1. එකක නිද්දෙසො
1. එකක නිද්දෙසො
1. ඒකක නිර්දෙශය
1. කතමො ච පුග්ගලො සමයවිමුත්තො: ඉධෙකච්චො පුග්ගලො කාලෙන කාලං සමයෙන සමයං අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො සමයවිමුත්තො.
1. කවර පුද්ගලයෙක් සමයවිමුක්ත වේ ද යත්: මේ (සත්ත්ව) ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කලැ සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්ෂයන් (රූපාරූප අෂ්ටසමාපත්තීන්) (නාම) කයින් ස්පර්ශ කොට වෙසෙයි, ඔහු විසින් ප්‍රඥායෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්ෂය කරන ලද්දාහු (විදර්ශනා ප්‍රඥායෙන් සංස්කාරයන් ද මාර්‍ගප්‍රඥායෙන් චතුස්සත්යධර්මයන් ද දැක යි සේ යි) මේ පුද්ගල තෙමේ සමයවිමුක්ත යැ යි කියනු ලැබේ.
2. කතමො ච පුග්ගලො අසමයවිමුත්තො: ඉධෙකච්චො පුග්ගලො නහෙව ඛො කාලෙන කාලං සමයෙන සමයං අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො අසමයවිමුත්තො. සබ්බෙපි අරිය පුග්ගලා අරියවිමොක්ඛෙ අසමයවිමුත්තා.
2. කවර පුද්ගලයෙක් අසමය විමුක්ත වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කල සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට නො මැ වෙසෙයි, එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල අසමයවිමුක්ත යැ යි කියනු ලැබේ. සියලුම ආර්‍ය්‍ය පුද්ගලයෝ ලෝකෝත්තර විමෝක්ෂයෙහි අසමයවිමුක්තයෝ යි.
3. කතමො ච පුග්ගලො කුප්පධම්මො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති. රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, සො ච ඛො න නිකාමලාභී හොති න අකිච්ඡලාභී න අකසිරලාභී, න යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජතී’පි වුට්ඨාතිපි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තස්ස පුග්ගලස්ස පමාදමාගම්ම තා සමාපත්තියො කුප්පෙය්යුං. අයං වුච්චති පුග්ගලො කුප්පධම්මො.
3. කවර පුද්ගලයෙක් කෝප්යධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් ලඛන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, මහත් සේ ලබන්නේ නො වෙයි, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද, (ඉන්) නැඟෙන්නේ ද නො වෙයි, යම් ප්‍රමාදයකට පැමිණ ඒ පුඟුල්හුගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ විද්‍යමාන වෙයි, මේ පුද්ගල කෝප්යධර්ම යැයි කියනු ලැබේ.
4. කතමො ච පුග්ගලො අකුප්පධම්මො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං. සො ච ඛො නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජතී’පි වුට්ඨාති’පි. අට්ඨානමෙතං අනවකාසො යං තස්ස පුග්ගලස්ස පමාදමාගම්ම තා සමාපත්තියො කුප්පෙය්යුං. අයං වුච්චති පුග්ගලො අකුප්පධම්මො. සබ්බෙපි අරියපුග්ගලා අරියෙ විමොක්ඛෙ අකුප්පධම්මා.
4. කවර පුද්ගලයෙක් අකෝප්යධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙමේ කැමැති සේ ලබන සුලු යැ, නිදුකින් ලබනසුලු යැ, මහත්සේ ලබනසුලු යි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද (ඉන්) නැඟෙන්නේ ද වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගලයාගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ නැත, එයට ඉඩ නැත්තේ යැ. මේ පුද්ගල අකෝප්‍ය ධර්ම යැ යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍ය පුද්ගලයෝ ආර්ය්යවිමෝක්ෂයෙහි අකෝප්යධර්මයෝ යි.
5. කතමො ච පුග්ගලො පරිහානධම්මො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, සො ච ඛො න නිකාමලාභී හොති න අකිච්ඡලාභී න අකසිරලාභී, න යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජතී පි වුට්ඨාති’පි. ඨානං ඛො පනෙතං විජ්ජති යං සො පුග්ගලො පමාදමාගම්ම තාහි සමාපත්තීහි පරිහායෙය්ය, අයං වුච්චති පුග්ගලො පරිහානධම්මො.
5. කවර පුද්ගලයෙක් පරිහාණධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වෙයි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් (ඉන්) නැඟෙන්නේත් නො වේ. යම් බඳු පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන්ගෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණ විද්‍යමාන වේ. මේ පුද්ගල පරිහාණධර්ම යැ යි කියනු ලැබේ.
6. කතමො ච පුග්ගලො අපරිහානධම්මො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, සො ච ඛො නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති’පි වුට්ඨාතිපි. අට්ඨානමෙතං අනවකාසො යං සො පුග්ගලො පමාදමාගම්ම තාහි සමාපත්තීහි පරිහායෙය්ය, අයං වුච්චති පුග්ගලො අපරිහාන ධම්මො. සබ්බෙපි අරියපුග්ගලා අරියෙ විමොක්ඛෙ අපරිහානධම්මා.
6. කවර පුද්ගලයෙක් අපරිහාණධර්ම නම් වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙම කැමැති සේ ලබන සුලු වෙයි, නිදුකින් ලබනසුලු යැ. මහත් සේ ලබන සුලු යැ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණු නැත. එයට ඉඩ නැත, මේ පුද්ගල අපරිහාණ ධර්මය යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍යපුද්ගලයෝ ආර්ය්යවිමෝක්ෂයෙහි අපරිහාණ ධර්ම ඇත්තෝ යි.
7. කතමො ච පුග්ගලො චෙතනාභබ්බො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, සො ච ඛො න නිකාමලාභී හොති, න අකිච්ඡලාභී, න අකසිරලාභී, යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති’පි වුට්ඨාති’පි. සචෙ අනුසඤ්චෙතෙති න පරිහායති තාහි සමාපත්තීහි, සචෙ න අනුසඤ්චෙතෙති පරිහායති තාහි සමාපත්තීහි. අයං වුච්චති පුග්ගලො චෙතනාභබ්බො.
7. කවර පුද්ගලයෙක් චේතනාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමති සේ ලබන්නේ නො වෙයි. නිදුකින් ලබන්නේ නො වෙයි, මහත්සේ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. ඉදින් සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල චේතනාභව්‍ය යැ යි කියනු ලැබේ.
8. කතමො ච පුග්ගලො අනුරක්ඛනාභබ්බො: ඉධෙකච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, සො ච ඛො න නිකාමලාභී හොති න අකිච්ඡලාභී න අකසිරලාභී, න යත්ථීච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති පි වුට්ඨාති’පි. සචෙ අනුරක්ඛති න පරිහායති තාහි සමාපත්තීහි, සචෙ න අනුරක්ඛති පරිහායති තාහි සමාපත්තීහි. අයං වුච්චති පුග්ගලො අනුරක්ඛනාභබ්බො.
8. කවර පුද්ගලයෙක් අනුරක්ෂණාභව්ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් නොවේ. ඉදින් රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල අනුරක්ෂණාභව්ය යැ යි කියනු ලැබේ.
9. කතමො ච පුග්ගලො පුථුජ්ජනො: යස්ස පුග්ගලස්ස තීණි සංයොජනානි අප්පහීනානි න ච තෙසං ධම්මානං පහානාය පටිපන්නො, අයං වුච්චති පුග්ගලො පුථුජ්ජනො.
9. කවර පුද්ගලයෙක් පෘථග්ජන වේ ද යත්: යම් පුද්ගලයකුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ නො වූවාහු ද, ඒ සංයෝජනධර්මයන්ගේ ප්රහාණය පිණිස නො පිළිපන්නේත් වේ ද, මේ පුද්ගල පෘථග්ජන යි කියනු ලැබේ.
10. කතමො ච පුග්ගලො ගොත්රභූ: යෙසං ධම්මානං සමනන්තරා අරියධම්මස්ස අවක්කන්ති හොති තෙහි ධම්මෙහි සමන්නාගතො, අයං වුච්චති පුග්ගලො ගොත්රභූ.
10. කවර පුද්ගලයෙක් ගෝත්‍රභූ වේ ද යත්: යම් ධර්මකෙනකුන්ට සමනන්තරව ආර්‍ය්‍යමාර්‍ගයාගේ පහළ වීම වේ ද, ඒ ධර්මයන්ගෙන් යුක්ත වූ මේ පුද්ගල ගෝත්‍රභූ යි කියනු ලැබේ.
11-12. කතමො ච පුග්ගලො භයූපරතො: සත්ත සෙක්ඛා භයූපරතා, යෙ ච පුථුජ්ජනා සීලවන්තො: අරහා අභයූපරතො.
11-12. කවර පුද්ගලයෙක් භයොපරත වේ ද යත්: සප්ත ශෛක්ෂයෝ ද, යම් පෘථග්ජන සිල්වත් කෙනෙක් වෙත් නම් ඔහු ද භයෝපරතයෝ යැ. අර්හත් තෙමේ අභයෝපරත වූයේ යි.
13. කතමො ච පුග්ගලො අභබ්බාගමනො: යෙ තෙ පුග්ගලා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා එළා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, ඉමෙ වුච්චන්ති පුග්ගලා අභබ්බාගමනා.
13. කවර පුද්ගලයෙක් අභව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ක්ලේශාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ශ්‍රද්ධා රහිත වූවාහු කර්තුකම්‍යතා කුශලච්ඡන්ද රහිත වූවාහු භවාඞ්ග (ත්‍රිහේතුක ප්රතිසන්ධි) ප්‍රඥා රහිත වූවාහු, ජඩ වූවාහු කුශලධර්මයන්හි මාර්ග නියාමයට බැස ගන්නට අභව්‍ය වූවාහු ද මේ පුද්ගලයෝ අභව්යාගමනයෝ යි කියනු ලැබෙත්.
14. කතමො ච පුග්ගලො භබ්බාගමනො: යෙ තෙ පුග්ගලා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධා ඡන්දිකා පඤ්ඤාවන්තා අනෙළා භබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, ඉමෙ වුච්චන්ති පුග්ගලා භබ්බාගමනා.
14. කවර පුද්ගලයෙක් භව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නොවූවාහු, ක්ලේශාවරණයෙන් යුක්ත නො වූවාහු, විපාකාවරණයෙන් යුක්ත නො වූවාහු, ශ්‍රද්ධා ඇත්තාහු, කර්තුකම්‍යතා කුශලච්ඡන්ද ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු කුශලධර්මයන්හි මාර්ගනියාමයට බැස ගන්නට භව්‍ය (සුදුසු) වූවාහු ද, මේ පුද්ගලයෝ භව්යාගමනයෝ යි කියනු ලැබෙත්.
15-16. කතමො ච පුග්ගලො නියතො: පඤ්ච පුග්ගලා ආනන්තරියකා යෙ ච මිච්ඡා දිට්ඨිකා නියතා, අට්ඨ ච අරියපුග්ගලා නියතා. අවසෙසා පුග්ගලා අනියතා.
15-16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි.
17-18. කතමො ච පුග්ගලො පටිපන්නකො: චත්තාරො මග්ග සමඞ්ගිනො පුග්ගලා පටිපන්නකා, චත්තාරො ඵලසමඞ්ගිනො පුග්ගලා ඵලෙ ඨිතා.
17-18. කවර පුද්ගලයෙක් ප්‍රතිපන්නක වේ ද යත්: මාර්ග සමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ප්රතිපන්නකයෝ යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ඵලයෙහි සිටියෝ යි.
19. කතමො ච පුග්ගලො සමසීසි: යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානං ච හොති ජීවිතපරියාදානං ච, අයං වුච්චති පුග්ගලො සමසීසි.
19. කවර පුද්ගලයෙක් සමසීසී වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ පෙර පසු නො වැ ආස්රවක්ෂයත් ජීවිතක්ෂයත් වේ ද, මේ පුද්ගල සමසීසී යැ යි කියනු ලැබේ.
20. කතමො ච පුග්ගලො ඨිතකප්පි: අයං ච පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අස්ස, කප්පස්ස ච උඩ්ඩය්හනවෙලා අස්ස. නෙව තාව කප්පො උඩ්ඩයෙහය්ය, යාවායං පුග්ගලො න සොතාපත්තිඵලං සච්ඡිකරොති. අයං වුච්චති පුග්ගලො ඨිතකප්පි සබ්බෙපි මග්ගසමඞ්ගිනො පුග්ගලා ඨිතකප්පිනො.
20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.
21-22. කතමො ච පුග්ගලො අරියො: අට්ඨාරියපුග්ගලා අරියා, අවසෙසා පුග්ගලා අනරියා.
21-22. කවර පුද්ගලයෙක් ‘ආර්‍ය්‍ය’ වේ ද යත්: අෂ්ටාර්ය්ය පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ යැ, සෙසු පුද්ගලයෝ අනාර්‍ය්‍යයෝ යි.
23-25. කතමො ච පුග්ගලො සෙඛො: චත්තාරො මග්ගසමඞ්ගිනො තයො ඵලසමඞ්ගිනො පුග්ගලා සෙඛා, අරහා අසෙඛො, අවසෙසා පුග්ගලා නෙව සෙඛා නාසෙක්ඛා.
23-25. කවර පුද්ගලයෙක් ‘ශෛක්ෂ’ වේ ද යත්: මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනා යැ, ඵලස්ථ පුද්ගලයෝ තිදෙනා යැ යන මොහු ශෛක්ෂයෝ යැ, අර්හත් තෙමේ අශෛක්ෂ යැ, සෙසු පුද්ගලයෝ ශෛක්ෂත් අශෛක්ෂත් නො වූවෝ යි.
26. කතමො පුග්ගලො තෙවිජ්ජො: තීහි විජ්ජාහි සමන්නාගතො පුග්ගලො තෙවිජ්ජො.
26. කවර පුද්ගලයෙක් තේවිජ්ජ වේ ද යත්: ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ පුද්ගල තේවිජ්ජ නම් වෙයි.
27. කතමො ච පුග්ගලො ඡළභිඤ්ඤො: ඡහි අභිඤ්ඤාහි සමන්නාගතො පුග්ගලො ඡළභිඤ්ඤො.
27. කවර පුද්ගලයෙක් ‘ජළභිඤ්ඤ’ වේ ද යත්: සවැදෑරුම් අභිඥායෙන් යුක්ත වූ පුද්ගල ‘ඡළභිඤ්ඤ’ නම් වෙයි.
28. කතමො ච පුග්ගලො සම්මාසම්බුද්ධො: ඉධෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති බලෙසු ච වසීභාවං. අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුද්ධො.
28. කවර පුද්ගලයෙක් ‘සම්මාසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනියි, යළි එහි සර්වඥ බවට පැමිණෙයි, (දශ) බලඥානයෙහි ද වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
29. කතමො ච පුග්ගලො පච්චෙකසම්බුද්ධො: ඉධෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, න ච තත්ථ සබ්බඤ්ඤුතං පාපුණාති න ච බලෙසු වසීභාවං. අයං වුච්චති පුග්ගලො පච්චෙකසම්බුද්ධො.
29. කවර පුද්ගලයෙක් ‘පච්චේකසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනි. එතෙකුදුවත් එහි සර්වඥභාවයට නො පැමිණෙයි. (දශ) බලඥානයෙහි වශීභාවයට ද නො පැමිණෙයි. මේ පුද්ගල ‘පව්චේකසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
30. කතමො ච පුග්ගලො උභතොභාගවිමුත්තො: ඉධෙකච්චො පුග්ගලො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො උභතොභාග විමුත්තො.
30. කවර පුද්ගලයෙක් ‘උභතෝභාග විමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට වාස කරයි. (විදර්ශනා - මාර්ග) ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘උභතෝභාගවිමුක්ත’ යැයි කියනු ලැබේ.
31. කතමො ච පුග්ගලො පඤ්ඤාවිමුත්තො: ඉධෙකච්චො පුග්ගලො නහෙව ඛො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො පඤ්ඤා විමුත්තො.
31. කවර පුද්ගලයෙක් ‘ප්රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට නො මැ වසයි, ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘ප්රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
32. කතමො ච පුග්ගලො කායසක්ඛී: ඉධෙකච්චො පුග්ගලො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො කායසක්ඛි.
32. කවර පුද්ගලයෙක් ‘කායසාක්ෂි’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාස කරයි. යළි ප්‍රඥායෙන් දක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්. මේ පුද්ගල තෙමේ ‘කාය සාක්ෂි’ යි කියනු ලැබේ.
33. කතමො ච පුග්ගලො දිට්ඨප්පත්තො: ඉධෙ කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො දිට්ඨප්පත්තො.
33. කවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් මේ (උපාදානස්කන්ධපඤ්චකය) දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදය යැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණා නිරෝධය) දුඃඛනිරෝධය යැ යි ඇති සැටියෙන් දනි, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය) දුක් නැති කරන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද (චතුස්සත්‍ය) ධර්මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, තව ද නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යි කියනු ලැබේ.
34. කතමො ච පුග්ගලො සද්ධාවිමුත්තො: ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, නො ච ඛො යථා දිට්ඨප්පත්තස්ස අයං වුච්චති පුග්ගලො සද්ධාවිමුත්තො.
34. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙ ලොවැ එක් පුද්ගලයෙක් මේ දුකැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් ඇති වීමේ හේතු යැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති වී මැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි, තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. එහෙත් දෘෂ්ටප්රාප්තයා හට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි කියනු ලැබේ.
35. කතමො ච පුග්ගලො ධම්මානුසාරී: යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති පඤ්ඤාවාහි පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ධම්මානුසාරී. ඵලෙ ඨිතො දිට්ඨප්පත්තො.
35. කවර පුද්ගලයෙක් ‘ධර්මානුසාරී’ වේ ද යත්: සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයකහුගේ ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වේ ද, ප්‍රඥාව එළවන සුලු ප්‍රඥා පූර්වඞ්ගම වූ ආයතමාර්ගය වඩා ද මේ පුද්ගල ‘ධර්මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්මානුසාරී’ වෙයි. ඵලයෙහි සිටීයේ දෘෂ්ටප්‍රාප්ත යි.
36. කතමො ච පුග්ගලො සද්ධානුසාරී: යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්රියං අධිමත්තං හොති සද්ධාවාහි සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී, සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී, ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.
36. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව එළවන සුලු වූ ශ්රද්ධාපූර්වඞ්ගම වූ ආර්ය්යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවාන්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ වෙයි, ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
37. කතමො ච පුග්ගලො සත්තක්ඛත්තුපරමො: ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තුපරමො.
37. කවර පුද්ගලයෙක් ‘සත්තක්ඛත්තුපරම’ වේ ද යත්: මෙලෙව්හි එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්ෂයවීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද හෙතෙම සත් වරක් දෙව්ලොව ද මිනිස් ලොව ද (ප්රතිසන්ධි වශයෙන්) දිවැ-සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සත්තක්ඛත්තු පරම’ යැ කියනු ලැබේ.
38. කතමො ච පුග්ගලො කොලංකොලො: ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො කොලඞ්කොලො.
38. කවර පුද්ගලයෙක් ‘කොලංකොල’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම භව දෙකක් හෝ තුනක් දිවැ සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘කොලංකොල’ යි කියනු ලැබේ.
39. කතමො ච පුග්ගලො එකබීජී: ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො එකං යෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො එකබීජී.
39. කවර පුද්ගලයෙක් ‘ඒකබීජී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්රයක් ක්ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම එක් මැ මිනිස් භවයක් උපදවා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘ඒකබීජී’ යි කියනු ලැබේ.
40. කතමො ච පුග්ගලො සකදාගාමී: ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො සකදාගාමී.
40. කවර පුද්ගලයෙක් ‘සකදාගාමී’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනීවීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබේ.
41. කතමො ච පුග්ගලො අනාගාමී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකො, අයං වුච්චති පුග්ගලො අනාගාමී.
41. කවර පුද්ගලයෙක් ‘අනාගාමී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි. එ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබේ.
42. කතමො ච පුග්ගලො අන්තරාපරිනිබ්බායී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, සො උප්පන්නං වා සමනන්තරා, අප්පත්තං වා වෙමජ්ඣං ආයුප්පමාණං අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො අන්තරාපරිනිබ්බායී.
42. කවර පුද්ගලයෙක් ‘අන්තරාපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම උපන් අනතුරු වැ හෝ නො පැමිණි මැද විය ඇති ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස ආර්ය්යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘අන්තරාපරිනිබ්බායී’ යි කියනු ලැබේ.
43. කතමො ච පුග්ගලො උපහච්චපරිනිබ්බායී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා, සො අතික්කමිත්වා වෙමජ්ඣං ආයුප්පමාණං උපහච්ච වා කාලකිරියං අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො උපහච්චපරිනිබ්බායී.
43. කවර පුද්ගලයෙක් ‘උපහච්චපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මධ්‍ය ආයුඃප්‍රමාණය ඉක්ම හෝ කාලක්‍රියාවට ආසන්න ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස ආර්ය්යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘උපහච්චපරිනිබ්බායී’ යි කියනු ලැබේ.
44. කතමො ච පුග්ගලො අසඞ්ඛාරපරිනිබ්බායී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. සො අසඞ්ඛාරෙන අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො අසඞ්ඛාරපරිනිබ්බායී.
44. කවර පුද්ගලයෙක් ‘අසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ‘ඕපපාතික’ වෙයි, එලොවින් පෙරළා නො එනසුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස නිදුකින් ආර්ය්යමාර්ගය උපදවයි. මේපුද්ගල ‘අසංඛාර පරිනිබ්බායී’ යි කියනු ලැබේ.
45. කතමො ච පුග්ගලො සසඞ්ඛාරපරිනිබ්බායී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, සො සසඞ්ඛාරෙන අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො සසඞ්ඛාරපරිනිබ්බායි.
45. කවර පුද්ගලයෙක් ‘සසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස දුකින් ආර්ය්යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘සසඞ්ඛාර පරිනිබ්බායී’ යි කියනු ලැබේ.
46. කතමො ච පුග්ගලො උද්ධංසොතො අකනිට්ඨාගාමී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා, සො අවිහා චුතො අතප්පං ගච්ඡති, අතප්පා චුතො සුදස්සං ගච්ඡති, සුදස්සා චුතො සුදස්සිං ගච්ඡති, සුදස්සිතො චුතො අකනිට්ඨං ගච්ඡති, අකනිට්ඨං අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො උද්ධංසොතො අකනිට්ඨගාමී.
46. කවර පුද්ගලයෙක් ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි. එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම අවිහයෙන් ච්‍යුත වූයේ අතප්පයට යයි. අතප්පයෙන් ච්‍යුත වූයේ සුදස්සයට යයි. සුදස්සයෙන් ච්‍යුත වූයේ සුදස්සියට යයි. සුදස්සියෙන් ච්‍යුත වූයේ අකනිටාවට යේ. අකනිටායෙහි දී මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස ආර්ය්යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ යි කියනු ලැබේ.
47. තිණ්ණං සංයොජනානං පහානාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස තීණි සංයොජනානි පහීනානි. අයං වුච්චති පුග්ගලො සොතාපන්නො.
47. සංයෝජනත්‍රයක්හුගේ ප්රහාණය පිණිස පිළිපන් පුද්ගල සෝවන්ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘සෝතාපන්න’ යි කියනු ලැබෙයි.
48. කාමරාගව්යාපාදානං තනුභාවාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා තනුභූතා. අයං වුච්චති පුග්ගලො සකදාගාමී.
48. කාමරාග – ව්‍යාපාදයන්ගේ තුනී බව පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘සකෘදාගාමී ඵලය’ සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ ය. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ තුනී වූවාහු ද, මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබෙයි.
49. කාමරාගව්යාපානං අනවසෙසප්පහානාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා අනවසෙසා පහීනා. අයං වුච්චති පුග්ගලො අනාගාමී.
49. කාමරාග – ව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය පිණිස පිළිපන් පුද්ගල ‘අනාගාමී ඵලය’ සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබෙයි.
50. රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා අනවසෙසප්පහානාය පටිපන්නො පුග්ගලො අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා අනවසෙසා පහීනා. අයං වුච්චති පුග්ගලො අරහා.
50. රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ, අවිජ්ජා යැ යන මොවුන්ගේ නිරවශේෂ ප්රහාණය පිණිස පිළිපන් පුද්ගල අර්හත් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ. අවිජ්ජා යැ යන මොහු නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අර්හත්’ යි කියනු ලැබේ.
එකක නිද්දෙසො නිට්ඨිතො.
ඒකක නිර්දෙශය නිමියේ යි.