යෙදුමෙන් කියවන්න

මාතිකාවණ‍්ණනා අට‍්ඨකථා

මාතිකාවණ‍්ණනා

මාතෘකා වර්ණනාව

ඡ පඤ‍්ඤත‍්තියො – ඛන්‍ධපඤ‍්ඤත‍්ති…පෙ… පුග‍්ගලපඤ‍්ඤත‍්තීති අයං තාව පුග‍්ගලපඤ‍්ඤත‍්තියා උද‍්දෙසො. තත්‍ථ ඡාති ගණනපරිච‍්ඡෙදො. තෙන යෙ ධම‍්මෙ ඉධ පඤ‍්ඤපෙතුකාමො තෙසං ගණනවසෙන සංඛෙපතො පඤ‍්ඤත‍්තිපරිච‍්ඡෙදං දස‍්සෙති. පඤ‍්ඤත‍්තියොති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. තත්‍ථ “ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙතී”ති (සං· නි· 2.20) ආගතට‍්ඨානෙ පඤ‍්ඤාපනා දස‍්සනා පකාසනා පඤ‍්ඤත‍්ති නාම. “සුපඤ‍්ඤත‍්තං මඤ‍්චපීඨ”න‍්ති (පාරා· 269) ආගතට‍්ඨානෙ ඨපනා නික‍්ඛිපනා පඤ‍්ඤත‍්ති නාම. ඉධ උභයම‍්පි වට‍්ටති. ඡ පඤ‍්ඤත‍්තියොති හි ඡ පඤ‍්ඤාපනා, ඡ දස‍්සනා පකාසනාතිපි; ඡ ඨපනා නික‍්ඛිපනාතිපි ඉධ අධිප‍්පෙතමෙව. නාමපඤ‍්ඤත‍්ති හි තෙ තෙ ධම‍්මෙ දස‍්සෙතිපි, තෙන තෙන කොට‍්ඨාසෙන ඨපෙතිපි.

ඡ පඤ්ඤතතියො ඛන්‍ධපඤ්ඤත්ති -පෙ- පුග්ගල පඤ්ඤත්ති යනු මෙය පුග්ගල පඤ්ඤත්තියේ උද්දේසයයි. එහි ඡ යනු ගණන වෙන්කිරීමය. මෙහි යම් ධර්ම පණවනු කැමතිව ඒවායේ ගණන් වශයෙන් සංකේෂේපයෙන් එයින් පැණවුම් වෙන්කිරීම දක්වයි. පඤ්ඤත්තියො යනු වෙන්කළ ධර්ම නිදර්ශනයයි. එහි ‘ආචික්‍ඛති, දෙසෙති පඤ්ඤපෙති, පට්ඨපෙති’ යනු පැමිණි තැන්වල දැක්වීම, පැවසීම, පැණවුම නම් වේ. ‘සුප්පඤ්ඤත්තං මඤ්ච පීඨං’ යයි පැමිණි තැන තැබීම බහා තැබීම මෙහි පඤ්ඤත්ති නම් දෙකම වටී. ඡ පඤ්ඤතතියො යනු පැණවීම් හයක් දැක්වීම් පැවසීම්ද හයක් තැබීම් බහාතැබීම් හයක් මෙහි අභිප්‍රේතය. නාම පඤ්ඤත්ති වනාහි ඒ ඒ ධර්ම දක්වන්නේ ද ඒ ඒ කොටසින් තබයි.

ඛන්‍ධපඤ‍්ඤත‍්තීතිආදි පන සංඛෙපතො තාසං පඤ‍්ඤත‍්තීනං සරූපදස‍්සනං. තත්‍ථ ඛන්‍ධානං ‘ඛන්‍ධා’ති පඤ‍්ඤාපනා දස‍්සනා පකාසනා ඨපනා නික‍්ඛිපනා ඛන්‍ධපඤ‍්ඤත‍්ති නාම. ආයතනානං ආයතනානීති, ධාතූනං ධාතුයොති, සච‍්චානං සච‍්චානීති, ඉන්‍ද්‍රියානං ඉන්‍ද්‍රියානීති, පුග‍්ගලානං පුග‍්ගලාති පඤ‍්ඤාපනා දස‍්සනා පකාසනා ඨපනා නික‍්ඛිපනා පුග‍්ගලපඤ‍්ඤත‍්ති නාම.

ඛන්‍ධ පඤ්ඤත්ති යනාදිය වනාහි සංක්‍ෂේපයෙන් ඒ ප්‍රඥප්තීන්ගේ ස්වරූපය දැක්වීමයි. එහි ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධ යයි පැණවීම, දැක්වීම, පැවසීම, තැබීම, බහා තැබීම ස්කන්‍ධ ප්‍රඥප්ති නම් වේ. ආයතනයන්ගේ ආයතනයයි. ධාතුගේ ධාතු යයි, සත්‍යයගේ සත්‍ය යයි, ඉන්‍ද්‍රියන්ගේ ඉන්‍ද්‍රිය යයි පුද්ගලයන්ගේ පුද්ගල යයි පැණවීම, දැක්වීම, පැවසීම, තැබීම, බහා තැබීම පුද්ගල ප්‍රඥප්ති නම් වේ.

පාළිමුත‍්තකෙන පන අට‍්ඨකථානයෙන අපරාපි ඡ පඤ‍්ඤත‍්තියො – විජ‍්ජමානපඤ‍්ඤත‍්ති, අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති, විජ‍්ජමානෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති, අවිජ‍්ජමානෙන විජ‍්ජමානපඤ‍්ඤත‍්ති, විජ‍්ජමානෙන විජ‍්ජමානපඤ‍්ඤත‍්ති, අවිජ‍්ජමානෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්තීති. තත්‍ථ කුසලාකුසලස‍්සෙව සච‍්චිකට‍්ඨපරමත්‍ථවසෙන විජ‍්ජමානස‍්ස සතො සම‍්භූතස‍්ස ධම‍්මස‍්ස පඤ‍්ඤාපනා විජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. තථා අවිජ‍්ජමානස‍්ස ලොකනිරුත‍්තිමත‍්තසිද‍්ධස‍්ස ඉත්‍ථිපුරිසාදිකස‍්ස පඤ‍්ඤාපනා අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. සබ‍්බාකාරෙනපි අනුපලබ‍්භනෙය්‍යස‍්ස වාචාවත්‍ථුමත‍්තස‍්සෙව පඤ‍්චමසච‍්චාදිකස‍්ස තිත්‍ථියානං අණුපකතිපුරිසාදිකස‍්ස වා පඤ‍්ඤාපනාපි අවිජ‍්ජමානපඤ‍්ඤත‍්තියෙව. සා පන සාසනාවචරා න හොතීති ඉධ න ගහිතා. ඉති ඉමෙසං විජ‍්ජමානාවිජ‍්ජමානානං විකප‍්පනවසෙන සෙසා වෙදිතබ‍්බා. ‘තෙවිජ‍්ජො’, ‘ඡළභිඤ‍්ඤො’තිආදීසු හි තිස‍්සො විජ‍්ජා ඡ අභිඤ‍්ඤා ච විජ‍්ජමානා, පුග‍්ගලො අවිජ‍්ජමානො. තස‍්මා තිස‍්සො විජ‍්ජා අස‍්සාති තෙවිජ‍්ජො, ඡ අභිඤ‍්ඤා අස‍්සාති ඡළභිඤ‍්ඤොති එවං විජ‍්ජමානෙන අවිජ‍්ජමානස‍්ස පඤ‍්ඤාපනතො එවරූපා විජ‍්ජමානෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. ‘ඉත්‍ථිරූපං’, ‘පුරිසරූප’න‍්තිආදීසු පන ඉත්‍ථිපුරිසා අවිජ‍්ජමානා, රූපං විජ‍්ජමානං. තස‍්මා ඉත්‍ථියා රූපං ඉත්‍ථිරූපං, පුරිසස‍්ස රූපං පුරිසරූපන‍්ති එවං අවිජ‍්ජමානෙන විජ‍්ජමානස‍්ස පඤ‍්ඤාපනතො එවරූපා අවිජ‍්ජමානෙන විජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. චක‍්ඛුසම‍්ඵස‍්සො, සොතසම‍්ඵස‍්සොතිආදීසු චක‍්ඛුසොතාදයොපි ඵස‍්සොපි විජ‍්ජමානොයෙව. තස‍්මා චක‍්ඛුම‍්හි සම‍්ඵස‍්සො, චක‍්ඛුතො ජාතො සම‍්ඵස‍්සො, චක‍්ඛුස‍්ස වා ඵලභූතො සම‍්ඵස‍්සො චක‍්ඛුසම‍්ඵස‍්සොති එවං විජ‍්ජමානෙන විජ‍්ජමානස‍්ස පඤ‍්ඤාපනතො එවරූපා විජ‍්ජමානෙන විජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. ඛත‍්තියපුත‍්තො, බ්‍රාහ‍්මණපුත‍්තො, සෙට‍්ඨිපුත‍්තොතිආදීසු ඛත‍්තියාදයොපි අවිජ‍්ජමානා, පුත‍්තොපි. තස‍්මා ඛත‍්තියස‍්ස පුත‍්තො ඛත‍්තියපුත‍්තොති එවං අවිජ‍්ජමානෙන අවිජ‍්ජමානස‍්ස පඤ‍්ඤාපනතො එවරූපා අවිජ‍්ජමානෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති නාම. තාසු ඉමස‍්මිං පකරණෙ පුරිමා තිස‍්සොව පඤ‍්ඤත‍්තියො ලබ‍්භන‍්ති. “ඛන්‍ධපඤ‍්ඤත‍්ති…පෙ… ඉන්‍ද්‍රියපඤ‍්ඤත‍්තී”ති ඉමස‍්මිඤ‍්හි ඨානෙ විජ‍්ජමානස‍්සෙව පඤ‍්ඤාපිතත‍්තා විජ‍්ජමානපඤ‍්ඤත‍්ති ලබ‍්භති. “පුග‍්ගලපඤ‍්ඤත‍්තී”ති පදෙ අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති. පරතො පන ‘තෙවිජ‍්ජො’, ‘ඡළභිඤ‍්ඤො’තිආදීසු විජ‍්ජමානෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති ලබ‍්භතීති.

අට්ඨකථා නයින් අන්‍ය වූ පාළි මුක්තකයෙන් අන්‍ය වූ ප්‍රඥප්ති හයක් දක්වයි. විද්‍යමාන ප්‍රඥප්තිය, අවිද්‍යමාන ප්‍රඥප්තිය, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තිය, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්තිය, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්තිය, අවිද්‍ය මෝහයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තිය ඒ සයයි. එහි කුසල් අකුසල් වශයෙන් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන පවතින ධර්මය පැණවීම විද්‍යමාන ප්‍රඥප්ති නම් වේ. එසේම අවිද්‍යමාන වූ ලෝකයාගේ ව්‍යවහාර මාත්‍රයෙන් ඇති ස්ත්‍රී පුරුෂභාවාදියේ පැණවීම අවිද්‍යමාන ප්‍රඥප්ති නම් වේ. සියළු ආකාරයෙන් නො ලැබෙන්නා වූ වචන වස්තු මාත්‍රයෙන්ම පංචම සත්‍යාදික වූ තීර්ථකයින්ගේ අණු ප්‍රකෘති පුරුෂාදිය පැණවීම ද හෝ අවිද්‍යමාන ප්‍රඥප්තිම වේ. එය වනාහි සාසනාවචර නොවේ යයි මෙහි නොගන්නා ලදී. මෙසේ මේවායේ විද්‍යමාන අවිද්‍යමානාදියේ විකල්පන වශයෙන් සෙස්ස දතයුතුය. තෙ විජ්ජො ඡළභිඤ්ඤො යනාදියෙහි වනාහි ත්‍රිවිද්‍යා ෂට් අභිඥා විද්‍යමානය. පුද්ගලයා අවිද්‍යමානය. එහෙයින් ත්‍රිවිද්‍යා මොහුට ඇත්තේනුයි තෙවිජ්ජො වේ. ෂට්භිඥා මොහුට ඇත්තේනුයි ජළභිඤ්ඤො වේ. මෙසේ විද්‍යමානයෙන් අවිද්‍යමානයේ පැණවීමෙන් මෙබඳු වූ විද්‍යමානයෙන් අවිද්‍යමාන වූ ප්‍රඥප්ති නම් වේ. ස්ත්‍රී රූප පුරුෂ රූප යනාදියෙහි වනාහි ස්ත්‍රී පුරුෂයෝ අවිද්‍යමාන වෙති. රූපය විද්‍යමාන වේ. ඒ නිසා ස්ත්‍රියගේ රූපය ඉත්‍ථිරූප වේ. පුරුෂයාගේ රූපය පුරිස රූප වේ. මෙසේ අවිද්‍යමානයෙන් විද්‍යමානයේ පැණවීමෙන් මෙබඳු වූ අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති නම් වේ. චක්‍ඛු සම්ඵස්සො සොත සම්ඵස්සො යනාදියෙහි චක්‍ඛු සෝතාදිය ද ස්පර්ශය ද විද්‍යමානයට වේ. ඒ නිසා චක්‍ෂුවෙහි ස්පර්ශය, චක්‍ෂුවෙන් හටගත් ස්පර්ශයයි. චක්‍ෂුවෙහි ඵලයක් වූ විද්‍යමානයේ පැණවීමෙන් මෙබඳු වූ විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති නම් වේ. ඛත්තිය පුත්තො බ්‍රාහ්මණ පුත්තො සෙට්ඨි පුත්තො යනාදියෙහි ක්‍ෂත්‍රියාදීහු අවිද්‍යමාන වෙති. පුත්‍රයෝ ද අවිද්‍යමාන වෙති. ඒ නිසා ක්‍ෂත්‍රියයාගේ පුතා ඛත්ති ය පුත්තො යයි මෙසේ අවිද්‍යමානයෙන් අවිද්‍යමානයේ පැණවීමෙන් මෙබඳු වූ අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති නම් වේ. ඒවා අතරෙන් මේ ප්‍රකරණයෙහි පළමු ප්‍රඥප්ති තුන ලැබේ. ඛන්‍ධ පඤ්ඤත්ති -පෙ- ඉන්‍ද්‍රිය පඤ්ඤත්ති යන මෙතැන විද්‍යමානයම පණවන ලද බැවින් විද්‍යමාන ප්‍රඥප්ති ලැබේ. පුග්ගල පඤ්ඤත්ති යන පදයෙහි අවිද්‍යමාන ප්‍රඥප්ති වේ. තෙවිජ්ජො ඡළභිඤ්ඤො යනාදියෙහි විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති ලැබේ.

අට‍්ඨකථාමුත‍්තකෙන පන ආචරියනයෙන අපරාපි ඡ පඤ‍්ඤත‍්තියො – උපාදාපඤ‍්ඤත‍්ති, උපනිධාපඤ‍්ඤත‍්ති, සමොධානපඤ‍්ඤත‍්ති, උපනික‍්ඛිත‍්තපඤ‍්ඤත‍්ති, තජ‍්ජාපඤ‍්ඤත‍්ති, සන‍්තතිපඤ‍්ඤත‍්තීති . තත්‍ථ යො රූපවෙදනාදීහි එකත‍්තෙන වා අඤ‍්ඤත‍්තෙන වා රූපවෙදනාදයො විය සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන අනුපලබ‍්භසභාවොපි රූපවෙදනාදිභෙදෙ ඛන්‍ධෙ උපාදාය නිස‍්සාය කාරණං කත්‍වා සම‍්මතො සත‍්තො. තානි තානි අඞ‍්ගානි උපාදාය රථො ගෙහං මුට‍්ඨි උද‍්ධනන‍්ති ච; තෙ තෙයෙව රූපාදයො උපාදාය ඝටො පටො; චන්‍දසූරියපරිවත‍්තාදයො උපාදාය කාලො, දිසා; තං තං භූතනිමිත‍්තඤ‍්චෙව භාවනානිසංසඤ‍්ච උපාදාය නිස‍්සාය කාරණං කත්‍වා සම‍්මතං තෙන තෙනාකාරෙන උපට‍්ඨිතං උග‍්ගහනිමිත‍්තං පටිභාගනිමිත‍්තන‍්ති අයං එවරූපා උපාදාපඤ‍්ඤත‍්ති නාම. පඤ‍්ඤපෙතබ‍්බට‍්ඨෙන චෙසා පඤ‍්ඤත‍්ති නාම, න පඤ‍්ඤාපනට‍්ඨෙන. යා පන තස‍්සත්‍ථස‍්ස පඤ‍්ඤාපනා, අයං අවිජ‍්ජමානපඤ‍්ඤත‍්තියෙව.

අටුවා මුක්තක ආචාර්ය විසින් වනාහි අන්‍ය වූ ද ප්‍රඥප්ති, සයක් පනවන ලදී. උපාදා ප්‍රඥප්ති, උපනිධා ප්‍රඥප්ති, සමොධාන ප්‍රඥප්ති, උපනික්‍ඛිත්ත ප්‍රඥප්ති, තජ්ජා ප්‍රඥප්ති, සන්තති ප්‍රඥප්ති යනු ඒවාය. එහි යමෙක් රූප වේදනාදියෙහි එකකින් හෝ අනිකකින් රූප වේදනාදිය මෙන් සත්‍යාර්ථ පරමාර්ථයෙන් නොලැබෙන ස්වභාවයේ ද රූප වේදනාදි භේද වූ ස්කන්‍ධයන් ගැනීම නිසා, කාරණය කොට සම්මත වූ සංඝා, ඒ ඒ අංග ගෙන රථය, ගෙය, මිට, උදුන යයි ඒවා ඒ රූපම ගෙන කළය, වස්ත්‍රය සඳ හිරු ගමන ගෙන කාලය, දිසා, ඒ ඒ භූත නිමිති ද භාවනා ආනිසංස ද ගෙන කරුණු කොට සම්මත ඒ ඒ ආකාරයෙන් එළඹි උද්ග්‍රහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත යයි මෙබඳු රූප වූයේ උපාදා ප්‍රඥප්ති නම් වේ. පැණවිය යුතු අර්ථයෙන් ද මේවා ප්‍රඥප්ති නම් වේ. පැණවීම් අර්ථයෙන් නොවේ. ඒ අර්ථය යමක් පැණවීම, මෙය අවිද්‍යමාන ප්‍රඥප්ති නම් වේ.

යා පඨමදුතියාදීනි උපනිධාය දුතියං තතියන‍්තිආදිකා, අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච උපනිධාය දීඝං රස‍්සං, දූරං, සන‍්තිකන‍්තිආදිකා පඤ‍්ඤාපනා; අයං උපනිධාපඤ‍්ඤත‍්ති නාම. අපිචෙසා උපනිධාපඤ‍්ඤත‍්ති – තදඤ‍්ඤාපෙක‍්ඛූපනිධා, හත්‍ථගතූපනිධා, සම‍්පයුත‍්තූපනිධා, සමාරොපිතූපනිධා, අවිදූරගතූපනිධා , පටිභාගූපනිධා, තබ‍්බහුලූපනිධා, තබ‍්බිසිට‍්ඨූපනිධාතිආදිනා භෙදෙන අනෙකප‍්පකාරා.

යම් පළමු දෙවන ආදිය සමාන කොට දෙවන තුන්වන ආදිය එකිනෙක සමානකොට දිග, කෙටි, දුර, ලඟ ආදිය පැණවීම යන මේවා උපනිධා ප්‍රඥප්ති නම් වේ. තවද මේ උපනිධා ප්‍රඥප්ති එය අනිත් බලාපොරොත්තු සමාන කොට, අතට පත් දේ සමානකොට, සම්ප්‍රයුක්ත දේ සමානකොට, ආරෝපනය කළ දේ සමානකොට, ලඟ වූ දේ සමානකොට, එය බහුල වූ දේ සමානකොට, සමාන දේ සමානකොට, එයින් විශිෂ්ට වූ දේ සමානකර යනාදි වශයෙන් අනේකප්‍රකාර වේ.

තත්‍ථ දුතියං තතියන‍්තිආදිකාව තදඤ‍්ඤං අපෙක‍්ඛිත්‍වා වුත‍්තතාය තදඤ‍්ඤාපෙක‍්ඛූපනිධා නාම. ඡත‍්තපාණි, සත්‍ථපාණීතිආදිකා හත්‍ථගතං උපනිධාය වුත‍්තතාය හත්‍ථගතූපනිධා නාම. කුණ‍්ඩලී, සිඛරී, කිරිටීතිආදිකා සම‍්පයුත‍්තං උපනිධාය වුත‍්තතාය සම‍්පයුත‍්තූපනිධා නාම. ධඤ‍්ඤසකටං, සප‍්පිකුම‍්භොතිආදිකා සමාරොපිතං උපනිධාය වුත‍්තතාය සමාරොපිතූපනිධා නාම. ඉන්‍දසාලගුහා, පියඞ‍්ගුගුහා, සෙරීසකන‍්තිආදිකා අවිදූරගතං උපනිධාය වුත‍්තතාය අවිදූරගතූපනිධා නාම. සුවණ‍්ණවණ‍්ණො, උසභගාමීතිආදිකා පටිභාගං උපනිධාය වුත‍්තතාය පටිභාගූපනිධා නාම. පදුමස‍්සරො, බ්‍රාහ‍්මණගාමොතිආදිකා තබ‍්බහුලං උපනිධාය වුත‍්තතාය තබ‍්බහුලූපනිධා නාම. මණිකටකං, වජිරකටකන‍්තිආදිකා තබ‍්බිසිට‍්ඨං උපනිධාය වුත‍්තතාය තබ‍්බිසිට‍්ඨූපනිධා නාම.

එහි දෙවන තුන්වන යනාදිය ද එය අන්‍ය වූ බලාපොරොත්තු වී කියන ලද්ද තදඤ්ඤාපෙක්‍ඛූපනික නම් වේ. ඡත්තපාණී, සත්‍ථපාණී යනාදිය අතටපත් දේ සමානකොට කියන ලද බැවින් හත්‍ථගතූපනියා නම් වේ. කොඬොල් ඇති, පර්වතය, ඔටුණු ඇති ආදිය සම්ප්‍රයුක්ත සමානකොට කියන ලද බැවින් සම්පයුත්තූපනිධා නම් වේ. ඉඳුසල් ගුහාව, පියඟු ගුහාව, විමානය යනාදිය දුර නොවීයයි සමානකොට කියන ලද බැවින් අවිදූරගතුපනිධා නම් වේ. රන්වන්, උසභගාමී යනාදිය ප්‍රතිභාගය සමානකොට කියන ලද බැවින් පටිභාගුපනිධා නම් වේ. පියුම් විල, බමුණුගම යනාදිය එය බහුල ලෙස සමානකොට කියන ලද බැවින් තබ්බහුලූපනිධා නම් වේ. මැණික් වලල්ල, දියමන්ති වලල්ල යනාදිය එය විශිෂ්ට කොට කියන ලද බැවින් තබ්බිසිට්ඨූපනිධා නම් වේ.

යා පන තෙසං තෙසං සමොධානමපෙක‍්ඛිත්‍වා තිදණ‍්ඩං, අට‍්ඨපදං, ධඤ‍්ඤරාසි, පුප‍්ඵරාසීතිආදිකා පඤ‍්ඤාපනා, අයං සමොධානපඤ‍්ඤත‍්ති නාම. යා පුරිමස‍්ස පුරිමස‍්ස උපනික‍්ඛිපිත්‍වා ද‍්වෙ, තීණි, චත‍්තාරීතිආදිකා පඤ‍්ඤාපනා, අයං උපනික‍්ඛිත‍්තපඤ‍්ඤත‍්ති නාම. යා තං තං ධම‍්මසභාවං අපෙක‍්ඛිත්‍වා පථවී, තෙජො, කක‍්ඛළතා, උණ‍්හතාතිආදිකා පඤ‍්ඤාපනා, අයං තජ‍්ජාපඤ‍්ඤත‍්ති නාම. යා පන සන‍්තතිවිච‍්ඡෙදාභාවං අපෙක‍්ඛිත්‍වා ආසීතිකො, නාවුතිකොතිආදිකා පඤ‍්ඤාපනා, අයං සන‍්තතිපඤ‍්ඤත‍්ති නාම. එතාසු පන තජ‍්ජාපඤ‍්ඤත‍්ති විජ‍්ජමානපඤ‍්ඤත‍්තියෙව. සෙසා අවිජ‍්ජමානපක‍්ඛඤ‍්චෙව, අවිජ‍්ජමානෙන අවිජ‍්ජමානපක‍්ඛඤ‍්ච භජන‍්ති.

යමක් වනාහි ඒ ඒ එකතුකිරීම් බලා ත්‍රිදණ්ඩ, අටපදය, ධාන්‍ය රාශිය, මල්රැස යනාදිය පැණවීම යන මෙය සමොධාන පඤ්ඤත්ති නම් වේ. යමක් පෙර වූ දේ බහා තබා දෙක, තුන, හතර යනාදිය පැණවීම යන මෙය උපනික්‍ඛිත්ත ප්‍රඥප්ති නම් වේ. යමක ඒ ඒ ධර්ම ස්වභාවය බලා පෘථිවිය, උෂ්ණය, කර්කෂ බව, උණුසුම යනාදිය පැණවීම යන මෙය තජ්ජාපඤ්ඤත්ති නම් වේ. යමක පරම්පරාව කැඩුණු බව අපේක්‍ෂාකොට අසූව, අනූව යනාදිය පැනවීම යන මෙය සන්තති පඤ්ඤත්ති නම් වේ. මේවායින් තජ්ජා පඤ්ඤත්ති විද්‍යමාන ප්‍රඥප්තිම වේ. සෙස්ස අවිද්‍යමාන පක්‍ෂය ද අවිද්‍යමානයෙන් අවිද්‍යාමාන ප්‍රඥප්ති පක්‍ෂය ද සෙව්නේ වේ.

අට‍්ඨකථාමුත‍්තකෙන ආචරියනයෙනෙව අපරාපි ඡ පඤ‍්ඤත‍්තියො – කිච‍්චපඤ‍්ඤත‍්ති, සණ‍්ඨානපඤ‍්ඤත‍්ති, ලිඞ‍්ගපඤ‍්ඤත‍්ති, භූමිපඤ‍්ඤත‍්ති, පච‍්චත‍්තපඤ‍්ඤත‍්ති, අසඞ‍්ඛතපඤ‍්ඤත‍්තීති. තත්‍ථ භාණකො, ධම‍්මකථිකොතිආදිකා කිච‍්චවසෙන පඤ‍්ඤාපනා කිච‍්චපඤ‍්ඤත‍්ති නාම. කිසො, ථූලො, පරිමණ‍්ඩලො, චතුරස‍්සොතිආදිකා සණ‍්ඨානවසෙන පඤ‍්ඤාපනා සණ‍්ඨානපඤ‍්ඤත‍්ති නාම. ඉත්‍ථී, පුරිසොතිආදිකා ලිඞ‍්ගවසෙන පඤ‍්ඤාපනා ලිඞ‍්ගපඤ‍්ඤති නාම. කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා, කොසලකා, මාධුරාතිආදිකා භූමිවසෙන පඤ‍්ඤාපනා භූමිපඤ‍්ඤත‍්ති නාම. තිස‍්සො , නාගො, සුමනොතිආදිකා පච‍්චත‍්තනාමකරණමත‍්තවසෙන පඤ‍්ඤාපනා පච‍්චත‍්තපඤ‍්ඤත‍්ති නාම. නිරොධො, නිබ‍්බානන‍්තිආදිකා අසඞ‍්ඛතධම‍්මස‍්ස පඤ‍්ඤාපනා අසඞ‍්ඛතපඤ‍්ඤත‍්ති නාම. තත්‍ථ එකච‍්චා භූමිපඤ‍්ඤත‍්ති අසඞ‍්ඛතපඤ‍්ඤත‍්ති ච විජ‍්ජමානපඤ‍්ඤත‍්තියෙව, කිච‍්චපඤ‍්ඤත‍්ති විජ‍්ජමානෙන අවිජ‍්ජමානපක‍්ඛං භජති. සෙසා අවිජ‍්ජමානපඤ‍්ඤත‍්තියො නාම.

අටුවා මුක්තක ආචාර්යවරයා විසින්ම අන්‍ය වූ ද පැණවුම් හයක් දක්වන ලදී. කෘත්‍ය ප්‍රඥප්ති, සණ්ඨාන ප්‍රඥප්ති, ලිංග ප්‍රඥප්ති, භූමි ප්‍රඥප්ති, පච්චත්ත ප්‍රඥප්ති, අසංඛත ප්‍රඥප්ති ඒවාය. එහි භාණක ධර්මකථික ආදි කෘත්‍ය වශයෙන් පැණවීම කෘත්‍ය ප්‍රඥප්ති නම් වේ. කෘෂ, ස්ථූල, රවුම්, හතරැස් ආදි සටහන් වශයෙන් පැණවීම සණ්ඨාපන පඤ්ඤත්ති නම් වේ. ස්ත්‍රී, පුරුෂ ආදි ලිංග වශයෙන් පැණවීම ලිංග ප්‍රඥප්ති නම් වේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර, කෝසලක මාධුර යනාදි භූමි වශයෙන් පැණවීම භූමි ප්‍රඥප්ති නම් වේ. තිස්ස, නාග, සමන යනාදි වෙන් වෙන් නම් තැබීම් වශයෙන් පැණවීම පච්චත්ත ප්‍රඥප්ති නම් වේ. නිරෝධ නිබ්බාණං ආදි අසංඛත ධර්මයේ පැණවීම අසංඛත ප්‍රඥප්ති නම් වේ. එහි ඇතැම් භූමි ප්‍රඥප්ති සහ අසංඛත ප්‍රඥප්ති ද විද්‍යාමාන ප්‍රඥප්ති වේ. කෘත්‍ය ප්‍රඥප්තිය විද්‍යමානයෙන් අවිද්‍යමාන පක්‍ෂය භාජනය කරයි. සෙස්ස අවිද්‍යමාන ප්‍රඥප්ති වේ.

ඉදානි යාසං පඤ‍්ඤත‍්තීනං උද‍්දෙසවාරෙ සඞ‍්ඛෙපතො සරූපදස‍්සනං කතං, සඞ‍්ඛෙපතොයෙව තාව තාසං වත්‍ථුං විභජිත්‍වා දස‍්සනවසෙන තා දස‍්සෙතුං කිත‍්තාවතාතිආදිමාහ. තත්‍ථ පුච‍්ඡාය තාව එවමත්‍ථො වෙදිතබ‍්බො – යා අයං ඛන්‍ධානං ‘ඛන්‍ධා’ති පඤ‍්ඤාපනා, දස‍්සනා, ඨපනා, සා කිත‍්තකෙන හොතීති කථෙතුකම්‍යතාපුච‍්ඡා. පරතො කිත‍්තාවතා ආයතනානන‍්තිආදීසුපි එසෙව නයො. විස‍්සජ‍්ජනෙපි එවමත්‍ථො වෙදිතබ‍්බො – යත‍්තකෙන පඤ‍්ඤාපනෙන සඞ‍්ඛෙපතො පඤ‍්චක‍්ඛන්‍ධාති වා පභෙදතො “රූපක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති වා; තත්‍රාපි රූපක‍්ඛන්‍ධො කාමාවචරො, සෙසා චතුභූමිකාති වා එවරූපං පඤ‍්ඤාපනං හොති; එත‍්තකෙන ඛන්‍ධානං ‘ඛන්‍ධා’ති පඤ‍්ඤත‍්ති හොති.

දැන් යම් ඒ ප්‍රඥප්තීන්ගේ උද්දේස වාරයෙහි සංක්‍ෂේපයෙන් ස්වරූපය දැක්වීම කරන ලදී. සංක්‍ෂේපයෙන් ඒවායේ වස්තු බෙදා දර්ශන වශයෙන් ඒවා දැක්වීමට කිත්තාවතා යනාදිය කීය. එහි පළමුවෙන් ප්‍රශ්නයෙන් මේ අර්ථය දතයුතුය. යම් ඒ මේ ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධ යයි පැණවීම, තැබීම, එය කොතෙකින් වේද? කියනු කැමැත්තෙන් ඇසීමය. මෙයින් පසු කිත්තාවතා ආයතනානං ආදියෙහි ද මෙම නයම වේ. විසඳීමෙහි ද අර්ථය මෙසේ දතයුතුය. යම් පමණකින් සංක්‍ෂේපයෙන් පැණවීමෙන් පංචස්කන්‍ධයයි හෝ ප්‍රභේද වශයෙන් රූපක්‍ඛන්‍ධො -පෙ විඤ්ඤාණක්‍ඛන්‍ධො යයි හෝ එහිද රූපස්කන්‍ධය කාමාවචරය. සෙස්ස චතුභූමිකය හෝ මෙබඳු වූ පැණවීම් වේ. මෙපමණකින් ස්කන්‍ධයන්ගේ ස්කන්ධ යයි පැණවීම වේ.

තථා යත‍්තකෙන පඤ‍්ඤාපනෙන සඞ‍්ඛෙපතො ද‍්වාදසායතනානීති වා, පභෙදතො “චක‍්ඛායතනං…පෙ… ධම‍්මායතන”න‍්ති වා; තත්‍රාපි දසායතනා කාමාවචරා , ද‍්වායතනා චතුභූමිකාති වා, එවරූපං පඤ‍්ඤාපනං හොති; එත‍්තකෙන ආයතනානං ආයතනානීති පඤ‍්ඤත‍්ති හොති.

එසේම යම් පමණකින් සංක්‍ෂේපයෙන් පැණවීමෙන් දවාදසායතනානි යයි හෝ ප්‍රභේද වශයෙන් චක්‍ඛායතනං -පෙ- ධම්මායතනං යයි එහි ද දස ආයතන කාමාවචරය. ආයතන දෙකක් චතුභූමික හෝ මෙබඳු වූ පැණවීම් වේ. මෙපමණකින් ආයතනයයේ ආයතන හය පැණවීම වේ.

යත‍්තකෙන පඤ‍්ඤාපනෙන සඞ‍්ඛෙපතො අට‍්ඨාරස ධාතුයොති වා , පභෙදතො “චක‍්ඛුධාතු…පෙ… මනොවිඤ‍්ඤාණධාතූ”ති වා; තත්‍රාපි සොළස ධාතුයො කාමාවචරා, ද‍්වෙ ධාතුයො චතුභූමිකාති වා එවරූපං පඤ‍්ඤාපනං හොති; එත‍්තකෙන ධාතූනං ධාතූති පඤ‍්ඤත‍්ති හොති.

යම් පමණකින් සංක්‍ෂේපයෙන් පැණවීමෙන් අට්ඨාරස ධාතුයො (දහඅටක් ධාතු) යයි හෝ ප්‍රභේද වශයෙන් චක්‍ඛු ධාතු -පෙ- මනො විඤ්ඤාණ ධාතු යයි හෝ එහි ද සොළොස් ධාතු කාමාවචරය. ධාතු දෙකක් චතුභූමික හෝ මෙබඳු වූ පැණවීම් වේ. මෙපමණකින් ධාතුන්ගේ ධාතු යයි පැණවීම වේ.

යත‍්තකෙන පඤ‍්ඤාපනෙන සඞ‍්ඛෙපතො චත‍්තාරි සච‍්චානීති වා, පභෙදතො “දුක‍්ඛසච‍්චං…පෙ… නිරොධසච‍්ච”න‍්ති වා; තත්‍රාපි ද‍්වෙ සච‍්චා ලොකියා, ද‍්වෙ සච‍්චා ලොකුත‍්තරාති වා එවරූපං පඤ‍්ඤාපනං හොති; එත‍්තකෙන සච‍්චානං ‘සච‍්චානී’ති පඤ‍්ඤත‍්ති හොති.

යම් පමණකින් සංක්‍ෂේපයෙන් පැණවීමෙන් චත්තාරි සච්චානි යයි හෝ ප්‍රභේද වශයෙන් දුක්‍ඛ සච්චං -පෙ- නිරොධ සච්චං යයි හෝ එහි ද සත්‍ය දෙකක් ලෞකිකය. සත්‍ය දෙකක් ලෝකෝත්තර යයි හෝ මෙබඳු රූප පැණවීම් වේ. මෙපමණකින් සත්‍යයන්ගේ සච්චානි යයි පැණවීම් වේ.

යත‍්තකෙන පඤ‍්ඤාපනෙන සඞ‍්ඛෙපතො බාවීසතින්‍ද්‍රියානීති වා, පභෙදතො “චක‍්ඛුන්‍ද්‍රියං…පෙ… අඤ‍්ඤාතාවින්‍ද්‍රිය”න‍්ති වා; තත්‍රාපි දසින්‍ද්‍රියානි කාමාවචරානි, නවින්‍ද්‍රියානි මිස‍්සකානි, තීණි ඉන්‍ද්‍රියානි ලොකුත‍්තරානීති වා එවරූපං පඤ‍්ඤාපනං හොති; එත‍්තකෙන ඉන්‍ද්‍රියානං ඉන්‍ද්‍රියානීති පඤ‍්ඤත‍්ති හොති. එත‍්තාවතා සඞ‍්ඛෙපතො වත්‍ථුං විභජිත්‍වා දස‍්සනවසෙන පඤ‍්ච පඤ‍්ඤත‍්තියො දස‍්සිතා හොන‍්ති.

යම් පමණකින් සංක්‍ෂේපයෙන් පැණවීමෙන් බාවීසතින්‍ද්‍රිය යයි හෝ එහිද ඉන්‍ද්‍රිය දහයක් කාමාවචරය. ඉන්‍ද්‍රිය නවයක් මිශ්‍රකය. ඉන්‍ද්‍රිය තුනක් ඉන්‍ද්‍රියානි යයි පැණවීම් වේ. මෙපමණකින් සංක්‍ෂේපයෙන් වස්තූන් බෙදා දර්ශන වශයෙන් පැණවීම් පහක් දක්වන ලද්දේ වේ.

ඉදානි විත්‍ථාරතො වත්‍ථුං විභජිත්‍වා දස‍්සනවසෙන පුග‍්ගලපඤ‍්ඤත‍්තිං දස‍්සෙතුං සමයවිමුත‍්තො අසමයවිමුත‍්තොතිආදිමාහ. සම‍්මාසම‍්බුද‍්ධෙන හි තිලෙ විසාරයමානෙන විය, වාකෙ හීරයමානෙන විය ච, හෙට‍්ඨා විභඞ‍්ගප‍්පකරණෙ ඉමාසං පඤ‍්චන‍්නං පඤ‍්ඤත‍්තීනං වත්‍ථුභූතා ඛන්‍ධාදයො නිප‍්පදෙසෙන කථිතාති තෙන තෙ ඉධ එකදෙසෙනෙව කථෙසි. ඡට‍්ඨා පුග‍්ගලපඤ‍්ඤත‍්ති හෙට‍්ඨා අකථිතාව. ඉධාපි උද‍්දෙසවාරෙ එකදෙසෙනෙව කථිතා; තස‍්මා තං විත්‍ථාරතො කථෙතුකාමො සමයවිමුත‍්තො අසමයවිමුත‍්තොති එකකතො පට‍්ඨාය යාව දසකා මාතිකං ඨපෙසීති.

දැන් විස්තර වශයෙන් වස්තූන් බෙදා දර්ශන වශයෙන් පුද්ගල පැණවීම් දැක්වීමට සමය විමුත්තො අසමය විමුත්තො යනාදිය කීය. සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් තලවල පැතිරෙමින් පවතින මෙත් සුඹුලෙහි තීරය මෙන් ද යට විභංගප්පකරණයෙහි මේ පස් ආකාර වූ පැණවීම්වලට වස්තු වූ ස්කන්‍ධාදිය නිප්පදේස වශයෙන් කියන ලදැයි එහෙයින් මෙහි ඒකදේස වශයෙන් කීවේය. පුද්ගල ප්‍රඥප්ති හය යට නොකියන ලදමය. මෙහිද උද්දේස වාරයෙහි ඒකදේසයකින්ම කියන ලදී. එහෙයින් එය විස්තර වශයෙන් කියනු කැමැත්තේ සමය විමුත්තො අසමය විමුත්තො යයි එකේ පටන් දහය දක්වා මාතෘකා තැබීය.

මාතිකාවණ‍්ණනා.

පුද්ගල ප්‍රඥප්ති මාතෘකා නිමියේය.