යෙදුමෙන් කියවන්න

16. ධම‍්මිකඋපාසකවත්‍ථු අට‍්ඨකථා

16. ධම‍්මිකඋපාසකවත්‍ථු

16. ධම්මික උපාසකගේ වස්තුව

ඉධ මොදතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මිකඋපාසකං ආරබ‍්භ කථෙසි.

‘ඉධ මෝදති’ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටි කාලයේ ධම්මික නම් උපාසකවරයා අරභයා දේශනා කළසේක.

සාවත්‍ථියං කිර පඤ‍්චසතා ධම‍්මිකඋපාසකා නාම අහෙසුං. තෙසු එකෙකස‍්ස පඤ‍්ච පඤ‍්ච උපාසකසතානි පරිවාරා. යො තෙසං ජෙට‍්ඨකො, තස‍්ස සත‍්ත පුත‍්තා සත‍්ත ධීතරො. තෙසු එකෙකස‍්ස එකෙකා සලාකයාගු සලාකභත‍්තං පක‍්ඛිකභත‍්තං නිමන‍්තනභත‍්තං උපොසථිකභත‍්තං ආගන‍්තුකභත‍්තං සඞ‍්ඝභත‍්තං වස‍්සාවාසිකං අහොසි. තෙපි සබ‍්බෙව අනුජාතපුත‍්තා නාම අහෙසුං. ඉති චුද‍්දසන‍්නං පුත‍්තානං භරියාය උපාසකස‍්සාති සොළස සලාකයාගුආදීනි පවත‍්තන‍්ති. ඉති සො සපුත‍්තදාරො සීලවා කල්‍යාණධම‍්මො දානසංවිභාගරතො අහොසි.

සැවැත්නුවර ධම්මික නමින් උපාසකවරු පන්සීයක් විසූහ. ඔවුන් හැම දෙනාටම පන්සීය බැගින් පිරිවරද වූහ. ඔවුනතර වැඩිමහල් උපාසකවරයාට පුතුන් සත්දෙනෙකුද, දූවරුන් සත්දෙනෙකුද වූහ. ඔවුහු එකිනෙකා සලාකයාගු, සලාකභත්ත, පක්ඛිකභත්ත, නවචන්දභත්ත, වස්සාවාසික ආදි වශයෙන් දන් සොළස බැගින් දුන්හ. එහෙයින් ඔවුහු අනුජාත පුත්‍රයෝ නම් වූහ. මෙසේ උපාසකයන් හා උපාසිකාවන් හා දරුවන් තුදුසක් එක්යාගු ආදි දාන සොළසක් පවත්වාගෙන ආහ. ඔහු අඹුදරුවන් සහිතව ශීලවන්තව යහපත් පැවතුම් ඇතිව සකසා දන් දෙන්නෙකු වූයේය.

අථස‍්ස අපරභාගෙ රොගො උප‍්පජ‍්ජි, ආයුසඞ‍්ඛාරො පරිහායි. සො ධම‍්මං සොතුකාමො “අට‍්ඨ වා මෙ සොළස වා භික‍්ඛූ පෙසෙථා”ති සත්‍ථු සන‍්තිකං පහිණි. සත්‍ථා පෙසෙසි. තෙ ගන‍්ත්‍වා තස‍්ස මඤ‍්චං පරිවාරෙත්‍වා පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු නිසින‍්නා. “භන‍්තෙ, අය්‍යානං මෙ දස‍්සනං දුල‍්ලභං භවිස‍්සති, දුබ‍්බලොම‍්හි, එකං මෙ සුත‍්තං සජ‍්ඣායථා”ති වුත‍්තෙ “කතරං සුත‍්තං සොතුකාමො උපාසකා”ති? “සබ‍්බබුද‍්ධානං අවිජහිතං සතිපට‍්ඨානසුත‍්ත”න‍්ති වුත‍්තෙ – “එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගො සත‍්තානං විසුද‍්ධියා”ති (දී· නි· 2.373; ම· නි· 1.106) සුත‍්තන‍්තං පට‍්ඨපෙසුං.

පසුව ඔහුට රෝගයක් ඇතිවිය. ආයුෂද පිරිහිණි. හෙතෙම බණ අසනු කැමතිව, භික්ෂූන් අටනමක් හෝ සොළොස්නමක් හෝ එවනු මැනවයි ශාස්තෘන්වහන්සේ වෙත ආරාධනයක් යැව්වේය. බුදුහු භික්ෂූන් එවූහ. භික්ෂුහු එහි ගොස් උපාසකවරයාගේ ඇඳ වටා පැනවූ අසුන් මත වැඩසිටියහ. ස්වාමීනි, මට දැන් ආර්යයන් වහන්සේලා දැකීම දුර්ලභ වන්නේය. මමද දුබලයෙමි. මට එක් සූත්‍රයක් සජ්ඣායනා කළ මැනවයි කීකල්හි, උපාසකය, කිනම් සූත්‍රයක් අසනු කැමැත්තෙහිදැයි ඇසූහ. සියලු බුදුවරයන් විසින් අත්නොහැර පුරුදු පුහුණු කරනලද සතිපට්ඨාන සූත්‍රය මැනවැයි කීකල්හි, එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා ආදි සූත්‍රය සජ්ඣායනා කළහ.

තස‍්මිං ඛණෙ ඡහි දෙවලොකෙහි සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා සහස‍්සසින්‍ධවයුත‍්තා දියඩ‍්ඪයොජනසතිකා ඡ රථා ආගමිංසු. තෙසු ඨිතා දෙවතා “අම‍්හාකං දෙවලොකං නෙස‍්සාම, අම‍්හාකං දෙවලොකං නෙස‍්සාම, අම‍්භො මත‍්තිකභාජනං භින්‍දිත්‍වා සුවණ‍්ණභාජනං ගණ‍්හන‍්තො විය අම‍්හාකං දෙවලොකෙ අභිරමිතුං ඉධ නිබ‍්බත‍්තාහි, අම‍්හාකං දෙවලොකෙ අභිරමිතුං ඉධ නිබ‍්බත‍්තාහී”ති වදිංසු. උපාසකො ධම‍්මස‍්සවනන‍්තරායං අනිච‍්ඡන‍්තො – “ආගමෙථ ආගමෙථා”ති ආහ. භික‍්ඛූ “අම‍්හෙ වාරෙතී”ති සඤ‍්ඤාය තුණ‍්හී අහෙසුං.

එකල සදෙව්ලොව දෙවිවරු සර්වාලංකාරයෙන් සරහන ලද දහසක් අසුන් යෙදු යොදුන් එකසිය පනහක් පමණවූ රථ හයක් රැගෙන එහි පැමිණියහ. ඒවාහි සිටි දේවතාවෝ අපේ දෙව්ලොවට ගෙනයන්නෙමු, අපේ දෙව්ලොවට ගෙනයන්නෙමුයි කථා කළහ. නිදුකාණනි, මැටි බඳුනක් බිඳ දමා රන්බඳුනක් ගන්නාක් මෙන් අපේ දෙව්ලොව ප්‍රීතිවීමට එහි උපදිනු මැනව. අපේ දෙව්ලොව ප්‍රීතිවීමට එහි උපදිනු මැනවයි ඇවිටිලි කරන්ට වූහ. උපාසක තෙම ධර්මශ්‍රවණයට වන බාධාව නොකැමතිව මදක් ඉවසව. මදක් ඉවසවයි කිවේය. අපේ සූත්‍ර සජ්ඣායනය නවත්වනු ඇතැයි සිතු භික්ෂූහු තුෂ්ණීම්භූත වූහ.

අථස‍්ස පුත‍්තධීතරො “අම‍්හාකං පිතා පුබ‍්බෙ ධම‍්මස‍්සවනෙන අතිත‍්තො අහොසි, ඉදානි පන භික‍්ඛූ පක‍්කොසාපෙත්‍වා සජ‍්ඣායං කාරෙත්‍වා සයමෙව වාරෙති, මරණස‍්ස අභායනකසත‍්තො නාම නත්‍ථී”ති විරවිංසු. භික‍්ඛූ “ඉදානි අනොකාසො”ති උට‍්ඨායාසනා පක‍්කමිංසු.

ඉන්පසු ඔහුගේ දුදරුවෝ අපේ පියා පෙර බණ අසා තෘප්තිමත් නොවීය. දැන් භික්ෂුන් කැඳවාගෙන බණ සජ්ඣායනා කරවාගන්නා ගමන් තමන්ම එය නවතාදමයි. මරණයට බිය නොවන කෙනෙක් නම් නැතැයි හඬන්ට පටන්ගත්හ. භික්ෂූහු දැන් සජ්ඣායනාවට අවස්ථාව නොවේයයි පිටත්ව ගියාහුය.

උපාසකො ථොකං වීතිනාමෙත්‍වා සතිං පටිලභිත්‍වා පුත‍්තෙ පුච‍්ඡි – “කස‍්මා කන්‍දථා”ති? “තාත, තුම‍්හෙ භික‍්ඛූ පක‍්කොසාපෙත්‍වා ධම‍්මං සුණන‍්තා සයමෙව වාරයිත්‍ථ, අථ මයං ‘මරණස‍්ස අභායනකසත‍්තො නාම නත්‍ථී’ති කන්‍දිම‍්හා”ති. “අය්‍යා පන කුහි”න‍්ති? “‘අනොකාසො’ති උට‍්ඨායාසනා පක‍්කන‍්තා, තාතා”ති. “නාහං, අය්‍යෙහි සද‍්ධිං කථෙමී”ති වුත‍්තෙ “අථ කෙන සද‍්ධිං කථෙථා”ති. “ඡහි දෙවලොකෙහි දෙවතා ඡ රථෙ අලඞ‍්කරිත්‍වා ආදාය ආකාසෙ ඨත්‍වා ‘අම‍්හාහි දෙවලොකෙ අභිරම, අම‍්හාකං දෙවලොකෙ අභිරමා’ති සද‍්දං කරොන‍්ති, තාහි සද‍්ධිං කථෙමී”ති. “කුහිං, තාත, රථා, න මයං පස‍්සාමා”ති? “අත්‍ථි පන මය‍්හං ගන්‍ථිතානි පුප‍්ඵානී”ති? “අත්‍ථි, තාතා”ති. “කතරො දෙවලොකො රමණීයො”ති? “සබ‍්බබොධිසත‍්තානං බුද‍්ධමාතාපිතූනඤ‍්ච වසිතට‍්ඨානං තුසිතභවනං රමණීයං, තාතා”ති. “තෙන හි ‘තුසිතභවනතො ආගතරථෙ ලග‍්ගතූ’ති පුප‍්ඵදාමං ඛිපථා”ති. තෙ ඛිපිංසු. තං රථධුරෙ ලග‍්ගිත්‍වා ආකාසෙ ඔලම‍්බි.

උපාසක තෙම මඳක් කල්ගෙවා සිහිය ලැබ, කුමක් නිසා හඬන්නහුදැයි පුතුන්ගෙන් ඇසීය. පියාණනි, ඔබ භික්ෂූන්ගෙන් බණ අසමින් සිට ඔබම එය නවතා දැම්මේය. ඉන්පසු අපි, මරණයට බිය නොවන්නෙක් නැතැයි සිතමින් හැඬුවෙමුයි කීහ. ආර්යයන්වහන්සේලා කොහිද? බණ දෙසීමට දැන් අවස්ථාව නොවේයයි නැගිට ගියහ. දරුවනි, මම ආර්යයන්වහන්සේලා සමඟ කථා නොකෙළෙමි. පියාණනි, එසේ නම් කථා කෙළේ කවුරුන් සමඟද? සදෙව්ලොව දෙවිවරු රථ සයක් සරසා ගෙනවුත් අහසෙහි සිට අපේ දෙව්ලොවට කැමතිවන්න, අපේ දෙව්ලොවට කැමතිවන්නැයි ශබ්ද නගා ඇවිටිලි කළහ. මා කථා කෙළේ ඔවුන් සමඟයි. පියාණනි, ඒ රථ දැන් කොහිද? අපට නම් නොපෙනේයයි කීහ. දරුවනි, ගෙතු මල්දම් ඇද්ද? ඇත පියාණනි, කිනම් දෙව්ලොවක් වඩා සිත්ගන්නාසුලුද? සියලු බෝසත්වරයන්ගේ බුදුමවුපියන්ගේ වාසස්ථානය වූ තුසිතභවනය සුදුසුයි පියාණනි. එසේනම් තුසිතභවනයෙන් ආ රථයෙහි එල්බේවායි මල්දම අහසට දමව්. ඔවුහු එසේ කළහ. එය රථධුරයෙහි දැවටී අහසේ එල්බිණි.

මහාජනො තදෙව පස‍්සති, රථං න පස‍්සති. උපාසකො “පස‍්සථෙතං පුප‍්ඵදාම”න‍්ති වත්‍වා, “ආම, පස‍්සාමා”ති වුත‍්තෙ – “එතං තුසිතභවනතො ආගතරථෙ ඔලම‍්බති, අහං තුසිතභවනං ගච‍්ඡාමි, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, මම සන‍්තිකෙ නිබ‍්බත‍්තිතුකාමා හුත්‍වා මයා කතනියාමෙනෙව පුඤ‍්ඤානි කරොථා”ති වත්‍වා කාලං කත්‍වා රථෙ පතිට‍්ඨාසි.

මහජනයා මල්දම දකිත්. රථය නොදකිත්. උපාසකතෙම ඒ මල්දම දක්නාහුද? එසේය දකින්නෙමුයයි කීකල එය තුසිතහවනයෙන් ආ රථයෙහි එල්බෙයි. මම තුසිතහවනයට යනු කැමැත්තෙමි. තෙපි අමුත්තක් නොසිතව්. මා සමීපයෙහි උපදිනු කැමැත්තන් මා කළ අයුරින්ම පින් කරව්යයි කියා කළුරිය කොට රථයෙහි පිහිටියේය.

තාවදෙවස‍්ස තිගාවුතප‍්පමාණො සට‍්ඨිසකටභාරාලඞ‍්කාරපටිමණ‍්ඩිතො අත‍්තභාවො නිබ‍්බත‍්ති, අච‍්ඡරාසහස‍්සං පරිවාරෙසි, පඤ‍්චවීසතියොජනිකං කනකවිමානං පාතුරහොසි. තෙපි භික‍්ඛූ විහාරං අනුප‍්පත‍්තෙ සත්‍ථා පුච‍්ඡි – “සුතා, භික‍්ඛවෙ, උපාසකෙන ධම‍්මදෙසනා”ති? “ආම, භන‍්තෙ, අන‍්තරායෙව පන ‘ආගමෙථා’ති වාරෙසි. අථස‍්ස පුත‍්තධීතරො කන්‍දිංසු. මයං ‘ඉදානි අනොකාසො’ති උට‍්ඨායාසනා නික‍්ඛන‍්තා”ති. “න සො, භික‍්ඛවෙ, තුම‍්හෙහි සද‍්ධිං කථෙසි, ඡහි දෙවලොකෙහි දෙවතා ඡ රථෙ අලඞ‍්කරිත්‍වා ආහරිත්‍වා තං උපාසකං පක‍්කොසිංසු. සො ධම‍්මදෙසනාය අන‍්තරායං අනිච‍්ඡන‍්තො තාහි සද‍්ධිං කථෙසී”ති. “එවං, භන‍්තෙ”ති. “එවං, භික‍්ඛවෙ”ති. “ඉදානි කුහිං නිබ‍්බත‍්තො”ති? “තුසිතභවනෙ, භික‍්ඛවෙ”ති. “භන‍්තෙ, ඉදානි ඉධ ඤාතිමජ‍්ඣෙ මොදමානො විචරිත්‍වා ඉදානෙව ගන‍්ත්‍වා පුන මොදනට‍්ඨානෙයෙව නිබ‍්බත‍්තො”ති. “ආම, භික‍්ඛවෙ, අප‍්පමත‍්තා හි ගහට‍්ඨා වා පබ‍්බජිතා වා සබ‍්බත්‍ථ මොදන‍්තියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එකෙණෙහිම ඔහු තුන් ගවු පමණ උස්වූ ගැල් සැටක බරට සමානවූ අලංකාර ආභරණයෙන් සැදුම්ලත් ආත්මභවයක උපන්නේය. දෙවඟනන් දහසක් පිරිවරවිය. විසිපස් යොදුනක් පමණ වූ රන්විමනක් පහළවිය. යථොක්ත භික්ෂූන් විහාරයට පැමිණි විට, මහණෙනි, උපාසක තෙම බණ ඇසුවේදැයි බුදුහු විචාළසේක. ස්වාමීනි, එසේය. අතරමඟදී නවත්වන්නැයි කීහෙයින් දේශනාව වැළකී ගියේයයි කීහ. ඉන්පසු ඔහුගේ අඹුදරුවෝ හඬන්නට වූහ. දහම් දෙසීමට නුසුදුසු අවස්ථාවකියි සලකා අපි ආපසු ආවෙමුයයිද කීහ. මහණෙනි, ඒ කරුණ තොප හා කියා නැත. සදෙව්ලොව දේවතාවෝ රථ සයක් සරසා ගෙන අවුත් ඒ උපාසකවරයාට අඬගැසූහ. ඔහු බණ ඇසීමට අවහිරයක්වීම නොකැමැත්තෙන් ඒ දෙවියන් සමඟ කථා කෙළේය. ස්වාමීනි, එහෙමද? එහෙමයි මහණෙනි. ස්වාමීනි, දැන් ඔහු කොහි උපන්නෙහිද? මහණෙනි තුසිත භවනයෙහිය. ස්වාමීනි, ඔහු දැන් මෙහි නෑයන් සමඟ ප්‍රීතියෙන් සිට මේ දැන්මම ගොස් නැවතත් ප්‍රීතිමත් තැනකම උපන්නෙහිද? පැවිද්දකු වුවත් ගිහියකු වුවත් හැම තැනම ප්‍රීතිමත් වෙතියි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:

“ඉධ මොදති පෙච‍්ච මොදති, කතපුඤ‍්ඤො උභයත්‍ථ මොදති; සො මොදති සො පමොදති, දිස‍්වා කම‍්මවිසුද‍්ධිමත‍්තනො”ති.

මෙලොවත් පරලොවත් පින් කොළෝ ප්‍රීතිමත් වෙති ඔහු මෙලොව යහපතම කෙළේයයි තමන් කළ හොඳ දේ ගැන සිතා තව තවත් ප්‍රමුදිත වේමැයි

තත්‍ථ කතපුඤ‍්ඤොති නානප‍්පකාරස‍්ස කුසලස‍්ස කාරකො පුග‍්ගලො “අකතං වත මෙ පාපං, කතං මෙ කල්‍යාණ”න‍්ති ඉධ කම‍්මමොදනෙන, පෙච‍්ච විපාකමොදනෙන මොදති. එවං උභයත්‍ථ මොදති නාම. කම‍්මවිසුද‍්ධින‍්ති ධම‍්මිකඋපාසකොපි අත‍්තනො කම‍්මවිසුද‍්ධිං පුඤ‍්ඤකම‍්මසම‍්පත‍්තිං දිස‍්වා කාලකිරියතො පුබ‍්බෙ ඉධලොකෙපි මොදති, කාලං කත්‍වා ඉදානි පරලොකෙපි අතිමොදතියෙවාති.

එහි කතපුඤ්ඤො යනු නානාප්‍රකාර කුසල් රැස්කරන පුද්ගලයායි. මවිසින් පවක් නොකරන ලදි. මවිසින් කරන ලද්දේ යහපත් දෙයක්ම යයි මෙලොවදී කළකම් අනුමෝදන් වෙමින් (සිහිකරමින්) ද, පරලොවදී ඒ කල්‍යාණ කර්මවලට අනුරූප සැප විපාක විඳිමින්ද ප්‍රීතිමත් වෙයි. උභයත්ථ මොදති යයි දක්වන්නේ මේ දෙලොව සැප විහරණයයි. කම්ම විසුද්ධිං යනු ධම්මික උපාසක තෙමේත් තමන්ගේ පිරිසිදු කම විසුද්ධි සංඛ්‍යාත පුණ්‍යකර්ම සම්පත්තිය බලා, කළුරිය කිරීමට පෙරාතුවම මෙලොවදීද ප්‍රිතිවෙයි. මරණයෙන් පසු පරලොවදීද අතිශයින්ම ප්‍රීතිමත් වන්නේමය.

ගාථාපරියොසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං මහාජනස‍්ස සාත්‍ථිකා ධම‍්මදෙසනා ජාතාති.

ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදි මාර්ගඵලාදියට පැමිණියාහුය. මහජනයාටද එය සාර්ථක ධර්මදේශනාවක් විය.

ධම‍්මිකඋපාසකවත්‍ථු එකාදසමං.

එකළොස්වන ධම්මික උපාසකගේ වස්තුවයි.