යෙදුමෙන් කියවන්න

3-4. තිස‍්සත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

3-4. තිස‍්සත්‍ථෙරවත්‍ථු

3-4. ථුල්ලතිස්ස ස්ථවිර වස්තුව

අක‍්කොච‍්ඡි මන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තිස‍්සත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

‘අක්කොච්ඡිමං’ ආදී මේ දේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්‍රම වැඩවාසය කරන සමයෙහි තිස්සතෙරුන් අරභයා දෙසුසේක.

සො කිරායස‍්මා තිස‍්සත්‍ථෙරො භගවතො පිතුච‍්ඡාපුත‍්තො අහොසි, මහල‍්ලකකාලෙ පබ‍්බජිත්‍වා බුද‍්ධානං උප‍්පන‍්නලාභසක‍්කාරං පරිභුඤ‍්ජන‍්තො ථූලසරීරො ආකොටිතපච‍්චාකොටිතෙහි චීවරෙහි නිවාසෙත්‍වා යෙභුය්‍යෙන විහාරමජ‍්ඣෙ උපට‍්ඨානසාලායං නිසීදති. තථාගතං දස‍්සනත්‍ථාය ආගතා ආගන‍්තුකභික‍්ඛූ තං දිස‍්වා “එකො මහාථෙරො භවිස‍්සතී”ති සඤ‍්ඤාය තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වත‍්තං ආපුච‍්ඡන‍්ති, පාදසම‍්බාහනාදීනි ආපුච‍්ඡන‍්ති. සො තුණ‍්හී අහොසි. අථ නං එකො දහරභික‍්ඛු “කතිවස‍්සා තුම‍්හෙ”ති පුච‍්ඡිත්‍වා “වස‍්සං නත්‍ථි, මහල‍්ලකකාලෙ පබ‍්බජිතා මය”න‍්ති වුත‍්තෙ, “ආවුසො, දුබ‍්බිනීත, මහල‍්ලක, අත‍්තනො පමාණං න ජානාසි, එත‍්තකෙ මහාථෙරෙ දිස‍්වා සාමීචිකම‍්මමත‍්තම‍්පි න කරොසි, වත‍්තෙ ආපුච‍්ඡියමානෙ තුණ‍්හී හොසි, කුක‍්කුච‍්චමත‍්තම‍්පි තෙ නත්‍ථී”ති අච‍්ඡරං පහරි.

ඒ ආයුෂ්මතුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ පියාගේ නැගණිකෙනෙකුන්ගේ පුත්‍රයෙකි. මහලුවී පැවිදි වුහ. බුදුන්ට උපන් ලාභසත්කාර වළඳා ස්ථූලවූ සිරුරු ඇතිව මටසිලිටි සිවුරු හැඳ පෙරවාගෙන බොහෝ වේලාවල විහාරය මැද තිබුණු උපස්ථාන ශාලාවෙහි සිටියහ. බුදුන් දකිනු කැමැත්තෙන් එහි පැමිණි ආගන්තුක භික්ෂුහූ මේත් එක් මහතෙරනමකියි සිතා ඔහු ළඟට ගොස් වතාවත් දක්වති. පා මැඩීම් ආදිය අවශ්‍යදැයි විචාරති. හෙතෙම නිහඬවෙයි. දිනක් එක් ළදරුනමක් ඔහු වෙත පැමිණ, ඔබට දැන් වස් කීයක්දැයි විචාරා, මට වස් නැත. මහලුවී පැවිදිවීමියි කී කල්හි, ඇයි දුර්විනීත මහල්ල ඔබ තමන්ගේ ප්‍රමාණය නොදන්නෙහිය. මෙපමණ මහලු තෙරුන්වහන්සේලා දැකදැකත් සතුටුසාමිචී කථාවක් පමණකුත් නොකරන්නෙහිය. වතාවත් විමසූ විට නිහඬ වන්නෙහිය. මේ කරන්නේ වරදක්‍යයි කුකුසක්වත් ඇති නොවන්නේදැයි අසුරු ගැසීය.

සො ඛත‍්තියමානං ජනෙත්‍වා “තුම‍්හෙ කස‍්ස සන‍්තිකං ආගතා”ති පුච‍්ඡිත්‍වා “සත්‍ථු සන‍්තික”න‍්ති වුත‍්තෙ “මං පන ‘කො එසො’ති සල‍්ලක‍්ඛෙථ, මූලමෙව වො ඡින්‍දිස‍්සාමී”ති වත්‍වා රුදන‍්තො දුක‍්ඛී දුම‍්මනො සත්‍ථු සන‍්තිකං අගමාසි. අථ නං සත්‍ථා “කිං නු ත්‍වං තිස‍්ස දුක‍්ඛී දුම‍්මනො අස‍්සුමුඛො රොදමානො ආගතොසී”ති පුච‍්ඡි. තෙපි භික‍්ඛූ “එස ගන‍්ත්‍වා කිඤ‍්චි ආලොළං කරෙය්‍යා”ති තෙනෙව සද‍්ධිං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු.

හෙතෙම ක්ෂත්‍රිය මාන්නය උපදවා, ඔබ මේ පැමිණ සිටින්නේ කවුරුන් ළඟට දැයි අසා, බුදුන් සමීපයට යයි කී කල, මා කවුරුන්දැයි දන්නහුද, තෙපි සමූලඝාතනය කරදමමියි හඬමින් දුක් දොම්නස්ව බුදුන් සමීපයට ගියේය. බුදුරජාණන්වහන්සේ, තිස්ස දුකින් දොම්නසින් ඇසේ කදුළු පුරාවාගෙන අඬමින් ආවේ ඇයිදැයි ඇසූහ. ඒ භික්ෂුහුත් මොහු ගොස් කුමක් හෝ කලබලයක් කරනුඇතියි සිතා ඔහු සමඟම බුදුන් සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියාහුය.

සො සත්‍ථාරා පුච‍්ඡිතො “ඉමෙ මං, භන‍්තෙ, භික‍්ඛූ අක‍්කොසන‍්තී”ති ආහ. “කහං පන ත්‍වං නිසින‍්නොසී”ති? “විහාරමජ‍්ඣෙ උපට‍්ඨානසාලායං, භන‍්තෙ”ති. “ඉමෙ තෙ භික‍්ඛූ ආගච‍්ඡන‍්තා දිට‍්ඨා”ති? “ආම, දිට‍්ඨා, භන‍්තෙ”ති. “කිං උට‍්ඨාය තෙ පච‍්චුග‍්ගමනං කත”න‍්ති? “න කතං, භන‍්තෙ”ති. “පරික‍්ඛාරග‍්ගහණං ආපුච‍්ඡිත”න‍්ති? “නාපුච‍්ඡිතං, භන‍්තෙ”ති. “වත‍්තං වා පානීයං වා ආපුච‍්ඡිත”න‍්ති. “නාපුච‍්ඡිතං භන‍්තෙ”ති? “ආසනං නීහරිත්‍වා අභිවාදෙත්‍වා පාදසම‍්බාහනං කත”න‍්ති? “න කතං, භන‍්තෙ”ති.

තිස්ස භික්ෂුතෙම, ස්වාමීනි, මේ භික්ෂූහු මට බැණ නින්දා පරිභව කෙරෙත්‍යයි කීය. තිස්ස ඔබ සිටියේ කොහිද? ස්වාමීනි, වෙහෙර මැද උපස්ථාන ශාලාවේ. මේ භික්ෂුන් එනවා ඔබ දැක්කෙහිද? ස්වාමීනි, එසේය. ඔබ නැඟිට පෙර ගමන් කෙළෙහිද? නැත ස්වාමීනි, එසේ නොකෙළෙමි. සිවුරු පිරිකර ගැනීමට ඇසුවෙහිද? නැත ස්වාමීනී, අවශ්‍ය වතාවත් හෝ පැන් ගැන විමසුවෙහිද? නැත ස්වාමීනි, අසුන් පනවා පාමැඩීම් ආදිය කෙළෙහිද? නැත ස්වාමීනි.

“තිස‍්ස මහල‍්ලකභික‍්ඛූනං සබ‍්බං එතං වත‍්තං කාතබ‍්බං, එතං වත‍්තං අකරොන‍්තෙන විහාරමජ‍්ඣෙ නිසීදිතුං න වට‍්ටති, තවෙව දොසො, එතෙ භික‍්ඛූ ඛමාපෙහී”ති? “එතෙ මං, භන‍්තෙ, අක‍්කොසිංසු, නාහං එතෙ ඛමාපෙමී”ති. “තිස‍්ස මා එවං කරි, තවෙව දොසො, ඛමාපෙහි නෙ”ති? “න ඛමාපෙමි, භන‍්තෙ”ති.

තිස්ස වැඩිමහලු භික්ෂුන් වෙනුවෙන් මේ සියල්ල කළයුතුයි. එසේ නොකරන්නෙකු වෙහෙර මැද සිටීම නොවටී. දෝෂය ඔබේමය. මේ භික්ෂූන් වැඳ ක්ෂමා කරවාගන්න. ස්වාමීනී, මේ භික්ෂූහු මට ආක්‍රෝෂ පරිභව කළහ. මම මොවුන්ගෙන් සමාව නොගනිමි. තිස්ස එසේ නොකරව. වැරැද්ද ඔබේමය. ඔවුන්ගෙන් සමාව ගන්න. ස්වාමීනි, මම ඔවුන්ගෙන් සමාව නොගන්නෙමි.

අථ සත්‍ථා “දුබ‍්බචො එස, භන‍්තෙ”ති භික‍්ඛූහි වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව දුබ‍්බචො එස, පුබ‍්බෙපි එස දුබ‍්බචොයෙවා”ති වත්‍වා “ඉදානි තාවස‍්ස, භන‍්තෙ, දුබ‍්බචභාවො අම‍්හෙහි ඤාතො, අතීතෙ එස කිං අකාසී”ති වුත‍්තෙ “තෙන හි, භික‍්ඛවෙ, සුණාථා”ති වත්‍වා අතීතමාහරි.

ඉන්පසු ඒ භික්ෂූහු, ‘ස්වාමීනී තිස්ස අකීකරුයි, අකීකරුයි ස්වාමීනි’, යයි කී කල්හි මහණෙනි, මොහු අකීකරු වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මොහු අකීකරුවුයේමයයි වදාළ කල්හි, ස්වාමීනී, දැන් මොහු අකීකරු බව අපි දනිමු. පෙර මොහු කුමක් කෙළේදැයි විචාළ කල්හි එසේනම් මහණෙනි අසව්‍යයි වදාරා අතීතකථාව ගෙනහැර දැක්වුහ.

අතීතෙ බාරාණසියං බාරාණසිරඤ‍්ඤෙ රජ‍්ජං කාරෙන‍්තෙ දෙවිලො නාම තාපසො අට‍්ඨ මාසෙ හිමවන‍්තෙ වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය චත‍්තාරො මාසෙ නගරමුපනිස‍්සාය වසිතුකාමො හිමවන‍්තතො ආගන‍්ත්‍වා නගරද‍්වාරෙ දාරකෙ දිස‍්වා පුච‍්ඡි – “ඉමං නගරං සම‍්පත‍්තපබ‍්බජිතා කත්‍ථ වසන‍්තී”ති? “කුම‍්භකාරසාලායං, භන‍්තෙ”ති.

පෙර බරණැස් රජුන් රජකරන කාලයෙහි දේවල නම් තවුසා අටමසක් හිමාලයෙහි වාසයකොට ලුණු ඇඹුල් ඇති ආහාර ගැනීම පිණිස සිවුමසක් පමණ නගරාශ්‍රයේ වසනු කැමැත්තෙන් හිමවතින් පිටත්ව ආවේය. නුවර දොරටුව ළඟදී ළමයින් දැක මේ නගරයට එන පැවිද්දන් ලැගුම් ගන්නේ කොහිදැයි ඇසුවේය. ස්වාමීනී කුම්භකාරයාගේ ශාලාවෙහියයි ඔවුහු පිළිතුරු දුන්හ.

තාපසො කුම‍්භකාරසාලං ගන‍්ත්‍වා ද‍්වාරෙ ඨත්‍වා “සචෙ තෙ භග‍්ගව අගරු, වසෙය්‍යාම එකරත‍්තිං සාලාය”න‍්ති ආහ. කුම‍්භකාරො “මය‍්හං රත‍්තිං සාලායං කිච‍්චං නත්‍ථි, මහතී සාලා, යථාසුඛං වසථ, භන‍්තෙ”ති සාලං නිය්‍යාදෙසි. තස‍්මිං පවිසිත්‍වා නිසින‍්නෙ අපරොපි නාරදො නාම තාපසො හිමවන‍්තතො ආගන‍්ත්‍වා කුම‍්භකාරං එකරත‍්තිවාසං යාචි. කුම‍්භකාරො “පඨමං ආගතො ඉමිනා සද‍්ධිං එකතො වසිතුකාමො භවෙය්‍ය වා නො වා, අත‍්තානං පරිමොචෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “සචෙ, භන‍්තෙ, පඨමං උපගතො රොචෙස‍්සති, තස‍්ස රුචියා වසථා”ති ආහ. සො තමුපසඞ‍්කමිත්‍වා “සචෙ තෙ, ආචරිය අගරු, මයඤ‍්චෙත්‍ථ එකරත‍්තිං වසෙය්‍යාමා”ති යාචි. “මහතී සාලා, පවිසිත්‍වා එකමන‍්තෙ වසාහී”ති වුත‍්තෙ පවිසිත්‍වා පුරෙතරං පවිට‍්ඨස‍්ස දෙවිලස‍්ස අපරභාගෙ නිසීදි. උභොපි සාරණීයකථං කථෙත්‍වා නිපජ‍්ජිංසු.

තවුසා කුම්භකාරශාලාව ළඟට ගොස් දොරටුවෙහි සිට භාර්ගවය, ඔබට අපහසුවක් නැත්නම් මේ ශාලාවෙහි එක්රැයක් නවතින්නටදැයි ඇසීය. ස්වාමීනි, රාත්‍රී කාලයෙහි මට ශාලාවෙන් වැඩක් නැත. ශාලාවත් ලොකුය. මනාප හැටියකට විසුව මැනවයි කියා කුම්භකාරයා ශාලාව තවුසාට භාරකෙළේය. දේවල තවුසා එහි ලැගුම්ගෙන සිටිනවිට නාරද නම් වෙනත් තවුසෙක්ද හිමවතින් අවුත් එම ශාලාවෙහි එක් රැයක් නැවතීමට ඉල්ලා සිටියේය. කුම්භකාරයා, පළමුව පැමිණි තවුසා මොහු සමඟ එක්ව විසීමට කැමතිවූවත් නැතත් තමන් බේරී කටයුතු කළයුතුයයි සිතා ස්වාමීනි, පළමුව පැමිණි අය කැමති නම් ඔහුගේ කැමැත්ත ඇතිව වසනු මැනවයි කීය. ඔහු මුලින් පැමිණි දේවල වෙත පැමිණ ආචාර්යවරයාණෙනි, ඔබට අපහසුවක් නැත්නම් මමත් මෙහි රැයක් නවතින්නටදැයි ඇසීය. ශාලාව ලොකුයි ඇවිත් එක්පැත්තක ඉන්නැයි කීකල්හි ඇතුළට පැමිණ පළමුව පැමිණි අයගේ ඈතින් හුන්නේය. පසුව දෙදෙනාම සතුටුසාමිචී කථා කරමින් නින්දටවන්හ.

සයනකාලෙ නාරදො දෙවිලස‍්ස නිපජ‍්ජනට‍්ඨානඤ‍්ච ද‍්වාරඤ‍්ච සල‍්ලක‍්ඛෙත්‍වා නිපජ‍්ජි. සො පන දෙවිලො නිපජ‍්ජමානො අත‍්තනො නිපජ‍්ජනට‍්ඨානෙ අනිපජ‍්ජිත්‍වා ද‍්වාරමජ‍්ඣෙ තිරියං නිපජ‍්ජි. නාරදො රත‍්තිං නික‍්ඛමන‍්තො තස‍්ස ජටාසු අක‍්කමි. “කො මං අක‍්කමී”ති ච වුත‍්තෙ, “ආචරිය, අහ”න‍්ති ආහ. “කූටජටිල, අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා මම ජටාසු අක‍්කමසී”ති. “ආචරිය, තුම‍්හාකං ඉධ නිපන‍්නභාවං න ජානාමි, ඛමථ මෙ”ති වත්‍වා තස‍්ස කන්‍දන‍්තස‍්සෙව බහි නික‍්ඛමි.

නාරද තවුසා නිදනකල දේවල සිටි තැනින් දොරත් සලකාබලා නිදාගත්තේය. දේවල තවුසා නිදනකල්හි තමන් පළමුව සිටි තැන නොසිට තැන් මාරුකොට දොරටුව මැද හරස් අතට නිදාගත්තේය. නාරද රාත්‍රියෙහි එළියට යනවිට දේවලගේ ජටාව පෑගුවේය. ‘මා පාගන්නේ කවුදැ’යි ඇසුවිට, ආචාර්‍යය ඒ මමයයි නාරද පිළිතුරු දුන්නේය. එම්බල කූට ජටිලය, කැලේ සිට අවුත් මගේ ජටාව පාගන්නේ ඇයිදැයි ඇසීය. ඇඳුරුතුමනි, ඔබ මෙතැන නිදනබවක් නොදන්නෙමි, මට සමාවන්නැයි කියා ඔහු කෑගසද්දීම පිටතට ගියේය.

ඉතරො “අයං පවිසන‍්තොපි මං අක‍්කමෙය්‍යා”ති පරිවත‍්තෙත්‍වා පාදට‍්ඨානෙ සීසං කත්‍වා නිපජ‍්ජි. නාරදොපි පවිසන‍්තො “පඨමංපාහං ආචරියෙ අපරජ‍්ඣිං, ඉදානිස‍්ස පාදපස‍්සෙන පවිසිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආගච‍්ඡන‍්තො ගීවාය අක‍්කමි. “කො එසො”ති ච වුත‍්තෙ “අහං, ආචරියා”ති වත්‍වා “කූටජටිල, පඨමං මම ජටාසු අක‍්කමිත්‍වා ඉදානි ගීවාය අක‍්කමසි, අභිසපිස‍්සාමි ත”න‍්ති වුත‍්තෙ, “ආචරිය, මය‍්හං දොසො නත්‍ථි, අහං තුම‍්හාකං එවං නිපන‍්නභාවං න ජානාමි, ‘පඨමම‍්පි මෙ අපරද‍්ධං, ඉදානි පාදපස‍්සෙන පවිසිස‍්සාමී’ති පවිට‍්ඨොම‍්හි, ඛමථ මෙ”ති ආහ. “කූටජටිල, අභිසපිස‍්සාමි ත”න‍්ති. “මා එවං කරිත්‍ථ ආචරියා”ති. සො තස‍්ස වචනං අනාදියිත්‍වා –

දේවල, මොහු දැන් ආපසු එන විටත් මා පාගනු ඇතැයි සිතා හිස තිබු තැනට පයත් පය තිබූ තැනට හිසත් තබා නිදාගත්තේය. නාරද තවුසෝද යළි ඇතුළට එන්නාහු මම පළමුවත් ආචාර්‍යයන්ට වරදක් කෙළෙමි. දැන් ඔහුගේ පා ඇති පැත්තෙන් ඇතුළු වන්නෙමියි සිතා ඒ පැත්තෙන් එනවිට දේවලගේ බොටුව පෑගුණේය. මේ කවුදැයි ඇසූවිට ආචාරිනී, මම යයි නාරද පිළිතුරු දුන්නේය. ඇයි කූට ජටිලය, පළමුව ජටාව පාගා දැන් බෙල්ලම පාගන්නෙහිය. තට ශාපකරන්නෙමියි කීකල, ආචාරිනී, මගේ වරදක් නැත. මම ඔබ මෙසේ නිදන බවක් නොදත්තෙමියි කීය. පළමුත් ආචාරීන්ට කරදරයක්වූ නිසා දැන් පා ඇති පැත්තෙන් එන්නෙමියි එසේ කෙළෙමි. (නොදැන වු වරදට) මට සමාවුව මැනවැයි ඉල්ලා සිටියේය. කූටජටිලය, මම තොපට ශාපකරමි. ආචාරිනී, එසේ නොකළ මැනවයි කියද්දීත් දේවල එබස් නාසා -

“සහස‍්සරංසී සතතෙජො, සූරියො තමවිනොදනො; පාතොදයන‍්තෙ සූරියෙ, මුද‍්ධා තෙ ඵලතු සත‍්තධා”ති. –

‘දහසක් රැස් කිරණවලින් සියයක් තේජෝ බලයෙන් අඳුර නසන හිරුදෙවියන් ලොවට උදාවනු සමඟම තාගේ හිස් මුදුන පැලී සත්කඩකට වෙන් වේවා’යි

තං අභිසපි එව. නාරදො, “ආචරිය, මය‍්හං දොසො නත්‍ථීති මම වදන‍්තස‍්සෙව තුම‍්හෙ අභිසපථ, යස‍්ස දොසො අත්‍ථි, තස‍්ස මුද‍්ධා ඵලතු, මා නිද‍්දොසස‍්සා”ති වත්‍වා –

ශාප කෙළේය. නාරද, ආචාරිනී. මගේ දොසක් නැතැයි කියද්දීම ඔබ මට ශාප කෙළෙහිය. මා නිදොස් බැවින් ‘දෝෂය ඇති අයගේ හිස්මුදුනම පැලේවායි

“සහස‍්සරංසී සතතෙජො, සූරියො තමවිනොදනො; පාතොදයන‍්තෙ සූරියෙ, මුද‍්ධා තෙ ඵලතු සත‍්තධා”ති. –

‘දහසක් රැස් කිරණවලින් සියයක් තේජෝ බලයෙන් අඳුර නසන හිරුදෙවියන් ලොවට උදාවනු සමඟම වරදකරුගෙ මුදුන පැලී සත්කඩකට වෙන් වේවා’යි

අභිසපි. සො පන මහානුභාවො අතීතෙ චත‍්තාලීස, අනාගතෙ චත‍්තාලීසාති අසීතිකප‍්පෙ අනුස‍්සරති. තස‍්මා “කස‍්ස නු ඛො උපරි අභිසපො පතිස‍්සතී”ති උපධාරෙන‍්තො “ආචරියස‍්සා”ති ඤත්‍වා තස‍්මිං අනුකම‍්පං පටිච‍්ච ඉද‍්ධිබලෙන අරුණුග‍්ගමනං නිවාරෙති.

ඔහුද ශාප කෙළේය. කෙසේ වුවත් නාරද මහානුභාවසම්පන්නය. අතීතයෙන් සතළිස් කල්පයකුත්, අනාගතයෙන් සතළිස්කල්පයකුත් වශයෙන් අසූකල්පයක් ගැන ඔහුට සිතිය හැකිය. එහෙයින් මේ ශාපය කාගේ මුදුනෙහි පතිත වේදෝහෝයි සිතාබලන්නේ ආචාර්‍යයන්ගේ මුදුනටම එය පතිත වනබවදැක, ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ස්වකීය සෘද්ධිබලයෙන් හිරු නැගීම නවත්වා දැමීය.

නාගරා අරුණෙ අනුග‍්ගච‍්ඡන‍්තෙ රාජද‍්වාරං ගන‍්ත්‍වා, “දෙව, තයි රජ‍්ජං කාරෙන‍්තෙ අරුණො න උට‍්ඨහති, අරුණං නො උට‍්ඨාපෙහී”ති කන්‍දිංසු. රාජා අත‍්තනො කායකම‍්මාදීනි ඔලොකෙන‍්තො කිඤ‍්චි අයුත‍්තං අදිස‍්වා “කිං නු ඛො කාරණ”න‍්ති චින‍්තෙත්‍වා “පබ‍්බජිතානං විවාදෙන භවිතබ‍්බ”න‍්ති පරිසඞ‍්කමානො “කච‍්චි ඉමස‍්මිං නගරෙ පබ‍්බජිතා අත්‍ථී”ති පුච‍්ඡි. “හිය්‍යො සායං කුම‍්භකාරසාලායං ආගතා අත්‍ථි දෙවා”ති වුත‍්තෙ තංඛණඤ‍්ඤෙව රාජා උක‍්කාහි ධාරියමානාහි තත්‍ථ ගන‍්ත්‍වා නාරදං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො ආහ –

නුවරවැසියෝ, හිරු නොපායන කල්හි රජගෙදරට ගොස්, දේවයන්වහන්ස, ඔබ රජ කරන විට ඉරත් නොපායයි. එනිසා අපේ සියලු වැඩත් නැවතී තිබේ. අපට හිරු නංවා දෙන්නැයි කෑගැසුහ. රජු තමන්ගේ කායකර්මාදියේ වරදක් ඇද්දැයි විමසා සිතාබලා එහි කිසි වරදක් නොදැක, හිරු නොපායන්නේ කුමක් නිසාදැයි සිතා, පැවිද්දන්ගේ කිසියම් විවාදයක් වුවමැනවැයි සැකකොට-කිමෙක්ද, මෙනුවර පැවිද්දන් ඇද්දැයි විචාළේය. දේවයන්වහන්ස ඊයේ රෑ කුම්භකාර ශාලාවට ආ පැවිද්දෝ වෙතියි කීකල්හි, රජු එකෙණෙහිම විලක්කු (පන්දම්) දල්වාගෙන එහි ගොස් නාරද තවුසා වැඳ එකත් පසෙක හිඳ-

“කම‍්මන‍්තා නප‍්පවත‍්තන‍්ති, ජම‍්බුදීපස‍්ස නාරද; කෙන ලොකො තමොභූතො, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

දඹදිව සියලු වැඩ නොපවතී නාරදයෙනි ඇයි ලොව අඳුරු වී මට එය කියා දෙනු මැන’යයි විචාළේය.

නාරදො සබ‍්බං තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා ඉමිනා කාරණෙන අහං ඉමිනා අභිසපිතො, අථාහං “මය‍්හං දොසො නත්‍ථි, යස‍්ස දොසො අත්‍ථි, තස‍්සෙව උපරි අභිසපො පතතූ”ති වත්‍වා අභිසපිං. අභිසපිත්‍වා ච පන “කස‍්ස නු ඛො උපරි අභිසපො පතිස‍්සතී”ති උපධාරෙන‍්තො “සූරියුග‍්ගමනවෙලාය ආචරියස‍්ස මුද‍්ධා සත‍්තධා ඵලිස‍්සතී”ති දිස‍්වා එතස‍්මිං අනුකම‍්පං පටිච‍්ච අරුණස‍්ස උග‍්ගමනං න දෙමීති.

නාරද තවුසෝ ඒ සියලු පුවත් දන්වා සිටියහ. මේ කරුණ නිසා මොහු මට ශාප කෙළේය. ඉන්පසු මම ‘මා තුළ දොසක් නැත. වරද ඇත්තා පිට ශාපය වැටේවායි නැවත ශාප කෙළෙමි. එසේ කොට කාගේ හිස පිට ශාපය වැටේදැයි බැලුවෙමි. එවිට, හිරු පායනවාත් සමඟම ආචාර්‍යයන්ගේ හිස සත්කඩකට පැලීයනබව දැක මොහු කෙරෙහි අනුකම්පාවෙන් අරුණ නැගෙන්නට නොදෙමි’යි කීවේය.

“කථං පන අස‍්ස, භන‍්තෙ, අන‍්තරායො න භවෙය්‍යා”ති. “සචෙ මං ඛමාපෙය්‍ය, න භවෙය්‍යා”ති. “තෙන හි ඛමාපෙහී”ති වුත‍්තෙ “එසො, මහාරාජ, මං ජටාසු ච ගීවාය ච අක‍්කමි, නාහං එතං කූටජටිලං ඛමාපෙමී”ති. “ඛමාපෙහි, භන‍්තෙ, මා එවං කරිත්‍ථා”ති. “න ඛමාපෙමී”ති. “මුද‍්ධා තෙ සත‍්තධා ඵලිස‍්සතී”ති වුත‍්තෙපි න ඛමාපෙතියෙව. අථ නං රාජා “න ත්‍වං අත‍්තනො රුචියා ඛමාපෙස‍්සසී”ති හත්‍ථපාදකුච‍්ඡිගීවාසු ගාහාපෙත්‍වා නාරදස‍්ස පාදමූලෙ ඔනමාපෙසි. නාරදොපි “උට‍්ඨෙහි, ආචරිය, ඛමාමි තෙ”ති වත්‍වා, “මහාරාජ, නායං යථාමනෙන ඛමාපෙති, නගරස‍්ස අවිදූරෙ එකො සරො අත්‍ථි, තත්‍ථ නං සීසෙ මත‍්තිකාපිණ‍්ඩං කත්‍වා ගලප‍්පමාණෙ උදකෙ ඨපාපෙහී”ති ආහ. රාජා තථා කාරෙසි. නාරදො දෙවිලං ආමන‍්තෙත්‍වා, “ආචරිය, මයා ඉද‍්ධියා විස‍්සට‍්ඨාය සූරියසන‍්තාපෙ උට‍්ඨහන‍්තෙ උදකෙ නිමුජ‍්ජිත්‍වා අඤ‍්ඤෙන ඨානෙන උත‍්තරිත්‍වා ගච‍්ඡෙය්‍යාසී”ති ආහ. “තස‍්ස සූරියරංසීහි සංඵුට‍්ඨමත‍්තොව මත‍්තිකාපිණ‍්ඩො සත‍්තධා ඵලි, සො නිමුජ‍්ජිත්‍වා අඤ‍්ඤෙන ඨානෙන පලායී”ති.

යම් හෙයකින් මොහු මගෙන් සමාව ගත්තොත් ශාපය ක්‍රියාත්මක නොවන්නේයයිද කියා සිටියේය. එසේ නම් මොහුගෙන් සමාව ගන්නැයි රජු දේවලට කීවේය. එවිට දේවල, ‘මහරජතුමනි, මොහු මගේ ජටාවත්, බෙල්ලත් දෙවරක්ම පෑගූවේය. මම මේ කූට ජටිලයාගෙන් සමාව නොගන්නෙමි’. සමාව ගන්න ස්වාමීනී, එලෙස නොකරන්න ස්වාමීනී. මහරජ මම සමාව නොඉල්ලමි. ඔබේ හිස් මුදුන සත්කඩකට පැලේයයි කීවත් ඔහු ක්ෂමාකර නොගත්තේය. ඉන්පසු රජු, ‘ඔබ සිය කැමැත්තෙන් සමාව නොගන්නෙහි නම් අපි මෙසේ කරන්නෙමු’ යයි තවුසාගේ අත් පා බඩ බෙල්ල යන තැන්වලින් අල්වා නාරදගේ පාමුල නමාලූවේය. නාරද, ආචාරිනී නැගිටින්න ඔබට සමාව දෙමියි කියා, මහරජ, මොහු සැබෑ සිතින් සමාව නොගනියි. නගරය ළඟ එක් විලක් ඇත. මොහු එහි ගෙනගොස් මැටිපිඬක් මොහුගේ හිසමත තබ්බවා, කරවටක් පමණ දියේ ගිල්වා තබන්නැයි කීවේය. රජු එසේ කෙළේය. දේවල ඇමතූ නාරද, ආචාරිනී, මා සෘද්ධිය අතහැර විසුරුවා දැමුකල හිරුරැස් නැගී එයි. ඒහාත් සමගම දියේ ගිලී වෙනත් තැනකින් මතු වෙන්නැයි උපදෙස් දුන්නේය. හිරුරැස් නැගෙත්ම ඔහු හිසපිට තිබූ මැටිපිඩ සත්කඩක්ව පැලිණි. ඔහු දියේ ගිලී වෙනත් තැනකින් මතුවී පලාගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “තදා, භික‍්ඛවෙ, රාජා ආනන්‍දො අහොසි, දෙවිලො තිස‍්සො, නාරදො අහමෙවාති එවං තදාපෙස දුබ‍්බචොයෙවා”ති වත්‍වා තිස‍්සත්‍ථෙරං ආමන‍්තෙත්‍වා, “තිස‍්ස, භික‍්ඛුනො නාම ‘අසුකෙනාහං අක‍්කුට‍්ඨො, අසුකෙන පහටො, අසුකෙන ජිතො, අසුකො ඛො මෙ භණ‍්ඩං අහාසී’ති චින‍්තෙන‍්තස‍්ස වෙරං නාම න වූපසම‍්මති, එවං පන අනුපනය‍්හන‍්තස‍්සෙව උපසම‍්මතී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

බුදුරජාණන්වහන්සේ මේ දේශනාව ගෙනහැරදක්වා, මහණෙනි, එකල රජ මෙකල ආනන්දය. දේවල නම් මේ තිස්සය. නාරද නම් මමය. මෙසේ එකලත් මොහු දුර්වචයයි ප්‍රකාශ කොට තිස්ස තෙරුන් අමතා, “තිස්ස! භික්ෂුව විසින් අසවලා මට බැන්නේය. අසවලා මට ගැසුවේය. අසවලා මා පරදවා ජයගත්තේය, අසවලා මගේ දේ පැහැර ගත්තේයයි සිතන්නාගේ වෛරය නම් කවදාවත් නිවී නොයන්නේය. එසේ වෛර නොකරන්නාගේ පමණක් වෛරය සංසිඳේ’ යයි දක්වා මේ ගාථාව වදාළහ:

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං උපනය‍්හන‍්ති, වෙරං තෙසං න සම‍්මති.

බැණීය ඔහු මට ගැසීය ඔහු මට ඔහු මා පරදා මගේ දේ ගත්තැයි වෙර බැඳ ගත්තොත් ඒ වයිරය නම් කවදා කිසි විට නොසන්සිඳේ

“අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ; යෙ ච තං නුපනය‍්හන‍්ති, වෙරං තෙසූපසම‍්මතී”ති.

බැණීය ඔහු මට ගැසීය ඔහු මට ඔහු මා පරදා මගේ දේ ගත්තැයි වයිර නොබැන්දොත් ඒ වයිරය නම් ඉතිරි නොවේ සන්සිඳේ සිඳේ.

තත්‍ථ අක‍්කොච‍්ඡීති අක‍්කොසි. අවධීති පහරි. අජිනීති කූටසක‍්ඛිඔතාරණෙන වා වාදපටිවාදෙන වා කරණුත‍්තරියකරණෙන වා අජෙසි. අහාසි මෙති මම සන‍්තකං පත‍්තාදීසු කිඤ‍්චිදෙව අවහරි. යෙ ච තන‍්ති යෙ කෙචි දෙවතා වා මනුස‍්සා වා ගහට‍්ඨා වා පබ‍්බජිතා වා තං “අක‍්කොච‍්ඡි ම”න‍්තිආදිවත්‍ථුකං කොධං සකටධුරං විය නද‍්ධිනා පූතිමච‍්ඡාදීනි විය ච කුසාදීහි පුනප‍්පුනං වෙඨෙත්‍වා උපනය‍්හන‍්ති, තෙසං සකිං උප‍්පන‍්නං වෙරං න සම‍්මතීති වූපසම‍්මති. යෙ ච තං නුපනය‍්හන‍්තීති අසතියා අමනසිකාරවසෙන වා කම‍්මපච‍්චවෙක‍්ඛණාදිවසෙන වා යෙ තං අක‍්කොසාදිවත්‍ථුකං කොධං තයාපි කොචි නිද‍්දොසො පුරිමභවෙ අක‍්කුට‍්ඨො භවිස‍්සති, පහටො භවිස‍්සති, කූටසක‍්ඛිං ඔතාරෙත්‍වා ජිතො භවිස‍්සති, කස‍්සචි තෙ පසය‍්හ කිඤ‍්චි අච‍්ඡින‍්නං භවිස‍්සති, තස‍්මා නිද‍්දොසො හුත්‍වාපි අක‍්කොසාදීනි පාපුණාසීති එවං න උපනය‍්හන‍්ති. තෙසු පමාදෙන උප‍්පන‍්නම‍්පි වෙරං ඉමිනා අනුපනය‍්හනෙන නිරින්‍ධනො විය ජාතවෙදො වූපසම‍්මතීති.

එහි අක්කොච්ඡි යනු අක්‍රෝෂයයි. අවධි යනු ගැසීමයි. අජිනි යනු බොරු කපටි සාක්ෂි කීමෙන් හෝ වාදප්‍රතිවාදයෙන් හෝ එකටඑක කිරීමෙන් දිනුවේය යන අර්ථයි. අහාසි මෙ යනු මා සන්තක පාත්‍රාදි කිසිවක් පැහැර ගත්තේය යන අර්ථයි. යෙතං යනු යම්කිසි, දෙවියෝ, මිනිස්සු, ගිහියෝ, පැවිද්දෝ හෝ මට ආක්‍රෝෂ කළෝය යනාදි හේතුවක් නිසා ඇතිකරගත් ක්‍රෝධය, තෘෂ්ණාවෙන් ඇදගෙන යන ක්‍රෝධය කුශාදි තෘණවර්ගවලින් නැවත නැවතත් වෙළන, බඳින කුණුමසක් මෙන්ද, එක් වරක් ඇතිවූ වෛරයයි. න සම්මති යනු නොසන්සිඳීමයි. යෙ තං න උපනයිහන්ති යනු අසිහියෙන් නොමෙනෙහි කිරීම් වශයෙන් හෝ කර්මය ගැන නැවත සිතා නොබැලීමෙන් හෝ කුමක් හෝ හේතුවක් නිසා උපන් ක්‍රෝධය ගැන, ඔබ භවයකදී බැන්නා විය හැකිය. ගැසුවා විය හැකිය. කපටි සාක්කි ගෙනහැරපා ඔහු පැරදුවා විය හැකිය. කිසි හේතුවක් නිසා කුමක් හෝ පැහැර ගත්තා වියහැකිය යනාදි වශයෙන් නිදොස්ව සිටත් බැණුම් ඇසීමාදියට භාජනයවුයේයයි මෙසේ කර්මය අනුව කරුණු සිතා ක්‍රෝධ නොකළයුතුය. එහිදී ඔවුනතර ප්‍රමාදයෙන් හෝ උපන් වෛරය ක්‍රෝධ නොකිරීමෙන් දර නොලබන ගින්නක් මෙන් නිවී යන්නේය.

දෙසනාපරියොසානෙ සතසහස‍්සභික‍්ඛූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. ධම‍්මදෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසි. දුබ‍්බචොපි සුබ‍්බචොයෙව ජාතොති.

දේශනාවගේ කෙළවර ශතසහස්‍රයක් භික්ෂූහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ධර්මදේශනාව මහජනයාට සාර්ථකවිය. දුර්වචයාත් සුවචවිය.

තිස‍්සත්‍ථෙරවත්‍ථු තතියං.

තුන්වන ථුල්ලතිස්ස ස්ථවිර වස්තුවයි.