යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කථා

මහාමොහතමොනද‍්ධෙ, ලොකෙ ලොකන‍්තදස‍්සිනා; යෙන සද‍්ධම‍්මපජ‍්ජොතො, ජාලිතො ජලිතිද‍්ධිනා.

මහ මෝහ අඳුරෙහි ගිළුණු ලොවක කෙළවර දුටු දිලෙන ඉදු බල යුතු කිසිවකු දහම් පහනක් දැල්විණි නම් උතුම් ලෙස

තස‍්ස පාදෙ නමස‍්සිත්‍වා, සම‍්බුද‍්ධස‍්ස සිරීමතො; සද‍්ධම‍්මඤ‍්චස‍්ස පූජෙත්‍වා, කත්‍වා සඞ‍්ඝස‍්ස චඤ‍්ජලිං.

සිරිමත් ඒ බුදුන්ගේ දෙපා පියුම් නැමද සිට එතුමන්ගේ දහමටද සඟරුවනටද පුදකොට

තං තං කාරණමාගම‍්ම, ධම‍්මාධම‍්මෙසු කොවිදො; සම‍්පත‍්තසද‍්ධම‍්මපදො, සත්‍ථා ධම‍්මපදං සුභං.

දහම අදහම පිළිබඳ ඒ ඒ කරුණු උදෙසා දහම කෙළවරටම පත් බුදුහු යම් ධම්මපදයක් මැනවින් දෙසු සේක් නම්

දෙසෙසි කරුණාවෙග-සමුස‍්සාහිතමානසො; යං වෙ දෙවමනුස‍්සානං, පීතිපාමොජ‍්ජවඩ‍්ඪනං.

කරුණාවෙන් මෙහෙය වී දෙව්මිනිසුන්ට හිතවු ප්‍රීතිය ප්‍රමුදිත බව වඩවන යම් දහමක් දෙසුහු නම්

පරම‍්පරාභතා තස‍්ස, නිපුණා අත්‍ථවණ‍්ණනා; යා තම‍්බපණ‍්ණිදීපම‍්හි, දීපභාසාය සණ‍්ඨිතා.

පරපුරෙන් ගෙන ආ ඒ නිපුණවු අරුත් පහදන විදි හෙළ දිවයිනෙහි මෙතෙක් කල් හෙළ බසින්ම පැවතුණේ වේ.

න සාධයති සෙසානං, සත‍්තානං හිතසම‍්පදං; අප‍්පෙව නාම සාධෙය්‍ය, සබ‍්බලොකස‍්ස සා හිතං.

එය සෙසු දනන්හට හිත සුව පිණිස නොයෙදේ එයින් ලොවට වැඩක් වේනම් ඉතා යෙහෙකැයි සලකා

ඉති ආසීසමානෙන, දන‍්තෙන සමචාරිනා; කුමාරකස‍්සපෙනාහං, ථෙරෙන ථිරචෙතසා.

මෙවැනි පැතුම් ඇතිවු දැමුණු සමචාරීවූ කුමරකසුප් නම් ලත් තිර සිත් ඇති තෙරණුවන්

සද‍්ධම‍්මට‍්ඨිතිකාමෙන, සක‍්කච‍්චං අභියාචිතො; තං භාසං අතිවිත්‍ථාර-ගතඤ‍්ච වචනක‍්කමං.

දහම කල් පවතිනු වස් සිතා කළ ඇරයුම ලෙස එම බසත්, බහුලව කළ විස්තරද පිළිවෙළද හැර

පහායාරොපයිත්‍වාන, තන‍්තිභාසං මනොරමං; ගාථානං බ්‍යඤ‍්ජනපදං, යං තත්‍ථ න විභාවිතං.

හෙළ අරුත් පහදන ගාථා ව්‍යඤ්ජන පද හා බහුල විස්තර හැර මෙය පෙළ බසට නගා ලන්නෙම්

කෙවලං තං විභාවෙත්‍වා, සෙසං තමෙව අත්‍ථතො; භාසන‍්තරෙන භාසිස‍්සං, ආවහන‍්තො විභාවිනං; මනසො පීතිපාමොජ‍්ජං, අත්‍ථධම‍්මූපනිස‍්සිතන‍්ති.

ඒ සැම විමසා බලා සෙස්ස අරුත් වශයෙන් ගෙන පැණවතුන්ගේ මනසට අරුත් දහම් ඇසුර හා ප්‍රීති සොම්නස එළවමින් වෙනත් බසකින් ලියා ලන්නෙම්.