9-10. දෙවදත්තවත්ථු අට්ඨකථා
9-10. දෙවදත්තවත්ථු
9-10. දේවදත්ත වස්තුව
අනික්කසාවොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජගහෙ දෙවදත්තස්ස කාසාවලාභං ආරබ්භ කථෙසි.
‘අනික්කසාවො’ යනාදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩ වසන සමයෙහි රජගහනුවර දෙව්දතුන්ගේ කාෂායවස්ත්‍ර ලාභයක් අරහයා දේශනාකරනලදි.
එකස්මිඤ්හි සමයෙ ද්වෙ අග්ගසාවකා පඤ්චසතෙ පඤ්චසතෙ අත්තනො අත්තනො පරිවාරෙ ආදාය සත්ථාරං ආපුච්ඡිත්වා වන්දිත්වා ජෙතවනතො රාජගහං අගමංසු. රාජගහවාසිනො ද්වෙපි තයොපි බහූපි එකතො හුත්වා ආගන්තුකදානං අදංසු.
එක් කලෙක අගසවු දෙනම පන්සීය බැගින් වූ තම තමන්ගේ පිරිවර භික්ෂූන්ද කැටුව බුදුන්ගෙන් අවසර ලබා දෙව්රමින් පිටත්ව රජගහනුවරට ගියහ. රජගහනුවර වැසි දෙදෙනා තුන්දෙනා හෝ බොහෝදෙනා එකතුව ආගන්තුක දාන දුන්හ.
අථෙකදිවසං ආයස්මා සාරිපුත්තො අනුමොදනං කරොන්තො “උපාසකා එකො සයං දානං දෙති, පරං න සමාදපෙති, සො නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ භොගසම්පදං ලභති, නො පරිවාරසම්පදං. එකො සයං න දෙති, පරං සමාදපෙති, සො නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ පරිවාරසම්පදං ලභති, නො භොගසම්පදං. එකො සයම්පි න දෙති, පරම්පි න සමාදපෙති, සො නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ කඤ්ජිකමත්තම්පි කුච්ඡිපූරං න ලභති, අනාථො හොති නිප්පච්චයො. එකො සයම්පි දෙති, පරම්පි සමාදපෙති, සො නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ අත්තභාවසතෙපි අත්තභාවසහස්සෙපි අත්තභාවසතසහස්සෙපි භොගසම්පදඤ්චෙව පරිවාරසම්පදඤ්ච ලභතී”ති එවං ධම්මං දෙසෙසි.
ඉක්බිති දිනක ආයුෂ්මත් සැරියුත් ස්ථවිරයන්වහන්සේ අනුමෝදනාවක් කරමින් උපාසකවරුනි, එක් පුද්ගලයෙක් තමන් දන් දෙයි. අනුන් ඊට සම්මාදන් කරනොගනියි. හෙතෙම උපනුපන් තන්හි හෝගසම්පත් ලබයි. පිරිවර සම්පත් නොලබයි. එකෙක් තමන් නොදෙයි. අනුන් සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝග සම්පත් නොලබයි. එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. හෙතෙම උපනුපන් තන්හි කැඳ ටිකත් පවා නොලබයි. අනාථවූ ප්‍රත්‍යය නොලබන්නෙක් වෙයි. එකෙක් තමනුත් දන් දෙයි, අනුනුත් ඊට සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තැන්වල ආත්මභාව සියගණන් දහස්ගණන් ලක්ෂ ගණන්වලදී භවභෝග සම්පත් මෙම පරිවාර සම්පාද ලබන්නේයයි දහම් දෙසූහ.
තමෙකො පණ්ඩිතපුරිසො ධම්මං සුත්වා “අච්ඡරියා වත භො, අබ්භුතා වත භො ධම්මදෙසනා, සුකාරණං කථිතං, මයා ඉමාසං ද්වින්නං සම්පත්තීනං නිප්ඵාදකං කම්මං කාතුං වට්ටතී”ති චින්තෙත්වා – “භන්තෙ, ස්වෙ මය්හං භික්ඛං ගණ්හථා”ති ථෙරං නිමන්තෙසි. “කිත්තකෙහි තෙ භික්ඛූහි අත්ථො උපාසකා”ති. “කිත්තකා පන වො, භන්තෙ, පරිවාරා”ති? “සහස්සමත්තා උපාසකා”ති. “සබ්බෙහි සද්ධිංයෙව ස්වෙ භික්ඛං ගණ්හථ, භන්තෙ”ති. “ථෙරො අධිවාසෙසි”.
ඒ පිරිස මැද සිටි එක් ඥානවන්ත පුරුෂයෙක් මේ බණ අසා සිට, ධර්ම දේශනාව අසිරිමත්ය, හොඳ කරුණක් කියන ලදැයි කියා, මා විසින් මේ කියන ලද දෙයාකාර සම්පත්ම ලැබෙන පිනක් කළයුතුයයි සිතා, ස්වාමීනි, හෙට මගේ දානය පිළිගනු මැනවයි තෙරණුවන්ට ආරාධනාකෙළේය. උපාසකය, ඔබට කොපමණ භික්ෂූන් අවශ්‍යද? ස්වාමීනි, ඔබේ පිරිවර කෙතෙක්ද, උපාසකය, දහසක් පමණය. ස්වාමීනි, ඒ සියලුදෙනාත් සමඟම මගේ ආරාධනය පිළිගනු මැනවි. තෙරණුවෝ ආරාධනය පිළිගත්හ.
උපාසකො නගරවීථියං චරන්තො – “අම්මා, තාතා, මයා භික්ඛුසහස්සං නිමන්තිතං, තුම්හෙ කිත්තකානං භික්ඛූනං භික්ඛං දාතුං සක්ඛිස්සථ, තුම්හෙ කිත්තකාන”න්ති සමාදපෙසි. මනුස්සා අත්තනො අත්තනො පහොනකනියාමෙන – “මයං දසන්නං දස්සාම, මයං වීසතියා, මයං සතස්සා”ති ආහංසු. උපාසකො – “තෙන හි එකස්මිං ඨානෙ සමාගමං කත්වා එකතොව පරිවිසිස්සාම, සබ්බෙ තිලතණ්ඩුලසප්පිමධුඵාණිතාදීනි සමාහරථා”ති එකස්මිං ඨානෙ සමාහරාපෙසි.
උපාසකතෙම නුවර වීථිවල ඇවිදිමින් මවුපියවරුනි, මම භික්ෂූන් දහසකට දානය සඳහා ආරාධනා කෙළෙමි. ඔබට භික්ෂුන් කීනමකට දන් දියහැකිද, ඔබ කීනමකට දැ’යි සම්මාදම් කළේය. මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්, අපි දහනමකට දෙන්නෙමු, අපි විසිනමකට, අපි සියනමකට ආදි වශයෙන් භාරගත්හ. උපාසකතෙම, එසේ නම් එක් තැනකට එකතු වී එකටම දානය පිසන්නෙමුයයි සියල්ලෝම දාන උපකරණත් සමඟ එක් තැනකට රැස්කරවූහ.
අථස්ස එකො කුටුම්බිකො සතසහස්සග්ඝනිකං ගන්ධකාසාවවත්ථං දත්වා – “සචෙ තෙ දානවත්තං නප්පහොති, ඉදං විස්සජ්ජෙත්වා යං ඌනං, තං පූරෙය්යාසි. සචෙ පහොති, යස්සිච්ඡසි, තස්ස භික්ඛුනො දදෙය්යාසී”ති ආහ. තදා තස්ස සබ්බං දානවත්තං පහොසි, කිඤ්චි ඌනං නාම නාහොසි. සො මනුස්සෙ පුච්ඡි – “ඉදං, අය්යා, කාසාවං එකෙන කුටුම්බිකෙන එවං නාම වත්වා දින්නං අතිරෙකං ජාතං, කස්ස නං දෙමා”ති.
ඉන්පසු එක් කෙළෙඹියෙක් ලක්ෂයක් අගනා සුවඳ කසාවතක් ගෙනවුත් දී යම් විදියකින් ඔබේ දන්වැටට අඩුපාඩුවක් වුවහොත් මෙය විකුණා අඩුපාඩු පිරිමසා ගන්න. අඩුපාඩුවක් නූනොත් මෙය තමන් කැමති හිමිනමකට පූජා කරන්නැයි කීවේය. ඔහුගේ දන්වැට සියල්ලෙන් සම්පූර්ණ විය. කිසිදු අඩුපාඩුවක් නොවීය. ඔහු පිරිස අමතා, පින්වතුනි, මේ කසාවත එක් කෙළඹියෙක් මට දුන්නේය. දැන් මෙය ඉතිරිව තිබෙයි. මෙය කාට දෙන්නෙමුදැයි ඇසීය.
එකච්චෙ “සාරිපුත්තත්ථෙරස්සා”ති ආහංසු. එකච්චෙ “ථෙරො සස්සපාකසමයෙ ආගන්ත්වා ගමනසීලො, දෙවදත්තො අම්හාකං මඞ්ගලාමඞ්ගලෙසු සහායො උදකමණිකො විය නිච්චං පතිට්ඨිතො, තස්ස තං දෙමා”ති ආහංසු. සම්බහුලිකාය කථායපි “දෙවදත්තස්ස දාතබ්බ”න්ති වත්තාරො බහුතරා අහෙසුං, අථ නං දෙවදත්තස්ස අදංසු. සො තං ඡින්දිත්වා සිබ්බිත්වා රජිත්වා නිවාසෙත්වා පාරුපිත්වා විචරති. තං දිස්වා මනුස්සා “නයිදං දෙවදත්තස්ස අනුච්ඡවිකං, සාරිපුත්තත්ථෙරස්ස අනුච්ඡවිකං. දෙවදත්තො අත්තනො අනනුච්ඡවිකං නිවාසෙත්වා පාරුපිත්වා විචරතී”ති වදිංසු.
ඇතැම්හු, එය සැරියුත් හිමියන්ට දෙමු, තවත් අය මේ සැරියුත්හිමියෝ අස්වනු පැසෙන කාලයේ අවුත් ආපසු වඩින්නාහුය, මේ දෙව්දත් හිමියෝ අපේ මංගල අමංගලාදි හැම අවස්ථාවලදීම අපට සහාය වෙති. දිය පුරවා තබන මහසැළියක් මෙන් නිරන්තරයෙන් අප සමඟ සිටිති. උන්වහන්සේට දෙමු යයි කීහ. සියලු දෙනාගේ කථාවෙන් දෙව්දත්හිමියන්ට දෙමු කියන්නෝ බහුතරයක් වූහ. අනතුරුව එය දෙව්දත් හිමියන්ට පූජා කළාහුය. දෙව්දත්තෙරණුවෝ එය කපා මසා රඳන් කොට (පඬු පොවා) හැඳ පෙරවාගෙන ඒමේ අත හැසුරුණාහ. ඒ දුටු මිනිස්සු මෙය දෙව්දතුන්ට නුසුදුසුය. සැරියුත් හිමියන්ටම සුදුසුය. දෙව්දත්තෙරණුවෝ තමන්ට නොගැළපෙන්නක් හැඳ පෙරව හැසිරෙතියි කියන්ටවූහ.
අථෙකො දිසාවාසිකො භික්ඛු රාජගහා සාවත්ථිං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා කතපටිසන්ථාරො සත්ථාරා ද්වින්නං අග්ගසාවකානං ඵාසුවිහාරං පුච්ඡිතො ආදිතො පට්ඨාය සබ්බං තං පවත්තිං ආරොචෙසි. සත්ථා “න ඛො භික්ඛු ඉදානෙවෙසො අත්තනො අනනුච්ඡවිකං වත්ථං ධාරෙති, පුබ්බෙපි ධාරෙසියෙවා”ති වත්වා අතීතං ආහරි –
ඉක්බිති එක් දිසාවාසී භික්ෂුනමක් රජගහනුවර සිට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ තොරතුරු කථාකරමින් සිටින අතර බුදුරජාණන්වහන්සේ විසින් අගසවු දෙනමගේ සැප විහරණ පිළිබඳව විචාරනලදුව මුලපටන් සියලු පුවත් දන්වා සිටියේය. බුදුහු, මහණ, දෙව්දත් තමන්ට නොගැළපෙන වස්ත්‍ර දරා සිටියේ අද පමණක් නොවෙයි. පෙරත් එසේ දැරුවේමයයි වදාරා මේ ඉකුත්වන ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බාරාණසිවාසී එකො හත්ථිමාරකො හත්ථිං මාරෙත්වා මාරෙත්වා දන්තෙ ච නඛෙ ච අන්තානි ච ඝනමංසඤ්ච ආහරිත්වා වික්කිණන්තො ජීවිතං කප්පෙති. අථෙකස්මිං අරඤ්ඤෙ අනෙකසහස්සා හත්ථිනො ගොචරං ගහෙත්වා ගච්ඡන්තා පච්චෙකබුද්ධෙ දිස්වා තතො පට්ඨාය ගච්ඡමානා ගමනාගමනකාලෙ ජණ්ණුකෙහි නිපතිත්වා වන්දිත්වා පක්කමන්ති. එකදිවසඤ්හි හත්ථිමාරකො තං කිරියං දිස්වා – “අහං ඉමෙ කිච්ඡෙන මාරෙමි, ඉමෙ ච ගමනාගමනකාලෙ පච්චෙකබුද්ධෙ වන්දන්ති, කිං නු ඛො දිස්වා වන්දන්තී”ති චින්තෙන්තො – “කාසාව”න්ති සල්ලක්ඛෙත්වා, “මයාපි ඉදානි කාසාවං ලද්ධුං වට්ටතී”ති චින්තෙත්වා එකස්ස පච්චෙකබුද්ධස්ස ජාතස්සරං ඔරුය්හ න්හායන්තස්ස තීරෙ ඨපිතෙසු කාසාවෙසු චීවරං ථෙනෙත්වා තෙසං හත්ථීනං ගමනාගමනමග්ගෙ සත්තිං ගහෙත්වා සසීසං පාරුපිත්වා නිසීදති.
අතීතයෙහි බරණැස බ්‍රහ්මදත්ත නම් රජ රාජ්‍යය කරන කල්හි එක් ඇතුන්මරන්නෙක් ඇතුන් මරමරා දළද, නියද, බඩවැල්ද, ඝනමස්ද ගෙනගොස් විකුණා ජීවත්විය. දිනක් කැලෑවෙහි දහස් ගණන් ඇත්තු ආහාර ගෙන යන අතර එක් පසේබුදුවරයකු දැක, එතැන් පටන් එතනින් යනඑනවිට දණින් වැටී වැඳ යති. දිනක් ඇත්මරුවා මෙය දැක මම මේ ඇතුන් අමාරුවෙන් මරා ගනිමි. මේ ඇත්තු යනඑන හැමවිටමේ පසේබුදුන් වඳිති. කුමක් දැක එසේ වඳින්නාහුදැයි සිතන්නේ කාෂාය වස්ත්‍රය නිසායයි සලකා මාත් කහ සිවුරක් සොයාගත යුතුයයි සිතා එක් පසේබුදුනමක් පොකුණට බැස නාන අතරතුරෙහි ඉවුරේ තිබුණු සිවුරු සොරකම්කොට ඇතුන් යනඑන මඟෙහි ආයුධයක්ද රැගෙන හිස පටන් සිවුරු පෙරවාගෙන සිටියේය.
හත්ථිනො තං දිස්වා – “පච්චෙකබුද්ධො”ති සඤ්ඤාය වන්දිත්වා පක්කමන්ති. සො තෙසං සබ්බපච්ඡතො ගච්ඡන්තං සත්තියා පහරිත්වා මාරෙත්වා දන්තාදීනි ගහෙත්වා සෙසං භූමියං නිඛණිත්වා ගච්ඡති. අපරභාගෙ බොධිසත්තො හත්ථියොනියං පටිසන්ධිං ගහෙත්වා හත්ථිජෙට්ඨකො යූථපති අහොසි. තදාපි සො තථෙව කරොති. මහාපුරිසො අත්තනො පරිසාය පරිහානිං ඤත්වා, “කුහිං ඉමෙ හත්ථී ගතා, මන්දා ජාතා”ති පුච්ඡිත්වා, “න ජානාම, සාමී”ති වුත්තෙ, “කුහිඤ්චි ගච්ඡන්තා මං අනාපුච්ඡිත්වා න ගමිස්සන්ති, පරිපන්ථෙන භවිතබ්බ”න්ති වත්වා, “එකස්මිං ඨානෙ කාසාවං පාරුපිත්වා නිසින්නස්ස සන්තිකා පරිපන්ථෙන භවිතබ්බ”න්ති පරිසඞ්කිත්වා, “තං පරිග්ගණ්හිතුං වට්ටතී”ති සබ්බෙ හත්ථී පුරතො පෙසෙත්වා සයං පච්ඡතො විලම්බමානො ආගච්ඡති. සො සෙසහත්ථීසු වන්දිත්වා ගතෙසු මහාපුරිසං ආගච්ඡන්තං දිස්වා චීවරං සංහරිත්වා සත්තිං විස්සජ්ජි. මහාපුරිසො සතිං උප්පට්ඨපෙත්වා ආගච්ඡන්තො පච්ඡතො පටික්කමිත්වා සත්තිං විවජ්ජෙසි. අථ නං “ඉමිනා ඉමෙ හත්ථී නාසිතා”ති ගණ්හිතුං පක්ඛන්දි. ඉතරො එකං රුක්ඛං පුරතො කත්වා නිලීයි. අථ “නං රුක්ඛෙන සද්ධිං සොණ්ඩාය පරික්ඛිපිත්වා ගහෙත්වා භූමියං පොථෙස්සාමී”ති තෙන නීහරිත්වා දස්සිතං කාසාවං දිස්වා – “සචාහං ඉමස්මිං දුබ්භිස්සාමි, අනෙකසහස්සෙසු මෙ බුද්ධපච්චෙකබුද්ධඛීණාසවෙසු ලජ්ජා නාම භින්නා භවිස්සතී”ති අධිවාසෙත්වා – “තයා මෙ එත්තකා ඤාතකා නාසිතා”ති පුච්ඡි. “ආම, සාමී”ති. “කස්මා එවං භාරියකම්මමකාසි, අත්තනො අනනුච්ඡවිකං වීතරාගානං අනුච්ඡවිකං වත්ථං පරිදහිත්වා එවරූපං කම්මං කරොන්තෙන භාරියං තයා කත”න්ති. එවඤ්ච පන වත්වා උත්තරිපි නං නිග්ගණ්හන්තො “අනික්කසාවො කාසාවං…පෙ… ස වෙ කාසාවමරහතී”ති ගාථං වත්වා – “අයුත්තං තෙ කත”න්ති වත්වා තං විස්සජ්ජෙසි.
ඇත්තු ඔහු දැක මේත් පසේ බුදුවරයෙකියි සිතා දණ නමා වැඳ යති. ඇත්මරුවා යන ඇතුන්ගෙන් සියල්ලන්ටම පසුව යන ඇතා ආයුධයෙන් ගසා මරා දළ ආදිය රැගෙන සෙසු කොටස් වළදමා යයි. පසු කලෙක බෝසතාණන්වහන්සේ ඇත්යෝනියෙහි ඉපිද සියලූ ඇතුන්ට ජ්‍යෙෂ්ඨ නායකයාවූහ. එකලත් ඇත්මරුවා පෙර පරිදිම ඇතුන් මැරුවේය. බෝසත් ඇතා තම පිරිසේ අඩුවීම දැක, මේ ඇත්තු කොහි ගියාහුද, අඩු වී යන්නේ ඇයිදැයි විචාරා ස්වාමීනි, අපි නොදන්නෙමු යයි කී කල්හි, කොහේ ගියත් මාගෙන් නාසා නොයෙති, කුමක් හෝ උවදුරක් විය යුතු යයි සිතා කසාවත් හැඳ එක් තැනෙක සිටින්නාගෙන් මේ උවදුර සිදුවිය හැකියයි සැකකොට එය අල්ලාගතයුතුයයි සියලු ඇතුන් පෙරටුව යවා තෙමේ පසුපසින් කල් ගත කරමින් එයි. ඇත්මරුවා සෙසු ඇතුන් වැඳ ගිය කල්හි එන්නාවූ බෝසත් ඇතු දැක සිවුර හකුළා තබා ආයුධය ගෙන පහරක් දුන්නේය. බෝසත්ඇත්තෙම සිහි උපදවාගෙන ආ නිසා පසුපස්සට පැන ආයුධපහර වළක්වා ගත්තේය. පසුව මොහු විසින් මගේ ඇතුන් නසන ලදැයි ඔහු අල්වා ගැනීමට ඔහු වෙත පැන්නේය. අනිකා එක් ගසකට මුවාවී සැඟවුණේය. ඉන්පසු ඔහු ගසත් සමඟම සොඬෙන් වටකොට අල්වා ගෙන, පොළොවේ ගසන්නෙමියි සිතනවාත් සමඟම ඇත්මරුවා සිවුර අතින් ගෙනහැර පෑවේය. ඉතින් මම මූට ද්වේෂ කළොත් නොයෙක් දහස් ගණන් පසේ බුදුවරයන් කෙරෙහි මගේ පවත්නා සැදැහැය සහ ලජ්ජාභය දෙක බිඳගත්තා නම් වෙයි. මෙසේ සිතා තෝ මගේ මෙපමණ නෑයන් නැසුයෙහිදැයි ඇසීය. එසේය ස්වාමීනි කීකල, කුමක් නිසා මේ බැරෑරුම් අපරාධය කෙළේද, තමන්ට නුසුදුසු රහතුන්ට සුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන මෙබඳු දෙයක් කරන තා බැරෑරුම් පාපකර්මයක් කරනලද්දේයයි තව දුරටත්නිග්රහ කරමින් අනික්කසාවො ආදි ගාථාව කියා තෝ අකටයුත්තක්ම කෙළේයයි කීව්වේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා, “තදා හත්ථිමාරකො දෙවදත්තො අහොසි, තස්ස නිග්ගාහකො හත්ථිනාගො අහමෙවා”ති ජාතකං සමොධානෙත්වා, “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො අත්තනො අනනුච්ඡවිකං වත්ථං ධාරෙසියෙවා”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුරජාණන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා එකල ඇත්මරුවා දෙව්දත්ය. ඔහුට නිග්‍රහ කළ ඇත්රජ නම් මමමයයි ජාතකය ගළපා, මහණෙනි, දෙව්දත් මෙකල නොව එකලත් නුසුදුසු වස්ත්‍ර දැරුවේයයි මේ ගාථාද වදාළහ:
“අනික්කසාවො කාසාවං, යො වත්ථං පරිදහිස්සති; අපෙතො දමසච්චෙන, න සො කාසාවමරහති.
කෙලස්කසටින් යුතුනම් ඉඳුරන් දමා නැත්නම් සත්‍යයෙන් තොර නම් ඔහු කහවතට නුසුදුසු වේ
“යො ච වන්තකසාවස්ස, සීලෙසු සුසමාහිතො; උපෙතො දමසච්චෙන, ස වෙ කාසාවමරහතී”ති.
කෙලෙස් කසටත් හැරලු සිල්වත් කමින් යුතුවූ ඉඳුරු දමනය කර ඇති අය කහවතට උචිතය
ඡද්දන්තජාතකෙනාපි (ජා· 1.16.122-123) ච අයමත්ථො දීපෙතබ්බො.
ඡද්දන්ත ජාතකයෙනුත් මේ අදහසම ගෙනහැර දැක්විය යුතුය.
තත්ථ අනික්කසාවොති රාගාදීහි කසාවෙහි සකසාවො. පරිදහිස්සතීති නිවාසනපාරුපනඅත්ථරණවසෙන පරිභුඤ්ජිස්සති. පරිධස්සතීතිපි පාඨො. අපෙතො දමසච්චෙනාති ඉන්ද්රියදමෙන චෙව පරමත්ථසච්චපක්ඛිකෙන වචීසච්චෙන ච අපෙතො, වියුත්තො පරිච්චත්ථොති අත්ථො. න සොති සො එවරූපො පුග්ගලො කාසාවං පරිදහිතුං නාරහති. වන්තකසාවස්සාති චතූහි මග්ගෙහි වන්තකසාවො ඡඩ්ඩිතකසාවො පහීනකසාවො අස්ස. සීලෙසූති චතුපාරිසුද්ධිසීලෙසු. සුසමාහිතොති සුට්ඨු සමාහිතො සුට්ඨිතො. උපෙතොති ඉන්ද්රියදමෙන චෙව වුත්තප්පකාරෙන ච සච්චෙන උපගතො. ස වෙති සො එවරූපො පුග්ගලො තං ගන්ධකාසාවවත්ථං අරහතීති.
ඒ ගාථාවන්හි අනික්කසාවො යනු කාමරාගාදි චිත්තක්ලේශවලින් කිලිටිවූයේය යන අර්ථයි. පරිදහෙස්සති යනු ඇඳීම පෙරවීම ඇතිරීම ආදි වශයෙන් පරිභෝග කිරීමයි. පරිදහිස්සති යනුවෙන් පාඨයකුදු ඇත. අපෙතො දමසච්චෙන යනු ඉන්ද්රිය දමනයෙනුත් පරමාර්ථ සත්‍ය පක්ෂයෙහිවූ වාක්සත්යයෙනුත් පහවූයේ වෙන්වූයේ හැරදැමූයේ යන අර්ථයි.න සො යනු ඒ එබඳු පුද්ගලයා කසාවත් දැරීමට නුසුදුසුයි. වන්තකසාවස්ස යනු චතුරාර්ය සත්‍ය මාර්ගයෙන් වමනය කොට දැමූ කෙලෙස් ඇති, ඉවතට විසිකළ කෙලෙස් ඇති, ප්‍රහීණ කළ කෙලෙස් ඇති ඒ පුද්ගලයාට යන අර්ථයි. සීලෙසු යනු ඉන්ද්රිය සංවරාදි සිවුපිරිසිදු සිල්හි යනාර්ථයි. සුසමාහිතො යනු මැනවින් සමාදන් වූයේ මැනවින් එහි පිහිටියේය යන අර්ථයි. උපෙතො යනු ඉන්ද්රිය දමනයෙන් මෙන්ම යට සඳහන් කළ පරිදි සත්‍යයට පැමිණියේ යන අර්ථයි. ස වෙ යනු ඒ එබඳු ආකාර ඇති පුද්ගලයායි. ඒ පුද්ගලයා සුවඳ කසාවත් හැඳීමට සුදුස්සෙකි.
ගාථාපරියොසානෙ සො දිසාවාසිකො භික්ඛු සොතාපන්නො අහොසි, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
ගාථා කෙළවර ඒ දිසාවැසි භික්ෂුව සෝවාන්විය. වෙනත් බොහෝ අයද සෝවාන් ආදි ඵලයන්හි පිහිටියාහුය. දේශනාව මහාජනයාට ප්‍රයෝජනවත්විය.
දෙවදත්තවත්ථු සත්තමං.
සත්වන දේවදත්ත වස්තුවයි.