15. චුන්දසූකරිකවත්ථු අට්ඨකථා
15. චුන්දසූකරිකවත්ථු
15. චුන්දසූකරික වස්තුව
ඉධ සොචෙතීති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො චුන්දසූකරිකං නාම පුරිසං ආරබ්භ කථෙසි.
‘ඉධ සොචති’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ වේළුවන විහාරයෙහි වාසය කරන කාලයෙහි චුන්දසූකරිකයා අරමුණුකොට දෙසූසේක.
සො කිර පඤ්චපණ්ණාස වස්සානි සූකරෙ වධිත්වා ඛාදන්තො ච වික්කිණන්තො ච ජීවිකං කප්පෙසි. ඡාතකාලෙ සකටෙන වීහිං ආදාය ජනපදං ගන්ත්වා එකනාළිද්වෙනාළිමත්තෙන ගාමසූකරපොතකෙ කිණිත්වා සකටං පූරෙත්වා ආගන්ත්වා පච්ඡානිවෙසනෙ වජං විය එකං ඨානං පරික්ඛිපිත්වා තත්ථෙව තෙසං නිවාපං රොපෙත්වා, තෙසු නානාගච්ඡෙ ච සරීරමලඤ්ච ඛාදිත්වා වඩ්ඪිතෙසු යං යං මාරෙතුකාමො හොති, තං තං ආළානෙ නිච්චලං බන්ධිත්වා සරීරමංසස්ස උද්ධුමායිත්වා බහලභාවත්ථං චතුරස්සමුග්ගරෙන පොථෙත්වා, “බහලමංසො ජාතො”ති ඤත්වා මුඛං විවරිත්වා අන්තරෙ දණ්ඩකං දත්වා ලොහථාලියා පක්කුථිතං උණ්හොදකං මුඛෙ ආසිඤ්චති. තං කුච්ඡිං පවිසිත්වා පක්කුථිතං කරීසං ආදාය අධොභාගෙන නික්ඛමති, යාව ථොකම්පි කරීසං අත්ථි, තාව ආවිලං හුත්වා නික්ඛමති, සුද්ධෙ උදරෙ අච්ඡං අනාවිලං හුත්වා නික්ඛමති. අථස්ස අවසෙසං උදකං පිට්ඨියං ආසිඤ්චති. තං කාළචම්මං උප්පාටෙත්වා ගච්ඡති. තතො තිණුක්කාය ලොමානි ඣාපෙත්වා තිඛිණෙන අසිනා සීසං ඡින්දති. පග්ඝරණතං ලොහිතං භාජනෙන පටිග්ගහෙත්වා මංසං ලොහිතෙන මද්දිත්වා පචිත්වා පුත්තදාරමජ්ඣෙ නිසින්නො ඛාදිත්වා සෙසං වික්කිණාති. තස්ස ඉමිනාව නියාමෙන ජීවිකං කප්පෙන්තස්ස පඤ්චපණ්ණාස වස්සානි අතික්කන්තානි.
ඔහු පස්පනස් වසරක්ම ඌරන් මරා කමින් විකුණමින් ජීවිකාව කෙළේය. දුර්භික්ෂ කාලයේදී කරත්තයෙන් වී රැගෙන පිටිසරට ගොස් නැළියට දෙකට ගම්ඌරු පැටවුන් මිලදී කරත්තය පුරවාගෙන අවුත් ගෙය පිටපැත්තේ ගාලක් වැනි තැනක් කොටුවක් ලෙස අහුරා බැඳ එහිම ඔවුන්ගේ ආහාර වර්ගද වවා එම පැලෑටිත් තම ශරීරමලත් කා වැඩුණු පසු එවුන් මරන්නේය. මරනු කැමති ඌරා නොසෙල්වෙන සේ කණුවක බැඳ සිරුරුමස් ඉදිමවා ඒ ඉදිමුණු මස් සතරැස් මුගුරකින් තළා ඒ මස් බොල්වූ පසු එය දැන උගේ තට අරවා කටෙන් ඇතුළට දණ්ඩක් යවා ලෝහ සැළියක ලා කකාරවා ගත් උණුවතුර කටට වක්කරයි. ඒ උණුවතුර කුසට පිවිස බඩේ ඇති මළමුත්‍ර ආදිය අධෝමුඛයෙන් පිටවී යයි. මළමුත්‍ර ටිකක් හෝ ඉතුරු නොවී සියල්ල කැළඹී පිටවීයයි. උදරය පිරිසිදුවූ පසු පිරිසිදු ජලය නික්මීයයි. අනතුරුව ඉතිරි උණුදිය ඌරාගේ පිටට වත්කරයි. එයින් කළුසම ගැලවී යයි. ඉන්පසු තණහුලකින් ලොම් පුළුස්සා තියුණු ආයුධයකින් (සැතකින්) හිස සිඳලයි. වැගිරෙන ලේ භාජනයකට ගෙන මස්කුට්ටි ඒ ලේවල තවරා උයා අඹුදරුවන් මැද තියා කවුරුත් අනුභවකොට සෙස්ස විකුණයි. මේ ආකාරයෙන් ජීවිතය ගෙනයන ඔහුට වර්ෂ පනස්පහක්ම ඉක්ම ගියේය.
තථාගතෙ ධුරවිහාරෙ වසන්තෙ එකදිවසම්පි පුප්ඵමුට්ඨිමත්තෙන පූජා වා කටච්ඡුමත්තං භික්ඛදානං වා අඤ්ඤං වා කිඤ්චි පුඤ්ඤං නාම නාහොසි. අථස්ස සරීරෙ රොගො උප්පජ්ජි, ජීවන්තස්සෙව අවීචිමහානිරයසන්තාපො උපට්ඨහි. අවීචිසන්තාපො නාම යොජනසතෙ ඨත්වා ඔලොකෙන්තස්ස අක්ඛීනං භිජ්ජනසමත්ථො පරිළාහො හොති. වුත්තම්පි චෙතං –
බුදුරදුන් ඒ ළඟම විහාරයේ වැඩසිටි නමුත්, එකම දවසක් හෝ මල්මිටක් පිදීමටවත්, බත්හැන්දක් හෝ දීමටවත් වෙනත් කිසිම පිනක්දහමක් කිරීමටවත් උත්සුක නොවීය. පසුව ඔහුගේ සිරුරෙහි රෝගයක් හටගත්තේය. ජීවත්ව සිටි නමුත් අවීචිමහාගින්නෙන් දැවෙන්නාක් මෙන් විය. ඒ ගින්න වනාහි යොදුන් සියයක් ඈත සිට බලන්නකුගේ පවා ඇස් පුපුරා බිඳ දැමීමට සමර්ථය.
“තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසායුතා; සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා”ති. (ම· නි· 3.267; අ· නි· 3.36);
යොදුන් සීයක් ඈතට ගිනිදැල්ලේ තාපය නිරන්තරයෙන් පැතිර පවතීයයි කීයේ එහෙයිනි. (සමන්තා යොජනසතං එරිත්වා තිට්ඨති සබ්බදා)
නාගසෙනත්ථෙරෙන පනස්ස පාකතිකග්ගිසන්තාපතො අධිමත්තතාය අයං උපමා වුත්තා – “යථා, මහාරාජ, කූටාගාරමත්තො පාසාණොපි නෙරයිකග්ගිම්හි පක්ඛිත්තො ඛණෙන විලයං ගච්ඡති, නිබ්බත්තසත්තා පනෙත්ථ කම්මබලෙන මාතුකුච්ඡිගතා විය න විලීයන්තී”ති (මි· ප· 2.4.6). තස්ස තස්මිං සන්තාපෙ උපට්ඨිතෙ කම්මසරික්ඛකො ආකාරො උප්පජ්ජි. ගෙහමජ්ඣෙයෙව සූකරරවං රවිත්වා ජණ්ණුකෙහි විචරන්තො පුරත්ථිමවත්ථුම්පි පච්ඡිමවත්ථුම්පි ගච්ඡති. අථස්ස ගෙහමානුසකා තං දළ්හං ගහෙත්වා මුඛං පිදහන්ති. කම්මවිපාකො නාම න සක්කා කෙනචි පටිබාහිතුං. සො විරවන්තොව ඉතො චිතො ච විචරති. සමන්තා සත්තසු ඝරෙසු මනුස්සා නිද්දං න ලභන්ති. මරණභයෙන තජ්ජිතස්ස පන බහිනික්ඛමනං නිවාරෙතුං අසක්කොන්තො සබ්බො ගෙහජනො යථා අන්තොඨිතො බහි විචරිතුං න සක්කොති, තථා ගෙහද්වාරානි ථකෙත්වා බහිගෙහං පරිවාරෙත්වා රක්ඛන්තො අච්ඡති. ඉතරො අන්තොගෙහෙයෙව නිරයසන්තාපෙන විරවන්තො ඉතො චිතො ච විචරති. එවං සත්තදිවසානි විචරිත්වා අට්ඨමෙ දිවසෙ කාලං කත්වා අවීචිමහානිරයෙ නිබ්බත්ති. අවීචිමහානිරයො දෙවදූතසුත්තෙන (ම· නි· 3.261 ආදයො; අ· නි· 3.36) වණ්ණෙතබ්බොති.
නාගසේන තෙරුන් විසිනුදු මෙය සාමාන්‍ය ගින්නකට වැඩිබව දක්වනු පිණිස මේ උපමාව කියනලදි. ‘මහරජ කුළුගෙයක් පමණ වූ ගලක් නිරයගින්නෙහි බහා ලු කල දියවී හුණුවී යයි. එහි උපන් සත්තු වනාහි කර්මබලයෙන් මවුකුස උපන්නාහු මෙන් දියවී නොයති’. චුන්දසූකරිකයාට මේ දැවීම උපන් කල කර්මානුරූප ආකාරයක්ද ඉපදුණේය. ගේ මැදම හුරුහඬ නංවමින් දණගාමින්, ඉදිරියටත් පසුපසටත් යයි. පසුව ගෙදරවාසීහු ඔහු දැඩිව අල්වා කට වසති. කර්ම විපාකය කිසිවෙකු විසිනුත් වළකාලිය නොහැකිය. ඔහු දිගටම හැඬුවේය. අසළ ගෙවල් හතක මිනිස්සු මේ නිසා නිදි නොලැබූහ. මරණභයින් තැතිගත් ඔහු ගෙදරින් පිට යෑම වැළැක්වීම පිණිස ගෙදර වැසියෝ ඇතුළත සිට දොරවල් විවෘත කළ නොහැකි අයුරින් වසාදමා ගෙදර පිටත මුරකරමින් ඇවිද්දාහ. චුන්දසූකරිකයා ගේ ඇතුළත නිරා ගින්නෙන් දැවෙමින් කෑමොරදෙමින් ඔබනොබ ඇවිද්දේය. මෙසේ සත්දිනක් ගතකොට සත්වෙනි දින මියගොස් අවීචි මහානරකයෙහි උපන්නේය. අවීචිමහා නරකය දේවදූත සූත්‍රය අනුව විස්තර කළයුතුය.
භික්ඛූ තස්ස ඝරද්වාරෙන ගච්ඡන්තා තං සද්දං සුත්වා, “සූකරසද්දො”ති සඤ්ඤිනො හුත්වා විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ නිසින්නා එවමාහංසු – “භන්තෙ, චුන්දසූකරිතස්ස ගෙහද්වාරං පිදහිත්වා සූකරානං මාරියමානානං අජ්ජ සත්තමො දිවසො, ගෙහෙ කාචි මඞ්ගලකිරියා භවිස්සති මඤ්ඤෙ. එත්තකෙ නාම, භන්තෙ, සූකරෙ මාරෙන්තස්ස එකම්පි මෙත්තචිත්තං වා කාරුඤ්ඤං වා නත්ථි, න වත නො එවරූපො කක්ඛළො ඵරුසො සත්තො දිට්ඨපුබ්බො”ති. සත්ථා – “න, භික්ඛවෙ, සො ඉමෙ සත්තදිවසෙ සූකරෙ මාරෙති, කම්මසරික්ඛකං පනස්ස විපාකං උදපාදි, ජීවන්තස්සෙව අවීචිමහානිරයසන්තාපො උපට්ඨාසි.
භික්ෂුහු ඔහුගේ ගෙදොර ළඟින් යන්නාහු ඒ ශබ්දය අසා ඌරුශබ්දයකියි සිතා විහාරයට ගොස් බුදුරදුන්ට මෙසේ කීවාහුය. ස්වාමීනි, චුන්දසූකරිකයාගේ ගෙදර දොරවල් වසා ඌරන් මැරීම පටන්ගෙන අදට සත්දිනකි. ගෙදර කිසියම් මංගල කාරියක් වියහැකියයි අපි සිතුවෙමු. ස්වාමීනි, මෙතෙක් ඌරන් මරණ ඔහුගේ සිතේ එකම මෛත්‍රී සිතක් හෝ කරුණා සිතිවිල්ලක් හෝ නැත. අපි නම් මෙබඳු කර්කෂ සිතක් ඇති කෙනෙක් මින්පෙර කිසිවිටෙක දැක නැත. ශාස්තෘන්වහන්සේ මහණෙනි, ඔහු මේ සත්දවස තිස්සේ ඌරන් නොමැරුවේය. ඔහුගේ කර්මයට අනුරූප විපාකයක් ඇතිවිය. ජීවත්ව සිටියදීම අවීචිමහානිරයේ දැවීම ඔහු වෙත පැමිණියේය.
සො තෙන සන්තාපෙන සත්ත දිවසානි සූකරරවං රවන්තො අන්තොනිවෙසනෙ විචරිත්වා අජ්ජ කාලං කත්වා අවීචිම්හි නිබ්බත්තො”ති වත්වා, “භන්තෙ, ඉධ ලොකෙ එවං සොචිත්වා පුන ගන්ත්වා සොචනට්ඨානෙයෙව නිබ්බත්තො”ති වුත්තෙ, “ආම, භික්ඛවෙ, පමත්තා නාම ගහට්ඨා වා හොන්තු පබ්බජිතා වා, උභයත්ථ සොචන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඔහු ඒ දැවීමෙන් සත්දිනක් ඌරුහඬ නංවමින් ගේ ඇතුළත එහෙමෙහේ ඇවිද අද මියගොස් අවීචියෙහි උපන්නේයයි ප්‍රකාශ කළහ. ස්වාමීනි, මෙලොවදී මෙසේ ශෝකකොට, නැවතත් ශෝකකරන තැනකම උපන්නෙහිදැයි කී කල්හි, එසේය මහණෙනි, ප්‍රමාද වන්නාවූ ගිහියකු වුවත් පැවිද්දකු වුවත් දෙලොවම ශෝක කෙරෙතියි වදාරා මේ ගාථාව වදාළහ:
“ඉධ සොචති පෙච්ච සොචති, පාපකාරී උභයත්ථ සොචති; සො සොචති සො විහඤ්ඤති; දිස්වා කම්මකිලිට්ඨමත්තනො”ති.
පව්කම් කරන අය මෙලොව පරලොව දෙකෙහිම සෝක කෙරෙත් වැනසෙති තමන් කළ පව්කම් දැක
තත්ථ පාපකාරීති නානප්පකාරස්ස පාපකම්මස්ස කාරකො පුග්ගලො “අකතං වත මෙ කල්‍යාණං, කතං පාප”න්ති එකංසෙනෙව මරණසමයෙ ඉධ සොචති, ඉදමස්ස කම්මසොචනං. විපාකං අනුභවන්තො පන පෙච්ච සොචති. ඉදමස්ස පරලොකෙ විපාකසොචනං. එවං සො උභයත්ථ සොචතියෙව. තෙනෙව කාරණෙන ජීවමානොයෙව සො චුන්දසූකරිකොපි සොචති. දිස්වා කම්මකිලිට්ඨන්ති අත්තනො කිලිට්ඨකම්මං පස්සිත්වා නානප්පකාරකං විලපන්තො විහඤ්ඤතීති.
එහි පාපකාරී යනු නානාප්‍රකාර පව්කම් කරන පුද්ගලයායි. මම ඒකාන්තයෙන්ම යහපතක් - පිනක් නොකෙළෙමි. පව්ම අයහපත් ක්‍රියාම කෙළෙමියි මරණාවස්ථාවෙහි ශෝක කරයි. මේ ඔහුගේ කර්මශෝචනය හෙවත් කළ පව් ගැන සිතා මෙලොව ශෝක කිරීමයි. කළ පව්වල විපාක විඳිමින් පරලොවදී ශෝක කරයි. මෙය ඔහුගේ පරලොව විපාක ශෝචනයයි. මෙසේ ඔහු දෙලොවම ශෝක කෙරේමැයි. ඒ කාරණයෙන් ම ජීවත්වෙද්දීම ඒ චුන්දසුකරිකයාද, දිස්වා කම්මකිලිට්ඨංති දිස්වා කම්මකිලිට්ඨං යනු තමන්ගේ කිළුටුකම් දැක ශෝක කෙරෙයි. නානාප්‍රකාරයෙන් කෑගසමින් විනාශයට පැමිණේ යනු අර්ථයි.
ගාථාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. මහාජනස්ස සාත්ථිකා ධම්මදෙසනා ජාතාති.
ගාථා කෙළවර බොහෝදෙනා සෝවාන් ආදී මගඵලවලට පැමිණියාහුය. මහජනයාට දේශනාව ප්‍රයෝජනවත් විය.
චුන්දසූකරිකවත්ථු දසමං.
දසවන චුන්දසූකරික වස්තුවයි.