යෙදුමෙන් කියවන්න

7. සත‍්තක මාතිකා

සම්පූර්ණ පරිච්ඡේදය

7. සත‍්තක මාතිකා

7. සප්තක මාතෘකා

1. සත‍්ත උදකූපමා පුග‍්ගලා: සකිං නිමුග‍්ගො නිමුග‍්ගොව හොති, උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජති, උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො හොති, උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති විලොකෙති, උම‍්මුජ‍්ජිත්‍වා පතරති, උම‍්මුජ‍්ජිත්‍වා පටිගාධප‍්පත‍්තො හොති, උම‍්මුජ‍්ජිත්‍වා තිණ‍්ණො හොති පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො.

1. උදකෝපම පුද්ගලයෝ සත්දෙනෙකි: වරක් ගිලුණේ ගිලුණේ මැ, වෙයි. ඉල්පැ ගිලෙයි, ඉල්පැ සිටියේ වෙයි, ඉල්පැ අවට විමසයි බලයි, ඉල්ප පිහිනයි, ඉල්පැ නො ගැඹුරට පැමිණියේ වෙයි, ඉල්ප තරණය කෙළේ වෙයි ඒ බ්‍රාහ්මණ පරතෙර ගියේ ගොඩ සිටී.

2. උභතොභාගවිමුත‍්තො, පඤ‍්ඤාවිමුත‍්තො, කායසක‍්ඛී, දිට‍්ඨප‍්පත‍්තො, සද‍්ධාවිමුත‍්තො, ධම‍්මානුසාරී, සද‍්ධානුසාරී.

2. උභතෝභාගවිමුක්ත යැ, ප්‍රඥාවිමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටිප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.

සත‍්තක මාතිකා නිට‍්ඨිතා.

සප්තක මාතෘකා නිමි.

8. අට‍්ඨක මාතිකා

8. අෂ්ටක මාතෘකා

1. චත‍්තාරො මග‍්ගසමඞ‍්ගිනො, චත‍්තාරො ඵලසමඞ‍්ගිනො-පුග‍්ගලා.

1. මාර්‍ගසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙනා යි.

අට‍්ඨක මාතිකා නිට‍්ඨිතා

අෂ්ටක මාතෘකා නිමි.

9. නවක මාතිකා

9. නවක මාතෘකා

1. සම‍්මා සම‍්බුද‍්ධො, පච‍්චෙක බුද‍්ධො, උභතොභාගවිමුත‍්තො, පඤ‍්ඤාවිමුත‍්තො, කායසක‍්ඛී, දිට‍්ඨප‍්පත‍්තො, සද‍්ධාවිමුත‍්තො, ධම‍්මානුසාරී, සද‍්ධානුසාරී.

1. සම්‍යක් සම්බුද්ධ යැ, ප්‍රත්‍යෙක බුද්ධ යැ, උභතෝභාග විමුක්ත යැ, ප්‍රඥා විමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.

නවක මාතිකා නිට‍්ඨිතා

නවක මාතෘකා නිමි.

10. දසක මාතිකා

10. දශක මාතෘකා

1. පඤ‍්චන‍්නං ඉධ නිට‍්ඨා, පඤ‍්චන‍්නං ඉධ විහාය නිට‍්ඨා.

1. පස්දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා යැ, පස් දෙනකුන් ගේ ඉහවිහායනිෂ්ඨා’ යි.

දසක මාතිකා නිට‍්ඨිතා

දශක මාතෘකා නිමි.

පුග‍්ගලපඤ‍්ඤත‍්ති මාතිකා නිට‍්ඨිතා.

පුද්ගලප්‍රඥප්ති මාතෘකා නිමි.