2. මට්ඨකුණ්ඩලීවත්ථු අට්ඨකථා
2. මට්ඨකුණ්ඩලීවත්ථු
2. මට්ටකුණ්ඩලී වස්තුව
මනොපුබ්බඞ්ගමා ධම්මාති දුතියගාථාපි සාවත්ථියංයෙව මට්ඨකුණ්ඩලිං ආරබ්භ භාසිතා.
‘මනො පුබ්බංගමා ධම්මා’ යනාදි දෙවෙනි ගාථාවත් සැවැත්නුවර විසූ මට්ටකුණ්ඩලී අරභයා දෙශනා කරනලදි.
සාවත්ථියං කිර අදින්නපුබ්බකො නාම බ්රාහ්මණො අහොසි. තෙන කස්සචි කිඤ්චි න දින්නපුබ්බං, තෙන තං “අදින්නපුබ්බකො”ත්වෙව සඤ්ජානිංසු. තස්ස එකපුත්තකො අහොසි පියො මනාපො. අථස්ස පිලන්ධනං කාරෙතුකාමො “සචෙ සුවණ්ණකාරෙ කාරෙස්සාමි, භත්තවෙතනං දාතබ්බං භවිස්සතී”ති සයමෙව සුවණ්ණං කොට්ටෙත්වා මට්ඨානි කුණ්ඩලානි කත්වා අදාසි. තෙනස්ස පුත්තො මට්ඨකුණ්ඩලීත්වෙව පඤ්ඤායිත්ථ. තස්ස සොළසවස්සිකකාලෙ පණ්ඩුරොගො උදපාදි. තස්ස මාතා පුත්තං ඔලොකෙත්වා, “බ්‍රාහ්මණ, පුත්තස්ස තෙ රොගො උප්පන්නො, තිකිච්ඡාපෙහි න”න්ති ආහ.
සැවැත්නුවර අදින්නපුබ්බක නම් බමුණෙක් වාසය කෙළේය. ඔහු කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් නුදුන් කෙනෙකි. එහෙයින්ම ඔහු අදින්නපුබ්බක (නොදීපු) බමුණා යන නමින් ප්රකටවිය. ඔහුට එක් පුතෙක් සිටියේය. ඒ පුතා ඉතා ප්‍රියය, මනාපය. පුතාට පළඳනාවක් කරවන්නට කැමති පියා ‘රන්කරුවෙකුට මෙය දැන්නුවොත් ගෙවීම් කරන්ට සිදුවන්නේය’ යි සිතා තමාම රත්රන් ගෙන තළා මොටවු කඩතොලු සහිත, ඔපමට්ටම් නැති කුණ්ඩලාභරණයක් තනා පැළඳවීය. ඒ නිසා ඔහු මට්ටකුණ්ඩලී නම්විය. පුතා සොළොස්වියපත් කල ඔහුට පාණ්ඩුරෝගය වැළදිණි. මව පුතා දෙස බලා බ්‍රාහ්මණය, ඔබේ පුතාට රෝගයක් හටගැනී තිබේ. ඔහුට වෙදකම් කරවයි කීවාය.
“භොති සචෙ වෙජ්ජං ආනෙස්සාමි, භත්තවෙතනං දාතබ්බං භවිස්සති; කිං ත්වං මම ධනච්ඡෙදං න ඔලොකෙස්සසී”ති? “අථ නං කිං කරිස්සසි, බ්රාහ්මණා”ති? “යථා මෙ ධනච්ඡෙදො න හොති, තථා කරිස්සාමී”ති. සො වෙජ්ජානං සන්තිකං ගන්ත්වා “අසුකරොගස්ස නාම තුම්හෙ කිං භෙසජ්ජං කරොථා”ති පුච්ඡි. අථස්ස තෙ යං වා තං වා රුක්ඛතචාදිං ආචික්ඛන්ති. සො තමාහරිත්වා පුත්තස්ස භෙසජ්ජං කරොති. තං කරොන්තස්සෙවස්ස රොගො බලවා අහොසි, අතෙකිච්ඡභාවං උපාගමි. බ්රාහ්මණො තස්ස දුබ්බලභාවං ඤත්වා එකං වෙජ්ජං පක්කොසි. සො තං ඔලොකෙත්වාව “අම්හාකං එකං කිච්චං අත්ථි, අඤ්ඤං වෙජ්ජං පක්කොසිත්‍වා තිකිච්ඡාපෙහී”ති තං පහාය නික්ඛමි. බ්රාහ්මණො තස්ස මරණසමයං ඤත්වා “ඉමස්ස දස්සනත්ථාය ආගතා අන්තොගෙහෙ සාපතෙය්යං පස්සිස්සන්ති, බහි නං කරිස්සාමී”ති පුත්තං නීහරිත්වා බහිආළින්දෙ නිපජ්ජාපෙසි.
සොඳුර, වෙදෙකු ගෙන්නුවොත් ඔහුට කෑමබීමත් වේතනත් දෙන්නට සිදුවෙයි. ඇයි ඔබට මගේ ධන විනාශය නොපෙනෙන්නෙහිදැයි ඇසීය. එසේ නම් අපි කුමක් කරමුදැයි ඈ ඇසුවාය. ධනය වියදම් නොවන ආකාරයක් කරමුයයි බමුණා පිළිතුරු දුන්නේය. එසේ කී ඔහු වෙදුන් ළඟට ගොස් අසවල් අසවල් රෝගයට නුඹලා කවර නම් බෙහෙත් දෙන්නහුදැයි, අසා අසවල් ගස්වැල්වල මුල් පොතු කොළ ආදිය දෙන්නෙමු යයි කීකල බමුණා වෙදවරු කී කී දේවල් ගෙනවුත් පුතාට දෙයි. මෙසේ කරගෙන යනවිට පුතාගේ රෝගය බලවත්විය. පිළියම් නොකළහැකි අසාධ්‍ය තත්ත්වයට පත්විය. බමුණා පුතාගේ රෝගය බලවත් බවත් අසාධ්‍ය බවත් දැක ඒක් වෛද්‍යවරයෙකු කැඳවාගත්තේය. ඔහු රෝගියා බලා මට වෙනත් කටයුත්තක් ඇත. අනික් වෛද්‍යවරයෙකු කැඳවා පිළියම් කරන්නැයි කියා වෙදකම් නොකර යන්ට ගියේය. බමුණා, පුතා මරණාසන්නව සිටින හෙයින් මොහු බලන්ට එන අය ගේ ඇතුළේ තිබෙන වස්තු සම්පත් දකිතියි, රෝගියා බැහැරක තැබිය යුතුයයි සිතා පුතා ඇතුළු ගෙයින් පිටතට ගෙන එළියේ ඇඳක නිදිකෙරෙව්වේය.
තං දිවසං භගවා බලවපච්චූසසමයෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය පුබ්බබුද්ධෙසු කතාධිකාරානං උස්සන්නකුසලමූලානං වෙනෙය්යබන්ධවානං දස්සනත්ථං බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො දසසහස්සචක්කවාළෙසු ඤාණජාලං පත්ථරි. මට්ඨකුණ්ඩලී බහිආළින්දෙ නිපන්නාකාරෙනෙව තස්ස අන්තො පඤ්ඤායි. සත්ථා තං දිස්වා තස්ස අන්තොගෙහා නීහරිත්වා තත්ථ නිපජ්ජාපිතභාවං ඤත්වා “අත්ථි නු ඛො මය්හං එත්ථ ගතපච්චයෙන අත්ථො”ති උපධාරෙන්තො ඉදං අද්දස –
එදින උදෑසන භාග්‍යවතුන්වහන්සේ මහාකරුණාසමාපත්තියෙන් නැගිට, පෙර බුදුවරයන් විසිනුත් පුරුදු කරනලද ආකාරයෙන්, කුසලබල වැඩීඇති, විනේයජනබන්ධුන් (හික්මීම ලැබිය හැකි අය) දැකීම සඳහා බුදුඇසින් ලොව බලන්නාහු දසදහසක්සක්වළ නුවණදැල පතුරුවා හැරියෝය. (ලොව දෙස බැලුහ.) මට්ටකුණ්ඩලී පිටත ආලින්දයේ වැදහොත් අයුරින්ම නොසෙල්වී සිටියේය. බුදුහු ඒ දුටහ. ඇතුළු ගෙයින් පිටතට ගෙන ඇඳක හොවාලුබවද දැන මා එහි යෑමෙන් වැඩක් ඇද්දැයි විමසා බැලුකල,
අයං මාණවො මයි චිත්තං පසාදෙත්වා කාලං කත්වා තාවතිංසදෙවලොකෙ තිංසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්තිස්සති, අච්ඡරාසහස්සපරිවාරො භවිස්සති, බ්රාහ්මණොපි තං ඣාපෙත්වා රොදන්තො ආළාහනෙ විචරිස්සති. දෙවපුත්තො තිගාවුතප්පමාණං සට්ඨිසකටභාරාලඞ්කාරපටිමණ්ඩිතං අච්ඡරාසහස්සපරිවාරං අත්තභාවං ඔලොකෙත්වා “කෙන නු ඛො කම්මෙන මයා අයං සිරිසම්පත්ති ලද්ධා”ති ඔලොකෙත්වා මයි චිත්තප්පසාදෙන ලද්ධභාවං ඤත්වා “අයං බ්රාහ්මණො ධනච්ඡෙදභයෙන මම භෙසජ්ජමකත්වා ඉදානි ආළාහනං ගන්ත්වා රොදති, විප්පකාරප්පත්තං නං කරිස්සාමී”ති පිතරි රොදන්තෙ මට්ඨකුණ්ඩලිවණ්ණෙන ආගන්ත්වා ආළාහනස්සාවිදූරෙ නිපජ්ජිත්වා රොදිස්සති. අථ නං බ්රාහ්මණො “කොසි ත්ව”න්ති පුච්ඡිස්සති. “අහං තෙ පුත්තො මට්ඨකුණ්ඩලී”ති ආචික්ඛිස්සති. “කුහිං නිබ්බත්තොසී”ති? “තාවසිංසභවනෙ”ති. “කිං කම්මං කත්වා”ති වුත්තෙ මයි චිත්තප්පසාදෙන නිබ්බත්තභාවං ආචික්ඛිස්සති.
මේ මානවකයා මා කෙරෙහි සිත පහදවා කළුරියකොට තව්තිසා දෙව්ලොව තිස්යොදුනක් පමණවූ රන්විමනෙක උපදින්නේය. දෙවඟනන් දහසක් පමණ ඔහුට පිරිවර වන්නේය. පිය බමුණාත් පුතා දවා අඬමින් සොහොනෙහි හැසිරෙන්නේය. දිව්‍යපුත්‍රයා තුන්ගවු පමණවු සිරුර ගැල් සැටක් පමණ අබරණින් සැරසී දෙවඟනන් දහස පිරිවරා සිටින සිය භවය දෙස බලා කවර නම් පිනකින් මා මේ සම්පත් ලද්දෙමිදැයි විමසනවිට, මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් මේ සා සම්පත් ලත්බව දැනගෙන, ධන වියදමට බියෙන් මාපියා මට බෙහෙත් නොකොට සිට දැන් සොහොනට ගොස් හඬයි. ඔහු විපිළිසරට පත්කරවන්නෙමියි සොහොන ළඟ මට්ටකුණ්ඩලී වේශයෙන් අවුත් හඬයි. එවිට බමුණා ඔබ කවරෙක්දැයි අසයි. මම ඔබ පුත් මට්ටකුණ්ඩලී වෙමි. කොහි උපන්නෙහිදැයි ඇසූකල මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තව්තිසාවේ උපනිමියි දන්වන්නේය.
බ්රාහ්මණො “තුම්හෙසු චිත්තං පසාදෙත්වා සග්ගෙ නිබ්බත්තො නාම අත්ථී”ති මං පුච්ඡිස්සති. අථස්සාහං “එත්තකානි සතානි වා සහස්සානි වා සතසහස්සානි වාති න සක්කා ගණනා පරිච්ඡින්දිතු”න්ති වත්වා ධම්මපදෙ ගාථං භාසිස්සාමි. ගාථාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො භවිස්සති, මට්ඨ කුණ්ඩලී සොතාපන්නො භවිස්සති. තථා අදින්නපුබ්බකො බ්රාහ්මණො.
එකල බමුණා ඔබවහන්සේ කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්නෝ ඇද්දැයි මා විචාරන්නේය. එවිට මම ඔහුට සිය ගණනින් මෙතෙක්ය, දහස් ගණනින් මෙතරම්ය. ලක්ෂ ගණනින් මෙපමණක්යයි කියා ප්‍රමාණ කොට කීම දුෂ්කරබවද පැහැදිලිකොට ධම්මපදයෙන් ගාථාවක්ද කියන්නෙමි. ගාථා කෙළවර අසූහාර දහසක් ප්‍රාණින්ට ධර්මාවබෝධය ලැබෙන්නේය. මට්ටකුණ්ඩලී සෝවාන් වෙයි. අදින්නපුබ්බකද සෝවාන් වෙයි යන කරුණු පෙනී ගියේය.
ඉති ඉමං කුලපුත්තං නිස්සාය මහාධම්මාභිසමයො භවිස්සතීති දිස්වා පුනදිවසෙ කතසරීරපටිජග්ගනො මහාභික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා අනුපුබ්බෙන බ්රාහ්මණස්ස ගෙහද්වාරං ගතො.
මෙසේ මේ කුලපුත්‍රයා නිසා මහත්වූ ධර්මයාගයක් වන්නේයයි දැනවදාරා දෙවෙනි දිනයේ සිරුරු පිළියම් කොට මහාභික්ෂුසංඝයා පිරිවරා සැවැත්නුවර පිඬුපිණිස සැරිසරා අනුක්රමයෙන් බමුණාගේ ගෙදරට වැඩියෝය.
තස්මිං ඛණෙ මට්ඨකුණ්ඩලී අන්තොගෙහාභිමුඛො නිපන්නො හොති. අථස්ස සත්ථා අත්තනො අපස්සනභාවං ඤත්වා එකං රස්මිං විස්සජ්ජෙසි. මාණවො “කිං ඔභාසො නාමෙසො”ති පරිවත්තෙත්වා නිපන්නොව සත්ථාරං දිස්වා, “අන්ධබාලපිතරං නිස්සාය එවරූපං බුද්ධං උපසඞ්කමිත්වා කායවෙය්යාවටිකං වා කාතුං දානං වා දාතුං ධම්මං වා සොතුං නාලත්ථං, ඉදානි මෙ හත්ථාපි අනධිපතෙය්යා, අඤ්ඤං කත්තබ්බං නත්ථී”ති මනමෙව පසාදෙසි. සත්ථා “අලං එත්තකෙන චිත්තප්පසාදෙන ඉමස්සා”ති පක්කාමි. සො තථාගතෙ චක්ඛුපථං විජහන්තෙයෙව පසන්නමනො කාලං කත්වා සුත්තප්පබුද්ධො විය දෙවලොකෙ තිංසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්ති.
ඒ වේලාවෙහි මට්ටකුණ්ඩලී ඇතුළුගෙට මුහුණලා වැතිර සිටියේය. බුදුරජාණන්වහන්සේ තමන් ඔහුට නොපෙනෙනබව දැන එක් රශ්මියක් විහිදුවාලූහ. මානවකයා මේ කිනම් ආලෝකයක්දැයි නිදා සිටින ගමන්ම අනික් පැත්තට පෙරළී බුදුරදුන් දැක, මගේ අන්ධබාලපියා නිසා මෙබඳුවූ බුදුන් වෙත පැමිණ කායික වතාවතක් කිරීමට හෝ දානයක් දීමට හෝ දහමක් ඇසීමට නොලැබිණි. දැන් මගේ අතුත් නොනැමෙයි. වෙනත් කළහැකි දෙයක නැතැයි සිතම පහදවා ගත්තේය. මොහුට මෙපමණක් ඇතියි බුදුරජාණන්වහන්සේ වැඩිසේක. ඔහු තථාගතයන්වහන්සේ ඇස් හමුවෙන් ඉවත්ව යද්දීම (නොපෙනී යද්දී) ප්‍රසාද සිතින්ම කාලක්‍රියා කොට නිදා පිබිදියාක්මෙන් දෙව්ලොව තිස්යොදුන් පමණ ස්වර්ණ විමානයක උපන්නේය.
බ්රාහ්මණොපිස්ස සරීරං ඣාපෙත්වා ආළාහනෙ රොදනපරායණො අහොසි, දෙවසිකං ආළාහනං ගන්ත්වා රොදති – “කහං එකපුත්තක, කහං එකපුත්තකා”ති. දෙවපුත්තොපි අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා, “කෙන මෙ කම්මෙන ලද්ධා”ති උපධාරෙන්තො “සත්ථරි මනොපසාදෙනා”ති ඤත්වා “අයං බ්රාහ්මණො මම අඵාසුකකාලෙ භෙසජ්ජමකාරෙත්වා ඉදානි ආළාහනං ගන්ත්වා රොදති, විප්පකාරප්පත්තමෙව නං කාතුං වට්ටතී”ති මට්ඨකුණ්ඩලිවණ්ණෙන ආගන්ත්වා ආළාහනස්සාවිදූරෙ බාහා පග්ගය්හ රොදන්තො අට්ඨාසි. බ්රාහ්මණො තං දිස්වා “අහං තාව පුත්තසොකෙන රොදාමි, එස කිමත්ථං රොදති, පුච්ඡිස්සාමි න”න්ති පුච්ඡන්තො ඉමං ගාථමාහ –
බමුණාත් පුතාගේ මිනිය දවා සොහොනෙහි හඬමින් සිටියේය. දිනපතා සොහොනට ගොස් අනේ මගේ එකම පුතණුවනි, ඔබ කොහේ ගියේදැයි අඬයි. දිව්‍ය පුත්‍රයාත් තම සම්පත් බලා කිනම් පින්කමකින් මේ සම්පත් ලද්දෙමිදැයි සොයාබලන්නේ බුදුන් කෙරෙහි සිත පැහැදවීම් මාත්රයෙනියි දැන, මේ බ්‍රාහ්මණ තෙමේ මා රෝගීව ආරෝබලත්ව, අසාධ්‍යව සිටි අවස්ථාවේ බේත්හේත් නොකර සිට දැන් මා ගැන කියමින් හඬහඬා සිටියි. මොහු විපිළිසරට පත්කළ යුතුයයි සිතා මට්ටකුණ්ඩලී වේශයෙන්ම අවුත් ඒ සමීපයෙහි ඉස අත් බදාගෙන අඬමින් ඇවිද්දේය. බමුණා ඒ දැක, මම නම් පුත්‍රශෝකයෙන් හඬමි. මොහු හඬන්නේ ඇයිදැයි විමසමින් මේ ගාථාව කීවේය;
“අලඞ්කතො මට්ඨකුණ්ඩලී, මාලධාරී හරිචන්දනුස්සදො; බාහා පග්ගය්හ කන්දසි, වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුව”න්ති. (වි· ව· 1207; පෙ· ව· 186);
සියල් සිරුර හරිසඳුනෙන් තවරා මල්පළඳනයෙන් සැරසීලා මට්ටකුණ්ඩලී වෙසින් මෙ වන මැද ඉස අත් බැඳගෙන හඬන මෙසේ මහා දුකෙන් මෙන් මෙතැන සිටින්නේ ඔබ කවුදැයි පවසනු නිදුකාණෙනි.
සො මාණවො ආහ –
පුතා මෙසේ කීවේය;
“සොවණ්ණමයො පභස්සරො, උප්පන්නො රථපඤ්ජරො මම; තස්ස චක්කයුගං න වින්දාමි, තෙන දුක්ඛෙන ජහාමි ජීවිත”න්ති. (ව· 1208; පෙ· ව· 187);
මටම ලැබුණු රිය පඳුරක් මට ඇත ස්වර්ණමයයි එය පබස්සරයි එහෙත් ඊට රියසක් සඟලක් නැත ලදොත් මගේ ජීවිතය රැකෙයි නොලදොත් මගෙ දිවියත් හැර ලන්නෙමි
අථ නං බ්රාහ්මණො ආහ –
ඒ අසා සිටි බමුණා මෙසේ කීවේය;
“සොවණ්ණමයං මණිමයං, ලොහිතකමයං අථ රූපියමයං; ආචික්ඛ මෙ භද්ද මාණව, චක්කයුගං පටිපාදයාමි තෙ”ති. (වි· ව· 1209; පෙ· ව· 188);
රුවන්මුවා හෝ මණිමය වේවා ලෝහමයෙන් රිදීයෙන්ම වුවත් කියන්න මට නිදුකාණනේ සක්යුග මම පිළියෙළ කර දෙන්නෙමි.
තං සුත්වා මාණවො “අයං බ්රාහ්මණො පුත්තස්ස භෙසජ්ජමකත්වා පුත්තපතිරූපකං මං දිස්වා රොදන්තො ‘සුවණ්ණාදිමයං රථචක්කං කරොමී’ති වදති, හොතු නිග්ගණ්හිස්සාමි න”න්ති චින්තෙත්වා “කීව මහන්තං මෙ චක්කයුගං කරිස්සසී”ති වත්වා “යාව මහන්තං ආකඞ්ඛසි, තාව මහන්තං කරිස්සාමී”ති වුත්තෙ “චන්දිමසූරියෙහි මෙ අත්ථො, තෙ මෙ දෙහී”ති යාචන්තො ආහ –
ඒ අසා සිටි මානවකයා, මොහු තම පුතාට බෙහෙත් නොදී ඔහු මළ පසු පුත්රවෙසින් ආ මා දැක හඬමින්ම රන්රිදීයෙන් මැණික් හෝ ලෝහයෙන් රථරෝද දෙකක් කරවා දෙනබව කියයි. එසේ වේවා. මොහුට තවත් නිග්‍රහ කටයුතුයයි සිතා, කොපමණ මහත් සක්යුගළක් මට කරවා දෙන්නේදැයි ඇසීය. ඔබ කැමති ප්‍රමාණයකින් කරවා දෙන්නෙමියි කීකල, ඒ සඳහා මට අවශ්‍ය වන්නේ හිරුසඳු දෙදෙනායි. ඒ හිරුසඳු ලබා දෙන්නැයි කියමින්;
“සො මාණවො තස්ස පාවදි, චන්දසූරියා උභයෙත්ථ දිස්සරෙ; සොවණ්ණමයො රථො මම, තෙන චක්කයුගෙන සොභතී”ති. (වි· ව· 1210; පෙ· ව· 189);
ඒ මානව තෙම ඔහුට කියන්නේ සඳහිරු දෙදෙනයි මට ගැළපෙන්නේ රථය මගේ රත්රනින් තැනු එම සක් යුවළෙනි බබළන්නේ.
අථ නං බ්රාහ්මණො ආහ –
ඉන්පසු බමුණා මෙසේ කීවේය.
“බාලො ඛො ත්වං අසි මාණව, යො ත්වං පත්ථයසෙ අපත්ථියං; මඤ්ඤාමි තුවං මරිස්සසි, න හි ත්වං ලච්ඡසි චන්දසූරියෙ”ති. (වි· ව· 1211; පෙ· ව· 190);
බාලයෙකී ඔබ මානවයාණනි, නොපැතිය යුත්තක් පතන්නෙහි ඔබ මැරෙතියි මම සිතන්නෙමි සඳහිරු කිසිදා ලබනු නොහී
අථ නං මාණවො ආහ –
මානවකයා මෙසේ කීවේය.
“කිං පන පඤ්ඤායමානස්සත්ථාය රොදන්තො බාලො හොති, උදාහු අපඤ්ඤායමානස්සත්ථායා”ති වත්වා –
කිම පෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම, නැතහොත් නොපෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම?
“ගමනාගමනම්පි දිස්සති, වණ්ණධාතු උභයත්ථ වීථියා; පෙතො කාලකතො න දිස්සති, කො නිධ කන්දතං බාල්යතරො”ති. (වි· ව· 1212; පෙ· ව· 191);
ගමනාගමනය හොඳට පෙනෙයි වර්ණය යන එන මහත් පෙනෙයි පරලොව ගියවුන් කිසි දා නොපෙනෙයි කවුද මෝඩයා හඬන්නවුන්ගෙන්.
තං සුත්වා බ්රාහ්මණො “යුත්තං එස වදතී”ති සල්ලක්ඛෙත්වා –
ඒ ඇසූ බමුණා මොහු යුක්තියක්ම කියන්නේයයි සලකා මෙසේ කීවේය:
“සච්චං ඛො වදෙසි මාණව, අහමෙව කන්දතං බාල්යතරො; චන්දං විය දාරකො රුදං, පෙතං කාලකතාභිපත්ථයි”න්ති. (වි· ව· 1213; පෙ· ව· 192) –
ඇත්තක්මයි ඔබ මෙහි පවසන්නේ හඬන්නවුන්ගෙන් මමයි මෝඩයා හඳට හඬන දරුවාට වඩා බාලයි මිය ගියවුන් පැතුමත් -
වත්වා තස්ස කථාය නිස්සොකො හුත්වා මාණවස්ස ථුතිං කරොන්තො ඉමා ගාථා අභාසි –
යයි කියා ඔහුගේ කථාවෙන් ශෝකය නැතිකරගෙන මානවකයාට ස්තුති කරමින් මේ ගාථාද කීවේය:
“ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං; වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
ගින්නෙන් හුණුව ගිය ගිතෙලක් වගේ ගිනිගත් මගේ සිත නිවුමට සිසිල් ජලයකි ඔබේ වචනය
“අබ්බහී වත මෙ සල්ලං, සොකං හදයනිස්සිතං; යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
නිවුණා සියලු ගිනි හද ඇනුණු උල් පහවිය සොවම තදකර ගත් පුත්සොව වහා පහවිණි.
“ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි, සීතිභූතොස්මි නිබ්බුතො; න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණවා”ති. (වි· ව· 1214-1216; පෙ· ව· 193-195);
දුක් උලෙන් ගැළවුණු සිත සීතලයි නිවුණා සොවක් නැත නොහඬමි ඔබේ වදනින් මෙනවියාණනි.
අථ නං “කො නාම ත්ව”න්ති පුච්ඡන්තො –
ඉන්පසු ඔබ කවරෙක්දැයි විචාරමින්,
“දෙවතානුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො; කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මය”න්ති. (වි· ව· 1217; පෙ· ව· 196) –
දෙවියෙක්ද ගදඹෙක් නැතොත් සක්දෙව්රජහුද කවුද ඔබ කා පුත්හුද අපි කෙසේ දැන ගනිමුද?
ආහ. අථස්ස මාණවො –
ඉක්බිති මානවකයා -
“යඤ්ච කන්දසි යඤ්ච රොදසි, පුත්තං ආළාහනෙ සයං දහිත්වා; ස්වාහං කුසලං කරිත්වා කම්මං, තිදසානං සහබ්යතං ගතො”ති. (වි· ව· 1218; පෙ· ව· 197) –
යමෙක් උදෙසා ඔබ හඬනෙහි පුතු දවාලා එපුතු මම වෙමි දැන් දෙවියන් සමඟ වසනා -
ආචික්ඛි. අථ නං බ්රාහ්මණො ආහ –
යයි කීය. බ්‍රාහ්මණයා මෙසේ කීවේය.
“අප්පං වා බහුං වා නාද්දසාම, දානං දදන්තස්ස සකෙ අගාරෙ; උපොසථකම්මං වා තාදිසං, කෙන කම්මෙන ගතොසි දෙවලොක”න්ති. (වි· ව· 1219; පෙ· ව· 198);
කුදු මහත්වූ දන් පින් නොකළ සිය නිවසේ පෙහෙවස් වසනු නොදිටිමි කෙසේ ගියෙහිද දෙව්ලොව
මාණවො ආහ –
“ආබාධිකොහං දුක්ඛිතො ගිලානො, ආතූරරූපොම්හි සකෙ නිවෙසනෙ; බුද්ධං විගතරජං විතිණ්ණකඞ්ඛං, අද්දක්ඛිං සුගතං අනොමපඤ්ඤං.
රෝදුකින් දුක්පත් ගිලනෙක් වීමි නිවසෙහි හළ කෙලෙස් නිසැකින් බුදුන් දැක්කෙමි මහාපැණවත්
“ස්වාහං මුදිතධනො පසන්නචිත්තො, අඤ්ජලිං අකරිං තථාගතස්ස; තාහං කුසලං කරිත්වාන කම්මං, තිදසානං සහබ්යතං ගතො”ති. (වි· ව· 1220-1221; පෙ· ව· 199-200);
පැහැදුණු සිතින් හා ඉපිළ පැහැදුණු මනසින් ඇඳිලි බැඳ බුදුහිමි දෙස සැදැහෙන් බලා සිටියෙමි ඒ කුසල් බලයෙන් දෙවිබව ලදිමි මෙලෙසේ.
තස්මිං කථෙන්තෙයෙව බ්රාහ්මණස්ස සකලසරීරං පීතියා පරිපූරි. සො තං පීතිං පවෙදෙන්තො –
එසේ කියනු අසා සිටිද්දීම බ්‍රාහ්මණයාගේ සකල ශරීරය ප්‍රීතියෙන් පිනා පිරීඉතිරී ගියේය. ඔහු ඒ ප්‍රීතිය පළකරමින් -
“අච්ඡරියං වත අබ්භුතං වත, අඤ්ජලිකම්මස්ස අයමීදිසො විපාකො; අහම්පි පමුදිතමනො පසන්නචිත්තො, අජ්ජෙව බුද්ධං සරණං වජාමී”ති. (වි· ව· 1222; පෙ· ව· 201) –
අහෝ අසිරියි පුදුමයි විඳීමත් මේ විපාකය මමද මුදිතව පැහැදී අදම බුදුරජ සරණ යන්නෙමි’යි කීය.
ආහ. අථ නං මාණවො –
අනතුරුව මානවක තෙමේ මෙසේ කීවේය;
“අජ්ජෙව බුද්ධං සරණං වජාහි, ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො; තථෙව සික්ඛාපදානි පඤ්ච, අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු.
අදම පැහැදුණු සිත පෙරටු කොට බුදු සරණද දහම් සඟ සරණද රැගෙන් පන්සිල් සමාදන්වී
පාණාතිපාතා විරමස්සු ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු; අමජ්ජපො මා ච මුසා භණාහි, සකෙන දාරෙන ච හොහි තුට්ඨො”ති. (වි· ව· 1223-1224; පෙ· ව· 202-203) –
පරපණ නැසීමෙන් හා නොදුන් දේ ගැනීමෙන් මුසාවා ඛිණීමෙන් හා සුරාවන දේ ගැනීමෙන් වෙන්ව දිවිහිමියෙන් වසව සිය අඹුන් හා පේමෙන්.
ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ඉමා ගාථා අභාසි –
හෙතෙම මැනවයි පිළිගෙන මේ ගාථාද කීවේය:
“අත්ථකාමොසි මෙ යක්ඛ, හිතකාමොසි දෙවතෙ; කරොමි තුය්හං වචනං, ත්වංසි ආචරියො මම.
උතුම් නිදුකාණනි ඔබ මට හිත පිණිස විය දේවයාණනි ඔබ මට ඉත හිත සුව කැමති වෙහි ඔබ වදන් පිළිගෙන හැසිරෙමි ඔබය ගුරු මට
“උපෙමි සරණං බුද්ධං, ධම්මඤ්චාපි අනුත්තරං; සඞ්ඝඤ්ච නරදෙවස්ස, ගච්ඡාමි සරණං අහං.
මම බුදුසරණ යෙමි දහම් සඟ සරණද යෙමි බුදුරදුන් සැමදා සැමවිට සරණ යන්නෙමි.
“පාණාතිපාතා විරමාමි ඛිප්පං, ලොකෙ අදින්නං පරිවජ්ජයාමි; අමජ්ජපො නො ච මුසා භණාමි, සකෙන දාරෙන ච හොමි තුට්ඨො”ති. (වි· ව· 1225-1227; පෙ· ව· 204-206);
පරපණ නැසීමෙන් සදාකල්හිම වෙන්වෙමි හොරකමෙන් සදහට වෙන්වූ මගෙහි යන්නෙමි සුරා නොම බොන්නෙමි මුසාබස් නොකියන්නෙමි සිය අඹුන් සමඟින් පමණක් සතුටු වන්නෙමි
අථ නං දෙවපුත්තො, “බ්‍රාහ්මණ, තෙ ගෙහෙ බහුං ධනං අත්ථි, සත්ථාරං උපසඞ්කමිත්වා දානං දෙහි, ධම්මං සුණාහි, පඤ්හං පුච්ඡාහී”ති වත්වා තත්ථෙව අන්තරධායි.
අනතුරුව දිව්‍ය පුත්‍රයා ඔහු අමතා බ්‍රාහ්මණය, ඔබේ ගෙදර බොහෝ ධනය ඇත. බුදුන් වෙත එළඹ දන් දෙන්න. ධර්මය අසන්න. ප්‍රශ්න විචාරන්නැයි කියා එතැන්හිම අතුරුදහන්විය.
බ්රාහ්මණොපි ගෙහං ගන්ත්වා බ්රාහ්මණිං ආමන්තෙත්වා, “භද්දෙ, අහං අජ්ජ සමණං ගොතමං නිමන්තෙත්වා පඤ්හං පුච්ඡිස්සාමි, සක්කාරං කරොහී”ති වත්වා විහාරං ගන්ත්වා සත්ථාරං නෙව අභිවාදෙත්වා න පටිසන්ථාරං කත්වා එකමන්තං ඨිතො, “භො ගොතම, අධිවාසෙහි අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති ආහ. සත්ථා අධිවාසෙසි. සො සත්ථු අධිවාසනං විදිත්වා වෙගෙනාගන්ත්වා සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයඤ්ච පටියාදාපෙසි. සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො තස්ස ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. බ්රාහ්මණො සක්කච්චං පරිවිසි, මහාජනො සන්නිපති.
බ්‍රාහ්මණයාද ගෙට ගොස් බැමිණිය අමතා, සොඳුර මම බුදුන්ට ආරාධනා කොට ගෙන්වාගෙන ප්‍රශ්න විචාරන්නෙමි. සත්කාර සම්මාන පිළියෙළ කරවයි කියා විහාරයට ගොස් බුදුන් නොවැඳ, පිළිසඳර කථාවකුත් නොකොට, එක් පැත්තක හිඳ භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයාත් සමඟ අද දින දානය සඳහා මගේ ආරාධනය පිළිගනු මැනවැයි ඉල්ලීය. බුදුරදාණෝ නිමන්ත්‍රණය පිළිගත්හ. හෙතෙම බුදුරදුන් ආරාධනය පිළිගත් බව දැන වේගයෙන් දුව අවුත් සිය නිවසෙහි ආහාරපාන පිළියෙළ කෙළේය. බුදුහු මහසඟුන් පිරිවරා ඔහුගේ ගෙට වැඩමවා පැනවූ අසුන්හි වැඩහුන්සේක. බ්‍රාහ්මණයා මැනවින් වැළදවීය. මහජනයාද එතැනට රැස්වූහ.
මිච්ඡාදිට්ඨිකෙන කිර තථාගතෙ නිමන්තිතෙ ද්වෙ ජනකායා සන්නිපතන්ති මිච්ඡාදිට්ඨිකා “අජ්ජ සමණං ගොතමං පඤ්හං පුච්ඡනාය විහෙඨියමානං පස්සිස්සාමා”ති සන්නිපතන්ති, සම්මාදිට්ඨිකා “අජ්ජ බුද්ධවිසයං බුද්ධලීළං පස්සිස්සාමා”ති සන්නිපතන්ති. අථ ඛො බ්රාහ්මණො කතභත්තකිච්චං තථාගතමුපසඞ්කමිත්වා නීචාසනෙ නිසින්නො පඤ්හං පුච්ඡි –
මිසදිටුවෙකු බුදුන්ට ආරාධනයක් කළ විට ජනකොටස් දෙකක් එතැනට රැස්වන්නෝය. මිසදිටුවෝ අද ශ්‍රමණභවත් ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසා වෙහෙසට පත්වෙන හැටි බලම්හයි රැස්වෙති. සම්දිටුවෝ අද බුද්ධවිෂයේ අසිරිමත් බුද්ධලීලා බලම්හයි රැස්වෙති. එදින දන්වළදා අන්තයෙහි බුදුන් වෙත එළඹි බමුණා මිටි අසුනක හිඳගෙන ප්‍රශ්න විචාළේය.
“භො ගොතම, තුම්හාකං දානං අදත්වා පූජං අකත්වා ධම්මං අසුත්වා උපොසථවාසං අවසිත්වා කෙවලං මනොපසාදමත්තෙනෙව සග්ගෙ නිබ්බත්තා නාම හොන්තී”ති? “බ්‍රාහ්මණ, කස්මා මං පුච්ඡසි, නනු තෙ පුත්තෙන මට්ඨකුණ්ඩලිනා මයි මනං පසාදෙත්වා අත්තනො සග්ගෙ නිබ්බත්තභාවො කථිතො”ති? “කදා, භො ගොතමා”ති? නනු ත්වං අජ්ජ සුසානං ගන්ත්වා කන්දන්තො අවිදූරෙ බාහා පග්ගය්හ කන්දන්තං එකං මාණවං දිස්වා “අලඞ්කතො මට්ඨකුණ්ඩලී, මාලධාරී හරිචන්දනුස්සදො”ති ද්වීහි ජනෙහි කථිතකථං පකාසෙන්තො සබ්බං මට්ඨකුණ්ඩලිවත්ථුං කථෙසි. තෙනෙවෙතං බුද්ධභාසිතං නාම ජාතං.
භවත් ගෞතමයන්වහන්ස, ඔබට දන් නොදී පූජාත් නොකොට, බණත් නොඅසා, සිල්සමාදන් නොවී හුදෙක් සිත පහදවා ගැනීම් පමණකින් ස්වර්ගයෙහි උපන්නෝ ඇද්ද? බ්‍රාහ්මණය, කුමකට නම් ඒ ගැන මාගෙන් විචාරන්නෙහිද? ඇයි තොප පුත් මට්ටකුණ්ඩලී විසින්, මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තමන් ස්වර්ගයෙහි උපන්බව කීවේ නොවේද? භවත් ගෞතමයෙනි, ඒ කවදාද? ඇයි ඔබ සොහොනට ගොස් හඬද්දී ඒ අසළම දෙඅත් හිස තබාගෙන, සිටි එක් මානවකයෙකු දැක, ‘අලංකතො මට්ටකුණ්ඩලී’ ආදී කළ කථා අමතකද, ආදි විසින් එපුවත සිහිගන්වමින් සියලු මට්ටකුණ්ඩලී වස්තුව දේශනා කළසේක. එහෙයින්ම මෙය බුද්ධදේශනාවක්ද විය.
තං කථෙත්වා ච පන “න ඛො, බ්‍රාහ්මණ, එකසතං වා න ද්වෙසතං, අථ ඛො මයි මනං පසාදෙත්වා සග්ගෙ නිබ්බත්තානං ගණනා නාම නත්ථී”ති ආහ. අථ මහාජනො න නිබ්බෙමතිකො හොති, අථස්ස අනිබ්බෙමතිකභාවං විදිත්වා සත්ථා “මට්ඨකුණ්ඩලිදෙවපුත්තො විමානෙනෙව සද්ධිං ආගච්ඡතූ”ති අධිට්ඨාසි. සො තිගාවුතප්පමාණෙනෙව දිබ්බාභරණපටිමණ්ඩිතෙන අත්තභාවෙන ආගන්ත්වා විමානතො ඔරුය්හ සත්ථාරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථ නං සත්ථා “ත්වං ඉමං සම්පත්තිං කිං කම්මං කත්වා පටිලභී”ති පුච්ඡන්තො –
එසේ වදාළ බුදුරජාණන්වහන්සේ නැවත, බ්‍රාහ්මණය, සීයක් දෙසීයක් නොව මා කෙරෙහි සිත පහදවාගෙන ස්වර්ගයෙහි උපන්නන්ගේ ගණනක් නැතැයිද වදාළහ. මහජනයා තුළ එම ප්‍රකාශය ගැන නිර්වේමතික බවක් (අදහා ගැනීම) නොවීය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔවුන් නිසැකව නොපිළිගැනීම දැන, මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයත් සමඟ මෙහි පැමිණේවායි අදිටන් කළහ. තුන්ගවු පමණවු ඔහු දිවබරණින් සැරසී සිය අත්බැවින්ම අවුත් විමනින් බැස බුදුන් වැඳ එක්පසක සිටියේය. අනතුරුව බුදුහු ඔබ මේ සම්පත් කිනම් කර්මයකින් ලද්දෙහිදැයි පිළිවිසිමින් -
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා; පුච්ඡාමි තං දෙව මහානුභාව, මනුස්සභූතො කිමකාසි පුඤ්ඤ”න්ති. –
මන වඩන පැහැයෙන් සිටින දෙව්පුත ඔබ මෙහි හැම දිසා හොබවයි ඕසධී නම් තරුව විලසින් මහ තෙදබල පෙනෙන දෙව්පුතාණනි මෙහිදී අසමි මිනිසෙකු ලෙස ඔබ කිනම් පින්කම් කරන ලද්දෙද?
ගාථමාහ.
යන ගාථාව වදාළහ.
“දෙවපුත්තො අයං මෙ, භන්තෙ, සම්පත්ති තුම්හෙසු චිත්තං පසාදෙත්වා ලද්ධා”ති. “මයි චිත්තං පසාදෙත්වා ලද්ධා තෙ”ති? “ආම, භන්තෙ”ති. මහාජනො දෙවපුත්තං ඔලොකෙත්වා “අච්ඡරියා වත, භො, බුද්ධගුණා, අදින්නපුබ්බකබ්රාහ්මණස්ස නාම පුත්තො අඤ්ඤං කිඤ්චි පුඤ්ඤං අකත්වා සත්ථරි චිත්තං පසාදෙත්වා එවරූපං සම්පත්තිං පටිලභී”ති තුට්ඨිං පවෙදෙසි.
දෙවිපුත් තෙමේ ස්වාමීනි, මා මේ ලත් සම්පත් සියල්ල ඔබ කෙරෙහි සිත් පහදවා ලද්දෙමි. මේ සම්පත් ඔබ ලද්දේ මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන්ද? එසේය ස්වාමීනියි දිව්‍ය පුත්‍රයා පිළිතුරු දුන්නේය. මහජනයා, දිව්‍ය පුත්‍රයා දෙස බලා පින්වත්නි, බුදුගුණය නම් ආශ්චර්යයි. අදින්නපුබ්බක බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වෙනත් කිසිදු පිනක් නොකොට බුදුන් කෙරෙහි සිත පහදවා මෙබඳු සම්පත් ලද්දේයයි ප්‍රීතිය ප්‍රකාශ කළහ.
අථ නෙසං කුසලාකුසලකම්මකරණෙ මනොව පුබ්බඞ්ගමො, මනොව සෙට්ඨො. පසන්නෙන හි මනෙන කතං කම්මං දෙවලොකං මනුස්සලොකං ගච්ඡන්තං පුග්ගලං ඡායාව න විජහතීති ඉදං වත්ථුං කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා පතිට්ඨාපිතමත්තිකං සාසනං රාජමුද්දාය ලඤ්ඡන්තො විය ධම්මරාජා ඉමං ගාථමාහ –
ඉන්පසු ඔවුනොවුන්ගේ කුශලකර්ම කරණයෙහිලා සිත, මනස පුර්වාංගම වන බවත්, මනසම ශ්‍රේෂ්ඨකොට පවත්නා බවත් පැහැදුණු මනසින් කළ කර්මය දෙව්ලොව හෝ මිනිස් ලොව උපදින පුද්ගලයා පසුපස යන ඡායාව මෙන් අත්නොහරින්නේය යන මේ වස්තුව කියා පුර්වාපරසන්ධි ගළපා පිහිටුවනලද මැටි හසුනක් රාජමුද්රාතබන්නාක් මෙන් ධර්මරාජයන්වහන්සේ මේ ගාථාව වදාළ සේක;
“මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා. මනසා චෙ පසන්නෙන, භාසති වා කරොති වා; තතො නං සුඛමන්වෙති, ඡායාව අනපායිනී”ති.
සැම සිතිවිලි දහම් මන පෙරටුවම ඇති වේ මනස සෙට කොටමවේ එහෙයින් මනෝමය වේ පැහැදි සිතකින් කියන කරන හැම දෙය නිසා සැපත පසුපසින් එයි සෙවනැල්ල මෙන් තමාගේ
තත්ථ කිඤ්චාපි මනොති අවිසෙසෙන සබ්බම්පි චතුභූමිකචිත්තං වුච්චති, ඉමස්මිං පන පදෙ නියමියමානං වවත්ථාපියමානං පරිච්ඡිජ්ජියමානං අට්ඨවිධං කාමාවචරකුසලචිත්තං ලබ්භති. වත්ථුවසෙන පනාහරියමානං තතොපි සොමනස්සසහගතං ඤාණසම්පයුත්තචිත්තමෙව ලබ්භති. පුබ්බඞ්ගමාති තෙන පඨමගාමිනා හුත්වා සමන්නාගතා. ධම්මාති වෙදනාදයො තයො ඛන්ධා. එතෙ හි උප්පාදපච්චයට්ඨෙන සොමනස්සසම්පයුත්තමනො පුබ්බඞ්ගමො එතෙසන්ති මනොපුබ්බඞ්ගමා නාම. යථා හි බහූසු එකතො හුත්වා මහාභික්ඛුසඞ්ඝස්ස චීවරදානාදීනි වා උළාරපූජාධම්මස්සවනාදීනි වා මාලාගන්ධසක්කාරකරණාදීනි වා පුඤ්ඤානි කරොන්තෙසු “කො එතෙසං පුබ්බඞ්ගමො”ති වුත්තෙ යො තෙසං පච්චයො හොති, යං නිස්සාය තෙ තානි පුඤ්ඤානි කරොන්ති, සො තිස්සො වා ඵුස්සො වා තෙසං පුබ්බඞ්ගමොති වුච්චති, එවංසම්පදමිදං වෙදිතබ්බං. ඉති උප්පාදපච්චයට්ඨෙන මනො පුබ්බඞ්ගමො එතෙසන්ති මනොපුබ්බඞ්ගමා. න හි තෙ මනෙ අනුප්පජ්ජන්තෙ උප්පජ්ජිතුං සක්කොන්ති, මනො පන එකච්චෙසු චෙතසිකෙසු අනුප්පජ්ජන්තෙසුපි උප්පජ්ජතියෙව. එවං අධිපතිවසෙන පන මනො සෙට්ඨො එතෙසන්ති මනොසෙට්ඨා.
මෙහිදීත් මනො යනු අවිශේෂයෙන් සියලුම චාතූර්භූමක සිත් ගැන කියනු ලබේ. මේ පදයෙහි ලා නියම කරනලද, ව්‍යවස්ථා කරනලද, සීමා කරනලද, අෂ්ඨවිධවූ කාමාවචර කුසල චිත්තය ලබයි. වස්තු වශයෙන් ගනු ලබන්නාවූ සිත්වලිනුත් සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත සිතම ලබයි. පුබ්බංගමා යනු ඒ ප්රථමගාමී සමන්නාගත සිත විසින් යන අර්ථයි. ධම්මා යනු වේදනාදි ස්කන්ධ තුනයි. මොවුන් අතර උත්පාද ප්රත්යාර්ථයෙන් සෝමනස්ස සම්ප්‍රයුක්ත මනස මොවුන්ට පුර්වංගමවේ යනුයි. මනො පුබ්බංගමා නම් වේ. යම් සේ බොහෝ දෙනෙක් එක්වී මහාභික්ෂුසංඝයාට චීවර දානාදිය හෝ උදාරවූ වෙනත් පූජා හෝ ධර්මශ්රවණ මල්පහන් පූජාදී පින්කම් කරනවිට මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ කල්හි යමෙක් ඔවුන්ගේ ‘ප්‍රත්‍යය’ හෙවත් මෙහෙයවන්නා වෙයිද, යමෙක් නිසා ඔවුහු ඒ පින්කම් කෙරෙත්ද, ඔහු තිස්ස නම්වුවත් ඵුස්ස නම්වුවත් ඔහුම පුර්වංගම පුරෝගාමීයයි කියති. මෙහිදී පිළිවෙළ මෙසේ දතයුතුයි. උත්පාද ප්‍රත්‍යය වශයෙන් මොවුන්ට මන පූර්වංගම වේනුයි මනෝපුබ්බංගමා. මන නූපන් කල්හිත් මේ සිත් උපදින්නට හැකි නොවේද? මන වනාහි ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිත් උපදින්නේ වෙයි. මෙසේ අධිපති වශයෙන් මොවුන්ට මන ශ්‍රේෂ්ඨවන හෙයින් මනෝසෙට්ඨායි.
යථා හි ගණාදීනං අධිපති පුරිසො ගණසෙට්ඨො සෙණිසෙට්ඨොති වුච්චති, තථා තෙසම්පි මනොව සෙට්ඨො. යථා පන සුවණ්ණාදීහි නිප්ඵාදිතානි භණ්ඩානි සුවණ්ණමයාදීනි නාම හොන්ති, තථා එතෙපි මනතො නිප්ඵන්නත්තා මනොමයා නාම.
යම්සේ ගණයක (සමූහයක) අධිපති පුරුෂයා ‘ගණසෙට්ඨ’ යයි කියයිද, එසේ ඔවුන්ටද මන ශ්‍රේෂ්ඨ වෙයි. යම්සේ රන් ආදියෙන් නිපන් ඒ ඒ බඩුභාණ්ඩ ‘ස්වර්ණමයා’ දී නම් ලබයිද, එසේ මේ සිතුත් මනසින් නිපන් හෙයින් ‘මනොමය’ නම් වේ.
පසන්නෙනාති අනභිජ්ඣාදීහි ගුණෙහි පසන්නෙන. භාසති වා කරොති වාති එවරූපෙන මනෙන භාසන්තො චතුබ්බිධං වචීසුචරිතමෙව භාසති, කරොන්තො තිවිධං කායසුචරිතමෙව කරොති, අභාසන්තො අකරොන්තො තාය අනභිජ්ඣාදීහි පසන්නමානසතාය තිවිධං මනොසුචරිතං පූරෙති. එවමස්ස දස කුසලකම්මපථා පාරිපූරිං ගච්ඡන්ති.
පසන්නෙන යනු අනභිධ්යාදී ගුණවලින් ප්‍රසන්නවූ යන අර්ථයි. හාසති වා කරොති වා යනු මෙබඳු මනසකින් යුක්තව කථාකරන විට සිවුවැදෑරුම් වචීසුචරිතයක්ම කියයි. ක්‍රියා කරනවිට ත්‍රිවිධ කායසුචරිතයක්ම කරයි. නොබැණ, නොකර සිටිනවිට අනභිධ්යාදියෙන් යුත් ප්‍රසන්න මනසක් ඇති හෙයින් ත්‍රිවිධ මනෝසුචරිතයම පුරයි. මෙසේ ඔහුට දශකුශලකර්මපථයන්ම පරිපුර්ණත්වයට පැමිණෙයි.
තතො නං සුඛමන්වෙතීති තතො තිවිධසුචරිතතො නං පුග්ගලං සුඛ මන්වෙති. ඉධ තෙභූමිකම්පි කුසලං අධිප්පෙතං, තස්මා තෙභූමිකසුචරිතානුභාවෙන සුගතිභවෙ නිබ්බත්තං පුග්ගලං, දුග්ගතියං වා සුඛානුභවනට්ඨානෙ ඨිතං කායවත්ථුකම්පි ඉතරවත්ථුකම්පි අවත්ථුකම්පීති කායිකචෙතසිකං විපාකසුඛං අනුගච්ඡති, න විජහතීති අත්ථො වෙදිතබ්බො. යථා කිං?
තතො නං සුඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ සුචරිතයෙන් ඒ පුද්ගලයා සැපවත්වේ යනු අර්ථයි. මෙහිදී ත්‍රෛභූමක කුශලචිත්තයම අභිප්‍රේතයි. එහෙයින් ත්‍රෛභූමක සුචරිතානුභාවයෙන් සුගති භවයෙහි උපන් පුද්ගලයා දුර්ගතියක වේවා වෙනත් සැප අනුභව කරන තැනක වේවා සිටියේ නමුත් කායවස්තුකවූ හෝ අන්යවස්තුකවූ හෝ අවස්තුකමවූයේ හෝ කායික චෛතසිකවූ විපාක සැප අනුව යේ. අත්නොහැර සිටී යන අර්ථයද ගතයුතුයි.
ඡායාව අනපායිනීති යථා හි ඡායා නාම සරීරප්පටිබද්ධා සරීරෙ ගච්ඡන්තෙ ගච්ඡති, තිට්ඨන්තෙ තිට්ඨති, නිසීදන්තෙ නිසීදති, න සක්කොති, “සණ්හෙන වා ඵරුසෙන වා නිවත්තාහී”ති වත්වා වා පොථෙත්වා වා නිවත්තාපෙතුං. කස්මා? සරීරප්පටිබද්ධත්තා. එවමෙව ඉමෙසං දසන්නං කුසලකම්මපථානං ආචිණ්ණසමාචිණ්ණකුසලමූලිකං කාමාවචරාදිභෙදං කායිකචෙතසිකසුඛං ගතගතට්ඨානෙ අනපායිනී ඡායා විය හුත්වා න විජහතීති.
ඡායාව අනපායිනී යනු යම්සේ සෙවනැල්ල ශරීරය හා සම්බන්ධද, සිරුර යන කල යයි. සිටින කල සිටියි. හිඳි කල හිඳියි. සියුම් හෝ පරුෂ හෝ වචනයෙන් නවතුවයි කියා හෝ තළා නවත්වන්නට නොහැකිද, එසේයි. කුමක් හෙයින්ද? සිරුර හා බැඳී ඇති හෙයිනි. මෙසේ මේ දශකුශලකර්මපථයන්ගේ ආචීර්ණ සමාචීර්ණ (බොහෝ සේ පුරුදු පුහුණු කළ) වූ කාමාවචරාදි භේදගත කායික චෛතසික සැප ගියගිය තැන අත් නොහැර පවතින සෙවනැල්ල මෙන්වී අත්නොහැර සිටින්නේමය.
ගාථාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි, මට්ඨකුණ්ඩලිදෙවපුත්තො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, තථා අදින්නපුබ්බකො බ්රාහ්මණො. සො තාවමහන්තං විභවං බුද්ධසාසනෙ විප්පකිරීති.
ගාථාව කෙළවර අසූහාරදහසක් දෙනාට ධර්මාවබෝධය විය. මට්ටකුණ්ඩලී දෙව්පුත් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අදින්නපුබ්බක බමුණාද එසේ විය. ඔහු තමා සන්තක ඒසා විශාලධනය බුදු සසුන වෙනුවෙන් කැපකළේය.
මට්ඨකුණ්ඩලීවත්ථු දුතියං.
දෙවන මට්ටකුණ්ඩලී වස්තුවයි.