යෙදුමෙන් කියවන්න

11-12. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

11-12. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

11-12. අගසවු වස්තුව

අසාරෙ සාරමතිනොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො අග‍්ගසාවකෙහි නිවෙදිතං සඤ‍්චයස‍්ස අනාගමනං ආරබ‍්භ කථෙසි.

‘අසාරෙ සාරමතිනො’ ආදි මේ ධර්ම දේශනාව බුදුන් වේළුවනයෙහි වාසයකරන කාලයෙහි අගසව්වන් විසින් දන්වන ලද නමුත් සංජයගේ නොපැමිණීම අරභයා දේශනා කරන ලදි.

තත්‍රායං අනුපුබ‍්බිකථා – අම‍්හාකඤ‍්හි සත්‍ථා ඉතො කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ අමරවතියා නාම නගරෙ සුමෙධො නාම බ්‍රාහ‍්මණකුමාරො හුත්‍වා සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත්‍වා මාතාපිතූනං අච‍්චයෙන අනෙකකොටිසඞ‍්ඛ්‍යං ධනං පරිච‍්චජිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වසන‍්තො ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්තො දීපඞ‍්කරදසබලස‍්ස සුදස‍්සනවිහාරතො රම‍්මවතීනගරං පවිසනත්‍ථාය මග‍්ගං සොධයමානං ජනං දිස‍්වා සයම‍්පි එකං පදෙසං ගහෙත්‍වා මග‍්ගං සොධෙති. තස‍්මිං අසොධිතෙයෙව ආගතස‍්ස සත්‍ථුනො අත‍්තානං සෙතුං කත්‍වා කලලෙ අජිනචම‍්මං අත්‍ථරිත්‍වා “සත්‍ථා සසාවකසඞ‍්ඝො කලලං අනක‍්කමිත්‍වා මං අක‍්කමන‍්තො ගච‍්ඡතූ”ති නිපන‍්නො.

මේ එහි අනුපිළිවෙළ කථාවයි. අප බුදුන් මෙයින් චතුරාසංඛ්‍යකල්පලක්ෂයකටත් අධික කාලයක් අමරවතී නම් නුවර සුමේධ නම් බ්‍රාහ්මණ කුමරෙක්ව, සියලු ශිල්පයන්හි පරතෙරට පත්ව, මවුපියන්ගේ ඇවෑමෙන් නොයෙක් කෝටි සංඛ්‍යාත ධන පරිත්‍යගකොට ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥාලාභීව හිමවතෙහි වාසයකෙළේය. දිනක් මේ තවුස්තෙමේ අහසින් යන්නේ දීපංකර දසබලයන්වහන්සේට සුදසුන් විහාරයේ සිට රම්ම නගරයට පිවිසෙනු සඳහා මාර්ගය පිළිසකර කරන ජනයා දැක, තමනුත් එයින් මාර්ග කොටසක් භාරගෙන එය නිමවීමටත් කලින් වැඩමවූ බුදුරදුන්ට, තමන් ඒදණ්ඩක්කොට මඩෙහි වැතිරී, ශ්‍රාවක සංඝයා සමඟ බුදුරජාණන්වහන්සේ මඩ නොපාගා, මා පාගාගෙන වඩිනා සේක්වායි බිම දිගාවී වැදහොත්තේය.

සත්‍ථාරා තං දිස‍්වාව “බුද‍්ධඞ‍්කුරො එස, අනාගතෙ කප‍්පසතසහස‍්සාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං පරියොසානෙ ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකතො. තස‍්ස සත්‍ථුනො අපරභාගෙ “කොණ‍්ඩඤ‍්ඤො මඞ‍්ගලො සුමනො රෙවතො සොභිතො අනොමදස‍්සී පදුමො නාරදො පදුමුත‍්තරො සුමෙධො සුජාතො පියදස‍්සී අත්‍ථදස‍්සී ධම‍්මදස‍්සී සිද‍්ධත්‍ථො තිස‍්සො ඵුස‍්සො විපස‍්සී සිඛී වෙස‍්සභූ කකුසන්‍ධො කොණාගමනො කස‍්සපො”ති ලොකං ඔභාසෙත්‍වා උප‍්පන‍්නානං ඉමෙසම‍්පි තෙවීසතියා බුද‍්ධානං සන‍්තිකෙ ලද‍්ධබ්‍යාකරණො, “දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්‍ථපාරමියො”ති සමත‍්තිංස පාරමියො පූරෙත්‍වා වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨිතො පථවිකම‍්පනානි මහාදානානි දත්‍වා පුත‍්තදාරං පරිච‍්චජිත්‍වා ආයුපරියොසානෙ තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා දස සහස‍්සචක‍්කවාළදෙවතාහි සන‍්නිපතිත්‍වා –

බුදුරජාණන්වහන්සේ ඔහු දුටු ගමන්ම මේ බුද්ධංකුරයෙකි. අනාගතයේ මෙයින් චතුරාසංඛ්‍යකල්ප ලක්ෂයක් ගියතැන මොහු ගෞතම නමින් බුදුවන්නේයයි ප්‍රකාශ කළහ. ඒ දීපංකර බුදුන්ගෙන් පසුව කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුනීත, පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ථුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප යනුවෙන් ලොව ආලෝකමත් කරමින් උපදින්නාවූ තෙවිසි බුදුවරුන් සමීපයෙන් විවරණ ලබා දසපාරමී දස උපපාරමී දසපරමාර්ථපාරමී වශයෙන් සමතිසක් පාරමීන් සපුරා වෙස්සන්තර ආත්මභාවයෙහිදී පොළොව කම්පා කරවමින් මහදන්දී අඹුදරුවනුත් පරිත්‍යාගකොට ආයුකෙළවර තුසීපුරයෙහි ඉපද ආයු ඇතිතාක් එහි සිට දසදහසක් සක්වළ දෙවියන් රැස්ව,

“කාලො දෙව මහාවීර, උප‍්පජ‍්ජ මාතුකුච‍්ඡියං; සදෙවකං තාරයන‍්තො, බුජ‍්ඣස‍්සු අමතං පද”න‍්ති. (බු· වං· 1.67) –

මහාවීරයාණනි, මවුකුස ඉපදුමට මේ සුදුසු කාලයයි එහෙයින් මෙලොව ඉපිද දෙවියන් සහිත තුන්ලොව නිවනට පමුණුවනු මැනවි

වුත‍්තෙ –

“කාලං දෙසඤ‍්ච දීපඤ‍්ච, කුලං මාතරමෙව ච; ඉමෙ පඤ‍්ච විලොකෙත්‍වා, උප‍්පජ‍්ජති මහායසො”ති. –

[missing trans]

පඤ‍්ච මහාවිලොකනානි විලොකෙත්‍වා තතො චුතො සක්‍යරාජකුලෙ පටිසන්‍ධිං ගහෙත්‍වා දසමාසච‍්චයෙන මාතුකුච‍්ඡිතො විජායි. සොළසවස‍්සකාලෙ තත්‍ථ මහාසම‍්පත‍්තියා පරිහරියමානො අනුක‍්කමෙන භද්‍රයොබ‍්බනං පත්‍වා තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙසු තීසු පාසාදෙසු දෙවලොකසිරිං විය රජ‍්ජසිරිං අනුභවන‍්තො උය්‍යානකීළාය ගමනසමයෙ අනුක‍්කමෙන ජිණ‍්ණබ්‍යාධිමතසඞ‍්ඛාතෙ තයො දෙවදූතෙ දිස‍්වා සඤ‍්ජාතසංවෙගො නිවත‍්තිත්‍වා චතුත්‍ථවාරෙ පබ‍්බජිතං දිස‍්වා, “සාධු පබ‍්බජ‍්ජා”ති පබ‍්බජ‍්ජාය රුචිං උප‍්පාදෙත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථ දිවසං ඛෙපෙත්‍වා මඞ‍්ගලපොක‍්ඛරණීතීරෙ නිසින‍්නො කප‍්පකවෙසං ගහෙත්‍වා ආගතෙන විස‍්සකම‍්මෙන දෙවපුත‍්තෙන අලඞ‍්කතපටියත‍්තො රාහුලකුමාරස‍්ස ජාතසාසනං සුත්‍වා පුත‍්තසිනෙහස‍්ස බලවභාවං ඤත්‍වා, “යාව ඉදං බන්‍ධනං න වඩ‍්ඪති, තාවදෙව නං ඡින්‍දිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සායං නගරං පවිසන‍්තො –

යනාදි ක්‍රමයෙන් ආරාධනා කළ කල්හි, පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව ශාක්‍යරාජකුලයෙහි ඉපිද එහි මහ සම්පත් විඳිමින් පිළිවෙළින් පිරිපුන් යොවුන්වියට පැමිණ ඍතුවට ගැළපෙන ප්‍රාසාද තුනක දෙව්ලොව සිරි වැනි රජසිරි අනුභව කොට උයන් කෙළියට යන අතර පිළිවෙළින් ජරාවටත්, රෝගයටත්, මරණයට පත්වූවන් ත්‍රිවිධ දේවදුතයන් සේ දැක, උපන් සංවේග ඇතිව නැවතී සිවුවෙනි වරට පැවිදිරුවක් දැක පැවිද්ද යහපතැයි එහි රුචිය උපදවාගත්හ. එදින එහි ගතකොට මඟුල්පොකුණු තීරයෙහි සිටින අතර, කපුවෙසක් ගෙන එහි පැමිණි විශ්වකර්ම දෙව්පුතුන් විසින් ගෙන එන ලද රාහුලපුත් කුමරු උපන්බව දැක්වෙන පණිවුඩය අතට ගෙන පුත්‍රස්නේහයේ බලවත් බව වටහා ගෙන, එම බන්ධනය මුහුකුරා යෑමට ප්‍රථම මෙය සිඳ දැමිය යුතු යයි සවස නුවරට පිවිසෙන විට

“නිබ‍්බුතා නූන සා මාතා, නිබ‍්බුතො නූන සො පිතා; නිබ‍්බුතා නූන සා නාරී, යස‍්සායං ඊදිසො පතී”ති. –

නිවුණාය ඒ මව නිවුණේය ඒ පියතෙම නිවුණීය ඒ පියළඳ මෙවන් හිමියෙකු ඇති සඳ

කිසාගොතමියා නාම පිතුච‍්ඡාධීතාය භාසිතං ඉමං ගාථං සුත්‍වා, “අහං ඉමාය නිබ‍්බුතපදං සාවිතො”ති මුත‍්තාහාරං ඔමුඤ‍්චිත්‍වා තස‍්සා පෙසෙත්‍වා අත‍්තනො භවනං පවිසිත්‍වා සිරිසයනෙ නිසින‍්නො නිද‍්දොපගතානං නාටකිත්‍ථීනං විප‍්පකාරං දිස‍්වා නිබ‍්බින‍්නහදයො ඡන‍්නං උට‍්ඨාපෙත්‍වා කණ‍්ඩකං ආහරාපෙත්‍වා තං ආරුය‍්හ ඡන‍්නසහායො දසසහස‍්සචක‍්කවාළදෙවතාහි පරිවුතො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනොමානදීතීරෙ පබ‍්බජිත්‍වා අනුක‍්කමෙන රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා පණ‍්ඩවපබ‍්බතපබ‍්භාරෙ නිසින‍්නො මගධරඤ‍්ඤා රජ‍්ජෙන නිමන‍්තියමානො තං පටික‍්ඛිපිත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත්‍වා අත‍්තනො විජිතං ආගමනත්‍ථාය තෙන ගහිතපටිඤ‍්ඤො ආළාරඤ‍්ච උදකඤ‍්ච උපසඞ‍්කමිත්‍වා තෙසං සන‍්තිකෙ අධිගතවිසෙසං අනලඞ‍්කරිත්‍වා ඡබ‍්බස‍්සානි මහාපධානං පදහිත්‍වා විසාඛපුණ‍්ණමදිවසෙ පාතොව සුජාතාය දින‍්නපායසං පරිභුඤ‍්ජිත්‍වා නෙරඤ‍්ජරාය නදියා සුවණ‍්ණපාතිං පවාහෙත්‍වා නෙරඤ‍්ජරාය නදියා තීරෙ මහාවනසණ‍්ඩෙ නානාසමාපත‍්තීහි දිවසභාගං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ සොත‍්තියෙන දින‍්නං තිණං ගහෙත්‍වා කාළෙන නාගරාජෙන අභිත්‍ථුතගුණො බොධිමණ‍්ඩං ආරුය‍්හ තිණානි සන්‍ථරිත්‍වා “න තාවිමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමි, යාව මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං න මුච‍්චිස‍්සතී”ති පටිඤ‍්ඤං කත්‍වා පුරත්‍ථාභිමුඛො නිසීදිත්‍වා සූරියෙ අනත්‍ථඞ‍්ගමිතෙයෙව මාරබලං විධමිත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසඤාණං, මජ‍්ඣිමයාමෙ චුතූපපාතඤාණං පත්‍වා පච‍්ඡිමයාමාවසානෙ පච‍්චයාකාරෙ ඤාණං ඔතාරෙත්‍වා අරුණුග‍්ගමනෙ දසබලචතුවෙසාරජ‍්ජාදිසබ‍්බගුණපටිමණ‍්ඩිතං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ වීතිනාමෙත්‍වා අට‍්ඨමෙ සත‍්තාහෙ අජපාලනිග්‍රොධමූලෙ නිසින‍්නො ධම‍්මගම‍්භීරතාපච‍්චවෙක‍්ඛණෙන අප‍්පොස‍්සුක‍්කතං ආපජ‍්ජමානො දසසහස‍්සචක‍්කවාළමහාබ්‍රහ‍්මපරිවාරෙන සහම‍්පතිබ්‍රහ‍්මුනා ආයාචිතධම‍්මදෙසනො බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙත්‍වා බ්‍රහ‍්මුනො අජ‍්ඣෙසනං අධිවාසෙත්‍වා, “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති ඔලොකෙන‍්තො ආළාරුදකානං කාලකතභාවං ඤත්‍වා පඤ‍්චවග‍්ගියානං භික‍්ඛූනං බහූපකාරතං අනුස‍්සරිත්‍වා උට‍්ඨායාසනා කාසිපුරං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ උපකෙන සද‍්ධිං මන‍්තෙත්‍වා ආසාළ‍්හිපුණ‍්ණමදිවසෙ ඉසිපතනෙ මිගදායෙ පඤ‍්චවග‍්ගියානං වසනට‍්ඨානං පත්‍වා තෙ අනනුච‍්ඡවිකෙන සමුදාචාරෙන සමුදාචරන‍්තෙ සඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛෙ අට‍්ඨාරස බ්‍රහ‍්මකොටියො අමතපානං පායෙන‍්තො ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො පඤ‍්චමියං පක‍්ඛස‍්ස සබ‍්බෙපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨාපෙත්‍වා තං දිවසමෙව යසකුලපුත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා තං රත‍්තිභාගෙ නිබ‍්බින්‍දිත්‍වා ගෙහං පහාය නික‍්ඛන‍්තං දිස‍්වා, “එහි යසා”ති පක‍්කොසිත්‍වා තස‍්මිංයෙව රත‍්තිභාගෙ සොතාපත‍්තිඵලං පාපෙත්‍වා පුනදිවසෙ අරහත‍්තං පාපෙත්‍වා අපරෙපි තස‍්ස සහායකෙ චතුපණ‍්ණාස ජනෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බාජෙත්‍වා අරහත‍්තං පාපෙසි.

යනාදීන් තම නැන්දගේ දුවණිය වූ කිසාගෝතමියගේ නිබ්බුතපද අසා, මෑ මට නිබ්බුතපද ඇස්වීයයි තම මුතුහර මුදා ඈට යවා තම යහන්ගැබට වැද සිරියහනෙහි වැදහොත්තේය. එහිදී නිද්‍රෝපගත (නින්දට වැටුණු) නාටිකාංගනාවන්ගේ නොයෙක් විප්‍රකාර දැක කළකිරී ඡන්න ඇමතිත් සමඟ දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරන ලදුව මහබිනික්මන් කොට අනෝමා නම් නදී තීරයට පැමිණ පැවිදිව ක්‍රමයෙන් රජගහ නුවරට ගොස් එහි පිඬු සිඟා පාණ්ඩව පර්වතප්‍රාන්තයෙහි සිටින විට මගධ රජුන් විසින් රාජ්‍යය භාර ගන්නැයි අයැදි කල එය ප්‍රතික්ෂේප කළහ. බුදුවූ පසු තම විජිතයට එන්නැයි කළ ඇරයුම භාර ගත්හ. ඉන්පසු ආළාර උද්දක යන දෙදෙනා වෙත එළඹුණාහ. ඔවුන්ගෙන් විශේෂ අධිගමයක් නොලද හැකි බව දැන පසුබට නොවී සය වසරක් මහා ප්‍රධන් වීර්ය කොට වෙසක් පුන් පොහෝදා උදැසනම සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා නේරංජරා නදිය වෙත පැමිණියහ. එහිදී රන්පාත්‍රය නදියෙහි පා කොට යවා එම නදීතිරයෙහි මහවන ලැහැබ තුළ නොයෙක් සමවත් සුවෙන් දිවාකල් යවා සවස සොත්ථිය නම් බමුණා දුන් ඊතණ ගෙන කාළ නම් නාරජුන් කළ ගුණ ගායනා අසා මහාබෝමැඩ වෙත එළඹුණහ. එහි තණ අතුරුවා, සියලු කෙලෙසුන්ගෙන් මගේ සිත මිදෙන තුරු, මේ පර්යංකය නොහරින්නෙමියි ප්‍රතිඥා කොට පෙරදිගට මුහුණ ලා හිඳගෙන හිරු බැස යෑමටත් පෙර මාරබල නසා ප්‍රථම යාමයෙහි පුබ්බේනිවාසඥානයත්, මැදුම්යම චුතූපපාතඥානයත්, පැසුළුයම පච්චයාකාරඥානයත් ලබා දශබල චතුර්වෛශාරද්‍යාදි සියලු ගුණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත සර්වඥතාඥානය ද ලබා සත්සතියක් බෝමැඩ ගත කොට අටවෙනි සතියෙහි අජපල්නුගරුක මුල සිටිමින් ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කළසේක. ඉන්පසු දහම් දෙසුමෙහි අල්පෝත්සාහී බවට පැමිණ, දසදහසක් සක්වළ මහාබ්‍රහ්ම පිරිවර සහිතව පැමිණි, සහම්පතී මහබඹහු විසින් ආරාධනා කළ කල්හි, බුදු ඇසින් ලොව බලා, බඹහුගේ ඇරයුම ද පිළිගෙන, ප්‍රථමයෙන්ම කාට දහම් දෙසන්නෙම්දැයි බලා ආළාර උද්දක තවුසන් කළුරිය කොට ඇති බැවින්, පංචවග්ගිය භික්ෂූන්ගේ උපකාර සිහිකොට හුනස්නෙන් නැගිට කාශිපුරයට වඩින ගමන් අතරමඟදි උපක නම් ආජීවකයා සමඟ කථා කොට ඇසළ පුන්පොහෝදින ඉසිපතන මිගදායට, පංචවග්ගිය භික්ෂුන් වසන තැනට එළඹිසේක. එහිදී අනුචිත වචනයෙන් (බුදුන්ට ආවුසො යයි කීම) අමතන ඔවුන්ට තමන් බුදු වූ බැවින් එසේ කථා නොකරන ලෙස හඳුන්වා දී අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ අටළොස් කෙළක් පමණ අයට දහම් අමා පැන් පොවා ධර්මචක්‍ර සූත්‍ර දේශනාව පවත්වා එයින් පස්වෙනි සතියෙහි ඒ සියලු භික්ෂූන් රහත්බවෙහි පිහිටුවා වදාළහ. එදිනම යසකුල පුතුන්ගේ හේතුසම්පත් දැක, එදිනම රෑ කළකිරී ගෙය හැර ගිය ඔහු අමතා, යස මෙහි එන්නැයි අඬගසා ඒ රෑම සෝවාන් ඵලයට පමුණුවා දෙවෙනි දවස රහත්බවටද පමුණුවාලූහ. ඔහුගේ සෙසු සිව්පනස් දෙනෙක් වූ යහළුවන්ද ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කොට රහත්බවෙහිද පිහිටුවාලුහ.

එවං ලොකෙ එකසට‍්ඨියා අරහන‍්තෙසු ජාතෙසු වුට‍්ඨවස‍්සො පවාරෙත්‍වා, “චරථ, භික‍්ඛවෙ, චාරික”න‍්ති සට‍්ඨි භික‍්ඛූ දිසාසු පෙසෙත්‍වා සයං උරුවෙලං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ කප‍්පාසිකවනසණ‍්ඩෙ තිංස ජනෙ භද‍්දවග‍්ගියකුමාරෙ විනෙසි. තෙසු සබ‍්බපච‍්ඡිමකො සොතාපන‍්නො සබ‍්බුත‍්තමො අනාගාමී අහොසි. තෙ සබ‍්බෙපි එහිභික‍්ඛුභාවෙනෙව පබ‍්බාජෙත්‍වා දිසාසු පෙසෙත්‍වා සයං උරුවෙලං ගන‍්ත්‍වා අඩ‍්ඪුඩ‍්ඪානි පාටිහාරියසහස‍්සානි දස‍්සෙත්‍වා උරුවෙලකස‍්සපාදයො සහස‍්සජටිලපරිවාරෙ තෙභාතිකජටිලෙ විනෙත්‍වා එහිභික‍්ඛුභාවෙනෙව පබ‍්බාජෙත්‍වා ගයාසීසෙ නිසීදාපෙත්‍වා ආදිත‍්තපරියායදෙසනාය (මහාව· 54; සං· නි· 4.28) අරහත‍්තෙ පතිට‍්ඨාපෙත්‍වා තෙන අරහන‍්තසහස‍්සෙන පරිවුතො “බිම‍්බිසාරරඤ‍්ඤො දින‍්නං පටිඤ‍්ඤං මොචෙස‍්සාමී”ති රාජගහනගරූපචාරෙ ලට‍්ඨිවනුය්‍යානං ගන‍්ත්‍වා, “සත්‍ථා කිර ආගතො”ති සුත්‍වා ද‍්වාදසනහුතෙහි බ්‍රාහ‍්මණගහපතිකෙහි සද‍්ධිං ආගතස‍්ස රඤ‍්ඤො මධුරධම‍්මකථං කථෙන‍්තො රාජානං එකාදසහි නහුතෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා එකනහුතං සරණෙසු පතිට‍්ඨාපෙත්‍වා පුනදිවසෙ සක‍්කෙන දෙවරාජෙන මාණවකවණ‍්ණං ගහෙත්‍වා අභිත්‍ථුතගුණො රාජගහනගරං පවිසිත්‍වා රාජනිවෙසනෙ කතභත‍්තකිච‍්චො වෙළුවනාරාමං පටිග‍්ගහෙත්‍වා තත්‍ථෙව වාසං කප‍්පෙසි. තත්‍ථ නං සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා උපසඞ‍්කමිංසු.

මෙසේ ලොව එක්සැට නමක් පමණ රහතුන් ඇති වූ කල්හි, වස් වැස වස් පවාරණය කොට “චරථ භික්ඛවේ චාරිකං’ (මහණෙනි, චාරිකාවේ හැසිරෙව්) යයි භික්ෂූන් සැටනම දිසාවලට යවා, තමන් වහන්සේ උරුවේලාවට වඩින අතරමඟවූ කප්පායික වනසණ්ඩයෙහි හද්‍රවර්ගීය කුමාරවරුන් තිදෙනාද හික්මවාලුහ. වැඩිම අධිගමලාභියා අනාගාමී විය. සමහරු සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ සියල්ලන් ද ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කොට දිසා අනුදිසාවලට යවා, තමන්වහන්සේ උරුවේලාවට වැඩ හත්සිය පනහක් පමණ ප්‍රාතිභාර්ය දක්වා දහසක් පිරිවර ඇතුළු උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන් හික්මවා ඔවුන්ද ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කොට ගයාශීර්ෂයෙහි නවත්වා, ආදිත්ත-පරියාය සූත්‍රය දෙසා, රහත්බවෙහි පිහිටුවා ඒ දහසක් රහතන් පිරිවරා බිම්සරරජුට දුන් ප්‍රතිඥාවෙන් මිදෙනු පිණිස රජගහනුවර සමීපයෙහි ලට්ඨීවනඋද්‍යානයට ගොස් බුදුන් වැඩියේ යයි දැන දොළොස් නහුතයක් පමණ බ්‍රාහ්මණ ගෘහපතියන් සමඟ එහි පැමිණි බිම්බිසාර රජුන්ට මිහිරි දහම් කථා පැවැත්වූහ. ඒ කථා අසා සිටි එකොළොස් නහුතයක් පමණ පිරිස සෝවාන් ඵලයෙහි පිහිටියහ. එක් නහුතයක් තිසරණයෙහි පිහිටියාහුය. දෙවෙනි දින මාණවක වෙසින් පැමිණි සක්දෙවිඳු ගුණ වර්ණනා කළ කල්හි රජගහ නුවරට වැඩමවා එහි වාසය කළහ. මේ සැරියුත් මුගලන් දෙනම ද එහි වැඩියාහුය.

තත්‍රායං අනුපුබ‍්බිකථා – අනුප‍්පන‍්නෙයෙව හි බුද‍්ධෙ රාජගහතො අවිදූරෙ උපතිස‍්සගාමො කොලිතගාමොති ද‍්වෙ බ්‍රාහ‍්මණගාමා අහෙසුං. තෙසු උපතිස‍්සගාමෙ සාරියා නාම බ්‍රාහ‍්මණියා ගබ‍්භස‍්ස පතිට‍්ඨිතදිවසෙයෙව කොලිතගාමෙ මොග‍්ගලියා නාම බ්‍රාහ‍්මණියාපි ගබ‍්භො පතිට‍්ඨාසි. තානි කිර ද‍්වෙපි කුලානි යාව සත‍්තමා කුලපරිවට‍්ටා ආබද‍්ධපටිබද‍්ධසහායකානෙව අහෙසුං, තාසං ද‍්වින‍්නම‍්පි එකදිවසමෙව ගබ‍්භපරිහාරං අදංසු. තා උභොපි දසමාසච‍්චෙයෙන පුත‍්තෙ විජායිංසු. නාමග‍්ගහණදිවසෙ සාරියා බ්‍රාහ‍්මණියා පුත‍්තස‍්ස උපතිස‍්සගාමකෙ ජෙට‍්ඨකුලස‍්ස පුත‍්තත‍්තා උපතිස‍්සොති නාමං කරිංසු, ඉතරස‍්ස කොලිතගාමෙ ජෙට‍්ඨකුලස‍්ස පුත‍්තත‍්තා කොලිතොති නාමං කරිංසු.

මේ එහි අනුපිළිවෙල කථාවයි - බුදුන් නුපන් කල්හි රජගහනුවර ආසන්නයේ කෝලිතගම උපතිස්සගම නමින් බමුණුගම් දෙකක් විය. ඒ දෙගම් අතර උපතිස්ස ගමෙහි රූපසාරී නම් බැමිණියට ගැබක් පිහිටි දිනයේදීම කෝලිත ගමෙහි මොග්ගලී නම් බැමිණියටද ගැබක් පිහිටියේය. ඒ දෙකුලයේ අය කුලසතක පමණ කාලයක සිට ඔවුනොවුන් එකට බැදුණු යහළුවන් ලෙස කාලය ගෙවුහ. ඒ බැමිණියන් දෙදෙනාටම එකම දවසෙහි ගැබ් පෙරහැර දුන්නාහුය. ඒ දෙදෙනා දසමස් ඇවෑමෙන් පුතුන් වැදුහ. නම් තබන දිනයෙහි සාරී බැමිණියගේ පුතාට උපතිස්ස ගම දෙටුකුලයේ පුතා නිසා උපතිස්සයයි නම් තැබූහ. අනිත් තැනැත්තා කෝලිතගම දෙටු කුලයේ පුතා නිසා කෝලිත යයි නම් තැබූහ.

තෙ උභොපි වුඩ‍්ඪිමන්‍වාය සබ‍්බසිප‍්පානං පාරං අගමංසු. උපතිස‍්සමාණවස‍්ස කීළනත්‍ථාය නදිං වා උය්‍යානං වා ගමනකාලෙ පඤ‍්ච සුවණ‍්ණසිවිකසතානි පරිවාරානි හොන‍්ති, කොලිතමාණවස‍්ස පඤ‍්ච ආජඤ‍්ඤයුත‍්තරථසතානි. ද‍්වෙපි ජනා පඤ‍්චපඤ‍්චමාණවකසතපරිවාරා හොන‍්ති. රාජගහෙ ච අනුසංවච‍්ඡරං ගිරග‍්ගසමජ‍්ජො නාම අහොසි. තෙසං ද‍්වින‍්නම‍්පි එකට‍්ඨානෙයෙව මඤ‍්චං බන්‍ධන‍්ති. ද‍්වෙපි එකතො නිසීදිත්‍වා සමජ‍්ජං පස‍්සන‍්තා හසිතබ‍්බට‍්ඨානෙ හසන‍්ති, සංවෙගට‍්ඨානෙ සංවෙජෙන‍්ති, දායං දාතුං යුත‍්තට‍්ඨානෙ දායං දෙන‍්ති. තෙසං ඉමිනාව නියාමෙන එකදිවසං සමජ‍්ජං පස‍්සන‍්තානං පරිපාකගතත‍්තා ඤාණස‍්ස පුරිමදිවසෙසු විය හසිතබ‍්බට‍්ඨානෙ හාසො වා සංවෙගට‍්ඨානෙ සංවෙගො වා දාතුං යුත‍්තට‍්ඨානෙ දානං වා නාහොසි.

ඒ දෙදෙන වැඩී වයසට පැමිණ සියලු ශිල්පයන්හි පරතෙරට ගියාහුය. උපතිස්ස මාණවකයා ක්‍රීඩා පිණිස නදියට හෝ උයනට හෝ යන කල රන්සිවිගෙවල් පන්සීයක් පිරිවර වශයෙන් ගෙන යයි. කෝලිත මාණවකයාට ආජානීය අශ්වරථ පන්සීයකි. දෙදෙනාටම මාණවකයන් පන්සීය බැගින් පිරිවරද විය. රජගහනුවර වසරක් පාසා ගිරග්ගසමජ්ජ නම් උත්සවයක් පැවැත්වේ. මේ දෙදෙනාම එය නැරඹීම පිණිස එකම තැනක මැසි බැඳගනිත්. දෙදෙනාම එකට හිඳගෙන සමාජය බලන්නාහු සිනාසිය යුතු තැන සිනාසෙත්. දුක්විය යුතු තැන දුක් වෙත්. තෑගි දියයුතු තැන තෑගි දෙත්. ඔවුහු මෙසේ එක් දිනක් සමාජය බලා සිටියදී, ඥානය මුහුකුරා ගොස් තිබුණු හෙයින් පෙර දිනවල මෙන් සිනාසිය යුතු තැන සිනාසීමක් හෝ දුක් විය යුතු තැන දුක්වීමක් හෝ තෑගි දිය යුතු තැන තෑගි දීමක් හෝ නොවීය.

ද‍්වෙපි පන ජනා එවං චින‍්තයිංසු – “කිමෙත්‍ථ ඔලොකෙතබ‍්බං අත්‍ථි, සබ‍්බෙපිමෙ අප‍්පත‍්තෙ වස‍්සසතෙ අප‍්පණ‍්ණත‍්තිකභාවං ගමිස‍්සන‍්ති, අම‍්හෙහි පන එකං මොක‍්ඛධම‍්මං පරියෙසිතුං වට‍්ටතී”ති ආරම‍්මණං ගහෙත්‍වා නිසීදිංසු. තතො කොලිතො උපතිස‍්සං ආහ – “සම‍්ම උපතිස‍්ස, න ත්‍වං අඤ‍්ඤෙසු දිවසෙසු විය හට‍්ඨපහට‍්ඨො, ඉදානි අනත‍්තමනධාතුකොසි, කිං තෙ සල‍්ලක‍්ඛිත”න‍්ති? “සම‍්ම කොලිත, එතෙසං වොලොකනෙ සාරො නත්‍ථි, නිරත්‍ථකමෙතං, අත‍්තනො මොක‍්ඛධම‍්මං ගවෙසිතුං වට‍්ටතී”ති ඉදං චින‍්තයන‍්තො නිසින‍්නොම‍්හි. ත්‍වං පන කස‍්මා අනත‍්තමනොසීති? සොපි තථෙව ආහ. අථස‍්ස අත‍්තනා සද‍්ධිං එකජ‍්ඣාසයතං ඤත්‍වා උපතිස‍්සො ආහ – “අම‍්හාකං උභින‍්නම‍්පි සුචින‍්තිකං, මොක‍්ඛධම‍්මං පන ගවෙසන‍්තෙහි එකා පබ‍්බජ‍්ජා ලද‍්ධුං වට‍්ටති. කස‍්ස සන‍්තිකෙ පබ‍්බජාමා”ති?

දෙදෙනාම කිම මෙහි බැලිය යුත්තක් ඇද්ද? මේ සියල්ල වර්ෂ සියයක් යාමට මත්තෙන් සදොස් බවට, නොපිළිගන්නා බවට යයි. අප විසින් එක් මෝක්ෂධර්මයක් සොයා යායුතු යයි සිතමින් හුන්නාහුය. ඉක්බිති කෝලිත උපතිස්ස අමතා, යහළු උපතිස්ස, ඔබ වෙනදා මෙන් තුටුපහටු නැත. සිටින්නේ නොසතුටෙන්ද? යහළු කෝලිතයෙනි, මේවා බැලීමේ කිසි හරයක් නැත. මේවා නිරර්ථකයි. මම කිසියම් මෝක්ෂධර්මයක් සෙවිය යුතු යයි සිතමින් සිටියෙමි. ඔබත් නොසතුටෙන් ඉන්නේ ඇයි දැයි උපතිස්සගෙන් ඇසීය. ඔහුද මමත් එසේම සිතමින් හුන්නෙමියි කීවේය. ඉන්පසු දෙදෙනාම එකම අදහසේ සිටින බව දැන උපතිස්ස මෙසේ කීවේය. අප දෙදෙනාම සිතූ සිතිවිල්ල මැනවි. මෝක්ෂධර්මයක් සොයන්නන් එක් පැවිද්දක් ලබා ගත යුතුය. කවුරුන් ළඟ පැවිදි වන්නෙමුදැයි කතිකා කළහ.

තෙන ඛො පන සමයෙන සඤ‍්චයො නාම පරිබ‍්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ‍්බාජකපරිසාය සද‍්ධිං. තෙ “තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමා”ති පඤ‍්චමාණවකසතානි “සිවිකායො ච රථෙ ච ගහෙත්‍වා ගච‍්ඡථා”ති උය්‍යොජෙත්‍වා එකාය සිවිකාය එකෙන රථෙන ගන‍්ත්‍වා සඤ‍්චයස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. තෙසං පබ‍්බජිතකාලතො පට‍්ඨාය සඤ‍්චයො අතිරෙකලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො අහොසි. තෙ කතිපාහෙනෙව සබ‍්බං සඤ‍්චයස‍්ස සමයං පරිමද‍්දිත්‍වා, “ආචරිය, තුම‍්හාකං ජානනසමයො එත‍්තකොව, උදාහු උත‍්තරිම‍්පි අත්‍ථී”ති පුච‍්ඡිංසු. “එත‍්තකොව සබ‍්බං තුම‍්හෙහි ඤාත”න‍්ති වුත‍්තෙ චින‍්තයිංසු –

එකල සංජය නම් පිරිවැජියෙක් (පරිව්‍රාජකනම් සාධුවරු) මහත් පරිව්‍රාජක පිරිසක් සමඟ රජගහනුවර වසයි. මේ දෙදෙනා ඔහු ළඟ පැවිදි වෙමුයි මාණවකයන් පන්සීයක්ද, සිවිකාද, රථද හැරගෙන යමු යයි එහි ගොස් ඒ පන්සීයද සමඟ සංජය ළඟ පැවිදි වූහ. ඔවුන් පැවිදි වූදා පටන් සංජය අතිරේක ලාභ හා යසසින් අග්‍ර බවට පැමිණියේය. කෝලිත උපතිස්ස දෙදෙන කීප දිනකින්ම සංජයගේ සියලු දහම් පිරිසිඳ දැනගෙන, ආචාරීනි, ඔබ වෙතින් දතමනා දහම් මෙපමණක් ද? තවත් ඇද්දැයි විචාළහ. මෙපමණකි. ඒ සියල්ල තොප විසින් පිරිසිඳ දැනගන්නා ලදහයි කීපසු ඒ දෙදෙනා මෙසේ සිතූහ.

“එවං සති ඉමස‍්ස සන‍්තිකෙ බ්‍රහ‍්මචරියවාසො නිරත්‍ථකො, මයං යං මොක‍්ඛධම‍්මං ගවෙසිතුං නික‍්ඛන‍්තා, සො ඉමස‍්ස සන‍්තිකෙ උප‍්පාදෙතුං න සක‍්කා, මහා ඛො පන ජම‍්බුදීපො, ගාමනිගමරාජධානියො චරන‍්තා අද‍්ධා මොක‍්ඛධම‍්මදෙසකං කඤ‍්චි ආචරියං ලභිස‍්සාමා”ති. තතො පට‍්ඨාය, “යත්‍ථ යත්‍ථ පණ‍්ඩිතා සමණබ්‍රාහ‍්මණා අත්‍ථී”ති වදන‍්ති, තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා සාකච‍්ඡං කරොන‍්ති. තෙහි පුට‍්ඨං පඤ‍්හං අඤ‍්ඤෙ කථෙතුං න සක‍්කොන‍්ති, තෙ පන තෙසං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්ති. එවං සකලජම‍්බුදීපං පරිග‍්ගණ‍්හිත්‍වා නිවත‍්තිත්‍වා සකට‍්ඨානමෙව ආගන‍්ත්‍වා, “සම‍්ම කොලිත, අම‍්හෙසු යො පඨමං අමතං අධිගච‍්ඡති, සො ඉතරස‍්ස ආරොචෙතූ”ති කතිකං අකංසුං.

තත්ත්වය මෙසේ නම් මොහු ළඟ බඹසර විසීම නිරර්ථකයි. අපි යම් මෝක්ෂධර්මයක් සෙවීමට පිටත්වීමු නම් එය මොහු ළඟදී උපදවා ගැනීම දුෂ්කරයි. මේ දඹදිව ඉතා විශාලය. ගම් නියම්ගම් රාජධානිවල හැසිරී ඒකාන්ත මෝක්ෂධර්මය දෙසන ආචාර්යවරයකු ලැබිය යුතු යයි සිතා, එතැන් පටන් යම් යම් තැනක උගත් මහණ බමුණන් ඇතියි කියත්ද, ඒ ඒ තැන්වලට ගොස් ඔවුන් හා සාකච්ඡා කෙරෙති. ඔවුන් ඇසූ ප්‍රශ්නවලට සෙස්සෝ පිළිතුරු දීමට අසමත් වෙති. අන්‍යයන් ඇසූ ප්‍රශ්න මේ දෙදෙන විසඳාලුහ. මෙසේ සියලු දඹදිව සිසාරා ඇවිද නැවතී, ස්වකීය ස්ථානවලටම පැමිණ, යහළු කෝලිතයෙනි, අප අතරින් කවුරු හෝ පළමුව අමෘතපදය (නිවීම) ලදහොත් හෙතෙම අනිත් තැනැත්තාට ඒ බව ප්‍රකාශ කළයුතු යයි කතිකා කරගත්හ.

එවං තෙසු කතිකං කත්‍වා විහරන‍්තෙසු සත්‍ථා වුත‍්තානුක‍්කමෙන රාජගහං පත්‍වා වෙළුවනං පටිග‍්ගහෙත්‍වා වෙළුවනෙ විහරති. තදා “චරථ, භික‍්ඛවෙ, චාරිකං බහුජනහිතායා”ති රතනත‍්තයගුණපකාසනත්‍ථං උය්‍යොජිතානං එකසට‍්ඨියා අරහන‍්තානං අන‍්තරෙ පඤ‍්චවග‍්ගියානං අබ‍්භන‍්තරො අස‍්සජිත්‍ථෙරො පටිනිවත‍්තිත්‍වා රාජගහං ආගතො, පුනදිවසෙ පාතොව පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි. තස‍්මිං සමයෙ උපතිස‍්සපරිබ‍්බාජකොපි පාතොව භත‍්තකිච‍්චං කත්‍වා පරිබ‍්බාජකාරාමං ගච‍්ඡන‍්තො ථෙරං දිස‍්වා චින‍්තෙසි –

ඔවුහු මෙසේ කතිකා කරගෙන සිටින අතර, බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩමවා වේළුවන විහාරය පිළිගෙන එහි වාසය කරති. එකල්හි මහණෙනි, බහුජනහිත පිණිස චාරිකාවේ හැසිරෙව් යයි රත්නත්‍රයෙහි ගුණ ප්‍රකාශ කරනු පිණිස පිටත්කර යැවූ සැටක් පමණ රහතුන් අතරෙහි පස්වග තවුසන් ගෙන් එක්නමක්වූ අස්සජි මහරහතුන් වහන්සේ පෙරළා රජගහ නුවරට අවුත් දෙවෙනි දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩියහ. එදින උපතිස්ස පිරිවැජියාද උදෙන්ම ආහාර නිමවා පරිව්‍රාජකාරාමයට යන අතරමගදී අස්සජී තෙරුන් දැක මෙසේ සිතීය.

“මයා එවරූපො පබ‍්බජිතො නාම න දිට‍්ඨපුබ‍්බොයෙව, යෙ ලොකෙ අරහන‍්තො වා අරහත‍්තමග‍්ගං වා සමාපන‍්නා, අයං තෙසං භික‍්ඛූනං අඤ‍්ඤතරො, යංනූනාහං ඉමං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍යං – ‘කංසි ත්‍වං, ආවුසො, උද‍්දිස‍්ස පබ‍්බජිතො, කො වා තෙ සත්‍ථා, කස‍්ස වා ත්‍වං ධම‍්මං රොචෙසී’”ති? අථස‍්ස එතදහොසි –

මෙබඳු පැවිද්දෙක් මා මීට පෙර දැක නැත. ලොව රහත් කෙනෙක් හෝ රහත්මඟට පිළිපන් කෙනෙක් හෝ වෙත් නම් මුන්වහන්සේ ඒ අයගෙන් එක් කෙනකු විය යුතුය. මේ භික්ෂුව වෙත ගොස්, ඇවැත්නී, ඔබ කවුරුන්ද, ඔබ කාගේ දහමක් පිළිගන්නෙහිදැයි ඇසුවොත් මැනවැයි සිතූ නමුදු, ඔහුට එවෙලේ මෙබඳු සිතක්ද පහළ විය.

“අකාලො ඛො ඉමං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිතුං, අන‍්තරඝරං පවිට‍්ඨො පිණ‍්ඩාය චරති, යංනූනාහං ඉමං භික‍්ඛුං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධෙය්‍යං, අත්‍ථිකෙහි උපඤ‍්ඤාතං මග‍්ග”න‍්ති. සො ථෙරං ලද‍්ධපිණ‍්ඩපාතං අඤ‍්ඤතරං ඔකාසං ගච‍්ඡන‍්තං දිස‍්වා නිසීදිතුකාමතඤ‍්චස‍්ස ඤත්‍වා අත‍්තනො පරිබ‍්බාජකපීඨකං පඤ‍්ඤාපෙත්‍වා අදාසි, සො භත‍්තකිච‍්චපරියොසානෙපිස‍්ස අත‍්තනො කුණ‍්ඩිකාය උදකං අදාසි.

ඇතුළු ගමට පිවිස මේ භික්ෂුව පිඬු සිඟයි. මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාවක් නොවෙයි. මා මේ භික්ෂුව පිටුපසින් යායුතුය. වැඩක් ප්‍රයෝජනයක් කැමති තැනැත්තා ඒ පිළිබඳව උචිත පිළිවෙළද දත යුතුය. ඔහු පිණ්ඩපාතය ලත්තෙරුන් වාඩිවීමට තැනක් සොයන බවදැක තමන්ගේ පරිව්‍රාජකපුටුව සූදානම් කර දුන්නේය. මෙසේ ආචාර්ය වතාවත් කොට වළඳා අන්තයෙහි තම කෙණ්ඩියෙන් පැන්ද පිළිගැන්වීය.

එවං ආචරියවත‍්තං කත්‍වා කතභත‍්තකිච‍්චෙන ථෙරෙන සද‍්ධිං මධුරපටිසන්‍ථාරං කත්‍වා එවමාහ – “විප‍්පසන‍්නානි ඛො පන තෙ, ආවුසො, ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො ඡවිවණ‍්ණො පරියොදාතො, කංසි ත්‍වං, ආවුසො, උද‍්දිස‍්ස පබ‍්බජිතො, කො වා තෙ සත්‍ථා, කස‍්ස වා ත්‍වං ධම‍්මං රොචෙසී”ති පුච‍්ඡි. ථෙරො චින‍්තෙසි – “ඉමෙ පරිබ‍්බාජකා නාම සාසනස‍්ස පටිපක‍්ඛභූතා, ඉමස‍්ස සාසනස‍්ස ගම‍්භීරතං දස‍්සෙස‍්සාමී”ති. අත‍්තනො නවකභාවං දස‍්සෙන‍්තො ආහ – “අහං ඛො, ආවුසො, නවො අචිරපබ‍්බජිතො, අධුනාගතො ඉමං ධම‍්මවිනයං, න තාවාහං සක‍්ඛිස‍්සාමි විත්‍ථාරෙන ධම‍්මං දෙසෙතු”න‍්ති. පරිබ‍්බාජකො – “අහං උපතිස‍්සො නාම, ත්‍වං යථාසත‍්තියා අප‍්පං වා බහුං වා වද, එතං නයසතෙන නයසහස‍්සෙන පටිවිජ‍්ඣිතුං මය‍්හං භාරො”ති චින‍්තෙත්‍වා ආහ –

මෙසේ ඇඳුරුවත් දක්වා වළඳා අවසන් වූ පසු තෙරුන් සමඟ මිහිරි පිළිසදර කථා කොට - ඇවැත්නි, ඔබේ ඉඳුරන් අතිශයින් ප්‍රසන්නය. සමේ පැහැයද පැහැපත්ය. ඔබ මා ළඟ පැවිදි වූයෙහිද, ඔබේ ගුරුවරයා කවුරුන්ද, ඔබ කාගේ දහමක් ප්‍රිය කරන්නෙහිදැයි? ඇසීය. තෙරණුවෝ මෙසේ සිතූහ. මේ පිරිවැජියෝ අපේ සසුනට ප්‍රතිපක්ෂයහ. මොහුට අපේ සසුනේ ගම්භීරත්වය පෙන්විය යුතුය. මෙසේ සිතා තමන් මේ සසුනට නවකයකු බව දක්වමින් මෙසේ කීහ. ඇවැත්නි මම නවකයෙක්මි. මේ ළඟදී පැවිදි වූවෙමි. මේ ධර්මවිනයට අලූතෙන් පැමිණියෙක්මි. එහෙයින් ඔබට සවිස්තරව දහම කියා දීමට අපොහොසත් වෙමි. පරිව්‍රාජකයා මගේ නම උපතිස්ස. ඔබ හැකි තරමින් ටිකක් හෝ හුඟක් හෝ දන්නා තරමින් කියන්න. එය ක්‍රම සීයකින් - දහසකින් තේරුම් ගැනීම මට භාරයයි කියා,

“අප‍්පං වා බහුං වා භාසස‍්සු, අත්‍ථංයෙව මෙ බ්‍රූහි; අත්‍ථෙනෙව මෙ අත්‍ථො, කිං කාහසි බ්‍යඤ‍්ජනං බහු”න‍්ති. (මහාව· 60);

මදක් හෝ බොහෝවක් වේවා අරුත් පමණක් මට කියා දෙන්න මට වැඩක් වන්නේ අරුතෙන් පමණි බොහෝ අකුරුවලින් වැඩක් නැත්මය

එවං වුත‍්තෙ ථෙරො – “යෙ ධම‍්මා හෙතුප‍්පභවා”ති (මහාව· 60; අප· ථෙර 1.1.286) ගාථමාහ. පරිබ‍්බාජකො පඨමපදද‍්වයමෙව සුත්‍වා සහස‍්සනයපටිමණ‍්ඩිතෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, ඉතරං පදද‍්වයං සොතාපන‍්නකාලෙ නිට‍්ඨාපෙසි. සො සොතාපන‍්නො හුත්‍වා උපරිවිසෙසෙ අප‍්පවත‍්තන‍්තෙ “භවිස‍්සති එත්‍ථ කාරණ”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා ථෙරං ආහ –

මෙසේ කී පසු තෙරණුවෝ ‘යෙ ධම්මා හේතුප්පභවා’ ආදි ගාථාව කීහ. පරිව්‍රාජක තෙමේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉතිරි පද දෙක අසන අතරතුර සෝවාන් වී අවසන් විය. හෙතෙම සෝවාන් වී සෙසු විශේෂඥාන නොලබන කල්හි මෙහි කුමක් හෝ වෙනත් කරුණක් විය යුතු යයි තෙරණුවන් අමතා මෙසේ කීවේය.

“භන‍්තෙ, මා උපරි ධම‍්මදෙසනං වඩ‍්ඪයිත්‍ථ, එත‍්තකමෙව හොතු, කුහිං අම‍්හාකං සත්‍ථා වසතී”ති? “වෙළුවනෙ, ආවුසො”ති. “තෙන හි, භන‍්තෙ, තුම‍්හෙ පුරතො යාථ, මය‍්හං එකො සහායකො අත්‍ථි, අම‍්හෙහි ච අඤ‍්ඤමඤ‍්ඤං කතිකා කතා ‘අම‍්හෙසු යො අමතං පඨමං අධිගච‍්ඡති, සො ඉතරස‍්ස ආරොචෙතූ’ති. අහං තං පටිඤ‍්ඤං මොචෙත්‍වා සහායකං ගහෙත්‍වා තුම‍්හාකං ගතමග‍්ගෙනෙව සත්‍ථු සන‍්තිකං ආගමිස‍්සාමීති පඤ‍්චපතිට‍්ඨිතෙන ථෙරස‍්ස පාදෙසු නිපතිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා ථෙරං උය්‍යොජෙත්‍වා පරිබ‍්බාජකාරාමාභිමුඛො අගමාසි”.

ස්වාමීනි, මින් ඉදිරියට දහම් නොදෙසන්න, මෙපමණක්ම ප්‍රමාණය. ස්වාමීනි අපේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින්නේ කොහිද? ඇවැත්නී වේළුවනාරාමයේය. ස්වාමීනි, එසේ නම් ඔබවහන්සේ පළමුව වඩින්න. මට තව යහළුවෙක් සිටියි. යමෙක් පළමුව නිවන දුටුවොත් ඔහු අනිකාට දැන්විය යුතුයයි අපේ කතිකාවක් ඇත. මම ඒ ප්‍රතිඥාවෙන් මිදී මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා පිරිවැජි අරම බලා ගියේය.

අථ ඛො කොලිතපරිබ‍්බාජකො තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා, “අජ‍්ජ මය‍්හං සහායකස‍්ස මුඛවණ‍්ණො න අඤ‍්ඤදිවසෙසු විය, අද‍්ධා තෙන අමතං අධිගතං භවිස‍්සතී”ති අමතාධිගමං පුච‍්ඡි. සොපිස‍්ස “ආමාවුසො, අමතං අධිගත”න‍්ති පටිජානිත්‍වා තමෙව ගාථං අභාසි. ගාථාපරියොසානෙ කොලිතො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා ආහ –

කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසිය. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථොක්ත ගාථාවම කීවේය. ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ කීවේය.

“කුහිං කිර, සම‍්ම, අම‍්හාකං සත්‍ථා වසතී”ති? “වෙළුවනෙ කිර, සම‍්ම, එවං නො ආචරියෙන අස‍්සජිත්‍ථෙරෙන කථිත”න‍්ති. “තෙන හි, සම‍්ම, ආයාම, සත්‍ථාරං පස‍්සිස‍්සාමා”ති. සාරිපුත‍්තත්‍ථෙරො ච නාමෙස සදාපි ආචරියපූජකොව, තස‍්මා සහායං එවමාහ – “සම‍්ම, අම‍්හෙහි අධිගතං අමතං අම‍්හාකං ආචරියස‍්ස සඤ‍්චයපරිබ‍්බාජකස‍්සාපි කථෙස‍්සාම, බුජ‍්ඣමානො පටිවිජ‍්ඣිස‍්සති, අප‍්පටිවිජ‍්ඣන‍්තො අම‍්හාකං සද‍්දහිත්‍වා සත්‍ථු, සන‍්තිකං ගමිස‍්සති, බුද‍්ධානං දෙසනං සුත්‍වා මග‍්ගඵලපටිවෙධං කරිස‍්සතී”ති. තතො ද‍්වෙපි ජනා සඤ‍්චයස‍්ස සන‍්තිකං අගමංසු.

යහළුව, අපේ ශාස්තෘවරයන්වහන්සේ කොහි වසනසේක්ද? ඇවැත්නී, වේළුවනාරාමයෙහි යයි අපේ ආචාර්ය අස්සජි තෙරණුවන් විසින් දන්වන ලදැයි කීවේය. යහළුවාණනි, එසේ නම් බුදුන් දැකීමට යම්හයි පිරිවැජිතෙම කීවේය. මේ සැරියුත්තෙරුන්වහන්සේ සැමදාමත් ගුරුවරුන් පුදනසේක්මය. එහෙයින් යහළුවාට මෙසේ කීහ. යහළුව අපි නිවන වෙත පැමිණියෙමු. ඒ බව අපේ ආචාර්ය සංජය පිරිවැජියාටද කියමු. අවබෝධය ඇති නිසා අප ගැන දැන ගනු ඇත. ඒ බව නොදතහොත් අපටද කියා බුදුන් හමුවට යනු ඇති. බුදුන්ගේ දේශනා අසා මාර්ගඵල ප්‍රතිවේධ කරනු ඇතියි සිතා දෙදෙනාම සංජය වෙත ගියාහුය.

සඤ‍්චයො තෙ දිස‍්වාව – “කිං, තාතා, කොචි වො අමතමග‍්ගදෙසකො ලද‍්ධො”ති පුච‍්ඡි. “ආම, ආචරිය, ලද‍්ධො, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො, ධම‍්මො ලොකෙ උප‍්පන‍්නො, සඞ‍්ඝො ලොකෙ උප‍්පන‍්නො, තුම‍්හෙ තුච‍්ඡෙ අසාරෙ විචරථ, තස‍්මා එථ, සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමා”ති. “ගච‍්ඡථ තුම‍්හෙ, නාහං සක‍්ඛිස‍්සාමී”ති. “කිං කාරණාහි”? “අහං මහාජනස‍්ස ආචරියො හුත්‍වා විචරිං, විචරන‍්තස‍්ස මෙ අන‍්තෙවාසිකවාසො චාටියා උදඤ‍්චනභාවප‍්පත‍්ති විය හොති, න සක‍්ඛිස‍්සාමහං අන‍්තෙවාසිකවාසං වසිතු”න‍්ති. “මා එවං කරිත්‍ථ, ආචරියා”ති. “හොතු, තාතා, ගච‍්ඡථ තුම‍්හෙ, නාහං සක‍්ඛිස‍්සාමී”ති.

සංජය ඔවුන් දෙදෙනා දැක, දරුවනි, කිම? තොපට අමාමග කියා දෙන යම්කිසි දේශකයකු ලැබුණේදැයි විචාළේය. එසේය ඇඳුරුතුමනි, ලැබුවෙමු. බුදුහු ලොව උපන්හ. දහම උපන්නේය. සංඝයා ලොව උපන්හ. ඔබ තුච්ඡ වූ මේ සසරෙහි සැරිසරන්නහුය. බුදුන් ළඟට යෑමට අප හා එනු මැනවියි කීහ. නුඹලා යන්න. මට යා නොහැකියි. ඇඳුරුතුමනි, ඒ ඇයි? මම මෙතෙක් මහජනයාට ආචාර්යව හැසුරුණෙමි. එසේ සිටි මා අතවැසි බවට පත්වීම සැළියක්ව සිට කෙණෙස්ස (දිය ගන්නා හැන්ද) වීමකි. මට යටත් වැසියකුව විසීම කළ නොහැකියි. ආවාර්යයෙනි, එසේ නොකරව්. කමක් නැහැ. දරුවනි නුඹලා යන්න. මට යෑම අමාරුයි.

ආචරිය, ලොකෙ බුද‍්ධස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය මහාජනො ගන්‍ධමාලාදිහත්‍ථො ගන‍්ත්‍වා තමෙව පූජෙස‍්සති, මයම‍්පි තත්‍ථෙව ගමිස‍්සාම. “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “තාතා, කිං නු ඛො ඉමස‍්මිං ලොකෙ දන්‍ධා බහූ, උදාහු පණ‍්ඩිතා”ති. “දන්‍ධා, ආචරිය, බහූ, පණ‍්ඩිතා ච නාම කතිපයා එව හොන‍්තී”ති. “තෙන හි, තාතා, පණ‍්ඩිතා පණ‍්ඩිතස‍්ස සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගමිස‍්සන‍්ති, දන්‍ධා දන්‍ධස‍්ස මම සන‍්තිකං ආගමිස‍්සන‍්ති, ගච‍්ඡථ තුම‍්හෙ, නාහං ගමිස‍්සාමී”ති. තෙ “පඤ‍්ඤායිස‍්සථ තුම‍්හෙ, ආචරියා”ති පක‍්කමිංසු.

ඇඳුරුතුමනි, ලොව බුදුන් උපන් කාලයේ පටන් මල් ගඳ විලවුන් අතින් ගත් මහජනයා බුදුන් හමුවට ගොස් උන්වහන්සේ පුදති. අපිත් එහිම යන්නෙමු. ඔබ කුමක් කරන්නෙහිදැයි ඇසූහ. කිමෙක්ද දරුවනි, මෙලොව වැඩියෙන් සිටින්නේ මෝඩයන්ද, නැත්නම් පණ්ඩිතයන්ද? ඇදුරුතුමනි, මෙලොව මෝඩයෝ බොහෝය. පණ්ඩිතයෝ ඉතාමත් අල්ප දෙනෙකියි කීහ. එසේනම් දරුවනි, පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට යෙති. මෝඩයෝ මෝඩ වූ මා ළඟට එන්නාහුය. තෙපි යවු. මම නොයන්නෙමි. ඇඳුරුතුමනි, එසේනම් මේ ක්‍රියා පිළිවෙළින් ඔබගේම තතු ප්‍රකට වනු ඇතැයි කියා නික්මී ගියහ.

තෙසු ගච‍්ඡන‍්තෙසු සඤ‍්චයස‍්ස පරිසා භිජ‍්ජි, තස‍්මිං ඛණෙ ආරාමො තුච‍්ඡො අහොසි. සො තුච‍්ඡං ආරාමං දිස‍්වා උණ‍්හං ලොහිතං ඡඩ‍්ඩෙසි. තෙහිපි සද‍්ධිං ගච‍්ඡන‍්තෙසු පඤ‍්චසු පරිබ‍්බාජකසතෙසු සඤ‍්චයස‍්ස අඩ‍්ඪතෙය්‍යසතානි නිවත‍්තිංසු, අථ ඛො තෙ අත‍්තනො අන‍්තෙවාසිකෙහි අඩ‍්ඪතෙය්‍යෙහි පරිබ‍්බාජකසතෙහි සද‍්ධිං වෙළුවනං අගමංසු.

ඒ දෙදෙනා යන විට සංජයගේ පිරිසද බිඳී ගියේය. ආරාමය හිස් විය. හිස් වූ ආරාමය දුටු සංජය එම ශෝකයෙන් උණුලේ වමනය කෙළේය. ඒ පිරිසෙන් දෙසිය පනසක් පමණ මේ දෙදෙනා සමඟ ගිය කල සෙසු පන්සියය සංජය සමඟ නැවතුණාහ. කෝලිත-උපතිස්ස දෙසිය පනසක් පිරිස ද කැටුව වේළුවනයට ගියාහුය.

සත්‍ථා චතුපරිසමජ‍්ඣෙ නිසින‍්නො ධම‍්මං දෙසෙන‍්තො තෙ දූරතොව දිස‍්වා භික‍්ඛූ ආමන‍්තෙසි – “එතෙ, භික‍්ඛවෙ, ද‍්වෙ සහායකා ආගච‍්ඡන‍්ති කොලිතො ච උපතිස‍්සො ච, එතං මෙ සාවකයුගං භවිස‍්සති අග‍්ගං භද‍්දයුග”න‍්ති. තෙ සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු, නිසීදිත්‍වා ච පන භගවන‍්තං එතදවොචුං – “ලභෙය්‍යාම මයං, භන‍්තෙ, භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යාම උපසම‍්පද”න‍්ති. “එථ, භික‍්ඛවො”ති භගවා අවොච – “ස‍්වාක‍්ඛාතො ධම‍්මො, චරථ බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති. සබ‍්බෙපි ඉද‍්ධිමයපත‍්තචීවරධරා සට‍්ඨිවස‍්සිකත්‍ථෙරා විය අහෙසුං.

බුදුරජාණන්වහන්සේ පිරිස මැද දහම් දෙසමින් සිටිසේක් එන්නා වූ දෙදෙන දුර සිටම දැක භික්ෂූන් අමතා, මහණෙනි, අර එන කෝලිත උපතිස්ස දෙදෙනා මගේ අග්‍ර වූ ශ්‍රාවක යුගළය වන්නේයයි වදාළහ. ඔවුහු බුදුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳගත්හ. පසුව මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි ඔබවහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, මෙහි එන්නැයි වදාළහ. ධර්මය මැනවින් දේශනා කර තිබේ. බඹසර හැසිරෙවව්. මැනවින් දුක් කෙළවර කර ගනිව්‍යයි වදාළහ. ඒ සියලු දෙනා සෘද්ධිමය ශක්තියෙන් පාසිවුරු දරා වස්සියයක් ගිය තෙරවරුන් මෙන් වූවාහුය.

අථ නෙසං පරිසාය චරිතවසෙන සත්‍ථා ධම‍්මදෙසනං වඩ‍්ඪෙසි. ඨපෙත්‍වා ද‍්වෙ අග‍්ගසාවකෙ අවසෙසා අරහත‍්තං පාපුණිංසු, අග‍්ගසාවකානං පන උපරිමග‍්ගත‍්තයකිච‍්චං න නිට‍්ඨාසි. කිං කාරණා? සාවකපාරමිඤාණස‍්ස මහන‍්තතාය. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො පබ‍්බජිතදිවසතො සත‍්තමෙ දිවසෙ මගධරට‍්ඨෙ කල‍්ලවාලගාමකං උපනිස‍්සාය විහරන‍්තො ථිනමිද‍්ධෙ ඔක‍්කමන‍්තෙ සත්‍ථාරා සංවෙජිතො ථිනමිද‍්ධං විනොදෙත්‍වා තථාගතෙන දින‍්නං ධාතුකම‍්මට‍්ඨානං සුණන‍්තොව උපරිමග‍්ගත‍්තයකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා සාවකපාරමිඤාණස‍්ස මත්‍ථකං පත‍්තො.

ඉන්පසු එම පිරිසෙහි සිටියවුන්ගේ චරිතානුකූලව බුදුහු දහම් දෙසූහ. අගසවුදෙනම හැර සෙස්සෝ රහත් වූහ. අගසවුවන්ගේ ඉතිරිමාර්ගත්‍රය පිළිබඳ කටයුතු නොනිමියේය. කුමක් නිසාද? ශ්‍රාවක පාරමීඥානයේ මහත් බව නිසාය. අනතුරුව ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැවිදි වීමෙන් සත්වෙනි දවස මගධරට කල්ලවාළ නම් ගම ඇසුරෙහි වාසය කරන්නාහු කායික මානසික මැලිබවට පැමිණි විට බුදුරදුන් විසින් සංවේගයට පත් කරන ලදුව මැලිකම් හැර දමා බුදුන් විසින්ම දෙන ලද ධාතුකමටහන් වඩා ඉතිරි මාර්ගත්‍රයපිළිබඳ කටයුතු නිමවා ශ්‍රාවකපාරමීඥානය සම්පූර්ණ කළහ.

සාරිපුත‍්තත්‍ථෙරොපි පබ‍්බජිතදිවසතො අඩ‍්ඪමාසං අතික‍්කමිත්‍වා සත්‍ථාරා සද‍්ධිං තමෙව රාජගහං උපනිස‍්සාය සූකරඛතලෙණෙ විහරන‍්තො අත‍්තනො භාගිනෙය්‍යස‍්ස දීඝනඛපරිබ‍්බාජකස‍්ස වෙදනාපරිග‍්ගහසුත‍්තන‍්තෙ දෙසියමානෙ සුත‍්තානුසාරෙන ඤාණං පෙසෙත්‍වා පරස‍්ස වඩ‍්ඪිතභත‍්තං පරිභුඤ‍්ජන‍්තො විය සාවකපාරමිඤාණස‍්ස මත්‍ථකං පත‍්තො. නනු චායස‍්මා මහාපඤ‍්ඤො, අථ කස‍්මා මහාමොග‍්ගල‍්ලානතො චිරතරෙන සාවකපාරමිඤාණං පාපුණීති? පරිකම‍්මමහන‍්තතාය. යථා හි දුග‍්ගතමනුස‍්සා යත්‍ථ කත්‍ථචි ගන‍්තුකාමා ඛිප‍්පමෙව නික‍්ඛමන‍්ති, රාජූනං පන හත්‍ථිවාහනකප‍්පනාදිං මහන‍්තං පරිකම‍්මං ලද‍්ධුං වට‍්ටති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

සැරියුත්තෙරණුවෝද පැවිදි වී අඩමසක් පමණ ඉක්මවා බුදුරදුන් සමඟ ඒ රජගහනුවර සමීපයෙහි සූකරඛතලෙනෙහි වාසය කරන්නාහු, තම බෑණා වූ දීඝනඛ පිරිවැජියාට වේදනාපරිග්‍රහසූත්‍රය දේශනා කරන කල්හි ඒ දේශනාවට අනුව ඥානය උපදවාගෙන අනුන්ට ගෙනා බතක් වළදන්නාක් මෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි පරතෙරට පැමිණියාහුය. මේ තෙරණුවෝ මහාප්‍රාඥ නොවෙත්ද? නොඑසේනම් මහමුගලන් තෙරණුවන්ට වඩා පසු වී මෙතුමා ශ්‍රාවකපාරමීඥානයට පැමිණියේත් ඇයිද? පරිකර්ම මහත්වය හෙයිනි. යම්සේ දුප්පත් මිනිසෙක් යම්කිසි තැනකට යනු කැමති නම් ඔහු තමා සිටි තැනින් වහා පිටත් වී යයි. එහෙත් රජවරුන්ට එසේ නොවේ. ඔවුන්ට ඇත් ආදි වාහන පිළියෙළ කිරීමාදී බොහෝ කුදුමහත් කටයුතු දේ වෙයිද, මෙයද ඒ ලෙසින් දතයුතුය.

තං දිවසඤ‍්ඤෙව පන සත්‍ථා වඩ‍්ඪමානකච‍්ඡායාය වෙළුවනෙ සාවකසන‍්නිපාතං කත්‍වා ද‍්වින‍්නං ථෙරානං අග‍්ගසාවකට‍්ඨානං දත්‍වා පාතිමොක‍්ඛං උද‍්දිසි. භික‍්ඛූ උජ‍්ඣායිංසු – “සත්‍ථා මුඛොලොකනෙන භික‍්ඛං දෙති, අග‍්ගසාවකට‍්ඨානං දදන‍්තෙන නාම පඨමං පබ‍්බජිතානං පඤ‍්චවග‍්ගියානං දාතුං වට‍්ටති, එතෙ අනොලොකෙන‍්තෙන යසථෙරප‍්පමුඛානං පඤ‍්චපණ‍්ණාසභික‍්ඛූනං දාතුං වට‍්ටති, එතෙ අනොලොකෙන‍්තෙන භද‍්දවග‍්ගියානං තිංසජනානං, එතෙ අනොලොකෙන‍්තෙන උරුවෙලකස‍්සපාදීනං තෙභාතිකානං, එතෙ පන එත‍්තකෙ මහාථෙරෙ පහාය සබ‍්බපච‍්ඡා පබ‍්බජිතානං අග‍්ගසාවකට‍්ඨානං දදන‍්තෙන මුඛං ඔලොකෙත්‍වා දින‍්න”න‍්ති.

එදවසම බුදුහු පිරිස පිරිවරා සවස් වේලාවෙහි ශ්‍රාවක සංඝයා එක්තැන් කොට ඒ තෙරවරුන් දෙනමට අගසවු තනතුරු දී පාමොක් දෙසූහ. (ප්‍රාතිමෝක්ෂය කීම) භික්ෂුහු බුදුහු මුහුණ බලා තනතුරු දෙති, අගසවු තනතුරු දෙන විට පළමුව පැවිදි වූ පස්වග මහණුන්ට දිය යුතුය. ඔවුන් ගැන නොසලකතොත් ඊළඟට යස තෙරුන් ප්‍රමුඛ පනස්පහක් වූ භික්ෂු පිරිසට දිය යුතුය. ඔවුන් ගැනත් නොසලකතොත් හද්‍රවර්ගීයයන්ට දිය යුතුය. ඔවුනුත් සැලකිල්ලට නොගැනේ නම් උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන්ට දියයුතුය. මේ සියල්ලන්ම හැරදමා සියල්ලන්ටම පසුව පැවිදි වූවන්ට අගසවුතනතුරු දීම මුණ බලා කළ ක්‍රියාවකියි භික්ෂුහු දොස් නැගුහ.

සත්‍ථා, “කිං කථෙථ, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා, “ඉදං නාමා”ති වුත‍්තෙ “නාහං, භික‍්ඛවෙ, මුඛං ඔලොකෙත්‍වා භික‍්ඛං දෙමි, එතෙසං පන අත‍්තනා අත‍්තනා පත්‍ථිතපත්‍ථිතමෙව දෙමි. අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤො හි එකස‍්මිං සස‍්සෙ නව වාරෙ අග‍්ගසස‍්සදානං දදන‍්තො අග‍්ගසාවකට‍්ඨානං පත්‍ථෙත්‍වා නාදාසි, අග‍්ගධම‍්මං පන අරහත‍්තං සබ‍්බපඨමං පටිවිජ‍්ඣිතුං පත්‍ථෙත්‍වා අදාසී”ති. “කදා පන භගවා”ති? “සුණිස‍්සථ, භික‍්ඛවෙ”ති. “ආම, භන‍්තෙ”ති, භගවා අතීතං ආහරි –

බුදුහු මහණෙනි, කුමක් කියන්නහුදැයි අසා, මෙසේකථා කෙළෙමු යයි කී පසු මහණෙනි, මම මූණ බලා ආහාර හෝ තනතුරු දෙන්නෙක් නොවෙමි. මේ දෙදෙනා තමතමන් පතා ආ දෙයක්ම දුන්නෙමි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එකම කන්නක (අස්වනු වාරයක) නව වරක් අග්‍රසශ්‍යදන් දුන්නත් අගසවු තනතුරු පතා දුන්නේ නැත. අග්‍රධර්මය වූ අර්හත්වය සියල්ලන්ට පළමුව අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනා කරමින් දුන්නේය. භාග්‍යවතුන්වහන්ස, ඒ කවදාද? එසේ නම් මහණෙනි, අසව්යයි වදාළ කල්හි ඔවුහු එසේ යයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අතීතය ගෙනහැර පාමින් මෙසේ වදාළහ.

භික‍්ඛවෙ, ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සී නාම භගවා ලොකෙ උදපාදි. තදා මහාකාළො චූළකාළොති ද‍්වෙභාතිකා කුටුම‍්බිකා මහන‍්තං සාලික‍්ඛෙත‍්තං වපාපෙසුං. අථෙකදිවසං චූළකාළො සාලික‍්ඛෙත‍්තං ගන‍්ත්‍වා එකං සාලිගබ‍්භං ඵාලෙත්‍වා ඛාදි, තං අතිමධුරං අහොසි. සො බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස සාලිගබ‍්භදානං දාතුකාමො හුත්‍වා ජෙට‍්ඨභාතිකං උපසඞ‍්කමිත්‍වා, “භාතික, සාලිගබ‍්භං ඵාලෙත්‍වා බුද‍්ධානං අනුච‍්ඡවිකං කත්‍වා පචාපෙත්‍වා දානං දෙමා”ති ආහ. “කිං වදෙසි, තාත, සාලිගබ‍්භං ඵාලෙත්‍වා දානං නාම නෙව අතීතෙ භූතපුබ‍්බං, න අනාගතෙපි භවිස‍්සති, මා සස‍්සං නාසයී”ති; වුත‍්තොපි සො පුනප‍්පුනං යාචියෙව. අථ නං භාතා, “තෙන හි සාලික‍්ඛෙත‍්තං ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා මම කොට‍්ඨාසං අනාමසිත්‍වා අත‍්තනො කොට‍්ඨාසෙ ඛෙත‍්තෙ යං ඉච‍්ඡසි, තං කරොහී”ති ආහ. සො “සාධූ”ති ඛෙත‍්තං විභජිත්‍වා බහූ මනුස‍්සෙ හත්‍ථකම‍්මං යාචිත්‍වා සාලිගබ‍්භං ඵාලෙත්‍වා නිරුදකෙන ඛීරෙන පචාපෙත්‍වා සප‍්පිමධුසක‍්ඛරාදීහි යොජෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා භත‍්තකිච‍්චපරියොසානෙ – “ඉදං, භන‍්තෙ, මම අග‍්ගදානං අග‍්ගධම‍්මස‍්ස සබ‍්බපඨමං පටිවෙධාය සංවත‍්තතූ”ති ආහ. සත්‍ථා “එවං හොතූ”ති අනුමොදනමකාසි.

මහණෙනි, මීට කල්ප එක් අනුවකට පෙර විපස්සි බුදුහු ලොව පහළ වූහ. එකල මහාකාළ-චූළකාළ යයි කෙළෙඹි සොහොයුරෝ දෙදෙනෙක් විශාල ඇල්කෙතක් වැපුරූහ. පසුව එක් දිනක චූළකාළ හාල් (වී) කෙතට ගොස් එක් හැල් කරල්ගැබක් පලා කෑවේය. එය ඉතා මිහිරි විය. හෙතෙම බුදුන් ප්‍රමුඛ මහසඟනට හැල්ගැබ් (බණ්ඩි) දානයක් දෙනු කැමැත්තෙන් දෙටු සොහොයුරා ළඟට ගොස් සොහොයුරාණනි, හැල් බණ්ඩි පලා බුදුන්ට උචිත සේ පිස දානයක් දෙමුදැයි විචාළේය. දරුව, කුමක් කියන්නෙහිද? හැල්බණ්ඩි කරල් පලා දන් දීමක් අතීතයේ කිසි විටක නොවීය. අනාගතයේදීත් එබන්දක් වීමට නුපුළුවන. නිකම් අස්වනු විනාශ නොකරන්නැයි කියද්දීත් හෙතෙම නැවත නැවතත් ඇවිටිලි කළේය. ඉත්පසු ඔවුන් දෙදෙනාගේ හැක්කෙත දෙකට බෙදා මගේ කොටසට අත නොතබා ඔබේ කොටසට කැමැත්තක් කරගන්නැයි කීවේය. හෙතෙම මැනවැයි කෙත බෙදා බොහෝ මිනිසුන් වැඩෙහි යොදවා හැල්ගැබ් පලා දිය නුමුසු කිරිවලින් පිසවා ගිතෙල් මීපැණි හකුරු ආදියද දමා බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්දී බත්කිස කෙළවර ස්වාමීනි, මේ මගේ අග්‍රදානය සියල්ලන්ට ප්‍රථමව අග්‍රධර්මය අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කෙළේය. බුදුරජාණන් වහන්සේ එය එසේම වේවායි අනුමෝදනා කළසේක.

සො ඛෙත‍්තං ගන‍්ත්‍වා ඔලොකෙන‍්තො සකලක‍්ඛෙත‍්තං කණ‍්ණිකබද‍්ධෙහි විය සාලිසීසෙහි සඤ‍්ඡන‍්නං දිස‍්වා පඤ‍්චවිධපීතිං පටිලභිත්‍වා, “ලාභා වත මෙ”ති චින‍්තෙත්‍වා පුථුකකාලෙ පුථුකග‍්ගං නාම අදාසි, ගාමවාසීහි සද‍්ධිං අග‍්ගසස‍්සදානං නාම අදාසි, ලායනෙ ලායනග‍්ගං, වෙණිකරණෙ වෙණග‍්ගං, කලාපාදීසු කලාපග‍්ගං, ඛලග‍්ගං, ඛලභණ‍්ඩග‍්ගං, කොට‍්ඨග‍්ගන‍්ති. එවං එකසස‍්සෙ නව වාරෙ අග‍්ගදානං අදාසි. තස‍්ස සබ‍්බවාරෙසු ගහිතගහිතට‍්ඨානං පරිපූරි, සස‍්සං අතිරෙකං උට‍්ඨානසම‍්පන‍්නං අහොසි. ධම‍්මො හි නාමෙස අත‍්තානං රක‍්ඛන‍්තං රක‍්ඛති. තෙනාහ භගවා –

හෙතෙම පසුව ඇල්කෙතට ගොස් බලන විට මුළු කෙතම ඇල්කරල් මිටි බැන්දාක් මෙන් ඇල්කරලින් ගැවසී ගෙන තිබෙනු දැක පස්වනක් ප්‍රීතිය ලැබ මට වූයේ මහා ලාභයකියි සිතා, නොමේරූ කාලයෙහි පුථුකග්ග (හබලපෙති) නම් දානයක්ද, ගොයම් කපන කාලයෙහි දායග්ග නම් දානයක්ද, ගොයම් කපා උප්පිඩි (කුඩා මිටි) කරන කාලයෙහි වෙණග්ග නම් දානයක්ද, මහපිඩි (ලොකුමිටි) කරන කාලයෙහි කලාපග්ග නම් දානයක්ද, කමතට අදින කාලයෙහි කළග්ග නම් දානයක්ද, ගොයම් පාගන කාලයෙහි ඛළහණ්ඩග්ග නම් දානයක්ද, වී අටුවේ තැන්පත් කරන වේලෙහි කොට්ඨග්ග නම් දානයක් දැයි මෙසේඑක් සශ්‍ය වාරයක (කන්නකදී) දීනවවරක් අග්‍රදාන දුන්නේය. ඒ හැම වරකදීම ගත් ගත් තැන් කරලින් වීවලින් පිරී ගියේය. අස්වනු අතිරේක වශයෙනුදු වැඩී ගියේය. මේ ධර්මය නම් රැකි පමණින් තමන්ද රැකෙනසුලු වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසිනුදු මෙසේ වදාළ සේක.

“ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති; එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102) –

දැහැමි ලෙස හැසිරෙන අය දහමෙන් ම සුරැකෙති දහම පුහුණු කළ විට සුබ සැපතක්ම ගෙන දේ දහම පුහුණු කළ විට මේ අනුසස් ම ගෙන දේ කිසි දා කිසි ම විට ඔහු දුගතියක නොවැටෙයි.

“එවමෙස විපස‍්සීසම‍්මාසම‍්බුද‍්ධකාලෙ අග‍්ගධම‍්මං පඨමං පටිවිජ‍්ඣිතුං පත්‍ථෙන‍්තො නව වාරෙ අග‍්ගදානානි අදාසි. ඉතො සතසහස‍්සකප‍්පමත්‍ථකෙ පන හංසවතීනගරෙ පදුමුත‍්තරසම‍්බුද‍්ධකාලෙපි සත‍්තාහං මහාදානං දත්‍වා තස‍්ස භගවතො පාදමූලෙ නිපජ‍්ජිත්‍වා අග‍්ගධම‍්මස‍්ස පඨමං පටිවිජ‍්ඣනත්‍ථමෙව පත්‍ථනං ඨපෙසි. ඉති ඉමිනා පත්‍ථිතමෙව මයා දින‍්නං, නාහං, භික‍්ඛවෙ, මුඛං ඔලොකෙත්‍වා දෙමී”ති.

මෙසේ මොහු විපස්සි බුදුන් සමයෙහි අග්‍රධර්මය පළමුවෙන් අවබෝධ කිරීමට ප්‍රාර්ථනා කරමින් නව වරක් අග්‍රදන් දුන්නේය. මින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් කාලයෙහිද සත්දිනක් මහදන්දී ඒ බුදුන්ගේ පාමුල වැඳ වැටී අග්‍රධර්මය පළමුව අවබෝධ කර ගැනීමට ප්‍රාර්ථනා තැබීය. මෙසේ ඔහු විසින් පතාගෙන ආ දෙය මම දුනිමි. මම මූණ බලා යමක් දෙන්නෙම් නොවෙමි.

“යසකුලපුත‍්තප‍්පමුඛා පඤ‍්චපඤ‍්ඤාස ජනා කිං කම‍්මං කරිංසු, භන‍්තෙ”ති? “එතෙපි එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ අරහත‍්තං පත්‍ථෙන‍්තා බහුං පුඤ‍්ඤකම‍්මං කත්‍වා අපරභාගෙ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ සහායකා හුත්‍වා වග‍්ගබන්‍ධනෙන පුඤ‍්ඤානි කරොන‍්තා අනාථමතසරීරානි පටිජග‍්ගන‍්තා විචරිංසු. තෙ එකදිවසං සගබ‍්භං ඉත්‍ථිං කාලකතං දිස‍්වා, ‘ඣාපෙස‍්සාමා’ති සුසානං හරිංසු. තෙසු පඤ‍්ච ජනෙ ‘තුම‍්හෙ ඣාපෙථා’ති සුසානෙ ඨපෙත්‍වා සෙසා ගාමං පවිට‍්ඨා.

ස්වාමීනි, යසකුල පුතුන් ප්‍රමුඛ පස්පනස්දෙනා කවරකර්මයක් කරන ලද්දාහුද? මොවුහුද එක් බුදුවරයන්වහන්සේ නමක් හමුවෙහි රහත් බව පතා බොහෝ පින්කම් කොට මෑත භාගයෙහි බුදුන් පහළ නොවූ කාලයක යහළුවන්ව (වර්ග වශයෙන්) කොටස් වශයෙන් බෙදී පින්කම් කරමින්, අනාථවූද, මැරුණාවූද අයගේ සිරුරු පිළිබඳව පිළිදැගුම් කරමින් හැසුරුණාහ. ඔවුහු එක් දිනක් දරු ගැබක් සහිතව මැරුණු ස්ත්‍රියකගේ සිරුරක් දැක, මෙය දවන්නෙමු යයි සොහොනට ගෙනගියාහුය. එයින් පස්දෙනෙක් සොහොනෙහි නවත්වා තෙපි මෙය දවාලනු යයි කියා සෙස්සෝ ගමට ගියාහුය.

යසදාරකො තං මතසරීරං සූලෙහි විජ‍්ඣිත්‍වා පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා ඣාපෙන‍්තො අසුභසඤ‍්ඤං පටිලභි, ඉතරෙසම‍්පි චතුන‍්නං ජනානං – ‘පස‍්සථ, භො, ඉමං සරීරං තත්‍ථ තත්‍ථ විද‍්ධංසිතචම‍්මං, කබරගොරූපං විය අසුචිං දුග‍්ගන්‍ධං පටිකූල’න‍්ති දස‍්සෙසි. තෙපි තත්‍ථ අසුභසඤ‍්ඤං පටිලභිංසු. තෙ පඤ‍්චපි ජනා ගාමං ගන‍්ත්‍වා සෙසසහායකානං කථයිංසු. යසො පන දාරකො ගෙහං ගන‍්ත්‍වා මාතාපිතූනඤ‍්ච භරියාය ච කථෙසි. තෙ සබ‍්බෙපි අසුභං භාවයිංසු. ඉදමෙතෙසං පුබ‍්බකම‍්මං. තෙනෙව යසස‍්ස ඉත්‍ථාගාරෙ සුසානසඤ‍්ඤා උප‍්පජ‍්ජි, තාය ච උපනිස‍්සයසම‍්පත‍්තියා සබ‍්බෙසම‍්පි විසෙසාධිගමො නිබ‍්බත‍්ති. එවං ඉමෙපි අත‍්තනා පත්‍ථිතමෙව ලභිංසු. නාහං මුඛං ඔලොකෙත්‍වා දම‍්මී”ති.

යසකුල පුත්‍රයා ඒ සිරුර උළෙන් ඇන විදිමින් පෙරළා පෙරළා දවන විට අශුභසංඥාව ලැබුවේය. අනික් සතරදෙනාටද පින්වතුනි, මේ සිරුර තැනින් තැන ගැළවීගිය සම නිසා පුල්ලි වැටුණු ගවරූපයක් බඳු විය. අශූචියෙන් පිරී දුර්ගන්ධය පිළිකුල්දැයි බලව් යයි කීය. ඔවුහුද ඒ නිමිති කොට අශුභසංඥාව ලැබූහ. ඒ පස්දෙනාම ගමට ගොස් මේ පුවත සෙසු යහළුවන්ටද කීහ. යස නම් දරුවා ගෙදර ගොස් මවුපියන් හා බිරියටද කථා කොට මෙසේ කීවේය. ඒ සියලු දෙනාමත් අශුභ භාවනාව වැඩූහ. මේ ඔවුන්ගේ පූර්ව කර්මයයි. එහෙයින්ම යස කුල පුතුට වනිතා නිවාසය තුළම සුසානසංඥාවද පහළ විණි. ඒ විශේෂ උපනිශ්‍රය සම්පත්තියෙන් සියල්ලන්ටම විශේෂ අධිගමයන්ද උපනි. මෙසේ මොවුහුද තමතමන් පතා ආ දෙයක්ම ලැබූහ. මම ඔවුන්ට මුණ බලා තනතුරු නොදුන්නෙමි.

“භද‍්දවග‍්ගියසහායකා පන කිං කම‍්මං කරිංසු, භන‍්තෙ”ති? “එතෙපි පුබ‍්බබුද‍්ධානං සන‍්තිකෙ අරහත‍්තං පත්‍ථෙත්‍වා පුඤ‍්ඤානි කත්‍වා අපරභාගෙ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ තිංස ධුත‍්තා හුත්‍වා තුණ‍්ඩිලොවාදං සුත්‍වා සට‍්ඨිවස‍්සසහස‍්සානි පඤ‍්ච සීලානි රක‍්ඛිංසු. එවං ඉමෙපි අත‍්තනා පත්‍ථිතමෙව ලභිංසු. නාහං මුඛං ඔලොකෙත්‍වා දම‍්මී”ති.

ස්වාමීනි, භද්‍රවර්ගීය යහළුවෝ කුමක් කළාහුද? මොවුහු ද පෙර බුදුවරයන් සමීපයෙහි රහත්බව පතා පින්කම් කොට මෑත කාලයෙහි බුදුවරයකු පහළ නොවූ සමයෙක ධූර්තයන් තිහක්ව සිට තුණ්ඩිලෝවාද අසා වර්ෂසැටදහසක් පන්සිල් රැක්කාහුය. මෙසේ මොවුහුද තමන් පැතුවක්ම ලද්දාහුය. මම ඔවුන්ටද මුණ බලා තනතුරු නුදුන්නෙමි.

“උරුවෙලකස‍්සපාදයො පන කිං කම‍්මං කරිංසු, භන‍්තෙ”ති? “තෙපි අරහත‍්තමෙව පත්‍ථෙත්‍වා පුඤ‍්ඤානි කරිංසු. ඉතො හි ද‍්වෙනවුතිකප‍්පෙ තිස‍්සො ඵුස‍්සොති ද‍්වෙ බුද‍්ධා උප‍්පජ‍්ජිංසු. ඵුස‍්සබුද‍්ධස‍්ස මහින්‍දො නාම රාජා පිතා අහොසි. තස‍්මිං පන සම‍්බොධිං පත‍්තෙ රඤ‍්ඤො කනිට‍්ඨපුත‍්තො පඨමඅග‍්ගසාවකො පුරොහිතපුත‍්තො දුතියඅග‍්ගසාවකො අහොසි. රාජා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා – ‘ජෙට‍්ඨපුත‍්තො මෙ බුද‍්ධො, කනිට‍්ඨපුත‍්තො පඨමඅග‍්ගසාවකො, පුරොහිතපුත‍්තො දුතියඅග‍්ගසාවකො’ති තෙ ඔලොකෙත්‍වා, ‘මමෙව බුද‍්ධො, මමෙව ධම‍්මො, මමෙව සඞ‍්ඝො, නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති තික‍්ඛත‍්තුං උදානං උදානෙත්‍වා සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, ‘භන‍්තෙ, ඉදානි මෙ නවුතිවස‍්සසහස‍්සපරිමාණස‍්ස ආයුනො කොටියං නිසීදිත්‍වා නිද‍්දායනකාලො විය අඤ‍්ඤෙසං ගෙහද‍්වාරං අගන‍්ත්‍වා යාවාහං ජීවාමි, තාව මෙ චත‍්තාරො පච‍්චයෙ අධිවාසෙථා’ති පටිඤ‍්ඤං ගහෙත්‍වා නිබද‍්ධං බුද‍්ධුපට‍්ඨානං කරොති.

ස්වාමීනි, උරුවේල කාශ්‍යපාදීහු කුමක් කළාහුද? ඔවුහුද රහත්බවම පතා නොයෙක් පින් කළහ. මෙයින් කල්ප අනූදෙකකට පෙර තිස්ස නම් වූද, ඵුස්ස නම්වූ ද බුදුවරු දෙනමක් ලොව පහළ වූහ. මහින්ද නම් රජු ඵුස්ස බුදුන්ගේ පියා විය. උන්වහන්සේ බුදුවූ පසු රජුගේ බාලපුතා අග්‍රශ්‍රාවක විය. පුරෝහින පුතා දෙවෙනි ශ්‍රාවක විය. මෙසේ ඒ අය දෙස බලා බුදුනුත් මගේමය, දහමත් මගේමය, සංඝයාත් මගේමය. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) යි තෙවරක් උදන් අනා (ප්‍රීති වාක්‍ය කියා) බුදුන් පාමුල වැඳ වැටී, ස්වාමීනි, දැන් මට අවුරුදු අනූදහසක් ගෙවී ඇත. දැන් වැදහෙවී නිදා සිටින තත්ත්වයට පැමිණ සිටිමි. මින්පසු වෙනත් කෙනකුගේ ගෙදරකට නොගොස් මා ජීවත් වන තුරුම, මගේම සිවුපසය ඉවසා වදාළ මැනවයි ප්‍රතිඥා ලබාගෙන නිරන්තරව බුධෝපස්ථාන කරයි.

රඤ‍්ඤො පන අපරෙපි තතො පුත‍්තා අහෙසුං. තෙසු ජෙට‍්ඨස‍්ස පඤ‍්ච යොධසතානි පරිවාරානි, මජ‍්ඣිමස‍්ස තීණි, කනිට‍්ඨස‍්ස ද‍්වෙ. තෙ ‘මයම‍්පි භාතිකං භොජෙස‍්සාමා’ති පිතරං ඔකාසං යාචිත්‍වා අලභමානා පුනප‍්පුනං යාචන‍්තාපි අලභිත්‍වා පච‍්චන‍්තෙ කුපිතෙ තස‍්ස වූපසමනත්‍ථාය පෙසිතා පච‍්චන‍්තං වූපසමෙත්‍වා පිතු සන‍්තිකං ආගමිංසු. අථ නෙ පිතා ආලිඞ‍්ගිත්‍වා සීසෙ චුම‍්බිත්‍වා, ‘වරං වො, තාතා, දම‍්මී’ති ආහ.

ඒ රජුට තවත් පුතුන් සිවුදෙනෙක් සිටියහ. එයින් දෙටු පුතාට පිරිවර යෝධයන් පන්සීයකි. මද්දුම පුතාට තුන්සීයකි. බාලපුතාට දෙසීයකි. ඔවුහු අපිත් අපේ සහෝදරයාට ආරාධනා කොට වළදවන්නෙමු යයි සිතා ඒ සඳහා පියාගෙන් අවසර ඉල්ලා සිටියහ. නැවත නැවතත් ඉල්වු නමුත් අවසර නොලැබිණි. මේ අතර ප්‍රත්‍යන්තවල යම් යම් කලබල හටගත් නිසා ඒවා මැඩ පවත්වනු සඳහා පුත්‍රයන් එහි යැවීය. ඔවුහු ගොස් කලබල මැඩ පවත්වා ආපසු පැමිණි කල්හි පියරජු ඔවුන් හිස සිඹ වැළඳගෙන දරුවනි, මම නුඹලාට වරයක් දෙනු කැමැත්තෙමියි කීය.

“තෙ ‘සාධු දෙවා’ති වරං ගහිතකං කත්‍වා පුන කතිපාහච‍්චයෙන පිතරා ‘ගණ‍්හථ, තාතා, වර’න‍්ති වුත‍්තා, “දෙව, අම‍්හාකං අඤ‍්ඤෙන කෙනචි අත්‍ථො නත්‍ථි, ඉතො පට‍්ඨාය මයං භාතිකං භොජෙස‍්සාම, ඉමං නො වරං දෙහී”ති ආහංසු. ‘න දෙමි, තාතා’ති. ‘නිච‍්චකාලං අදෙන‍්තො සත‍්ත සංවච‍්ඡරානි දෙථ, දෙවා’ති. ‘න දෙමි, තාතා’ති. ‘තෙන හි ඡ පඤ‍්ච චත‍්තාරි තීණි ද‍්වෙ එකං සංවච‍්ඡරං දෙථ, දෙවා’ති. ‘න දෙමි, තාතා’ති. ‘තෙන හි, දෙව, සත‍්ත මාසෙ දෙථා’ති. ‘ඡ මාසෙ පඤ‍්ච මාසෙ චත‍්තාරො මාසෙ තයො මාසෙ දෙථ, දෙවා’ති. ‘න දෙමි, තාතා’ති. ‘හොතු, දෙව, එකෙකස‍්ස නො එකෙකං මාසං කත්‍වා තයො මාසෙ දෙථා’ති. ‘සාධු, තාතා, තෙන හි තයො මාසෙ භොජෙථා’ති ආහ. තෙ තුට‍්ඨා රාජානං වන්‍දිත්‍වා සකට‍්ඨානමෙව ගතා. තෙසං පන තිණ‍්ණම‍්පි එකොව කොට‍්ඨාගාරිකො, එකොව ආයුත‍්තකො, තස‍්ස ද‍්වාදසනහුතා පුරිසපරිවාරා. තෙ තෙ පක‍්කොසාපෙත්‍වා, ‘මයං ඉමං තෙමාසං දස සීලානි ගහෙත්‍වා ද‍්වෙ කාසාවානි නිවාසෙත්‍වා සත්‍ථාරා සහවාසං වසිස‍්සාම, තුම‍්හෙ එත‍්තකං නාම දානවත‍්තං ගහෙත්‍වා දෙවසිකං නවුතිසහස‍්සානං භික‍්ඛූනං යොධසහස‍්සස‍්ස ච සබ‍්බං ඛාදනීයභොජනීයං පවත‍්තෙය්‍යාථ. මයඤ‍්හි ඉතො පට‍්ඨාය න කිඤ‍්චි වක‍්ඛාමා’ති වදිංසු.

දරුවෝ ඒ වරය අපි පසුව ගන්නෙමුයයි නැවත කීප දිනකින් දරුවනි වරය ගනුවයි දැන්වූ කල දේවයිනි, අපට අන් කිසිවකින් පලක් නැත. මෙතැන් පටන් අපි අපේ සොහොයුරා වළඳවා පෝෂණය කරන්නෙමු, අපට මේ වරය දෙනු මැනවැයි ඉල්ලා සිටියහ. දරුවනි, එය නම් දිය නොහැකියි. සදහටම නොවේ නම් සත් අවුරුද්දකට දෙනු මැනවි පියාණනි, දරුවනි එය දිය නොහැකියි. එසේ නම් අවුරුදු හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, හත්මාසයක්, සමසක්, පහක්, හතරක්, තෙමසක්වත් දෙන්නැයි ඉල්වා සිටියහ. රජු එය ද ප්‍රතික්ෂේප කෙළේය. දරුවෝ එසේ නම් පියාණනි, අප එකිනෙකාට මාසය බැගින් තෙමසක් දෙන්නැයි ඉල්ලූහ. රජු යහපත දරුවනි, එසේ නම්, තෙමසක් දන්දෙවුයයි තෙමසකට අවසර දුන්නේය. ඒ තිදෙනාට එකම ගබඩාකරුවෙක්ද, එකම අයවැය නියෝජිතයෙක් ද විය. දොළොස් නහුතයක් පුරුෂයෝ පිරිවර වූහ. ඔවුහු ඒ පිරිවර කැඳවා අපි මේ තුන්මස දසසිල් සමාදන්ව හඳනා පොරවනා හැඳ පෙරව බුදුන් සමඟ වසන්නෙමු, තෙපි මෙපමණ දන්වැට සාදා දිනපතා අනූදහසක් භික්ෂූන්ටද, අපගේ යෝධයන් දහසටද කෑම බීම පිළියෙළ කරව්. අපි මෙතැන් පටන් කිසිවක් නොකියන්නෙමුයයි කීහ.

“තෙ තයොපි ජනා පරිවාරසහස‍්සං ගහෙත්‍වා දස සීලානි සමාදාය කාසායවත්‍ථානි නිවාසෙත්‍වා විහාරෙයෙව වසිංසු. කොට‍්ඨාගාරිකො ච ආයුත‍්තකො ච එකතො හුත්‍වා තිණ‍්ණං භාතිකානං කොට‍්ඨාගාරෙහි වාරෙන වාරෙන දානවත‍්තං ගහෙත්‍වා දානං දෙන‍්ති, කම‍්මකාරානං පන පුත‍්තා යාගුභත‍්තාදීනං අත්‍ථාය රොදන‍්ති. තෙ තෙසං භික‍්ඛුසඞ‍්ඝෙ අනාගතෙයෙව යාගුභත‍්තාදීනි දෙන‍්ති. භික‍්ඛුසඞ‍්ඝස‍්ස භත‍්තකිච‍්චාවසානෙ කිඤ‍්චි අතිරෙකං න භූතපුබ‍්බං. තෙ ‘අපරභාගෙ දාරකානං දෙමා’ති අත‍්තනාපි ගහෙත්‍වා ඛාදිංසු. මනුඤ‍්ඤං ආහාරං දිස‍්වා අධිවාසෙතුං නාසක‍්ඛිංසු. තෙ පන චතුරාසීතිසහස‍්සා අහෙසුං.

ඒ තිදෙන පිරිවර දහසක් සමඟ දසසිල් සමාදන්ව කහවත් හැඳ පෙරවාගෙන විහාරයෙහිම විසුහ. ගබඩාකරු හා ආයුත්තක දෙදෙනා එක්ව සහෝදරයන් තිදෙනාගේ ගබඩාවලින් වාරයෙන් වාරය දන්වැට - දන් වියදම් ගෙන දන් දෙති. කම්කරුවන්ගේ පුත්තු ආහාරපාන - කැඳබත් දැක හඬති. කම්කරුවෝ භික්ෂූන් පැමිණෙන්නටත් කලින් දුපුතුන්ට කැඳබත් ආදිය දෙති. භික්ෂුන් දන් වැළඳූ කල්හි කිසිවක් ඉතිරි නොවීය. පසුව කම්කරුවෝ පොඩි දරුවන්ට දෙන නියායෙන් තමනුත් ගෙන කෑහ. ඔවුන්ට මිහිරි ආහාර දැක, ඒ සුවඳ ඉවසා සිටින්ට නොහැකි විය. ඔවුහුද අසූහාරදාහක් පමණ පිරිසක් වූහ.

තෙ සඞ‍්ඝස‍්ස දින‍්නදානවත‍්තං ඛාදිත්‍වා කායස‍්ස භෙදා පරං මරණා පෙත‍්තිවිසයෙ නිබ‍්බත‍්තිංසු. තෙභාතිකා පන පුරිසසහස‍්සෙන සද‍්ධිං කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවලොකා මනුස‍්සලොකං, මනුස‍්සලොකා දෙවලොකං සංසරන‍්තා ද‍්වෙනවුතිකප‍්පෙ ඛෙපෙසුං. ‘එවං තෙ තයො භාතරො අරහත‍්තං පත්‍ථෙන‍්තා තදා කල්‍යාණකම‍්මං කරිංසු. තෙ අත‍්තනා පත්‍ථිතමෙව ලභිංසු. නාහං මුඛං ඔලොකෙත්‍වා දම‍්මී’”ති.

ඔවුහු සංඝයාට දෙන දන්වැට තමන් කාදමා මරණින් පසු ප්‍රේත ආත්මයන්හි උපන්හ. ඒ සොහොයුරෝ පිරිවර දහසක් සමඟ කළුරිය කොට දෙව්ලොව ඉපැද දෙව්ලොවින් දෙව්ලොවට සැරිසරන්නාහු කල්ප අනූදෙකක් කල් ගෙවූහ. මෙසේ ඒ සහෝදරයෝ රහත් බව පතා එකල්හි යහපත් වැඩම කළහ. එහෙයින් තමන් පැතූවක්ම ලදහ. මම ඔවුන්ගේ මුණු බලා තනතුරු නුදුන්නෙමි.

තදා පන තෙසං ආයුත‍්තකො බිම‍්බිසාරො රාජා අහොසි, කොට‍්ඨාගාරිකො විසාඛො උපාසකො. තයො රාජකුමාරා තයො ජටිලා අහෙසුං.

එකල ඔවුන්ගේ ආයුත්තක නම් බිම්බිසාරය. ගබඩාකරු නම් විශාඛඋපාසක තෙමේය. රාජකුමාරවරු තිදෙනා නම් තුන්බෑ ජටිලයෝය.

තෙසං කම‍්මකාරා තදා පෙතෙසු නිබ‍්බත‍්තිත්‍වා සුගතිදුග‍්ගතිවසෙන සංසරන‍්තා ඉමස‍්මිං කප‍්පෙ චත‍්තාරි බුද‍්ධන‍්තරානි පෙතලොකෙයෙව නිබ‍්බත‍්තිංසු. තෙ ඉමස‍්මිං කප‍්පෙ සබ‍්බපඨමං උප‍්පන‍්නං චත‍්තාලීසවස‍්සසහස‍්සායුකං කකුසන්‍ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා, “අම‍්හාකං ආහාරං ලභනකාලං ආචික‍්ඛථා”ති පුච‍්ඡිංසු. සො “මම තාව කාලෙ න ලභිස‍්සථ, මම පච‍්ඡතො මහාපථවියා යොජනමත‍්තං අභිරුළ‍්හාය කොණාගමනො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තං පුච‍්ඡෙය්‍යාථා”ති ආහ. තෙ තත‍්තකං කාලං ඛෙපෙත්‍වා තස‍්මිං උප‍්පන‍්නෙ තං පුච‍්ඡිංසු. සොපි “මම කාලෙ න ලභිස‍්සථ, මම පච‍්ඡතො මහාපථවියා යොජනමත‍්තං අභිරුළ‍්හාය කස‍්සපො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තං පුච‍්ඡෙය්‍යාථා”ති ආහ. තෙ තත‍්තකං කාලං ඛෙපෙත්‍වා තස‍්මිං උප‍්පන‍්නෙ තං පුච‍්ඡිංසු. සොපි “මම කාලෙ න ලභිස‍්සථ, මම පන පච‍්ඡතො මහාපථවියා යොජනමත‍්තං අභිරුළ‍්හාය ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තදා තුම‍්හාකං ඤාතකො බිම‍්බිසාරො නාම රාජා භවිස‍්සති, සො සත්‍ථු දානං දත්‍වා තුම‍්හාකං පත‍්තිං පාපෙස‍්සති, තදා ලභිස‍්සථා”ති ආහ. තෙසං එකං බුද‍්ධන‍්තරං ස‍්වෙදිවසසදිසං අහොසි. තෙ තථාගතෙ උප‍්පන‍්නෙ බිම‍්බිසාරරඤ‍්ඤා පඨමදිවසං දානෙ දින‍්නෙ පත‍්තිං අලභිත්‍වා රත‍්තිභාගෙ භෙරවසද‍්දං කත්‍වා රඤ‍්ඤො අත‍්තානං දස‍්සයිංසු. සො පුනදිවසෙ වෙළුවනං ගන‍්ත්‍වා තථාගතස‍්ස තං පවත‍්තිං ආරොචෙසි.

ඔවුන්ගේ කම්කරුවෝ එකල්හි ප්‍රේත ලෝකයෙහි ඉපදී සුගති දුර්ගති වශයෙන් සැරිසරමින් අවුත් මේ කල්පයෙහි බුද්ධාන්තර සතරක් සේආත්මභාවවලම උපන්හ. ඔවුහු මෙකප සියල්ලන්ටම ප්‍රථම උපන් සතළිස් දහසක් ආයුෂ ඇති කකුසන්ධ නම් බුදුන් හමුවට පැමිණ අපට ආහාරයක් ලැබෙන කාලය කියන්නැයි ඉල්ලා සිටියහ. ඒ බුදුරජාණන්වහසේත් මාගේ බුද්ධකාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහ පොළොව යොදුනක් පමණ වැඩී ගිය පසු කෝණාගමන නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේය. උන්වහන්සේගෙන් අසා බලව් යයි වදාළහ. ඔවුහු එතෙක් කලක් ගෙවා කෝණාගමන බුදුන් උපන් කල්හි ඒ බුදුරදුන්ගෙන් ඇසූහ. උන්වහන්සේත් මාගේ කාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහා පෘථුවිය යොදුනක් පමණ වැඩී ගිය කල කාශ්‍යප නම් බුදුන් ලොව පහළ වෙයි. උන්වහන්සේගෙන් අසා බලව්යයි වදාළහ. ඒ කාලය ගෙවා කාශ්‍යප බුදුන් පහළ වූ කල උන්වහන්සේගෙන් ඇසූහ. මාගේ කාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහා පෘථුවිය යොදුනක් පමණ වැඩී ගිය කල ගෞතම නම් බුදුහු ලොව පහළ වෙති. එකල තොපට වූ බිම්බිසාර නම් රජෙක් රජ වෙයි. හෙතෙම බුදුන්ට දන්දී තොපට පින් පමුණුවන්නේය. එදාට තෙපි ආහාර ලබන්නහුයයි ප්‍රකාශ කළහ. ඔවුනට එක් බුද්ධාන්තරයක් හෙට දවස මෙන් විය. තථාගතයන් වහන්සේ පහළ වූ කල්හි බිම්බිසාර රජු ඒ බුදුන්ට දන් පිළිගැන්වීය. එහෙත් මළප්‍රේතයන්ට පින් දුන්නේ නැත. ඔවුහු පින් නොලැබ රාත්‍රි භාගයෙහි භයානක ශබ්ද කොට රජුට තමන් ප්‍රදර්ශනය කළාහුය. දෙවෙනි දින රජු වේළුවනයට අවුත් තථාගතයන්වහන්සේට ඒ පුවත දන්වා සිටියේය.

සත්‍ථා, “මහාරාජ, ඉතො ද‍්වෙනවුතිකප‍්පමත්‍ථකෙ ඵුස‍්සබුද‍්ධකාලෙ එතෙ තව ඤාතකා, භික‍්ඛුසඞ‍්ඝස‍්ස දින‍්නදානවත‍්තං ඛාදිත්‍වා පෙතලොකෙ නිබ‍්බත‍්තිත්‍වා සංසරන‍්තා කකුසන්‍ධාදයො බුද‍්ධෙ පුච‍්ඡිත්‍වා තෙහි ඉදඤ‍්චිදඤ‍්ච වුත‍්තා එත‍්තකං කාලං තව දානං පච‍්චාසීසමානා හිය්‍යො තයා දානෙ දින‍්නෙ පත‍්තිං අලභමානා එවමකංසූ”ති ආහ. “කිං පන, භන‍්තෙ, ඉදානිපි දින‍්නෙ ලභිස‍්සන‍්තී”ති? “ආම, මහාරාජා”ති. රාජා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා පුනදිවසෙ මහාදානං දත්‍වා, “භන‍්තෙ, ඉතො තෙසං පෙතානං දිබ‍්බඅන‍්නපානං සම‍්පජ‍්ජතූ”ති පත‍්තිං අදාසි, තෙසං තථෙව නිබ‍්බත‍්ති.

ශාස්තෘන්වහන්සේ, මෙයට දෙයානු කල්පයකට පෙර ථුස්ස නම් බුදුන් කල මොවුහු ඔබේ නෑයෝ වූහ. භික්ෂු සංඝයාට දුන් දන්වැට කා ප්‍රේත ලෝකයෙහි ඉපැද සැරිසරමින් කකුසන්ධාදි බුදුවරුන්ගෙන් අසමින්, උන්වහන්සේලා මෙසේ මෙසේ කීහයි කී කල මෙතෙක් කල් ඔබේ දන්දීමත් පිදීමත් බලාපොරොත්තු වූහ. ඊයේ ඔබ දන්දුන් නමුත් ඔවුන්ට පින් නොදුන් හෙයින් මෙසේබිහිසුණු ශබ්ද කළාහුයයි වදාළහ. ස්වාමීනි, කිම දැන් දන් දුන්නොත් ඔවුහු පින් ලබන්නාහුද, මහ රජ එසේය. රජු බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට දෙවෙනි දිනයේ මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්ස, මේ පින් බලයෙන් ඒ ප්‍රේතයන්ට දිව්‍යමයවූ ආහාර පාන ලැබේවා යි පින්දී ප්‍රාර්ථනා කෙළේය. ඔවුන්ට ඒ පැතූ ලෙසම සැප සම්පත් ලැබිණි.

පුනදිවසෙ නග‍්ගා හුත්‍වා අත‍්තානං දස‍්සෙසුං. රාජා “අජ‍්ජ, භන‍්තෙ, නග‍්ගා හුත්‍වා අත‍්තානං දස‍්සෙසු”න‍්ති ආරොචෙසි. “වත්‍ථානි තෙ න දින‍්නානි, මහාරාජා”ති. රාජාපි පුනදිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස චීවරදානං දත්‍වා, “ඉතො තෙසං පෙතානං දිබ‍්බවත්‍ථානි හොන‍්තූ”ති පාපෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙව තෙසං දිබ‍්බවත්‍ථානි උප‍්පජ‍්ජිංසු. තෙ පෙතත‍්තභාවං විජහිත්‍වා දිබ‍්බත‍්තභාවෙ සණ‍්ඨහිංසු. සත්‍ථා අනුමොදනං කරොන‍්තො “තිරොකුට‍්ටෙසු තිට‍්ඨන‍්තී”තිආදිනා (ඛු· පා· 7.1; පෙ· ව· 14) තිරොකුට‍්ටානුමොදනං අකාසි. අනුමොදනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. ඉති සත්‍ථා තෙභාතිකජටිලානං වත්‍ථුං කථෙත්‍වා ඉමම‍්පි ධම‍්මදෙසනං ආහරි.

දෙවෙනි දින ඔවුහු නග්නව රජු ඉදිරියේ පෙනී සිටියාහුය. රජු, ස්වාමීනි, අද ඔවුහු නග්නව පෙනී සිටියාහුය. ඒ ඇයිදැයි විචාළේය. බුදුහු ඔබ වස්ත්‍ර දන්දුන්නෙහිදයි ඇසූහ. දෙවෙනි දින බුදුන් ප්‍රමුඛ සංඝයාට සිවුරු පූජා කොට මේ පිනෙන් ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබේවායි පින් දුන්නේය. එකෙණෙහිම ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර පහළ විය. ප්‍රේතාත්මභාවයන් හැර දමා දිව්‍යාත්මභාව ලැබුවාහුය. ශාස්තෘන්වහන්සේ තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති ආදි වශයෙන් තිරොකුඩ්ඩ සූත්‍රයෙන් අනුමෝදනා කළසේක. අනුමෝදනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ ශාස්තෘන්වහන්සේ තේභාතික ජටිලයන්ගේ කථාවස්තුව වදාරා මේ ධර්මදේශනාවද ගෙනහැර දැක්වූ සේක.

අග‍්ගසාවකා පන, “භන‍්තෙ, කිං කරිංසූ”ති? “අග‍්ගසාවකභාවාය පත්‍ථනං කරිංසු”. ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස හි කප‍්පානං අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස මත්‍ථකෙ සාරිපුත‍්තො බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති, නාමෙන සරදමාණවො නාම අහොසි. මොග‍්ගල‍්ලානො ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්ති, නාමෙන සිරිවඩ‍්ඪනකුටුම‍්බිකො නාම අහොසි. තෙ උභොපි සහපංසුකීළකා සහායකා අහෙසුං. තෙසු සරදමාණවො පිතු අච‍්චයෙන කුසලන‍්තකං මහාධනං පටිපජ‍්ජිත්‍වා එකදිවසං රහොගතො චින‍්තෙසි – “අහං ඉධලොකත‍්තභාවමෙව ජානාමි, නො පරලොකත‍්තභාවං. ජාතසත‍්තානඤ‍්ච මරණං නාම ධුවං, මයා එකං පබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මොක‍්ඛධම‍්මගවෙසනං කාතුං වට‍්ටතී”ති. සො සහායකං උපසඞ‍්කමිත්‍වා ආහ – “සම‍්ම සිරිවඩ‍්ඪන, අහං පබ‍්බජිත්‍වා මොක‍්ඛධම‍්මං ගවෙසිස‍්සාමි, ත්‍වං මයා සද‍්ධිං පබ‍්බජිතුං සක‍්ඛිස‍්සසි, න සක‍්ඛිස‍්සසී”ති? “න සක‍්ඛිස‍්සාමි, සම‍්ම, ත්‍වංයෙව පබ‍්බජාහී”ති. සො චින‍්තෙසි – “පරලොකං ගච‍්ඡන‍්තො සහායෙ වා ඤාතිමිත‍්තෙ වා ගහෙත්‍වා ගතො නාම නත්‍ථි, අත‍්තනා කතං අත‍්තනොව හොතී”ති. තතො රතනකොට‍්ඨාගාරං විවරාපෙත්‍වා කපණද‍්ධිකවණිබ‍්බකයාචකානං මහාදානං දත්‍වා පබ‍්බතපාදං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. තස‍්ස එකො ද‍්වෙ තයොති එවං අනුපබ‍්බජ‍්ජං පබ‍්බජිතා චතුසත‍්තතිසහස‍්සමත‍්තා ජටිලා අහෙසුං. සො පඤ‍්ච අභිඤ‍්ඤා, අට‍්ඨ ච සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා තෙසං ජටිලානං කසිණපරිකම‍්මං ආචික‍්ඛි. තෙපි සබ‍්බෙ පඤ‍්ච අභිඤ‍්ඤා අට‍්ඨ ච සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසුං.

ස්වාමීනි, අගසවු දෙනම කිනම් පිනක් කළාහු ද? මීට කල්ප ලක්ෂයකටත් අසංඛ්‍ය කල්ප ගණනකටත් පෙර ශාරිපුත්‍ර තෙම, බමුණු මහසල් කුලයක උපන්නේය. සරදමානව නම් විය. මොග්ගල්ලාන තෙම, ගෘහපති මහසල් කුලයක ඉපිද සිරිවඩ්ඪනකුටුම්බික නමින් පතළ විය. ඒ දෙදෙන වැලිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. ඔවුන් අතර සරද මාණවක සිය පියාගේ ඇවෑමෙන් කුලසන්තක මහධනයට හිමිකරු වී සිටින අතර දිනක් හුදෙකලාව මෙසේ සිතීය. මම මෙලොව මේ ආත්මභාවය ගැන පමණක් දනිමි. පරලොව ගැන කිසිවක් නොදනිමි. උපන් සත්වයන්ට මරණය ඒකාන්තයි. එක් පැවිද්දකින් පැවිදි වී මෝක්ෂධර්මය සොයා යායුතුය. මෙසේ සිතු ඔහු තම යහළුවා වෙත ගොස් මෙසේ කීවේය. ප්‍රිය මිතුරු සිරිවඩ්ඪන, මම පැවිදි වී මොක්ෂ ධර්මය සොයන්නෙමි. ඔබටත් මා සමඟ පැවිදි විය හැකිද? නොහැකිද? සිරිවඩ්ඪන මෙසේ කීවේය. මිත්‍රය, මට පැවිදිවන්ට බැහැ. ඔබ පැවිදිවන්න. සරද මෙසේ සිතීය. පරලොව යන කල යහළුවන් හෝ නෑ මිතුරන් හෝ කැටුව ගිය කෙනෙක් නැත. තමන් කළ දේ පමණක් තමන් කැටුව යයි. පිහිටවෙයි. ඉක්බිති ඔහු රුවන් කොටුගුළු විවෘත කරවා, කපණද්ධික වණිබිබ්බක යාචකාදීන්ට මහදන්දී පර්වතප්‍රාන්තයකට ගොස් සෘෂිවර පැවිද්දෙන් පැවිදි විය. ඔහු ළඟ එකෙක් දෙන්නෙක් තිදෙනෙක් ආදී වශයෙන් අනුක්‍රමයෙන් පැවිදි වූ තිස්හතර දහසක් පමණ ජටිලයෝ වූහ. හෙතෙම පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙන සෙසු ජටිලයන්ටත් කිසුණු පිරියම් (කසිණ භාවනාක්‍රම) කියා දුන්නේය. සෙසු සියල්ලෝද පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභී වූහ.

තෙන සමයෙන අනොමදස‍්සී නාම සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ උදපාදි. නගරං චන්‍දවතී නාම අහොසි, පිතා යසවා නාම ඛත‍්තියො, මාතා යසොධරා නාම දෙවී, බොධි අජ‍්ජුනරුක‍්ඛො, නිසභො ච අනොමො ච ද‍්වෙ අග‍්ගසාවකා, වරුණො නාම උපට‍්ඨාකො, සුන්‍දරා ච සුමනා ච ද‍්වෙ අග‍්ගසාවිකා අහෙසුං. ආයු වස‍්සසතසහස‍්සං අහොසි, සරීරං අට‍්ඨපඤ‍්ඤාසහත්‍ථුබ‍්බෙධං, සරීරප‍්පභා ද‍්වාදසයොජනං ඵරි, භික‍්ඛුසතසහස‍්සපරිවාරො අහොසි.

එකල්හි අනෝමදස්සි නම් බුදුහු ලොව පහළ වූහ. ඒ නගරය බන්ධුමතී නමි. පියා යසවන්ත නම් ක්ෂත්‍රියයෙකි. මව යසෝදරා නම් දේවීය. කරඳ ගසක් බෝධිය විය. නිසභ අනෝම යන දෙනම අගසවුවෝ වූහ. වරුණ නම් උපස්ථායකයෙක් විය. සුන්දරා සුමනා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. ආයු කාලය වර්ෂ ලක්ෂයකි. බුදු සිරුර අටපනස් රියනක් උස් විය. දොළොස් යොදුනක් ශරීරාලෝකය පැතිරිණි. භික්ෂූන් ලක්ෂයක් පිරිවර විය.

සො එකදිවසං පච‍්චූසකාලෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො සරදතාපසං දිස‍්වා, “අජ‍්ජ මය‍්හං සරදතාපසස‍්සං සන‍්තිකං ගතපච‍්චයෙන ධම‍්මදෙසනා ච මහතී භවිස‍්සති, සො ච අග‍්ගසාවකට‍්ඨානං පත්‍ථෙස‍්සති, තස‍්ස සහායකො සිරිවඩ‍්ඪනකුටුම‍්බිකො දුතියසාවකට‍්ඨානං, දෙසනාපරියොසානෙ චස‍්ස පරිවාරා චතුසත‍්තතිසහස‍්සමත‍්තා ජටිලා අරහත‍්තං පාපුණිස‍්සන‍්ති, මයා තත්‍ථ ගන‍්තුං වට‍්ටතී”ති අත‍්තනො පත‍්තචීවරමාදාය අඤ‍්ඤං කඤ‍්චි අනාමන‍්තෙත්‍වා සීහො විය එකචරො හුත්‍වා සරදතාපසස‍්ස අන‍්තෙවාසිකෙසු ඵලාඵලත්‍ථාය ගතෙසු “බුද‍්ධභාවං මෙ ජානාතූ”ති අධිට‍්ඨහිත්‍වා පස‍්සන‍්තස‍්සෙව සරදතාපසස‍්ස ආකාසතො ඔතරිත්‍වා පථවියං පතිට‍්ඨාසි.

ඒ අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ එක් දිනක් උදෑසන මහාකරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන විට සරද තවුසා දැක අද මා සරද තවුසා වෙත යෑමෙන් දහම් දෙසීමෙන් මහත් යහපතක් වෙයි. ඔහු අගසවු තනතුරුද පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඪන සිටුකෙළෙඹියාත් දෙවෙනි ශ්‍රාවක භාවයද පතන්නේය.දේශනාවගේ කෙළවර හැත්තෑහතරදහසක් පමණ වූ ඔහුගේ පිරිවර ජටිලයෝ රහත් වන්නාහුය. එහෙයින් මා එහියායුතුම යයි තමන්වහන්සේගේ පාසිවුරු රැගෙන වෙනත් කිසිවෙකුට කථා නොකර එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තවුසාගේ අතවැස්සන් ඵලාඵල නෙලීමට ගිය අතරතුරේ මගේ බුදු බව ඔහුට දැනේවායි අදිටන් කොට සරද තවුසා බලා සිටිද්දීම අහසින් බැස පොළොවෙහි වැඩ සිටියාහුය.

සරදතාපසො බුද‍්ධානුභාවඤ‍්චෙව සරීරනිප‍්ඵත‍්තිඤ‍්චස‍්ස දිස‍්වා ලක‍්ඛණමන‍්තෙ සම‍්මසිත්‍වා “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතො නාම අගාරමජ‍්ඣෙ වසන‍්තො රාජා හොති චක‍්කවත‍්තී, පබ‍්බජන‍්තො ලොකෙ විවට‍්ටච‍්ඡදො සබ‍්බඤ‍්ඤුබුද‍්ධො හොති. අයං පුරිසො නිස‍්සංසයං බුද‍්ධො”ති ජානිත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අග‍්ගාසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ අග‍්ගාසනෙ. සරදතාපසොපි අත‍්තනො අනුච‍්ඡවිකං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි.

තම සරද තාපස තෙමේ උන්වහන්සේගේ බුද්ධානුභාවයත්, සිරුරේ පිහිටීමත් දැක ලක්ෂණ මන්ත්‍ර සිහිකොට මෙබදු ලකුණුවලින් යුත් තැනැත්තෙක් නම් ගිහිගෙයි සිටියොත් සක්විතිරජ වෙයි. පැවිදි වුවහොත් ලොව සියලු කෙලෙසුන් නැසූ සර්වඥකෙනෙක් වෙයි. මේ මහා පුරුෂයා නිසැකවම බුදු කෙනෙකුන් වියයුතුයයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා පිළිගැන්වීය. බුදුහු පැනවූ අසුනෙහි වැඩහුනන්හ. සරද තවුස්තෙමේද තමන්ට ගැළපෙන අසුනක එකත්පසෙක හිඳගත්තේන්ය.

තස‍්මිං සමයෙ චතුසත‍්තතිසහස‍්සජටිලා පණීතපණීතානි ඔජවන‍්තානි ඵලාඵලානි ගහෙත්‍වා ආචරියස‍්ස සන‍්තිකං සම‍්පත‍්තා බුද‍්ධානඤ‍්චෙව ආචරියස‍්ස ච නිසින‍්නාසනං ඔලොකෙත්‍වා ආහංසු – “ආචරිය, මයං ‘ඉමස‍්මිං ලොකෙ තුම‍්හෙහි මහන‍්තතරො නත්‍ථී’ති විචරාම, අයං පන පුරිසො තුම‍්හෙහි මහන‍්තතරො මඤ‍්ඤෙ”ති? “තාතා, කිං වදෙථ, සාසපෙන සද‍්ධිං අට‍්ඨසට‍්ඨියොජනසතසහස‍්සුබ‍්බෙධං සිනෙරුං සමං කාතුං ඉච‍්ඡථ, සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන සද‍්ධිං මමං උපමං මා කරිත්‍ථ පුත‍්තකා”ති. අථ තෙ තාපසා, “සචායං ඉත‍්තරසත‍්තො අභවිස‍්ස, අම‍්හාකං ආචරියො න එවරූපං උපමං ආහරිස‍්ස, යාව මහා වතායං පුරිසො”ති සබ‍්බෙව පාදෙසු නිපතිත්‍වා සිරසා වන්‍දිංසු. අථ නෙ ආචරියො ආහ – “තාතා, අම‍්හාකං බුද‍්ධානං අනුච‍්ඡවිකො දෙය්‍යධම‍්මො නත්‍ථි, සත්‍ථා ච භික‍්ඛාචාරවෙලායං ඉධාගතො, මයං යථාසත‍්ති යථාබලං දෙය්‍යධම‍්මං දස‍්සාම, තුම‍්හෙ යං යං පණීතං ඵලාඵලං, තං තං ආහරථා”ති ආහරාපෙත්‍වා හත්‍ථෙ ධොවිත්‍වා සයං තථාගතස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථාරා ඵලාඵලෙ පටිග‍්ගහිතමත‍්තෙ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපිංසු. සො තාපසො උදකම‍්පි සයමෙව පරිස‍්සාවෙත්‍වා අදාසි. තතො භත‍්තකිච‍්චං කත්‍වා නිසින‍්නෙ සත්‍ථරි සබ‍්බෙ අන‍්තෙවාසිකෙ පක‍්කොසිත්‍වා සත්‍ථු සන‍්තිකෙ සාරණීයකථං කථෙන‍්තො නිසීදි. සත්‍ථා “ද‍්වෙ අග‍්ගසාවකා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං ආගච‍්ඡන‍්තූ”ති චින‍්තෙසි. තෙ සත්‍ථු චිත‍්තං ඤත්‍වා සතසහස‍්සඛීණාසවපරිවාරා ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු.

ඒ වේලාවේ හැත්තෑහතර දහසක් පමණ වූ ජටිලයෝ ප්‍රණීතවූ ඕජායසම්පන්න වූ ඵලාඵල රැගෙන ගුරුවරයා ළඟට පැමිණ බුදුනුත් ඇදුරුතුමාත් වැඩහුන් අසුන් දෙස බලා මෙසේ කීවාහුය. ඇඳුරුතුමනි, අපි මෙලොව ඔබට වඩා උසස් කෙනෙක් නැතැයි කියමින් සිටියෙමු. මේ සිටින පුරුෂයා ඔබට වඩා උසස් කෙනෙකියි දැන් සිතන්නෙමු. දරුවනි, කුමක් කියව්ද? අබඇටයක් සමඟ යොදුන් අටසැටලක්ෂයක් උස මහමෙරට මා උපමා කරන්නහුද? දරුවනි, සර්වඥ වූ බුදුන් සමඟ මා සම නොකරව්. ඉක්බිති ඒ තවුසෝ, ඉදින් මේ මහා පුරුෂයා උත්තරීතර පුද්ගලයකු නොවන්නේ නම් අපේ ඇඳුරුතුමා මෙබඳු උපමාවක් නොකරන්නේය. ඒකාන්තයෙන්ම මේ මහාපුරුෂයකුම වියයුතුයයි සියල්ලෝම බුදුන් පාමුල වැටී ශීර්ෂප්‍රණාමයෙන් වැන්දාහ. ඉන්පසු ආචාර්යවරයා ඔවුන් අමතා, දරුවනි. අපේ බුදුන්ට දියයුතු සුදුසු යමක් අප සතුව නැත. ශාස්තෘන්වහන්සේත් පිඬු සිඟාවඩින වේලාවෙහි මෙහි වැඩමවූහ. අපට පුළුවන් පමණින් දානය දෙමු. නුඹලා ළඟ ඇති ප්‍රණීත ඵලාඵල ගෙනඑව් යයි කියා ඒවා ගෙන්වාගෙන අත් සෝදා තමන්ම බුදුන්ගේ පාත්‍රයෙහි ඵලාඵල තැබුවේය. බුදුන් ඵලාඵල පිළිගත් වහාම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලූහ. ඒ තවුස්තෙම තමන්ම ජලයද පෙරා පිළිගැන්වීය. අහරකිස නිමවූ පසු ඔහු සියලු අතවැස්සන් කැඳවා ශාස්තෘන්වහන්සේ ළඟ සතුටු සාමීචිකථා කරමින් හුන්නේය. අගසවු දෙනමට භික්ෂු සංඝයා සමඟ මෙහි පැමිණෙත්වායි බුදුරජාණන් වහන්සේ අදිටන් කළසේක. අගසවු දෙනම බුදුරදුන්ගේ සිත්හසර දැන ලක්ෂයක් භික්ෂූන්ද සමඟ එහි වැඩමවා බුදුන් වැඳ එකත්පසෙක සිටියාහුය.

තතො සරදතාපසො අන‍්තෙවාසිකෙ ආමන‍්තෙසි – “තාතා, බුද‍්ධානං නිසින‍්නාසනම‍්පි නීචං, සමණසතසහස‍්සානම‍්පි ආසනං නත්‍ථි, අජ‍්ජ තුම‍්හෙහි උළාරං බුද‍්ධසක‍්කාරං කාතුං වට‍්ටති, පබ‍්බතපාදතො වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරථා”ති. කථනකාලො පපඤ‍්චො විය හොති, ඉද‍්ධිමතො පන ඉද‍්ධිවිසයො අචින‍්තෙය්‍යොති මුහුත‍්තමත‍්තෙනෙව තෙ තාපසා වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරිත්‍වා බුද‍්ධානං යොජනප‍්පමාණං පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙසුං. උභින‍්නං අග‍්ගසාවකානං තිගාවුතං, සෙසභික‍්ඛූනං අඩ‍්ඪයොජනිකාදිභෙදං, සඞ‍්ඝනවකස‍්ස උසභමත‍්තං අහොසි. “කථං එකස‍්මිං අස‍්සමපදෙ තාව මහන‍්තානි ආසනානි පඤ‍්ඤත‍්තානී”ති න චින‍්තෙතබ‍්බං. ඉද‍්ධිවිසයො හෙස. එවං පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු සරදතාපසො තථාගතස‍්ස පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො, “භන‍්තෙ, මය‍්හං දීඝරත‍්තං හිතාය සුඛාය ඉමං පුප‍්ඵාසනං අභිරුහථා”ති ආහ. තෙන වුත‍්තං –

ඉක්බිති සරද තාපස තෙමේ අන්තේවාසික සාධුවරුන් ඇමතීය. දරුවනි, බුදුන්ට වැඩ සිටීමට ඇති අසුන මිටිය. ශ්‍රමණයන් ලක්ෂයකට පමණ ආසන නැත. ඔබ හැම අද උදාර බුද්ධසත්කාරයක් කළාහුය. පර්වතප්‍රාන්තයෙන් වර්ණ ගන්ධ සම්පන්න මල් රැස්කරව්. මෙය කීමට ගත වූ කාලය වැඩිය. ඊටත් කලින් මල් රැස්විය. සෘද්ධිමතුන්ගේ සෘද්ධි විෂය අචින්ත්‍යයි. සිතිය නොහැකියි. නිමේෂයකින් ඒ තාපසවරු වර්ණ ගන්ධ සම්පන්න මල් රැගෙනවුත් යොදුනක් පමණ උස මල් අසුනක් පැනවූහ. අගසවු දෙනමට තුන්ගවූ පමණ අසුන්ය. සෙසු භික්ෂූන්ට අඩ යොදුන් ප්‍රමාණාදි භේද ඇති අසුන්ය. නවක භික්ෂූන්ට එක්සිය සතළිස් රියන් උස අසුන්ය. එක් ආශ්‍රමයක මෙපමණ මහත් අසුන් කෙසේ නම් පැනවිය හැකිදැයි නොසිතිය යුතුය. මෙය එහෙම පිටින්ම ඍද්ධිවිෂයක ක්‍රියාවකි. මෙසේ අසුන් පනවා අවසනැ සරද තාපසතෙම තථාගතයන්වහන්සේ ඉදිරියෙහි දෙඅත් ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, මට බොහෝ කලක් හිතසුව පිණිස මේ මල්ආසනයෙහි වැඩහිදිනු මැනවැයි කීවේය.

“නානාපුප‍්ඵඤ‍්ච ගන්‍ධඤ‍්ච, සම‍්පාදෙත්‍වාන එකතො; පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙත්‍වා, ඉදං වචනමබ්‍රවි.

නොයෙක් මල් සුවඳ ද එකම තැනකට රැස් කොට මහ මලසුනක් පනවා පැවසී මෙබඳු වදනක්

“ඉදං මෙ ආසනං වීර, පඤ‍්ඤත‍්තං තවනුච‍්ඡවිං; මම චිත‍්තං පසාදෙන‍්තො, නිසීද පුප‍්ඵමාසනෙ.

බුදුහිමි සදිනි මෙහි මවිසින් ඔබට ගැළපෙන මලින් පැන වූ මෙඅසුන් මත හිදිනු මැන සිත් පොබයා

“සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො, නිසීදි පුප‍්ඵමාසනෙ; මම චිත‍්තං පසාදෙත්‍වා, හාසයිත්‍වා සදෙවකෙ”ති.

රෑ දහවල් සතක් බුදුහු එහි වැඩ සිටියහ මගේ හා දෙව්මිනිසුන් සිත්සතන් සැම පුබුදු කරමින්.

එවං නිසින‍්නෙ සත්‍ථරි ද‍්වෙ අග‍්ගසාවකා සෙසභික‍්ඛූ ච අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදිංසු. සරදතාපසො මහන‍්තං පුප‍්ඵච‍්ඡත‍්තං ගහෙත්‍වා තථාගතස‍්ස මත්‍ථකෙ ධාරෙන‍්තො අට‍්ඨාසි. සත්‍ථා “ජටිලානං අයං සක‍්කාරො මහප‍්ඵලො හොතූ”ති නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජි. සත්‍ථු සමාපත‍්තිං සමාපන‍්නභාවං ඤත්‍වා ද‍්වෙ අග‍්ගසාවකාපි සෙසභික‍්ඛූපි සමාපත‍්තිං සමාපජ‍්ජිංසු. තථාගතෙ සත‍්තාහං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ අන‍්තෙවාසිකා භික‍්ඛාචාරකාලෙ සම‍්පත‍්තෙ වනමූලඵලාඵලං පරිභුඤ‍්ජිත්‍වා සෙසකාලෙ බුද‍්ධානං අඤ‍්ජලිං පග‍්ගය‍්හ තිට‍්ඨන‍්ති. සරදතාපසො පන භික‍්ඛාචාරම‍්පි අගන‍්ත්‍වා පුප‍්ඵච‍්ඡත‍්තං ධාරයමානොව සත‍්තාහං පීතිසුඛෙන වීතිනාමෙසි. සත්‍ථා නිරොධතො වුට‍්ඨාය දක‍්ඛිණපස‍්සෙ නිසින‍්නං පඨමඅග‍්ගසාවකං නිසභත්‍ථෙරං ආමන‍්තෙසි – “නිසභ, සක‍්කාරකාරකානං තාපසානං පුප‍්ඵාසනානුමොදනං කරොහී”ති. ථෙරො චක‍්කවත‍්තිරඤ‍්ඤො සන‍්තිකා පටිලද‍්ධමහාලාභො මහායොධො විය තුට‍්ඨමානසො සාවකපාරමිඤාණෙ ඨත්‍වා පුප‍්ඵාසනානුමොදනං ආරභි. තස‍්ස දෙසනාවසානෙ දුතියසාවකං ආමන‍්තෙසි – “ත්‍වම‍්පි භික‍්ඛු ධම‍්මං දෙසෙහී”ති. අනොමත්‍ථෙරො තෙපිටකං බුද‍්ධවචනං සම‍්මසිත්‍වා ධම‍්මං කථෙසි. ද‍්වින‍්නං අග‍්ගසාවකානං දෙසනාය එකස‍්සාපි අභිසමයො නාහොසි. අථ සත්‍ථා අපරිමාණෙ බුද‍්ධවිසයෙ ඨත්‍වා ධම‍්මදෙසනං ආරභි. දෙසනාපරියොසානෙ ඨපෙත්‍වා සරදතාපසං සබ‍්බෙපි චතුසත‍්තතිසහස‍්සජටිලා අරහත‍්තං පාපුණිංසු, සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙසං තාවදෙව කෙසමස‍්සූනි අන‍්තරධායිංසු, අට‍්ඨපරික‍්ඛාරා කායෙ පටිමුක‍්කාව අහෙසුං.

මෙසේ බුදුරදුන් ඒ ආසනයෙහි වැඩහුන් කල්හි අගසවු දෙනමත් සෙසු භික්ෂුන්වහන්සේත් තම තමන්ට හිමි අසුන්වල වැඩහුන්හ. සරද තාපසතෙම මහත්වූ මල්කුඩයක් ගෙන, තථාගතයන් වහන්සේන්ගේ හිසට උඩින් අල්වාගෙන සිටියේය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ගේ මේ මහත්වූ සත්කාරය මහත්ඵල වේවායි නිරෝධ සමාපත්තියට සමවැදුණුසේක. බුදුන් සමවතට සමවැදුණු බව දුටු අගසවු දෙනමක් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමවතට සමවැදුණාහ. තථාගතයන්වහන්සේ සත්දිනක් නිරොධ සමාපත්තියට සමවැදී සිටි අතර අතවැස්සෝ පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි වනමුල් ඵලාඵල අනුභව කරවා ඉතිරි කාලය තුළ බුදුරදුන්ට ඇඳිලි බැඳ වැඳගෙන සිටිති. සරද තාපසතෙම භික්ෂාචාරයටත් නොගොස් මල්කූඩය ඔසවාගෙනම සත්දිනක් ප්‍රීති සුවයෙන්ම කාලය ගෙවීය. ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැගිට දකුණු පසින් සිටි අගසවු නිසභ තෙරුන් අමතා, නිසභ, සත්කාර කරන්නාවූ තාපසයන්ට මලසුන් පිදීමේ අනුසස් කියා දෙන්නැයි වදාළහ. තෙරුන්වහන්සේ සක්විති රජකුගෙන් මහාලාභයක් ලත් මහා යෝධයකු මෙන් සතුටු සිතින් පාරමීඥානයෙහි සිට පුෂ්පාසනානුමෝදනාව පටන්ගන්හ. තෙරුන්ගේ දේශනාවසානයෙහි තථාගතයන් වහන්සේ ද්විතීය ශ්‍රාවකයන්වහන්සේ අමතා, ඔබත් අනුමෝදනාවක් කරන්නැයි වදාළහ. අනෝම ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටකබුද්ධධර්මය මෙනෙහි කරමින් දහම් දෙසූසේක. ශ්‍රාවක දෙනමගේම ධර්මදේශනාවලින් එහි සිටි එක් කෙනෙකුටවත් ධර්මාවබෝධයක් නොලැබිණි. ඉන්පසු ශාස්තෘන්වහන්සේ අප්‍රමාණ වූ බුද්ධවිෂයෙහි පිහිටා ධර්මදේශනාව පටන්ගත්සේක. දේශනා කෙළවර සරද තාපසයන් හැර හතළිස්හත්දහසක් පමණ වූ සෙසු ජටිලයෝ රහත්බවට පත්වූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට, මහණෙනි, මෙහි එව්යයි අත දිගු කළසේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් විය. සිරුරු අටපිරිකරින් සැදුම්ලද්දේය.

සරදතාපසො “කස‍්මා අරහත‍්තං න පත‍්තො”ති? වික‍්ඛිත‍්තචිත‍්තත‍්තා. සො කිර බුද‍්ධානං දුතියාසනෙ නිසීදිත්‍වා සාවකපාරමිඤාණෙ ඨත්‍වා ධම‍්මං දෙසයතො අග‍්ගසාවකස‍්ස ධම‍්මදෙසනං සොතුං ආරද‍්ධකාලතො පට‍්ඨාය, “අහො වතාහම‍්පි අනාගතෙ උප‍්පජ‍්ජනකබුද‍්ධස‍්ස සාසනෙ ඉමිනා සාවකෙන පටිලද‍්ධධුරං ලභෙය්‍ය”න‍්ති චිත‍්තං උප‍්පාදෙසි. සො තෙන පරිවිතක‍්කෙන මග‍්ගඵලපටිවෙධං කාතුං නාසක‍්ඛි. තථාගතං පන වන්‍දිත්‍වා සම‍්මුඛෙ ඨත්‍වා ආහ – “භන‍්තෙ, තුම‍්හාකං අනන‍්තරාසනෙ නිසින‍්නො භික‍්ඛු තුම‍්හාකං සාසනෙ කො නාම හොතී”ති?

සරද තවුසා අර්හත්භාවයට පත්නොවූයේ කුමක් නිසාද? විපිළිසර සිතක් ඇතිවූ හෙයිනි. ඔහු බුදුන් ළඟ දෙවෙනි අසුනේ හිඳශ්‍රාවකපාරමීඥානයෙහි පිහිටා දහම් දෙසන අග්‍රශ්‍රාවකයන්ගේ ධර්මදේශනාව අසන්නට පටන්ගත් කල්හි මේ ශ්‍රාවකයන් ලැබූ ධුරය ලබාගතහොත් මැනවි යන සිතක් පහළවිය. හෙතෙම ඒ කල්පනාවෙන් යුක්තව බණ ඇසූනිසා මාර්ගඵලාවබෝධයක් ලබාගත නොහැකි විය. ඔහු බුදුන් වැඳ ඉදිරියෙහි සිට, ස්වාමීනි, ඔබවහන්සේ ළඟමවූ ආසනයේ සිටි භික්ෂුව ඔබ සසුනේ කවර තනතුරක් දරන්නෙහිදැයි ඇසීය.

“මයා පවත‍්තිතං ධම‍්මචක‍්කං අනුපවත‍්තෙන‍්තො සාවකපාරමිඤාණස‍්ස කොටිප‍්පත‍්තො සොළස පඤ‍්ඤා පටිවිජ‍්ඣිත්‍වා ඨිතො මය‍්හං සාසනෙ අග‍්ගසාවකො නිසභො නාම එසො”ති. “භන‍්තෙ, ය‍්වායං මයා සත‍්තාහං පුප‍්ඵච‍්ඡත‍්තං ධාරෙන‍්තෙන සක‍්කාරො කතො, අහං ඉමස‍්ස ඵලෙන අඤ‍්ඤං සක‍්කත‍්තං වා බ්‍රහ‍්මත‍්තං වා න පත්‍ථෙමි, අනාගතෙ පන අයං නිසභත්‍ථෙරො විය එකස‍්ස බුද‍්ධස‍්ස අග‍්ගසාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසින‍්ති. සත්‍ථා “සමජ‍්ඣිස‍්සති නු ඛො ඉමස‍්ස පුරිසස‍්ස පත්‍ථනා”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා ඔලොකෙන‍්තො කප‍්පසතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා සමිජ‍්ඣනභාවං අද‍්දස. දිස‍්වාන සරදතාපසං ආහ –

මවිසින් පවත්වනු ලබන ධර්මචක්‍රය නැවත පවත්වන්නාවූ හෙතෙමේද ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණ සොළොස්ඥානය පිරිසිඳ දැනසිටින මගේ සසුනෙහි අග්‍රශ්‍රාවක නම් වේයයි වදාළහ. ස්වාමීනි, මම සතියක් මල්කුඩයක් දරමින් බුදුන්ට උපහාර පුජා කෙළෙමි. එසේ කළ මම මේ පුණ්‍ය ඵලයෙන් ශ්‍රාවක භාවයක් හෝ බ්‍රහ්මභාවයක් හෝ නොපතමි. අනාගතයේදී මේ නිසභ තෙරුන්මෙන් එක් බුදුවරයන්වහන්සේ නමකගේ අගසවු වෙම්වායි පතන්නෙමියි කීය. ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේදැයි අනාගතඥානය විහිදුවා බලා වදාරන සේක්, මෙයින් වර්ෂ ඒකාසංඛ්‍යාකල්ප ලක්ෂයක් ගියතැන මෙම ප්‍රාර්ථනාව ඉටුවන බව දුටුසේක. එසේ දැක සරද තවුසා අමතා මෙසේ ප්‍රකාශ කළසේක.

“න තෙ අයං පත්‍ථනා මොඝා භවිස‍්සති, අනාගතෙ පන කප‍්පසතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස මාතා මහාමායා නාම දෙවී භවිස‍්සති, පිතා සුද‍්ධොදනො නාම මහාරාජා, පුත‍්තො රාහුලො නාම, උපට‍්ඨාකො ආනන්‍දො නාම, දුතියඅග‍්ගසාවකො මොග‍්ගල‍්ලානො නාම, ත්‍වං පනස‍්ස පඨමඅග‍්ගසාවකො ධම‍්මසෙනාපති සාරිපුත‍්තො නාම භවිස‍්සසී”ති. එවං තාපසං බ්‍යාකරිත්‍වා ධම‍්මකථං කථෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ආකාසං පක‍්ඛන්‍දි.

ඔබේ මේ ප්‍රාර්ථනාව හිස් නොවන්නේය. වර්ෂ එකාසංඛ්‍යාකල්ප-ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේය. උන්වහන්සේන්ගේ මව මහාමායා දේවියයි. පියා ශුද්ධෝදන නම් රජුය. පුතා රාහුලය. උපස්ථායක ආනන්ද නම් තෙරණුවෝය. ද්විතීය ශ්‍රාවක නම් මුගලන් තෙරණුවෝය. නුඹ වනාහි ඒ බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක ධර්මසේනාපති වන්නේයයි වදාළසේක. මෙසේ තවුසාට විවරණ දී දැහැමි කතා කොට භික්ෂු සංඝයා පිරිවරා අහසට පැන නැංගෝය.

සරදතාපසොපි අන‍්තෙවාසිකත්‍ථෙරානං සන‍්තිකං ගන‍්ත්‍වා සහායකස‍්ස සිරිවඩ‍්ඪනකුටුම‍්බිකස‍්ස සාසනං පෙසෙසි, “භන‍්තෙ, මම සහායකස‍්ස වදෙථ, සහායකෙන තෙ සරදතාපසෙන අනොමදස‍්සීබුද‍්ධස‍්ස පාදමූලෙ අනාගතෙ උප‍්පජ‍්ජනකස‍්ස ගොතමබුද‍්ධස‍්ස සාසනෙ පඨමඅග‍්ගසාවකට‍්ඨානං පත්‍ථිතං, ත්‍වං දුතියඅග‍්ගසාවකට‍්ඨානං පත්‍ථෙහී”ති. එවඤ‍්ච පන වත්‍වා ථෙරෙහි පුරෙතරමෙව එකපස‍්සෙන ගන‍්ත්‍වා සිරිවඩ‍්ඪනස‍්ස නිවෙසනද‍්වාරෙ අට‍්ඨාසි. සිරිවඩ‍්ඪනො “චිරස‍්සං වත මෙ අය්‍යො ආගතො”ති ආසනෙ නිසීදාපෙත්‍වා අත‍්තනා නීචාසනෙ නිසින‍්නො, “අන‍්තෙවාසිකපරිසා පන වො, භන‍්තෙ, න පඤ‍්ඤායතී”ති පුච‍්ඡි. “ආම, සම‍්ම, අම‍්හාකං අස‍්සමං අනොමදස‍්සී බුද‍්ධො ආගතො, මයං තස‍්ස අත‍්තනො බලෙන සක‍්කාරං අකරිම‍්හා, සත්‍ථා සබ‍්බෙසං ධම‍්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ ඨපෙත්‍වා මං සෙසා අරහත‍්තං පත්‍වා පබ‍්බජිංසු. අහං සත්‍ථු පඨමඅග‍්ගසාවකං නිසභත්‍ථෙරං දිස‍්වා අනාගතෙ උප‍්පජ‍්ජනකස‍්ස ගොතමබුද‍්ධස‍්ස නාම සාසනෙ පඨමඅග‍්ගසාවකට‍්ඨානං පත්‍ථෙසිං, ත්‍වම‍්පි තස‍්ස සාසනෙ දුතියඅග‍්ගසාවකට‍්ඨානං පත්‍ථෙහී”ති. “මය‍්හං බුද‍්ධෙහි සද‍්ධිං පරිචයො නත්‍ථි, භන‍්තෙ”ති. “බුද‍්ධෙහි සද‍්ධිං කථනං මය‍්හං භාරො හොතු, ත්‍වං මහන‍්තං සක‍්කාරං සජ‍්ජෙහී”ති.

සරද තාපස තෙමේද අතවැසි තෙරුන් ළඟට ගොස් යහළුවූ සිරිවඩ්ඪ කෙළෙඹියාට පණිවුඩයක් යැවීය. ස්වාමීනි, මගේ යාළුවාට මෙසේ කියනු මැනවි, ඔබේ යාළුවූ සරද තවුසන් විසින් ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර ප්‍රාර්ථනා කරන ලදි. ඔබ දෙවෙනි ශ්‍රාවක තනතුර පතනු මැනවි. මෙසේත් කියා තෙරවරුන් පිටත්වීමට පෙරම වෙනත් මඟකින් ගොස් සිරිවඩ්ඪගේ ගෙදොර සිටියේය. සිරිවඩ්ඪ තෙමේ, මගේ ආර්යයන්වහන්සේ බොහෝ කලකින් පැමිණියේයයි අසුනක වඩාහිඳුවා තමන් මිටි අසුනක හිඳ, ස්වාමීනි, ඔබේ අතවැසි පිරිස දක්නට නැත්තේ ඇයිදැයි විචාළේය. යහළුව එසේය. අපේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ වැඩිසේක. අපි ශක්ති පමණින් උන්වහන්සේට සත්කාර කළෙමු. ශාස්තෘන්වහන්සේ සියල්ලන්ටම දහම් දෙසූසේක. දේශනා කෙළවර මා හැර සෙස්සෝ අර්හත්වයට පැමිණ පැවිදිවූහ. මම ශාස්තෘන්වහන්සේගේ අග්‍රශ්‍රාවක සහ නිසභතෙරුන් දැක අනාගතයෙහි උපදින ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර පැතුවෙමි. ඔබද ඒ බුදුන්ගේ ශාසනයෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර පතන්නැයි කීය. ස්වාමීනි, බුදුවරුන් සමඟ කටයුතු කිරීමට මට පුරුදු නැතැයි සිරිවඩ්ඪ කීවේය. බුදුවරුන් සමඟ කරන කථා මට භාරය. ඔබ හොඳට සත්කාර සම්මාන සූදානම් කරන්නැයි සරද තවුසා කීය.

සිරිවඩ‍්ඪනො තස‍්ස වචනං සුත්‍වා අත‍්තනො නිවෙසනද‍්වාරෙ රාජමානෙන අට‍්ඨකරීසමත‍්තං ඨානං සමතලං කාරෙත්‍වා වාලුකං ඔකිරාපෙත්‍වා ලාජපඤ‍්චමානිපුප‍්ඵානි විකිරාපෙත්‍වා නීලුප‍්පලච‍්ඡදනං මණ‍්ඩපං කාරෙත්‍වා බුද‍්ධාසනං පඤ‍්ඤාපෙත්‍වා සෙසභික‍්ඛූනම‍්පි ආසනානි පටියාදෙත්‍වා මහන‍්තං සක‍්කාරසම‍්මානං සජ‍්ජෙත්‍වා බුද‍්ධානං නිමන‍්තනත්‍ථාය සරදතාපසස‍්ස සඤ‍්ඤං අදාසි.

ඔහුගේ වචන ඇසූ සිරිවඩ්ඪ තම නිවේසද්වාරයෙහි ප්‍රමාණයෙන් අටකිරියක්වූ (අමුණු සතරක බිම් ප්‍රමාණය) බිම් පෙදෙස සමතලාකොට වැලි අතුරුවා ලදපස්මල් ඉස නිල්මානෙල් වියනක් ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනයක්ද සකස් කොට සෙසු භික්ෂූන්ටද ආසන පිළියෙළ කරවා මහත් වූ සත්කාර සම්මාන සූදානම්කොට බුදුන්ට ආරාධනා කිරීම සඳහා සරද තවුසාට සංඥාව දුන්නේය.

තාපසො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං ගහෙත්‍වා තස‍්ස නිවෙසනං අගමාසි. සිරිවඩ‍්ඪනොපි පච‍්චුග‍්ගමනං කත්‍වා තථාගතස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා මණ‍්ඩපං පවෙසෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙසු නිසින‍්නස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දක‍්ඛිණොදකං දත්‍වා පණීතෙන භොජනෙන පරිවිසිත්‍වා භත‍්තකිච‍්චපරියොසානෙ බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං මහාරහෙහි වත්‍ථෙහි අච‍්ඡාදෙත්‍වා, “භන‍්තෙ, නායං ආරබ‍්භො අප‍්පමත‍්තකට‍්ඨානත්‍ථාය, ඉමිනාව නියාමෙන සත‍්තාහං අනුකම‍්පං කරොථා”ති ආහ. සත්‍ථා අධිවාසෙසි. සො තෙනෙව නියාමෙන සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො ආහ –

සරද, බුදුන් ප්‍රමුඛ සංඝයා කැඳවාගෙන ඔහුගේ නිවසට ගියේය. සිරිවඩ්ඪද පෙරගමන් කොට තථාගතයන් වහන්සේගේ අතින් පාත්‍රය ගෙන මණ්ඩපයට ප්‍රවේශ කරවා පැනවූ අසුන්හි වැඩහුන් බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයාට පැන් පිළිගන්වා ප්‍රණීත බොජුන් වළඳවා බක්කිස අවසානයෙහි බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරිකර වශයෙන් රෙදිපිළි පිළිගන්වා, ස්වාමීනි, මේ ආරම්භය ස්වල්පමාත්‍ර වූ තැනක් ගැනීම සඳහා නොවෙයි, මේ ලෙසින්ම සත්දිනක් මාගේ ආරාධනය අනුකම්පාවෙන් ඉවසනු මැනවැයි ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ එය ඉවසූසේක. හෙතෙම ඒ ආකාරයෙන්ම සත්දිනක් මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන සිට මෙසේ කීවේය.

“භන‍්තෙ, මම සහායො සරදතාපසො යස‍්ස සත්‍ථුස‍්ස පඨමඅග‍්ගසාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථෙසි, අහම‍්පි “තස‍්සෙව දුතියඅග‍්ගසාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථෙමීති.

ස්වාමීනි, මාගේ යාළුවූ සරද යම් ශාස්තෘන්වහන්සේ නමකට අග්‍රශ්‍රාවක වීම සඳහා පැතුවේද, මම උන්වහන්සේගේ ද්විතීය ශ්‍රාවක බව පතන්නෙමියි කීය.

සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා තස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං දිස‍්වා බ්‍යාකාසි – “ත්‍වං ඉතො කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා ගොතමබුද‍්ධස‍්ස දුතියඅග‍්ගසාවකො භවිස‍්සසී”ති. බුද‍්ධානං බ්‍යාකරණං සුත්‍වා සිරිවඩ‍්ඪනො හට‍්ඨපහට‍්ඨො අහොසි. සත්‍ථාපි භත‍්තානුමොදනං කත්‍වා සපරිවාරො විහාරමෙව ගතො. “අයං, භික‍්ඛවෙ, මම පුත‍්තෙහි තදා පත්‍ථිතපත්‍ථනා. තෙ යථාපත්‍ථිතමෙව ලභිංසු. නාහං මුඛං ඔලොකෙත්‍වා දෙමී”ති.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වනබව දැක, මෙසේ ප්‍රකාශ කළසේක. ‘ඔබ මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙවුණු තැන ගෞතම නම් බුදුන්ගේ ද්විතීය ශ්‍රාවකභාවයට පත්වන්නේය’. බුදුන්ගේ ප්‍රකාශය ඇසූ සිරිවඩ්ඪ අතිශය ප්‍රීතියට පත්විය. ශාස්තෘන්වහන්සේ භුක්තානුමෝදනා කොට විහාරයටම වැඩිසේක. ‘මහණෙනි, මේ මගේ පුතුන් විසින් එදා කළ ප්‍රාර්ථනාවයි. ඔවුහු ප්‍රාර්ථනා තැබූ ලෙසම තනතුරු ලැබූහ. මම මුහුණු බලා තනතුරු නොදෙන්නෙමි’යි වදාළසේක.

එවං වුත‍්තෙ ද‍්වෙ අග‍්ගසාවකා භගවන‍්තං වන්‍දිත්‍වා, “භන‍්තෙ, මයං අගාරියභූතා සමානා ගිරග‍්ගසමජ‍්ජං දස‍්සනාය ගතා”ති යාව අස‍්සජිත්‍ථෙරස‍්ස සන‍්තිකා සොතාපත‍්තිඵලපටිවෙධා සබ‍්බං පච‍්චුප‍්පන‍්නවත්‍ථුං කථෙත්‍වා, “තෙ මයං, භන‍්තෙ, ආචරියස‍්ස සඤ‍්චයස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං තුම‍්හාකං පාදමූලෙ ආනෙතුකාමා තස‍්ස ලද‍්ධියා නිස‍්සාරභාවං කථෙත්‍වා ඉධාගමනෙ ආනිසංසං කථයිම‍්හා. සො ඉදානි මය‍්හං අන‍්තෙවාසිකවාසො නාම චාටියා උදඤ‍්චනභාවප‍්පත‍්තිසදිසො, න සක‍්ඛිස‍්සාමි අන‍්තෙවාසිවාසං වසිතු”න‍්ති වත්‍වා, “ආචරිය, ඉදානි මහාජනො ගන්‍ධමාලාදිහත්‍ථො ගන‍්ත්‍වා සත්‍ථාරමෙව පූජෙස‍්සති, තුම‍්හෙ කථං භවිස‍්සථා”ති වුත‍්තෙ “කිං පන ඉමස‍්මිං ලොකෙ පණ‍්ඩිතා බහූ, උදාහු දන්‍ධා”ති? “දන්‍ධා”ති කථිතෙ “තෙන හි පණ‍්ඩිතා පණ‍්ඩිතස‍්ස සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගමිස‍්සන‍්ති, දන්‍ධා දන්‍ධස‍්ස මම සන‍්තිකං ආගමිස‍්සන‍්ති, ගච‍්ඡථ තුම‍්හෙ”ති වත්‍වා “ආගන‍්තුං න ඉච‍්ඡි, භන‍්තෙ”ති. තං සුත්‍වා සත්‍ථා, “භික‍්ඛවෙ, සඤ‍්චයො අත‍්තනො මිච‍්ඡාදිට‍්ඨිතාය අසාරං සාරොති, සාරඤ‍්ච අසාරොති ගණ‍්හි. තුම‍්හෙ පන අත‍්තනො පණ‍්ඩිතතාය සාරඤ‍්ච සාරතො, අසාරඤ‍්ච අසාරතො ඤත්‍වා අසාරං පහාය සාරමෙව ගණ‍්හිත්‍ථා”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මෙසේ වදාළ කල්හි අගසවු දෙනම බුදුන් වැඳ, ස්වාමීනි, අපි දෙදෙන ගිහිගෙයි සිටින කාලයේ ගිරග්ගසමජ්ජය බැලීමට ගියෙමු යි අස්සජී තෙරුන් හමුවෙහි සෝවාන් ඵලයට පැමිණීම දක්වාවූ සියලු වර්තමානකාලික කථා පුවත කියා, නැවත ස්වමීනි, අප අපේ ආචාර්යන්ට ඔහුගේ ලබ්ධියෙහි නිසරු බව පෙන්වා දී, ඔබ හමුවට ඒමෙහි වටිනාකමද කීවෙමු. හෙතෙම දැන් මා අතවැස්සකු වීමට බැරියයිද කීවේය. ඇඳුරුතුමනි දැන් මිනිස්සු සුවඳමල් ආදිය ගෙන ගොස් බුදුරදුන්ම පුදති. (ඔබ නොපුදති) ඉතින් එවිට ඔබට කුමක් වේදැයි ඇසූවිට, මෙලොව වැඩියෙන් සිටින්නේ පණ්ඩිතයෝද, නැතහොත් මෝඩයෝදැයි අපෙන් ඇසීය. ඇඳුරුතුමනි, මෝඩයෝ බොහෝය, පණ්ඩිතයෝ අල්පයහයි කීවෙමු. එසේනම් පණ්ඩිතයෝ පණ්ඩිතවූ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නාහ. මෝඩයෝ මෝඩ වූ මා සමීපයට එන්නාහ. තෙපි එහි යව්යයි කියා මෙහි ඒමට නොකැමතිවීයයි කීහ. ඒ ඇසු තථාගතයන්වහන්සේ, මහණෙනි, සංජය තමන්ගේ මිසදිටු බව නිසා අසාරය සාර ලෙසත්, සාරය අසාර ලෙසත් ගත්තේය. තෙපි වනාහි තමන්ගේ ඥානවන්තකම නිසා සාරය සාර ලෙසත් අසාරය අසාර ලෙසත් දැන අසාරය හැර සාරයම තෝරාගත්තහුයයි වදාරා මේ ගාථාද වදාළහ.

“අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස‍්සිනො; තෙ සාරං නාධිගච‍්ඡන‍්ති, මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරා.

සරු දෙය නිසරුයයි නිසරු දෙය සරුයයිද ගත් වැරදි දැකුම ඇතියන්හට සාරයක් කිසිදාක නොලැබේ

“සාරඤ‍්ච සාරතො ඤත්‍වා, අසාරඤ‍්ච අසාරතො; තෙ සාරං අධිගච‍්ඡන‍්ති, සම‍්මාසඞ‍්කප‍්පගොචරා”ති.

සරු දෙය සරුමයයි නිසරු දේ ඒ ලෙසම දුටු හරි කල්පනා ඇති අය සැම කල්හි නිවනට යෙති

තත්‍ථ අසාරෙ සාරමතිනොති චත‍්තාරො පච‍්චයා, දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි, තස‍්සා උපනිස‍්සයභූතා ධම‍්මදෙසනාති අයං අසාරො නාම, තස‍්මිං සාරදිට‍්ඨිනොති අත්‍ථො. සාරෙ චාසාරදස‍්සිනොති දසවත්‍ථුකා සම‍්මාදිට‍්ඨි, තස‍්සා උපනිස‍්සයභූතා ධම‍්මදෙසනාති අයං සාරො නාම, තස‍්මිං “නායං සාරො”ති අසාරදස‍්සිනො. තෙ සාරන‍්ති තෙ පන තං මිච‍්ඡාදිට‍්ඨිග‍්ගහණං ගහෙත්‍වා ඨිතා කාමවිතක‍්කාදීනං වසෙන මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරා හුත්‍වා සීලසාරං, සමාධිසාරං, පඤ‍්ඤාසාරං, විමුත‍්තිසාරං, විමුත‍්තිඤාණදස‍්සනසාරං, “පරමත්‍ථසාරං, නිබ‍්බානඤ‍්ච නාධිගච‍්ඡ”න‍්ති. සාරඤ‍්චාති තමෙව සීලසාරාදිසාරං “සාරො නාමාය”න‍්ති, වුත‍්තප‍්පකාරඤ‍්ච අසාරං “අසාරො අය”න‍්ති ඤත්‍වා. තෙ සාරන‍්ති තෙ පණ‍්ඩිතා එවං සම‍්මාදස‍්සනං ගහෙත්‍වා ඨිතා නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදීනං වසෙන සම‍්මාසඞ‍්කප‍්පගොචරා හුත්‍වා තං වුත‍්තප‍්පකාරං සාරං අධිගච‍්ඡන‍්තීති.

එහි අසාරෙ සාරමතිනො යනු සිව්පසය දසවස්තුක මිථ්‍යාදෘෂ්ටිය. ඊට ආශ්‍රය වන ධර්මදේශනාදිය අසාර නම් වේ. එහි සාරදර්ශීව සිටින අය යනු අර්ථයි. සාරෙවාසාරදස්සිනො යනු දශවස්තුක සම්‍යදෘෂ්ටිය, ඊට ආශ්‍රය වන ධර්මදේශනාදි කරුණු සාර නම් වේ. ඒ කරුණු ගැන මේවා සාර නැතැයි ගත් අසාරදර්ශකයෝ යනු අර්ථයි. තෙ සාරං යනු ඒ මිථ්‍යාදෘෂ්ටිග්‍රහණය ගෙන සිටියාවූ අය කාමවිතර්කාදි වශයෙන් මිථ්‍යා සංකල්පයට යටත් වී, සීලසාරය, සමාධිසාරය, ප්‍රඥාසාරය, විමුක්තිසාරය, විමුක්තිඥානදර්ශනසාරය, පරමාර්ථසාරය යන මේ අවස්ථාවලට නොපැමිණෙත් සාරංචා යනු ඒ සීලසාරාදියම සාරයයි. සාර නම් මේ කී ආකාරයෙන්ම අසාරය මේයයි දැනගෙන, තෙ සාරං යනු ඒ පණ්ඩිතයෝ මෙසේ යහපත් දැකුමක් ගෙන සිටියාහු නෙක්ඛම්මසංකපාදීන්ගේ වශයෙන් සම්‍යක්පකල්පයට නැඹුරු වී ඒ යට කියනලද සාරය වටහා ගනිත් යනුයි.

ගාථාපරියොසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. සන‍්නිපතිතානං සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය. රැස්වූවන්ට එය සාර්ථක ධර්මදේශනාවක් විය.

සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨමං.

අටවන අගසවු වස්තුවයි.