6. ඡක‍්ක මාතිකා
6. ඡක‍්ක මාතිකා
6. ෂට්ක මාතෘකා
1. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣති, තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පාපුණාති බලෙසුව වසීභාවං.
1. එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ ධර්‍මයන්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට ද පැමිණෙයි, බලධර්‍මයන්හි ද වශීභාවයට පැමිණේ.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣති, න ච තත්‍ථ සබ‍්බඤ‍්ඤුතං පාපුණාති න ච බලෙසු වසීභාවං.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට නො ද පැමිණෙයි, බලධර්‍මයන්හි වගීභාවයට නො ද පැමිණේ.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අනභිසම‍්බුජ‍්ඣති දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, සාවකපාරමිං ච පාපුණාති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට ද පැමිණේ.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අනභිසම‍්බුජ‍්ඣති දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, න ච සාවකපාරමිං පාපුණාති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට නො ද පැමිණේ.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අනභිසම‍්බුජ‍්ඣති න ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, අනාගාමී හොති අනාගන‍්තා ඉත්‍ථත‍්තං.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට නො එන්නේ අනාගාමී වේ.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අනභිසම‍්බුජ‍්ඣති න ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, ආගාමී හොති ආගන‍්තා ඉත්‍ථත‍්තං.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට එන්නේ ආගාමී වේ.
ඡක‍්ක මාතිකා නිට‍්ඨිතා.
ෂට්ක මාතෘකා නිමි.