යෙදුමෙන් කියවන්න

6. කොසම‍්බකවත්‍ථු අට‍්ඨකථා

6. කොසම‍්බකවත්‍ථු

6. කෝසම්බක වස්තුව

පරෙ ච න විජානන‍්තීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසම‍්බකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

‘පරෙ ච න විජානන්ති’ ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩසිටි කාලයක කොසඹෑ නුවර භික්ෂූන් අරහයා දේශනා කරන ලදි.

කොසම‍්බියඤ‍්හි ඝොසිතාරාමෙ පඤ‍්චසතපඤ‍්චසතපරිවාරා ද‍්වෙ භික‍්ඛූ විහරිංසු විනයධරො ච ධම‍්මකථිකො ච. තෙසු ධම‍්මකථිකො එකදිවසං සරීරවලඤ‍්ජං කත්‍වා උදකකොට‍්ඨකෙ ආචමනඋදකාවසෙසං භාජනෙ ඨපෙත්‍වාව නික‍්ඛමි. පච‍්ඡා විනයධරො තත්‍ථ පවිට‍්ඨො තං උදකං දිස‍්වා නික‍්ඛමිත්‍වා ඉතරං පුච‍්ඡි, “ආවුසො, තයා උදකං ඨපිත”න‍්ති? “ආම, ආවුසො”ති. “කිං පනෙත්‍ථ ආපත‍්තිභාවං න ජානාසී”ති? “ආම, න ජානාමී”ති. “හොති, ආවුසො, එත්‍ථ ආපත‍්තී”ති. “තෙන හි පටිකරිස‍්සාමි න”න‍්ති. “සචෙ පන තෙ, ආවුසො, අසඤ‍්චිච‍්ච අස‍්සතියා කතං, නත්‍ථි ආපත‍්තී”ති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි අහොසි.

කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි පන්සියය බැගින් පිරිවර ඇති විනයධර, ධම්මකථික නමින් ප්‍රකට භික්ෂු දෙනමක් වැඩ සිටියහ. දිනක් ධම්මකථික භික්ෂුනම ශරීරකෘත්‍ය කොට, පාවිච්චි කළ ජලයෙන් ඉතිරි කොටස එම භාජනයෙහිම තියෙද්දී නික්ම ගියේය. පසුව විනයධරනම වැසිකිළියට අවුත් ඒ ඉතිරිකොට ගිය ජලය දැක පිටතට අවුත් අනිත් භික්ෂුන්ගෙන් ඇවැත්නි, මෙයින් ඇවතක් වරදක් සිදුවන බව නොදන්නෙහිද? එසේය නොදන්නෙමි. ඇවැත්නි, මෙහි වරදක් ඇත. එසේ නම් ඊට පිළියම් කරන්නෙමියි ඒ නම කීවේය. ඇවැත්නි, එසේවුවත් ඔබ මෙය නොදැන අසිහියෙන් කෙළේ නම් ඇවතක් නැතැයි විනයධරනම කීවේය. ධම්මකථික නම එහි ඇවතක් නැත යන කල්පනාව ඇතිකර ගත්තේය.

විනයධරොපි අත‍්තනො නිස‍්සිතකානං “අයං ධම‍්මකථිකො ආපත‍්තිං ආපජ‍්ජමානොපි න ජානාතී”ති ආරොචෙසි. තෙ තස‍්ස නිස‍්සිතකෙ දිස‍්වා “තුම‍්හාකං උපජ‍්ඣායො ආපත‍්තිං ආපජ‍්ජිත්‍වාපි ආපත‍්තිභාවං න ජානාතී”ති ආහංසු. තෙ ගන‍්ත්‍වා අත‍්තනො උපජ‍්ඣායස‍්ස ආරොචෙසුං. සො එවමාහ – “අයං විනයධරො පුබ‍්බෙ අනාපත‍්තීති වත්‍වා ඉදානි ආපත‍්තීති වදති, මුසාවාදී එසො”ති. තෙ ගන‍්ත්‍වා “තුම‍්හාකං උපජ‍්ඣායො මුසාවාදී”ති ආහංසු. තෙ එවං අඤ‍්ඤමඤ‍්ඤං කලහං වඩ‍්ඪයිංසු.

විනයධර නම තමන්ගේ ඇසුරෙහි හුන් අයට, මේ ධම්මකථික තෙමේ ඇවතකට පැමිණත් නොදන්නෙමියි දැන්වීයයි කීය. ඒ පිරිස ධම්මකථිකගේ පිරිස මැද ඔබලාගේ උපධ්‍යායයෝ ඇවතකට පැමිණත් ඒබව නොදනිතියි කීහ. ඔවුහු ගොස් තම උපධ්‍යායන්ට ඒ බව දන්වූහ. ධම්මකථික භික්ෂුව මේ විනයධරතෙම පළමුව ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් ඇතැයි කියයි. මොහු මුසාවාදියෙකියි කීවේය. ඒ පිරිස ගොස් නුඹලාගේ උපධ්‍යායයෝ මුසාවාදියෙකියි කීහ. මෙසේ ඔවුනොවුන් අතර කලහය ටිකෙන් ටික වැඩී ගියේය.

කතො විනයධරො ඔකාසං ලභිත්‍වා ධම‍්මකථිකස‍්ස ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛෙපනීයකම‍්මමකාසි. තතො පට‍්ඨාය තෙසං පච‍්චයදායකා උපට‍්ඨාකාපි ද‍්වෙ කොට‍්ඨාසා අහෙසුං, ඔවාදපටිග‍්ගාහකා භික‍්ඛුනියොපි ආරක‍්ඛදෙවතාපි තාසං සන්‍දිට‍්ඨසම‍්භත‍්තා ආකාසට‍්ඨදෙවතාපීති යාව බ්‍රහ‍්මලොකා සබ‍්බෙපි පුථුජ‍්ජනා ද‍්වෙ පක‍්ඛා අහෙසුං. චාතුමහාරාජිකං ආදිං කත්‍වා යාව අකනිට‍්ඨභාවනා පන එකනින‍්නාදං කොලාහලං අගමාසි.

ඉක්බිති විනයධරතෙම අවස්ථාවක් බලාසිට ධම්මකථික භික්ෂුවට වරද නොදැකීම පිළිබඳව ‘උක්ඛෙපනිය’ නම් කර්මය කළේය. එතැන් පටන් ඒ භික්ෂූන්ට ප්‍රත්‍යය සැපයූ දායකයෝද, උපස්ථායකයෝද දෙකොටසකට බිඳී ගියහ. ඔවුන්ගේ අවවාද පිළිගන්නා භික්ෂුණියෝද, ආරක්ෂක දේවතාවෝද, දැක මිත්‍ර හා හක්තිමත්වූ අයද, අහසෙහිවූ දෙවියෝද ආදී වශයෙන් බඹලොව දක්වා සියලු පුහුදුන්හු දෙපක්ෂයක්වූහ. චාතුර්මහාරාජිකයේ පටන් අකනිටා බඹලොව දක්වා මේ කෝලාහලය පැතිරගියේය.

අථෙකො අඤ‍්ඤතරො භික‍්ඛු තථාගතමුපසඞ‍්කමිත්‍වා උක‍්ඛෙපකානං විනයධරඅන‍්තෙවාසිකානං “ධම‍්මිකෙනෙවායං විනයකම‍්මෙන උක‍්ඛිත‍්තො”ති ලද‍්ධිඤ‍්ච, උක‍්ඛිත‍්තානුවත‍්තකානං ධම‍්මකථිකඅන‍්තෙවාසිකානං පන “අධම‍්මිකෙනෙව කම‍්මෙන උක‍්ඛිත‍්තො”ති ලද‍්ධිඤ‍්ච, උක‍්ඛෙපකෙහි වාරියමානානම‍්පි ච තෙසං තං අනුපරිවාරෙත්‍වා විචරණභාවඤ‍්ච ආරොචෙසි භගවා “සමග‍්ගා කිර හොන‍්තූ”ති ද‍්වෙ වාරෙ පෙසෙත්‍වා “න ඉච‍්ඡන‍්ති, භන‍්තෙ, සමග‍්ගා භවිතු”න‍්ති සුත්‍වා තතියවාරෙ “භින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, භින‍්නො භික‍්ඛුසඞ‍්ඝො”ති තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා උක‍්ඛෙපකානං උක‍්ඛෙපනෙ, ඉතරෙසඤ‍්ච ආපත‍්තියා අදස‍්සනෙ ආදීනවං කථෙත්‍වා පුන තෙසං තත්‍ථෙව එකසීමායං උපොසථාදීනි අනුජානිත්‍වා භත‍්තග‍්ගාදීසු භණ‍්ඩනජාතානං “ආසනන‍්තරිකාය නිසීදිතබ‍්බ”න‍්ති (මහාව· 456) භත‍්තග‍්ගෙ වත‍්තං පඤ‍්ඤාපෙත්‍වා “ඉදානිපි භණ‍්ඩනජාතාව විහරන‍්තී”ති සුත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා “අලං, භික‍්ඛවෙ, මා භණ‍්ඩන”න‍්තිආදීනි වත්‍වා, “භික‍්ඛවෙ, භණ‍්ඩනකලහවිග‍්ගහවිවාදා නාමෙතෙ අනත්‍ථකාරකා. කලහං නිස‍්සාය හි ලටුකිකාපි සකුණිකා හත්‍ථිනාගං ජීවිතක‍්ඛයං පාපෙසී”ති ලටුකිකජාතකං (ජා· 1.5.39 ආදයො) කථෙත්‍වා, “භික‍්ඛවෙ, සමග‍්ගා හොථ, මා විවදථ. විවාදං නිස‍්සාය හි අනෙකසතසහස‍්සා වට‍්ටකාපි ජීවිතක‍්ඛයං පත‍්තා”ති වට‍්ටකජාතකං (ජා· 1.1.118) කථෙසි. එවම‍්පි තෙසු භගවතො වචනං අනාදියන‍්තෙසු අඤ‍්ඤතරෙන ධම‍්මවාදිනා තථාගතස‍්ස විහෙසං අනිච‍්ඡන‍්තෙන “ආගමෙතු, භන‍්තෙ භගවා, ධම‍්මසාමි, අප‍්පොස‍්සුක‍්කො, භන‍්තෙ භගවා, දිට‍්ඨධම‍්මසුඛවිහාරමනුයුත‍්තො විහරතු, මයමෙව තෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති (මහාව· 457; ම· නි· 3.236) වුත‍්තෙ අතීතං ආහරි –

පසුව වෙනත් භික්ෂුනමක් බුදුන් වෙත එළඹ, “උක්ෂේපනිය පනිය කර්මය කළවුන් විසින් මේ ධර්මකථිකතෙම ධාර්මික කර්මයකින්ම උක්ෂිප්තය. අධාර්මික කමයකින් උක්ෂේප කරන ලද්දේය යනු උක්ෂේපනය ලත් අය අනුව යන්නන්ගේ ලබ්ධියයි. පිළිගැනීමයි. එය කළවුන් විසින් වළකනු ලබන නමුත් ඔවුන් ඒ උක්ඛිත්තයා අනුව පිරිවරා හැසිරෙනබව” සැලකර සිටියේය. බුදුරජාණන්වහන්සේ ‘මහණෙනි, සමඟි වව්යයි දෙවරක්ම කියායැවූ නමුත් ස්වාමීනි, ඔවුහු සමඟි වීමට නොකැමැත්තාහුයයි අසා තුන්වෙනි වර, භික්ෂු සංඝයා බිඳුණා, භික්ෂු සංඝයා බිඳුණාහයි ඔවුන් ළඟට ගොස් උක්ෂේපකයන්ගේ උක්ෂේපණයෙහිත් සෙස්සනගේ ඇවත නොදැනීමෙහිත් ආදීනව කියා දී යළි ඒ සියලු දෙනාටම එහි එකම සීමාවක දී උපොසථාදිය අනුදැන වදාරා භක්තාග්‍රයෙහි (දානශාලාවෙහි) කලහකාරයින්ට අසුනක් අතර ඉඩ තබා හිඳිය යුතුයයි භක්තාග්‍රයෙහි වත් පනවා, තවමත් කලහකරුවන් ඇතැයි දැන එහි වැඩමවා, ‘මහණෙනි, කෝලාහලයෙන් වැඩක් නැහැ’ ආදිය කියාදී, මහණෙනි, මේ භණ්ඩන, කලහ, විග්‍රහ, විවාදාදිය අනර්ථකරයි. කලහය, දබරය, කෝලාහලය, මතභේද නිසා ලටුකිකා නම් කැටකිරිල්ලිය ඇත්රජෙකු ජීවිතක්ෂයට පවා පත්කළා’යයි කියා, මහණෙනි, සමඟි වව්, විවාද නොකරව් විවාදය නිසාම නොයෙක් දහස් ගණන් වටුවෝ ජීවිතක්ෂයට පැමිණියාහුයි වට්ටක ජාතකය දේශනා කළහ. මෙසේ කියද්දීත් ඔවුන් බුදුන්ගේ වචනය නොපිළිගන්නා කල්හි, බුදුන් වෙහෙසට පත්වනු බලා හිඳිය නොහැකි එක් ධර්මවාදී භික්ෂුවක්, ස්වාමීනි, ධර්මස්වාමිවූ භාග්‍යවතුන්වහන්සේ, අල්පොත්සාහ (වෙහෙස විය නොහැකි) ඇති සේක. දිට්ඨධම්මසුඛ විහරණයෙහි යෙදෙන සේක්වා! අපි මේ අඩදබර කලහ විග්‍රහ විවාදාදියෙන් ප්‍රකට වන්නෙමුයයි කීකල්හි බුදුපියාණෝ අතීත කථාවක් ගෙනහැරපෑහ.

භූතපුබ‍්බං, භික‍්ඛවෙ, බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො නාම කාසිරාජා අහොසි. බ්‍රහ‍්මදත‍්තෙන දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො රජ‍්ජං අච‍්ඡින්‍දිත්‍වා අඤ‍්ඤාතකවෙසෙන වසන‍්තස‍්ස පිතුනො මාරිතභාවඤ‍්චෙව දීඝාවුකුමාරෙන අත‍්තනො ජීවිතෙ දින‍්නෙ තතො පට‍්ඨාය තෙසං සමග‍්ගභාවඤ‍්ච කථෙත්‍වා “තෙසඤ‍්හි නාම, භික‍්ඛවෙ, රාජූනං ආදින‍්නදණ‍්ඩානං ආදින‍්නසත්‍ථානං එවරූපං ඛන‍්තිසොරච‍්චං භවිස‍්සති. ඉධ ඛො තං, භික‍්ඛවෙ, සොභෙථ, යං තුම‍්හෙ එවං ස‍්වාඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සොරතා චා”ති ඔවදිත්‍වාපි නෙව තෙ සමග‍්ගෙ කාතුං අසක‍්ඛි.

මහණෙනි, පෙර වූ කථාවක් කියමි. බඹදත් නමින් කසීරජ කෙනෙක් රජකරන සමයෙහි දීඝිති කෝසල නම් රජුගේ රජයත් පැහැරගෙන, අන්‍ය වේශයකින් හැසිරුණු පියරජුත් මරාදමන ලද බවද දැන දීඝාවු නම් කුමරා, තම දිවියත් පරදුවට තබා එතැන් පටන් ඔවුන් සමඟිව විසූහයිද කියාදී, මහණෙනි, මෙහි ඔබට මේ හැසිරීම නොහොබී. ඔබ මේ සවක්ඛාත වූ ධර්මවිහරණයෙහි පැවිදිවූවාහු ඔවුනොවුන්ට ක්ෂමාවිය යුත්තාහ. සුවච වියයුතුය ආදී අවවාදයෙනුත් ඔවුන් සමඟි කළ නොහැකි විය.

සො තාය ආකිණ‍්ණවිහාරතාය උක‍්කණ‍්ඨිතො “අහං ඛො ඉදානි ආකිණ‍්ණො දුක‍්ඛං විහරාමි, ඉමෙ ච භික‍්ඛූ මම වචනං න කරොන‍්ති. යංනූනාහං එකකොව ගණම‍්හා වූපකට‍්ඨො විහරෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා කොසම‍්බියං පිණ‍්ඩාය චරිත්‍වා අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං එකකොව අත‍්තනො පත‍්තචීවරමාදාය බාලකලොණකගාමං ගන‍්ත්‍වා තත්‍ථ භගුත්‍ථෙරස‍්ස එකචාරිකවත‍්තං කථෙත්‍වා පාචිනවංසමිගදායෙ තිණ‍්ණං කුලපුත‍්තානං සාමග‍්ගියානිසංසං කථෙත්‍වා යෙන පාලිලෙය්‍යකං අත්‍ථි, තදවසරි. තත්‍ර සුදං භගවා පාලිලෙය්‍යකං උපනිස‍්සාය රක‍්ඛිතවනසණ‍්ඩෙ භද‍්දසාලමූලෙ පාලිලෙය්‍යකෙන හත්‍ථිනා උපට‍්ඨියමානො ඵාසුකං වස‍්සාවාසං වසි.

භාග්‍යවතුන්වහන්සේ ඒ සමූහයාගෙන් වෙන්වී, එයින් කළකිරී ‘මම දැන් තනිවී දුකෙන් වසමි. මේ භික්ෂූහු මගේ වචනය නොපිළිගනිති. මම දැන් මේ පිරිසෙන් වෙන්ව එකලාව වසන්නෙම්නම් යෙහෙකියි සිතා කොසඹෑ නුවර පිඬු සිඟා භික්ෂු සංඝයාට නොදන්වාම තමන්ගේ පාසිවුරුත් රැගෙන බාලකලොණකාරාමයට වැඩමවා, එහි සිටි භගු ස්ථවිරයන්ට එකලාව සිටීමේ අනුසස් කියාදී පාරිලෙය්‍ය වනය බලා පිටත් වූහ. එහි දී බුදුරජාණන්වහන්සේ පාරිලෙය්‍යක වනය ඇසුරු කොට රක්ෂිත වනලැහැබෙහි වූ භද්‍රශාල මූලයෙහි පාරිලෙය්‍යක නම් ඇතු විසින් කළ උවටැන් පිළිගනිමින් වස් විසූසේක.

කොසම‍්බිවාසිනොපි ඛො උපාසකා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං අපස‍්සන‍්තා “කුහිං, භන‍්තෙ, සත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “පාලිලෙය්‍යකවනසණ‍්ඩං ගතො”ති. “කිං කාරණා”ති? “අම‍්හෙ සමග‍්ගෙ කාතුං වායමි, මයං පන න සමග‍්ගා අහුම‍්හා”ති. “කිං, භන‍්තෙ, තුම‍්හෙ සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තස‍්මිං සාමග‍්ගිං කරොන‍්තෙ සමග‍්ගා නාහුවත්‍ථා”ති? “එවමාවුසො”ති. “මනුස‍්සා ඉමෙ සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තස‍්මිං සාමග‍්ගිං කරොන‍්තෙපි සමග‍්ගා න ජාතා, මයං ඉමෙ නිස‍්සාය සත්‍ථාරං දට‍්ඨුං න ලභිම‍්හා, ඉමෙසං නෙව ආසනං දස‍්සාම, න අභිවාදනාදීනි කරිස‍්සාමා”ති තතො පට‍්ඨාය තෙසං සාමීචිමත‍්තම‍්පි න කරිංසු. තෙ අප‍්පාහාරතාය සුස‍්සමානා කතිපාහෙනෙව උජුකා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං අච‍්චයං දෙසෙත්‍වා ඛමාපෙත්‍වා “උපාසකා මයං සමග‍්ගා ජාතා, තුම‍්හෙපි නො පුරිමසදිසා හොථා”ති ආහංසු. “ඛමාපිතො පන වො, භන‍්තෙ, සත්‍ථා”ති. “න ඛමාපිතො, ආවුසො”ති. “තෙන හි සත්‍ථාරං ඛමාපෙථ, සත්‍ථු ඛමාපිතකාලෙ මයම‍්පි තුම‍්හාකං පුරිමසදිසා භවිස‍්සාමා”ති. තෙ අන‍්තොවස‍්සභාවෙන සත්‍ථු සන‍්තිකං ගන‍්තුං අවිසහන‍්තා දුක‍්ඛෙන තං අන‍්තොවස‍්සං වීතිනාමෙසුං.

කොසඹෑ නුවරවාසී උපාසකවරුද විහාරයට ගොස් බුදුන් නොදැක, භික්ෂූන්ගෙන් ස්වාමීනි, බුදුරදුන් කොහිදැයි විචාරා පාරිලෙය්‍ය වනයට වැඩිය බව කීකල්හි ‘ස්වාමීනි, ඒ කුමක් නිසාද? උන්වහන්සේ අප සමඟි කිරීමට වෑයම් කළහ. එහෙත් අපි සමඟි නොවුවෙමුයි කීවිට, ඇයි ස්වාමීනි, ඔබවහන්සේලා ශාස්තෘන්වහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා සිටියදීත් උන්වහන්සේ සමඟි කරවනවිට සමඟි නොවූයේදයි විචාරා, එසේය ඇවැත්නි අපි සමඟි නොවූම්හයි කීහ. මොවුහු බුදුන් ළඟ පැවිදිව උන්වහන්සේ සමඟි කරවද්දීත් සමඟි නොවූහ. අපි මොවුන් නිසා බුදුන් දකින්නට නොලබම්හ. මොවුන්ට මින්පසු ආසන නොදෙම්හ. වැඳීම් පිදීම් නොකරම්හයි කතිකාකරගත්හ. උපාසකවරු එතැන් සිට ඒ භික්ෂූන් සමඟ කථා නොකළහ. පිණ්ඩපාතාදි ප්‍රත්‍ය පවා නොදුන්හ. අල්පාහාර වූ ඒ භික්ෂූහු වියළී ගියහ. ඉන්පසු සෘජු සිත් ඇතිකරගෙන ඔවුනොවුන් වැරදි දෙසාගෙන, ක්ෂමා කරවාගෙන, උපාසකවරුනි, අපි සමඟි වූයෙමු. ඔබලාත් අපට පෙර පරිදිම සැලකීම් ආදිය කරව්යයි කීවාහුය. ස්වාමීනි, ඔබ බුදුන් සමා කරගත්තාහුදැයි උපාසකවරු ඇසූහ. ඇවැත්නි නැත. එසේ නම් බුදුන් සමා කරවාගන්න. බුදුන් සමා කරවා ගත්පසු අපිත් ඔබට පෙර පරිදිම පවතින්නෙමුයයි කීහ. එය වස් අතරතුර කාලය වූ නිසා ඒ භික්ෂුහු බුදුන් හමුවට යා නොහැකිව ඉතාමත් දුකසේ කාලය ගෙවූහ.

සත්‍ථා පන තෙන හත්‍ථිනා උපට‍්ඨියමානො සුඛං වසි. සොපි හි හත්‍ථිනාගො ගණං පහාය ඵාසුවිහාරත්‍ථායෙව තං වනසණ‍්ඩං පාවිසි.

පාරිලෙය්‍ය ඇතාගෙන් උවටැන් ලබමින් බුදුරජාණන්වහන්සේ සුවසේ කාලය ගතකළ සේක. ඒ ඇත්රජාත් ඇත් රංචුවෙන් වෙන්ව සුවසේ විසීම පිණිසම වනසණ්ඩයට පිවිස සිටියේය.

යථාහ – “අහං ඛො ආකිණ‍්ණො විහරාමි හත්‍ථීහි හත්‍ථීනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි, ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදාමි, ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදන‍්ති, ආවිලානි ච පානීයානි පිවාමි, ඔගාහා චස‍්ස මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති, යංනූනාහං එකොව ගණම‍්හා වූපකට‍්ඨො විහරෙය්‍ය”න‍්ති (මහාව· 467; උදා· 35).

ඔහුගේ ප්‍රකාශය මෙසේය. ‘මම ඇත්සමූහය සමඟ සිටින විට, ඇතුන් ඇතින්නියන් ඇත්නාම්බන් ඇත්පැටවුන් නිසා කැළඹුණු සිතින් යුක්තව වාසය කරමි. දලු කඩා කෑ තණකොළද කමි. මා කඩාගත් අතු කැබලි ඔවුහු කාදමති. බොර වීගිය වතුර බොමි. දියට බසින ඇතින්නියෝ බසින විටත් ගොඩ එන විටත් මගේ ඇඟේ හැපෙමින් යෙති. මම හුදෙකලාවම සමූහයෙන් වෙන්වී විසීම යෙහෙකැයි සිතුවෙමි’.

අථ ඛො සො හත්‍ථිනාගො යූථා අපක‍්කම‍්ම යෙන පාලිලෙය්‍යකං රක‍්ඛිතවනසණ‍්ඩං භද‍්දසාලමූලං, යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පන භගවන‍්තං වන්‍දිත්‍වා ඔලොකෙන‍්තො අඤ‍්ඤං කිඤ‍්චි අදිස‍්වා භද‍්දසාලමූලං පාදෙනෙව පහරන‍්තො තච‍්ඡෙත්‍වා සොණ‍්ඩාය සාඛං ගහෙත්‍වා සම‍්මජ‍්ජි. තතො පට‍්ඨාය සොණ‍්ඩාය ඝටං ගහෙත්‍වා පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති, උණ‍්හොදකෙන අත්‍ථෙ සති උණ‍්හොදකං පටියාදෙති. කථං? හත්‍ථෙන කට‍්ඨානි ඝංසිත්‍වා අග‍්ගිං සම‍්පාදෙති, තත්‍ථ දාරූනි පක‍්ඛිපන‍්තො අග‍්ගිං ජාලෙත්‍වා තත්‍ථ පාසාණෙ පක‍්ඛිපිත්‍වා පචිත්‍වා දාරුදණ‍්ඩකෙන පවට‍්ටෙත්‍වා පරිච‍්ඡින‍්නාය ඛුද‍්දකසොණ‍්ඩිකාය ඛිපති, තතො හත්‍ථං ඔතාරෙත්‍වා උදකස‍්ස තත‍්තභාවං ජානිත්‍වා ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දති. සත්‍ථා “උදකං තෙ තාපිතං පාලිලෙය්‍යකා”ති වත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා න‍්හායති. අථස‍්ස නානාවිධානි ඵලානි ආහරිත්‍වා දෙති. යදා පන සත්‍ථා ගාමං පිණ‍්ඩාය පවිසති, තදා සත්‍ථු පත‍්තචීවරමාදාය කුම‍්භෙ පතිට‍්ඨපෙත්‍වා සත්‍ථාරා සද‍්ධිංයෙව ගච‍්ඡති. සත්‍ථා ගාමූපචාරං පත්‍වා “පාලිලෙය්‍යක ඉතො පට‍්ඨාය තයා ගන‍්තුං න සක‍්කා, ආහාර මෙ පත‍්තචීවර”න‍්ති ආහරාපෙත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. සොපි යාව සත්‍ථු නික‍්ඛමනා තත්‍ථෙව ඨත්‍වා ආගමනකාලෙ පච‍්චුග‍්ගමනං කත්‍වා පුරිමනයෙනෙව පත‍්තචීවරං ගහෙත්‍වා වසනට‍්ඨානෙ ඔතාරෙත්‍වා වත‍්තං දස‍්සෙත්‍වා සාඛාය බීජති, රත‍්තිං වාළමිගපරිපන්‍ථනිවාරණත්‍ථං මහන‍්තං දණ‍්ඩං සොණ‍්ඩාය ගහෙත්‍වා “සත්‍ථාරං රක‍්ඛිස‍්සාමී”ති යාව අරුණුග‍්ගමනා වනසණ‍්ඩස‍්ස අන‍්තරන‍්තරෙන විචරති, තතො පට‍්ඨායයෙව කිර සො වනසණ‍්ඩො පාලිලෙය්‍යකරක‍්ඛිතවනසණ‍්ඩො නාම ජාතො. අරුණෙ උග‍්ගතෙ මුඛොදකදානං ආදිං කත්‍වා තෙනෙවූපායෙන සබ‍්බවත‍්තානි කරොති.

මෙසේ සිතූ ඇත්රජ රැළෙන් වෙන්වී, පාරිලෙය්‍යක වනයේ රක්ෂිතවනසණ්ඩ නම් ලැහැබ භද්‍රශාලමූලයෙහි වැඩ සිටි බුදුරදුන් වෙත පැමිණියේය. එහි පැමිණ බුදුන් වැඳ වටපිට බලන්නේ අන් කිසිවෙකු නොදැන භද්‍රශාලමූලය පයින් පහරා සැස සොඬින් අත්තක් ගෙන අතුගා පිසදැමීය. එතැන් පටන් සොඬෙන් කළය ගෙන පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තැබීය. උණුවතුරෙන් ප්‍රයෝජනයක් ඇතිවිට උණුදිය පිළියෙළ කළේය. කෙසේද? සොඬෙන් අරටුවක් ගෙන තවත් අරටුවක තදින් පිරිමැද ගිනි දල්වයි. එහි දර ගොඩගසා ගිනි අඟුරු මැදට ගල්කැට දමා රත්වූ පසු තවත් දරකඩකින් පෙරළා ගෙනවුත් පිරිසිදු කුඩා ගල්වලක දමයි. ඉන්පසු සොඬ පොවා ජලය රත්වූ බව දැන බුදුන් ළඟට ගොස් වඳියි. බුදුහු පාරිලෙය්‍යකය, ඔබ ජලය රත්කෙළෙහිදැයි කියා එහි ගොස් නානසේක. ඇතා උන්වහන්සේට නන් වැදෑරුම් පලතුරුද ගෙනවුත් දෙයි. යම් විටෙක බුදුහු පිඬුසිඟා ගමට පිවිසෙත්ද, එකල බුදුන්ගේ පාසිවුරු ගෙන කුම්භස්තලයෙහි තබාගෙන බුදුන් සමඟම පසුපසින් යයි. බුදුහු ගම් සීමාවට පැමිණ, ‘පාරිලෙය්‍යකය, මෙතැන් පටන් ඔබට යානොහැක. මගේ පාසිවුරු දෙන්නැ’යි ගෙන්වාගෙන ගමට පිවිසෙති. බුදුන් නික්ම ගියකල ඇතු එහිම නැවතී බුදුන් නැවත වඩිනු බලා පෙරගමන් කොට පෙර පරිද්දෙන්ම පාසිවුරු රැගෙන වසන තැන තබා අත්තක් ගෙනවුත් පවන් සලා වත් දක්වයි. රාත්‍රියෙහි ව්‍යාලමෘගයන්ගෙන් වන උවදුරු වළක්වනු පිණිස ලොකු දණ්ඩක් ගෙන බුදුන් රකින්නෙමියි සිතා අරුණෝදය දක්වා වන ලැහැබ ඒ මේ අත ඇවිදියි. එතැන් පටන් ඒ වන ලැහැබට රක්ෂිත වනසණ්ඩ යන නම ලැබිණි. අරුණු නැගුණු පසු මුව දෝනා පැන් පිළියෙළ කිරීම ඇතුළු සියල්ල පෙර කී පරිදිම ඉටුකරයි.

අථෙකො මක‍්කටො තං හත්‍ථිං උට‍්ඨාය සමුට‍්ඨාය දිවසෙ දිවසෙ තථාගතස‍්ස ආභිසමාචාරිකං කරොන‍්තං දිස‍්වා “අහම‍්පි කිඤ‍්චිදෙව කරිස‍්සාමී”ති විචරන‍්තො එකදිවසං නිම‍්මක‍්ඛිකං දණ‍්ඩකමධුං දිස‍්වා දණ‍්ඩකං භඤ‍්ජිත්‍වා දණ‍්ඩකෙනෙව සද‍්ධිං මධුපටලං සත්‍ථු සන‍්තිකං ආහරිත්‍වා කදලිපත‍්තං ඡින්‍දිත්‍වා තත්‍ථ ඨපෙත්‍වා අදාසි. සත්‍ථා ගණ‍්හි. මක‍්කටො “කරිස‍්සති නු ඛො පරිභොගං න කරිස‍්සතී”ති ඔලොකෙන‍්තො ගහෙත්‍වා නිසින‍්නං දිස‍්වා “කිං නු ඛො”ති චින‍්තෙත්‍වා දණ‍්ඩකොටියං ගහෙත්‍වා පරිවත‍්තෙත්‍වා උපධාරෙන‍්තො අණ‍්ඩකානි දිස‍්වා තානි සණිකං අපනෙත්‍වා පුන අදාසි. සත්‍ථා පරිභොගමකාසි. සො තුට‍්ඨමානසො තං තං සාඛං ගහෙත්‍වා නච‍්චන‍්තොව අට‍්ඨාසි. අථස‍්ස ගහිතසාඛාපි අක‍්කන‍්තසාඛාපි භිජ‍්ජිංසු. සො එකස‍්මිං ඛාණුමත්‍ථකෙ පතිත්‍වා නිවිට‍්ඨගත‍්තො සත්‍ථරි පසන‍්නෙනෙව චිත‍්තෙන කාලං කත්‍වා තාවතිංසභවනෙ තිංසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති, අච‍්ඡරාසහස‍්සපරිවාරො මක‍්කටදෙවපුත‍්තො නාම අහොසි.

දිනක් එක් වඳුරෙක්, ඇතා විසින් දක්වනු ලබන ආභිසමාචාරික වතාවත් (ලොකු කුඩා උවටැන්) ඈත සිට නැගිට නැගිට බලාහිඳ, මමත් කිසිවක් කරන්නෙමියි ඒ මේ අත බලන්නේ මැස්සන් නැති දඬුවෙල්බෑ මීයක් දැක දණ්ඩ පිටින්ම කඩා දණ්ඩත් සහිත මීවදය බුදුන් හමුවට ගෙනවුත් කෙසෙල් කොළයක් කඩා ඒ මත තබා බුදුන්ට පිදීය. බුදුහු එය පිළිගත්හ. බුදුහු මෙය පරිභෝග කෙරෙත්ද නොකෙරෙත්දැයි බලා සිටි වඳුරා එය රැගෙන හුන් බුදුන් දැක ඒ ඇයිදැයි සිතමින් දඬු කෙළවරින් එය රැගෙන හරව හරවා බැලීය. එහි මැසිබිජු ඇති බව දැක ඒවා සෙමින් ඉවත් කොට නැවත පිදීය. බුදුරදහු එය වැළඳුහ. ඒ දැක සතුටු සිත් ඇති වඳුරා අත්තෙන් අත්තට පනිමින් නටමින් සිටියේය. ඒ අතරතුර අල්ලාගත් අත්තත් පය ගැසූ අත්තත් කැඩී යට තිබූ කණුවක් මත වැටී, ශරීරය සිදුරුවී ගොස් සොම්නස් සිතින්ම කළුරිය කෙළේය. පසුව තව්තිසාහවනයෙහි තිස්යොදුන් පමණ රන් විමනෙක උපන්නේය. අප්සරාවන් දහසක් ඔහුට පිරිවර විය.

තථාගතස‍්ස තත්‍ථ හත්‍ථිනාගෙන උපට‍්ඨියමානස‍්ස වසනභාවො සකලජම‍්බුදීපෙ පාකටො අහොසි. සාවත්‍ථිනගරතො “අනාථපිණ‍්ඩිකො විසාඛා ච මහාඋපාසිකා”තිඑවමාදීනි මහාකුලානි ආනන්‍දත්‍ථෙරස‍්ස සාසනං පහිණිංසු “සත්‍ථාරං නො, භන‍්තෙ, දස‍්සෙථා”ති. දිසාවාසිනොපි පඤ‍්චසතා භික‍්ඛූ වුට‍්ඨවස‍්සා ආනන්‍දත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා “චිරස‍්සුතා නො, ආවුසො ආනන්‍ද, භගවතො සම‍්මුඛා ධම‍්මී කථා, සාධු මයං, ආවුසො ආනන්‍ද, ලභෙය්‍යාම භගවතො සම‍්මුඛා ධම‍්මිං කථං සවනායා”ති යාචිංසු.

තථාගතයන්වහන්සේ ඒ ඇත්රජුන්ගේ උවටැන් ලබමින් ඒ වනයෙහි වසනබව සකල ජම්බුද්වීපයෙහිම ප්‍රකට විය. සැවැත්නුවරින් අනේපිඬු සිටුතෙමේත්, විශාඛා මහෝපාසිකාව ඇතුළුකොට නොයෙක් මහපවුල්වල අයත් ආනන්ද හිමියන් ළඟට ගොස්, ‘ස්වාමීනි, අපට බුදුන් දැක්වුව මැනව’යි පණිවුඩ යැවූහ. දිශාවාසී පන්සීයක් පමණ භික්ෂුහුද වස් නිමවා, ආනන්ද තෙරුන් වෙත පැමිණ, ඇවැත් ආනන්දයෙනි, අපි බුදුන් හමුවෙහි දැහැමි කථා ඇසුවේ මීට බොහෝ කලකට පෙරය. ඇවැත් ආනන්දයෙනි, අපට බුදුන් හමුවෙහි දැහැමි කථාවක් අසන්නට ඇත්නම් ඉතා යෙහෙකැ’යි ඉල්ලා සිටියහ.

ථෙරො තෙ භික‍්ඛූ ආදාය තත්‍ථ ගන‍්ත්‍වා “තෙමාසං එකවිහාරිනො තථාගතස‍්ස සන‍්තිකං එත‍්තකෙහි භික‍්ඛූහි සද‍්ධිං උපසඞ‍්කමිතුං අයුත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා තෙ භික‍්ඛූ බහි ඨපෙත්‍වා එකකොව සත්‍ථාරං උපසඞ‍්කමි. පාලිලෙය්‍යකො තං දිස‍්වා දණ‍්ඩමාදාය පක‍්ඛන්‍දි. සත්‍ථා ඔලොකෙත්‍වා අපෙහි “අපෙහි පාලිලෙය්‍යක, මා නිවාරයි, බුද‍්ධුපට‍්ඨාකො එසො”ති ආහ.

අනඳ තෙරණුවෝ ඒ භික්ෂූන්ද කැටුව පාරිලෙය්‍ය වනය සමීපයට ගොස්, තුන්මසක් එකලාව සිටි බුදුන් සමීපයට මෙතරම් පිරිසක් රැගෙන යෑම අයුතු යයි සිතා ඒ භික්ෂූන් බැහැර නවත්වා තමන් තනිවම එහි ගියෝය. පාරිලෙය්‍යක ඇත්තෙමේ ආනන්ද හිමියන් දැක, දණ්ඩක් රැගෙන ඉදිරියට පැන්නේය. බුදුරජාණන්වහන්සේ ඒ දැක, පාරිලෙය්‍යකය, ඉවතට යව, නොවළක්වව, මේ එන්නේ බුධෝපස්ථායකයයි වදාළහ.

සො තත්‍ථෙව දණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තචීවරපටිග‍්ගහණං ආපුච‍්ඡි. ථෙරො නාදාසි. නාගො “සචෙ උග‍්ගහිතවත‍්තො භවිස‍්සති, සත්‍ථු නිසීදනපාසාණඵලකෙ අත‍්තනො පරික‍්ඛාරං න ඨපෙස‍්සතී”ති චින‍්තෙසි. ථෙරො පත‍්තචීවරං භූමියං ඨපෙසි. වත‍්තසම‍්පන‍්නා හි ගරූනං ආසනෙ වා සයනෙ වා අත‍්තනො පරික‍්ඛාරං න ඨපෙන‍්ති.

ඇත්තෙම දණ්ඩ එතැන්හිම දමා පාසිවුරු පිළිගැනීමට ඉදිරියට ගියේය. අනඳ තෙරණුවෝ නොදුන්හ. ඉදින් වතාවත් දන්නා කෙනෙක්නම් බුදුන් හිඳිනා ගල්පුවරුවෙහි ස්වකීය පිරිකර නොතබනු ඇතැයි සිතීය. තෙරණුවෝ පාසිවුරු බිම තැබුහ. වත්සම්පන්නයෝ ගුරුන්ගේ අසුනෙහි හෝ සයනයෙහි තම පිරිකර නොතබත්.

ථෙරො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා “ආනන්‍ද, එකොව ආගතොසී”ති පුච‍්ඡිත්‍වා පඤ‍්චසතෙහි භික‍්ඛූහි සද‍්ධිං ආගතභාවං සුත්‍වා “කහං පනෙතෙ”ති වත්‍වා “තුම‍්හාකං චිත‍්තං අජානන‍්තො බහි ඨපෙත්‍වා ආගතොම‍්හී”ති වුත‍්තෙ “පක‍්කොසාහි නෙ”ති ආහ. ථෙරො තථා අකාසි.

තෙරණුවෝ බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්තෝය. බුදුහු තනිවම ආයෙහිදැයි අසා පන්සියයක් භික්ෂූන් සමඟ පැමිණි බව දැන ඔවුහු කොහිදැයි අසා, ඔබවහන්සේන්ගේ සිත්හසර නොදන්නා හෙයින් පිටත නවත්වා ආවෙමියි පැවසූහ. ඔවුන් කැඳවාගෙන එන්නැයි බුදුන් ප්‍රකාශ කළ පසු ආනන්ද හිමියෝ එසේ කළහ.

තෙ භික‍්ඛූ ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා තෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා තෙහි භික‍්ඛූහි, “භන‍්තෙ භගවා, හි බුද‍්ධසුඛුමාලො චෙව ඛත‍්තියසුඛුමාලො ච, තුම‍්හෙහි තෙමාසං එකකෙහි තිට‍්ඨන‍්තෙහි නිසීදන‍්තෙහි ච දුක‍්කරං කතං, වත‍්තපටිවත‍්තකාරකොපි මුඛොදකාදිදායකොපි නාහොසි මඤ‍්ඤෙ”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, පාලිලෙය්‍යකහත්‍ථිනා මම සබ‍්බකිච‍්චානි කතානි. එවරූපඤ‍්හි සහායං ලභන‍්තෙන එකතොව වසිතුං යුත‍්තං, අලභන‍්තස‍්ස එකචාරිකභාවොව සෙය්‍යො”ති වත්‍වා ඉමා නාගවග‍්ගෙ තිස‍්සො ගාථා අභාසි –

ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂුන් සමඟ සතුටු සාමීචි කථාකොට ඒ හික්‍ෂූන් විසින්, ‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ බුදු බැවින් සුකුමාලය. ක්ෂත්‍රිය භාවයෙනුත් සුකුමාලය. එකලාව තෙමසක් වනයෙහි සිටි ඔබවහන්සේ විසින් ඉතා දුෂ්කර කාර්යයක් කරනලදහ. වත්පිළිවෙත් කරන්නෙකු හෝ මුහුණු අතපය දොවන පැන් දෙන දායකයෙකු හෝ මෙහි නොවීයයි සිතන්නෙමුයයි කීකල්හි මහණෙනි, මේ පරිලෙය්‍යක ඇතු විසින් මගේ ඒ සියලු වැඩ කර දෙන ලදි. මෙබඳු සහායකයෙකු ඇත්නම් එකලාව විසීම කළයුතුය. නොලබන්නෙකු විසින් කළ යුත්තේ තමන් තනිවම හැසිරීමයයිද, වදාරා නාග වර්ගයෙහි එන මේ ගාථා තුන ප්‍රකාශ කළහ:

“සචෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං; අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි, චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

නුවණත් පැවතුමත් හොඳ හිතත් වඩනා නිති සහායකයෙකු ලදහොත් ඔහු හා විසුම යහපති සැම වරද හැරදා සිහියෙන් විසුම වටනේ.

“නො චෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං; රාජාව රට‍්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො.

එබඳු ගුණනුවණක් ඇති සගයකු නොලදහොත් දිනු රටක් හැර යන රජෙකු මෙන් හුදෙකලාවී තනිව සිටිනු යෙහෙකී පාරලෙය ඇත් රජු මෙන්

“එකස‍්ස චරිතං සෙය්‍යො, නත්‍ථි බාලෙ සහායතා; එකො චරෙ න ච පාපානි කයිරා, අප‍්පොස‍්සුක‍්කො මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො”ති. (මහාව· 464; ම· නි· 3.237; ධ· ප· 328-330; සු· නි· 45-46);

සහායකයෙකු නැතිවිට තනිවී විසුම යෙහෙකී තනිව සිටිනා විට කිසි පවකුදු කෙරෙන්නේ නැත පාරලෙයඇතු මෙන් විසිය හැක සුවපත් ලෙස

ගාථාපරියොසානෙ පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු. ආනන්‍දත්‍ථෙරොපි අනාථපිණ‍්ඩිකාදීහි පෙසිතසාසනං ආරොචෙත්‍වා, “භන‍්තෙ, අනාථපිණ‍්ඩිකප‍්පමුඛා තෙ පඤ‍්ච අරියසාවකකොටියො තුම‍්හාකං ආගමනං පච‍්චාසීසන‍්තී”ති ආහ. සත්‍ථා “තෙන හි ගණ‍්හාහි පත‍්තචීවර”න‍්ති පත‍්තචීවරං ගාහාපෙත්‍වා නික‍්ඛමි. නාගො ගන‍්ත්‍වා ගතමග‍්ගෙ තිරියං අට‍්ඨාසි. “කිං කරොති, භන‍්තෙ, නාගො”ති? “තුම‍්හාකං, භික‍්ඛවෙ, භික‍්ඛං දාතුං පච‍්චාසීසති, දීඝරත‍්තං ඛො පනායං මය‍්හං උපකාරකො, නාස‍්ස චිත‍්තං කොපෙතුං වට‍්ටති, නිවත‍්තථ, භික‍්ඛවෙ”ති සත්‍ථා භික‍්ඛූ ගහෙත්‍වා නිවත‍්ති.

ගාථා කෙළවර පන්සීයක් භික්ෂුහු රහත්බවෙහි පිහිටියාහුය. ආනන්ද තෙරණුවෝත් අනාථපිණ්ඩිකාදීන් එවූ පණිවුඩත් දන්වා, ස්වාමීනි, අනාථපිණ්ඩික ප්‍රමුඛ ඒ ආර්යශ්‍රාවකයන් පන්කෝටියක් පමණ වූ පිරිස ඔබවහන්සේගේ වැඩමවීම බලා සිටිතියි කීහ. බුදුහු එසේ නම් පාත්‍ර සිවුරු ගනුවයි කියා ඒවා ගෙන්වාගෙන නික්මුණාහුය. ඇත්තෙම ගොස් මාර්ගයෙහි හරස්ව සිටියේය. ‘ස්වාමීනි, ඇතා කුමක් කරයිද? මහණෙනි, නුඹලාට හික්ෂාවක් දීමට බලාපොරොත්තු වෙයි. මොහු බොහෝ කලක් මට උපකාරවත් විය. මොහුගේ සිත නරක් කරවීම නොවටී. මහණෙනි, නවතිව්යයි ප්‍රකාශ කළ බුදුහු භික්ෂුන්ද සමඟ නැවතුණාහ.

හත්‍ථීපි වනසණ‍්ඩං පවිසිත්‍වා පනසකදලිඵලාදීනි නානාඵලානි සංහරිත්‍වා රාසිං කත්‍වා පුනදිවසෙ භික‍්ඛූනං අදාසි. පඤ‍්චසතා භික‍්ඛූ සබ‍්බානි ඛෙපෙතුං නාසක‍්ඛිංසු. භත‍්තකිච‍්චපරියොසානෙ සත්‍ථා පත‍්තචීවරං ගාහෙත්‍වා නික‍්ඛමි. නාගො භික‍්ඛූනං අන‍්තරන‍්තරෙන ගන‍්ත්‍වා සත්‍ථු පුරතො තිරියං අට‍්ඨාසි. “කිං කරොති, භන‍්තෙ, නාගො”ති? “අයඤ‍්හි භික‍්ඛවෙ, තුම‍්හෙ පෙසෙත්‍වා මං නිවත‍්තෙතුකාමො”ති. අථ නං සත්‍ථා “පාලිලෙය්‍යක, ඉදං පන මම අනිවත‍්තගමනං, තව ඉමිනා අත‍්තභාවෙන ඣානං වා විපස‍්සනං වා මග‍්ගඵලං වා නත්‍ථි, තිට‍්ඨ ත්‍ව”න‍්ති ආහ. තං සුත්‍වා නාගො මුඛෙ සොණ‍්ඩං පක‍්ඛිපිත්‍වා රොදන‍්තො පච‍්ඡතො පච‍්ඡතො අගමාසි. සො හි සත්‍ථාරං නිවත‍්තෙතුං ලභන‍්තො තෙනෙව නියාමෙන යාවජීවං පටිජග‍්ගෙය්‍ය, සත්‍ථා පන තං ගාමූපචාරං පත්‍වා “පාලිලෙය්‍යක ඉතො පට‍්ඨාය තව අභූමි, මනුස‍්සාවාසො සපරිපන්‍ථො, තිට‍්ඨ ත්‍ව”න‍්ති ආහ. සො රොදමානො තත්‍ථෙව ඨත්‍වා සත්‍ථරි චක‍්ඛුපථං විජහන‍්තෙ හදයෙන ඵලිතෙන කාලං කත්‍වා සත්‍ථරි පසාදෙන තාවතිංසභවනෙ තිංසයොජනිකෙ කනකවිමානෙ අච‍්ඡරාසහස‍්සමජ‍්ඣෙ නිබ‍්බත‍්ති, පාලිලෙය්‍යකදෙවපුත‍්තොයෙවස‍්ස නාමං අහොසි.

ඇත් රජතෙමේත් වනයට ගොස් කොස් කෙසෙල් ආදී නානා පලතුරු එකතු කොට - රාශියක් කොට දෙවෙනි දිනයෙහි බුදුන් ප්‍රමුඛ භික්ෂූන්ට පිරිනැමුවේය. පන්සීයක් හික්‍ෂූන්ට ඒ පලතුරු අවසන් කළ නොහැකි විය. අහරකිස නිමවා බුදුහු පාසිවුරු ගෙන පිටත්වූහ. ඇතා භික්ෂූන් අතරින් ගොස් බුදුන් ඉදිරියෙහි හරස්ව සිට ගත්තේය. ස්වාමීනි, ඇතා කුමක් කරයි ද? මහණෙනි, මේ ඇත්රජ තොප යවා මා නවතාගනු කැමතිවෙයි යනුවෙන් වදාරා පාරිලෙය්‍යකය, මේ මගේ නොනැවැත්වියයුතු ගමනකි. තොපට මෙම භවයේදී ධ්‍යානයක් විදර්ශනාවක් හෝ මාර්ගඵලයක් හෝ ලැබිය නොහැකිය, තෝ නවතුවයි වදාළහ. ඒ ඇසු ඇත්රජ සොඬය හකුළා මුඛයෙහි ලාගෙන හඬ හඬා පසුපසින් ගියේය. හෙතෙම බුදුරදුන් නවතාගත හැකිවූයේ නම් ඒ අයුරින්ම ජීවිතාන්තය දක්වා බුදුන් පෝෂණය කරන්නේය. ශාස්තෘන්වහන්සේ ගම් මායිමට පැමිණ පාරිලෙය්‍යකය, මෙතැන් පටන් තොප නොයායුතු භූමියයි. මිනිස්වාසය උවදුරු සහිතය. ඔබ නවතුවයි කීහ. ඇත්රජ හඬ හඬා එතැන්හිම නැවතී බුදුන් ඇහැට පේනතෙක් මානයෙන් ඉවත් වෙත්ම හදවත පැළී මිය පරලොව ගොස් තව්තිසා භවනයෙහි තිස්යොදුන් පමණ වූ රන්විමනක අප්සරාවන් දහසක් පිරිවර සහිතව උපන්නේය. පාරිලෙය්‍යකය දිව්‍ය පුත්‍රම යන්නම ඔහුගේ නම විය.

සත්‍ථාපි අනුපුබ‍්බෙන ජෙතවනං අගමාසි. කොසම‍්බකා භික‍්ඛූ “සත්‍ථා කිර සාවත්‍ථිං ආගතො”ති සුත්‍වා සත්‍ථාරං ඛමාපෙතුං තත්‍ථ අගමංසු. කොසලරාජා “තෙ කිර කොසම‍්බකා භණ‍්ඩනකාරකා භික‍්ඛූ ආගච‍්ඡන‍්තී”ති සුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “අහං, භන‍්තෙ, තෙසං මම විජිතං පවිසිතුං න දස‍්සාමී”ති ආහ. “මහාරාජ, සීලවන‍්තා එතෙ භික‍්ඛූ, කෙවලං අඤ‍්ඤමඤ‍්ඤං විවාදෙන මම වචනං න ගණ‍්හිංසු, ඉදානි මං ඛමාපෙතුං ආගච‍්ඡන‍්ති, ආගච‍්ඡන‍්තු මහාරාජා”ති.

බුදුහුද අනුපිළිවෙළින් මඟ ගෙවා දෙව්රමට වැඩි සේක. කෝසම්බක භික්ෂුහු බුදුරදුන් දෙව්රමට වැඩිසේක්යයි අසා බුදුන් ක්ෂමාකරගනු පිණිස එහි ගියාහුය. කොසොල් රජ, ඒ කලහකාරී භික්ෂූන් එනබව අසා බුදුන් හමුවට ගොස්, ස්වාමීනි, මම ඔවුන්ට මගේ විජිතයට පිවිසීමට නොදෙන්නෙමියි කියා සිටියේය. මහරජ, ඒ භික්ෂූහු සිල්වත්ය. හුදෙක් ඔවුනොවුන් විවාදාපන්නවූ හෙයින් මගේ වචනය නොඇසූහ. දැන් මා සමාකරවා ගැනීම පිණිස පැමිණෙති. මහරජ, ඔවුන් පැමිණියාවේයයි වදාළහ.

අනාථපිණ‍්ඩිකොපි “අහං, භන‍්තෙ, තෙසං විහාරං පවිසිතුං න දස‍්සාමී”ති වත්‍වා තථෙව භගවතා පටික‍්ඛිත‍්තො තුණ‍්හී අහොසි. සාවත්‍ථියං අනුප‍්පත‍්තානං පන තෙසං භගවා එකමන‍්තෙ විවිත‍්තං කාරාපෙත්‍වා සෙනාසනං දාපෙසි. අඤ‍්ඤෙ භික‍්ඛූ තෙහි සද‍්ධිං නෙව එකතො නිසීදන‍්ති, න තිට‍්ඨන‍්ති, ආගතාගතා සත්‍ථාරං පුච‍්ඡන‍්ති – “කතමෙතෙ, භන‍්තෙ, භණ‍්ඩනකාරකා කොසම‍්බකා භික‍්ඛූ”ති? සත්‍ථා “එතෙ”ති දස‍්සෙති. “එතෙ කිර තෙ, එතෙ කිර තෙ”ති ආගතාගතෙහි අඞ‍්ගුලිකා දස‍්සියමානා ලජ‍්ජාය සීසං උක‍්ඛිපිතුං අසක‍්කොන‍්තා භගවතො පාදමූලෙ නිපජ‍්ජිත්‍වා භගවන‍්තං ඛමාපෙසුං.

අනාථපිණ්ඩික සිටුවරයාත් මම ඔවුන්ට විහාරයට පිවිසීමට නොදෙන්නෙමියි කියා මුලකී පරිදිම බුදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදුව නිහඬ විය. සැවැත්නුවරට පැමිණි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට වෙන විවික්ත සෙනසුනක් (විවේකය ඇති තැනක්) කරවා දුන්හ. සෙසු භික්ෂූහු කලහකාරී කෝසම්බක භික්ෂූන් කවුරුන්දයි බුදුරදුන්ගෙන් විමසූහ. බුදුහු මේ ඒ අයයයි පෙන්වූහ. ආ මේ ඔවුන්ද, මේ ඔවුන්දැයි ආ ආ අය ඇඟිල්ල දික්කරමින් පෙන්වන විට ලජ්ජාවෙන් හිස ඔසවාගත නොහැකිව බුදුන් පාමුල වැඳ වැටී සමාකරවාගත්හ.

සත්‍ථා “භාරියං වො, භික‍්ඛවෙ, කතං, තුම‍්හෙ හි නාම මාදිසස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා මයි සාමග‍්ගිං කරොන‍්තෙ මම වචනං න කරිත්‍ථ, පොරාණකපණ‍්ඩිතාපි වජ‍්ඣප‍්පත‍්තානං මාතාපිතූනං ඔවාදං සුත්‍වා තෙසු ජීවිතා වොරොපියමානෙසුපි තං අනතික‍්කමිත්‍වා පච‍්ඡා ද‍්වීසු රට‍්ඨෙසු රජ‍්ජං කාරයිංසූ”ති වත්‍වා පුනදෙව කොසම‍්බිකජාතකං (ජා· 1.9.10 ආදයො) කථෙත්‍වා “එවං, භික‍්ඛවෙ, දීඝාවුකුමාරො මාතාපිතූසු ජීවිතා වොරොපියමානෙසුපි තෙසං ඔවාදං අනතික‍්කමිත්‍වා පච‍්ඡා බ්‍රහ‍්මදත‍්තස‍්ස ධීතරං ලභිත්‍වා ද‍්වීසු කාසිකොසලරට‍්ඨෙසු රජ‍්ජං කාරෙසි, තුම‍්හෙහි පන මම වචනං අකරොන‍්තෙහි භාරියං කත”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන් අමතා මහණෙනි, තෙපි මහා බරපතළ වරදක් කළාහුය. තෙපි වනාහි මා වැනි බුදුකෙනකුන් ළඟ පැවිදිවී, භේදභින්නවී, මා සමඟි කරවනවිට මගේ වචනය නොපිළිගන්තාහුය. පැරණි පඬිවරු, මරණයට නියමවූ මවුපියන්ගේ අවවාද අසා ඒ මවුපියන් ජීවිතයෙන් තොරකරද්දීත් ඒ ඔවාබස් නොඉක්මවා පසුව දෙරටක රාජ්‍ය කෙරෙව්වාහුයයි වදාරා, නැවතත් කෝසම්බක ජාතකය දේශනාකොට, මහණෙනි, මෙසේ දීඝාවු කුමරා මවුපියන් ජීවිතක්ෂයට පත්කරන කල්හිත් ඔවුන්ගේ අවවාදය නොඉක්මවා පසුව බඹදත් රජුගේ දුවණියත් ලබා කාසිකෝසල යන දෙරටෙහි රාජ්‍ය කරවීය. මගේ වචනය නොකරන්නාවූ තොප විසින් බැරෑරුම් වරදක් කරනලදැයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:

“පරෙ ච න විජානන‍්ති, මයමෙත්‍ථ යමාමසෙ; යෙ ච තත්‍ථ විජානන‍්ති, තතො සම‍්මන‍්ති මෙධගා”ති.

අපි මෙයින් වැනසෙමුයයි නොදැන කලහ කළමුත් කවුරු හෝ මෙය දන්නහුනම් එනිසා නිවේ කලහය.

තත්‍ථ පරෙති පණ‍්ඩිතෙ ඨපෙත්‍වා තතො අඤ‍්ඤෙ භණ‍්ඩනකාරකා පරෙ නාම. තෙ තත්‍ථ සඞ‍්ඝමජ‍්ඣෙ කොලාහලං කරොන‍්තා “මයං යමාමසෙ උපරමාම විනස‍්සාම සතතං සමිතං මච‍්චුසන‍්තිකං ගච‍්ඡාමා”ති න විජානන‍්ති. යෙ ච තත්‍ථ විජානන‍්තීති යෙ තත්‍ථ පණ‍්ඩිතා “මයං මච‍්චුසන‍්තිකං ගච‍්ඡාමා”ති විජානන‍්ති. තතො සම‍්මන‍්ති මෙධගාති එවඤ‍්හි තෙ ජානන‍්තා යොනිසොමනසිකාරං උප‍්පාදෙත්‍වා මෙධගානං කලහානං වූපසමාය පටිපජ‍්ජන‍්ති. අථ නෙසං තාය පටිපත‍්තියා තෙ මෙධගා සම‍්මන‍්තීති.

එහි පරෙ යනු පණ්ඩිතයන් හැර එයින් පිටත් අනික් කලහකාරයෝ පරෙ නම් වෙති. ඒ සඟමැද කෝලාහල කරන්නාවූ ඔවුහු අපි කලහයෙන් විනාශවෙමු, නැසෙමු, නිරන්තරයෙන් මරු සමීපයට යන්නෙමුයයි නොදනිත් යෙ ච තත්ථ විජානන්ති යනු එහි පණ්ඩිත වූ යමෙක් (මේ කලහ නිසා) අපි මරුවාගේ සමීපයට යම්හයි දනිත්ද, තතො සම්මන්තිමෙධගා යනු මෙසේ ඒ බව දන්නාවූ ඔවුහු යෝනිසෝමනසිකාරය උපදවා ‘මේධග’සංඛ්‍යාත කලහයන් සංසිඳවීම පිණිස පිළිපදිති. ඉක්බිති ඔවුන්ගේ ඒ ප්‍රතිපත්තියෙන් ඒ කලහ සංසිඳෙයි.

අථ වා පරෙ චාති පුබ‍්බෙ මයා “මා, භික‍්ඛවෙ, භණ‍්ඩන”න‍්තිආදීනි වත්‍වා ඔවදියමානාපි මම ඔවාදස‍්ස අපටිග‍්ගහණෙන අතික‍්කමනෙන අමාමකා පරෙ නාම. “මයං ඡන්‍දාදිවසෙන මිච‍්ඡාගාහං ගහෙත්‍වා එත්‍ථ සඞ‍්ඝමජ‍්ඣෙ යමාමසෙ භණ‍්ඩනාදීනං වුද‍්ධියා වායමාමා”ති න විජානන‍්ති. ඉදානි පන යොනිසො පච‍්චවෙක‍්ඛමානා තත්‍ථ තුම‍්හාකං අන‍්තරෙ යෙ ච පණ‍්ඩිතපුරිසා “පුබ‍්බෙ මයං ඡන්‍දාදිවසෙන වායමන‍්තා අයොනිසො පටිපන‍්නා”ති විජානන‍්ති, තතො තෙසං සන‍්තිකා තෙ පණ‍්ඩිතපුරිසෙ නිස‍්සාය ඉමෙ දානි කලහසඞ‍්ඛාතා මෙධගා සම‍්මන‍්තීති අයමෙත්‍ථ අත්‍ථොති.

නැතහොත් පරෙ චාති පරෙච යනු මහණෙනි, පෙර මවිසින් දබර නොකරව්යයි ආදි වශයෙන් අවවාද කරද්දීත් මගේ අවවාදය නොපිළිගැනීමෙන් මමත්ත්වය නැත්තාහු පරෙ නම් වෙති. අපි ඡන්දාදී අගතියෙන් මිසදිටු කල්පනා ඇතිකරගෙන මේ සඟ මැද කලහ ආදියේ වැඩීමට වෑයම් කරම්හයි නොදනිත්, දැන් වනාහි නුවණින් මෙනෙහි කරන යම් පණ්ඩිත කෙනෙක්, පෙර අපි ඡන්දාදියෙන් අගතිගාමීව වෑයම් කළම්හයිද, නුනුවණින් කටයුතු කළම්හයිද දනිත්ද, එයින් ඔවුන් ඒ පණ්ඩිත පුරුෂයන් නිසා කලහ සංඛ්‍යාත මෙධගයෝ (කලහයෝ) සන්සිදෙත් යන අර්ථයද වේ.

ගාථාපරියොසානෙ සම‍්පත‍්තභික‍්ඛූ සොතාපත‍්තිඵලාදීසු පතිට‍්ඨහිංසූති.

ගාථා කෙළවර පැමිණි භික්ෂුහු සෝවාන්ඵලාදියෙහි පිහිටියාහුය.

කොසම‍්බකවත්‍ථු පඤ‍්චමං.

පස්වන කෝසම්බක වස්තුවයි.