8. සිඞ්ගාලසුත්තවණ්ණනා අට්ඨකථා
8. සිඞ්ගාලසුත්තවණ්ණනා
8. සිගාලක සූත්‍ර වර්ණනාව
නිදානවණ්ණනා
එවං මෙ සුතන්ති සිඞ්ගාලසුත්තං. තත්රායමනුත්තානපදවණ්ණනා – වෙළුවනෙ කලන්දකනිවාපෙති වෙළුවනන්ති තස්ස උය්යානස්ස නාමං. තං කිර වෙළූහි පරික්ඛිත්තං අහොසි අට්ඨාරසහත්ථෙන ච පාකාරෙන ගොපුරට්ටාලකයුත්තං නීලොභාසං මනොරමං, තෙන වෙළුවනන්ති වුච්චති. කලන්දකානඤ්චෙත්ථ නිවාපං අදංසු, තෙන කලන්දකනිවාපොති වුච්චති.
මා විසින් මෙසේ සිගාලක සූත්‍රය අසන ලදී. එහි අනුත්තාන පද වර්ණනාව මෙසේය. වෙළුවනෙ කලන්දක නිවාපෙ - වෙළුවන යනු ඒ උයනේ නම් වේ. එය වනාහි උන ගස්වලින් වටකරන ලද්දේය. දහඅටරියන් පවුරෙන් හා ගෝපුර (දොරටුව) අට්ටාවලින් යුක්තව නිල් පාටින් බබළන මනරම් වූ එයින් වේළුවන යයි කියනු ලැබේ. ලෙහෙනුන්ට ද එහි ආහාර දුන්හ.
පුබ්බෙ කිර අඤ්ඤතරො රාජා තත්ථ උය්යානකීළනත්ථං ආගතො සුරාමදෙන මත්තො දිවා නිද්දං ඔක්කමි. පරිජනොපිස්ස “සුත්තො රාජා”ති පුප්ඵඵලාදීහි පලොභියමානො ඉතො චිතො ච පක්කාමි. අථ සුරාගන්ධෙන අඤ්ඤතරස්මා සුසිරරුක්ඛා කණ්හසප්පො නික්ඛමිත්වා රඤ්ඤො අභිමුඛො ආගච්ඡති, තං දිස්වා රුක්ඛදෙවතා “රඤ්ඤො ජීවිතං දම්මී”ති කාළකවෙසෙන ආගන්ත්වා කණ්ණමූලෙ සද්දමකාසි. රාජා පටිබුජ්ඣි. කණ්හසප්පො නිවත්තො. සො තං දිස්වා “ඉමාය කාළකාය මම ජීවිතං දින්න”න්ති කාළකානං තත්ථ නිවාපං පට්ඨපෙසි, අභයඝොසඤ්ච ඝොසාපෙසි. තස්මා තං තතො පභුති “කලන්දකනිවාපො”ති සඞ්ඛ්‍යං ගතං. කලන්දකාති හි කාළකානං එතං නාමං.
පෙර වනාහි එක්තරා රජෙක් ක්‍රීඩා පිණිස එහි පැමිණියේ සුරා මතයෙන් නිදා ගත්තේය. පිරිවර ජනයා ද රජ නිදි යයි මල් ඵලවලින් පොළඹවන ලද්දෝ එහෙ මෙහෙ ගියහ. ඉක්බිති සුරා ගඳින් එක්තරා සිදුරු ගසකින් කළු සර්පයෙක් නික්ම රජු අභිමුඛයට එයි. ඒ දුටු රුක් දෙවියා රජුට ජීවිතදානය කෙරෙමියි ලෙහෙනෙකුගේ වෙසින් පැමිණ කන මුල ශබ්ද කෙළේය. රජ අවදි විය. කළු සර්පයා නැවතුනේය. රජ ඌ දැක මේ කාලක විසින් කාල සර්පයාගෙන් මගේ ජීවිතය දෙන ලදැයි, එහෙයින් එතැන් පටන් කලන්දක නිවාප යයි ව්‍යවහාරයට පත්විය. “කලන්දක” යනු කාලකයින්ට (ලෙහෙනුන්ට) නමකි.
තෙන ඛො පන සමයෙනාති යස්මිං සමයෙ භගවා රාජගහං ගොචරගාමං කත්වා වෙළුවනෙ කලන්දකනිවාපෙ විහරති, තෙන සමයෙන. සිඞ්ගාලකො ගහපතිපුත්තොති සිඞ්ගාලකොති තස්ස නාමං. ගහපතිපුත්තොති ගහපතිස්ස පුත්තො ගහපතිපුත්තො. තස්ස කිර පිතා ගහපතිමහාසාලො, නිදහිත්වා ඨපිතා චස්ස ගෙහෙ චත්තාලීස ධනකොටියො අත්ථි. සො භගවති නිට්ඨඞ්ගතො උපාසකො සොතාපන්නො, භරියාපිස්ස සොතාපන්නායෙව. පුත්තො පනස්ස අස්සද්ධො අප්පසන්නො. අථ නං මාතාපිතරො අභික්ඛණං එවං ඔවදන්ති – “තාත සත්ථාරං උපසඞ්කම, ධම්මසෙනාපතිං මහාමොග්ගල්ලානං මහාකස්සපං අසීතිමහාසාවකෙ උපසඞ්කමා”ති. සො එවමාහ – “නත්ථි මම තුම්හාකං සමණානං උපසඞ්කමනකිච්චං, සමණානං සන්තිකං ගන්ත්වා වන්දිතබ්බං හොති, ඔනමිත්වා වන්දන්තස්ස පිට්ඨි රුජ්ජති, ජාණුකානි ඛරානි හොන්ති, භූමියං නිසීදිතබ්බං හොති, තත්ථ නිසින්නස්ස වත්ථානි කිලිස්සන්ති ජීරන්ති, සමීපෙ නිසින්නකාලතො පට්ඨාය කථාසල්ලාපො හොති, තස්මිං සති විස්සාසො උප්පජ්ජති, තතො නිමන්තෙත්වා චීවරපිණ්ඩපාතාදීනි දාතබ්බානි හොන්ති. එවං සන්තෙ අත්ථො පරිහායති, නත්ථි මය්හං තුම්හාකං සමණානං උපසඞ්කමනකිච්ච”න්ති. ඉති නං යාවජීවං ඔවදන්තාපි මාතාපිතරො සාසනෙ උපනෙතුං නාසක්ඛිංසු.
තෙන ඛො පන සමයෙන - භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගොදුරුගම් කොට කලන්දක නිවාප වේළුවනයෙහි වාසය කරති. ඒ සමයෙහි, සිගාලකො ගහපති පුත්තො - සිගාල යනු ඔහුගේ නම වේ. ගහපති පුත්තො යනු, ගෘහපතියාගේ පුතාය. ඔහුගේ පියා වනාහි ගෘහපති මහා සාළයෙකි. නිදන්කොට තබන ලද ඔහුගේ ගෙයි සතලිස් කෝටියක් ධනය ඇත. හේ භාග්‍යවතුන් සිටින විට උපාසකව සෝවාන් වූයේය. ඔහුගේ බිරිය ද සෝවාන් වූවාය. පුත්‍රයා වනාහි අශ්රද්ධාවත් වේ, අප්‍රසන්න වේ. ඉක්බිති ඔහුට මාපියෝ නිතර ඔවදන් දෙති. දරුව, ශාස්තෲන් වහන්සේ වෙත යන්න. ධර්ම සේනාපති (සැරියුත් හිමි) මහා මොග්ගල්ලාන, මහා කස්සප, අසූමහා සව්වන් කරා යන්න යයි උපදෙස් දෙති. එවිට හේ මෙසේ කියයි. ඔබලාගේ ශ්රමණයන් වෙත ගොස් මට වැඩක් නැත. ශ්රමණයන් ලඟට ගියවිට වැඳිය යුතු වේ. නැමී වඳිනවිට පිට රිදේ. දණහිස් රළු වේ. බිම හිඳගත යුතුය එහි හිඳගත් කල වස්ත්‍ර කිලිටි වේ. දිරයි. සමීපයේ සිටින කාලයේ පටන් කථා සල්ලාප වේ. එවිට විශ්වාසයක් ඇතිවේ. එයින් ආරාධනා කොට චීවර පිණ්ඩපාත ආදිය දිය යුතුය. මෙසේ ඇති කල්හි ධනය පිරිහේ. ඔබලාගේ ශ්රමණයන් වෙත එළඹීමෙන් මට වැඩක් නැත. මෙසේ ඔහුට දිවිතෙක් අවවාද කළමුත් සාසනයට පැමිණවීමට මව්පියෝ අසමත් වූහ.
අථස්ස පිතා මරණමඤ්චෙ නිපන්නො “මම පුත්තස්ස ඔවාදං දාතුං වට්ටතී”ති චින්තෙත්වා පුන චින්තෙසි – “දිසා තාත නමස්සාහී”ති එවමස්ස ඔවාදං දස්සාමි, සො අත්ථං අජානන්තො දිසා නමස්සිස්සති, අථ නං සත්ථා වා සාවකා වා පස්සිත්වා “කිං කරොසී”ති පුච්ඡිස්සන්ති. තතො “මය්හං පිතා දිසා නමස්සනං කරොහීති මං ඔවදී”ති වක්ඛති. අථස්ස තෙ “න තුය්හං පිතා එතා දිසා නමස්සාපෙති, ඉමා පන දිසා නමස්සාපෙතී”ති ධම්මං දෙසෙස්සන්ති. සො බුද්ධසාසනෙ ගුණං ඤත්වා “පුඤ්ඤකම්මං කරිස්සතී”ති. අථ නං ආමන්තාපෙත්වා “තාත, පාතොව උට්ඨාය ඡ දිසා නමස්සෙය්‍යාසී”ති ආහ. මරණමඤ්චෙ නිපන්නස්ස කථා නාම යාවජීවං අනුස්සරණීයා හොති. තස්මා සො ගහපතිපුත්තො තං පිතුවචනං අනුස්සරන්තො තථා අකාසි. තස්මා “කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා”තිආදි වුත්තං.
ඉක්බිති පියා මරණ මංචකයෙහි නිපන්නේ මගේ පුතාට අවවාද දීමට වටී යයි සිතා නැවත සිතීය. දරුව, “දිසා නමස්කාර කරන්න” මෙසේ අවවාද දෙන්නෙමි. ඔහු අර්ථය නොදන්නේ දිසා නමස්කාර කරන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ හෝ දැක කුමක් කරන්නෙහිදැයි විචාරන්නෝය. එයින් මගේ පියා දිසා නමස්කාර කරවයි අවවාද දුන්නේයයි කියයි. ඉක්බිති උන්වහන්සේලා ඔබගේ පියා මේ දිසා නමස්කාර කරවන්නේ නැත. මේ දිසා නමස්කාර කරවයි දම් දෙසති. හේ බුදු සසුනෙහි ගුණ දැන පින්කම් කරන්නේය. ඉක්බිති ඔහු අමතා දරුව, පාන්දර නැගිට සදිසා නමස්කාර කරන්නයැයි කීය. මරණ මඤ්චකයෙහි නිපන් අයගේ කථා නම් දිවිතෙක් සිහිකළ යුතු වේ. එහෙයින් ඒ ගෘහපති පුත්‍රයා පියාගේ ඒ වචනය සිහි කරන්නේ එසේ කෙළේය. එහෙයින් වේලාසනින් නැගිට “රාජගහා නික්ඛමිත්වා” යනාදිය කියන ලදී.
පුථුදිසාති බහුදිසා. ඉදානි තා දස්සෙන්තො පුරත්ථිමං දිසන්තිආදිමාහ. පාවිසීති න තාව පවිට්ඨො, පවිසිස්සාමීති නික්ඛන්තත්තා පන අන්තරාමග්ගෙ වත්තමානොපි එවං වුච්චති. අද්දසා ඛො භගවාති න ඉදානෙව අද්දස, පච්චූසසමයෙපි බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො එතං දිසා නමස්සමානං දිස්වා “අජ්ජ අහං සිඞ්ගාලස්ස ගහපතිපුත්තස්ස ගිහිවිනයං සිඞ්ගාලසුත්තන්තං කථෙස්සාමි, මහාජනස්ස සා කථා සඵලා භවිස්සති, ගන්තබ්බං මයා එත්ථා”ති. තස්මා පාතොව නික්ඛමිත්වා රාජගහං පිණ්ඩාය පාවිසි, පවිසන්තො ච නං තථෙව අද්දස. තෙන වුත්තං – “අද්දසා ඛො භගවා”ති. එතදවොචාති සො කිර අවිදූරෙ ඨිතම්පි සත්ථාරං න පස්සති, දිසායෙව නමස්සති. අථං නං භගවා සූරියරස්මිසම්ඵස්සෙන විකසමානං මහාපදුමං විය මුඛං විවරිත්වා “කිං නු ඛො ත්වං, ගහපතිපුත්තා”තිආදිකං එතදවොච.
පුථුදිසා - බොහෝ දැන් ඒවා දක්වන්නේ “පුරත්ථිම දිසං” යනාදිය කීහ. පාවිසි - තවම පිවිසියේ නැත. පිවිසෙන්නෙමියි නික්මුණු බව වනාහි අතරමග පවතින විට ද මෙසේ කියනු ලැබේ. අද්දසා ඛො භගවා - දැන් පමණක් දැක්කා නොවේ. අළුයම් වේලෙහි ද බුදු ඇසින් ලොව බලන්නේ මෙසේ දිසා නමස්කාර කරන්නා දැක අද මම සිගාල ගෘහපති පුත්‍රයාට ගිහි විනය වූ සිගාලෝවාද සූත්‍රාන්තය කියන්නෙමි. මහාජනයාට ඒ කථාව ප්‍රයෝජන වන්නේය. මා එහි යා යුතුය. එහෙයින් උදෙන්ම නික්මී රජගහනුවර පිණ්ඩපාතේ වැඩියහ. පිවිසෙන්නේ ඔහු එසේම දැක්කහ. එයින් කියන ලද “අද්දසා ඛො භගව” යයි. එතදවොච - හේ වනාහි ලඟ සිටියද ශාස්තෲන් නොදැක්කේය. දිසාම නමස්කාර කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට හිරුරැස් වැටී පිපෙන ලොකු නෙළුම් මලක් මෙන් මුව විවරකර ගෘහපති පුතය ඔබ කවුද යනාදි මේ වචන කීහ. “ස්වාමීනි, යථාකථංපන” වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ වචන අසා සිතීය. මගේ පියා සදිසා වැඳිය යුතු යයි කියන ලදී.
ඡදිසාදිවණ්ණනා
යථා කථං පන, භන්තෙති සො කිර තං භගවතො වචනං සුත්වාව චින්තෙසි “යා කිර මම පිතරා ඡ දිසා නමස්සිතබ්බා”ති වුත්තා, න කිර තා එතා, අඤ්ඤා කිර අරියසාවකෙන ඡ දිසා නමස්සිතබ්බා. හන්දාහං අරියසාවකෙන නමස්සිතබ්බා දිසායෙව පුච්ඡිත්වා නමස්සාමීති. සො තා පුච්ඡන්තො යථා කථං පන, භන්තෙතිආදිමාහ. තත්ථ යථාති නිපාතමත්තං. කථං පනාති ඉදමෙව පුච්ඡාපදං. කම්මකිලෙසාති තෙහි කම්මෙහි සත්තා කිලිස්සන්ති, තස්මා කම්මකිලෙසාති වුච්චන්ති. ඨානෙහීති කාරණෙහි. අපායමුඛානීති විනාසමුඛානි. සොති සො සොතාපන්නො අරියසාවකො. චුද්දස පාපකාපගතොති එතෙහි චුද්දසහි පාපකෙහි ලාමකෙහි අපගතො. ඡද්දිසාපටිච්ඡාදීති ඡ දිසා පටිච්ඡාදෙන්තො. උභොලොකවිජයායාති උභින්නං ඉධලොකපරලොකානං විජිනනත්ථාය. අයඤ්චෙව ලොකො ආරද්ධො හොතීති එවරූපස්ස හි ඉධ ලොකෙ පඤ්ච වෙරානි න හොන්ති, තෙනස්ස අයඤ්චෙව ලොකො ආරද්ධො හොති පරිතොසිතො චෙව නිප්ඵාදිතො ච. පරලොකෙපි පඤ්ච වෙරානි න හොන්ති, තෙනස්ස පරො ච ලොකො ආරාධිතො හොති. තස්මා සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
ඒවා මේවා, ආර්ය ශ්රාවකයා විසින් වැඳිය යුතු ඒවා වෙනත් ඒවාය. මම ද අරිය සාවකයා විසින් වැඳිය යුතු දිසා අසා වඳින්නෙමියි හේ ඒවා අසන්නේ “යථා කථං පන භන්තෙ” යනාදිය කීය. යථා - නිපාතයකි. කථම්පන - ඇසූ පදය මෙයම වේ. කම්මකිලෙසා - ඒවායින් සත්වයා කිලිටි කරන්නේය. එහෙයින් කර්ම කිලෙස යයි කියනු ලැබේ. ඨානෙහි - කරුණුවලින්. අපායමුඛානි - විනාශමුඛ සො - හේ සෝවාන් ආර්ය ශ්රාවකයා. චුද්දසපාපතාපසො - මේ තුදුස් පාපලාමකවලින් දුරු වී සදිසා වසන්නේ උභො ලොකවිජයාය - මෙලොව පරලොව දෙලොව දිනීම සඳහා අයංචෙව ලොකො ආරද්ධොහොති - එබඳු වූ මෙලොව පංච වෛර නැත. ඔව්හු ඔහුට මෙලොව ද පටන්ගන්නා ලද වේ. සතුටු කරන ලද මෙන්ම සම්පාදිත වූයේ ද වේ. පරලොවේ ද පංච වෛර නැත. එයින් ම පරලොවද ආරාධිත වේ. එහෙයින් හේ මරණින් පසු සුගති වූ ස්වර්ග ලෝකයට පැමිණේ.
ඉති භගවා සඞ්ඛෙපෙන මාතිකං ඨපෙත්වා ඉදානි තමෙව විත්ථාරෙන්තො කතමස්ස චත්තාරො කම්මකිලෙසාතිආදිමාහ. කම්මකිලෙසොති කම්මඤ්ච තං කිලෙසසම්පයුත්තත්තා කිලෙසො චාති කම්මකිලෙසො. සකිලෙසොයෙව හි පාණං හනති, නික්කිලෙසො න හනති, තස්මා පාණාතිපාතො “කම්මකිලෙසො”ති වුත්තො. අදින්නාදානාදීසුපි එසෙව නයො. අථාපරන්ති අපරම්පි එතදත්ථපරිදීපකමෙව ගාථාබන්ධං අවොචාති අත්ථො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාව තබා දැන් එයම විස්තර කරන්නේ “කර්ම ක්ලේශ සතර කවරේදැ”යි යනාදිය කීහ. කම්මකිලෙසො - කර්මය ද ඒ කෙලෙස් සම්ප්රයුක්තභාවය කෙලෙස් ද යයි කම්මකිලෙස වේ. කෙලෙස් සහිතවම ප්‍රාණඝාතය කරයි. කෙලෙස් නැත්තා නො නසයි. එහෙයින් “පාණාතිපාතය” කම්ම කිලෙසයයි කියන ලදී. අදින්නාදානාදියෙහි ද මෙම නයම වේ. අථාපරං - තව ද ඒ අර්ථයම විස්තර කරන්නේ ගාථා බැඳුම් කියන ලදැයි අර්ථ වේ.
චතුඨානාදිවණ්ණනා
පාපකම්මං කරොතීති ඉදං භගවා යස්මා කාරකෙ දස්සිතෙ අකාරකො පාකටො හොති, තස්මා “පාපකම්මං න කරොතී”ති මාතිකං ඨපෙත්වාපි දෙසනාකුසලතාය පඨමතරං කාරකං දස්සෙන්තො ආහ. තත්ථ ඡන්දාගතිං ගච්ඡන්තොති ඡන්දෙන පෙමෙන අගතිං ගච්ඡන්තො අකත්තබ්බං කරොන්තො. පරපදෙසුපි එසෙව නයො. තත්ථ යො “අයං මෙ මිත්තො වා සම්භත්තො වා සන්දිට්ඨො වා ඤාතකො වා ලඤ්ජං වා පන මෙ දෙතී”ති ඡන්දවසෙන අස්සාමිකං සාමිකං කරොති, අයං ඡන්දාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති නාම. යො “අයං මෙ වෙරී”ති පකතිවෙරවසෙන තඞ්ඛණුප්පන්නකොධවසෙන වා සාමිකං අස්සාමිකං කරොති, අයං දොසාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති නාම. යො පන මන්දත්තා මොමූහත්තා යං වා තං වා වත්වා අස්සාමිකං සාමිකං කරොති, අයං මොහාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති නාම. යො පන “අයං රාජවල්ලභො වා විසමනිස්සිතො වා අනත්ථම්පි මෙ කරෙය්යා”ති භීතො අස්සාමිකං සාමිකං කරොති, අයං භයාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති නාම. යො පන යංකිඤ්චි භාජෙන්තො “අයං මෙ සන්දිට්ඨො වා සම්භත්තො වා”ති පෙමවසෙන අතිරෙකං දෙති, “අයං මෙ වෙරී”ති දොසවසෙන ඌනකං දෙති, මොමූහත්තා දින්නාදින්නං අජානමානො කස්සචි ඌනං කස්සචි අධිකං දෙති, “අයං ඉමස්මිං අදිය්යමානෙ මය්හං අනත්ථම්පි කරෙය්යා”ති භීතො කස්සචි අතිරෙකං දෙති, සො චතුබ්බිධොපි යථානුක්කමෙන ඡන්දාගතිආදීනි ගච්ඡන්තො පාපකම්මං කරොති නාම.
පාපකම්මං කරොති - භාග්‍යවතුන් වහන්සේ මෙය යම් කරන්නෙක් දක්වන කල්හි ආකාරය ප්‍රකට වේ. එහෙයින් පව්කම් නොකරයි යන මාතෘකාව තබන්නේ ද දේශනා කුසලයෙන් පළමුව කරන්නා දක්වන්නේ කීහ. එහි ඡන්දාගතිං ගච්ඡන්තො - කැමැත්තෙන් ප්‍රේමයෙන් අගතියට යන්නේ නොකළ යුත්තක් කරන්නේ. අනිත් පදවල ද මෙම නයම වේ. එහි යමෙක් මේ මගේ මිත්‍රයා හෝ භක්තිමත්, දැකපුරුද, නෑයා යන අය විසින් මට අල්ලසක් දෙන්නේ යයි අසන්නේය, ස්වාමියෙක් ඡන්ද වශයෙන් අගතියට යන්නේ පව්කම් කරයි. හේ මගේ වෛරක්කාරයා යයි ප්‍රකෘති වෛර වශයෙන් හෝ එකෙණෙහි උපන් ක්‍රෝධ වශයෙන් හෝ ස්වාමියා අස්වාමිකයෙකු කරයි. මෙය දෝසයෙන් අගතියට යන්නේ පව්කම් කරයි. යමෙක් වනාහි අඥානයෙන් බැවින් මෝහයෙන් මුළා වී හෝ අස්වාමිකයකු ස්වාමියකු කරයි. මෙතෙම මෝහාගතියට යන්නේ පව්කම් කරයි. යමෙක් වනාහි මෙතෙම රාජ වල්ලභයෙක් හෝ විසම නිශ්රිත වූ මට අනර්ථයක් කරන්නේ යයි බිය වී අස්වාමිකයෙක් ස්වාමියකු කරයි. මෙතෙමේ බිය නිසා අගතියට යන්නේ පව්කම් කරයි. යමෙක් වනාහි යමක් බෙදන්නෙ මේ මගේ හුරුපුරුදු හෝ භක්තිමත් හෝ ප්‍රේමයෙන් අතිරේකයක් දෙයි. මේ මගේ විරුද්ධකාරයා යයි අඩුවෙන් දෙයි. යමෙක් මෝහයෙන් දුන් නොදුන් බව නොදන්නේ යමකුට අඩුවෙන් යමෙකුට වැඩියෙන් දෙයි. මොහුට නොදුන්නොත් මට අනර්ථයක් කරන්නේ යයි බිය වී කිසිවෙකුට අතිරේකයක් දෙයි. හේ සතර වැදෑරුම් අනුක්රමයෙන් ඡන්දාගති ආදිය කරන්නේ පව් කරයි.
අරියසාවකො පන ජීවිතක්ඛයං පාපුණන්තොපි ඡන්දාගතිආදීනි න ගච්ඡති. තෙන වුත්තං – “ඉමෙහි චතූහි ඨානෙහි පාපකම්මං න කරොතී”ති.
ආර්ය ශ්රාවකයා වනාහි දිවි ගියත් ඡන්දාගති ආදියට නොයයි. එයින් කියන ලදී. “මේ සතර තැන පව්කම් නොකරයි”
නිහීයති යසො තස්සාති තස්ස අගතිගාමිනො කිත්තියසොපි පරිවාරයසොපි නිහීයති පරිහායති.
නිහීයති තස්ස යසො - අගතිගාමී ඔහුගේ කීර්තිය ද පිරිවර ද පිරිහෙයි.
ඡඅපායමුඛාදිවණ්ණනා
සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානානුයොගොති එත්ථ සුරාති පිට්ඨසුරා පූවසුරා ඔදනසුරා කිණ්ණපක්ඛිත්තා සම්භාරසංයුත්තාති පඤ්ච සුරා. මෙරයන්ති පුප්ඵාසවො ඵලාසවො මධ්වාසවො ගුළාසවො සම්භාරසංයුත්තොති පඤ්ච ආසවා. තං සබ්බම්පි මදකරණවසෙන මජ්ජං. පමාදට්ඨානන්ති පමාදකාරණං. යාය චෙතනාය තං මජ්ජං පිවති, තස්ස එතං අධිවචනං. අනුයොගොති තස්ස සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානස්ස අනුඅනුයොගො පුනප්පුනං කරණං. යස්මා පනෙතං අනුයුත්තස්ස උප්පන්නා චෙව භොගා පරිහායන්ති, අනුප්පන්නා ච නුප්පජ්ජන්ති, තස්මා “භොගානං අපායමුඛ”න්ති වුත්තං. විකාලවිසිඛාචරියානුයොගොති අවෙලාය විසිඛාසු චරියානුයුත්තතා.
සුරාමේරය මජ්ජ පමාදට්ඨානුයොගො - මෙහි සුරා පැනිරස, පිටි, බත් කිණ්ණ, (ද්‍රව්‍ය, සුරාවට) සමභාර (සුරාවට ගන්නා ද්‍රව්‍ය) යන පංච සුරා. පංචසුරා - මල් යුෂ, ගෙඩි යුෂ පැනි, සකුරු, සම්භාර පංච යුෂ, ඒ සියල්ල මත් කිරීම් වශයෙන් මද්‍ය වේ. පමාදට්ඨෙන - පමාද කාරණ වූ, චේතනාවෙන් මද්‍ය පානය කරයි. එයට සමාන වචනයකි. අනුයොගො - ඒ සුරාමේරය මජ්ජ පමාදට්ඨානයේ අනු යෝගය නැවත නැවත කිරීම. මෙහි යෙදීමෙන් උපන් සම්පත් පිරිහෙයි. නූපන් සම්පත් නූපදී. එහෙයින් මෙය සම්පත්වල අපායමුඛයයි කියන ලදී. විකාල විසිඛාචරියානු යොගො - අවේලාවල වීථි සංචාරයෙහි යෙදෙන්නෝ.
සමජ්ජාභිචරණන්ති නච්චාදිදස්සනවසෙන සමජ්ජාගමනං. ආලස්යානුයොගොති කායාලසියතාය යුත්තප්පයුත්තතා.
සමජ්ජාභිචරණං - නැටුම් ගැයුම් ආදිය (සංදර්ශන) බැලීමට යෑම. ආලස්සානුයොගො - කයේ මැලිකම එයින් යුක්ත වූවෝ.
සුරාමෙරයස්ස ඡආදීනවාදිවණ්ණනා
එවං ඡන්නං අපායමුඛානං මාතිකං ඨපෙත්වා ඉදානි තානි විභජන්තො ඡ ඛො මෙ, ගහපතිපුත්ත ආදීනවාතිආදිමාහ. තත්ථ සන්දිට්ඨිකාති සාමං පස්සිතබ්බා, ඉධලොකභාවිනී. ධනජානීති ධනහානි. කලහප්පවඩ්ඪනීති වාචාකලහස්ස චෙව හත්ථපරාමාසාදිකායකලහස්ස ච වඩ්ඪනී. රොගානං ආයතනන්ති තෙසං තෙසං අක්ඛිරොගාදීනං ඛෙත්තං. අකිත්තිසඤ්ජනනීති සුරං පිවිත්වා හි මාතරම්පි පහරන්ති පිතරම්පි, අඤ්ඤං බහුම්පි අවත්තබ්බං වදන්ති, අකත්තබ්බං කරොන්ති. තෙන ගරහම්පි දණ්ඩම්පි හත්ථපාදාදිඡෙදම්පි පාපුණන්ති, ඉධලොකෙපි පරලොකෙපි අකිත්තිං පාපුණන්ති, ඉති තෙසං සා සුරා අකිත්තිසඤ්ජනනී නාම හොති. කොපීනනිදංසනීති ගුය්හට්ඨානඤ්හි විවරියමානං හිරිං කොපෙති විනාසෙති, තස්මා “කොපීන”න්ති වුච්චති, සුරාමදමත්තා ච තං තං අඞ්ගං විවරිත්වා විචරන්ති, තෙන නෙසං සා සුරා කොපීනස්ස නිදංසනතො “කොපීනනිදංසනී”ති වුච්චති. පඤ්ඤාය දුබ්බලිකරණීති සාගතත්ථෙරස්ස විය කම්මස්සකතපඤ්ඤං දුබ්බලං කරොති, තස්මා “පඤ්ඤාය දුබ්බලිකරණී”ති වුච්චති. මග්ගපඤ්ඤං පන දුබ්බලං කාතුං න සක්කොති. අධිගතමග්ගානඤ්හි සා අන්තොමුඛමෙව න පවිසති. ඡට්ඨං පදන්ති ඡට්ඨං කාරණං.
මෙසේ සවැදෑරුම් අපායමුඛ මාතෘකා වශයෙන් තබා දැන් ඒවා බෙදන්නේ “ඡ ඛො මෙ ගහපති පුත්ත ආදීනවා” යනාදිය කීහ. එහි සන්දිට්ඨිකා - තමාම බැලිය යුතු මෙලොව සිදුවන. ධනජානි - ධන හානිය. කලහප්පවඩ්ඪති - වාක් කලහ මෙන්ම අතපය ආදි ඡේදනය පැමිණෙන්නේ මෙලොව පරලොව නින්දාවට පැමිණේ. රොගානං ආයතනං - ඒ ඒ ඇස් රෝගාදිය. අකිත්ති සංජනනං - සුරා බී මවට පහර දෙති. පියාට ද, අනිත් බොහෝ නොකිව යුතු දේ කියති. නොකළ යුතු දේ කරති. එයින් ගැරහීම ද දඬුවම් ද අත් පා ආදිය සිඳීමට ද පැමිණෙන්නේ මෙලොව පරලොව නින්දාවටද පැමිණෙති. මෙසේ ඔවුන්ට ඒ සුරා නින්දාව උපදවයි. කොපීන නිදංසනී - වැසිය යුතු තැන් විවර වී ලජ්ජාව විනාශ වෙයි. එහෙයින් කොපී යයි කියනු ලැබේ. පඤ්ඤාය දුබ්බලීකරණී සාගල තෙරුන්ගේ මෙන් කම්මස්ස කතා ප්‍රඥාව දුර්වල කරයි. මාර්ග ප්‍රඥාව දුර්වල කළ නොහැකිය. අවබෝධ කළ මාර්ග ඇති අයට එය මුඛය තුළට නොපිවිසේ. ඡට්ඨං පදං - කරුණු සය.
අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොතීති අවෙලාය චරන්තො හි ඛාණුකණ්ටකාදීනිපි අක්කමති, අහිනාපි යක්ඛාදීහිපි සමාගච්ඡති, තං තං ඨානං ගච්ඡතීති ඤත්වා වෙරිනොපි නං නිලීයිත්වා ගණ්හන්ති වා හනන්ති වා. එවං අත්තාපිස්ස අගුත්තො හොති අරක්ඛිතො. පුත්තදාරාපි “අම්හාකං පිතා අම්හාකං සාමි රත්තිං විචරති, කිමඞ්ගං පන මය”න්ති ඉතිස්ස පුත්තධීතරොපි භරියාපි බහි පත්ථනං කත්වා රත්තිං චරන්තා අනයබ්යසනං පාපුණන්ති. එවං පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති. සාපතෙය්යන්ති තස්ස පුත්තදාරපරිජනස්ස රත්තිං චරණකභාවං ඤත්වා චොරා සුඤ්ඤං ගෙහං පවිසිත්වා යං ඉච්ඡන්ති, තං හරන්ති. එවං සාපතෙය්යම්පිස්ස අගුත්තං අරක්ඛිතං හොති. සඞ්කියො ච හොතීති අඤ්ඤෙහි කතපාපකම්මෙසුපි “ඉමිනා කතං භවිස්සතී”ති සඞ්කිතබ්බො හොති. යස්ස යස්ස ඝරද්වාරෙන යාති, තත්ථ යං අඤ්ඤෙන චොරකම්මං පරදාරිකකම්මං වා කතං, තං “ඉමිනා කත”න්ති වුත්තෙ අභූතං අසන්තම්පි තස්මිං රූහති පතිට්ඨාති. බහූනඤ්ච දුක්ඛධම්මානන්ති එත්තකං දුක්ඛං, එත්තකං දොමනස්සන්ති වත්තුං න සක්කා, අඤ්ඤස්මිං පුග්ගලෙ අසති සබ්බං විකාලචාරිම්හි ආහරිතබ්බං හොති, ඉති සො බහූනං දුක්ඛධම්මානං පුරක්ඛතො පුරෙගාමී හොති.
අත්තාපිස්ස අගුතෙතා හොති අරක්ඛිතො - අවේලාවේ හැසිරෙන්නා කණු කටු ආදිය ඇනගනී (ඇක්මෙයි). සර්ප යකුන්ගෙන් හිරිහැර පමුණුවා ගනී. ඒ ඒ තැන්වලට යතියි දැන විරුද්ධකාරයෝ සැඟවී සිට අල්ලා ගනිති හෝ හානි කරති. මෙසේ තමාට ද ආරක්ෂාවක් නැත. අඹුදරුවෝ ද අපගේ පියා මගේ ස්වාමියා රාත්‍රියේ හැසිරෙයි. තවම නැත්තේ ඇයි කියා දූ පුත්තු ද භාර්යාව ද එලියට බැස හැසිරෙන්නේ ව්‍යසනවලට ගොදුරු වෙති. අඹුදරුවෝ ද අනාරක්ෂිත වෙති. සාපතෙය්යං - ඔහුගේ අඹුදරුවන් පිරිවර ජනයා හැසිරෙන බව දැන සොරු හිස් ගෙයට පිවිස කැමති දෙයක් ගෙන යති. මෙසේ ඔහුගේ වස්තුවට ද රැකවරණයක් නැත. සංකියො ච හොති - අනුන් විසින් කරන ලද වැරදි ක්‍රියාවලට ද ඔහු සැක කරයි. බහුන්නඤ්ච දුක්ඛ ධම්මානං - මෙපමණ දුක්, මෙපමණ දොම්නස් යයි කිව නොහැක. වෙනත් පුද්ගලයන් නැති කල්හි සියල්ල අවේලාවෙහි හැසිරෙන්නා කරපිට වැටේ. මෙසේ ඔහු බොහෝ දුක්වලට පුරෝගාමී වෙති.
ක්ව නච්චන්ති “කස්මිං ඨානෙ නටනාටකාදිනච්චං අත්ථී”ති පුච්ඡිත්වා යස්මිං ගාමෙ වා නිගමෙ වා තං අත්ථි, තත්ථ ගන්තබ්බං හොති, තස්ස “ස්වෙ නච්චදස්සනං ගමිස්සාමී”ති අජ්ජ වත්ථගන්ධමාලාදීනි පටියාදෙන්තස්සෙව සකලදිවසම්පි කම්මච්ඡෙදො හොති, නච්චදස්සනෙන එකාහම්පි ද්වීහම්පි තීහම්පි තත්ථෙව හොති, අථ වුට්ඨිසම්පත්තියාදීනි ලභිත්වාපි වප්පාදිකාලෙ වප්පාදීනි අකරොන්තස්ස අනුප්පන්නා භොගා නුප්පජ්ජන්ති, තස්ස බහි ගතභාවං ඤත්වා අනාරක්ඛෙ ගෙහෙ චොරා යං ඉච්ඡන්ති, තං කරොන්ති, තෙනස්ස උප්පන්නාපි භොගා විනස්සන්ති. ක්ව ගීතන්තිආදීසුපි එසෙව නයො. තෙසං නානාකරණං බ්රහ්මජාලෙ වුත්තමෙව.
ක්ව නච්චං - නට නාටකාදි නෘත්‍ය තිබෙන්නේ කොහේදැයි අසා අසවල් ගමේ හෝ නියම්ගමෙහි යයි දැන යා යුතුය. හෙට නාට්‍ය සංදර්ශනයට යමියි අද වස්ත්‍ර මල් ආදිය පිළියෙළ කරන්නෙමි දවසම යොදාගනිමින් එදින වැඩ පාලු කරගනී. නාට්‍ය දර්ශනයෙන් එක් දිනක් හෝ දෙදිනක් එහිම වේ. ඉක්බිති වැසි ආදිය ලැබ වපුරන කාලයේ ඒවා නොකරන්නේ නූපන් භෝග නූපදී. ඔහු ගෙදර නැති බව දැන සොරු බඩු පැහැර ගනිති. එයින් ඔහුගේ තිබෙන භෝග ද විනාශ වේ. ක්ව ගීතං - යනාදියෙහි ද මෙම නයම වේ. ඒවායේ විවිධත්වය බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියන ලද්දේමය.
ජයං වෙරන්ති “ජිතං මයා”ති පරිසමජ්ඣෙ පරස්ස සාටකං වා වෙඨනං වා ගණ්හාති, සො “පරිසමජ්ඣෙ මෙ අවමානං කරොසි, හොතු, සික්ඛාපෙස්සාමි න”න්ති තත්ථ වෙරං බන්ධති, එවං ජිනන්තො සයං වෙරං පසවති. ජිනොති අඤ්ඤෙන ජිතො සමානො යං තෙන තස්ස වෙඨනං වා සාටකො වා අඤ්ඤං වා පන හිරඤ්ඤසුවණ්ණාදිවිත්තං ගහිතං, තං අනුසොචති “අහොසි වත මෙ, තං තං වත මෙ නත්ථී”ති තප්පච්චයා සොචති. එවං සො ජිනො විත්තං අනුසොචති. සභාගතස්ස වචනං න රූහතීති විනිච්ඡයට්ඨානෙ සක්ඛිපුට්ඨස්ස සතො වචනං න රූහති, න පතිට්ඨාති, “අයං අක්ඛසොණ්ඩො ජූතකරො, මා තස්ස වචනං ගණ්හිත්ථා”ති වත්තාරො භවන්ති. මිත්තාමච්චානං පරිභූතො හොතීති තඤ්හි මිතාමච්චා එවං වදන්ති – “සම්ම, ත්වම්පි නාම කුලපුත්තො ජූතකරො ඡින්නභින්නකො හුත්වා විචරසි, න තෙ ඉදං ජාතිගොත්තානං අනුරූපං, ඉතො පට්ඨාය මා එවං කරෙය්යාසී”ති. සො එවං වුත්තොපි තෙසං වචනං න කරොති. තතො තෙන සද්ධිං එකතො න තිට්ඨන්ති න නිසීදන්ති. තස්ස කාරණා සක්ඛිපුට්ඨාපි න කථෙන්ති. එවං මිත්තාමච්චානං පරිභූතො හොති.
ජයං වෙරං - මා දිනන ලදැයි පිරිස මැද අනුන්ගේ සලුවක් හෝ හිස් වෙළුමක් (වෙඨන) ගනී. ඔහු පිරිස මැද මට අවමන් කෙළෙහි යයි ඔහුට උගන්වන්නෙමියි එහි වෛර බඳියි. මෙසේ දිනන්නා ජය වෛරය වඩවයි. පැරදුණු තැනැත්තා (ජිතො) අනිකකු විසින් පරදවන ලද්දේ ඔහුගේ ජටාව හෝ සලුව හෝ වෙනත් රත්තරං ආදි ධනය ගන්නා ලදැයි සෝක කරයි. මෙසේ පැරදුන තැනැත්තා ධනය ගැන සෝක කරයි. සභාගතස්ස වචනං න රූහති - විනිශ්චය ස්ථානයෙහි සාක්ෂි විචාරන ලද්දේ ඔහුගේ වචනය නොපිළිගනී. මේ තෙමේ සූදුකාරයෙක් දූ කෙළින්නෙක් යයි ඔහුගේ සාක්ෂිය පිළිගත නොහැකැයි කියන්නෝ වෙති. මිත්තාමච්චානං පරිභූතො හොති - ඔහු මිත්‍රයෝ මෙසේ කියති. යහළුව, ඔබ නම් කුල පුත්‍රයෙකි. සූදුවට යන්නේ අසරණව හැසිරෙයි. මෙය ජාතිගෝත්රයට. අනුරූප නොවේ. මෙතැන් පටන් මෙසේ නොකරවයි කියයි. මෙසේ කීවද ඔවුන්ගේ වචන ගණන් නොගනී. ඉක්බිති ඔහු සමග එකතුව නොසිටිති. එකට හිඳ නොගනිති. ඔහුගේ කරුණු ගැන සාක්ෂි ඇසූව ද නොකියති. මෙසේ මිත්‍රයින්ගෙන් නින්දා ලබන්නේ වේ.
ආවාහවිවාහකානන්ති ආවාහකා නාම යෙ තස්ස ඝරතො දාරිකං ගහෙතුකාමා. විවාහකා නාම යෙ තස්ස ගෙහෙ දාරිකං දාතුකාමා. අපත්ථිතො හොතීති අනිච්ඡිතො හොති. නාලං දාරභරණායාති දාරභරණාය න සමත්ථො. එතස්ස ගෙහෙ දාරිකා දින්නාපි එතස්ස ගෙහතො ආගතාපි අම්හෙහි එව පොසිතබ්බා භවිස්සතියෙව.
ආවාහ විවාහකානං - ආවාහක නම් යම් ගෙදරකින් දැරියක ගනු කැමැත්තේ. විවාහක නම් යම් ගෙදරකින් දැරියක දෙනු කැමැත්තේ. අපත්ථිතො හොති - කැමති නැත්තේ වේ. නාලං දාර භරණාය - අඹුවන් රැකීමට අසමර්ථය. මොහුට ගෙයි දැරිය දුන්න ද මොහුට ගෙයින් ආව ද අප විසින් පෝෂණය කළයුතු වන්නේමය.
පාපමිත්තතාය ඡආදීනවාදිවණ්ණනා
ධුත්තාති අක්ඛධුත්තා. සොණ්ඩාති ඉත්ථිසොණ්ඩා භත්තසොණ්ඩා පූවසොණ්ඩා මූලකසොණ්ඩා. පිපාසාති පානසොණ්ඩා. නෙකතිකාති පතිරූපකෙන වඤ්චනකා. වඤ්චනිකාති සම්මුඛාවඤ්චනාහි වඤ්චනිකා. සාහසිකාති එකාගාරිකාදිසාහසිකකම්මකාරිනො. ත්යාස්ස මිත්තා හොන්තීති තෙ අස්ස මිත්තා හොන්ති. අඤ්ඤෙහි සප්පුරිසෙහි සද්ධිං න රමති ගන්ධමාලාදීහි අලඞ්කරිත්වා වරසයනං ආරොපිතසූකරො ගූථකූපමිව, තෙ පාපමිත්තෙයෙව උපසඞ්කමති. තස්මා දිට්ඨෙ චෙව ධම්මෙ සම්පරායඤ්ච බහුං අනත්ථං නිගච්ඡති.
ධුත්තා - දූ කෙළියෙ ඇළුණු. සොණ්ඩා - ඉතිරි, බත්, කැවුම්, මුදල්වලට ලොල්, පිපාසා - බීමට ලොල්. නෙකතිකා පිළිරූවලින් වංචා කරන. වඤ්චනිකා ඉදිරියේ දී වංචා කරන. සාහසිකා එක් ගෙයක් වටකොට පැහැර ගැනීම් ආදි සාහසික ක්‍රියා කරන්නෝ. ත්යාස්සමිත්තා හොන්ති - ඔහුට මිත්‍රයෝ වෙති, අනිත් පුරුෂයන් සමග. සුවඳමල් ආදියෙන් අලංකාර කොට උතුම් ඇඳක තැබූ ඌරා අසුචිවලට මෙන් පවිටු මිතුරන් කරාම යයි. එහෙයින් මෙලොව පරලොව බොහෝ අනර්ථවලට පැමිණෙයි.
අතිසීතන්ති කම්මං න කරොතීති මනුස්සෙහි කාලස්සෙව වුට්ඨාය “එථ භො කම්මන්තං ගච්ඡාමා”ති වුත්තො “අතිසීතං තාව, අට්ඨීනි භිජ්ජන්ති විය, ගච්ඡථ තුම්හෙ පච්ඡා ජානිස්සාමී”ති අග්ගිං තපන්තො නිසීදති. තෙ ගන්ත්වා කම්මං කරොන්ති. ඉතරස්ස කම්මං පරිහායති. අතිඋණ්හන්තිආදීසුපි එසෙව නයො.
අති සීතන්ති කම්ම න කරොති - මිනිසුන් කලින්ම නැගිට භවත, එන්න කර්මාන්තවලට යමු යයි කියන ලද්දේ, ඉතා සීතලයි. තවම ඇට බිඳෙනවා වගේ. ඔබලා යන්න. පස්සේ බලන්නම්. ගිනිතැප සිටියි. ඔව්හු ගොස් කර්මාන්ත කරති. අනිකාගේ කර්මාන්ත පිරිහෙයි, “අති උණහං” ආදියෙහි ද මෙ නයම වේ.
හොති පානසඛා නාමාති එකච්චො පානට්ඨානෙ සුරාගෙහෙයෙව සහායො හොති. “පන්නසඛා”තිපි පාඨො, අයමෙවත්ථො. සම්මියසම්මියොති සම්ම සම්මාති වදන්තො සම්මුඛෙයෙව සහායො හොති, පරම්මුඛෙ වෙරීසදිසො ඔතාරමෙව ගවෙසති. අත්ථෙසු ජාතෙසූති තථාරූපෙසු කිච්චෙසු සමුප්පන්නෙසු. වෙරප්පසවොති වෙරබහුලතා. අනත්ථතාති අනත්ථකාරිතා. සුකදරියතාති සුට්ඨු කදරියතා ථද්ධමච්ඡරියභාවො. උදකමිව ඉණං විගාහතීති පාසාණො උදකං විය සංසීදන්තො ඉණං විගාහති.
හොති පාන සඛා නාමා - ඇතමෙක් බොන තැන සුරාගෙයි යහළුවෝ වෙති. පන්නසඛාති පාඨයි. මෙම අර්ථයම වේ. සම්මිය සම්මියො - යාළුවේ කියන්නෝ ඉදිරියේ පමණක් යාළුවෝ වෙති. අනභිමුඛයෙහි වෛරක්කාරයන් මෙන් වැරදිම සොයති. අත්ථෙසු ජාතෙසු - එබඳු වැඩක් පැමිණි කල්හි. වෙරප්පසංගො - වෛර බහුල බව. අනත්ථා - අනර්ථ කරන බව. සුකදරියතා - තද මසුරුකම. උදකමිව ඉණං විගාහති - පාෂාණයෙහි ජලය මෙන් ණය අමතක වේ.
රත්තිනුට්ඨානදෙස්සිනාති රත්තිං අනුට්ඨානසීලෙන. අතිසායමිදං අහූති ඉදං අතිසායං ජාතන්ති යෙ එවං වත්වා කම්මං න කරොන්ති. ඉති විස්සට්ඨකම්මන්තෙති එවං වත්වා පරිච්චත්තකම්මන්තෙ. අත්ථා අච්චෙන්ති මාණවෙති එවරූපෙ පුග්ගලෙ අත්ථා අතික්කමන්ති, තෙසු න තිට්ඨන්ති.
රත්තිනුට්ඨාන දස්සිනා - රාත්‍රියෙහි අනුත්සාහ සීලයෙන් අතිසායමිදං අහු - දැන් ඉතා බඩගිනි ඇතැයි කියා වැඩ නොකරයි. ඉතිවිස්සට්ඨ කම්මන්තෙ - මෙසේ කියා වැඩ අතහැරීම. අත්ථා අච්චන්ති මානවෙ - මෙබඳු වූ පුද්ගලයා අර්ථය (ධනය) හැර යයි. ඉක්මවයි. ඒවායෙහි නොසිටී.
තිණා භිය්යොති තිණතොපි උත්තරි. සො සුඛං න විහායතීති සො පුරිසො සුඛං න ජහාති, සුඛසමඞ්ගීයෙව හොති. ඉමිනා කථාමග්ගෙන ඉමමත්ථං දස්සෙති “ගිහිභූතෙන සතා එත්තකං කම්මං න කාතබ්බං, කරොන්තස්ස වඩ්ඪි නාම නත්ථි. ඉධලොකෙ පරලොකෙ ගරහමෙව පාපුණාතී”ති.
තිණාභියො - තෘණවලින් ඉහළ, සො සුඛං විහායති - ඒ පුරුෂයා, සැපය අත් නොහරියි. සැප සමඟම වේ. මේ කථා මගින් මේ අර්ථයම දක්වයි. ගිහි වීමෙන් මෙපමණ වැඩ නොකළ යුතුයි. කරන්නාට දියුණුවක් නැත. මෙලොව ගැරහීමට පැමිණේ.
මිත්තපතිරූපකාදිවණ්ණනා
ඉදානි යො එවං කරොතො අනත්ථො උප්පජ්ජති, අඤ්ඤානි වා පන යානි කානිචි භයානි යෙකෙචි උපද්දවා යෙකෙචි උපසග්ගා, සබ්බෙ තෙ බාලං නිස්සාය උප්පජ්ජන්ති. තස්මා “එවරූපා බාලා න සෙවිතබ්බා”ති බාලෙ මිත්තපතිරූපකෙ අමිත්තෙ දස්සෙතුං චත්තාරොමෙ, ගහපතිපුත්ත අමිත්තාතිආදිමාහ. තත්ථ අඤ්ඤදත්ථුහරොති සයං තුච්ඡහත්ථො ආගන්ත්වා එකංසෙන යංකිඤ්චි හරතියෙව. වචීපරමොති වචනපරමො වචනමත්තෙනෙව දායකො කාරකො විය හොති. අනුප්පියභාණීති අනුප්පියං භණති. අපායසහායොති භොගානං අපායෙසු සහායො හොති.
දැන් යමෙක් එසේ කරන්නේ අනර්ථ උපදී. අනිත් යම්කිසි බියක්. යම් උපද්‍රවයක්. විපතක් ඒ සියල්ල බාලයන් නිසා උපදී. එනිසා එබඳු බාලයන් නො සෙවිය යුතුය. බාල මිත්‍රයන් මිත්‍ර ප්රතිරූපකයන් දැක්වීමට “ගෘහපති පුත්‍රය මේ අමිත්‍රයින් සතර දෙනා” යනාදිය කීහ. එහි අඤ්ඤත්ථුහරො - තමා හිස් අතින් පැමිණ ඒකාන්තයෙන්ම යම්කිසිවක් ගෙනයයි. වචීපරමො - වචන පමණකි. වචන මාත්‍රයෙන් දෙන්නෙක් කරන්නෙක් වේ. අනුප්පියභාණි - අනුව කියයි. අපාය සහායො - සම්පත් විනාශයට සහාය වේ.
එවං චත්තාරො අමිත්තෙ දස්සෙත්වා පුන තත්ථ එකෙකං චතූහි කාරණෙහි විභජන්තො චතූහි ඛො, ගහපතිපුත්තාතිආදිමාහ. තත්ථ අඤ්ඤදත්ථුහරො හොතීති එකංසෙන හාරකොයෙව හොති. සහායස්ස ගෙහං රිත්තහත්ථො ආගන්ත්වා නිවත්ථසාටකාදීනං වණ්ණං භාසති, සො “අතිවිය ත්වං සම්ම ඉමස්ස වණ්ණං භාසසී”ති අඤ්ඤං නිවාසෙත්වා තං දෙති. අප්පෙන බහුමිච්ඡතීති යංකිඤ්චි අප්පකං දත්වා තස්ස සන්තිකා බහුං පත්ථෙති. භයස්ස කිච්චං කරොතීති අත්තනො භයෙ උප්පන්නෙ තස්ස දාසො විය හුත්වා තං තං කිච්චං කරොති, අයං සබ්බදා න කරොති, භයෙ උප්පන්නෙ කරොති, න පෙමෙනාති අමිත්තො නාම ජාතො. සෙවති අත්ථකාරණාති මිත්තසන්ථවවසෙන න සෙවති, අත්තනො අත්ථමෙව පච්චාසීසන්තො සෙවති.
මෙසේ සතර අමිත්‍රයන් දක්වා නැවත එහි එක එකෙහි කරුණු සතරකින් බෙදන්නේ “ගෘහපති පුත්‍රය” යනාදිය කීහ. එහි අඤ්ඤදත්ථුහරො හොති - ඒකාන්තයෙන්ම ගෙනියන්නෙක් වේ. යහළුවාගේ ගෙට හිස් අතින් පැමිණ හඳින සලු ආදියේ වර්ණනාව කියයි. මිත්‍රය ඔබ අධිකව මේ වස්ත්‍රයේ වර්ණනා කරයි කියා වෙන එකක් හැඳ එය ඔහුට දෙයි. අප්පෙන බහුමිච්ඡති - යම්කිසි සුළු දෙයක් දී ඔහුගෙන් බොහෝ බලාපොරොත්තු වේ. භයස්සකිච්චං කරොති - තමාට බියක් ඇතිවුණ කල්හි දාසයෙකු මෙන් ඒ ඒ වැඩ කරයි. මෙතෙම සැමදා නොකරයි. භයක් වූ විට කරයි. ආදරයෙන් නොවේ. ඒ අමිත්‍රයෙක් වේ. සෙවති අන්ථකාරණා - මිතුරු දහමින් සේවනය (ආශ්‍රය) නොකරයි. තමාගේ ප්රයෝජනයම බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරයි.
අතීතෙන පටිසන්ථරතීති සහායෙ ආගතෙ “හිය්යො වා පරෙ වා න ආගතොසි, අම්හාකං ඉමස්මිං වාරෙ සස්සං අතිවිය නිප්ඵන්නං, බහූනි සාලියවබීජාදීනි ඨපෙත්වා මග්ගං ඔලොකෙන්තා නිසීදිම්හ, අජ්ජ පන සබ්බං ඛීණ”න්ති එවං අතීතෙන සඞ්ගණ්හාති. අනාගතෙනාති “ඉමස්මිං වාරෙ අම්හාකං සස්සං මනාපං භවිස්සති, ඵලභාරභරිතා සාලිආදයො, සස්සසඞ්ගහෙ කතෙ තුම්හාකං සඞ්ගහං කාතුං සමත්ථා භවිස්සාමා”ති එවං අනාගතෙන සඞ්ගණ්හාති. නිරත්ථකෙනාති හත්ථික්ඛන්ධෙ වා අස්සපිට්ඨෙ වා නිසින්නො සහායං දිස්වා “එහි, භො, ඉධ නිසීදා”ති වදති. මනාපං සාටකං නිවාසෙත්වා “සහායකස්ස වත මෙ අනුච්ඡවිකො අඤ්ඤො පන මය්හං නත්ථී”ති වදති, එවං නිරත්ථකෙන සඞ්ගණ්හාති නාම. පච්චුප්පන්නෙසු කිච්චෙසු බ්යසනං දස්සෙතීති “සකටෙන මෙ අත්ථො”ති වුත්තෙ “චක්කමස්ස භින්නං, අක්ඛො ඡින්නො”තිආදීනි වදති.
අතීතෙන පටිසන්ථරති - ඊයේ පෙරේදා ආවා නම් අපගේ මේ වාරයෙහි හැල් යව බීජාදිය තබාගෙන මග බලාගෙන සිටියෙමි. අද නම් ඔක්කොම අවසානයි. මෙසේ අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතෙන - මේ වාරයේ අපගේ සස්‍ය බලාපොරොත්තු විය හැකිය. පලබරින් යුක්තය. හැල් ආදිය සස්‍ය සංග්‍රහ කළ කල්හි ඔබට සංග්‍රහ කිරීමට හැකිවන්නෙමු. මෙසේ අනාගතයෙන් සංග්‍රහ කරයි. නිරත්ථකෙන - ඇතුපිට හෝ අසුපිට සිටින්නේ යාළුවා දැක පින්වත එන්න මෙහි ඉඳගන්න යයි කියයි. මනාප සලුවක් පෙරවා මගේ යාළුවාට මෙය සුදුසු නැතැයි වෙන එකක් මට නැතැයි කියයි. මෙසේ නිරර්ථකව සංග්‍රහ කරයි. පච්චුප්පන්න කිච්චෙසු ව්යසනං දස්සෙති - කරත්තෙන් මට වැඩක් තිබේ යයි කී කල්හි රෝදෙ කැඩිල අකුර බිඳිල ආදිය කියයි.
පාපකම්පිස්ස අනුජානාතීති පාණාතිපාතාදීසු යංකිඤ්චි කරොමාති වුත්තෙ “සාධු සම්ම කරොමා”ති අනුජානාති. කල්යාණෙපි එසෙව නයො. සහායො හොතීති “අසුකට්ඨානෙ සුරං පිවන්ති, එහි තත්ථ ගච්ඡාමා”ති වුත්තෙ සාධූති ගච්ඡති. එස නයො සබ්බත්ථ. ඉති විඤ්ඤායාති “මිත්තපතිරූපකා එතෙ”ති එවං ජානිත්වා.
පාපකම්පිස්ස අනුජානාති - පාණාතිපාතාදියෙහි යම් කිසිවක් කරමු යයි කී කල්හි හොඳයි යාළුවෙ කරමු යයි කියයි. අනුදනියි. යහපත් දේවල් ද මෙසේය. සහායො හොති - අසවල් තැන සුරා බොති. එහි යමුයි කී කල්හි හොඳයි යමු යයි යයි. සියළු තැන මෙසේය. ඉති විඤ්ඤාය - මිත්‍ර ප්‍රතිරූපකයෝ මොවුන් යයි දක්වා
සුහදමිත්තාදිවණ්ණනා
එවං න සෙවිතබ්බෙ පාපමිත්තෙ දස්සෙත්වා ඉදානි සෙවිතබ්බෙ කල්යාණමිත්තෙ දස්සෙන්තො පුන චත්තාරොමෙ, ගහපතිපුත්තාතිආදිමාහ. තත්ථ සුහදාති සුන්දරහදයා.
මෙසේ දැන මෙසේ ආශ්‍රය නොකරන්න යයි පෙන්වා දැන් ආශ්‍රය කළයුතු කල්‍යාණ මිත්‍රයන් දක්වන්නේ නැවත “ගෘහපති පුත්‍රය මේ සතර” යනාදිය කීහ. එහි සුහදා - සුන්දර හදවත.
පමත්තං රක්ඛතීති මජ්ජං පිවිත්වා ගාමමජ්ඣෙ වා ගාමද්වාරෙ වා මග්ගෙ වා නිපන්නං දිස්වා “එවංනිපන්නස්ස කොචිදෙව නිවාසනපාරුපනම්පි හරෙය්යා”ති සමීපෙ නිසීදිත්වා පබුද්ධකාලෙ ගහෙත්වා ගච්ඡති. පමත්තස්ස සාපතෙය්යන්ති සහායො බහිගතො වා හොති සුරං පිවිත්වා වා පමත්තො, ගෙහං අනාරක්ඛං “කොචිදෙව යංකිඤ්චි හරෙය්යා”ති ගෙහං පවිසිත්වා තස්ස ධනං රක්ඛති. භීතස්සාති කිස්මිඤ්චිදෙව භයෙ උප්පන්නෙ “මා භායි, මාදිසෙ සහායෙ ඨිතෙ කිං භායසී”ති තං භයං හරන්තො පටිසරණං හොති. තද්දිගුණං භොගන්ති කිච්චකරණීයෙ උප්පන්නෙ සහායං අත්තනො සන්තිකං ආගතං දිස්වා වදති “කස්මා ආගතොසී”ති? රාජකුලෙ කම්මං අත්ථීති. කිං ලද්ධුං වට්ටතීති? එකො කහාපණොති. “නගරෙ කම්මං නාම න එකකහාපණෙන නිප්ඵජ්ජති, ද්වෙ ගණ්හාහී”ති එවං යත්තකං වදති, තතො දිගුණං දෙති.
පමත්තං රක්ඛති - මත්පැන් බී ගම මැද හෝ ගම්දොර හෝ මාර්ගයෙහි හෝ වැටී නිදන්නා දැක මෙසේ වැදහොත්තාගේ ඇඳගෙන පෙරවගෙන ඇති ඇඳුම් ගෙනයන්නේ යයි සමීපයෙහි හිඳ ඇහැරුනාම ගෙන යයි. පමත්තස්ස සාපතෙය්යං - යහළුවා බැහැර ගියේ හෝ සුරා බී හෝ ප්‍රමාදයට පත්වූවහු හෝ ගෙය ආරක්ෂා නැත. කිසිවෙක් යම්කිසි ධනයක් හැරගෙන යන්නේ යයි ගෙට පිවිස ධනය රකියි. භීතස්ස - යම්කිසි බියක් ඇති වූ විට මා වගේ යාළුවෙක් ඉන්න කොට භයවන්න එපා යයි මොනවට බිය වෙනවාදැයි බිය නැති කරන්නේ පිළිසරණ වේ. තද්දිගුණං භොගං - තමාගේ සැඟවිය යුතු කථා අනුන්ට නොකියා ඔහුටම කියයි.
ගුය්හමස්ස ආචික්ඛතීති අත්තනො ගුය්හං නිගූහිතුං යුත්තකථං අඤ්ඤස්ස අකථෙත්වා තස්සෙව ආචික්ඛති. ගුය්හමස්ස පරිගූහතීති තෙන කථිතං ගුය්හං යථා අඤ්ඤො න ජානාති, එවං රක්ඛති. ආපදාසු න විජහතීති උප්පන්නෙ භයෙ න පරිච්චජති. ජීවිතම්පිස්ස අත්ථායාති අත්තනො ජීවිතම්පි තස්ස සහායස්ස අත්ථාය පරිච්චත්තමෙව හොති, අත්තනො ජීවිතං අගණෙත්වාපි තස්ස කම්මං කරොතියෙව.
ගුයිහමස්ස පරිගුයිහති - ඔහුගේ සැඟවිය යුතු දේ ඉතා හොඳින් රකියි. අනුන්ට එය දැනගැනීමට නොහැකි ලෙස රකී. ආපදාසු න විජහති - ආපදාවල දී අත් නොහරියි. ජිවිතම්පිස්ස අත්ථාය - තමාගේ ජීවිතය ද ඒ යාළුවාගේ අර්ථය සඳහා පරිත්‍යාග කරන්නේ වේ. තමාගේ ජීවිතය ගණන් නොගෙන ඔහුගේ වැඩ කරයි.
පාපා නිවාරෙතීති අම්හෙසු පස්සන්තෙසු පස්සන්තෙසු ත්වං එවං කාතුං න ලභසි, පඤ්ච වෙරානි දස අකුසලකම්මපථෙ මා කරොහීති නිවාරෙති. කල්‍යාණෙ නිවෙසෙතීති කල්යාණකම්මෙ තීසු සරණෙසු පඤ්චසීලෙසු දසකුසලකම්මපථෙසු වත්තස්සු, දානං දෙහි පුඤ්ඤං කරොහි ධම්මං සුණාහීති එවං කල්‍යාණෙ නියොජෙති. අස්සුතං සාවෙතීති අස්සුතපුබ්බං සුඛුමං නිපුණං කාරණං සාවෙති. සග්ගස්ස මග්ගන්ති ඉදං කම්මං කත්වා සග්ගෙ නිබ්බත්තන්තීති එවං සග්ගස්ස මග්ගං ආචික්ඛති.
පාපා නිවාරෙති - අප බලන කල්හි ඔබට මෙසේ කළ නොහැකි වේ. වෛර පහ දස අකුසල කර්ම පථ නොකරවයි වලක්වයි. කල්‍යාණෙ නිවෙසෙති - කලණ දහම් වූ තුන් සරණයෙහි පන්සිල්හි දස කුසල කර්ම පථයෙහි පිහිටුවයි. දන් දෙන්න පින් කරන්න බණ අසන්න මෙසේ යහපතෙහි යොදවයි. අස්සුතං සාවෙති - නොඇසු විරූ සියුම් නිපුණ කරුණු අස්වයි. සග්ගස්ස මග්ගං - මේ කර්මය කර ස්වර්ගයෙහි උපදී යයි ස්වර්ගයට මග කියයි.
අභවෙනස්ස න නන්දතීති තස්ස අභවෙන අවුඩ්ඪියා පුත්තදාරස්ස වා පරිජනස්ස වා තථාරූපං පාරිජුඤ්ඤං දිස්වා වා සුත්වා වා න නන්දති, අනත්තමනො හොති. භවෙනාති වුඩ්ඪියා තථාරූපස්ස සම්පත්තිං වා ඉස්සරියප්පටිලාභං වා දිස්වා වා සුත්වා වා නන්දති, අත්තමනො හොති. අවණ්ණං භණමානං නිවාරෙතීති “අසුකො විරූපො න පාසාදිකො දුජ්ජාතිකො දුස්සීලො”ති වා වුත්තෙ “එවං මා භණි, රූපවා ච සො පාසාදිකො ච සුජාතො ච සීලසම්පන්නො චා”තිආදීහි වචනෙහි පරං අත්තනො සහායස්ස අවණ්ණං භණමානං නිවාරෙති. වණ්ණං භණමානං පසංසතීති “අසුකො රූපවා පාසාදිකො සුජාතො සීලසම්පන්නො”ති වුත්තෙ “අහො සුට්ඨු වදසි, සුභාසිතං තයා, එවමෙතං, එස පුරිසො රූපවා පාසාදිකො සුජාතො සීලසම්පන්නො”ති එවං අත්තනො සහායකස්ස පරං වණ්ණං භණමානං පසංසති.
අභවෙනස්ස න නන්දති - ඔහුගේ අභාවයෙන් දියුණු නොවීමෙන් අඹු දරුවන් හෝ පිරිවර ජනයා හෝ එබඳු වූ පිරිහීමක් දැක හෝ අසා හෝ සතුටු නොවේ අසතුටු සිතැත්තේ වේ. භවෙන - දියුණුවෙන් එබඳු වූ සස්ස සම්පත් හෝ ඓශ්වර්ය ලාභය හෝ දැක හෝ අසා හෝ සතුටු වේ. සිත සතුටු වේ. අවණ්ණං භණමානං නිවාරෙති - අහවලා විරූපය. අප්‍රසන්න අඩුකුලයේ, දුස්සීලයෙකි කී කල්හි මෙසේ කතා කරන්න එපා යයි හේ රූපවත්ය ප්‍රසන්නය සුජාතය සිල්වත්ය ආදි වචනවල යහළුවා රැක අගුණ කියන්නා වලක්වයි. වණ්ණ භනමානං පසංසති - අහවලා ලස්සනය, ප්‍රසන්නය සුජාතය, සිල්වත්ය යයි කී විට අනේ හොඳයි යහපත් වචනම කතා කරයි. එසේ ම මේ පුරුෂයා ලස්සනය. ප්‍රසන්නය, සුජාතය, සිල්වත්ය මෙසේ තමාගේ යාළුවා ගැන අනුන් වර්ණනා කරන කල ප්‍රසංසා කරයි.
ජලං අග්ගීව භාසතීති රත්තිං පබ්බතමත්ථකෙ ජලමානො අග්ගි විය විරොචති.
ජලං අග්ගීව භාසති - රාත්‍රියෙහි පර්වත මුදුනේ දිලිසෙන ගින්න මෙන් බබළයි.
භොගෙ සංහරමානස්සාති අත්තානම්පි පරම්පි අපීළෙත්වා ධම්මෙන සමෙන භොගෙ සම්පිණ්ඩෙන්තස්ස රාසිං කරොන්තස්ස. භමරස්සෙව ඉරීයතොති යථා භමරො පුප්ඵානං වණ්ණගන්ධං අපොථයං තුණ්ඩෙනපි පක්ඛෙහිපි රසං ආහරිත්වා අනුපුබ්බෙන චක්කප්පමාණං මධුපටලං කරොති, එවං අනුපුබ්බෙන මහන්තං භොගරාසිං කරොන්තස්ස. භොගා සන්නිචයං යන්තීති තස්ස භොගා නිචයං ගච්ඡන්ති. කථං? අනුපුබ්බෙන උපචිකාහි සංවඩ්ඪියමානො වම්මිකො විය. තෙනාහ “වම්මිකොවුපචීයතී”ති. යථා වම්මිකො උපචියති, එවං නිචයං යන්තීති අත්ථො.
භොගෙ සංහරමානස්ස - තමා ද අනුන් නොපෙළා භෝගයන් දියුණු කරන්නේ ද රැස් කරන්නේ ද භරස්සෙව ඉරීයතො - මී මැස්සා වර්ණ නොතලා මල්වලින් තුඩ බහා රස උරා රෝදයක් පමණ මධුපටල කරයි. එසේ පිළිවෙළින් මහත් භෝග රාශියක් රැස් කරන්නේය. භොගා සන්නිචයං යත්ති - ඔහුගේ භෝග රැස් කිරීම වේ. කෙසේද? වේයන් ක්‍රමක්‍රමයෙන් ගොඩනගන්නා වූ තුඹස මෙනි. එයින් කීය. වම්මිකො වූපචීයති - තුඹස ගොඩනැගෙයි. එසේම රැස්කරයි යන අර්ථයයි.
සමාහත්වාති සමාහරිත්වා. අලමත්ථොති යුත්තසභාවො සමත්ථො වා පරියත්තරූපො ඝරාවාසං සණ්ඨාපෙතුං.
සමාහනත්වා - ගෙනවුත්. අලමත්ථා - යුක්ත ස්වභාවය. සමර්ථ වූ හෝ ගිහිගේ තැබීමට දක්ෂතාව.
ඉදානි යථා වා ඝරාවාසො සණ්ඨපෙතබ්බො, තථා ඔවදන්තො චතුධා විභජෙ භොගෙතිආදිමාහ. තත්ථ ස වෙ මිත්තානි ගන්ථතීති සො එවං විභජන්තො මිත්තානි ගන්ථති නාම අභෙජ්ජමානානි ඨපෙති. යස්ස හි භොගා සන්ති, සො එව මිත්තෙ ඨපෙතුං සක්කොති, න ඉතරො.
දැන් ගිහි ගෙදර තබාගත යුතු හැටි උපදෙස් දෙන්නේ “සම්පත් හතරට වෙන් කරන්න” යනාදිය කීහ. එහි සචෙ මිත්තානි ගන්ථති - හේ මෙසේ බෙදන්නේ මිතුරු බැඳුම නොබිදී තබා ගැනීමට සමර්ථ විය යුතුය අනිත්වා නොවේ.
එකෙන භොගෙ භුඤ්ජෙය්යාති එකෙන කොට්ඨාසෙන භොගෙ භුඤ්ජෙය්ය. ද්වීහි කම්මං පයොජයෙති ද්වීහි කොට්ඨාසෙහි කසිවාණිජ්ජාදිකම්මං පයොජෙය්ය. චතුත්ථඤ්ච නිධාපෙය්යාති චතුත්ථං කොට්ඨාසං නිධාපෙත්වා ඨපෙය්ය. ආපදාසු භවිස්සතීති කුලානඤ්හි න සබ්බකාලං එකසදිසං වත්තති, කදාචි රාජාදිවසෙන ආපදාපි උප්පජ්ජන්ති, තස්මා එවං ආපදාසු උප්පන්නාසු භවිස්සතීති “එකං කොට්ඨාසං නිධාපෙය්යා”ති ආහ. ඉමෙසු පන චතූසු කොට්ඨාසෙසු කතරකොට්ඨාසං ගහෙත්වා කුසලං කාතබ්බන්ති? “භොගෙ භුඤ්ජෙය්‍යා”ති වුත්තකොට්ඨාසං. තතො ගණ්හිත්වා භික්ඛූනම්පි කපණද්ධිකාදීනම්පි දාතබ්බං, පෙසකාරන්හාපිතාදීනම්පි වෙතනං දාතබ්බං.
එකෙන භොගෙ භූඤෙජය්ය - භෝගයෙන් එක කොටසකින් ජීවිකාව ගෙන යන්න. ද්වීහි කම්මං පයොජයෙ - භෝග කොටස් දෙකක් කෘෂිකර්මය වෙළඳාම ආදි කර්මාන්තවල යොදවන්න. චතුත්ථඤ්ච නිධාපෙය්‍ය - සතරවැනි කොටස තැන්පත් කරන්න. ආපදාසු භවිස්සති - කුල වනාහි සැමදා එක සමානව නො පවතී. කලක ආපදා ද ඇතිවේ. එහෙයින් එබඳු ආපදාවල දී ගැනීමට එක් කොටසක් තැන්පත් කළයුතු යයි කීහ. මේ කොටස් සතරින් කුමන කොටසක් ගෙන කුසල් කළ යුතුද? ආහාර සඳහා ගන්නා කොටස යයි කියන ලද එයින් ගෙන භික්ෂූන්ට ද දිළින්දන්ට ද දන් වශයෙන් දිය යුතුය. පේසකාර කරණවෑමි ආදීන්ට වේතන වශයෙන් දිය යුතුය.
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩවණ්ණනා
ඉති භගවා එත්තකෙන කථාමග්ගෙන එවං ගහපතිපුත්තස්ස අරියසාවකො චතූහි කාරණෙහි අකුසලං පහාය ඡහි කාරණෙහි භොගානං අපායමුඛං වජ්ජෙත්වා සොළස මිත්තානි සෙවන්තො ඝරාවාසං සණ්ඨපෙත්වා දාරභරණං කරොන්තො ධම්මිකෙන ආජීවෙන ජීවති, දෙවමනුස්සානඤ්ච අන්තරෙ අග්ගික්ඛන්ධො විය විරොචතීති වජ්ජනීයධම්මවජ්ජනත්ථං සෙවිතබ්බධම්මසෙවනත්ථඤ්ච ඔවාදං දත්වා ඉදානි නමස්සිතබ්බා ඡ දිසා දස්සෙන්තො කථඤ්ච ගහපතිපුත්තාතිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙපමණ කථා මගින් ගෘහපති පුත්‍රයාට ආර්ය ශ්රාවකයා කරුණු සතරක අකුසලය හැර කරුණු සයකින් වස්තු විනාශ මුඛ දුරුකොට සොළොස් මිතුරන් සෙව්නේ ගිහි ගෙය සංවිධානය කර අඹුදරුවන් පෝෂණය කරන්නේ දැහැමින් සෙමෙන් ජීවත් වෙයි. හේ දෙව්මිනිසුන් අතර ගිනි කඳක් මෙන් බබළයි. අත්හළයුතු ස්වභාවයන් අත්හැරීම සඳහා සෙවිය ස්වභාවයන් සේවනය සඳහා ද අවවාද දී දැන් නමස්කාර කළයුතු සදිසා දක්වන්නේ “කෙසේද ගෘහපති පුත්‍රය” යනාදිය කීහ.
තත්ථ ඡද්දිසාපටිච්ඡාදීති යථා ඡහි දිසාහි ආගමනභයං න ආගච්ඡති, ඛෙමං හොති නිබ්භයං එවං විහරන්තො “ඡද්දිසාපටිච්ඡාදී”ති වුච්චති. “පුරත්ථිමා දිසා මාතාපිතරො වෙදිතබ්බා”තිආදීසු මාතාපිතරො පුබ්බුපකාරිතාය පුරත්ථිමා දිසාති වෙදිතබ්බා. ආචරියා දක්ඛිණෙය්යතාය දක්ඛිණා දිසාති. පුත්තදාරා පිට්ඨිතො අනුබන්ධනවසෙන පච්ඡිමා දිසාති. මිත්තාමච්චා යස්මා සො මිත්තාමච්චෙ නිස්සාය තෙ තෙ දුක්ඛවිසෙසෙ උත්තරති, තස්මා උත්තරා දිසාති. දාසකම්මකරා පාදමූලෙ පතිට්ඨානවසෙන හෙට්ඨිමා දිසාති. සමණබ්රාහ්මණා ගුණෙහි උපරි ඨිතභාවෙන උපරිමා දිසාති වෙදිතබ්බා.
එහි ඡද්දිසා පටීච්ඡාදි - යම්හෙයකින් සදිසාවලින් පැමිණෙන භය නැතිවේද කැළම වේ. මෙසේ වසන්නේ ඡද්දිසා පටීච්ඡාදි යයි කියනු ලැබේ. පුරත්ථිමා දිසා මාතා පිතරො - ආදියෙහි මව්පියන් පෙර උපකාර කළ හෙයින් පෙරදිග යයි දත යුතුය. ගුරුවරු-දක්ෂිණා පිළිගැනීමට සුදුසු නිසා දකුණු දිසාවය. අඹුදරුවො පිටුපසින් පැමිණීම් වශයෙන් පැසුළු දිසාවය. මිතුරෝ දුකකදී එතෙර කරවන නිසා උතුරු දිසාවය. දාස කම්කරුවො පාමුල සිටින නිසා යට දිසාවය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණයෙන් ඉහළ සිටින නිසා උඩ දිසාව යයි දත යුතුය.
භතො නෙ භරිස්සාමීති අහං මාතාපිතූහි ථඤ්ඤං පායෙත්‍වා හත්ථපාදෙ වඩ්ඪෙත්වා මුඛෙන සිඞ්ඝාණිකං අපනෙත්වා නහාපෙත්වා මණ්ඩෙත්වා භතො භරිතො ජග්ගිතො, ස්වාහං අජ්ජ තෙ මහල්ලකෙ පාදධොවනන්හාපනයාගුභත්තදානාදීහි භරිස්සාමි.
භතො තෙසං භරිස්සාමි - මම මාපියන් විසින් කිරිපොවා අත් පා වඩා මුහුණේ සොටු ඉවත් කර නහවා සරසා පෝෂණය කරන ලදිමි. පිළිදැගුම් කරන ලදිමි. ඒ මම අද මහළු වූ ඔවුන් පා සෝදන නහවන කැඳබත් දීම් ආදියෙන් පෝෂණය කරන්නෙමි.
කිච්චං නෙසං කරිස්සාමීති අත්තනො කම්මං ඨපෙත්වා මාතාපිතූනං රාජකුලාදීසු උප්පන්නං කිච්චං ගන්ත්වා කරිස්සාමි. කුලවංසං සණ්ඨපෙස්සාමීති මාතාපිතූනං සන්තකං ඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණාදිං අවිනාසෙත්වා රක්ඛන්තොපි කුලවංසං සණ්ඨපෙති නාම. මාතාපිතරො අධම්මිකවංසතො හාරෙත්වා ධම්මිකවංසෙ ඨපෙන්තොපි, කුලවංසෙන ආගතානි සලාකභත්තාදීනි අනුපච්ඡින්දිත්වා පවත්තෙන්තොපි කුලවංසං සණ්ඨපෙති නාම. ඉදං සන්ධාය වුත්තං – “කුලවංසං සණ්ඨපෙස්සාමී”ති.
කිච්චං තෙසං කරිස්සාමි - මම තමාගේ වැඩ නවත්වා මාපියන්ගේ රාජකුල ආදියෙන් දුන් වැඩ ගොස් කරමි. කුලවංසං ඨපෙස්සාමි - මාපියන් සතු කෙත්වත් හිරන්‍ය ස්වර්ණාදිය විනාශ නොකර රකින්නේ ද කුලවංස සංවිධානය කරමි. මාපියන් අධාර්මික දේවලින් හරවා ධාර්මික දේවල තබමි. කුලවංසය රකිමි. මේ සඳහා කියන ලදී. “කුලවංශය තබන්නෙමි”.
දායජ්ජං පටිපජ්ජාමීති මාතාපිතරො අත්තනො ඔවාදෙ අවත්තමානෙ මිච්ඡාපටිපන්නෙ දාරකෙ විනිච්ඡයං පත්වා අපුත්තෙ කරොන්ති, තෙ දායජ්ජාරහා න හොන්ති. ඔවාදෙ වත්තමානෙ පන කුලසන්තකස්ස සාමිකෙ කරොන්ති, අහං එවං වත්තිස්සාමීති අධිප්පායෙන “දායජ්ජං පටිපජ්ජාමී”ති වුත්තං.
දායජ්ජං පටිපජ්ජාමි - මා පියෝ තමන්ගේ අවවාදයෙහි නො පිහිටන වැරදියට පිළිපන් දරුවන් විනිශ්චයට පැමිණ අපුත්තක කරති. ඔව්හු දායාදයට සුදුසු නොවෙති. අවවාදයෙහි පිහිටන විට කුල සත්තකයෙහි ස්වාමියන් කරති. මම එසේ පවතින්නෙමි. කැමැත්තෙන් දායාදය ලබමියි කියනලදී.
දක්ඛිණං අනුප්පදස්සාමීති තෙසං පත්තිදානං කත්වා තතියදිවසතො පට්ඨාය දානං අනුප්පදස්සාමි. පාපා නිවාරෙන්තීති පාණාතිපාතාදීනං දිට්ඨධම්මිකසම්පරායිකං ආදීනවං වත්වා, “තාත, මා එවරූපං කරී”ති නිවාරෙන්ති, කතම්පි ගරහන්ති. කල්‍යාණෙ නිවෙසෙන්තීති අනාථපිණ්ඩිකො විය ලඤ්ජං දත්වාපි සීලසමාදානාදීසු නිවෙසෙන්ති. සිප්පං සික්ඛාපෙන්තීති අත්තනො ඔවාදෙ ඨිතභාවං ඤත්වා වංසානුගතං මුද්දාගණනාදිසිප්පං සික්ඛාපෙන්ති. පතිරූපෙනාති කුලසීලරූපාදීහි අනුරූපෙන.
දක්ඛිණං අනුපදස්සාමි - ඔවුන්ට පින් අනුමෝදන් කරවා තුන්වන දිනයේ සිට දන් දෙන්නෙමි. පාපා නිවාරෙන්ති - පාණාතිපාතාදීන්ගේ මෙලොව පරලොව ආදීනව කියා දරුව, මෙබඳු දේ නො කරන්න යයි වලක්වති. ගරහන්නේ කෙසේද? අනේපිඬු සිටුතුමා මෙන් අල්ලස් දී හෝ සීල සමාදානාදියෙහි පිහිටුවති. සිප්පං සික්ඛාපෙන්ති - තමාගේ අවවාදයෙහි සිටි බව දැන වංශයෙන් පැමිණ මුද්‍රා ගණකාදි ශිල්පයන්හි, හික්මවති. පතිරූපෙන - කුල සීල රූපාදියට ගැලපෙන.
සමයෙ දායජ්ජං නිය්යාදෙන්තීති සමයෙ ධනං දෙන්ති. තත්ථ නිච්චසමයො කාලසමයොති ද්වෙ සමයා. නිච්චසමයෙ දෙන්ති නාම “උට්ඨාය සමුට්ඨාය ඉමං ගණ්හිතබ්බං ගණ්හ, අයං තෙ පරිබ්බයො හොතු, ඉමිනා කුසලං කරොහී”ති දෙන්ති. කාලසමයෙ දෙන්ති නාම සිඛාඨපනආවාහවිවාහාදිසමයෙ දෙන්ති. අපිච පච්ඡිමෙ කාලෙ මරණමඤ්චෙ නිපන්නස්ස “ඉමිනා කුසලං කරොහී”ති දෙන්තාපි සමයෙ දෙන්ති නාම. පටිච්ඡන්නා හොතීති යං පුරත්ථිමදිසතො භයං ආගච්ඡෙය්ය, යථා තං නාගච්ඡති, එවං පිහිතා හොති. සචෙ හි පුත්තා විප්පටිපන්නා, අස්සු, මාතාපිතරො දහරකාලතො පට්ඨාය ජග්ගනාදීහි සම්මා පටිපන්නා, එතෙ දාරකා, මාතාපිතූනං අප්පතිරූපාති එතං භයං ආගච්ඡෙය්ය. පුත්තා සම්මා පටිපන්නා, මාතාපිතරො විප්පටිපන්නා, මාතාපිතරො පුත්තානං නානුරූපාති එතං භයං ආගච්ඡෙය්ය. උභොසු විප්පටිපන්නෙසු දුවිධම්පි තං භයං හොති. සම්මා පටිපන්නෙසු සබ්බං න හොති. තෙන වුත්තං – “පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා”ති.
සමයෙ දායජ්ජං නීය්යා දෙන්ති - සුදුසු කාලයෙහි ධනය දෙති. එහි නිත්‍ය හා කාල යයි සමය දෙකකි. සුදුසු කාලයෙහි දෙයි යනු නැගිට මෙය ගන්න මෙය ඔබේ වියදමට වේ. මෙයින් කුසල් කරන්න යයි දෙති. කාල සමයෙහි දෙකි යනු ශික්ෂා තබන, ආවාහ විවාහ දී සමයෙහි දීමයි. තවද අවසාන කාලයෙහි මරණ මඤ්චකයෙහි නිපන්විට මෙයින් කුසල් කරවයි දෙන්නේ ද සමයේ දියති. පටිච්ඡන්තා - පෙරදිසාවෙන් භයක් එන්නේ ද එය නොපැමිණීමට මෙය වසන ලද්දේ වේ. ඉදින් පුත්තු වැරදියට පිළිපන්නෝ නම් මාපියෝ ළදරු කාලයේ දරුවෝ මනාව පිළිපැද මාපියෝ වැරදියට පිළිපන්නේ නම් මාපියන් අනුරූප නොවූ මේ භය එන්නේය. දෙපාර්ශවයම වැරදියට පිළිපන්නෝ නම් ඒ භය ද්විධ වේ. යහපත් ලෙස පිළිපන්නෝ නම් ඒ සියල්ල නොවන්නේය. එහෙයින් කියන ලදී “අභය බිය වැසී ඇත”
එවඤ්ච පන වත්වා භගවා සිඞ්ගාලකං එතදවොච – “න ඛො තෙ, ගහපතිපුත්ත, පිතා ලොකසම්මතං පුරත්ථිමං දිසං නමස්සාපෙති. මාතාපිතරො පන පුරත්ථිමදිසාසදිසෙ කත්වා නමස්සාපෙති. අයඤ්හි තෙ පිතරා පුරත්ථිමා දිසා අක්ඛාතා, නො අඤ්ඤා”ති.
මෙසේ ද කියා භාග්‍යවතුන් වහන්සේ සිගාලකට මෙසේ කීහ: ගෘහපති පුත්‍රය, පියා ලෝක සම්මත පෙරදිග නො වඳවයි. මා පියන් පෙරදිගට සමානකොට නමස්කාර කරවයි. මේ ඔබේ පියා පෙරදිග කීවේ අනිකක් නොවේ.
උට්ඨානෙනාති ආසනා උට්ඨානෙන. අන්තෙවාසිකෙන හි ආචරියං දූරතොව ආගච්ඡන්තං දිස්වා ආසනා වුට්ඨාය පච්චුග්ගමනං කත්වා හත්ථතො භණ්ඩකං ගහෙත්වා ආසනං පඤ්ඤපෙත්වා නිසීදාපෙත්වා බීජනපාදධොවනපාදමක්ඛනානි කාතබ්බානි. තං සන්ධාය වුත්තං “උට්ඨානෙනා”ති. උපට්ඨානෙනාති දිවසස්ස තික්ඛත්තුං උපට්ඨානගමනෙන. සිප්පුග්ගහණකාලෙ පන අවස්සකමෙව ගන්තබ්බං හොති. සුස්සූසායාති සද්දහිත්වා සවනෙන. අසද්දහිත්වා සුණන්තො හි විසෙසං නාධිගච්ඡති. පාරිචරියායාති අවසෙසඛුද්දකපාරිචරියාය. අන්තෙවාසිකෙන හි ආචරියස්ස පාතොව වුට්ඨාය මුඛොදකදන්තකට්ඨං දත්වා භත්තකිච්චකාලෙපි පානීයං ගහෙත්වා පච්චුපට්ඨානාදීනි කත්වා වන්දිත්වා ගන්තබ්බං. කිලිට්ඨවත්ථාදීනි ධොවිතබ්බානි, සායං නහානොදකං පච්චුපට්ඨපෙතබ්බං. අඵාසුකාලෙ උපට්ඨාතබ්බං. පබ්බජිතෙනපි සබ්බං අන්තෙවාසිකවත්තං කාතබ්බං. ඉදං සන්ධාය වුත්තං – “පාරිචරියායා”ති. සක්කච්චං සිප්පපටිග්ගහණෙනාති සක්කච්චං පටිග්ගහණං නාම ථොකං ගහෙත්වා බහුවාරෙ සජ්ඣායකරණං, එකපදම්පි විසුද්ධමෙව ගහෙතබ්බං.
උපට්ඨානෙන - ආසනෙන් නැගිටීමෙන්, අතවැසියා විසින් ආචාර්යවරයා ඈත එනවා දැක ආසනයෙන් නැගිට පෙර ගමන් කොට අතින් භාණ්ඩ ගෙන ආසනය පනවා හිඳුවා පවන් සැලීම් පා ධොවන තෙල් ගැල්වීම් ආදිය කළ යුතුය. “උට්ඨානෙන” යයි ඔහු සඳහා කියන ලදී. උපට්ඨානෙන - දවසට තුන්වරක් උපස්ථාන ගමනෙන්. ශිල්ප ලබාගන්නා කාලයෙහි වනාහි අවශ්‍යම දේකට යා යුතුය. සුස්සුසාය - අදහා ශ්‍රවණය කිරීමෙන්, නොඅදහා අසන්නේ විශේෂයකට නො පැමිණේ. පාරිචරියාය - අවශේෂ කුඩා වතාවත් කිරීමෙන්. අතවැසියා ඇදුරාට කලින් උදේම අවදිව මුවසෝදන පැන් දැහැටි පිළිගන්වා දන් වළඳන විටද පැන් ගෙන අසුනෙන් නැගිට වැඳ යා යුතුයි. සක්කච්වං සිප්ප පටිග්ගහනෙන - සකසා ගැනීම නම් ටිකක් ගෙන බොහෝ වරක් සජ්ඣායනය කොට එක් පදයක් හෝ පිරිසිදුවම ගත යුතුය.
සුවිනීතං විනෙන්තීති “එවං තෙ නිසීදිතබ්බං, එවං ඨාතබ්බං, එවං ඛාදිතබ්බං, එවං භුඤ්ජිතබ්බං, පාපමිත්තා වජ්ජෙතබ්බා, කල්යාණමිත්තා සෙවිතබ්බා”ති එවං ආචාරං සික්ඛාපෙන්ති විනෙන්ති. සුග්ගහිතං ගාහාපෙන්තීති යථා සුග්ගහිතං ගණ්හාති, එවං අත්ථඤ්ච බ්යඤ්ජනඤ්ච සොධෙත්වා පයොගං දස්සෙත්වා ගණ්හාපෙන්ති. මිත්තාමච්චෙසු පටියාදෙන්තීති “අයං අම්හාකං අන්තෙවාසිකො බ්යත්තො බහුස්සුතො මයා සමසමො, එතං සල්ලක්ඛෙය්යාථා”ති එවං ගුණං කථෙත්වා මිත්තාමච්චෙසු පතිට්ඨපෙන්ති.
සුවිනීතං වින්නෙති - මෙසේ ඔබල හිඳිය යුතුය. මෙසේ සිටිය යුතුය. මෙසේ අනුභව කළ යුතුය. මෙසේ වැළඳිය යුතුය. පාප මිතුරන් වර්ජනය කළ යුතුය. කලණ මිතුරන් ඇසුරු කළ යුතුය. මෙසේ මෙසේ හැසිරීම පුහුණු කරවන්නේ හික්මවයි. සුග්ගහීතං ගාහාපෙති - මෙසේ ඉගැන් වූ දේ හොඳින් ඉගෙන ගනී. ඉගෙන ගත් දෙය අර්ථ ව්‍යඤජන පිරිසිදුව ප්‍රයෝග දක්වා පෙන්විය යුතුය. මිත්තාමච්චෙසු පටියා දෙන්ති - මේ අපේ අතවැසියා ව්යාකතය, බහුශ්‍රැතය, මා හා සම සමව සලකන්න යයි මෙසේ ගුණ කථා කොට මිතුරන් කෙරෙහි පිහිටුවයි.
දිසාසු පරිත්තාණං කරොන්තීති සිප්පසික්ඛාපනෙනෙවස්ස සබ්බදිසාසු රක්ඛං කරොන්ති. උග්ගහිතසිප්පො හි යං යං දිසං ගන්ත්වා සිප්පං දස්සෙති, තත්ථ තත්ථස්ස ලාභසක්කාරො උප්පජ්ජති. සො ආචරියෙන කතො නාම හොති, ගුණං කථෙන්තොපිස්ස මහාජනො ආචරියපාදෙ ධොවිත්වා වසිතඅන්තෙවාසිකො වත අයන්ති පඨමං ආචරියස්සෙව ගුණං කථෙන්ති, බ්රහ්මලොකප්පමාණොපිස්ස ලාභො උප්පජ්ජමානො ආචරියසන්තකොව හොති. අපිච යං විජ්ජං පරිජප්පිත්වා ගච්ඡන්තං අටවියං චොරා න පස්සන්ති, අමනුස්සා වා දීඝජාතිආදයො වා න විහෙඨෙන්ති, තං සික්ඛාපෙන්තාපි දිසාසු පරිත්තාණං කරොන්ති. යං වා සො දිසං ගතො හොති, තතො කඞ්ඛං උප්පාදෙත්වා අත්තනො සන්තිකං ආගතමනුස්සෙ “එතිස්සං දිසායං අම්හාකං අන්තෙවාසිකො වසති, තස්ස ච මය්හඤ්ච ඉමස්මිං සිප්පෙ නානාකරණං නත්ථි, ගච්ඡථ තමෙව පුච්ඡථා”ති එවං අන්තෙවාසිකං පග්ගණ්හන්තාපි තස්ස තත්ථ ලාභසක්කාරුප්පත්තියා පරිත්තාණං කරොන්ති නාම, පතිට්ඨං කරොන්තීති අත්ථො. සෙසමෙත්ථ පුරිමනයෙනෙව යොජෙතබ්බං.
දිසාසු පරිත්තාණ කරොති - ඔහුට ශිල්ප ඉගැන්වීමෙන් සියළු දිසාවල ආරක්ෂා කරති. උගත් ශිල්පය වනාහි යම් යම් දිසාවලට ගොස් ශිල්ප දක්වයි. ඒ ඒ තැන්වල ලාභ සත්කාර ලැබේ. හේ ආචාර්යවරයා විසින් කරන ලද වේ. ගුණ කියන ඔහුට මහ ජනයා ආචාර්යන්ගේ පා දොවා විසූ අන්තෙවාසික වත මෙය යයි පළමුව ආචාර්වරයාගේ ගුණ කථා කරති. බ්‍රහ්ම ලෝක ප්‍රමාණයට ඔහුට ලාභ ලැබුනත් ආචාර්යවරයා සන්තකම වේ. තවද යම් විද්‍යාවක් ජපකොට යන්නේ වනයෙහි සොරු නොබලති. අමනුෂ්‍යයන් හෝ දීඝ ජාතීන් (සපයන්) ගෙන් පෙළීමක් නැත. පුහුණු කරන්නෝ ද දීඝායු පිරිත් කරති. හේ යම් දිසාවකට ගියේ ද එයින් සැක උපදවා තමා සමීපයට පැමිණ මිනිසුන් ඒ දිසාවෙහි අපගේ අතවැසියා වසයි. ඔහුගේ ද මගේ ද මේ ශිල්පයෙහි වෙනසක් නැත. එහි යන්න. ඔහුගෙන් අසන්න. මෙසේ අතවැසියා උනන්දු කරන්නේ එහි ලාභ සත්කාර ඉපදවීමට ආරක්ෂා කරති. ප්‍රතිෂ්ඨාව කෙරේ යන අර්ථයයි. මෙහි සෙස්ස පෙර නයින්ම යෙදිය යුතුය.
තතියදිසාවාරෙ සම්මානනායාති දෙවමාතෙ තිස්සමාතෙති එවං සම්භාවිතකථාකථනෙන. අනවමානනායාති යථා දාසකම්මකරාදයො පොථෙත්වා විහෙඨෙත්වා කථෙන්ති, එවං හීළෙත්වා විමානෙත්වා අකථනෙන. අනතිචරියායාති තං අතික්කමිත්වා බහි අඤ්ඤාය ඉත්ථියා සද්ධිං පරිචරන්තො තං අතිචරති නාම, තථා අකරණෙන. ඉස්සරියවොස්සග්ගෙනාති ඉත්ථියො හි මහාලතාසදිසම්පි ආභරණං ලභිත්වා භත්තං විචාරෙතුං අලභමානා කුජ්ඣන්ති, කටච්ඡුං හත්ථෙ ඨපෙත්වා තව රුචියා කරොහීති භත්තගෙහෙ විස්සට්ඨෙ සබ්බං ඉස්සරියං විස්සට්ඨං නාම හොති, එවං කරණෙනාති අත්ථො. අලඞ්කාරානුප්පදානෙනාති අත්තනො විභවානුරූපෙන අලඞ්කාරදානෙන. සුසංවිහිතකම්මන්තාති යාගුභත්තපචනකාලාදීනි අනතික්කමිත්වා තස්ස තස්ස සාධුකං කරණෙන සුට්ඨු සංවිහිතකම්මන්තා. සඞ්ගහිතපරිජනාති සම්මානනාදීහි චෙව පහෙණකපෙසනාදීහි ච සඞ්ගහිතපරිජනා. ඉධ පරිජනො නාම සාමිකස්ස චෙව අත්තනො ච ඤාතිජනො. අනතිචාරිනීති සාමිකං මුඤ්චිත්වා අඤ්ඤං මනසාපි න පත්ථෙති. සම්භතන්ති කසිවාණිජ්ජාදීනි කත්වා ආභතධනං. දක්ඛා ච හොතීති යාගුභත්තසම්පාදනාදීසු ඡෙකා නිපුණා හොති. අනලසාති නික්කොසජ්ජා. යථා අඤ්ඤා කුසීතා නිසින්නට්ඨානෙ නිසින්නාව හොන්ති ඨිතට්ඨානෙ ඨිතාව, එවං අහුත්වා විප්ඵාරිතෙන චිත්තෙන සබ්බකිච්චානි නිප්ඵාදෙති. සෙසමිධාපි පුරිමනයෙනෙව යොජෙතබ්බං.
තුන්වන දිසා වාරයෙහි සම්මානනාය - දේව මාතා තිස්ස මාතා යයි මෙසේ සම්භාවිත කථා කීමෙන්. අනවමානනාය - දැසි දස් කම්කරුවන් වෙහෙසවා කියති. මෙසේ පිළිකුල් කොට අවමන් කර නොකීමෙන්. අනතිචරියාය - ඇය ඉක්මවා පිටත අන් ස්ත්‍රියක සමග හැසිරෙන්නේ ඉක්මවා හැසිරෙයි. එසේ නොකිරීමෙන් ඉස්සරිය වොස්සග්ගෙන - ස්ත්‍රීහු වනාහි මහාලතා සමාන ආභරණ ලැබ ආහාරය සෙවීමට නොලබන්නේ කිපෙති. හැන්දක් අතේ තබා ඔබේ කැමත්තෙන් කරන්න යයි උයන ගේ (කුස්සිය) අත්හළ කල්හි සියළු ඉසුරු අත්හළේ නම් වේ. මෙසේ කිරීමෙන් යන අර්ථයයි. අලඞකාරානුප්පදානෙන - තමාගේ සම්පත් අනුව අලංකාර දේ දීමෙන්. සුසංවිහිත කම්මන්තා - කැඳබත් පිසන කාල ආදිය නොඉක්මවා ඕහට මනාව කිරීමෙහි හොඳින් සංවිධාන කළ කර්මාන්ත. සුසංගහීත පරිජනා - හොඳින් සංග්‍රහ කරන ලද සේවක පිරිස. මෙහි පරිජන යනු ස්වාමියාගෙන් මෙන්ම තමාගේ ඤාතිවරු. අනතිචාරිණී - ස්වාමියා හැර අනිකකු සිතින්වත් නොපැතීම. සම්භතං - කෘෂිකර්මය වෙළඳාම ආදිය කොට ලබාගත් ධනය. දක්ඛා ච හොති - කැඳබත් සැපයීමෙහි දක්ෂ, නිපුණ වේ. අනලසා - කුසීත නැති. යම්සේ අන් අය කම්මැලිව හුන් තැනට හිඳිති. සිටිතැන සිටිති. මෙසේ වී පැතිරුණු සිතින් කම්මැලිව හුන් තැනට හිඳිති. සිටිතැන සිටිති. මෙසේ වී පැතිරුණු සිතින් සියළු කටයුතු සම්පුර්ණ කරයි. මෙහි සෙස්ස පෙර නයින්ම යෙදිය යුතුය.
චතුත්ථදිසාවාරෙ අවිසංවාදනතායාති යස්ස යස්ස නාමං ගණ්හාති, තං තං අවිසංවාදෙත්වා ඉදම්පි අම්හාකං ගෙහෙ අත්ථි, ඉදම්පි අත්ථි, ගහෙත්වා ගච්ඡාහීති එවං අවිසංවාදෙත්වා දානෙන. අපරපජා චස්ස පටිපූජෙන්තීති සහායස්ස පුත්තධීතරො පජා නාම, තෙසං පන පුත්තධීතරො ච නත්තුපනත්තකා ච අපරපජා නාම. තෙ පටිපූජෙන්ති කෙළායන්ති මමායන්ති මඞ්ගලකාලාදීසු තෙසං මඞ්ගලාදීනි කරොන්ති. සෙසමිධාපි පුරිමනයෙනෙව වෙදිතබ්බං.
හතරවන දිසා වාරයෙහි අවිසංවාදනතාය - යමක් ගනීද එය වාදයක් නැතිව අපේ ගෙයි මෙය ඇත. මෙයද ඇත. ගෙන යන්න යයි විවාදයක් නැතිව දීමෙන්. අපරපජා තස්ස පටිපුජෙන්ති - සහකරුගේ දූ පුතුන් ප්‍රජාව නම් වේ. ඔවුන්ගේ දූ පුත්තු සහ මුණුබුරු මිණිබිරියෝ අපර ප්‍රජාව වෙති. ඔව්හු පුදති, ක්‍රීඩා කරති. මමායනය කරති. මංගලාදියෙහි ඔවුන්ගේ මංගලාදිය කරති. මෙහි සෙස්ස පෙර නයින්ම යෙදිය යුතුය.
යථාබලං කම්මන්තසංවිධානෙනාති දහරෙහි කාතබ්බං මහල්ලකෙහි, මහල්ලකෙහි වා කාතබ්බං දහරෙහි, ඉත්ථීහි කාතබ්බං පුරිසෙහි, පුරිසෙහි වා කාතබ්බං ඉත්ථීහි අකාරෙත්වා තස්ස තස්ස බලානුරූපෙනෙව කම්මන්තසංවිධානෙන. භත්තවෙතනානුප්පදානෙනාති අයං ඛුද්දකපුත්තො, අයං එකවිහාරීති තස්ස තස්ස අනුරූපං සල්ලක්ඛෙත්වා භත්තදානෙන චෙව පරිබ්බයදානෙන ච. ගිලානුපට්ඨානෙනාති අඵාසුකකාලෙ කම්මං අකාරෙත්වා සප්පායභෙසජ්ජාදීනි දත්වා පටිජග්ගනෙන. අච්ඡරියානං රසානං සංවිභාගෙනාති අච්ඡරියෙ මධුරරසෙ ලභිත්වා සයමෙව අඛාදිත්වා තෙසම්පි තතො සංවිභාගකරණෙන. සමයෙ වොස්සග්ගෙනාති නිච්චසමයෙ ච කාලසමයෙ ච වොස්සජ්ජනෙන. නිච්චසමයෙ වොස්සජ්ජනං නාම සකලදිවසං කම්මං කරොන්තා කිලමන්ති. තස්මා යථා න කිලමන්ති, එවං වෙලං ඤත්වා විස්සජ්ජනං. කාලසමයෙ වොස්සග්ගො නාම ඡණනක්ඛත්තකීළාදීසු අලඞ්කාරභණ්ඩඛාදනීයභොජනීයාදීනි දත්වා විස්සජ්ජනං. දින්නාදායිනොති චොරිකාය කිඤ්චි අගහෙත්වා සාමිකෙහි දින්නස්සෙව ආදායිනො. සුකතකම්මකරාති “කිං එතස්ස කම්මෙන කතෙන, න මයං කිඤ්චි ලභාමා”ති අනුජ්ඣායිත්වා තුට්ඨහදයා යථා තං කම්මං සුකතං හොති, එවං කාරකා. කිත්තිවණ්ණහරාති පරිසමජ්ඣෙ කථාය සම්පත්තාය “කො අම්හාකං සාමිකෙහි සදිසො අත්ථි, මයං අත්තනො දාසභාවම්පි න ජානාම, තෙසං සාමිකභාවම්පි න ජානාම, එවං නො අනුකම්පන්තී”ති ගුණකථාහාරකා. සෙසමිධාපි පුරිමනයෙනෙව යොජෙතබ්බං.
යථා බලං කම්මන්ත සංවිධානෙන - ළදරුවන් කළයුතු දේ මහල්ලන් විසින් මහල්ලන් කළයුතු දේ ළදරුවන් විසින් ස්ත්රින් කළයුතු ද පුරුෂයන් විසින් පුරුෂයන් කළයුතු දේ ස්ත්‍රීන් විසින් නොකරවා ඔහුගේ මේ චූටි පුතෙකි. මොහු තනිව වාසය කරයි. ඔහුට අනුරූපව සලකා බත් වැටුප් දීමෙන්. ගිලානුපට්ඨානෙන - අපහසු කාලයෙහි වැඩ නොකොට සප්පාය බෙහෙත් ආදිය දෙමින් උවටැන් කිරීමෙන්. අච්ඡරියානං රසානං සංවිභාගෙන - ආශ්චර්ය මධුර රස ලැබී තමාම අනුභව නොකොට ඔවුන්ට ද එයින් කොටසක් ලැබීමට සංවිධාන කිරීමෙන්. සමයෙ වොස්සග්ගෙන - කාල සමය කිච්ච සමය යයි වොස්සජන තිබේ. කාල සමයේ වොස්සජනය (වැඩ අත් හැරීම) නම් දවස පුරා වැඩකරන විට ක්ලාන්ත වීමට පෙර වැඩ අත් හැරවීම කාල වොස්සජ්ජනය වේ. නැකත් උත්සව ආදියෙහි අලංකාර බඩු, කන බොන දේ දී වැඩ අත්හැරවීම දින්නදායිනො - සොරෙන් කිසිවක් නොගෙන ස්වාමීන් දෙන ලද දෙයක්ම අරගැනීම. සුකතකම්මකාරකා - මේ වැඩේ කිරීමෙන් මට කිසි ලාභයක් නැතැයි අසතුට - අසතුටු වචන නොකියා සතුටු සිතින් ඒ වැඩේ හොඳට කිරිම. කිත්තිවණ්ණහරා - පිරිස මැද කතාවෙන් අපේ ස්වාමියා හා සමාන කෙනෙක් කොහෙ ඇත්ද. අපි අපගේ දාසභාවය නොදනිමු. ඔවුන්ගේ ස්වාමිබවවත් නොදනිමු. මෙසේ අපට අනුකම්පා වෙතියි ගුණකථා ගෙන එන්නෝය. මෙහි සෙස්ස ද පෙර පරිද්දෙන්ම යෙදිය යුතුය.
මෙත්තෙන කායකම්මෙනාතිආදීසු මෙත්තචිත්තං පච්චුපට්ඨපෙත්වා කතානි කායකම්මාදීනි මෙත්තානි නාම වුච්චන්ති. තත්ථ භික්ඛූ නිමන්තෙස්සාමීති විහාරගමනං, ධමකරණං ගහෙත්වා උදකපරිස්සාවනං, පිට්ඨිපරිකම්මපාදපරිකම්මාදිකරණඤ්ච මෙත්තං කායකම්මං නාම. භික්ඛූ පිණ්ඩාය පවිට්ඨෙ දිස්වා “සක්කච්චං යාගුං දෙථ, භත්තං දෙථා”තිආදිවචනඤ්චෙව, සාධුකාරං දත්වා ධම්මසවනඤ්ච සක්කච්චං පටිසන්ථාරකරණාදීනි ච මෙත්තං වචීකම්මං නාම. “අම්හාකං කුලූපකත්ථෙරා අවෙරා හොන්තු අබ්යාපජ්ජා”ති එවං චින්තනං මෙත්තං මනොකම්මං නාම. අනාවටද්වාරතායාති අපිහිතද්වාරතාය. තත්ථ සබ්බද්වාරානි විවරිත්වාපි සීලවන්තානං අදායකො අකාරකො පිහිතද්වාරොයෙව. සබ්බද්වාරානි පන පිදහිත්වාපි තෙසං දායකො කාරකො විවටද්වාරොයෙව. ඉති සීලවන්තෙසු ගෙහද්වාරං ආගතෙසු සන්තංයෙව නත්ථීති අවත්වා දාතබ්බං. එවං අනාවටද්වාරතා නාම හොති.
මෙත්තෙන කායකම්මෙන - ආදියෙහි මෙත්සිත පිහිටුවා කරන කායකම්මාදිය මෛත්‍රිය නමැයි කියන ලදී. එහි භික්ෂූන්ට ආරාධනා කරන්නෙමි යයි විහාරයට යෑම, පෙරහන ගෙන ජල පෙරහන්කඩය, පිට පිරිමැදීම, පා පිරිමැදීම මෛත්‍රී කායකර්ම නමි. භික්ෂූන් පිණ්ඩපාතෙ වැඩිය කල්හි සකසා කැඳ පිළිගන්වන්න, ආහාර පිළිගන්වන්න ආදි වචන ද සාධුකාර දී ධර්මශ්රවණ කිරිම, සකසා පිළිසඳරෙහි යෙදීමාදිය මෛත්‍රී වචී කර්ම නමි. අපගේ කුළුපග තෙරුන් වහන්සේ වෛර නැත්තෙක් වෙත්වා. තරහ නැත්තෙක් වෙත්වායි මෙසේ සිතීම මෛත්‍රී සහගත මනෝ කර්ම නමි. අනාවට ද්වාරතාය - දොරවල් නොවසා ඇති බවයි. එහි සියළු දොරවල් විවෘතකර ඇත ද සිල්වතුන්ගේ ගෙන යන්නා නොකරන්නේ වැසූ දොරවල් ඇත්තේම වේ. මෙසේ සිල්වතුන් ගෙදරට පැමිණි කල්හි තිබුණු විට නැතැයි නොකියා දිය යුතුය. මෙසේ නොවැසූ දොරවල් ඇතිබව වේ.
ආමිසානුප්පදානෙනාති පුරෙභත්තං පරිභුඤ්ජිතබ්බකං ආමිසං නාම, තස්මා සීලවන්තානං යාගුභත්තසම්පදානෙනාති අත්ථො. කල්යාණෙන මනසා අනුකම්පන්තීති “සබ්බෙ සත්තා සුඛිතා හොන්තු අවෙරා අරොගා අබ්යාපජ්ජා”ති එවං හිතඵරණෙන. අපිච උපට්ඨාකානං ගෙහං අඤ්ඤෙ සීලවන්තෙ සබ්රහ්මචාරී ගහෙත්වා පවිසන්තාපි කල්යාණෙන චෙතසා අනුකම්පන්ති නාම. සුතං පරියොදාපෙන්තීති යං තෙසං පකතියා සුතං අත්ථි, තස්ස අත්ථං කථෙත්වා කඞ්ඛං විනොදෙන්ති, තථත්තාය වා පටිපජ්ජාපෙන්ති. සෙසමිධාපි පුරිමනයෙනෙව යොජෙතබ්බං.
ආමිසානුප්පදානෙන - පෙරබත් කාලයෙහි වැළඳිය යුතු දේ ආමිස නමි. එහෙයින් සිල්වතුන් කැඳබත් සම්පදනය කිරීමෙන් යන අර්ථයයි. කල්යාණෙන මනසා අනුකම්පනති - සියළු සත්වයෝ සුවපත් වෙත්වා රෝග නැත්තෝ වෙත්වා කරදර නැත්තෝ වෙත්වායි මෙසේ යහපත පැතිරවීමෙන් උපස්ථායකයාගේ ගෙදරට වෙනත් සිල්වත් බ්‍රහ්මචාරින් කුළුණු සිතින් වැඩමවා ගැනීම ද අනුකම්පා නම් වේ. සුතං පරියොදපෙන්ති - ප්‍රකෘතියෙන් ඇසූ යම්දෙයක් ඇත්ත ද එහි අර්ථය කියා සැක දුරු කරයි කියන ලද්ද පිළිපදවති. මෙහි සෙස්ස පෙර මෙන් යෙදිය යුතුය.
අලමත්තොති පුත්තදාරභරණං කත්වා අගාරං අජ්ඣාවසනසමත්ථො. පණ්ඩිතොති දිසානමස්සනට්ඨානෙ පණ්ඩිතො හුත්වා. සණ්හොති සුඛුමත්ථදස්සනෙන සණ්හවාචාභණනෙන වා සණ්හො හුත්වා. පටිභානවාති දිසානමස්සනට්ඨානෙ පටිභානවා හුත්වා නිවාතවුත්තීති නීචවුත්ති. අත්ථද්ධොති ථම්භරහිතො. උට්ඨානකොති උට්ඨානවීරියසම්පන්නො. අනලසොති නික්කොසජ්ජො. අච්ඡින්නවුත්තීති නිරන්තරකරණවසෙන අඛණ්ඩවුත්ති. මෙධාවීති ඨානුප්පත්තියා පඤ්ඤාය සමන්නාගතො.
අලමත්ථො - අඹුදරුවන් පෝෂණය කොට ගිහිගෙයි විසීමට සමත්. පණ්ඩිතො - දිසා වඳින ස්ථානයෙහි පණ්ඩිතයෙක්ව. සණ්හො - සියුම් අරුත් දැකීමෙන්, මෘදු වචන කතා කිරීමෙන් හෝ. පටිභාණවා - දිසා වඳින ස්ථානයෙහි ප්රතිභාණයෙක්ව. නිවාත වුත්ති - යටත්පහත් පැවැත්ම. අත්ථද්ධො - තද නැති. උට්ඨානකො - උට්ඨාන වීර්ය සම්පන්නව. අනලසො - කුසීත නැති. අච්ඡිද්දවුත්ති - නිතර කිරීම් වශයෙන් කඩ නොවූ වෘත්තිය. මෙධාවී - ස්ථානෝචිත නුවණ.
සඞ්ගාහකොති චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගහකරො. මිත්තකරොති මිත්තගවෙසනො. වදඤ්ඤූති පුබ්බකාරිනා, වුත්තවචනං ජානාති. සහායකස්ස ඝරං ගතකාලෙ “මය්හං සහායකස්ස වෙඨනං දෙථ, සාටකං දෙථ, මනුස්සානං භත්තවෙතනං දෙථා”ති වුත්තවචනමනුස්සරන්තො තස්ස අත්තනො ගෙහං ආගතස්ස තත්තකං වා තතො අතිරෙකං වා පටිකත්තාති අත්ථො. අපිච සහායකස්ස ඝරං ගන්ත්වා ඉමං නාම ගණ්හිස්සාමීති ආගතං සහායකං ලජ්ජාය ගණ්හිතුං අසක්කොන්තං අනිච්ඡාරිතම්පි තස්ස වාචං ඤත්වා යෙන අත්ථෙන සො ආගතො, තං නිප්ඵාදෙන්තො වදඤ්ඤූ නාම. යෙන යෙන වා පන සහායකස්ස ඌනං හොති, ඔලොකෙත්වා තං තං දෙන්තොපි වදඤ්ඤූයෙව. නෙතාති තං තං අත්ථං දස්සෙන්තො පඤ්ඤාය නෙතා. විවිධානි කාරණානි දස්සෙන්තො නෙතීති විනෙතා. පුනප්පුනං නෙතීති අනුනෙතා.
සංගාහකො - සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කිරිම. මිත්තකරො- මිතුරන් සොයන්නේ. වදඤ්ඤු - පෙර කරන කියන වචන දනී. මිතුරාගේ ගෙට ගිය කල්හි යාළුවාගේ ජටාව මට දෙන්න. සලුව දෙන්න. මිනිසුන්ට බත් වැටුප් දෙන්න. කියූ වචන සිහි කරන්නේ ඔහු තමාගේ ගෙට පැමිණි කල්හි එපමණ හෝ ඊට අතිරේකයකින් පෙරළා කරයි යන අර්ථය වේ. තවද යහළුවාගේ ගෙට ගොස් මෙය නම් ගන්නෙමියි පැමිණි මිතුරා කීමට ලැජ්ජාවෙන් නොහැකි වන්නේ නොකිව යුතු වූ තමාගේ වචනය දැන යමක් සඳහා ඔහු පැමිණියේ නම් එය සපයා දෙන්නේ වදඤ්ඤු නම් වේ. මිතුරාගේ අඩුපාඩු දැක ඒවා දෙන්නේ ද වදඤ්ඤු නම් වේ. නෙතා - යම් යම් අර්ථ දක්වන්නේ පෙන්වා දෙන්නේ පමුණු වන්නේ නේතා - විවිධ කරුණු දක්වන්නේ පමුණු වන්නේ නෙතා. හික්මවන්නේ විනෙතීති විනෙතා - වේ. නැවත නැවත පමුණු වන්නේ අනුනෙතා - වේ.
තත්ථ තත්ථාති තස්මිං තස්මිං පුග්ගලෙ. රථස්සාණීව යායතොති යථා ආණියා සතියෙව රථො යාති, අසති න යාති, එවං ඉමෙසු සඞ්ගහෙසු සතියෙව ලොකො වත්තති, අසති න වත්තති. තෙන වුත්තං – “එතෙ ඛො සඞ්ගහා ලොකෙ, රථස්සාණීව යායතො”ති.
තත්ථ තත්ථ - ඒ ඒ පුද්ගලයන් කෙරෙහි. රථස්සාණීව යායතෙ - කඩ ඇණය තිබෙන තුරු රථය යයි. නැති විට නොයයි. මෙසේ මේ සංග්‍රහ තිබෙන කල්හි ලොව පවතී. නොමැති කල්හි නොපවතී.
න මාතා පුත්තකාරණාති යදි මාතා එතෙ සඞ්ගහෙ පුත්තස්ස න කරෙය්ය, පුත්තකාරණා මානං වා පූජං වා න ලභෙය්ය.
මානං පුජංවා න මාතා පුත්තකාරණා - ඉදින් මව මේ සංග්‍රහයන් පුතුට නොකරේද? පුතාගේ කරුණු වන ගරු කිරීම හෝ පිදීම හෝ මව නොලබන්නේය.
සඞ්ගහා එතෙති උපයොගවචනෙ පච්චත්තං. “සඞ්ගහෙ එතෙ”ති වා පාඨො. සම්මපෙක්ඛන්තීති සම්මා පෙක්ඛන්ති. පාසංසා ච භවන්තීති පසංසනීයා ච භවන්ති.
සංගහා එතෙ - මේ සංග්‍රහ සංගහෙ එතෙ යනු ද පාඨයකි. සම්පෙක්ඛන්ති - මනාව බලති. පාසංසා ච භවන්ති - ප්‍රශංසාව ද වෙති.
ඉති භගවා යා දිසා සන්ධාය තෙ ගහපතිපුත්ත පිතා ආහ “දිසා නමස්සෙය්‍යාසී”ති, ඉමා තා ඡ දිසා. යදි ත්වං පිතු වචනං කරොසි, ඉමා දිසා නමස්සාති දස්සෙන්තො සිඞ්ගාලස්ස පුච්ඡාය ඨත්වා දෙසනං මත්ථකං පාපෙත්වා රාජගහං පිණ්ඩාය පාවිසි. සිඞ්ගාලකොපි සරණෙසු පතිට්ඨාය චත්තාලීසකොටිධනං බුද්ධසාසනෙ විකිරිත්වා පුඤ්ඤකම්මං කත්වා සග්ගපරායණො අහොසි. ඉමස්මිඤ්ච පන සුත්තෙ යං ගිහීහි කත්තබ්බං කම්මං නාම, තං අකථිතං නත්ථි, ගිහිවිනයො නාමායං සුත්තන්තො. තස්මා ඉමං සුත්වා යථානුසිට්ඨං පටිපජ්ජමානස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානීති.
ගෘහපති පුත්‍රය, යම් දිසා සඳහා ඔබට ඔබගේ පියා කීවේ ද මේ ඒ දිසා හය වේ. ඉදින් පියාගේ වචනය අනුව කරන්නේ නම් මේ දිසාවලට නමස්කාර කරවයි දක්වන්නේ සිඟාලගේ ප්රශ්නය මත සිට මේ දේසනාව මුදුන් පමුණුවා රජගහ නුවරට පිඬු පිණිස වැඩියහ. සිගාල ගෘහපති පුත්‍රයා ද සරණ ශීලයෙහි පිහිටා හතලිස් කෝටියක් ධනය බුද්ධ සාසනයෙහි විසුරුවා පින්කම් කොට ස්වර්ග පරායන විය. මේ සූත්‍රයෙහි වනාහි ගිහියන් විසින් කළයුතු වැඩකටයුතු සියල්ල මෙහි දේශනා කරන ලදී. එහෙයින් මේ සූත්‍රාන්තය ගිහි විනය නම් වේ. මේ සූත්‍රය අසා මේ අනුව කටයුතු කරන්නාට දියණුවක් මිස පිරිහීමක් නොවේ.
සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථාය සිඞ්ගාලසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිගාලෝවාද සූත්‍ර වර්ණනාව නිමි.