1. එකකනිද්දෙසවණ්ණනා අට්ඨකථා
1. එකකනිද්දෙසවණ්ණනා
1. ඒකක නිද්දේස වර්ණනාව
ඉදානි යථාඨපිතං මාතිකං ආදිතො පට්ඨාය විභජිත්වා දස්සෙතුං – කතමො ච පුග්ගලො සමයවිමුත්තොතිආදිමාහ. තත්ථ ඉධාති ඉමස්මිං සත්තලොකෙ. එකච්චො පුග්ගලොති එකො පුග්ගලො. කාලෙන කාලන්ති එත්ථ භුම්මවසෙන අත්ථො වෙදිතබ්බො. එකෙකස්මිං කාලෙති වුත්තං හොති. සමයෙන සමයන්ති ඉදං පුරිමස්සෙව වෙවචනං. අට්ඨ විමොක්ඛෙති රූපාවචරාරූපාවචරඅට්ඨසමාපත්තියො. තාසඤ්හි පච්චනීකධම්මෙහි විමුච්චනතො විමොක්ඛොති නාමං. කායෙනාති විමොක්ඛසහජාතෙන නාමකායෙන. ඵුසිත්වා විහරතීති පටිලභිත්වා ඉරියති. කතමස්මිං පනෙස කාලෙ විමොක්ඛෙ ඵුසිත්වා විහරතීති? සමාපත්තිං සමාපජ්ජිතුකාමස්ස හි කාලො නාම අත්ථි, අකාලො නාම අත්ථි. තත්ථ පාතොව සරීරපටිජග්ගනකාලො, වත්තකරණකාලො ච සමාපජ්ජනස්ස අකාලො නාම. සරීරං පන පටිජග්ගිත්වා වත්තං කත්වා වසනට්ඨානං පවිසිත්වා නිසින්නස්ස යාව පිණ්ඩාය ගමනකාලො නාගච්ඡති, එතස්මිං අන්තරෙ සමාපජ්ජනස්ස කාලො නාම.
දැන් තබන ලද මාතෘකා මුල සිට බෙදා දැක්වීමට කතමො ච පුග්ගලො සමයවිමුත්තො යනාදිය කීය. එහි ඉධ යනු මේ සත්ත්ව ලෝකයෙහි එකච්චො පුග්ගලො යනු එක් පුද්ගලයෙක්. කාලෙන කාලං යනු මෙහි භූමි වශයෙන් අර්ථය දතයුතුය. එක එක කාලය යයි කියන ලදී. සමයෙන සමයං මෙය පෙරසේය. ඒ පැසෙන දහම්වලින් මිදීමෙන් විමොක්ඛ නම් වේ. කායෙන යනු විමෝක්ෂය සමග ඇති වූ නාම කයින්. ඵුසිත්වා විහරති යනු ප්රතිලාභ ලැබ ඉරියව් පවත්වයි. කුමන කාලයක විමුක්තිය ලැබ වාසය කරයිද? සමාපත්තියට සමවැදීමට කැමැත්තාට කාලය නම් ඇත. අකාලයක් නම් නැත. එහි උදෑසනම සිරුර පිළිදැගුම් කරන කාලයයි. වත් කරන කාලය ද සමවදින්නාට අකාල නම් වේ. ශරීර කෘත්‍ය කර වත්කොට වසන තැනට පිවිස සිටින්නාට පිඬු පිණිස හැසිරෙන කාලය නො පැමිණියේ ද මේ අතරෙහි සමවදින්නාට කාලය වේ.
පිණ්ඩාය ගමනකාලං පන සල්ලක්ඛෙත්වා නික්ඛන්තස්ස චෙතියවන්දනකාලො, භික්ඛුසඞ්ඝපරිවුතස්ස විතක්කමාළකෙ ඨානකාලො පිණ්ඩාය ගමනකාලො ගාමෙ චරණකාලො; ආසනසාලාය යාගුපානකාලො වත්තකරණකාලොති අයම්පි සමාපජ්ජනස්ස අකාලො නාම. ආසනසාලාය පන විවිත්තෙ ඔකාසෙ සති යාව භත්තකාලො නාගච්ඡති, එතස්මිම්පි අන්තරෙ සමාපජ්ජනස්ස කාලො නාම. භත්තං පන භුඤ්ජනකාලො, විහාරගමනකාලො, පත්තචීවරපටිසාමනකාලො, දිවාවත්තකරණකාලො, පරිපුච්ඡාදානකාලොති අයම්පි සමාපජ්ජනස්ස අකාලො නාම. යො අකාලො, ස්වෙව අසමයො. තං සබ්බම්පි ඨපෙත්වා අවසෙසෙ කාලෙ කාලෙ, සමයෙ සමයෙ වුත්තප්පකාරෙ අට්ඨ විමොක්ඛෙ සහජාතනාමකායෙන පටිලභිත්වා විහරන්තො, “ඉධෙකච්චො පුග්ගලො…පෙ… විහරතී”ති වුච්චති.
පිඬු සිඟා යන කාලය සලකා නික්මෙන්නාට චේතිය වඳින කාලය, බික්සඟන ගමේ හැසිරෙන කාලය, ආසන සාලාවෙහි කැඳ වළඳන කාලය, වත් පිළිවෙත් කරන කාලය යයි මෙයද සමවදින්නාට අකාල නම් වේ. ආසන සාලාවෙහි විවේක අවසරයක් ඇති කල්හි දාන වෙලාව නො පැමිණිවිට මේ අතරෙහි ද සමවදින්නාට කාලය වේ. දන් වළඳන කාලය විහාරයට යන කාලය පා සිවුරු තැන්පත් කරන කාලය දිවා වත් කරන කාලය විමසීම් දෙන කාලය යයි මෙය ද සමවදින්නාට අකාලද අසමය ද වේ. ඒ සියල්ල හැර අවසේස කාලයෙහි අවසේස සමයෙහි කියන ලද ආකාරයෙහි විමෝක්ෂ අට සමග නාම කයින් ඇතිවූ ප්රතිලාභ ලැබ වාසය කරන්නේ ඉධෙකච්චො පුග්ගලො -පෙ- විහරති යයි කියනු ලැබේ.
අපිචෙස සඵස්සකෙහි සහජාතනාමධම්මෙහි සහජාතධම්මෙ ඵුසතියෙව නාම, උපචාරෙන අප්පනං ඵුසතියෙව නාම. පුරිමාය අප්පනාය අපරං අප්පනං ඵුසතියෙව. යෙන හි සද්ධිං යෙ ධම්මා සහජාතා, තෙන තෙ පටිලද්ධා නාම හොන්ති. ඵස්සෙනාපි ඵුට්ඨායෙව නාම හොන්ති. උපචාරම්පි අප්පනාය පටිලාභකාරණමෙව, තථා පුරිමා අප්පනා අපරඅප්පනාය. තත්රාස්ස එවං සහජාතෙහි සහජාතානං ඵුසනා වෙදිතබ්බා – පඨමජ්ඣානඤ්හි විතක්කාදීහි පඤ්චඞ්ගිකං. තස්මිං ඨපෙත්වා තානි අඞ්ගානි සෙසා අතිරෙකපණ්ණාසධම්මා චත්තාරො ඛන්ධා නාම හොන්ති. තෙන නාමකායෙන පඨමජ්ඣානසමාපත්තිවිමොක්ඛං ඵුසිත්වා පටිලභිත්වා විහරති. දුතියං ඣානං පීතිසුඛචිත්තෙකග්ගතාහි තිවඞ්ගිකං, තතියං සුඛචිත්තෙකග්ගතාහි දුවඞ්ගිකං, චතුත්ථං උපෙක්ඛාචිත්තෙකග්ගතාහි දුවඞ්ගිකං, තථා ආකාසානඤ්චායතනං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනඤ්ච. තත්ථ ඨපෙත්වා තානි අඞ්ගානි සෙසා අතිරෙකපණ්ණාසධම්මා චත්තාරො ඛන්ධා නාම හොන්ති. තෙන නාමකායෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛං ඵුසිත්වා පටිලභිත්වා විහරති.
තවද මෙය ස්පර්ශය සමග හටගත් ධර්මවලින් සමග හටගත් ධර්ම ස්පර්ශ කෙරේ නම් වේ. උපචාරයෙන් අර්පණාව ස්පර්ශ කෙරේනම් වේ. පෙර අර්පණාවෙන් පසු අර්පණාව ස්පර්ශ කෙරේ. යමක් සමග යම් ධර්ම හටගත්තේ නම් එයින් එසේ ප්රතිලාභ නම් වේ. ස්පර්ශයෙන් ද ස්පර්ශ කළා නම් වේ. උපචාරය ද අර්පණාවෙන් ප්රතිලාභ කරුණකි. පෙර අර්පණා පසු අර්පණා ද එසේය. එහි සහජාතවලින් සහජාතවල ස්පර්ශ කිරීම දතයුතුය. ප්‍රථම ධ්‍යානයෙහි විතක්කාදි අංග පහ. එහි ඒ අංග හැර සෙසු අතිරේක පනස් දහම් සතර ස්කන්ධ වේ. ඒ නාම කයින් ප්‍රථම ධ්‍යාන සමාපත්ති විමුක්තිය ස්පර්ශ කොට වාසය කරයි. දුතිය ධ්‍යානය පීති සුඛ චිත්ත ඒකග්ගතාවලින් අංග තුනය. තෘතීය ධ්‍යානය සුඛ චිත්ත ඒකග්ගතාවලින් අංග දෙකය. සතරවැනි ධ්‍යානය උපෙක්ඛා චිත්ත ඒකග්ගතාවලින් අංග දෙකය. ආකාසානඤ්චායතනය....... නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ද එසේය. එහි ඒ අංග හැර සෙසු අතිරේක පනස් දහම් ස්කන්ධ සතර නම් වේ. ඒ නාම කයින් නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති විමුක්තිය ස්පර්ශකොට පිළිලැබ වාසය කරයි.
පඤ්ඤාය චස්ස දිස්වාති විපස්සනාපඤ්ඤාය සඞ්ඛාරගතං, මග්ගපඤ්ඤාය චතුසච්චධම්මෙ පස්සිත්වා. එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්තීති උපඩ්ඪුපඩ්ඪා පඨමමග්ගාදිවජ්ඣා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො සමයවිමුත්තොති එත්ථ අට්ඨසමාපත්තිලාභී පුථුජ්ජනො තෙන නාමකායෙන ඵුසිත්වා විහරතීති වත්තුං වට්ටති. පාළියං පන “එකච්චෙ ආසවා පරික්ඛීණා”ති වුත්තං. පුථුජ්ජනස්ස ච ඛීණා ආසවා නාම නත්ථි, තස්මා සො න ගහිතො. අට්ඨසමාපත්තිලාභී ඛීණාසවොපි තෙන නාමකායෙන ඵුසිත්වා විහරතීති වත්තුං වට්ටති. තස්ස පන අපරික්ඛීණාසවා නාම නත්ථි, තස්මා සොපි න ගහිතො. සමයවිමුත්තොති පන තිණ්ණං සොතාපන්නසකදාගාමිඅනාගාමීනංයෙවෙතං නාමන්ති වෙදිතබ්බං.
පඤ්ඤාය චස්ස දිස්වා යනු සංස්කාර විදර්ශනා ප්‍රඥාවෙන් ද චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවෙන් ද දැක. එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති ප්‍රථම මාර්ග ආදියෙන් ආශ්‍රව ක්ෂණ වේ. අයං වුච්චති පුග්ගලො සමයවිමුත්තො යන මෙහි අෂ්ට සමාපත්තිලාභී පෘථග්ජනයා ඒ නාමකයින් ස්පර්ශකොට වාසය කෙරේ යයි කීමට වටී. පෙළෙහි වනාහි එකච්චෙ ආසවා පරික්ඛීණාති වුත්තං (ඇතැම් ආශ්‍රව පරික්ෂීණා යයි කියන ලදී.) පුහුදුන් පුඟුලාට ක්ෂීණ වූ ආශ්‍රවයන් නම් නැත. එනිසා ඔහු නොගන්නා ලදී. අෂ්ට සමාපත්තිලාභී ක්ෂීණාශ්රවයන් වහන්සේ ද ඒ නාමකයින් ස්පර්ශකොට වාසය කරති යයි කීමට වටී. උන්වහන්සේ වනාහී ක්ෂීණ නොවූ ආශ්‍රවයන් නැත. එනිසා උන්වහන්සේ ද නො ගන්නා ලදී. සමය විමුත්තො යනු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන තුන්දෙනාම යයි දතයුතුය.
අසමයවිමුත්තනිද්දෙසෙ – පුරිමසදිසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. අසමයවිමුත්තොති පනෙත්ථ සුක්ඛවිපස්සකඛීණාසවස්සෙතං නාමං. සුක්ඛවිපස්සකා පන සොතාපන්නසකදාගාමිඅනාගාමිනො අට්ඨසමාපත්තිලාභිනො ච ඛීණාසවා පුථුජ්ජනා ච ඉමස්මිං දුකෙ න ලබ්භන්ති, දුකමුත්තකපුග්ගලා නාම හොන්ති. තස්මා සත්ථා අත්තනො බුද්ධසුබුද්ධතාය හෙට්ඨා ගහිතෙ ච අග්ගහිතෙ ච සඞ්කඩ්ඪිත්වා සද්ධිං පිට්ඨිවට්ටකෙහි තන්තිං ආරොපෙන්තො සබ්බෙපි අරියපුග්ගලාතිආදිමාහ. තත්ථ අරියෙ විමොක්ඛෙති කිලෙසෙහි ආරකත්තා අරියෙති සඞ්ඛං ගතෙ ලොකුත්තරවිමොක්ඛෙ. ඉදං වුත්තං හොති – බාහිරානඤ්හි අට්ඨන්නං සමාපත්තීනං සමාපජ්ජන්තස්ස සමයොපි අත්ථි අසමයොපි. මග්ගවිමොක්ඛෙන විමුච්චනස්ස සමයො වා අසමයො වා නත්ථි. යස්ස සද්ධා බලවතී, විපස්සනා ච ආරද්ධා, තස්ස ගච්ඡන්තස්ස තිට්ඨන්තස්ස නිසීදන්තස්ස නිපජ්ජන්තස්ස ඛාදන්තස්ස භුඤ්ජන්තස්ස මග්ගඵලපටිවෙධො නාම න හොතීති නත්ථි. ඉති මග්ගවිමොක්ඛෙන විමුච්චනස්ස සමයො වා අසමයො වා නත්ථීති හෙට්ඨා ගහිතෙ ච අග්ගහිතෙ ච සඞ්කඩ්ඪිත්වා ඉමං පිට්ඨිවට්ටකං තන්තිං ආරොපෙසි ධම්මරාජා. සමාපත්තිලාභී පුථුජ්ජනො ඉමායපි තන්තියා අග්ගහිතොව. භජාපියමානො පන සමාපත්තිවික්ඛම්භිතානං කිලෙසානං වසෙන සමයවිමුත්තභාවං භජෙය්ය.
අසමය විමුත්ත නිද්දේසයෙහි පෙර හා සමාන යයි කියන ලද නයින්ම දතයුතුය. අසමය විමුත්තො යන මෙහි ශුෂ්ක විදර්ශන ක්ෂීණාශ්රවයන් වහන්සේටම නමකි. ශුෂ්ක විදර්ශක වනාහි සෝවාන් සකදාගාමි අනාගාමී තිදෙනා ද අෂ්ට සමාපත්තිලාභී ක්ෂීණාශ්රවයන් වහන්සේ ද පෘථග්ජනයා ද මේ දුකයෙහි නොලැබෙති. දුකයෙන් මිදුණු පුද්ගලයෝම වෙති. එනිසා ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධ සුබුද්ධතාවෙන් යට ගන්නා ලද්ද ද නොගන්නා ලද්ද ද එකතුකොට පිට පෙරළිය සමග පාළියට නගන්නේ, සබ්බෙපි අරිය පුග්ගලා යනාදිය කීහ. එහි අරියෙ විමොක්ඛෙ යනු කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ආර්ය සංඛ්‍යාවට පැමිණි කල්හි ලෝකෝත්තර විමෝක්ෂයේ මෙය කියන ලද්දේ වේ. බාහිර වූ අෂ්ට සමාපත්ති සමවදින්නාට සමය ද අසමය ද ඇත. මාර්ග විමෝක්ෂයෙන් මිදෙන්නාට සමය හෝ අසමය හෝ නැත. යමෙකුට ශ්‍රද්ධාව බලවත් වේද, විදර්ශනාව ද අරඹන ලද්දේ ඔහු යනවිට සිටින විට හිඳගන්නා විට සයනය කරන විට අනුභව කරනවිට පරිභෝජනය කරනවිට මාර්ගඵල ප්‍රතිවේධය නම් නොවේ යයි නැත. මෙසේ මාර්ග විමෝක්ෂයෙන් මිදෙන්නාට සමය හෝ අසමය හෝ නැතැයි යට ගන්නා ලද්දෙහි ද නොගන්නා ලද්දෙහි ද එකතුකොට මේ පිටපෙරළිය බුද්ධි පාළියට නැගීය. සමාපත්තිලාභී පෘථග්ජනයා මේ පාළියෙන් ද නොගෙනම භජනය කරන්නේ සමාපත්තියෙන් විෂ්කම්භනය කරන ලද කෙලෙසුන්ගේ වශයෙන් සමය විමුක්තිභාවය භජනය කරන්නේය.
කුප්පධම්මාකුප්පධම්මනිද්දෙසෙසු – යස්ස අධිගතො සමාපත්තිධම්මො කුප්පති නස්සති, සො කුප්පධම්මො. රූපසහගතානන්ති රූපනිමිත්තසඞ්ඛාතෙන රූපෙන සහගතානං. තෙන සද්ධිං පවත්තානං න විනා රූපාරම්මණානං චතුන්නං රූපාවචරජ්ඣානානන්ති අත්ථො. අරූපසහගතානන්ති රූපතො අඤ්ඤං, න රූපන්ති අරූපං. අරූපෙන සහගතානං තෙන සද්ධිං පවත්තානං න විනා අරූපාරම්මණානං චතුන්නං අරූපාවචරජ්ඣානානන්ති අත්ථො. න නිකාමලාභීති පඤ්චහාකාරෙහි අචිණ්ණවසිතාය ඉච්ඡිතාකාරෙන අලද්ධත්තා න නිකාමලාභී. අප්පගුණසමාපත්තිකොති අත්ථො. න අකිච්ඡලාභීති කිච්ඡලාභී දුක්ඛලාභී. යො ආගමනම්හි කිලෙසෙ වික්ඛම්භෙන්තො උපචාරං පාපෙන්තො අප්පනං පාපෙන්තො චිත්තමඤ්ජූසං ලභන්තො දුක්ඛෙන කිච්ඡෙන සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලමන්තො තං සම්පදං පාපුණිතුං සක්කොති, සො න අකිච්ඡලාභී නාම. න අකසිරලාභීති අවිපුලලාභී. සමාපත්තිං අප්පෙත්වා අද්ධානං ඵරිතුං න සක්කොති. එකං ද්වෙ චිත්තවාරෙ වත්තෙත්වා සහසාව වුට්ඨාතීති අත්ථො.
කුප්ප ධම්ම අකුප්ප ධම්ම නිද්දේසයෙහි යමෙකු ලබාගත් සමාපත්තිය වෙනස් වේ. නැසේ. එනිසා කුප්ප ධම්ම වේ. රූප සහගතානං යනු රූප නිමිති සංඛ්‍යාත වූ රූපයෙන් යුක්තය. එය සමග පවතින්නා වූ. රූපාරම්මණය හැර සතර රූපාවචර නොවේය යන අර්ථයයි. අරූප සහගතානං යනු රූපයෙන් අනිකක් රූප නොවේය යනු අරූප වේ. අරූප සහගතව එය සමග පවත්නා. අරූප අරමුණු හැර සතර අරූපාවචර ධ්‍යාන නොවේය යන අර්ථය වේ. න නිකාමලාහී යනු පස් ආකාරයකින් ආචීර්ණ වසීභාවය තමා කැමති ආකාරයෙන් නොලද බැවින්. අල්ප ගුණ සමාපත්ති යන අර්ථයි. න අකිච්ඡලාහී යනු අපහසුවෙන් ලබන, දුකසේ ලබන යමෙක් පැමිණෙන කල්හි කෙලෙසුන් විෂ්කම්භනය කරන්නේ, උපචාරයට පැමිණෙන්නේ, අර්පණාවට පැමිණෙන්නේ සිත නැඹුරු කරන්නේ දුකසේ අපහසුවෙන් සංස්කාර සහිතව ප්‍රයෝගයෙන් ක්ලාන්ත වන්නේ ඒ සම්පත්තියට පැමිණීමට හැකිවේ. හෙතෙම අකිච්ඡලාභී නම් නොවේ. න අකසිරලාභී යනු මහත්ලාභී නොවේ. සමාපත්තියට නොපැමිණ මාර්ගය වැඩීමට නොහැකි වේ. වරක් හෝ දෙකක් චිත්තවාර වැටී වහා නැගී සිටී යන අර්ථයයි.
යත්ථිච්ඡකන්ති යස්මිං ඔකාසෙ සමාපත්තිං අප්පෙත්වා නිසීදිතුං ඉච්ඡති. යදිච්ඡකන්ති කසිණජ්ඣානං වා ආනාපානජ්ඣානං වා බ්රහ්මවිහාරජ්ඣානං වා අසුභජ්ඣානං වාති යං යං සමාපත්තිං අප්පෙත්වා නිසීදිතුං ඉච්ඡති. යාවතිච්ඡකන්ති අද්ධානපරිච්ඡෙදෙන යත්තකං කාලං ඉච්ඡති. ඉදං වුත්තං හොති – යත්ථ යත්ථ යං යං සමාපත්තිං යත්තකං අද්ධානං සමාපජ්ජිතුම්පි වුට්ඨාතුම්පි ඉච්ඡති, තත්ථ තත්ථ තං තං සමාපත්තිං තත්තකං අද්ධානං සමාපජ්ජිතුම්පි වුට්ඨාතුම්පි න සක්කොති. චන්දං වා සූරියං වා උල්ලොකෙත්වා ‘ඉමස්මිං චන්දෙ වා සූරියෙ වා එත්තකං ඨානං ගතෙ වුට්ඨහිස්සාමී’ති පරිච්ඡින්දිත්වා ඣානං සමාපන්නො යථාපරිච්ඡෙදෙන වුට්ඨාතුං න සක්කොති, අන්තරාව වුට්ඨාති; සමාපත්තියා අප්පගුණතායාති.
යථිචඡකං යනු යම් අවසරයක සමාපත්තියට නොපැමිණ හිඳගැනීමට කැමති වේ. යදිච්ඡකං යන කසිණ ධ්‍යානං හෝ ආණපාණ ධ්‍යානය හෝ බ්‍රහ්මවිහාර ධ්‍යානය හෝ අසුභ ධ්‍යානය හෝ යයි යම් යම් සමාපත්තිවලට නොපැමිණ හිඳගැනීමට කැමති වෙයි. යාවතිකිච්ඡකං යනු මාර්ගය පිරිසිඳ යම් පමණ කාලයක් කැමති වේ. මෙය කියන ලද්දේ වේ. යම්තැනක යම් යම් සමාපත්ති යම්පමණ කාලයක් සමවැදීමට නැගී සිටීමට කැමති වේ. ඒ ඒ තැන ඒ ඒ සමාධි එපමණ කාලයක් සමවැදීමට ද නැගීසිටීමට ද නොහැකි වේ. සඳ හෝ තරු හෝ බලා මේ සඳ හෝ හිරු හෝ මෙපමණ තැන් ගියපසු නැගී සිටිමියි සීමාකොට ධ්‍යානයට සමවැදුනේ සීමා කළ ලෙස නැගී සිටීමට නොහැකි වේ. අනතුරුවම නැගිටී. සමාපත්තියට ප්‍රගුණ නොවීම බැවිනි.
පමාදමාගම්මාති පමාදං පටිච්ච. අයං වුච්චතීති අයං එවංවිධො පුග්ගලො කුප්පධම්මොති වුච්චති. ඉදං පන අට්ඨසමාපත්තිලාභිනො පුථුජ්ජනස්ස සොතාපන්නස්ස සකදාගාමිනොති තිණ්ණං පුග්ගලානං නාමං. එතෙසඤ්හි සමාධිපාරිබන්ධකා විපස්සනාපාරිබන්ධකා ච ධම්මා න සුවික්ඛම්භිතා, න සුවික්ඛාලිතා, තෙන තෙසං සමාපත්ති නස්සති පරිහායති. සා ච ඛො නෙව සීලභෙදෙන, නාපත්තිවීතික්කමෙන. න ගරුකමොක්ඛධම්මො පනෙස අප්පමත්තකෙනපි කිච්චකරණීයෙන වා වත්තභෙදමත්තකෙන වා නස්සති.
පමාදමාගම්මා යනු ප්‍රමාදය නිසා. අයං වුච්චති යනු මෙය මේ ආකාර පුද්ගලයා කුප්ප ධම්ම යයි කියනු ලැබේ. මේ අෂ්ට සමාපත්තිලාභී පෘථග්ජනයා සෝවාන් සකෘදාගාමි යයි පුද්ගලයෝ තුන්දෙනා නම් වෙති. මොවුන්ගේ වනාහි සමාධිය උවදුරු සහිතය. විදර්ශනාව උවදුරු සහිතය. කෙලෙස් ධර්මය මැඩ නොපැවැත්විය. පිරිසිදු නොකරන ලදී. එහෙයින් ඔවුන්ගේ සමාධි පඤ්ඤා විනාශ වේ. පිරිහේ. එය වනාහි සීල භේදයෙන් නොවේ. ආපත්ති ව්යතික්රමණයෙන් නොවේ. ගරුක ධර්ම මිදීමෙන් නොවේ. මෙය වනාහි අල්පමාත්රව කටයුතු කිරීමෙන් හෝ වත් බිඳීම් මාත්‍රයකින් හෝ නැසේ.
තත්රිදං වත්ථු – එකො කිර ථෙරො සමාපත්තිං වළඤ්ජෙති. තස්මිං පිණ්ඩාය ගාමං පවිට්ඨෙ දාරකා පරිවෙණෙ කීළිත්වා පක්කමිංසු. ථෙරො ආගන්ත්වා ‘පරිවෙණං සම්මජ්ජිතබ්බ’න්ති චින්තෙත්වා අසම්මජ්ජිත්වා විහාරං පවිසිත්වා ‘සමාපත්තිං අප්පෙස්සාමී’ති නිසීදි. සො අප්පෙතුං අසක්කොන්තො, ‘කිං නු ඛො ආවරණ’න්ති සීලං ආවජ්ජන්තො අප්පමත්තකම්පි වීතික්කමං අදිස්වා ‘වත්තභෙදො නු ඛො අත්ථී’ති ඔලොකෙන්තො පරිවෙණස්ස අසම්මට්ඨභාවං ඤත්වා සම්මජ්ජිත්වා පවිසිත්වා නිසීදන්තො සමාපත්තිං අප්පෙන්තොව නිසීදි.
ඊට කතාවක් මේ. එක් ස්ථවිරයන් වහන්සේ නමක් සමවත්සුව විඳිති. පිඬු පිණිස ගමට පිවිසි කල්හි ගම්දරුවෝ කිළියෙහි සෙල්ලම් කර ගියහ. ස්ථවිරයන් වහන්සේ පැමිණ පිරිවෙණ (කිළිය) අමදිමියි සිතා විහාරයට පිවිස සමවත් සමවදිමියි හිඳගත්හ. හේ සමවැදීමට නොහැකිව ආවරණය කුමක්දැයි සීලය ආවර්ජනා කරන්නේ ස්වල්ප වූද කඩවීමක් නොදැක වත්බිඳීමක් ඇත්දැයි බලන්නේ කිළිය නොඇමදි බව දැන ඇමද පිවිස හිඳින්නේ සමවතට සමවැදී හුන්නේය.
අකුප්පධම්මනිද්දෙසො වුත්තපටිපක්ඛවසෙනෙව වෙදිතබ්බො. අකුප්පධම්මොති ඉදං පන අට්ඨසමාපත්තිලාභිනො අනාගාමිස්ස චෙව ඛීණාසවස්ස චාති ද්වින්නං පුග්ගලානං නාමං. තෙසඤ්හි සමාධිපාරිබන්ධකා විපස්සනාපාරිබන්ධකා ච ධම්මා සුවික්ඛම්භිතා සුවික්ඛාලිතා; තෙන තෙසං භස්සසඞ්ගණිකාරාමාදිකිච්චෙන වා අඤ්ඤෙන වා යෙන කෙනචි අත්තනො අනුරූපෙන පමාදෙන වීතිනාමෙන්තානම්පි සමාපත්ති න කුප්පති, න නස්සති. සුක්ඛවිපස්සකා පන සොතාපන්නසකදාගාමිඅනාගාමිඛීණාසවා ඉමස්මිං දුකෙ න ලබ්භන්ති; දුකමුත්තකපුග්ගලා නාම හොන්ති. තස්මා සත්ථා අත්තනො බුද්ධසුබුද්ධතාය හෙට්ඨා ගහිතෙ ච අග්ගහිතෙ ච සඞ්කඩ්ඪිත්වා ඉමස්මිම්පි දුකෙ සද්ධිං පිට්ඨිවට්ටකෙහි තන්තිං ආරොපෙන්තො සබ්බෙපි අරියපුග්ගලාතිආදිමාහ. අට්ඨන්නඤ්හි සමාපත්තීනං කුප්පනං නස්සනං භවෙය්ය, ලොකුත්තරධම්මස්ස පන සකිං පටිවිද්ධස්ස කුප්පනං නස්සනං නාම නත්ථි, තං සන්ධායෙතං වුත්තං.
අකුප්ප ධර්ම නිර්දේසයෙහි කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුය. අකුප්ප ධම්මො යන මෙය වනාහි අෂ්ට සමාපත්තිලාභී අනාගාමියා ද ක්ෂීණාශ්රවයා ද යන දෙදෙනාට නමකි. ඔවුන්ගේ සමාධිය උවදුරු සහිත නොවේ. විදර්ශනා උවදුරු දහම් මනාව විෂ්කම්භිතය. මනාව පිරිසිදු කරන ලද ද වේ. එහෙයින් ඔවුන්ගේ දෙඩීම් ගණයා කෙරෙහි ඇලීම් ආදි කටයුතුවලින් හෝ යම්කිසි වෙනත් තමාට අනුරූප ප්‍රමාදයකින් ගත කරන්නේ ද සමාපත්තිය වෙනස් නොවේ. නොනැසේ. ශුෂ්ක විදර්ශකයෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි ක්ෂීණාශ්රයෝ මේ දුකයෙහි නොලැබෙති. දුක මුත්ත පුද්ගලයෝ වෙති. එහෙයින් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාවෙන් යට ගන්නා ලද්දට නොගන්නා ලද්ද ද ඇද මේ දුකය සමග පිට පෙරළියෙන් පාළියට නගන්නේ සබ්බෙපි අරිය පුග්ගලො යනාදිය දේශනා කළහ. අෂ්ට සමාපත්තීන්ගේ වෙනස්වීම නැසීම වන්නේය. ලෝකෝත්තර ධර්මය වනාහි වරක් ප්‍රතිවේධ කළවිට වෙනස්වීමක් නැසීමක් නම් නොවන්නේය. ඒ සඳහාම කියන ලදී.
පරිහානධම්මාපරිහානධම්මනිද්දෙසාපි කුප්පධම්මාකුප්පධම්මනිද්දෙසවසෙනෙව වෙදිතබ්බා. කෙවලඤ්හි ඉධ පුග්ගලස්ස පමාදං පටිච්ච ධම්මානං පරිහානම්පි අපරිහානම්පි ගහිතන්ති ඉදං පරියායදෙසනාමත්තමෙව නානං. සෙසං සබ්බත්ථ තාදිසමෙව.
පිරිහෙන දහම් නොපිරිහෙන දහම් නිද්දේසයෙහි ද කුප්ප ධම්ම අකප්ප ධම්ම නිද්දේසය වසයෙන්ම දතයුතුය. හුදෙක් මෙහි පුද්ගලයාගේ ප්‍රමාදය නිසා ධර්මයන්ගේ පිරිහීමද නොපිරිහීමද ගන්නා ලදැයි මේ ආකාර දේශනාව පමණක් විවිධය. සෙසු සියල්ල සමාන වේමය.
චෙතනාභබ්බනිද්දෙසෙ – චෙතනාභබ්බොති චෙතනාය අපරිහානිං ආපජ්ජිතුං භබ්බො. සචෙ අනුසඤ්චෙතෙතීති, සචෙ සමාපජ්ජති. සමාපත්තිඤ්හි සමාපජ්ජන්තො අනුසඤ්චෙතෙති නාම. සො න පරිහායති, ඉතරො පරිහායති.
චෙතනා භබ්බ නිද්දේසයෙහි චෙතනා භබ්බො යනු චේතනාවෙන් නොපිරිහී සමවැදීමට සුදුසුය. සචෙ අනුසඤ්චෙතෙති යනු ඉදින් සමවත් සමවදින්නේ අනුසංඤ්චෙතෙති නම් වේ. හේ නොපිරිහේ. අනිත් තැනැත්තා පිරිහේ.
අනුරක්ඛණාභබ්බනිද්දෙසෙ – අනුරක්ඛණාභබ්බොති අනුරක්ඛණාය අපරිහානිං ආපජ්ජිතුං භබ්බො. සචෙ අනුරක්ඛතීති සචෙ අනුපකාරධම්මෙ පහාය උපකාරධම්මෙ සෙවන්තො සමාපජ්ජති. එවඤ්හි පටිපජ්ජන්තො අනුරක්ඛති නාම. සො න පරිහායති, ඉතරො පරිහායති.
අනුරක්ඛන භබ්බ නිද්දේසයෙහි අනුරක්ඛණා භබ්බො යනු අනුරක්ණයෙන් නොපිරිහී සමවැදීමට සුදුසුය. ඉදින් අනුරක්ෂණය කෙරේනම් උපකාර නොවන දහම් අත්හැර උපකාර දහම් සේවනය කරන්නේ සමවදියි. මෙසේ පිළිපදින්නේ අනුරක්ඛති නම් වේ. හේ නොපිරිහෙයි. අනිත් තැනැත්තා පිරිහෙයි.
ඉමෙ ද්වෙපි සමාපත්තිං ඨපෙතුං ථාවරං කාතුං පටිබලා. චෙතනාභබ්බතො පන අනුරක්ඛණාභබ්බොව බලවතරො. චෙතනාභබ්බො හි උපකාරානුපකාරෙ ධම්මෙ න ජානාති. අජානන්තො උපකාරධම්මෙ නුදති නීහරති, අනුපකාරධම්මෙ සෙවති. සො තෙ සෙවන්තො සමාපත්තිතො පරිහායති . අනුරක්ඛණාභබ්බො උපකාරානුපකාරෙ ධම්මෙ ජානාති. ජානන්තො අනුපකාරධම්මෙ නුදති නීහරති, උපකාරධම්මෙ සෙවති. සො තෙ සෙවන්තො සමාපත්තිතො න පරිහායති.
මේ කරුණු දෙක ද සමාපත්ති තැබීමට ස්ථාවර කිරීමට ප්‍රතිබල වේ. චේතනා සුදුසුකමට වඩා අනුරක්ඛන සුදුසුකම බලවත්ය. චේතනා සුදුසුකම උපකාර අනුපකාර දහම් නොදනියි. නොදන්නේ උපකාර දහම් දුරුකරයි. බැහැර කරයි. අනුපකාර දහම් සේවනය කරයි. හේ ඒවා සේවනය කරන්නේ සමවතින් පිරිහෙයි. අනුරක්ඛණ සුදුසුකම වනාහි උපකර අනුපකාර දහම් දනියි. දැනගන්නේ අනුපකාර දහම් දුරුකරයි. බැහැර කරයි. උපකාර දහම් සේවනය කරයි. හේ ඒවා සේවනය කරන්නේ සමවතින් නොපිරිහේ.
යථා හි ද්වෙ ඛෙත්තපාලා එකො පණ්ඩුරොගෙන සරොගො අක්ඛමො සීතාදීනං, එකො අරොගො සීතාදීනං සහො. සරොගො හෙට්ඨාකුටිං න ඔතරති, රත්තාරක්ඛං දිවාරක්ඛං විජහති. තස්ස දිවා සුකමොරාදයො ඛෙත්තං ඔතරිත්වා සාලිසීසං ඛාදන්ති, රත්තිං මිගසූකරාදයො පවිසිත්වා ඛලං තච්ඡි තං විය ඡෙත්වා ගච්ඡන්ති. සො අත්තනො පමත්තකාරණා පුන බීජමත්තම්පි න ලභති. ඉතරො රත්තාරක්ඛං දිවාරක්ඛං න විජහති. සො අත්තනො අප්පමත්තකාරණා එකකරීසතො චත්තාරිපි අට්ඨපි සකටානි ලභති.
ගොවියෝ දෙදෙනෙක් වෙති. එකෙක් රෝගීය. සීතාදිය නො ඉවසයි. අනිකා නිරෝගීය. සීතාදිය ඉවසයි. රෝගියා යට කුටියට නො බසයි. දිවා රෑ රැකුම් අත්හරියි. ගිරා මොනර ආදී පක්ෂීහු කුඹුරට බැස වී කති. රෑට මුව හුරු ආදි සත්තු පැමිණ කමතක් තැලුවා සේ තලා යති. හෙතෙම තමාගේ ප්‍රමාදය නිසා බීජ ස්වල්පයක්වත් නොලබයි. අනිත් ගොවියා රෑ දවල් රැකුම අත් නොහරියි. හෙතෙම තමන්ගේ අප්‍රමාදයෙන් එක් කිරියකින් ගැල් සතරක් ද අටක් ද ලබයි.
තත්ථ සරොගඛෙත්තපාලො විය චෙතනාභබ්බො, අරොගො විය අනුරක්ඛණාභබ්බො දට්ඨබ්බො. සරොගස්ස අත්තනො පමාදෙන පුන බීජමත්තස්සපි අලභනං විය චෙතනාභබ්බස්ස උපකාරානුපකාරෙ ධම්මෙ අජානිත්වා උපකාරෙ පහාය අනුපකාරෙ සෙවන්තස්ස සමාපත්තියා පරිහානං. ඉතරස්ස අත්තනො අප්පමාදෙන එකකරීසමත්තතො චතුඅට්ඨසකටඋද්ධරණං විය අනුරක්ඛණාභබ්බස්ස උපකාරානුපකාරෙ ධම්මෙ ජානිත්වා අනුපකාරෙ පහාය උපකාරෙ සෙවන්තස්ස සමාපත්තියා අපරිහානං වෙදිතබ්බං. එවං චෙතනාභබ්බතො අනුරක්ඛණාභබ්බොව සමාපත්තිං ථාවරං කාතුං බලවතරොති වෙදිතබ්බො.
එහි චේතනා සුදුසුකම රෝගී ගොවියා මෙනි. අනුරක්ඛණ සුදුසුකම නිරෝග ගොවියා මෙනි. රෝගියාට තමාගේ අප්‍රමාදයෙන් බීජ ස්වල්පයක්වත් නොලැබීම මෙන් චේතනා සුදුසුකම උපකාර අනුපකාර දහම් නොදැන උපකාරය හැර අනුපකාරය සේවනයෙන් සමාපත්තියෙන් පිරිහේ. අනිත් තැනැත්තා තමාගේ අප්‍රමාදයෙන් එක් කිරියකින් සතරක් අටක් ගැල් පුරවන්නාක් මෙන් අනුරක්ඛණ සුදුස්සා උපකාර අනුපකාර දහම් දැන් උපකාර දහම් සේවනයෙන් සමාපත්තියේ අපරිහානිය දතයුතුයි. මෙසේ චේතනා භබ්බයෙන් අනුරක්ඛණ භබ්බය සමාපත්තිය ස්ථාවර කිරීමට බලවත් යයි දතයුතුයි.
පුථුජ්ජනනිද්දෙසෙ – තීණි සංයොජනානීති දිට්ඨිසංයොජනසීලබ්බතපරාමාසසංයොජනවිචිකිච්ඡාසංයොජනානි. එතානි හි ඵලක්ඛණෙ පහීනානි නාම හොන්ති. අයං පන ඵලක්ඛණෙපි න හොතීති දස්සෙති. තෙසං ධම්මානන්ති තෙසං සංයොජනධම්මානං. මග්ගක්ඛණස්මිඤ්හි තෙසං පහානාය පටිපන්නො නාම හොති. අයං පන මග්ගක්ඛණෙපි න හොති. එත්තාවතා විස්සට්ඨකම්මට්ඨානො ථූලබාලපුථුජ්ජනොව ඉධ කථිතොති වෙදිතබ්බො.
පුථුජ්ජන නිද්දේසයෙහි තීණි සංයොජනානි යනු දිට්ඨි සීලබ්බත පරාමාස, විචිකිච්ඡා සංයෝජනයෝය. මේවා ඵල ක්ෂණයෙහි ප්‍රහීන වේ. මෙය වනාහි ඵලක්ෂණයෙහි ද නොවේ යයි දක්වයි. තෙසඤ්ච ධම්මානං යනු ඒ සංයෝජන ධර්මයන්ගේ මාර්ග ක්ෂණයෙහි ඒවායේ ප්‍රහානය පිණිස පිළිපන්නේ වේ. මෙය වනාහි මාර්ග ක්ෂණයෙහි ද නොවේ. මෙපමණකින් අත්හරින ලද කර්මස්ථාන ඇති ජල බාල පෘථග්ජනයාම මෙහි කියන ලදැයි දතයුතුය.
ගොත්රභුනිද්දෙසෙ – යෙසං ධම්මානන්ති යෙසං ගොත්රභුඤාණෙන සද්ධිං උප්පන්නානං පරොපණ්ණාසකුසලධම්මානං. අරියධම්මස්සාති ලොකුත්තරමග්ගස්ස. අවක්කන්ති හොතීති ඔක්කන්ති නිබ්බත්ති පාතුභාවො හොති. අයං වුච්චතීති අයං නිබ්බානාරම්මණෙන ඤාණෙන සබ්බං පුථුජ්ජනසඞ්ඛං පුථුජ්ජනගොත්තං පුථුජ්ජනමණ්ඩලං පුථුජ්ජනපඤ්ඤත්තිං අතික්කමිත්වා අරියසඞ්ඛං අරියගොත්තං අරියමණ්ඩලං අරියපඤ්ඤත්තිං ඔක්කමනතො ගොත්රභූපුග්ගලො නාම වුච්චති.
ගොත්රභූ නිද්දේසයෙහි යෙසං ධම්මානං යනු ගෝත්‍රභූ ඤාණය සමග උපන් යම් පනස් ධර්මයන්ගේ. අරිය ධම්මස්ස ලෝකෝත්තර මාර්ගයාගේ. අවක්කන්ති හොති යනු පිහිටයි. උපදියි. පහළ වෙයි. අයං වුච්චති යනු මේ නිවන අරමුණු කරන ඤාණයෙන් සියළු පෘථග්ජන ගැනීම, පෘථග්ජන ගෝත්‍රය පෘථග්ජන මණ්ඩලය, පෘථග්ජන පැණවීම ඉක්මවා ආර්ය ගැනීම, ආර්ය මණ්ඩලය, ආර්ය ගෝත්‍රය, ආර්ය පැණවීම පහළවීමෙන් ගෝත්‍රභූ පුද්ගලයා යයි කියනු ලැබේ.
භයූපරතනිද්දෙසෙ – භයෙන උපරතොති භයූපරතො. සත්තපි සෙක්ඛා පුථුජ්ජනා ච භායිත්‍වා පාපතො ඔරමන්ති පාපං න කරොන්ති . තත්ථ පුථුජ්ජනා දුග්ගතිභයං, වට්ටභයං, කිලෙසභයං, උපවාදභයන්ති චත්තාරි භයානි භායන්ති. තෙසු භායිතබ්බට්ඨෙන දුග්ගතියෙව භයං දුග්ගතිභයං. සෙසෙසුපි එසෙව නයො. තත්ථ පුථුජ්ජනො ‘සචෙ ත්වං පාපං කරිස්සසි, චත්තාරො අපායා මුඛං විවරිත්වා ඨිතච්ඡාතඅජගරසදිසා, තෙසු දුක්ඛං අනුභවන්තො කථං භවිස්සසී’ති දුග්ගතිභයං භායිත්‍වා පාපං න කරොති. අනමතග්ගසංසාරවට්ටංයෙව පන වට්ටභයං නාම. සබ්බම්පි අකුසලං කිලෙසභයං නාම. ගරහා පන උපවාදභයං නාම. තානිපි භායිත්‍වා පුථුජ්ජනො පාපං න කරොති. සොතාපන්නසකදාගාමිඅනාගාමිනො පන තයො සෙක්ඛා දුග්ගතිං අතීතත්තා සෙසානි තීණි භයානි භායිත්‍වා පාපං න කරොන්ති. මග්ගට්ඨකසෙක්ඛා ආගමනවසෙන වා අසමුච්ඡින්නභයත්තා වා භයූපරතා නාම හොන්ති. ඛීණාසවො ඉමෙසු චතූසු භයෙසු එකම්පි න භායති. සො හි සබ්බසො සමුච්ඡින්නභයො; තස්මා අභයූපරතොති වුච්චති. කිං පන සො උපවාදම්පි න භායතීති? න භායති. උපවාදං පන රක්ඛතීති වත්තුං වට්ටති. දොණුප්පලවාපිගාමෙ ඛීණාසවත්ථෙරො විය.
[missing trans]
අභබ්බාගමනනිද්දෙසෙ – සම්මත්තනියාමාගමනස්ස අභබ්බොති අභබ්බාගමනො. කම්මාවරණෙනාති පඤ්චවිධෙන ආනන්තරියකම්මෙන. කිලෙසාවරණෙනාති නියතමිච්ඡාදිට්ඨියා. විපාකාවරණෙනාති අහෙතුකදුහෙතුකපටිසන්ධියා. අස්සද්ධාති බුද්ධධම්මසඞ්ඝෙසු සද්ධාරහිතා. අච්ඡන්දිකාති කත්තුකම්යතාකුසලච්ඡන්දරහිතා. තෙ ඨපෙත්වා ජම්බුදීපං ඉතරදීපත්තයවාසිනො වෙදිතබ්බා. තෙසු හි මනුස්සා අච්ඡන්දිකභාවං පවිට්ඨා නාම. දුප්පඤ්ඤාති භවඞ්ගපඤ්ඤාරහිතා. අභබ්බාති අප්පටිලද්ධමග්ගඵලූපනිස්සයා. නියාමන්ති මග්ගනියාමං, සම්මත්තනියාමං. ඔක්කමිතුන්ති එතං කුසලෙසු ධම්මෙසු සම්මත්තසඞ්ඛාතං නියාමං ඔක්කමිතුං පවිසිතුං තත්ථ පතිට්ඨාතුං අභබ්බා.
අභබ්බාගමන නිද්දේසයෙහි සම්මත පිළිවෙළට පැමිණීමට නුසුදුසු වේය යන අර්ථයෙන් අභබ්බාගමන වේ. කම්මාවරත්තන යනු පංචවිධ ආනන්තරිය කර්මයෙන්, කිලෙසාවරණෙන යනු නියත මිථ්‍යා දෘෂ්ටියෙන්, විපාකාවරණෙන යනු අහේතුක ද්විහේතුක ප්රතිසන්ධියෙන්. අස්සද්ධා යනු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා නැති. අච්ඡන්දිකා යනු කුසල් කරන කැමැත්ත රහිත ඔහු නම් දඹදිව හැර සෙසු ද්වීප තුනේ වෙසෙන අය යයි දතයුතුය. ඒවායෙහි මිනිස්සු අච්ඡන්දික භවයෙන් පවිටෝ නම් වෙති. දුප්පඤ්ඤ යනු භවාංග ප්‍රඥාව රහිත, අභබ්බා යනු නොලැබූ මගපල උපනිශ්රයන්. නියාම යනු මාර්ග නියාමය, සම්මත පිළිවෙළ ඔක්කමිතුං යනු මේ කුසල ධර්මවලට සම්මත පිළිවෙළින් බැසීමට පිවිසීමට, එහි පිහිටීමට නුසුදුසු
භබ්බාගමනනිද්දෙසො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො. එවමිමස්මිං දුකෙ යෙ ච පුග්ගලා පඤ්චානන්තරියකා, යෙ ච නියතමිච්ඡාදිට්ඨිකා, යෙහි ච අහෙතුකදුහෙතුකපටිසන්ධි ගහිතා , යෙ ච බුද්ධාදීනං න සද්දහන්ති, යෙසඤ්ච කත්තුකම්යතාඡන්දො නත්ථි, යෙ ච අපරිපුණ්ණභවඞ්ගපඤ්ඤා, යෙසඤ්ච මග්ගඵලානං උපනිස්සයො නත්ථි, තෙ සබ්බෙපි සම්මත්තනියාමං ඔක්කමිතුං අභබ්බා, විපරීතා භබ්බාති වුත්තා.
භබ්බාගමන නිද්දේසයෙහි කියන ලද්දට ප්රතිපක්ෂ ආකාරයෙන් දතයුතුය. මෙසේ මේ දුකයෙහි යම් පුද්ගලයෝ පංචානන්තරිකයෝ ද යමෙක් නියත මිථ්‍යාදෘෂ්ටික ද යම් අය විසින් අහේතුක ද්විහේතුක ප්රතිසන්ධි ගන්නා ලද ද යම් අය බුද්ධාදි තුණුරුවන් නො අදහත් ද යම් අයට කරනු කැමති කුසල ඡන්දය නැත්ද යමෙකුට අසම්පූර්ණ භවංග ප්‍රඥාව වේද යමෙකුට මාර්ගඵල උපනිශ්‍රය නොමැති වේද, ඒ සියල්ලෝම සම්මත පිළිවෙළට බැසගැනීමට, පිවිසීමට නුසුදුස්සෝ වෙති. ඊට වෙනස් වූයේ භබ්බ යයි කියන ලදී.
නියතානියතනිද්දෙසෙ – ආනන්තරිකාති ආන්තරිකකම්මසමඞ්ගිනො. මිච්ඡාදිට්ඨිකාති නියතමිච්ඡාදිට්ඨිසමඞ්ගිනො. සබ්බෙපි හෙතෙ නිරයස්ස අත්ථාය නියතත්තා නියතා නාම. අට්ඨ පන අරියපුග්ගලා සම්මාභාවාය උපරූපරිමග්ගඵලත්ථාය චෙව අනුපාදාපරිනිබ්බානත්ථාය ච නියතත්තා නියතා නාම. අවසෙසපුග්ගලා පන අනිබද්ධගතිකා. යථා ආකාසෙ ඛිත්තදණ්ඩො පථවියං පතන්තො ‘අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා පතිස්සතී’ති න ඤායති; එවමෙව ‘අසුකගතියා නාම නිබ්බත්තිස්සන්තී’ති නියමාභාවා අනියතා නාමාති වෙදිතබ්බා. යා පන උත්තරකුරුකානං නියතගතිකතා වුත්තා, න සා නියතධම්මවසෙන. මිච්ඡත්තසම්මත්තනියතධම්මායෙව හි නියතා නාම. තෙසඤ්ච වසෙනායං පුග්ගලනියමො කථිතොති.
නියතානියත නිද්දේසයෙහි ආනන්තරිකා යනු ආනන්තරිය කර්මයෙන් යුක්ත වූවෝ. මිච්ඡාදිට්ඨිකා යනු නියත මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූවෝ. මේ සියළු දෙනා ද නිරයට නියත බැවින් නියත නම් වෙති. අෂ්ටාර්ය පුද්ගලයෝ මනා බැවින් ඉහළ ඉහළ මාර්ගඵල සඳහා ද අනුපාදාය පරිනිර්වාණයට නියත බැවින් නියත නම් වෙති. අවසේස පුද්ගලයෝ නියත නොවූ ගති ඇත්තෝ වෙති. යම්සේ අහසට දණ්ඩක් පොළොවට වැටෙන්නේ අගින් හෝ මැදින් හෝ මුලින් වැටෙන්නේ යයි නොදනී. එසේම අසවල් ගතියෙහි උපදින්නේ යයි නියමයක් නැති බැවින් අනියත යයි දත යුතුය. උතුරුකුරු වාසීන්ගේ යම් නියත ගති කියන ලදී. එය නියත ධර්ම වශයෙන් නොවේ. මිථ්‍යා සම්මත නියත ධර්මයම නියත නම් වේ. ඒවායේ වශයෙන් මේ පුද්ගල නියමය කියන ලදී.
පටිපන්නකනිද්දෙසෙ – මග්ගසමඞ්ගිනොති මග්ගට්ඨකපුග්ගලා. තෙ හි ඵලත්ථාය පටිපන්නත්තා පටිපන්නකා නාම. ඵලසමඞ්ගිනොති ඵලපටිලාභසමඞ්ගිතාය ඵලසමඞ්ගිනො. ඵලපටිලාභතො පට්ඨාය හි තෙ ඵලසමාපත්තිං අසමාපන්නාපි ඵලෙ ඨිතායෙව නාම.
පටිපන්තක නිද්දේසයෙහි මග්ග සමංගිනො යනු මාර්ගස්ථ පුද්ගලයෝය. ඔව්හු ඵලය පිණිස පිළිපන් හෙයින් පටිපන්නකා නම් වෙති. ඵලසමංගිනො යනු ඵල ප්‍රතිලාභය සඳහා ඵලසමංගිනෝ වෙති. ඵල ප්‍රතිලාභයේ සිට ඔව්හු ඵල සමාපත්තියට නො පැමිණියෝ ද ඵලයෙහි සිටියෝම වෙති.
සමසීසීනිද්දෙසෙ – අපුබ්බං අචරිමන්ති අපුරෙ අපච්ඡා, එකප්පහාරෙනෙවාති අත්ථො. පරියාදානන්ති පරික්ඛයො. අයං වුච්චතීති අයං පුග්ගලො සමසීසී නාම වුච්චති. සො පනෙස තිවිධො හොති – ඉරියාපථසමසීසී, රොගසමසීසී, ජීවිතසමසීසීති. තත්ථ යො චඞ්කමන්තොව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්වා චඞ්කමන්තොව පරිනිබ්බාති පදුමත්ථෙරො විය; ඨිතකොව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්වා ඨිතකොව පරිනිබ්බාති කොටපබ්බතවිහාරවාසීතිස්සත්ථෙරො විය; නිසින්නොව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්වා නිසින්නොව පරිනිබ්බාති, නිපන්නොව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්වා නිපන්නොව පරිනිබ්බාති – අයං ඉරියාපථසමසීසී නාම.
සමසීසි නිද්දේසයෙහි අපුබ්බං අචරිමං යනු පෙර නොවී පසු නොවී එකවිටම යන අර්ථයයි. පරියාදානං යනු විනාශයයි. අයං වුච්චති යනු මේ පුද්ගලයා සමසීසි යයි කියනු ලැබේ. එම පුද්ගලයෝ තුන් ආකාර වෙති. ඉරියාපථ සමසීසි, රෝග සමසීසි සහ ජීවිත සමසීසි යනුවෙනි. එහි යමෙක් සක්මන් කරන්නේ විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ සක්මන් කරන්නේම පිරිනිවන්පායි. පදුම තෙරුන් මෙනි. සිටියේම විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ සිටියේ පිරිනිවන්පායි. තිස්ස තෙරුන් හිඳගෙන සිටියේම විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ හිඳ සිටියේම පිරිනිවන්පායි. වැදහොත්තේම විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ වැදහොත්තේම පිරිනිවන්පායි. මේ ඉරියව් සමසීසි නම් වේ.
යො පන එකං රොගං පත්වා අන්තොරොගෙයෙව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්වා තෙනෙව රොගෙන පරිනිබ්බාති – අයං රොගසමසීසී නාම.
යමෙක් වනාහි එක් රෝගයකට පැමිණ රෝගය තිබියදීම විදර්ශනාව පිහිටුවා රහත්ව එම රෝගයෙන්ම පිරිනිවන්පායි. මේ රෝග සමසීසි නම් වේ.
කතරො ජීවිතසමසීසී නාම? “සීසන්ති තෙරස සීසානි – පලිබොධසීසඤ්ච තණ්හා, විනිබන්ධනසීසඤ්ච මානො, පරාමාසසීසඤ්ච දිට්ඨි, වික්ඛෙපසීසඤ්ච උද්ධච්චං, සංකිලෙසසීසඤ්ච අවිජ්ජා, අධිමොක්ඛසීසඤ්ච සද්ධා, පග්ගහසීසඤ්ච වීරියං, උපට්ඨානසීසඤ්ච සති, අවික්ඛෙපසීසඤ්ච සමාධි, දස්සනසීසඤ්ච පඤ්ඤා, පවත්තසීසඤ්ච ජීවිතින්ද්රියං, ගොචරසීසඤ්ච විමොක්ඛො, සඞ්ඛාරසීසඤ්ච නිරොධො”ති (පටි· ම· 1.87). තත්ථ කිලෙසසීසං අවිජ්ජං අරහත්තමග්ගො පරියාදියති. පවත්තසීසං ජීවිතින්ද්රියං චුතිචිත්තං පරියාදියති. අවිජ්ජාපරියාදායකං චිත්තං ජීවිතින්ද්රියං පරියාදාතුං න සක්කොති. ජීවිතින්ද්රියපරියාදායකං චිත්තං අවිජ්ජං පරියාදාතුං න සක්කොති. අවිජ්ජාපරියාදායකං චිත්තං අඤ්ඤං, ජීවිතින්ද්රියපරියාදායකං චිත්තං අඤ්ඤං. යස්ස චෙතං සීසද්වයං සමං පරියාදානං ගච්ඡති, සො ජීවිතසමසීසී නාම.
ජීවිත සමසීසි නම් කවරෙක්ද? සීස දහතුනකි. පළිබෝධ සීසය ද තෘෂ්ණාව, බන්ධන සීසය ද මානය, පරාමාස සීසය ද දෘෂ්ටිය, වික්ඛෙප සීසය ද උද්ධච්චය, කිලෙස සීසය ද වීර්ය, උපට්ඨාන සීසය ද සිහිය, අවික්ඛෙප සීසය ද සමාධිය, දස්සන සීසය ද විමොක්ෂය, සංඛාර සීසය ද නිරෝධය යනුයි. එහි කිලෙස සීස අවිද්‍යාව රහත් මගින් මඩිනු ලැබේ. පවත්ත සීස ජීවිතේන්ද්රිය චුති චිත්තයෙන් මඩිනු ලැබේ. අවිද්‍යාවෙන් මඩිනු ලැබූ සිත ජීවිතේන්ද්රිය මැඩීමට නොහැකිය. අවිද්‍යාවෙන් මඩිනු ලැබූ සිත අනිකකි. ජීවිතේන්ද්රිය විනාශ කරන සිත අනිකකි. යමෙකුගේ මේ සීසද්වය සමානව විනාශවෙයි. හේ ජීවිත සමසීසි නම් වේ.
කථමිදං සමං හොතීති? වාරසමතාය. යස්මිඤ්හි වාරෙ මග්ගවුට්ඨානං හොති – සොතාපත්තිමග්ගෙ පඤ්ච පච්චවෙක්ඛණානි, සකදාගාමිමග්ගෙ පඤ්ච, අනාගාමිමග්ගෙ පඤ්ච, අරහත්තමග්ගෙ චත්තාරීති එකූනවීසතියා පච්චවෙක්ඛණඤාණෙ පතිට්ඨාය භවඞ්ගං ඔතරිත්වා පරිනිබ්බායති. ඉමාය වාරසමතාය ඉදං උභයසීසපරියාදානං සමං හොති නාම. තෙනායං පුග්ගලො ජීවිතසමසීසීති වුච්චති. අයමෙව ච ඉධ අධිප්පෙතො.
මෙය කෙසේ සමවේද? වාර සමතාවෙන්, යම්කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේ. සෝවාන් මාර්ගයෙහි ප්රත්යවේක්ෂා පහකි. සකෘදාගාමි මාර්ගයේ පහකි. අනාගාමී මාර්ගයෙහි පහකි. රහත් මාර්ගයෙහි සතරකි. එකුන්විසි ප්රත්යවේක්ෂා ඤාණයෙහි පිහිටා භවංගයට බැස පිරිනිවෙයි. මේ වාර සමතාවෙන් මේ උභය සීස විනාශය සම වේ. එනිසා මේ පුද්ගලයා ජීවිත සමසීසි යයි කියනු ලැබේ. මෙයම මෙහි අභිප්‍රේත වේ.
ඨිතකප්පීනිද්දෙසෙ – ඨිතො කප්පොති ඨිතකප්පො, ඨිතකප්පො අස්ස අත්ථීති ඨිතකප්පී. කප්පං ඨපෙතුං සමත්ථොති අත්ථො. උඩ්ඩය්හනවෙලා අස්සාති ඣායනකාලො භවෙය්ය. නෙව තාවාති යාව එස මග්ගසමඞ්ගී පුග්ගලො සොතාපත්තිඵලං න සච්ඡිකරොති, නෙව තාව කප්පො ඣායෙය්ය. ඣායමානොපි අජ්ඣායිත්වාව තිට්ඨෙය්ය. කප්පවිනාසො හි නාම මහාවිකාරො මහාපයොගො කොටිසතසහස්සචක්කවාළස්ස ඣායනවසෙන මහාලොකවිනාසො. අයම්පි එවං මහාවිනාසො තිට්ඨෙය්ය වාති වදති. සාසනෙ පන ධරමානෙ අයං කප්පවිනාසො නාම නත්ථි. කප්පවිනාසෙ සාසනං නත්ථි. ගතකොටිකෙ හි කාලෙ කප්පවිනාසො නාම හොති. එවං සන්තෙපි සත්ථා අන්තරායාභාවං දීපෙතුං ඉදං කාරණං ආහරි – “ඉදම්පි භවෙය්ය, මග්ගසමඞ්ගිනො පන ඵලස්ස අන්තරායො න සක්කා කාතු”න්ති. අයං පන පුග්ගලො කප්පං ඨපෙන්තො කිත්තකං කාලං ඨපෙය්යාති? යස්මිං වාරෙ මග්ගවුට්ඨානං හොති, අථ භවඞ්ගං ආවට්ටෙන්තං මනොද්වාරාවජ්ජනං උප්පජ්ජති. තතො තීණි අනුලොමානි, එකං ගොත්රභුචිත්තං, එකං මග්ගචිත්තං, ද්වෙ ඵලචිත්තානි, පඤ්ච පච්චවෙක්ඛණඤාණානීති එත්තකං කාලං ඨපෙය්ය. ඉමං පනත්ථං බාහිරාය ආගන්තුකූපමායපි එවං දීපයිංසු. සචෙ හි සොතාපත්තිමග්ගසමඞ්ගිස්ස මත්ථකූපරි යොජනිකං එකග්ඝනසෙලං තිවට්ටාය රජ්ජුයා බන්ධිත්වා ඔලම්බෙය්ය, එකස්මිං වට්ටෙ ඡින්නෙ ද්වීහි ඔලම්බෙය්ය, ද්වීසු ඡින්නෙසු එකෙන ඔලම්බෙය්යෙව, තස්මිම්පි ඡින්නෙ අබ්භකූටං විය ආකාසෙ තිට්ඨෙය්ය, න ත්වෙව තස්ස පුග්ගලස්ස මග්ගානන්තරඵලස්ස අන්තරායං කරෙය්යාති. අයං පන දීපනා පරිත්තා, පුරිමාව මහන්තා. න කෙවලං පන සොතාපත්තිමග්ගට්ඨොව කප්පං ඨපෙති, ඉතරෙ මග්ගසමඞ්ගිනොපි ඨපෙන්තියෙව. තෙන භගවා හෙට්ඨා ගහිතඤ්ච අග්ගහිතඤ්ච සබ්බං සඞ්කඩ්ඪිත්වා සද්ධිං පිට්ඨිවට්ටකපුග්ගලෙහි ඉමං තන්තිං ආරොපෙසි – “සබ්බෙපි මග්ගසමඞ්ගිනො පුග්ගලා ඨිතකප්පිනො”ති.
ඨිතකප්පි නිද්දේසයෙහි ස්ථිත කල්පය ඨිතකප්ප වේ. ඨිත කල්පය මොහුට ඇත්තේනුයි ඨිතකප්පී වේ. කල්පයක් තැබීමට සමර්ථ යන අර්ථයයි. උද්දය්හන කාලො අස්සාති දැවෙන කාලය වන්නේය. නෙව තාවා යනු මේ මාර්ගයෙන් යුත් පුද්ගලයා සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කරනතුරු කල්පය නො දැවෙන්නේය. දැවෙන්නේ ද නොදැවීම සිටින්නේය. කල්ප විනාශය නම් මහා විකාර වූ මහා ප්‍රයෝගයකි. කෝටි ලක්ෂයක් සක්වල දැවෙනු ලබන වශයෙන් මහා ලෝක විනාශයයි. මෙයද මෙසේ මහා විනාශය නවතින්නේ යයි කියයිද? සාසනය පවතින කාලයෙහි මේ කල්ප විනාශය නම් නැත. මෙසේ ඇති කල්හි ශාස්තෲන් වහන්සේ අනතුරු බව දැක්වීමට මේ කාරණය ගෙනහැර දැක්වූහ. මාර්ගස්ථ වූවහුගේ ඵලයට අනතුරක් කිරීමට නොහැකි යයි යන මෙයද වන්නේය. මේ පුද්ගලයා කල්පයක් තබන්නේ කොපමණ කාලයක් තබන්නේද? යම්කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේද ඉන්පසු භවංගයට වැටී මනෝද්වාරාවජ්ජය උපදී. ඉන්පසු අනුලෝම තුනක් ඇතිවේ. ගොත්රභූ සිත් එකකි. මාර්ග සිත් එකකි. ඵල සිත් දෙකකි. පච්චවෙක්ඛණ සිත් පහකි යයි මෙපමණ කාලයක් තිබෙන්නේය. මෙම අර්ථය අමුතු උපමාවකින් මෙසේ දැක්වූහ. [missing trans]
අරියනිද්දෙසෙ – කිලෙසෙහි ආරකත්තා අරියා. සදෙවකෙන ලොකෙන අරණීයත්තා අරියා. අරියට්ඨො නාම පරිසුද්ධට්ඨොති පරිසුද්ධත්තාපි අරියා. සෙසා අපරිසුද්ධතාය අනරියා.
අරිය නිද්දේසයෙහි කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ආර්ය වේ. දෙවියන් සහිත ලෝකයාගෙන් වෙන්වූ බැවින් අරිය නම් වේ. අරිය අර්ථය නම් පිරිසිදු අර්ථය යයි පිරිසිදු බැවින් ද ආර්ය වේ. සෙස්සෝ අපිරිසිදු බැවින් අනාර්ය වෙති.
සෙක්ඛනිද්දෙසෙ – මග්ගසමඞ්ගිනො මග්ගක්ඛණෙ, ඵලසමඞ්ගිනො ච ඵලක්ඛණෙ, අධිසීලසික්ඛාදිකා තිස්සොපි සික්ඛා සික්ඛන්තියෙවාති සෙක්ඛා. අරහතා පන අරහත්තඵලක්ඛණෙ තිස්සො සික්ඛා සික්ඛිතා. පුන තස්ස සික්ඛනකිච්චං නත්ථීති අසෙක්ඛා. ඉති සත්ත අරියා සික්ඛන්තීති සෙක්ඛා. ඛීණාසවා අඤ්ඤස්ස සන්තිකෙ සීලාදීනං සික්ඛිතත්තා සික්ඛිතඅසෙක්ඛා නාම. බුද්ධපච්චෙකබුද්ධා සයම්භූතතාය අසික්ඛිතඅසෙක්ඛා නාම. සෙසපුග්ගලා නෙව සික්ඛන්ති න සික්ඛිතාති නෙවසෙක්ඛානාසෙක්ඛා.
සෙක්ඛ නිද්දේසයෙහි මග්ගසමංගිනො මාර්ග ක්ෂණයෙහි, ඵල සමංගිනො ඵල ක්ෂණයෙහි. අධිසීල සික්ඛාදි තිවිධ ශික්ෂාවෙන් හික්මෙති යනු සෙක්ඛා වේ. රහතන් වහන්සේ වනාහි රහත්ඵල ක්ෂණයෙහි ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මෙන ලදහ. නැවත උන්වහන්සේ හික්මෙන කෘත්‍යයක් නැතැයි අසෙක්ඛ වේ. මෙසේ සප්ත ආර්යෝ හික්මෙත් යයි සෙක්ඛා වේ. ඛීණාශ්රවයා අනිකකුගේ සමීපයේ සීලාදියෙහි ශික්ෂිත බැවින් ශික්ෂිත අසෙක්ඛා නම් වේ. බුදු පසේ බුදුහු තමන් විසින්ම අශෛක්ෂ බැවින් අසෙක්ඛා නම් වෙති. සෙසු පුද්ගලයෝ නොහික්මෙත්. ශික්ෂිත නොවෙති. ශෛක්ෂ ද අශෛක්ෂ ද නොවෙති.
තෙවිජ්ජනිද්දෙසෙ – පඨමං පුබ්බෙනිවාසදිබ්බචක්ඛුඤාණානි නිබ්බත්තෙත්වා පච්ඡා අරහත්තං පත්තොපි, පඨමං අරහත්තං පත්වා පච්ඡා පුබ්බෙනිවාසදිබ්බචක්ඛුඤාණනිබ්බත්තකොපි තෙවිජ්ජොයෙව නාම. සුත්තන්තකථා පන පරියායදෙසනා අභිධම්මකථා නිප්පරියායදෙසනාති ඉමස්මිං ඨානෙ ආගමනීයමෙව ධුරං. තස්මා පඨමං ද්වෙ විජ්ජා නිබ්බත්තෙත්වා පච්ඡා අරහත්තං පත්තොව ඉධ අධිප්පෙතො. ඡළභිඤ්ඤෙපි එසෙව නයො.
තෙවිජ්ජ නිද්දේසයෙහි පළමුව පුබ්බෙනිවාස දිබ්බචක්ඛු ඤාණ උපදවා පසුව රහත්බවට පත්වන්නා ද පළමුව රහත්බව පැමිණ පසුව පුබ්බෙනිවාසානුස්සති දිබ්බචක්ඛු ඤාණ උපදවන්නා ද තෙවිජ්ජ නම් වෙති. සූත්‍රාන්ත කථා වනාහි පරියාය දේසනාය. අභිධම්ම කථා නිප්පරියාය දේසනා යයි මේ ස්ථානයෙහි ආගම නියමයට ධුර වේ. එහෙයින් පළමුව විද්‍යා දෙකක් උපදවා පසුව රහත්බවට පැමිණෙන්නා ද මෙහි කැමති වේ. ෂට් අභිඥයන් කෙරෙහිද මෙම නයම වේ.
සම්මාසම්බුද්ධනිද්දෙසෙ – පුබ්බෙ අනනුස්සුතෙසූති පච්ඡිමභවෙ සච්චප්පටිවෙධතො පුබ්බෙ අඤ්ඤස්ස කස්සචි සන්තිකෙ අස්සුතපුබ්බෙසු. තතො පුරිමපුරිමෙසු පන භවෙසු සබ්බඤ්ඤුබොධිසත්තා බුද්ධසාසනෙ පබ්බජිත්වා තීණි පිටකානි උග්ගහෙත්වා ගතපච්චාගතවත්තං ආරුය්හ කම්මට්ඨානං අනුලොමං ගොත්රභුං ආහච්ච ඨපෙන්ති. තස්මා පච්ඡිමභවස්මිංයෙව අනාචරියකභාවං සන්ධායෙතං වුත්තං. තදා හි තථාගතො පූරිතපාරමිත්තා අඤ්ඤස්ස සන්තිකෙ සාමං අනනුස්සුතෙසු සඞ්ඛතාසඞ්ඛතධම්මෙසු “ඉදං දුක්ඛං…පෙ… අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති අත්තපච්චක්ඛෙන ඤාණෙන චත්තාරි සච්චානි අභිසම්බුජ්ඣති.
සම්මා සම්බුද්ධ නිද්දේසයෙහි පුබ්බෙ අනනුස්සුතෙසු යනු අවසන් භවයෙහි සත්‍ය ප්‍රතිවේධයෙන් පෙර අන්‍ය කිසිවෙකුගේ සමීපයෙහි පෙර නොඇසූ විරූ. එයින් පෙර භවවල සර්වඥ බෝධිසත්ත්වයෝ බුදු සසුන්වල පැවිදිව තුන්පිටකය උගෙන ගතපච්චාගත වත සමාදන්ව කමටහන අනුව ගෝත්‍රභූ සිතට හැපී තබති. එහෙයින් පශ්චිම භවයෙහිම නොහැසුරුණු බව සඳහා මෙය කියන ලදී. එකල්හි තථාගතයන් වහන්සේ පුරණ ලද පාරමී ඇති බැවින් අනිකකුගේ සමීපයෙහි තමා නොඇසූ සංඛත අසංඛත ධර්මවල ‘ඉදං දුක්ඛං -පෙ- අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදා’ යයි ආත්ම පච්චවෙක්ඛණ ඤාණයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරති.
තත්ථ චාති තස්මිඤ්ච චතුසච්චසම්බොධිසඞ්ඛාතෙ අරහත්තමග්ගෙ. සබ්බඤ්ඤුතං පාපුණාති බලෙසු ච වසීභාවන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්චෙව බලෙසු ච චිණ්ණවසීභාවං පාපුණාති. බුද්ධානඤ්හි සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස චෙව දසබලඤාණස්ස ච අධිගමනතො පට්ඨාය අඤ්ඤං කාතබ්බං නාම නත්ථි. යථා පන උභතොසුජාතස්ස ඛත්තියකුමාරස්ස අභිසෙකප්පත්තිතො පට්ඨාය ‘ඉදං නාම ඉස්සරියං අනාගත’න්ති න වත්තබ්බං, සබ්බං ආගතමෙව හොති. එවමෙව බුද්ධානං අරහත්තමග්ගස්ස ආගමනතො පට්ඨාය ‘අයං නාම ගුණො න ආගතො, න පටිවිද්ධො, න පච්චක්ඛො’ති න වත්තබ්බො, සබ්බෙපි සබ්බඤ්ඤුගුණා ආගතා පටිවිද්ධා පච්චක්ඛකතාව හොන්ති. අයං වුච්චතීති අයං එවං පාරමීපූරණසිද්ධානුභාවෙන අරියමග්ගෙන පටිවිද්ධසබ්බඤ්ඤුගුණො පුග්ගලො සම්මාසම්බුද්ධොති වුච්චති.
තත්ථ ච යනු ඒ චතුස්සත්‍ය සංඛ්‍යාත අරහත් මාර්ගයෙහි සර්වඥභාවයට පැමිණෙති. බලෙසුච වසීභාවං යනු සර්වඥ ඤාණයේ මෙන්ම බලයෙහි ද පුරුදු කරන ලද වසීභාවයට පැමිණෙති. බුදුවරුන්ට සර්වඥතා ඤාණය ද දසබල ඤාණය ද අධිගමනයේ සිට අනිත් කළයුතු දෙයක් නැත. යම්සේ උභයකුල පරිසුද්ධ ක්ෂත්රිය කුමාරයෙකුට අභිසේකයේ සිට මෙය නම් අනාගත ඓශ්වර්ය යයි නොකිවයුතුය. සියල්ලම පැමිණියේ වේ. එසේම බුදුවරුන්ට රහත් මාර්ගයට පැමිණි තැන් පටන් මේ ගුණ නම් ආවෝ නැත. පිළිවිදි නැත. ප්රත්යක්ෂ වූයේ නැතැයි නොකිව යුතුය. සියළුම සර්වඥ ගුණ පැමිණියේය. පිළිවිද්දේය. ප්රත්යක්ෂ වූයේය. අයං වුච්චති යනු මෙය මෙසේ පාරමී පිරීමේ ආනුභාවයෙන් මාර්ගයෙන් පිළිවිදි සර්වඥ ගුණ පුද්ගලයා සම්මා සම්බුද්ධ යයි කියනු ලැබේ.
පච්චෙකබුද්ධනිද්දෙසෙපි – පුබ්බෙ අනනුස්සුතෙසූති පදෙ පුබ්බෙ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. පච්චෙකබුද්ධොපි හි පච්ඡිමභවෙ අනාචරියකො අත්තුක්කංසිකඤාණෙනෙව පටිවිද්ධසච්චො සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්චෙව බලෙසු ච චිණ්ණවසීභාවං න පාපුණාති.
පච්චෙක බුද්ධ නිද්දේශයෙහි ද පුබ්බෙ අනනුස්සුතෙසු පදයෙහි පෙර කියන ලද නයින්ම අර්ථය දතයුතුය. පසේ බුදුවරයාද අවසාන භවයෙහි ආචාර්යවරයෙකු නැතිව තමාගේ ඤාණයෙන්ම සත්‍ය අවබෝධ කොට සර්වඥ ඤාණයෙහි සහ දස බලයෙහිද පුරුදු කරන ලද වසීභාවයට නො පැමිණේ.
උභතොභාගවිමුත්තනිද්දෙසෙ – අට්ඨ විමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරතීති අට්ඨ සමාපත්තියො සහජාතනාමකායෙන පටිලභිත්වා විහරති. පඤ්ඤාය චස්ස දිස්වාති විපස්සනාපඤ්ඤාය සඞ්ඛාරගතං, මග්ගපඤ්ඤාය චත්තාරි සච්චානි පස්සිත්වා චත්තාරොපි ආසවා ඛීණා හොන්ති. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො උභතොභාගවිමුත්තො නාමාති වුච්චති. අයඤ්හි ද්වීහි භාගෙහි ද්වෙ වාරෙ විමුත්තොති උභතොභාගවිමුත්තො. තත්රායං ථෙරවාදො – තිපිටකචූළනාගත්ථෙරො තාව ආහ – “සමාපත්තියා වික්ඛම්භනවිමොක්ඛෙන, මග්ගෙන සමුච්ඡෙදවිමොක්ඛෙන විමුත්තොති උභතොභාගෙහි ද්වෙ වාරෙ විමුත්තො”ති. තිපිටකමහාධම්මරක්ඛිතත්ථෙරො “නාමනිස්සිතකො එසො”ති වත්වා –
උභතොභාග විමුත්ත නිද්දේසයෙහි අට්ඨ විමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති යනු අෂ්ට සමාපත්ති සහජාත නාමකයින් පිළිලැබ වාසය කරයි. පඤ්ඤාය තස්ස දිස්වා යනු විදර්ශනා ප්‍රඥාවෙන් සංස්කාරගතය ද මාර්ග ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැක සතර ආසව ක්ෂීණ වේ. අයං වුච්චති යනු මේ එබඳු රූප වූ පුද්ගලයා උභතොභාග විමුත්ත නම් යයි කියනු ලැබේ. මේතෙමේ භාග දෙකකින් වාර දෙකකදී මිදුනේ උභතොභොග විමුත්ත වේ. මේ එහි ථෙරවාදය - ත්‍රිපිටක චූලනාග තෙරහු කීහ. ‘සමාපත්තියෙන් විෂ්කම්භන විමෝක්ෂයෙන් ද මාර්ගයෙන් සමුච්ඡෙද විමෝක්ෂයෙන් ද මිදුනේ යයි උභතො භාගයෙන් හා වාර දෙකකදී මිදුනේය. ත්‍රිපිටක මහා ධම්මරක්ඛිත තෙරහු මෙතෙමේ නාම නිශ්රිත යයි කියා,
“අච්චී යථා වාතවෙගෙන ඛිත්තා, (උපසීවාති භගවා;) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං; එවං මුනී නාමකායා විමුත්තො, අත්ථං පලෙති න උපෙති සඞ්ඛ”න්ති. (සු· නි· 1080);
වා වෙයින් ගිනිසිළ - ගුණ යෙයි වහරට නොයා මුනි මුත් නම්කයින් - ගුණාසේ වහරෙහි නොයා
වත්වා සුත්තං ආහරිත්වා “නාමකායතො ච රූපකායතො ච සුවිමුත්තත්තා උභතොභාගවිමුත්තො”ති ආහ. තිපිටකචූළාභයත්ථෙරො පනාහ – “සමාපත්තියා වික්ඛම්භනවිමොක්ඛෙන එකවාරං විමුත්තො මග්ගෙන සමුච්ඡෙදවිමොක්ඛෙන එකවාරං විමුත්තොති උභතොභාගවිමුත්තො”ති. ඉමෙ පන තයොපි ථෙරා පණ්ඩිතා, ‘තිණ්ණම්පි වාදෙ කාරණං දිස්සතී’ති තිණ්ණම්පි වාදං තන්තිං කත්වා ඨපයිංසු.
සූත්‍රය ගෙනහැර දක්වා නාම කයින් ද රූප කයින් ද මනාව මිදුනේ උභතොභාග විමුත්ත යයි කීහ. ත්‍රිපිටක චූලාභය තෙරහු මෙසේ කීහ. සමාපත්තියෙන් විෂ්කම්භන විමෝක්ෂයෙන් එක්වරක් මිදේ. මාර්ගයෙන් සමුච්ඡේද විමෝක්ෂයෙන් එක්වරක් මිදේ. මෙසේ මිදීම උභතොභාග විමුත්ත වේ. මේ ස්ථවිරයන් වහන්සේලා තිදෙනාම පණ්ඩිතයහ. වාද තුනේම කරුණු පෙනෙන නිසා වාද තුනම පාළියට නගා තැබූහ.
සඞ්ඛෙපතො පන අරූපසමාපත්තියා රූපකායතො විමුත්තො, මග්ගෙන නාමකායතො විමුත්තොති උභොහි භාගෙහි විමුත්තත්තා උභතොභාගවිමුත්තො. සො චතුන්නං අරූපසමාපත්තීනං එකෙකතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තං පත්තානං චතුන්නං, නිරොධා වුට්ඨාය අරහත්තං පත්තස්ස අනාගාමිනො ච වසෙන පඤ්චවිධො හොති. තත්ථ පුරිමා චත්තාරො සමාපත්තිසීසං නිරොධං න සමාපජ්ජන්තීති පරියායෙන උභතොභාගවිමුත්තා නාම. අට්ඨසමාපත්තිලාභී අනාගාමී තං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්තොති නිප්පරියායෙන උභතොභාගවිමුත්තසෙට්ඨො නාම. නනු ච අරූපාවචරජ්ඣානම්පි උපෙක්ඛාචිත්තෙකග්ගතාහි දුවඞ්ගිකං රූපාවචරචතුත්ථජ්ඣානම්පි, තස්මා තම්පි පදට්ඨානං කත්වා අරහත්තං පත්තෙන උභතොභාගවිමුත්තෙන භවිතබ්බන්ති? න භවිතබ්බං. කස්මා? රූපකායතො අවිමුත්තත්තා. තඤ්හි කිලෙසකායතොව විමුත්තං, න රූපකායතො; තස්මා තතො වුට්ඨාය අරහත්තං පත්තො උභතොභාගවිමුත්තො නාම න හොති . අරූපාවචරං පන නාමකායතො ච විමුත්තං රූපකායතො චාති තදෙව පාදකං කත්වා අරහත්තං පත්තො උභතොභාගවිමුත්තො හොතීති වෙදිතබ්බො.
සංක්ෂේපයෙන් වනාහි අරූප සමාපත්තියෙන් රූප කයින් මිදෙන ලදී. මාර්ගයෙන් නාම කයින් මිදෙන ලදැයි භාග දෙකින්ම මිදෙන ලද්දේ උභතොභාග විමුත්තො වේ. හේ අරූප සමාපත්ති සතරේ එකිනෙකින් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කොට රහත්බවට පැමිණි සතර දෙනෙකි. නිරෝධයෙන් නැගිට රහත්බවට පැමිණි අනාගාමියා වශයෙන් පංචවිධ වේ. එහි පෙර සතරදෙනා සමාපත්තිසීස නිරෝධයට සම නොවදිතියි යන ආකාරයෙන් උභතොභාගවිමුත්ත වේ. අෂ්ට සමාපත්තිලාභී අනාගාමියා එයට සමවැද එයින් නැගී විදර්ශනාව වඩා රහත්බවට පැමිණියේ යයි නිෂ්පරියායෙන් උභතොභාග විමුත්ත ශ්‍රේෂ්ඨයා නම් වේ. අරූපාවචර ධ්‍යානය ද උපේක්ඛා ඒකග්ගතා යන අංග දෙකෙන් යුක්ත රූපාවචර ධ්‍යානය ද යන ධ්‍යාන පදනම්කොට රහත්භාවයට පත් පුද්ගලයා උභතොභාගවිමුත්ත නොවේද? නොවේ. කවරහෙයින්ද? රූප කයින් නොමිදෙන බැවිනි. ඔහු කෙලෙස් කයින්ම මිදේ. රූපකයින් නොමිදේ. ඒ නිසා එයින් නැගිට රහත් වූ පුද්ගලයා උභතොභාග විමුත්ත නම් නොවේ. අරූපාවචර වනාහි නාම කයින් ද මිදුණු රූපකයින්දැයි එයම පාදක කොට රහත්බවට පැමිණි පුද්ගලයා උභතෞභාග විමුත්ත වේ යයි දතයුතුය.
පඤ්ඤාවිමුත්තනිද්දෙසෙ – පඤ්ඤාය විමුත්තොති පඤ්ඤාවිමුත්තො. සො සුක්ඛවිපස්සකො චතූහි ඣානෙහි වුට්ඨාය අරහත්තං පත්තා චත්තාරො චාති පඤ්චවිධො හොති. එතෙසු හි එකොපි අට්ඨවිමොක්ඛලාභී න හොති. තෙනෙව න හෙව ඛො අට්ඨ විමොක්ඛෙතිආදිමාහ. අරූපාවචරජ්ඣානෙසු පන එකස්මිං සති උභතොභාගවිමුත්තොයෙව නාම හොතීති.
පඤ්ඤා විමුත්ත නිද්දේසයෙහි පඤ්ඤාවෙන් මිදීම පඤ්ඤා විමුත්තො වේ. හෙතෙම, ශුෂ්ක විදර්ශකය, ධ්‍යාන සතරෙන් නැගිට රහත්බවට සතරදෙනා දැයි පංචවිධ වේ. මොවුන් අතුරෙන් එක්කෙනෙක්වත් අෂ්ට විමෝක්ෂලාභී නොවේ. එහෙයින්ම ත හෙව ඛො අට්ඨ විමොක්ඛෙති යනාදිය කීහ. අරූපාවචර ධ්‍යානවල වනාහි එකක් ඇති කල්හි උභතොභාග විමුත්ත නම් වේ.
කායසක්ඛිනිද්දෙසෙ – එකච්චෙ ආසවාති හෙට්ඨිමමග්ගත්තයවජ්ඣා. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො කායසක්ඛීති වුච්චති. සො හි ඵුට්ඨන්තං සච්ඡිකරොතීති කායසක්ඛී. ඣානඵස්සං පඨමං ඵුසති, පච්ඡා නිරොධං නිබ්බානං සච්ඡිකරොතීතිපි කායසක්ඛී. සො සොතාපත්තිඵලට්ඨං ආදිං කත්වා යාව අරහත්තමග්ගට්ඨා ඡබ්බිධො හොති.
කායසක්ඛි නිද්දේසයෙහි එකච්චෙ ආසවා යනු යට මාර්ග තුන හැර. අයං වුච්චති මේ එබඳු වූ පුද්ගලයා කායසක්ඛි යැයි කියනු ලැබේ. හේ වනාහි විචාරන ලද්ද සාක්ෂාත් කෙරේනුයි කායසක්ඛි වේ. ධ්‍යානය පළමුව ස්පර්ශ කෙරේ. පසුව නිරෝධ වූ නිවන ප්රත්යක්ෂ කෙරේනු ද කායසක්ඛි වේ. හේ සෝවාන්ඵලය ආදිකොට අරහත් මාර්ගස්ථයා දක්වා සයාකාර වේ.
දිට්ඨිප්පත්තනිද්දෙසෙ – ඉදං දුක්ඛන්ති ඉදං දුක්ඛං, එත්තකං දුක්ඛං, න ඉතො උද්ධං දුක්ඛං. දුක්ඛසමුදයාදීසුපි එසෙව නයො. යථාභූතං පජානාතීති ඨපෙත්වා තණ්හං පඤ්චුපාදානක්ඛන්ධෙ ‘දුක්ඛසච්ච’න්ති යාථාවසරසතො පජානාති. තණ්හා පන දුක්ඛං ජනෙති නිබ්බත්තෙති, පභාවෙති, තතො තං දුක්ඛං සමුදෙති; තස්මා නං අයං ‘දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. යස්මා පන ඉදං දුක්ඛඤ්ච සමුදයො ච නිබ්බානං පත්වා නිරුජ්ඣන්ති වූපසම්මන්ති අප්පවත්තිං ගච්ඡන්ති; තස්මා නං ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අරියො පන අට්ඨඞ්ගිකො මග්ගො, තං දුක්ඛනිරොධං ගච්ඡති; තෙන තං ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එත්තාවතා නානාක්ඛණෙ සච්චවවත්ථානං දස්සිතං. ඉදානි එකක්ඛණෙ දස්සෙතුං තථාගතප්පවෙදිතාතිආදිමාහ. තත්ථ තථාගතප්පවෙදිතාති මහාබොධිමණ්ඩෙ නිසීදත්වා තථාගතෙන පටිවිද්ධා විදිතා පාකටීකතා. ධම්මාති චතුසච්චධම්මා. වොදිට්ඨා හොන්තීති සුදිට්ඨා හොන්ති. වොචරිතාති සුචරිතා. තෙසු අනෙන පඤ්ඤා සුට්ඨු චරාපිතා හොතීති අත්ථො. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො දිට්ඨිප්පත්තොති වුච්චති. අයඤ්හි දිට්ඨන්තං පත්තො. “දුක්ඛා සඞ්ඛාරා, සුඛො නිරොධො”ති ඤාණං හොති . දිට්ඨං විදිතං සච්ඡිකතං පස්සිතං පඤ්ඤායාති දිට්ඨප්පත්තො. අයම්පි කායසක්ඛී විය ඡබ්බිධොව හොති.
දිට්ඨිප්පත්ත නිද්දේසයෙහි ඉදං දුක්ඛං යන මේ දුක. දුක මෙපමණය. මෙයින් මතු නැත. දුක්ඛ සමුදයාදියෙහි ද මෙම නයම වේ. යථාභූතං පජානාති යනු තෘෂ්ණාව හැර පංච උපාදාන ස්කන්ධයෙහි දුක්ඛ සත්‍ය යයි යථා පරිදි දනියි. තෘෂ්ණාව වනාහි දුක උපදවයි. නිපදවයි. ප්රභවය වෙයි. එයින් දුක උපදී. එහෙයින් ඒ මෙය දුක්ඛ සමුදය යයි තත් වූ පරිදි දැනගනියි. යමකින් මේ දුක ද සමුදය ද නිවසට පැමිණ නිරුද්ධ වේ. ව්‍යපසමනය වේ. නො පැවැත්මට පැමිණේ. එහෙයින් ඒ මෙය දුක්ඛ නිරෝධයයි. තත්වූ පරිදි දැනගනියි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ දුක නිරෝධයට යවයි. එහෙයින් එය මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි තත්වූ පරිදි දැනගනියි. මෙපමණකින් නා නා ක්ෂණයෙහි සත්‍ය ව්‍යවස්ථානය දක්වන ලද්දේ වේ. දැන් එකක්ෂණයෙහි දැක්වීමට තථාගතප්පවෙදිතා යනාදිය කීහ. එහි තථාගතප්පවෙදිතා යනු මහබෝමැඩ හිඳ තථාගතයන් විසින් පිළිවිද්ද අවබෝධ කරන ලද්ද ප්‍රකට කරන ලදී. ධම්මා යනු චතුසත්‍ය ධර්මය. වොදිට්ඨා හොන්ති යනු මනාව දක්නා ලදී. වොචරිතා යනු සුචරිතයයි. ඒවායෙහි මේ ප්‍රඥාව මනාව හැසිරෙන ලද්දේ යන අර්ථය වේ. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා දිට්ඨිප්පත්ත යයි කියනු ලැබේ. මේ තෙමේ දෘෂ්ටියේ කෙළවරට පැමිණියේ යයි ද දිට්ඨිප්පත්ත වේ. සසර දුකය, නිරෝධය සැපය යන ඤාණය වේ. දක්නා ලද, අවබෝධ කරන ලද, ප්රත්යක්ෂ කරන ලද බලන ලද යන මේවායින් දිට්ඨිපත්තයා ප්‍රකට වේ. මෙතෙමේ ද කායසක්ඛි මෙන් හයාකාර වේ.
සද්ධාවිමුත්තනිද්දෙසෙ – නො ච ඛො යථා දිට්ඨිප්පත්තස්සාති යථා දිට්ඨිප්පත්තස්ස ආසවා පරික්ඛීණා, න එවං සද්ධාවිමුත්තස්සාති අත්ථො. කිං පන නෙසං කිලෙසප්පහානෙ නානත්තං අත්ථීති? නත්ථි. අථ කස්මා සද්ධාවිමුත්තො දිට්ඨිප්පත්තං න පාපුණාතීති? ආගමනීයනානත්තෙන. දිට්ඨිප්පතො හි ආගමනම්හි කිලෙසෙ වික්ඛම්භෙන්තො අප්පදුක්ඛෙන අප්පකසිරෙන අකිලමන්තොව වික්ඛම්භෙතුං සක්කොති. සද්ධාවිමුත්තො පන දුක්ඛෙන කසිරෙන කිලමන්තො හුත්වා වික්ඛම්භෙතුං සක්කොති, තස්මා දිට්ඨිප්පත්තං න පාපුණාති. අපිච නෙසං පඤ්ඤායපි නානත්තං අත්ථියෙව. දිට්ඨිප්පත්තස්ස හි උපරි තිණ්ණං මග්ගානං විපස්සනාඤාණං තික්ඛං සූරං පසන්නං හුත්වා වහති. සද්ධාවිමුත්තස්ස විපස්සනාඤාණං නො තික්ඛං සූරං පසන්නං හුත්වා වහති, තස්මාපි සො දිට්ඨිප්පත්තං න පාපුණාති.
සද්ධාවිමුත්ත නිද්දේසයෙහි නො ච ඛො යථා දිට්ඨිප්පත්තස්ස යනු දෘෂ්ටියට පැමිණ ආශ්‍රව පරික්ෂීණය. සද්ධාවිමුත්ත අර්ථය මෙසේ නොවේ. කෙලෙස් ප්රහාණයෙහි කිම විවිධතා ඇත්ද? නැත. එසේ නම් සද්ධා විමුත්ත යන දිට්ඨිප්පත්ත භාවයට නො පැමිණේද? පැමිණීමේ විවිධත්වයෙනි. දිට්ඨිප්පත්තයා වනාහි පැමිණෙන කාලයෙහි කෙලෙස් විෂ්කම්භනය කරන්නේ දුක් අඩුවෙන් කරදර අඩුවෙන් ක්ලාන්ත නොවීම හැකිවෙයි. සද්ධාවිමුත්තයා වනාහි දුකෙන් කරදරයෙන් ක්ලාන්ත වී විෂ්කම්භනය කිරීමට හැකිවේ. එනිසා දිට්ඨිප්පත්ත බවට නො පැමිණේ. තවද ඒවායේ පෙනීමේ ද නානත්වයක් ඇත. දිට්ඨිප්පත්තයාගේ ඉහළ මාර්ග තුනේ විදර්ශනා ඤාණය තියුණුය. සූර්ය, ප්‍රසන්නව උසුලයි. එනිසාද ඔහු දිට්ඨිප්පත්තයට නො පැමිණේ.
යථා හි ද්වීසු තරුණෙසු සිප්පං දස්සෙන්තෙසු එකස්ස හත්ථෙ තිඛිණො අසි, එකස්ස කුණ්ඨො. තිඛිණෙන අසිනා කදලී ඡිජ්ජමානා සද්දං න කරොති. කුණ්ඨෙන අසිනා ඡිජ්ජමානා ‘කටකටා’ති සද්දං කරොති. තත්ථ තිඛිණෙන අසිනා සද්දං අකරොන්තියා එව කදලියා ඡෙදනං විය දිට්ඨිප්පත්තස්ස තිණ්ණං මග්ගානං විපස්සනාඤාණස්ස තිඛිණසූරවිප්පසන්නභාවො. කුණ්ඨෙන අසිනා සද්දං කරොන්තියාපි කදලියා ඡෙදනං විය සද්ධාවිමුත්තස්ස තිණ්ණං මග්ගානං විපස්සනාඤාණස්ස අතිඛිණඅසූරඅප්පසන්නභාවො වෙදිතබ්බො. ඉමං පන නයං ‘නො’ති පටික්ඛිපිත්වා, ආගමනීයනානත්තෙනෙව සද්ධාවිමුත්තො දිට්ඨිප්පත්තං න පාපුණාතීති සන්නිට්ඨානං කතං.
ශිල්ප දක්වන තරුණයන් දෙදෙනාගෙන් එකෙකුගේ අත්තේ තියුණු කඩුවක් ඇත. එකෙකුගේ මොට්ට කඩුවකි. තියුණු කඩුවෙන් කෙසෙල් ගස් සිදුරු කරන්නේ ශබ්දයක් ඇති නොවේ. මොටවූ කඩුවෙන් කට කට යන සද්ද ඇතිවේ. එහි තියුණු අසිපතෙන් ශබ්ද නොකරන්නේම කෙසෙල් සිඳින්නාක් මෙන් දිට්ඨිප්පත්තයාගේ මාර්ග තුනේ විපස්සනා ඤාණයේ තියුණු සූර විප්රසන්නභාවය, මොටවූ අසිපතින් සද්ද කරමින් කෙසෙල් සිඳින්නාක් මෙන් ශ්‍රද්ධා විමුත්තයාගේ මාර්ග තුනේ විපස්සනා ඤාණයේ නොතියුණු සූර නොවන අප්‍රසන්නභාවය දතයුතුය. මේ නය වනාහි නො යන ප්‍රතික්ෂේප කොට පැමිණිය යුතු නානත්වයෙන්ම සද්ධා විමුත්තයා දිට්ඨිප්පත්තභාවයට නොපැමිණේ යයි සනිටුහන් කරන ලදී.
ආගමට්ඨකථාසු පන වුත්තං – “එතෙසු හි සද්ධාවිමුත්තස්ස පුබ්බභාගමග්ගක්ඛණෙ සද්දහන්තස්ස විය ඔකප්පෙන්තස්ස විය අධිමුච්චන්තස්ස විය ච කිලෙසක්ඛයො හොති. දිට්ඨිප්පත්තස්ස පුබ්බභාගමග්ගක්ඛණෙ කිලෙසච්ඡෙදකඤාණං අදන්ධං තිඛිණං සූරං හුත්වා වහති. තස්මා යථා නාම අතිඛිණෙන අසිනා කදලිං ඡින්දන්තස්ස ඡින්නට්ඨානං න මට්ඨං හොති, අසි න සීඝං වහති, සද්දො සුය්යති, බලවතරො වායාමො කාතබ්බො හොති ; එවරූපා සද්ධාවිමුත්තස්ස පුබ්බභාගමග්ගභාවනා. යථා පන සුනිසිතෙනෙව අසිනා කදලිං ඡින්දන්තස්ස ඡින්නට්ඨානං මට්ඨං හොති, අසි සීඝං වහති, සද්දො න සුය්යති, බලවවායාමකිච්චං න හොති; එවරූපා දිට්ඨිප්පත්තස්ස පුබ්බභාගමග්ගභාවනා වෙදිතබ්බා”ති. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො සද්ධාවිමුත්තොති වුච්චති. අයඤ්හි සද්දහන්තො විමුත්තොති සද්ධාවිමුත්තො. අයම්පි කායසක්ඛී විය ඡබ්බිධොව හොති.
ආගමට්ඨ කථාවල මෙසේ කියන ලදී. මේ කථාවල සද්ධා විමුත්තයාගේ මාර්ග ක්ෂණයෙහි පූර්වභාගයේ අදහා ගන්නාගේ මෙන් සැලෙන්නාක් මෙන් මිදෙන්නාක් මෙන් කෙලෙස් ක්ෂය වේ. දිට්ඨිප්පත්තයාගේ මාර්ග ක්ෂණයේ පූර්වභාගයේ කෙලෙස් ඡේදන ඤාණය අදන්ධය. තියුණුය. සූර වී උසුලයි. එහෙයින් නොතියුණු කඩුවෙන් කෙසෙල් සිඳින්නා සේ කැපූ තැන මටසිලුටු නොවේ. කඩුව ඉක්මනින් නොයයි. ශබ්ද ඇසේ. බලවත් උත්සාහයක් කළයුතු වේ. සද්ධා විමුත්තයාගේ පූර්වභාග භාවනා මෙබඳු වේ. යම්සේ තියුණු කඩුවෙන් කෙසෙල් කඳ කපනවිට කැපූ තැන මට්ටම් වේ. කඩුව කඩිනමින් යයි. ශබ්ද නොඇසේ. බලවත් උත්සාහයක් අවශ්‍ය නොවේ. දිට්ඨිප්පත්තයාගේ පූර්වභාග භාවනා මෙබඳු වේ. අයං වුච්චති යනු සද්ධා විමුත්තයාය. මොහු කායසක්ඛි මෙන් සයාකාරය.
ධම්මානුසාරීනිද්දෙසෙ – පටිපන්නස්සාති ඉමිනා සොතාපත්තිමග්ගට්ඨො දස්සිතො. අධිමත්තන්ති බලවං. පඤ්ඤං වාහෙතීති පඤ්ඤාවාහී. පඤ්ඤා ඉමං පුග්ගලං වහතීති පඤ්ඤාවාහීතිපි වුත්තං හොති. පඤ්ඤාපුබ්බඞ්ගමන්ති පඤ්ඤං පුරෙචාරිකං කත්වා. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො ධම්මානුසාරීති වුච්චති. සො හි පඤ්ඤාසඞ්ඛාතෙන ධම්මෙන සරති අනුස්සරතීති ධම්මානුසාරී. සොතාපත්තිමග්ගට්ඨස්සෙවෙතං නාමං. ඵලෙ පන පත්තෙ දිට්ඨිප්පත්තො නාම හොති.
ධම්මානුසාරි නිද්දේසයෙහි පටිපන්නස්ස යනු මේ සෝවාන් මාර්ගස්ථයා දක්වන ලදී. අධිමත්තං යනු බලවත් ප්‍රඥාව ගෙනදෙයි යන අර්ථයෙන් පඤ්ඤාවාහී වේ. ප්‍රඥාව මේ පුද්ගලයා උසුලයි යනු ද පඤ්ඤාවාහි යයි කියන ලදී. පඤ්ඤා පුබ්බංගමං යනු ප්‍රඥාව පෙරටුකොට. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා ධම්මානුසාරි යයි කියනු ලැබේ. සෝවාන් මාර්ගස්ථයාට මෙය නමකි. ඵලයට පැමිණි විට දිට්ඨිප්පත්ත වේ.
සද්ධානුසාරීනිද්දෙසෙපි – සද්ධං වාහෙතීති සද්ධාවාහී. සද්ධා ඉමං පුග්ගලං වහතීති සද්ධාවාහීතිපි වුත්තමෙව. සද්ධාපුබ්බඞ්ගමන්ති සද්ධං පුරෙචාරිකං කත්වා. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො සද්ධානුසාරීති වුච්චති. සො හි සද්ධාය සරති. අනුස්සරතීති සද්ධානුසාරී. සොතාපත්තිමග්ගට්ඨස්සෙවෙතං නාමං. ඵලෙ පන පත්තෙ සද්ධාවිමුත්තො නාම හොති. ලොකුත්තරධම්මඤ්හි නිබ්බත්තෙන්තානං ද්වෙ ධුරානි නාම, ද්වෙ අභිනිවෙසා නාම, ද්වෙ සීසානි නාම. තත්ථ සද්ධාධුරං පඤ්ඤාධුරන්ති – ද්වෙ ධුරානි නාම. එකො පන භික්ඛු සමථාභිනිවෙසෙන අභිනිවිසති, එකො විපස්සනාභිනිවෙසෙනාති – ඉමෙ ද්වෙ අභිනිවෙසා නාම. එකො ච මත්ථකං පාපුණන්තො උභතොභාගවිමුත්තො හොති, එකො පඤ්ඤාවිමුත්තොති – ඉමානි ද්වෙ සීසානි නාම. යෙ කෙචි හි ලොකුත්තරධම්මං නිබ්බත්තෙන්ති, සබ්බෙ තෙ ඉමෙ ද්වෙ ධම්මෙ ධුරං කත්වා ඉමෙසු ද්වීසු ඨානෙසු අභිනිවිසිත්වා ඉමෙහි ද්වීහි ඨානෙහි විමුච්චන්ති. තෙසු යො භික්ඛු අට්ඨසමාපත්තිලාභී පඤ්ඤං ධුරං කත්වා සමථවසෙන අභිනිවිට්ඨො අඤ්ඤතරං අරූපසමාපත්තිං පදට්ඨානං කත්වා විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පාපුණාති, සො සොතාපත්තිමග්ගක්ඛණෙ ධම්මානුසාරී නාම. පරතො පන ඡසු ඨානෙසු කායසක්ඛී නාම. අරහත්තඵලෙ පත්තෙ උභතොභාගවිමුත්තො නාම.
සද්ධානුසාරී නිද්දේසයෙහි ද ශ්‍රද්ධාව ගෙනදෙයි යනු සද්ධාවාහී වේ. ශ්‍රද්ධාව මේ පුද්ගලයා උසුලයි යනු ද සද්ධාවාහි යයි ද කියන ලදී. සද්ධා පුබ්බංගමං යනු ශ්‍රද්ධාව පෙරටුකොට. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා සද්ධානුසාරී යයි කියනු ලැබේ. හේ වනාහි ශ්‍රද්ධාවෙන් සිහිකරයි. අනුව සිහිකරයි යනුද සද්ධානුසාරී වේ. සද්ධාවිමුත්ත නම් වේ. ලෝකෝත්තර ධර්ම උපදවන්නන්ගේ ධුර දෙකකි. අභිනිවේස දෙකකි. සීස දෙකකි. එහි ශ්‍රද්ධා ධුර ප්‍රඥා ධුර යන ධූර දෙකය. එක් භික්ෂුවක් වනාහි සමථාභිනිවේසයෙන් පිවිසෙයි. එක්කෙනෙක් විපස්සනාභි නිවේසයෙන් පිවිසෙයි යන මෙය අභිනිවේස දෙකයි. එක්කෙනෙක් මුදුනට පැමිණෙන්නේ උභතොභාගවිමුත්ත නම් වේ. එක්කෙනෙක් ප්‍රඥා විමුත්ත යයි යන මේවා සීස දෙකය. යම් කෙනෙකුන් ලෝකෝත්තර ධර්ම උපදවන්නේ ඒ සියළුදෙනාම මේ ධර්ම දෙකෙන් මිදෙත්. ඔවුන් අතුරෙන් යම් භික්ෂුවක් අෂ්ට සමාපත්තිලාභී වූයේ ප්‍රඥාව ධුරකොට සමථ වශයෙන් අභිනිවේස වූයේ එක්තරා අරූප සමාපත්තියක් පදස්ථාන කොට විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණෙයි. හෙතෙම සෝවාන් මාර්ග ක්ෂණයෙහි ධම්මානුසාරී නම් වේ. සෙසු සෝවාන් ඵලයේ සිට රහත් මාර්ගය දක්වා සමාන සයේ කාය සක්ඛි නම් වේ. රහත්ඵලයට පැමිණි කල්හි උභතොභාග විමුත්ත නම් වේ.
අපරො පඤ්ඤමෙව ධුරං කත්වා විපස්සනාවසෙන අභිනිවිට්ඨො සුද්ධසඞ්ඛාරෙ වා රූපාවචරජ්ඣානෙසු වා අඤ්ඤතරං සම්මසිත්වා අරහත්තං පාපුණාති, අයම්පි සොතාපත්තිමග්ගක්ඛණෙයෙව ධම්මානුසාරී නාම. පරතො පන ඡසු ඨානෙසු දිට්ඨිප්පත්තො නාම. අරහත්තෙ පත්තෙ පඤ්ඤාවිමුත්තො නාම. ඉධ ද්වෙ නාමානි අපුබ්බානි, තානි පුරිමෙහි සද්ධිං පඤ්ච හොන්ති. අපරො අට්ඨසමාපත්තිලාභී සද්ධං ධුරං කත්වා සමාධිවසෙන අභිනිවිට්ඨො අඤ්ඤතරං අරූපසමාපත්තිං පදට්ඨානං කත්වා විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පාපුණාති – අයං සොතාපත්තිමග්ගක්ඛණෙ සද්ධානුසාරී නාම. පරතො ඡසු ඨානෙසු කායසක්ඛීයෙව නාම. අරහත්තෙ පත්තෙ උභතොභාගවිමුත්තොයෙව නාම. ඉධ එකමෙව නාමං අපුබ්බං. තෙන සද්ධිං පුරිමානි පඤ්ච ඡ හොන්ති. අපරො සද්ධමෙව ධුරං කත්වා විපස්සනාවසෙන අභිනිවිට්ඨො සුද්ධසඞ්ඛාරෙ වා රූපාවචරජ්ඣානෙසු වා අඤ්ඤතරං සම්මසිත්වා අරහත්තං පාපුණාති. අයම්පි සොතාපත්තිමග්ගක්ඛණෙ සද්ධානුසාරී නාම. පරතො ඡසු ඨානෙසු සද්ධාවිමුත්තො නාම. අරහත්තෙ පත්තෙ පඤ්ඤාවිමුත්තො නාම. ඉධාපි එකමෙව නාමං අපුබ්බං. තෙන සද්ධිං පුරිමානි ඡ සත්ත හොන්ති. ඉමෙ සත්ත පුග්ගලා ලොකෙ අග්ගදක්ඛිණෙය්යා නාමාති.
අනිත් තැනැත්තා ප්‍රඥාවම ධුරකොට විදර්ශනා වශයෙන් ප්‍රවේශ වූයේ ශුද්ධ සංස්කාරයෙහි හෝ රූපාවචර ධ්‍යානවල හෝ එක්තරා එකක් සම්මර්ශනය කොට රහත්බවට පැමිණේ. මේ තෙමේ ද සෝවාන් මාර්ගක්ෂණයේ ධම්මානුසාරී නම් වේ. සෙසු ස්ථාන සයේ දිට්ඨිප්පත්ත නම් වේ. රහත්බවට පැමිණි කල්හි පඤ්ඤා විමුත්ත නම් වේ. මේ නම් දෙක පෙර නො ආයේය. ඒවා පෙර ඒවා සමග පහක් වේ. අෂ්ට සමාපත්තිලාභී වෙන කෙනෙක් ශ්‍රද්ධාව මුරකොට සමාධි වශයෙන් ප්‍රවේශ වූයේ එක්තරා අරූප සමාපත්තියක් පාදකකොට විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණේ. මේ තෙමේ සෝවාන් මාර්ග ක්ෂණයෙහි සද්ධානුසාරී නම් වේ. සෙසු ස්ථාන සයේ කාය සක්ඛි වේ. රහත් බවට පැමිණි කල්හි උභතොභාග විමුත්ත නම් වේ. මෙහි එක නමක් පෙර නොවීය. එය පෙර වූ පහ සමග සයක් වේ. තවකෙනෙක් ශ්‍රද්ධාවම ධුරකොට විදර්ශනා වශයෙන් ප්‍රවේශ වී සුද්ධ සංස්කාරයන් හෝ රූපාවචර ධ්‍යානවල එක්තරා එකක් සම්මර්ශනය කොට රහත්බවට පැමිණේ. මේ තෙමේ ද සෝවාන් මාර්ගක්ෂණයෙහි සද්ධානුසාරී වේ. සෙසු ස්ථාන හයෙහි සද්ධා විමුත්ත නම් වේ. රහත්බවට පැමිණි කල්හි පඤ්ඤා විමුත්ත නම් වේ. මෙහිද එක් නමක් පෙර නොවීය. එය සමග පෙර සය සතක් වේ. මේ සප්ත පුද්ගලයෝ ලොවෙහි අග්‍ර දක්ෂිණෙය්ය නම් වෙති.
සත්තක්ඛත්තුපරමනිද්දෙසෙ – සත්තක්ඛත්තුන්ති සත්තවාරෙ. සත්තක්ඛත්තුපරමා භවූපපත්ති අත්තභාවග්ගහණං අස්ස, තතො පරං අට්ඨමං භවං නාදියතීති සත්තක්ඛත්තුපරමො. සොතාපන්නො හොතීති එත්ථ සොතොති අරියමග්ගො, තෙන සමන්නාගතො සොතාපන්නො නාම. යථාහ –
සත්තඛත්තුපරම නිද්දේසයෙහි සත්තක්ඛත්තුං යනු සත්වාරයෙහි. සත්වන භව උපත අවසන්කොට ඇති. අටවන භවයක් නොගනී යනු සත්තක්ඛත්තුපරම වේ. සොතාපන්නො හොති යනු මෙහි සෝත නම් ආර්ය මාර්ගයයි. එයින් යුක්ත වූයේ සෝතාපන්න නම් වේ. යම්සේ කීය.
“සොතො සොතොති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතොති? අයමෙව හි, භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්යථිදං – සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධීති. සොතාපන්නො සොතාපන්නොති, හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතාපන්නොති? යො හි, භන්තෙ, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො, ස්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො ඉති වා”ති (සං· නි· 5.1001).
‘ආයුෂ්මත් සාරිපුත්‍රයෙනි, සොතො සොතො යයි කියනු ලැබේ. සාරිපුත්‍රයෙනි, සොතො යනු කුමක්ද? ස්වාමීනි, මෙය වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය සොතො වේ. කෙසේද? සම්මා දිට්ඨි.... සම්මා සමාධි’ යනුවෙනි. පින්වත් සාරිපුත්‍රයෙනි, සොතාපන්නො, සොතාපන්නො යයි කියනු ලැබේ. සාරිපුත්‍රයෙනි, සොතාපන්න නම් කුමක්ද? ස්වාමීනි, යමෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්නාගත වූයේ ඒ මේ ආයුෂ්මතුන්ට මෙසේ නමක් වේ. මෙසේ ගෝත්‍රයක් හෝ වේ.
එවං මග්ගක්ඛණෙපි සොතාපන්නො නාම හොති. ඉධ පන මග්ගෙන ඵලස්ස නාමං දින්නන්ති ඵලක්ඛණෙ සොතාපන්නො අධිප්පෙතො.
මෙසේ මාර්ගක්ෂණයෙහි ද සෝතාපන්න නම් වේ. මෙහි වනාහි මාර්ගයෙන් ඵලයට නම දෙන ලදැයි ඵලක්ෂණයෙහි සෝතාපන්නයා අදහස් කරන ලදී.
අවිනිපාතධම්මොති විනිපාතසඞ්ඛාතං අපායං උපපත්තිවසෙන අනාගමනසභාවො. නියතොති මග්ගනියාමෙන නියතො. සම්බොධිපරායණොති බුජ්ඣනකභාවපරායණො. සො හි පටිලද්ධමග්ගෙන බුජ්ඣතීති සම්බොධිපරායණො. උපරි තීහි මග්ගෙහි අවස්සං බුජ්ඣිස්සතීති සම්බොධිපරායණො. දෙවෙ ච මනුස්සෙ චාති දෙවලොකඤ්ච මනුස්සලොකඤ්ච. සන්ධාවිත්වා සංසරිත්වාති පටිසන්ධිවසෙන අපරාපරං ගන්ත්වා. දුක්ඛස්සන්තං කරොතීති වට්ටදුක්ඛස්ස පරියන්තං පරිවටුමං කරොති. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො සත්තක්ඛත්තුපරමො නාම වුච්චති. අයං පන කාලෙන දෙවලොකස්ස කාලෙන මනුස්සලොකස්ස වසෙන මිස්සකභවෙන කථිතොති වෙදිතබ්බො.
අවිනිපාතධම්මො යනු විනිපාත සංඛ්‍යාත අපායට උත්පත්ති වශයෙන් නොපැමිණෙන බව. නියතො යනු මාර්ග නියමයෙන් නියත වූ. සම්බොධි පරායනො යනු අවබෝධ කිරිම පිහිටකොට ඇති. හෙතෙම ලැබූ මාර්ගයෙන් අවබෝධ කෙරේනුයි සම්බෝධිපරායන වේ. ඉහළ මාර්ග තුනෙන් අවශ්‍යයෙන්ම අවබෝධ කෙරේනුයි සම්බෝධධිපරායන වේ. දෙවෙ ච මනුස්සෙ ච යනු දෙව්ලොව ද මිනිස් ලොවද. සන්ධාපත්වා සංසරිත්වා යනු ප්රතිසන්ධි වශයෙන් භවයෙන් භවයට ගොස්. දුක්ඛස්සන්තං කරොති යනු සසර දුක කෙළවර කරයි. අයං වුච්චති යනු මෙබඳු වූ මේ පුද්ගලයා සත්තක්ඛත්තුපරම යයි කියනු ලැබේ. මේ තෙමේ වනාහි කලින් කල දෙව්ලොව හා මිනිස්ලොව වශයෙන් මිශ්‍ර වශයෙන් කියන ලදැයි දතයුතුය.
කොලංකොලනිද්දෙසෙ – කුලතො කුලං ගච්ඡතීති කොලංකොලො. සොතාපත්තිඵලසච්ඡිකිරියතො හි පට්ඨාය නීචෙ කුලෙ උපපත්ති නාම නත්ථි, මහාභොගකුලෙසුයෙව නිබ්බත්තතීති අත්ථො. ද්වෙ වා තීණි වා කුලානීති දෙවමනුස්සවසෙන ද්වෙ වා තයො වා භවෙ. ඉති අයම්පි මිස්සකභවෙනෙව කථිතො. දෙසනාමත්තමෙව චෙතං – ‘ද්වෙ වා තීණි වා’ති. යාව ඡට්ඨභවා සංසරන්තොපි පන කොලංකොලොව හොති.
කොලංකොල නිද්දේසයෙහි කුලයෙන් කුලයට ගමන් කෙරේනුයි. කොලංකොල වේ. සෝවාන්ඵලය අවබෝධ කිරීමේ සිට නීච කුලයෙහි උත්පත්තියක් නම් නැත. මහාභෝග කුලවලම උපදී යන අර්ථයයි. දෙව වා තීණි වා කුලානි යනු දෙව් මිනිස් වශයෙන් භව දෙකක් හෝ තුනක. මෙසේ මෙයද මිශ්‍ර බැවින්ම කියන ලදී. දෙවා වා තීණි වා යන මෙය දේශනා මාත්‍රයක් පමණි. සවන භවය තෙක් සැරිසරන්නේ ද කොලංකොලම වේ. උපදින්නේ යයි කීම ද වටී.
එකබීජිනිද්දෙසෙ – ඛන්ධබීජං නාම කථිතං. යස්ස හි සොතාපන්නස්ස එකංයෙව ඛන්ධබීජං අත්ථි, එකං අත්තභාවග්ගහණං, සො එකබීජී නාම. මානුසකං භවන්ති ඉදං පනෙත්ථ දෙසනාමත්තමෙව. දෙවභවං නිබ්බත්තෙතීතිපි පන වත්තුං වට්ටතියෙව. භගවතා ගහිතනාමවසෙනෙව චෙතානි එතෙසං නාමානි. එත්තකං ඨානං ගතො සත්තක්ඛත්තුපරමො නාම හොති, එත්තකං කොලංකොලො, එත්තකං එකබීජීති භගවතා එතෙසං නාමං ගහිතං. නියමතො පන අයං සත්තක්ඛත්තුපරමො, අයං කොලංකොලො, අයං එකබීජීති නත්ථි.
එකබීජි නිද්දේසයෙහි ඛන්ධබීජය කියන ලදී. සෝතාපන්නයෙකුගේ එක් ස්කන්ධ බීජයක් ඇත. එක් ආත්ම භවයක් ගැනීම හෝ ඒකබීජී වේ. මානුසකං භවන්ති යන මෙය දේශනා මාත්‍රයකි. දිව්‍යාත්ම භාවයෙහි උපදී යයි කීමද වටී. භාග්‍යවතුන් වහන්සේ ගන්නා ලද ආකාරයෙන් මේවායේ මේ නාම වේ. මෙපමණ ස්ථානයකට ගියේ සත්තුක්ඛත්තුපරම වේ. මෙපමණ කොලංකොලං වේ. මෙපමණ ඒකබීජි යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේවායේ නාම ගන්නා ලදී. මේ තෙමේ සත්තක්ඛත්තුපරමය. මේ තෙමේ කොලංකොලංය. මේ තෙමේ ඒකබීජී යයි නියතයක් නැත.
කො පන තෙසං එතං පභෙදං නියමෙතීති? කෙචි තාව ථෙරා ‘පුබ්බහෙතු නියමෙතී’ති වදන්ති, කෙචි ‘පඨමමග්ගො’, කෙචි ‘උපරි තයො මග්ගා’, කෙචි ‘තිණ්ණං මග්ගානං විපස්සනා’ති. තත්ථ ‘පුබ්බහෙතු නියමෙතී’ති වාදෙ ‘පඨමමග්ගස්ස උපනිස්සයො කතො නාම හොති, උපරි තයො මග්ගා නිරුපනිස්සයා උප්පන්නා’ති වචනං ආපජ්ජති. ‘පඨමමග්ගො නියමෙතී’ති වාදෙ උපරි තිණ්ණං මග්ගානං නිරත්ථකතා ආපජ්ජති. ‘උපරි තයො මග්ගා නියමෙන්තී’ති වාදෙ ‘අට්ඨමමග්ගෙ අනුප්පන්නෙයෙව උපරි තයො මග්ගා උප්පන්නා’ති ආපජ්ජති. ‘තිණ්ණං මග්ගානං විපස්සනා නියමෙතී’ති වාදො පන යුජ්ජති. සචෙ හි උපරි තිණ්ණං මග්ගානං විපස්සනා බලවතී හොති, එකබීජී නාම හොති; තතො මන්දතරාය කොලංකොලො; තතො මන්දතරාය සත්තක්ඛත්තුපරමොති.
ඔවුන්ගේ මේ ප්‍රභේදය කවරෙක් නියම කරයිද? සමහර ස්ථවිරයන් වහන්සේලා පෙර හේතු නියමයෙන් යයි කියති. සමහරෙක් පළමු මාර්ගය, සමහරෙක් ඉහළ මාර්ග තුන, සමහරෙක් මාර්ග තුනේ විපස්සනාව යයි කියති. එහි පෙර හේතු නියමය යන වාදයෙහි පළමු මාර්ගයට උපනිශ්‍රය කළා නම් වේ. ඉහළ මාර්ග තුන උපනිශ්‍රය රහිතව ඉපදුනේය යන වචනය පැමිණේ. පළමු මාර්ගය නියමයයි යන වාදයෙහි ඉහළ මාර්ග තුනේ නිෂ්ඵලබව පැමිණේ. ඉහළ මාර්ග තුනේ නියමයයි යන වාදයෙහි පළමු මාර්ගය නූපන් කල්හිම ඉහළ මාර්ග තුන ඉපදීමට පැමිණේ. මාර්ග තුනේ විපස්සනා නියමයෙන් යයි යන වාදය වනාහි යෙදේ. ඉදින් ඉහළ මාර්ග තුනේ විදර්ශනාව බලවත් වේද එවිට ඒකබීජි නම් වේ. ඊට අඩුතරමින් වූයේ කෝලංකෝල වේ. ඊට අඩුතරමින් වූයේ සත්තක්ඛත්තුපරම වේ.
එකච්චො හි සොතාපන්නො වට්ටජ්ඣාසයො හොති, වට්ටාභිරතො, පුනප්පුනං වට්ටස්මිංයෙව විචරති සන්දිස්සති. අනාථපිණ්ඩිකො සෙට්ඨි, විසාඛා උපාසිකා, චූළරථමහාරථා දෙවපුත්තා, අනෙකවණ්ණො දෙවපුත්තො, සක්කො දෙවරාජා, නාගදත්තො දෙවපුත්තොති ඉමෙ හි එත්තකා ජනා වට්ටජ්ඣාසයා වට්ටාභිරතා ආදිතො පට්ඨාය ඡ දෙවලොකෙ සොධෙත්වා අකනිට්ඨෙ ඨත්වා පරිනිබ්බායිස්සන්ති, ඉමෙ ඉධ න ගහිතා. න කෙවලඤ්චිමෙ; යොපි මනුස්සෙසුයෙව සත්තක්ඛත්තුං සංසරිත්වා අරහත්තං පාපුණාති, යොපි දෙවලොකෙ නිබ්බත්තො දෙවෙසුයෙව සත්තක්ඛත්තුං අපරාපරං සංසරිත්වා අරහත්තං පාපුණාති, ඉමෙපි ඉධ න ගහිතා. මිස්සකභවවසෙනෙව පනෙත්ථ සත්තක්ඛත්තුපරමකොලංකොලා මානුසකභවනිබ්බත්තකොයෙව ච එකබීජී ගහිතොති වෙදිතබ්බො. තත්ථ එකෙකො දුක්ඛාපටිපදාදිවසෙන චතුබ්බිධභාවං ආපජ්ජති. සද්ධාධුරෙනෙව චත්තාරො සත්තක්ඛත්තුපරමා, චත්තාරො කොලංකොලා, චත්තාරො එකබීජිනොති ද්වාදස හොන්ති. සචෙ පඤ්ඤාය සක්කා නිබ්බත්තෙතුං, ‘අහං ලොකුත්තරං ධම්මං නිබ්බත්තෙස්සාමී’ති එවං පඤ්ඤං ධුරං කත්වා සත්තක්ඛත්තුපරමාදිභාවං පත්තාපි පටිපදාවසෙන ද්වාදසෙවාති ඉමෙ චතුවීසති සොතාපන්නා ඉහට්ඨකනිජ්ඣානිකවසෙනෙව ඉමස්මිං ඨානෙ කථිතාති වෙදිතබ්බා.
එක් සෝතාපන්නයෙක් සසර කැමති වේ. සසරට ඇලුනේ නැවත නැවත සසරෙහිම හැසිරේ. දක්නා ලැබේ. අනේපිඬු සිටුතුමා, විසාඛා මහා උපාසිකාව, චූලරථ මහාරථ දෙවිපුත්වරු, අනේකවණ්ණ දේවපුත්‍රයා, සකදිව්ය රාජයා, නාගදත්ත දෙවිපුතා මේ මෙපමණ දෙනා සසර කැමැත්තේ සසර ඇළුණෝය. මුල සිට දෙව්ලෝ සය ශෝධනය කොට අකනිට්ඨයෙහි සිට පිරිනිවන් පාන්නෝය. මොවුන් මෙහි නොගන්නා ලදී. යමෙක් මිනිස් ආත්මවලම සත්වරක් සැරිසරා රහත්බවට පැමිණේ. යමෙක් දෙව්ලෝ ඉපිද දෙවියන් අතරම නොසන්සිඳී සත්වරක් සැරිසරා රහත්බවට පැමිණේ. මොව්හුද මෙහි නොගන්නා ලදී. මිශ්‍ර භව වසයෙන්ම සත්තක්ඛත්තුපරම හා කෝලංකෝලයෝ වෙති. මනුෂ්යභවයෙහි උපන්නාම ඒකබීජි යයි ගන්නා ලද බව දතයුතුය. එහි එක් එක්කෙනා දුක්ඛාපටිපදාදි වශයෙන් සතරාකාරයට පැමිණේ. සද්ධා ධුරයේ සත්තක්ඛත්තුපරම සතරදෙනා, කොලංකොල සතරදෙනා, එකබීජි සතරදෙනා යයි දොලොස් දෙනෙක් වෙති. ප්‍රඥාවෙන් නිපදවීමට හැකි යයි මම ලොවුතුරා දහම් නිපදවන්නෙමියි මෙසේ ප්‍රඥාව ධුර කොට සත්තක්ඛත්තුපරමාදභාවයට පැමිණියෝ ද ප්‍රතිපදා වශයෙන් දොළහක්ම යයි. මේ සෝතාපන්නයෝ විසිහතර දෙනා ඉහට්ඨකතිජ්ඣානික (මෙහි අටක් ඇති වැටහීම්) වශයෙන්ම මේ ස්ථානයෙහි කියන ලදැයි දතයුතුය.
සකදාගාමිනිද්දෙසෙ – පටිසන්ධිවසෙන සකිං ආගච්ඡතීති සකදාගාමී. සකිදෙවාති එකවාරංයෙව. ඉමං ලොකං ආගන්ත්වාති ඉමිනා පඤ්චසු සකදාගාමීසු චත්තාරො වජ්ජෙත්වා එකොව ගහිතො. එකච්චො හි ඉධ සකදාගාමිඵලං පත්වා ඉධෙව පරිනිබ්බායති, එකච්චො ඉධ පත්වා දෙවලොකෙ පරිනිබ්බායති, එකච්චො දෙවලොකෙ පත්වා තත්ථෙව පරිනිබ්බායති, එකච්චො දෙවලොකෙ පත්වා ඉධූපපජ්ජිත්වා පරිනිබ්බායති – ඉමෙ චත්තාරොපි ඉධ න ගහිතා. යො පන ඉධ පත්වා දෙවලොකෙ යාවතායුකං වසිත්වා පුන ඉධූපපජ්ජිත්වා පරිනිබ්බායති – අයං එකොව ඉධ ගහිතොති වෙදිතබ්බො. සෙසමෙත්ථ යං වත්තබ්බං සියා තං සබ්බං හෙට්ඨා ධම්මසඞ්ගහට්ඨකථායං ලොකුත්තරකුසලනිද්දෙසෙ වුත්තමෙව. ඉමස්ස පන සකදාගාමිනො එකබීජිනා සද්ධිං කිං නානාකරණන්ති? එකබීජිස්ස එකාව පටිසන්ධි, සකදාගාමිස්ස ද්වෙ පටිසන්ධියො – ඉදං නෙසං නානාකරණන්ති.
සකදාගාමි නිද්දේසයෙහි ප්රතිසන්ධි වශයෙන් එක්වරක් පැමිණේ යයි සකදාගාමි වේ. සකිදෙව යනු එක්වරක්ම වේ. ඉමං ලොකං ආගතවො යන මේ සකදාගාමි පස්දෙනාගෙන් සතර දෙනෙක් හැර එක්කෙනෙක්ම ගන්නා ලදී. එක්කෙනෙක් මෙහි සකදාගාමි ඵලයට පැමිණ මෙහිම පිරිනිවෙයි. එක්කෙනෙක් මෙහි පැමිණ දෙව්ලොව පිරිනිවෙයි. එක්කෙනෙක් දෙව්ලොවට පැමිණ මෙහි ඉපදී පිරිනිවෙයි. මේ සතරදෙනා මෙහි නොගන්නා ලදී. යමෙක් වනාහි මෙහි පැමිණ දෙව්ලොව ආයු තෙක් වැස නැවත මෙහි ඉපිද පිරිනිවෙයි. මේ එක්කෙනාම මෙහි ගන්නා ලදැයි දතයුතුය. මෙහි කිවයුතු සෙසු යමක් වේ නම් ඒ සියල්ල ඉහත ධම්මසංගහ අටුවා කථාවෙහි ලෝකෝත්තර කුසල නිද්දේසයෙහි කියන ලද්දේමය. මේ සකදාගාමියා ඒකබීජියා සමග කිම වෙනසක් වේද? ඒකබීජියා එකම ප්‍රතිසන්ධියකි. සකදාගාමියා ප්රතිසන්ධි දෙකකි. මෙය ඔවුන්ගේ වෙනස් වේ.
අනාගාමිනිද්දෙසෙ – ඔරම්භාගියානං සංයොජනානන්ති ඔරං වුච්චති කාමධාතු. යස්ස ඉමානි පඤ්ච බන්ධනානි අප්පහීනානි හොන්ති, සො භවග්ගෙ නිබ්බත්තොපි ගිලිතබළිසො මච්ඡො විය දීඝසුත්තකෙන පාදෙ බද්ධකාකො විය තෙහි බන්ධනෙහි ආකඩ්ඪියමානො කාමධාතුයංයෙව පවත්තතීති පඤ්ච බන්ධනානි ඔරම්භාගියානීති වුච්චන්ති. හෙට්ඨාභාගියානි හෙට්ඨාකොට්ඨාසිකානීති අත්ථො. පරික්ඛයාති තෙසං බන්ධනානං පරික්ඛයෙන. ඔපපාතිකොති උපපාතයොනිකො. ඉමිනාස්ස ගබ්භසෙය්යා පටික්ඛිත්තා. තත්ථ පරිනිබ්බායීති තත්ථ සුද්ධාවාසලොකෙ පරිනිබ්බායිතා. අනාවත්තිධම්මො තස්මා ලොකාති පටිසන්ධිග්ගහණවසෙන තස්මා ලොකා ඉධ අනාවත්තනසභාවො. බුද්ධදස්සනථෙරදස්සනධම්මස්සවනානං පනත්ථායස්ස ආගමනං අනිවාරිතං. අයං වුච්චතීති අයං එවංවිධො පුග්ගලො පටිසන්ධිවසෙන පුන අනාගමනතො අනාගාමී නාම වුච්චති.
අනාගාමි නිද්දේසයෙහි ඔරම්භායොනං සංයෝජනානං යන්නෙහි ඔරං යනු කාමලෝකයයි. මේ බැඳුම් පහ යමෙකුගේ හීන නොවී පවතී ද හේ භවාග්‍රයෙහි උපන්නේ ද බිලිය ගිලී මසු මෙන්, දිග නූලක් පයේ බැඳි කපුටෙකු මෙන් ඒ බැඳුම්වලින් අදිනු ලබන්නේ කාමධාතුවටම වැටෙන නිසා පංච බන්ධනවලට ඔරම්භාගි යයි කියනු ලැබේ. යට භාග යයි යට කොටස යයි යන අර්ථය වේ. පරික්ඛයා යනු ඒ බන්ධනවල ක්ෂය වීමෙන් ඔපපාතික යනු ඉපදීමේ යෝනියයි. මෙයින් ඔහු ගැබක සයනය ප්‍රතික්ෂේප කරන ලදී. අනාවත්තිත ධම්මො තස්මා ලොකා යනු ප්රතිසන්ධි ග්‍රහණ වශයෙන් ඒ ලෝකයෙන් මෙහි නොපවතින ස්වභාවය, බුදුන් දැකීම, සඟුන් දැකීම, දහම් ඇසීම මොහුගේ පැමිණීම නොවලක්වන ලදී. අයං වුච්චති යනු මෙබඳු මේ පුද්ගලයා ප්රතිසන්ධි වශයෙන් නැවත කාම ලෝකයට නොඒමෙන් අනාගාමි නම් යයි කියනු ලැබේ.
අන්තරාපරිනිබ්බායිනිද්දෙසෙ – උපපන්නං වා සමනන්තරාති උපපන්නසමනන්තරා වා හුත්වා. අප්පත්තං වා වෙමජ්ඣං ආයුප්පමාණන්ති ආයුප්පමාණං වෙමජ්ඣං අප්පත්තං වා හුත්වා අරියමග්ගං සඤ්ජනෙතීති අත්ථො. වාසද්දවිකප්පතො පන වෙමජ්ඣං පත්තන්තිපි අත්ථො වෙදිතබ්බො. එවං තයො අන්තරාපරිනිබ්බායිනො සිද්ධා හොන්ති. උපරිට්ඨිමානං සංයොජනානන්ති උපරි පඤ්චන්නං උද්ධම්භාගියසංයොජනානං අට්ඨන්නං වා කිලෙසානං. පහානායාති එතෙසං පජහනත්ථාය මග්ගං සඤ්ජනෙති. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො ආයුවෙමජ්ඣස්ස අන්තරායෙව පරිනිබ්බායනතො අන්තරාපරිනිබ්බායීති වුච්චති.
අන්තරා පරිනිබ්බායි නිද්දේසයෙහි උප්පන්නං වා සමනන්තරා යනු ඉපදීමෙන් සමනන්තරව අප්පත්තං වා වෙමජ්ඣං ආයුප්පමාණං යනු ආයුෂ ප්‍රමාණයෙහි මැදට නොපැමිණ. අරියමග්ගං සංජනෙති යන අර්ථයයි. වා ශබ්දයේ විකල්ප වශයෙන් මැදට පැමිණියහුද යන අර්ථය දතයුතුයි. මෙසේ අන්තරා පරිනිබ්බායි තුන්දෙනා සිද්ධ වෙති. උපරිට්ඨමානං සංයොජනානං යනු ඉහළ උද්ධංභාගිය සංයෝජන පහ, කෙලෙස් අට හෝ. පහානාය යනු මේවායේ ප්‍රහානය පිණිස මාර්ගය උපදවයි. අයං වුච්චති යනු මෙබඳු රූප වූ මේ පුද්ගලයා ආයු මැදට පැමිණි අනතුරුවම පිරිනිවන්පාන බැවින් අන්තරා පරිනිබ්බායි යයි කියනු ලැබේ.
උපහච්චපරිනිබ්බායිනිද්දෙසෙ – අතික්කමිත්වා වෙමජ්ඣං ආයුප්පමාණන්ති ආයුප්පමාණං වෙමජ්ඣං අතික්කමිත්වා. උපහච්ච වා කාලකිරියන්ති උපගන්ත්වා කාලකිරියං. ආයුක්ඛයස්ස ආසන්නෙ ඨත්වාති අත්ථො. අයං වුච්චතීති අයං එවරූපො පුග්ගලො අවිහෙසු තාව කප්පසහස්සප්පමාණස්ස ආයුනො පඤ්චකප්පසතසඞ්ඛාතං වෙමජ්ඣං අතික්කමිත්වා ඡට්ඨෙ වා කප්පසතෙ සත්තමට්ඨමනවමානං වා අඤ්ඤතරස්මිං දසමෙයෙව වා කප්පසතෙ ඨත්වා අරහත්තං පත්වා කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායනතො උපහච්චපරිනිබ්බායීති වුච්චති.
උපහච්ච පරිනිබ්බායි නිද්දේසයෙහි අතික්කමිත්වා වෙමජ්ඣං ආයුප්පමාණං ආයු ප්‍රමාණයේ මැද ඉක්මවා. උපහච්ච වා කාලකිරියං යනු එළඹ කාලක්‍රියාව ආයු කෙළවර ආසන්නයේ සිට යන අර්ථය වේ. අයං වුච්චති යනු මෙබඳු රූප වූ මේ පුද්ගලයා පළමුව අවිහයෙහි කල්ප දහස පමණ ආයුෂයෙන් කල්ප පන්සීයක සංඛ්‍යාවක මැද ඉක්මවා හයසිය වන කල්පයෙහි හෝ හත අට නවයෙහි හෝ එක්තරා කල්පයක දහවැන්නෙහි හෝ කල්ප සියයක් සිට රහත්බවට පැමිණ කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවෙන්නේ උපහච්ච පරිනිබ්බායි යයි කියනු ලැබේ.
අසඞ්ඛාරසසඞ්ඛාරපරිනිබ්බායිනිද්දෙසෙසු – අසඞ්ඛාරෙන අප්පදුක්ඛෙන අධිමත්තපයොගං අකත්වාව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බානධම්මොති අසඞ්ඛාරපරිනිබ්බායී. සසඞ්ඛාරෙන දුක්ඛෙන කසිරෙන අධිමත්තපයොගං කත්වාව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායනධම්මොති සසඞ්ඛාරපරිනිබ්බායී.
අසංඛාර සසංඛාර පරිනිබ්බායි නිද්දේසයෙහි අසංඛාරයෙන් අල්ප දුකෙන් අධිමාත්‍ර ප්‍රයෝග නොකොට කෙලෙස් පිරිනිවුමෙන් පරිනිර්වාණ ධර්මය යයි අසංඛාර පරිනිබ්බායි වේ. සසංඛාරයෙන් දුකෙන් කරදරයෙන් අධිමාත්‍ර ප්‍රයෝග කොට කෙලෙස් පිරිනිවුමෙන් පරිනිර්වාණ ධර්මය යයි සසංඛාර පරිනිබ්බායි වේ.
උද්ධංසොතනිද්දෙසෙ – උද්ධං වාහිභාවෙන උද්ධමස්ස තණ්හාසොතං වට්ටසොතං වාති උද්ධංසොතො. උද්ධං වා ගන්ත්වා පටිලභිතබ්බතො උද්ධමස්ස මග්ගසොතන්ති උද්ධංසොතො. අකනිට්ඨං ගච්ඡතීති අකනිට්ඨගාමී. අවිහා චුතො අතප්පං ගච්ඡතීතිආදීසු අවිහෙ කප්පසහස්සං වසන්තො අරහත්තං පත්තුං අසක්කුණිත්වා අතප්පං ගච්ඡති. තත්රාපි ද්වෙ කප්පසහස්සානි වසන්තො අරහත්තං පත්තුං අසක්කුණිත්වා සුදස්සං ගච්ඡති. තත්රාපි චත්තාරි කප්පසහස්සානි වසන්තො අරහත්තං පත්තුං අසක්කුණිත්වා සුදස්සිං ගච්ඡති. තත්රාපි අට්ඨ කප්පසහස්සානි වසන්තො අරහත්තං පත්තුං අසක්කුණිත්වා අකනිට්ඨං ගච්ඡති. තත්ථ වසන්තො අරියමග්ගං සඤ්ජනෙතීති අත්ථො.
උද්ධංසොත නිද්දේසයෙහි ඉහළ බැවින් ඉහළ ඔහුගේ තෘෂ්ණා ස්රොතය (ජලපහර) සසර ස්‍රොත යයි හෝ උද්ධසොතො ඉහළට ගොස් හෝ ලැබිය යුතු බැවින් ඉහළ ඔහුගේ මාර්ග ස්‍රොත යයි උද්ධං සොත වේ. අකනිට්ඨයට ගමන් කෙරේ යනු අකනිට්ඨගාමී වේ. අවිහා චුතො අතප්පං ගච්ඡති යනාදියෙහි අවිහයෙහි කල්ප දහසක් වසන්නේ රහත්බව පැමිණීමට නොහැකිව අතප්පයට යයි. එහිද කල්ප දෙදහසක් වසන්නේ රහත්බවට පැමිණීමට නොහැකිව සුදස්සයට යයි. එහිද කල්ප හාරදහසක් වසන්නේ රහත්බවට පැමිණීමට නොහැකිව සුදස්සියට යයි. එහිද කල්ප අටදහසක් වසන්නේ රහත්බවට පැමිණීමට නොහැකිව අකනිට්ඨයට යයි. එහි වසන්නේ ආර්ය මාර්ගය උපදවයි යන අර්ථය වේ.
ඉමෙසං පන අනාගාමීනං පභෙදජානනත්ථං උද්ධංසොතො අකනිට්ඨගාමීචතුක්කං වෙදිතබ්බං. තත්ථ යො අවිහතො පට්ඨාය චත්තාරො දෙවලොකෙ සොධෙත්වා අකනිට්ඨං ගන්ත්වා පරිනිබ්බායති අයං උද්ධංසොතො අකනිට්ඨගාමී නාම. යො පන හෙට්ඨා තයො දෙවලොකෙ සොධෙත්වා සුදස්සීදෙවලොකෙ ඨත්වා පරිනිබ්බායති – අයං උද්ධංසොතො, න අකනිට්ඨගාමී නාම . යො පන ඉතො අකනිට්ඨමෙව ගන්ත්වා පරිනිබ්බායති, අයං න උද්ධංසොතො, අකනිට්ඨගාමී නාම . යො පන හෙට්ඨා චතූසු දෙවලොකෙසු තත්ථ තත්ථෙව පරිනිබ්බායති, අයං න උද්ධංසොතො, න අකනිට්ඨගාමී නාමාති. එවමෙතෙ අට්ඨචත්තාලීස අනාගාමිනො හොන්ති.
මේ අනාගාමි ප්‍රභේදය දැනගැනීම පිණිස උද්ධංසොත අකනිට්ඨගාමී චතුෂ්කය දතයුතුය. එහි යමෙක් අවිහයෙහි පටන් සතර දෙව්ලොව පිරිසිදුකොට අකනිට්ඨයට ගොස් පිරිනිවන් පාන්නේය. මෙය උද්ධංසොත අකනිට්ඨගාමී නම් වේ. යමෙක් පහළ දේවලෝක තුන පිරිසිදු කොට සුදස්සී දෙව්ලොව සිට පිරිනිවෙයි. මේ තෙමේ උද්ධංසොතය. අකනිට්ඨගාමී නොවේ. යමෙක් මෙයින් අකනිට්ඨයටම ගොස් පිරිනිවෙයි. මෙතෙම උද්ධංසොත නොවේ අකනිට්ඨගාමී වේ. යමෙක් පහළ සතර දෙව්ලොවෙහි එහි එයම පිරිනිවන්පායි. මේ තෙමේ උද්ධංසෝත නොවේ. අකනිට්ඨගාමි ද නොවේ. මෙසේ මේ අටසාළිස් අනාගාමීහු වෙති.
කථං? අවිහෙ තාව තයො අන්තරාපරිනිබ්බායිනො, එකො උපහච්චපරිනිබ්බායී, එකො උද්ධංසොතො තෙ අසඞ්ඛාරපරිනිබ්බායිනො පඤ්ච, සසඞ්ඛාරපරිනිබ්බායිනො පඤ්චාති දස හොන්ති. තථා අතප්පාසුදස්සාසුදස්සීසූති චත්තාරො දසකා චත්තාලීසං. අකනිට්ඨෙ පන උද්ධංසොතො නත්ථි. තයො පන අන්තරාපරිනිබ්බායිනො, එකො උපහච්චපරිනිබ්බායී. තෙ අසඞ්ඛාරපරිනිබ්බායිනො චත්තාරො, සසඞ්ඛාරපරිනිබ්බායිනො චත්තාරොති අට්ඨ. එවං අට්ඨචත්තාලීසං හොන්ති.
කෙසේද? පළමුව අවිහයෙහි අන්තරා පරිනිබ්බායි තුන්දෙනෙකි. උපහච්ච පරිනිබ්බායි එක්කෙනෙකි. උද්ධංසොත එක්කෙනෙකි. අසංඛාර පරිනිබ්බායි පස්දෙනෙකි. සසංඛාර පරිනිබ්බායි පස්දෙනෙකැයි දසදෙනෙකි. එසේම අතප්ප, සුදස්ස, සුදස්සීවල දහස් හතරකැයි සතළිසකි. අකනිට්ඨයෙහි උද්ධංසොත නැත. අන්තරා පරිනිබ්බායි තුන්දෙනෙකි. උපහච්ච පරිනිබ්බායි එක්කෙනෙකි. ඔව්හු අසංඛාර පරිනිබ්බායි සතරදෙනෙකි. සසංඛාර පරිනිබ්බායි සතර දෙනෙකි අටදෙනෙකි. මෙසේ හතළිස් අටදෙනෙක් වෙති.
තෙ සබ්බෙපි පපටිකොපමාය දීපිතා – දිවසං සන්තත්තානම්පි හි ආරකණ්ටකවිප්ඵලිකනඛච්ඡෙදනානං අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා උප්පජ්ජිත්වාව නිබ්බායති – එවරූපො පඨමො අන්තරාපරිනිබ්බායී වෙදිතබ්බො. කස්මා? උප්පන්නසමනන්තරාව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායනතො. තතො මහන්තතරෙ අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා ආකාසං උල්ලඞ්ඝිත්වා නිබ්බායති – එවරූපො දුතියො අන්තරාපරිනිබ්බායී දට්ඨබ්බො. කස්මා? වෙමජ්ඣං අප්පත්වා පරිනිබ්බායනතො. තතො මහන්තතරෙ අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා ආකාසං උල්ලඞ්ඝිත්වා නිවත්තමානා පථවියං අනුපහච්චතලා හුත්වා පරිනිබ්බායති – එවරූපො තතියො අන්තරාපරිනිබ්බායී දට්ඨබ්බො. කස්මා? වෙමජ්ඣං පත්වා අනුපහච්ච පරිනිබ්බායනතො. තතො මහන්තතරෙ අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා ආකාසං උල්ලඞ්ඝිත්වා පථවියං පතිත්වා උපහච්චතලා හුත්වා නිබ්බායති – එවරූපො උපහච්චපරිනිබ්බායී වෙදිතබ්බො. කස්මා? කාලකිරියං උපගන්ත්වා ආයුගතිං ඛෙපෙත්වා පරිනිබ්බායනතො. තතො මහන්තතරෙ අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා පරිත්තෙ තිණකට්ඨෙ පතිත්වා තං පරිත්තං තිණකට්ඨං ඣාපෙත්වා නිබ්බායති – එවරූපො අසඞ්ඛාරපරිනිබ්බායී වෙදිතබ්බො. කස්මා? අප්පයොගෙන ලහුසාය ගතියා පරිනිබ්බායනතො. තතො මහන්තතරෙ අයොමුඛෙ හඤ්ඤමානෙ පපටිකා විපුලෙ තිණකට්ඨපුඤ්ජෙ පතිත්වා තං විපුලං තිණකට්ඨපුඤ්ජං ඣාපෙත්වා නිබ්බායති – එවරූපො සසඞ්ඛාරපරිනිබ්බායී වෙදිතබ්බො. කස්මා? සප්පයොගෙන අලහුසාය ගතියා පරිනිබ්බායනතො. අපරා මහන්තෙසු තිණකට්ඨපුඤ්ජෙසු පතති, තත්ථ මහන්තෙසු තිණකට්ඨපුඤ්ජෙසු ඣායමානෙසු වීතච්චිතඞ්ගාරො වා ජාලා වා උප්පතිත්වා කම්මාරසාලං ඣාපෙත්වා ගාමනිගමනගරරට්ඨං ඣාපෙත්වා සමුද්දන්තං පත්වා නිබ්බායති – එවරූපො උද්ධංසොතො අකනිට්ඨගාමී දට්ඨබ්බො. කස්මා? අනෙකභවබීජවිප්ඵාරං ඵුස්ස ඵුස්ස බ්යන්තීකත්වා පරිනිබ්බායනතො. යස්මා පන ආරකණ්ටකාදිභෙදං ඛුද්දකම්පි මහන්තම්පි අයොකපාලමෙව, තස්මා සුත්තෙ සබ්බවාරෙසු අයොකපාලන්ත්වෙව වුත්තං (අ· නි· 7.55). යථාහ –
ඒ සියල්ලෝම ගැලවුණු පොත්තේ උපමාවෙන් දක්වන ලදහ. ඉඳිකටු කතුරු මුවහතට රත්වූ ගිනිගලෙහි අල්ලනවිට ගිනිපුපුරු නැගී නිවේ. පළමු අන්තරා පරිනිබ්බායි මෙබඳු යයි දතයුතුය. කුමක්හෙයින්ද? ඉපදීමට සමාන්තරව කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවෙන හෙයිනි. ඊට වඩා තදින් ගිනිගලෙහි අල්ලනවිට පුපුරු අහසට නැගී නිවේ. දෙවන අන්තරා පරිනිබ්බායි මෙවැනි යයි දතයුතුය. කුමක් හෙයින්ද? මැදට නොපැමිණ පිරිනිවෙන හෙයින්. ඊට වඩා තදින් ගිනිපුපුරු අහසට නැගී නැවතී පොළොවට වැටී නිවේ. තුන්වන අන්තරා පරිනිබ්බායි මෙබඳුය. කුමක් හෙයින් ද මැදට පැමිණ හැපී පිරිනිවෙන හෙයින්, ඊට වඩා......ගිනිපුපුරු අහසට නැගී පොළවට වැටී හැපී නිවේ. උපහච්ච පරිනිබ්බෙහි මෙබඳුය. කුමක් හෙයින්ද? කාලක්‍රියාවට එළඹ ආයුෂය ගෙවා පිරිනිවෙන හෙයින්. ඊට තදින්....... ගිනිපුපුරු කුඩා වියලි තණකොළ මත වැටී එය දවා නිවෙයි. අසංඛාර පරිනිබ්බායි මෙබඳුය. කුමක් හෙයින්ද? ප්‍රයෝග රහිතව ලුහු ගතියකින් පිරිනිවෙන හෙයින්. ඊට කලින්.......ගිනිපුපුරු මහත් වූ තෘණ කාෂ්ටවල වැටී ඒවා දවා නිවේ. සසංඛාර පරිනිබ්බායි මෙබඳුය. කුමක් හෙයින්ද? ප්‍රයෝග සහිතව ලුහු නොවන ගතියෙන් පිරිනිවන්පාන හෙයින්. ඉන්පසු මහත් වූ තෘණ කාෂ්ට මත වැටී ඒවා දැවෙන කල්හි පහවූ ගිනිදැල් ඇති අඟුරු හෝ ගිනිදැල් හෝ ඇතිවී කර්මාන්ත සාලාව දවා ගම්නියම්ගම් නගර රට දවා සමුද්‍රයට පැමිණ නිවේ. උද්ධංසොත අකනිට්ඨගාමියා මෙබඳු යයි දතයුතුය. කුමක් වෙයිද? අනේක භව බීජ ශක්ති ස්පර්ශය විනාශකොට පිරිනිවෙන හෙයින්. යම්හෙයකින් ආරකණ්කාදි භේදය කුඩා වූද මහත් වූද යකඩ කඩලමය. (හන ගලය) එනිසා සූත්‍රයෙහි සියළු වාරවල යකබලයම කියන ලදී. යම්සේ කීහ.
“ඉධ, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – ‘නො චස්ස, නො ච මෙ සියා, න භවිස්සති, න මෙ භවිස්සති, යදත්ථි යං භූතං, තං පජහාමී’”ති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති, සම්භවෙ න රජ්ජති, අත්ථුත්තරි පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති. තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා නිබ්බායෙය්ය; එවමෙව ඛො , භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… අන්තරාපරිනිබ්බායී හොති.
මහණෙනි, මෙහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මොහු නැත. නොවූයේය. නොවන්නේය. යමක් ඇත්නම් යමක් වූයේ නම් එය දුරුකරමි යයි උපේක්ෂා වෙයි. හේ භවයෙහි නොඇලේ. ඉපදීමෙහි නොඇලේ. ඉක්බිතිව උත්තර පද වූ ශාන්තිය මනා වූ ප්‍රඥාවෙන් බලයි. ඒ ශාන්ති පදය ද සියළු ආකාරයෙන් සියල්ල සාක්ෂාත් කෙළේ නොවේ. ඔහුට සියළු ආකාරයෙන් සියළු මානානුසය ප්‍රහීන වූයේ නොවේ. සියළු ආකාරයෙන් සියළු භවරාගානුසය ප්‍රහීන වූයේ නොවේ. සියළු ආකාරයෙන් සියළු අවිද්‍යානුසය ප්‍රහීන වූයේ නොවේ. හෙතෙම පංච ඕරම්භාගිය සංයෝජන ක්ෂය කර අත්තරා පරිනිබ්බායී වේ. යම්සේ මහණෙනි, දවස රත්වූ විට යකබලෙහි නැගී ගිනි පුපුරු ඇතිවී නිවේද එසේම මහණෙනි, මේ භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහු නොවේ. අන්තරා පරිනිබ්බායි වේ.
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… අන්තරාපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… අන්තරාපරිනිබ්බායී හොති.
මහණෙනි, යම්සේ රත්වූ දවසෙහි යකබලෙහි හැනී ගිනිපුපුරු නැගී නිවෙන්නේය. මහණෙනි, එසේම භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහු නොවේ. අන්තරා පරිනිබ්බායි වේ. මහණෙනි, මෙහි වනාහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මේ ඔහු නොවේ. අන්තරා පරිනිබ්බායි වේ.
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… අන්තරාපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා අනුපහච්ච තලං නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… අන්තරාපරිනිබ්බායී හොති.
[missing trans]
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… උපහච්චපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා උපහච්ච තලං නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… උපහච්චපරිනිබ්බායී හොති.
මහණෙනි, යම්සේ රත්වූ දිනයෙහි යකබලෙහි හැපී ගිනිපුපුරු ඇතිවී පොළොවෙහි හැනී නිවෙන්නේය. එසේ මහණෙනි, භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මේ මොහු නොවේ. උපහච්ච පරිනිබ්බායි වේ. මහණෙනි, යම්සේ දවස රත්වූ විට යකබලෙහි නැගෙන කල්හි ගිනිපුපුරු ඉපදී නැගී ගොඩබිමින් හැනී නිවෙන්නේය. එසේම මහණෙනි, භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහුගේ නොවේ. හැරී පිරිනිවෙන්නේය. මහණෙනි, මෙහි භික්ෂුව මෙසේ පිළිපන් වේ. මෙය ඔහුගේ නොවේ. උපහච්ච පරිනිබ්බායි වේ.
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා පරිත්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව පරිත්තං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා අනාහාරා නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
[missing trans] මහණෙනි, මේ භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහුගේ නොවේ. අසංඛාර පරිනිබ්බායි වේ.
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… සසඞ්ඛාරපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා විපුලෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය…පෙ… තමෙව විපුලං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා අනාහාරා නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… සසඞ්ඛාරපරිනිබ්බායී හොති.
මහණෙනි යම්සේ දවස රත්වූ විට යකබලේ හැනී ගිනිපුපුරු නැගෙන්නේය. නැගී කුඩා තෘණ සුඤ්ජයක හෝ දර ගොඩක හෝ වැටී එය එහි ගිනි හෝ දල්වයි. දුම්ද දනවයි. ගිනිද දල්වා දුමද නගා එම කුඩා තෘණ පුංජය හෝ දරගොඩ හෝ දවා අනාහාරව නිවෙන්නේය. එසේම මහණෙනි, භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහුගේ නොවේ. සසංඛාර පරිනිබ්බායි වේ.
“ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසං සන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා මහන්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය, සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය…පෙ… තමෙව මහන්තං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා ගච්ඡම්පි දහෙය්ය, දායම්පි දහෙය්ය , ගච්ඡම්පි දහිත්වා දායම්පි දහිත්වා හරිතන්තං වා පථන්තං වා සෙලන්තං වා උදකන්තං වා රමණීයං වා භූමිභාගං ආගම්ම අනාහාරා නිබ්බායෙය්ය; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති – නො චස්ස…පෙ… පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී”ති (අ· නි· 7.55).
මහණෙනි, මෙහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වේ. මෙය ඔහුගේ නොවේ. උද්ධංසෝත අකනිට්ඨගාමී වේ. මහණෙනි, යම්සේ දවස රත්වූ විට යකබල නැගී ගිනි පුපුරු ඉපදී උඩ නැගී මහත් වූ තෘණ හෝ දර ගොඩක වැටී එහි ගිනි හෝ උපදවා....ඒ මහත් තෘණ පුංජය හෝ දර දවා යන්නේ ද දවන්නේය. වනයද දවන්නේය. යන්නේද දවා වනයද දවා හිස කෙළවර හෝ ගල් අන්තයට හෝ රමණීය වූ භූමි භාගයකට පැමිණ අනාහාරව නිවෙන්නේය. මහණෙනි, එසේම මේ භික්ෂුව පිළිපන්නේ වේ. මිශ්‍ර නොවේ. උද්ධංසෝත අකනිට්ඨගාමී වේ.
සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නාදිනිද්දෙසා උත්තානත්ථාව. අයං වුච්චති පුග්ගලො අරහාති එත්ථ පන ද්වාදස අරහන්තො වෙදිතබ්බා. කථං? තයො හි විමොක්ඛා – සුඤ්ඤතො, අනිමිත්තො, අප්පණිහිතොති. තත්ථ සුඤ්ඤතවිමොක්ඛෙන විමුත්තඛීණාසවො පටිපදාවසෙන චතුබ්බිධො හොති; තථා අනිමිත්තඅප්පණිහිතවිමොක්ඛෙහීති – එවං ද්වාදස අරහන්තො වෙදිතබ්බා. ඉති ඉමෙ ද්වාදස අරහන්තො විය ද්වාදසෙව සකදාගාමිනො, චතුවීසති සොතාපන්නා, අට්ඨචත්තාලීස අනාගාමිනොති එත්තකා පුග්ගලා ඉතො මුච්චිත්වා බහිද්ධා නුප්පජ්ජන්ති, ඉමස්මිඤ්ඤෙව සබ්බඤ්ඤුබුද්ධසාසනෙ උප්පජ්ජන්තීති.
සෝතාපත්තිවල සච්ඡිකිරියාය පටිපන්නායි නිද්දේසයෙහි අරුත් පැහැදිලිය. අයං වුච්චති යනු මෙබඳු රූප වූ මේ පුද්ගලයා රහත් යයි කියනු ලැබේ. මෙහි වනාහි දොළොස් රහතුන් දතයුතුය. කෙසේද? විමෝක්ෂ, සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යයි තුනකි. එහි සුඤ්ඤත විමෝක්ෂයෙන් මිදුණු ඛීණාශ්රවයා ප්‍රතිපදා වශයෙන් සිව්වැදෑරුම්ය. එසේම අනිමිත්ත අප්පණිහිත විමෝක්ෂාව ලද වේ. මෙසේ රහත් දොළොස් දෙනා දතයුතුය. මෙසේ මේ දොළොස් රහතුන් මෙන් සකෘදාගාමී ද දොළොස් දෙනෙකි. අනාගාමී හතළිස් අටදෙනෙකි. මෙපමණ පුද්ගලයෝ මෙයින් මිදී බැහැර නූපදිති. මේ බුදු සසුන්හිම උපදිති.
එකකනිද්දෙසවණ්ණනා.
ඒකක නිද්දේසය නිමි.