යෙදුමෙන් කියවන්න

1. චක‍්ඛුපාලත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

1. චක‍්ඛුපාලත්‍ථෙරවත්‍ථු

1. චක්ඛුපාල තෙරුන්ගේ වස්තුව

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයා; මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක‍්ඛමන්‍වෙති, චක‍්කංව වහතො පද”න‍්ති. –

අයං ධම‍්මදෙසනා කත්‍ථ භාසිතාති? සාවත්‍ථියං. කං ආරබ‍්භාති? චක‍්ඛුපාලත්‍ථෙරං.

මේ ධර්මදේශනාව කොහේදී දේශනා කරන ලද්දක්ද? සැවැත්නුවරදීය. කවුරුන් අරභයාද? චක්ඛුපාල තෙරුන් අරභයාය.

සාවත්‍ථියං කිර මහාසුවණ‍්ණො නාම කුටුම‍්බිකො අහොසි අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො අපුත‍්තකො. සො එකදිවසං න‍්හානතිත්‍ථං න‍්හත්‍වා නත්‍වා ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ සම‍්පන‍්නපත‍්තසාඛං එකං වනප‍්පතිං දිස‍්වා “අයං මහෙසක‍්ඛාය දෙවතාය පරිග‍්ගහිතො භවිස‍්සතී”ති තස‍්ස හෙට‍්ඨාභාගං සොධාපෙත්‍වා පාකාරපරික‍්ඛෙපං කාරාපෙත්‍වා වාලුකං ඔකිරාපෙත්‍වා ධජපටාකං උස‍්සාපෙත්‍වා වනප‍්පතිං අලඞ‍්කරිත්‍වා අඤ‍්ජලිං කරිත්‍වා “සචෙ පුත‍්තං වා ධීතරං වා ලභෙය්‍යං, තුම‍්හාකං මහාසක‍්කාරං කරිස‍්සාමී”ති පත්‍ථනං කත්‍වා පක‍්කාමි.

සැවැත්නුවර මහාසුවණ්ණ නම් කෙළෙඹියෙක් සිටියේය. ඔහු විවිධ සැපසම්පත් ඇති මහධනවතෙකි. දූපුතුන් නැත්තෙකි. දිනක් ඔහු නානතොටුපළට ගොස් ආපසු එන අතරමඟ අතුපතරින් ගැවසීගත් එක් වනස්පති වෘක්ෂයක් දැක, මේ වෘක්ෂය කිසියම් මහානුභාව සම්පන්න දෙවියෙකු අධිගෘහිත (වාසයකරන) ගසෙකියි සිතීය. එසේ සිතා ඒ ගස යට හොඳින් පිරිසිදු කොට ප්‍රාකාරයක් බැඳ, වැලි අතුරුවා ධජ පතාක ඔසවා ඒ වනදෙටුරුක අලංකාර කරවා, ඉඳින් පුතෙක් හෝ දුවක් ලැබුණොත් ඔබට මහත්වූ සත්කාර සම්මාන කරන්නෙමි’යි ප්‍රාර්ථනා කොට ගියේය.

අථස‍්ස න චිරස‍්සෙව භරියාය කුච‍්ඡියං ගබ‍්භො පතිට‍්ඨාසි. සා ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා තස‍්ස ආරොචෙසි. සො තස‍්සා ගබ‍්භස‍්ස පරිහාරමදාසි. සා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි. තං නාමග‍්ගහණදිවසෙ සෙට‍්ඨි අත‍්තනා පාලිතං වනප‍්පතිං නිස‍්සාය ලද‍්ධත‍්තා තස‍්ස පාලොති නාමං අකාසි. සා අපරභාගෙ අඤ‍්ඤම‍්පි පුත‍්තං ලභි. තස‍්ස චූළපාලොති නාමං කත්‍වා ඉතරස‍්ස මහාපාලොති නාමං අකාසි. තෙ වයප‍්පත‍්තෙ ඝරබන්‍ධනෙන බන්‍ධිංසු. අපරභාගෙ මාතාපිතරො කාලමකංසු. සබ‍්බම‍්පි විභවං ඉතරෙයෙව විචාරිංසු.

ඉන්පසු ඔහුගේ බිරිඳගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමො ගැබක් පිහිටි බව තම සැමියාට දැන්වුවාය. කෙළෙඹියා ඈට ගැබ්පෙරහැර දුන්නේය. ඈ දසමසක් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. සිටුවරයා තමා විසින් පාලනය කළ වනස්පතිය නිසා ලත් හෙයින් පුතාට ‘පාල’ යන නම තැබීය. ඈ පසු කලෙක තවත් පුතෙකු ලැබුවාය. ඔහුට ‘චුල්ලපාල’ යන නම තබා වැඩිමලාට ‘මහාපාල’ යන නම තැබීය. ඔවුහු සුදුසු වියට පත්කල්හි ගෘහබන්ධනයට (විවාහයට) ඇතුළත් වූහ.

තස‍්මිං සමයෙ සත්‍ථා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙනාගන‍්ත්‍වා අනාථපිණ‍්ඩිකෙන මහාසෙට‍්ඨිනා චතුපණ‍්ණාසකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා කාරිතෙ ජෙතවනමහාවිහාරෙ විහරති මහාජනං සග‍්ගමග‍්ගෙ ච මොක‍්ඛමග‍්ගෙ ච පතිට‍්ඨාපයමානො. තථාගතො හි මාතිපක‍්ඛතො අසීතියා, පිතිපක‍්ඛතො අසීතියාති ද‍්වෙඅසීතිඤාතිකුලසහස‍්සෙහි කාරිතෙ නිග්‍රොධමහාවිහාරෙ එකමෙව වස‍්සාවාසං වසි, අනාථපිණ‍්ඩිකෙන කාරිතෙ ජෙතවනමහාවිහාරෙ එකූනවීසතිවස‍්සානි, විසාඛාය සත‍්තවීසතිකොටිධනපරිච‍්චාගෙන කාරිතෙ පුබ‍්බාරාමෙ ඡබ‍්බස‍්සානීති ද‍්වින‍්නං කුලානං ගුණමහත‍්තතං පටිච‍්ච සාවත්‍ථිං නිස‍්සාය පඤ‍්චවීසතිවස‍්සානි වස‍්සාවාසං වසි.

එසමයෙහි දම්සක් දේශනා පැවැත්වු බුදුරජාණන්වහන්සේ ජනයා සගමොක්මගෙහි පිහිටුවමින් පිළිවෙළින් වැඩමවා, අනේපිඬු සිටුහු විසින් පනස්හතර කෝටියක් ධනය වියදම්කොට කරවනලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක. තථාගතයන් වහන්සේ මවුපසින් අසූවක් පමණ පවුල්වල අයද, පියපසින් අසූවක් පමණ කුලවල අයද, යන අසූවේ කුලදෙකක නෑයන් දහස්ගණනක් විසින් කරනලද විහාරයෙහි එකම වසක් විසුසේක. අනේපිඬුසිටුහු විසින් කරනලද ජේතවනාරාමයෙහි එකුන්විසි (19 ක්) වසක්ද, විසිහත් කෝටියක වියදමින් විශාඛාව විසින් කරවනලද පූර්වාරාමයෙහි සවසක්ද විසුසේක. ඒ දෙකුලයේ අයගේ ගුණමහත්වය ගැන සලකා මෙසේ සැවැත්පුර විසිපස්වසක් පමණ වස් විසූසේක.

අනාථපිණ‍්ඩිකොපි විසාඛාපි මහාඋපාසිකා නිබද‍්ධං දිවසස‍්ස ද‍්වෙ වාරෙ තථාගතස‍්ස උපට‍්ඨානං ගච‍්ඡන‍්ති, ගච‍්ඡන‍්තා ච “දහරසාමණෙරා නො හත්‍ථෙ ඔලොකෙස‍්සන‍්තී”ති තුච‍්ඡහත්‍ථා න ගතපුබ‍්බා. පුරෙභත‍්තං ගච‍්ඡන‍්තා ඛාදනීයභොජනීයාදීනි ගහෙත්‍වාව ගච‍්ඡන‍්ති, පච‍්ඡාභත‍්තං ගච‍්ඡන‍්තා පඤ‍්ච භෙසජ‍්ජානි අට‍්ඨ ච පානානි. නිවෙසනෙසු පන තෙසං ද‍්වින‍්නං ද‍්වින‍්නං භික‍්ඛුසහස‍්සානං නිච‍්චං පඤ‍්ඤත‍්තාසනානෙව හොන‍්ති. අන‍්නපානභෙසජ‍්ජෙසු යො යං ඉච‍්ඡති, තස‍්ස තං යථිච‍්ඡිතමෙව සම‍්පජ‍්ජති.

අනේපිඬු සිටුතුමාත්, විශාඛා මහාඋපාසිකාවත් නිතිපතා දවසට දෙවරක් බුද්ධෝපස්ථානය සඳහා විහාරයට යති. එසේ යනවිට ‘ළඳරුසාමණේරුවරු විහාරයට ගිය විට අපේ අත් දෙස බලත්’ යයි සිතා හිස් අතින් කිසිවිටෙකත් නොගියහ. පෙරබත් වේලාවේ (උදේ වරුවේ) යනවිට කෑයුතු දේවල් ගෙන්වාගෙන යති. පසුබත් වේලෙහි නම් පස්වැදෑරුම් බෙහෙත්ද, අටවැදෑරුම් පානවර්ගද රැගෙන යති. ඒ දෙදෙනාගේ ගෙවල්වල භික්ෂුන් දහසක් දෙනා වෙනුවෙන් නිතරම ආසන පනවා ඇත. යම් භික්ෂුනමක් ආහාරපාන බෙහෙත් ආදී යමක් කැමැත්තේ නම් ඒ සියල්ල තමන් කැමති හැටියකට එහි සමීපාදනයවී තිබිණි.

තෙසු අනාථපිණ‍්ඩිකෙන එකදිවසම‍්පි සත්‍ථා පඤ‍්හං න පුච‍්ඡිතපුබ‍්බො. සො කිර “තථාගතො බුද‍්ධසුඛුමාලො ඛත‍්තියසුඛුමාලො, ‘බහූපකාරො මෙ, ගහපතී’ති මය‍්හං ධම‍්මං දෙසෙන‍්තො කිලමෙය්‍යා”ති සත්‍ථරි අධිමත‍්තසිනෙහෙන පඤ‍්හං න පුච‍්ඡති.

ඔවුන් අතරින් අනේපිඬුසිටුහු විසින් එකම එක දවසක්වත් බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා නැත. ‘තථාගතයන්වහන්සේ බුදුවරයෙකු නිසා සියුමැලිය. ක්ෂත්‍රිය කුලයේ කෙනෙකු නිසාත් සියුමැලිය. මේ ගෘහපතියා මට උපකාර කරන්නෙකියි සිතා දහම් දෙසනවිට උන්වහන්සේට ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය’ ආදී කරුණු සලකා බුදුන් කෙරෙහි අධිකමාත්‍ර ආදරය නිසා එසේ ප්‍රශ්න නොඅසනලදී.

සත්‍ථා පන තස‍්මිං නිසින‍්නමත‍්තෙයෙව “අයං සෙට‍්ඨි මං අරක‍්ඛිතබ‍්බට‍්ඨානෙ රක‍්ඛති. අහඤ‍්හි කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි අලඞ‍්කතපටියත‍්තං අත‍්තනො සීසං ඡින්‍දිත්‍වා අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා හදයමංසං උප‍්පාටෙත්‍වා පාණසමං පුත‍්තදාරං පරිච‍්චජිත්‍වා පාරමියො පූරෙන‍්තො පරෙසං ධම‍්මදෙසනත්‍ථමෙව පූරෙසිං. එස මං අරක‍්ඛිතබ‍්බට‍්ඨානෙ රක‍්ඛතී”ති එකං ධම‍්මදෙසනං කථෙතියෙව.

බුදුරජාණන්වහන්සේ එගෙට වැඩමවා ආසනයේ වැඩ සිටි හැටියේම, මේ සිටුවරයා මා නොරැකියයුතු තැන රකියි, මා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අබරණින් සැරසු මගේ හිස කපාදී, දෑස් ගළවාදී, හදවත උගුල්ලාදී, ප්‍රාණාසම අඹුදරුවන් දන්දී පාරමී සම්පුර්ණ කෙළේ දහම් දෙසීම සඳහාමයි. එහෙත් මොහු මා නොරැකියයුතු තැන රකීය’යි සිතා කුමක් හෝ දම්දෙසුමක් කරනසේක්මය.

තදා සාවත්‍ථියං සත‍්ත මනුස‍්සකොටියො වසන‍්ති. තෙසු සත්‍ථු ධම‍්මකථං සුත්‍වා පඤ‍්චකොටිමත‍්තා මනුස‍්සා අරියසාවකා ජාතා, ද‍්වෙකොටිමත‍්තා මනුස‍්සා පුථුජ‍්ජනා. තෙසු අරියසාවකානං ද‍්වෙයෙව කිච‍්චානි අහෙසුං – පුරෙභත‍්තං දානං දෙන‍්ති, පච‍්ඡාභත‍්තං ගන්‍ධමාලාදිහත්‍ථා වත්‍ථභෙසජ‍්ජපානකාදීනි ගාහාපෙත්‍වා ධම‍්මස‍්සවනත්‍ථාය ගච‍්ඡන‍්ති. අථෙකදිවසං මහාපාලො අරියසාවකෙ ගන්‍ධමාලාදිහත්‍ථෙ විහාරං ගච‍්ඡන‍්තෙ දිස‍්වා “අයං මහාජනො කුහිං ගච‍්ඡතී”ති පුච‍්ඡිත්‍වා “ධම‍්මස‍්සවනායා”ති සුත්‍වා “අහම‍්පි ගමිස‍්සාමී”ති ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පරිසපරියන‍්තෙ නිසීදි.

එකළ සැවැත්නුවර සත්කෙළක් මිනිස්සු වාසය කළහ. එයින් බුදුරදුන්ගෙන් බණ අසා පස්කෙළක් පමණ මිනිස්සු ආර්‍ය ශ්‍රාවකයෝ වූහ. දෙකෙළක් පමණ පෘථග්ජනයෝ වූහ. ඔවුහු ආර්‍යශ්‍රාවකයන් වෙනුවෙන් කාර්‍ය දෙකක් ඉටුකළහ. පෙරවරුවේ දන් දුන්හ. පස්වරුවේ සුවඳමල් අතින් ගෙන වස්ත්‍ර, බෙහෙත් වර්ග, පානවර්ග ගෙන බණ අසනු පිණිස විහාරයට ගියහ. දිනක් ආර්‍යශ්‍රාවකයන් සුවඳමල්ද රැගෙන විහාරයට යනු බලා සිටි මහාපාල, මේ පිරිස කොහි යෙත්දැයි විචාරා බණ ඇසීමට යනබව දැන, මාත් එහි යායුතුයයි සිතා විහාරයට ගොස් පිරිස් කෙළෙවරට වී සිටියේය.

බුද‍්ධා ච නාම ධම‍්මං දෙසෙන‍්තා සරණසීලපබ‍්බජ‍්ජාදීනං උපනිස‍්සයං ඔලොකෙත්‍වා අජ‍්ඣාසයවසෙන ධම‍්මං දෙසෙන‍්ති, තස‍්මා තං දිවසං සත්‍ථා තස‍්ස උපනිස‍්සයං ඔලොකෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො අනුපුබ‍්බිකථං කථෙසි. සෙය්‍යථිදං – දානකථං, සීලකථං, සග‍්ගකථං, කාමානං ආදීනවං, ඔකාරං සංකිලෙසං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි. තං සුත්‍වා මහාපාලො කුටුම‍්බිකො චින‍්තෙසි – “පරලොකං ගච‍්ඡන‍්තං පුත‍්තධීතරො වා භාතරො වා භොගා වා නානුගච‍්ඡන‍්ති, සරීරම‍්පි අත‍්තනා සද‍්ධිං න ගච‍්ඡති, කිං මෙ ඝරාවාසෙන පබ‍්බජිස‍්සාමී”ති. සො දෙසනාපරියොසානෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි.

බුදුවරු දහම් දෙසන කල, පිරිස දෙස බලා සරණ සීලයෙහි හෝ පැවිදි වීමෙහි හෝ අදහස් ඇති අය දැක, ඔවුන්ගේ අදහස්වලට ගැළපෙන සේ දහම් දෙසති. එහෙයින් එදින බුදුරජාණන්වහන්සේ මහාපාලගේ උපනිශ්‍රය සම්පත් හෙවත් වාසනාමහිමය දැක ඒ අනුව ආනුපුබ්බීකථාව හෙවත් පිළිවෙළකථාව අනුගමනය කරමින් දහම් දෙසුසේක. ඒ පිළිවෙළකථාව කෙසේදයත්? දානකථාව, සීලකථාව, ස්වර්ගකථාව, කාමයන්ගේ ආදීනවකථාව, ඒ සියල්ලෙහි නිසරුබව හා කෙලෙස්වලින් යුක්තබව ආදීකථාත්, අවසානයෙහි ඒ සියල්ලෙන් නික්මීමෙහි හෙවත් හැර දැමීමෙහි ආනිසංසත් ප්‍රකාශ කිරීමයි. ඒ අසා සිටි මහාපාල කෙලෙඹියා මෙසේ සිතිය. ‘පරලොව යන විට තම දූපුතුන් හෝ භවභෝග සම්පත් හෝ තමන් සමඟ නොයයි. තම සිරුර පවා තමන් සමඟ නොයයි. මේ ගිහිගෙයි විසීමෙන් ඇති ඵලය කුමක්ද? මමත් මහණවන්නෙමි’යි දේශනාවසානයෙහි බුදුරදුන් වෙත එළඹ තමන් පැවිදිකරවන ලෙස ඉල්ලා සිටියේය.

අථ නං සත්‍ථා – “අත්‍ථි තෙ කොචි ආපුච‍්ඡිතබ‍්බයුත‍්තකො ඤාතී”ති ආහ. “කනිට‍්ඨභාතා මෙ අත්‍ථි, භන‍්තෙ”ති. “තෙන හි තං ආපුච‍්ඡාහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා ගෙහං ගන‍්ත්‍වා කනිට‍්ඨං පක‍්කොසාපෙත්‍වා – “තාත, යං මය‍්හං ඉමස‍්මිං ගෙහෙ සවිඤ‍්ඤාණකම‍්පි අවිඤ‍්ඤාණකම‍්පි ධනං කිඤ‍්චි අත්‍ථි, සබ‍්බං තං තව භාරො, පටිපජ‍්ජාහි න”න‍්ති. “තුම‍්හෙ පන කිං කරිස‍්සථා”ති ආහ. “අහං සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. “කිං කථෙසි භාතික, ත්‍වං මෙ මාතරි මතාය මාතා විය, පිතරි මතෙ පිතා විය ලද‍්ධො, ගෙහෙ තෙ මහාවිභවො, සක‍්කා ගෙහං අජ‍්ඣාවසන‍්තෙහෙව පුඤ‍්ඤානි කාතුං, මා එවං කරිත්‍ථා”ති. “තාත, අහං සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා ඝරාවාසෙ වසිතුං න සක‍්කොමි. සත්‍ථාරා හි අතිසණ‍්හසුඛුමං තිලක‍්ඛණං ආරොපෙත්‍වා ආදිමජ‍්ඣපරියොසානකල්‍යාණො ධම‍්මො දෙසිතො, න සක‍්කා සො අගාරමජ‍්ඣෙ වසන‍්තෙන පූරෙතුං, පබ‍්බජිස‍්සාමි, තාතා”ති. “භාතික, තරුණායෙව තාවත්‍ථ, මහල‍්ලකකාලෙ පබ‍්බජිස‍්සථා”ති. “තාත, මහල‍්ලකස‍්ස හි අත‍්තනො හත්‍ථපාදාපි අනස‍්සවා හොන‍්ති, න අත‍්තනො වසෙ වත‍්තන‍්ති, කිමඞ‍්ගං පන ඤාතකා, ස‍්වාහං තව කථං න කරොමි, සමණපටිපත‍්තිංයෙව පූරෙස‍්සාමි”.

බුදුපියාණෝ මෙසේ විචාළහ. ඇයි මේ ගැන අසා බැලිය යුතු නෑ කෙනෙක් ඔබට නැද්ද? ස්වාමීනී, මගේ බාල සොහොයුරා ඇත. එසේ නම් ගොස් ඔහුගෙන් අසා බලන්නැයි බුදුහු වදාළහ. හෙතෙම මැනවැයි පිළිගෙන බුදුන් වැඳ ගෙදර ගොස් බාලසොහොයුරා කැඳවා මෙසේ කීවේය. මලණුවනි, අපේ කුලපරම්පරාවට අයිති සප්‍රාණික අප්‍රාණික යම්තාක් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔබට භාරකරමි. එය පිළිගන්නැයි කීය. ඇයි ඔබ කුමක් කරන්නෙහිදැයි චුල්ලපාල ඇසීය. මම බුදුන් ළඟ මහණවන්නෙමියි හේ පිළිතුරු දුන්නේය. සොහොයුර, ඔබ කුමක් කියන්නෙහිද? මගේ මව මැරුණු පසු මව හැටියටත් පියා මැරුණු පසු පියා හැටියටත් සිටින්නේ ඔබයි. අපේ පරපුරේත් විශාල ධන සම්පත් ඇත. ගෙදර වසන ගමන්ම පිනුත් කළ හැකිය. ඒ නිසා පැවිදි නොවුව මැනව. මලණුවනි, මම බුදුන්ගෙන් බණ ඇසුවෙමි. බුදුරජාණන්වහන්සේ ඉතා සියුම් ලෙස සියලු දහම් ත්‍රිලක්ෂණයට නගා මුල මැද අගයහපත්වු ධර්මය දේශනා කළහ. ඒ, දහම් පිළිවෙත ගිහිගෙයි වසන ගමන් පිරිය නොහැකි නිසා මම පැවිදි වෙමි. සොහොයුර ඔබ තවමත් තරුණය, මහලු වී පැවිදිවන්න. මලණුවනි, මහල්ලාට තමන්ගේ අත්පා පවා වසඟ නොවෙයි. කැමති ලෙස තබාගැනීමත් දුෂ්කරයි. නෑයන් ගැන කියනු කවරේද? ඒ නිසා මම ඔබේ අවවාදය පිළිනොගනිමි. මහණදම් පුරන්නෙමි.

“ජරාජජ‍්ජරිතා හොන‍්ති, හත්‍ථපාදා අනස‍්සවා; යස‍්ස සො විහතත්‍ථාමො, කථං ධම‍්මං චරිස‍්සති”. –

ජරාවෙන් දිරා ගිය අත් පා වසඟ නොම වේ සිතේ සවියක් නැති කල කෙසේ දහමෙහි යෙදෙමුද?

පබ‍්බජිස‍්සාමෙවාහං, තාතාති තස‍්ස විරවන‍්තස‍්සෙව සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා ලද‍්ධපබ‍්බජ‍්ජූපසම‍්පදො ආචරියුපජ‍්ඣායානං සන‍්තිකෙ පඤ‍්ච වස‍්සානි වසිත්‍වා වුට‍්ඨවස‍්සො පවාරෙත්‍වා සත්‍ථාරමුපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා පුච‍්ඡි – “භන‍්තෙ, ඉමස‍්මිං සාසනෙ කති ධුරානී”ති? “ගන්‍ථධුරං, විපස‍්සනාධුරන‍්ති ද‍්වෙයෙව ධුරානි භික‍්ඛූ”ති. “කතමං පන, භන‍්තෙ, ගන්‍ථධුරං, කතමං විපස‍්සනාධුර”න‍්ති? “අත‍්තනො පඤ‍්ඤානුරූපෙන එකං වා ද‍්වෙ වා නිකායෙ සකලං වා පන තෙපිටකං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා තස‍්ස ධාරණං, කථනං, වාචනන‍්ති ඉදං ගන්‍ථධුරං නාම, සල‍්ලහුකවුත‍්තිනො පන පන‍්තසෙනාසනාභිරතස‍්ස අත‍්තභාවෙ ඛයවයං පට‍්ඨපෙත්‍වා සාතච‍්චකිරියවසෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තග‍්ගහණන‍්ති ඉදං විපස‍්සනාධුරං නාමා”ති.

මහාචුල්ලයෝ, මලණුවන් හඬද්දීම, මලණුවනි, මම පැවිදිවන්නෙමියි බුදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියහ. පැවිදි උපසම්පදා ලබා ආචාර්‍ය උපාධ්‍යායයන් වෙත පස්වසක් සිට බුදුන් සමීපයට පැමිණ වැඳ, ස්වාමීනි, මේ සසුනේ ධූර කීයක් ඇද්දැයි විචාළෝය. ග්‍රන්ථධූර, විපස්සනාධූර වශයෙන් දෙකක් ඇතැයි බුදුහු වදාළෝය. ස්වාමීනි, ග්‍රන්ථධූරය නම් කුමක්ද? විදර්ශනාධූරය නම් කුමක්දැයි විචාලකල්හි, තමන්ගේ නුවණට අනුරූප ලෙස නිකායග්‍රන්ථ එකක් හෝ දෙකක් හෝ සියලු ත්‍රිපිටකයම හෝ ඉගෙනගෙන එය ධාරණය කිරීම, පාඩම් කරගැනීම, ඉගැන්වීම ග්‍රන්ථධූරය නම් වේ. සැහැල්ලු ඇවතුම් පැවතුම්වලින් යුක්තව ඈත සෙනසුන් කරා ගොස් එහි වසමින් භවයේ ඉපදීම හා විනාශය ගැන සිතමින් නිරතුරුව අනිත්‍ය දුඃඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව විපස්සනා භාවනාව වඩා රහත්ඵලයට පැමිණීම විදර්ශනාධූරය නම් වේයයි වදාළහ.

“භන‍්තෙ, අහං මහල‍්ලකකාලෙ පබ‍්බජිතො ගන්‍ථධුරං පූරෙතුං න සක‍්ඛිස‍්සාමි, විපස‍්සනාධුරං පන පූරෙස‍්සාමි, කම‍්මට‍්ඨානං මෙ කථෙථා”ති. අථස‍්ස සත්‍ථා යාව අරහත‍්තං කම‍්මට‍්ඨානං කථෙසි.

ස්වාමීනි, මම මහලුවී පැවිදිවීමි, ග්‍රන්ථධූරය වැඩීම අපහසුය. විදර්ශනාධූරය පුරන්නෙමි. ඒ සඳහා මට උචිත කමටහන් දෙනු මැනවියි හෙතෙම ඉල්ලා සිටියේය. ඉන්පසු බුදුහු ඔහුට රහත්ඵලය දක්වා කමටහන් කියාදුන්හ.

සො සත්‍ථාරං වන්‍දිත්‍වා අත‍්තනා සහගාමිනො භික‍්ඛූ පරියෙසන‍්තො සට‍්ඨි භික‍්ඛූ ලභිත්‍වා තෙහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා වීසයොජනසතමග‍්ගං ගන‍්ත්‍වා එකං මහන‍්තං පච‍්චන‍්තගාමං පත්‍වා තත්‍ථ සපරිවාරො පිණ‍්ඩාය පාවිසි. මනුස‍්සා වත‍්තසම‍්පන‍්නෙ භික‍්ඛූ දිස‍්වාව පසන‍්නචිත‍්තා ආසනානි පඤ‍්ඤාපෙත්‍වා නිසීදාපෙත්‍වා පණීතෙනාහාරෙන පරිවිසිත්‍වා, “භන‍්තෙ, කුහිං අය්‍යා ගච‍්ඡන‍්තී”ති පුච‍්ඡිත්‍වා “යථාඵාසුකට‍්ඨානං උපාසකා”ති වුත‍්තෙ පණ‍්ඩිතා මනුස‍්සා “වස‍්සාවාසං සෙනාසනං පරියෙසන‍්ති භදන‍්තා”ති ඤත්‍වා, “භන‍්තෙ, සචෙ අය්‍යා ඉමං තෙමාසං ඉධ වසෙය්‍යුං, මයං සරණෙසු පතිට‍්ඨාය සීලානි ගණ‍්හෙය්‍යාමා”ති ආහංසු. තෙපි “මයං ඉමානි කුලානි නිස‍්සාය භවනිස‍්සරණං කරිස‍්සාමා”ති අධිවාසෙසුං.

හෙතෙම බුදුන් වැඳ තමන් සමඟ යෑමට කැමති භික්ෂුන් සැට නමක්ද සමඟ පිටත්වී යොදුන් එකසියවිස්සක් මඟ ගෙවා එක් පිටිසර ගමකට පැමිණියේය. එහි සපිරිවරින් පිඬුසිඟා වැඩියහ. එගම මිනිස්සු සුපිළිපන් මහසඟන දැක පැහැදුණු සිතින් අසුන් පනවා දී ප්‍රණීත ආහාරයෙන් වළඳවා, ස්වාමීනි, ආර්‍යයන්වහන්සේලා මේ වස්තුන්මාසය මෙහිම වසන්නාහු නම් අපිද තිසරණයෙහි පිහිටා සිල්සමාදන් වන්නෙමුයයි දන්වා සිටියහ. උන්වහන්සේලාත්, අපි මේ කුලවතුන් නිසා භවනිස්සරණය (සසරින් එතර වීම) කරන්නෙමුයයි ආරාධනාව ඉවසුහ.

මනුස‍්සා තෙසං පටිඤ‍්ඤං ගහෙත්‍වා විහාරං පටිජග‍්ගිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි සම‍්පාදෙත්‍වා අදංසු. තෙ නිබද‍්ධං තමෙව ගාමං පිණ‍්ඩාය පවිසන‍්ති.

මිනිස්සු ඒබව දැන විහාරයක් තනා රාත්‍රිස්ථාන දිවාස්ථාන තනාදුන්හ. උන්වහන්සේලා නිතර ඒ ගමට පිඬුසිඟා වැඩියහ.

අථ නෙ එකො වෙජ‍්ජො උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, බහූනං වසනට‍්ඨානෙ අඵාසුකම‍්පි නාම හොති, තස‍්මිං උප‍්පන‍්නෙ මය‍්හං කථෙය්‍යාථ, භෙසජ‍්ජං කරිස‍්සාමී”ති පවාරෙසි. ථෙරො වස‍්සූපනායිකදිවසෙ තෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා පුච‍්ඡි, “ආවුසො, ඉමං තෙමාසං කතිහි ඉරියාපථෙහි වීතිනාමෙස‍්සථා”ති? “චතූහි, භන‍්තෙ”ති. “කිං පනෙතං, ආවුසො, පතිරූපං, නනු අප‍්පමත‍්තෙහි භවිතබ‍්බං”? “මයඤ‍්හි ධරමානකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ආගතා, බුද‍්ධා ච නාම න සක‍්කා පමාදෙන ආරාධෙතුං, කල්‍යාණජ‍්ඣාසයෙන තෙ වො ආරාධෙතබ‍්බා. පමත‍්තස‍්ස ච නාම චත‍්තාරො අපායා සකගෙහසදිසා, අප‍්පමත‍්තා හොථාවුසො”ති. “කිං තුම‍්හෙ පන, භන‍්තෙ”ති? “අහං තීහි ඉරියාපථෙහි වීතිනාමෙස‍්සාමි, පිට‍්ඨිං න පසාරෙස‍්සාමි, ආවුසො”ති. “සාධු, භන‍්තෙ, අප‍්පමත‍්තා හොථා”ති.

ඉන්පසු එක් වෛද්‍යවරයෙක් උන්වහන්සේලා වෙත එළඹ සිට, ස්වාමීනි, කීප දෙනෙක් එකට වසන තැන යම් යම් ලෙඩරෝගාදීය ඇතිවීමට පුළුවන. එසේ වුවහොත් මට කියනු මැනවි. මම ඊට ප්‍රතිකාර ලබා දෙන්නෙමියි කීවේය. පාල තෙරණුවන්වහන්සේ වස් එළඹෙන දවසෙහි අනිත් භික්ෂුන් අමතා, ඇවැත්නි මේ වස්තුන්මාසය ඉරියව් කීයකින් ගතකරන්නහුදැයි විචාළහ. ස්වාමීනි, ඉරියව් හතරකිනි. ඇවැත්නි, එය සුදුසුද? අප නොපමා වියයුතු නොවේද? අපි ජීවමාන බුදුරදුන් හමුවෙහි කමටහන් ගෙන ආවෙමු. බුදුවරු වනාහි ශටකපටකම්වලින් සතුටු කළ නොහැක්කෝය. යහපත් අදහසින්ම උන්වහන්සේලා තුටුපහටු කළ යුත්තාහ. පමාවන්නහුට නම් සතර අපාය තමන්ගේ ගෙදර මෙනි. එහෙයින් ඇවැත්නි, අප්‍රමාද වව්. මම නම් ඉරියව් තුනකින් පමණක් මේ වස්කාලය ගතකරන්නෙමි. මම මගේ පිට කිසිවිටෙකත් දිග නොහරින්නෙමි. ස්වාමීනි, යහපති, අප්‍රමාද වනු මැනවයි සෙසු භික්ෂුහු පිළිවදන් දුන්හ.

අථ ථෙරස‍්ස නිද‍්දං අනොක‍්කමන‍්තස‍්ස පඨමමාසෙ අතික‍්කන‍්තෙ මජ‍්ඣිමමාසෙ සම‍්පත‍්තෙ අක‍්ඛිරොගො උප‍්පජ‍්ජි. ඡිද‍්දඝටතො උදකධාරා විය අක‍්ඛීහි අස‍්සුධාරා පග‍්ඝරන‍්ති. සො සබ‍්බරත‍්තිං සමණධම‍්මං කත්‍වා අරුණුග‍්ගමනෙ ගබ‍්භං පවිසිත්‍වා නිසීදි. භික‍්ඛූ භික‍්ඛාචාරවෙලාය ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “භික‍්ඛාචාරවෙලා, භන‍්තෙ”ති ආහංසු. “තෙන හි, ආවුසො, ගණ‍්හථ පත‍්තචීවර”න‍්ති. අත‍්තනො පත‍්තචීවරං ගාහාපෙත්‍වා නික‍්ඛමි. භික‍්ඛූ තස‍්ස අක‍්ඛීහි අස‍්සූනි පග‍්ඝරන‍්තෙ දිස‍්වා, “කිමෙතං, භන‍්තෙ”ති පුච‍්ඡිංසු. “අක‍්ඛීනි මෙ, ආවුසො, වාතා විජ‍්ඣන‍්තී”ති. “නනු, භන‍්තෙ, වෙජ‍්ජෙන පවාරිතම‍්හා, තස‍්ස කථෙමා”ති. “සාධාවුසො”ති තෙ වෙජ‍්ජස‍්ස කථයිංසු. සො තෙලං පචිත්‍වා පෙසෙසි. ථෙරො නාසාය තෙලං ආසිඤ‍්චන‍්තො නිසින‍්නකොව ආසිඤ‍්චිත්‍වා අන‍්තොගාමං පාවිසි. වෙජ‍්ජො තං දිස‍්වා ආහ – “භන‍්තෙ, අය්‍යස‍්ස කිර අක‍්ඛීනි වාතො විජ‍්ඣතී”ති? “ආම, උපාසකා”ති. “භන‍්තෙ, මයා තෙලං පචිත්‍වා පෙසිතං, නාසාය වො තෙලං ආසිත‍්ත”න‍්ති? “ආම, උපාසකා”ති. “ඉදානි කීදිස”න‍්ති? “රුජ‍්ජතෙව උපාසකා”ති.

නිදා නොගෙන මසක් ගතකළ පාලතෙරණුවන්ට ඇස් රෝගයක් හටගත්තේය. සිදුරු කළයකින් දියදහර කාන්දුවන්නාක් මෙන් දෑසින් කඳුළු දහරාවෝ වැගුරුණාහ. උන්වහන්සේ මුළු රෑ ශ්‍රමණධර්මයෙහි යෙදී උදෑසන ඇතුළු ගැබට වී හුන්නෝය. භික්ෂුහු පිඬුසිඟාවඩින වේලාවෙහි තෙරුන් ළඟට පැමිණ, ස්වාමීනි, පිඬුසිඟාවඩින වේලාව පැමිණ ඇතැයි දැන්වුහ. ඇවැත්නි, එසේ නම් පාසිවුරු ගන්නැයි තමන්ගේ පාසිවුරු ගෙන්වා ගෙන පිටත්වුහ. භික්ෂුහු උන්වහන්සේගේ දෑසින් කඳුළු ගලනු දැක ස්වාමීනි, මේ කිමෙක්දැයි විචාළහ. ඇවැත්නි, මගේ ඇස් වාතයෙන් විදියි. (ඇසේ වාතාබාධයකි) ස්වාමීනි, එක් වෙදකු විසින් රෝගාබාධ ගැන දන්වන්නැයි අපට කියා ඇති නේද? ඔහුට දන්වමුද? යහපතැයි කීවිට භික්ෂුහු වෙදාට ඒබව දැන්වුහ. වෙදා තෙලක් සිඳ එවීය. තෙරණුවෝ හිඳගෙනම තෙල නාසයට උරා ඇතුළු ගමට පිවිසියෝය. වෙදා තෙරුන් දැක ස්වාමීනි, ඔබට තවත් ඇස්රුදාව ඇද්දැයි ඇසීය. එසේය. උපාසකයිනි, තවමත් රුදාව පවතී.

වෙජ‍්ජො “මයා එකවාරෙනෙව වූපසමනසමත්‍ථං තෙලං පහිතං, කිං නු ඛො රොගො න වූපසන‍්තො”ති චින‍්තෙත්‍වා, “භන‍්තෙ, නිසීදිත්‍වා වො තෙලං ආසිත‍්තං, නිපජ‍්ජිත්‍වා”ති පුච‍්ඡි. ථෙරො තුණ‍්හී අහොසි, පුනප‍්පුනං පුච‍්ඡියමානොපි න කථෙසි. සො “විහාරං ගන‍්ත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානං ඔලොකෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා – “තෙන හි, භන‍්තෙ, ගච‍්ඡථා”ති ථෙරං විස‍්සජ‍්ජෙත්‍වා විහාරං ගන‍්ත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානං ඔලොකෙන‍්තො චඞ‍්කමනනිසීදනට‍්ඨානමෙව දිස‍්වා සයනට‍්ඨානං අදිස‍්වා, “භන‍්තෙ, නිසින‍්නෙහි වො ආසිත‍්තං, නිපන‍්නෙහී”ති පුච‍්ඡි. ථෙරො තුණ‍්හී අහොසි.

වෙදැදුරා මෙසේ සිතීය. ‘මම එක්වරකින්ම ඇස්රෝග සංසිඳෙන තෙලක් එවීමි. කුමක් නිසා රෝගය සුවනොවුයේදැයි සිතා, ස්වාමීනි, ඔබ තෙල් නස්‍යකෙළේ හිඳගෙනද, නිදාගෙනදැයි ඇසීය. තෙරණුවෝ නිහඬවූහ. නැවත නැවතත් විචාළ නමුත් කිසිවක්ම නොකීහ. වෙදා විහාරයට ගොස් තෙරණුවන්ගේ වාසස්ථානය බලාගතයුතුයැයි සිතා, ස්වාමීනි එසේ නම් වඩිනු මැනවයි තෙරුන් පිටත්කර යවා තෙමේ විහාරයට ගොස් බලන්නේ තෙරුන් ඇවිදින හා හිඳගන්නා තැන් මිස නිදන තැනක් - අසුනක් නොදැක ස්වාමීනි, ඔබ තෙල් නස්‍යකෙළේ හිඳගෙනද, හිටගෙනදැයි නැවත නැවතත් ඇසීය. තෙරණුවෝ නිහඬවූහ.

“මා, භන‍්තෙ, එවං කරිත්‍ථ, සමණධම‍්මො නාම සරීරං යාපෙන‍්තෙන සක‍්කා කාතුං, නිපජ‍්ජිත්‍වා ආසිඤ‍්චථා”ති පුනප‍්පුනං යාචි. “ගච‍්ඡ ත්‍වං තාවාවුසො, මන‍්තෙත්‍වා ජානිස‍්සාමී”ති වෙජ‍්ජං උය්‍යොජෙසි. ථෙරස‍්ස ච තත්‍ථ නෙව ඤාතී, න සාලොහිතා අත්‍ථි, තෙන සද‍්ධිං මන‍්තෙය්‍ය? කරජකායෙන පන සද‍්ධිං මන‍්තෙන‍්තො “වදෙහි තාව, ආවුසො පාලිත, ත්‍වං කිං අක‍්ඛීනි ඔලොකෙස‍්සසි, උදාහු බුද‍්ධසාසනං? අනමතග‍්ගස‍්මිඤ‍්හි සංසාරවට‍්ටෙ තව අක‍්ඛිකාණස‍්ස ගණනා නාම නත්‍ථි, අනෙකානි පන බුද‍්ධසතානි බුද‍්ධසහස‍්සානි අතීතානි. තෙසු තෙ එකබුද‍්ධොපි න පරිචිණ‍්ණො, ඉදානි ඉමං අන‍්තොවස‍්සං තයො මාසෙ න නිපජ‍්ජිස‍්සාමීති තෙමාසං නිබද‍්ධවීරියං කරිස‍්සාමි. තස‍්මා තෙ චක‍්ඛූනි නස‍්සන‍්තු වා භිජ‍්ජන‍්තු වා, බුද‍්ධසාසනමෙව ධාරෙහි, මා චක‍්ඛූනී”ති භූතකායං ඔවදන‍්තො ඉමා ගාථායො අභාසි –

ස්වාමීනි, මෙසේ නොකළ මැනවි. ශ්‍රමණධර්මය නම් ශරීරය යහපත් සේ රැකෙනතාක් කල් කළහැකිය. නිදාගෙනම තෙල් නස්‍යකළමැනවයි නැවත නැවතත් ඉල්ලාසිටියේය. ඔබ යන්න. කතාබහකර සුදුස්සක් කරන්නෙමියි තෙරණුවෝ කීහ. එතැන කතාබහ කිරීමට තෙරුන්ගේ නෑයෙක් - සහලේනෑයෙක් නොවීය. එසේනම් කතාබහ කරන්නේ කවුරුන් සමඟද? ස්වකීය ශරීරය සමඟය. ‘ඇවැත්නි, පාලිත, කියන්න. ඔබ ඔබේ ඇස් ගැන බලන්නෙහිද, නැතහොත් බුද්ධශාසනය ගැන බලන්නෙහිද, අගක් මුලක් නොපෙනෙන මේ සංසාරචක්‍රයෙහි ඔබ ඇස් නැතිවසිටි වාර ගණන ප්‍රමාණයක් නැත. බුදුවරු සියගණනින් දහස්ගණනින් ඉක්මගොස් සිටිති. එයින් ඔබ එක බුදුවරයන්වහන්සේ නමකගෙනුත් දහම ප්‍රගුණකොට ප්‍රතිපල ලබා නැත. දැන් මේ වස්කාලය ඇතුළත තුන්මාසයම නිදානොගන්නෙමියි අදිටන් කෙළේත් නොවේද? එහෙයින් ඔබේ ඇස් නැසීයාම හෝ වේවා, බිඳීයෑම හෝ වේවා. ඇස් නොව බුදුසසුනම සිතෙහි රඳවා ගන්නයයි, භූතකායට (සතර මහා භූතයන්ගෙන් සැදුණු කයට) ඔවදන් දෙමින් මේ ගාථාද ප්‍රකාශ කළහ;

“චක‍්ඛූනි හායන‍්තු මමායිතානි, සොතානි හායන‍්තු තථෙව කායො; සබ‍්බම‍්පිදං හායතු දෙහනිස‍්සිතං, කිං කාරණා පාලිත ත්‍වං පමජ‍්ජසි.

මගේමයයි කී ඇසුත් නැසෙයි කනුත් නැසෙයි දේහයත් නැසෙයි සිරුර සතුවු හැමදේම නැසෙයි පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

“චක‍්ඛූනි ජීරන‍්තු මමායිතානි, සොතානි ජීරන‍්තු තථෙව කායො; සබ‍්බම‍්පිදං ජීරතු දෙහනිස‍්සිතං, කිං කාරණා පාලිත ත්‍වං පමජ‍්ජසි.

මගේමයයි කී ඇසුත් දිරයි කනත් කයත් එලෙසින්ම දිරයි කය හා බැඳි හැමදේම දිරයි පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

“චක‍්ඛූනි භිජ‍්ජන‍්තු මමායිතානි, සොතානි භිජ‍්ජන‍්තු තථෙව කායො; සබ‍්බම‍්පිදං භිජ‍්ජතු දෙහනිස‍්සිතං, කිං කාරණා පාලිත ත්‍වං පමජ‍්ජසී”ති.

මගේමයයි කී ඇසුත් බිඳෙයි කනත් රුවත් එලෙසින්ම බිඳෙයි රුව හා බැඳි හැමදේම බිඳෙයි පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

එවං තීහි ගාථාහි අත‍්තනො ඔවාදං දත්‍වා නිසින‍්නකොව නත්‍ථුකම‍්මං කත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. වෙජ‍්ජො තං දිස‍්වා “කිං, භන‍්තෙ, නත්‍ථුකම‍්මං කත”න‍්ති පුච‍්ඡි. “ආම, උපාසකා”ති. “කීදිසං, භන‍්තෙ”ති? “රුජ‍්ජතෙව උපාසකා”ති. “නිසීදිත්‍වා වො, භන‍්තෙ, නත්‍ථුකම‍්මං කතං, නිපජ‍්ජිත්‍වා”ති. ථෙරො තුණ‍්හී අහොසි, පුනප‍්පුනං පුච‍්ඡියමානොපි න කිඤ‍්චි කථෙසි. අථ නං වෙජ‍්ජො, “භන‍්තෙ, තුම‍්හෙ සප‍්පායං න කරොථ, අජ‍්ජතො පට‍්ඨාය ‘අසුකෙන මෙ තෙලං පක‍්ක’න‍්ති මා වදිත්‍ථ, අහම‍්පි ‘මයා වො තෙලං පක‍්ක’න‍්ති න වක‍්ඛාමී”ති ආහ. සො වෙජ‍්ජෙන පච‍්චක‍්ඛාතො විහාරං ගන‍්ත්‍වා ත්‍වං වෙජ‍්ජෙනාපි පච‍්චක‍්ඛාතොසි, ඉරියාපථං මා විස‍්සජ‍්ජි සමණාති.

මෙසේ පද්‍ය තුනකින් තමන්ටම අවවාද කරගෙන නස්‍යකර්මයත් කොට පිඬුපිණිස ගමට වැඩියෝය. වෙදැදුරාණෝ තෙරණුවන් දැක, ස්වාමීනි, කෙසේද, නස්‍යකර්මය කළසේක්දැයි විචාළෝය. උපාසකය එසේය. දැන් කෙසේද ස්වාමීනි? උපාසකය, රුදාව තවමත් එසේමය. ස්වාමීනි, නස්‍ය කෙළේ හිඳගෙනද? තෙරණුවෝ නිහඬ වූහ. නැවත නැවතත් ඇසු නමුදු කිසිවක්ම නොකීහ. ස්වාමීනි, ඔබ ඇසට නිසි සප්පාය නොකරන්නහුය. අද පටන් මා ඔබට තෙල් දුන්බවක් නොකියන්න. මමද ඔබට තෙල් දුන්බවක් නොකියන්නෙමියි කීය. තෙරණුවෝ, වෙදැදුරු විසින් ප්‍රතික්ෂේප කළපසු විහාරයට ගොස් දැන් වෙදුන් විසිනුත් ප්‍රතික්ෂේප කරන ලද්දෙහිය, එහෙත් ශ්‍රමණයාණෙනි, ඉරියව් වෙනස් නොකරන්නැයි;

“පටික‍්ඛිත‍්තො තිකිච‍්ඡාය, වෙජ‍්ජෙනාපි විවජ‍්ජිතො; නියතො මච‍්චුරාජස‍්ස, කිං පාලිත පමජ‍්ජසී”ති. –

වෙදහෙදකම් කළ වෙදුන් විසින් පිළිකෙව්කොට හැර දැමුවෙහි මරණය ඉදිරියෙ නියතයි පමාවෙන්නෙ ඇයි පාලිත?

ඉමාය ගාථාය අත‍්තානං ඔවදිත්‍වා සමණධම‍්මං අකාසි. අථස‍්ස මජ‍්ඣිමයාමෙ අතික‍්කන‍්තෙ අපුබ‍්බං අචරිමං අක‍්ඛීනි චෙව කිලෙසා ච භිජ‍්ජිංසු. සො සුක‍්ඛවිපස‍්සකො අරහා හුත්‍වා ගබ‍්භං පවිසිත්‍වා නිසීදි.

මේ ගයෙන් අවවාද කොට ගෙන මහණදම් පිරූහ. එදින රාත්‍රී මධ්‍යම යාමය ගෙවී යන අවස්ථාවේ නොපසු නොපෙරටුව (එක්වරම) තෙරණුවන්ගේ දෑසත් ක්ලේශයනුත් සිදී බිඳී විනාශවී ගියේය. තෙරණුවෝ ශුෂ්කවිදර්ෂක රහතන්වහන්සේ නමක් බවට පත්වූහ.

භික‍්ඛූ භික‍්ඛාචාරවෙලාය ආගන‍්ත්‍වා “භික‍්ඛාචාරකාලො, භන‍්තෙ”ති ආහංසු. “කාලො, ආවුසො”ති? “ආම, භන‍්තෙ”ති. “තෙන හි ගච‍්ඡථා”ති. “කිං තුම‍්හෙ පන, භන‍්තෙ”ති? “අක‍්ඛීනි මෙ, ආවුසො, පරිහීනානී”ති. තෙ තස‍්ස අක‍්ඛීනි ඔලොකෙත්‍වා අස‍්සුපුණ‍්ණනෙත‍්තා හුත්‍වා, “භන‍්තෙ, මා චින‍්තයිත්‍ථ, මයං වො පටිජග‍්ගිස‍්සාමා”ති ථෙරං සමස‍්සාසෙත්‍වා කත‍්තබ‍්බයුත‍්තකං වත‍්තපටිවත‍්තං කත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසිංසු. මනුස‍්සා ථෙරං අදිස‍්වා, “භන‍්තෙ, අම‍්හාකං අය්‍යො කුහි”න‍්ති පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා යාගුං පෙසෙත්‍වා සයං පිණ‍්ඩපාතමාදාය ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා පාදමූලෙ පරිවත‍්තමානා රොදිත්‍වා, “භන‍්තෙ, මයං වො පටිජග‍්ගිස‍්සාම, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථා”ති සමස‍්සාසෙත්‍වා පක‍්කමිංසු.

එදිනද සෙසු භික්ෂුහු අවුත්, ස්වාමීනි, භික්ෂාචාර වේලාව යයි දන්වා සිටියහ. එසේ නම් ඔබවහන්සේලා වඩින්නැයි කීහ. ස්වාමීනි ඔබ? ඇවැත්නි, මගේ දෑස් විනාශ විය. ඒ භික්ෂුහු උන්වහන්සේගේ අන්ධවු දෙඇස් දැක හැඬු කඳුලෙන් යුතුව, ස්වාමීනි, අමුත්තක් නොසිතනු මැනවි, අපි ඔබ පෝෂණය කරම්හයි තෙරුන් සනසා කළයුතු වතාවත් ඉටුකොට පිඬුපිණිස ගමට පිවිසියාහුය. මිනිස්සු මහාපාල තෙරුන් නොදැක, ස්වාමීනි, අපේ ආර්‍යයන්වහන්සේ කොයිදැයි විචාරා ඒ පුවත දැනගෙන, උන්වහන්සේලා අත කැඳ යවා, තුමුම පිණ්ඩපාතය රැගෙන ගොස් තෙරුන් වැඳ, පාමුල පෙරළමින් හඬා වැලපී ස්වාමීනි, අපි ඔබ පෝෂණය කරන්නෙමු අමුත්තක් නොසිතනු මැනවයි තෙරුන් අස්වසා ආපසු ගියාහුය.

තතො පට‍්ඨාය නිබද‍්ධං යාගුභත‍්තං විහාරමෙව පෙසෙන‍්ති. ථෙරොපි ඉතරෙ සට‍්ඨි භික‍්ඛූ නිරන‍්තරං ඔවදති. තෙ තස‍්සොවාදෙ ඨත්‍වා උපකට‍්ඨාය පවාරණාය සබ‍්බෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. තෙ වුට‍්ඨවස‍්සා ච පන සත්‍ථාරං දට‍්ඨුකාමා හුත්‍වා ථෙරමාහංසු, “භන‍්තෙ, සත්‍ථාරං දට‍්ඨුකාමම‍්හා”ති.

එතැන් පටන් තෙරුන් උදෙසා කැඳ බත් ආදිය විහාරයටම යැවූහ. තෙරණුවෝද නිරන්තරයෙන් සෙසු සඟනමලාට අවවාද දුන්හ. ඒ භික්ෂුහු උන්වහන්සේගේ අවවාදයට අනුව වස් නිමවීමට ආසන්න කාලයේම, හැමදෙනා වහන්සේම සිවුපිළිසිඹියාපත් රහතන්වහන්සේලා බවට පත්වූහ. උන්වහන්සේලා වස් අවසානයෙහි මහාපාල තෙරුන් වෙත පැමිණ තමන් බුදුරදුන් දකිනු කැමැත්තෙන් සිටින බව දැන්වුහ.

ථෙරො තෙසං වචනං සුත්‍වා චින‍්තෙසි – “අහං දුබ‍්බලො, අන‍්තරාමග‍්ගෙ ච අමනුස‍්සපරිග‍්ගහිතා අටවී අත්‍ථි, මයි එතෙහි සද‍්ධිං ගච‍්ඡන‍්තෙ සබ‍්බෙ කිලමිස‍්සන‍්ති, භික‍්ඛම‍්පි ලභිතුං න සක‍්ඛිස‍්සන‍්ති, ඉමෙ පුරෙතරමෙව පෙසෙස‍්සාමී”ති. අථ නෙ ආහ – “ආවුසො, තුම‍්හෙ පුරතො ගච‍්ඡථා”ති. “තුම‍්හෙ පන භන‍්තෙ”ති? “අහං දුබ‍්බලො, අන‍්තරාමග‍්ගෙ ච අමනුස‍්සපරිග‍්ගහිතා අටවී අත්‍ථි, මයි තුම‍්හෙහි සද‍්ධිං ගච‍්ඡන‍්තෙ සබ‍්බෙ කිලමිස‍්සථ, තුම‍්හෙ පුරතො ගච‍්ඡථා”ති. “මා, භන‍්තෙ, එවං කරිත්‍ථ, මයං තුම‍්හෙහි සද‍්ධිංයෙව ගමිස‍්සාමා”ති. “මා වො, ආවුසො, එවං රුච‍්චිත්‍ථ, එවං සන‍්තෙ මය‍්හං අඵාසුකං භවිස‍්සති, මය‍්හං කනිට‍්ඨො පන තුම‍්හෙ දිස‍්වා පුච‍්ඡිස‍්සති, අථස‍්ස මම චක‍්ඛූනං පරිහීනභාවං ආරොචෙය්‍යාථ, සො මය‍්හං සන‍්තිකං කඤ‍්චිදෙව පහිණිස‍්සති, තෙන සද‍්ධිං ආගච‍්ඡිස‍්සාමි, තුම‍්හෙ මම වචනෙන දසබලඤ‍්ච අසීතිමහාථෙරෙ ච වන්‍දථා”ති තෙ උය්‍යොජෙසි.

ඒ වචන අසා මහාපාල තෙරණුවෝ මෙසේ සිතූහ. මම දැන් දුබලයෙක්මි. අතරමගද අමනුෂ්‍යයන් ගැවසීගත් මහකැලෑ ඇත. මාත් මොවුන් සමඟ ගියොත් සියල්ලෝම ක්ලාන්ත වෙති. භික්ෂාව ලබාගැනීමත් දුෂ්කර වේ. මේ පිරිස පළමුව යවන්නෙමියි සිතා ඇවැත්නි, ඔබ වහන්සේලා පළමුව වඩිනු මැනවියයි කීහ. ඇයි ස්වාමීනි ඔබ? මම දුබලයෙක්මි. අතරමගද අමනුෂ්‍යයන් ගැවසීගත් මහ කැලෑ වෙයි. මාත් ඔබලා සමඟ යනවිට සියල්ලෝම ක්ලාන්තවීමට පුළුවන. එහෙයින් වහන්සේලා පළමුව වැඩිය මැනවයි කීහ. ස්වාමීනි, එසේ නොකරනු මැනවි. අපිත් ඔබ හා සමඟම යන්නෙමුයි භික්ෂුහු කීවාහුය. ඇවැත්නි, ඔබ එසේ නොකරන්න. එසේ වුවහොත් එයමට අපහසුවක් වෙයි. මගේ බාලසොහොයුරා ඔබ දැක මා ගැන විමසනවා ඇති. එහි දී මගේ ඇස් අන්ධවු බව කියන්න. එවිට ඔහු මා ළඟට කිසිවකු එවනු ඇති. මම ඔහු සමඟ එන්නෙමි. ඔබවහන්සේලා මගේ වචනයෙන් දසබලධාරී බුදුරජාණන්වහන්සේත්, අසුමහා ශ්‍රාවකයන්වහන්සේත් වඳිනු මැනවැයි පිටත්කර හැරියාහ.

තෙ ථෙරං ඛමාපෙත්‍වා අන‍්තොගාමං පවිසිංසු. මනුස‍්සා තෙ දිස‍්වා නිසීදාපෙත්‍වා භික‍්ඛං දත්‍වා “කිං, භන‍්තෙ, අය්‍යානං ගමනාකාරො පඤ‍්ඤායතී”ති? “ආම, උපාසකා, සත්‍ථාරං දට‍්ඨුකාමම‍්හා”ති. තෙ පුනප‍්පුනං යාචිත්‍වා තෙසං ගමනඡන්‍දමෙව ඤත්‍වා අනුගන‍්ත්‍වා පරිදෙවිත්‍වා නිවත‍්තිංසු. තෙපි අනුපුබ‍්බෙන ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරඤ‍්ච අසීතිමහාථෙරෙ ච ථෙරස‍්ස වචනෙන වන්‍දිත්‍වා පුනදිවසෙ යත්‍ථ ථෙරස‍්ස කනිට‍්ඨො වසති, තං වීථිං පිණ‍්ඩාය පවිසිංසු. කුටුම‍්බිකො තෙ සඤ‍්ජානිත්‍වා නිසීදාපෙත්‍වා කතපටිසන්‍ථාරො “භාතිකත්‍ථෙරො මෙ, භන‍්තෙ, කුහි”න‍්ති පුච‍්ඡි. අථස‍්ස තෙ තං පවත‍්තිං ආරොචෙසුං. සො තං සුත්‍වාව තෙසං පාදමූලෙ පරිවත‍්තෙන‍්තො රොදිත්‍වා පුච‍්ඡි – “ඉදානි, භන‍්තෙ, කිං කාතබ‍්බ”න‍්ති? “ථෙරො ඉතො කස‍්සචි ආගමනං පච‍්චාසීසති, තස‍්ස ගතකාලෙ තෙන සද‍්ධිං ආගමිස‍්සතී”ති. “අයං මෙ, භන‍්තෙ, භාගිනෙය්‍යො පාලිතො නාම, එතං පෙසෙථා”ති. “එවං පෙසෙතුං න සක‍්කා, මග‍්ගෙ පරිපන්‍ථො අත්‍ථි, තං පබ‍්බාජෙත්‍වා පෙසෙතුං වට‍්ටතී”ති. “එවං කත්‍වා පෙසෙථ, භන‍්තෙ”ති. අථ නං පබ‍්බාජෙත්‍වා අඩ‍්ඪමාසමත‍්තං පත‍්තචීවරග‍්ගහණාදීනි සික‍්ඛාපෙත්‍වා මග‍්ගං ආචික‍්ඛිත්‍වා පහිණිංසු.

ඒ තෙරවරු පාලතෙරුන් වැඳ සමාකර ගෙන ඇතුළු ගමට පිවිසියාහුය. එගම මිනිස්සු උන්වහන්සේලා වඩා හිඳුවා දන් පිළිගන්වා, ස්වාමීනි, ඔබවහන්සේලාගේ ගමනාකාරයක් පෙනෙන්නේ ඇයිදැයි විමසූහ. එසේය, උපාසකවරුනි, අපි බුදුන් දක්නා කැමැත්තම්හ. එහි යන්නෙමුයි කීහ. මිනිස්සු නොයෙක් අයුරින් ඉල්ලාසිටි නමුදු උන්වහන්සේලාගේ ගමන පිළිබඳ රුචිය බලවත්බව දැක පසුගමන් කොට හඬා වැළපී නැවතුණහ. ඒ තෙරුන්වහන්සේලා ගම්දනව් පසුකරමින් ගමන්කොට දෙව්‍රමට පැමිණ බුදුනුත් අසුමහාසව්වනුත් මහාපාලහිමියන්ගේ වචනයෙන් වැඳ ඊට පසුදා පාලතෙරුන්ගේ මලණුවන් වසන වීථියෙහි පිඬුසිඟා වැඩියහ. චුල්ලපාල තෙමේ ඒ තෙරවරුන් හඳුනාගෙන, පිළිසඳරකොට සිය සොහොයුරු තෙරුන් කොහේදැයි ඇසීය. ඒ තෙරවරු සියලු පුවත් දැන්වූහ. ඔහු තෙරුවරුන්ගේ පාමුල වැටී පෙරළෙමින් හඬා වැළපී ස්වාමීනි, දැන් කළයුත්තේ කුමක්දැයි අසා සිටියේය. මෙහෙන් කවුරුන් හෝ යනතුරු උන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටිති. ගිය පසු ඔහු සමඟ එනුඇතියි දැන්වූහ. ස්වාමීනි, මේ මගේ බෑණාය. මොහුගේ නමත් පාලිතය. මොහු එහි යවනු මැනවැයි සොහොයුරා ඉල්ලා සිටියේය. මොහු මේ අයුරින් යැවිය නොහැකියි. මහමඟ නොයෙක් උවදුරු සහිතයි. පැවිදිකොට යවමුයි තීරණයකොට ඔහු පැවිදිකර අඩමසක් පමණ සිවුරු පෙරවීමාදිය පුහුණු කොට මඟතොට කියාදී පිටත්කර හැරියාහ.

සො අනුපුබ‍්බෙන තං ගාමං පත්‍වා ගාමද‍්වාරෙ එකං මහල‍්ලකං දිස‍්වා, “ඉමං ගාමං නිස‍්සාය කොචි ආරඤ‍්ඤකො විහාරො අත්‍ථී”ති පුච‍්ඡි. “අත්‍ථි, භන‍්තෙ”ති. “කො නාම තත්‍ථ වසතී”ති? “පාලිතත්‍ථෙරො නාම, භන‍්තෙ”ති. “මග‍්ගං මෙ ආචික‍්ඛථා”ති. “කොසි ත්‍වං, භන‍්තෙ”ති? “ථෙරස‍්ස භාගිනෙය්‍යොම‍්හී”ති. අථ නං ගහෙත්‍වා විහාරං නෙසි. සො ථෙරං වන්‍දිත්‍වා අඩ‍්ඪමාසමත‍්තං වත‍්තපටිවත‍්තං කත්‍වා ථෙරං සම‍්මා පටිජග‍්ගිත්‍වා, “භන‍්තෙ, මාතුලකුටුම‍්බිකො මෙ තුම‍්හාකං ආගමනං පච‍්චාසීසති, එථ, ගච‍්ඡාමා”ති ආහ. “තෙන හි ඉමං මෙ යට‍්ඨිකොටිං ගණ‍්හාහී”ති. සො යට‍්ඨිකොටිං ගහෙත්‍වා ථෙරෙන සද‍්ධිං අන‍්තොගාමං පාවිසි. මනුස‍්සා ථෙරං නිසීදාපෙත්‍වා “කිං, භන‍්තෙ, ගමනාකාරො වො පඤ‍්ඤායතී”ති පුච‍්ඡිංසු. “ආම, උපාසකා, ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිස‍්සාමී”ති. තෙ නානප‍්පකාරෙන යාචිත්‍වා අලභන‍්තා ථෙරං උය්‍යොජෙත්‍වා උපඩ‍්ඪපථං ගන‍්ත්‍වා රොදිත්‍වා නිවත‍්තිංසු.

සාමණේරතෙම පිළිවෙළින් මග ගෙවා ගොස් ඒ ගමේ දොරටුවට පැමිණ එහි දී එක් මහල්ලෙකු දැක මේ ගම අසළ එක් ආරණ්‍යයක විහාරයක් ඇත්දැයි විචාළේය. ඇත ස්වාමීනි, එහි වසනුවෝ කවුරුන්ද? ස්වාමීනි, පාලිත නම් මහතෙර නමකි. එහි යන පාර මට කියා දෙන්න. ස්වාමීනි, ඔබ කවුරුන්ද? මම ඒ හිමියන්ගේ බෑණා වෙමියි සාමණේරනම පිළිතුරු දුන්නේය. ඉන්පසු සාමණේරනම එහි ගොස් තෙරුන් වැඳ අඩමසක් පමණ වත්පිළිවෙත්කොට තෙරුන් හොඳින් රැකබලා ගෙන සිට දිනක්, ස්වාමීනි, මගේ මාමා ඔබවහන්සේගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටියි. අපි එහි යමුයයි යෝජනා කෙළේය. එසේනම් මාගේ සැරයටි කෙළවර අල්වා ගනුවයි තෙරණුවෝ කීහ. සාමණේරතෙම තෙරුන්ගේ සැරයටි කෙළවර අල්වාගෙන තෙරුණුත් සමඟ ඇතුළු ගමට පිවිසියේය. මිනිස්සු උන්වහන්සේලා වඩා හිඳුවා, ඇයි ස්වාමීනි, ඔබවහන්සේලාගේ ගමනාකාරයක්දැයි ඇසූහ. එසේය, උපාසකවරුනි අපි බුදුන් වඳින්නට යන්නෙමුයයි කීවිට මිනිස්සු නොයෙක් අයුරින් ඉල්ලා සිටියත් නොනවතින බව දැන තෙරුන් පිටත්කර ගමනින් භාගයක්ම පසුගමන්කොට හඬාවැළප නැවතුණහ.

සාමණෙරො ථෙරං යට‍්ඨිකොටියා ආදාය ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අටවියං කට‍්ඨනගරං නාම ථෙරෙන උපනිස‍්සාය වුට‍්ඨපුබ‍්බං ගාමං සම‍්පාපුණි, සො ගාමතො නික‍්ඛමිත්‍වා අරඤ‍්ඤෙ ගීතං ගායිත්‍වා දාරූනි උද‍්ධරන‍්තියා එකිස‍්සා ඉත්‍ථියා ගීතසද‍්දං සුත්‍වා සරෙ නිමිත‍්තං ගණ‍්හි. ඉත්‍ථිසද‍්දො විය හි අඤ‍්ඤො සද‍්දො පුරිසානං සකලසරීරං ඵරිත්‍වා ඨාතුං සමත්‍ථො නාම නත්‍ථි. තෙනාහ භගවා –

සාමණේරතෙම තෙරුන්ගේ සැරයටි කෙළවර ගෙන ඉදිරියෙන් යන්නේ අතරමඟ පාලතෙරුන් මින් පෙර වැස පුරුදු අඩවියක කට්ඨනගර නම් තැනකට පැමිණියේය. එතැන පසුකර යනවිට කැලයේ ගීයක් ගායනා කරමින් දර කඩන ස්ත්‍රියකගේ ගීහඬක් අසා ඒ හඬෙහි ආශාව ඇතිකර ගත්තේය. පුරුෂයන්ගේ සකල ශරීරය පැතිර යන ස්ත්‍රීශබ්දය වැනි වෙනත් ශබ්දයක් නැත්තේය. එහෙයින් බුදුරදුහු මෙසේ වදාළහ.

“නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකසද‍්දම‍්පි සමනුපස‍්සාමි, යං එවං පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති, යථයිදං, භික‍්ඛවෙ, ඉත්‍ථිසද‍්දො”ති (අ· නි· 1.2).

මහණෙනි, පුරුෂයන්ගේ සිත මැඩගෙන පවතින වෙන එකද ශබ්දයක් හෝ මම නොදනිමි. ඒ ශබ්දය නම් ස්ත්‍රී ශබ්දයයි.

සාමණෙරො තත්‍ථ නිමිත‍්තං ගහෙත්‍වා යට‍්ඨිකොටිං විස‍්සජ‍්ජෙත්‍වා “තිට‍්ඨථ තාව, භන‍්තෙ, කිච‍්චං මෙ අත්‍ථී”ති තස‍්සා සන‍්තිකං ගතො. සා තං දිස‍්වා තුණ‍්හී අහොසි. සො තාය සද‍්ධිං සීලවිපත‍්තිං පාපුණි. ථෙරො චින‍්තෙසි – “ඉදානෙව එකො ගීතසද‍්දො සුය්‍යිත්‍ථ. සො ච ඛො ඉත්‍ථියා සද‍්දො ඡිජ‍්ජි, සාමණෙරොපි චිරායති, සො තාය සද‍්ධිං සීලවිපත‍්තිං පත‍්තො භවිස‍්සතී”ති. සොපි අත‍්තනො කිච‍්චං නිට‍්ඨාපෙත්‍වා ආගන‍්ත්‍වා “ගච‍්ඡාම, භන‍්තෙ”ති ආහ. අථ නං ථෙරො පුච‍්ඡි – “පාපොජාතොසි සාමණෙරා”ති. සො තුණ‍්හී හුත්‍වා ථෙරෙන පුනප‍්පුනං පුට‍්ඨොපි න කිඤ‍්චි කථෙසි. අථ නං ථෙරො ආහ – “තාදිසෙන පාපෙන මම යට‍්ඨිකොටිග‍්ගහණකිච‍්චං නත්‍ථී”ති. සො සංවෙගප‍්පත‍්තො කාසායානි අපනෙත්‍වා ගිහිනියාමෙන පරිදහිත්‍වා, “භන‍්තෙ, අහං පුබ‍්බෙ සාමණෙරො, ඉදානි පනම‍්හි ගිහී ජාතො, පබ‍්බජන‍්තොපි ච ස‍්වාහං න සද‍්ධාය පබ‍්බජිතො, මග‍්ගපරිපන්‍ථභයෙන පබ‍්බජිතො, එථ ගච‍්ඡාමා”ති ආහ. “ආවුසො, ගිහිපාපොපි සමණපාපොපි පාපොයෙව, ත්‍වං සමණභාවෙ ඨත්‍වාපි සීලමත‍්තං පූරෙතුං නාසක‍්ඛි, ගිහී හුත්‍වා කිං නාම කල්‍යාණං කරිස‍්සසි, තාදිසෙන පාපෙන මම යට‍්ඨිකොටිග‍්ගහණකිච‍්චං නත්‍ථී”ති ආහ. “භන‍්තෙ, අමනුස‍්සුපද‍්දවො මග‍්ගො, තුම‍්හෙ ච අන්‍ධා අපරිණායකා, කථං ඉධ වසිස‍්සථා”ති? අථ නං ථෙරො, “ආවුසො, ත්‍වං මා එවං චින‍්තයි, ඉධෙව මෙ නිපජ‍්ජිත්‍වා මරන‍්තස‍්සාපි අපරාපරං පරිවත‍්තන‍්තස‍්සාපි තයා සද‍්ධිං ගමනං නාම නත්‍ථී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

සාමණේරතෙම ඒ ස්ත්‍රීශබ්දයෙහි නිමිත්ත ගෙන, සැරයටිකෙළවර අතහැර ස්වාමීනි මඳක් නවතින්න, මට පොඩි කටයුත්තක් ඇතැයි ඒ ස්ත්‍රීය සොයා ගියේය. ඈ ඔහු දැක නිහඬ වූවාය. ඔහු ඇය සමඟ එක්වී සීලවිපත්තියට පැමිණියේය. තෙරණුවෝ මෙසේ සිතූහ - දැන් මොහොතකට කලින් ගීහඬක් ඇසිණි. එයත් ස්ත්‍රී කටහඬකි. සාමණේරනමත් ආපසු ඒමට කල් යවයි. ඒකාන්තයෙන්ම ඔහු සීලවිපත්තියට පැමිණෙන්නට ඇති. සාමණේරතෙමේත් තම සිතැඟි ඉටුකරගෙන එහි පැමිණ, ස්වාමීනි, යමු යි කීවේය. ඉන්පසු තෙරණුවෝ, එම්බල සාමාණේරය, පාපියෙක්වූවෙහිදැයි විචාළ නුමුදු හේ කිසිවක්ම නොකීවේය. අනතුරුව තෙරණුවෝ මෙසේ කීහ. තා වැනි පාපියෙකු විසින් මින්මතු මගේ සැරයටිය ගැනීමක් කළනොහැකිය. සාමණේර නම මහත් සංවේගයට පැමිණ හැඳි කසාවත් ඉවත්කොට ඒවා ගිහි ස්වරූපයෙන් හැඳගෙන, ස්වාමීනි, පෙර මම සාමණේරයෙක්මි, දැන් මම ගිහියෙක්වීමි. මා පැවිදිවූයේත් සැදැහැයකින් නොවේ. මාර්ගයේ උවදුරු වළකාගනු පිණිසයි. එන්න, දැන් මා සමඟ යමුයි කීය. එම්බල! ගිහි පාපියාත් පාපියාමය. ශ්‍රමණ පාපියාත් පාපියාමය. ඔබ පැවිදි විලාත් සීලමාත්‍රයක් පවා පුරන්නට අපොහොසත් විය. දැන් ගිහිභාවයට පත්වී කිනම් යහපතක් කළ හැකිද? තා වැනි පාපියෙකු විසින් මගේ සැරයටිකෙළවර ගැනීමක් කවදාවත් කළ නොහැකිය. ස්වාමීනි, මේ මහමඟ අමනුෂ්‍ය උපද්‍රවවලින් ගහණය. ඔබවහන්සේත් අන්ධයි. ඉතින් කෙසේ නම් මෙහි සිටින්නද? තෙරණුවෝ, ඇවැත්නි, තෙපි එසේ නොසිතව. මා මෙහි ඉඳ මැරුණත්, එහාමෙහා පෙරළුණත් තා වැන්නෙකු සමඟ මගේ ගමනක් නම් කිසිවිටෙකත් නොවන්නේයයි ප්‍රකාශකොට මේ ගාථාද පැවසූහ:

“හන්‍දාහං හතචක‍්ඛුස‍්මි, කන‍්තාරද‍්ධානමාගතො; සෙය්‍යමානො න ගච‍්ඡාමි, නත්‍ථි බාලෙ සහායතා.

අඳෙක් වෙමි ඇස් නැති කතර මඟකට ආවෙමි වැද හොවිමි නොම යමි බාලයන්ගේ සහය නොප තමි

“හන්‍දාහං හතචක‍්ඛුස‍්මි, කන‍්තාරද‍්ධානමාගතො; මරිස‍්සාමි නො ගමිස‍්සාමි, නත්‍ථි බාලෙ සහායතා”ති.

අඳෙක් වෙමි ඇස් නැති කතර මඟකට ආවෙමි මැරෙමි නොම යන් නෙමි බාලයන්ගේ සහය නොප තමි

තං සුත්‍වා ඉතරො සංවෙගජාතො “භාරියං වත මෙ සාහසිකං අනනුච‍්ඡවිකං කම‍්මං කත”න‍්ති බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තො වනසණ‍්ඩං පක‍්ඛන්‍දිත්‍වා තථා පක‍්කන‍්තොව අහොසි.

එය අසා සිටි අනිකා මහත් සංවේගයට පැමිණ අනේ මා විසින් ඉතා බැරෑරුම්වුත්, නෝබිනාවූත් සාහසික ක්‍රියාවක් කරනලද්දෙමි’යි ඉසඅත් බැඳ අඬා වැළපෙමින් වනලැහැබට පැනයන්ට ගියේය.

ථෙරස‍්සාපි සීලතෙජෙන සට‍්ඨියොජනායාමං පඤ‍්ඤාසයොජනවිත්‍ථතං පන‍්නරසයොජනබහලං ජයසුමනපුප‍්ඵවණ‍්ණං නිසීදනුට‍්ඨහනකාලෙසු ඔනමනුන‍්නමනපකතිකං සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො “කො නු ඛො මං ඨානා චාවෙතුකාමො”ති ඔලොකෙන‍්තො දිබ‍්බෙන චක‍්ඛුනා ථෙරං අද‍්දස. තෙනාහු පොරාණා –

තෙරණුවන්ගේ ශීලතේජසින්, සක්දෙවිඳුන්ගේ සැටයොදුන් දිග, පනස් යොදුන් පළල, පසළොස්යොදුන් ඝන බඳු වදමල් පැහැ ඇති, හිඳගන්නා විට උස්පහත් වන, පඬුපුල්සලස්න උණුවන අයුරක් දැක්වීය. සක්දෙව්‍රද කිම? කවුරුන් හෝ මා මේ තනතුරෙන් පළවා හරිනු කැමැත්තේදැයි දිවැසින් විපරම්කර බලන්නේ ඉහත කී තත්ත්වයට පත්වසිටින තෙරණුවන් දැක්කේය. එහෙයින් පැරණියෝ මෙසේ කීහ:

“සහස‍්සනෙත‍්තො දෙවින්‍දො, දිබ‍්බචක‍්ඛුං විසොධයි; පාපගරහී අයං පාලො, ආජීවං පරිසොධයි.

දහසක් දිවැස් ඇති සක්දෙවි දිවැස් විහිදී පව් ගරහන පාල හිමි දිව මගම පිරිසිදු කොළෝ

“සහස‍්සනෙත‍්තො දෙවින්‍දො, දිබ‍්බචක‍්ඛුං විසොධයි; ධම‍්මගරුකො අයං පාලො, නිසින‍්නො සාසනෙ රතො”ති.

දහසක් දිවැස් ඇති සක්දෙවි දිවැස් විහිදී දම් ගරුකවු පාල හිමි සිටි සසුනෙහි ඇලු මැති

අථස‍්ස එතදහොසි – “සචාහං එවරූපස‍්ස පාපගරහිනො ධම‍්මගරුකස‍්ස අය්‍යස‍්ස සන‍්තිකං න ගමිස‍්සාමි, මුද‍්ධා මෙ සත‍්තධා ඵලෙය්‍ය, ගමිස‍්සාමි තස‍්ස සන‍්තික”න‍්ති. තතො –

ඉන්පසු සක්දෙවිඳුන්ට මෙබඳු සිතක් පහළවිය. ඉදින් මම, මෙවන් පාපයට ගරහන, ධර්ම ගරුක ආර්‍යයන්වහන්සේ වෙත නොයන්නේනම් මගේ හිස සත්කඩකට පැලෙන්නේය. මම උන්වහන්සේ වෙත යන්නෙමි.

“සහස‍්සනෙත‍්තො දෙවින්‍දො, දෙවරජ‍්ජසිරින්‍ධරො; තඞ‍්ඛණෙන ආගන‍්ත්‍වාන, චක‍්ඛුපාලමුපාගමි”. –

දහසක් දිවැස් ඇති දෙවිඳු දෙව්‍රජ සිරි දැරූ සැණයකින් එහි ගොස් සක්පල් හිමි හමු වුණා

උපගන‍්ත්‍වා ච පන ථෙරස‍්ස අවිදූරෙ පදසද‍්දමකාසි. අථ නං ථෙරො පුච‍්ඡි – “කො එසො”ති? “අහං, භන‍්තෙ, අද‍්ධිකො”ති. “කුහිං යාසි උපාසකා”ති ? “සාවත්‍ථියං, භන‍්තෙ”ති. “යාහි, ආවුසො”ති. “අය්‍යො පන, භන‍්තෙ, කුහිං ගමිස‍්සතී”ති? “අහම‍්පි තත්‍ථෙව ගමිස‍්සාමී”ති. “තෙන හි එකතොව ගච‍්ඡාම, භන‍්තෙ”ති. “අහං, ආවුසො, දුබ‍්බලො, මයා සද‍්ධිං ගච‍්ඡන‍්තස‍්ස තව පපඤ‍්චො භවිස‍්සතී”ති. “මය‍්හං අච‍්චායිකං නත්‍ථි, අහම‍්පි අය්‍යෙන සද‍්ධිං ගච‍්ඡන‍්තො දසසු පුඤ‍්ඤකිරියවත්‍ථූසු එකං ලභිස‍්සාමි, එකතොව ගච‍්ඡාම, භන‍්තෙ”ති.

සක්පල් තෙරණුවන් වෙත පැමිණ සක්දෙව්‍රජ තමන් ආ බව අඟවනු පිණිස පතුල් බිම ගසා ශබ්ද කෙළේය. තෙරණුවෝ මේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි මම මඟියෙක්මි. උපාසකය කොහි යන්නෙහිද? ස්වාමීනි, සැවැත් නුවරට. එසේ නම් ඇවැත්නි යන්න. ස්වාමීනි, ආර්‍යයන්වහන්සේ කොහි වඩිනාසේක්ද? මමත් එහිම යන්නෙමි. එසේනම්, ස්වාමීනි, එකටම යමු. මම දුබලයෙක්මි. අන්ධයෙක්මි. මා සමඟ යනකල ඔබට පමාවෙයි. ස්වාමීනි, මට හදිසි කටයුත්තක් නැත. ආර්‍යයන්වහන්සේ සමඟ යෑමෙන් මම දසපින් කිරියවතින් එකක්ද ලබන්නෙමි. එනිසා එකටම යමු ස්වාමීනි.

ථෙරො “එසො සප‍්පුරිසො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා – “තෙන හි සද‍්ධිං ගමිස‍්සාමි, යට‍්ඨිකොටිං ගණ‍්හ උපාසකා”ති ආහ. සක‍්කො තථා කත්‍වා පථවිං සඞ‍්ඛිපන‍්තො සායන‍්හසමයෙ ජෙතවනං සම‍්පාපෙසි. ථෙරො සඞ‍්ඛපණවාදිසද‍්දං සුත්‍වා “කත්‍ථෙසො සද‍්දො”ති පුච‍්ඡි. “සාවත්‍ථියං, භන‍්තෙ”ති? “පුබ‍්බෙ මයං ගමනකාලෙ චිරෙන ගමිම‍්හා”ති. “අහං උජුමග‍්ගං ජානාමි, භන‍්තෙ”ති. තස‍්මිං ඛණෙ ථෙරො “නායං මනුස‍්සො, දෙවතා භවිස‍්සතී”ති සල‍්ලක‍්ඛෙසි.

තෙරණුවෝත් මේ එක් සත්පුරුෂයාණ කෙනෙකියි සිතා, එසේනම් උපාසකයිනි, මගේ සැරයටිකෙළවර අල්වා ගන්නැයි කීහ. සක්දෙව්පුත්ද එසේ අල්වාගෙන පොළොව කැටිකරමින් සවස්වනවිට දෙව්‍රමට පැමිණවූයේය. තෙරණුවෝ හක්ගෙඩි බෙරදවුල්හඬ අසා මේ බෙරහඬ ඇසෙන්නේ කොහෙන්දැයි ඇසුවෝය. ස්වාමීනි, ඒ සැවැත්නුවරය. උපාසකය, පෙර අප යනකල බොහෝ දවස් ගතවෙයි. ස්වාමීනි, මම කෙටි මඟක් දනිමි. එයින් ආවෙමි’. එවෙලෙහි තෙරණුවෝ මේනම් මිනිසෙක් නොවෙයි, දෙවියෙකියි සිතාගත්හ.

“සහස‍්සනෙත‍්තො දෙවින්‍දො, දෙවරජ‍්ජසිරින්‍ධරො; සඞ‍්ඛිපිත්‍වාන තං මග‍්ගං, ඛිප‍්පං සාවත්‍ථිමාගමී”ති.

දහසක් දිවැස් ඇති දෙවිඳු දෙව්‍රජ සිරි දැරූ හකුළුවා එන මග වහා සැවතට සපැමිණි

සො ථෙරං නෙත්‍වා ථෙරස‍්සෙවත්‍ථාය කනිට‍්ඨකුටුම‍්බිකෙන කාරිතං පණ‍්ණසාලං නෙත්‍වා ඵලකෙ නිසීදාපෙත්‍වා පියසහායකවණ‍්ණෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “සම‍්ම, චූළපාලා”ති පක‍්කොසි. “කිං, සම‍්මා”ති? “ථෙරස‍්සාගතභාවං ජානාසී”ති? “න ජානාමි, කිං පන ථෙරො ආගතො”ති? “ආම, සම‍්ම, ඉදානි අහං විහාරං ගන‍්ත්‍වා ථෙරං තයා කාරිතපණ‍්ණසාලාය නිසින‍්නකං දිස‍්වා ආගතොම‍්හී”ති වත්‍වා පක‍්කාමි.

සක්දෙව්‍රජ, තෙරුන්වහන්සේ, උන්වහන්සේ උදෙසාම කනිටු සොහොයුරා විසින් කරවන ලද පන්සලට පමුණුවා, අසුනෙක වඩාහිඳුවා, ප්‍රිය යහළුවකුගේ වෙසින් සොහොයුරාගේ ගෙට ගොස්, ඔහු අමතා තෙරණුවන් පැමිණිබවත්, ඔබ කළ පන්සලෙහි වැඩසිටිනු දුටුබවත් කියා යන්ට ගියේය.

කුටුම‍්බිකොපි විහාරං ගන‍්ත්‍වා ථෙරං දිස‍්වා පාදමූලෙ පරිවත‍්තන‍්තො රොදිත්‍වා “ඉදං දිස‍්වා අහං, භන‍්තෙ, තුම‍්හාකං පබ‍්බජිතුං නාදාසි”න‍්තිආදීනි වත්‍වා ද‍්වෙ දාසදාරකෙ භුජිස‍්සෙ කත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බාජෙත්‍වා “අන‍්තොගාමතො යාගුභත‍්තාදීනි ආහරිත්‍වා ථෙරං උපට‍්ඨහථා”ති පටියාදෙසි. සාමණෙරා වත‍්තපටිවත‍්තං කත්‍වා ථෙරං උපට‍්ඨහිංසු.

කෙළෙඹියාද පන්සලට ගොස් තෙරුන් දැක, පාමුල පෙරළෙමින් හඬා වැළප ස්වාමීනි, මේ දැක මම ඔබට පැවිදිවන්නට නොදුන්නෙමි ආදිය කියා දාස දරුවන් දෙදෙනෙකු නිදහස්කරවා, තෙරුන් ළඟ පැවිදිකරවා ඇතුළුගමින් කැඳ බත් ආදිය ගෙනවුත් උපස්ථාන කිරීම සඳහා යෙදවීය. සාමණේරවරු වත්පිළිවෙත් කොට තෙරණුවන්ට උවැටන්කළහ.

අථෙකදිවසං දිසාවාසිනො භික‍්ඛූ “සත්‍ථාරං පස‍්සිස‍්සාමා”ති ජෙතවනං ආගන‍්ත්‍වා තථාගතං වන්‍දිත්‍වා අසීතිමහාථෙරෙ ච, වන්‍දිත්‍වා විහාරචාරිකං චරන‍්තා චක‍්ඛුපාලත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං පත්‍වා “ඉදම‍්පි පස‍්සිස‍්සාමා”ති සායං තදභිමුඛා අහෙසුං. තස‍්මිං ඛණෙ මහාමෙඝො උට‍්ඨහි. තෙ “ඉදානි අතිසායන‍්හො, මෙඝො ච උට‍්ඨිතො, පාතොව ගන‍්ත්‍වා පස‍්සිස‍්සාමා”ති නිවත‍්තිංසු.

ඉන්පසු දිනෙක දිසාවාසී භික්ෂූහු බුදුන් දකින්නෙමුයයි දෙව්‍රමට අවුත් බුදුන් වැඳ අසූමහාතෙරවරුන්ද දැක විහාරයෙහි ඇවිදින්නාහු චක්ඛුපාලතෙරුන් වසන තැනටද පැමිණ උන්වහන්සේත් දකින්නෙමුයයි සවස එහි ගියහ. එවේලේ මහා වැස්සක් වැස්සේය. ඒ තෙරුන්වහන්සේලා දැන් සවස්විය. වැස්සකුත් පටන් ගත්තේය. එහෙයින් හෙට උදෑසනම ගොස් දකින්නෙමුයයි නැවතුණාහ.

දෙවො පඨමයාමං වස‍්සිත්‍වා මජ‍්ඣිමයාමෙ විගතො. ථෙරො ආරද‍්ධවීරියො ආචිණ‍්ණචඞ‍්කමනො, තස‍්මා පච‍්ඡිමයාමෙ චඞ‍්කමනං ඔතරි. තදා ච පන නවවුට‍්ඨාය භූමියා බහූ ඉන්‍දගොපකා උට‍්ඨහිංසු. තෙ ථෙරෙ චඞ‍්කමන‍්තෙ යෙභුය්‍යෙන විපජ‍්ජිංසු. අන‍්තෙවාසිකා ථෙරස‍්ස චඞ‍්කමනට‍්ඨානං කාලස‍්සෙව න සම‍්මජ‍්ජිංසු. ඉතරෙ භික‍්ඛූ “ථෙරස‍්ස වසනට‍්ඨානං පස‍්සිස‍්සාමා”ති ආගන‍්ත්‍වා චඞ‍්කමනෙ මතපාණකෙ දිස‍්වා “කො ඉමස‍්මිං චඞ‍්කමතී”ති පුච‍්ඡිංසු. “අම‍්හාකං උපජ‍්ඣායො, භන‍්තෙ”ති. තෙ උජ‍්ඣායිංසු “පස‍්සථාවුසො, සමණස‍්ස කම‍්මං, සචක‍්ඛුකකාලෙ නිපජ‍්ජිත්‍වා නිද‍්දායන‍්තො කිඤ‍්චි අකත්‍වා ඉදානි චක‍්ඛුවිකලකාලෙ ‘චඞ‍්කමාමී’ති එත‍්තකෙ පාණකෙ මාරෙසි ‘අත්‍ථං කරිස‍්සාමී’ති අනත්‍ථං කරොතී”ති. අථ ඛො තෙ ගන‍්ත්‍වා තථාගතස‍්ස ආරොචෙසුං, “භන‍්තෙ, චක‍්ඛුපාලත්‍ථෙරො ‘චඞ‍්කමාමී’ති බහූ පාණකෙ මාරෙසී”ති.

පළමු යාමයෙහි පටන්ගත් වැස්ස මධ්‍යම යාමයෙහි නැවතුණේය. චක්ඛුපාල තෙරුන්වහන්සේ සක්මන් භාවනාව පුරුදු කළ කෙනෙකි. එහෙයින් අවසාන යාමයෙහි සක්මන් කිරීමට පටන් ගත්හ. අලුතෙන්ම වැසි වැස්ස නිසා ඒ සක්මන් මළුවෙහි බොහෝ ඉන්දගෝපකයෝ (කුඩා රතුපාට පණුවෝ) පොළොව මතුපිටට ආහ. තෙරුන් සක්මන්කරන කල ඉදුගොව්වෝ විශාල වශයෙන් පෑගී මළහ. අතවැසියෝ තෙරුන්ගේ සක්මන්මළු උදෑසනින් අතුගා නොතිබිණි. ඉහත කී භික්ෂූහු තෙරුන් වසන තැනට අවුත් සක්මනෙහි මළ පණුවන් දැක, මෙහි සක්මන් කරන්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, අපේ උපාධ්‍යායන්වහන්සේයි. ඒ භික්ෂූහූ ඒ අසා බෙහෙවින් නින්දා පරිභව කළහ. “මේ ශ්‍රමණයාගේ වැඩක් බලව්. ඇස් ඇති කාලයේ වැදහෙව නිදාසිට, කිසිවක් නොකොට දැන් ඇස් අන්ධවු පසු සක්මන් කරන්නෙමියි බොහෝ පණුවන් මැරීය. අර්ථයක් කරන්ට ගොස් අනර්ථයක්ම කෙළේය’යි කියමින් බුදුරදුන් සමීපයට ගොස් ස්වාමීනි, චක්ඛුපාලතෙරුන් සක්මන් කෙරෙමියි බොහෝ පණුවන් මරා දැම්මේයයි දන්වා සිටියහ.

“කිං පන සො තුම‍්හෙහි මාරෙන‍්තො දිට‍්ඨො”ති? “න දිට‍්ඨො, භන‍්තෙ”ති. “යථෙව තුම‍්හෙ තං න පස‍්සථ, තථෙව සොපි තෙ පාණෙ න පස‍්සති. ඛීණාසවානං මරණචෙතනා නාම නත්‍ථි, භික‍්ඛවෙ”ති. “භන‍්තෙ, අරහත‍්තස‍්ස උපනිස‍්සයෙ සති කස‍්මා අන්‍ධො ජාතො”ති? “අත‍්තනො කතකම‍්මවසෙන, භික‍්ඛවෙ”ති. “කිං පන, භන‍්තෙ, තෙන කත”න‍්ති? තෙන හි, භික‍්ඛවෙ, සුණාථ –

කිම, තෙපි චක්ඛුපාල තෙරුන් පණුවන් මරනු දුටුවාහුද? නැත ස්වාමීනි, අප දුටුවේ නැත. මහණෙනි, යම්සේ තොප එය නොදුටුවාහුද? එසේම චක්ඛුපාලතෙරුන්ද ඒ පණුවන් නොදුටුවේය. මහණෙනි, රහතුන්ට මරණචේතනා නැත. භාග්‍යවතුන් වහන්ස, රහත්වීමට තරම් හේතුසම්පත් තිබියදී ඒ තෙරණුවෝ කෙසේ අන්ධ වුවාහුද? මහණෙනි, ඒ තමන් කළ කර්මයට අනුරූප වශයෙනුයි. ස්වාමීනි, චක්ඛුපාල තෙරුන් කළ ඒ පාපකර්මය කුමක්ද? මහණෙනි එසේ නම් අසව්.

අතීතෙ බාරාණසියං කාසිරඤ‍්ඤෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකො වෙජ‍්ජො ගාමනිගමෙසු චරිත්‍වා වෙජ‍්ජකම‍්මං කරොන‍්තො එකං චක‍්ඛුදුබ‍්බලං ඉත්‍ථිං දිස‍්වා පුච‍්ඡි – “කිං තෙ අඵාසුක”න‍්ති? “අක‍්ඛීහි න පස‍්සාමී”ති. “භෙසජ‍්ජං තෙ කරිස‍්සාමී”ති? “කරොහි, සාමී”ති. “කිං මෙ දස‍්සසී”ති? “සචෙ මෙ අක‍්ඛීනි පාකතිකානි කාතුං සක‍්ඛිස‍්සසි, අහං තෙ සද‍්ධිං පුත‍්තධීතාහි දාසී භවිස‍්සාමී”ති. සො “සාධූ”ති භෙසජ‍්ජං සංවිදහි, එකභෙසජ‍්ජෙනෙව අක‍්ඛීනි පාකතිකානි අහෙසුං. සා චින‍්තෙසි – “අහමෙතස‍්ස සපුත‍්තධීතා දාසී භවිස‍්සාමී”ති පටිජානිං, “න ඛො පන මං සණ‍්හෙන සම‍්මාචාරෙන සමුදාචරිස‍්සති, වඤ‍්චෙස‍්සාමි න”න‍්ති. සා වෙජ‍්ජෙනාගන‍්ත්‍වා “කීදිසං, භද‍්දෙ”ති පුට‍්ඨා “පුබ‍්බෙ මෙ අක‍්ඛීනි ථොකං රුජ‍්ජිංසු, ඉදානි පන අතිරෙකතරං රුජ‍්ජන‍්තී”ති ආහ. වෙජ‍්ජො “අයං මං වඤ‍්චෙත්‍වා කිඤ‍්චි අදාතුකාමා, න මෙ එතාය දින‍්නාය භතියා අත්‍ථො, ඉදානෙව නං අන්‍ධං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගෙහං ගන‍්ත්‍වා භරියාය එතමත්‍ථං ආචික‍්ඛි. සා තුණ‍්හී අහොසි. සො එකං භෙසජ‍්ජං යොජෙත්‍වා තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා “භද‍්දෙ, ඉමං භෙසජ‍්ජං අඤ‍්ජෙහී”ති අඤ‍්ජාපෙසි. අථස‍්සා ද‍්වෙ අක‍්ඛීනි දීපසිඛා විය විජ‍්ඣායිංසු. සො වෙජ‍්ජො චක‍්ඛුපාලො අහොසි.

අතීතයෙහි බරණැස බරණැස්‍රජු රාජ්‍යය කරන සමයෙහි එක් වෙදෙක් ගම්නියම් ගම්වල ඇවිදිමින් වෙදකම් කරන්නේ ඇස් දුබලවීගිය එක් ස්ත්‍රියක් දැක මෙසේ ඇසීය. ‘ඔබට ඇති අපහසුව (රෝගය) කුමක්ද? මගේ ඇස් නොපෙනෙයි. ඇස්වලට බේත් කරන්ටද? ස්වාමීනි, එසේය. ඔබ මට කුමක් දෙන්නෙහිද? යම් විදියකින් මගේ ඇස් ප්‍රකෘතිමත් කළහැකිනම් මම මගේ දූපුතුන් සමඟ ඔබට දාසී වෙමි. වෛද්‍යවරයා යහපතැයි ඇස්වලට බෙහෙත් දැමීය. එක බෙහෙතකින්ම ඇස් ප්‍රකෘතිමත් විය. ඉන්පසු ඈ මෙසේ සිතුවාය. “මම මොහුට දූපුතුන් සමඟ දාසී වන්නෙමි’යි ප්‍රතිඥා දුනිමි. දැන් මෘදු මොළොක් ලෙස සිටීමෙන් පලක් නැත. මොහුට වංචා කළ යුතුය”. මේ අතර වෙදා පැමිණ, නැගනිය, කෙසේද, දැන් ඇස් රෝගය සුවදැයි ඇසූ විට, පෙර මගේ ඇස්වල මදවේදනාවක් විය. දැන් තිබුණාටත් වඩා රුදා නැගෙන්නේයයි කීවාය. වෛද්‍යවරයා මෙසේ සිතුවේය. මෝතොමෝ මා වංචාකොට කිසිවක් නොදෙනු කැමැත්තීය. මැගේ බැළමෙහෙයෙන් මට වැඩක් නැත. මේ මොහොතේම මෑ අන්ධ කරන්නෙමියි සිතා ගෙදර ගොස් බිරිඳට එපුවත දන්වා සිටියේය. ඈ නිහඬ වුවාය. හෙතෙම එක් බෙහෙතක් හදා ඈ ළඟට ගොස් සොඳුර, එසේ නම් මේ බෙහෙත ඇසේ ආලේප කරන්නැයි ආලේප කරවීය. ඇගේ ඇස් පහන්සිළු දෙකක් නිවී යන්නාක් මෙන් එකෙණෙහිම විනාශවී ගියේය. එකල ඒ වෙදා නම් මේ චක්ඛුපාල තෙරුන්ය.

භික‍්ඛවෙ, තදා මම පුත‍්තෙන කතකම‍්මං පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධි. පාපකම‍්මඤ‍්හි නාමෙතං ධුරං වහතො බලිබද‍්දස‍්ස පදං චක‍්කං විය අනුගච‍්ඡතීති ඉදං වත්‍ථුං කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා පතිට‍්ඨාපිතමත‍්තිකං සාසනං රාජමුද‍්දාය ලඤ‍්ඡන‍්තො විය ධම‍්මරාජා ඉමං ගාථමාහ –

මහණෙනි, එදින මපුතුන් කළ කර්මය පසුපසින් ලුහුබැඳ ආවේය. පාපකර්මය නම් ගැල ඇදගෙන යන ගොනාගේ පා අනුව එන රෝදය මෙන් පසුපසින් එයි යනුවෙන් මේ කථා වස්තුව පුර්වාපර සන්ධි ගළපා මැටිපුවරුවක ලියූ ලිපියක රාජමුද්‍රාව තබන්නාක් මෙන් ධර්මරාජයන්වහන්සේ මේ ගාථාව වදාළ සේක:

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයා; මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක‍්ඛමන්‍වෙති, චක‍්කංව වහතො පද”න‍්ති.

සෑම සිතිවිලි දහම් මනස පෙරටුව සිදුවේ මනස සෙට කොට පැවතේ මනස තුළ නිපදුණේ වේ කිලිටි සිතකින් කියන කරන හැම දෙය නිසා දුකම පසුපසින් එයි ගොනුගෙ කර බැදි රීය රෝදය කැරකී එන ලෙස

තත්‍ථ මනොති කාමාවචරකුසලාදිභෙදං සබ‍්බම‍්පි චතුභූමිකචිත‍්තං. ඉමස‍්මිං පන පදෙ තදා තස‍්ස වෙජ‍්ජස‍්ස උප‍්පන‍්නචිත‍්තවසෙන නියමියමානං වවත්‍ථාපියමානං පරිච‍්ඡිජ‍්ජියමානං දොමනස‍්සසහගතං පටිඝසම‍්පයුත‍්තචිත‍්තමෙව ලබ‍්භති. පුබ‍්බඞ‍්ගමාති තෙන පඨමගාමිනා හුත්‍වා සමන‍්නාගතා. ධම‍්මාති ගුණදෙසනාපරියත‍්තිනිස‍්සත‍්තනිජ‍්ජීවවසෙන චත‍්තාරො ධම‍්මා නාම. තෙසු –

එහි මනො යනු කාමාවචර කුසලාදී (භූමිගත) භේද අනුව සියලු චාතුර්භූමික (කාම - රූප - අරූප - ලොකුත්තර) සිතයි. ඒ භූමිවල පවත්නා සිතයි. මේ පදයෙහි ලා එකල ඒ වෙදා තුළ උපන් සිත් වශයෙන් නියම කරනු, ව්‍යවස්ථා කරනු, සීමා කරනු ලබන දොමනස්ස සහගත පටිඝසම්ප්‍රයුක්ත සිතම වෙයි. පුබ්බංගමා යනු ඒ සිත සමඟ පුරෝගාමීව යෙදීමයි. ධම්මා යනු ගුණ - දේශනා - පරියන්ති - නිස්සත්ත - නිජ්ජීව වශයෙන් චතුර්විධ වේ. ඔවුන් අතර

“න හි ධම‍්මො අධම‍්මො ච, උභො සමවිපාකිනො; අධම‍්මො නිරයං නෙති, ධම‍්මො පාපෙති සුග‍්ගති”න‍්ති. (ථෙරගා· 304; ජා· 1.15.386) –

දහම හා අදහම සම විපාක ගෙන නොදේ අදහමෙන් නිරයටද දහමෙන් සුගතියටද යේ.

අයං ගුණධම‍්මො නාම. “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි ආදිකල්‍යාණ”න‍්ති (ම· නි· 3.420) අයං දෙසනාධම‍්මො නාම. “ඉධ පන, භික‍්ඛවෙ, එකච‍්චෙ කුලපුත‍්තා ධම‍්මං පරියාපුණන‍්ති සුත‍්තං ගෙය්‍ය”න‍්ති (ම· නි· 1.239) අයං පරියත‍්තිධම‍්මො නාම. “තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්ති, ඛන්‍ධා හොන‍්තී”ති (ධ· ස· 121) අයං නිස‍්සත‍්තධම‍්මො නාම, නිජ‍්ජීවධම‍්මොතිපි එසො එව. තෙසු ඉමස‍්මිං ඨානෙ නිස‍්සත‍්තනිජ‍්ජීවධම‍්මො අධිප‍්පෙතො. සො අත්‍ථතො තයො අරූපිනො ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති. එතෙ හි මනො පුබ‍්බඞ‍්ගමො එතෙසන‍්ති මනොපුබ‍්බඞ‍්ගමා නාම.

මේ ගුණ ධම්ම නම් වේ. ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදි කළ්‍යාණං’ ආදි තන්හි දේශනාධම්ම නම් වේ. ඉධ පන භික්ඛවෙ එකච්චේ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං’ ආදී තැන්වල ‘පරියන්ති ධම්ම’ නම්වේ. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති’ ආදී තැන්වල ‘නිස්සත්ත ධම්ම’ නම්වේ. නිජ්ජීවධම්ම යනුද මෙය මයි. එයින් මේ ස්ථානයෙහි (ගාථාවෙහි) ‘නිස්සත්ත නිජ්ජීවධම්ම’ අදහස් කරන ලදි. එහි අදහස නම් ත්‍රිවිධ අරූපස්කන්ධයෝයි. වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන තුනයි. ඔවුනතර මේ මේ ධර්මයන්ට සිත යොමුවේනුයි මනොපුබ්බංගමා නම්වේ.

කථං පනෙතෙහි සද‍්ධිං එකවත්‍ථුකො එකාරම‍්මණො අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ උප‍්පජ‍්ජමානො මනො පුබ‍්බඞ‍්ගමො නාම හොතීති? උප‍්පාදපච‍්චයට‍්ඨෙන. යථා හි බහූසු එකතො ගාමඝාතාදීනි කම‍්මානි කරොන‍්තෙසු “කො එතෙසං පුබ‍්බඞ‍්ගමො”ති වුත‍්තෙ යො නෙසං පච‍්චයො හොති, යං නිස‍්සාය තෙ තං කම‍්මං කරොන‍්ති, සො දත‍්තො වා මිත‍්තො වා තෙසං පුබ‍්බඞ‍්ගමොති වුච‍්චති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. ඉති උප‍්පාදපච‍්චයට‍්ඨෙන මනො පුබ‍්බඞ‍්ගමො එතෙසන‍්ති මනොපුබ‍්බඞ‍්ගමා.

කෙසේ නම් මොවුන් සමඟ ඒකවත්ථුක, ඒකාරම්මණ ලෙස නොපසුව නොපෙරටුව එකක්ෂණයක උපදිමින් මනෝපුබ්බංගම වෙයිද? උත්පාද ප්‍රත්‍යාර්ථයෙනි. යම් ලෙසකින් බොහෝ දෙනෙක් එකතුව ගම් පැහැරීම් ආදිය කරන කල්හි මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ විට යමෙක් ඒ සඳහා ප්‍රත්‍යය වේනම්, යමක් උදෙසා ඔවුහු ඒ කර්මය කෙරෙත්නම් ඔහුගේ නම දත්ත වුවත්, මත්ත වුවත් ඔහුම ඔවුන්ගේ පුරෝගාමියායයි කියනු ලැබෙයි. මෙහි පිළිවෙළ මෙසේ දත යුතුයි. මේ ආකාරයෙන් උත්පාදප්‍රත්‍යාර්ථයෙන් මොවුන්ට මනස පුර්වංගම වේනුයි ‘මනොපුබ්බංගමා’ නම්වේ.

න හි තෙ මනෙ අනුප‍්පජ‍්ජන‍්තෙ උප‍්පජ‍්ජිතුං සක‍්කොන‍්ති, මනො පන එකච‍්චෙසු චෙතසිකෙසු අනුපජ‍්ජන‍්තෙසුපි උප‍්පජ‍්ජතියෙව. අධිපතිවසෙන පන මනො සෙට‍්ඨො එතෙසන‍්ති මනොසෙට‍්ඨො. යථා හි චොරාදීනං චොරජෙට‍්ඨකාදයො අධිපතිනො සෙට‍්ඨා. තථා තෙසම‍්පි මනො අධිපති මනොව සෙට‍්ඨා. යථා පන දාරුආදීහි නිප‍්ඵන‍්නානි තානි තානි භණ‍්ඩානි දාරුමයාදීනි නාම හොන‍්ති, තථා තෙපි මනතො නිප‍්ඵන‍්නත‍්තා මනොමයා නාම.

මනස නූපන් කල්හි ඒ ස්කන්ධාදීහු ඉපදීමට නොහැකි වෙත්ද? මනස වුකලී ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිද උපදිනේමය. අධිපති වශයෙන් මේ මනස චෛතසිකයන්ට ශ්‍රේෂ්ඨ වේ යන අරුතින් මනොසෙට්ඨා නම්වේ. චෞදරාදීන්ට චෞරනායකයෝ අධිපති වූවාහු, ශ්‍රේෂ්ඨ වුවාහු වෙත්ද, එසේ ඒ චෛතසිකයන්ටද අධිපති වනහෙයින් මනොසෙට්ඨ නම්වේ. යම් සේ ලී ආදියෙන් නිෂ්පාදනය කරනලද ඒ ඒ බඩුභාණ්ඩ දාරුමය යන නම ලබයිද, එසේය. ඒ ආකාරයෙන් මේ සිත්ද මනසින් නිපන් නිසා මනොමය නමි.

පදුට‍්ඨෙනාති ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨෙන. පකතිමනො හි භවඞ‍්ගචිත‍්තං, තං අපදුට‍්ඨං. යථා හි පසන‍්නං උදකං ආගන‍්තුකෙහි නීලාදීහි උපක‍්කිලිට‍්ඨං නීලොදකාදිභෙදං හොති, න ච නවං උදකං, නාපි පුරිමං පසන‍්නඋදකමෙව, තථා තම‍්පි ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨං හොති, න ච නවං චිත‍්තං, නාපි පුරිමං භවඞ‍්ගචිත‍්තමෙව, තෙනාහ භගවා – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49). එවං මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා සො භාසමානො චතුබ‍්බිධං වචීදුච‍්චරිතමෙව භාසති, කරොන‍්තො තිවිධං කායදුච‍්චරිතමෙව කරොති, අභාසන‍්තො අකරොන‍්තො තාය අභිජ‍්ඣාදීහි පදුට‍්ඨමානසතාය තිවිධං මනොදුච‍්චරිතං පූරෙති. එවමස‍්ස දස අකුසලකම‍්මපථා පාරිපූරිං ගච‍්ඡන‍්ති.

පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි. ‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ.

තතො නං දුක‍්ඛමන්‍වෙතීති තතො තිවිධදුච‍්චරිතතො තං පුග‍්ගලං දුක‍්ඛං අන්‍වෙති, දුච‍්චරිතානුභාවෙන චතූසු අපායෙසු, මනුස‍්සෙසු වා තමත‍්තභාවං ගච‍්ඡන‍්තං කායවත්‍ථුකම‍්පි ඉතරම‍්පීති ඉමිනා පරියායෙන කායිකචෙතසිකං විපාකදුක‍්ඛං අනුගච‍්ඡති. යථා කිං? චක‍්කංව වහතො පදන‍්ති ධුරෙ යුත‍්තස‍්ස ධුරං වහතො බලිබද‍්දස‍්ස පදං චක‍්කං විය. යථා හි සො එකම‍්පි දිවසං ද‍්වෙපි පඤ‍්චපි දසපි අඩ‍්ඪමාසම‍්පි මාසම‍්පි වහන‍්තො චක‍්කං නිවත‍්තෙතුං ජහිතුං න සක‍්කොති, අථ ඛ‍්වස‍්ස පුරතො අභික‍්කමන‍්තස‍්ස යුගං ගීවං බාධති, පච‍්ඡතො පටික‍්කමන‍්තස‍්ස චක‍්කං ඌරුමංසං පටිහනති. ඉමෙහි ද‍්වීහි ආකාරෙහි බාධන‍්තං චක‍්කං තස‍්ස පදානුපදිකං හොති; තථෙව මනසා පදුට‍්ඨෙන තීණි දුච‍්චරිතානි පූරෙත්‍වා ඨිතං පුග‍්ගලං නිරයාදීසු තත්‍ථ තත්‍ථ ගතගතට‍්ඨානෙ දුච‍්චරිතමූලකං කායිකම‍්පි චෙතසිකම‍්පි දුක‍්ඛමනුබන්‍ධතීති.

තතො නං දුක්ඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෙන් ඒ පුද්ගලයා පිටුපස දුක ලුහුබැඳ යයි. ඒ දුශ්චරිතය හේතුකොටගෙන සතර අපායේ හෝ මිනිස් ලොව හෝ අඳුරු තැන්වලට යෙයි. කායවස්තුකාදි සෙසු කර්මයනුත් මේ පර්‍යායයෙන් කායික චෛතසික විපාක දුක අනුව යයි. කුමක් මෙන්ද? චක්කං ව වහතො පදං ශකටයෙහි (රථයෙහි) බැඳි, ශකටය ඇදගෙන යන ගවයාගේ පා පිටිපස්සේ එන රථරෝදය මෙනි. යම් සේ ඒ ගවයා දිනක් දෙකක් දිනපහක් දහයක් අඩමසක් මාසයක් නමුත් ගැළ ඇදගෙන යන්නේ නම් රියසක නවත්වන්නට හෝ එය හැර දමන්නට හෝ හැකි නොවේ. ඉදිරියට ඇදී යන ඔහුගේ බෙල්ල සකටය මගින් පෙළයි. පසුපසට යනවිට රියසක කලවා මාංශයේ වැදෙයි. මෙසේ දෙයාකාරයකින් පෙළෙන රියසක ඔහුගේ පා අනුවම පවතී. එසේම අතිශයින් දුෂිතවූ මනසින් ත්‍රිවිධ දුශ්චරිත පුරා සිටි පුද්ගලයා නිරයාදි ගියගිය තැන දුශ්චරිත මුලිකව කායික චෛතසික දුක ලුහුබඳී.

ගාථාපරියොසානෙ තිංසසහස‍්සා භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. සම‍්පත‍්තපරිභායපි දෙසනා සාත්‍ථිකා සඵලා අහොසීති.

ගාථා කෙළවර තිස්දහසක් භික්ෂූහු සිව්පිළිසිඹියාපත් රහත්බවට පැමිණියාහුය. සපැමිණි පිරිසටත් එම දේශනාව සාර්ථක ඵලදායක එකක්විය.

චක‍්ඛුපාලත්‍ථෙරවත්‍ථු පඨමං

පළමුවන චක්ඛුපාල තෙරුන්ගේ වස්තුවයි.