීම නැවත විදුලි කෙටීමක් මෙනි. සකෘදාගාමි මාර්ග ක්‍ෂණයෙහි නිවන් දැකීම විදුලි කොටනවිට ඇස් ඇත්තෙකු රුප දැකීම මෙනි. අනාගාමි මාර්ගය වසන කෙලෙස් නැවත අඳුර පැතිරීමක් මෙනි. අනාගාමි මාර්ග ඤාණය ඉපදීම නැවත විදුලි කෙටීමක් මෙනි. විදුලි කොටන වෙලාවේ ඇස් ඇති මිනිසෙකුට අවට රූප පෙනෙන්නාක් මෙන් අනාගාමි මාර්ග ක්‍ෂණයෙහි නිවන් දැකීම දැනගත යුතුය. අයං වුච්චති මෙබඳු මේ පුද්ගලයා විජ්ජූපම චිත්ත යයි කියනු ලැබේ. ස්වල්ප කාල එළියෙන් විදුලිය සමාන සිතය යන අර්ථය වේ.

වජිරූපමචිත‍්තතායපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – වජිරං විය හි අරහත‍්තමග‍්ගඤාණං දට‍්ඨබ‍්බං. මණිගණ‍්ඨිපාසාණගණ‍්ඨි විය අරහත‍්තමග‍්ගවජ‍්ඣා කිලෙසා. වජිරස‍්ස මණිගණ‍්ඨිං වා පාසාණගණ‍්ඨිං වා විනිවිජ‍්ඣිත්‍වා අගමනභාවස‍්ස නත්‍ථිභාවො විය අරහත‍්තමග‍්ගඤාණෙන අච‍්ඡෙජ‍්ජානං කිලෙසානං නත්‍ථිභාවො. වජිරෙන නිබ‍්බිද‍්ධවෙධස‍්ස පුන අපටිපූරණං විය අරහත‍්තමග‍්ගෙන ඡින‍්නානං කිලෙසානං පුන අනුප‍්පාදො දට‍්ඨබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො වජිරූපමචිත‍්තොති වුච‍්චති. කිලෙසානං මූලඝාතකරණසමත්‍ථතාය වජිරෙන සදිසචිත‍්තොති අත්‍ථො.

වජිරූපම සිතේද මේ උපමා සංසන්දන යයි. රහත්මග ඤාණය වජ්‍රය (විදුර) මෙන් දතයුතුය. රහත්මග නුවණ අහුරන කෙලෙස් මිණිගැට පහණ ගැට මෙනි. රහත්මග නුවණින් දැන කෙලෙසුන් හේ නැති බව විදුරෙන් මිණිගැට හෝ පහණ ගැට විනිවිද නො වැගිරෙන හැකිබව මෙනි. විදුරෙන් විනිවිද ගිය දෙයෙහි නැවත පරිසූරණක් නොමැති මෙන් රහත් මගින් නැසූ කෙලෙස් නැවත නූපදින බව දතයුතුය. අයං වුච්චති මෙබඳු මේ පුද්ගලයා වජිරූපමං චිත්ත යයි කියනු ලැබේ. කෙලෙසුන් මුලුමනින් නැසීමට සමත් විදුර හා සමාන සිතය යන අර්ථයයි.

අන්‍ධාදීසු තථාරූපං චක‍්ඛු න හොතීති තථාජාතිකං තථාසභාවං පඤ‍්ඤාචක‍්ඛු න හොති. ඵාතිං කරෙය්‍යාති ඵීතං වඩ‍්ඪිතං කරෙය්‍ය. සාවජ‍්ජානවජ‍්ජෙති සදොසනිද‍්දොසෙ. හීනප‍්පණීතෙති අධමුත‍්තමෙ. කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙති කණ‍්හසුක‍්කායෙව අඤ‍්ඤමඤ‍්ඤපටිබාහනතො පටිපක‍්ඛවසෙන සප‍්පටිභාගාති වුච‍්චන‍්ති. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – කුසලෙ ධම‍්මෙ ‘කුසලා ධම‍්මා’ති යෙන පඤ‍්ඤාචක‍්ඛුනා ජානෙය්‍ය, අකුසලෙ ධම‍්මෙ ‘අකුසලා ධම‍්මා’ති, සාවජ‍්ජාදීසුපි එසෙව නයො. කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙසු පන කණ‍්හධම‍්මෙ ‘සුක‍්කසුප‍්පටිභාගා’ති, සුක‍්කධම‍්මෙ ‘කණ‍්හසප‍්පටිභාගා’ති යෙන පඤ‍්ඤාචක‍්ඛුනා ජානෙය්‍ය. තථාරූපම‍්පිස‍්ස චක‍්ඛු න හොතීති ඉමිනා නයෙන සෙසට‍්ඨානෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො දිට‍්ඨධම‍්මිකභොගසංහරණපඤ‍්ඤාචක‍්ඛුනො ච සම‍්පරායිකත්‍ථසොධනපඤ‍්ඤාචක‍්ඛුනො ච අභාවා අන්‍ධොති වුච‍්චති. දුතියො දිට‍්ඨධම‍්මිකභොගසංහරණපඤ‍්ඤාචක‍්ඛුනො භාවා, සම‍්පරායිකත්‍ථසොධනපඤ‍්ඤාචක‍්ඛුනො පන අභාවා එකචක‍්ඛූති වුච‍්චති. තතියො ද‍්වින‍්නම‍්පි භාවා ද‍්විචක‍්ඛූති වුච‍්චති.

අන්‍ධාදියෙහි තථාරූපං චක්‍ඛු න හොති යනු එබඳු ජාතික එබඳු ස්වභාව පැණ ඇසක් නොවේ. ඵාතිං කරෙය්‍ය යනු පිරුණු බවක් වැඩුණු බවක් කරන්නේය. යාවජ්ජාන වජ්ජෙහි යනු සදොස් නිදොස්හි. හීනප්පණීතෙ යනු අධම උත්තමයෙනි, කණ්හ සුක්ක සප්පටිභාගෙ යනු කළු සුදුවලම ඔවුනොවුන් පිළිබහන නිසා ඊට ප්‍රතිපක්‍ෂ (පිළිවික්) වශයෙන් සප්පටිභාග යයි කියනු ලැබේ. මෙය මෙහි සංක්‍ෂේපයයි. කුසල ධර්මයෙහි කුසල් ධර්ම යයි පැණැසින් දන්නේය. අකුසලයෙහි අකුසල් යනු ද එසේය. සාවජ්ජාදියෙහි ද මෙම නයම වේ. කළු සුදු ප්‍රතිපක්‍ෂයෙහි අයහපත් ධර්මවල යහපත් ධර්ම ප්‍රතිපක්‍ෂ වශයෙන්, යහපත් ධර්මවල අයහපත් ධර්ම ප්‍රතිපක්‍ෂ වශයෙන් යයි යම් නුවණැසින් දන්නේය. එබඳු ඇසක් නොවේ යයි මෙම නයින් සෙසු තැන්වල ද අර්ථය දතයුතුය. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා මෙලොව භොග සංහරණ ප්‍රඥා චක්‍ෂුස ද පරලොව අර්ථ සොයන නුවණැසද නොවීමෙන් අන්‍ධ යයි කියනු ලැබේ. දෙවනුව මෙලොව භොග සංහරණ නුවණැස ඇතිව පරලොව අර්ථසාධක නැතිවීමෙන් එකචක්‍ඛු යයි කියනු ලැබේ. තුන්වෙනුව දෙකම ඇතිවීමෙන් ද්විචක්‍ඛු යයි කියනු ලැබේ.

අවකුජ‍්ජපඤ‍්ඤාදීසු ධම‍්මං දෙසෙන‍්තීති උපාසකො ධම‍්මස‍්සවනත්‍ථාය ආගතොති අත‍්තනො කම‍්මං පහාය ධම‍්මං දෙසෙන‍්ති. ආදිකල්‍යාණන‍්ති ආදිම‍්හි කල්‍යාණං භද‍්දකං අනවජ‍්ජං නිද‍්දොසං කත්‍වා දෙසෙන‍්ති. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ පන ආදීති පුබ‍්බපට‍්ඨපනා. මජ‍්ඣන‍්ති කථාවෙමජ‍්ඣං. පරියොසානන‍්ති සන‍්නිට‍්ඨානං. ඉතිස‍්ස ධම‍්මං කථෙන‍්තා පුබ‍්බපට‍්ඨපනෙපි කල්‍යාණං භද‍්දකං අනවජ‍්ජමෙව කත්‍වා කථෙන‍්ති, වෙමජ‍්ඣෙපි, පරියොසානෙපි. එත්‍ථ ච අත්‍ථි දෙසනාය ආදිමජ‍්ඣපරියොසානානි, අත්‍ථි සාසනස‍්ස. තත්‍ථ දෙසනාය තාව – චතුප‍්පදිකගාථාය පඨමපදං ආදි, ද‍්වෙ පදානි මජ‍්ඣං, අවසානපදං පරියොසානං. එකානුසන්‍ධිකසුත‍්තස‍්ස – නිදානං ආදි, අනුසන්‍ධි මජ‍්ඣං, ඉදමවොචාති අප‍්පනා පරියොසානං. අනෙකානුසන්‍ධිකස‍්ස – පඨමො අනුසන්‍ධි ආදි , තතො පරං එකො වා අනෙකා වා මජ‍්ඣං, පච‍්ඡිමො පරියොසානං. අයං තාව දෙසනාය නයො.

අවකුජ්ජ පඤ්ඤාදියෙහි ධම්මං දෙසෙන්ති යන උපාසකය, බණ ඇසීමට පැමිණියේ යයි තමාගේ කටයුතු අත්හැර දම් දෙසති. ආදි කල්‍යාණං යනු මුල කලණය, සොඳුරුය, නිවැරදි නිදොස් කොට දේසනා කරති. සෙසු පදවල ද මෙම නයම වේ. මෙහි ආදි යනු මුල පිහිටුවීමය. මජ්ඣං යනු කථා මැදය. පරියොසානං යනු සනිටුහනය. (නිශ්චය) මෙසේ ධර්මය දේශනා කරන්නේ මුලින් පටන්ගැනීම කලණය, සොඳුරුය, නිවැරදි කොටම දේශනා කරයි. මැද ද අවසානය ද එසේය. එහිද ආදි මධ්‍ය අවසාන ඇත. සතරපද ගාථාවකද ආදි මධ්‍ය අවසාන ඇත. එහි පළමුවන පාදය ආදියයි දෙවන තුන්වන පාද මැදය. සතරවන පාදය අවසානයයි. එක් අනුසන්ධියක් ඇති නිදානය ආදියයි. අනුසන්ධාන මැදය. ඉදමවොච යන අර්පනාව අවසානයයි. නොයෙක් අනුසන්ධි ඇත්තේ පළමු අනුසන්ධිය ආදියයි. ඉන්පසු එකක් හෝ නොයෙක් හෝ අනුසන්ධි මැදය. අවසන් අනුසන්ධිය අවසානයයි. මෙය දේශනා නයයි.

සාසනස‍්ස පන සීලං ආදි, සමාධි මජ‍්ඣං, විපස‍්සනා පරියොසානං. සමාධි වා ආදි, විපස‍්සනා මජ‍්ඣං, මග‍්ගො පරියොසානං. විපස‍්සනා වා ආදි, මග‍්ගො මජ‍්ඣං, ඵලං පරියොසානං. මග‍්ගො වා ආදි, ඵලං මජ‍්ඣං, නිබ‍්බානං පරියොසානං . ද‍්වෙ ද‍්වෙ වා කරියමානෙ සීලසමාධයො ආදි, විපස‍්සනාමග‍්ගා මජ‍්ඣං, ඵලනිබ‍්බානානි පරියොසානං. සාත්‍ථන‍්ති සාත්‍ථකං කත්‍වා දෙසෙන‍්ති. සබ්‍යඤ‍්ජනන‍්ති අක‍්ඛරපාරිපූරිං කත්‍වා දෙසෙන‍්ති. කෙවලපරිපුණ‍්ණන‍්ති සකලපරිපුණ‍්ණං අනූනං කත්‍වා දෙසෙන‍්ති. පරිසුද‍්ධන‍්ති පරිසුද‍්ධං නිජ‍්ජටං නිග‍්ගණ‍්ඨිං කත්‍වා දෙසෙන‍්ති. බ්‍රහ‍්මචරියං පකාසෙන‍්තීති එවං දෙසෙන‍්තා ච සෙට‍්ඨචරියභූතං සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං පකාසෙන‍්ති. නෙව ආදිං මනසි කරොතීති නෙව පුබ‍්බපට‍්ඨපනං මනසි කරොති. කුම‍්භොති ඝටො. නික‍්කුජ‍්ජොති අධොමුඛො ඨපිතො. එවමෙවන‍්ති එත්‍ථ කුම‍්භො නික‍්කුජ‍්ජො විය අවකුජ‍්ජපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො. උදකාසිඤ‍්චනකාලො විය ධම‍්මදෙසනාය ලද‍්ධකාලො. උදකස‍්ස විවට‍්ටනකාලො විය තස‍්මිං ආසනෙ නිසින‍්නස‍්ස උග‍්ගහෙතුං අසමත්‍ථකාලො. උදකස‍්ස අසණ‍්ඨානකාලො විය උට‍්ඨහිත්‍වා අසල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො අවකුජ‍්ජපඤ‍්ඤොති වුච‍්චති. අධොමුඛපඤ‍්ඤොති අත්‍ථො.

අනුසාසනයේ වනාහි සීලය ආදියයි. සමාධිය මැදය. විපස්සනාව අවසානයයි. සමාධිය හෝ ආදියයි. විපස්සනාව මැදයි. මාර්ගය අවසානයයි. විපස්සනාව හෝ ආදියයි. මාර්ගය මැදයි. ඵලය අවසානයයි. මාර්ගය හෝ ආදියයි. ඵලය මැදයි. නිවන අවසානයයි. දෙක දෙක හෝ කරන්නේ සීල සමාධි ආදියයි. විපස්සනා මග්ග මැදයි. ඵල නිබ්බාන අවසානයයි. සාත්‍ථං යනු අර්ථ සහිත කොට දේශනා කරති. සබ්‍යඤ්ජනං යනු අක්‍ෂර සම්පූර්ණ කොට දේශනා කරති. කෙවලපරිපුණ්ණං යනු සියල්ල සම්පූර්ණ කොට අඩු නැතිව දේශනා කරති. පරිසුද්ධං යනු අවුල් නැතිව ගැට නැතිව දේශනා කරති. බ්‍රහ්මචරියං පකාසෙන්ති යනු මෙසේ දේශනා කරන්නේ ද ශ්‍රේෂ්ඨ හැසිරීම වූ ශික්‍ෂා පද තුන ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රකාශ කරති. නෙව ආදිං මනසිකරොති යනු මුලින් පටන්ගැනීම මෙනෙහි නොකරයි. කුම්භො යනු කළයයි. නික්කුජ්ජො යනු කට යටට හරවා තබන ලද එවමෙවං මෙහි කළය මුනින් නැමුවාක් මෙන් අවකුජ්ජපඤ්ඤ පුද්ගලයා දතයුතුය. ජලය ඉසින කාලය මෙනි. දහම් දෙසීම ලබන කාලය ජලය පෙරලෙන කාලය මෙනි. ඒ ආසනයේ සිටියහුට ඉගෙනීමට අසමත් කාලය. ජලයේ සටහනක් නැති කාලය මෙනි. නැගිටිනවිට සලකුණක් නැති කාලය දතයුතුය. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා අවකුජ්ජපඤ්ඤ යයි කියනු ලැබේ. අධොමුඛ පඤ්ඤසා යන අර්ථයයි.

ආකිණ‍්ණානීති පක‍්ඛිත‍්තානි. සතිසම‍්මොසා පකිරෙය්‍යාති මුට‍්ඨස‍්සතිතාය විකිරෙය්‍ය. එවමෙවන‍්ති එත්‍ථ උච‍්ඡඞ‍්ගො විය උච‍්ඡඞ‍්ගපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො. නානාඛජ‍්ජකානි විය නානප‍්පකාරං බුද‍්ධවචනං. උච‍්ඡඞ‍්ගෙ නානාඛජ‍්ජකානි ඛාදන‍්තස‍්ස නිසින‍්නකාලො විය තස‍්මිං ආසනෙ නිසින‍්නස‍්ස උග‍්ගහණකාලො. වුට‍්ඨහන‍්තස‍්ස සතිසම‍්මොසා විකිරණකාලො විය තස‍්මා ආසනා වුට‍්ඨාය ගච‍්ඡන‍්තස‍්ස අසල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො උච‍්ඡඞ‍්ගපඤ‍්ඤොති වුච‍්චති. උච‍්ඡඞ‍්ගසදිසපඤ‍්ඤොති අත්‍ථො.

ආකිණ්ණානි යනු බහන ලද. සතිසෙම්මාසා පකිරෙය්‍ය යනු අවසිහියෙන් විසුරුවන්නේය. එවමෙව යනු මෙහි උකුල මෙන් උච්ඡංග පුද්ගලයා දැකිය යුතුය. නොයෙක් නොයෙක් කැවිලි මෙන් නානා බුද්ධ වචනය. උකුලෙහි (ඔඩොක්කුවෙහි) නොයෙක් කැවිලි කමින් සිටින කාලය මෙනි. ආසන හිඳගෙන දහම් ඉගෙනගන්නා කාලය. නැගිටිනවිට අසිහියෙන් කැවිලි විසුරුවන කාලය මෙනි. නැගිට යනවිට සලකුණක් නොමැති කාලය දතයුතුය. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා උච්ඡංගපඤ්ඤ යයි කියනු ලැබේ. උච්ඡංගය සමාන පඤ්ඤා ඇත්තා යන අර්ථය වේ.

උක‍්කුජ‍්ජොති උපරිමුඛො ඨපිතො. සණ‍්ඨාතීති පතිට‍්ඨහති. එවමෙව ඛොති එත්‍ථ උපරිමුඛො ඨපිතො කුම‍්භො විය පුථුපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො. උදකස‍්ස ආසිත‍්තකාලො විය දෙසනාය ලද‍්ධකාලො. උදකස‍්ස සණ‍්ඨානකාලො විය තත්‍ථ නිසින‍්නස‍්ස උග‍්ගහණකාලො. නො විවට‍්ටනකාලො විය උට‍්ඨාය ගච‍්ඡන‍්තස‍්ස සල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො පුථුපඤ‍්ඤොති වුච‍්චති. විත්‍ථාරිකපඤ‍්ඤොති අත්‍ථො.

උක්කුජ්ජො යනු කට උඩට හරවා තබන ලද. සණ්ඨාති යනු පිහිටුවයි. එවමෙවඛො මෙහි කට උඩට හරවා තබන ලද කළය මෙන් පුථුපඤ්ඤ පුද්ගලයා දැකිය යුතුය. ජලය වත්කළ කාලය මෙනි. දේශනාව ලැබූ කාලය. ජලය පිහිටි කාලය මෙහි හිඳගන්නා කාලය. නොවැටෙන කාලය මෙන් නැගිට යනවිට සලකුණු ඇති කාලය දතයුතුය. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා පුථුපඤ්ඤ යයි කියනු ලැබේ. පැවරුණු ප්‍රඥාව ඇත යන අර්ථයයි.

අවීතරාගාදීසු – යථා සොතාපන‍්නසකදාගාමිනො, එවං පුථුජ‍්ජනොපි පඤ‍්චසු කාමගුණෙසු, තීසු ච භවෙසු අවීතරාගො. අදබ‍්බතාය පන න ගහිතො. යථා හි ඡෙකො වඩ‍්ඪකී දබ‍්බසම‍්භාරත්‍ථං වනං පවිට‍්ඨො න ආදිතො පට‍්ඨාය සම‍්පත‍්තසම‍්පත‍්තරුක‍්ඛෙ ඡින්‍දති, යෙ පනස‍්ස දබ‍්බසම‍්භාරූපගා හොන‍්ති, තෙයෙව ඡින්‍දති; එවමිධාපි භගවතා දබ‍්බජාතිකා අරියාව ගහිතා, පුථුජ‍්ජනා පන අදබ‍්බතාය න ගහිතාති වෙදිතබ‍්බා. කාමෙසු වීතරාගොති පඤ‍්චසු කාමගුණෙසු වීතරාගො. භවෙසු අවීතරාගොති රූපාරූපභවෙසු අවීතරාගො.

අවීත රාගාදියෙහි යම්සේ සෝවාන් සකෘදාගාමීහු එසේ පෘථග්ජනයෝ ද පස්කම් ගුණයෙහි හා තුන් භවයෙහි ද පහනොවූ රාග ඇත්තෝ වෙති. නුවණ නැති බැවින් නොගන්නා ලදී. යම්සේ දක්‍ෂ වඩුවෙක් සරු ගස් ඇති වනයකට පිවිස මුල පටන් හමුවෙන හැම ගසක්ම නොකපයි. කර්මාන්තයට සුදුසු ගසක්ම කපයි. මෙසේ මෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණැති ආර්යයාට ගන්නා ලදී. පුහුදුන් පුඟුලා නුවණ නැති බැවින් නොගන්නා ලදැයි දතයුතුය. කාමෙසු වීතරාගො යනු පස්කම් ගුණයෙහි පහවූ රාගය ඇති. භවෙසු-අවීතරාගො රූප අරූප භවවල පහනොවූ රාගය ඇති.

පාසාණලෙඛූපමාදීසු – අනුසෙතීති අප‍්පහීනතාය අනුසෙති. න ඛිප‍්පං ලුජ‍්ජතීති න අන‍්තරා නස‍්සති, කප‍්පුට‍්ඨානෙනෙව නස‍්සති. එවමෙවන‍්ති එවං තස‍්සාපි පුග‍්ගලස‍්ස කොධො න අන‍්තරා පුනදිවසෙ වා අපරදිවසෙ වා නිබ‍්බාති, අද‍්ධනියො පන හොති. මරණෙනෙව නිබ‍්බාතීති අත්‍ථො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො පාසාණලෙඛා විය කුජ‍්ඣනභාවෙන චිරට‍්ඨිතිකතො පාසාණලෙඛූපමොති වුච‍්චති.

පාසාණ ලෙඛූපාදියෙහි අනුසෙති යනු ප්‍රහීන නොවූ හෙයින් අනුසේති වේ. න ඛිප්පං ලජ්ජති යනු අතර නො නසියි. කල්පය ගෙවීමෙන් නසයි. එවමෙව යනු ඒ පුද්ගලයාගේ ක්‍රෝධය අනතුරුව දෙවන දිනයෙහි හෝ ඊළඟ දිනයෙහි හෝ නොනිවේ. කාලයක් පවතී. මරණයෙන්ම නිවේය යන අර්ථය වේ. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා සෙල් ලිපියක් මෙන් ක්‍රෝධ භාවයෙන් කලක් සිටින හෙයින් පාසාණ ලෙඛූපමො යයි කියනු ලැබේ.

සො ච ඛ‍්වස‍්ස කොධොති සො අප‍්පමත‍්තකෙපි කාරණෙ සහසා කුද‍්ධස‍්ස කොධො. න චිරන‍්ති අචිරං අප‍්පහීනතාය නානුසෙති. යථා පන පථවියං ආකඩ‍්ඪිත්‍වා කතලෙඛා වාතාදීහි ඛිප‍්පං නස‍්සති, එවමස‍්ස සහසා උප‍්පන‍්නොපි කොධො ඛිප‍්පමෙව නිබ‍්බාතීති අත්‍ථො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො පථවියං ලෙඛා විය කුජ‍්ඣනභාවෙන අචිරට‍්ඨිතිකතො පථවීලෙඛූපමොති වුච‍්චති.

සො ච බවස්ස කොධො යනු හේ ස්වල්ප වූ කරුණෙහි වහා කිපෙන ක්‍රෝධ ඇත්තේ වේ. න චිරං යනු චිරනොවන අප්‍රහීන බැවින් අනුව නිදයි. යම්සේ පොළොවෙහි ඇද කරන ලද ඉර සුළඟ ආදියෙන් වහා නැසේ. මෙසේම වහා උපන් ක්‍රෝධය ද වහා නිවේ යන අර්ථයයි. අයං වුච්චති යනු එබඳු වූ මේ පුද්ගලයා පොළොවෙහි ඉර මෙන් කිපෙන ස්වභාවයෙන් කලක් නොපවතීය යයි පඨවිලේඛූපමා යයි කියනු ලැබේ.

ආගාළ‍්හෙනාති අතිගාළ‍්හෙන මම‍්මච‍්ඡෙදකෙන ථද‍්ධවචනෙන. ඵරුසෙනාති න සොතසුඛෙන. අමනාපෙනාති න චිත‍්තසුඛෙන. සංසන්‍දතීති එකීභවති. සන්‍ධියතීති ඝටයති. සම‍්මොදතීති නිරන‍්තරො හොති. අථ වා – සංසන්‍දතීති චිත‍්තකිරියාදීසු චිත‍්තෙන සමොධානං ගච‍්ඡති. ඛීරොදකං විය එකීභාවං උපෙතීති අත්‍ථො. සන්‍ධියතීති ඨානගමනාදීසු කායකිරියාදීසු කායෙන සමොධානං ගච‍්ඡති. තිලතණ‍්ඩුලා විය මිස‍්සීභාවං උපෙතීති අත්‍ථො. සම‍්මොදතීති උද‍්දෙසපරිපුච‍්ඡාදීසු වචීකිරියාසු වාචාය සමොධානං ගච‍්ඡති. විප‍්පවාසගතොපි පියසහායකො විය පියතරභාවං උපෙතීති අත්‍ථො. අපිච – කිච‍්චකරණීයෙසු තෙහි සද‍්ධිං ආදිතොව එකකිරියභාවං උපගච‍්ඡන‍්තො සංසන්‍දති. යාව මජ‍්ඣා පවත‍්තන‍්තො සන්‍ධියති, යාව පරියොසානා අනිවත‍්තන‍්තො සම‍්මොදතීතිපි වෙදිතබ‍්බො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො උදකලෙඛා විය ඛිප‍්පං සංසන්‍දනතො උදකලෙඛූපමොති වුච‍්චති.

ආගාළ්හෙන යනු දැඩි සේ, කර්ම ඡේදනයෙන්, තද වචනයෙන්. ඵරුසෙන කණට සුවයක් නැති. අමනාපෙන සිතට සුවයක් නැති. සංසන්‍දති යන එකක් වේ. සන්‍ධීයති ගලපයි. සම්මොදති යනු නිතරම වේ. නොහොත් සංසන්‍ධති යනු සිතේ සහ ක්‍රියාදියෙහි සිතින් එකතු කිරීමට යයි. කිරි හා දියර මෙන් ඒකීභාවයට පැමිණේ යන අර්ථයයි. සම්මොදතී යනු උද්දේස ප්‍රශ්න ආදියෙහි වචන හා ක්‍රියාවල වචනයෙන් එක් කොට ගැනීමය. විදේශ රටකට ගිය තැනැත්තා ද ප්‍රිය සහායකයකු මෙන් ප්‍රියභාවයට පැමිණේය යන අර්ථයයි. තවද කටයුතු කාරණාවලදී ඔවුන් සමග මුලින්ම ඒක ක්‍රියාභාවයට එළඹෙන්නේ සසඳයි. මැද තෙක් පවත්වන්නේ සන්‍ධි වේ. අවසානය දක්වා නොනවතින්නේ සම්මෙදති යයි දතයුතුය. අයං වුච්චති යනු එබඳු වූ මේ පුද්ගලයා දියේ ඉරක් මෙන් වහා සැසඳීමෙන් උදක ලේඛූපම යයි කියනු ලැබේ.

පොත්‍ථකූපමෙසු – යාය උපමාය තෙ පොත්‍ථකූපමාති වුච‍්චන‍්ති, තං තාව උපමං දස‍්සෙතුං තයො පොත්‍ථකාතිආදි වුත‍්තං. තත්‍ථ නවොති නවවායිමො. පොත්‍ථකොති සාණවාකසාටකො. දුබ‍්බණ‍්ණොති විවණ‍්ණො. දුක‍්ඛසම‍්ඵස‍්සොති ඛරසම‍්ඵස‍්සො. අප‍්පග‍්ඝොති අතිබහුං අග‍්ඝන‍්තො කහාපණග‍්ඝනකො හොති. මජ‍්ඣිමොති පරිභොගමජ‍්ඣිමො. සො හි නවභාවං අතික‍්කමිත්‍වා ජිණ‍්ණභාවං අප‍්පත‍්තො මජ‍්ඣෙ පරිභොගකාලෙපි දුබ‍්බණ‍්ණො ච දුක‍්ඛසම‍්ඵස‍්සො ච අප‍්පග‍්ඝොයෙව ච හොති. අතිබහුං අග‍්ඝන‍්තො අඩ‍්ඪං අග‍්ඝති. ජිණ‍්ණකාලෙ පන අඩ‍්ඪමාසකං වා කාකණිකං වා අග‍්ඝති. උක‍්ඛලිපරිමජ‍්ජනන‍්ති කාළුක‍්ඛලිපරිපුඤ‍්ඡනං.

පොත්‍ථකූපමාවල යම් උපමාවකින් ඔව්හු පොත්‍ථකූපමා යයි කියනු ලබති. ඒ උපමාව දැක්වීමට තයො පොත්‍ථකා යනාදිය කියන ලදී. එහි නවො යනු අළුතෙන් වියන ලද. පොත්‍ථකො යනු හන වැහිරි සාටකයයි. දුබ්බණ්ණො යනු වර්ණ වෙනස් කිරිමය. දුක්‍ඛ සම්ඵස්ස යනු රළු ස්පර්ශයයි. අප්පගෙයා යනු ඉතා බොහෝ වටිනා කහවණුවක් වටී. මජ්ඣිමො යනු පරිභෝගයෙන් මැද එය වනාහි අළුත්බව ඉක්මවා පිරුණු බවට නොපැමිණියේ වේ. මැද පිරිබෝ කල්හිද දුර්වර්ණ වූයේද රළු ස්පර්ශය වූයේද වටිනාකම අඩු වූයේද වේ. බොහෝ අගය ඇත්තේ අඩක් අගී. දිරුණු කාලයේ අඩ මසක් හෝ කාකයෙක් (තුට්ටුව) අගී. උක්‍ඛලි පරිමජ්ජං යනු කළු හැලිය පිසදැමීම.

නවොති උපසම‍්පදාය පඤ‍්චවස‍්සකාලතො හෙට‍්ඨා ජාතියා සට‍්ඨිවස‍්සොපි නවොයෙව. දුබ‍්බණ‍්ණතායාති සරීරවණ‍්ණෙනපි ගුණවණ‍්ණෙනපි දුබ‍්බණ‍්ණතාය. දුස‍්සීලස‍්ස හි පරිසමජ‍්ඣෙ නිසින‍්නස‍්ස නිත‍්තෙජතාය සරීරවණ‍්ණොපි න සම‍්පජ‍්ජති, ගුණවණ‍්ණෙ වත‍්තබ‍්බමෙව නත්‍ථි. යෙ ඛො පනස‍්සාති යෙ ඛො පන තස‍්ස උපට‍්ඨාකා වා ඤාතිමිත‍්තාදයො වා එතං පුග‍්ගලං සෙවන‍්ති. තෙසං තන‍්ති තෙසං පුග‍්ගලානං ඡ සත්‍ථාරෙ සෙවන‍්තානං මිච‍්ඡාදිට‍්ඨිකානං විය, දෙවදත‍්තං සෙවන‍්තානං කොකාලිකාදීනං විය ච තං සෙවනං දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය හොති. මජ‍්ඣිමොති පඤ‍්චවස‍්සකාලතො පට‍්ඨාය යාව නවවස‍්සකාලා මජ‍්ඣිමො නාම. ථෙරොති දසවස‍්සකාලතො පට‍්ඨාය ථෙරො නාම. එවමාහංසූති එවං වදන‍්ති. කිං නු ඛො තුය‍්හන‍්ති තුය‍්හං බාලස‍්ස භණිතෙන කො අත්‍ථොති වුත‍්තං හොති. තථාරූපන‍්ති තථාජාතිකං තථාසභාවං උක‍්ඛෙපනීයකම‍්මස‍්ස කාරණභූතං.

නවො යනු උපසම්පදාවෙන් පස්වසට අඩු. උපතින් සැට වයස් වූවක නවකමය. දුබ්බණ්ණතාය යනු ශරීර වර්ණයෙන්ද ගුණ වර්ණයෙන් දුර්වර්ණ බැවින්. පිරිස් මැද හිඳින දුස්සීලයා හේ නිෂ්තේජස් බැවින් ශරීර වර්ණය ද දියුණු නොවේ. ගුණ වර්ණය ගැන කිවයුත්තක් නැත. යෙ ඛො පනස්ස යනු ඔහුගේ උපස්ථායකයෙක් හෝ ඤාති මිත්‍ර කෙනෙක් හෝ මේ පුද්ගලයා සේවනය කරති. තෙසං යනු ඒ පුද්ගලයන්ගේ ෂට් ශාස්තෲන් සේවනය කරන මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ මෙන් දෙව්දතුන් සේවනය කරන කෝකාලිකාදීන්ගේ මෙන් ද ඒ සේවනය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතී. මජ්ඣිමො යනු පස්වස් කාලයේ සිට නව වර්ෂ කාලය තෙක් මජ්ඣිම නම් වේ. ථෙරො යනු දස වර්ෂයේ පටන් ථෙරො නම් වේ. එවමාහංසු යනු මෙසේ කියති. කින්නු ඛො තුය්හං බාලයෙකුට කථා කිරීමේදී යන අර්ථය කියන ලදී. තථාරූපං යනු එබඳු ජාති, එබඳු ස්වභාවය උක්‍ඛෙපනීය කර්මයට හේතු වූ.

කාසිකවත්‍ථූපමෙසු – කාසිකවත්‍ථං නාම තයො කප‍්පාසංසූ ගහෙත්‍වා කන‍්තිතසුත‍්තෙන වායිතං සුඛුමවත්‍ථං. තං නවවායිමං අනග‍්ඝං හොති. පරිභොගමජ‍්ඣිමං වීසම‍්පි තිංසම‍්පි සහස‍්සානි අග‍්ඝති. ජිණ‍්ණකාලෙ පන අට‍්ඨපි දසපි සහස‍්සානි අග‍්ඝති.

කාසිකවත්‍ථ උපමාවල කසී වස්ත්‍ර නම් කපුඅංසු ගෙන කටින ලද නූලෙන් වියන ලද සියුම් වස්ත්‍රයයි. එය අළුතෙන් වියූ විට අගය අධිකය. පරිභොග මධ්‍යමය විස්සක් තිහක් දහසක් අගී. දිරුණු කාලයෙහි ද අටක් දහයක් දහසක් වටී.

තෙසං තං හොතීති තෙසං සම‍්මාසම‍්බුද‍්ධාදයො සෙවන‍්තානං විය තං සෙවනං දීඝරත‍්තං හිතාය සුඛාය හොති. සම‍්මාසම‍්බුද‍්ධඤ‍්හි එකං නිස‍්සාය යාවජ‍්ජකාලා මුච‍්චනකසත‍්තානං පමාණං නත්‍ථි. තථා සාරිපුත‍්තත්‍ථෙරමහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙ අවසෙසෙ ච අසීතිමහාසාවකෙ නිස‍්සාය සග‍්ගං ගතසත‍්තානං පමාණං නත්‍ථි. යාවජ‍්ජකාලා තෙසං දිට‍්ඨානුගතිං පටිපන‍්නසත‍්තානම‍්පි පමාණං නත්‍ථියෙව. ආධෙය්‍යං ගච‍්ඡතීති තස‍්ස මහාථෙරස‍්ස තං අත්‍ථනිස‍්සිතං වචනං යථා ගන්‍ධකරණ‍්ඩකෙ කාසිකවත්‍ථං ආධාතබ‍්බතං ඨපෙතබ‍්බතං ගච‍්ඡති, එවං උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං හදයෙ ච ආධාතබ‍්බතං ඨපෙතබ‍්බතම‍්පි ගච‍්ඡති. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තානුසාරෙනෙව වෙදිතබ‍්බං.

තෙසං තං හොති යනු ඒ සම්මා සම්බුදුවරුන් සෙව්නා මෙන් එය සේවනය බොහෝ කල් දියුණුව පිණිස, සැප පිණිස පවතී. සම්මා සම්බුදු කෙනෙකුන් නිසා අද දක්වා මිදෙන සත්ත්වයින්ගේ ප්‍රමාණයක් නැත. එසේම සැරියුත් හිමි මහ මුගලන් හිමි අවසේස අසූමහ ශ්‍රාවකයන් නිසා ස්වර්ගයට ගිය සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නැත. අද දක්වා උන්වහන්සේලාගේ දර්ශනය අනුව පිළිපන් සත්ත්වයින්ගේ ද ප්‍රමාණයක් නැත. ආධෙය්‍යං ගච්ඡති යනු ඒ මහා ස්ථවිරයන්ගේ අර්ථ නිශ්‍රිත වූ වචන සුවඳ කරඬුවෙහි කාසික වස්ත්‍රය මෙන් තබා යයි. එසේ උත්තම අංගය වූ හිසෙහි හෘදයේ ද තැබිය යුතුයයි යයි. මෙහි සෙස්ස කියන ලද ආකාරයෙන්ම දතයුතුය.

සුප‍්පමෙය්‍යාදීසු – සුඛෙන පමෙතබ‍්බොති සුප‍්පමෙය්‍යො. ඉධාති ඉමස‍්මිං සත‍්තලොකෙ. උද‍්ධතොති උද‍්ධච‍්චෙන සමන‍්නාගතො. උන‍්නළොති උග‍්ගතනළො; තුච‍්ඡමානං උක‍්ඛිපිත්‍වා ඨිතොති අත්‍ථො. චපලොති පත‍්තමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන සමන‍්නාගතො. මුඛරොති මුඛඛරො. විකිණ‍්ණවාචොති අසංයතවචනො. අසමාහිතොති චිත‍්තෙකග‍්ගතාරහිතො. විබ‍්භන‍්තචිත‍්තොති භන‍්තචිත‍්තො, භන‍්තගාවීභන‍්තමිගීසප‍්පටිභාගො. පාකටින්‍ද්‍රියොති විවටින්‍ද්‍රියො. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො ‘සුප‍්පමෙය්‍යො’ති වුච‍්චති. යථා හි පරිත‍්තස‍්ස උදකස‍්ස සුඛෙන පමාණං ගය‍්හති; එවමෙව ඉමෙහි අගුණඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස සුඛෙන පමාණං ගය‍්හති. තෙනෙස ‘සුප‍්පමෙය්‍යො’ති වුත‍්තො.

සුප්පමෙය්‍යාදියෙහි සුඛෙන පමෙතබ්බො යනු පහසුවෙන් මැණිය හැකි. ඉධ යනු මේ සත්ත්ව ලෝකයෙහි. උද්ධත ආඩම්බරයෙන් යුත්. උන්තළ උඩට විහිදුණු බට. හිස් මානය උඩට ඔසවා සිටී යන අර්ථයයි. චපලො පාත්‍රය සැරසීම් ආදි චපලබවින් යුත්, මුඛරො දොඩමලු. විකිණ්ණ වාචා අසංවර වචන. අසමාහිත සිතේ එකඟකමක් නැති. විබ්භන්ත චිත්ත භ්‍රාන්ත සිත. භ්‍රාන්ත දෙන භ්‍රාන්ත මුවදෙන සමාන. පාකටින්‍ද්‍රියො විවෘත ඉන්‍ද්‍රිය. අයං වුච්චති එබඳු වූ මේ පුද්ගලයා සුප්පමෙය්‍ය යයි කියනු ලැබේ. යම්සේ දිය ස්වල්පයක ප්‍රමාණය පහසුවෙන් ගනී. එසේම මේ අගුණ අංගවලින් යුත් පුද්ගලයාගේ ප්‍රමාණය පහසුවෙන් ගනී. එහෙයින් ඔහු සුප්පවෙය්‍ය යයි කියන ලදී. එනිසා ඔහු සුප්පමෙය්‍ය යයි කියනු ලැබේ.

දුක‍්ඛෙන පමෙතබ‍්බොති දුප‍්පමෙය්‍යො. අනුද‍්ධතාදීනි වුත‍්තපටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බානි. අයං වුච‍්චතීති අයං එවරූපො පුග‍්ගලො ‘දුප‍්පමෙය්‍යො’ති වුච‍්චති. යථා හි මහාසමුද‍්දස‍්ස දුක‍්ඛෙන පමාණං ගය‍්හති; එවමෙව ඉමෙහි ගුණඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස දුක‍්ඛෙන පමාණං ගය‍්හති. තාදිසො ‘අනාගාමී නු ඛො, ඛීණාසවො නු ඛො’ති වත‍්තබ‍්බතං ගච‍්ඡති, තෙනෙස ‘දුප‍්පමෙය්‍යො’ති වුත‍්තො.

දුබ්බෙන ජමෙතබ්බො දුකින් මිනිස් යුතු. අනුද්ධතාදියට කියන ලද්ද ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුය. අයං වුච්චති මෙබඳු රූප වූ මේ පුද්ගලයා දුප්පමෙය්‍ය යයි කියනු ලැබේ. යම්සේ මහා සමුද්‍රයෙහි ප්‍රමාණය දුකසේ ගනී. එසේම මේ ගුණාංගවලින් යුත් තැනැත්තාගේ ප්‍රමාණය දුකසේ ගනී. ඔහු අනාගාමි ද ක්‍ෂීණාශ්‍රවයාද කිවයුතු බවට පැමිණේ. එහෙයින් ඔහු දුප්පමෙය්‍ය යයි කියනු ලදී.

න සක‍්කා පමෙතුන‍්ති අප‍්පමෙය්‍යො. යථා හි ආකාසස‍්ස න සක‍්කා පමාණං ගහෙතුං, එවං ඛීණාසවස‍්ස. තෙනෙස ‘අප‍්පමෙය්‍යො’ති වුත‍්තො.

ප්‍රමාණ කළ නොහැකි නිසා අප්පමෙය්‍යො වේ. යම්සේ අහසෙහි ප්‍රමාණය ගැනීමට නොහැකි සේ ක්‍ෂීණාශ්‍රවයා ද අප්පමෙය්‍ය යයි කියන ලදී.

න සෙවිතබ‍්බාදීසු – න සෙවිතබ‍්බොති න උපසඞ‍්කමිතබ‍්බො. න භජිතබ‍්බොති න අල‍්ලීයිතබ‍්බො. න පයිරුපාසිතබ‍්බොති න සන‍්තිකෙ නිසීදනවසෙන පුනප‍්පුනං උපාසිතබ‍්බො. හීනො හොති සීලෙනාතිආදීසු උපාදායුපාදාය හීනතා වෙදිතබ‍්බා . යො හි පඤ‍්ච සීලානි රක‍්ඛති, සො දස සීලානි රක‍්ඛන‍්තෙන න සෙවිතබ‍්බො. යො පන දස සීලානි රක‍්ඛති, සො චතුපාරිසුද‍්ධිසීලං රක‍්ඛන‍්තෙන න සෙවිතබ‍්බො. අඤ‍්ඤත්‍ර අනුද‍්දයා අඤ‍්ඤත්‍ර අනුකම‍්පාති ඨපෙත්‍වා අනුද‍්දයඤ‍්ච අනුකම‍්පඤ‍්ච. අත‍්තනො අත්‍ථාය එව හි එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො. අනුද‍්දයානුකම‍්පාවසෙන පන තං උපසඞ‍්කමිතුං වට‍්ටති.

න සෙවිතබ්බාදියෙහි න සෙවිතබ්බ යනු ලඟට නොඑළඹිය යුතුය. න භජිතබ්බො යනු නො ඇලිය යුතුය. ත පයිරුපාසිතබ්බො සමීපයෙහි හිඳගැනීම් වශයෙන් නැවත නැවත සේවනය නොකළ යුතුය. හීනො හොති සීලෙන ආදියෙහි ගැනීමේ හීන බව දතයුතුය. යමෙක් පන්සිල් රකීද ඔහුව දස සීලය රකින්නා විසින් සේවනය නොකළ යුතුය. යමෙක් දස සිල් රකීද ඔහුට සිව් පිරිසිදු සිල් රකින්නා විසින් හා සේවනය නොකළ යුතුය. අඤ්ඤත්‍ර අනුද්දයා අඤ්ඤත්‍ර අනුකම්පා යනු අනුද්දයාවද අනුකම්පාවද තබා තමාගේ අර්ථය සඳහා වූ මෙබඳු පුද්ගලයා නොසෙවිය යුතුය. දයාව අනුකම්පාව වශයෙන් ඔහු වෙත එළඹීමට වටී.

සදිසො හොතීති සමානො හොති. සීලසාමඤ‍්ඤගතානං සතන‍්ති සීලෙන සමානභාවං ගතානං සන‍්තානං. සීලකථා ච නො භවිස‍්සතීති එවං සමානසීලානං අම‍්හාකං සීලමෙව ආරබ‍්භ කථා භවිස‍්සති. සා ච නො ඵාසු භවිස‍්සතීති සා ච සීලකථා අම‍්හාකං ඵාසුවිහාරො සුඛවිහාරො භවිස‍්සති. සා ච නො පවත‍්තිනී භවිස‍්සතීති සා ච අම‍්හාකං කථා දිවසම‍්පි කථෙන‍්තානං පවත‍්තිනී භවිස‍්සති, න පටිහඤ‍්ඤිස‍්සති. ද‍්වීසු හි සීලවන‍්තෙසු එකෙන සීලස‍්ස වණ‍්ණෙ කථිතෙ ඉතරො අනුමොදති; තෙන තෙසං කථා ඵාසු චෙව හොති, පවත‍්තිනී ච. එකස‍්මිං පන දුස‍්සීලෙ සති දුස‍්සීලස‍්ස සීලකථා දුක‍්කථාති නෙව සීලකථා හොති, න ඵාසු හොති, න පවත‍්තිනී. සමාධිපඤ‍්ඤාකථාසුපි එසෙව නයො. ද‍්වෙ හි සමාධිලාභිනො සමාධිකථං, සප‍්පඤ‍්ඤා ච පඤ‍්ඤාකථං කථෙන‍්තා, රත‍්තිං වා දිවසං වා අතික‍්කන‍්තම‍්පි න ජානන‍්ති.

සදිසො හොති මාන වේ. සීලකථං ච නො භවිස්සති මෙසේ සමාන සීල වූ අපට සීලයම අරබයා කථා වන්නේය. සා ච නො ඵාසු භවිස්සති ඒ අපගේ කථා දවසක් වුවත් පවතින්නේය. අතරමග කඩවීමක් නොවන්නේය. සීලවන්තයන් දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙකුගේ සීල වර්ණනාව කියන කල්හි අනිත් තැනැත්තා සතුටු වෙයි. එහෙයින් ඔවුන්ගේ කථා පහසු ද පැවතීමද වේ. එක් දුස්සීලයෙක් ඇති කල්හි දුස්සීලයාගේ සීලකථාව දුක්කථා මිස සීලකථා නොවේ. පහසුද පවතින්නේ ද නොවේ. සමාධි පඤ්ඤා කථාවලද මෙම නයම වේ. සමාධිලාභීන් දෙදෙනෙක් සමාධි කථාව පඤ්ඤාවන්තයෙක් පඤ්ඤා කථාව ද කියති. රැය හෝ දවාල ඉක්මෙනවා නො දනිති.

සක‍්කත්‍වා ගරුං කත්‍වාති සක‍්කාරඤ‍්චෙව ගරුකාරඤ‍්ච කරිත්‍වා. අධිකො හොතීති අතිරෙකො හොති. සීලක‍්ඛන්‍ධන‍්ති සීලරාසිං. පරිපූරෙස‍්සාමීති තං අතිරෙකසීලං පුග‍්ගලං නිස‍්සාය අත‍්තනො අපරිපූරං සීලරාසිං පරිපූරං කරිස‍්සාමි. තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති එත්‍ථ සීලස‍්ස අසප‍්පායෙ අනුපකාරධම‍්මෙ වජ‍්ජෙත්‍වා සප‍්පායෙ උපකාරධම‍්මෙ සෙවන‍්තො තස‍්මිං තස‍්මිං ඨානෙ සීලක‍්ඛන්‍ධං පඤ‍්ඤාය අනුග‍්ගණ‍්හාති නාම. සමාධිපඤ‍්ඤාක‍්ඛන්‍ධෙසුපි එසෙව නයො.

සක්කත්‍වා ගරුං කත්‍වා සත්කාර ද ගරුකාරද කොට. අධිකො හොති අතිරේකයක් වේ. සීලක්‍ඛන්‍ධං සීල රාශිය. සීලං පරිපූරෙස්සාමි ඒ අතිරේක සීලය පුද්ගලයා නිසා තමාගේ සම්පූර්ණ නැති සීල රාශිය සම්පූර්ණ කරමි. තත්‍ථ තත්‍ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි මෙහි සීලයේ අසත්පාය අනුපකාර ධර්ම හැර සත්පාය උපකාර ධර්ම සේවනය කරන්නේ ඒ ඒ තැන සීලරාශිය ප්‍රඥාවෙන් අනුගෘහීතය. සමාධි පඤ්ඤා ඛන්‍ධවල ද මෙම නයම වේ.

ජිගුච‍්ඡිතබ‍්බාදීසු – ජිගුච‍්ඡිතබ‍්බොති ගූථං විය ජිගුච‍්ඡිතබ‍්බො. අථ ඛො නන‍්ති අථ ඛො අස‍්ස. කිත‍්තිසද‍්දොති කථාසද‍්දො. එවමෙවන‍්ති එත්‍ථ ගූථකූපො විය දුස‍්සීල්‍යං දට‍්ඨබ‍්බං. ගූථකූපෙ පතිත්‍වා ඨිතො ධමනීඅහි විය දුස‍්සීලපුග‍්ගලො. ගුථකූපතො උද‍්ධරියමානෙන තෙන අහිනා පුරිසස‍්ස සරීරං ආරුළ‍්හෙනාපි අදට‍්ඨභාවො විය දුස‍්සීලං සෙවමානස‍්සාපි තස‍්ස කිරියාය කාරණභාවො සරීරං ගූථෙන මක‍්ඛෙත්‍වා අහිනො ගතකාලො විය දුස‍්සීලං සෙවමානස‍්ස පාපකිත‍්තිසද‍්දස‍්ස අබ‍්භුග‍්ගමනකාලො වෙදිතබ‍්බො.

ජිගුච්ඡිතබ්බාදියෙහි ජිගුච්ඡිතබ්බො යනු අසූචි මෙන් පිළිකුල් කළයුතුය. අථ ඛො නං ඉක්බිතිව මොහුගේ. කිත්ති සද්දො කථා ශබ්දය. එවමෙවං මෙහි අසූචි වළ මෙන් දුස්සීලයා දතයුතුය. අසූචි වළෙහි වැටී සිටි නහර සර්පයා මෙහි දුස්සීල පුද්ගලයා. වැසිකිලි වළෙන් ගොඩගත් ඒ සර්පයා විසින් පුරුෂයාගේ ශරීරය වෙළාගත් නමුත් දෂ්ට නොකළ බව මෙනි. දුස්සීලයා ඇසුරුකරන ඔහුගේ කාර්යය නොකරන ස්වභාවය. ශරීරය අසූචියෙන් වැකී සර්පයා ගතකරන කාලය මෙනි. දුස්සීලයා ඇසුරු කරන්නාගේ නින්දාව ඇතිවන කාලය දතයුතුය.

තින්‍දුකාලාතන‍්ති තින්‍දුකරුක‍්ඛඅලාතං. භිය්‍යොසො මත‍්තාය චිච‍්චිටායතීති තඤ‍්හි ඣායමානං පකතියාපි පපටිකායො මුඤ‍්චන‍්තං චිච‍්චිටායති චිටිචිටාති සද‍්දං කරොති. ඝට‍්ටිතං පන අධිමත‍්තං කරොතීති අත්‍ථො. එවමෙවන‍්ති එවමෙවං කොධනො අත‍්තනො ධම‍්මතායපි උද‍්ධතො චණ‍්ඩිකතො හුත්‍වා චරති. අප‍්පමත‍්තකං පන වචනං වුත‍්තකාලෙ ‘මාදිසං නාම එවං වදතී’ති අතිරෙකතරං උද‍්ධතො චණ‍්ඩිකතො හුත්‍වා චරති. ගූථකූපොති ගූථපුණ‍්ණකූපො, ගූථරාසියෙව වා. ඔපම‍්මසංසන්‍දනං පනෙත්‍ථ පුරිමනයෙනෙව වෙදිතබ‍්බං. තස‍්මා එවරූපො පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, න සෙවිතබ‍්බොති යස‍්මා කොධනො අතිසෙවියමානොපි අතිඋපසඞ‍්කමියමානොපි කුජ‍්ඣතියෙව, ‘කිං ඉමිනා’ති පටික‍්කමන‍්තොපි කුජ‍්ඣතියෙව, තස‍්මා පලාලග‍්ගි විය අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, න සෙවිතබ‍්බො. කිං වුත‍්තං හොති? යො හි පලාලග‍්ගිං අතිඋපසඞ‍්කමිත්‍වා තප‍්පති, තස‍්ස සරීරං ඣායති. යො අතිපටික‍්කමිත්‍වා තප‍්පති, තස‍්ස සීතං න වූපසම‍්මති. අනුපසඞ‍්කමිත්‍වා අපටික‍්කමිත්‍වා පන මජ‍්ඣත‍්තභාවෙන තප‍්පෙන‍්තස‍්ස සීතං වූපසම‍්මති, කායොපි න ඩය‍්හති. තස‍්මා පලාලග‍්ගි විය කොධනො පුග‍්ගලො මජ‍්ඣත‍්තභාවෙන අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො.

තින්‍දුකාලානං තිඹිරිගස් ගිනිපෙනෙල්ල. භීය්‍යොසොමත්තාය විච්චිටායති එය ඇවිලෙන්නේ බොහෝසෙයින් සද්ද පවතී. ස්වභාවයෙන්ම පතුරු ගැලවෙනවිට ද සද්ද පවතී. විච්චිටායති යන ශබ්ද කරයි. ගැටුණු විට වැඩියක් ශබ්ද කරයි යන අර්ථයයි. එවමෙවං මෙසේම ක්‍රෝධ පුද්ගලයා තමාගේ ස්වභාවයෙන්ම ආඩම්බරයෙන් චණ්ඩව හැසිරේ. අල්පමාත්‍ර වචනයක් කීවිට ද මා වැන්නෙකුට මෙසේ කියතියි වැඩියක් ආඩම්බර වන්නේ චණ්ඩව හැසිරේ. ගුථකූපො අසූචි පිරුණු වළ. අසූචි රාශියක් හෝ. මෙහි උපමා සංසන්දනය පෙර නයින්ම දතයුතුය. තස්මා එවරූපො පුග්ගලො අජ්ඣුපෙක්‍ඛිතබ්බො න සෙවිතබ්බො යම්හෙයින් අධිකව ඇසුරු කිරීමෙන් අධිකව ඔහු වෙත එළඹීමෙන් ද කිපේමය. කිම, මෙයින් ඉවත් වන්නේ ද කිපේමය. එහෙයින් පිදුරු ගිනි මෙන් මධ්‍යස්ථ විය යුතුය. නො සෙවිය යුතුය. කිම කියන ලද්දේ වේ. යමෙක් පිදුරු ගින්නට ඉතා ළංවී තැවෙයි. ඔහුගේ සිරුර දැවේ. යමෙක් යමෙක් බොහෝ ඈත්වී තැවෙයි. ඔහුගේ සීතල නොසංසිඳේ. නොඑළඹ ඈත්නොවී මධ්‍යස්ථ භාවයෙන් තපින්නාට සීතල සංසිඳේ. ශරීරය ද නොදැවේ. එහෙයින් පිදුරු ගින්න මෙන් ක්‍රෝධ පුද්ගලයා මධ්‍ය ස්වභාවයෙන් මධ්‍යස්ථ විය යුතුය. නො සෙවිය යුතුය. භජනය නො කළ යුතුය. පයුරුපාසනය නොකළ යුතුය.

කල්‍යාණමිත‍්තොති සුචිමිත‍්තො. කල්‍යාණසහායොති සුචිසහායො. සහායොති සහගාමී සද‍්ධිංචරො. කල්‍යාණසම‍්පවඞ‍්කොති කල්‍යාණෙසු සුචිපුග‍්ගලෙසු සම‍්පවඞ‍්කො, තන‍්නින‍්නතප‍්පොණතප‍්පබ‍්භාරමානසොති අත්‍ථො.

කල්‍යාණමිත්තො යනු පිරිසිදු මිත්‍රයාය. කල්‍යාණ සහායො කලණ සහායකයාය. සහායො සමගාමීව එකට හැසිරෙන්නා. කල්‍යාණ සම්පවංකො යනු කලණයන් කෙරෙහි පිරිසිදු පුද්ගලයන් කෙරෙහි මහත් ඇදය. ඊට නැමුණු ඊට පහත් වූ ඊට නැමුණු මනස යන අර්ථයයි.

සීලෙසු පරිපූරකාරීතිආදීසු – සීලෙසු පරිපූරකාරිනොති එතෙ අරියසාවකා යානි තානි මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස ආදිභූතානි, ආදිබ්‍රහ‍්මචරියකානි, පාරාජිකසඞ‍්ඛාතානි චත‍්තාරි මහාසීලසික‍්ඛාපදානි, තෙසං අවීතික‍්කමනතො යානි ඛුද‍්දානුඛුද‍්දකානි ආපජ‍්ජන‍්ති, තෙහි ච වුට‍්ඨානතො සීලෙසු යං කත‍්තබ‍්බං, තං පරිපූරං සමත‍්තං කරොන‍්තීති ‘සීලෙසු පරිපූරකාරිනො’ති වුච‍්චන‍්ති. සමාධිපාරිබන්‍ධකානං පන කාමරාගබ්‍යාපාදානං, පඤ‍්ඤාපාරිබන්‍ධකස‍්ස ච සච‍්චපටිච‍්ඡාදකස‍්ස මොහස‍්ස අසමූහතත‍්තා, සමාධිං පඤ‍්ඤඤ‍්ච භාවෙන‍්තාපි සමාධිපඤ‍්ඤාසු යං කත‍්තබ‍්බං තං මත‍්තසො පමාණෙන පදෙසමත‍්තමෙව කරොන‍්තීති සමාධිස‍්මිං පඤ‍්ඤාය ච මත‍්තසො කාරිනොති වුච‍්චන‍්ති. ඉමිනා උපායෙන ඉතරෙසුපි ද‍්වීසු නයෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

සීලෙසු පරිපූරකාරී ආදියෙහි සීලෙසු පරිපූරකාරිනො යනු මේ ආර්ය ශ්‍රාවකයෝ මාර්ග බ්‍රහ්මචර්යාවට ආදිභූත වූ යම් ඒ මේ ආදි ක්‍රම චරියක සතර පරිජි මහ සිකපද, ඒවා නො ඉක්මවීමෙන් යම් ඛුද්දානු ඛුද්දකවලට පැමිණෙත් ද, ඒවායින් නැගිටීමෙන් මානත් ආදි පිළියම් යෙදීමෙන්) සීලය කෙරෙහි කළයුතු සියළු දේ කරන්නේ යයි සීලෙසු පරිපූරකාරිනො යයි කියනු ලැබේ. සමාධි උවදුරු වනාහි කාමරාග ව්‍යාපාදයන්ගේ ප්‍රඥාවට උපද්‍රව නම් සත්‍යය වඩන මෝහයේ මුළා නොවීම පිණිස සමාධි පඤ්ඤා වඩන්නේ ද සමාධි පඤ්ඤාවල කළයුතු දේ මාත්‍ර ප්‍රමාණයෙන් ප්‍රදේශ මාත්‍රයම කරත් යයි සමාධියෙහි ද ප්‍රඥාවෙහිද අවශ්‍ය ප්‍රමාණයෙන් කරන්නෝ යයි කියනු ලැබේ. මේ උපායෙන් ඉතිරි නය දෙකෙහි අර්ථය දතයුතුය.

තත්‍රායං අපරොපි සුත‍්තන‍්තනයො –

එහි තවද සූත්‍රාන්ත නයක් -

“ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං මත‍්තසො කාරී, පඤ‍්ඤාය මත‍්තසො කාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි තානි ආපජ‍්ජතිපි, වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ, භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලො ච හොති, ඨිතසීලො ච, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති, අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො. ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු…පෙ… සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා, රාගදොසමොහානං තනුත‍්තා, සකදාගාමී හොති; සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය මත‍්තසො කාරී. සො යානි තානි…පෙ… සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං…පෙ… අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. ඉධ පන, භික‍්ඛවෙ , භික‍්ඛු සීලෙසු පරිපූරකාරී, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි…පෙ… සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො ආසවානං ඛයා…පෙ… උපසම‍්පජ‍්ජ විහරතී”ති (අ· නි· 3.87).

‘මහණෙනි, මෙහි භික්‍ෂුව සීලය සම්පූර්ණ කරන්නේ වේ. සමාධියෙහි ප්‍රමාණවත් සේ කරන්නේ ප්‍රඥාවෙහි ප්‍රමාණවත් සේ කරන්නේ හේ යම් ඒ කුඩා අනුකුඩා සිකපදවලට පැමිණියේද නැගී සිටින්නේද වේ. ඊට හේතු කවරේද? මෙහි භික්‍ෂුව නුසුදුස්සෙක් නොවේ යයි කියන ලදී. යම් ඒ ආදි බ්‍රහ්මචරියක බ්‍රහ්මචර්යාවට සුදුසු ශික්‍ෂා පදවල තිරසීලී වේ. සිටිසුළු වූයේ සමාදන් වූ ශික්‍ෂා පදවල හික්මෙයි. හෙතෙම සංයෝජන තුන ක්‍ෂීණ කොට සෝවාන් වූයේ වේ. නොවැටෙන ස්වභාවය ඇත්තේ නියත වූ සම්බෝධිය (අවබෝධයට) පරායන වූයේ වේ. මහණෙනි, මෙහි භික්‍ෂුව සීලයෙහි සම්පූර්ණ වේ. සමාධියෙහි සම්පූර්ණ වූයේ වේ. ප්‍රඥාවේ ප්‍රමාණවත් වූයේ හෙතෙම යම් ඒ මේ ශික්‍ෂා පදවල හික්මෙයි. හෙතෙම ඕරම්භාගිය පහේ...... නො නවතින ස්වභාව ඇත්තේ ඒ ලෝකයෙන් මහණෙනි, මෙහි භික්‍ෂුව සීලයෙහි සම්පූර්ණ වූයේ සමාධියෙහි සම්පූර්ණ වූයේ ප්‍රඥාවේ සම්පූර්ණ වූයේ හෙතෙම යම් ඒමේ කුඩා අණුකුඩා....ශික්‍ෂාපද හික්මෙයි. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය........ පැමිණ වාසය කරයි.

සත්‍ථාරනිද‍්දෙසෙ – පරිඤ‍්ඤං පඤ‍්ඤපෙතීති පහානං සමතික‍්කමං පඤ‍්ඤපෙති. තත්‍රාති තෙසු තීසු ජනෙසු. තෙන දට‍්ඨබ‍්බොති තෙන පඤ‍්ඤාපනෙන සො සත්‍ථා රූපාවචරසමාපත‍්තියා ලාභීති දට‍්ඨබ‍්බොති අත්‍ථො. දුතියවාරෙපි එසෙව නයො. සම‍්මාසම‍්බුද‍්ධො සත්‍ථා තෙන දට‍්ඨබ‍්බොති තෙන තිත්‍ථියෙහි අසාධාරණෙන පඤ‍්ඤාපනෙන අයං තතියො සත්‍ථා සබ‍්බඤ‍්ඤුබුද‍්ධො දට‍්ඨබ‍්බො. තිත්‍ථියා හි කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තා රූපභවං වක‍්ඛන‍්ති. රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තා අරූපභවං වක‍්ඛන‍්ති. වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තා අසඤ‍්ඤභවං වක‍්ඛන‍්ති. සම‍්මා පඤ‍්ඤපෙන‍්තා ‘එවං පඤ‍්ඤපෙය්‍යුං’, නො ච සම‍්මා පඤ‍්ඤපෙතුං සක‍්කොන‍්ති. සම‍්මාසම‍්බුද‍්ධො පන කාමානං පරිඤ‍්ඤං පහානං අනාගාමිමග‍්ගෙන පඤ‍්ඤපෙති . රූපවෙදනානං පරිඤ‍්ඤං පහානං අරහත‍්තමග‍්ගෙන පඤ‍්ඤපෙති. ඉමෙ තයො සත්‍ථාරොති ඉමෙ ද‍්වෙ ජනා බාහිරකා, එකො සම‍්මාසම‍්බුද‍්ධොති – ඉමස‍්මිං ලොකෙ තයො සත්‍ථාරො නාම.

සත්‍ථාර නිර්දේශයෙහි පරිඤ්ඤං පඤ්ඤපෙති යනු ප්‍රහානය සමතික්‍රමණය පණවයි. තත්‍ර ඔවුනතර තිදෙනෙකු කෙරෙහි තෙන දට්ඨබ්බො ඒ පැණවීමෙන් ඒ ශාස්තෲවරයා රූපාවචර සමාපත්තිලාභී යයි දැකිය යුතුය යන අර්ථයයි. දෙවන වාරයෙහි ද මෙම නය වේ. සම්මා සම්බුද්ධො සත්‍ථා තෙන දට්ඨබ්බො ඒ තීර්ථකයන් විසින් අසා ධාරණ පැණවීමෙන් මේ තුන්වන ශාස්තෲවරයා සර්වඥ බුද්ධ යයි දතයුතුය. තීර්ථකයෝ කාමයන්ගේ පරිඥාව (දැනීම) පණවන්නේ රූපභවය කියයි. රූපයන්ගේ දැනීම පනවන්නේ අරූප භවය කියායි. වේදනාවන්ගේ දැනීම පණවන්නේ අසංඥභවයට කියති. මනාව පණවන්නේ මෙසේ පණවන්නේ නම් මනාව පැණවීමට හැකි නොවෙති. සම්මා සම්බුද්ධයන් වහන්සේ වනාහි කාමයන්ගේ ප්‍රහානය දැනීම අනාගාමී මාර්ගයෙන් පණවති. රූප වේදනාවන්ගේ ප්‍රහාන දැනීම රහත් මාර්ගයෙන් පණවති. ඉමෙ තයො සත්‍ථාරා මේ දෙදෙනා බාහිරකය. එක සම්මා සම්බුද්ධ යයි මේ ලෝකයෙහි ශාස්තෲවර තිදෙනා නමි.

දුතියෙ සත්‍ථාරනිද‍්දෙසෙ – දිට‍්ඨෙ චෙව ධම‍්මෙති ඉමස‍්මිං අත‍්තභාවෙ. අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤපෙතීති “අත‍්තා නාමෙකො අත්‍ථි නිච‍්චො ධුවො සස‍්සතො”ති භූතතො ථිරතො පඤ‍්ඤපෙති. අභිසම‍්පරායඤ‍්චාති අපරස‍්මිං අත‍්තභාවෙ එවමෙව පඤ‍්ඤපෙති. සෙසමෙත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

දෙවන සත්‍ථාර නිර්දේශකයෙහි දිට්ඨෙ චෙව ධම්මෙ යනු මේ ආත්ම භාවයෙහි. අත්තානං සච්චකො ථෙතකො පඤ්ඤපෙති යනු අත්තා නම් එකෙක් ඇත. නිත්‍යය, ධ්‍රවය, සදාකාලිකය, විද්‍යමානය, ස්ථිරයයි පණවයි. අභිසම්පරායඤ්ච යනු වෙනත් ආත්ම භාවයක මෙසේම පණවයි. මෙහි සෙස්ස කියන ලද නයින්ම දතයුතුය.

තිකනිද‍්දෙසවණ‍්ණනා.

තික නිද්දේසය නිමි.