2. දුක නිද්දෙසො
2. දුක නිද්දෙසො
2. ද්වික නිර්දෙශය
1. කතමො ච පුග්ගලො කොධනො: තත්ථ කතමො කොධො, සො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්තං, ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං, අසුරොපො අනත්තමනතා චිත්තස්ස. අයං වුච්චති කොධො. යස්ස පුග්ගලස්ස අයං කොධො අප්පහීනො, අයං වුච්චති පුග්ගලො කොධනො.
1. කවර පුද්ගලයෙක් ‘කොධන’ වේ ද යත්: එහි ක්‍රෝධය කව රේ ද: යම් ක්‍රෝධයෙක් කිපීමක් කිපුණු බවක් ද්වේෂයෙක් දූෂ්‍ය වීමක් දූෂිත බවක් විකෘතියක් විකෘත වීමක් විකෘත වූ බවක්, විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවක්, වචනයාගේ අසම්පූර්ණ බවක් චිත්තයාගේ නො සතුටු බවක් වේ ද මේ ක්‍රෝධය යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ක්‍රෝධය ප්‍රහීණ නො වූයේ ද, මෙබඳු පුද්ගල ‘කොධන’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො උපනාහී: තත්ථ කතමො උපනාහො: පුබ්බකාලං කොධො අපරකාලං උපනාහො, යො එවරූපො උපනාහො උපනය්හනා උපනය්හිතත්තං අට්ඨපනා ඨපනා සණ්ඨපනා අනුසංසන්දනා අනුප්පබන්ධනා දළ්හීකම්මං කොධස්ස, අයං වුච්චති උපනාහො. යස්ස පුග්ගලස්ස අයං උපනාහො අප්පහීනො, අයං වුච්චති පුග්ගලො උපනාහී.
කවර පුද්ගලයෙක් ‘උපනාහී’ වේ ද යත්: එහි ‘උපනාහය’ කවරේ ද: පූර්වකාලය ක්‍රෝධය යි, අපරාකාලය ‘උපනාහය’ (බද්ධ වෛරය) යි. යම් මෙබඳු බද්ධ වෛරයෙක් වෙරබැඳීමක් බද්ධවෛර වූ බවක්, ක්‍රෝධය නඟා සිටුවීමක්, හිඳුවීමක් මොනවට හිඳුවීමක් සැසැඳීමක් ලුහු බැඳීමක් දැඩි කිරීමක් වේ ද, මේ ‘උපනාහ’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ උපනාහය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල උපනාහී යැ යි කියනු ලැබේ.
2. කතමො ච පුග්ගලො මක්ඛී: තත්ථ කතමො මක්ඛො: යො මක්ඛො මක්ඛායනා මක්ඛායිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං, අයං වුච්චති මක්ඛො. යස්ස පුග්ගලස්ස අයං මක්ඛො අප්පහීනො, අයං වුච්චති පුග්ගලො මක්ඛී.
2. කවර පුද්ගලයෙක් ‘මක්ඛී’ වේ ද යත්: එහි ‘මක්ඛය’ කවරේ ද: යම් ගුණමකුවක් ගුණ මැකීමක් ගුණමකු බවක් නිර්දයාවක් නිර්දය කමක් වේ ද මේ මක්ඛ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ‘මක්ඛය’ ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මක්ඛී’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො පලාසී: තත්ථ කතමො පලාසො යො පලාසො පලාසායනා පලාසායිතත්තං පලාසාහාරො විවාදට්ඨානං යුගග්ගාහො අප්පටිනිස්සග්ගො, අයං වුච්චති පලාසො යස්ස පුග්ගලස්ස අයං පලාසො. අප්පහීනො, අයං වුච්චති පුග්ගලො පලාසී.
කවර පුද්ගලයෙක් ‘පලාසී’ වේ ද යත්: එහි ‘පලාසය’ කවරේ ද: යම් සමවලායෙක් සමවලායෙහි පැවැත්මක් සමවලා පැවැතුම් ඇති බවක් සමවලා එළවීමක් විවාදයට කරුණක් යුගග්රාහයෙක් නො හැරපීමෙක් වේ ද මේ ‘පලාස’ යැයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ පලාසය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘පලාසී’ යැ යි කියනු ලැබේ.
3. කතමො ච පුග්ගලො ඉස්සුකී: තත්ථ කතමා ඉස්සා: යා පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයිතත්තං, අයං වුච්චති ඉස්සා. යස්ස පුග්ගලස්ස අයං ඉස්සා අප්පහීනා, අයං වුච්චති පුග්ගලො ඉස්සුකී.
3. කවර පුද්ගලයෙක් ‘ඉස්සුකී’ (ඊර්ෂ්‍යා ඇත්තේ) වේ ද යත්: එහි ‘ඊර්ෂ්‍යා’ කවර යත්: අනුන්ගේ ලාභ සත්කාර ගරුකාර වන්දන මානන පූජනයන්හි යම් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවෙහි පැවැත්මක් ඊර්ෂ්‍යා පැවැතුම් ඇති බවක් දොස්පාළ කිරීමක් දොස් පාළකිරීමේ පැවැත්මක් දොස් පාළ කිරීමේ පැවැතුම් ඇති බවක් වේ ද මේ ඊර්ෂ්‍යා යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ඊර්ෂ්‍යායාව ප්‍රහීණ නො වූ වා ද මේ පුද්ගල ‘ඉස්සුකී’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො මච්ඡරී: තත්ථ කතමං මච්ඡරියං: පඤ්ච මච්ඡරියානි-ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං චම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡෙරං මච්ඡරයානා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං. යස්ස පුග්ගලස්ස ඉදං මච්ඡරියං අප්පහීනං, අයං වුච්චති පුග්ගලො මච්ඡරී.
කවර පුද්ගලයෙක් ‘මච්ඡරී’ (මසුරු බව ඇත්තේ) වේ ද යත්: එහි මච්ඡරිය (යනු) කවරේ ද: මාත්සර්ය්යයෝ පස් දෙනෙකි - ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි යම් මෙබඳු මසුරු බවක් මසුරු බැව්හි පැවැත්මක් මසුරු බැව්හි පැවැතුම් ඇති බවක් හැම සැපත් අයත් කොට ගැන්මක් තද මසුරු බවක් කටුක ලෙස සිත හකුළාලන බවක් දීමෙහි සිත් නො ගත් බවක් වේ ද මේ ‘මච්ඡරිය’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මච්ඡරිය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මව්ඡරි’ යැ යි කියනු ලැබේ.
4. කතමො ච පුග්ගලො සඨො: තත්ථ කතමං සාඨෙය්යං: ඉධෙකච්චො පුග්ගලො සඨො හොති පරිසඨො, යං තත්ථ සඨං සඨතා සාඨෙය්යං කක්ඛරතා කක්කරියං පරික්ඛත්තතා පරික්ඛත්තියං, ඉදං වුච්චති සාඨෙය්යං. යස්ස පුග්ගලස්ස ඉදං සාඨෙය්යං අප්පහීනං. අයං වුච්චති පුග්ගලො සඨො.
4. කවර පුද්ගලයෙක් සඨ (කෛරාටික) වේ ද යත්: එහි ‘සඨ’ බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් කෛරාටිකයෙක් අතිශය කෛරාටිකයෙක් වෙයි. එහි යම් කපටයක් සඨතාවක් කෛරාටික බවක් කර්කශතාවක් රළු බවක් තරයේ සිටුවන ලද්දක් වැනි බවක් වේ ද මේ සාඨෙය්‍ය යැ යි කියනු ලැබේ. යම් පුද්ගලයක්හුගේ මේ සාඨෙය්‍යය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල ‘සඨ’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො මායාවී: තත්ථ කතමා මායා: ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති ‘මා මං ජඤ්ඤා’ති ඉච්ඡති, ‘මා මං ජඤ්ඤා’ති සංකප්පෙති, ‘මා මං ජඤ්ඤා’ති වාචං භාසති, ‘මා මං ජඤ්ඤා’ති කායෙන පරක්කමති, යා එව රූපා මායා මායාවිතා අච්චසරා වඤ්චනා නිකති නිකිරණා පරිහරණං ගූහනා පරිගූහනා ඡාදනා පරිඡාදනා අනුත්තානීකම්මං අනාවිකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා. යස්ස පුග්ගලස්ස අයං මායා අප්පහීණා, අයං වුච්චති පුග්ගලො මායාවී.
කවර පුද්ගලයෙක් ‘මායාවී’ (මායා ඇත්තේ) වේ ද යත්: එහි ‘මායාව’ කවර යත්: මෙලොවැ එකෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර සිතින් දුසිරිතෙහි හැසිර එය වසාලනු පිණිස ලාමක අපේක්ෂාවක් පිහිටුවයි. මා (පවිටකු ලෙස) නො දනීව යි අපේක්ෂා කරයි. ‘මා නො දනීවා’ යි සලකයි. ‘මා නො දනීවා’ යි වචන කියයි. ‘මා නො දනීව’ යි කයින් වෑයම් කරයි. මෙබඳු වූ යම් මායාවක් මායා ඇති බවක් වරද ඉක්මවා යෑමෙක් වඤ්චනයක් නිකෘතියක් නිකිරණයක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් එළිදරව් නො කිරීමක් රහස්කමක් පව්කම් වසාලන බවක් පව්කමක් වේ ද, මේ ‘මායා’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මායාව ප්‍රහීණ නො වූවා ද මේ පුද්ගල ‘මායාවී’ යැයි කියනු ලැබේ.
5. කතමො ච පුග්ගලො අහිරිකො: කත්ථ කතමං අහිරිකං: යං න හිරීයති හිරීයිතබ්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති අහිරිකං, ඉමිනා අහිරිකෙන සමන්නාගතො පුග්ගලො අහිරිකො.
5. කවර පුද්ගලයෙක් ‘අහිරික’ වේ ද යත්: එහි අහිරිකය කවරේ ද: ‘ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද, ‘ලාමක වූ අකුශල ධර්මයන්ට පැමිණීමෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද මේ ‘අහිරික’ යැ යි කියනු ලැබෙයි. මේ අහිරිකයෙන් යුක්ත වූ පුද්ගල ‘අහිරික’ නම් වේ.
කතමො ච පුග්ගලො අනොත්තප්පී: තත්ථ කතමං අනොත්තප්පං: යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති අනොත්තප්පං, ඉමිනා අනොත්තප්පෙන සමන්නාගතො පුග්ගලො අනොත්තප්පී.
කවර පුද්ගලයෙක් ‘අනොත්තප්පී’ නම් වේ ද යත්: එහි ‘අනපත්‍රපා’ කවර යත්: ‘පාපභීරුතායෙන් නො තැවේ’ යන යමක් ඇද්ද ‘ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් නො තැවේ’ යන යමක් ඇද්ද, මේ අනපත්‍රපා යැ යි කියනු ලැබෙයි. මේ අනපත්‍රපායෙන් යුක්ත වූ පුද්ගල ‘අනෝත්තප්පී’ නම් වේ.
6. කතමො ච පුග්ගලො දුබ්බචො: තත්ථ කතමා දොවචස්සතා: සහධම්මිකෙ වුච්චමානෙ දොවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා අනාදරියං අනාදරියතා අගාරවතා අප්පතිස්සවතා. අයං වුච්චති දොවචස්සතා, තාය සමන්නාගතො පුග්ගලො දුබ්බචො.
6. කවර පුද්ගලයෙක් ‘දුබ්බව’ වේ ද යත්: එහි දුර්වචස්ක බව කවරේ ද: ශික්ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවක් දුර්වච කමක් නො පිළිගැන්විය හැකි බවක් ප්රතිපක්ෂය ගන්නා බවක් විපක්ෂයෙහි මධුරත්වයක් අනාදරබවක් අනාදර ආකාරයක් අගෞරව බවක් නිරාශ්රය බවක් වේ ද, මේ දුර්වච බව යැ යි කියනු ලැබේ. එයින් යුක්ත වූ පුද්ගල දුර්වච නම් වේ.
කතමො ච පුග්ගලො පාපමිත්තො: තත්ථ කතමා පාපමිත්තා: යො තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්ති සම්භත්ති තංසම්පවඞ්කතා. අයං වුච්චති පාපමිත්තතා, ඉමාය පාපමිත්තතාය සමන්නාගතො පුග්ගලො පාපමිත්තො.
කවර පුද්ගලයෙක් ‘පාපමිත්‍රයන්’ ඇත්තේ වේ ද යත්: එහි පාපමිත්‍ර බව කවරේ ද: යම් ඒ පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා රහිත වූවාහු දුශ්ශීලවූවාහු අල්පශ්‍රැත වූවාහු මසුරු වූවාහු නුවණ නැතියාහු වෙත් ද, ඔවුන්ගේ යම් සේවනයක් බලවත් සේවනයක් හාත්පසින් සේවනයක් භජනයක් දැඩි භජනයක් භක්තියක් දෘඪභක්තියක් ඔවුනට නැමුණු බවක් වේ ද, මේ පාපමිත්රබවයැ යි කියනු ලැබේ. මේ පාපමිත්රතායෙන් යුක්ත වූ පුද්ගල පාපමිත්‍රයන් ඇත්තේ යි.
7. කතමො ච පුග්ගලො ඉන්ද්රියෙසු අගුත්තද්වාරො: තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙන සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා- ජිව්හාය රසං සායිත්වා- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං, අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛො අසංවරො. අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා. ඉමාය ඉන්ද්රියෙසු අගුත්තද්වාරතාය සමන්නාගතො පුග්ගලො ඉන්ද්රියෙසු අගුත්තද්වාරො.
7. කවර පුද්ගලයෙක් ඉන්ද්රියයන්හි නො පියන ලද දොර ඇත්තේ ද යත්: එහි ඉන්ද්රියයන්හි නො පියන ලද දොර ඇති බව කවරේ ද, මෙලොව එකෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් හෙයකින් චක්ෂුරින්ද්රියය සංවරණය නො කොට වාස කරන්නාවූ මොහු අභිධ්‍යා – දෞර්මනස්ස්ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය ය නො රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට නො පැමිණේ. කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අඝා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස – මනසින් ධර්මාලම්බනයක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් හෙයකින් මනින්ද්රියය සංවරණය නො කොට වසන්නා වූ මොහු අභිධ්‍යා යැ දෝමනස්ස යැ යි කියන ලද ලාමක වූ අකුශල ධර්මයෝ ලුහු බඳනාහු ද ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළි පදියි. මනින්ද්රියය නො රකියි. මනින්ද්රියයෙහි සංවරයට නො පැමිණේ. මේ ඉන්ද්රියයන් සදෙනාගේ යම් අගුත්තියක් නො රැක්මෙක් ආරක්ෂා රහිත බවක් අසංවරයෙක් වේ ද, මේ ඉන්ද්රියයන්හි නොපියූ දොර ඇති බව යැ යි කියනු ලැබේ. මේ ඉන්ද්රියයන්හි නො වැසූ දොර ඇති බැවින් සමන්වාගත වූ පුද්ගල ඉන්ද්රියයන්හි ‘අගුත්තද්වාර’ නම් වේ.
කතමො ච පුග්ගලො භොජනෙ අමත්තඤ්ඤූ: තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා: ඉධෙකච්චො පුග්ගලො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති, දවාය මදාය මණ්ඩනාය විභූසනාය යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භොජනෙ. අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා, ඉමාය භොජනෙ අමත්තඤ්ඤුතාය සමන්නාගතො පුග්ගලො භොජනෙ අමත්තඤ්ඤූ.
කවර පුද්ගලයෙක් වැළඳීමෙහි පමණ නො දන්නේ ද යත්: එහි වැළඳීමෙහි පමණ නො දන්නා බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් නො විමසා නුනුවණින් ක්‍රීඩා පිණිස මද පිණිස මණ්ඩනය පිණිස අලංකාරය පිණිස අහර වළඳයි. ඒ නො විමසා වැළඳීමෙහි යම් නො සතුටු බවක් පමණ නො දන්නා බවක් භෝජනයෙහි ප්රත්යවේක්ෂා රහිත බවක් වේ ද, මෙ වැළඳීමෙහි පමණ නො දන්නා බව යි කියනු ලැබේ. මේ භෝජනයෙහි පමණ නො දන්නා බැවින් සමන්විත වූ පුද්ගල භෝජනයෙහි පමණ නො දන්නේ යි.
8. කතමො ච පුග්ගලො මුට්ඨස්සති: තත්ථ කතමා මුට්ඨසච්චං: යා අසති අනනුස්සති අප්පටිස්සති අස්සති අසරණතා අධාරණතා පිලාපනතා පම්මුස්සනතා. ඉදං වුච්චති මුට්ඨසච්චං, ඉමිනා මුට්ඨසච්චෙන සමන්නාගතො පුග්ගලො මුට්ඨස්සති.
8. කවර පුද්ගලයෙක් මුළා සිහි ඇත්තේ ද යත්: මුළා සිහි ඇති බව කවරේ ද: යම් නො සිහියක් නො මෙනෙහි වීමක් නැවැත සිහි නොවීමක් අස්මෘතියක් සිහි නො කරන අයුරක් නො දරන බවක් (අරමුණෙහි) ඉල්පෙන බවක් මුළා වන බවක් වේ ද, මේ ‘මුළාසිහි’ යැ යි කියනු ලැබේ. මේ මුළාසිහියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘මුට්ඨස්සති’ නම් වේ.
කතමො ච පුග්ගලො අසම්පජානො: තත්ථ කතමං අසම්පජඤ්ඤං: යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං. ඉමිනා අසම්පජඤ්ඤෙන සමන්නාගතො පුග්ගලො අසම්පජානො.
කවර පුද්ගලයෙක් ‘අසම්පජාන’ වේ ද යත්: එහි ‘අසම්පජාන’ බව කවරේ ද: යම් නො දැනීමෙක් නො දැකීමෙක් නො වැටහීමෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් නො වැදගැන්මෙක් නො බැස ගැන්මෙක් සමුව නො දැකීමෙක් ධර්මස්වභාවය නො දැකීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් ප්‍රඥා රහිත බවක් බාල බවක් සම්‍යක් ප්‍රඥා රහිත බවක් මුළාවක් බලවත් මුළාවක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්යෝඝයෙක් අවිද්යානුයෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාවගේ නැඟීමක් අවිද්යාපලිඝයෙක් මෝහ සංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද මේ ‘අසම්පජාන’ බව යැ යි කියනු ලැබේ. මේ අසම්පජාන බැවින් යුක්ත වූ පුද්ගල ‘අසම්පජාන’ නම් වේ.
9. කතමො ච පුග්ගලො සීලවිපන්නො: තත්ථ කතමා සීලවිපත්ති කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති සීලවිපත්ති, සබ්බම්පි දුස්සීල්යං සීලවිපත්ති. ඉමාය සීලවිපත්තියා සමන්නාගතො පුග්ගලො සීලවිපන්නො.
9. කවර පුද්ගලයෙක් ‘සීලවිපන්න’ වේද යත්: එහි ‘සීලවිපත්තිය’ කවර යත්: කය පිළිබඳ වැරදි හැසිරීම යැ වචනය පිළිබඳ වැරැදි හැසිරීම යැ කය පිළිබඳ වූත් වචනය පිළිබඳ වූත් වැරැදි හැසිරීම යැ යන යමක් ඇද්ද, මේ ‘සීල විපත්තිය’ යි කියනු ලැබේ. සියලු ම දුසිල් බව සීලවිපත්ති නම. සීලවිපත්තියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘සීලවිපන්න’ නම් වේ.
කතමො ච පුග්ගලො දිට්ඨිවිපන්නො: තත්ථ කතමා දිට්ඨිවිපත්ති: නත්ථී දින්නං නත්ථී දිට්ඨි නත්ථී හුතං නත්ථී සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථී අයං ලොකො, නත්ථී පරලොකො, නත්ථී මාතා, නත්ථී පිතා, නත්ථී සත්තා ඔපපාතිකා, නත්ථී ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිතං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො. අයං වුච්චති දිට්ඨිවිපත්ති, සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති, ඉමාය දිට්ඨිවිපත්තියා සමන්නාගතො පුග්ගලො දිට්ඨිවිපන්නො.
කවර පුද්ගලයෙක් ‘දිට්ඨිවිපන්න’ වේ ද යත්: එහි ‘දිට්ඨිවිපත්තිය’ කවර යත්: ‘දුන්දෙයහි විපාක නැත, යාගවශයෙන් දුන් දෙයෙහි විපාක නැත, වෙතට පමුණුවා පුදන ලද්දෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු වූ සුමඟට බට සුපිළිපන් මහණ බමුණෝ ලොව නැති’ යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටි නැමැති විෂකටුවක් දෘෂ්ටිකම්පනයක් දෘෂ්ටිසංයෝජනයක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් පිවිස ගැන්මෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් වැරැදිමඟක් වැරැදි බවක් තීර්ත්ථායතනයක් විපර්ය්යාසග්රහණයෙක් වේ ද, මේ ‘දිට්ඨිවිපත්ති’ යැ යි කියනු ලැබේ. සියලු ම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ටිවිපත්ති’ යැ, මේ දිට්ඨිවිපත්තියෙන් යුක්ත වූ පුද්ගල ‘දිට්ඨිවිපන්න’ නම් වේ.
10. කතමො ච පුග්ගලො අජ්ඣත්තසඤ්ඤොජනො: යස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි අප්පහීනානි. අයං වුච්චති පුග්ගලො අජ්ඣත්තසඤ්ඤොජනො.
10. කවර පුද්ගලයෙක් ‘අජ්ඣත්ත සංයෝජන’ ඇත්තේ වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ ඕරම්භාගිය සංයෝජනයෝ පස් දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ පුද්ගල ‘අජ්ඣත්තසංයෝජන’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො බහිද්ධා සඤ්ඤොජනො: යස්ස පුග්ගලස්ස පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි අප්පහීනානි. අයං වුච්චති පුග්ගලො බහිද්ධාසඤ්ඤොජනො.
කවර පුද්ගලයෙක් ‘බහිද්ධා සංයෝජන’ ඇත්තේ වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ පුද්ගල තෙමේ ‘බහිද්ධාසංයෝජන’ ඇත්තේ යි කියනු ලැබේ.
11. කතමො ච පුග්ගලො අක්කොධනො: තත්ථ කතමො කොධො: යො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්තං, ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං, අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති කොධො. යස්ස පුග්ගලස්ස අයං කොධො පහීනො, අයං වුච්චති පුග්ගලො අක්කොධනො.
11. කවර පුද්ගලයෙක් ‘අක්කෝධන’ වේ ද යත්: එහි ක්‍රෝධය කවරේ ද: යම් ක්‍රෝධයෙක් කිපීමෙක් කිපුණු බවෙක්, ද්වේෂයෙක් දූෂණයෙක් දූෂිත බවෙක් (චිත්තයාගේ විරුද්ධ බවට) පෙරලීමෙක් පෙරළුණු අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවෙක්, වචනයාගේ අසම්පූර්ණතාවක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්‍රෝධයයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ක්‍රෝධය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අක්කෝධන’ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො අනුපනාහී: තත්ථ කතමො උපනාහො: පුබ්බකාලං කොධො අපරකාලං උපනාහො, යො එවරූපො උපනාහො උපනය්හනා උපනය්හිතත්තං අට්ඨපනා ඨපනා සණ්ඨපනා අනුසංසන්දනා අනුප්පබන්ධනා දළ්හීකම්මං කොධස්ස, අයං වුච්චති උපනාහො. යස්ස පුග්ගලස්ස අයං උපනාහො පහීනො, අයං වුච්චති පුග්ගලො අනුපනාහී.
කවර පුද්ගලයෙක් ‘අනුපනාහී’ (බද්ධවෛර නැත්තේ) වේ ද යත්: එහි ‘උපනාහය’ කවරේ ද: පූර්වකාලය ‘ක්‍රෝධය’ යි, අපරකාලය ‘උපනාහය’ යි. මෙබඳු වූ යම් උපනාහයෙක් බද්ධවෛරයෙක් වෙර බැඳි බවක් (ක්‍රෝධයාගේ) ආදිකොට තිබීමෙක් තබන ආකාරයෙක් සැදීමෙක් (ක්‍රෝධයාගේ) සැසැඳීමෙක් ලු බැඳීමෙක් දැඩි කිරීමෙක් වේ ද, මේ ‘උපනාහ’ යැයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ උපනාහය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල ‘අනුපානාහී’ යැ යි කියනු ලැබේ.
12. කතමො ච පුග්ගලො අමක්ඛී: තත්ථ කතමො මක්ඛො: යො මක්ඛො මක්ඛියනා මක්ඛීයිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං, අයං වුච්චති මක්ඛො. යස්ස පුග්ගලස්ස අයං මක්ඛො පහීනො, අයං වුච්චති පුග්ගලො අමක්ඛී.
12. කවර පුද්ගලයෙක් ‘අමක්ඛි’ (ගුණමකු නො වූයේ) වේ ද යත්: එහි ‘මක්ඛය’ කවරේ ද: යම් ගුණමකුවෙක් ගුණමකන අයුරෙක් ගුණමකන බවක් නිර්දයබවෙක් නිර්දය කමෙක් වේ ද, මේ ‘මක්ඛ’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මක්ඛය (මකුගුණය) ප්‍රහීණ වූයේ ද මේ පුද්ගල තෙමේ ‘අමක්ඛි’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො අපලාසී: තත්ථ කතමො පලාසො: යො පලාසො පලාසායනා පලාසායිතත්තං පලාසාහාරො විවාදට්ඨානං යුගග්ගාහො අප්පටිනිස්සග්ගො, අයං වුච්චති පළාසො. යස්ස පුග්ගලස්ස අයං පළාසො පහීනො, අයං වුච්චති පුග්ගලො අපලාසී.
කවර පුද්ගලයෙක් ‘අපලාසී’ (යුගග්‍රාහ නැත්තේ) වේ ද යත්: එහි ‘පලාසය’ කවරේ ද: යම් යුගග්රාහයෙක් සමවලායෙහි පැවැත්මෙක්, සමවලා පැවැතුම් ඇති බවෙක්, සමවලා එළැවීමෙක්, විවාදයට කරුණෙක් යුගග්රාහයෙක් දෙනා හැරපීමෙක් වේ ද, මේ ‘පලාස’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ පලාසය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අපලාසී’ යැ යි කියනු ලැබේ.
13. කතමො ච පුග්ගලො අනිස්සුකී: තත්ථ කතමා ඉස්සා: යා පරලාභසක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං, උසූයා උසූයනා උසූයිතත්තං, අයං වුච්චති ඉස්සා. යස්ස පුග්ගලස්ස අයං ඉස්සා පහීනා, අයං වුච්චති පුග්ගලො අනිස්සුකී.
13. කවර පුද්ගලයෙක් ‘අනිස්සුකී’ නම් වේ ද යත්: එහි ‘ඉස්සා’ යනු කවර යත්: අනුන්ගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජන යන මෙහි යම් ඊෂ්යයාවක් ඊෂ්යයාවෙහි පැවැත්මෙක් ඊර්ෂ්‍යයා පැවැතුම් ඇති බවෙක් දොස් පහළ කිරීමෙක් දොස් පාළකිරීමේ පැවැත්මක් දෙස් පාළ කිරීමේ පැවැතුම් ඇති බවෙක් වේ ද, මේ ‘ඉස්සා’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ඊෂ්යයාව ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අනිස්සුකී’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො අමච්ඡරී: තත්ථ කතමං මච්ඡරියං: පඤ්චමච්ඡරියානි - ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං, වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස. ඉදං වුච්චති මච්ඡරියං. යස්ස පුග්ගලස්ස ඉදං මච්ඡරියං පහීනං, අයං වුච්චති පුග්ගලො අමච්ඡරී.
කවර පුද්ගලයෙක් ‘අමච්ඡරී’ (නොමසුරු) වේ ද යත්: එහි ‘මච්ඡරිය’ කවර යත්: මාත්සර්ය්යයෝ පස් දෙනෙක – ආවාස මාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මාත්සර්ය්යයෙක් මසුරු අයුරක් මසුරු වන බවක් සම්පත් සඟවන බවක් දැඩි මසුරු බවෙක් කටුකතාවක් සිත් නො ගන්නා බවෙක් වේ ද, මේ ‘මච්ඡරිය’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ‘මච්ඡරිය’ ය ප්‍රහීණ ද, මේ පුද්ගල තෙමේ ‘අමච්ඡරී’ යැ යි කියනු ලැබේ.
14. කතමො ච පුග්ගලො අසඨො: තත්ථ කතමං සාඨෙය්යං: ඉධෙකච්චො පුග්ගලො සඨො හොති පරිසඨො, යං තත්ථ සඨං සඨතා සාඨෙය්යං කක්කරතා කක්කරියං පරික්ඛත්තතා පරික්ඛත්තියං, ඉදං වුච්චති සාඨෙයං. යස්ස පුග්ගලස්ස ඉදං සාඨෙය්යං පහීනං, අයං වුච්චති පුග්ගලො අසඨො.
14. කවර පුද්ගලයෙක් ‘අසඨ’ (කෛරාටික නොවූයේ) වේ ද යත්: එහි ‘සඨ’ බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් කෛරාටිකයෙක් හාත්පසින් කෛරාටිකයෙක් වෙයි. එහි යම් කපටයක් සඨතාවක් කෛරාටික භාවයක් කර්කශතාවක් රළු බවක් වේ ද, මේ ‘සඨ’ බව යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ සඨ බව ප්‍රහීණ ද, මේ පුද්ගල තෙමේ ‘අසඨ’ යැ යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො අමායාවී: තත්ථ කතමා මායා: ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා, තස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති, ‘මා මං ජඤ්ඤා’ති ඉච්ඡති මා ‘මං ජඤ්ඤා’ති සඞ්කප්පෙති, ‘මා මං ජඤ්ඤා’ති වාචං භාසති, ‘මා මං ජඤ්ඤා’ති කායෙන පරක්කමති, යා එව රූපා මායා මායාවිතා අච්චසරා වඤ්චනා නිකති නිකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පරිඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා. යස්ස පුග්ගලස්ස අයං මායා පහීනා, අයං වුච්චති පුග්ගලො අමායාවී.
කවර පුද්ගලයෙක් ‘අමායාවී’ (මායා නැත්තේ) වේ ද යත්: එහි ‘මායාව’ කවර යත්: මෙලොව එක් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය වසාලනු පිණිස ලාමක ඉච්ඡාවක් පිහිටුවයි. ‘මා (පවිටකු කොට) නහමක් දනීව’ යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’ යි සලකයි. ‘නහමක් දනීව’ යි තෙපුල් බෙනෙයි. ‘මා නහමක් දනීව’ යි කයින් වෑයම් කරයි. මෙබඳුවූ යම් මායාවක් මායා ඇති බවක් ඉක්ම යෑමෙක් වඤ්චනයක් නිකෘතියක් නිකිරණයක් බැහැර ලීමෙක් සැඟවීමෙක් හාත්පසින් සැඟවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් එළිදරව් නො කිරීමෙක් ප්‍රකට නො කිරීමෙක් මොනවට වැසීමෙක් වේ ද, මේ ‘මායා’ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මායාව ප්‍රහීණ වූවා ද, මේ පුද්ගල තෙමේ ‘අමායාවී’ යැ යි කියනු ලැබේ.
15. කතමො ච පුග්ගලො හිරිමා: තත්ථ කතමා හිරි: යා හිරි හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, අයං වුච්චති හිරි, ඉමාය හිරියා සමන්නාගතො පුග්ගලො හිරිමා.
15. කවර පුද්ගලයෙක් ‘හිරි ඇත්තේ’ ද යත්: එහි ‘හිරි’ යනු කවර යත්: යමක් ලජ්ජා ව ද, ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා වේද, ලාමක වූ අකුශල ධර්මයන්ට පැමිණීමෙන් ලජ්ජා වේද, මේ ‘හිරි’ යැ යි කියනු ලැබේ. මේ හිරියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘හිරි ඇත්තේ’ යි.
කතමො ච පුග්ගලො ඔත්තප්පී: තත්ථ කතමං ඔත්තප්පං: යං ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති ඔත්තප්පං. ඉමිනා ඔත්තප්පෙන සමන්නාගතො පුග්ගලො ඔත්තප්පී.
කවර පුද්ගලයෙක් ‘ඔතප් ඇත්තේ’ ද යත්: එහි ‘ඔතප්’ යනු කවරේ ද: යම් චිත්තාංගයක් තැවිය යුත්තෙන් තැවේ ද, ලාමක වූ අකුශල ධර්මයන්ට පැමිණීමෙන් තැවේ ද, මේ ඔතප් යැ යි කියනු ලැබේ. මේ අපත්‍රපායෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘ඔතප් ඇත්තේ’ යි.
16. කතමො ච පුග්ගලො සුවචො: තත්ථ කතමා සොවචස්සතා: සහධම්මිකෙ වුච්චමානෙ සොවචස්සායං සොවචස්සියං සොවචස්සතා අවිප්පටිකූලගාහිතා අවිපච්චනිකසාතතා සගාරාවතා සප්පතිස්සවතා, අයං වුච්චති සොවචස්සතා. ඉමාය සොවචස්සතාය සමන්නාගතො පුග්ගලො සුවචො.
16. කවර පුද්ගලයෙක් ‘සුවච’ වේ ද යත්: එහි ‘සුවච’ බව කවරේ ද: ශික්ෂාපදය කියන කල්හි සුවච බවෙක් සුවචකමෙක් විපක්ෂය නො ගන්නා බවෙක් විපක්ෂය මිහිරි නො වීමෙක් ගෞරව සහිත බවෙක් සාශ්රය බවෙක් වේ ද මේ ‘සුවච’ බව යැ යි කියනු ලැබේ. මේ සුවච බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘සුවච’ නම් වේ.
කතමො ච පුග්ගලො කල්යාණමිත්තො: තත්ථ කතමා කල්යාණමිත්තතා: යෙ තෙ පුග්ගලා සද්ධා සීලවන්තො බහුස්සුතා පඤ්ඤාවන්තො චාගවන්තො යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්භජනා භත්ති සම්භත්ති තංසම්පවඞ්කතා, අයං වුච්චති කල්යාණමිත්තතා. ඉමාය කල්යාණමිත්තතාය සමන්නාගතො පුග්ගලො කල්යාණමිත්තො.
කවර පුද්ගලයෙක් ‘කල්‍යාණමිත්‍ර’ වේ ද යත්: එහි ‘කල්‍යාණ මිත්‍ර’ බව කවරේ ද: යම් ඒ පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ද සිල්වත්තු ද බහුශ්‍රැතයෝ ද ත්‍යාගවත්හු ද ප්‍රඥා ඇත්තාහු ද ඔවුන්ගේ යම් සේවනයෙක් ආශ්‍රයෙක් සමාශ්රයෙක් භජනයෙක් දෘඪභජනයෙක් භක්තියක් දෘඪභක්තියක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘කල්‍යාණමිත්‍ර’ බව යැ යි කියනු ලැබේ. මේ කල්‍යාණමිත්‍ර බැවින් සමන්වාගත පුද්ගල තෙමේ ‘කල්‍යාණමිත්‍ර’ නම් වේ.
17. කතමො ච පුග්ගලො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො: තත්ථ කතමා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා-ඝානෙන ගන්ධං ඝායිත්වා-ජිව්හාය රසං සායිත්වා-කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා-මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ගුත්ති ගොපනා ආරක්ඛො සංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා. ඉමාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය, සමන්නාගතො පුග්ගලො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො.
17. කවර පුද්ගලයෙක් ‘ඉන්ද්රියයන්හි වසන ලද දොර ඇත්තේ’ ද යත්: එහි ‘ඉන්ද්රියයන්හි වසන ලද දොර ඇති බව’ කවරේ ද: මෙලොව එකෙක් ඇසින් රූපයක් දැක නිමිතිගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් හෙයකින් මේ චක්ෂුරින්ද්රියය සංවරණය නො කොට වසන්නාහු අභිධ්‍යා දෞර්මනස්ය යන ලාමක වූ අකුශල ධර්මයෝ ලුහු බඳනාහු ද ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්ෂුරින්ද්රියය රකියි, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් අඝා – දිවින රසයක් විඳ - කයින් පහසක් විඳ – මනසින් ධර්මාරම්මණයක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤජන ගන්නේ නො වෙයි. යම් හෙයකින් මනින්ද්රියය අසංවෘත ව වසන්නා වූ මොහු අභිධ්‍යා දෞර්මනස්ය යන ලාමක වූ අකුශල ධර්මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්ද්රියය රකියි, මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ. මේ ඉඳුරන් සදෙනාගේ යම් ගුත්තියක් ගෝපනයක් ආරක්ෂාවක් සංවරයක් වේ ද, මේ ‘ඉඳුරන්හි වසන ලද දොර ඇති බව’ යැ යි කියනු ලැබේ. මේ ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘ඉන්ද්රියයන්හි ගුප්තද්වාර’ නම් වේ.
කතමො ච පුග්ගලො භොජනෙ මත්තඤ්ඤූ: තත්ථ කතමා භොජනෙ මත්තඤ්ඤුතා: ඉධෙකච්චො පුග්ගලො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති යා තත්ථ සන්තුට්ඨිතා මත්තඤ්ඤුතා පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ මත්තඤ්ඤුතා. ඉමාය භොජනෙ මත්තඤ්ඤුතාය සමන්නාගතො පුග්ගලො භොජනෙ මත්තඤ්ඤූ.
කවර පුද්ගලයෙක් ‘වැළඳීමෙහි පමණ දන්නේ’ වේ ද යත්: එහි ‘වැළඳීමෙහි පමණ දන්නා බව’ කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් ප්රත්යවේක්ෂා කොට නුවණින් අහර වළඳයි. ‘ක්‍රීඩා පිණිස නො වේ මැ යැ, මද පිණිස නො වේ මැ යැ, සිරුර සරසනු පිණිස නො වේ මැ යැ, සිරුරු මසෙහි අලංකාරය පිණිස නො වේ මැ යි, හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැ, යැපීම පිණිස යැ, සාදුක් නිවනු පිණිස යැ, බඹසරට අනුග්‍රහ පිණිස යැ, මෙසේ පැරැණි (සාදුක්) වේදනාවත් නසන්නෙමි, (අධික භෝජන හේතුවින් වන) නව වේදනාවත් නො උපදවන්නෙමි, ජීවිතයාත්රාවත් නිරවද්‍යතාවත් ඵාසුවිහරණයත් වන්නීය යි, ඒ ප්රත්යවේක්ෂා කොට වැළඳීමෙහි යම් සතොස් බවක් පමණ දන්නා බවක් වේ ද, මේ ‘භෝජනයෙහි පමණ දන්නා බව’ යැ යි කියනු ලැබේ. මේ වැළඳීමෙහි පමණ දන්නා බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘වැළඳීමෙහි පමණ දන්නේ’ යි.
18. කතමො ච පුග්ගලො උපට්ඨිතසති: තත්ථ කතමා සති: යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සති බලං සම්මාසති. අයං වුච්චති සති. ඉමාය සතියා සමන්නාගතො පුග්ගලො උපට්ඨිසති.
18. කවර පුද්ගලයෙක් ‘එළඹ සිටි සිහි ඇත්තේ’ වේ ද යත්: එහි ‘සති’ යනු කවර යත්: යම් සිහියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සඳහනෙක් ධාරණය වන බවෙක් (අරමුණෙහි) කිඳෙන බවෙක් මුළා නො වන බවෙක් ස්මෘතින්ද්රියයක් සතිබලයක් සම්මාසතියක් වන්නී ද මේ ‘සති’ යැ යි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘එළඹ සිටි සිහි ඇත්තේ’ යි.
කතමො ච පුග්ගලො සම්පජානො: තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛනා උපලක්ඛණා පච්චුපලක්ඛනා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉමිනා සම්පජඤ්ඤෙන සමන්නාගතො පුග්ගලො සම්පජානො.
කවර පුද්ගලයෙක් ‘සම්පජාන’ වේ ද යත්: එහි ‘සම්පජාන’ බව කවරේ ද යත්: යම් ප්රකර්ෂඥානයක් ප්‍රකාරයෙන් දනුමක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිව්සස් දම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් චින්තාවක් උප්පරීක්ෂාවක් පුළුල් දැනුමෙක් ධාරණ ප්‍රඥාවෙක් පමුණුවන නුවණෙක් විදර්ශනාවක් මැනැවින් දන්නා බවෙක් පතෝදය වැනි නුවණෙක් ප්‍රඥාවක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්රඥාප්රදීපයෙක් ප්රඥාරත්නයක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජාන’ බව යැ යි, කියනු ලැබේ. මේ සම්පජාන බැවින් යුත් පුද්ගල තෙමේ ‘සම්පජාන’ නම් වේ.
19. කතමො ච පුග්ගලො සීලසම්පන්නො: තත්ථ කතමා සීලසම්පදා: කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති සීලසම්පදා, සබ්බො’පී සීලසංවරො සීලසම්පදා. ඉමාය සීලසම්පදාය සමන්නාගතො පුග්ගලො සීලසම්පන්නො.
19. කවර පුද්ගලයෙක් ‘සීලසම්පන්න’ වේ ද යත්: එහි ‘සීල සම්පදාව’ කවර යත්: කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායික වූ ත් වාචසික වූ ත් අව්‍යතික්‍රමයෙක් වේ ද මේ ‘සීලසම්පදා’ යැ යි කියනු ලැබේ, සියලු ම ශීල සංවරය ‘සීලසම්පදා’ යි. මේ සීලසම්පදායෙන් යුත් පුද්ගල තෙමේ ‘සීලසම්පන්න’ නම් වේ.
කතමො ච පුග්ගලො දිට්ඨිසම්පන්නො: තත්ථ කතමා දිට්ඨිසම්පදා අත්ථී දින්නං, අත්ථී යිට්ඨං, අත්ථී හුතං, අත්ථී සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථී අයං ලොකො, අත්ථී පරො ලොකො, අත්ථී මාතා, අත්ථී පිතා, අත්ථී සත්තා ඔපපාතිකා, අත්ථී ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. යා එවරූපා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අයං වුච්චති දිට්ඨිසම්පදා, සබ්බා’පි සම්මාදිට්ඨි දිට්ඨිසම්පදා ඉමායදිට්ඨිසම්පදාය සමන්නාගතො පුග්ගලො දිට්ඨිසම්පන්නො.
කවර පුද්ගලයෙක් ‘දිට්ඨිසම්පන්න’ වේ ද යත්: එහි ‘දිට්ඨි සම්පදාව’ කවර යත්: දුන් දෙයෙහි විපාක ඇත, යාග වශයෙන් දුන් දෙයෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල - විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්වයෝ ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරත් ද එබඳු වූ සුමඟට බට සුපිළිපන් මහණ බමුණෝ ලොව ඇත, යන මෙබඳු වූ යම් උසස් දැනුමෙක් වෙසෙස් දනුමෙක් -පෙ- අමෝහයෙක් (නොමුළාවක්) ධර්මවිචයයෙක් සම්‍යක් දෘෂ්ටියක් (නිවැරැදි දනුමක්) වේ ද, මේ ‘දිට්ඨිසම්පදා’ යැ යි කියනු ලැබේ. සියලු මැ සම්‍යක් දෘෂ්ටිය ‘දිට්ඨිසම්පදා’ යැ යි. මේ දිට්ඨිසම්පදායෙන් යුක්තවූ පුද්ගල තෙමේ ‘දිට්ඨිසම්පන්න’ නම් වේ.
20. කතමෙ ද්වෙ පුග්ගලා දුල්ලභා ‘ලොකස්මිං: යො ච පුබ්බකාරී යො ච කතඤ්ඤූ කතවෙදී. ඉමෙ ද්වෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං.
20. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි ‘දුර්ලභ වෙත් ද යත්: යමෙකුත් පළමු ව උපකාර කරන සුලු වූයේ ද, යමෙකුත් කෘතඥ වූයේ කළගුණ දන්නා සුලු වූයේ ද, මේ පුද්ගලයෝ දෙදෙනා ලෝකයෙහි දුර්ලභයෝ යි.
21. කතමෙ ද්වෙ පුග්ගලා දුත්තප්පයා? යො ච ලද්ධං ලද්ධං නික්ඛිපති, යො ච ලද්ධං ලද්ධං විස්සජ්ජෙති, ඉමෙ ද්වෙ පුග්ගලා දුත්තප්පයා.
21. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ‘පිණවිය නො හැක්කාහු’ ද යත්: යමෙකුත් ලද ලද දැය බහා තබා ද, යමෙකුත් ලද ලද දැය වියදම් කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙනා පිණවිය නො හැක්කාහු යි.
22. කතමෙ ද්වෙ පුග්ගලා සුතප්පයා: යො ච ලද්ධං ලද්ධං න නික්ඛිපති, යො ච ලද්ධං ලද්ධං න විස්සජ්ජෙති, ඉමෙ ද්වෙ පුග්ගලා සුතප්පයා.
22. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ‘සුවසේ පිණවිය හැක්කාහු’ ද යත්: යමෙකුත් ලද ලද දැය බහා නො තබා ද, යමෙකුත් ලද ලද දැය වියදම් නො කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙනා සුවසේ පිණවිය හැක්කාහු යි.
23. කතමෙසං ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති: යො ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, ඉමෙසං ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති.
23. කවර පුද්ගලයන් දෙදෙනකුන්ගේ ‘ආස්‍රවයෝ වැඩෙත්’ ද යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කෙරේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ වැඩෙත්.
24. කතමෙසං ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති: යො ච න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, ඉමෙසං ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති.
24. කවර පුද්ගලයන් දෙදෙනකුන්ගේ ‘ආස්‍රවයෝ නො වැඩෙත්’ ද යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කෙරේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙත්.
25. කතමො ච පුග්ගලො හීනාධිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො, සො අඤ්ඤං දුස්සීලං පාපධම්මං සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති පුග්ගලො හීනාධිමුත්තො.
25. කවර පුද්ගලයෙක් ‘හීනාධිමුක්ත’ (පහත් අදහස් ඇත්තේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් ලාමක ධර්ම ඇත්තෙක් වේ ද, හෙතෙම අනිත් දුශ්ශීලයකු පවිටකු සේවනය කෙරෙයි භජනය කෙරෙයි පර්ය්යුපාසනය කෙරෙයි. මේ පුද්ගල තෙමේ ‘හීනාධිමුක්ත’ යැයි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො පණීතාධිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො, සො අඤ්ඤං සීලවන්තං කල්යාණධම්මං සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති පුග්ගලො පණීතාධිමුත්තො.
කවර පුද්ගලයෙක් ‘පණීතාධිමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිල්වතෙක් කල්යාණධර්ම ඇත්තෙක් වේ ද, හෙතෙම අනිත් සිල්වතකු කල්‍යාණ ධර්ම ඇතියකු සේවනය කෙරෙයි, භජනය කෙරෙයි, ළං ව ඇසිරි කෙරෙයි. මේ පුද්ගල තෙමේ ‘පණීතාධිමුක්ත’ යැ යි කියනු ලැබේ.
26. කතමො ච පුග්ගලො තිත්තො: පච්චෙකබුද්ධො යෙ ච තථාගතසාවකා අරහන්තො තිත්තා. සම්මාසම්බුද්ධො තිත්තො ච තප්පෙතා ච. අයං වුච්චති පුග්ගලො තිත්තො.
26. කවර පුද්ගලයෙක් ‘තෘප්ත වූයේ’ ද යත්: පසේ බුදුන් වහන්සේත් තථාගත ශ්‍රාවක වූ අර්හත් වූ යම් කෙනෙක් වෙත් නම් ඔහුත් ‘තෘප්තයෝ’ යි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ තෘප්ත වූ වාහු ද තර්පණය කරවන්නාහු ද වෙත්. මේ පුද්ගල තෙමේ ‘තෘප්ත’ යැයි කියනු ලැබේ.
දුකනිද්දෙසො නිට්ඨිතො.
ද්වික නිර්දෙශය නිමියේ යි.