7-8. මහාකාළත්ථෙරවත්ථු අට්ඨකථා
7-8. මහාකාළත්ථෙරවත්ථු
7-8. චූළකාල-මහාකාල වස්තුව
සුභානුපස්සින්ති ඉමං ධම්මදෙසනං සත්ථා සෙතබ්යනගරං උපනිස්සාය සිංසපාවනෙ විහරන්තො චූළකාළමහාකාළෙ ආරබ්භ කථෙසි.
‘සුභානුපස්සිං විහරන්තං’ යන මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ සෙතව්‍ය නම් නුවර ආශ්‍රයෙහි වැඩසිටි කාලයේ චූළකාල, මහාකාල දෙදෙනා අරභයා දේශනා කළසේක.
සෙතබ්යනගරවාසිනො හි චූළකාළො, මජ්ඣිමකාළො, මහාකාළොති තයො භාතරො කුටුම්බිකා. තෙසු ජෙට්ඨකනිට්ඨා දිසාසු විචරිත්වා පඤ්චහි සකටසතෙහි භණ්ඩං ආහරන්ති, මජ්ඣිමකාළො ආභතං වික්කිණාති. අථෙකස්මිං සමයෙ තෙ උභොපි භාතරො පඤ්චහි සකටසතෙහි නානාභණ්ඩං ගහෙත්වා සාවත්ථිං ගන්ත්වා සාවත්ථියා ච ජෙතවනස්ස ච අන්තරෙ සකටානි මොචයිංසු. තෙසු මහාකාළො සායන්හසමයෙ මාලාගන්ධාදිහත්ථෙ සාවත්ථිවාසිනො අරියසාවකෙ ධම්මස්සවනාය ගච්ඡන්තෙ දිස්වා “කුහිං ඉමෙ ගච්ඡන්තී”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “අහම්පි ගමිස්සාමී”ති චින්තෙත්වා කනිට්ඨං ආමන්තෙත්වා, “තාත, තෙසු සකටෙසු අප්පමත්තො හොහි, අහං ධම්මං සොතුං ගච්ඡාමී”ති වත්වා ගන්ත්වා තථාගතං වන්දිත්වා පරිසපරියන්තෙ නිසීදි.
සෙතව්‍ය නගරවාසී චූලකාළ, මජ්ඣිමකාල, මහාකාලයයි කෙළෙඹි පුත්‍රයෝ තිදෙනෙක් විසූහ. එයින් වැඩිමාලු බාල දෙදෙනා ඒ ඒ දිනවල ගොස් ගැල්වලින් බඩු ආනයනය කරති. මජ්ඣිමකාල, ගෙනා බඩු විකුණයි. පසු කලක මේ සහෝදරයන් දෙදෙනා ගැල් පන්සීයක නොයෙක් බඩු පටවාගෙන සැවැත් නුවරට ගොස් සැවතත් ජේතවනයත් අතර ගැල් මිදුවාහුය. ඔවුන්ගෙන් මහාකාල සවස් වරුවේ සුවඳ මල් ආදිය රැගෙන බණ අසනු පිණිස යන සැවැත්නුවරවාසී ආර්යශ්රාවකයන් දැක,මේ අය කොහේ යන්නහුදැයි අසා දැනගෙන තමනුත් යායුතුයයි සිතා, බාල සොහොයුරාට කථා කොට, දරුව, ‘ගැල් පිළිබඳව සැලකිලිමත්වන්න. මම බණ ඇසීමට යන්නෙමි’යි කියා ගොස් බුදුන් වැඳ පිරිස් කෙළවර හුන්නේය.
සත්ථා තං දිස්වා තස්ස අජ්ඣාසයවසෙන අනුපුබ්බිං කථං කථෙන්තො දුක්ඛක්ඛන්ධසුත්තාදිවසෙන (ම· නි· 1.163 ආදයො) අනෙකපරියායෙන කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසඤ්ච කථෙසි. තං සුත්වා මහාකාළො “සබ්බං කිර පහාය ගන්තබ්බං, පරලොකං ගච්ඡන්තං නෙව භොගා, න ඤාතකා ච අනුගච්ඡන්ති, කිං මෙ ඝරාවාසෙන පබ්බජිස්සාමී”ති චින්තෙත්වා මහාජනෙ සත්ථාරං වන්දිත්වා පක්කන්තෙ සත්ථාරං පබ්බජ්ජං යාචිත්වා සත්ථාරා “නත්ථි තෙ කොචි අපලොකෙතබ්බො”ති වුත්තෙ, “කනිට්ඨො මෙ, භන්තෙ, අත්ථී”ති වත්වා තෙන හි “අපලොකෙහි න”න්ති වුත්තෙ, “සාධු, භන්තෙ”ති වත්වා ගන්ත්වා කනිට්ඨං පක්කොසාපෙත්වා, “තාත, ඉමං සබ්බං සාපතෙය්යං පටිපජ්ජාහී”ති ආහ. “තුම්හෙ පන කිං කරිස්සථ භාතිකා”ති? “අහං සත්ථු සන්තිකෙ පබ්බජිස්සාමී”ති. සො තං නානප්පකාරෙහි යාචිත්වා නිවත්තෙතුං අසක්කොන්තො “සාධු, සාමි, යථා අජ්ඣාසයං කරොථා”ති ආහ. මහාකාළො ගන්ත්වා සත්ථු සන්තිකෙ පබ්බජි. “අහං භාතිකං ගහෙත්වාව උප්පබ්බජිස්සාමී”ති චූළකාළොපි පබ්බජි.
බුදුපියාණෝ ඔහු දැක ඔහුට ගැළපෙන පරිදි පිළිවෙළ කථාව දේශනා කරමින්, දුක්ඛක්ඛන්ධ ආදී නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ දෝෂයද ලාමක බවද කිළුටු සහිත බවද ප්‍රකාශ කළහ. ඒ අසා සිටි මහාකාල තෙමේ, ‘සියල්ල හැරදමා යායුතුය, පරලොව යන්නෙකු සමඟ වස්තුද නෑයෝද පිටුපසින් නොයෙත්. මේ ගෘහවාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමි’යි සිතා, මහජනයා බුදුන් වැඳ ගිය කල්හි බුදුන් ළඟට ගොස් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔබට කවුරුන් හෝ මේ බව දැන්විය යුත්තෙක් නැද්දැයි ඇසූ විට, ස්වාමීනි, මගේ බාල සොහොයුරා ඇතැයි කීවේය. එසේනම් ඔහුගෙන් අසා එන්නැයි බුදුහු වදාළහ. ඔහු එසේයයි කියා ගොස් සොහොයුරා ළඟට කැඳවා, දරුව, මේ සියලු සම්පත් ඔබම භාරගන්නැයි කීවේය. ‘සොහොයුර ඔබ කුමක් කරන්නෙහිද’ ‘මම බුදුන් සමීපයෙහි පැවිදි වෙමි’. චූළකාල ඔහුගෙන් නොයෙක් අයුරින් ඇවිටිලි කළ නමුත් නවතා ගනු නොහැකිව එසේනම් ඔබේ කැමැත්තක් කරගන්නැයි කිවේය. මහාකාල ගොස් බුදුන් ළඟ පැවිදි විය. මම සොහොයුරාත් සිවුරු හරවාගෙනම සිවුරු හරින්නෙමියි චූළකාලද පැවිදි විය.
අපරභාගෙ මහාකාළො උපසම්පදං ලභිත්වා සත්ථාරං උපසඞ්කමිත්වා සාසනෙ ධුරානි පුච්ඡිත්වා සත්ථාරා ද්වීසු ධුරෙසු කථිතෙසු “අහං, භන්තෙ, මහල්ලකකාලෙ පබ්බජිතත්තා ගන්ථධුරං පූරෙතුං න සක්ඛිස්සාමි, විපස්සනාධුරං පන පූරෙස්සාමී”ති යාව අරහත්තා කම්මට්ඨානං කථාපෙත්වා සොසානිකධුතඞ්ගං සමාදාය පඨමයාමාතික්කන්තෙ සබ්බෙසු නිද්දං ඔක්කන්තෙසු සුසානං ගන්ත්වා පච්චූසකාලෙ සබ්බෙසු අනුට්ඨිතෙසුයෙව විහාරං ආගච්ඡති.
පසු කලෙක මහාකාල හිමියෝ උපසම්පදාවද ලබා බුදුන් වෙත පැමිණ මේ සස්නෙහි ධුර කෙතෙක්දැයි විචාරා, බුදුරදුන් විසින් ධුර දෙකෙකියි වදාළ කල්හි, ස්වාමීනි, මම මහලුව පැවිදි වූ හෙයින් ග්රන්ථ ධූරය පිරීමට නොකැමැත්තෙමි, විදර්ශනාධූරය පුරන්නෙමියි රහත්බව දක්වා කමටහන් අසාගෙන සෝසානික ධුතාංගය (සොහොනෙහිම විසීම) සමාදන්ව රාත්‍රී ප්‍රථම යාමයගෙවී සියල්ලන් නින්දට වැටුණු පසු සොහොනට ගොස් අලුයම සියල්ලන් අවදිවීමට පෙර විහාරයට එති.
අථෙකා සුසානගොපිකා කාලී නාම ඡවඩාහිකා ථෙරස්ස ඨිතට්ඨානං නිසින්නට්ඨානං චඞ්කමිතට්ඨානඤ්ච දිස්වා “කො නු ඛො ඉධාගච්ඡති, පරිග්ගණ්හිස්සාමි න”න්ති පරිග්ගණ්හිතුං අසක්කොන්තී එකදිවසං සුසානකුටිකායමෙව දීපං ජාලෙත්වා පුත්තධීතරො ආදාය ගන්ත්වා එකමන්තෙ නිලීයමානා මජ්ඣිමයාමෙ ථෙරං ආගච්ඡන්තං දිස්වා ගන්ත්වා වන්දිත්වා, “අය්යො, නො, භන්තෙ, ඉමස්මිං ඨානෙ විහරතී”ති ආහ. “ආම, උපාසිකෙ”ති. “භන්තෙ, සුසානෙ විහරන්තෙහි නාම වත්තං උග්ගණ්හිතුං වට්ටතී”ති. ථෙරො “කිං පන මයං තයා කථිතවත්තෙ වත්තිස්සාමා”ති අවත්වා “කිං කාතුං වට්ටති උපාසිකෙ”ති ආහ.
ඉක්බිති මිනී පුළුස්සන කාලි නම් සොහොන්පාලිකාවක් තෙරුන් හිඳින ඇවිදින තැන් දැක, මෙහි එන්නේ කවුද? ඔහු අල්ලා ගන්නෙමියි බැලූ නමුත් අල්ලා ගත නොහැකිව එක් දිනක් සොහොන්කුටිය තුළම පහනක් දල්වා දූපුතුන්ද රැගෙන ගොස් එක් පැත්තක සැඟවී සිටියාය. මැදුම් රැය එහි එන්නා වූ තෙරුන් දැක ළඟට ගොස් වැඳ ස්වාමීනි, මෙහි වසන්නේ ඔබදැයි විචාළාය. උපාසිකාව එසේය. ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් (ඊට අදාළ) වත්පිළිවෙත් උගතයුතුය. තෙරුන්වහන්සේ, මම ඔබ කියන වතාවතක පිහිටන්නෙමියි නොකියා, උපාසිකාවනි, කුමක් කළ යුතුව ඇද්දැයි ඇසූහ.
“භන්තෙ, සොසානිකෙහි නාම සුසානෙ වසනභාවො සුසානගොපකානඤ්ච විහාරෙ මහාථෙරස්ස ච ගාමභොජකස්ස ච කථෙතුං වට්ටතී”ති. “ථෙරො කිං කාරණා”ති? “කතකම්මා චොරා ධනසාමිකෙහි පදානුපදං අනුබද්ධා සුසානෙ භණ්ඩකං ඡඩ්ඩෙත්වා පලායන්ති, අථ මනුස්සා සොසානිකානං පරිපන්ථං කරොන්ති, එතෙසං පන කථිතෙ ‘මයං ඉමස්ස භද්දන්තස්ස එත්තකං නාම කාලං එත්ථ වසනභාවං ජානාම, අචොරො එසො’ති උපද්දවං නිවාරෙන්ති. තස්මා එතෙසං කථෙතුං වට්ටතී”ති. “ථෙරො අඤ්ඤං කිං කාතබ්බ”න්ති? “භන්තෙ, සුසානෙ වසන්තෙන නාම අය්යෙන මච්ඡමංසතිලපිට්ඨතෙලගුළාදීනි වජ්ජෙතබ්බානි, දිවා න නිද්දායිතබ්බං, කුසීතෙන න භවිතබ්බං, ආරද්ධවීරියෙන භවිතබ්බං, අසඨෙන අමායාවිනා හුත්වා කල්යාණජ්ඣාසයෙන භවිතබ්බං, සායං සබ්බෙසු සුත්තෙසු විහාරතො ආගන්තබ්බං, පච්චූසකාලෙ සබ්බෙසු අනුට්ඨිතෙසුයෙව විහාරං ගන්තබ්බං. සචෙ, භන්තෙ, අය්යො ඉමස්මිං ඨානෙ එවං විහරන්තො පබ්බජිතකිච්චං මත්ථකං පාපෙතුං සක්ඛිස්සති, සචෙ මතසරීරං ආනෙත්වා ඡඩ්ඩෙන්ති, අහං කම්බලකූටාගාරං ආරොපෙත්වා ගන්ධමාලාදීහි සක්කාරං කත්වා සරීරකිච්චං කරිස්සාමි. නො චෙ සක්ඛිස්සති, චිතකං ආරොපෙත්වා අග්ගිං ජාලෙත්වා සඞ්කුනා ආකඩ්ඪිත්වා බහි ඛිපිත්වා ඵරසුනා කොට්ටෙත්වා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා අග්ගිම්හි පක්ඛිපිත්වා ඣාපෙස්සාමී”ති ආහ. අථ නං ථෙරො “සාධු භද්දෙ, එකං පන රූපාරම්මණං දිස්වා මය්හං කථෙය්යාසී”ති ආහ. සා “සාධූ”ති පච්චස්සොසි. ථෙරො යථාජ්ඣාසයෙන සුසානෙ සමණධම්මං කරොති. චූළකාළත්ථෙරො පන උට්ඨාය සමුට්ඨාය ඝරාවාසං චින්තෙති, පුත්තදාරං අනුස්සරති. “භාතිකො මෙ අතිභාරියං කම්මං කරොතී”ති චින්තෙති.
ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් එහි වසනබව සොහොන්ගොව්වන්ටද, විහාරයෙහි මහතෙරුන්ටද, ග්‍රාම භෝජකයාටද, දැන්විය යුතුය. කුමක් හෙයින්ද? ධනහිමියෝ සොරුන් පිටුපස පාපියවර ඔස්සේ (පදානුපදික) දුව එනවිට සොරු සුසානයෙහි බඩු දමා දුවති. ඉන්පසු මිනිස්සු සොහොනේ වැසියන්ට හිරිහැර කරති. මුලින් කී අයට කලින් කියා තිබූ කල්හි, අපි මේ පින්වතා මෙතෙක් කලක පටන් මෙහි වසන බව දන්නෙමු. මේ සොරෙක් නොවේයයි තාඩන පීඩන වළකාලති. එහෙයින් ඔවුන්ට දැන්වීම වටනේය. වෙන කුමක් කළ යුතුද? කුසීත නොවියයුතුය. පටන්ගත් වීර්යයෙන් යුක්ත විය යුතුය. කපටි කෛරාටික මායාකාරයකු නොවී යහපත් අදහසින් විසිය යුතුය. සවස සියල්ලන් නින්දට ගිය පසු විහාරයෙන් ආයුතුය. උදේ සියල්ලන් අවදි වීමට ප්‍රථම විහාරයට යායුතුය. ස්වාමීනි, ඉතින් ඔබවහන්සේ මෙහි මේ අයුරින් වසනසේක් නම් ඔබවහන්සේගේ පැවිදිකිස මුදුන් පමුණුවා ගතහැකි වන්නේය. ස්වාමීනි. මළසිරුරු ගෙනවුත් මෙහි දැමු පසු මම එය කම්බිලිකුළුගෙයක් මත තබා සුවඳමල් ආදියෙන් සත්කාරකොට පිළිස්සීම කරන්නෙමි. එසේ පිළිස්සිය නොහැකි නම් චිතකය දල්වා උලෙන් ඇණ ඇද බැහැරට ගෙන පොරොවෙන් කොටා කැබලිකැබලිවලට කපා ගින්නෙහි බහා දවාලන්නෙමි’යි කීවාය. තෙරණුවෝ යහපත නැගණිය, එක් මිනියක රූපාරම්මණයක් ගතහැකි විටක මට එය කියන්නැ’යි කීහ. ඈ මැනවයි පිළිගත්තාය. තෙරණුවෝ මෙසේ මනාප පරිදි සොහොනෙහි ශ්රමණධර්මය පුරති. චූළකාල නිරන්තරයෙන් මහත් උනන්දුවෙන් ගේදොර ගැන සිතයි. අඹුදරුවන් සිහි කරයි. මගේ සොහොයුරා බැරෑරුම් දෙයක් කෙළේයයිද සිතයි.
අථෙකා කුලධීතා තංමුහුත්තසමුට්ඨිතෙන බ්යාධිනා සායන්හසමයෙ අමිලාතා අකිලන්තා කාලමකාසි. තමෙනං ඤාතකාදයො දාරුතෙලාදීහි සද්ධිං සායං සුසානං නෙත්වා සුසානගොපිකාය “ඉමං ඣාපෙහී”ති භතිං දත්වා නිය්යාදෙත්වා පක්කමිංසු. සා තස්සා පාරුතවත්ථං අපනෙත්වා තංමුහුත්තමතං පීණිතපීණිතං සුවණ්ණවණ්ණං සරීරං දිස්වා, “ඉමං අය්යස්ස දස්සෙතුං පතිරූපං ආරම්මණ”න්ති චින්තෙත්වා ගන්ත්වා ථෙරං වන්දිත්වා, “භන්තෙ, එවරූපං නාම ආරම්මණං අත්ථි, ඔලොකෙථ අය්යා”ති ආහ.
ඉක්බිති දිනක එක් කුලදුවක් හදිසියේ එකෙණෙහි හටගත් රෝගයකින් සවස් යාමයෙහි මලානික නොවී ක්ලාන්ත නොවී කළුරිය කළාය. ඇගේ නෑදැයෝ තෙල්දර ආදියද රැගෙන සවස් යාමයේම සොහොනට ගෙනගොස්, මැය දවාලන්නයි සුසානගෝපිකාවට කුලිය ගෙවා යන්ට ගියාහුය. සුසානගෝපිකාව මළ තැනැත්තියගේ පොරෝනා වස්ත්‍ර ඉවත් කොට එකෙණෙහිම මළ, අතිශයින් ප්‍රියමනාප වූ රන්වන් සිරුර දැක, මෙය ආර්යයන්වහන්සේට පෙන්වීමට සුදුසු අරමුණෙකි’යි සිතා ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, මෙබඳුවූ අරමුණක් ලැබී ඇත. ගොස් එය බලනු මැනවි’යි කීවාය.
ථෙරො “සාධූ”ති වත්වා පාරුපනං නීහරාපෙත්වා පාදතලතො යාව කෙසග්ගා ඔලොකෙත්වා “අතිපීණිතමෙතං රූපං සුවණ්ණවණ්ණං අග්ගිම්හි නං පක්ඛිපිත්වා මහාජාලාහි ගහිතමත්තකාලෙ මය්හං ආරොචෙය්යාසී”ති වත්වා සකට්ඨානමෙව ගන්ත්වා නිසීදි. සා තථා කත්වා ථෙරස්ස ආරොචෙසි. ථෙරො ගන්ත්වා ඔලොකෙසි. ජාලාය පහටපහටට්ඨානං කබරගාවියා විය සරීරවණ්ණං අහොසි, පාදා නමිත්වා ඔලම්බිංසු, හත්ථා පටිකුටිංසු, ඌරුනලාටං නිච්චම්මං අහොසි. ථෙරො “ඉදං සරීරං ඉදානෙව ඔලොකෙන්තානං අපරියන්තකරං හුත්වා ඉදානෙව ඛයං පත්තං වයං පත්ත”න්ති රත්තිට්ඨානං ගන්ත්වා නිසීදිත්වා ඛයවයං සම්පස්සමානො –
තෙරණුවෝ මැනවැයි පිළිගෙන ගොස් පාරුණනය (පෙරවීම) ඉවත් කරවා පාදාග්රයේ පටන් කේශාන්තය දක්වා බලා, මෙය ඉතාමත් ප්‍රියමනාපය. රන්වන් සිරුරකි. මෙය ගින්නෙහි ලා මහගිනිදැලට හසු වූපසු මට දන්වන්නැයි කියා ස්වකීය ස්ථානයට ගියාහුය. සුසානගෝපිකාව එසේ කොට තෙරුන්ට දැන්වූවාය. තෙරණුවෝ ගොස් එය බැලූහ. ගිනිදැල් වැදුණු වැදුණු තැන්වල සිරුර කබරදෙනකගේ මෙන්විය. පා නැවී වකුටුවී එල්ලෙමින් තිබිණි. අත් දැවී වකුටුවී තිබිණි. නළලේ සමක් නැත. තෙරණුවෝ, මේ සිරුර දැන් මට බැලිය නොහැකි අතෘප්තිකර භාවයට, ක්ෂයබවට ව්‍යය බවට පත්වූයේයයි රාත්රීස්ථානයටගොස් වැඩහිඳ ක්ෂයව්යය ස්වභාව අනුව බලන්නාහු,
“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො; උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො”ති. (දී· නි· 2.221, 272; සං· නි· 1.186; 2.143; ජා· 1.1.95) –
සකරහු වෙති අනිස් උපදිනු නැසෙනු සිරිතය ඉපදී නැසෙති ඔහු ඔවුන් සන්සිඳවීම යහපති
ගාථං වත්වා විපස්සනං වඩ්ඪෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
යන ගාථාව කියමින් විදසුන් වඩා රහත්බවට පත්වූහ.
තස්මිං අරහත්තං පත්තෙ සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරමානො සෙතබ්‍යං ගන්ත්වා සිංසපාවනං පාවිසි. චූළකාළස්ස භරියායො “සත්ථා කිර අනුප්පත්තො සිංසපාවන”න්ති සුත්වා “අම්හාකං සාමිකං ගණ්හිස්සාමා”ති පෙසෙත්වා සත්ථාරං නිමන්තාපෙසුං. බුද්ධානං පන අපරිචිණ්ණට්ඨානෙ ආසනපඤ්ඤත්තිං ආචික්ඛන්තෙන එකෙන භික්ඛුනා පඨමතරං ගන්තුං වට්ටති. බුද්ධානඤ්හි මජ්ඣිමට්ඨානෙ ආසනං පඤ්ඤාපෙත්වා තස්ස දක්ඛිණතො සාරිපුත්තත්ථෙරස්ස, වාමතො මහාමොග්ගල්ලානත්ථෙරස්ස, තතො පට්ඨාය උභොසු පස්සෙසු භික්ඛුසඞ්ඝස්ස ආසනං පඤ්ඤාපෙතබ්බං හොති.
බුදුරජාණන්වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන චාරිකාවේ හැසිරෙන අතර සෙතව්‍ය නගරයට වැඩමවූහ. එහි සිංසපාවනයට පිවිසියාහුය. චූළකාලගේ භාර්යාවෝ බුදුන් වැඩමවූ බව අසා අපි අපේ ස්වාමියා ලබා ගන්නෙමුයයි පණිවුඩ යවා දානයක් සඳහා බුදුන්ට ආරාධනා කළාහුය. නුපුරුදු තැන්වලට බුදුන් වඩිනා කල්හි ආසන පැණවීම ආදි කටයුතු සඳහා එය කියා දීමට පළමුව එක් භික්ෂුනමක් යෑම සිරිතය. බුදුන් උදෙසා මධ්‍යයෙහි අසුනක් පණවා එයින් දකුණු පැත්තේ සැරයුත්තෙරණුවන්ටත් වම් පැත්තේ මුගලන්තෙරණුවන්ටත් ආසන පැණවිය යුතුවේ. ඉන්පසු දෙපස සෙසු සංඝයා උදෙසා අසුන් පැනවිය යුතුවේ.
තස්මා මහාකාළත්ථෙරො චීවරපාරුපනට්ඨානෙ ඨත්වා, “චූළකාළ, ත්වං පුරතො ගන්ත්වා ආසනපඤ්ඤත්තිං ආචික්ඛා”ති චූළකාළං පෙසෙසි. තස්ස දිට්ඨකාලතො පට්ඨාය ගෙහජනා තෙන සද්ධිං පරිහාසං කරොන්තා නීචාසනානි සඞ්ඝත්ථෙරස්ස කොටියං අත්ථරන්ති, උච්චාසනානි සඞ්ඝනවකස්ස කොටියං. ඉතරො “මා එවං කරොථ, නීචාසනානි උපරි මා පඤ්ඤාපෙථ, උච්චාසනානි උපරි පඤ්ඤාපෙථ, නීචාසනානි හෙට්ඨා”ති ආහ. ඉත්ථියො තස්ස වචනං අසුණන්තියො විය “ත්වං කිං කරොන්තො විචරසි, කිං තව ආසනානි පඤ්ඤාපෙතුං න වට්ටති, ත්වං කං ආපුච්ඡිත්වා පබ්බජිතො, කෙන පබ්බජිතොසි, කස්මා ඉධාගතොසී”ති වත්වා නිවාසනපාරුපනං අච්ඡින්දිත්වා සෙතකානි නිවාසෙත්වා සීසෙ ච මාලාචුම්බුටකං ඨපෙත්වා, “ගච්ඡ සත්ථාරං ආනෙහි, මයං ආසනානි පඤ්ඤාපෙස්සාමා”ති පහිණිංසු.
එහෙයින් මහාකාල තෙරණුවෝ සිවුරු පෙරවන තැනදී ඔබ පළමුව ගොස් අසුන් පැනවීමට උපදෙස් දෙන්නැයි චූළකාල හිමියන් එහි පිටත් කළහ. චූළකාල දුටු වෙලේ පටන් ගෙදර සිටි අය ඔහු සමඟ කෙළිකවටකම් කරමින් මිටි ආසන සංඝස්ථවිරයන් සිටින තැනත් උස් ආසන සංඝනවකයන් සිටින තැන්වලත් පණවන්ටවූහ. චූළකාල, මෙසේ නොකරව. මිටි අසුන් මුලටත් උස අසුන් අගටත් නොපණවයි උපදෙස් දුන්නේය. ඒ ස්ත්‍රීහු ඔහුගේ වචන නෑසුණාක්හු මෙන් ‘ඇයි ආසන පැණවූවාම ඔබට කුමක් වෙයිද, ඔබ මොකද කරන්නේ, ඔබ පැවිදි වූයේ කාගෙන් අසාලාද, ඔබ මහණකෙළේ කවුද, මෙහි ආවේ මොකටද යයි කියකියා ඇඳි පෙරෙවි වස්ත්‍ර ගළවා දමා සුදුවස්ත්‍ර හන්දවා හිසමත මල්සුඹුලුවක් තබා, යව ගොස් බුදුන් වැඩමවාගෙන ඒව. අපි ආසන පණවම්හයි පිටත්කර යැවූහ.
න චිරං භික්ඛුභාවෙ ඨත්වා අවස්සිකොව උප්පබ්බජිතත්තා ලජ්ජිතුං න ජානාති, තස්මා සො තෙන ආකප්පෙන නිරාසඞ්කොව ගන්ත්වා සත්ථාරං වන්දිත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං ආදාය ආගතො. භික්ඛුසඞ්ඝස්ස පන භත්තකිච්චාවසානෙ මහාකාළස්ස භරියායො “ඉමාහි අත්තනො සාමිකො ගහිතො, මයම්පි අම්හාකං සාමිකං ගණ්හිස්සාමා”ති චින්තෙත්වා පුනදිවසෙ සත්ථාරං නිමන්තයිංසු. තදා පන ආසනපඤ්ඤාපනත්ථං අඤ්ඤො භික්ඛු අගමාසි. තා තස්මිං ඛණෙ ඔකාසං අලභිත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා භික්ඛං අදංසු. චූළකාළස්ස පන ද්වෙ භරියායො, මජ්ඣිමකාළස්ස චතස්සො, මහාකාළස්ස පන අට්ඨ. භික්ඛූපි භත්තකිච්චං කාතුකාමා නිසීදිත්වා භත්තකිච්චමකංසු, බහි ගන්තුකාමා උට්ඨාය අගමංසු. සත්ථා පන නිසීදිත්වා භත්තකිච්චං කරි.
දිගුකලක් භික්ෂුවක්ව, නොසිට වස් නොවසා උපැවිදිවූවෝ ඒ ගැන ලජ්ජාවීම නොදනිත්. එහෙයින් ඔහු ඒ හැටියෙන්ම නිසැකව ගොස් වැඳ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයා වැඩමවාගෙන ආවේය. භික්ෂු සංඝයා දන් වැළඳු පසු, මහාකාලගේ භාර්යාවෝ, මොවුහු තම සැමියා තම වසඟයට ගත්හ. අපිත් අපගේ සැමියා සිවුරු හරවා ගන්නෙමු’යයි සිතා දෙවෙනි දිනයේ දානයට ආරාධනා කළාහුය. එදින අසුන් පැණවීම් ආදියට වෙනත් භික්ෂුවක් පැමිණියේය. ඒ ස්ත්‍රීහු එවේලෙහි ඉඩක්නොලැබ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයා වඩාහිඳුවා දන් පිළිගැන්වූහ. චූළකාලට භාර්යාවෝ දෙදෙනෙකි. මජ්ඣිමකාලට සිව්දෙනෙකි. මහාකාලට අටදෙනෙකි. භික්ෂූහු දන්වළඳනු කැමැත්තෙන් වැඩහිඳ වැළඳූහ. පිටත යනු කැමැත්තෝ ගියහ. බුදුහු වැඩහිඳ වැළඳූහ.
තස්ස භත්තකිච්චපරියොසානෙ තා ඉත්ථියො, “භන්තෙ, මහාකාළො අම්හාකං අනුමොදනං කත්වා ආගච්ඡිස්සති, තුම්හෙ පුරතො ගච්ඡථා”ති වදිංසු. සත්ථා “සාධූ”ති වත්වා පුරතො අගමාසි. ගාමද්වාරං පත්වා භික්ඛූ උජ්ඣායිංසු “කිං නාමෙතං සත්ථාරා කතං, ඤත්වා නු ඛො කතං, උදාහු අජානිත්වා. හිය්යො චූළකාළස්ස පුරතො ගතත්තා පබ්බජ්ජන්තරායො ජාතො, අජ්ජ අඤ්ඤස්ස පුරතො ගතත්තා අන්තරායො නාහොසි. ඉදානි මහාකාළං ඨපෙත්වා ආගතො, සීලවා ඛො පන භික්ඛු ආචාරසම්පන්නො, කරිස්සති නු ඛො තස්ස පබ්බජ්ජන්තරාය”න්ති.
උන්වහන්සේ දන් වළඳා අවසන් වූ පසු ඒ ස්ත්‍රීහු ස්වාමීනි, මහාකාල හිමියෝ අපට අනුමෝදනා කොට වඩිනු ඇති. ඔබවහන්සේ පළමුව වඩිනු මැනවයි කීහ. බුදුහු යහපතැයි වදාරා පළමුව වැඩියාහ. ගම්දොරට ගොස් භික්ෂූහු මෙසේ දොස් කීහ. බුදුහු මේ කුමක් කළාහුද? මෙය දැන දැනම කළාහුද, නැද්ද? ඊයේ චූළකාල පළමුව ගිය හෙයින් පැවිද්දට අනතුරු කර ගත්තේය. අද වෙනත් කෙනෙක් පළමුව ගිය හෙයින් එබඳු අනතුරුක් නොවීය. දැන් බුදුහු මහාකාල හිමියන් එහි නවතා ආවාහුය. මහාකාල සිල්වත්ය. ආචාර සම්පන්නය. ඔහුගේ පැවිද්දට අනතුරක් වේද නොවේද ආදී වශයෙනි.
සත්ථා තෙසං වචනං සුත්වා නිවත්තිත්වා ඨිතො “කිං කථෙථ, භික්ඛවෙ”ති පුච්ඡි. තෙ තමත්ථං ආරොචෙසුං. “කිං පන තුම්හෙ, භික්ඛවෙ, චූළකාළං විය මහාකාළං සල්ලක්ඛෙථා”ති? “ආම, භන්තෙ”. තස්ස හි ද්වෙ පජාපතියො, ඉමස්ස අට්ඨ. “අට්ඨහි පරික්ඛිපිත්වා ගහිතො කිං කරිස්සති, භන්තෙ”ති? සත්ථා “මා, භික්ඛවෙ, එවං අවචුත්ථ, චූළකාළො උට්ඨාය සමුට්ඨාය සුභාරම්මණබහුලො විහරති, පපාතෙ ඨිතො දුබ්බලරුක්ඛසදිසො. මය්හං පන පුත්තො මහාකාළො අසුභානුපස්සී විහරති, ඝනසෙලපබ්බතො විය අචලො”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ඔවුන්ගේ කතාව අසා නැවතී, මහණෙනි, තෙපි කුමක් ගැන කථා කරන්නහුදැයි ඇසූහ. ඔවුහු ඒ පුවත දැන්වූහ. කිමෙක්ද මහණෙනි, තෙපි මහාකාලත් චූළකාල වගේමයයි සිතන්නහුද? එසේය. ස්වාමීනි, චූළකාලට අඹුවෝ දෙදෙනෙකි. මහාකාලට අට දෙනෙකි. මේ අටදෙනාම වටකර ගත්තොත් ස්වාමීනි, මහාකාල මොනවා කරන්ටදැයි කීවාහුය. බුදුරජාණන්වහන්සේ. මහණෙනි, එසේ නොකියව්, චූළකාල නිතර නැගිනැගී සිට සුභාරම්මණ බහුලව බලයි. හෙතෙම පර්වත ප්‍රාන්තයක ඇති දුබල රුකක් මෙනි. මා පුත් මහාකාල අසුභවිහාරී පුද්ගලයෙකි. (හමු වන අරමුණු අශුභලෙස බලන) ඝන ශෛල පර්වතයක් මෙන් අචලයයි වදාරා මේ ගාථාද වදාළසේක:
“සුභානුපස්සිං විහරන්තං, ඉන්ද්රියෙසු අසංවුතං; භොජනම්හි චාමත්තඤ්ඤුං, කුසීතං හීනවීරියං; තං වෙ පසහති මාරො, වාතො රුක්ඛංව දුබ්බලං.
අරමුණු සුබ ලෙසින් බලන පස් ඉඳුරන් නොදැමුණු වූ කෑමෙහි පමණ නොමදත් කුසීත හළ විරියද ඇති මිනිසා මර වසඟයට දුවයි දුබල රුකක් සුළඟවැදී ඉදිරි බිම වැටෙනා සේ.
“අසුභානුපස්සිං විහරන්තං, ඉන්ද්රියෙසු සුසංවුතං; භොජනම්හි ච මත්තඤ්ඤුං, සද්ධං ආරද්ධවීරියං; තං වෙ නප්පසහතී මාරො, වාතො සෙලංව පබ්බත”න්ති.
අරමුණු අසුබ ලෙස බලනා ඉදුරන් දමනය කරනා අහරෙහි පමණ දන්නා සැදැහැති වීරිය ඇත්තා මරුගේ වසඟයට නොයයි සුළඟින් නොසැලෙන කුළක් සේ.
තත්ථ සුභානුපස්සිං විහරන්තන්ති සුතං අනුපස්සන්තං, ඉට්ඨාරම්මණෙ මානසං විස්සජ්ජෙත්වා විහරන්තන්ති අත්ථො. යො හි පුග්ගලො නිමිත්තග්ගාහං අනුබ්යඤ්ජනග්ගාහං ගණ්හන්තො “නඛා සොභනා”ති ගණ්හාති, “අඞ්ගුලියො සොභනා”ති ගණ්හාති, “හත්ථපාදා, ජඞ්ඝා, ඌරු, කටි, උදරං, ථනා, ගීවා, ඔට්ඨා, දන්තා, මුඛං, නාසා, අක්ඛීනි, කණ්ණා, භමුකා, නලාටං, කෙසා, සොභනා”ති ගණ්හාති, “කෙසා, ලොමා, නඛා, දන්තා, තචො, සොභනා”ති ගණ්හාති, වණ්ණො සුභො, සණ්ඨානං සුභන්ති, අයං සුභානුපස්සී නාම. එවං තං සුභානුපස්සිං විහරන්තං. ඉන්ද්රියෙසූති චක්ඛාදීසු ඡසු ඉන්ද්රියෙසු. අසංවුතන්ති චක්ඛුද්වාරාදීනි අරක්ඛන්තං. පරියෙසනමත්තා පටිග්ගහණමත්තා පරිභොගමත්තාති ඉමිස්සා මත්තාය අජානනතො භොජනම්හි චාමත්තඤ්ඤුං. අපිච පච්චවෙක්ඛණමත්තා විස්සජ්ජනමත්තාති ඉමිස්සාපි මත්තාය අජානනතො අමත්තඤ්ඤුං, ඉදං භොජනං ධම්මිකං, ඉදං අධම්මිකන්තිපි අජානන්තං. කාමච්ඡන්දබ්යාපාදවිහිංසාවිතක්කවසිතාය කුසීතං. හීනවීරියන්ති නිබ්බීරියං චතූසු ඉරියාපථෙසු වීරියකරණරහිතං. පසහතීති අභිභවති අජ්ඣොත්ථරති. වාතො රුක්ඛංව දුබ්බලන්ති බලවවාතො ඡින්නපපාතෙ ජාතං දුබ්බලරුක්ඛං විය. යථා හි සො වාතො තස්ස දුබ්බලරුක්ඛස්ස පුප්ඵඵලපල්ලවාදීනිපි පාතෙති, ඛුද්දකසාඛාපි භඤ්ජති, මහාසාඛාපි භඤ්ජති, සමූලකම්පි තං රුක්ඛං උප්පාටෙත්වා උද්ධංමූලං අධොසාඛං කත්වා ගච්ඡති, එවමෙව එවරූපං පුග්ගලං අන්තො උප්පන්නො කිලෙසමාරො පසහති, බලවවාතො දුබ්බලරුක්ඛස්ස පුප්ඵඵලපල්ලවාදිපාතනං විය ඛුද්දානුඛුද්දකාපත්තිආපජ්ජනම්පි කරොති, ඛුද්දකසාඛාභඤ්ජනං විය නිස්සග්ගියාදිආපත්තිආපජ්ජනම්පි කරොති, මහාසාඛාභඤ්ජනං විය තෙරසසඞ්ඝාදිසෙසාපත්තිආපජ්ජනම්පි කරොති, උප්පාටෙත්වා උද්ධං, මූලකං හෙට්ඨාසාඛං කත්වා පාතනං විය පාරාජිකාපත්තිආපජ්ජනම්පි කරොති, ස්වාක්ඛාතසාසනා නීහරිත්වා කතිපාහෙනෙව ගිහිභාවං පාපෙතීති එවං එවරූපං පුග්ගලං කිලෙසමාරො අත්තනො වසෙ වත්තෙතීති අත්ථො.
ඒ ගාථාවල සුභානුපස්සිං විහරන්තං යනු සුභවාදීව ඉෂ්ටවූ අරමුණෙහි සිත විහිදුවා වාසය කරන්නහුය යන අර්ථයි. යම් පුද්ගලයෙක් අරමුණු නිමිති වශයෙන් ගනිමින් අනුඛ්‍යඤ්ජන (ලොකු කුඩා කොටස්) වශයෙන් ගනිමින් නිය ශෝභනය, ඇගිලි ශෝභනය,අත්පා, කෙණ්ඩා, කළවා. කටීපෙදෙස, උදරය, පයෝධර, ශ්‍රිවය, තොල්, දත්, මුහුණ, නාසය, ඇස්, කන්, බැම, නළල, කෙස් යන මේ අනුඛ්යඤ්ජනශෝභනයයි ගනීද, කෙස් ලොම් නිය දත් සම ශෝභනයයි ගනීද, වර්ණය පැහැපත්ය, සටහන ශුභයයිද ගැනීම සුභානුපස්සී නමි. ‘ඉන්ද්රියෙසුඅසංවුතං’යනු චක්ෂුරාදි ඉන්ද්රියයන්කෙරෙහි සංවර නොවූවාහුයි. චක්ෂුර්ද්වාරාදිය නොරකින්නාහු යි. සෙවීමෙහි ප්‍රමාණය, පිළිගැනීමෙහි ප්‍රමාණය වැළදීමෙහි ප්‍රමාණය යන මේ ප්‍රමාණයන් නොදන්නා හෙයින් භොජනම්හි අමත්තඤ්ඤුං භෝජනයෙහි ප්‍රමාණ නොදැනීම යන අර්ථයි. තවද ප්රත්යවෙක්ෂණප්රමාණය, වියදම් කිරීමේ ප්‍රමාණය යන මේ මාත්‍රාවන් නොදැනීමද, අමත්තඤ්ඤු නම් වේ. මේ භෝජනය ධාර්මිකය, මෙය අධාර්මිකයයි නොදන්නාහුය. කාම-ව්‍යාපාද, විහිංසා, විතර්ක යන මොවුන්ට වශීභාවය හේතුකොටගෙන යන අර්ථයි. කුසීතං හීනවිරියං යනු කුසීතවූ වීර්යයනැත්තාවූ යන අර්ථයි. සතර ඉරියව්වේහි වීර්ය කිරීමක් නැති යන අර්ථයි. පසහති යනු මැඩ පවත්වයි, යටකර ගනියි යන අර්ථයි. වාතො රුක්ඛංච දුබ්බලං යනු දිය සිඳී ගිය ගංඉවුරකහටගත් දුබල ගසක් බලවත් වාතයකමඟින් ඉදිරි හැලෙන්නාක් මෙනි යන අර්ථයි. ඒ එසේමය. ඒ මාරුතය එම වෘක්ෂයාගේ මල් කොළ අතු ආදිය යම්සේ විසුරුවා හරීද, වනසා දමයිද, කුඩා අතු බිඳදමාද, මහ අතුත් බිඳදමයිද, මුල් සහිත වූ ඒ රුක උදුරා හෙළා, මුල් උඩටත් අතු යටටත් සිටින සේ උඩුයටිකුරු කරයිද, එසේම මෙබඳු පුද්ගලයා ඇතුළත උපන්නාවු කෙලෙස්මරතෙමේ ඔහු අතිශයින්ම මැඩගනී. සැඩ සුළඟ දුබල වෘක්ෂයාගේ මල් කොළ ආදිය හෙළන්නාක් මෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍රක (කුඩා කුඩා) ආපත්තීන්ට (වැරදිවලට) පැමිණවීමද කරයි. කුඩා අතු බිඳීම මෙන් ‘නිසගි’ආදී ඇවැත්වලට පැමිණවීමද කරයි. මහඅතු බිඳීම මෙන් තෙළෙස් සංඝාදිසේසාපත්තීන්ටද පමුණුවයි. ගස උදුරා මුල් උඩට අතු යටටපෙරළාලන්නාක් මෙන් පාරාජික ඇවතට පත්වීමද සිදු කරයි. ස්වාක්ඛාත ශාසනයෙන් බැහැරකොට කිහිප දිනකින්ම ගිහි බවට පමුණුවයි. මෙසේමේ ආකාර පුද්ගලයා කෙලෙස් මරතෙමේ තමාගේ යටතට ගන්නේය යනු අර්ථයි.
අසුභානුපස්සින්ති දසසු අසුභෙසු අඤ්ඤතරං අසුභං පස්සන්තං පටිකූලමනසිකාරෙ යුත්තං කෙසෙ අසුභතො පස්සන්තං ලොමෙ නඛෙ දන්තෙ තචං වණ්ණං සණ්ඨානං අසුභතො පස්සන්තං. ඉන්ද්රියෙසූති ඡසු ඉන්ද්රියෙසු. සුසංවුතන්ති නිමිත්තාදිග්ගාහරහිතං පිහිතද්වාරං. අමත්තඤ්ඤුතාපටික්ඛෙපෙන භොජනම්හි ච මත්තඤ්ඤුං. සද්ධන්ති කම්මස්ස චෙව ඵලස්ස ච සද්දහනලක්ඛණාය ලොකිකාය සද්ධාය චෙව තීසු වත්ථූසු අවෙච්චප්පසාදසඞ්ඛාතාය ලොකුත්තරසද්ධාය ච සමන්නාගතං. ආරද්ධවීරියන්ති පග්ගහිතවීරියං පරිපුණ්ණවීරියං. තං වෙති එවරූපං තං පුග්ගලං යථා දුබ්බලවාතො සණිකං පහරන්තො එකග්ඝනං සෙලං චාලෙතුං න සක්කොති, තථා අබ්භන්තරෙ උප්පජ්ජමානොපි දුබ්බලකිලෙසමාරො නප්පසහති, ඛොභෙතුං වා චාලෙතුං වා න සක්කොතීති අත්ථො.
අසුභානුපස්සිං යනු දසඅසුභ අතුරෙන් එක්තරා අසුභයක් අනුවබලන්නාවූ, පිළිකුළෙන් මෙනෙහි කිරීමෙහි යෙදෙන්නා වූ කෙස් ලොම් නිය දත් සිවි වණසටහන් අසුභ වශයෙන් බලන්නාවූ යන අර්ථයි. ඉන්ද්රියෙසු යනු සයාකාර ඉන්ද්රියයන් කෙරෙහිය යනුයි. සුසංවුතං යනු නිමිති ආදිය ගැනීමෙන් වෙන්වූ, වසා දමනලද චක්ෂුරාදි දොරටු ඇති, පමණ නොදැනීමට ප්රතිපක්ෂ වූ, හෝජනයෙහි පමණ දන්නාවූ යන අර්ථයි. භොජනම්භිචමත්තඤ්ඤුංසද්ධං යනු කර්මයාගේද, ඵලයාගේද, ඇදහීම ලකුණුකොට ඇති ලෞකික ශ්‍රද්ධාවෙන්ද, බුද්ධාදි ත්‍රිවිධ වස්තූන් පිළිබඳ අචලප්රසාදය වූ ලොව්තුරු සැදැහැයෙන්ද යුක්ත වූ යන අර්ථයි. ආරද්ධ වීරියං යනු දැඩිව ගත් වීර්ය ඇති, පිරිපුන් වීර්යයයි. තංවෙ යනු එබඳු ආකාර ඇති පුද්ගලයායි. යම්සේ දුබල සුළඟක් සෙමින් වදිමින් ඒකඝන ශෛලපර්වතයක්සොලවන්ට අසමත්වෙයිද, එසේ අභ්‍යන්තරයෙහි උපදනා කෙලෙස් මාරතෙම එබඳු පුද්ගලයා වසඟ කරගන්නට අපොහොසත්වෙයි. කලඹන්ට සොලවන්ට නොහැකිවෙයි.
තාපි ඛො තස්ස පුරාණදුතියිකායො ථෙරං පරිවාරෙත්වා “ත්වං කං ආපුච්ඡිත්වා පබ්බජිතො, ඉදානි ගිහී භවිස්සසි න භවිස්සසී”තිආදීනි වත්වා කාසාවං නීහරිතුකාමා අහෙසුං. ථෙරො තාසං ආකාරං සල්ලක්ඛෙත්වා නිසින්නාසනා වුට්ඨාය ඉද්ධියා උප්පත්තිත්වා කූටාගාරකණ්ණිකං ද්විධා භින්දිත්වා ආකාසෙනාගන්ත්වා සත්ථරි ගාථා පරියොසාපෙන්තෙයෙව සත්ථු සුවණ්ණවණ්ණං සරීරං අභිත්ථවන්තො ආකාසතො ඔතරිත්වා තථාගතස්ස පාදෙ වන්දි.
උන්වහන්සේගේ පැරණි (ද්විතීයිකා) දෙවැන්නියෝත් තෙරුන් පිරිවරා ඔබ කාගෙන් අසා පැවිදි වූයෙහිද, දැන් ගිහිවෙනවා නොවේද ආදිය අසමින් හැඳ සිටි කහවත් පැහැර ගනු කැමති වූහ. තෙරණුවෝ ඔවුන්ගේ අදහස් දැනගෙන හුන් අසුනින් නැගිට ඍද්ධියට පැනනැග කුළුගෙහි කැණිමඩල බිඳගෙන අහසින් අවුත් බුදුන් දෙසමින් සිටි ගාථාව කෙළවරකරන විටම බුදුන්ගේ රන්වන් සිරුරට ස්තූති කරමින් බැස බුදුන්ගේ පා වැන්දේය.
ගාථාපරියොසානෙ සම්පත්තභික්ඛූ සොතාපත්තිඵලාදීසු පතිට්ඨහිංසූති.
ගාථා කෙළවර පැමිණි භික්ෂුහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
මහාකාළත්ථෙරවත්ථු ඡට්ඨං.
සයවන චූළකාල-මහාකාල වස්තුවයි.