යෙදුමෙන් කියවන්න

5. කාළයක‍්ඛිනීවත්‍ථු අට‍්ඨකථා

5. කාළයක‍්ඛිනීවත්‍ථු

5. කාලියකින්නගේ උත්පත්ති කථාව

න හි වෙරෙනාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං වඤ‍්ඣිත්‍ථිං ආරබ‍්භ කථෙසි.

‘නහි වෙරෙන’ ආදී මේ දම්දෙසුම ශාස්තෘන්වහන්සේ දෙව්රම වසන කාලයෙහි එක්තරා වඳ ස්ත්‍රියක් අරභයා දේශනා කළසේක.

එකො කිර කුටුම‍්බිකපුත‍්තො පිතරි කාලකතෙ ඛෙත‍්තෙ ච ඝරෙ ච සබ‍්බකම‍්මානි අත‍්තනාව කරොන‍්තො මාතරං පටිජග‍්ගි. අථස‍්ස මාතා “කුමාරිකං තෙ, තාත, ආනෙස‍්සාමී”ති ආහ. “අම‍්ම, මා එවං වදෙථ, අහං යාවජීවං තුම‍්හෙ පටිජග‍්ගිස‍්සාමී”ති. “තාත, ඛෙත‍්තෙ ච ඝරෙ ච කිච‍්චං ත්‍වමෙව කරොසි, තෙන මය‍්හං චිත‍්තසුඛං නාම න හොති, ආනෙස‍්සාමී”ති. සො පුනප‍්පුනං පටික‍්ඛිපිත්‍වා තුණ‍්හී අහොසි. සා එකං කුලං ගන‍්තුකාමා ගෙහා නික‍්ඛමි. අථ නං පුත‍්තො “කතරං කුලං ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “අසුකකුලං නාමා”ති වුත‍්තෙ තත්‍ථ ගමනං පටිසෙධෙත්‍වා අත‍්තනො අභිරුචිතං කුලං ආචික‍්ඛි.

එක් කෙළෙඹි පුත්‍රයෙක් තම පියා මළ පසු කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ තමන්ම කරමින් මව පෝෂණ කෙළේය. දිනක් ඔහුගේ මව, දරුව ඔබට කුමරියක් ගෙන එන්නෙම්දැයි විමසුවාය. මෑණියනි, එසේ නොකියන්න. මම දිවි ඇතිතාක් ඔබ පෝෂණය කරන්නෙමි. දරුව කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ ඔබම කරන්නෙහිය. එය මගේ හිතට සැපයක් නොවෙයි, ඒ නිසා කුමරියක් ගෙනෙන්නෙමියි කීවාය. කෙළෙඹියා, නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේපකොට පසුව නිහඩවිය. මව එක් ගෙයකට යනු කැමැත්තෙන් පිටත් වූවාය. පුනා කිනම් ගේකට යන්නෙහිදැයි අසා, අසවල් ගෙයටයයි කීකල, ඇගේ ගමන වළක්වා තමන් කැමති ගෙයක් ගැන දන්වා සිටියේය.

සා තත්‍ථ ගන‍්ත්‍වා කුමාරිකං වාරෙත්‍වා දිවසං වවත්‍ථපෙත්‍වා තං ආනෙත්‍වා තස‍්ස ඝරෙ අකාසි. සා වඤ‍්ඣා අහොසි. අථ නං මාතා, පුත‍්ත, ත්‍වං අත‍්තනො රුචියා කුමාරිකං ආණාපෙසි, සා ඉදානි වඤ‍්ඣා ජාතා, අපුත‍්තකඤ‍්ච නාම කුලං විනස‍්සති, පවෙණී න ඝටීයති, තෙන අඤ‍්ඤං තෙ කුමාරිකං ආනෙමීති. තෙන “අලං, අම‍්මා”ති වුච‍්චමානාපි පුනප‍්පුනං කථෙසි. වඤ‍්ඣිත්‍ථී තං කථං සුත්‍වා “පුත‍්තා නාම මාතාපිතූනං වචනං අතික‍්කමිතුං න සක‍්කොන‍්ති, ඉදානි අඤ‍්ඤං විජායිනිං ඉත්‍ථිං ආනෙත්‍වා මං දාසිභොගෙන භුඤ‍්ජිස‍්සති. යංනූනාහං සයමෙව එකං කුමාරිකං ආනෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා එකං කුලං ගන‍්ත්‍වා තස‍්සත්‍ථාය කුමාරිකං වාරෙත්‍වා “කිං නාමෙතං, අම‍්ම, වදෙසී”ති තෙහි පටික‍්ඛිත‍්තා “අහං වඤ‍්ඣා, අපුත‍්තකං නාම කුලං විනස‍්සති, තුම‍්හාකං පන ධීතා පුත‍්තං වා ධීතරං වා ලභිත්‍වා කුටුම‍්බිකස‍්ස සාමිනී භවිස‍්සති, මය‍්හං සාමිකස‍්ස නං දෙථා”ති යාචිත්‍වා සම‍්පටිච‍්ඡාපෙත්‍වා ආනෙත්‍වා සාමිකස‍්ස ඝරෙ අකාසි.

මව එහි ගොස් කුමරියක් කැමති කරවාගෙන දිනත් නියම කරගෙන කුමරිය කැඳවාගෙන ආවාය. ඒ ස්ත්‍රිය වඳ ගැහැණියකි. ඉන්පසු මව පුතා අමතා, පුතා, ඔබ ඔබගේ කැමැත්ත අනුව කුමරියක නියම කෙළෙහිය. ඈ දන් වඳ ගැහැණියකි. පුතුන් නැතිකල අපේ කුලය වැනසෙයි. ප්‍රවේණිය දිගට ගලා නොයයි. එහෙයින් වෙනත් කුමරියක් ඔබට ගෙන එන්නෙමියි කීවාය. ඔහු එපා කියද්දීත් මව නැවත නැවතත් ඒ ගැනම කථාකළාය. වඳ ගැහැණිය මේ කථාව අසා සිට, පුතුන්ට මවුපියන්ගේ වචන ඉක්මවිය නොහැක. ඉතින් වෙනත් එකියක් ගෙනාවොත් මා දාසියක ලෙස පරිහරණය කරනු ඇති. මා විසින්ම එක් කුලකුමරියක ගෙනාවොත් වඩා සුදුසුයයි සිතා එක් ගෙයකට ගොස් ඔහු සඳහා කුමරියක ගැන කථා කළ විට, ඇයි ඔබ සිටියදී තවත් එකියක් කුමටදැයි ප්‍රතික්ෂේප කළහ. මම වඳියක වෙමි. දරුවන් නැති කුලය වැනසෙයි. නුඹලාගේ දුවණිය පුතෙකු හෝ දුවක ලත් විට ඒ ගෙදර සියලූ ධනයේ අයිතිකරු වන්නේය. එහෙයින් ඈ මට භාර දෙන්නැයි ඔවුන් සතුටු කරවාගෙන කැඳවාගෙනවුත් සිය හිමියාගේ ගෙදර නවතාගත්තාය.

අථස‍්සා එතදහොසි – “සචායං පුත‍්තං වා ධීතරං වා ලභිස‍්සති, අයමෙව කුටුම‍්බස‍්ස සාමිනී භවිස‍්සති. යථා දාරකං න ලභති, තථෙව නං කාතුං වට‍්ටතී”ති. අථ නං සා ආහ – “අම‍්ම, යදා තෙ කුච‍්ඡියං ගබ‍්භො පතිට‍්ඨාති, අථ මෙ ආරොචෙය්‍යාසී”ති.

ඉන්පසු ඈට මෙබඳු සිතක් පහළ විය. යම් ලෙසකින් මෑ පුතෙකු හෝ දුවක ලදහොත් මැයම මෙහි ධනයට හිමිකාරිය වන්නීය. එහෙයින් මෑ දරුවකු නොලබන්නියක බවට පත්කිරීමේ විධියක් කරන්ට වුවමනාය. එසේ සිතා ඈ අලුතෙන් කැඳවාගෙන ආ අයට මෙසේ කීවාය. සොඳුරිය යම් විටක ඔබ කුස දරු ගැබක් පිහිටියහොත් ඒ බව මට දන්වන්න.

සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා ගබ‍්භෙ පතිට‍්ඨිතෙ තස‍්සා ආරොචෙසි. ඉතරිස‍්සා පන සා සයමෙව නිච‍්චං යාගුභත‍්තං දෙති, අථස‍්සා ආහාරෙනෙව සද‍්ධිං ගබ‍්භපාතනභෙසජ‍්ජමදාසි, ගබ‍්භො පති. දුතියම‍්පි ගබ‍්භෙ පතිට‍්ඨිතෙ ආරොචෙසි, ඉතරා දුතියම‍්පි තථෙව පාතෙසි. අථ නං පටිවිස‍්සකිත්‍ථියො පුච‍්ඡිංසු – “කච‍්චි තෙ සපත‍්ති අන‍්තරායං කරොතී”ති? සා තමත්‍ථං ආරොචෙත්‍වා “අන්‍ධබාලෙ, කස‍්මා එවමකාසි, අයං තව ඉස‍්සරියභයෙන ගබ‍්භස‍්ස පාතනභෙසජ‍්ජං යොජෙත්‍වා දෙති, තෙන තෙ ගබ‍්භො පතති, මා පුන එවමකත්‍ථා”ති වුත‍්තා තතියවාරෙ න කථෙසි.

දෙවැන්නී මැනවයි පිළිගෙන ගැබක් පිහිටිකල දැන්වුවාය. ඈට නිතර කැඳ බත් දෙන්නී පළමු තැනැත්තීය. එහෙයින් ඈ ආහාරත් සමග ගබ්සා වන බෙහෙතක් යොදා ගැබ වැට්ටුවාය. දෙවෙනි වරටත් ගැබ පිහිටිකල දැන්නුවාය. ඈ දෙවෙනි වරටත් ගැබ හෙළාලූවාය. ඉන්පසු දෙවැන්නියගේ යහළු ස්ත්‍රීහු ඇයි ඔබේ සපත්නිය දරු ගැබට අනතුරු කරන්නීදැයි ඇසුවාහ. ඈ සියලු පුවත් ඔවුන්ට කීවාය. මෝඩ ගැහැණිය, ඇයි එසේ කරන්නේ? ඈ ඔබේ ඉසුරට බියෙන් ගැබ හෙළන බෙහෙත් ආහාරත් සමඟ ඔබට දෙයි. එයින් ඔබ ගබ්සා වෙයි. මින්පසු මෙසේ නොකරන්නැයි කීවාහුය. තෙවෙනිවර ඈ ගැබ පිහිටිබව නොකීවාය.

අථ සා ඉතරිස‍්සා උදරං දිස‍්වා “කස‍්මා මය‍්හං ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං න කථෙසී”ති වත්‍වා “ත්‍වං මං ආනෙත්‍වා වඤ‍්චෙත්‍වා ද‍්වෙ වාරෙ ගබ‍්භං පාතෙසි, කිමත්‍ථං තුය‍්හං කථෙමී”ති වුත‍්තෙ “නට‍්ඨා දානිම‍්හී”ති චින‍්තෙත්‍වා තස‍්සා පමාදං ඔලොකෙන‍්තී පරිණතෙ ගබ‍්භෙ ඔකාසං ලභිත්‍වා භෙසජ‍්ජං යොජෙත්‍වා අදාසි. ගබ‍්භො පරිණතත‍්තා පතිතුං අසක‍්කොන‍්තො තිරියං නිපති, ඛරා වෙදනා උප‍්පජ‍්ජි, ජීවිතසංසයං පාපුණි. සා “නාසිතම‍්හි තයා, ත්‍වමෙව මං ආනෙත්‍වා ත්‍වමෙව තයොපි වාරෙ දාරකෙ නාසෙසි, ඉදානි අහම‍්පි නස‍්සාමි, ඉතො දානි චුතා යක‍්ඛිනී හුත්‍වා තව දාරකෙ ඛාදිතුං සමත්‍ථා හුත්‍වා නිබ‍්බත‍්තෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙත්‍වා කාලං කත්‍වා තස‍්මිංයෙව ගෙහෙ මජ‍්ජාරී හුත්‍වා නිබ‍්බත‍්ති. ඉතරම‍්පි සාමිකො ගහෙත්‍වා “තයා මෙ කුලූපච‍්ඡෙදො කතො”ති කප‍්පරජණ‍්ණුකාදීහි සුපොථිතං පොථෙසි. සා තෙනෙවාබාධෙන කාලං කත්‍වා තත්‍ථෙව කුක‍්කුටී හුත්‍වා නිබ‍්බත‍්තා.

ඉන්පසු මහත්වී යන ඇගේ උදරය දැක ගැබ පිහිටිබව මට නොකීවේ ඇයිදැයි පළමුවැන්නී ඇසුවාය. ඔබ මා මෙහි කැඳවාගෙන අවුත් දෙවතාවක්ම මගේ ගැබ හෙළා දැමුවාය, ඉතින් තවත් ඔබට කියන්නේ කුමටදැයි කීකල දැන්නම් මා නැසුණා වෙමියි සිතා දෙවැන්නාගේ ප්‍රමාදයක් බලා සිට, ගැබ මුහුකුරා ගිය අවස්ථාවේ බෙහෙත් යෙදු අහරක් දුන්නාය. ගැබ මෝරා ඇති හෙයින් වැටෙන්නට නොහැකිව හරස් විය. ක්‍රෑර වේදනා ඇති විය. ජීවිතය ගැන පවා සැක ඇතිවිය. ‘තීම මා මෙහි ගෙන අවුත් දැන් තීම මගේ දරුවන් තිදෙනෙක් නසා දැමුවෙහිය. දැන් මාත් නැසෙයි. මා මෙයින් නික්ම යකින්නක්ව ඉපදී තිගේ දරුවන් කෑමට සමර්ථවෙම්වා’යි ඈ ප්‍රාර්ථනා කළාය. එසේ පැතූ ඈ මියගොස් ඒ ගෙදරම බැළලියකව උපන්නාය. ස්වාමියා අනිත් තැනැත්තිය අල්වාගෙන තී මගේ කුලපරපුර සිඳ දැමුවායයි වැලමිටි දණහිස් ආදිය හොඳට තළා දැමුවේය. ඒ ආබාධවලින්ම මියගිය ඈ ඒ ගෙදරම කිකිළියකව උපන්නාය.

කුක‍්කුටී න චිරස‍්සෙව අණ‍්ඩානි විජායි, මජ‍්ජාරී ආගන‍්ත්‍වා තානි අණ‍්ඩානි ඛාදි. දුතියම‍්පි තතියම‍්පි ඛාදියෙව. කුක‍්කුටී චින‍්තෙසි – “තයො වාරෙ මම අණ‍්ඩානි ඛාදිත්‍වා ඉදානි මම‍්පි ඛාදිතුකාමාසී”ති. “ඉතො චුතා සපුත‍්තකං තං ඛාදිතුං ලභෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා තතො චුතා අරඤ‍්ඤෙ දීපිනී හුත්‍වා නිබ‍්බත‍්ති. ඉතරා මිගී හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්සා විජාතකාලෙ දීපිනී ආගන‍්ත්‍වා තයො වාරෙ පුත‍්තකෙ ඛාදි. මිගී මරණකාලෙ “අයං මෙ තික‍්ඛත‍්තුං පුත‍්තකෙ ඛාදිත්‍වා ඉදානි මම‍්පි ඛාදිස‍්සති, ඉතො දානි චුතා එතං සපුත‍්තකං ඛාදිතුං ලභෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා ඉතො චුතා යක‍්ඛිනී හුත්‍වා නිබ‍්බත‍්ති. දීපිනීපි තථෙව තතො චුතා සාවත්‍ථියං කුලධීතා හුත්‍වා නිබ‍්බත‍්ති, සා වුද‍්ධිප‍්පත‍්තා ද‍්වාරගාමකෙ පතිකුලං අගමාසි, අපරභාගෙ ච පුත‍්තං විජායි. යක‍්ඛිනීපි තස‍්සා පියසහායිකාවණ‍්ණෙන ආගන‍්ත්‍වා “කුහිං මෙ සහායිකා”ති “අන‍්තොගබ‍්භෙ විජාතා”ති වුත‍්තෙ “පුත‍්තං නු ඛො විජාතා, උදාහු ධීතරන‍්ති පස‍්සිස‍්සාමි න”න‍්ති ගබ‍්භං පවිසිත්‍වා පස‍්සන‍්තී විය දාරකං ගහෙත්‍වා ඛාදිත්‍වා ගතා. පුන දුතියවාරෙපි තථෙව ඛාදි.

ඉපදී බිජු දැමුවාය. බැළලිය විත් ඒවා කාදැමුවාය. දෙවැන්නී මගේ බිජු කාදමා දැන් මාත් කනු කැමැත්තීය. මෙයින් චුතව දරුවන් සහිත මැය කෑමට හැකිවෙම්වායි පතා මියගොස් දිවිදෙනකව උපන්නීය. බැළලිය මියගොස් මුවදෙනකව උපන්නාය. මුවදෙන දරුවන් වදන අවස්ථාවේ දිවිදෙන අවුත් තෙවරක්ම ඇගේ දරුවන් කෑවාය. මුවදෙන මැරෙන අවස්ථාවේ මේ දිවිදෙන තෙවරක්ම මගේ දරුවන් කා දැන් මාත් කයි. මම මෙයින් චුතව දරුවන් සහ මෑත් කෑමට හැකිවෙම්වායි ප්‍රාර්ථනා කොට මියගොස් යකින්නක්ව උපන්නාය. දිවිදෙන මියගොස් සැවැත්නුවර කුලදුවක්ව උපන්නීය. ඈ වැඩිවියට පැමිණ ළඟ ගමක පතිකුලයට ගියාය. පසුව පුතෙකු වැදුවාය. යකින්න ඇගේ ප්‍රිය යෙහෙළියකගේ වෙසින් අවුත් මගේ යෙහෙළිය කොහිදැයි විචාරා ඇතුළු ගබඩාවේ පුතෙකු වැදුවායයි දැන පුතෙක් ද, දුවක්දැයි බලන්නෙමියි ඇතුළු ගැබට වැද බලන්නී දරුවා දැක වහා රැගෙන කාදමුවාය. දෙවෙනි වරද එසේම කෑවාය.

තතියවාරෙ ඉතරා ගරුභාරා හුත්‍වා සාමිකං ආමන‍්තෙත්‍වා, “සාමි, ඉමස‍්මිං ඨානෙ එකා යක‍්ඛිනී මම ද‍්වෙ පුත‍්තෙ ඛාදිත්‍වා ගතා, ඉදානි මම කුලගෙහං ගන‍්ත්‍වා විජායිස‍්සාමී”ති කුලගෙහං ගන‍්ත්‍වා විජායි.

ගැබ්බරින් බරවු කුලදුව තෙවෙනි වර සැමියා අමතා, හිමියෙනි, මෙහිදී එක් යකින්නක් මගේ පුතුන් දෙදෙනෙක්ම කා පලා ගියාය. මේ වර මගේ මුල්ගෙට ගොස් වදන්නෙමි’යි කියා එහි ගොස් වැදුවාය.

තදා සා යක‍්ඛිනී උදකවාරං ගතා හොති. වෙස‍්සවණස‍්ස හි යක‍්ඛිනියො වාරෙන අනොතත‍්තදහතො සීසපරම‍්පරාය උදකමාහරන‍්ති. තා චතුමාසච‍්චයෙනපි පඤ‍්චමාසච‍්චයෙනපි මුච‍්චන‍්ති. අපරා යක‍්ඛිනියො කිලන‍්තකායා ජීවිතක‍්ඛයම‍්පි පාපුණන‍්ති. සා පන උදකවාරතො මුත‍්තමත‍්තාව වෙගෙන තං ඝරං ගන‍්ත්‍වා “කුහිං මෙ සහායිකා”ති පුච‍්ඡි. “කුහිං නං පස‍්සිස‍්සසි, තස‍්සා ඉමස‍්මිං ඨානෙ ජාතජාතදාරකෙ යක‍්ඛිනී ආගන‍්ත්‍වා ඛාදති, තස‍්මා කුලගෙහං ගතා”ති. සා “යත්‍ථ වා තත්‍ථ වා ගච‍්ඡතු, න මෙ මුච‍්චිස‍්සතී”ති වෙරවෙගසමුස‍්සාහිතමානසා නගරාභිමුඛී පක‍්ඛන්‍දි.

එකල ඒ යක්ෂනිය දියවරට ගොස් සිටියාය. වෙසවුණු රජුගේ යකින්නියෝ තමන්ට පැමිණෙන වාරය අනුව හිස්පරපුරෙන් (හිසෙන්) අනවතප්ත විලෙන් දිය අදින්නාහුය. ඔවුහු සිවුමසකින් හෝ පස්මසකින් ඒ දිය ඇදීමෙන් මිදෙන්නාහුය. ඇතැම් ශරීර ක්ලාන්තයෙන් මරණයටද පැමිණෙති. මේ යකින්න දියවරෙන් මිදුණු හැටියේම වේගයෙන් ඒ ගෙට දිවගොස් මගේ යෙහෙළිය කොයිදැයි ඇසුවාය. ඇයි ඈ කොහිදැයි තී නොදන්නෙහිද? මෙහිදී ඈ වැදු වැදූ දරුවන් යකිනියක් කන්නීය. එහෙයින් ඈ සිය කුලගෙට ගියා යයි දැන්වූහ. ඈ ‘කැමති තැනක ගියාවේ, මගෙන් බේරීමක් නම් නැහැ’යි වෛරවේගයෙන් උත්සුකව නුවර බලා දිවගියාය.

ඉතරාපි නාමග‍්ගහණදිවසෙ නං දාරකං න‍්හාපෙත්‍වා නාමං කත්‍වා, “සාමි, ඉදානි සකඝරං ගච‍්ඡාමා”ති පුත‍්තමාදාය සාමිකෙන සද‍්ධිං විහාරමජ‍්ඣෙ ගතමග‍්ගෙන ගච‍්ඡන‍්තී පුත‍්තං සාමිකස‍්ස දත්‍වා විහාරපොක‍්ඛරණියා න‍්හාත්‍වා සාමිකෙ න‍්හායන‍්තෙ උත‍්තරිත්‍වා පුත‍්තස‍්ස ථඤ‍්ඤං පායමානා ඨිතා යක‍්ඛිනිං ආගච‍්ඡන‍්තිං දිස‍්වා සඤ‍්ජානිත්‍වා, “සාමි, වෙගෙන එහි, අයං සා යක‍්ඛිනී, වෙගෙන එහි, අයං සා යක‍්ඛිනී”ති උච‍්චාසද‍්දං කත්‍වා යාව තස‍්ස ආගමනං සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී නිවත‍්තෙත්‍වා අන‍්තොවිහාරාභිමුඛී පක‍්ඛන්‍දි.

අනික් තැනැත්තී දරුවාට නම් තබන දිනයෙහි පුතා නාවා නම් තබා, හිමියනි, දැන් අපේ ගෙදරට යමුයි පුතාද රැගෙන වෙහෙර මැදින් ඇති මගින් යන්නීය. පුතා සැමියාගේ අතට දී තමන් විහාර පොකුණෙන් නා සැමියා නාන තුරු පුතාට කිරි පොවමින් සිටියාය. ඒ අතර ඈතින් දුවගෙන එන යකින්න දැක හඳුනා, හිමියනි, වහා එන්න, වහා එන්න. මේ අර දරුවන් කන යකින්න එන්නීයයි මහහඬින් කියා ඔහු එනතුරුවත් නැවතී සිටිනු නොහැකිව ආපසු හැරී ඇතුළු විහාරයට දුවගෙන ගියාය.

තස‍්මිං සමයෙ සත්‍ථා පරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙසි. සා පුත‍්තං තථාගතස‍්ස පාදපිට‍්ඨෙ නිපජ‍්ජාපෙත්‍වා “තුම‍්හාකං මයා එස දින‍්නො, පුත‍්තස‍්ස මෙ ජීවිතං දෙථා”ති ආහ. ද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථො සුමනදෙවො නාම යක‍්ඛිනියා අන‍්තො පවිසිතුං නාදාසි.

එවේලෙහි බුදුරදුන් පිරිස් මැද දහම් දෙසමින් වැඩසිටියාහුය. ඈ දරුවා බුදුරදුන්ගේ පාදපීඨයෙහි (පාපුටුවෙහි) තබා, මේ පුතා මම ඔබවහන්සේට පූජා කළෙමි. මගේ පුතාට ජීවිත දානය කළමැනවි’යි ඉල්ලා සිටියාය. විහාර දොරකොටුවෙහි අධිගෘහිත සුමන නම් දිව්‍ය පුත්‍රයා යකිනියට ඇතුළට පිවිසීමට ඉඩ නොදුන්නාය.

සත්‍ථා ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙත්‍වා “ගච‍්ඡ, ආනන්‍ද, තං යක‍්ඛිනිං පක‍්කොසාහී”ති ආහ. ථෙරො පක‍්කොසි. ඉතරා “අයං, භන‍්තෙ, ආගච‍්ඡතී”ති ආහ. සත්‍ථා “එතු, මා සද‍්දමකාසී”ති වත්‍වා තං ආගන‍්ත්‍වා ඨිතං “කස‍්මා එවං කරොසි, සචෙ තුම‍්හෙ මාදිසස‍්ස බුද‍්ධස‍්ස සම‍්මුඛීභාවං නාගමිස‍්සථ, අහිනකුලානං විය අච‍්ඡඵන්‍දනානං විය කාකොලූකානං විය ච කප‍්පට‍්ඨිතිකං වො වෙරං අභවිස‍්ස, කස‍්මා වෙරං පටිවෙරං කරොථ. වෙරඤ‍්හි අවෙරෙන උපසම‍්මති, නො වෙරෙනා”ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජාණන්වහන්සේ අනඳ තෙරුන් අමතා, ආනන්ද යන්න, ගොස් ඒ යකිනිය කැඳවාගෙන එන්නැයි වදාළහ. ආනන්ද හිමියෝ එහි ගොස් ඈ කැඳවාගෙන ආවාහුය. කුලදුව යකින්න දක, ස්වාමීනි, මේ අර යකින්න එන්නීයයි කීවාය. ‘ආවාවේ ශබ්ද නොකර සිටින්නැ’යි වදාරා, යකින්න එහි ආපසු ‘ඇයි මෙසේ කරන්නේ, ඉදින් තෙපි බුදු කෙනකුන් හමුවට නොපැමිණියාහු නම්, කොළොන්ගස් (කෝන්ගස්යයිද වේ.) හා වළසුන්ගේද, කපුටන්ගේ හා බකමුහුණගේ ද කල්පස්ථායී වෛරය මෙන් වන්නේ නොවේද? කුමක් නිසා වෛරයට නැවත වෛර කරන්නාහුද වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙන් මිස වෛරයෙන් නොවේ’යයි ප්‍රකාශ කොට මේ ගාථාව වදාළහ:

“න හි වෙරෙන වෙරානි, සම‍්මන‍්තීධ කුදාචනං; අවෙරෙන ච සම‍්මන‍්ති, එස ධම‍්මො සනන‍්තනො”ති.

වයිරයෙන් වයිරය කිසි විටෙක සන් නොසිඳේ අවෙරින්ම සන්සිඳෙන එය පෙරසිට එන සදා දහමකි.

තත්‍ථ න හි වෙරෙනාති යථා හි ඛෙළසිඞ‍්ඝාණිකාදීහි අසුචීහි මක‍්ඛිතං ඨානං තෙහෙව අසුචීහි ධොවන‍්තා සුද‍්ධං නිග‍්ගන්‍ධං කාතුං න සක‍්කොන‍්ති, අථ ඛො තං ඨානං භිය්‍යොසොමත‍්තාය අසුද‍්ධතරඤ‍්චෙව දුග‍්ගන්‍ධතරඤ‍්ච හොති; එවමෙව අක‍්කොසන‍්තං පච‍්චක‍්කොසන‍්තො පහරන‍්තං පටිපහරන‍්තො වෙරෙන වෙරං වූපසමෙතුං න සක‍්කොති, අථ ඛො භිය්‍යො භිය්‍යො වෙරමෙව කරොති. ඉති වෙරානි නාම වෙරෙන කිස‍්මිඤ‍්චි කාලෙ න සම‍්මන‍්ති, අථ ඛො වඩ‍්ඪන‍්තියෙව. අවෙරෙන ච සම‍්මන‍්තීති යථා පන තානි ඛෙළාදීනි අසුචීනි විප‍්පසන‍්නෙන උදකෙන ධොවියමානානි නස‍්සන‍්ති, තං ඨානං සුද‍්ධං හොති සුගන්‍ධං; එවමෙව අවෙරෙන ඛන‍්තිමෙත‍්තොදකෙන යොනිසො මනසිකාරෙන පච‍්චවෙක‍්ඛණෙන වෙරානි වූපසම‍්මන‍්ති පටිප‍්පස‍්සම‍්භන‍්ති අභාවං ගච‍්ඡන‍්ති. එස ධම‍්මො සනන‍්තනොති එස අවෙරෙන වෙරූපසමනසඞ‍්ඛාතො පොරාණකො ධම‍්මො; සබ‍්බෙසං බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවානං ගතමග‍්ගොති.

එහි ‘නහි වෙරෙන’යනු යම්සේ කෙළ සෙම් ආදි අශූචි ගෑවුණු තැනක් ඒ අශූචිවලින්ම සේදීමෙන් ශුද්ධවූ නිර්ගන්ධ තැනක් බවට පත්කළ නොහැක්කේ ද, එයින් එබඳු තැනක් වැඩි වැඩියෙන් අපිරිසිදු බවටත්, දුගඳ බවටත් පත්වේ ද, එසේම බණින්නාට පෙරළා බැණීමෙනුත්, පහර දෙන්නාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනුත්, වෛරය සන්සිඳවීම නොහැකි වේ. එයින් වෛරය වැඩි වේ. මෙසේ වෛරය නම් වෛරයෙන් කිසි කලකවත් නොසන්සිඳෙයි. තවතවත් වැඩෙයි. ‘අවරෙන ච සම්මන්ති’යනු යම්සේ ඒ කෙළ ආදී අශුචි පැහැදිලි දියෙන් සේදූකල නැති වෙයිද, ඒ තැන පිරිසිදු, දුගඳ නැති තැනක් වෙයිද, එපරිද්දෙන් අවෛර සංඛ්‍යාත ක්ෂාන්ති මෛත්‍රී ජලයෙන් යෝනිසෝමනසිකාරයෙන් (උපන් තැන පටන් විමසා බැලීම) ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් වෛරයෝ සංසිඳෙත්. නිවීයෙත්, අභාවයට යෙත්. ‘එස ධම්මො සනන්තනො’යනු මේ අවෛරයෙන් වෛරය සමනය කිරීම් සංඛ්‍යාත පෞරාණික ධර්මය සියලු බුදු පසේබුදු ක්ෂිණාශ්‍රවයන් වහන්සේලා ගිය මාර්ගයද වේ.

ගාථාපරියොසානෙ යක‍්ඛිනී සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සම‍්පත‍්තපරිසායපි ධම‍්මදෙසනා සාත්‍ථිකා අහොසි.

ගාථා කෙළවර යක්ෂනිය සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටද මේ ධර්ම දේශනාව සාර්ථකවිය.

සත්‍ථා තං ඉත්‍ථිං ආහ – “එතිස‍්සා තව පුත‍්තං දෙහී”ති. “භායාමි, භන‍්තෙ”ති. “මා භායි, නත්‍ථි තෙ එතං නිස‍්සාය පරිපන්‍ථො”ති ආහ. සා තස‍්සා පුත‍්තමදාසි. සා තං චුම‍්බිත්‍වා ආලිඞ‍්ගෙත්‍වා පුන මාතුයෙව දත්‍වා රොදිතුං ආරභි. අථ නං සත්‍ථා “කිමෙත”න‍්ති පුච‍්ඡි. “භන‍්තෙ, අහං පුබ‍්බෙ යථා වා තථා වා ජීවිකං කප‍්පෙන‍්තීපි කුච‍්ඡිපූරං නාලත්‍ථං, ඉදානි කථං ජීවිස‍්සාමී”ති. අථ නං සත්‍ථා “මා චින‍්තයී”ති සමස‍්සාසෙත්‍වා තං ඉත්‍ථිමාහ – “ඉමං නෙත්‍වා අත‍්තනො ගෙහෙ නිවාසාපෙත්‍වා අග‍්ගයාගුභත‍්තෙහි පටිජග‍්ගාහී”ති.

බුදුරජාණන්වහන්සේ ඒ ස්ත්‍රීය අමතා, ඔබේ පුතා මේ යකින්න අතට දෙවයි වදාළහ. ස්වාමීනි මට බයයි. බිය නොවෙනු. මගෙන් ඔබට අනතුරක් නැත. ඈ යකින්නට පුතා දුන්නාය. යකින්න දරුවා සිප වැළඳගෙන නැවත මවටම දී හඬා වැළපෙන්නට පටන්ගත්තාය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ‘හඬන්නේ ඇයිදැ’යි විචාළහ. ස්වාමීනි, මම පෙර මේ ලෙසින් වුවත්, බඩ පිරෙන අහරක් නොලදිමි. දැන් මම කෙසේ ජීවත් වන්නේම්දැ’යි සිතා හඬන්නෙමියි කීවාය. බුදුහු එසේ නොසිතවයි ඈ අස්වසා, ඒ ස්ත්‍රීය අමතා, ඔබ මෑ කැඳවාගෙන ගොස් තම ගෙදර නවත්වා පිසන කැඳබත් වලින් කොටසක් පළමුකොට මෑට දී මැය පෝෂණය කරන්නැ’යි වදාළහ.

සා තං නෙත්‍වා පිට‍්ඨිවංසෙ පතිට‍්ඨාපෙත්‍වා අග‍්ගයාගුභත‍්තෙහි පටිජග‍්ගි, තස‍්සා වීහිපහරණකාලෙ මුසලග‍්ගෙන මුද‍්ධං පහරන‍්තං විය උපට‍්ඨාසි. සා සහායිකං ආමන‍්තෙත්‍වා “ඉමස‍්මිං ඨානෙ වසිතුං න සක‍්කොමි, අඤ‍්ඤත්‍ථ මං පතිට‍්ඨාපෙහී”ති වත්‍වා මුසලසාලාය උදකචාටියං උද‍්ධනෙ නිබ‍්බකොසෙ සඞ‍්කාරකූටෙ ගාමද‍්වාරෙ චාති එතෙසු ඨානෙසු පතිට‍්ඨාපිතාපි ඉධ මෙ මුසලෙන සීසං භින්‍දන‍්තං විය උපට‍්ඨාති, ඉධ දාරකා උච‍්ඡිට‍්ඨොදකං ඔතාරෙන‍්ති, ඉධ සුනඛා නිපජ‍්ජන‍්ති, ඉධ දාරකා අසුචිං කරොන‍්ති, ඉධ කචවරං ඡඩ‍්ඩෙන‍්ති, ඉධ ගාමදාරකා ලක‍්ඛයොග‍්ගං කරොන‍්තීති සබ‍්බානි තානි පටික‍්ඛිපි.

ඒ ස්ත්‍රීය යකින්න කැඳවාගෙන ගොස් ගෙය පිටුපස පිටමඩුවෙහි නවත්වා කැඳබත් වල ප්‍රථම කොටස දෙමින් පෝෂණය කළාය. ඒ මඩුවෙහි වී කොටන විට මොහොල්පහර ඇගේ හිස මත වදින්නාක් මෙන් දැනෙන්නට විය. යකින්න යෙහෙළිය කැඳවා මෙතැන විසිය නොහැකියයි කීවාය. මෙසේ යෙහෙළිය මොහොල් සැල, දියසැල, අගුව, කසළගොඩ, ගම්දොර යන තැනවල නැවැත්වූ නමුදු, මෙහි මොහොල පාරවල් ඉසේ වදින්නාක් වැනිය, මෙහි දරුවෝ ඉඳුල්දිය දමති. මෙහි සුනඛයෝ ලගිත්, මෙහි දරුවෝ කැත කරති, මෙහි කසළ දමති, මෙහි ගම්දරුවෝ ඊ විදීමෙහිදී ඉලක්කය කොට ගනිත්යයි කියමින් ඒ හැම තැනක්ම ප්‍රතික්ෂේප කළාය.

අථ නං බහිගාමෙ විවිත‍්තොකාසෙ පතිට‍්ඨාපෙත්‍වා තත්‍ථ තස‍්සා අග‍්ගයාගුභත‍්තාදීනි හරිත්‍වා පටිජග‍්ගි. සා යක‍්ඛිනී එවං චින‍්තෙසි – “අයං මෙ සහායිකා ඉදානි බහූපකාරා, හන්‍දාහං කිඤ‍්චි පටිගුණං කරොමී”ති. සා “ඉමස‍්මිං සංවච‍්ඡරෙ සුබ‍්බුට‍්ඨිකා භවිස‍්සති, ථලට‍්ඨානෙ සස‍්සං කරොහි, ඉමස‍්මිං සංවච‍්ඡරෙ දුබ‍්බුට‍්ඨිකා භවිස‍්සති, නින‍්නට‍්ඨානෙයෙව සස‍්සං කරොහී”ති සහායිකාය ආරොචෙති. සෙසජනෙහි කතසස‍්සං අතිඋදකෙන වා අනොදකෙන වා නස‍්සති, තස‍්සා අතිවිය සම‍්පජ‍්ජති. අථ නං සෙසජනා, “අම‍්ම, තයා කතසස‍්සං නෙව අච‍්චොදකෙන, න අනුදකෙන නස‍්සති, සුබ‍්බුට‍්ඨිදුබ‍්බුට‍්ඨිභාවං ඤත්‍වා කම‍්මං කරොසි, කිං නු ඛො එත”න‍්ති පුච‍්ඡිංසු. “අම‍්හාකං සහායිකා යක‍්ඛිනී සුබ‍්බුට‍්ඨිදුබ‍්බුට‍්ඨිභාවං ආචික‍්ඛති, මයං තස‍්සා වචනෙන ථලෙසු නින‍්නෙසු සස‍්සානි කරොම, තෙන නො සම‍්පජ‍්ජති. කිං න පස‍්සථ? නිබද‍්ධං අම‍්හාකං ගෙහතො යාගුභත‍්තාදීනි හරියමානානි, තානි එතිස‍්සා හරීයන‍්ති, තුම‍්හෙපි එතිස‍්සා අග‍්ගයාගුභත‍්තාදීනි හරථ, තුම‍්හාකම‍්පි කම‍්මන‍්තෙ ඔලොකෙස‍්සතී”ති.

ඉන්පසු ඈ ගමෙන් බැහැර විවේකස්ථානයක නවත්වා කැඳබත් ආදිය එහි ගෙනගොස් දුන්නාය. යකින්න, මේ වසරේ හොඳ වැසි ලැබෙයි. ගොඩ ගොවිතැන් කරව. මේ වසරේ හොඳින් වැසි නොලැබෙයි. පහත්බිම්වලම ගොවිතැන් කරව’යි සහායිකාවට කියා දෙන්නීය. සෙසු මිනිසුන් කළ ගොවිතැන් ජලය වැඩිකමෙන් හෝ අඩුකමෙන් හෝ නැසෙයි. ඈට වැඩියෙන් අස්වනු ලැබෙයි. ඉන්පසු, සැමියනි, ඔබේ ගොවිතැන් ජලය අධික වීමෙන් හෝ ජලය හිඟකමෙන් නොනසී. ඔබ වැසි ඇතිනැති නියාව දැනගෙනම ගොවිතැන් කරන්නෙහිය. මේ කෙසේදැ’යි සෙස්සෝ ඇසූහ. ‘අපේ යහළු යක්ෂනියක් සිටී. ඈ වැසි ඇති නැති බව කියා දෙයි. අපි ඇගේ කීම අනුව උස්පහත් බිම්වල වපුරන්නෙමු. එහෙයින් අපේ අස්වනු වැඩිවේ. ඇයි අපි නිතර අපේ ගෙයින් කැඳබත් ආදිය ගෙනයන හැටි නොදන්නහුද? අප ඒ ගෙන යන්නේ ඒ යකින්නට’යයි කීවාය. නුඹලාත් ඈට කැඳබත් ආදිය ගෙන යව්. එවිට නුඹලාගේත් කර්මාන්ත ඈ බලාගනු ඇතැයිද කීවාය.

අථස‍්සා සකලනගරවාසිනො සක‍්කාරං කරිංසු. සාපි තතො පට‍්ඨාය සබ‍්බෙසං කම‍්මන‍්තෙ ඔලොකෙන‍්තී ලාභග‍්ගප‍්පත‍්තා අහොසි මහාපරිවාරා. සා අපරභාගෙ අට‍්ඨ සලාකභත‍්තානි පට‍්ඨපෙසි. තානි යාවජ‍්ජකාලා දීයන‍්තියෙවාති.

පසුව සියලු නගරවාසීහු ඈට සත්කාර කළාහුය. ඈද එතැන් පටන් සියල්ලන්ගේ කර්මාන්ත බලාගත්තාය. එමඟින් ඈ ලාහසත්කාරයෙහි අගතැන් පැමිණියා, මහපිරිස් ඇත්තියකද වූවාය. ඈ පසු කලෙක සලාකබත් අටක් පිහිටුවූවාය. අද දක්වාත් මේ අෂ්ටසලාකයෝ දෙනු ලැබෙත්මය.

කාළයක‍්ඛිනීවත්‍ථු චතුත්‍ථං.

සිව්වන කාලියකින්නගේ උත්පත්ති කථාවයි.