යෙදුමෙන් කියවන්න

7. ලක‍්ඛණසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. ලක‍්ඛණසුත‍්තවණ‍්ණනා

7. ලක්ඛණ සූත්‍ර වර්ණනාව

ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවණ‍්ණනා

එවං මෙ සුතන‍්ති ලක‍්ඛණසුත‍්තං. තත්‍රායමනුත‍්තානපදවණ‍්ණනා. ද‍්වත‍්තිංසිමානීති ද‍්වත‍්තිංස ඉමානි. මහාපුරිසලක‍්ඛණානීති මහාපුරිසබ්‍යඤ‍්ජනානි මහාපුරිසනිමිත‍්තානි “අයං මහාපුරිසො”ති සඤ‍්ජානනකාරණානි. “යෙහි සමන‍්නාගතස‍්ස මහාපුරිසස‍්සා”තිආදි මහාපදානෙ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බං.

ලක්ඛණ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි උත්තාන නොවන පද වර්ණනාවයි. ද්වත්තිංසිමානි - මේ දෙතිස. මහා පුරිස ලක්ඛණානි - මහා පුරිස ව්‍යඤජන වේ. මහපුරිස ලකුණය. මහ පුරිස් නිමිතිය. මේ තෙමේ මහා පුරුෂයෙකැයි හඳුනා ගන්න කරුණුය. “යම් දේවලින් යුක්ත වන්නේ මහා පුරුෂයාගේ” යයි ආදිය මහා පදාන සූත්‍රයෙහි විස්තර කළ නයින්ම දත යුතුය.

“බාහිරකාපි ඉසයො ධාරෙන‍්ති, නො ච ඛො ජානන‍්ති ‘ඉමස‍්ස කම‍්මස‍්ස කතත‍්තා ඉමං ලක‍්ඛණං පටිලභතී’ති” කස‍්මා ආහ? අට‍්ඨුප‍්පත‍්තියා අනුරූපත‍්තා. ඉදඤ‍්හි සුත‍්තං සඅට‍්ඨුප‍්පත‍්තිකං. සා පනස‍්ස අට‍්ඨුප‍්පත‍්ති කත්‍ථ සමුට‍්ඨිතා? අන‍්තොගාමෙ මනුස‍්සානං අන‍්තරෙ. තදා කිර සාවත්‍ථිවාසිනො අත‍්තනො අත‍්තනො ගෙහෙසු ච ගෙහද‍්වාරෙසු ච සන්‍ථාගාරාදීසු ච නිසීදිත්‍වා කථං සමුට‍්ඨාපෙසුං – “භගවතො අසීතිඅනුබ්‍යඤ‍්ජනානි බ්‍යාමප‍්පභා ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණානි, යෙහි ච භගවතො කායො, සබ‍්බඵාලිඵුල‍්ලො විය පාරිච‍්ඡත‍්තකො, විකසිතමිව කමලවනං, නානාරතනවිචිත‍්තං විය සුවණ‍්ණතොරණං, තාරාමරිචිවිරොචමිව ගගනතලං, ඉතො චිතො ච විධාවමානා විප‍්ඵන්‍දමානා ඡබ‍්බණ‍්ණරස‍්මියො මුඤ‍්චන‍්තො අතිවිය සොභති. භගවතො ච ඉමිනා නාම කම‍්මෙන ඉදං ලක‍්ඛණං නිබ‍්බත‍්තන‍්ති කථිතං නත්‍ථි, යාගුඋළුඞ‍්කමත‍්තම‍්පි පන කටච‍්ඡුභත‍්තමත‍්තං වා පුබ‍්බෙ දින‍්නපච‍්චයා එවං උප‍්පජ‍්ජතීති භගවතා වුත‍්තං. කිං නු ඛො සත්‍ථා කම‍්මං අකාසි, යෙනස‍්ස ඉමානි ලක‍්ඛණානි නිබ‍්බත‍්තන‍්තී”ති.

බාහිර සෘෂීහු ද මේවා දරති. මේ කර්ම කළ බැවින් මේ ලක්ෂණ ලබතියි නොදනිත් ද. කුමක් හෙයින් කීවේද? අට්ඨුප්පත්ති වශයෙනි. අනුරූප හෙයිනි. මේ සූත්‍රය වනාහි අට්ඨුප්පත්තිකය. එය වනාහි අට්ඨුප්පත්ති කොහි පිහිටියේද? ඇතුළුගම මිනිසුන් අතරය. එකල වනාහි සැවැත් නුවර වාසීහු තම තමාගේ ගෙවල දොරකඩ නගර සාලාවල ද රැස් වී කථා සල්ලාපයෙනි (සම්මන්ත්‍රණවල) යෙදුණාහ. භාග්‍යවතුන් වහන්සේගේ අසූ අනුව්‍යඤජන ව්‍යාමප්‍රභා දෙතිස් උතුම් ලකුණුවලින් උන්වහන්සේගේ ශරීරය පිපීගිය මලින් යුත් පාරිජාත ගස මෙනි. පිපුණු නෙළුම් වනයක් මෙනි, නානා විචිත්‍ර රුවනින් පිරීගිය රන් තොරණක් මෙනි. තරු රසින් බබළන ගුවන් තලය සේ ඔබ මොබ දුවන සැලෙන සවණක් රස් විසුරුවන්නේ අතිශයින් බබළයි. භාග්‍යවතුන් වහන්සේ ද මෙනම් කර්මයෙන් මේ ලක්ෂණ පහළ වී යයි කියන ලද්දේ නොවේ. කැඳ කෙනෙස්සක් පමණ (ලොකු හැන්ද) ද බත් සරළුවක් (හැන්ද) පමණ ද පෙර දුන් හේතුවෙන්ම මේවා පහළ වී යයි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. යම් හෙයකින් මේ ලකුණු පහළවීමට භගවත්හු විසින් කර්ම කළේද?

අථායස‍්මා ආනන්‍දො අන‍්තොගාමෙ චරන‍්තො ඉමං කථාසල‍්ලාපං සුත්‍වා කතභත‍්තකිච‍්චො විහාරං ආගන‍්ත්‍වා සත්‍ථු වත‍්තං කත්‍වා වන්‍දිත්‍වා ඨිතො “මයා, භන‍්තෙ, අන‍්තොගාමෙ එකා කථා සුතා”ති ආහ. තතො භගවතා “කිං තෙ, ආනන්‍ද, සුත”න‍්ති වුත‍්තෙ සබ‍්බං ආරොචෙසි. සත්‍ථා ථෙරස‍්ස වචනං සුත්‍වා පරිවාරෙත්‍වා නිසින‍්නෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “ද‍්වත‍්තිංසිමානි, භික‍්ඛවෙ, මහාපුරිසස‍්ස මහාපුරිසලක‍්ඛණානී”ති පටිපාටියා ලක‍්ඛණානි දස‍්සෙත්‍වා යෙන කම‍්මෙන යං නිබ‍්බත‍්තං, තස‍්ස දස‍්සනත්‍ථං එවමාහ.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇතුළුගම හැසිරෙන්නේ මේ කථා සල්ලාපය අසා කරන ලද බත් කිස ඇත්තේ විහාරයට පැමිණ වතාවත් කොට බුදුන් වැඳ සිටියෝ, ස්වාමීනි මා විසින් ඇතුළුගම දී එක් කතාවක් අසන ලදැයි කී. ඉක්බිති භාග්‍යවතුන් ආනන්ද, ඔබ ඇසූ කතාව කුමක්දැයි පුළුවුත් කල්හි සියල්ල දැන්වීය. ශාස්තෲහු තෙරුන්ගේ වචනය අසා පිරිවරා සිටි භික්ෂූන් අමතා “මහණෙනි, මහා පුරුෂයාගේ මේ දෙතිස් ලකුණු” යයි පිළිවෙළින් ලක්ෂණ දක්වා කර්මයෙන් නිපදවන දේ දැක්වීමට මෙසේ කීහ.

සුප‍්පතිට‍්ඨිතපාදතාලක‍්ඛණවණ‍්ණනා

පුරිමං ජාතින‍්තිආදීසු පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධා ජාතවසෙන “ජාතී”ති වුත‍්තා. තථා භවනවසෙන “භවො”ති, නිවුත්‍ථවසෙන ආලයට‍්ඨෙන වා “නිකෙතො”ති. තිණ‍්ණම‍්පි පදානං පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානෙ ඨිතොති අත්‍ථො.

“පුරිමං ජාති” යනාදියෙහි පෙර විසූ ස්කන්ධ වශයෙන් ජාතී - යයි කියන ලදී. එසේම වීම් වශයෙන් භවො - යයි කියන ලදී. විසූ හෙයින් බැඳුණු හෙයින් හෝ නිකෙත - වේ. පද තුනම පෙර විසූ ස්කන්ධ සන්තානයෙහි සිටියේය යන අර්ථය වේ.

ඉදානි යස‍්මා තං ඛන්‍ධසන‍්තානං දෙවලොකාදීසුපි වත‍්තති. ලක‍්ඛණනිබ‍්බත‍්තනසමත්‍ථං පන කුසලකම‍්මං තත්‍ථ න සුකරං, මනුස‍්සභූතස‍්සෙව සුකරං. තස‍්මා යථාභූතෙන යං කම‍්මං කතං, තං දස‍්සෙන‍්තො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානොති ආහ. අකාරණං වා එතං. හත්‍ථිඅස‍්සමිගමහිංසවානරාදිභූතොපි මහාපුරිසො පාරමියො පූරෙතියෙව. යස‍්මා පන එවරූපෙ අත‍්තභාවෙ ඨිතෙන කතකම‍්මං න සක‍්කා සුඛෙන දීපෙතුං, මනුස‍්සභාවෙ ඨිතෙන කතකම‍්මං පන සක‍්කා සුඛෙන දීපෙතුං. තස‍්මා “පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො”ති ආහ.

දැන් යම් හෙයකින් ඒ ස්කන්ධ සන්තානය දෙව්ලෝවල ද පවති. ලක්‍ෂණ නිදපවීමට සමත් කුසලකර්ම වනාහි එහි පහසු නොවේ. මිනිස් වීමෙන්ම පහසු වේ. එහෙයින් යථාර්ථ වශයෙන් එයින් යම් කර්මයක් කරන ලදද එය දක්වන්නේ “පෙර මිනිස් වූයේ” යයි කීහ. මෙය සුදුසු නොවේද? ඇත් අස් මුව මහිස වානරාදි ජීවිතවලදී ද මහා පුරුෂයා පාරමී පිරුවේමය. එබඳු ආත්මභාවවල සිට කරන ලද කර්ම පහසුවෙන් දැක්වීමට නොහැකිය. මනුෂ්‍යභාවයෙහි සිට කරන ලද කර්ම පහසුවෙන් දැක්විය හැකිය. එහෙයින් “පුබ්බෙ මනුස්සභූතො සමානො” යයි කීහ.

දළ‍්හසමාදානොති ථිරගහණො. කුසලෙසු ධම‍්මෙසූති දසකුසලකම‍්මපථෙසු. අවත්‍ථිතසමාදානොති නිච‍්චලගහණො අනිවත‍්තිතගහණො. මහාසත‍්තස‍්ස හි අකුසලකම‍්මතො අග‍්ගිං පත්‍වා කුක‍්කුටපත‍්තං විය චිත‍්තං පටිකුටති, කුසලං පත්‍වා විතානං විය පසාරියති. තස‍්මා දළ‍්හසමාදානො හොති අවත්‍ථිතසමාදානො. න සක‍්කා කෙනචි සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කුසලසමාදානං විස‍්සජ‍්ජාපෙතුං.

දළ්හ සමාදානො - ස්ථිර ග්‍රහණය. කුසලෙසු ධම්මෙසු - දස කුසල කර්ම පථවල. අවත්ථිත සමාදානො - නිසල ගැනීම. නොනැවතී ගැනීම. මහා සත්වයාගේ අකුසල කර්මයෙන් ගිනි ඇති වී කුකුළු පිහාට්ටක් මෙන් සිත හැකිලේ. කුසලට පැමිණ වියනක් මෙන් පැතිරේ. එහෙයින් දළ්හ සමාදානය වේ. කුසල සමාදානය බිඳීමට ශ්‍රමණ බ්‍රාහ්මණ දෙවි මර බ්‍රහ්ම කිසිවෙකුට හැකි නොවේ.

තත්‍රිමානි වත්‍ථූනි – පුබ‍්බෙ කිර මහාපුරිසො කලන්‍දකයොනියං නිබ‍්බත‍්ති. අථ දෙවෙ වුට‍්ඨෙ ඔඝො ආගන‍්ත්‍වා කුලාවකං ගහෙත්‍වා සමුද‍්දමෙව පවෙසෙසි. මහාපුරිසො “පුත‍්තකෙ නීහරිස‍්සාමී”ති නඞ‍්ගුට‍්ඨං තෙමෙත්‍වා තෙමෙත්‍වා සමුද‍්දතො උදකං බහි ඛිපි. සත‍්තමෙ දිවසෙ සක‍්කො ආවජ‍්ජිත්‍වා තත්‍ථ ආගම‍්ම “කිං කරොසී”ති පුච‍්ඡි? සො තස‍්ස ආරොචෙසි. සක‍්කො මහාසමුද‍්දතො උදකස‍්ස දුන‍්නීහරණීයභාවං කථෙසි. බොධිසත‍්තො තාදිසෙන කුසීතෙන සද‍්ධිං කථෙතුම‍්පි න වට‍්ටති. “මා ඉධ තිට‍්ඨා”ති අපසාරෙසි. සක‍්කො “අනොමපුරිසෙන ගහිතගහණං න සක‍්කා විස‍්සජ‍්ජාපෙතු”න‍්ති තුට‍්ඨො තස‍්ස පුත‍්තකෙ ආනෙත්‍වා අදාසි. මහාජනකකාලෙපි මහාසමුද‍්දං තරමානො “කස‍්මා මහාසමුද‍්දං තරසී”ති දෙවතාය පුට‍්ඨො “පාරං ගන‍්ත්‍වා කුලසන‍්තකෙ රට‍්ඨෙ රජ‍්ජං ගහෙත්‍වා දානං දාතුං තරාමී”ති ආහ. තතො දෙවතාය – “අයං මහාසමුද‍්දො ගම‍්භීරො චෙව පුථුලො ච, කදා නං තරිස‍්සතී”ති වුත‍්තෙ සො ආහ “තවෙසො මහාසමුද‍්දසදිසො, මය‍්හං පන අජ‍්ඣාසයං ආගම‍්ම ඛුද‍්දකමාතිකා විය ඛායති. ත්‍වංයෙව මං දක‍්ඛිස‍්සසි සමුද‍්දං තරිත්‍වා සමුද‍්දපාරතො ධනං ආහරිත්‍වා කුලසන‍්තකං රජ‍්ජං ගහෙත්‍වා දානං දදමාන”න‍්ති. දෙවතා “අනොමපුරිසෙන ගහිතගහණං න සක‍්කා විස‍්සජ‍්ජාපෙතු”න‍්ති බොධිසත‍්තං ආලිඞ‍්ගෙත්‍වා හරිත්‍වා උය්‍යානෙ නිපජ‍්ජාපෙසි. සො ඡත‍්තං උස‍්සාපෙත්‍වා දිවසෙ දිවසෙ පඤ‍්චසතසහස‍්සපරිච‍්චාගං කත්‍වා අපරභාගෙ නික‍්ඛම‍්ම පබ‍්බජිතො. එවං මහාසත‍්තො න සක‍්කා කෙනචි සමණෙන වා…පෙ… බ්‍රහ‍්මුනා වා කුසලසමාදානං විස‍්සජ‍්ජාපෙතුං. තෙන වුත‍්තං – “දළ‍්හසමාදානො අහොසි කුසලෙසු ධම‍්මෙසු අවත්‍ථිතසමාදානො”ති.

එහි මේ වස්තුව දැක්වේ. මහා පුරුෂය පෙර ලෙහෙන යෝනියෙහි ඉපදිණි, ඉක්බිති වැසිවැස මහා සැඩ පහරක් පැමිණ ලේන් කුඩුව ගහගෙන ගොස් මහ සමුදුරට පත්විය. මහා පුරුෂ පුතුන් හැරගන්නෙමියි නගුට තෙම තෙමා මුහුදින් දිය පිටත දැමීය. සත්වන දිනයෙහි ශක්‍රයා දැන එහි අවුත් කුමක් කරන්නේ දැයි ඇසීය. හේ ඔහුට කීවේය. ශක්‍රයා මහ සමුදුරින් දිය හැරදැමීම නොහැකි බව කීය. බෝධිසත්වයා තා වැනි කුසීතයකු සමග කතා කිරීමට ද නොවටී. මෙහි නොසිටවයි පලවා හැරීය. ශක්‍රයා උතුම් පුරුෂයා විසින් ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි සතුටුව ඔහුගේ පුතුන් ගෙනවුත් දුන්නේය. මහාජනක කාලයෙහි ද මහසමුදුර තරණය කරන්නේ, කුමක් හෙයින් මහසමුදුර ගැඹුර ද පළල ද දක්වා කවදා නම් තරණය කරන්නේදැයි විචාළේ කීය. මගේ අදහස මේ මහා සමුද්‍රය මෙනි ඒ අදහස අනුව මේ මහා සමුද්‍රය කුඩා ඇලක් මෙන් හැඟේ. ඔබටම මා දැකිය හැකි වන්නේය. සමුද්‍රය තරණය කොට මුහුදෙන් එතෙර ධනය ගෙන කුල සත්තක රටෙහි රාජ්‍යය ගෙන දන්දෙන්නා වූ මා, උතුම් පුරුෂයා ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි දෙවියා බෝසතුන් වැළඳගෙන උයනෙහි සැතපවීය. හේ සේසත් ඔසවා දිනපතා පන් ලක්ෂයක් පරිත්‍යාග කොට පසු කාලයෙහි පැවිදිවීය. මෙසේ මහා සත්වයාගේ කුසල සමාදානය වැලැක්වීමට කිසිවෙකුට නොහැක.

ඉදානි යෙසු කුසලෙසු ධම‍්මෙසු අවත්‍ථිතසමාදානො අහොසි, තෙ දස‍්සෙතුං කායසුචරිතෙතිආදිමාහ. දානසංවිභාගෙති එත්‍ථ ච දානමෙව දිය්‍යනවසෙන දානං, සංවිභාගකරණවසෙන සංවිභාගො. සීලසමාදානෙති පඤ‍්චසීලදසසීලචතුපාරිසුද‍්ධිසීලපූරණකාලෙ. උපොසථූපවාසෙති චාතුද‍්දසිකාදිභෙදස‍්ස උපොසථස‍්ස උපවසනකාලෙ. මත‍්තෙය්‍යතායාති මාතුකාතබ‍්බවත‍්තෙ. සෙසපදෙසුපි එසෙව නයො. අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු චාති අඤ‍්ඤෙසු ච එවරූපෙසු. අධිකුසලෙසූති එත්‍ථ අත්‍ථි කුසලා, අත්‍ථි අධිකුසලා. සබ‍්බෙපි කාමාවචරා කුසලා කුසලා නාම, රූපාවචරා අධිකුසලා. උභොපි තෙ කුසලා නාම, අරූපාවචරා අධිකුසලා. සබ‍්බෙපි තෙ කුසලා නාම, සාවකපාරමීපටිලාභපච‍්චයා කුසලා අධිකුසලා නාම. තෙපි කුසලා නාම, පච‍්චෙකබොධිපටිලාභපච‍්චයා කුසලා අධිකුසලා. තෙපි කුසලා නාම, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිලාභපච‍්චයා පන කුසලා ඉධ “අධිකුසලා”ති අධිප‍්පෙතා. තෙසු අධිකුසලෙසු ධම‍්මෙසු දළ‍්හසමාදානො අහොසි අවත්‍ථිතසමාදානො.

දැන් කුසල් දහම්හි වෙනස් නොවන සමාදානය දැක්වීමට “කායෙ සුචරිතෙ” යනාදිය කීහ. දාන සංවිභාගෙ - මෙහි දානයම දීම් වශයෙන් දානයයි. සංවිධාන කිරීම් වශයෙන් සංවිභාගො - සීල සමාදාන පන්සිල් දසසිල් සිව්පිරිසිදු සිල් සම්පූර්ණ කරන කාලයෙහි. උපොසථූපවාසෙ - තුදුස් ආකාර භේද වූ උපෝසථයේ උපවසන කාලයෙහි මත්තෙය්‍යතා - මවට කළයුතු වතාවත්. සෙසු පදවලද මෙම නයයි. අඤ්ඤතරඤ්ඤ තරෙසු - මෙබඳු වූ අනිත් ඒවායේ ද. අධිකුසලෙසු - මෙහි කුසල අදිකුසලා ඇත. කුසල් අකුසල් සියල්ල කාමාවරය. අරූපාවචර අධිකුසලය. ඒ සියල්ල කුසල් වේ. සාවක පාරමී ඤාණයට හේතු වූයේ කුසල් සහ අධිකුසල්ය. ඒවා කුසල් නම් වේ. පසේ බුදු බව ලැබීමට හේතු වූයේ අධිකුසල් නම් වේ. ඒවාද කුසල් වේ. සබ්බඤ්ඤුත ඤාණයට හේතු වූ කුසල් මෙහි අධිකුසල් නම් වේ. ඒ අධිකුසල්වල ස්ථිර සමාදානය විය. අවත්ථිත සමාදානය විය.

කටත‍්තා උපචිතත‍්තාති එත්‍ථ සකිම‍්පි කතං කතමෙව, අභිණ‍්හකරණෙන පන උපචිතං හොති. උස‍්සන‍්නත‍්තාති පිණ‍්ඩීකතං රාසීකතං කම‍්මං උස‍්සන‍්නන‍්ති වුච‍්චති. තස‍්මා “උස‍්සන‍්නත‍්තා”ති වදන‍්තො මයා කතකම‍්මස‍්ස චක‍්කවාළං අතිසම‍්බාධං, භවග‍්ගං අතිනීචං, එවං මෙ උස‍්සන‍්නං කම‍්මන‍්ති දස‍්සෙති. විපුලත‍්තාති අප‍්පමාණත‍්තා. ඉමිනා “අනන‍්තං අපරිමාණං මයා කතං කම‍්ම”න‍්ති දස‍්සෙති. අධිග‍්ගණ‍්හාතීති අධිභවති, අඤ‍්ඤෙහි දෙවෙහි අතිරෙකං ලභතීති අත්‍ථො. පටිලභතීති අධිගච‍්ඡති.

කත්තා උපචිත්තතා - මෙහි එක්වරක් කෙළේ ද “කත” ම වේ. නිතර කිරීමෙන්. වනාහි උපචිත වේ. උස්සන්නත්තා - පිණ්ඩිකතයා පිඬු කිරීම රාසි කිරිම කරම් උස්සන්නත්ත යයි කියනු ලැබේ. එහෙයින් උස්සන්නත්ත යයි කියන්නේ මා කළ කර්මයට සක්වල අති සම්බන්ධ භවාග්‍රය ඉතා පහළය. මෙසේ මාගේ උත්සන්න කර්ම දක්වයි. විපුලත්තා - අප්‍රමාණ භාවය. මෙයින් අනන්ත අප්‍රමාණ මා කළ කර්ම යයි දක්වයි. අදිගණ්හාති - අභිභවති. අන්‍ය දේවතාවන්ට වඩා අතිරේකව ලබයි යන අර්ථයයි. පටිලභති - ලබයි. “සබ්බාවන්තෙහි පාදතලෙහි” මෙය සමපාද පොළොවෙහි තබයි. මෙහි විස්තර වචන එහි

සබ‍්බාවන‍්තෙහි පාදතලෙහීති ඉදං “සමං පාදං භූමියං නික‍්ඛිපතී”ති එතස‍්ස විත්‍ථාරවචනං. තත්‍ථ සබ‍්බාවන‍්තෙහීති සබ‍්බපදෙසවන‍්තෙහි, න එකෙන පදෙසෙන පඨමං ඵුසති, න එකෙන පච‍්ඡා, සබ‍්බෙහෙව පාදතලෙහි සමං ඵුසති, සමං උද‍්ධරති. සචෙපි හි තථාගතො “අනෙකසතපොරිසං නරකං අක‍්කමිස‍්සාමී”ති පාදං අභිනීහරති. තාවදෙව නින‍්නට‍්ඨානං වාතපූරිතා විය කම‍්මාරභස‍්තා උන‍්නමිත්‍වා පථවිසමං හොති. උන‍්නතට‍්ඨානම‍්පි අන‍්තො පවිසති. “දූරෙ අක‍්කමිස‍්සාමී”ති අභිනීහරන‍්තස‍්ස සිනෙරුප‍්පමාණොපි පබ‍්බතො සුසෙදිතවෙත‍්තඞ‍්කුරො විය ඔනමිත්‍වා පාදසමීපං ආගච‍්ඡති. තථා හිස‍්ස යමකපාටිහාරියං කත්‍වා “යුගන්‍ධරපබ‍්බතං අක‍්කමිස‍්සාමී”ති පාදෙ අභිනීහටෙ පබ‍්බතො ඔනමිත්‍වා පාදසමීපං ආගතො. සොපි තං අක‍්කමිත්‍වා දුතියපාදෙන තාවතිංසභවනං අක‍්කමි. න හි චක‍්කලක‍්ඛණෙන පතිට‍්ඨාතබ‍්බට‍්ඨානං විසමං භවිතුං සක‍්කොති. ඛාණු වා කණ‍්ටකො වා සක‍්ඛරා වා කථලා වා උච‍්චාරපස‍්සාවඛෙළසිඞ‍්ඝාණිකාදීනි වා පුරිමතරං වා අපගච‍්ඡන‍්ති, තත්‍ථ තත්‍ථෙව වා පථවිං පවිසන‍්ති. තථාගතස‍්ස හි සීලතෙජෙන පුඤ‍්ඤතෙජෙන ධම‍්මතෙජෙන දසන‍්නං පාරමීනං ආනුභාවෙන අයං මහාපථවී සම‍්මා මුදුපුප‍්ඵාභිකිණ‍්ණා හොති.

සබ්බාවන්තෙහි - සියළු පෙදෙස් සමානව. සියළු පෙදෙස් පා තැබූ විට එකවර ස්පර්ශ වේ. තථාගතයෝ නොයෙක් සිය ගණන් පුරුෂ නරක පාගමියි පා ඔසවන කල වලගොඩැලි සම වී සමතලා පොලොව වන්නේය. ඉතාදුර අඩිය තබමියි පා ඔසවන විට මේරු පර්වතය පවා නැමී පා පිළිගත්තේය. එසේ යමා මහ පෙළහර පා යුගන්ධර පර්වතයට අඩිය තබමියි පා ඔසවනවිට පර්වතය නැමී පා සමීපයට පැමිණියේය. එයට අඩිය තබා දෙවන පාදය තව්තිසා දෙව්ලොව තැබීය. පාදයේ චක්‍ර ලක්ෂණ නිසා පා තබන තැන් විෂමව තිබීමට නොහැකිය. කනු කටු ගබොරළු කැට මල මූ කෙල සොටු පාතැබිමට කලින්ම ඉවත් වේ. සිල්තෙදින් පින් තෙදින් දම් තෙදින් දස පාරමී ආනුභාවයෙන් මේ මහ පොළොව මනාව මෘදු මල්ගොන්නක් වේ.

සාගරපරියන‍්තන‍්ති සාගරසීමං. න හි තස‍්ස රජ‍්ජං කරොන‍්තස‍්ස අන‍්තරා රුක‍්ඛො වා පබ‍්බතො වා නදී වා සීමා හොති මහාසමුද‍්දොව සීමා. තෙන වුත‍්තං “සාගරපරියන‍්ත”න‍්ති. අඛිලමනිමිත‍්තමකණ‍්ටකන‍්ති නිච‍්චොරං. චොරා හි ඛරසම‍්ඵස‍්සට‍්ඨෙන ඛිලා, උපද‍්දවපච‍්චයට‍්ඨෙන නිමිත‍්තා, විජ‍්ඣනට‍්ඨෙන කණ‍්ටකාති වුච‍්චන‍්ති.

සාගර පරියන්තං - සාගර සීමා කොට. උන්වහන්සේ රාජ්‍ය කරන විට ගසක් හෝ කන්දක් හෝ ගඟක් හෝ සීමා නොවේ. එනිසා “සාගරපරියන්තං” කියන ලදී. අඛිලමනිමිත්තම්කණ්ටක - නිච්චොරං සොරා වනාහි කර්කශ ස්පර්ශයෙන් ඛිලා උපද්‍රව හේතුවෙන් නිමිත්ත, විදීම් හේතුවෙන් කණ්ටක යයි කියනු ලැබේ.

ඉද‍්ධන‍්ති සමිද‍්ධං. ඵීතන‍්ති සබ‍්බසම‍්පත‍්තිඵාලිඵුල‍්ලං. ඛෙමන‍්ති නිබ‍්භයං. සිවන‍්ති නිරුපද‍්දවං. නිරබ‍්බුදන‍්ති අබ‍්බුදවිරහිතං, ගුම‍්බං ගුම‍්බං හුත්‍වා චරන‍්තෙහි චොරෙහි විරහිතන‍්ති අත්‍ථො. අක‍්ඛම‍්භියොති අවික‍්ඛම‍්භනීයො. න නං කොචි ඨානතො චාලෙතුං සක‍්කොති. පච‍්චත්‍ථිකෙනාති පටිපක‍්ඛං ඉච‍්ඡන‍්තෙන. පච‍්චාමිත‍්තෙනාති පටිවිරුද‍්ධෙන අමිත‍්තෙන. උභයම‍්පෙතං සපත‍්තවෙවචනං. අබ‍්භන‍්තරෙහීති අන‍්තො උට‍්ඨිතෙහි රාගාදීහි.

ඉද්ධං - සමාධිය. ඵීතං - සියළු සම්පත්තියෙන් පිරී ගියාවූ. ඛෙමං - බිය නැති. සිවං - නිරුපද්‍රවව. නිරබ්බුදං - අර්බුද රහිත. සමූහ සමුහ වී හැසිරෙන සොරුන්ගෙන් (විරෝදීන්ගෙන්) විරහිත. අවික්ඛම්භියො - අවික්ඛමභනිය -කිසි තැනක් සෙලවිමට කිසිවෙකුට නොහැකි. පච්චත්ථිකෙන - ප්‍රතිපක්ෂ කැමත්තෙන්. පච්චමිත්තෙන - ප්‍රතිවිරුද්ධ අය විසින්. අමිත්‍රයින් විසින්. දෙකම සතුරු සමාන වචනය. අබ්හන්තරෙහි - ඇතුළතින් නැගිරාගාදීන් විසින්,

බාහිරෙහීති සමණාදීහි. තථා හි නං බාහිරා දෙවදත‍්තකොකාලිකාදයො සමණාපි සොණදණ‍්ඩකූටදණ‍්ඩාදයො බ්‍රාහ‍්මණාපි සක‍්කසදිසා දෙවතාපි සත‍්ත වස‍්සානි අනුබන්‍ධමානො මාරොපි බකාදයො බ්‍රහ‍්මානොපි වික‍්ඛම‍්භෙතුං නාසක‍්ඛිංසු.

බාහිරෙහි - ශ්‍රමණාදින්. එසේම එය දෙව්දත් කෝකාලික ආදි ශ්‍රමණයන් ද සොණදණ්ඩ කූටදන්ත ආදි බ්‍රාහ්මණයෝ ද ශක්‍රයා සමාන දෙවියෝ ද සත්වසක් ලුහුබැන්ද මාරයා ද බකාදි බ්‍රාහ්මණයෝ ද සෙලවීමට නොහැකි වූහ.

එත‍්තාවතා භගවතා කම‍්මඤ‍්ච කම‍්මසරික‍්ඛකඤ‍්ච ලක‍්ඛණඤ‍්ච ලක‍්ඛණානිසංසො ච වුත‍්තො හොති. කම‍්මං නාම සතසහස‍්සකප‍්පාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි දළ‍්හවීරියෙන හුත්‍වා කතං කම‍්මං. කම‍්මසරික‍්ඛකං නාම දළ‍්හෙන හුත්‍වා කතභාවං සදෙවකො ලොකො ජානාතූති සුප‍්පතිට‍්ඨිතපාදමහාපුරිසලක‍්ඛණං. ලක‍්ඛණං නාම සුප‍්පතිට‍්ඨිතපාදතා. ලක‍්ඛණානිසංසො නාම පච‍්චත්‍ථිකෙහි අවික‍්ඛම‍්භනීයතා.

මෙපමණකින් භාග්‍යවතුන් කර්මය ද කර්මය සමාන ලක්ෂණ ද ලක්‍ෂණානි සංසද කියන ලදී. කර්මය නම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි දැඩි වීර්යයෙන් කරනලද කර්මය. කම්ම සරික්ඛක නම් දැඩිකොට කරන ලද බැවින් දෙව්ලෝ සහිත ලෝකයා දැනගනිත්වායි මනාව පිහිටි පාදය මහා පුරිස ලක්ෂණයකි. ලක්ෂණ මනාව පිහිටි පා ඇති බව. ලක්ෂණ ආනිසංස නම් සතුරන් විසින් කම්පා කළ නොහැකි බව.

තත්‍ථෙතං වුච‍්චතීති තත්‍ථ වුත‍්තෙ කම‍්මාදිභෙදෙ අපරම‍්පි ඉදං වුච‍්චති, ගාථාබන්‍ධං සන්‍ධාය වුත‍්තං. එතා පන ගාථා පොරාණකත්‍ථෙරා “ආනන්‍දත්‍ථෙරෙන ඨපිතා වණ‍්ණනාගාථා”ති වත්‍වා ගතා. අපරභාගෙ ථෙරා “එකපදිකො අත්‍ථුද‍්ධාරො”ති ආහංසු.

තත්ථෙතං වුච්චති - එහි කීකල්හි, කර්මාදි භෙදයෙහි මෙයද කියනු ලැබේ. ගාථා බැඳුම් සඳහා කියන ලදී. මේ ගාථා වනාහි පෝරාණක තෙරවරු අනඳ තෙරුන් වෙනුවෙන් තබා වර්ණනාව කියා ගියේය. පසු කාලයේ පෙරවරු එක පදික අර්ථ උද්ධකරණය කෙළේ යයි කීහ.

තත්‍ථ සච‍්චෙති වචීසච‍්චෙ. ධම‍්මෙති දසකුසලකම‍්මපථධම‍්මෙ. දමෙති ඉන්‍ද්‍රියදමනෙ. සංයමෙති සීලසංයමෙ. “සොචෙය්‍යසීලාලයුපොසථෙසු චා”ති එත්‍ථ කායසොචෙය්‍යාදි තිවිධං සොචෙය්‍යං. ආලයභූතං සීලමෙව සීලාලයො. උපොසථකම‍්මං උපොසථො. අහිංසායාති අවිහිංසාය. සමත‍්තමාචරීති සකලං අචරි.

එහි සච්චෙ - වටී සත්‍යයෙහි ධම්මෙ - දසකුසල කම්ම පථ ධර්මයෙහි. දමෙ - ඉන්ද්‍රිය දමනයෙහි සංයමෙ - සිලසංයමයෙහි. සොචෙය්‍ය සීලාලයුපොසථෙච - මෙහි කයේ පිරිසිදුබව ආදි තුන් ආකාරය පිරිසිදුබව. සීලයම සම්මත්තචරි - උපෝසථය කර්ම උපෝසථො. අහිංසායා - අවිහිංසාවය. සම්මත්තචරි - සියළු හැසිරීම්.

අන්‍වභීති අනුභවි. වෙය්‍යඤ‍්ජනිකාති ලක‍්ඛණපාඨකා. පරාභිභූති පරෙ අභිභවනසමත්‍ථො. සත‍්තුභීති සපත‍්තෙහි අක‍්ඛම‍්භියො හොති.

ආනුභී - අනුභාවය. වෙය්‍යංජනිකා - ලක්ෂණ කියන්නේ, පරාභිභූ - අන්‍යයන් අබිභවනය කිරීමට සමත් සත්තුහී - සතුරන් විසින් කම්පා කළ නොහැකි.

න සො ගච‍්ඡති ජාතු ඛම‍්භනන‍්ති සො එකංසෙනෙව අග‍්ගපුග‍්ගලො වික‍්ඛම‍්භෙතබ‍්බතං න ගච‍්ඡති. එසා හි තස‍්ස ධම‍්මතාති තස‍්ස හි එසා ධම‍්මතා අයං සභාවො.

න සො ගච්ඡති ජාතුක්කම්හනං - හෙතෙම ඒකාන්තයෙන්ම අග්‍ර පුද්ගලයෙකි. මැඩ පැවැත්විය යුතු බවට නොයයි. ඒසාහි තස්ස ධම්මතා - ඔහුගේ මේ ධර්මතාය. මේ ස්වභාවය වේ.

පාදතලචක‍්කලක‍්ඛණවණ‍්ණනා

උබ‍්බෙගඋත‍්තාසභයන‍්ති උබ‍්බෙගභයඤ‍්චෙව උත‍්තාසභයඤ‍්ච. තත්‍ථ චොරතො වා රාජතො වා පච‍්චත්‍ථිකතො වා විලොපනබන්‍ධනාදිනිස‍්සයං භයං උබ‍්බෙගො නාම, තංමුහුත‍්තිකං චණ‍්ඩහත්‍ථිඅස‍්සාදීනි වා අහියක‍්ඛාදයො වා පටිච‍්ච ලොමහංසනකරං භයං උත‍්තාසභයං නාම. තං සබ‍්බං අපනුදිතා වූපසමෙතා. සංවිධාතාති සංවිදහිතා. කථං සංවිදහති? අටවියං සාසඞ‍්කට‍්ඨානෙසු දානසාලං කාරෙත්‍වා තත්‍ථ ආගතෙ භොජෙත්‍වා මනුස‍්සෙ දත්‍වා අතිවාහෙති, තං ඨානං පවිසිතුං අසක‍්කොන‍්තානං මනුස‍්සෙ පෙසෙත්‍වා පවෙසෙති. නගරාදීසුපි තෙසු තෙසු ඨානෙසු ආරක‍්ඛං ඨපෙති, එවං සංවිදහති. සපරිවාරඤ‍්ච දානං අදාසීති අන‍්නං පානන‍්ති දසවිධං දානවත්‍ථුං.

උබ්බෙග උත්තාසභයං - උබ්බෙ භයද උත්තාස භය ද එහි සොරුන්ගෙන් හෝ රජුගෙන් හෝ සතුරන්ගෙන් හෝ පැහැරගැනීම් බන්ධනාදිය නිසා භය උබ්බෙගො - නම් වේ. චණ්ඩ හස්ති අශ්ව ආදියෙන් හෝ සර්ප යක්ෂ ආදින්ගෙන් හෝ හේතුවෙන් රෝමෝදගමනාකාර භය උත්තාස හය - නම්වේ. ඒ සියල්ල නොපැමිණියේ සමනය වේ. සංවිධාතා - සංවිධිත වූ කෙසේද? වනයෙහි සැක සහිත තැන්වල දානශාලා කරවා එහි පැමිණියවුන් වළඳා මනුෂ්‍යයින්ට දී (අතිවාහෙති) ගෙනවුත් දෙයි. ඒ ස්ථානය පිවිසීමට නොහැකි වන්නේ මිනිසුන් යවා පිවිසෙයි. නගරාදියෙහි ද ඒ ඒ තැන්වල ආරක්ෂාව තබයි. මෙසේ සංවිදහති. සපරිවාරඤ්ච දානං අදාසි - ආහාර පානාදි දසවිධ දාන වස්තු.

තත්‍ථ අන‍්නන‍්ති යාගුභත‍්තං. තං දදන‍්තො න ද‍්වාරෙ ඨපෙත්‍වා අදාසි, අථ ඛො අන‍්තොනිවෙසනෙ හරිතුපලිත‍්තට‍්ඨානෙ ලාජා චෙව පුප‍්ඵානි ච විකිරිත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා විතානං බන්‍ධිත්‍වා ගන්‍ධධූමාදීහි සක‍්කාරං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝං නිසීදාපෙත්‍වා යාගුං අදාසි. යාගුං දෙන‍්තො ච සබ්‍යඤ‍්ජනං අදාසි. යාගුපානාවසානෙ පාදෙ ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා නානප‍්පකාරකං අනන‍්තං ඛජ‍්ජකං දත්‍වා පරියොසානෙ අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනං පණීතභොජනං අදාසි. පානං දෙන‍්තො අම‍්බපානාදිඅට‍්ඨවිධං පානං අදාසි, තම‍්පි යාගුභත‍්තං දත්‍වා. වත්‍ථං දෙන‍්තො න සුද‍්ධවත්‍ථමෙව අදාසි, එකපට‍්ටදුපට‍්ටාදිපහොනකං පන දත්‍වා සුචිම‍්පි අදාසි, සුත‍්තම‍්පි අදාසි, සුත‍්තං වට‍්ටෙසි, සූචිකම‍්මකරණට‍්ඨානෙ භික‍්ඛූනං ආසනානි, යාගුභත‍්තං, පාදමක‍්ඛනං, පිට‍්ඨිමක‍්ඛනං, රජනං, පණ‍්ඩුපලාසං, රජනදොණිකං, අන‍්තමසො චීවරරජනකං කප‍්පියකාරකම‍්පි අදාසි.

එහි අන්නං - කැඳ බත්. එය දෙන්නේ නුවර දොර සිට දුන්නේය. ඉක්බිති ඇතුළු නිවෙස්නෙහි ගෙනයන්නා පැමිණ තැන. ලද පස්මල් විසුරුවා ආසන පනවා වියන් බැඳ සුවඳ දුම් ආදියෙන් සත්කාර කොට භික්ෂු සංඝයා වඩා හිඳුවා කැඳ පිළිගැන්වීය. කැඳ දෙන්නේ ද ව්‍යඤජන සහිතව දුන්නේය. කැඳ වළඳා අවසානයෙහි පා සෝදවා තෙල් ගල්වා නානා ප්‍රකාර වූ අප්‍රමාණ කැවිලි දී අවසානයෙහි නොයෙක් සුප නොයෙක් ව්‍යඤජන ප්‍රණිත භෝජන දුන්නේය. පාන දෙන්නේ අඹ පැන් ආදි අටාකාර පැන් දුන්නේය. වස්ත්‍ර දෙන්නේ පිරිසිදු වස්ත්‍රම දුන්නේය. එකපට දෙපට ආදි ප්‍රමාණවත් වත් දී සූවි දුන්නේය. නූල් දුන්නේය. සුචිකර්ම කරන තැන භික්ෂූන්ගේ ආසනවල කැඳබත් පා ගල්වන පිටගල්වන දේ රජත පණ්ඩුපලාස රඳ දොණි (ඔරු) යටත් පිරිසෙයින් සිවුරු පඬු පොවන කප්පිය කාරකයකු ද දුන්නේය.

යානන‍්ති උපාහනං. තං දදන‍්තොපි උපාහනත්‍ථවිකං උපාහනදණ‍්ඩකං මක‍්ඛනතෙලං හෙට‍්ඨා වුත‍්තානි ච අන‍්නාදීනි තස‍්සෙව පරිවාරං කත්‍වා අදාසි. මාලං දෙන‍්තොපි න සුද‍්ධමාලමෙව අදාසි, අථ ඛො නං ගන්‍ධෙහි මිස‍්සෙත්‍වා හෙට‍්ඨිමානි චත‍්තාරි තස‍්සෙව පරිවාරං කත්‍වා අදාසි. බොධිචෙතියආසනපොත්‍ථකාදිපූජනත්‍ථාය චෙව චෙතියඝරධූපනත්‍ථාය ච ගන්‍ධං දෙන‍්තොපි න සුද‍්ධගන්‍ධමෙව අදාසි, ගන්‍ධපිසනකනිසදාය චෙව පක‍්ඛිපනකභාජනෙන ච සද‍්ධිං හෙට‍්ඨිමානි පඤ‍්ච තස‍්ස පරිවාරං කත්‍වා අදාසි. චෙතියපූජාදීනං අත්‍ථාය හරිතාලමනොසිලාචීනපිට‍්ඨාදිවිලෙපනං දෙන‍්තොපි න සුද‍්ධවිලෙපනමෙව අදාසි, විලෙපනභාජනෙන සද‍්ධිං හෙට‍්ඨිමානි ඡ තස‍්ස පරිවාරං කත්‍වා අදාසි. සෙය්‍යාති මඤ‍්චපීඨං. තං දෙන‍්තොපි න සුද‍්ධකමෙව අදාසි, කොජවකම‍්බලපච‍්චත්‍ථරණමඤ‍්චප‍්පටිපාදකෙහි සද‍්ධිං අන‍්තමසො මඞ‍්ගුලසොධනදණ‍්ඩකං හෙට‍්ඨිමානි ච සත‍්ත තස‍්ස පරිවාරං කත්‍වා අදාසි. ආවසථං දෙන‍්තොපි න ගෙහමත‍්තමෙව අදාසි, අථ ඛො නං මාලාකම‍්මලතාකම‍්මපටිමණ‍්ඩිතං සුපඤ‍්ඤත‍්තං මඤ‍්චපීඨං කාරෙත්‍වා හෙට‍්ඨිමානි අට‍්ඨ තස‍්ස පරිවාරං කත්‍වා අදාසි. පදීපෙය්‍යන‍්ති පදීපතෙලං. තං දෙන‍්තො චෙතියඞ‍්ගණෙ බොධියඞ‍්ගණෙ ධම‍්මස‍්සවනග‍්ගෙ වසනගෙහෙ පොත්‍ථකවාචනට‍්ඨානෙ ඉමිනා දීපං ජාලාපෙථාති න සුද‍්ධතෙලමෙව අදාසි, වට‍්ටි කපල‍්ලකතෙලභාජනාදීහි සද‍්ධිං හෙට‍්ඨිමානි නව තස‍්ස පරිවාරං කත්‍වා අදාසි. සුවිභත‍්තන‍්තරානීති සුවිභත‍්තඅන‍්තරානි.

යානං - උපාහන (සෙරෙප්පු) උපාහන දෙන්නේ උපාහන ථවික උපාහන දණ්ඩාදි එහි පිරිවර ද දුන්නේය. මාලා දෙන්නේ ද සුද්ධ මාලා පමණක් නුදුන්නේය. ඉක්බිති ඒවා සුවඳින් මිශ්‍රකර අඩුතරමින් එහි සතරක් පිරිවර කොට දුන්නේය. බෝධිය චේතිය ආසන පොත් ආදි පූජා කිරීම සඳහා මෙන්ම චේතිය ඝර පූජාව සඳහා ද සුවඳ දෙන්නේ ද සුද්ධ සුවඳ පමණක් නොව සුවඳ සුණු කරන නිසදා (ගලද) ද තබන භාජනය සමග අඩුතරමින් මනෝසීල චීන පිටි (පවුඩර්) ආදි විලේපන භාජනය සමග යටත් පිරිසෙයින් පිරිවර හයක් කොට දුන්නේය. සෙය්‍ය - ඇඳ පුටු. ඒවා දෙන්නේ ද සුද්ධ ඇඳ පුටු පමණක් නුදුන්නේය. කොජ කම්බල ද අතුරන ඇඳ ඇතිරිලි සමග අඩු තරමින් ඇඳ මකුණන් සුද්ධ කරන දණ්ඩ ආදි පිරිවර හතක් සමග දුන්නේය. ආවසථ දෙන්නේ ගෙය පමණක් නුදුන්නේය. ඉක්බිති මාලාකර්ම ලතාකර්ම යුක්ත පනවන ලද ඇඳපුටු ආදිය කරවා අඩුතරමින් පිරිවර අටක් සමග දුන්නේය. පදීපෙය්‍යං පහන් තෙල්. එය දෙන්නේ චේතියංගන බෝධියංගන ධම්මසවන ගෙය (බණමඩුව) ලැඟුම් ගෙය පොත් කියවන තැන මෙයින් පහන් දල්වන්නැයි සුද්ධ තෙල් පමණක් දුන්නේය. වැටි දුම්කබල තෙල් භාජනාදිය සමග පිරිවර නවයක් කොට දුන්නේය. සුවිභත්තන්තරානි - සුවිභත්ත අන්තරානි

රාජානොති අභිසිත‍්තා. භොගියාති භොජකා කුමාරාති රාජකුමාරා. ඉධ කම‍්මං නාම සපරිවාරං දානං. කම‍්මසරික‍්ඛකං නාම සපරිවාරං කත්‍වා දානං අදාසීති ඉමිනා කාරණෙන සදෙවකො ලොකො ජානාතූති නිබ‍්බත‍්තං චක‍්කලක‍්ඛණං. ලක‍්ඛණං නාම තදෙව චක‍්කලක‍්ඛණං. ආනිසංසො මහාපරිවාරතා.

රාජානො - අභිෂේක කළ. භොගියා - භෝජකයා කුමාරා - රාජ කුමාරයෝ ඉධ කම්මං - පිරිවර සහිත දානය. කම්ම සරික්ඛං - පිරිවර සහිත කොට දානය දුන්නේය. මේ කාරණයෙන් දෙවියන් සහිත ලෝකයා දැනගනිත්වායි පහළ වූ චක්‍ර ලක්ෂණය ලක්ඛණා - නම් වේ. එයම චක්‍ර ලක්‍ෂණය වේ. ආනිසංසො - මහ පිරිවරය.

තත්‍ථෙතං වුච‍්චතීති ඉමා තදත්‍ථපරිදීපනා ගාථා වුච‍්චන‍්ති. දුවිධා හි ගාථා හොන‍්ති – තදත්‍ථපරිදීපනා ච විසෙසත්‍ථපරිදීපනා ච. තත්‍ථ පාළිආගතමෙව අත්‍ථං පරිදීපනා තදත්‍ථපරිදීපනා නාම. පාළියං අනාගතං පරිදීපනා විසෙසත්‍ථපරිදීපනා නාම. ඉමා පන තදත්‍ථපරිදීපනා. තත්‍ථ පුරෙති පුබ‍්බෙ. පුරත්‍ථාති තස‍්සෙව වෙවචනං. පුරිමාසු ජාතීසූති ඉමිස‍්සා ජාතියා පුබ‍්බෙකතකම‍්මපටික‍්ඛෙපදීපනං. උබ‍්බෙගඋත‍්තාසභයාපනූදනොති උබ‍්බෙගභයස‍්ස ච උත‍්තාසභයස‍්ස ච අපනූදනො. උස‍්සුකොති අධිමුත‍්තො.

තත්ථෙතං වුච්චති - මේ එම අර්ථය දක්වන ගාථා කියනු ලැබේ. ගාථා ද දවිධය. එම අර්ථය දැක්වීම ද විශේෂ අර්ථ දැක්වීම ද යනුවෙනි. එහි පෙළෙහි ආ අර්ථය දැක්වීම තත් පරිදීපනය. පෙළෙහි නො ආ අර්ථ දැක්වීම් විසේසත්ව පරිදීපන වේ. මෙය වනාහි තදත්ථ පරිදීපය. එහි පුරෙ - පෙර. පුරත්වා - එහි පරියාය වචනයකි. පුරිමාසු ජාතිසු - මේ ජාතියට පෙර කරන ලද කර්ම ප්‍රතික්ෂේප දැක්වීම. උබ්බෙග උත්තාසභයා පනුදනො - උබ්බේගය ද උත්පාසයද දුරුනොවූවේ උස්සුකො - අධිකව,

සතපුඤ‍්ඤලක‍්ඛණන‍්ති සතෙන සතෙන පුඤ‍්ඤකම‍්මෙන නිබ‍්බත‍්තං එකෙකං ලක‍්ඛණං. එවං සන‍්තෙ යො කොචි බුද‍්ධො භවෙය්‍යාති න රොචයිංසු, අනන‍්තෙසු පන චක‍්කවාළෙසු සබ‍්බෙ සත‍්තා එකෙකං කම‍්මං සතක‍්ඛත‍්තුං කරෙය්‍යුං, එත‍්තකෙහි ජනෙහි කතං කම‍්මං බොධිසත‍්තො එකොව එකෙකං සතගුණං කත්‍වා නිබ‍්බත‍්තො. තස‍්මා “සතපුඤ‍්ඤලක‍්ඛණො”ති ඉමමත්‍ථං රොචයිංසු. මනුස‍්සාසුරසක‍්කරක‍්ඛසාති මනුස‍්සා ච අසුරා ච සක‍්කා ච රක‍්ඛසා ච.

සතපුඤ්ඤ ලක්ඛණං - සීයෙන් සීයෙන් පින්කම්වලින් පහළ විය. එක එක ලක්ෂණය, මෙසේ ඇති කල්හි කිසිවෙක් බුදුවීමට කැමති නොවූහ. අනන්ත වූ සක්වල සියළු සත්වයෝ එක එක කර්මය සියක් වර කරන්නාහු ද මෙපමණ ජනයා විසින් කළයුතු කර්ම බෝසත්තුමා තනිවම එක එක සිය ගුණයක් කොට නිපදවිය. එහෙයින් සතපුඤ්ඤ ලක්ෂණ යයි මෙම අර්ථය කැමති වූහ. මනුස්සාසුරසත්තරක්ඛසා - මනුෂ්‍යයෝ ද අසුර සත්වයෝ ද රාක්ෂයෝ ද,

ආයතපණ‍්හිතාදිතිලක‍්ඛණවණ‍්ණනා

අන‍්තරාති පටිසන්‍ධිතො සරසචුතියා අන‍්තරෙ. ඉධ කම‍්මං නාම පාණාතිපාතා විරති. කම‍්මසරික‍්ඛකං නාම පාණාතිපාතං කරොන‍්තො පදසද‍්දසවනභයා අග‍්ගග‍්ගපාදෙහි අක‍්කමන‍්තා ගන‍්ත්‍වා පරං පාතෙන‍්ති. අථ තෙ ඉමිනා කාරණෙන තෙසං තං කම‍්මං ජනො ජානාතූති අන‍්තොවඞ‍්කපාදා වා බහිවඞ‍්කපාදා වා උක‍්කුටිකපාදා වා අග‍්ගකොණ‍්ඩා වා පණ‍්හිකොණ‍්ඩා වා භවන‍්ති. අග‍්ගපාදෙහි ගන‍්ත්‍වා පරස‍්ස අමාරිතභාවං පන තථාගතස‍්ස සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ආයතපණ‍්හි මහාපුරිසලක‍්ඛණං නිබ‍්බත‍්තති. තථා පරං ඝාතෙන‍්තා උන‍්නතකායෙන ගච‍්ඡන‍්තා අඤ‍්ඤෙ පස‍්සිස‍්සන‍්තීති ඔනතා ගන‍්ත්‍වා පරං ඝාතෙන‍්ති. අථ තෙ එවමිමෙ ගන‍්ත්‍වා පරං ඝාතයිංසූති නෙසං තං කම‍්මං ඉමිනා කාරණෙන පරො ජානාතූති ඛුජ‍්ජා වා වාමනා වා පීඨසප‍්පි වා භවන‍්ති. තථාගතස‍්ස පන එවං ගන‍්ත්‍වා පරෙසං අඝාතිතභාවං ඉමිනා කාරණෙන සදෙවකො ලොකො ජානාතූති බ්‍රහ‍්මුජුගත‍්තමහාපුරිසලක‍්ඛණං නිබ‍්බත‍්තති.

අන්තරා - ප්‍රතිසන්ධියටත් වුතයටත් අතර මෙහි කර්ම නම් ප්‍රාණඝාතයෙන් වැලකීම කම්ම සරික්ඛක නම් ප්‍රාණඝාතය කරන්නා පා හඬ ඇසේ බියෙන් පා අගින් අගින් තබා ගොස් ප්‍රාණඝාතය කරති. ඉක්බිති මේ කරණයෙන් ඔවුන්ගේ කර්මය මහජනයා දැනගනීවා යයි ඇතුළත් වක් වු පා හෝ පිටත වක් වූ පා හෝ වකුටු වූ පා හෝ අගින් වකුටු වූ හෝ මැදින් වකුටු වූ හෝ වේ. පා අගින් අතින් ගොස් අන්‍යයන් නොමැරූ බව වනාහි තථාගතයන්ගේ දෙවියන් සහිත ලෝකයා මෙය දනීවායි ආයත පණ්හි මහා පුරිස ලක්‍ෂණය පහළ විය. තවද අනුන් නසන්නා ශරීරය කෙළින් කර යෑමෙන් අනුන් දක්නට නැමීගෙන ගොස් අනුන් නසයි. ඔවුන්ගේ එසේ හෝ අනුන් නැසීමේ කර්මය අනුන් දකීවායි කුදු හෝ මිටි හෝ අත් පා කොර වූ හෝ වෙති. තථාගතයන් වහන්සේගේ වනාහි මෙසේ ගොස් අනුන් නොමැරූ බව මේ කරුණයත් දෙවියන් සහිත ලෝකයා දැනගනිත්වායි බ්‍රහ්මුජ්ජාගත්ත මහා පුරිස ලක්‍ෂණය පහළ විය.

තථා පරං ඝාතෙන‍්තා ආවුධං වා මුග‍්ගරං වා ගණ‍්හිත්‍වා මුට‍්ඨිකතහත්‍ථා පරං ඝාතෙන‍්ති. තෙ එවං තෙසං පරස‍්ස ඝාතිතභාවං ඉමිනා කාරණෙන ජනො ජානාතූති රස‍්සඞ‍්ගුලී වා රස‍්සහත්‍ථා වා වඞ‍්කඞ‍්ගුලී වා ඵණහත්‍ථකා වා භවන‍්ති. තථාගතස‍්ස පන එවං පරෙසං අඝාතිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති දීඝඞ‍්ගුලිමහාපුරිසලක‍්ඛණං නිබ‍්බත‍්තති. ඉදමෙත්‍ථ කම‍්මසරික‍්ඛකං. ඉදමෙව පන ලක‍්ඛණත‍්තයං ලක‍්ඛණං නාම. දීඝායුකභාවො ලක‍්ඛණානිසංසො.

තව ද ඝාතකයෝ ආයුධයක් හෝ මුගුරක් හෝ ගෙන මිට මෙළ වූ අතින් අනුන් නසති. ඔව්හු මෙසේ ඔහුගේ අනුන් නැසූ බව මේ කරුණින් ජනයා දනිත්වායි කෙටි ඇඟිලි හෝ කෙටි අත් හෝ වක් වූ ඇඟිලි හෝ පෙණයක් වැනි අත හෝ වෙයි. තථාගතයන් වහන්සේ මෙසේ අනුන් නොනැසු සදෙව් ලෝකයා මෙයින් දනිත්වායි දීඝ අංගුලි මහා පුරුෂ ලක්‍ෂණය පහළ විය. මෙය මෙහි කම්ම සරික්ඛකය. මේ ලක්‍ෂණ තුනම ලක්‍ෂණ නම් වේ. දිර්ඝ ආයුෂ ඇති බව ලක්‍ෂණ ආනිසංස වේ.

මරණවධභයත‍්තනොති එත්‍ථ මරණසඞ‍්ඛාතො වධො මරණවධො, මරණවධතො භයං මරණවධභයං, තං අත‍්තනො ජානිත්‍වා. පටිවිරතො පරංමාරණායාති යථා මය‍්හං මරණතො භයං මම ජීවිතං පියං, එවං පරෙසම‍්පීති ඤත්‍වා පරං මාරණතො පටිවිරතො අහොසි. සුචරිතෙනාති සුචිණ‍්ණෙන. සග‍්ගමගමාති සග‍්ගං ගතො.

මරණවධභයත්තතො - මෙහි මරණ සංඛ්‍යාත වධය මරණ වධ වේ. මරණ වධයෙන් වන බිය - මරණ වධ භය වේ. එය තමාගේ ජානිත්වා පටිවිරතො පරම්මරණාය - යම්සේ මට මරණයෙන් බිය මගේ ජීවිතයට ප්‍රිය නිසාය. අනුන් ද එසේම යයි දැන අනුන් මැරීමෙන් වැලකුනේ වේ. සුචරිත්තො - පිරිසිදු ක්‍රියාවෙන්. සග්ගමාගමා - ස්වර්ගයට ගියේය.

චවිය පුනරිධාගතොති චවිත්‍වා පුන ඉධාගතො. දීඝපාසණ‍්හිකොති දීඝපණ‍්හිකො. බ්‍රහ‍්මාව සුජූති බ්‍රහ‍්මා විය සුට‍්ඨු උජු.

වචිය පුනරියාගතො - චුතවී නැවත මෙහි ආවේය. දීඝපාසණහිකො - දික් වූ විලුඹ. බ්‍රහ්මාවසුජු - බ්‍රහ්මයා මෙන් මනාව සෘජු.

සුභුජොති සුන්‍දරභුජො. සුසූති මහල‍්ලකකාලෙපි තරුණරූපො. සුසණ‍්ඨිතොති සුසණ‍්ඨානසම‍්පන‍්නො. මුදුතලුනඞ‍්ගුලියස‍්සාති මුදූ ච තලුනා ච අඞ‍්ගුලියො අස‍්ස. තීභීති තීහි. පුරිසවරග‍්ගලක‍්ඛණෙහීති පුරිසවරස‍්ස අග‍්ගලක‍්ඛණෙහි. චිරයපනායාති චිරං යාපනාය, දීඝායුකභාවාය.

සුභූජො - සුන්දර වූ අත්. සුසු - මහළු කාලයේ ද තරුණ රූපය වේ. සුසණ්ඨිතො - මනා සටහනින් යුත් මුදු තලුණඞගුලියස්සා - මෘදු ද (තරුන) - තලුණ ද ඇඟිලි ඔහුට. තීහි - තුනෙන්. පුරිසවරග්ග ලක්ඛණෙහි - උතුම් පුරුෂයාගේ අග ලක්ෂණවලින්.

චිරං යපෙතීති චිරං යාපෙති. චිරතරං පබ‍්බජති යදි තතොති තතො චිරතරං යාපෙති, යදි පබ‍්බජතීති අත්‍ථො. යාපයති ච වසිද‍්ධිභාවනායාති වසිප‍්පත‍්තො හුත්‍වා ඉද‍්ධිභාවනාය යාපෙති.

චිරං යාපනාය - චිර ජීවනය. චිරං යපෙති - චිර යැපෙයි. චිරතරං පබ්බජති යදි තතොති - එයින් චිරතරව ජීවත් වේ. ඉදින් පැවිදි වෙයි යන අර්ථයයි. වසීප්‍රාප්ත වී ඍද්ධි භාවනාවෙන් ජීවත් වෙයි.

සත‍්තුස‍්සදතාලක‍්ඛණවණ‍්ණනා

රසිතානන‍්ති රසසම‍්පන‍්නානං. “ඛාදනීයාන”න‍්තිආදීසු ඛාදනීයානි නාම පිට‍්ඨඛජ‍්ජකාදීනි. භොජනීයානීති පඤ‍්ච භොජනානි. සායනීයානීති සායිතබ‍්බානි සප‍්පිනවනීතාදීනි. ලෙහනීයානීති නිල‍්ලෙහිතබ‍්බානි පිට‍්ඨපායාසාදීනි. පානානීති අට‍්ඨ පානකානි.

රසිතානං - රසයෙන් යුත්. ඛාදනීයානං - පිටි කඩා කෑ යුතු. පංච භෝජන. සායනීයානී - රස විඳිය යුතු ගිතෙල් වෙඬරු ආදිය. ලෙහනීධානි - ලෙවිය යුතු පිටි කැඳ ආදිය පානාති - අටපැන්.

ඉධ කම‍්මං නාම කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි දින‍්නං ඉදං පණීතභොජනදානං. කම‍්මසරික‍්ඛකං නාම ලූඛභොජනෙ කුච‍්ඡිගතෙ ලොහිතං සුස‍්සති, මංසං මිලායති. තස‍්මා ලූඛදායකා සත‍්තා ඉමිනා කාරණෙන නෙසං ලූඛභොජනස‍්ස දින‍්නභාවං ජනො ජානාතූති අප‍්පමංසා අප‍්පලොහිතා මනුස‍්සපෙතා විය දුල‍්ලභන‍්නපානා භවන‍්ති. පණීතභොජනෙ පන කුච‍්ඡිගතෙ මංසලොහිතං වඩ‍්ඪති, පරිපුණ‍්ණකායා පාසාදිකා අභිරූපදස‍්සනා හොන‍්ති. තස‍්මා තථාගතස‍්ස දීඝරත‍්තං පණීතභොජනදායකත‍්තං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති සත‍්තුස‍්සදමහාපුරිසලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම සත‍්තුස‍්සදලක‍්ඛණමෙව. පණීතලාභිතා ආනිසංසො.

මෙහි කර්ම නම් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක දී දෙන ලද ප්‍රණීත භෝජන දානයයි. කම්ම සරික්බ නම් රළු භෝජන කුසට ගියවිට රුධිරය වියලේ. මාංශ මැලවේ. එහෙයින් රළු දායකයින් සත්වයෝ මේ කරුණින් ඔවුහු රළු භෝජන දුන් බව ජනයා දැන ගනිත්වායි අල්පමාංශ අල්ප රුචිය මනුෂ්‍ය ප්‍රේතයන් මෙන් දුර්ලභ ආහාරපාන ලබති. ප්‍රණිත භෝජන කුසට වැටුණු කල මස් ලේ වඩයි. සම්පූර්ණ කය ප්‍රාසාදිත දර්ශනීය රූප වේ. එහෙයින් තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් ප්‍රණීත භෝජන දෙන ලදී. මේ කරුණින් දෙවියන් සහිත ලෝකයා දැනගනිත්වායි සත්තුස්සද මහා පුරිස (සත්තැනකින් උස් වූ) ලක්ෂණය පහළවේ. ලක්‍ෂණය නම් සත්තුස්සද ලක්‍ෂණය ම වේ. ප්‍රණීත ලාභ ලැබීමේ ආනිසංසයයි.

ඛජ‍්ජභොජ‍්ජමථලෙය්‍යසායිතන‍්ති ඛජ‍්ජකඤ‍්ච භොජනඤ‍්ච ලෙහනීයඤ‍්ච සායනීයඤ‍්ච. උත‍්තමග‍්ගරසදායකොති උත‍්තමො අග‍්ගරසදායකො, උත‍්තමානං වා අග‍්ගරසානං දායකො.

ඛජ්ජභොජ්ජමථ ලෙය්‍ය පෙය්‍යායිතං - බජ්ජ භෝජන ලෙහනීය සායනීය (ඛජ්ජ-අවුළුපත් කැවුම් කොකිස් ආදි භොජ්ජ-බත් මාළු ආදි බුදිය යුතු. ලේහනීය - කිරි ආදි ලෙවිය යුතු. සායනීය - වෙඬරු අටපැන් ආදි පිය යුතු ආහාර) උත්තමග්ගරසදායකො - උතුම් අග්‍ර රස දෙන්නෝ. උත්තමයින්ට අග්‍ර රස දෙන්නෝ.

සත‍්ත චුස‍්සදෙති සත‍්ත ච උස‍්සදෙ. තදත්‍ථජොතකන‍්ති ඛජ‍්ජභොජ‍්ජාදිජොතකං, තෙසං ලාභසංවත‍්තනිකන‍්ති අත්‍ථො. පබ‍්බජම‍්පි චාති පබ‍්බජමානොපි ච. තදාධිගච‍්ඡතීති තං අධිගච‍්ඡති. ලාභිරුත‍්තමන‍්ති ලාභි උත‍්තමං.

සත්තුස්සදො - සත් තැනක් උස් වූ. තදත්ථජොතකං - ඛජ්ජ භෝජ්ජා ආදියේ බබළන - ඒවායින් ලාභ ලැබෙන. පබ්බජ්ජම්පි වා - පැවිදිවන්නේ ද. තද්ධිගච්ඡිත - එය අවබෝධ කරයි. ලාභිරුත්තමං - ලැබීමෙන් උතුම්

කරචරණාදිලක‍්ඛණවණ‍්ණනා

දානෙනාතිආදීසු එකච‍්චො දානෙනෙව සඞ‍්ගණ‍්හිතබ‍්බො හොති, තං දානෙන සඞ‍්ගහෙසි. පබ‍්බජිතානං පබ‍්බජිතපරික‍්ඛාරං, ගිහීනං ගිහිපරික‍්ඛාරං අදාසි.

දානෙනාති - ආදියෙහි ඇතමෙක් දානයෙන්ම සංග්‍රහ කළයුතු වේ. දානයෙන් ඔහුට සංග්‍රහ කෙළේය. පැවිද්දන්ට පැවිදි පිරිකරවලින්. ගිහියන්ට ගිහියන්ට අයත් දේ දුන්නේය.

පෙය්‍යවජ‍්ජෙනාති එකච‍්චො හි “අයං දාතබ‍්බං නාම දෙති, එකෙන පන වචනෙන සබ‍්බං මක‍්ඛෙත්‍වා නාසෙති, කිං එතස‍්ස දාන”න‍්ති වත‍්තා හොති. එකච‍්චො “අයං කිඤ‍්චාපි දානං න දෙති, කථෙන‍්තො පන තෙලෙන විය මක‍්ඛෙති. එසො දෙතු වා මා වා, වචනමෙව තස‍්ස සහස‍්සං අග‍්ඝතී”ති වත‍්තා හොති. එවරූපො පුග‍්ගලො දානං න පච‍්චාසීසති, පියවචනමෙව පච‍්චාසීසති. තං පියවචනෙන සඞ‍්ගහෙසි.

පෙය්‍ය වාචෙන - ඇතමෙක් මෙය දිය යුතු යයි දෙයි. එකෙක් සියල්ල වචනයෙන් මකා විනාශ කරයි. කිම මෙම දානය කියන්නේ වේද? ඇතමෙක් කිසිම දානයක් නොදෙති. කියන්නා වනාහි තෙලෙන් මෙන් මකයි. මෙතෙම දෙන්නේ හෝ නැතා හෝ වචනය දහසක් අගී යයි කියන්නේ වේ. මෙබඳු පුද්ගලයා දානය ප්‍රාර්ථනා කරයි. ප්‍රිය වචනම ප්‍රාර්ථනා කරයි. ඔහු ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරයි.

අත්‍ථචරියායාති අත්‍ථසංවඩ‍්ඪනකථාය. එකච‍්චො හි නෙව දානං, න පියවචනං පච‍්චාසීසති. අත‍්තනො හිතකථං වඩ‍්ඪිතකථමෙව පච‍්චාසීසති. එවරූපං පුග‍්ගලං “ඉදං තෙ කාතබ‍්බං, ඉදං තෙ න කාතබ‍්බං. එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො, එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො”ති එවං අත්‍ථචරියාය සඞ‍්ගහෙසි.

අත්ථචරියාය - ප්‍රයෝජනය වැඩ කරන කථා. ඇතමෙක් වනාහි දන් නොදෙති. ප්‍රිය වචන ප්‍රාර්ථනා නොකරයි. තමාගේ දියුණුව වර්ධනය පමණක් ප්‍රාර්ථනා කරයි. මෙබඳු පුද්ගලයා මෙය ඔබ කළයුතුය. මෙය ඔබ නොකළ යුතුය මෙසේ අර්ථ චර්යාවෙහි සංග්‍රහ කෙළේය.

සමානත‍්තතායාති සමානසුඛදුක‍්ඛභාවෙන. එකච‍්චො හි දානාදීසු එකම‍්පි න පච‍්චාසීසති, එකාසනෙ නිසජ‍්ජං, එකපල‍්ලඞ‍්කෙ සයනං, එකතො භොජනන‍්ති එවං සමානසුඛදුක‍්ඛතං පච‍්චාසීසති. තත්‍ථ ජාතියා හීනො භොගෙන අධිකො දුස‍්සඞ‍්ගහො හොති. න හි සක‍්කා තෙන සද‍්ධිං එකපරිභොගො කාතුං, තථා අකරියමානෙ ච සො කුජ‍්ඣති. භොගෙන හීනො ජාතියා අධිකොපි දුස‍්සඞ‍්ගහො හොති. සො හි “අහං ජාතිමා”ති භොගසම‍්පන‍්නෙන සද‍්ධිං එකපරිභොගං න ඉච‍්ඡති, තස‍්මිං අකරියමානෙ කුජ‍්ඣති. උභොහිපි හීනො පන සුසඞ‍්ගහො හොති. න හි සො ඉතරෙන සද‍්ධිං එකපරිභොගං ඉච‍්ඡති, න අකරියමානෙ ච කුජ‍්ඣති. උභොහි සදිසොපි සුසඞ‍්ගහොයෙව. භික‍්ඛූසු දුස‍්සීලො දුස‍්සඞ‍්ගහො හොති. න හි සක‍්කා තෙන සද‍්ධිං එකපරිභොගො කාතුං, තථා අකරියමානෙ ච කුජ‍්ඣති. සීලවා සුසඞ‍්ගහො හොති. සීලවා හි අදීයමානෙපි අකරියමානෙපි න කුජ‍්ඣති. අඤ‍්ඤං අත‍්තනා සද‍්ධිං පරිභොගං අකරොන‍්තම‍්පි න පාපකෙන චිත‍්තෙන පස‍්සති. පරිභොගොපි තෙන සද‍්ධිං සුකරො හොති. තස‍්මා එවරූපං පුග‍්ගලං එවං සමානත‍්තතාය සඞ‍්ගහෙසි.

සමානත්තතාය - සමාන සැප දුක් බවෙන්, ඇතමෙක් දානාදියෙහි එකක්වත් ප්‍රාර්ථනා නොකරති. එක් අසුනෙහි හිඳීම. එක් ඇදක සයනය, එකට ආහාර ගැනීම, මෙසේ සමාන සැපදුක් පතයි. එහි ජාතියෙන් හීනය, ධනයෙන් අධිකය සංග්‍රහ කිරීමට අපහසු වේ. හේ වනාහි මම ජාති සම්පන්න වෙමි”යි ධනවතුන් සමග එකට ආහාර ගැනීමට කැමති වේ. එසේ නොකරන කල්හි කිපේ. දෙකින්ම සමාන වූයේ සංග්‍රහ කළ හැකි වේ. භික්ෂූන් අතරෙහි දුසිල්වතාට සංග්‍රහ කළ හැකි නොවේ. එසේ නොකරන කල්හි කිපේ. නොකරන කල්හි ද නොකිපේ. අන්‍යයන් තමා සමග පරිභෝග නො කරන කල්හි නොකිපේ. අන්‍යයන් තමා සමග පරිභෝග නොකරන්නේ ද පවිටු සිතකින් නොබලයි. පරිභෝග කරන්නා ද ඔහු සමග පහසු වේ. එහෙයින් මෙබඳු වූ පුද්ගලයාට සමානාත්මතාවයෙන් සංග්‍රහ කෙළේය.

සුසඞ‍්ගහිතාස‍්ස හොන‍්තීති සුසඞ‍්ගහිතා අස‍්ස හොන‍්ති. දෙතු වා මා වා දෙතු, කරොතු වා මා වා කරොතු, සුසඞ‍්ගහිතාව හොන‍්ති, න භිජ‍්ජන‍්ති. “යදාස‍්ස දාතබ‍්බං හොති, තදා දෙති. ඉදානි මඤ‍්ඤෙ නත්‍ථි, තෙන න දෙති. කිං මයං දදමානමෙව උපට‍්ඨහාම? අදෙන‍්තං අකරොන‍්තං න උපට‍්ඨහාමා”ති එවං චින‍්තෙන‍්ති.

සුසංග හිතාස්ස හොන්ති - ඔහුට සංග්‍රහ කරති. දුන්නා හෝ නොදුන්නා හෝ කෙරුවා හෝ නොකෙරුවා හෝ සංග්‍රහ කිරීමට පහසු වේ. නභිජ්ජන්ති - දිය යුත්තක් වේ නම් එය දෙයි. ඔහු විසින් නුදුන් දෙයක් නැතැයි දැන් හැඟේ. කිම? මවිසින් දෙන්නාටම උවටැන් කරමි. නොදෙන්නාට නොකරන්නාට උවටැන් නොකරමියි මෙසේ සිතති.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං කතං දානාදිසඞ‍්ගහකම‍්මං. කම‍්මසරික‍්ඛකං නාම යො එවං අසඞ‍්ගාහකො හොති, සො ඉමිනා කාරණෙනස‍්ස අසඞ‍්ගාහකභාවං ජනො ජානාතූති ථද‍්ධහත්‍ථපාදො චෙව හොති, විසමට‍්ඨිතාවයවලක‍්ඛණො ච. තථාගතස‍්ස පන දීඝරත‍්තං සඞ‍්ගාහකභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ඉමානි ද‍්වෙ ලක‍්ඛණානි නිබ‍්බත‍්තන‍්ති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. සුසඞ‍්ගහිතපරිජනතා ආනිසංසො.

මෙහි කර්මය බොහෝ කාලයක් කරන ලද දානාදි සංග්‍රහ ක්‍රියාය. කර්ම සරික්ඛක නම් යමෙක් මෙසේ අසංග්‍රාහකයෙක් වේ ද හේ මේ කරුණින් ඔහුගේ අසංග්‍රහාක බව ජනයා දැනගනිත්වායි තද අත් පා ම වේ. විසමව සිටි බවම ලක්ෂණය වේ. තථාගතයන් වහන්ගේ වනාහි බොහෝ කාලයක් සංග්‍රාහක බව දෙවියන් සහිත ලෝකයා මේ කාරණයෙන් දැනගනිත්වායි ලක්ෂණ දෙකක් පහළවිය. මේ ලක්ෂණ දෙකම හොඳින් සංග්‍රහ කිරීමේ ආනිසංසයයි.

කරියාති කරිත්‍වා. චරියාති චරිත්‍වා. අනවමතෙනාති අනවඤ‍්ඤාතෙන. “අනපමොදෙනා”තිපි පාඨො, න අප‍්පමොදෙන, න දීනෙන න ගබ‍්භිතෙනාති අත්‍ථො.

කරියා - කොට චරියා - හැසිර අනවමන්තෙ - අනවඤ්ඤාන්තෙ- නොදැනගැනීමෙන් “අනපවාදෙන” යනු ද පාඨයි. ප්‍රමාද නැති දින නැති ආඩම්බර නැති යන අර්ථය වේ.

චවියාති චවිත්‍වා. අතිරුචිර සුවග‍්ගු දස‍්සනෙය්‍යන‍්ති අතිරුචිරඤ‍්ච සුපාසාදිකං සුවග‍්ගු ච සුට‍්ඨු ඡෙකං දස‍්සනෙය්‍යඤ‍්ච දට‍්ඨබ‍්බයුත‍්තං. සුසු කුමාරොති සුට‍්ඨු සුකුමාරො.

චවියා - චුත වී. අතිරුචිරසුවග්ගු දසනෙය්‍යං - අතිශයින් රුචිර වූ ද මනාව පහදවන යහපත් වචන ද ඉතා දක්ෂ වූ දර්ශනීය වූ ද දැකිය යුතු සුකුමාරො - සියුමැලි වූ.

පරිජනස‍්සවොති පරිජනො අස‍්සවො වචනකරො. විධෙය්‍යොති කත‍්තබ‍්බාකත‍්තබ‍්බෙසු යථාරුචි විධාතබ‍්බො. මහිමන‍්ති මහිං ඉමං. පියවදූ හිතසුඛතං ජිගීසමානොති පියවදො හුත්‍වා හිතඤ‍්ච සුඛඤ‍්ච පරියෙසමානො. වචනපටිකරස‍්සා භිප‍්පසන‍්නාති වචනපටිකරා අස‍්ස අභිප‍්පසන‍්නා. ධම‍්මානුධම‍්මන‍්ති ධම‍්මඤ‍්ච අනුධම‍්මඤ‍්ච.

පරිජ්ජනස්සවො - කියන දේ කරන පිරිවර ජනයා. විධෙය්‍යො - කළයුතු කටයුතුවල කැමති සේ යටහත්ව පවතින. මහිමං - මේ පොලොව. පියවදං හිත සුඛතං ජිගීයමානො - ප්‍රිය වාදියෙක්ව දියුණු වද සැපය ද සොයන්නේ. වචනපතිකරස්සාභි පසන්නා - ඔහුගේ වචන අනුව කරන ඉතා ප්‍රසන්න වූ. ධම්මානුධම්මං - ධර්මය ද, අනුධර්මය ද.

උස‍්සඞ‍්ඛපාදාදිලක‍්ඛණවණ‍්ණනා

අත්‍ථූපසංහිතන‍්ති ඉධලොකපරලොකත්‍ථනිස‍්සිතං. ධම‍්මූපසංහිතන‍්ති දසකුසලකම‍්මපථනිස‍්සිතං. බහුජනං නිදංසෙසීති බහුජනස‍්ස නිදංසනකථං කථෙසි. පාණීනන‍්ති සත‍්තානං. “අග‍්ගො”තිආදීනි සබ‍්බානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි.

අත්ථුපසංහිතං - මෙලොව පරලොව දියුණුවට නිශ්‍රය වූ. ධම්මුපසංහිතං - දසකුසල් කර්මපථ නිශ්‍රිත වූ. බහුජනං නිදංසෙකි - බොහෝ දෙනාට නිදර්ශන කථා කීවේය. පාණිතං - සත්වයින්ට අග්‍ර යයි ආදි සියල්ල එකිනෙකේ සමාන වචන වේ.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං භාසිතා උද‍්ධඞ‍්ගමනීයා අත්‍ථූපසංහිතා වාචා. කම‍්මසරික‍්ඛකං නාම යො එවරූපං උග‍්ගතවාචං න භාසති, සො ඉමිනා කාරණෙන උග‍්ගතවාචාය අභාසනං ජනො ජානාතූති අධොසඞ‍්ඛපාදො ච හොති අධොනතලොමො ච. තථාගතස‍්ස පන දීඝරත‍්තං එවරූපාය උග‍්ගතවාචාය භාසිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති උස‍්සඞ‍්ඛපාදලක‍්ඛණඤ‍්ච උද‍්ධග‍්ගලොමලක‍්ඛණඤ‍්ච නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. උත‍්තමභාවො ආනිසංසො.

මෙහි කර්මය නම් ඉහළට යෑම සඳහා බොහෝ කලක් කියන ලද වචනයයි. කර්ම සරික්ඛකය නම් යමෙක් මෙබඳු උසස් වචන නොකියයි ද හේ මේ කරුණින් උසස් වචන නොකීමෙන් ජනයා දැන ගනිත්වායි යටට පා ද ලෝ ම ද වේ. තථාගතයන් වහන්සේගේ වනාහි බොහෝ කලක් උසස් වචන භාවිත කළ බව දෙවියන් සහිත ලෝකයා දැනගනිත්වායි උස්ව ගිය පා ලකුණු ද උස්ව ගිය ලෝම ලකුණු ද පහළ විය. ලක්‍ෂණ නම් මේ ලක්‍ෂණ දෙකමය. උස්ව ගිය බව ආනිසංසයයි.

එරයන‍්ති භණන‍්තො. බහුජනං නිදංසයීති බහුජනස‍්ස හිතං දස‍්සෙති. ධම‍්මයාගන‍්ති ධම‍්මදානයඤ‍්ඤං.

ඵරයං - කියන්නේ. බහුජනං නිදංසයී - බොහෝ ජනයාට දියුණුව දැක්වීය. ධම්මයාගං - ධර්ම දාන යඥය.

උබ‍්භමුප‍්පතිතලොමවා සසොති සො එස උද‍්ධග‍්ගතලොමවා හොති. පාදගණ‍්ඨිරහූති පාදගොප‍්ඵකා අහෙසුං. සාධුසණ‍්ඨිතාති සුට‍්ඨු සණ‍්ඨිතා. මංසලොහිතාචිතාති මංසෙන ච ලොහිතෙන ච ආචිතා. තචොත්‍ථතාති තචෙන පරියොනද‍්ධා නිගුළ‍්හා. වජතීති ගච‍්ඡති. අනොමනික‍්කමොති අනොමවිහාරී සෙට‍්ඨවිහාරී.

උබ්භමුප්පතිත ලොමවාසයො - උන්වහන්සේගේ මෙසේ උඩට නැමුණු ලෝම හෝ වේ. පාද ගණ්ඨි අහු - පාවල වලලුකර විය. (ගොප් ඇට) සාධු සණ්ඨිතා - මනාව පිහිටියේය. මංසලොභිතාචිතා - මසින් ද රුධිරයෙන් එක් වූ. (රැස්කළ). තචත්ථටා - සිවියෙන් වෙලීගත් (සැඟවූ). වජති - යයි. අනොමනික්කමො - උසස් විහරණය, ශ්‍රේෂ්ඨ විහරණය.

එණිජඞ‍්ඝලක‍්ඛණවණ‍්ණනා

සිප‍්පං වාතිආදීසු සිප‍්පං නාම ද‍්වෙ සිප‍්පානි – හීනඤ‍්ච සිප‍්පං, උක‍්කට‍්ඨඤ‍්ච සිප‍්පං. හීනං නාම සිප‍්පං නළකාරසිප‍්පං, කුම‍්භකාරසිප‍්පං පෙසකාරසිප‍්පං නහාපිතසිප‍්පං. උක‍්කට‍්ඨං නාම සිප‍්පං ලෙඛා මුද‍්දා ගණනා. විජ‍්ජාති අහිවිජ‍්ජාදිඅනෙකවිධා. චරණන‍්ති පඤ‍්චසීලං දසසීලං පාතිමොක‍්ඛසංවරසීලං. කම‍්මන‍්ති කම‍්මස‍්සකතාජානනපඤ‍්ඤා. කිලිස‍්සෙය්‍යුන‍්ති කිලමෙය්‍යුං. අන‍්තෙවාසිකවත‍්තං නාම දුක‍්ඛං, තං නෙසං මා චිරමහොසීති චින‍්තෙසි.

සිප්පාවා යනාදියෙහි සිප්ප - නම් හීන ශිල්ප සහ උත්කෘෂ්ඨ ශීලයයි දෙපරිදිය. හීන ශිල්ප නම් නළකාර, කුම්භකාර (මැටිභාජන), පේෂකාර, කරණවෑමි (බාබර්) ශිල්ප වේ. උත්කෘෂ්ඨ ශිල්ප නම් ලේඛක, මුද්‍රණ හා ගණකාධිකාරි යනාදියයි. විජ්ජා - සර්ප විද්‍යා ආදි අනේකවිධය. චරණං - පන්සිල් දසසිල්, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය. කම්මං - කළකර්ම දැනගන්නා ප්‍රඥාව. කිළිසෙසය්‍යුං - කිලිටි කරන්නාහ. අතවැසි වත්නම් දුකය. ඔවුන්ට එය නොවේවායි සිතීය.

රාජාරහානීති රඤ‍්ඤො අනුරූපානි හත්‍ථිඅස‍්සාදීනි, තානියෙව රඤ‍්ඤො සෙනාය අඞ‍්ගභූතත‍්තා රාජඞ‍්ගානීති වුච‍්චන‍්ති. රාජූපභොගානීති රඤ‍්ඤො උපභොගපරිභොගභණ‍්ඩානි, තානි චෙව සත‍්තරතනානි ච. රාජානුච‍්ඡවිකානීති රඤ‍්ඤො අනුච‍්ඡවිකානි. තෙසංයෙව සබ‍්බෙසං ඉදං ගහණං. සමණාරහානීති සමණානං අනුරූපානි චීවරාදීනි. සමණඞ‍්ගානීති සමණානං කොට‍්ඨාසභූතා චතස‍්සො පරිසා. සමණූපභොගානීති සමණානං උපභොගපරික‍්ඛාරා. සමණානුච‍්ඡවිකානීති තෙසංයෙව අධිවචනං.

රාජාරහාති - රජුන්ට අනුරූප වූ ඇත් අස් ආදි ඒවායේම රජුගේ සේනාවට අග්‍ර වූ බැවින් රාජාරහ යයි කියනු ලැබේ. රාජූපහොගනී - රජුගේ උපභෝග පරිභෝග භාණ්ඩ මෙන්ම සප්ත රත්නයෝ ද. රාජානුච්ඡවිකානි - රජුට සුදුසු වූ. ඔවුන් සියල්ලටම මේ ගහණ යයි සමණාරහා - ශ්‍රමණයන්ට අනුරූප වූ සිව්රු ආදිය. සමණංගානි - මහණුන්ගේ උපභෝග පිරිකර සමණුන්ගේ කොටසක් වූ සිවු පිරිස සමණූපභොගාන සමණානුච්ඡවිකානි - ඒවායේම සමාන වචනයකි.

ඉධ පන කම‍්මං නාම දීඝරත‍්තං සක‍්කච‍්චං සිප‍්පාදිවාචනං. කම‍්මසරික‍්ඛකං නාම යො එවං සක‍්කච‍්චං සිප‍්පං අවාචෙන‍්තො අන‍්තෙවාසිකෙ උක‍්කුටිකාසනජඞ‍්ඝපෙසනිකාදීහි කිලමෙති, තස‍්ස ජඞ‍්ඝමංසං ලිඛිත්‍වා පාතිතං විය හොති. තථාගතස‍්ස පන සක‍්කච‍්චං වාචිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති අනුපුබ‍්බඋග‍්ගතවට‍්ටිතං එණිජඞ‍්ඝලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. අනුච‍්ඡවිකලාභිතා ආනිසංසො.

මෙහි කර්මය නම් බොහෝ කාලයක් ශිල්පය සකස්ව කීමය. කර්ම සරික්ඛ නම් යමෙක් ශිල්පාදිය සකස් නොකියන්නේ අතවැසියෝ උක්කුටිකයෙන් හිඳීමෙන් සහ ඇවිදීම් ආදියෙන් වෙහෙසට ක්ලාන්තයට පත්වෙති. කෙණ්ඩ මස්පිඩු ගැටී වැටුණාක් මෙන් ද වේ. තථාගතයන් වහන්සේගේ වනාහි සකසා මෙර වූ බැවින් දෙවියන් සහිත ලෝකයා මෙ කරුණින් දැනගනිත්වායි පෙර ඉගනුම් වැඩු හෙයින් එණි ජංඝ - (ඒණි මුවන්ගේ කොණ්ඩය වැනි) ලක්‍ෂණය පහළ විය. ලක්‍ෂණය නම් මෙයම වේ. අනුරූප ලාභය ආනිසංසයයි.

යදූපඝාතායාති යං සිප‍්පං කස‍්සචි උපඝාතාය න හොති. කිලිස‍්සතීති කිලමිස‍්සති. සුඛුමත‍්තචොත්‍ථතාති සුඛුමත‍්තචෙන පරියොනද‍්ධා. කිං පන අඤ‍්ඤෙන කම‍්මෙන අඤ‍්ඤං ලක‍්ඛණං නිබ‍්බත‍්තතීති? න නිබ‍්බත‍්තති. යං පන නිබ‍්බත‍්තති, තං අනුබ්‍යඤ‍්ජනං හොති, තස‍්මා ඉධ වුත‍්තං.

යදුපඝාතාය - යම් ශිල්පයක් කිසිවකු නැසීම පිණිස නොවේ. කිලිස්සන්ති - ක්ලාන්ත වේ. සුඛුමන්ත වොත්ථටා සැපයෙන් යුක්ත වූයේ. වෙන කර්මයකින් වෙන ලක්‍ෂණ ඇතිවේද? නැත. යමක් පහළ වන්නේ ඒ කර්මයේ කුඩා ලක්‍ෂණ ඇතිවය. එහෙයින් මෙය කියන ලදී.

සුඛුමච‍්ඡවිලක‍්ඛණවණ‍්ණනා

සමණං වාති සමිතපාපට‍්ඨෙන සමණං. බ්‍රාහ‍්මණං වාති බාහිතපාපට‍්ඨෙන බ්‍රාහ‍්මණං.

සමණංවා - සංසිඳුණු පව් ඇති අර්ථයෙන් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණං වා - බැහැර කරන ලද පව් ඇති බැවින් බ්‍රාහ්මණ වේ.

මහාපඤ‍්ඤොතිආදීසු මහාපඤ‍්ඤාදීහි සමන‍්නාගතො හොතීති අත්‍ථො. තත්‍රිදං මහාපඤ‍්ඤාදීනං නානත‍්තං.

මහා පඤ්ඤො යනාදියෙහි මහා ප්‍රඥාදියෙන් යුක්ත වේ යන අර්ථය වේ. මහා පඤ්ඤාදියේ නා නා බව.

තත්‍ථ කතමා මහාපඤ‍්ඤා? මහන‍්තෙ සීලක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සමාධික‍්ඛන්‍ධෙ පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ විමුත‍්තික‍්ඛන්‍ධෙ විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා. මහන‍්තානි ඨානාඨානානි මහන‍්තා විහාරසමාපත‍්තියො මහන‍්තානි අරියසච‍්චානි මහන‍්තෙ සතිපට‍්ඨානෙ සම‍්මප‍්පධානෙ ඉද‍්ධිපාදෙ මහන‍්තානි ඉන්‍ද්‍රියානි බලානි මහන‍්තෙ බොජ‍්ඣඞ‍්ගෙ මහන‍්තෙ අරියමග‍්ගෙ මහන‍්තානි සාමඤ‍්ඤඵලානි මහන‍්තා අභිඤ‍්ඤායො මහන‍්තං පරමත්‍ථං නිබ‍්බානං පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා.

එහි මහා ප්‍රඥාව කුමක්ද? මහත් වූ සීලකන්ධයෙහි ඇතුළත් වේනුයි මහා පඤ්ඤා, සමාධික්ඛන්ධයේ පඤ්ඤාක්ඛන්ධයේ, විමුක්තිස්කන්ධයේ විමුක්ති ඥානස්කන්ධයේ, ඇතුළත් නිසා මහා පඤ්ඤා වේ. මහත් වූ ස්ථාන අර්ථයෙන් මහා පඤ්ඤා වේ. මහා විහරණ සමාපත්තිය මහත් වූ ආර්ය සත්‍ය, මහත් වූ සතිපට්ඨානයෙහි, සම්මප්පධානයෙහි, සෘද්ධිපාදයෙහි, මහත් වූ ඉන්ද්‍රිය බල බොජඣංගවල, මහත් වූ ආර්ය මාර්ගයෙහි සාමඤ්ඤ පලවල, මහා අභිඤ්ඤාවල, මහා පරමාර්ථ නිර්වාණයෙහි ඇතුළත් බැවින් මහා ප්‍රඥාව වේ.

කතමා පුථුපඤ‍්ඤා? පුථුනානාඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා. පුථුනානාධාතූසු පුථුනානාආයතනෙසු පුථුනානාපටිච‍්චසමුප‍්පාදෙසු පුථුනානාසුඤ‍්ඤතමනුපලබ‍්භෙසු පුථුනානාඅත්‍ථෙසු ධම‍්මෙසු නිරුත‍්තීසු පටිභානෙසු. පුථුනානාසීලක‍්ඛන්‍ධෙසු පුථුනානාසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාදස‍්සනක‍්ඛන්‍ධෙසු පුථුනානාඨානාඨානෙසු පුථුනානාවිහාරසමාපත‍්තීසු පුථුනානාඅරියසච‍්චෙසු පුථුනානාසතිපට‍්ඨානෙසු සම‍්මප‍්පධානෙසු ඉද‍්ධිපාදෙසු ඉන්‍ද්‍රියෙසු බලෙසු බොජ‍්ඣඞ‍්ගෙසු පුථුනානාඅරියමග‍්ගෙසු සාමඤ‍්ඤඵලෙසු අභිඤ‍්ඤාසු පුථුජ‍්ජනසාධාරණෙ ධම‍්මෙ සමතික‍්කම‍්ම පරමත්‍ථෙ නිබ‍්බානෙ ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා.

පුථු පඤ්ඤා කවරේද? නානා ස්කන්ධවල ඤාණය පවත්වන නිසා පුථු පඤ්ඤා වේ. නා නා ධාතුවල, නා නා ආයතනවල, නා නා පටිච්ච සමුප්පාද දේශනාවල, නා නා සුඤ්ඤතා අනු ලැබීම්වල, නානා අර්ථවල නානා ධර්මවල, නා නා නිරුක්තිවල, නා නා ප්‍රතිභානවල, නානා සමාධිවල, නා නා විමුත්තිවල, නා නා විමුත්ති දර්ශනවල, නොයෙක් ස්ථානවල, නොයෙක් විහරණ සමාපත්තිවල. නොයෙක් ආර්ය සත්‍යවල, සතිපට්ඨානවල, සම්මප්පධානවල, ඉද්ධිපාදවල, ඉන්ද්‍රියවල, බලවල, බොජඣංගවල, ආර්ය මාර්ගවල, සාමඤ්ඤ ඵලවල, අභිඥාවල, සාධාරණ ධර්ම ඉක්මවා පරමාර්ථ නිර්වාණයෙහි ඤාණය පැවැත්වීම නිසා පුථු ප්‍රඥා වේ.

කතමා හාසපඤ‍්ඤා? ඉධෙකච‍්චො හාසබහුලො වෙදබහුලො තුට‍්ඨිබහුලො පාමොජ‍්ජබහුලො සීලං පරිපූරෙති ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති භොජනෙ මත‍්තඤ‍්ඤුතං ජාගරියානුයොගං සීලක‍්ඛන්‍ධං සමාධික‍්ඛන්‍ධං පඤ‍්ඤාක‍්ඛන්‍ධං විමුත‍්තික‍්ඛන්‍ධං විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං පරිපූරෙතීති හාසපඤ‍්ඤා. හාසබහුලො…පෙ… පාමොජ‍්ජබහුලො ඨානාඨානං පටිවිජ‍්ඣතීති හාසපඤ‍්ඤා. හාසබහුලො විහාරසමාපත‍්තියො පරිපූරෙතීති හාසපඤ‍්ඤා. හාසබහුලො අරියසච‍්චානි පටිවිජ‍්ඣතීති හාසපඤ‍්ඤා. සතිපට‍්ඨානෙ සම‍්මප‍්පධානෙ ඉද‍්ධිපාදෙ ඉන්‍ද්‍රියානි බලානි බොජ‍්ඣඞ‍්ගෙ අරියමග‍්ගං භාවෙතීති හාසපඤ‍්ඤා. හාසබහුලො සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොතීති හාසපඤ‍්ඤා. අභිඤ‍්ඤායො පටිවිජ‍්ඣතීති හාසපඤ‍්ඤා. හාසබහුලො වෙදතුට‍්ඨිපාමොජ‍්ජබහුලො පරමත්‍ථං නිබ‍්බානං සච‍්ඡිකරොතීති හාසපඤ‍්ඤා.

හාසු ප්‍රඥාව කවරේද? මෙහි ඇතමෙක් හාසු ( ඉක්මන් අවබෝධය) බහුලව, වෙද (දැනගනීවි) බහුලව, සතුටු බහුලව, ප්‍රීති බහුලව සීලය සම්පූර්ණ කරති. ඉන්ද්‍රිය සංවරය සපුරති, භෝජනයෙහි පමණ දැනීම, නිදිවැරීම, සිල් රැස, සමාධි රාසිය, පඤ්ඤා රාසිය, විමුක්ති රාසිය, විමුක්ති ඤාණ දස්සන රාසිය, සම්පූර්ණ කෙරේ යයි හාසු පඤ්ඤා වේ. හාසු බහුල.... ප්‍රීතිය බහුල ස්ථාන අස්ථාන අවබෝධ කෙරේ යයි හාසු පඤ්ඤා වේ.

කතමා ජවනපඤ‍්ඤා? යංකිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං තං රූපං අනිච‍්චතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. දුක‍්ඛතො ඛිප‍්පං අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. යා කාචි වෙදනා…පෙ… යංකිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, සබ‍්බං තං විඤ‍්ඤාණං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන දුක‍්ඛං භයට‍්ඨෙන අනත‍්තා අසාරකට‍්ඨෙනාති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා රූපනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන…පෙ… විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං. චක‍්ඛුං…පෙ… ජරාමරණං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා.

ජවන ප්‍රඥාව කවරේද? අතීත අනාගත වර්තමාන දුර වූ නො ලංවූ යම් රූපයක් වේ. ඒ සියළු රූප අනිත්‍ය වශයෙන් වහා ගමන් කිරීම ජවන පඤ්ඤා වේ. දුක් වශයෙන් වහා අනාත්ම වශයෙන් වහා දුව යයි. යනු ජවන පඤ්ඤා වේ. යම් වේදනාවක් අතීත අනාගත වර්තමාන යම්කිසි විඤ්ඤාණයක් වේද ඒ සියළු විඤ්ඤාණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වහා දුවයි යනු ජවන පඤ්ඤා නම්. අතීත අනාගත වර්තමාන ඇස... ජරා මරණ අනිත්‍ය දුකට අනාත්ම වශයෙන් වහා දිවයෑම ජවන පඤ්ඤා වේ. අතීත අනාගත වර්තමාන රූපය ක්ෂයවීම් අර්ථයෙන් අනිත්‍ය වූ බියවීම් අර්ථයෙන් දැක්වූ අසාර අර්ථයෙන් අනාත්ම වී යයි තුලනය කොට විභාග කර නිරෝධ වූ නිර්වාණය කරා, වහා දිවයයි යනු ජවන පඤ්ඤා වේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ චක්ඛු ජරාමරණ අතීතාදි තුන් කාලයේ වූ මේවා ක්‍ෂයවීම් අර්ථයෙන් අනිත්‍ය වූ......ප්‍රකටව ජරාමරණ නිරෝධ වූ නිවනෙහි වහා දිවයේ යනු ජවන පඤ්ඤා වේ. අතීතානාගත වර්තමාන රූපය විඤ්ඤාණය ඇස..... ජරාමරණ අනිත්‍යය සංඛත වූ ප්‍රතීත්‍ය සමුත්පන්න වූ ක්‍ෂය ධර්ම වූ ව්‍යය ධර්ම වූ විරාග ධර්ම වූ නිරෝධ ධර්මය යයි තුලනය කර තීරණය කර ප්‍රකට කර ජරා මරණ නිරෝධ නිර්වාණයෙහි වහා දිවයෑම ජවන පඤ්ඤා වේ.

කතමා තික‍්ඛපඤ‍්ඤා? ඛිප‍්පං කිලෙසෙ ඡින්‍දතීති තික‍්ඛපඤ‍්ඤා. උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති, උප‍්පන‍්නං බ්‍යාපාදවිතක‍්කං, උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං, උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ උප‍්පන‍්නං රාගං දොසං මොහං කොධං උපනාහං මක‍්ඛං පළාසං ඉස‍්සං මච‍්ඡරියං මායං සාඨෙය්‍යං ථම‍්භං සාරම‍්භං මානං අතිමානං මදං පමාදං සබ‍්බෙ කිලෙසෙ සබ‍්බෙ දුච‍්චරිතෙ සබ‍්බෙ අභිසඞ‍්ඛාරෙ සබ‍්බෙ භවගාමිකම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තී කරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා. එකස‍්මිං ආසනෙ චත‍්තාරො අරියමග‍්ගා චත‍්තාරි සාමඤ‍්ඤඵලානි චතස‍්සො පටිසම‍්භිදායො ඡ අභිඤ‍්ඤායො අධිගතා හොන‍්ති සච‍්ඡිකතා ඵස‍්සිතා පඤ‍්ඤායාති තික‍්ඛපඤ‍්ඤා.

තික්ඛ පඤ්ඤාව කවරේද? ක්ලේශයන් වහා නසයි යනු තික්ඛ පඤ්ඤා වේ. උපන් කාම විතක්ක (සිතිවිලි) ව්‍යාපාද විතක්ක, විහිංසා (හිංසා) විතක්ක උපන්නූපන් පාප අකුසල් දහම් රාග, දොස, මෝහ, ක්‍රෝධ, උපනාහ මකුබව, පලාසය, (අනුන් ගුණ නැසීමේ සිත), ඉස්සා (ඊර්ෂ්‍යාව) මසුරුකම, මායා, සාඨෙය්‍ය (කට්ටකම), ථම්ම (තදබව) සාරම්හ, මාන, අතිමාන, මද, පමාද සියළු කෙලෙස්, දුශ්චරිත සියළු අභිසංඛාර, සියළු භවගාමි කර්ම නො ඉවසයි. දුරු කරයි. නැති කරයි. විනාශ කරයි නූපදීමට පමුණුවයි. යනු තික්ඛ පඤ්ඤ වේ. එක ආසනයෙහි සතර ආර්යමාර්ගයෙහි සතර ශ්‍රාමණ්‍ය ඵල, සිව්පිළිසිඹියා, ෂඩ්භිඥා අවබෝධ කරයි, ස්පර්ශ කළ දැනගනියි යනු තික්ඛ පඤ්ඤා වේ.

කතමා නිබ‍්බෙධිකපඤ‍්ඤා? ඉධෙකච‍්චො සබ‍්බසඞ‍්ඛාරෙසු උබ‍්බෙගබහුලො හොති උත‍්තාසබහුලො උක‍්කණ‍්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ‍්බසඞ‍්ඛාරෙසු, අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං දොසක‍්ඛන්‍ධං මොහක‍්ඛන්‍ධං කොධං උපනාහං…පෙ… සබ‍්බෙ භවගාමිකම‍්මෙ නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤාති (පටි· ම· 3.3).

නිබ්බෙධික පඤ්ඤාව කවරේද? මෙහි ඇතමෙක් සියළු සංස්කාරවල සංවේග බහුල වෙති. උත්‍රාස, කලකිරීම් නො ඇලීම්, නිරාශා බහුල වෙති. සියළු සංස්කාරවල බාහිර ලක්‍ෂණයෙහි නොඇලේ. නොකැඩුණු විරූ නොපැලුණු විරූ ලෝභ ස්කන්ධයෙහි කැඩේ. පැලෙයි යනු නිබ්බෙධික පඤ්ඤා වේ. පෙර නොකැඩුණු නොපැලුණු දෝස ස්කන්ධය මෝහ ස්කන්ධය, ක්‍රෝධ, උපභාග... සියළු භවගාමික කර්මයෙහි කඩයි පලයි යනු නිබ්බෙධික පඤ්ඤාව වේ.

පබ‍්බජිතං උපාසිතාති පණ‍්ඩිතං පබ‍්බජිතං උපසඞ‍්කමිත්‍වා පයිරුපාසිතා. අත්‍ථන‍්තරොති යථා එකෙ රන්‍ධගවෙසිනො උපාරම‍්භචිත‍්තතාය දොසං අබ‍්භන‍්තරං කරිත්‍වා නිසාමයන‍්ති, එවං අනිසාමෙත්‍වා අත්‍ථං අබ‍්භන‍්තරං කත්‍වා අත්‍ථයුත‍්තං කථං නිසාමයි උපධාරයි.

පබ්බජිතං උපාසිකා - උගත් පැවිද්දන් කරා එළඹ ඇසුරු කළ බව. අත්ථන්ථතරා - යම්සේ ඇතමෙක් සිදුරු සොයන්නේ දෝෂාරෝපනය කරන සිතින් දෝෂය ඇතුළත තබාගෙන ඇහුම්කන් දෙති. මෙසේ නො අසා අර්ථය අභ්‍යන්තරයේ කොට අර්ථ යුක්ත කථා ඇසීය. සලකා බැලීය.

පටිලාභගතෙනාති පටිලාභත්‍ථාය ගතෙන. උප‍්පාදනිමිත‍්තකොවිදාති උප‍්පාදෙ ච නිමිත‍්තෙ ච ඡෙකා. අවෙච‍්ච දක‍්ඛිතීති ඤත්‍වා පස‍්සිස‍්සති.

පටිලාභගතෙන - ලැබීම සඳහා ගියෙන්. උප්පාදනිමිත්ත කෝවිද - ඉපදවීමෙහි ද නිමිත්තෙහි ද දක්‍ෂ වූ. අවෙච්ච දක්ඛති - දැන බලන්නේය.

අත්‍ථානුසිට‍්ඨීසු පරිග‍්ගහෙසු චාති යෙ අත්‍ථානුසාසනෙසු පරිග‍්ගහා අත්‍ථානත්‍ථං පරිග‍්ගාහකානි ඤාණානි, තෙසූති අත්‍ථො.

අත්ථානු සිට්ඨිසු පරිග්ගගෙසු-චා - යමෙක් අර්ථානුසාසනවල අල්වා ගැනීම, ලබා ගැනීමේ නුවණින් ඔවුන් කෙරෙහි යන අර්ථයයි.

සුවණ‍්ණවණ‍්ණලක‍්ඛණවණ‍්ණනා

අක‍්කොධනොති න අනාගාමිමග‍්ගෙන කොධස‍්ස පහීනත‍්තා, අථ ඛො සචෙපි මෙ කොධො උප‍්පජ‍්ජෙය්‍ය, ඛිප‍්පමෙව නං පටිවිනොදෙය්‍යන‍්ති එවං අක‍්කොධවසිකත‍්තා. නාභිසජ‍්ජීති කුටිලකණ‍්ටකො විය තත්‍ථ තත්‍ථ මම‍්මං තුදන‍්තො විය න ලග‍්ගි. න කුප‍්පි න බ්‍යාපජ‍්ජීතිආදීසු පුබ‍්බුප‍්පත‍්තිකො කොපො. තතො බලවතරො බ්‍යාපාදො. තතො බලවතරා පතිත්‍ථියනා. තං සබ‍්බං අකරොන‍්තො න කුප‍්පි න බ්‍යාපජ‍්ජි න පතිත්‍ථියි. අප‍්පච‍්චයන‍්ති දොමනස‍්සං. න පාත්‍වාකාසීති න කායවිකාරෙන වා වචීවිකාරෙන වා පාකටමකාසි.

අක්කොධනො - අනාගාමි මගින් ක්‍රෝධය පහ නොවූ බැවින්, ඉක්බිති ඉදින් මට ක්‍රෝධය උපන්නේ නම් වහාම එය දුරුකරමි මෙසේ අක්‍රෝධය වසී කරන ලදී. නාභිසජ්ජී - වක් කටුවක් මෙන් ඒ ඒ තැන සම විඳින්නාක් මෙන් නොලැගුනේය. කෝප නැති අව්‍යපාද යනාදියෙහි පෙර උපන් කෝපය කොපො - ඊට වඩා බලවත් වූයේ ව්‍යාපාදො - ඊට වඩා බලවත් පතිත්ථියනය. ඒ සියල්ල නොකරන්නේ කෝප නොවේ. ව්‍යාපාද නොවේ. පතිත්ථිගත නොවේ. අප්පච්චයං - දොම්නස. න පාත්වාකාසි - කාය විකාරයෙන් හෝ වාක් විකාරයෙන් ප්‍රකට නොකළේය.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං අක‍්කොධනතා චෙව සුඛුමත්‍ථරණාදිදානඤ‍්ච. කම‍්මසරික‍්ඛකං නාම කොධනස‍්ස ඡවිවණ‍්ණො ආවිලො හොති මුඛං දුද‍්දසියං වත්‍ථච‍්ඡාදනසදිසඤ‍්ච මණ‍්ඩනං නාම නත්‍ථි. තස‍්මා යො කොධනො චෙව වත්‍ථච‍්ඡාදනානඤ‍්ච අදාතා, සො ඉමිනා කාරණෙනස‍්ස ජනො කොධනාදිභාවං ජානාතූති දුබ‍්බණ‍්ණො හොති දුස‍්සණ‍්ඨානො. අක‍්කොධනස‍්ස පන මුඛං විරොචති, ඡවිවණ‍්ණො විප‍්පසීදති. සත‍්තා හි චතූහි කාරණෙහි පාසාදිකා හොන‍්ති ආමිසදානෙන වා වත්‍ථදානෙන වා සම‍්මජ‍්ජනෙන වා අක‍්කොධනතාය වා. ඉමානි චත‍්තාරිපි කාරණානි දීඝරත‍්තං තථාගතෙන කතානෙව. තෙනස‍්ස ඉමෙසං කතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති සුවණ‍්ණවණ‍්ණං මහාපුරිසලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. සුඛුමත්‍ථරණාදිලාභිතා ආනිසංසො.

මෙහි කර්මය නම් බොහෝ කාලයක් මෛත්‍රීබවෙන් ද සියුම් ආස්ථරණාදි දානයද. කම්ම සරික්ඛක නම් ක්‍රෝධ කළාහුගේ සම අපිරිසිදුය. මුහුණ බැලිය නොහැකිය. අඳින වස්ත්‍රයක් මෙන් පැහැපත් නැත. එහෙයින් හේ මේ කරුණින් ඔහුගේ ක්‍රෝධාදි බව දැන ගනිත්වායි දුර්වර්ණ වේ. අප්‍රසන්න පිහිටීම වේ. මහා සත්වයා කරුණු සතරකින් ප්‍රසන්න වේ. ආමිස දානයෙන්, වස්ත්‍ර දානයෙන්. මුසුන් දීමෙන් අක්‍රෝධනයෙන් හෝ මේ කරුණු සතර ද බොහෝ කාලයක් තථාගතයන් විසින් කරන ලද්දේමය. එනිසා මේවා කළබව දෙවියන් සහිත ලෝකයා මේ කරුණින් දැනගනිත්වායි ස්වර්ණ වර්ණ වූ මහා පුරුෂ ලක්ෂණය පහළ විය. ලක්‍ෂණනය නම් මේ ලක්ෂණයම වේ. සියුමැලි ඇතිරිලි ආදිය ලැබීම අනිසංසය වේ.

අභිවිස‍්සජීති අභිවිස‍්සජ‍්ජෙසි. මහිමිව සුරො අභිවස‍්සන‍්ති සුරො වුච‍්චති දෙවො, මහාපථවිං අභිවස‍්සන‍්තො දෙවො විය.

අභිවිසජ්ජි - හැරියේය. මහිමිවසුරො අභිවස්සං - සුර යනු වැස්සය. මහපොළොව තෙමන්නා වූ වැස්ස මෙන්

සුරවරතරොරිව ඉන්‍දොති සුරානං වරතරො ඉන්‍දො විය.

සුරවර තරොරිව ඉන්දො - දෙවියන්ගේ ඉතා උතුම් වූ ඉන්ද්‍ර මෙන්.

අපබ‍්බජ‍්ජමිච‍්ඡන‍්ති අපබ‍්බජ‍්ජං ගිහිභාවං ඉච‍්ඡන‍්තො. මහතිමහින‍්ති මහන‍්තිං පථවිං.

ගිහිබව කැමති වන්නේ. මහතිමහිං - මහ පොළොව

අච‍්ඡාදනවත්‍ථමොක‍්ඛපාවුරණානන‍්ති අච‍්ඡාදනානඤ‍්චෙව වත්‍ථානඤ‍්ච උත‍්තමපාවුරණානඤ‍්ච. පනාසොති විනාසො.

අච්ඡාදනවත්ථ මොක්ඛ පාපුරණානං - ඇදීම ද උතුම් පෙරවීමට ගන්නා වස්ත්‍ර ද. විනාසො - විනාශය.

කොසොහිතවත්‍ථගුය‍්හලක‍්ඛණවණ‍්ණනා

මාතරම‍්පි පුත‍්තෙන සමානෙතා අහොසීති ඉමං කම‍්මං රජ‍්ජෙ පතිට‍්ඨිතෙන සක‍්කා කාතුං. තස‍්මා බොධිසත‍්තොපි රජ‍්ජං කාරයමානො අන‍්තොනගරෙ චතුක‍්කාදීසු චතූසු නගරද‍්වාරෙසු බහිනගරෙ චතූසු දිසාසු ඉමං කම‍්මං කරොථාති මනුස‍්සෙ ඨපෙසි. තෙ මාතරං කුහිං මෙ පුත‍්තො පුත‍්තං න පස‍්සාමීති විලපන‍්තිං පරියෙසමානං දිස‍්වා එහි, අම‍්ම, පුත‍්තං දක‍්ඛසීති තං ආදාය ගන‍්ත්‍වා නහාපෙත්‍වා භොජෙත්‍වා පුත‍්තමස‍්සා පරියෙසිත්‍වා දස‍්සෙන‍්ති. එස නයො සබ‍්බත්‍ථ.

මාතරම්පි පුත්තෙන සමානෙතා අහොසි - මේ කර්මය රජයෙහි පිහිටුවීමෙන් කිරීමට නොහැකිය. එහෙයින් බෝධිසත්වයෝ රජය කරවන්නේ ඇතුළු නගරයෙහි සතර දිසාවේ දොරටු සතරෙහි ද පිටිනුවර සතර දිසාවෙහි මේ කර්මය කරවී යයි මිනිසුන් තැබූහ. ඔව්හු මගේ පුතා කොහේදැයි පුතා නොදනිමියි විලාප කියමින් සොයමින් සිටි. මව දැක, අම්මේ එන්න පුතා දැක්ක හැකියයි ඇය ගෙන ගොස් නහවා කවා මගේ පුතා සොයා දක්වන්න. මෙනයින් සියළු තැන.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං ඤාතීනං සමඞ‍්ගිභාවකරණං. කම‍්මසරික‍්ඛකං නාම ඤාතයො හි සමඞ‍්ගීභූතා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස වජ‍්ජං පටිච‍්ඡාදෙන‍්ති. කිඤ‍්චාපි හි තෙ කලහකාලෙ කලහං කරොන‍්ති, එකස‍්ස පන දොසෙ උප‍්පන‍්නෙ අඤ‍්ඤං ජානාපෙතුං න ඉච‍්ඡන‍්ති. අයං නාම එතස‍්ස දොසොති වුත‍්තෙ සබ‍්බෙ උට‍්ඨහිත්‍වා කෙන දිට‍්ඨං කෙන සුතං, අම‍්හාකං ඤාතීසු එවරූපං කත‍්තා නාම නත්‍ථීති. තථාගතෙන ච තං ඤාතිසඞ‍්ගහං කරොන‍්තෙන දීඝරත‍්තං ඉදං වජ‍්ජප‍්පටිච‍්ඡාදනකම‍්මං නාම කතං හොති. අථස‍්ස සදෙවකො ලොකො ඉමිනා කාරණෙන එවරූපස‍්ස කම‍්මස‍්ස කතභාවං ජානාතූති කොසොහිතවත්‍ථගුය‍්හලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. පහූතපුත‍්තතා ආනිසංසො.

මෙහි කර්මය නම් බොහෝ කාලයක් නෑයින්ගේ එකතු කිරීම. කම්මසරික්ඛක නම් සමගි නෑයින් ඔවුනොවුන්ගේ වරද වැසීමය. ඔව්හු කලහ කාලයෙහි කලහ කරති. එකෙකුගේ වැරද්දක් වූ විට අනිත් අය දැනුවත් නොකරති. මෙය නම් ඔහුගේ වැරැද්ද යයි කී කල්හි සියල්ලෝ නැගී සිට කවුද දැක්කේ? කවුද ඇසුවේ? අපගේ නෑයින් අතර මෙබඳු අයෙක් නැත. තථාගතයන් ඤාති සංග්‍රහ කරන්නේ බොහෝ කාලයක් මේ වැරදි වසන කර්මය කෙළේ වේ. ඉක්බිති දෙවියන් සහිත ලෝකයා මේ කරුණින් එබඳු කර්මයේ කළ බව දැන ගනිත්වායි කොසොහිත වත්ථගුයහ ලක්‍ෂණය පහළ විය. ලක්‍ෂණය මෙයම වේ. බොහෝ පුතුන් ඇතිබව ලක්‍ෂණයයි.

වත්‍ථඡාදියන‍්ති වත්‍ථෙන ඡාදෙතබ‍්බං වත්‍ථගුය‍්හං.

වත්ථච්ඡාදියං - වස්ත්‍රයෙන් වැසිය යුතු වත්ථගුයහං වේ.

අමිත‍්තතාපනාති අමිත‍්තානං පතාපනා. ගිහිස‍්ස පීතිං ජනනාති ගිහිභූතස‍්ස සතො පීතිජනනා.

අමිත්තතාපන - සතුරන්ගේ තැවීම. ගිහිස්ස පීතිජානතා - ගිහියන්ට ප්‍රීතිය දැනවීම,

පරිමණ‍්ඩලාදිලක‍්ඛණවණ‍්ණනා

සමං ජානාතීති “අයං තාරුක‍්ඛසමො අයං පොක‍්ඛරසාතිසමො”ති එවං තෙන තෙන සමං ජානාති. සාමං ජානාතීති සයං ජානාති. පුරිසං ජානාතීති “අයං සෙට‍්ඨසම‍්මතො”ති පුරිසං ජානාති. පුරිසවිසෙසං ජානාතීති මුග‍්ගං මාසෙන සමං අකත්‍වා ගුණවිසිට‍්ඨස‍්ස විසෙසං ජානාති. අයමිදමරහතීති අයං පුරිසො ඉදං නාම දානසක‍්කාරං අරහති. පුරිසවිසෙසකරො අහොසීති පුරිසවිසෙසං ඤත්‍වා කාරකො අහොසි. යො යං අරහති, තස‍්සෙව තං අදාසි. යො හි කහාපණාරහස‍්ස අඩ‍්ඪං දෙති, සො පරස‍්ස අඩ‍්ඪං නාසෙති. යො ද‍්වෙ කහාපණෙ දෙති, සො අත‍්තනො කහාපණං නාසෙති. තස‍්මා ඉදං උභයම‍්පි අකත්‍වා යො යං අරහති, තස‍්ස තදෙව අදාසි. සද‍්ධාධනන‍්තිආදීසු සම‍්පත‍්තිපටිලාභට‍්ඨෙන සද‍්ධාදීනං ධනභාවො වෙදිතබ‍්බො.

සමං ජානාති - මෙතෙම තාරුක්ඛට සමානය. මෙතෙම පොක්ඛරසාතිට සමානය. මෙසේ ඒ ඒ අය සමානව දනියි. පුරිසවිසෙසං ජානාති - මුං ඇට මෑ ඇටවලට සමාන නොකොට ගුණ විශිෂ්ඨයාගේ විසේසය දැනගනී. පුරිසං ජානාති - මේ තෙම ශ්‍රේෂ්ඨ සම්මත එය පුරුෂයා දැනගනී. අයමිදමරහති - මෙ පුරුෂතෙම මේ දානයට, පිදීමට, සත්කාරයට සුදුසුය. පුරිස විස්සෙකරො පුරෙ අහොසි - පුරුෂ විශේෂය දැන ක්‍රියා කරන්නෙක් වේ. යමෙක් යමකු සුදුසුවේද ඔහුටම එය දෙයි. යමෙක් කහවනුවලට සුදුසු නම් අඩක් දෙයි. හේ ඉතිරි අඩ නොනසයි. යමෙක් කහවණු දෙකක් දෙයි. හේ තමාගේ කහවණු නසයි. එහෙයින් මේ දෙකම නොකොට යමෙක් යමෙක් සුදුසුවේද ඔහුට එයම දුන්නේය. සද්ධා ධනං - ආදියෙහි සම්පත් ප්‍රතිලාභ අර්ථයෙන් ශ්‍රද්ධාදිය ධනයයි දත යුතුය.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං පුරිසවිසෙසං ඤත්‍වා කතං සමසඞ‍්ගහකම‍්මං. කම‍්මසරික‍්ඛකං නාම තදස‍්ස කම‍්මං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ඉමානි ද‍්වෙ ලක‍්ඛණානි නිබ‍්බත‍්තන‍්ති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. ධනසම‍්පත‍්ති ආනිසංසො.

මෙහි කර්මය නම් බොහෝ කාලයක් පුරුෂ විශේෂය දැන කරන ලද සංග්‍රහ කර්මයයි. කර්ම සරික්ඛය නම් ඔහුගේ ඒ කර්මය දෙවියන් සහිත ලෝකය මේ කරුණින් දනිත්වායි මේ ලක්ෂණ දෙක උපදවයි. ලක්ෂණය නම් මෙම ලක්ෂණ දෙකමය. ආනිසංසය ධන සම්පත්තියයි.

තුලියාති තුලයිත්‍වා. පටිවිචයාති පටිවිචිනිත්‍වා. මහාජනසඞ‍්ගාහකන‍්ති මහාජනසඞ‍්ගහණං. සමෙක‍්ඛමානොති සමං පෙක‍්ඛමානො. අතිනිපුණා මනුජාති අතිනිපුණා සුඛුමපඤ‍්ඤා ලක‍්ඛණපාඨකමනුස‍්සා. බහුවිවිධා ගිහීනං අරහානීති බහූ විවිධානි ගිහීනං අනුච‍්ඡවිකානි පටිලභති. දහරො සුසු කුමාරො “අයං දහරො කුමාරො පටිලභිස‍්සතී”ති බ්‍යාකංසු මහීපතිස‍්සාති රඤ‍්ඤො.

තුලිය්‍ය - සසඳා. පවිචියා - විමසා. මහාජන සංගහන - මහාජන සංග්‍රහය. සමෙක්ඛමානො - සමානව බලන්නේ. අභිනිපුණාමනුජා - අතිශයින් නිපුණ වූ සියුම් නුවණැති ලක්‍ෂණ පාඨක මනුෂ්‍යයෝ. බහුවිධා ගිහීතදා හොති - බොහෝ ආකාර වූ ගිහියන්ට සුදුසු වූ දේ ලබයි. දහරො සුසු කුමාරො - මේ ලදරු කුමරා. පටිලභිංසු - ලබන්නේ යයි ප්‍රකාශ කළහ. මහිපතිස්ස - රජුට

සීහපුබ‍්බද‍්ධකායාදිලක‍්ඛණවණ‍්ණනා

යොගක‍්ඛෙමකාමොති යොගතො ඛෙමකාමො. පඤ‍්ඤායාති කම‍්මස‍්සකතපඤ‍්ඤාය. ඉධ කම‍්මං නාම මහාජනස‍්ස අත්‍ථකාමතා. කම‍්මසරික‍්ඛකං නාම තං මහාජනස‍්ස අත්‍ථකාමතාය වඩ‍්ඪිමෙව පච‍්චාසීසිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ඉමානි සමන‍්තපරිපූරානි අපරිහීනානි තීණි ලක‍්ඛණානි නිබ‍්බත‍්තන‍්ති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණත‍්තයං. ධනාදීහි චෙව සද‍්ධාදීහි ච අපරිහානි ආනිසංසො.

යොගක්ඛෙමකාමො - අභය කැමැත්තේ. පඤ්ඤාය - කළකම් දන්නා නුවණ. මෙහි කර්මය නම් මහාජනයාගේ දියුණුව කැමති බව. කම්ම සරික්ඛකය නම් මහා ජනයාගේ දියුණුව කැමති බැවින් බලාපොරොත්තුවන බව වැඩුනේමය. දෙවියන් සහිත ලෝකය ඔහුගේ මේ කරුණින් දැන ගනිත්වායි මේ හැම අතින්ම සම්පූර්ණ වූ අභීත වූ ලක්ෂණ තුන පහළ විය. ලක්‍ෂණ නම් මේ ලක්ෂණ තුනම වේ. ධනාදියේ මෙන්ම ශ්‍රද්ධාදියද නොපිරිහීම ආනිසංසයයි.

සද‍්ධායාති ඔකප‍්පනසද‍්ධාය පසාදසද‍්ධාය. සීලෙනාති පඤ‍්චසීලෙන දසසීලෙන. සුතෙනාති පරියත‍්තිසවනෙන. බුද‍්ධියාති එතෙසං බුද‍්ධියා, “කින‍්ති එතෙහි වඩ‍්ඪෙය්‍යු”න‍්ති එවං චින‍්තෙසීති අත්‍ථො. ධම‍්මෙනාති ලොකියධම‍්මෙන. බහූහි සාධූහීති අඤ‍්ඤෙහිපි බහූහි උත‍්තමගුණෙහි. අසහානධම‍්මතන‍්ති අපරිහීනධම‍්මං.

සද්ධාය - ඕකප්පන හා ප්‍රසාද ශ්‍රද්ධා වේ. සීලෙන - පන්සිල් දසසිල්වලින්. සුතෙන - ධර්මය ඇසීමෙන්. බුද්ධියා - මේවායේ බුදධියෙන් කිම මේවායින් වැඩෙන්නේද? මෙසේ සිතීය යන අර්ථයයි. ධම්මෙන - ලෞකික ධර්මයෙන්. බහුහි සාධුහි - අන්‍ය වූ බොහෝ උත්තම ගුණවලින්. අසහාන ධම්මතං - අසහන ස්භාවය.

රසග‍්ගසග‍්ගිතාලක‍්ඛණවණ‍්ණනා

සමාභිවාහිනියොති යථා තිලඵලමත‍්තම‍්පි ජිව‍්හග‍්ගෙ ඨපිතං සබ‍්බත්‍ථ ඵරති, එවං සමා හුත්‍වා වහන‍්ති. ඉධ කම‍්මං නාම අවිහෙඨනකම‍්මං. කම‍්මසරික‍්ඛකං නාම පාණිආදීහි පහාරං ලද‍්ධස‍්ස තත්‍ථ තත්‍ථ ලොහිතං සණ‍්ඨාති, ගණ‍්ඨි ගණ‍්ඨි හුත්‍වා අන‍්තොව පුබ‍්බං ගණ‍්හාති, අන‍්තොව භිජ‍්ජති, එවං සො බහුරොගො හොති. තථාගතෙන පන දීඝරත‍්තං ඉමං ආරොග්‍යකරණකම‍්මං කතං. තදස‍්ස සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ආරොග්‍යකරං රසග‍්ගසග‍්ගිලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. අප‍්පාබාධතා ආනිසංසො.

සමාභිවාහිනියො - යම්සේ තල ඇටක් පමණ දවග තැබූ හැමතැනම පැතිරේ. මෙසේ සමානව උසුලයි. මෙහි කර්මය නම් නොපෙළන කර්මයයි. කම්මසරික්ඛක නම් - අත් ආදියෙන් පහර ලබන්නාගේ ලේ ලකුණු ඇති ගැට මතු වී ඇතුළත සැරව ගනී. ඇතුළ බිඳේ. මෙසේ ඔහුට බොහෝ රෝග ඇති වේ. තථාගතයන් වහන්සේ වනාහි බොහෝ කාලයක් මේ නිරෝගි කරන කර්ම කරන ලදී. දෙවියන් සහිත ලෝකයා මේ කරුණින් දැනගනිත්වායි ආරෝග්‍ය කරවු අග්ග රස ලක්ෂණය පහළ විය. ලක්ෂණය නම් මෙම ලක්‍ෂණයමය. රෝග අඩුබව ආනිසංසයයි.

මරණවධෙනාති “එතං මාරෙථ එතං ඝාතෙථා”ති එවං ආණත‍්තෙන මරණවධෙන. උබ‍්බාධනායාති බන්‍ධනාගාරප‍්පවෙසනෙන.

මරණ වධෙන - මොහු මරව්, මොහු ඝාතනය කරව් යයි මෙසේ අණ කරන්නා මරණ වධයෙන්. උබ්බාධනාය - බන්ධනාගාරයට පමුණුවා.

අභිනීලනෙත‍්තාදිලක‍්ඛණවණ‍්ණනා

න ච විසටන‍්ති කක‍්කටකො විය අක‍්ඛීනි නීහරිත්‍වා න කොධවසෙන පෙක‍්ඛිතා අහොසි. න ච විසාචීති වඞ‍්කක‍්ඛිකොටියා පෙක‍්ඛිතාපි නාහොසි. න ච පන විචෙය්‍ය පෙක‍්ඛිතාති විචෙය්‍ය පෙක‍්ඛිතා නාම යො කුජ‍්ඣිත්‍වා යදා නං පරො ඔලොකෙති, තදා නිම‍්මීලෙති න ඔලොකෙති, පුන ගච‍්ඡන‍්තං කුජ‍්ඣිත්‍වා ඔලොකෙති, එවරූපො නාහොසි. “විනෙය්‍යපෙක‍්ඛිතා”තිපි පාඨො, අයමෙවත්‍ථො. උජුං තථා පසටමුජුමනොති උජුමනො හුත්‍වා උජු පෙක‍්ඛිතා හොති, යථා ච උජුං, තථා පසටං විපුලං විත්‍ථතං පෙක‍්ඛිතා හොති. පියදස‍්සනොති පියායමානෙහි පස‍්සිතබ‍්බො.

කකුළුවකු මෙන් ඇස් එලියට නෙරා ක්‍රෝධ වශයෙන් නොබැලීය. නච විසාඛී - වක් ඇස් කොනින් බැලීමක් නොවීය. නචපන විචෙය්‍ය පෙක්ඛිනා - විචෙය්‍ය බැලීම නම් යමෙක් කිපී අන්‍යයන් බලා ද එවිට ඇස පියවේ. නොපෙනේ. නැවත යන්නේ කිපී බලයි. මෙබන්දක් නොවීය. “විනෙය්‍ය පෙකඛිතා” යනු ද පාඨයි. එම අර්ථයම වේ. උජුං තථාපසට මුදුමනො - සෘජු මනසින් යුක්තව සෘජුව බලන ලද්දේ විය. පියදස්සනො - ප්‍රිය වෙමින් බැලිය යුතු.

ඉධ කම‍්මං නාම දීඝරත‍්තං මහාජනස‍්ස පියචක‍්ඛුනා ඔලොකනකම‍්මං. කම‍්මසරික‍්ඛකං නාම කුජ‍්ඣිත්‍වා ඔලොකෙන‍්තො කාණො විය කාකක‍්ඛි විය හොති, වඞ‍්කක‍්ඛි පන ආවිලක‍්ඛි ච හොතියෙව. පසන‍්නචිත‍්තස‍්ස පන ඔලොකයතො අක‍්ඛීනං පඤ‍්චවණ‍්ණො පසාදො පඤ‍්ඤායති. තථාගතො ච තථා ඔලොකෙසි. අථස‍්ස තං දීඝරත‍්තං පියචක‍්ඛුනා ඔලොකිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ඉමානි නෙත‍්තසම‍්පත‍්තිකරානි ද‍්වෙ මහාපුරිසලක‍්ඛණානි නිබ‍්බත‍්තන‍්ති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. පියදස‍්සනතා ආනිසංසො. අභියොගිනොති ලක‍්ඛණසත්‍ථෙ යුත‍්තා.

මෙහි කර්මය නම් බොහෝ කාලයක් මහජනයා ප්‍රිය ඇසින් බැලීමේ කර්මය. කම්ම සරික්ඛකය නම් කිපී බලන්නේ කණෙකු මෙන් කාක් ඇසක් මෙන් වේ. වක් වූ ඇස වනාහි කැළඹුනේ නො බොරපාට වේ. ප්‍රසන්න වූ සිතේ වනාහි බලන්නේ ඇස් පංච වර්ණ ප්‍රසාදයයි පෙනේ. තථාගතයන් වහන්සේ ද එසේ බැලුහ. බොහෝ කාලයක් ප්‍රිය ඇසින් බැළුබව දෙවියන් සහිත ලෝකයා දැනගනිත්වායි මේ නෙත් සම්පත්වල දෙකේ මහ පුරිස් ලකුණු පහළ විය. ලක්ෂණ මේ ලක්ෂණ දෙකමය. ප්‍රිය දර්ශන බව ආනිසංසයයි. අභියොගිනො - ලක්ෂණ ශාස්ත්‍රයෙන් යුක්ත.

උණ‍්හීසසීසලක‍්ඛණවණ‍්ණනා

බහුජනපුබ‍්බඞ‍්ගමො අහොසීති බහුජනස‍්ස පුබ‍්බඞ‍්ගමො අහොසි ගණජෙට‍්ඨකො. තස‍්ස දිට‍්ඨානුගතිං අඤ‍්ඤෙ ආපජ‍්ජිංසු. ඉධ කම‍්මං නාම පුබ‍්බඞ‍්ගමතා. කම‍්මසරික‍්ඛකං නාම යො පුබ‍්බඞ‍්ගමො හුත්‍වා දානාදීනි කුසලකම‍්මානි කරොති, සො අමඞ‍්කුභූතො සීසං උක‍්ඛිපිත්‍වා පීතිපාමොජ‍්ජෙන පරිපුණ‍්ණසීසො විචරති, මහාපුරිසො ච හොති. තථාගතො ච තථා අකාසි. අථස‍්ස සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ඉදං පුබ‍්බඞ‍්ගමකම‍්මං ජානාතූති උණ‍්හීසසීසලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. මහාජනානුවත‍්තනතා ආනිසංසො.

බහුජන පුබ්බංග මො අහොසි - බොහෝ දෙනාගේ පෙරටුව විය. ගණ දෙටුවෝ ඔවුන්ගේ දෘෂ්ඨානුගතිය අනිකකට පැමිණියහ. මෙහි කර්මය නම් පෙරටුව වූ බවයි. කම්ම පරික්ඛක නම් යමෙක් මුල් වී දානාදි කුසල කර්ම කරයි. හේ මතුනොවී හිස ඔසවා ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් පරිපූර්ණ වූ හිස් ඇත්තේ හැසිරෙයි. මහාපුරිසයෙක් වේ. තථාගතයන් වහන්සේ ද එසේ කළහ. ඉක්බිති දෙවියන් සහිත ලෝකයා මේ කරුණින් මොහුගේ මේ පෙර කර්මය දැනගනිත්වායි උන්හීස සීස ලක්ෂණය පහළ විය. මෙයම ලක්‍ෂණය වේ. මහ පිරිවර ආනිසංසයයි.

බහුජනං හෙස‍්සතීති බහුජනස‍්ස භවිස‍්සති. පටිභොගියාති වෙය්‍යාවච‍්චකරා, එතස‍්ස බහූ වෙය්‍යාවච‍්චකරා භවිස‍්සන‍්තීති අත්‍ථො. අභිහරන‍්ති තදාති දහරකාලෙයෙව තදා එවං බ්‍යාකරොන‍්ති. පටිහාරකන‍්ති වෙය්‍යාවච‍්චකරභාවං. විසවීති චිණ‍්ණවසී.

බහුන්නං හෙස්සති - බොහෝ ජනයාට වන්නේය. පටිභොගියා - වතාවත් කරන්නෝ. මොහුට බොහෝ වතාවත් කරන්නෝ වන්නාහ යන අර්ථයයි. අබිහරන්ති තදා - ළදරු කාලයේම එකල්හි මෙසේ ප්‍රකාශ කරති. පාටිහාරකං - වතාවත් කරන බව.

එකෙකලොමතාදිලක‍්ඛණවණ‍්ණනා

උපවත‍්තතීති අජ‍්ඣාසයං අනුවත‍්තති, ඉධ කම‍්මං නාම දීඝරත‍්තං සච‍්චකථනං. කම‍්මසරික‍්ඛකං නාම දීඝරත‍්තං අද‍්වෙජ‍්ඣකථාය පරිසුද‍්ධකථාය කථිතභාවමස‍්ස සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති එකෙකලොමලක‍්ඛණඤ‍්ච උණ‍්ණාලක‍්ඛණඤ‍්ච නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. මහාජනස‍්ස අජ‍්ඣාසයානුකූලෙන අනුවත‍්තනතා ආනිසංසො. එකෙකලොමූපචිතඞ‍්ගවාති එකෙකෙහි ලොමෙහි උපචිතසරීරො.

උපවත්තනි - අදහසට අනුව පවතී. මෙහි කර්මය නම් බොහෝ කාලයක් සත්‍ය කීම. කම්ම සරික්ඛකය - නම් බොහෝ කාලයක් දෙයාකාරයක් නැති කථාව. අදෙවජඣ කථා වේ. පිරිසිදු කථාය. එසේ කී බවට ලක්ෂණ ඌර්ණ රෝම ලක්‍ෂණය ද පහළ විය. මහජනයාගේ අදහස් අනුව පැවතීම ආනිසංසයයි. එකෙක ලොමුපචිතං ගතං - එක එක ලොමින් යුත් සිරුර.

චත‍්තාලීසාදිලක‍්ඛණවණ‍්ණනා

අභෙජ‍්ජපරිසොති අභින්‍දිතබ‍්බපරිසො. ඉධ කම‍්මං නාම දීඝරත‍්තං අපිසුණවාචාය කථනං. කම‍්මසරික‍්ඛකං නාම පිසුණවාචස‍්ස කිර සමග‍්ගභාවං භින්‍දනතො දන‍්තා අපරිපුණ‍්ණා චෙව හොන‍්ති විරළා ච. තථාගතස‍්ස පන දීඝරත‍්තං අපිසුණවාචතං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති ඉදං ලක‍්ඛණද‍්වයං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. අභෙජ‍්ජපරිසතා ආනිසංසො. චතුරො දසාති චත‍්තාරො දස චත‍්තාලීසං.

අභෙජ්ජ පරිසො - නොබිඳිය හැකි පිරිස. මෙහි කර්මය නම් බොහෝ කාලයක් පිසුණු වචන නොකීමේ කථා. කම්ම සරික්ඛකය නම් පිසුණු වචනය වනාහි සමගිබව බිඳීමෙන් දත් සම්පූර්ණ නොවේ. විරලද වේ. තථාගතයන්ගේ වනාහි බොහෝ කලක් අපිසුණ වචන බව දෙවියන් සහිත ලෝකයා දැන ගනිත්වායි මේ ලක්ෂණ දෙක පහළවිය. ලක්ෂණය මෙයමය. ආනිසංසය නොබිඳිගති පිරිස් ඇති බවය.

පහූතජිව‍්හාදිලක‍්ඛණවණ‍්ණනා

ආදෙය්‍යවාචො හොතීති ගහෙතබ‍්බවචනො හොති. ඉධ කම‍්මං නාම දීඝරත‍්තං අඵරුසවාදිතා. කම‍්මසරික‍්ඛකං නාම යෙ ඵරුසවාචා හොන‍්ති, තෙ ඉමිනා කාරණෙන නෙසං ජිව‍්හං පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා ඵරුසවාචාය කථිතභාවං ජනො ජානාතූති බද‍්ධජිව‍්හා වා හොන‍්ති, ගූළ‍්හජිව‍්හා වා ද‍්විජිව‍්හා වා මම‍්මනා වා. යෙ පන ජිව‍්හං පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා ඵරුසවාචං න වදන‍්ති, තෙ බද‍්ධජිව‍්හා ගූළ‍්හජිව‍්හා ද‍්විජිව‍්හා න හොන‍්ති. මුදු නෙසං ජිව‍්හා හොති රත‍්තකම‍්බලවණ‍්ණා. තස‍්මා තථාගතස‍්ස දීඝරත‍්තං ජිව‍්හං පරිවත‍්තෙත්‍වා ඵරුසාය වාචාය අකථිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති පහූතජිව‍්හාලක‍්ඛණං නිබ‍්බත‍්තති. ඵරුසවාචං කථෙන‍්තානඤ‍්ච සද‍්දො භිජ‍්ජති. තෙ සද‍්දභෙදං කත්‍වා ඵරුසවාචාය කථිතභාවං ජනො ජානාතූති ඡින‍්නස‍්සරා වා හොන‍්ති භින‍්නස‍්සරා වා කාකස‍්සරා වා. යෙ පන සරභෙදකරං ඵරුසවාචං න කථෙන‍්ති, තෙසං සද‍්දො මධුරො ච හොති පෙමනීයො. තස‍්මා තථාගතස‍්ස දීඝරත‍්තං සරභෙදකරාය ඵරුසවාචාය අකථිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති බ්‍රහ‍්මස‍්සරලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. ආදෙය්‍යවචනතා ආනිසංසො.

ආදෙය්‍ය වාචො හොති - ගතයුතු වචන වේ. මෙහි කර්මය නම් බොහෝ කාලයක් ප්‍රියවචන කථා කිරීමය. (අඵරුසාවාචා) කම්ම සරික්ඛක නම්, ඵරුස වචන කථා කිරීමය. මේ කරුණින් ඔවුන් දිවවල් ඵරුස වචන කථා කිරිම ජනයා දැන ගනිත්වායි බැඳුණු දිව් ඇත්තේ හෝ සැඟවුණු දිව් ඇත්තේ හෝ වේ. තථාගතයන්ගේ ප්‍රිය වචන කී බව, සදේව ලෝකයා දැනගනිත්වා. පහුත ජිවහා (පළල් දිව) ලක්‍ෂණය පහල විය. ඵරුෂ වචන කියන්නන්ගේ ශබ්දය බිඳෙයි. ඔව්හු ශබ්ද භේදය කොට පරුෂ වචන කී බව ජනයා දැන ගනිත්වයි සිඳුණු හඩ ඇත්තේ වේ. බිඳුණු ස්වර කාක් හඬ හෝ වේ. ස්වර භේදකර පරුෂ වචන නොකියන්නේ ඔවුන්ගේ ශබ්දය මිහිරි ද ප්‍රේමණීය ද වේ. එහෙයින් තථාගතයන්ගේ බොහෝ කලක් ශබ්ද මිහිරි ද ප්‍රේමණිය ද වේ. එහෙයින් තථාගතයන්ගේ බොහෝ කලක් ශබ්ද භේදකර ඵරුෂ වචන නොකී බව දෙවියන් සහිත ලෝකයා දැන ගනිත්වායි බ්‍රහ්ම සසර ලක්‍ෂණය පහළ විය. ලක්‍ෂණය මේ ලක්‍ෂණ දෙකමය. ගත යුතු වචන ඇති බව ආනිසංසයයි.

උබ‍්බාධිකන‍්ති අක‍්කොසයුත‍්තත‍්තා ආබාධකරිං බහුජනප‍්පමද‍්දනන‍්ති බහුජනානං පමද‍්දනිං අබාළ‍්හං ගිරං සො න භණි ඵරුසන‍්ති එත්‍ථ අකාරො පරතො භණිසද‍්දෙන යොජෙතබ‍්බො. බාළ‍්හන‍්ති බලවං අතිඵරුසං. බාළ‍්හං ගිරං සො න අභණීති අයමෙත්‍ථ අත්‍ථො. සුසංහිතන‍්ති සුට‍්ඨු පෙමසඤ‍්හිතං. සඛිලන‍්ති මුදුකං. වාචාති වාචායො. කණ‍්ණසුඛාති කණ‍්ණසුඛායො. “කණ‍්ණසුඛ”න‍්තිපි පාඨො, යථා කණ‍්ණානං සුඛං හොති, එවං එරයතීති අත්‍ථො. වෙදයථාති වෙදයිත්‍ථ. බ්‍රහ‍්මස‍්සරත‍්තන‍්ති බ්‍රහ‍්මස‍්සරතං. බහුනො බහුන‍්ති බහුජනස‍්ස බහුං. “බහූනං බහුන‍්ති”පි පාඨො, බහුජනානං බහුන‍්ති අත්‍ථො.

උබ්බාධිකං - ආක්‍රෝස යුත්ත බැවින් ආබාධ කරයි. බහුජනපමද්දනං - බොහෝ දෙනාගේ ප්‍රමාදය. අඛාළහං ගිරං සො න භණි ඵරුසං - බලවත් අති එරුෂ. බාළහං ගිරං සො අභණී - අතිඵරුෂ වචන හෝ කථා නොකෙළේය යනු මෙහි අර්ථයයි. සුසඤ්ඤිතං - යහපත් ප්‍රේමය සහිත. සඛිලං - මෘදු වාචා - වචන කණ්ණ සුඛා - කනට ප්‍රිය. වෙදයථා - දැන ගත්තේය. බ්‍රහ්මස්සරත්තං - බ්‍රහ්මස්සර බව. බහුනො බහුං - බොහෝ ජනයාගේ බොහෝ බහුතං බහුං යනු ද පාඨයි. බොහෝ ජනයාගේ බොහෝ වෙති යන අර්ථයයි.

සීහහනුලක‍්ඛණවණ‍්ණනා

අප‍්පධංසිකො හොතීති ගුණතො වා ඨානතො වා පධංසෙතුං චාවෙතුං අසක‍්කුණෙය්‍යො. ඉධ කම‍්මං නාම පලාපකථාය අකථනං. කම‍්මසරික‍්ඛකං නාම යෙ තං කථෙන‍්ති, තෙ ඉමිනා කාරණෙන නෙසං හනුකං චාලෙත්‍වා චාලෙත්‍වා පලාපකථාය කථිතභාවං ජනො ජානාතූති අන‍්තොපවිට‍්ඨහනුකා වා වඞ‍්කහනුකා වා පබ‍්භාරහනුකා වා හොන‍්ති. තථාගතො පන තථා න කථෙසි. තෙනස‍්ස හනුකං චාලෙත්‍වා චාලෙත්‍වා දීඝරත‍්තං පලාපකථාය අකථිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති සීහහනුලක‍්ඛණං නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණං. අප‍්පධංසිකතා ආනිසංසො.

ගුණ වශයෙන් හෝ සමාන වශයෙන් හෝ නැසීමට කීමට නොහැකි වන්නේය. මෙහි කර්මය නම් ප්‍රලාප කථා නොකීමය. කම්ම සරික්ඛ නම් යමෙක් ප්‍රලාප කියන්නේ ද ඔව්හු මේ කරුණින් ජනයා දනිත්වායි ඇතුළට පිවිසි හනු හෝ ඇද හනු හෝ නැමුණු හනු හෝ වේ. තථාගතයන් වනාහි එබඳු කථා නොකීහ. එහෙයින් උන්වහන්සේගේ හනු සොලවා ප්‍රලාප කථා නොකී බව දෙවියන් සහිත ලෝකයා දැන ගනිත්වායි සීහහනු ලක්ෂණය පහළ විය. ලක්‍ෂණය මෙයම වේ. විනාශ කළ නොහැකි බව ආනිසංසයයි.

අවිකිණ‍්ණවචනබ්‍යප‍්පථො චාති අවිකිණ‍්ණවචනානං විය පුරිමබොධිසත‍්තානං වචනපථො අස‍්සාති අවිකිණ‍්ණවචනබ්‍යප‍්පථො. ද‍්විදුගමවරතරහනුත‍්තමලත්‍ථාති ද‍්වීහි ද‍්වීහි ගච‍්ඡතීති ද‍්විදුගමො, ද‍්වීහි ද‍්වීහීති චතූහි, චතුප‍්පදානං වරතරස‍්ස සීහස‍්සෙව හනුභාවං අලත්‍ථාති අත්‍ථො. මනුජාධිපතීති මනුජානං අධිපති. තථත‍්තොති තථසභාවො.

අචිකණ්ණ වචන ව්‍යප්පථො ච - නො විසිරුණු වචන මෙන් පෙර බෝසත්වරුන්ගේ වචන මෙන් නිෂ්පල නොවන වචන. ද්විදුගම වරතර හනුත්ථාමලත්ථා - දෙදෙනා යන ද්විදුගම - වේ. දෙකෙන් දෙක සතරය. සතර පා ඇත්තන්ට උතුම් වූ සිංහයාගේ හනුබව ලැබුවා යන අර්ථයයි. මනුජාධිපති - මිනිසුන්ගේ අධිපති. තථාත්ථො - එබඳු ස්වභාවය.

සමදන‍්තාදිලක‍්ඛණවණ‍්ණනා

සුචිපරිවාරොති පරිසුද‍්ධපරිවාරො. ඉධ කම‍්මං නාම සම‍්මාජීවතා. කම‍්මසරික‍්ඛකං නාම යො විසමෙන සංකිලිට‍්ඨාජීවෙන ජීවිතං කප‍්පෙති, තස‍්ස දන‍්තාපි විසමා හොන‍්ති දාඨාපි කිලිට‍්ඨා. තථාගතස‍්ස පන සමෙන සුද‍්ධාජීවෙන ජීවිතං කප‍්පිතභාවං සදෙවකො ලොකො ඉමිනා කාරණෙන ජානාතූති සමදන‍්තලක‍්ඛණඤ‍්ච සුසුක‍්කදාඨාලක‍්ඛණඤ‍්ච නිබ‍්බත‍්තති. ලක‍්ඛණං නාම ඉදමෙව ලක‍්ඛණද‍්වයං. සුචිපරිවාරතා ආනිසංසො.

සුචිපරිවාරො - පිරිසිදු පිරිවර. මෙහි කර්මය නම් යහපත් ජීවිතයයි. කම්මසරික්ඛය නම් යමෙක් විෂමව කිලිටි ජීවිකාවෙන් දිවි ගෙවයි නම් ඔහුගේ දත් ද විෂමය. කිලිටිය. තථාගතයන් වහන්සේ වනාහි දැහැමිව පිරිසිදු ජීවිකාවෙන් දිවි ගෙන ගිය බව දෙවියන් සහිත ලෝකයා, මේ කාරණයෙන් දනිත්වායි සමදත් ලක්ෂණය ද සුදු දළඳා ලක්‍ෂණය ද පහළ විය. ලක්ෂණය නම් මේ ලක්ෂණ දෙකමය. පිරිසිදු පිරිවර ඇති බව ආනිසංසයයි.

අවස‍්සජීති පහාසි තිදිවපුරවරසමොති තිදිවපුරවරෙන සක‍්කෙන සමො. ලපනජන‍්ති මුඛජං, දන‍්තන‍්ති අත්‍ථො. දිජසමසුක‍්කසුචිසොභනදන‍්තොති ද‍්වෙ වාරෙ ජාතත‍්තා දිජනාමකා සුක‍්කා සුචි සොභනා ච දන‍්තා අස‍්සාති දිජසමසුක‍්කසුචිසොභනදන‍්තො. න ච ජනපදතුදනන‍්ති යො තස‍්ස චක‍්කවාළපරිච‍්ඡින‍්නො ජනපදො, තස‍්ස අඤ‍්ඤෙන තුදනං පීළා වා ආබාධො වා නත්‍ථි. හිතමපි ච බහුජන සුඛඤ‍්ච චරන‍්තීති බහුජනා සමානසුඛදුක‍්ඛා හුත්‍වා තස‍්මිං ජනපදෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හිතඤ‍්චෙව සුඛඤ‍්ච චරන‍්ති. විපාපොති විගතපාපො. විගතදරථකිලමථොති විගතකායිකදරථකිලමථො. මලඛිලකලිකිලෙසෙ පනුදෙහීති රාගාදිමලානඤ‍්චෙව රාගාදිඛිලානඤ‍්ච දොසකලීනඤ‍්ච සබ‍්බකිලෙසානඤ‍්ච අපනුදෙහි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අවස්සජි - අත් හළේය. තිදිවපුරවරසමො - ත්‍රිදශපුරයෙහි ශක්‍රයාට සමානව. ලපනජං - මුවින් උපන්. දන්තන්ති - අර්ථය ද්විජසමසුක්කසුචිසොභන දන්තො - දෙවරකදී උපන් බැවින් ද්විජ නම් ඇත්තේ. සුදු පිරිසිදු සෝභන හෝ දත් උන්වහන්සේට යයි ද්විජසම සුක්ක සුචි සොභන දන්තො වේ. නච ජනපදතුදනං - යමෙකුට සක්වල කෙළවර කොට ජනපද ඇත්තේ ඔහුට අනිකෙක් විදීම පෙළීම හෝ ආබාධයක් හෝ නැත. හිතමපිචබහුජන සුඛං වරං බහුජනයා සමාන සුඛ දුක්ඛ (සමාන සැප දුක් ඇතිව) ව හැසිරෙති. විපාපො - පහවූ පාප ඇති. විගත දරථකිලමථො - පහ වු කායික කරදර අපහසුකම් ඇති. රාගාදි කෙලශයන්ගේ ද දෝස කිලිටි ද සියළු කෙලෙසුන් ද දුරුවෙයි. සෙසු සියල්ල කියන ලද අර්ථ ඇත්තේ වේ.

සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය ලක‍්ඛණසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ලක්ඛණ සූත්‍ර වර්ණනාව නිමි.