යෙදුමෙන් කියවන්න

49. පංසුකූලවග‍්ගො අට‍්ඨකථා

49. පංසුකූලවග‍්ගො

49. පංසුකූල වර්‍ගය

පංසුකූලසඤ‍්ඤකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

එකූනපඤ‍්ඤාසමවග‍්ගෙ පඨමාපදානං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

සතළිස් නවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය පහසුවෙන් දතහැක්කේ ම ය.

දුතියාපදානෙ අධිච‍්චුප‍්පත‍්තිකා බුද‍්ධාති අධිච‍්චෙන අකාරණෙන උප‍්පත‍්තිකා සයම‍්භූතා, අඤ‍්ඤෙහි දෙවබ්‍රහ‍්මමාරාදීහි උපදෙසදායකෙහි රහිතා සයම‍්භූඤාණෙන උප‍්පන‍්නා ජාතා පාතුභූතාති අත්‍ථො.

දෙවැනි අපදානයෙහි අධිච්චුප්පත්තිතා බුද්ධා යනු අධිච්චෙන කරුණක් නැතිව උප්පත්තිකා තෙමේම හටගත්. අනිකුත් දේව බ්‍රහ්ම මාරාදී උපදේශ දෙන්නවුන් රහිතව ස්වයංභූ ඥානයෙන් උප්පන්නා උපන් පහළවූ යන අර්ථයි.

ඔදුම‍්බරිකපුප‍්ඵං වාති උදුම‍්බරරුක‍්ඛෙ පුප‍්ඵං දුල‍්ලභං දුල‍්ලභුප‍්පත‍්තිකං ඉව. චන්‍දම‍්හි සසකං යථාති චන්‍දමණ‍්ඩලෙ සසලෙඛාය රූපං දුල‍්ලභං යථා. වායසානං යථා ඛීරන‍්ති කාකානං නිච‍්චං රත‍්තින්‍දිවං ඛුද‍්දාපීළිතභාවෙන ඛීරං දුල‍්ලභං යථා, එවං දුල‍්ලභං ලොකනායකං චතුරාසඞ‍්ඛ්‍යෙය්‍යං වා අට‍්ඨාසඞ‍්ඛ්‍යෙය්‍යං වා සොළසාසඞ‍්ඛ්‍යෙය්‍යං වා කප‍්පසතසහස‍්සං පාරමියො පූරෙත්‍වා බුද‍්ධභාවතො දුල‍්ලභො ලොකනායකොති අත්‍ථො.

ඔදුම්බරික පුප්ඵංව යනු උදුම්බර රුකෙහි මල් දුර්ලභය. දුර්ලභ උත්පත්තියක් මෙන්. චන්‍දම්හි සසකංයථා චන්ද්‍ර මණ්ඩලයෙහි සස රේඛාව හා සමාන වූවක් දුර්ලභය. වායසානං යථා ඛීරං යනු කපුටුවන්ට නිතර රෑදවල් බඩසයින් පෙළෙන බැවින් කිරි දුර්ලභ වන්නා සේ. මෙසේ ලෝකනායකයෙක් දුර්ලභය. අසංඛ්‍ය සතරක් හෝ අසංඛ්‍ය අටක් හෝ අසංඛ්‍ය සොළොසක් හෝ කල්ප සියදහසක් පාරමී පුරා ලද බැවින් දුර්ලභ වූ ලෝකනායකයන් වහන්සේ යන අර්ථයි.

තතියාපදානෙ මධුං භිසෙහි සවතීති පොක‍්ඛරමධුපදුමකෙසරෙහි සවති පග‍්ඝරති. ඛීරං සප‍්පිං මුළාලිභීති ඛීරඤ‍්ච සප‍්පිරසඤ‍්ච පදුමමුළාලෙහි සවති පග‍්ඝරති. තස‍්මා තදුභයං මම සන‍්තකං බුද‍්ධො පටිග‍්ගණ‍්හතූති අත්‍ථො.

තෙවැනි අපදානයෙහි මධුං භිසෙහි සවති යනු පොකුරුමී නෙළුම් කෙසුරින් සංති යනු වැගිරේ. ඛිරං සප්පි මුලාළීහි යනු කිරි ද ගිතෙල් වෙඬරු ද නෙළුම් අලයෙන් සවති වැගිරෙයි. එහෙයින් මා සතු ඒ දෙකම බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වායි යන අර්ථයි.

චතුත්‍ථපඤ‍්චමඡට‍්ඨාපදානානි උත‍්තානානෙව.

සිව්වැනි පස්වැනි සවැනි අපදාන නොගැඹුරුමය.

සත‍්තමාපදානෙ චත‍්තාලීසදිජාපි චාති ද‍්වික‍්ඛත‍්තුං ජාතාති දිජා. කුමාරවයෙ උට‍්ඨිතදන‍්තානං පතිතත‍්තා පුන උට‍්ඨිතදන‍්තා දිජා, තෙ ච දන‍්තා. බ්‍යාකරණඤ‍්ච හෙට‍්ඨා නිදානකථායං වුත‍්තමෙව.

සත්වැනි අපදානයෙහි චත්තාළීස ද්විජාපිච යනු දෙවරක් උපන්නේනුයි ද්විජ. කුමාර වයසෙහි නැගුණු දත් වැටුණු බැවින් නැවත නැගුණු දත් ද්විජ නමි. විවරණය ද යට නිදාන කථාවෙහි කියන ලද අර්ථ ඇත්තේමය.

අට‍්ඨමාපදානං උත‍්තානමෙවාති.

අටවැනි අපදානය නොගැඹුරුමය.

නවමාපදානෙ තදාහං මාණවො ආසින‍්ති යදා සුමෙධපණ‍්ඩිතො දීපඞ‍්කරභගවතො සන‍්තිකා බ්‍යාකරණං ලභි, තදා අහං මෙඝො නාම බ්‍රාහ‍්මණමාණවො හුත්‍වා සුමෙධතාපසෙන සහ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා සික‍්ඛාපදෙසු සික‍්ඛිතො කෙනචි පාපසහායෙන සංසට‍්ඨො සංසග‍්ගදොසෙන පාපවිතක‍්කාදිවසං ගතො මාතුඝාතකම‍්මවසෙන නරකෙ අග‍්ගිජාලාදිදුක‍්ඛමනුභවිත්‍වා තතො චුතො සමුද‍්දෙ තිමිඞ‍්ගලමහාමච‍්ඡො හුත්‍වා නිබ‍්බත‍්තො, සමුද‍්දමජ‍්ඣෙ ගච‍්ඡන‍්තං මහානාවං ගිලිතුකාමො ගතො. දිස‍්වා මං වාණිජා භීතා “අහො ගොතමො භගවා”ති සද‍්දමකංසු. අථ මහාමච‍්ඡො පුබ‍්බවාසනාවසෙන බුද‍්ධගාරවං උප‍්පාදෙත්‍වා තතො චුතො සාවත්‍ථියං විභවසම‍්පන‍්නෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සද‍්ධො පසන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිත්‍වා දිවසස‍්ස තික‍්ඛත‍්තුං උපට‍්ඨානං ගන‍්ත්‍වා සරමානො වන්‍දති. තදා භගවා “චිරං ධම‍්මරුචී”ති මං ආහ.

නවවැනි අපදානයෙහි තදාහං මාණවො ආසිං යනු යම්කලෙක සුමෙධ පණ්ඩිත තෙමේ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් විවරණ ලැබීද එකල්හි මම මේඝ නම් බ්‍රාහ්මණ මාණවකයෙක්ව සුමෙධ තවුසා සෘෂි පැවිද්දෙන් පැවිදිව ශික්‍ෂාපදයන්හි මැනවින් හික්මුණේ කිසියම් පාපමිත්‍රයකු සමග එක්වූයේ එක්වීම් දෝෂයෙන් පාපවිතර්කයන්ගේ වසඟයට ගියේ මව මැරීමේ කර්මය නිසා නිරයෙහි ගිනිදැල් ආදී දුක් අනුභවකොට එයින් චුතවූයේ සමුද්‍රයෙහි තිමිංගල මහා මත්ස්‍යයෙක්ව උපන්නේ මුහුද මැද ගමන්කරන මහා නැවක් ගිලිනු කැමැත්තෙන් ගියේ මාදැක වෙළෙන්දෝ බියට පත්වූවෝ ‘අනේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ’ යැයි ශබ්දයක් කළහ. ඉක්බිති මහා මත්ස්‍යයා පූර්ව වාසනා බලයෙන් බුද්ධ ගෞරවය උපදවාගෙන එයින් චුතවූයේ සැවැත්නුවර විභව සම්පත් ඇති බමුණු කුලයෙක ඉපිද සැදැහැත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැවිදිව පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ දවසට තෙවරක් උපස්ථානයට ගොස් සිහිකරමින් වඳියි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘චිරං ධම්මරුචීති’ යනාදිය කී සේක.

අථ සො ථෙරො “සුචිරං සතපුඤ‍්ඤලක‍්ඛණ”න‍්තිආදීහි ගාථාහි ථොමෙසි. භන‍්තෙ, සතපුඤ‍්ඤලක‍්ඛණධර ගොතම. පතිපුබ‍්බෙන විසුද‍්ධපච‍්චයන‍්ති පුබ‍්බෙ දීපඞ‍්කරපාදමූලෙ පරිපුණ‍්ණපාරමීපච‍්චයසම‍්භාරො සුට‍්ඨු චිරං කාලං මයා න දිට‍්ඨො අසීති අත්‍ථො. අහමජ‍්ජසුපෙක‍්ඛනන‍්ති අජ‍්ජ ඉමස‍්මිං දිවසෙ අහං සුපෙක‍්ඛනං සුන්‍දරදස‍්සනං, සුන්‍දරදිට‍්ඨං වා නිරුපමං විග‍්ගහං උපමාරහිතසරීරං ගොතමං වත එකන‍්තෙන පස‍්සාමි දක‍්ඛාමීති අත්‍ථො.

ඉක්බිති ඒ තෙරුන් වහන්සේ ‘සුචිරං සත පුඤ්ඤ ලක්ඛණං’ ආදී ගාථාවන්ගෙන් ස්තුති කරති. ස්වාමීනි, සියයක් පුණ්‍ය ලක්‍ෂණ දරන්නා වූ ගෞතමයන් වහන්ස, පතිපුබ්බෙන විසුද්ධපච්චයං යන පෙර දීපංකර පාදමූලයෙහි පිරිපුන් පාරමී ප්‍රත්‍ය සම්භාර ඇත්තේ දිගුකලකින් මා විසින් නොදක්නා ලද්දෙහි යන අර්ථයි. අහමජ්ජ සුපෙක්ඛනං යනු අද මේ දවසෙහි මම සුපෙක්ඛානං සොඳුරු දසුනක්, සුන්දර දෘෂ්ටියක් හෝ නිරූපමග්ගහං උපමා රහිත ශරීරයක් ඇති ගෞතමයන් වහන්සේ වත ඒකාන්තයෙන් පස්සාමි දකිමි යන අර්ථයි.

සුචිරං විහතතමො මයාති විසෙසෙන හතතමො විද‍්ධංසිතමොහො ත්‍වං මයාපි සුට‍්ඨු චිරං ථොමිතොති අත්‍ථො. සුචිරක‍්ඛෙන නදී විසොසිතාති එසා තණ‍්හානදී සුන්‍දරරක‍්ඛෙන ගොපනෙන විසෙසෙන සොසිතා, අභබ‍්බුප‍්පත‍්තිකතා තයාති අත්‍ථො. සුචිරං අමලං විසොධිතන‍්ති සුට‍්ඨු චිරං දීඝෙන අද‍්ධුනා අමලං නිබ‍්බානං විසෙසෙන සොධිතං, සුට‍්ඨු කතං අධිගතං තයාති අත්‍ථො. නයනං ඤාණමයං මහාමුනෙ. චිරකාලසමඞ‍්ගිතොති මහාමුනෙ මහාසමණ ඤාණමයං නයනං දිබ‍්බචක‍්ඛුං චිරකාලං සමධිගතො සම‍්පත‍්තො ත්‍වන‍්ති අත්‍ථො. අවිනට‍්ඨො පුනරන‍්තරන‍්ති අහං පුන අන‍්තරං අන‍්තරාභවෙ මජ‍්ඣෙ පරිනට‍්ඨො පරිහීනො අහොසින‍්ති අත්‍ථො. පුනරජ‍්ජසමාගතො තයාති අජ‍්ජ ඉමස‍්මිං කාලෙ තයා සද‍්ධිං පුනපි සමාගතො එකීභූතො සහ වසාමීති අත්‍ථො. න හි නස‍්සන‍්ති කතානි ගොතමාති ගොතම සබ‍්බඤ‍්ඤුබුද‍්ධ, තයා සද‍්ධිං කතානි සමාගමාදීනි න හි නස‍්සන‍්ති යාව ඛන්‍ධපරිනිබ‍්බානා න විනා භවිස‍්සන‍්තීති අත්‍ථො. සෙසං උත‍්තානමෙවාති.

සුචිරං විහතතමො තයා යනු විශේෂයෙන් හතතමො විධ්වංසනය කරන ලද මෝහ ඇත්තේ, ඔබවහන්සේ මා විසින්ද බොහෝ කලකින් ස්තුති කරන ලද්දේ වෙහි යන අර්ථයි. සුචිරක්ඛෙන නදී විසොහිතා යනු මේ තෘෂ්ණා නමැති නදිය සුරක්ඛෙන රැකීම් වශයෙන් සොහිතා ඔබ විසින් අලංකාර කරන ලද්දේය යන අර්ථයි. සුචිරං අමිලං විසොධිතං යනු සුට්ඨුචිරං දිගුකලකින් නිර්මල වූ නිර්වාණය විශේෂයෙන් සොධිතං මනාසේ අවබෝධ කරන ලදී යන අර්ථයි. නයනං ඤාණමයං මහාමුනෙ චිරකාලං සමධිගතො යනු මහාමුනෙ මහා ශ්‍රමණයන් වහන්ස, ඥානමය වූ දිවැස ඔබවහන්සේ සමධිගතො ලබා බොහෝ කලෙකි යන අර්ථයි. තයා න විනට්ඨො පුනරන්තරං යනු මම නැවත අතරමැද ඔබ විසින් පරිනට්ඨො අන්ධ කරන ලද්දේ නොවීම් යන අර්ථයි. පුනරජ්ජ සමාගතො තයා යනු අද මෙකල්හි ඔබ සමග නැවතත් සමාගතො එක්වූයේ ඔබ සමග වසමි යන අර්ථයි. මාහි නස්සති කතානි ගොතම යනු ගොතම සර්වඥ වූ බුදුරජාණන් වහන්ස, ඔබ සමග කරන ලද එක්වීම් ආදිය නහි නස්සති පරිනිර්වාණය තෙක් වෙනස් නො වන්නේ ය යන අර්ථයි. සෙස්ස නො ගැඹුරුම ය. සෙස්ස නො ගැඹුරුම ය.

ධම‍්මරුචියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ධම්මරුචි තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

දසමාපදානං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

දසවැනි අපදානය පහසුවෙන් දත හැක්කේමය.

එකූනපඤ‍්ඤාසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

සතළිස් නවවැනි වර්ග වර්ණනාවයි.