යෙදුමෙන් කියවන්න

43-48. සකිංසම‍්මජ‍්ජකාදිවග‍්ගො අට‍්ඨකථා

43-48. සකිංසම‍්මජ‍්ජකාදිවග‍්ගො

43-48. සකිංසම්මජ්ජක ආදී වර්‍ග

සකිංසම‍්මජ‍්ජකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

තෙචත‍්තාලීසමවග‍්ගෙ සබ‍්බථෙරාපදානානි උත‍්තානානෙව. කෙවලං ථෙරානං නාමනානත‍්තං පුඤ‍්ඤනානත‍්තඤ‍්ච විසෙසො.

සතළිස් තුන්වැනි වර්ගයෙහි සියලු තෙරුන් වහන්සේලාගේ අපදාන නොගැඹුරුම ය. හුදෙක් තෙරවරුන්ගේ නම්වල වෙනසත් පින්පල වෙනසත් විශේෂය.

චතුචත‍්තාලීසමෙ වග‍්ගෙපි සබ‍්බානි අපදානානි පාකටානෙව. කෙවලං පුඤ‍්ඤනානත‍්තං ඵලනානත‍්තඤ‍්ච විසෙසො.

සතළිස් සතරවැනි වර්ගයෙහිද සියලු අපදාන ප්‍රකට ම ය. හුදෙක් පින්වල වෙනසත් ඵලයන්ගේ වෙනසත් විශේෂය.

පඤ‍්චචත‍්තාලීසමවග‍්ගෙ පඨමාපදානෙ කකුසන්‍ධො මහාවීරොතිආදිකං ආයස‍්මතො විභීටකමිඤ‍්ජියත්‍ථෙරස‍්ස අපදානං.

සතළිස් පස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි කකුසන්‍ධො මහාවීරො යනාදි වශයෙන් ආයුෂ්මත් විභීටකමිඤ්ජිය තෙරුන් වහන්සේගේ අපදානයයි.

තත්‍ථ බීජමිඤ‍්ජමදාසහන‍්ති විභීටකඵලානි ඵාලෙත්‍වා බීජානි මිඤ‍්ජානි ගහෙත්‍වා මධුසක‍්කරාහි යොජෙත්‍වා කකුසන්‍ධස‍්ස භගවතො අදාසින‍්ති අත්‍ථො. දුතියාපදානාදීනි සබ‍්බානි සුවිඤ‍්ඤෙය්‍යානෙව, ථෙරානං නාමනානත‍්තාදීනිපි පාඨානුසාරෙන වෙදිතබ‍්බානි.

එහි වීජමිඤ්ජමදාසහං යනු බුළුගෙඩි පළා බීජානි මද ගෙන මීපැණි හකුරු සමග යොදා කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේට දුනිමි යන අර්ථයි. දෙවැනි අපදාන ආදී සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය. තෙරවරුන්ගේ නාමයන්ගේ වෙනස්කම් ආදියද පෙළ අනුසරින් දතයුතුය.

ඡචත‍්තාලීසමෙ වග‍්ගෙ පඨමාපදානෙ ජගතිං කාරයිං අහන‍්ති උත‍්තමබොධිරුක‍්ඛස‍්ස සමන‍්තතො ආළින්‍දං අහං කාරයින‍්ති අත්‍ථො. සෙසානි දුතියාපදානාදීනි සබ‍්බානිපි උත‍්තානානෙව.

සතළිස් සයවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ජගතිං කාරයිං අහං යනු උතුම් බෝරුක වටා ආලින්දයක් මම කරවීමි යන අර්ථයි. සෙසු දෙවැනි අපදාන ආදී සියල්ල නොගැඹුරු ම ය.

සත‍්තචත‍්තාලීසමෙ වග‍්ගෙ පඨමාපදානාදීනි පාළිඅනුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යානෙව.

සතළිස් සත්වැනි වර්ගයෙහි පළමුවැනි අපදාන ආදිය පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේ ම ය.

අට‍්ඨචත‍්තාලීසමෙ වග‍්ගෙ පඨමදුතියාපදානානි උත‍්තානානෙව.

සතළිස් අටවැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි අපදාන නොගැඹුරුමය.

තතියාපදානෙ කොසියො නාම භගවාති කොසියගොත‍්තෙ ජාතත‍්තා කොසියො නාම පච‍්චෙකබුද‍්ධොති අත්‍ථො. චිත‍්තකූටෙති චිත‍්තකූටකෙලාසකූටසානුකූටාදීසු අනොතත‍්තදහං පටිච‍්ඡාදෙත්‍වා ඨිතපබ‍්බතකූටෙසු නානාරතනඔසධාදීහි විචිත‍්තෙ චිත‍්තකූටපබ‍්බතෙ සො පච‍්චෙකබුද‍්ධො වසීති අත්‍ථො.

තෙවැනි අපදානයෙහි කොසියො නාම භගවා යනු කෝසිය ගෝත්‍රයෙහි උපන් බැවින් කොසිය නම් පසේබුදුරජාණන් වහන්සේ යන අර්ථයි. චිත්තකූටෙ යනු චිත්‍රකූට කෛලාශකූට සානුකූට ආදී අනෝතත්ත විල වටකොට සිටි පර්වත කූටවල නොයෙක් රත්න ඖෂධ ආදියෙන් විචිත්‍ර වූ චිත්‍රකූට පර්වතයෙහි ඒ පසේ බුදුරජාණන් වහන්සේ වසන සේක යන අර්ථයි.

චතුත්‍ථපඤ‍්චමාපදානානි උත‍්තානානෙව.

සිව්වැනි පස්වැනි අපදාන නොගැඹුරුමය.

ඡට‍්ඨාපදානෙ කුසට‍්ඨකමදාසහන‍්ති පක‍්ඛිකභත‍්තඋපොසථිකභත‍්තධුරභත‍්තසලාකභත‍්තාදීසු කුසපණ‍්ණවසෙන දාතබ‍්බං අට‍්ඨසලාකභත‍්තං අහං අදාසින‍්ති අත්‍ථො.

සවැනි අපදානයෙහි කුසට්ඨකං මදාසනං යනු පක්ඛිභත්ත, උපොසථික භත්ත ධුර භත්ත සලාක භත්ත ආදියෙහි කුසපත් වශයෙන් දියයුතු සලාක බත් අටක් මම දුනිමි යන අර්ථයි.

සත‍්තමාපදානෙ සොභිතො නාම සම‍්බුද‍්ධොති ආරොහපරිණාහද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණබ්‍යාමප‍්පභාදීහි සොභමානසරීරත‍්තා සොභිතො නාම සම‍්මාසම‍්බුද‍්ධොති අත්‍ථො.

සත්වැනි අපදානයෙහි සොභිතො නාම සම්බුද්ධො යනු ආරෝහ පරිණාහ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ව්‍යාමප්‍රභා ආදියෙන් ශෝභමාන වූ ශරීරයක් ඇති බැවින් සොභිත නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි.

අට‍්ඨමාපදානෙ තක‍්කරායං වසී තදාති තං දසපුඤ‍්ඤකිරියවත්‍ථුං කරොන‍්තා ජනා පටිවසන‍්ති එත්‍ථාති තක‍්කරා, රාජධානී. තිස‍්සං තක‍්කරායං, තදා වසීති අත්‍ථො.

අටවැනි අපදානයෙහි කක්කරායං වසීතදා යනු ඒ දස පින්කිරියවත් කරන ජනයා මෙහි වෙසෙත්නුයි තක්කරා රාජධානි නමි. ඒ තක්කරා රාජධානියෙහි එකල්හි වෙසේ යන අර්ථයි.

නවමාපදානෙ පානධිං සුකතං ගය‍්හාති උපාහනයුගං සුන්‍දරාකාරෙන නිප‍්ඵාදිතං ගහෙත්‍වාති අත්‍ථො. දසමාපදානං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

නවවැනි අපදානයෙහි පානධිං සුකතං ගය්හ යනු සුන්දර ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද පාවහන් යුගලය ගෙන යන අර්ථයි. දසවැනි අපදානය පහසුවෙන් දත හැක්කේ ම ය.

අට‍්ඨචත‍්තාලීසමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සතළිස් අටවැනි වර්ග වර්ණනාවයි.