13-14. නන්දත්ථෙරවත්ථු අට්ඨකථා
13-14. නන්දත්ථෙරවත්ථු
13-14. නන්ද ස්ථවිර වස්තුව
යථා අගාරන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ආයස්මන්තං නන්දං ආරබ්භ කථෙසි.
‘යථාගාරං’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි ආයුෂ්මත් නන්ද හිමියන් අරභයා දෙසූසේක.
සත්ථා හි පවත්තිතවරධම්මචක්කො රාජගහං ගන්ත්වා වෙළුවනෙ විහරන්තො – “පුත්තං මෙ ආනෙත්වා දස්සෙථා”ති සුද්ධොදනමහාරාජෙන පෙසිතානං සහස්සසහස්සපරිවාරානං දසන්නං දූතානං සබ්බපච්ඡතො ගන්ත්වා අරහත්තප්පත්තෙන කාළුදායිත්ථෙරෙන ගමනකාලං ඤත්වා මග්ගවණ්ණං වණ්ණෙත්වා වීසතිසහස්සඛීණාසවපරිවුතො කපිලපුරං නීතො ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං අත්ථුප්පත්තිං කත්වා වෙස්සන්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙත්වා පුනදිවසෙ පිණ්ඩාය පවිට්ඨො, “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්යා”ති (ධ· ප· 168) ගාථාය පිතරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා, “ධම්මඤ්චරෙ”ති (ධ· ප· 169) ගාථාය මහාපජාපතිං සොතාපත්තිඵලෙ, රාජානඤ්ච සකදාගාමිඵලෙ පතිට්ඨාපෙසි.
ධර්මචක්ර දේශනාව පැවැත්වූ බුදුහු රජගහ නුවරට වැඩමවා වේළුවනයෙහි වසනසේක්, ‘මගේ පුතා කැඳවාගෙනවුත් මට පෙන්වව් යයි’ ශුද්ධෝදන මහරජුන් දහසක් පිරිවර ඇති දූතයන් දසදෙනාගෙන් සියල්ලන්ටම පසුව ගොස් රහත්බවට පැමිණි කාළුදායි තෙරුන් විසින් කිඹුල්වතට වැඩමවීමට සුදුසු කාලයයයි මාර්ග වර්ණනා කරන ලදි. ඉන්පසු බුදුහු විසිදහසක් පමණ රහතුන් පිරිවරා කපිලවස්තුවට වැඩමවා නෑ සමාගමයෙහි වැටීම කරණකොට වෙස්සන්තර ජාතකය වදාරා දෙවෙනි දින පිඬු පිණිස වැඩමවා ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය’ ආදි ගාථාව වදාළහ. එයින් පියරජු සෝවාන් ඵලයෙහි පිහිටුවා ‘ධම්මං චරෙ’ ආදි ගාථාවෙන් මහාප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහිද, රජුන් සකෘදාගාමි ඵලයෙහිද පිහිටුවූහ.
භත්තකිච්චාවසානෙ පන රාහුලමාතුගුණකථං නිස්සාය චන්දකින්නරීජාතකං (ජා· 1.14.18 ආදයො) කථෙත්වා තතො තතියදිවසෙ නන්දකුමාරස්ස අභිසෙකගෙහප්පවෙසනවිවාහමඞ්ගලෙසු පවත්තමානෙසු පිණ්ඩාය පවිසිත්වා නන්දකුමාරස්ස හත්ථෙ පත්තං දත්වා මඞ්ගලං වත්වා උට්ඨායාසනා පක්කමන්තො නන්දකුමාරස්ස හත්ථතො පත්තං න ගණ්හි. සොපි තථාගතගාරවෙන “පත්තං වො, භන්තෙ, ගණ්හථා”ති වත්තුං නාසක්ඛි. එවං පන චින්තෙසි – “සොපානසීසෙ පත්තං ගණ්හිස්සතී”ති. සත්ථා තස්මිම්පි ඨානෙ න ගණ්හි. ඉතරො “සොපානපාදමූලෙ ගණ්හිස්සතී”ති චින්තෙසි. සත්ථා තත්ථාපි න ගණ්හි. ඉතරො “රාජඞ්ගණෙ ගණ්හිස්සතී”ති චින්තෙසි. සත්ථා තත්ථාපි න ගණ්හි. කුමාරො නිවත්තිතුකාමො අරුචියා ගච්ඡන්තො සත්ථුගාරවෙන “පත්තං ගණ්හථා”ති වත්තුං න සක්කොති. “ඉධ ගණ්හිස්සති, එත්ථ ගණ්හිස්සතී”ති චින්තෙන්තො ගච්ඡති.
එදින බත්කිස අවසානයෙහි රාහුලමාතාවගේ ගුණ කථාව නිසා ‘ඡන්දකිණ්ණර’ ජාතකය දේශනාකොට එයින් දෙවෙනි දිනයෙහි නන්දකුමරුගේ අභිෂේකය, ගෘහප්රවේශය, විවාහමංගල්යය යන කටයුතු පැවැත්වෙන අතර පිඬු පිණිස වැඩමවා නන්දකුමරුන් අතට පාත්‍රය දී මංගල කරුණු කියාදී අසුනින් නැගිට වඩිනවිට නන්දකුමරුන් අතට දුන් පාත්‍රය නොගත්සේක. ඔහුද බුදුන් කෙරෙහි ගෞරවයෙන් ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පාත්‍රය ගනුමැනවැයි කියන්ට අසමත්විය. හේ මෙසේ සිතීය. ‘බුදුහු ඉණිමං හිසදී පාත්‍රය ගනු ඇති’. බුදුහු එතනදී පාත්‍රය නොගත්හ. කුමරු, ඉණිමඟ යටදී ගනු ඇතැයි සිතීය. එහිදීද නොගත්හ. රජමිදුලේදී ගනු ඇති, බුදුහු එතනදීද නොගත්හ. කුමරු නවතිනු කැමැත්තෙන්, යෑමට අරුචියෙන් යන නමුත් ගෞරවය නිසා පාත්‍රය ගන්නැයි කීමට අසමත්විය. මෙතනදී ගනු ඇති, අතනදී ගනු ඇතැයි සිතමින් නන්ද බුදුන් පසුපසින් යයි.
තස්මිං ඛණෙ අඤ්ඤා ඉත්ථියො තං දිස්වා ජනපදකල්යාණියා ආචික්ඛිංසු – “අය්යෙ, භගවා නන්දකුමාරං ගහෙත්වා ගතො, තුම්හෙහි තං විනා කරිස්සතී”ති. සා උදකබින්දූහි පග්ඝරන්තෙහෙව අඩ්ඪුල්ලිඛිතෙහි කෙසෙහි වෙගෙන ගන්ත්වා, “තුවටං ඛො, අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී”ති ආහ. තං තස්සා වචනං තස්ස හදයෙ තිරියං පතිත්වා විය ඨිතං. සත්ථාපිස්ස හත්ථතො පත්තං අග්ගණ්හිත්වාව තං විහාරං නෙත්වා, “පබ්බජිස්සසි නන්දා”තිආහ. සො බුද්ධගාරවෙන “න පබ්බජිස්සාමී”ති අවත්වා, “ආම, පබ්බජිස්සාමී”ති ආහ. සත්ථා “තෙන හි නන්දං පබ්බාජෙථා”ති ආහ. සත්ථා කපිලපුරං ගන්ත්වා තතියදිවසෙ නන්දං පබ්බාජෙසි.
එවේලෙහි, ආර්යාවනි, භාග්‍යවතුන්වහන්සේ නන්දකුමරු රැගෙන ගියෝය. ඔබගෙන් ඔහු වෙන්කරන්නේයයි පිරිවර ස්ත්‍රීහු ජනපදකළ්යාණියට දන්වා සිටියහ. ඈ දියබිඳු වැගිරෙන අඬක් වියළි අඬක් පීරු කෙසින් යුක්තව වේගයෙන් දුවගොස්, ආය පුත්‍රය, වහා එන්නැයි කීවාය. ඇගේ ඒ වචනය කුමරුගේ හදවතේ හරස්ව වැටුණා මෙන් ඔහුට දැනුණේය. ශාස්තෘන්වහසේත් ඔහුගේ අතින් පාත්‍රය නොගෙනම විහාරයට ගෙනගොස් නන්ද පැවිදි වන්නෙහිදැයි ඇසූහ. හෙතෙම බුද්ධ ගෞරවයෙන් පැවිදි නොවන්නෙමියි නොකියා, එය පැවිදි වන්නෙමියි කීය. බුදුහු එසේනම් නන්ද පැවිදි කරව්යයි භික්ෂුන් අමතා වදාළහ. බුදුරදුන් කපිලවස්තුවට ගොස් තුන්වෙනි දින නන්දකුමරු පැවිදිකරවන ලදහ.
සත්තමෙ දිවසෙ රාහුලමාතා කුමාරං අලඞ්කරිත්වා භගවතො සන්තිකං පෙසෙසි – “පස්ස, තාත, එතං වීසතිසහස්සසමණපරිවුතං සුවණ්ණවණ්ණං බ්රහ්මරූපිවණ්ණං සමණං, අයං තෙ පිතා, එතස්ස මහන්තා නිධිකුම්භියො අහෙසුං. ත්යාස්ස නික්ඛමනතො පට්ඨාය න පස්සාම, ගච්ඡ නං දායජ්ජං යාචස්සු – ‘අහං, තාත, කුමාරො, අභිසෙකං පත්වා චක්කවත්තී භවිස්සාමි, ධනෙන මෙ අත්ථො, ධනං මෙ දෙහි. සාමිකො හි පුත්තො පිතුසන්තකස්සා’”ති.
සත්වෙනි දින රාහුලමාතාව රාහුල කුමරු හැඳපලඳවා බුදුන් හමුවට යැව්වාය. ‘දරුව, මේ විසිදහසක් ශ්රමණයන් පිරිවරාගත්, රන්වන් පැහැ ඇති සිරුරක් දරන, බ්රාහ්මයකුට සමාන වර්ණවත් ශ්‍රමණයන්වහන්සේ දෙස බලන්න. මේ ඔබේ පියාය. මුන්වහන්සේ ගෙයින් නික්ම ගිය පසු අප දැක්කේ නැත. ඔබ යන්න, එතුමාගෙන් ඒ දායාද ඉල්ලන්න. පියාණනි, මම ඔබේ පුත්කුමරා වෙමි. මම අභිෂේක ලබා සක්විතිරජ වන්නෙමි. මට ධනයෙන් ප්‍රයෝජන ඇත. මට ඒ ධනය දෙනු මැනවි. පියා සතු ධනයට පුතා හිමිකාරයෙකුයයි කියවයි පිටත්කර යැව්වාය.
කුමාරො භගවතො සන්තිකං ගන්ත්වාව පිතුසිනෙහං පටිලභිත්වා හට්ඨචිත්තො “සුඛා තෙ, සමණ, ඡායා”ති වත්වා අඤ්ඤම්පි බහුං අත්තනො අනුරූපං වදන්තො අට්ඨාසි. භගවා කතභත්තකිච්චො අනුමොදනං කත්වා උට්ඨායාසනා පක්කාමි. කුමාරොපි “දායජ්ජං මෙ, සමණ, දෙහි, දායජ්ජං මෙ, සමණ, දෙහී”ති භගවන්තං අනුබන්ධි. භගවාපි කුමාරං න නිවත්තාපෙසි. පරිජනොපි භගවතා සද්ධිං ගච්ඡන්තං නිවත්තෙතුං නාසක්ඛි. ඉති සො භගවතා සද්ධිං ආරාමමෙව අගමාසි.
කුමරා බුදුන් ළඟට යාමෙන්ම පිතෘස්නේහය හය ලබා එම ප්‍රීති වූ සිතින්, ශ්‍රමණයන්වහන්ස, ඔබේ සෙවණැල්ලත් ඉතා සැපයි ආදි මෙවැනි තමන්ට ඔබින තවත් බොළඳ වචන කියමින් සිටියේය. භාග්‍යවතුන්වහන්සේ එදින බත්කිස නිමවා අනුමෝදනාකොට අසුනෙන් නැඟිට වැඩිසේක. කුමරාද, ශ්‍රමණයන්වහන්ස, මට දායාද දෙන්න, මට දායාද දෙන්නැයි භාග්‍යවතුන් පිටුපසම ගියේය. භාග්‍යවතුන්වහන්සේ කුමරා නොනැවැත්වූහ. පිරිවර ජනයෝද භාග්‍යවතුන් සමඟ යන ළදරු කුමරු නැවැත්වීමට අපොහොසත්වූහ. මෙසේ කුමරා භාග්‍යවතුන්වහන්සේ සමඟම ආරාමයට ගියේය.
තතො භගවා චින්තෙසි – “යං අයං පිතුසන්තකං ධනං ඉච්ඡති, තං වට්ටානුගතං සවිඝාතං, හන්දස්ස බොධිතලෙ පටිලද්ධං සත්තවිධං අරියධනං දෙමි, ලොකුත්තරදායජ්ජස්ස නං සාමිකං කරොමී”ති. අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි – “තෙන හි ත්වං, සාරිපුත්ත, රාහුලකුමාරං පබ්බාජෙහී”ති. ථෙරො කුමාරං පබ්බාජෙසි. පබ්බජිතෙ ච පන කුමාරෙ රඤ්ඤො අධිමත්තං දුක්ඛං උප්පජ්ජි. තං අධිවාසෙතුං අසක්කොන්තො භගවතො නිවෙදෙත්වා, “සාධු, භන්තෙ, අය්යා, මාතාපිතූහි අනනුඤ්ඤාතං පුත්තං න පබ්බාජෙය්යු”න්ති වරං යාචි.
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ මෙසේ සිතූහ - මේ කුමරා පියාසතු ධනය බලාපොරොත්තුවෙයි. ඒ ධනය විපත් දෙමින් සසර බැඳ තැබීමට හේතුය. දැන් ඉතින් මොහුට බෝධිකාලයෙහි ලැබූ සප්තවිධ ආර්යධනය හිමිකර දෙමි. ලෝකෝත්තර දායාදයට මොහු හිමිකාරයකු කරන්නෙමියි සිතා, එසේම ශාරිපුත්‍රය, ඔබ මේ රාහුල කුමරා පැවිදි කරන්නැයි වදාළහ. තෙරුන්වහන්සේ රහල්කුමරු පැවිදි කළහ. කුමරා පැවිදි කිරීමෙන් ශුද්ධෝදනරජුට අධිකමාත්‍ර දුකක් හටගත්තේය. ඒ දුක ඉවසා දරාගත නොහැකිවූ රජු භාග්‍යවතුන්වහන්සේ ළඟට ගොස් භාග්‍යවතුන්වහන්ස, මවුපියන් අනුනොදත් දරුවන් පැවිදි නොකිරීම මැනවැයි වරයක් ඉල්ලා සිටියේය.
භගවා තස්ස තං වරං දත්වා පුනෙකදිවසං රාජනිවෙසනෙ කතපාතරාසො එකමන්තං නිසින්නෙන රඤ්ඤා, “භන්තෙ, තුම්හාකං දුක්කරකාරිකකාලෙ එකා දෙවතා මං උපසඞ්කමිත්වා, ‘පුත්තො තෙ කාලකතො’ති ආහ. අහං තස්සා වචනං අසද්දහන්තො ‘න මය්හං පුත්තො බොධිං අප්පත්වා කාලං කරොතී’ති පටික්ඛිපි”න්ති වුත්තෙ – “ඉදානි කිං සද්දහිස්සථ, පුබ්බෙපි අට්ඨිකානි දස්සෙත්වා, ‘පුත්තො තෙ මතො’ති වුත්තෙ න සද්දහිත්වා”ති ඉමිස්සා අත්ථුප්පත්තියා මහාධම්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) කථෙසි. ගාථාපරියොසානෙ රාජා අනාගාමිඵලෙ පතිට්ඨහි.
භාග්‍යවතුන්වහන්සේ ඔහුට ඒ වරය දී, නැවත එක් දවසක රජමාලිගයේදී උදේ දන් වළඳා අවසානයේදී, එකත්පසෙක හුන් රජු, ස්වාමීනි, ඔබවහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි එක් දෙවියෙක් මා වෙත පැමිණ ඔබේ පුතා මැරුණේයයි කීවේය. මම ඔහුගේ වචනය භාර නොගෙන මගේ පුතා බුදුවී මිස නොමැරෙනේයයි ප්‍රතික්ෂේප කෙළෙමි. රජු එසේ කී කල්හි, මහරජතුමනි, දැන් ඔබ එබඳු කතා කෙසේ අදහන්නෙහිද, පූර්වයෙහි ඔබේ පුතා මළේයයි ඇට කැබලි පවා පෙන්වා කීවිටද ඔබ එය නොපිළිගත්තාහුයයි වදාරා, මේ කරුණ නිමිතිකොටගෙන මහාධම්මපාල ජාතකය දෙසූසේක. කථා කෙළවර රජු අනාගාමී ඵලයෙහි පිහිටියේය.
ඉති භගවා පිතරං තීසු ඵලෙසු පතිට්ඨාපෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතො පුනදෙව රාජගහං ගන්ත්වා තතො අනාථපිණ්ඩිකෙන සාවත්ථිං ආගමනත්ථාය ගහිතපටිඤ්ඤො නිට්ඨිතෙ ජෙතවනෙ විහාරෙ තත්ථ ගන්ත්වා වාසං කප්පෙසි.
මෙසේ භාග්‍යවතුන්වහන්සේ, රජු ත්‍රිවිධ ඵලයෙහි පිහිටුවා භික්ෂුසංඝයා පිරිවරා යළි රජගහ නුවරට වැඩමවා අනාථපිණ්ඩික සිටුවරයාගෙන් සැවැත්නුවරට ඒම පිණිස පිළිගනු ලැබූ ප්‍රතිඥා ඇති හෙයින් දෙව්රම වැඩ අවසන්කොට එහි ගොස් වැඩ විසූහ.
එවං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ ආයස්මා නන්දො උක්කණ්ට්ඨිත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි – “අනභිරතො අහං, ආවුසො, බ්රහ්මචරියං චරාමි, න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
මේ ආකාරයෙන් ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසන කාලයෙහි ආයුෂ්මත් නන්ද තෙරණුවෝ සසුන කළකිරී භික්ෂුන්වහන්සේලාට ඒ බව දන්වා සිටියහ. ඇවැත්නි මම මේ බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නේ කළකිරීමෙනි, බ්‍රහ්මචරියවාසය කඩනොකොට රැකීම මට අපහසුය. මම මේ ශික්ෂාක්රමය පසෙකින් තියා ගිහියෙක් වන්නෙමි කියාය.
භගවා තං පවත්තිං සුත්වා ආයස්මන්තං නන්දං පක්කොසාපෙත්වා එතදවොච – “සච්චං කිර ත්වං, නන්ද, සම්බහුලානං භික්ඛූනං එවං ආරොචෙසි – ‘අනභිරතො, ආවුසො, බ්රහ්මචරියං චරාමි, න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී’”ති? “එවං, භන්තෙ”ති. “කිස්ස පන ත්වං, නන්ද, අනභිරතො බ්රහ්මචරියං චරසි, න සක්කොසි බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සසී”ති?
භාග්‍යවතුන්වහන්සේ එපුවත අසා, ආයුෂ්මත් නන්ද තෙරුන් ළඟට කැඳවා, මෙසේ වදාළහ. නන්ද ඔබ බොහෝ භික්ෂූන් සමඟ, ඇවැත්නි මා මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ කළකිරීමෙනි, බ්‍රහ්මචර්ය වාසය කඩනොකොට රැකීම මට අපහසුය. මේ ශික්ෂා ක්‍රමය පැත්තකින් තියා ගිහියෙක් වන්නෙමියි කී බව සත්‍යයක්දැයි ඇසූහ. ස්වාමීනි එසේය, එය සත්‍යයකි. නන්ද ඔබ කවුරුන් නිසා කළකිරීමෙන් නොකැමැත්තෙන් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහිද? බ්රහ්මචර්යය කඩනොකොට රැකීමට අපොහොසත් වන්නෙහිද? මේ ශික්ෂාක්රමය පසෙකින් තබා ගිහියෙක් වන්නෙහිද?
“සාකියානී මං, භන්තෙ, ජනපදකල්යාණී ඝරා නික්ඛමන්තස්ස අඩ්ඪුල්ලිඛිතෙහි කෙසෙහි අපලොකෙත්වා මං එතදවොච – ‘තුවටං ඛො, අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී’ති, සො ඛො අහං, භන්තෙ, තං අනුස්සරමානො අනභිරතො බ්රහ්මචරියං චරාමි, න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
ස්වාමීනි, ජනපදකල්යාණී ශාක්යදුවණියෝ මා ගෙයින් පිටත්වන වේලාවේ ආර්යපුත්රය, වහා එන්නැයි අඬක් පීරූ කෙස්වලින් යුක්තව (හිස පීර පීරා සිටිමින්) මා දෙස බලා කීවාය. ස්වාමීනි ඒ වචන සිහිකරන මම, කළකිරීමෙන් මේ බඹසර වසමි. මෙම බඹසරවාසය කඩනොකොට රැකීමට අපොහොසත් වෙමි. මේ ශික්ෂාක්රමය ඉවත දමා ගිහියෙක් බවට පත්වන්නෙමි.
අථ ඛො භගවා ආයස්මන්තං නන්දං බාහායං ගහෙත්වා ඉද්ධිබලෙන තාවතිංසදෙවලොකං ආනෙන්තො අන්තරාමග්ගෙ එකස්මිං ඣාමක්ඛෙත්තෙ ඣාමඛාණුකෙ නිසින්නං ඡින්නකණ්ණනාසනඞ්ගුට්ඨං එකං පලුට්ඨමක්කටිං දස්සෙත්වා තාවතිංසභවනෙ සක්කස්ස දෙවරඤ්ඤො උපට්ඨානං ආගතානි කකුටපාදානි පඤ්ච අච්ඡරාසතානි දස්සෙසි. කකුටපාදානීති රත්තවණ්ණතාය පාරෙවතපාදසදිසපාදානි. දස්සෙත්වා ච පනාහ – “තං කිං මඤ්ඤසි, නන්ද, කතමා නු ඛො අභිරූපතරා වා දස්සනීයතරා වා පාසාදිකතරා වා සාකියානී වා ජනපදකල්යාණී, ඉමානි වා පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානී”ති? තං සුත්වා ආහ – “සෙය්යථාපි සා, භන්තෙ, ඡින්නකණ්ණනාසනඞ්ගුට්ඨා පලුට්ඨමක්කටී, එවමෙව ඛො, භන්තෙ, සාකියානී ජනපදකල්යාණී, ඉමෙසං පඤ්චන්නං අච්ඡරාසතානං උපනිධාය සඞ්ඛ්යම්පි න උපෙති, කලම්පි න උපෙති, කලභාගම්පි න උපෙති. අථ ඛො ඉමානෙව පඤ්ච අච්ඡරාසතානි අභිරූපතරානි චෙව දස්සනීයතරානි ච පාසාදිකතරානි චා”ති. “අභිරම, නන්ද, අභිරම, නන්ද, අහං තෙ පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති. “සචෙ මෙ, භන්තෙ භගවා, පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, අභිරමිස්සාමහං, භන්තෙ, භගවති බ්රහ්මචරියෙ”ති.
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ නන්ද තෙරුන්ගේ අතින් අල්වාගෙන සෘද්ධි බලයෙන් තව්තිසාභවනයට ගෙනයන අතරමඟ එක් දැවුණු හේනක දැවීගිය කණුවක රැඳී තිබුණු සිඳී ගිය කන් නාසා නගුට ඇති එක් පුළුටු වූ වැදිරියකගේ සිරුරක් පෙන්වා, තව්තිසාවට වැඩිසේක. එහි සක්දෙව්රජුන්ගේ උවටැනට ආ පරෙවි පා වැනි පා ඇති දිව්‍ය අප්සරාවන් පන්සීයක් පෙන්වූසේක. කකුටපාදානි යනු රක්තවර්ණ හෙයින් පරෙවිපා හා සමබවය. එසේ දක්වමින් මෙසේ වදාළහ. නන්ද අභිරූපවූ දර්ශනීයවූ, ප්‍රසාද කරවූ පරෙවි පා වැනි පා ඇති, මේ පන්සීයක් අප්සරාවෝ හොඳද? නැතහොත් ජනපදකල්‍යාණි හොඳද? ඔබ සිතන්නේ කොහොමදැයි ඇසූහ. ස්වාමීනි, අප අතරමඟදී දුටු කන් නාසා නගුට සිඳීගිය පුළුටු වැඳිරිය යම්සේද, මේ අප්සරාවන් හා සමඟ සසඳන විට ජනපදකල්‍යාණිය ඒ වැඳිරිය මෙනි. මේ අප්සරාවන් හා සසඳන විට ජනපදකල්‍යාණිය ගණනකටවත් නොගැනෙයි. මොවුන්ගෙන් භාගයක්වත් නොවටී. භාගයෙන් භාගයකටවත් නොවටී. එහෙයින් මොවුහුම අභිරූපවූත්, දර්ශනීයකරවූත් ප්රසාදාවහවූවාහුත් වන්නාහුය. භාග්‍යවතුන්වහන්සේ, එසේනම් නන්ද මොවුන් කෙරෙහි සිත් අලවව. මම මෙබඳු පරෙවියා වැනි පා ඇති අප්සරාවන් පන්සීයක් ඔබට ලබාදීමට පොරොන්දු වෙමි. ස්වාමීනි යම්කිසි විදියකින් ඒ පරෙවිපා වැනි පා ඇති අප්සරාවන් පන්සීයක් ලබාදීමට ඔබවහන්සේ මට පොරොන්දුවන සේක්නම්, මම ඔබවහන්සේ ළඟ බ්රහ්මචර්යවාසය විසීමට කැමැත්තෙමි.
අථ ඛො භගවා ආයස්මන්තං නන්දං ගහෙත්වා තත්ථ අන්තරහිතො ජෙතවනෙයෙව පාතුරහොසි. අස්සොසුං ඛො භික්ඛූ, “ආයස්මා කිර නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරති. භගවා කිරස්ස පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති. අථ ඛො ආයස්මතො නන්දස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං නන්දං භතකවාදෙන ච උපක්කිතකවාදෙන ච සමුදාචරන්ති, “භතකො කිරායස්මා නන්දො, උපක්කිතකො කිරායස්මා නන්දො, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරති. භගවා කිරස්ස පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ නන්දහිමියන් ද කැටුව එයින් අතුරුදහන්ව දෙව්රමටම වැඩිසේක. බුද්ධමාතාවගේ - මවගේ සහෝදරියකගේ පුත් බුදුරදුන්ගේ සහෝදරයකුවූ නන්දහිමියන්, දිව්‍යාප්සරාවන් ලබාගනු පිණිස මහණදම් පුරන බවත්, පරෙවියා වැනි පා ඇති අප්සරාවන් පන්සීයක් ලබාදෙන බවට බුදුරදුන් නන්ද තෙරුන්ට පොරොන්දුවී ඇති බවත් භික්ෂුන්වහන්සේලා අතර ප්රචාරයට පත්විය. නන්දහිමියන්ගේ සහායක භික්ෂූහු උන්වහන්සේට, නන්ද බැලයට වැඩ කරන්නෙකි, මිලයට වැඩ කරන්නෙකි, ආදි අවමන් ඇමතුමෙන් කථා කරන්ට පටන්ගත්හ. නන්ද කුලීකරුවෙකි. නන්ද මිලයට වැඩ කරන්නෙකි. ඔහු මහණදම් පුරන්නේ දිව්‍යාංගනාවන් ලබා ගැනීමටය. බුදුරදුන් පරෙවිපා වැනි පා ඇති දෙවඟනන් පන්සීයක් නන්දට ලබාදෙන බවට පොරොන්දුවී තිබේලූ.
අථ ඛො ආයස්මා නන්දො සහායකානං භික්ඛූනං භතකවාදෙන ච උපක්කිතකවාදෙන ච අට්ටියමානො හරායමානො ජිගුච්ඡමානො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි, “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා නන්දො අරහතං අහොසි.
නැවත නැවතත් නන්ද ආයුෂ්මතුන් සහායක භික්ෂුන්ගේ හතකවාදයෙන් හා උපක්කිතකවාදයෙන් අවමානයට පැමිණ ලජ්ජාවට පත්ව හුදෙකලාව පිරිසෙන් වෙන්ව වාසය කළ නමුදු නොබොහෝ කලකින්ම, යම් අපේක්ෂාවක් උඩ කුලපුත්‍රයෝ ගිහිගෙය හැර අනගාරිය සසුනෙහි පැවිදිවෙත්ද. ඒ අනුත්තරවූ බ්රහ්මචර්යය අවසානයෙහිදී ලබන ඥාන සම්භාරය තමන්ම ප්රත්යක්ෂ කොට දැන නිවනට පැමිණියෝය. එතනින් ඉපදීම නැතිවිය. ආය බ්‍රහ්මචර්යාවෙහි යෙදීම අවසන් විය. කළයුත්ත කොට නිමවන ලද්දේය. යළි ඉපදීමක් නැතිබව තමන්ම අවබෝධකර ගත්තේය. නන්ද ආයුෂ්මතුන්වහන්සේ රහතන්වහන්සේනමක් බවට පත්වූහ.
අථෙකා දෙවතා රත්තිභාගෙ සකලං ජෙතවනං ඔභාසෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා ආරොචෙසි – “ආයස්මා, භන්තෙ, නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. භගවතොපි ඛො ඤාණං උදපාදි “නන්දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. සොපායස්මා නන්දො තස්සා රත්තියා අච්චයෙන භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එතදවොච – “යං මෙ, භන්තෙ, භගවා පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, මුඤ්චාමහං, භන්තෙ, භගවන්තං එතස්මා පටිස්සවා”ති. “මයාපි ඛො තෙ, නන්ද, චෙතසා චෙතො පරිච්ච විදිතො ‘නන්දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසි – ‘ආයස්මා, භන්තෙ, නන්දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති. යදෙව ඛො තෙ, නන්ද, අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං, අථාහං මුත්තො එතස්මා පටිස්සවා”ති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
පසු දිනෙක එක් දේවතාවෙක් රාත්‍රි කාලයේ මුළු ජේතවනයම ආලෝකමත් කරමින් බුදුන් වෙත එළඹ, ස්වාමීනි, ඔබ වහන්සේගේ සුළුමවගේ පුතා, නන්ද ආයුෂ්මතුන්වහන්සේ සියලු ආශ්‍රව (කෙලෙස්) ක්ෂයකොට ආශ්‍රව රහිත, චෙතෝවිමුත්තියටත්, පඤ්ඤාවිමුත්තියටත් මෙලොවදීම පැමිණ තමන්ම ඒ බව සාක්ෂාත්කොට නිවනට පැමිණියාහුයයි දන්වා සිටියේය. නන්ද ආයුෂ්මතුන් ආශ්‍රවයන් ක්ෂයකොට ආශ්‍රව රහිත චෙතෝවිමුත්තියටත්, පඤ්ඤාවිමුත්තියටත් මෙලොවදීම පැමිණ, තමන්ම ඒ බව දැන සාක්ෂාත්කොට නිවනට පැමිණ වසනබව බුදුරජාණන්වහන්සේටත් දැනිණි. ඒ නන්ද ආයුෂ්මතුන්වහන්සේත් ඒ රෑගතවුණු පසු බුදුරදුන් වෙත එළඹ වැඳ, ස්වාමීනි, පරෙවිපා වැනි පා ඇති පන්සීයක් අප්සරාවන් මට ලබාදෙන බවට ඔබවහන්සේ මා සමඟවූ පොරොන්දුවක් ඇත. අද මම ඒ පොරොන්දුවෙන් ඔබ මුදවනු කැමැත්තෙමියි කීහ. නන්ද මම මගේ සිතින් ඔබේ සිත විනිවිද දුටුවෙමි. නන්ද ආශ්‍රවයන් ක්ෂය කොට, ආශ්‍රව රහිත චේතෝවිමුත්තියටත්, පඤ්ඤාවිමුත්තියටත් පැමිණ, මෙලොවදීම තමන්ම ඒ බව දැන සාක්ෂාත්කොට නිවනට පැමිණ වසන බව දැන ගතිමි. එක් දේවතාවෙක්ද ඔබේ මේ තත්ත්වය මට දන්වා සිටියේය. නන්ද ඔබ යම්විටක කෙලෙස් නූපදවන තත්ත්වයෙන් ඔබේ සිත මුදාගත්තෙහිද, එකෙණෙහිම මම ඒ පොරොන්දුවෙන් මිදුණෙමි. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ මේ පුවත දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළහ:
“යස්ස නිත්තිණ්ණො පඞ්කො, මද්දිතො කාමකණ්ටකො; මොහක්ඛයං අනුප්පත්තො, සුඛදුක්ඛෙසු න වෙධතී ස භික්ඛූ”ති. (උදා· 22);
යමෙක් කාමයේ විසකටු කඩා බිඳ දමා සසර මඩ ගොහොරුවෙන් එගොඩට ගමන් කළේද මෝහය ක්ෂය කොට නිවනට පැමිණි හෙතෙමේ සුවදුක් දෙකෙහි නොසැලෙන නිවනට පැමිණියෙකු වේ
අථෙකදිවසං භික්ඛූ තං ආයස්මන්තං නන්දං පුච්ඡිංසු – “ආවුසො නන්ද, පුබ්බෙ ත්වං ‘උක්කණ්ඨිතොමී’ති වදෙසි, ඉදානි තෙ කථ”න්ති? “නත්ථි මෙ, ආවුසො, ගිහිභාවාය ආලයො”ති. තං සුත්වා භික්ඛූ – “අභූතං ආයස්මා නන්දො කථෙති, අඤ්ඤං බ්යාකරොති, අතීතදිවසෙසු ‘උක්කණ්ඨිතොම්හී’ති වත්වා ඉදානි ‘නත්ථි මෙ ගිහිභාවාය ආලයො’ති කථෙතී”ති ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. භගවා “භික්ඛවෙ, අතීතදිවසෙසු නන්දස්ස අත්තභාවො දුච්ඡන්නගෙහසදිසො අහොසි, ඉදානි සුච්ඡන්නගෙහසදිසො ජාතො. අයඤ්හි දිබ්බච්ඡරානං දිට්ඨකාලතො පට්ඨාය පබ්බජිතකිච්චස්ස මත්ථකං පාපෙතුං වායමන්තො තං කිච්චං පත්තො”ති වත්වා ඉමා ගාථා අභාසි –
තවත් දිනක භික්ෂුහු නන්ද ආයුෂ්මතුන්ගෙන් මෙසේ ඇසූහ: නන්ද, ඔබ සසුනෙහි කළකිරුණෙමියි කීවෙහිය. දැන් ඔබේ තත්ත්වය කුමක්ද? ඇවැත්නී, දැන් මට ගිහි වීමෙහි අදහසක් නැත. ඒ ඇසූ භික්ෂූහු, නන්ද අභූතයක් දොඩයි. එක එක දේ කියයි. ඉකුත් දිනවලදී කළකිරුණෙමියි කියා දැන් ගිහි වීමෙහි අදහසක් නැති බව කියයි. ඒ භික්ෂුහු ගොස් බුදුරදුන්ට මෙපුවත දැක්වූහ. මහණෙනි, ඉකුත් දිනවලදී නන්දගේ අත්බව නුසුදුසු ලෙස සෙවිලි කළ ගෙයක් මෙන් විය. දැන් එය හොඳින් සෙවිලි කළ ගෙයක් වැන්න. මොහු දිව්‍යාප්සරාවන් දුටුවේලේ පටන් පැවිදිකිස මස්තකප්රාප්ත කිරීමට වෙහෙසුණු හෙයින් ඒ පැවිදිකිසට පැමිණියේයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.
“යථා අගාරං දුච්ඡන්නං, වුට්ඨී සමතිවිජ්ඣති; එවං අභාවිතං චිත්තං, රාගො සමතිවිජ්ඣති.
හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සට තෙමෙනවා මෙන් දියුණු නොකළ සිතද රාගයෙන් විනිවිදයයි
“යථා අගාරං සුච්ඡන්නං, වුට්ඨී න සමතිවිජ්ඣති; එවං සුභාවිතං චිත්තං, රාගො න සමතිවිජ්ඣතී”ති.
හොඳින් සෙවිලි කළ ගෙය වැසිවලින් නොතෙමෙන සේ දියුණු කරගත් සිත රාගයෙන් විනිවිද නොයේ
තත්ථ අගාරන්ති යංකිඤ්චි ගෙහං. දුච්ඡන්නන්ති විරළච්ඡන්නං ඡිද්දාවඡිද්දං. සමතිවිජ්ඣතීති වස්සවුට්ඨි විනිවිජ්ඣති. අභාවිතන්ති තං අගාරං වුට්ඨි විය භාවනාය රහිතත්තා අභාවිතං චිත්තං රාගො සමති විජ්ඣති. න කෙවලං රාගොව, දොසමොහමානාදයො සබ්බකිලෙසා තථාරූපං චිත්තං අතිවිය විජ්ඣන්තියෙව. සුභාවිතන්ති සමථවිපස්සනාභාවනාහි සුභාවිතං. එවරූපං චිත්තං සුච්ඡන්නං ගෙහං වුට්ඨි විය රාගාදයො කිලෙසා අතිවිජ්ඣිතුං න සක්කොන්තීති.
එහි අගාර නම් යම්කිසි ගෙයකි. දුච්ඡන්තං යනු සිදුරුවලින් ගැවසීගත්, අතු විරලව සෙවිලි කිරීමයි. සමතිවිජ්ඣති යනු වැස්සෙන් වැටෙන වැහිපොද වහළ හිල්කරගෙන වැටීමයි. අභාචිතං යනු එසේ සෙවිලි කළ වහළය විනිවිද යන වැහිපොද මෙන්, භාවනාවෙන් සිත දියුණු නොකළ විට ඒ සිතද රාගයෙන් සිදුරු කෙරෙයි. රාගය පමණක්ම නොවේ. ද්වේශ මෝහ යනාදි සියලු කෙලෙස්ම එබඳු අභාවිත සිත අතිශයින් සිදුරු කරන්නේමය. සුභාචිතං යනු සමථවිදර්ශනා භාවනා මඟින් පුරුදු පුහුණු කිරීමයි. එසේ භාවිත සිත හොඳින් සෙවිලි කළ වහළ සිදුරු කිරීමට වැහිපොද අසමත් වන්නාක් මෙන් රාගාදී කෙලෙස් මඟින් සිදුරු කිරීමට අසමත් වෙයි.
ගාථාපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. මහාජනස්ස දෙසනා සාත්ථිකා අහොසි.
ගාථා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියෙහි පිහිටියාහුය. ධර්මදේශනාව මහජනයාට සාර්ථක විය.
අථ ඛො භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, බුද්ධා නාම අච්ඡරියා, ජනපදකල්‍යාණිං නිස්සාය උක්කණ්ඨිතො නාමායස්මා නන්දො සත්ථාරා දෙවච්ඡරා ආමිසං කත්වා විනීතො”ති. සත්ථා ආගන්ත්වා – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ, “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මයා මාතුගාමෙන පලොභෙත්වා විනීතොයෙවා”ති වත්වා අතීතං ආහරි –
ඉක්බිති භික්ෂුහු දම්සභා මණ්ඩපයෙහි මෙසේ කථාකළහ. ඇවැත්නී, බුදුවරයෝ නම් ආශ්චර්යජනකය. ජනපදකල්‍යාණිය නිසා උකටලීව සිටි නන්ද ආයුෂ්මතුන්, දිව්‍යප්සරාවන් ලබාදීමේ ගිවිසුම පිට ශාස්තෘන්වහන්සේ විසින් හික්මවන ලදි. බුදුහු එහි පැමිණ මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව සිටියාහුදයි විමසා, මෙබඳු කථාවකිනියි දැන්වූ කල්හි මහණෙනි, දැන් පමණක් නොවෙයි පෙරත් මම මොහු මාගමක් මඟින් පොළඹවා විනීත කෙළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බාරාණසිවාසී කප්පටො නාම වාණිජො අහොසි. තස්සෙකො ගද්රභො කුම්භභාරං වහති, එකදිවසෙන සත්ත යොජනානි ගච්ඡති. සො එකස්මිං සමයෙ ගද්රභභාරකෙහි සද්ධිං තක්කසිලං ගන්ත්වා යාව භණ්ඩස්ස විස්සජ්ජනං, තාව ගද්රභං චරිතුං විස්සජ්ජෙසි. අථස්ස සො ගද්රභො පරිඛාපිට්ඨෙ චරමානො එකං ගද්රභිං දිස්වා උපසඞ්කමි. සා තෙන සද්ධිං පටිසන්ථාරං කරොන්තී ආහ – “කුතො ආගතොසී”ති? “බාරාණසිතො”ති. “කෙන කම්මෙනා”ති? “වාණිජ්ජකම්මෙනා”ති. “කිත්තකං භාරං වහසී”ති ? “කුම්භභාර”න්ති? “එත්තකං භාරං වහන්තො කති යොජනානි ගච්ඡසී”ති? “සත්ත යොජනානී”ති. “ගතගතට්ඨානෙ තෙ කාචි පාදපරිකම්මපිට්ඨිපරිකම්මකරා අත්ථී”ති? “නත්ථී”ති. “එවං සන්තෙ මහාදුක්ඛං නාම අනුභොසී”ති? “කිඤ්චාපි හි තිරච්ඡානගතානං පාදපරිකම්මාදිකාරකා නාම නත්ථි, කාමසංයොජනඝට්ටනත්ථාය පන එවරූපං කථං කථෙසි”? සො තස්සා කථාය උක්කණ්ඨි. කප්පටොපි භණ්ඩං විස්සජ්ජෙත්වා තස්ස සන්තිකං ආගන්ත්වා – “එහි, තාත, ගමිස්සාමා”ති ආහ. “ගච්ඡථ තුම්හෙ, නාහං ගමිස්සාමී”ති. අථ නං පුනප්පුනං යාචිත්වා, “අනිච්ඡන්තං පරිභාසෙත්වා නං නෙස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
අතීතයෙහි බරණැස බ්‍රහ්මදත්ත නම් රජු රජකරන කල්හි ඒ බරණැස කප්පට නමින් වෙළෙන්දෙක් සිටියේය. ඔහුට සිටි එක් කොටළුවෙක් දසඅමුණක් පමණ බර උසුලයි. එක් දිනකින් සත්යොදුනක් යයි. හෙතෙම වරක් කොටළුවා පිට බර පටවාගෙන ඔහුත් සමඟ තක්ෂශීලාවට ගොස් බඩු විකිණෙන තුරු කොටළුවා ආහාර පිණිස මුදා හැරියේය. කොටළුවා දිය අගල් ඉවුරේ ඇවිදිමින් තණ කන අවස්ථාවේ කොටළුදෙනක් දැක ඈවෙත ගියේය. ඈ ඌ සමග පිළිසඳර කථා කරමින්, කොහි සිට ආවෙහිදැයි ඇසුවාය. බරණැස සිටයි. කුමක් සඳහාද? වෙළෙඳාමටයි. කොපමණ බරක් උසුලන්නෙහිද? දසඅමුණක් පමණ බරයි. මෙතෙක් බර උසුලා යොදුන් කීයක් යන්නෙහිද? සත්යොදුනකි. ඒ යන තැන්වලදී ඔබේ පා මිරිකන, පිට මිරිකන කවුරුවත් ඇද්ද, නැද්ද? නැත. එහෙනම් මහදුකක් විඳිනවා නේද? තිරිසන්ගත සතුන් අතර පාමිරිකීම් ආදි උවටැන් කරන්නෝ නැත. එතෙකුදු වුවත් කාමයෙහි යොදවා ගැනීමේ අටියෙන් මෙබඳු කථා කෙරෙයි. ඒ කොටළුවා ඇගේ කථාවෙන් කළකිරුණේය. කප්පටද බඩු විකුණා ගද්‍රභයා ලඟට ගොස් දරුව එන්න, යමුයි කීවේය. ඔබ යන්න. මම නොඑන්නෙමි ගදබා කීය. යළියළිත් ඉල්ලාසිටි නමුදු ඔහු නොඑන නිසා බියගන්වා ගෙන යන්නෙමියි සිතා මේ ගාථාව කීය:
“පතොදං තෙ කරිස්සාමි, සාළසඞ්ගුලිකණ්ටකං; සඤ්ඡින්දිස්සාමි තෙ කායං, එවං ජානාහි ගද්රභා”ති.
සොළසාඟුල් උල්කටු ඇති කෙවිටෙන් තා පිට තළමී තාගේ කය කපා කොටමි දැනගනු ගදුබුව මේ බව
තං සුත්වා ගද්රභො “එවං සන්තෙ අහම්පි තෙ කත්තබ්බං ජානිස්සාමී”ති වත්වා ඉමං ගාථමාහ –
ඒ ඇසූ ගදබයා, එසේ නම් මාත් තට කළයුත්ත දනිමියයි මේ ගාථාව කීවේය:
“පතොදං මෙ කරිස්සසි, සොළසඞ්ගුලිකණ්ටකං; පුරතො පතිට්ඨහිත්වාන, උද්ධරිත්වාන පච්ඡතො; දන්තං තෙ පාතයිස්සාමි, එවං ජානාහි කප්පටා”ති.
සොළසාඟුල් කටු කෙවිටෙන් පහර දිදී නළනෙහි නම් මගෙ පෙර පා දෙක උඩ සිට පසු පා ඉහළට අරගෙන තාගේ දත් හෙළා දමමි කප්පට මෙය හොඳින් දනුව
තං සුත්වා වාණිජො – “කෙන නු ඛො කාරණෙන එස එවං වදතී”ති චින්තෙත්වා, ඉතො චිතො ච ඔලොකෙන්තො තං ගද්රභිං දිස්වා, “ඉමායෙස එවං සික්ඛාපිතො භවිස්සති, ‘එවරූපිං නාම තෙ ගද්රභිං ආනෙස්සාමී’ති මාතුගාමෙන නං පලොභෙත්වා නෙස්සාමී”ති ඉමං ගාථමාහ –
ඒ ඇසු වෙළෙන්දා කුමක් හෝ කරුණක් නිසා මොහු මෙසේ කියනු ඇතැයි වටපිට සොයා බලනවිට, ඒ ගද්රභිය දැක මෑ මොහු මේ තත්ත්වයට පත්කර ඇතියි සිතා, මෙබඳු ගද්රභයක් තට ගෙනත් දෙන්නෙමියිද මාගමකගේ මඟින් පොළොඹවා මොහු ගෙන යන්නෙමියිද සිතා මේ ගාථාව කීවේය.
“චතුප්පදිං සඞ්ඛමුඛිං, නාරිං සබ්බඞ්ගසොභිනිං; භරියං තෙ ආනයිස්සාමි, එවං ජානාහි ගද්රභා”ති.
සිවුපා හා සක්ගෙඩි මුහුණක් හා සියලු නාරිලතාවෙන් හොබනා බිරියක් තට මම ගෙනවුත් දෙන්නෙමි ගදුබුව හොඳින් දනුව මේ බව ඔබ දැන්
තං සුත්වා තුට්ඨචිත්තො ගද්රභො ඉමං ගාථමාහ –
ඒ අසා ප්‍රීතියට පත් ගද්‍රභයා මෙසේ කීවේය.
“චතුප්පදිං සඞ්ඛමුඛිං, නාරිං සබ්බඞ්ගසොභිනිං; භරියං මෙ ආනයිස්සසි, එවං ජානාහි කප්පට; කප්පට භිය්යො ගමිස්සාමි, යොජනානි චතුද්දසා”ති.
සිවුපා හා සක්ගෙඩි මුහුණක් හා සියලු නාරිලතාවෙන් හොබනා බිරියක් ඔබ මට ගෙනදෙන්නෙහි නම් කප්පට තව තව වැඩි දුර යන්නෙමි ඉන්පසු තව තව වැඩිබර උසුලා දහහතරක් යොදුනක්වුව යන්නෙමි
අථ නං කප්පටො, “තෙන හි එහී”ති ගහෙත්වා සකට්ඨානං අගමාසි. සො කතිපාහච්චයෙන නං ආහ – “නනු මං තුම්හෙ ‘භරියං තෙ ආනයිස්සාමී’ති අවොචුත්ථා”ති? “ආම, වුත්තං, නාහං අත්තනො කථං භින්දිස්සාමි, භරියං තෙ ආනෙස්සාමි, වෙතනං පන තුය්හං එකකස්සෙව දස්සාමි, තුය්හං වෙතනං දුතියස්ස පහොතු වා මා වා, ත්වමෙව ජානෙය්යාසි. උභින්නං පන වො සංවාසමන්වාය පුත්තා විජායිස්සන්ති, තෙහිපි බහූහි සද්ධිං තුය්හං තං පහොතු වා මා වා, ත්වමෙව ජානෙය්යාසී”ති. ගද්රභො තස්මිං කථෙන්තෙයෙව අනපෙක්ඛො අහොසි.
ඉන්පසු කප්පටයා එසේ නම් එන්නැයි ගද්‍රභයා කැඳවාගෙන තමන් බලාපොරොත්තු ස්ථානයට ගියේය. ටික දිනකින් ගදබා මෙසේ කීවේය. මට බිරියක් ගෙන එන බව ඔබ කීවා නොවේද? එසේය කීවෙමි. මම මා කී කථාව බිඳ නොදමන්නෙමි. ඔබට බිරියක් ගෙනෙන්නෙමි. එහෙත් ඔබට ගෙවන වැටුප නම් එක් කෙනෙකුට පමණකි. ඔබගේ දෙවැන්නියටත් සමඟ ඒ වැටුප සෑහේද, නැද්ද යන්න ඔබම දැනගත යුතුය. තොප දෙදෙනාගේ සහවාසයෙන් දුපුතුන්ද ඇතිවෙත්. ඒ බොහෝ වන අයටත් මා ගෙවන මෙම වැටුප සෑහුණත් නැතත් එයද තා විසින්ම විසඳා ගතයුතුය. ඔහු මෙසේ කියාගෙන යන විට ගදබා අපේක්ෂා රහිතවිය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා, “තදා, භික්ඛවෙ, ගද්රභී ජනපදකල්යාණී අහොසි, ගද්රභො නන්දො, වාණිජො අහමෙව. එවං පුබ්බෙපෙස මයා මාතුගාමෙන පලොභෙත්වා විනීතො”ති ජාතකං නිට්ඨාපෙසීති.
ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා, මහණෙනි, එකල ගද්රභී නම් ජනපදකල්යාණියයි. ගදබා නම් නන්දයි. වෙළදා නම් මමයි. මෙසේ පෙරත් මොහු මාගමකට පොළොඹවා විනීත කෙළෙඹියි ජාතකකථාව නිමවා වදාළසේක.
නන්දත්ථෙරවත්ථු නවමං.
නවවන නන්ද ස්ථවිර වස්තුවයි.