2. දුකනිද්දෙසවණ්ණනා අට්ඨකථා
2. දුකනිද්දෙසවණ්ණනා
2. දුක නිද්දේස වර්ණනාව
දුකනිද්දෙසෙ කොධනොති කුජ්ඣනසීලො මහාකොධො. එවං පුග්ගලං පුච්ඡිත්වාපි ධම්මෙන පුග්ගලං දස්සෙතුං තත්ථ කතමො කොධොතිආදිමාහ. උපනාහීනිද්දෙසාදීසුපි එසෙව නයො. කොධො කුජ්ඣනාතිආදීනි හෙට්ඨා වුත්තත්ථානෙව. තථා උපනාහීනිද්දෙසාදීසු පුබ්බකාලං කොධොතිආදීනි. අයං කොධො අප්පහීනොති අයං එත්තකො කොධො වික්ඛම්භනප්පහානෙන වා තදඞ්ගප්පහානෙන වා සමුච්ඡෙදප්පහානෙන වා අප්පහීනො. පරතො උපනාහාදීසුපි එසෙව නයො.
දුක නිද්දේසයෙහි කොධනො යනු කිපෙනසුළු මහා ක්‍රෝධයයි. මෙසේ පුද්ගලයා විචාරා ද ධර්මයෙන් පුද්ගලයා දැක්වීම සඳහා තත්ථ කතමො කොධො යනාදිය කීහ. උපනාහි නිද්දේසාදියෙහි ද මෙම නයම වේ. කොධො කුජ්ඣනා යනාදිය යට කියන ලදමය. එසේම උපනාහි නිද්දේසයෙහි පුබ්බකාලං කොධො යනාදිය. අයං කොධො අප්පහීනො යනු මෙපමණ ක්‍රෝධය විෂ්කම්භන ප්‍රහානයෙන් හෝ තදංග ප්‍රහානයෙන් හෝ සමුච්ඡේද ප්‍රහානයෙන් හෝ අප්රහීනය. උපනාහ ආදියෙහි ද මෙම නයයි.
අහිරිකනිද්දෙසාදීසු – ඉමිනා අහිරිකෙනාති ඉමිනා එවංපකාරෙන අහිරිකධම්මෙන සමන්නාගතො. ඉමිනා අනොත්තප්පෙනාතිආදීසුපි එසෙව නයො.
අහිරික නිද්දේසාදියෙහි ඉමිනා අහිරිකෙන යනු මෙයින් මේ ආකාර අහිරික ධර්මයෙන් යුක්ත වූ. අනොත්තප්පෙන යනාදියෙහි ද මෙම නයයි.
අජ්ඣත්තසංයොජනොති අජ්ඣත්තබන්ධනො. බහිද්ධාසංයොජනොති බහිද්ධාබන්ධනො. තෙ උභොපි වච්ඡකසාලූපමාය දීපෙතබ්බා. වච්ඡකසාලාය හි අන්තො බද්ධො අන්තොයෙව සයිතවච්ඡකො විය ඉධට්ඨකසොතාපන්නසකදාගාමිනො. තෙසඤ්හි බන්ධනම්පි ඉධෙව, සයම්පි ඉධෙව. අන්තො බද්ධො පන බහි සයිතවච්ඡකො විය රූපාරූපභවෙ සොතාපන්නසකදාගාමිනො. තෙසඤ්හි බන්ධනමෙව ඉධ, සයං පන බ්රහ්මලොකෙ ඨිතා. බහි බද්ධො බහි සයිතවච්ඡකො විය රූපාරූපභවෙ අනාගාමී. තස්ස හි බන්ධනම්පි බහිද්ධා, සයම්පි බහිද්ධාව. බහි බද්ධො පන අන්තොසයිතවච්ඡකො විය ඉධට්ඨකඅනාගාමී. තස්ස හි බන්ධනං රූපාරූපභවෙසු, සයං පන ඉධ ඨිතො.
අජ්ඣත්ත සඤ්ඤොජනානි යන ආධ්‍යාත්ම බන්ධනයයි. බහිද්ධා සඤ්ඤොජනානි යනු බාහිර බන්ධනයයි. ඒ දෙකම වඩු මඩු උපමාවෙන් දැක්විය යුතුය. මඩුවේ බඳින ලද ඇතුළේම සයනය කරන වස්සකු මෙන් මෙහි සිටි සෝවාන් සකදාගාමීහු ඔවුන්ගේ බැඳුම මෙහිමය. ඇතුළේ බඳින ලද පිටත සයනය කරන වස්සකු මෙන් රූප අරූප භවවල සෝවාන් සකදාගාමීහු ඔවුන්ගේ බැඳුම මෙහිය. සයනය බඹලොවය. පිටත බඳනා ලද පිටත සයනය කළ වස්සකු මෙනි. රූපාරූප භවවල අනාගාමි ඔහුගේ බැඳීමද නිදීමද පිටත වේ. පිටත බඳිනා ලද ඇතුළේ සයනය කළ වස්සකු මෙනි. මෙහි අනාගාමියා, ඔහුගේ බැඳුම රූපාරූප භවවලය. සිටීම මෙහිය.
අක්කොධනනිද්දෙසාදීසු – පහීනොති වික්ඛම්භනප්පහානෙන වා, තදඞ්ගප්පහානෙන වා, සමුච්ඡෙදප්පහානෙන වා පහීනො.
අක්කොධන නිද්දේසාදියෙහි පහීනො යනු විෂ්කම්භන ප්‍රහානයෙන් හෝ තදංග ප්‍රහානයෙන් හෝ සමුච්ඡේද ප්‍රහානයෙන් හෝ ප්‍රහීන වූ.
දුල්ලභනිද්දෙසෙ – දුල්ලභාති න සුලභා. පුබ්බකාරීති පඨමමෙව කාරකො. කතවෙදීති කතං වෙදෙති, විදිතං පාකටං කරොති. තෙ අගාරියානගාරියෙහි දීපෙතබ්බා. අගාරියෙසු හි මාතාපිතරො පුබ්බකාරිනො නාම. පුත්තධීතරො පන මාතාපිතරො පටිජග්ගන්තා අභිවාදනාදීනි තෙසං කුරුමානා කතවෙදිනො නාම. අනගාරියෙසු ආචරියුපජ්ඣායා පුබ්බකාරිනො නාම. අන්තෙවාසිකසද්ධිවිහාරිකා ආචරියුපජ්ඣායෙ පටිජග්ගන්තා අභිවාදනාදීනි තෙසං කුරුමානා කතවෙදිනො නාම. තෙසං ආවිභාවත්ථාය උපජ්ඣායපොසකසොණත්ථෙරාදීනං වත්ථූනි කථෙතබ්බානි.
දුල්ලබ නිද්දේසයෙහි දුල්ලභා යනු සුලභ නොවේ. පුබ්බකාරී යනු පළමුවෙන්ම කරන්නා. කතවෙදී යනු කරන ලද්ද දනියි. දන්නා ලද්ද ප්‍රකට කරයි. ඔව්හු ආහාර අනාගාරවල දැක්විය යුතුය. ගිහිගෙයි වනාහි මව්පියෝ පූර්වකාරීහු වෙති. දූ පුත්තු මව්පියන් පෝෂණය කරන්නේ ඔවුන්ට අභිවාදනාදිය කරන්නේ කෘතවේදීහු වෙති. පැවිද්දෙහි ආචාර්ය උපාධ්‍යායෝ පූර්වකාරීහු නම් වෙති. අනෙතවාසික සද්ධිවිහාරිකයෝ ඇදුරු උවදුරුවලින් පෝෂණය කරන්නේ අභිවාදනාදිය කරන්නේ කෘතවේදීහු නම් වෙති. ඒවා ප්‍රකට කිරීම සඳහා උපාධ්‍යාය පෝසක සෝණ තෙරුන් ආදීන්ගේ කථාවස්තු කිවයුතුය.
අපරො නයො – පරෙන අකතෙයෙව උපකාරෙ අත්තනි කතං උපකාරං අනපෙක්ඛිත්වා කාරකො පුබ්බකාරී, සෙය්යථාපි මාතාපිතරො චෙව ආචරියුපජ්ඣායා ච. සො දුල්ලභො; සත්තානං තණ්හාභිභූතත්තා. පරෙන කතස්ස උපකාරස්ස අනුරූපප්පවත්තිං අත්තනි කතං උපකාරං උපකාරතො ජානන්තො, වෙදියන්තො, කතඤ්ඤුකතවෙදී. සෙය්යථාපි මාතාපිතුආචරියුපජ්ඣායෙසු සම්මා පටිපන්නො. සොපි දුල්ලභො; සත්තානං අවිජ්ජාභිභූතත්තා.
තවත් න්‍යායක්: අන්‍යයන්ගේ උපකාර බලාපොරොත්තු නොවී ක්‍රියා කරන්නේ පුබ්බකාරී වේ. මව්පිය ඇදුරු උපාධ්‍යායවරුන් මෙනි. තෘෂ්ණා භරිත සතුන් අතුරෙහි හේ දුලබය. අන්‍යයන්ට කරන ලද උපකාර යට අනුරූප තමාට කරන උපකාර දන්නේ විඳින්නේ කතඤ්ඤු කතවෙදී වේ. මව්පිය ඇදුරු උවදුරුවලින් කෙරෙහි මෙනි. තෘෂ්ණාභරිත සත්ත්වයන් අතර මනාව පිළිපන් හේ දුලබය.
අපිච – අකාරණවච්ඡලො පුබ්බකාරී, සකාරණවච්ඡලො කතඤ්ඤුකතවෙදී. ‘කරිස්සති මෙ’ති එවමාදිකාරණනිරපෙක්ඛකිරියො පුබ්බකාරී. ‘කරිස්සති මෙ’ති එවමාදිකාරණසාපෙක්ඛකිරියො කතඤ්ඤුකතවෙදී. තමොජොතිපරායණො පුබ්බකාරී, ජොතිජොතිපරායණො කතඤ්ඤුකතවෙදී. දෙසෙතා පුබ්බකාරී, පටිපජ්ජිතා කතඤ්ඤුකතවෙදී. සදෙවකෙ ලොකෙ අරහං සම්මාසම්බුද්ධො පුබ්බකාරී, අරියසාවකො කතඤ්ඤුකතවෙදීති. දුකනිපාතට්ඨකථායං (අ· නි· අට්ඨ· 2.2.120) පන – “‘පුබ්බකාරී’ති පඨමං උපකාරස්ස කාරකො, ‘කතඤ්ඤුකතවෙදී’ති තෙන කතං ඤත්වා පච්ඡා කාරකො. තෙසු පුබ්බකාරී ඉණං දෙමීති සඤ්ඤං කරොති, පච්ඡාකාරකො ‘ඉණං ජීරාපෙමී’ති සඤ්ඤං කරොතී”ති එත්තකමෙව වුත්තං.
තවද කරුණු රහිතව ආදරය කරන්නේ පුබ්බකාරීය. කරුණු සහිත ආදරය කරන්නේ කතඤ්ඤුකතවේදීය. කළත් නොකළත් උපකාර, උදව් කරන්නේ පුබ්බකාරි වේ. සාපේක්ෂකාරි වන්නේ කතවේදිය. අඳුරෙන් එළියට යන්නේ පුබ්බකාරීය. එළියෙන් එළියට යන්නේ කතඤ්ඤු කතවේදීය. දෙවියන් සහිත ලෝකයෙහි අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පුබ්බකාරීයහ. ආර්ය ශ්‍රාවකයෝ කතඤ්ඤුකතවෙදීයහ. පළමුවෙන් උපකාර කරන්නා පුබ්බකාරි නම් දුක නිපාත අටුවාවේ එය ඔහු කළ එය දැන පසුව උපකාර කරන්නේ කතඤ්ඤුකතවේදීය. ඔවුනතරෙහි පුබ්බකාරී ණය දෙමි යයි සන් කරයි. ණය දිරවූයෙමි යයි පසුව ක්‍රියා කරන්නා සන් කරයි. මෙපමණක්ම කියන ලදී.
දුත්තප්පයනිද්දෙසෙ – දුත්තප්පයාති අතප්පයා, න සක්කා කෙනචි තප්පෙතුං. යො හි උපට්ඨාකකුලං වා ඤාතිකුලං වා නිස්සාය වසමානො චීවරෙ ජිණ්ණෙ තෙහි දින්නං චීවරං නික්ඛිපති, න පරිභුඤ්ජති. පුනප්පුනං දින්නම්පි ගහෙත්වා නික්ඛිපතෙව. යො ච තෙනෙව නයෙන ලද්ධං ලද්ධං විස්සජ්ජෙති පරස්ස දෙති. පුනප්පුනං ලද්ධම්පි තථෙව කරොති. ඉමෙ ද්වෙ පුග්ගලා සකටෙහිපි පච්චයෙ උපනෙන්තෙන තප්පෙතුං න සක්කාති දුත්තප්පයා නාම.
අත්තප්පය නිද්දේසයෙහි දුත්තප්පයා යනු අතප්පයා වේ. කිසිවෙකුට තෘප්තිමත් කළහැකි නොවේ. යමෙක් උපස්ථායක කුලය හෝ ඤාතිකුලය නිසා වෙසෙන්නේ සිවුරු දිරාගිය කල්හි ඔවුන් විසින් දෙන ලද සිවුරු බහා තබයි. පරිභෝග නො කරයි. නැවත නැවත දෙන ලද්ද ද ගෙන බහා තබයි. යමෙක් ඒ ක්‍රමයෙන්ම ලැබූ ලැබූ දේ අත්හරියි. අනුන්ට දෙයි. නැවත නැවත ලැබූ දේට ද එලෙසම කරයි. මේ පුද්ගලයෝ දෙදෙනා කරත්ත ගණන් පිරිනැමුවත් තෘප්තිමත් කිරීමට නොහැකි දුත්තප්පයෝ වෙති.
සුතප්පයනිද්දෙසෙ – න විස්සජ්ජෙතීති අත්තනො අකත්වා පරස්ස න දෙති. අතිරෙකෙ පන සති න නික්ඛිපති පරස්ස දෙති. ඉදං වුත්තං හොති – යො පන භික්ඛු උපට්ඨාකකුලා වා ඤාතිකුලා වා ජිණ්ණචීවරො සාටකං ලභිත්වා චීවරං කත්වා පරිභුඤ්ජති, න නික්ඛිපති; අග්ගළං දත්වා පාරුපන්තොපි පුන දිය්යමානෙ සහසා න පටිග්ගණ්හාති. යො ච ලද්ධං ලද්ධං අත්තනා පරිභුඤ්ජති, පරෙසං න දෙති. ඉමෙ ද්වෙපි සුඛෙන සක්කා තප්පෙතුන්ති සුතප්පයා නාමාති.
සුතප්පය නිද්දේසයෙහි න විස්සජ්ජෙති යනු තමාගේ නොකොට අනුන්ට නොදෙයි. අතිරේකයක් ඇති කල්හි බහා නොතබයි. අනුන්ට දෙයි. මෙය කියන ලද්දේ වේ. යම් භික්ෂුවක් උපස්ථාන කුලයෙන් හෝ ඤාති කුලයෙන් හෝ දිරුණු සිවුරට සාටකයක් ලැබ සිවුරක් කොට පරිභෝග කරයි. බහා නොතබයි. අගුළු දී පොරවන්නේ ද නැවත දෙන කල්හි වහා නොපිළිගනියි. යමෙක් ලද ලද දේ තමා පරිභෝග කරයි. අනුන්ට නොදෙයි. මේ දෙදෙනා පහසුවෙන් තෘප්තිමත් කළ හැකි නිසා සුතප්පය නම් වෙති.
ආසවාති කිලෙසා. න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායතීති න කුක්කුච්චායිතබ්බයුත්තකං කුක්කුච්චායති. සූකරමංසං ලභිත්වා අච්ඡමංසන්ති කුක්කුච්චායති, මිගමංසං, ලභිත්වා දීපිමංසන්ති කුක්කුච්චායති. කාලෙ සන්තෙයෙව ‘කාලො නත්ථී’ති, අප්පවාරෙත්වාව ‘පවාරිතොස්මී’ති, පත්තෙ රජස්මිං අපතිතෙයෙව ‘පතිත’න්ති, අත්තානං උද්දිස්ස මච්ඡමංසෙ අකතෙයෙව ‘මං උද්දිස්ස කත’න්ති කුක්කුච්චායති. කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායතීති කුක්කුච්චායිතබ්බයුත්තකං න කුක්කුච්චායති. අච්ඡමංසං ලභිත්වා සූකරමංසන්ති න කුක්කුච්චායති…පෙ… අත්තානං උද්දිස්ස මච්ඡමංසෙ කතෙ ‘මං උද්දිස්ස කත’න්ති න කුක්කුච්චායති . අඞ්ගුත්තරට්ඨකථායං පන – “‘න කුක්කුච්චායිතබ්බ’න්ති සඞ්ඝභොගස්ස අපට්ඨපනං අවිචාරණං න කුක්කුච්චායිතබ්බං නාම, තං කුක්කුච්චායති. ‘කුක්කුච්චායිතබ්බ’න්ති තස්සෙව පට්ඨපනං විචාරණං, තං න කුක්කුච්චායතී”ති එත්තකමෙව වුත්තං. ඉමෙසන්ති ඉමෙසං ද්වින්නං පුග්ගලානං සුභූමියං තිණලතාදීනි විය රත්තිම්පි දිවාපි ආසවා වඩ්ඪන්තියෙව. සුක්කපක්ඛෙ කප්පියමංසං ලභිත්වා කප්පියමංසන්ත්වෙව ගණ්හන්තො න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති නාමාති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
ආසවා යනු කෙලෙස්ය. න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති යනු කුකුස් කළයුත්තෙහි කුකුස් කරයි. හූරු මසක් ලැබ වලස් මස් යයි සැක කරයි. මුව මස් දිවි මස් යයි සැක කරයි. කාලය ඇති කල්හි කාලය නැතැයි ද, නොපවරා පැවරුවෙමියි ද පාත්‍රයෙහි රජස් නැති කල්හි ඇතැයිද තම උදෙසා මස්මාළු නොකළ කල්හි මා උදෙසා කළැයි ද කුකුස් නොකරයි. අංගුත්තර අටුවාවෙහි වනාහි කුකුස් නොකළයුතු සංක්ෂෙප භාගයේ කුකුස් කළයුතුය. එහි තැබීම විවරණය එය කුකුස් නොකළ යුතුයයි මෙපමණක් කියන ලදී. ඉමෙසං යනු මේ පුද්ගලයන් දෙදෙනාගේ සරු භූමියෙහි තෘණලතාදිය මෙන් රාත්‍රියේ ද දවල් ද ආශ්‍රවයෝ වැඩෙත්මය. ශුක්ල පක්ෂයෙහි කැප මසක් ලැබ කැප මසකැයි ගන්නේ කුකුස් නොකළ යුතුය. කුකුස් නොකළ යන නාමයෙන් යන මේ නයින් අර්ථය දතයුතුය.
හීනාධිමුත්තොති හීනජ්ඣාසයො. දුස්සීලොති නිස්සීලො. පාපධම්මොති ලාමකධම්මො.
හීනාධිමුත්තිකො යනු හීන අදහස් ඇත්තේ. දුස්සීලො යනු සීල නැති. පාපධම්මො යනු ලාමක දහම් ඇති.
පණීතාධිමුත්තොති පණීතජ්ඣාසයො. කල්යාණධම්මොති භද්දකධම්මො, සුචිධම්මො, සුන්දරධම්මො.
පණීතාධිමුත්තො යනු ප්‍රණීත අදහස් ඇත්තේ. කල්යාණධම්මො යනු සොඳුරු දහම්, පිරිසිදු දහම්.
තිත්තොති සුහිතො පරියොසිතො. තප්පෙතාති අඤ්ඤෙසම්පි තිත්තිකරො. පච්චෙකසම්බුද්ධා යෙ ච තථාගතසාවකාති එත්ථ පච්චෙකබුද්ධා නවහි ලොකුත්තරධම්මෙහි සයං තිත්තා පරිපුණ්ණා. අඤ්ඤෙ පන තප්පෙතුං න සක්කොන්ති. තෙසඤ්හි ධම්මකථාය අභිසමයො න හොති. සාවකානං පන ධම්මකථාය අපරිමාණානම්පි දෙවමනුස්සානං අභිසමයො හොති. එවං සන්තෙපි යස්මා පන තෙ ධම්මං දෙසෙන්තා න අත්තනො වචනං කත්වා කථෙන්ති, බුද්ධානං වචනං කත්වා කථෙන්ති. සොතුං නිසින්නපරිසාපි ‘අයං භික්ඛු න අත්තනා පටිවිද්ධධම්මං කථෙති, බුද්ධෙහි පටිවිද්ධධම්මං කථෙතී’ති චිත්තීකාරං කරොති. ඉති සො චිත්තීකාරො බුද්ධානංයෙව හොති. එවං තත්ථ සම්මාසම්බුද්ධොව තප්පෙතා නාම. යථා හි ‘අසුකස්ස නාම ඉදඤ්චිදඤ්ච දෙථා’ති රඤ්ඤා ආණත්තා කිඤ්චාපි ආනෙත්වා දෙන්ති, අථ ඛො රාජාව තත්ථ දායකො. යෙහිපි ලද්ධං හොති, තෙ ‘රඤ්ඤා අම්හාකං ඨානන්තරං දින්නං, ඉස්සරියවිභවො දින්නො’ත්වෙව ගණ්හන්ති, න රාජපුරිසෙහීති. එවංසම්පදමිදං වෙදිතබ්බං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
තිතෙතා යනු තෘප්තියට පත්. අවසන් කළ. තප්පෙතා යනු අන් අයද තෘප්තිමත් කරන්න. පච්චෙක සම්බුද්ධො යෙච තථාගත සාවකා මෙහි පසේ බුදුවරු නව ලෝකෝත්තර ධර්මයෙන් තමා තෘප්තිමත්හ. සම්පූර්ණයහ. අන් අය තෘප්තිමත් කිරිමට නොහැකි වෙති. උන්වහන්සේලාගේ ධර්ම කථාවෙන් අභිසමය (අවබෝධය) නොවේ. ශ්‍රාවකයන්ගේ වනාහි ධර්ම කථාවෙන් අප්‍රමාණ දෙවි මිනිසුන්ට අවබෝධ වේ. මෙසේ ඇති කල්හි යම්හෙයකින් ඔහු ධර්ම දේශනා කරන්නේ තමාගේ වචන කොට නො කියති. බුදුවරුන්ගේ වචනයයි කියා දහම් දෙසති. ඇසීමට සිටින පිරිස ද මේ භික්ෂුව තම අවබෝධ කළ ධර්මය නොකියයි. බුදුවරුන් විසින් අවබෝධ කළ ධර්මය දේශනා කරතියි ගෞරව කරති. මෙසේ ඒ ගෞරවය බුදුවරුන්ටම වේ. මෙසේ එහි සම්මා සම්බුදුන් වහන්සේම තෘප්තිමත් කරන්නා වෙති. යම්සේ අසවලාට මේ මේවා දෙනු යයි රජු අණකළ කල්හි කිසිවෙක් ගෙනවුත් දෙති. එහි රජතුමාම දායක වේ. යම් අය විසින් ලබන ලද්ද, රජතුමා විසින් දෙන ලද තනතුරය ඓශ්වර්ය සම්පත් දෙන ලදැයි ඔව්හු ගනිති. රජ පිරිස විසින් දෙන ලදැයි නොවේ. මෙසේ මෙය පැමිණ ඇතැයි දතයුතුය. සෙසු සියළු තුන නොගැඹුරු අරුත් ඇත.
දුකනිද්දෙසවණ්ණනා.
දෙවන නිද්දේසය නිමි.