යෙදුමෙන් කියවන්න

3. තික නිද‍්දෙසො

3. තික නිද‍්දෙසො

3. ත්‍රික නිර්‍දෙශය

1. කතමො ච පුග‍්ගලො නිරාසො: ඉධෙ’කච‍්චෙ පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො අසුචි සංකස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤො අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො. සො සුණාති ඉත්‍ථන‍්නාමො කිර භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී’ති. තස‍්ස න එවං හොති: ‘කුදස‍්සු නාම අහම‍්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමී’ති, අයං වුච‍්චති පුග‍්ගලො නිරාසො.

1. කවර පුද්ගලයෙක් ‘නිරාස’ (ආශා නැත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් ලාමක ස්වභාව ඇත්තෙක් අපිරිසුදු කායකර්‍මාන්තාදිය ඇත්තෙක් සැකයෙන් සිහිකළයුතු පැවැතුම් ඇත්තෙක් සැඟවිය යුතු ක්‍රියා ඇත්තෙක් ශ්‍රමණ ප්‍රතිරූපක ව ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් බ්‍රහ්මචාරී ප්‍රතිරූපක ව ‘බ්‍රහ්මචාරීයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් ඇතුළත කුණු වූයෙක් රාගාදීන් තෙත් වූයෙක් හට ගත් රාගාදි කසළ ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. මේ පුද්ගල ‘නිරාස’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ආසංසො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො සීලවා හොති කල්‍යාණධම‍්මො, සො සුණාති ‘ඉත්‍ථන‍්නාමො කිර භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී’ති. තස‍්ස එවං හොති ‘කුදස‍්සු නාම අහම‍්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමී’ති, අයං වුච‍්චති පුග‍්ගලො ආසංසො.

කවර පුද්ගලයෙක් ‘ආසංස’ (ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සිල්වතෙක් යහපත් ධර්‍ම ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට ‘කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් වෙයි. මේ පුද්ගල ‘ආසංස’ යැයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො විගතාසො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. සො සුණාති ‘ඉත්‍ථන‍්නාමො කිර භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී’ති තස‍්ස න එවං හොති. ‘කුදස‍්සු නාම අහම‍්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමී’ති. තං කිස‍්සහෙතු: යාහි’ස‍්ස පුබ‍්බෙ අවිමුත‍්තස‍්ස විමුත‍්තාසා සාස‍්ස. පටිප‍්පස‍්සද‍්ධා, අයං වුච‍්චති පුග‍්ගලො විගතාසො.

කවර පුද්ගලයෙක් ‘විගතාස’ (පහ වූ ආසා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නෙම්දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් පෙර විමුක්තියට නො පත් මොහුගේ යම් විමුක්ති ආශාවක් වූ නම් ඒ ආශාව සන්හිඳුණි ද එහෙයිනි. මෙ බඳු පුද්ගල ‘විගතාස’ යැ යි කියනු ලැබේ.

2. තත්‍ථ කතමෙ තයො ගිලානූපමා පුග‍්ගලා තයො ගිලානාඉධෙ’කච‍්චොගිලානො ලභන‍්තො වා සප‍්පායානි භොජනානි, අලභන‍්තො වා සප‍්පායානි භොජනානි, ලභන‍්තො වා සප‍්පායානි භෙසජ‍්ජානි අලභන‍්තො වා සප‍්පායානි භෙසජ‍්ජානි, ලභන‍්තො වා පතිරූපං උපට‍්ඨාකං අලභන‍්තො වා පතිරූපං උපට‍්ඨාකං, නෙව වුට‍්ඨාති තම‍්හා ආබාධා, ඉධ පන එකච‍්චො ගිලානො ලභන‍්තො වා සප‍්පායානි භොජනානි, අලභන‍්තො වා සප‍්පායානි භොජනානි, ලභන‍්තො වා සප‍්පායානි භෙසජ‍්ජානි, අලභන‍්තො වා සප‍්පායානි භෙසජ‍්ජානි, ලභන‍්තො වා පතිරූපං උපට‍්ඨාකං අලභන‍්තො වා පතිරූපං උපට‍්ඨාකං වුට‍්ඨාති තම‍්හා ආබාධා. ඉධ පන එකච‍්චො ගිලානො ලභන‍්තොව සප‍්පායානි භොජනානි නො අලභන‍්තො, ලභන‍්තොව සප‍්පායානි භෙසජ‍්ජානි නො අලභන‍්තො, ලභන‍්තොව පතිරූපං උපට‍්ඨාකං නො අලභන‍්තො, වුට‍්ඨාති තම‍්හා ආබාධා. තත්‍ර ස‍්වායං ගිලානො ලභන‍්තොව සප‍්පායානි භොජනානි නො අලභන‍්තො, ලභන‍්තොව සප‍්පායානි භෙසජ‍්ජානි නො අලභන‍්තො, ලභන‍්තොව පතිරූපං උපට‍්ඨාකං නො අලභන‍්තො වුට‍්ඨාති තම‍්හා ආබාධා. ඉමං ගිලානං පටිච‍්ච ගිලානභත‍්තං අනුඤ‍්ඤාතං, ගිලානභෙසජ‍්ජං අනුඤ‍්ඤාතං, ගිලානුපට‍්ඨාකො අනුඤ‍්ඤාතො, ඉමඤ‍්ච පන ගිලානං පටිච‍්ච අඤ‍්ඤෙ’පි ගිලානා උපට‍්ඨාතබ‍්බා.

2. එහි ගිලනුන්ට බඳු පුද්ගලයෝ තිදෙනා කවරහු ද යත්: ගිලන්නු තිදෙනෙකි. මෙලොව එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නො නැඟෙන්නේ මැ යි. යළි මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නැඟීසිටියි. තව ද මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නොලබන්නේ (නො නැඟී සිටියි) පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නො ලබන්නේ (නො නැඟී සිටියි) සුදුසු උපස්ථායකයකු ලබන්නේ මැ නැඟීසිටියි, නො ලබන්නේ ඒ ආබාධයෙන් නො නැඟී සිටියි. ඔවුනතුරෙහි යම් මේ ගිලනෙක් පථස වූ භෝජනයන් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ නො වැ ලබන්නේ මැ ඒ ආබාධයෙන් නැඟී සිටී ද, මේ ගිලනා සඳහා ගිලන් බත් අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ග්ලානෝපස්ථායකයෙක් අනුදන්නා ලද්දේ යි. තව ද මේ ගිලනා නිසා සෙසු ගිලන්හු ද උපස්ථාන කළ යුත්තාහ.

එවමෙව තයො ගිලානූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ලභන‍්තො වා තථාගතං දස‍්සනාය, අලභන‍්තො වා තථාගතං දස‍්සනාය, ලභන‍්තො වා තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය, අලභන‍්තො වා තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය, නෙව ඔක‍්කමති නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. ඉධ පන එකච‍්චො පුග‍්ගලො ලභන‍්තො වා තථාගතං දස‍්සනාය අලභන‍්තො වා තථාගතං දස‍්සනාය, ලභන‍්තො වා තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය, අලභන‍්තො වා තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය. ඔක‍්කමති නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. ඉධ පන එකච‍්චො පුග‍්ගලො ලභන‍්තොව තථාගතං දස‍්සනාය නො අලභන‍්තො, ලභන‍්තොව තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය නො අලභන‍්තො, ඔක‍්කමති නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. තත්‍ර ස‍්වායං පුග‍්ගලො ලභන‍්තොව තථාගතං දස‍්සනාය නො අලභන‍්තො, ලභන‍්තොව තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය නො අලභන‍්තො ඔක‍්කමති නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. ඉමං පුග‍්ගලං පටිච‍්ච භගවතා ධම‍්මදෙසනා අනුඤ‍්ඤාතා, ඉමඤ‍්ච පන පුග‍්ගලං පටිච‍්ච අඤ‍්ඤෙසම‍්පි ධම‍්මො දෙසෙතබ‍්බො. ඉමෙ තයො ගිලානූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං.

මෙසේ මැ ලෝකයෙහි ඇත්තා වූ විද්‍යමානවූ ‘ගිලානෝපම පුද්ගලයෝ තිදෙනෙක්’ වෙති: කවර තිදෙනෙක් ද යත්: මෙලොව, එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශල ධර්‍මයන්හි නියාම ය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට නො පිවිසේ මැ යැ. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශලධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසෙයි. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම - විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාමය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසෙයි. ඔවුනතුරෙහි යම් මේ පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසේ ද, මේ පුද්ගලයා උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීම අනුදන්නා ලදී. තව ද මේ පුද්ගලයා උදෙසා අන්‍යයන්ට ද දහම් දෙසිය යුතු යැ. මොහු තිදෙනා ලෝකයෙහි ඇති විද්‍යාමාන වූ ‘ගිලානෝපම පුද්ගලයෝ’ යි.

3. කතමො ච පුග‍්ගලො කායසක‍්ඛී: ඉධෙ’කච‍්චො පුග‍්ගලො අට‍්ඨවිමොක‍්ඛෙ කායෙන ඵස‍්සිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා එකච‍්චෙ ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො කායසක‍්ඛි.

3. කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘අෂ්ටවිමෝක්‍ෂයන්’ (නාම) කයින් ස්පර්‍ශ කොට වාස කෙරේ. යළි ඔහු විසින් මාර්‍ගප්‍රඥාවෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු වෙත් ද, මේ පුද්ගල ‘කායසාක්‍ෂී’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො දිට‍්ඨප‍්පත‍්තො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා එකච‍්චෙ ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො දිට‍්ඨප‍්පත‍්තො.

කවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මේ (පඤ්චස්කන්‍ධය) දුකැයි ඇති සැටියෙන් දනියි. මේ (තෘෂ්ණාව) දුක් ඇති කිරීමේ හේතුව යැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ (තෘෂ්ණාව නැතිවීම) දුක් නැති වීම යැ යි ඇති සැටියෙන්දැනගනියි. මේ (ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය) දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දැන ගනී. තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු මැනැවින් හසළාහු වෙති. තවද නුවණින් දැක මොහු විසින් ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො සද‍්ධාවිමුත‍්තො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා එකච‍්චෙ ආසවා පරික‍්ඛීණා හොන‍්ති. නො ච ඛො යථා දිට‍්ඨප‍්පත‍්තස‍්ස. අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධාවිමුත‍්තො.

කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධා විමුක්ත’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ දුක් ඇතිවීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ දුක් නැති වීම යි ඇති සැටියෙන් දැන ගනියි. මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති. තවද නුවණින් දැක මොහු විසින් ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දා හු වෙත්. එතෙකුදු වුවත් දෘෂ්ටි ප්‍රාප්තයාහට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.

4. කතමො ච පුග‍්ගලො ගූථභාණී: ඉධෙ කච‍්චො පුග‍්ගලො මුසාවාදී හොති, සභග‍්ගතො වා, පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා, පූගමජ‍්ඣගතො වා, රාජකුලමජ‍්ඣගතො වා, අභිනීතො සක‍්ඛිපුට‍්ඨො ‘එහම‍්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස‍්සං වා ආහ පස‍්සාමීති, පස‍්සං වා ආහ න පස‍්සාමීති, ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා, සම‍්පජානමුසා භාසිතා හොති. අයං වුච‍්චති පුග‍්ගලො ගූථභාණී.

4. කවර පුද්ගලයෙක් ‘ගුථභාණි’ (අසුචියට බඳු කථා ඇත්තේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මුසා බස් කියන්නේ වෙයි සභායෙහි සිටියේ හෝ පිරිසෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ මහපිරිස් මැද සිටියේ හෝ රජකුලන් හමුවට ගියේ හෝ ‘එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව’ යි ඉදිරියට පමුණුවනු ලැබ සාක්‍ෂි විචාරන ලද හෙතෙම නො දන්නේ හෝ දනිමි යි කියයි, දන්නා දැය හෝ නො දනිමි යි කියයි, නො දක්නේ හෝ දිටිමි යි, දක්නේ හෝ නො දිටිමි යි කියයි. මෙසෙයින් තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳ පමණ අල්ලසක් නිසා හෝ දැන දැන මුසවා කියන්නේ වෙයි. මෙ බඳු පුද්ගල ‘ශුථභාණි’ යැයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො පුප‍්ඵභාණී: ඉධෙ’කච‍්චො පුග‍්ගලො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සභග‍්ගතො වා පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො ‘එහම‍්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති, සො අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස‍්සං වා ආහ න පස‍්සාමීති, පස‍්සං වා ආහ පස‍්සාමීති, ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා න සම‍්පජානමුසා භාසිතා හොති, අයං වුච‍්චති පුග‍්ගලො පුප‍්ඵභාණී.

කවර පුද්ගලයෙක් ‘පුප්ඵභාණි’ (පුෂ්පයට බඳු කථා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මුසවා හැරදමා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ මහපිරිස් මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව යි ඉදිරියට පමුණුවනු ලැබ සාක්‍ෂි විචාරන ලද්දේ නො දන්නේ හෝ නො දනිමි යි කියයි දන්නේ හෝ දනිමි යි කියයි හෝ නො දක්නේ හෝ නො දැක්මියි කියයි දක්නේ හෝ දක්මියි කියයි. මෙසෙයින් තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳ පමණ අල්ලසක් නිසා දැන දැන මුසවා නො කියන්නේ වෙයි. මේ පුද්ගල ‘පුප්ඵභාණි’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො මධුභාණී: ඉධෙ’කච‍්චො පුග‍්ගලො යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයො හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. අයං වුච‍්චති පුග‍්ගලො මධුභාණී.

කවර පුද්ගලයෙක් ‘මධුභාණි’ (මිහිරිකථා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක්, යම් ඒ වචනයක් නිදොස් ද කනට සුව එළවන්නේ ද පෙම් උපදවන්නේ ද සිත්හි වැදගන්නේ ද නාගරික ද බොහෝ දෙනාගේ සිත් අදනේ ද බොහෝ දෙනාගේ මන වඩනේ ද, එබඳු වචන කියන්නේ වෙයි. මේ පුද්ගල ‘මධුභාණි’ යැ යි කියනු ලැබේ.

5. කතමො ච පුග‍්ගලො අරුකූපමචිත‍්තො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො, අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතු කරොති සෙය්‍යථාපි නාම දුට‍්ඨාරුකා කට‍්ඨෙන වා කඨලෙන වා ඝට‍්ටිතා භිය්‍යොසොමත‍්තායඅස‍්සන්‍දති. එවමෙව ඉධෙකච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො. අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති බ්‍යාපජ‍්ජති, පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අයං වුච‍්චති පුග‍්ගලො අරුකූපමචිත‍්තො.

5. කවර පුද්ගලයෙක් ‘ව්‍රණයකට බඳු සිත් ඇත්තේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වූයේ දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. යම්තමකුදු කියන ලද පමණින් ලැගෙයි. කිපෙයි, තතු වෙනස් කෙරේ. තද බවට පැමිණෙයි. කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පාළ කෙරේ. යම් සේ නම් ව්‍රණයක් දණ්ඩකින් හෝ කැකින් පහරන ලද්දේ බොහෝ සෙයින් පූයා වගුරවනු වේ ද මෙසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වූයේ දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. යම්තමකුදු කියන ලද පමණින් ලැගෙයි, කිපෙයි, තතු වෙනස් කරයි. තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පාළ කෙරේ. මේ පුද්ගල ‘වණයකට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො විජ‍්ජූපමචිත‍්තො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සෙය්‍යථාපි නාම චක‍්ඛුමා පුරිසො රත‍්තන්‍ධකාරතිමිසායං විජ‍්ජන‍්තරිකාය රූපානි පස‍්සෙය්‍ය, එවමෙව ඉධෙකච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, අයං වුච‍්චති පුග‍්ගලො විජ‍්ජූපමචිත‍්තො.

කවර පුද්ගලයෙක් ‘විදුලියට බඳු සිත් ඇත්තේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන්දැනගනී. මේ දුක් උපදනා හේතුව යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. යම් සේ නම් ඇස් ඇති පුරුෂයෙක් රැය බොල්අඳුරෙහි විදුලිය අතුරින් රූපයන් දක්නේ ද එපරිද්දෙන් මැ මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් උපදනා හේතුවැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති වීම යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. මේ පුද්ගල ‘විදුලියට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො වජිරූපමචිත‍්තො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. සෙය්‍යථාපි නාම වජිරස‍්ස නත්‍ථී කිඤ‍්චි අභෙජ‍්ජං මණී වා පාසාණො වා, එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, අයං වුච‍්චති පුග‍්ගලො වජිරූපමචිත‍්තො.

කවර පුද්ගලයෙක් ‘විදුරු බඳු සිත් ඇත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරයි. යම් සේ නම් විදුරට නො බිඳෙන කිසි මැණිකක් හෝ ගලක් නැත්තේ ද එපරිද්දෙන් මැ මෙලොව එක් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි. මේ පුද්ගල ‘විදුරට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

6. කතමො ච පුග‍්ගලො අන්‍ධො: ඉධෙ’කච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථා රූපං චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය, තථාරූපම‍්පනස‍්ස චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය, අයං වුච‍්චති පුග‍්ගලො අන්‍ධො.

6. කවර පුද්ගලයෙක් ‘අන්‍ධ’ වේ ද යත්: යම් බඳු පැනැසකින් නො ලද සම්පත් ලබන්නේ නම් හෝ ලද සම්පත් දියුණු කරන්නේ නම් එබඳු ඇසක් මෙලොව කිසි පුද්ගලයකුට නැත. තව ද යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම්, වරද නිවරද දහම් දන්නේ නම්, උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ලධර්‍මයන් දන්නේ නම් එබඳු ඇසකුදු ඔහුට නැත. මේ පුද්ගල ‘අන්‍ධ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො එකචක‍්ඛු: ඉධෙ’කච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථා රූපං චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය, තථාරූපම‍්පනස‍්ස චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය, අයං වුච‍්චති පුග‍්ගලො එකචක‍්ඛු.

කවර පුද්ගලයෙක් ‘එකැස් ඇත්තේ’ වේ ද යත්: යම් බඳු ඇසකින් නො ලද සම්පතක් ලබන්නේ නම් හෝ ලද සම්පත දියුණු කරන්නේ නම් එබඳු ඇස මෙලොව කිසි පුද්ගලයක් හට ඇත. එතෙකුදු වුවත් යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම් වරද නිවරද දහම් දන්නේ නම් උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දන්නේ නම් එබඳු ඇස ඔහුට නැත. මේ පුද්ගල ‘එකැස් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ද‍්විචක‍්ඛු: ඉධෙ’කච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථාරූපං චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය, තථාරූපම‍්පනස‍්ස චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය, අයං වුච‍්චති පුග‍්ගලො ද‍්විචක‍්ඛු.

කවර පුද්ගලයෙක් ‘දෑස් ඇත්තේ’ වේ ද යත්: යම් බඳු ඇසකින් නො ලද සම්පතක් ලබන්නේ නම් හෝ ලද සම්පත දියුණු කරන්නේ නම් එබඳු ඇස මෙලොව කිසි පුද්ගලයක් හට ඇත. තවද යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම්, වරද නිවරද දහම් දන්නේ නම්, උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දන්නේ නම් එබඳු ඇසකුදු ඔහුට ඇත. මේ පුද්ගල ‘දෑස් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

7. කතමො ච පුග‍්ගලො අවකුජ‍්ජපඤ‍්ඤො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති, අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය, තස‍්ස භික‍්ඛු ධම‍්මං දෙසෙන‍්ති: ආදිකල්‍යාණං මජ‍්ඣෙ කල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති, සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්තා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ‍්ඣං මනසිකරොති න පරියොසානං මනසිකරොති වුට‍්ඨිතො’පි තම‍්හා ආසනා තස‍්සා කථාය නෙව ආදිං මනසිකරොති. න මජ‍්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති. සෙය්‍යථාපි නාම කුම‍්භො නික‍්කුජ‍්ජො තත්‍ර උදකං ආසිත‍්තං විවට‍්ටති නො සණ‍්ඨාති, එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය, තස‍්ස භික‍්ඛු ධම‍්මං දෙසෙන‍්ති, ආදිකල්‍යාණං මජ‍්ඣෙ කල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යජ‍්ඣනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති. සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ‍්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති, වුට‍්ඨිතො’පි තම‍්හා ආසනා තස‍්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ‍්ඣං මනසිකරොති න පරියොසානං මනසිකරොති, අයං වුච‍්චති පුග‍්ගලො අවකුජ‍්ජපඤ‍්ඤො.

7. කවර පුද්ගලයෙක් ‘අවකුජ්ජපඤ්ඤ’ (යටිහුරු කළ නුවණ ඇත්තේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරේ. මැද නො මෙනෙහි කෙරේ. අවසන නො මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරෙයි. යම් සේ කළයක් යටිහුරු කරන ලද්දේ එහි වත් කරන ලද ජලය පිටතට ගලායේ ද නො සිටී ද, එපරිද්දෙන් මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති (සියල්ල) පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්, (ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව) ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරේ. මැද නො මෙනෙහි කෙරේ. අවසන නො මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරෙයි. මේ පුද්ගල ‘අවකුජ්ජපඤ්ඤ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො උච‍්ඡඞ‍්ගපඤ‍්ඤො: ඉධෙ කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය. තස‍්ස භික‍්ඛු ධම‍්මං දෙසෙන‍්ති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති, සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති, මජ‍්ඣම‍්පි මනසිකරොති. පරියොසානම‍්පි මනසිකරොති, වුට‍්ඨිතො ච ඛො තම‍්හා ආසනා තස‍්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ‍්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති, සෙය්‍යථාපි නාම පුරිසස‍්ස උච‍්ඡඞ‍්ගෙ නානා ඛජ‍්ජකානි ආකිණ‍්ණානි තිලා තණ‍්ඩුලා මොදකා බදරා, සො තම‍්හා ආසනා වුට‍්ඨහන‍්තො සතිසම‍්මොසා පකිරෙය්‍ය. එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති, අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය, තස‍්ස භික‍්ඛු ධම‍්මං දොසෙන‍්ති ආදිකල්‍යාණං මජ‍්ඣෙ කල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති, සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති, මජ‍්ඣම‍්පි මනසිකරොති, පරියොසානම‍්පි මනසිකරොති වුට‍්ඨිතො තම‍්හා ආසනා තස‍්සා කථාය නෙව ආදිම‍්පි මනසිකරොති න මජ‍්ඣිම‍්පි මනසිකරොති න පරියොසානම‍්පි මනසිකරොති. අයං වුච‍්චති පුග‍්ගලො උච‍්ඡඞ‍්ගපඤ‍්ඤො.

කවර පුද්ගලයෙක් ‘උච්ඡඞ්ගපඤ්ඤ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අවසනත් මෙනෙහි කෙරේ, එතෙකුදු වුවත් ඒ අසුනින් නැඟීසිටියේ ඒ කථායෙහි මුල නොමැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරේ. යම් සේ පුරුෂයකුගේ ඇකයෙහි තල, සහල්, අග්ගලා, ඩෙබර ආදි නොයෙක් කෑ යුතු දෑ බහා තබන ලද්දා හු ද, හෙතෙම ඒ අසුනින් නැඟීසිටින්නේ සිහිමුළායෙන් විසුරුවන්නේ ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි ආදියත් මෙනෙහි කෙරෙයි. මධ්‍යයත් මෙනෙහි කෙරෙයි. අවසානයත් මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ඒ කථායෙහි මුලත් නො ම මෙනෙහි කෙරෙයි. මැදත් නො මෙනෙහි කෙරෙයි. අගිත් නො මෙනෙහි කෙරේ. මේ පුද්ගල ‘උච්ඡඞ්ගපඤ්ඤ’ යැයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො පුථුපඤ‍්ඤො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය තස‍්ස භික‍්ඛු ධම‍්මං දෙසෙන‍්ති, ආදිකල්‍යාණං මජ‍්ඣෙ කල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති. සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති, මජ‍්ඣම‍්පි මනසිකරොති, පරියොසානම‍්පි මනසිකරොති; වුට‍්ඨිතො’පි තම‍්හා ආසනා තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති, මජ‍්ඣම‍්පි මනසිකරොති, පරියොසානම‍්පි මනසිකරොති. සෙය්‍යථාපි නාම කුම‍්භො උක‍්කුජ‍්ජො. තත්‍ර උදකං ආසිත‍්තං සණ‍්ඨාති නො විවට‍්ටති. එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආරාමං ගන‍්තා හොති: අභික‍්ඛණං භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මසවණාය. තස‍්ස භික‍්ඛු ධම‍්මං දෙසෙන‍්ති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති. සො තස‍්මිං ආසනෙ නිසින‍්නො තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති. මජ‍්ඣම‍්පි මනසිකරොති, පරියොසානම‍්පි මනසිකරොති, වුට‍්ඨිතො’පි තම‍්හා ආසනා තස‍්සා කථාය ආදිම‍්පි මනසිකරොති, මජ‍්ඣම‍්පි මනසිකරොති, පරියොසානම‍්පි මනසිකරොති. අයං වුච‍්චති පුග‍්ගලො පුථුපඤ‍්ඤො.

කවර පුද්ගලයෙක් ‘පුථුපඤ්ඤ’ (පුළුල් නුවණැත්තේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසති. ශ්‍රේෂ්ඨවර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරෙයි. ඒ අසුනින් නැඟීසිටියේ ද ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරේ. යම් සේ කළයක් උඩුහුරු කරන ලද්දේ එහි වත්කරන ලද ජලය රඳා ද පිටතට ගලා නො යෙ ද එසේ ම මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ දහම් දෙසත්. බ්‍රහ්මචර්‍ය්‍යයාව ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැද ත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරෙයි. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි, අගත් මෙනෙහි කෙරේ. මේ පුද්ගල ‘පුථුපඤ්ඤ’ ය යි කියනු ලැබේ.

8. කතමො ච පුග‍්ගලො කාමෙසු ච භවෙසු ච අවීතරාගො: සොතාපන‍්නසකදාගාමිනො, ඉමෙ වුච‍්චන‍්ති පුග‍්ගලා කාමෙසු ච භවෙසු ච අවීතරාගා.

8. කවර පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ද (රූපාරූප) භවයෙහි ද පහ නො කළ රාග ඇත්තේ’ වේ ද යත්: ශ්‍රෝතාපන්න සකෘදාගාමීහු යැ. මේ පුද්ගලයෝ ‘කාමයෙහි ද භවයෙහි ද පහ නො කළ රාග ඇත්තාහු’ යැ යි කියනු ලැබෙත්.

කතමො ච පුග‍්ගලො කාමෙසු වීතරාගො භවෙසු අවීතරාගො: අනාගාමී. අයං වුච‍්චති පුග‍්ගලො කාමෙසු වීතරාගො, භවෙසු අවීතරාගො.

කවර පුද්ගලයෙක් ‘කාමයෙහි පහකළ රාග ඇත්තේ භවයෙහි පහ නො කළ රාග ඇත්තේ’ වේ ද යත්: අනාගාමී තෙමේ යැ, මේ පුද්ගල තෙමේ ‘කාමයෙහි පහකළ රාග ඇත්තේ භවයෙහි නො පහකළ රාග ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ච කාමෙසු ච භවෙසු ච වීතරාගො: අරහා. අයං වුච‍්චති පුග‍්ගලො කාමෙසු ච භවෙසු ච වීතරාගො.

කවර පුද්ගලයෙක් ‘කාමයෙහි ද භවයෙහි ද පහකළ රාග ඇත්තේ’ ද යත්: රහතුන් වහන්සේ යි. මේ පුද්ගල ‘කාමයෙහි ද භවයෙහි ද පහකළ රාග ඇත්තේ’ යැ යි කියනු ලැබේ.

9. කතමො ච පුග‍්ගලො පාසාණලෙඛූපමො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති, සො ච ඛ‍්වස‍්ස කොධො චිරං දීඝරත‍්තං අනුසෙති. සෙය්‍යථාපි නාම පාසාණලෙඛා න ඛිප‍්පං ලුජ‍්ජති වාතෙන වා උදකෙන වා චිරට‍්ඨිතිකා හොති. එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති, සො ච ඛ‍්වස‍්ස කොධො චිරං දීඝරත‍්තං අනුසෙති. අයං වුච‍්චති පුග‍්ගලො පාසාණලෙඛූපමො.

9. කවර පුද්ගලයෙක් ‘පාසාණ ලේඛුපම’ (ගලෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගුකලක් රඳා සිටී. යම් සේ ගලෙහි ඇඳි ඉර සුළඟින් හෝ දියෙන් හෝ වහා නො නැසේ ද බොහෝ කල් පවතින්නේ වේ ද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගු කලක් රඳා සිටී. මේ පුද්ගල ‘පාසාණ ලේඛුපම’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො පඨවිලෙඛූපමො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති, සො ච ඛ‍්වස‍්ස කොධො න චිරං දීඝරත‍්තං අනුසෙති. සෙය්‍යථාපි නාම පඨවියා ලෙඛා ඛිප‍්පං ලුජ‍්ජති වාතෙන වා උදකෙන වා න චිරට‍්ඨිතිකා හොති. එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො අභිණ‍්හං කුජ‍්ඣති සො ච ඛ‍්වස‍්ස කොධො න චිරං දීඝරත‍්තං අනුසෙති. අයං වුච‍්චති පුග‍්ගලො පඨවිලෙඛූපමො.

කවර පුද්ගලයෙක් ‘පඨවිලේඛුපම’ (පොළොවෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගුකලක් රඳා සිටින්නේ නො වෙයි, යම් පරිදි පොළොවෙහි ඇඳි ඉර සුළඟින් හෝ ජලයෙන් හෝ වහා මැකී යේ ද බොහෝ කල් නො පවත්නේ වේද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගුකලක් රඳා නො සිටී, මේ පුද්ගල ‘පඨවිලේඛුපම’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො උදකලෙඛූපමො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආගාළ‍්හෙන පි වුච‍්චමානො ඵරුසෙන’පි වුච‍්චමානො අමනාපෙන’පි වුච‍්චමානො සංසන්‍දතිමෙව, සන්‍ධීයතිමෙව; සම‍්මොදතිමෙව සෙය්‍යථාපි නාම උදකෙ ලෙඛා ඛිප‍්පං ලුජ‍්ජති, න චිරට‍්ඨිතිකා හොති, එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආගාළ‍්හෙන’පි වුච‍්චමානො ඵරුසෙන’පි වුච‍්චමානො අමනාපෙන’පි වුච‍්චමානො සංසන්‍දතිමෙව, සන්‍ධීයතිමෙව, සම‍්මොදතිමෙව. අයං වුච‍්චති පුග‍්ගලො උදකලෙඛූපමො.

කවර පුද්ගලයෙක් ‘උදකලෙඛුපම’ (දියෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉතා තදබසිනුදු කියනු ලබන්නේ රළු බසිනුදු කියනු ලබන්නේ නො මනාපයෙනුදු කියනු ලබන්නේ සැසැඳේ (එක් වේ) මැ යැ ගැළපේ මැ යැ, සතුටු වේ මැ යි, සේ නම් දියෙහි ඇඳි ඉර වහා මැකේ ද, බොහෝ කල් නො පවත්නේ ද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් ඉතා තද බසිනුදු කියනු ලබන්නේ රළු බසිනුදු කියනු ලබන්නේ නො මනාපයෙනුදු කියනු ලබන්නේ සැසැඳේ මැ යැ. ගැළපේ මැ යැ, සතුටු වේ මැ යි. මේ පුද්ගල ‘උදකලෙඛුපම’ යැ යි කියනු ලැබේ.

10. තත්‍ථ කතමෙ තයො පොත්‍ථකූපමා පුග‍්ගලා: තයො පොත්‍ථකා, නවො’පි පොත්‍ථකො දුබ‍්බණ‍්ණොචෙව හොති දුක‍්ඛසම‍්ඵස‍්සො ච අප‍්පග‍්ඝො ච, මජ‍්ඣිමො ච පොත්‍ථකො දුබ‍්බණ‍්ණොචෙව හොති දුක‍්ඛසම‍්ඵස‍්සො ච අප‍්පග‍්ඝො ච. ජිණ‍්ණො’පි පොත්‍ථකො දුබ‍්බණ‍්ණො චෙව හොති දුක‍්ඛසම‍්ඵස‍්සො ච අප‍්පග‍්ඝො ච. ජිණ‍්ණම‍්පි පොත්‍ථකං උක‍්ඛලිපරිමජ‍්ජනං වා කරොන‍්ති. සඞ‍්කාරකූටෙ වා නං ඡඩ‍්ඩෙන‍්ති. ‘එවමෙව තයො පොත්‍ථකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා භික‍්ඛූසු.

10. එහි කවරහු තිදෙනෙක් ‘පොත්‍ථකුපම’ (හණවැහැරියට බඳු) පුද්ගලයෝ වෙත් ද යත්: සණවැහැරි තුනෙකි. අළුත් වුවද සණවැහැරිය දුර්වර්‍ණ වූයේ මැ රළුපහස් ඇත්තේ ද මඳක් අගනේ ද වෙයි. මධ්‍යම සණවැහැරිය ද දුර්වර්‍ණ වූයේ මැ රළුපහස් ඇත්තේ ද මඳක් අගනේ ද වෙයි. දිරාගිය සණවැහැරිය ද දුර්වර්‍ණ වූයේ මැ රළු පහස් ඇත්තේ ද මඳක් අගනේ ද වේ. දිරාගිය සණවැහැරිය ද වළන් පිස්නක් හෝ කරති. කසළ ගොඩෙහි හෝ දමත්. එපරිද්දෙන් මැ භික්‍ෂූන් අතුරෙහි ඇත්තා වූ විද්‍යමාන වූ ‘සණවැහැරියට බඳු පුද්ගලයෝ’ තිදෙනෙකි.

කතමෙ තයො: නවොචෙ’පි භික‍්ඛු හොති දුස‍්සීලො පාපධම‍්මො ඉදමස‍්ස දුබ‍්බණ‍්ණතාය, සෙය්‍යථාපි සො පොත්‍ථකො දුබ‍්බණ‍්ණො තථූපමො අයං පුග‍්ගලො යො ඛො පනස‍්ස සෙවන‍්ති භජන‍්ති පයිරුපාසන‍්ති දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති, තෙසං තං හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. ඉදමස‍්ස දුක‍්ඛසම‍්ඵස‍්සතාය. සෙය්‍යථාපි සො පොත්‍ථකො දුක‍්ඛසම‍්ඵස‍්සො තථූපමො අයං පුග‍්ගලො යෙසං ඛො පන පතිගණ‍්හාති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. තෙසං තං න මහප‍්ඵලං හොති න මහානිසංසං.

කවර තිදෙනෙක් ද යත්: ඉදින් නවක මහණ තෙමේ ත් දුසිල් වූයේ ලාමකගති ඇත්තේ වේ නම් මේ ඔහුගේ දුර්වර්‍ණ බව පිණිස වෙයි. යම් සේ ඒ සණවැහැරිය දුර්වර්‍ණ වූයේ ද මේ පුද්ගල එබඳු වෙයි. යළි යම් කෙනෙක් ඔහු සේවනය කරත් ද භජනය කරත් ද පර්‍ය්‍යුපාසනය කරත් ද ඔහුගේ දෘෂ්ටිය අනුගමනය කරත් ද ඔවුනට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි. මේ ඔහුගේ රළුපහස වෙයි. යම්සේ ඒ සණවැහැරිය රළුපහස් ඇත්තේ ද මේ පුද්ගල එබඳු යි. තවද යම් කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට එය මහත් ඵල නො වෙයි. මහානිසංස නො වේ.

ඉදමස‍්ස අප‍්පග‍්ඝතාය සෙය්‍යථාපි සො පොත්‍ථකො අප‍්පග‍්ඝො තථූපමො අයං පුග‍්ගලො. මජ‍්ඣිමො චෙ’පි භික‍්ඛු හොති -පෙ- ථෙරො චෙ’පි භික‍්ඛු හොති, දුස‍්සීලො පාපධම‍්මො, ඉදමස‍්ස දුබ‍්බණ‍්ණතාය, සෙය්‍යථාපි සො පොත්‍ථකො දුබ‍්බණ‍්ණො තථූපමො අයං පුග‍්ගලො. යො ඛො පනස‍්ස සෙවන‍්ති. භජන‍්ති, පයිරුපාසන‍්ති, දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති, තෙසං තං හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. ඉදමස‍්ස දුක‍්ඛසම‍්ඵස‍්සතාය. සෙය්‍යථාපි සො පොත්‍ථකො දුක‍්ඛසම‍්ඵස‍්සො තථූපමො අයං පුග‍්ගලො. යෙසං ඛො පන පතිගණ‍්හාති. චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං, තෙසං තං න මහප‍්ඵලං හොති න මහානිසංසං ඉදමස‍්ස අප‍්පග‍්ඝතාය. සෙය්‍යථාපි සො පොත්‍ථකො අප‍්පග‍්ඝො තථූපමො අයං පුග‍්ගලො. එවරූපො ථෙරො චෙ’පි භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ භණති. තමෙනං භික‍්ඛු එවමාහංසු: කින‍්නුඛො තුය‍්හං බාලස‍්ස අව්‍යත‍්තස‍්ස භණිතෙන ත්‍වම‍්පි නාම භණිතබ‍්බං මඤ‍්ඤසීති. සො කුපිතො අනත‍්තමනො තථාරූපිං වාචං නිච‍්ඡාරෙති. යථාරූපාය වාචාය සඞ‍්ඝො උක‍්ඛිපති සඞ‍්කාරකූටෙ’ව නං පොත්‍ථකං. ඉමෙ තයො පොත්‍ථකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා භික‍්ඛූසු.

මේ ඔහුගේ මඳක් අගනා බව යැ, යම් පරිදි ඒ සණ වැහැරිය මඳක් අගනේද මේ පුද්ගල එ බඳු යි. ඉදින් මධ්‍යම වූ මහණ තෙමේ ත් ... ස්ථවිර වූ මහණ තෙමේත් දුසිල් වේ නම් ලාමක ගති ඇත්තේ නම් මේ ඔහුගේ දුර්වර්‍ණ බව වෙයි. යම් සේ ඒ සණවැහැරිය දුරුවර්‍ණ වූයේ ද මේ පුද්ගල එ බඳු යි. යම් කෙනෙක් වනාහි ඔහු සේවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙත් ද (ඔහුගේ) දෘෂ්ටිය අනුගමනය කෙරෙත් ද ඔවුනට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි. මේ ඔහුගේ රළුපහස වෙයි. යම් සේ ඒ සණවැහැරිය රළු පහස් ඇත්තේ ද මේ පුද්ගල එ බඳු යි. යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට එය මහත් ඵල නො වෙයි, මහ අනුසස් ඇත්තේ නො වේ. මේ ඔහුගේ මද අගනා බව යි. යම්සේ සණ වැහැරිය මඳ වූ අගය ඇත්තේ ද මේ පුද්ගල එ බඳු යි, ඉදින් මෙබඳු වූ ස්ථවිර මහණ තෙමේ ත් සඟ මැද කථා කෙරේ නම් ඒ ඔහුට භික්‍ෂූහු මෙසේ කියත්. ‘කිම බාල වූ නො වියත් වූ තොපගේ කථායෙන්, තොප වැන්නවුන් පවා කථා කළ යුතු යැ යි සිතන්නහු ද’ යි. හෙතෙම කිපියේ නො සතුටු සිත් ඇත්තේ යම් බඳු වචනයකින් සංඝ තෙමේ කසළ ගොඩෙහි ලන සණවැහැරියක් මෙන් ඔහු උත්ක්‍ෂේපනය කෙරේ ද එබඳු වූ වචන පිට කරයි. මොහු තිදෙන භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘සණවැහැරි බඳු පුද්ගලයෝ’ යි.

11. තත්‍ථ කතමෙ තයො කාසිකවත්‍ථූපමා පුග‍්ගලා: තීණි කාසිකවත්‍ථානි, නවම‍්පි කාසිකං වත්‍ථං වණ‍්ණවන‍්තඤ‍්චෙව හොති සුඛසම‍්ඵස‍්සඤ‍්ච මහග‍්ඝඤ‍්ච, මජ‍්ඣිමම‍්පි කාසිකං වත්‍ථං වණ‍්ණවන‍්තඤ‍්චෙව හොති සුඛසම‍්ඵස‍්සඤ‍්ච මහග‍්ඝඤ‍්ච. ජිණ‍්ණම‍්පි කාසිකං වත්‍ථං වණ‍්ණවන‍්තඤ‍්චෙව හොති සුඛසම‍්ඵස‍්සඤ‍්ච මහග‍්ඝඤ‍්ච. ජිණ‍්ණම‍්පි කාසිකං වත්‍ථං රතන පළිවෙඨනං වා කරොන‍්ති, ගන්‍ධකරණ‍්ඩකෙ වා නං නික‍්ඛිපන‍්ති. එවමෙව තයො කාසිකවත්‍ථූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා භික‍්ඛූසු.

11. එහි කවරහු තිදෙනෙක් ‘කසීවතට බඳු’ පුද්ගලයෝ වෙත් ද යත්: කසීවත් තුනෙකි, අළුත් වූ ද කසීවත වර්‍ණවත් මැ වූයේ ද සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වෙයි. මධ්‍යම කසීවත ද වර්‍ණවත් මැ වූයේත් සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වෙයි. දිරාගිය කසීවත ද වර්‍ණවත් මැ වූයේ ද සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වේ. දිරාගිය කසීවත පවා රුවන් ඔතන්නක් හෝ කරති, සුවඳ කරඩුවෙක හෝ එය බහා තබත්. එසේ මැ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘කසීවතට බඳු පුද්ගලයෝ තිදෙනෙක්’ වෙති.

කතමෙ තයො: නවො චෙ’පි භික‍්ඛු හොති සීලවා කල්‍යාණධම‍්මො ඉදමස‍්ස සුවණ‍්ණතාය. සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං වණ‍්ණවන‍්තං තථූපමො අයං පුග‍්ගලො. යෙ ඛො පනස‍්ස සෙවන‍්ති භජන‍්ති පයිරුපාසන‍්ති දිට‍්ඨානුගති ආපජ‍්ජන‍්ති තෙසං තං හොති දීඝරත‍්තං හිතාය සුඛාය. ඉදමස‍්ස සුඛසම‍්ඵස‍්සතාය.

කවර තිදෙනෙක් ද යත්: ඉදින් නවක භික්‍ෂු තෙමේ ත් සිල්වත් වූයේ යහපත් ගති ඇත්තේ වේනම් මේ ඔහුගේ සුවර්‍ණ බව යැ, යම් සේ ඒ කසීවත වර්‍ණවත් නම් මේ පුද්ගල තෙමේ එ බඳුයි. තව ද යම්කෙනෙක් ඔහු සේවනය කරත් ද භජනය කරත් ද පර්‍ය්‍යුපාසනය කරත් ද ඔහුගේ දෘෂ්ටානු ගතියට, යෙත් ද ඔවුනට ඒ බොහෝ කලක් භිත පිණිස සුව පිණිස වෙයි. මේ ඔහුගේ සුවපහස් බව වේ.

සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං සුඛසම‍්ඵස‍්සං තථූපමො අයං පුග‍්ගලො. යෙසං ඛො පන පතිගණ‍්හාති චීවරපිණ‍්ඩපාත සෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං තෙසං තං මහප‍්ඵලං හොති මහානිසංසං. ඉදමස‍්ස මහග‍්ඝතාය. සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං මහග‍්ඝං තථූපමො අයං පුග‍්ගලො. මජ‍්ඣිමො චෙ’පි භික‍්ඛු -පෙ- ථෙරො චෙ’පි භික‍්ඛු හොති සීලවා කල්‍යාණධම‍්මො ඉදමස‍්ස සුවණ‍්ණතාය. සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං වණ‍්ණවන‍්තං, තථූපමො අයං පුග‍්ගලො යෙ ඛො පනස‍්ස සෙවන‍්ති භජන‍්ති පයිරුපාසන‍්ති දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. තෙසං තං හොති දීඝරත‍්තං හිතාය සුඛාය, ඉදමස‍්ස සුඛසම‍්ඵස‍්සතාය. සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං සුඛසම‍්ඵස‍්සං, තථූපමො අයං පුග‍්ගලො. යෙසං ඛො පන පතිගණ‍්හාති’ චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. තෙසං තං මහප‍්ඵලං හොති මහානිසංසං. ඉදමස‍්ස මහග‍්ඝතාය. සෙය්‍යථාපි තං කාසිකං වත්‍ථං මගග‍්ඝං, තථූපමො අයං පුග‍්ගලො. එවරූපො ච ථෙරො භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ භණති, තමෙනං භික‍්ඛු එවමාහංසු අප‍්පසද‍්දා ආයස‍්මන‍්තො හොථ, ථෙරො භික‍්ඛු ධම‍්මඤ‍්ච විනයඤ‍්ච භණතීති. තස‍්ස තං වචනං ආධෙය්‍යං ගච‍්ඡති ගන්‍ධකරණ‍්ඩකෙ’ව න කාසිකං වත්‍ථං, ඉමෙ තයො කාසිකවත්‍ථූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා භික‍්ඛූසු.

යම් සේ ඒ කසීවත සුව පහස් ඇත්තේ නම් මේ පුද්ගල එබඳු යි. තව ද යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට ඒ මහත් ඵල මහ අනුසස් ඇත්තේ වේ. මේ ඔහුගේ මහඇඟි බව වේ. යම් සේ ඒ කසීවත මහඇඟි නම් මේ පුද්ගල එ බඳු යි. ඉදින් මධ්‍යම භික්‍ෂු තෙමේ ත් -පෙ- ඉදින් ස්ථවිර භික්‍ෂු තෙමේ ත් සිල්වත් වූයේ කළණ ගති ඇත්තේ වේ නම් මේ ඔහුගේ සුවර්‍ණ බව වෙයි. යම් සේ ඒ කසීවත වර්‍ණවත් නම් මේ පුද්ගල එ බඳු යි. තව ද යම් කෙනෙක් ඔහු සේවනය කෙරෙත් ද භජනය කෙරෙත් ද පර්‍ය්‍යුපාසන කෙරෙත් ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත් ද ඔවුනට ඒ දිගු කලක් හිත පිණිස සුව පිණිස වෙයි. මේ ඔහුගේ සුවපහස් බව වෙයි. යම් සේ ඒ කසීවත සුවපහස් නම් මේ පුද්ගල එ බඳු යි. තවද යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට ඒ මහත්ඵල වෙයි. මහ අනුසස් ඇත්තේ වෙයි. මේ ඔහුගේ ‘මහ ඇඟි බව’ වේ. යම් සේ ඒ කසීවත මහ ඇඟි නම් මේ පුද්ගල එබඳු යි. තව ද මෙ බඳු ස්ථවිර මහණ සඟමැද කථා කෙරෙයි ද ඒ මොහුට භික්‍ෂූහු මෙසේ කියත්. “ඇවැත්නි නිහඬ වවු ස්ථවිර මහණ ධර්‍මයත් විනයත් දෙසයි” කියා යි. ඔහුගේ ඒ වචනය ඒ කසීවත සුවඳ කරඩුවෙක නිදන් කරන්නා සේ නිදන් කළ යුතු බවට යෙයි. මොහු තිදෙන භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘කසීවතට බඳු පුද්ගලයෝ’ යි.

12. කතමො ච පුග‍්ගලො සුප‍්පමෙය්‍යො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො උද‍්ධතො හොති උන‍්නලො චපලො මුඛරො විකිණ‍්ණවාචො මුට‍්ඨස‍්සති අසම‍්පජානො අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තො අසංවුතින්‍ද්‍රියො. අයං වුච‍්චති පුග‍්ගලො සුප‍්පමෙය්‍යො.

12. කවර පුද්ගලයෙක් ‘සුවසේ ප්‍රමාණ කළ හැක්කේ’ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් උඩඟු යැ. උස් වූ මාන ඇත්තේ යැ. චපල යැ. වාචාල යැ. විසුරුණු වචන ඇත්තේ යැ. මුළා වූ සිහි ඇත්තේ යැ. සම්‍යක්ප්‍රඥා නැත්තේ යැ. එකඟ වූ සිත් නැත්තේ යැ. විසුරුණු සිත් ඇත්තේ යැ. සංවරණය නො කළ ඉඳුරන් ඇත්තේ යි. මේ පුද්ගල ‘සුවසේ ප්‍රමාණ කළ හැක්කේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො දුප‍්පමෙය්‍යො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො අනුද‍්ධතො හොති අනුන‍්නලො අචපලො අමුඛරො අවිකිණ‍්ණවාචො උපට‍්ඨිතසති සම‍්පජානො සමාහිතො එකග‍්ගචිත‍්තො සංවුතින්‍ද්‍රියො. අයං වුච‍්චති පුග‍්ගලො දුප‍්පමෙය්‍යො.

කවර පුද්ගලයෙක් ‘දුකසේ ප්‍රමාණ කළ හැක්කේ’ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් උඩඟු නො වෙයි, උස් වූ මාන නැත්තේ වෙයි. චපල නො වෙයි, වාචාල නො වෙයි. විසුරුණු වචන ඇත්තේ නො වෙයි. එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි. සන්සුන් සිත් ඇත්තේ වෙයි. එකඟ වූ සිත් ඇත්තේ වෙයි. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ වේ. මේ පුද්ගල ‘දුකසේ ප්‍රමාණ කළ හැක්කේ’ යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො අප‍්පමෙය්‍යො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති පුග‍්ගලො අප‍්පමෙය්‍යො.

කවර පුද්ගලයෙක් ‘ප්‍රමාණ කළ නො හැක්කේ’ වේද යත්: මෙසස්නෙහි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද මේ පුද්ගල ‘ප්‍රමාණ කළ නො හැක්කේ’ යැ යි කියනු ලැබේ.

13. කතමො ච පුග‍්ගලො න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො හීනො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය. එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො අඤ‍්ඤත්‍ර අනුද‍්දයා, අඤ‍්ඤත්‍ර අනුකම‍්පා.

13. කවර පුද්ගලයෙක් ‘සේවනය නො කළ යුත්තේ භජනය නො කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් හීන වූයේ වෙ යි ද මෙබඳු පුද්ගල දයාවෙන් මිස අනුකම්පාවෙන් මිස සේවනය නො කළ යුත්තේ යැ. භජනය නො කළ යුත්තේ යැ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි.

කතමො ච පුග‍්ගලො සෙවිතබ‍්බො, භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො: ඉධෙකච‍්චො පුග‍්ගලො සදිසො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය, එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො, තං කිස‍්සහෙතු: සීලසාමඤ‍්ඤගතානං සතං සීලකථා ච නො භවිස‍්සති සා ච නො ඵාසු භවිස‍්සති. සා ච නො පවත‍්තනී භවිස‍්සති. සමාධි සාමඤ‍්ඤගතානං සතං සමාධිකථා ච නො භවිස‍්සති. සා ච නො ඵාසු භවිස‍්සති, සා ච නො පවත‍්තනී භවිස‍්සති. පඤ‍්ඤාසාමඤ‍්ඤගතානං සතං පඤ‍්ඤාකථා ච නො භවිස‍්සති. සා ච නො ඵාසු භවිස‍්සති, සා ච නො පවත‍්තනී භවිස‍්සති. තස‍්මා එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො.

කවර පුද්ගලයෙක් ‘සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමා) සම වූයේ වේ ද මෙ බඳු පුද්ගල සේවනය කළ යුත්තේ යැ. භජනය කළ යුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: ශීලයෙන් සම බවට ගියා වූ අපගේ ශීලකථාව ද වන්නී යැ. ඒ කථාව ද අපට සැප විහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නීය. සමාධියෙන් සම බවට ගියා වූ අපගේ සමාධිකථාවත් වන්නීය. ඒ කථාව ද අපට සැපවිහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නී යැ. ප්‍රඥායෙන් සම බවට ගියා වූ අපගේ ප්‍රඥාකථාවත් වන්නී යැ. ඒ කථාව ද අපට සැපවිහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නීය. එහෙයින් මේ පුද්ගල සේවනය කටයුත්තේ යැ. භජනය කටයුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ යි.

කතමො ච පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො, භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො ඉධෙ’කච‍්චො පුග‍්ගලො අධිකො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය. එවරූපො පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො. තං කිස‍්සහෙතු අපරිපූරං වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා සීලක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමි, අපරිපූරං වා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා සමාධික‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමි. අපරිපූරං වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමී’ති. තස‍්මා එවරූපො පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො, භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො.

කවර පුද්ගලයෙක් ‘සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් අධික වෙයි. මෙ බඳු පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ යැ. භජනය කළ යුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. ඒ කවර හෙයින යත්: අසම්පූර්‍ණ වූ හෝ ශීලස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ වූ හෝ ශීලස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි. අසම්පූර්‍ණ වූ හෝ සමාධිස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ වූ හෝ සමාධිස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි. අසම්පූර්‍ණ වූ හෝ ප්‍රඥාස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි, සම්පූර්‍ණ වූ හෝ ප්‍රඥාස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි’ යි එහෙයින් මේ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ යැ භජනය කළ යුත්තේ යැ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි.

14. කතමො ච පුග‍්ගලො ජිගුච‍්ඡිතබ‍්බො න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො අසුචි සඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො, අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො අන‍්තො පූති අවස‍්සුතො කසම‍්බුජාතො එවරූපො පුග‍්ගලො ජිගුච‍්ඡිතබ‍්බො න සෙවිතබ‍්බො. න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො’ තං කිස‍්සහෙතු: කිඤ‍්චාපි එවරූපස‍්ස පුග‍්ගලස‍්ස න දිට‍්ඨානුගතිං ආපජ‍්ජති අථ ඛො නං පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති පාපමිත‍්තො පුරිසපුග‍්ගලො පාපසහායො පාපසම‍්පවඞ‍්කො’ති. සෙය්‍යථාපි නාම අභි ගූථගතො කිඤ‍්චාපි න දංසති අථ ඛො නං මක‍්ඛෙති, එවමෙව කිඤ‍්චාපි එවරූපස‍්ස පුග‍්ගලස‍්ස න දිට‍්ඨානුගතිං ආපජ‍්ජති අථ ඛො නං පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති පාපමිත‍්තො පුරිසපුග‍්ගලොපාපසහායො පාපසම‍්පවඞ‍්ඛොති තස‍්මා එවරූපො පුග‍්ගලො ජිගුච‍්ඡිතබ‍්බො න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො.

14. කවර පුද්ගලයෙක් පිළිකුල් කළ යුත්තේ සේවනය නො කළ යුත්තේ භජනය නො කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ ද: මෙලොව එක් පුද්ගලයෙක් දුසිල් වූයේ වෙයි ලාමක ගති ඇත්තේ අපිරිසිදු කායකර්‍මාදිය ඇත්තේ සැකයෙන් සිහි කටයුතු පැවැතුම් ඇත්තේ සැඟවිය යුතු ක්‍රියා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිරූපක වූයේ ශ්‍රමණයෙමි ප්‍රතිඥා කරන්නේ බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූයේ බ්‍රහ්මවාරියෙමි’ යි ප්‍රතිඥා කරන්නේ ඇතුළත කුණු වූයේ රාගාදීන් තෙත් වූයේ හටගත් රාගාදි කසළ ඇත්තේ වෙයි, මෙ බඳු පුද්ගල පිළිකුල් කළ යුත්තේ ය, සේවනය නො කළ යුත්තේ ය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි. ඒ කවර හෙයින යත්: මෙ බඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණෙයි. එතෙකුදු වුවත් ‘පවිටු මිතුරන් ඇති පවිටු සහායයන ඇති පවට නැඹුරු වූ පුද්ගලයෙකි’ යන ඔහු පිළිබඳ ලාමක වූ කීර්තිශබ්දය උස් ව නැඟෙයි. යම් සේ අසුචියෙහි සිටි සර්‍පයා දෂ්ට නොකෙරේ නමුදු වැලි (අසූචියෙන්) ඔහු තවරයි එසේ ම මෙබඳු වූ පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණේ නමුදු වැලි ‘පවිටු මිතුරන් ඇති පවිටු සහායයන් ඇති පවට නැඹුරු වූ පුරුෂ පුද්ගලයෙක’ යන ඔහු පිළිබඳ ලාමක කථාහඩ උස්ව නැඟෙයි, එහෙයින් මෙබඳු වූ පුද්ගල පිළිකුල් කළ යුත්තේ සේවනය නො කළ යුත්තේ ය. භජනය නො කළ යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි.

කතමො ච පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චඤ‍්චෙ පාතුකරොති, සෙය්‍යථාපි නාම දුට‍්ඨාරුකා කට‍්ඨෙන වා කඨලාය වා ඝට‍්ටිතා භිය්‍යොසොමත‍්තාය අස‍්සන්‍දති, එවමෙව ඉධෙ’කච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති, පතිත්‍ථීයති කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති, සෙය්‍යථාපි නාම තින්‍දුකාලාතං කට‍්ඨෙන වා කඨලයා වා ඝට‍්ටිතං භිය්‍යොසොමත‍්තාය චිච‍්චිටායති චිටිචිටායති, එවමෙව ඉධෙකච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති, සෙය්‍යථාපි නාම ගූථකූපො කට‍්ඨෙන වා කඨලාය වා ඝට‍්ටිතො භිය්‍යොසොමත‍්තාය දුග‍්ගන්‍ධො හොති, එවමෙව ඉධෙකච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො, අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති, එවරූපො පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො. තං කිස‍්සහෙතු: අක‍්කොසෙය්‍යපි මං පරිභාසෙය්‍යපි මං අනත්‍ථම‍්පි මෙ කරෙය්‍යාති, තස‍්මා එවරූපො පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, න සෙවිතබ‍්බො, න භජිතබ‍්බො, න පයිරුපාසිතබ‍්බො.

උපේක්‍ෂා කළ යුතු සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු පුද්ගල කවරේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු ය, දැඩි ආයාස බහුල කොට ඇත්තේ ය. යම්තමක් කියන ලද පමණිනුදු ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. යම් සේ පැරැණි ව්‍රණය දණ්ඩකින් හෝ කැබිලිත්තකින් පහරන ලද්දේ බොහෝ සෙයින් පූයා වගුරුවා ද එසේ ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු ය. දැඩි ආයාස බහුල කොට ඇත්තේ ය. මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. යම් සේ තිඹිරි පෙනහෙල්ලක් දණ්ඩෙන් හෝ කැබිලිත්තෙන් ගටනා ලද්දේ බොහෝ සෙයින් ‘චිච්චිට’ හඩ නඟා ද ‘චිට චිට’ හඬ නඟා ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී. තද බවට පැමිණෙයි, කෝපයත් ද්වේෂය නොසතුටත් පහළ කෙරෙයි. යම්සේ ගූථකූපය දණ්ඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින් දු ගඳ වෙයි ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි, මෙ බඳු පුද්ගල උපේක්‍ෂා කටයුත්තේ ය. සේවනය නො කළ යුත්තේ ය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: මට ආක්‍රෝශ කරනු ඇතැයි ද මට අවමන් කරනු ඇතැ යි ද මට අවැඩ කරනු ඇතැයි ද කියා යි. එහෙයින් මෙ බඳු පුද්ගල උපේක්‍ෂා කටයුතුය, සේවනය නො කළ යුත්තේය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේයි.

කතමො ච පුග‍්ගලො සෙවිතබ‍්බො, භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො: ඉධෙ’කච‍්චො පුග‍්ගලො සීලවා හොති, කල්‍යාණධම‍්මො, එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො, භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො, තං කිස‍්ස හෙතු: කිඤ‍්චාපි එවරූපස‍්ස පුග‍්ගලස‍්ස න දිට‍්ඨානුගතිං ආපජ‍්ජති අථ ඛො නං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. කල්‍යාණමිත‍්තො පුරිසපුග‍්ගලො, කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො’ති තස‍්මා එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො, භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො.

කවර පුද්ගලයෙක් සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල්වත් වෙයි, යහපත් ගති ඇත්තේ ය, මෙ බඳු පුද්ගල සේවනය කළ යුත්තේය. භජනය කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණේ නමුදු වැලි ‘කලණ මිතුරන් ඇති’ ‘කලණ සහායයන් ඇති’ ‘කලණයන්ට නැඹුරු වූ පුරුෂ පුද්ගලයෙක’ යන ඔහු පිළිබඳ වූ යහපත් කීර්ති ශබ්දය උස් ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල සේවනය කළ යුත්තේය. භජනය කළ යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි.

15. කතමො ච පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී සමාධිස‍්මිං මත‍්තසොකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී: සොතාපන‍්නසකදාගාමිනො. ඉමෙ වුච‍්චන‍්ති පුග‍්ගලා සීලෙසු පරිපූරකාරිනො, සමාධිස‍්මිං මත‍්තසොකාරිනො, පඤ‍්ඤාය මත‍්තසොකාරිනො.

15. කවර පුද්ගලයෙක් සීලයන් සපුරා කරන්නේ සමාධිය එක් දෙසක් කරන්නේ ප්‍රඥාව එක් දෙසක් කරන්නේ වේ ද යත්: සෝතාපන්න සකදාගාමීහු ය. මොහු සීලයන්හි සපුරා කරන සුලු සමාධියෙහි එක් දෙසක් කරන සුලු ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු පුද්ගලයෝ ය යි කියනු ලැබෙත්.

කතමො ච පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී, සමාධිස‍්මිඤ‍්ච පරිපූරකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී: අනාගාමී. අයං වුච‍්චති පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස‍්මිඤ‍්ච පරිපූරකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී.

කවර පුද්ගලයෙක් සීලයන් ද සපුරා කරන්නේ සමාධිය ද සපුරා කරන්නේ ප්‍රඥාව එක් දෙසක් කරන්නේ වේ ද යත්: අනාගාමී තෙමේ යි. මේ තෙමේ සීලයන් ද සපුරා කරන සුලු සමාධිය ද සපුරා කරන ප්‍රඥාව එක් දෙසක් කරන පුද්ගලයා යැ යි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී, සමාධිස‍්මිඤ‍්ච පරිපූරකාරී, පඤ‍්ඤාය ච පරිපූරකාරී: අරහා. අයං වුච‍්චති පුග‍්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස‍්මිඤ‍්ච පරිපූරකාරී, පඤ‍්ඤාය ච පරිපූරකාරී.

කවර පුද්ගලයෙක් සීලයන් ද සපුරා කරන්නේ සමාධිය ද සපුරා කරන්නේ ප්‍රඥාව ද සපුරා කරන්නේ වේ ද යත්: රහතුන් වහන්සේ යි. මේ තෙමේ සීලයන් ද සපුරා කරන සමාධිය ද සපුරා කරන ප්‍රඥාව ද සපුරා කරන පුද්ගලයා යැ යි කියනු ලැබේ.

16. තත්‍ථ කතමෙ තයො සත්‍ථාරෙ: ඉධෙ’කච‍්චො සත්‍ථා කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. ඉධ පන එකච‍්චො සත්‍ථා කාමානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. රූපානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, ඉධ පන එකච‍්චො සත්‍ථා කාමානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, රූපානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති වෙදනානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. තත්‍ර ය‍්වායං සත්‍ථා කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති රූපාවචරසමාපත‍්තියා ලාභී සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො තත්‍ර ය‍්වායං සත්‍ථා කාමානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති රූපානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති අරූපාවචරසමාපත‍්තියා ලාභී සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො. තත්‍ර ය‍්වායං සත්‍ථා කාමානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, රූපානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, වෙදනානඤ‍්ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, සම‍්මාසම‍්බුද‍්ධො සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො, ඉමෙ තයො සත්‍ථාරො.

16. එහි ශාස්තෘහු තිදෙනා කවරහු ද යත්: මෙලොව එක් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ප්‍රහාණය නො පනවයි. වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවයි. යළි මෙහි එක් ශාස්තෘ වරයෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ද ප්‍රහාණය පනවයි. වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවයි. තවද මෙහි එක් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ද ප්‍රහාණය පනවයි. වේදනාවන්ගේ ද ප්‍රහාණය පනවයි. ඔවුනතුරෙහි යම් මේ ශාස්තෘවරයෙක් කාමයන්ගේ ප්‍රහාණය පනවා ද රූපයන්ගේ ප්‍රහාණය නො පනවා ද වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවා ද එකරුණෙන් රූපාවචර සමාපත්තිය ලබනසුලු ශාස්තෘවරයෙකැ යි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් කාමයන්ගේත් ප්‍රහාණය පනවා ද රූපයන්ගේත් ප්‍රහාණය පනවා ද වේදනාවන්ගේත් ප්‍රහාණය නො පනවාද එකරුණින් අරූපාවචර සමාපත්තිය ලබන සුලු ශාස්තෘ වරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් කාමයන්ගේත් ප්‍රහාණය පනවා ද රූපයන්ගේත් ප්‍රහාණය පනවා ද වේදනාවන්ගේත් ප්‍රහාණය පනවා ද එකරුණෙන් සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘන් වහන්සේ ය යි දත යුත්තා හ. මොහු තිදෙන ශාස්තෘහු යි.

17. තත්‍ථ කතමෙ අපරෙපි තයො සත්‍ථාරො: ඉධෙකච‍්චො සත්‍ථා දිට‍්ඨෙචෙව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති, අභිසම‍්පරායඤ‍්ච අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති ඉධ පන එකච‍්චො සත්‍ථා දිට‍්ඨෙව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති, නො ච ඛො අභිසම‍්පරායං අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති, ඉධ පන එකච‍්චො සත්‍ථා දිට‍්ඨෙචෙව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො න පඤ‍්ඤාපෙති. අභිසම‍්පරායඤ‍්ච අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති. තත්‍ර ය‍්වායං සත්‍ථා දිට‍්ඨෙචෙව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති, අභිසම‍්පරායඤ‍්ච අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති සස‍්සතවාදො සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො, තත්‍ර ය‍්වායං සත්‍ථා දිට‍්ඨෙ’ව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති නො ච ඛො අභිසම‍්පරායං අත‍්තානං සච‍්චතො ථෙතතො පඤ‍්ඤාපෙති උච‍්ඡෙදවාදො සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො. තත්‍ර යාවායං සත්‍ථා දිට‍්ඨෙචෙව ධම‍්මෙ අත‍්තානං සච‍්චතො ථෙතතො න පඤ‍්ඤාපෙති. අභිසම‍්පරායඤ‍්ච අත‍්තානං සච‍්චතො ථෙතතො න පඤ‍්ඤාපෙති. සම‍්මා සම‍්බුද‍්ධො සත්‍ථා තෙන දට‍්ඨබ‍්බො, ඉමෙ අපරෙ’පි තයො සත්‍ථාරො.

17. එහි අන්‍ය වූ ද ශාස්තෘහු තිදෙනා කවරහු ද යත්: මෙලොව එක් ශාස්තෘවරයෙක් මෙ අත් බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනව යි. පෙර අත් බැව් හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවයි. යළි මෙහි එක් ශාස්තෘවරයෙක් මෙ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවයි. එතෙකුදු වත් පෙර අත් බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවයි. තවද මෙහි එක් ශාස්තෘ වරයෙක් මෙ අත්බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවයි. පෙර අත් බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනව යි. ඔවුනතුරෙහි යම් ශාස්තෘ වරයෙක් මෙ අත් බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවා ද, පෙර අත්බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවාද එකරුණින් ශාස්වතවාදී ශාස්තෘ වරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් මෙ අත්බැව්හි ම සත්‍යවශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවාද එතෙකුදු වත් පෙර අත්බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවාද එකරුණින් උච්ඡේදවාදී ශාස්තෘවරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘ වරයෙක් මෙ අත්බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවා ද පෙර අත්බැව්හිත් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවා ද එකරුණෙන් සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘන් වහන්සේ ය යි දත යුත්තාහ. මොහු අන්‍ය වූ ද ශාස්තෘහු තිදෙනා යි.

තික නිද‍්දෙසො නිට‍්ඨිතො.

ත්‍රික නිර්‍දෙශය නිමියේ යි.