යෙදුමෙන් කියවන්න

17. දෙවදත‍්තවත්‍ථු අට‍්ඨකථා

17. දෙවදත‍්තවත්‍ථු

17. දෙව්දත් තෙරුන්ගේ වස්තුව

ඉධ තප‍්පතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි.

‘ඉධ තප්පති’ ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වසන කාලයෙහි දෙව්දත්තෙරුන් අරභයා දේශනා කරන ලදි.

දෙවදත‍්තස‍්ස වත්‍ථු පබ‍්බජිතකාලතො පට‍්ඨාය යාව පථවිප‍්පවෙසනා දෙවදත‍්තං ආරබ‍්භ භාසිතානි සබ‍්බානි ජාතකානි විත්‍ථාරෙත්‍වා කථිතං. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො –

දේවදත්ත වස්තුව - පැවිදි වූ කාලයේ පටන් පොළොව පලාගෙන පෘථිවිය තුළට පිවිසීම දක්වා වූ දෙව්දත් අරභයා කියනලද සියලු පුවත් ඇතුළු ජාතකකථා විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි දැක්වෙන්නේ ඒ විස්තරයෙහි කෙටි කිරීමකි.

සත්‍ථරි අනුපියං නාම මල‍්ලානං නිගමො අත්‍ථි. තං නිස‍්සාය අනුපියම‍්බවනෙ විහරන‍්තෙයෙව තථාගතස‍්ස ලක‍්ඛණපටිග‍්ගහණදිවසෙයෙව අසීතිසහස‍්සෙහි ඤාතිකුලෙහි “රාජා වා හොතු, බුද‍්ධො වා, ඛත‍්තියපරිවාරොව විචරිස‍්සතී”ති අසීතිසහස‍්සපුත‍්තා පටිඤ‍්ඤාතා. තෙසු යෙභුය්‍යෙන පබ‍්බජිතෙසු භද‍්දියං නාම රාජානං, අනුරුද‍්ධං, ආනන්‍දං, භගුං, කිමිලං, දෙවදත‍්තන‍්ති ඉමෙ ඡ සක්‍යෙ අපබ‍්බජන‍්තෙ දිස‍්වා, “මයං අත‍්තනො පුත‍්තෙ පබ‍්බාජෙම, ඉමෙ ඡ සක්‍යා න ඤාතකා මඤ‍්ඤෙ, කස‍්මා න පබ‍්බජන‍්තී”ති? කථං සමුට‍්ඨාපෙසුං.

මල්ලරජදරුවන් සතු අනුපිය නම් නියම්ගමක් විය. බුදුරජාණන්වහන්සේ ලක්ෂණ ප්‍රතිග්‍රහණ (ශරීර ලකුණු ප්‍රකාශ කළ) දිනයෙහිම අසූදහසක් නෑයන් විසින් රජවුවත්, බුදුවුවත් ක්ෂත්‍රියයන් පිරිවරා හැසිරෙන්නේ යයි අසූදහසක් කුමාරවරු ප්‍රතිඥා දුන්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවිදි වූ කල්හි, භද්දිය රජය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන මේ ශාක්‍ය පුත්‍රයන් සදෙන පැවිදි නොවී සිටිනු දැක, අපි අපේ පුතුන් පැවිදි කරවීමු. මේ ශාක්‍යයෝ සදෙන නොනෑයෝය. ඔවුන් පැවිදි නොවන්නේ එහෙයිනැයි හඟිමු යන ආකාරයේ කතාවක් ඉපැදවූහ.

අථ ඛො මහානාමො සක්‍යො අනුරුද‍්ධං උපසඞ‍්කමිත්‍වා, “තාත, අම‍්හාකං කුලා පබ‍්බජිතො නත්‍ථි, ත්‍වං වා පබ‍්බජ, අහං වා පබ‍්බජිස‍්සාමී”ති ආහ. සො පන සුඛුමාලො හොති සම‍්පන‍්නභොගො, “නත්‍ථී”ති වචනම‍්පි තෙන න සුතපුබ‍්බං. එකදිවසඤ‍්හි තෙසු ඡසු ඛත‍්තියෙසු ගුළකීළං කීළන‍්තෙසු අනුරුද‍්ධො පූවෙන පරාජිතො පූවත්‍ථාය පහිණි, අථස‍්ස මාතා පූවෙ සජ‍්ජෙත්‍වා පහිණි. තෙ ඛාදිත්‍වා පුන කීළිංසු. පුනප‍්පුනං තස‍්සෙව පරාජයො හොති. මාතා පනස‍්ස පහිතෙ පහිතෙ තික‍්ඛත‍්තුං පූවෙ පහිණිත්‍වා චතුත්‍ථවාරෙ “පූවා නත්‍ථී”ති පහිණි.

ඉක්බිති මහානාම ශාක්‍යතෙම අනුරුද්ධ කුමරුන් වෙත ගොස් සොහොයුර, අපගේ කුලයෙන් (පවුලෙන්) පැවිදි වූවෙක් නැත. එහෙයින් ඔබ හෝ පැවිදි වියයුතුය, නැතහොත් මා හෝ පැවිදි වියයුතුයයි කියා සිටියේය. ඒ කුමරා මහත් ධනසම්පත් ඇත්තෙකි. සියුමැලි කෙනෙකි. ඔහු කිසිදාක නැත යන වචනය අසා නැත. දිනක් ඒ ක්ෂත්‍රිය කුමාරවරු සදෙනා එක්ව (කැටුම්වලට ඔට්ටු අල්ලා) පන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටියහ. අනුරුද්ධ පන්දු ක්‍රීඩාවේදී කැවුමෙන් පැරදුණේය. තවත් කැවුම් ගෙනෙන්නැයි මව වෙත පණිවුඩකරුවෙකු යැවීය. මව තවත් කැවුම් පිස ඒව්වාය. කුමාරවරු කැවුම් කා තවත් ක්‍රීඩා කළාහුය. නැවත නැවතත් අනුරුද්ධ කුමරුට පරාජය හිමිවිය. මෙසේ තුන්වරක්ම ඔහුගේ මව කැවුම් තනා එව්වාය. සිව්වෙනි වාරයේදී කැවුම් නැතැයි පණිවුඩයක් යැවුවාය.

සො “නත්‍ථී”ති වචනස‍්ස අසුකපුබ‍්බත‍්තා “එසාපෙකා පූවවිකති භවිස‍්සතී”ති මඤ‍්ඤමානො “නත්‍ථිපූවං මෙ ආහරථා”ති පෙසෙසි. මාතා පනස‍්ස “නත්‍ථිපූවං කිර, අය්‍යෙ, දෙථා”ති වුත‍්තෙ, “මම පුත‍්තෙන ‘නත්‍ථී’ති පදං න සුතපුබ‍්බං, ඉමිනා පන උපායෙන නං එතමත්‍ථං ජානාපෙස‍්සාමී”ති තුච‍්ඡං සුවණ‍්ණපාතිං අඤ‍්ඤාය සුවණ‍්ණපාතියා පටිකුජ‍්ජිත්‍වා පෙසෙසි.

අනුරුද්ධ කුමරා නැත යන වචනය මින්පෙර අසා නොතිබුණු හෙයින් නැති කැවුම් (නත්ථිපුවෙ) යනුද තවත් කැවුම් විශේෂයකියි සිතා, නැති කැවුම් එවන්නැයි පණිවුඩකරු අත කියායැවුවේය. ඔහු ගොස් ආර්යාවනි, නැතිකැවුම් දෙන්නැයි කී පසු මගේ පුතා නැත යන වචනය අසා නැත. දැන් ඔහුට එය එක් උපායකින් උගන්වන්නෙමියි එක් හිස් රන්තලියක් ගෙන තවත් තලියකින් එය වසා පුතා වෙත යැවුවාය.

නගරපරිග‍්ගාහිකා දෙවතා චින‍්තෙසුං – “අනුරුද‍්ධසක්‍යෙන අන‍්නභාරකාලෙ අත‍්තනො භාගභත‍්තං උපරිට‍්ඨපච‍්චෙකබුද‍්ධස‍්ස දත්‍වා “‘නත්‍ථී’ති මෙ වචනස‍්ස සවනං මා හොතු, භොජනුප‍්පත‍්තිට‍්ඨානජානනං මා ‘හොතූ’ති පත්‍ථනා කතා, සචායං තුච‍්ඡපාතිං පස‍්සිස‍්සති, දෙවසමාගමං පවිසිතුං න ලභිස‍්සාම, සීසම‍්පි නො සත‍්තධා ඵලෙය්‍යා”ති. අථ නං පාතිං දිබ‍්බපූවෙහි පුණ‍්ණං අකංසු. කස‍්සා ගුළමණ‍්ඩලෙ ඨපෙත්‍වා උග‍්ඝාටිතමත‍්තාය පූවගන්‍ධො සකලනගරෙ ඡාදෙත්‍වා ඨිතො. පූවඛණ‍්ඩං මුඛෙ ඨපිතමත‍්තමෙව සත‍්තරසහරණීසහස‍්සානි අනුඵරි.

නගරාරක්ෂක දෙවියෝ ඒ දැක මෙසේ සිතූහ. අනුරුද්ධ ශාක්‍යකුමරා මින් පෙර ආත්මයකදී අන්නභාර නමින් උපන් කාලයකදී තම බත් කොටස උපරිට්ඨ නම් පසේබුදුන්ට දන්දී, මට නැත යන වචනය අසන්ට නොලැබේවා, බොජුන් උපදින තැන් ගැන දැනීමක් පවා නැතිවේවායි ප්‍රාර්ථනයක් තැබීය. යම් හෙයකින් මේ කුමරා හිස් තළියක් දැක්කොත් (එය නොවැළැක්වීමේ වරදට) අපට දිව්‍යසභාවට ඇතුළුවීමට ඉඩක් නොලැබෙයි. අපේ හිස්ද සත්කඩකට පැලීයනු ඇතැයි සලකා ඒ තළිය දිව්‍යමය කැවුමෙන් පුරවාලූහ. ඒ රන්තැටිය ක්‍රීඩාමණ්ඩපයෙහි තබා වැසුම් හැරිපමණින් කැවුම් සුවඳ මුළු නගරය පුරා පැතිරී ගියේය. එයින් කැවුම් කෑල්ලක් කටේ තැබූ පමණින් සත්දහසක් රසනහර පිරී පිනා ගියේය.

සො චින‍්තෙසි – “නාහං මාතු පියො, එත‍්තකං මෙ කාලං ඉමං නත්‍ථිපූවං නාම න පචි, ඉතො පට‍්ඨාය අඤ‍්ඤං පූවං නාම න ඛාදිස‍්සාමී”ති, සො ගෙහං ගන‍්ත්‍වාව මාතරං පුච‍්ඡි – “අම‍්ම, තුම‍්හාකං අහං පියො, අප‍්පියො”ති? “තාත, එකක‍්ඛිනො අක‍්ඛි විය ච හදයං විය ච අතිවිය පියො මෙ අහොසී”ති. “අථ කස‍්මා එත‍්තකං කාලං මය‍්හං නත්‍ථි පූවං න පචිත්‍ථ, අම‍්මා”ති? සා චූළූපට‍්ඨාකං පුච‍්ඡි – “අත්‍ථි කිඤ‍්චි පාතියං, තාතා”ති? “පරිපුණ‍්ණා, අය්‍යෙ, පාති පූවෙහි, එවරූපා පූවා නාම මෙ න දිට‍්ඨපුබ‍්බා”ති ආරොචෙසි. සා චින‍්තෙසි – “මය‍්හං පුත‍්තො පුඤ‍්ඤවා කතාභිනීහාරො භවිස‍්සති, දෙවතාහි පාතිං පූරෙත්‍වා පූවා පහිතා භවිස‍්සන‍්තී”ති.

අනුරුද්ධ කුමරාමෙසේ සිතීය. මම මගේ මවට ප්‍රියයෙක් නොවෙමි. මෙතෙක් කල් මේ නැතිකැවුම් පිස නොදුන්නේ ඒ නිසා වියයුතුය. මෙයින් පසු නම් මම අනිත් කැවුමක් නොකන්නෙමි. මෙසේසිතා ගෙට ගොස් මවගෙන් මෙසේ ඇසුවේය. මෑණියනි, මා ඔබට ප්‍රියද? අප්‍රියද? දරුව, එක් ඇසක් ඇත්තහුට ඒ ඇස මෙන්ද ස්වකීය හදවත මෙන්ද ඔබ මට ප්‍රියයි. මෑණියනි, එසේ නම් කුමක් හෙයින් මෙතෙක් කල් මට මේ නැති කැවුම් පිස නොදුන්නෙහි ද? ඕතොමෝ උපස්ථායකයාගෙන් දරුව, තැටියෙහි යමක් ඇද්දැයි ඇසුවාය. ආර්යාවනි, තැටිය කැවුමෙන් පිරී ඇත. මා නම් මෙබඳු කැවුම් මින්පෙර කිසි විටෙකත් දැක නැත. ඕතොමෝ මෙසේ සිතුවාය. මගේ පුතා පින් ඇති, කළ ප්‍රාර්ථනා ඇත්තකුම වියයුතුය. මේ කැවුම් තැටිය දෙවියන් විසින් පුරවා යවන ලද්දේ වියයුතුය.

“අථ නං පුත‍්තො, අම‍්ම, ඉතො පට‍්ඨායාහං අඤ‍්ඤං පූවං නාම න ඛාදිස‍්සාමි, නත්‍ථිපූවමෙව පචෙය්‍යාසී”ති. සාපිස‍්ස තතො පට‍්ඨාය “පූවං ඛාදිතුකාමොම‍්හී”ති වුත‍්තෙ තුච‍්ඡපාතිමෙව අඤ‍්ඤාය පාතියා පටිකුච‍්ඡිත්‍වා පෙසෙසි. යාව අගාරමජ‍්ඣෙ වසි, තාවස‍්ස දෙවතාව පූවෙ පහිණිංසු.

පුතා අම්මාට මෙසේ කීවේය. මැණියනි, මම මෙවක් පටන් වෙනත් කැවුමක් නම් නොකන්නෙමි. නැතිකැවුම්ම පිසිනු මැනවි. ඕතොමෝද එවක් පටන් කැවුම් කනු කැමැත්තෙමියි කීකල හිස් තැටියක් තවත් හිස්තැටියකින් වසා ඔහු වෙත යැවුවාය. මෙසේ ගිහිගෙයි සිටිනතාක්ම ඔහුට දෙවියෝම දිවකැවුම් යැවුවාහ.

සො එත‍්තකම‍්පි අජානන‍්තො පබ‍්බජ‍්ජං නාම කිං ජානිස‍්සති? තස‍්මා “කා එසා පබ‍්බජ‍්ජා නාමා”ති භාතරං පුච‍්ඡිත්‍වා “ඔහාරිතකෙසමස‍්සුනා කාසායනිවත්‍ථෙන කට‍්ඨත්‍ථරකෙ වා බිදලමඤ‍්චකෙ වා නිපජ‍්ජිත්‍වා පිණ‍්ඩාය චරන‍්තෙන විහරිතබ‍්බං. එසා පබ‍්බජ‍්ජා නාමා”ති වුත‍්තෙ, “භාතික, අහං සුඛුමාලො. නාහං සක‍්ඛිස‍්සාමි පබ‍්බජිතු”න‍්ති ආහ.

මෙපමණකුත් නොදන්නා ඔහු පැවිද්ද නම් කුමක්දැයි කෙසේ දැනගන්නේද? එහෙයින් පැවිද්ද නම් කුමක්දැයි සොහොයුරාගෙන් විමසා, කෙස් රැවුල් කපා, කහවත් දරා, දඩුමැස්සක හෝ වේවැල් ඇඳක හෝ නිදාගෙන, පිඬු පිණිස හැසිරෙන්නකු වියයුතුය. පැවිද්ද නම් මේයයි කීකල්හි, සොහොයුර, මම සිවුමැලි වෙමි. මට පැවිදි විය නොහැකියයි කීවේය.

“තෙන හි, තාත, කම‍්මන‍්තං උග‍්ගහෙත්‍වා ඝරාවාසං වස. න හි සක‍්කා අම‍්හෙසු එකෙන අපබ‍්බජිතු”න‍්ති. අථ නං “කො එස කම‍්මන‍්තො නාමා”ති පුච‍්ඡි. “භත‍්තුට‍්ඨානට‍්ඨානම‍්පි අජානන‍්තො කුලපුත‍්තො කම‍්මන‍්තං නාම කිං ජානිස‍්සතී”ති? එකදිවසඤ‍්හි තිණ‍්ණං ඛත‍්තියානං කථා උදපාදි – “භත‍්තං නාම කුහිං උට‍්ඨහතී”ති? කිමිලො ආහ – “කොට‍්ඨෙ උට‍්ඨහතී”ති. අථ නං භද‍්දියො “ත්‍වං භත‍්තස‍්ස උට‍්ඨානට‍්ඨානං න ජානාසි, භත‍්තං නාම උක‍්ඛලියං උට‍්ඨහතී”ති ආහ. අනුරුද‍්ධො “තුම‍්හෙ ද‍්වෙපි න ජානාථ, භත‍්තං නාම රතනමකුළාය සුවණ‍්ණපාතියං උට‍්ඨහතී”ති ආහ.

සහෝදරය, එසේ නම් කර්මාන්ත ඉගෙන ගිහිගෙයි වසව. අප දෙදෙනාගෙන් එකෙකු පැවිදි නොවී සිටිනු බැරියයි කීකල්හි, මේ කර්මාන්තයයි කියන්නේ කුමක්දැයි විචාළේය. බත් උපදනා තැනවත් නොදන්නා මේ කුලපුත්‍රයා කර්මාන්ත නම් මොනවාදැයි කෙසේ දැනගන්ටද? දිනක් මේ කුමාරවරුන් තිදෙනා අතර බත් උපදින තැන ගැන කථාවක් ඇතිවිය. බත් උපදින්නේ වීකොටුවෙහි (වී රැස්කර තබන බිස්සට) යයි කිම්බිල කීවේය. භද්දිය ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. ඔබ බත් උපදින තැනවත් නොදන්නෙහිය. බත් උපදින්නේ සැළියෙහියයි ඔහු කියාසිටියේය. අනුරුද්ධ මෙසේ කීවේය. ඔබ දෙදෙනාම බත් උපදින තැන නොදන්නහුය. බත් උපදින්නේ රනින් කළ නෙළුම්මල් හා මල් කැකුළු ඇති රන්තළියේ යයි ඔහු කියා සිටියේය.

තෙසු කිර එකදිවසං කිමිලො කොට‍්ඨතො වීහී ඔතාරියමානෙ දිස‍්වා, “එතෙ කොට‍්ඨෙයෙව ජාතා”ති සඤ‍්ඤී අහොසි. භද‍්දියො එකදිවසං උක‍්ඛලිතො භත‍්තං වඩ‍්ඪියමානං දිස‍්වා “උක‍්ඛලියඤ‍්ඤෙව උප‍්පන‍්න”න‍්ති සඤ‍්ඤී අහොසි. අනුරුද‍්ධෙන පන නෙව වීහී කොට‍්ටෙන‍්තා, න භත‍්තං පචන‍්තා, න වඩ‍්ඪෙන‍්තා දිට‍්ඨපුබ‍්බා, වඩ‍්ඪෙත්‍වා පන පුරතො ඨපිතමෙව පස‍්සති. සො භුඤ‍්ජිතුකාමකාලෙ “භත‍්තං පාතියං උට‍්ඨහතී”ති සඤ‍්ඤමකාසි. එවං තයොපි තෙ භත‍්තුට‍්ඨානට‍්ඨානං න ජානන‍්ති.

ඔවුනතුරෙන් කිම්බිලකුමරා එක් දිනක කොටුගුලෙන් පහතට වී බාගන්නා හැටි දැක, මේ වී තොටුගුලෙහිම හටගන්නට ඇතියි සිතාගත්තේය. භද්දිය දිනක් හැළියකින් බත් බෙදනු බලා සිට බත් උපදින්නේ සැළියෙනියි සිතා ගත්තේය. අනුරුද්ධ වී කොටනු දැක නැත. බත් බෙදන හැටිද දැක නැත. ඔහු දැක ඇත්තේ බත් බෙදා ඇති තළිය තමන් ඉදිරියේ තබනහැටි පමණකි. කනුකැමති වේලාවෙහි තැටියෙහි බත් හටගන්නේයයි ඔහු අදහස් කරගෙන සිටියේය. මෙසේ ඒ තිදෙනාම බත් උපදනා තැන නොදැන සිටියාහ.

තෙනායං “කො එස කම‍්මන‍්තො නාමා”ති පුච‍්ඡිත්‍වා, “පඨමං ඛෙත‍්තං කසාපෙතබ‍්බ”න‍්තිආදිකං සංවච‍්ඡරෙ සංවච‍්ඡරෙ කත‍්තබ‍්බං කිච‍්චං සුත්‍වා, “කදා කම‍්මන‍්තානං අන‍්තො පඤ‍්ඤායිස‍්සති, කදා මයං අප‍්පොස‍්සුක‍්කා භොගෙ භුඤ‍්ජිස‍්සාමා”ති වත්‍වා කම‍්මන‍්තානං අපරියන‍්තතාය අක‍්ඛාතාය “තෙන හි ත්‍වඤ‍්ඤෙව ඝරාවාසං වස, න මය‍්හං එතෙනත්‍ථො”ති මාතරං උපසඞ‍්කමිත්‍වා, “අනුජානාහි මං, අම‍්ම, පබ‍්බජිස‍්සාමී”ති වත්‍වා තාය නානප‍්පකාරෙහි තික‍්ඛත‍්තුං පටික‍්ඛිපිත්‍වා, “සචෙ තෙ සහායකො භද‍්දියරාජා පබ‍්බජිස‍්සති, තෙන සද‍්ධිං පබ‍්බජාහී”ති වුත‍්තෙ තං උපසඞ‍්කමිත්‍වා, “මම ඛො, සම‍්ම, පබ‍්බජ‍්ජා තව පටිබද‍්ධා”ති වත්‍වා තං නානප‍්පකාරෙහි සඤ‍්ඤාපෙත්‍වා සත‍්තමෙ දිවසෙ අත‍්තනා සද‍්ධිං පබ‍්බජනත්‍ථාය පටිඤ‍්ඤං ගණ‍්හි.

එහෙයින් මේ අනුරුද්ධ තෙමේ කර්මාන්තයයි කියන්නේ මොනවාදැයි විචාරා, ඒ සඳහා පළමුව සීසෑව යුතුය යනාදී අවුරුදු පතා කළයුතු කටයුතු සම්භාරය ගැන අසා, කවදා නම් මේ කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක හැකිද? කවදා නම් අපි උත්සාහයෙන් වැඩ කරන්නන් බවට පත්වී භෝගසම්පත් වළඳන්නෙමුදැයි කියා කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක නොහැකි බව කීපසු, එසේ නම් ඔබම ගිහිගෙයි වසනු මැනව. මට මෙයින් වැඩක් නැතැයි මව ළඟට ගොස්, මෑණියනි, මට පැවිදි වීමට අවසර දෙනු මැනවැයි ඉල්ලා සිටියේය. මව ඒ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කොට, ඉදින් ඔබේ යහළුවූ භද්දිය රජු පැවිදි වන්නේ නම් ඔහුත් සමඟ ඔබත් පැවිදි වන්නැයි කීවාය. අනුරුද්ධ කුමරා ඒ අසා භද්දිය ළඟට ගොස්, මිත්‍රය, මාගේ පැවිද්ද ඔබ හා බැඳී ඇත, ආදි නොයෙක් ඇවිටිලි කියා එතැන සිට ඉදිරියෙහි එන සත්වෙනි දිනයෙහි තමාත් සමඟ පැවිදිවීමට ගිවිස ගත්තේය.

තතො භද‍්දියො සක්‍යරාජා අනුරුද‍්ධො ආනන්‍දො භගු කිමිලො දෙවදත‍්තොති ඉමෙ ඡ ඛත‍්තියා උපාලිකප‍්පකසත‍්තමා දෙවා විය දිබ‍්බසම‍්පත‍්තිං සත‍්තාහං සම‍්පත‍්තිං අනුභවිත්‍වා උය්‍යානං ගච‍්ඡන‍්තා විය චතුරඞ‍්ගිනියා සෙනාය නික‍්ඛමිත්‍වා පරවිසයං පත්‍වා රාජාණාය සෙනං නිවත‍්තාපෙත්‍වා පරවිසයං ඔක‍්කමිංසු. තත්‍ථ ඡ ඛත‍්තියා අත‍්තනො අත‍්තනො ආභරණානි ඔමුඤ‍්චිත්‍වා භණ‍්ඩිකං කත්‍වා, “හන්‍ද භණෙ, උපාලි, නිවත‍්තස‍්සු, අලං තෙ එත‍්තකං ජීවිකායා”ති තස‍්ස අදංසු. සො තෙසං පාදමූලෙ පරිවත‍්තිත්‍වා පරිදෙවිත්‍වා තෙසං ආණං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො උට‍්ඨාය තං ගහෙත්‍වා නිවත‍්ති. තෙසං ද‍්විධා ජාතකාලෙ, වනං ආරොදනප‍්පත‍්තං විය පථවීකම‍්පමානාකාරප‍්පත‍්තා විය අහොසි.

ඉක්බිති භද්දිය ශාක්‍ය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත හා උපාලි කපුවාත් සමඟ ක්ෂත්‍රියයෝ සදෙන දිව්‍ය සම්පත් සමාන රජසැප සත්දිනක් පුරා වින්දනයකොට උයනට යන්නාක්හු මෙන් සිවුරඟ සෙනඟ පිරිවරා නික්මී අන්‍ය රජුන්ගේ පෙදෙසකට පැමිණ ඒ ප්‍රදේශ රජුන්ගේ අණපරිදි සේනා නවත්වා ඒ රටට පිවිසියහ. එහිදී ක්ෂත්‍රියයෝ තමතමන්ගේ ආභරණ ගළවා පොදියක් කොට, උපාලි අමතා, යහළු උපාලිය දැන් ඔබ නවතින්න. මේ ආභරණ ඒකාන්තයෙන්ම ඔබේ ජීවිකාව පිණිස සෑහෙන්නේයයි කියා ඒ සියල්ල ඔහුට දුන්හ. උපාලි ඔවුන්ගේ පාමුල වැටී හඬාවැලපී ඔවුන්ගේ නියෝගය ඉක්මවිය නොහැකි හෙයින් නැගිට නැවතුණේය. ඔවුනොවුන් දෙකඩ වූ කල වනය හඬා වැටෙන්නාක් මෙන්ද පොළොව කම්පාවී සැලෙන්නාක් මෙන්ද දැනෙන්නට විය.

උපාලි කප‍්පකොපි ථොකං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා “චණ‍්ඩා ඛො සාකියා, ‘ඉමිනා කුමාරා නිප‍්පාතිතා’ති ඝාතෙය්‍යුම‍්පි මං. ඉමෙ හි නාම සක්‍යකුමාරා එවරූපං සම‍්පත‍්තිං පහාය ඉමානි අනග‍්ඝානි ආභරණානි ඛෙළපිණ‍්ඩං විය ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිස‍්සන‍්ති, කිමඞ‍්ගං පනාහ”න‍්ති භණ‍්ඩිකං ඔමුඤ‍්චිත්‍වා තානි ආභරණානි රුක‍්ඛෙ ලග‍්ගෙත්‍වා “අත්‍ථිකා ගණ‍්හන‍්තූ”ති වත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා තෙහි “කස‍්මා නිවත‍්තොසී”ති පුට‍්ඨො තමත්‍ථං ආරොචෙසි. අථ නං තෙ ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා, “මයං, භන‍්තෙ, සාකියා නාම මානනිස‍්සිතා, අයං අම‍්හාකං දීඝරත‍්තං පරිචාරකො, ඉමං පඨමතරං පබ‍්බාජෙථ, මයමස‍්ස අභිවාදනාදීනි කරිස‍්සාම, එවං නො මානො නිම‍්මානායිස‍්සතී”ති වත්‍වා තං පඨමතරං පබ‍්බාජෙත්‍වා පච‍්ඡා සයං පබ‍්බජිංසු. තෙසු ආයස‍්මා භද‍්දියො තෙනෙව අන‍්තරවස‍්සෙන තෙවිජ‍්ජො අහොසි. ආයස‍්මා අනුරුද‍්ධො දිබ‍්බචක‍්ඛුකො හුත්‍වා පච‍්ඡා මහාවිතක‍්කසුත‍්තං (අ· නි· 8.30) සුත්‍වා අරහත‍්තං පාපුණි. ආයස‍්මා ආනන්‍දො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. භගුත්‍ථෙරො ච කිමිලත්‍ථෙරො ච අපරභාගෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණිංසු. දෙවදත‍්තො පොථුජ‍්ජනිකං ඉද‍්ධිං පත‍්තො.

උපාලි කපුතෙමේ මදක් නැවතී සිට මෙසේ සිතීය, මේ ශාක්‍යයෝ නම් චණ්ඩයෝය. මොහු විසින් මේ ශාක්‍යකුමරුවන් නසා දමන්නට ඇතැයි (සැකඋපදවා) මා නසා දමනු ඒකාන්තය. මේ ශාක්‍ය කුමාරවරුන් මේසා විශාල රජ සම්පත් හැර දමා, මේ අගනාවූ ආභරණ කෙළපිඬක් සේ සලකා හැරදමා පැවිදි වන්නාහුය. දැන් මා විසිනුදු පැවිදි නොවීමට හේතුවක් නැතැයි සිතා ආභරණ පොදිය මුදා ඒ ආභරණ ගසක එල්වා කැමති කෙනෙක් ගනිත්වායි කියා, කුමාරවරුන් ළඟට ගොස් සිටි කල්හි කුමාරවරු, උපාලි ඔබ නැවතුණෙහිදැයි ඇසූහ. ඔහු සියලු පුවත් දන්වා සිටියේය. ඉන්පසු කුමාරවරු ඔහුත් රැගෙන බුදුන් වෙත පැමිණ ස්වාමීනි, අපි මාන්නයෙන් උඩඟුවූ ශාක්‍යයෝ වම්හ. මේ උපාලි බොහෝ කලක පටන් අපේ මෙහෙකරුය. පළමුකොට මොහු පැවිදි කළ මැනවි. ඉන්පසු අපි මොහුට වැඳීම් පිදීම් ආදිය කරන්නෙමු. එයින් අපේ මාන්නය නැතිවී යන්නේයයි කීවාහුය. උපාලි පළමුව පැවිදි විය. අනතුරුව කුමාරවරු පැවිදි වූහ. ඔවුනතුරෙන් භද්දිය ඒ කාලය අතරතුරම ත්‍රිවිද්‍යාප්‍රාප්තයකු විය. ආයුෂ්මත් අනුරුද්ධ හිමියෝ දිවැස් ලබා පසුව මහාපුරිසචිතක්ක සූත්‍රය අසා රහත්වූහ. ආනන්ද ආයුෂ්මතුන්වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියෝය. භගු කිම්බිල දෙදෙන මෑත භාගයෙහි විදසුන් වඩා රහත්බවට පැමිණියහ. දෙව්දත් තෙමේ පුහුදුන් විසින් පැමිණිය හැකි සෘද්ධියකට පැමිණියේය.

අපරභාගෙ සත්‍ථරි කොසම‍්බියං විහරන‍්තෙ සසාවකසඞ‍්ඝස‍්ස තථාගතස‍්ස මහන‍්තො ලාභසක‍්කාරො නිබ‍්බත‍්ති. වත්‍ථභෙසජ‍්ජාදිහත්‍ථා මනුස‍්සා විහාරං පවිසිත්‍වා “කුහිං සත්‍ථා, කුහිං සාරිපුත‍්තත්‍ථෙරො, කුහිං මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො, කුහිං මහාකස‍්සපත්‍ථෙරො, කුහිං භද‍්දියත්‍ථෙරො, කුහිං අනුරුද‍්ධත්‍ථෙරො, කුහිං ආනන්‍දත්‍ථෙරො, කුහිං භගුත්‍ථෙරො, කුහිං කිමිලත්‍ථෙරො”ති අසීතිමහාසාවකානං නිසින‍්නට‍්ඨානං ඔලොකෙන‍්තා විචරන‍්ති. “දෙවදත‍්තත්‍ථෙරො කුහිං නිසින‍්නො වා, ඨිතො වා”ති පුච‍්ඡන‍්තො නාම නත්‍ථි. සො චින‍්තෙසි – “අහම‍්පි එතෙහි සද‍්ධිඤ‍්ඤෙව පබ‍්බජිතො, එතෙපි ඛත‍්තියපබ‍්බජිතා, අහම‍්පි ඛත‍්තියපබ‍්බජිතො, ලාභසක‍්කාරහත්‍ථා මනුස‍්සා එතෙයෙව පරියෙසන‍්ති, මම නාමං ගහෙතාපි නත්‍ථි. කෙන නු ඛො සද‍්ධිං එකතො හුත්‍වා කං පසාදෙත්‍වා මම ලාභසක‍්කාරං නිබ‍්බත‍්තෙය්‍ය”න‍්ති. අථස‍්ස එතදහොසි – “අයං ඛො රාජා බිම‍්බිසාරො පඨමදස‍්සනෙනෙව එකාදසහි නහුතෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො, න සක‍්කා එතෙන සද‍්ධිං එකතො භවිතුං, කොසලරඤ‍්ඤාපි සද‍්ධිං න සක‍්කා භවිතුං. අයං ඛො පන රඤ‍්ඤො පුත‍්තො අජාතසත‍්තු කුමාරො කස‍්සචි ගුණදොසෙ න ජානාති, එතෙන සද‍්ධිං එකතො භවිස‍්සාමී”ති. සො කොසම‍්බිතො රාජගහං ගන‍්ත්‍වා කුමාරකවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා චත‍්තාරො ආසීවිසෙ චතූසු හත්‍ථපාදෙසු එකං ගීවාය පිලන්‍ධිත්‍වා එකං සීසෙ චුම‍්බටකං කත්‍වා එකං එකංසං කරිත්‍වා ඉමාය අහිමෙඛලාය ආකාසතො ඔරුය‍්හ අජාතසත‍්තුස‍්ස උච‍්ඡඞ‍්ගෙ නිසීදිත්‍වා තෙන භීතෙන “කොසි ත්‍ව”න‍්ති වුත‍්තෙ “අහං දෙවදත‍්තො”ති වත්‍වා තස‍්ස භයවිනොදනත්‍ථං තං අත‍්තභාවං පටිසංහරිත්‍වා සඞ‍්ඝාටිපත‍්තචීවරධරො පුරතො ඨත්‍වා තං පසාදෙත්‍වා ලාභසක‍්කාරං නිබ‍්බත‍්තෙසි.

බුදුරදුන් කොසඹෑ නුවර වාසය කරන කල්හි ශ්‍රාවක සංඝයා සහිත තථාගතයන්වහන්සේට මහත්වූ ලාභසත්කාර උපන්නේය. වස්ත්‍ර බෙහෙත් ආදිය රැගත් මිනිස්සු විහාරයට අවුත් බුදුරදුන් කොහිද, සැරියුත් තෙරණුවෝ කොහිද, මුගලන් තෙරණුවෝ කොහිද, මහාකසුප් තෙරණුවෝ කොහිද, භද්දිය තෙරණුවෝ කොහිද, ආනන්ද තෙරණුවෝ කොහිද, භගු තෙරණුවෝ කොහිද, කිම්බිල තෙරණුවෝ කොහිද ආදි වශයෙන් අසූමහාශ්‍රාවකයන් හිඳිනා තැන් බලමින් හැසිරෙති. දෙව්දත් මෙසේ සිතීය. මමත් මොවුන් සමඟම පැවිදිවීමි. මොවුහුද ක්ෂත්‍රිය පැවිද්දෝය. මමත් ක්ෂත්‍රිය පැවිද්දෙක්මි. ලාභ සත්කාර රැගත් මිනිස්සු මොවුන් ගැන පමණක් සොයති. මගේ නමවත් කියන කෙනෙක් නැත. කවරකු හෝ පහදවා කවරකු හා එකතුවී මාත් ලාභසත්කාර සොයාගත යුතුය. ඔහුට මෙබඳු අදහසක් පහළවිය. මේ බිම්බිසාර රජු බුදුන් පළමුවර දැකීමෙන්ම එකොළොස් නහුතයක් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියේය. දැන් මොහු සමඟ එක්වීමට නොහැකියි. කොසොල් රජු සමඟද නොහැකිය. බිම්සර රජපුත් මේ අජාසත්කුමරු කාගේවත් ගුණදොස් නොදනී. මොහු සමඟ එක්වන්නෙමියි සිතා කොසඹෑ නුවරින් රජගහනුවරට ගියේය. එහිදී කුමාර වේෂයක් මවාගෙන සර්පයන් සතර දෙනෙක් අත්පාවලද, තවත් එකෙක් බෙල්ලෙහිද, තවත් එකෙක් හිසේ චුම්බටකයක් (සුම්බරයක්) ලෙසටද, තවත් එකෙක් ඒකාංශ කොටද යන මේ සර්ප පළදනාවෙන් සැරසී අහසින් ගොස් බිමට බැස අජාසත්කුමරුගේ උකුළෙහි හිඳගත්තේය. බියවූ කුමරා තෝ කවරෙක්දැයි ඇසූ කල මම දේවදත්තයයි කියා කුමරාගේ බිය දුරුකිරීම සඳහා ඒ ආත්මභාවය හැරදමා පාත්‍ර සිවුරු දරා ඉදිරියෙහි සිටගෙන ඔහු පහදවා ලාභසත්කාර ලැබීය.

සො ලාභසක‍්කාරාභිභූතො “අහං භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමී”ති පාපකං චිත‍්තං උප‍්පාදෙත්‍වා සහ චිත‍්තුප‍්පාදෙන ඉද‍්ධිතො පරිහායිත්‍වා සත්‍ථාරං වෙළුවනවිහාරෙ සරාජිකාය පරිසාය ධම‍්මං දෙසෙන‍්තං වන්‍දිත්‍වා උට‍්ඨායාසනා අඤ‍්ජලිං පග‍්ගය‍්හ – “භගවා, භන‍්තෙ, එතරහි ජිණ‍්ණො වුඩ‍්ඪො මහල‍්ලකො, අප‍්පොස‍්සුක‍්කො දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුඤ‍්ජතු, අහං භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමි, නිය්‍යාදෙථ මෙ භික‍්ඛුසඞ‍්ඝ”න‍්ති වත්‍වා සත්‍ථාරා ඛෙළාසකවාදෙන අපසාදෙත්‍වා පටික‍්ඛිත‍්තො අනත‍්තමනො ඉමං පඨමං තථාගතෙ ආඝාතං බන්‍ධිත්‍වා පක‍්කාමි.

ලාභසත්කාරයෙන් වැඩී ඔදවැඩුණ සිත් ඇති ඔහුට මම භික්ෂුසංඝයා පරිහරණය (පාලනය) කරන්නෙමි යන පවිටු අදහසක්ද ඇතිවිය. ඒ පව්කාර සිත උපදිනවාත් සමඟම ලබාතිබූ පුහුදුන් සෘද්ධියෙනුත් පිරිහී ගියේය. ඉන්පසු වේළුවනාරාමයෙහි රජුන් සහිත පිරිසට දහම් දෙසමින් සිටි බුදුරදුන් වෙත ගොස් වැඳ අසුනෙන් නැගිට දෙඅත් බැඳ වැඳගෙන ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ දැන් මහලුය. උත්සාහයෙන් වැඩ කළ නොහැකිය. එහෙයින් සැපසේ විවේකීව වසනු මැනවි. මම භික්ෂු සංඝයා පරිපාලනය කරන්නෙමි. මට භික්ෂු සංඝයා පවරා දෙනු මැනවැයි කියා සිටියේය. ඉන්පසු බුදුන් විසින් අවමන් සහිතව ගරහා ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කළ කල්හි, එයින් කුපිතව බුදුන් කෙරෙහි (මේ ආත්මයේදී) පළමුවරට වෛර බැඳ නැගිට ගියේය.

අථස‍්ස භගවා රාජගහෙ පකාසනීයකම‍්මං කාරෙසි. සො “පරිච‍්චත‍්තො දානි අහං සමණෙන ගොතමෙන, ඉදානිස‍්ස අනත්‍ථං කරිස‍්සාමී”ති අජාතසත‍්තුං උපසඞ‍්කමිත්‍වා, “පුබ‍්බෙ ඛො, කුමාර, මනුස‍්සා දීඝායුකා, එතරහි අප‍්පායුකා. ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං ත්‍වං කුමාරොව සමානො කාලං කරෙය්‍යාසි, තෙන හි ත්‍වං, කුමාර, පිතරං හන‍්ත්‍වා රාජා හොහි, අහං භගවන‍්තං හන‍්ත්‍වා බුද‍්ධො භවිස‍්සාමී”ති වත්‍වා තස‍්මිං රජ‍්ජෙ පතිට‍්ඨිතෙ තථාගතස‍්ස වධාය පුරිසෙ පයොජෙත්‍වා තෙසු සොතාපත‍්තිඵලං පත්‍වා නිවත‍්තෙසු සයං ගිජ‍්ඣකූටපබ‍්බතං අභිරුහිත්‍වා, “අහමෙව සමණං ගොතමං ජීවිතා වොරොපෙස‍්සාමී”ති සිලං පවිජ‍්ඣිත්‍වා රුහිරුප‍්පාදකකම‍්මං කත්‍වා ඉමිනාපි උපායෙන මාරෙතුං අසක‍්කොන‍්තො පුන නාළාගිරිං විස‍්සජ‍්ජාපෙසි. තස‍්මිං ආගච‍්ඡන‍්තෙ ආනන්‍දත්‍ථෙරො අත‍්තනො ජීවිතං සත්‍ථු පරිච‍්චජිත්‍වා පුරතො අට‍්ඨාසි. සත්‍ථා නාගං දමෙත්‍වා නගරා නික‍්ඛමිත්‍වා විහාරං ගන‍්ත්‍වා අනෙකසහස‍්සෙහි උපාසකෙහි අභිහටං මහාදානං පරිභුඤ‍්ජිත්‍වා තස‍්මිං දිවසෙ සන‍්නිපතිතානං අට‍්ඨාරසකොටිසඞ‍්ඛාතානං රාජගහවාසීනං අනුපුබ‍්බිං කථං කථෙත්‍වා චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයෙ ජාතෙ

ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ රජගහනුවරදී ඔහුට පකාසනිය කර්මය (මොහු මෙවන් වරදක් කර ඇත්තෙකියි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම) කරවූ සේක. හෙතෙම, දැන් මා ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් අත්හැර දමන ලද්දෙම් වෙමි. දැන් ඒ ශ්‍රමණයාට අනර්ථයක් කරන්නෙමියි අජාසත් වෙත පැමිණ, මෙසේ කීවේය. කුමාරයාණනි, පෙර කල නම් මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. එහෙත් දැන් අල්පායුෂ්කයහ. යම් යෙහෙකින් ඔබ කුමාරයකු හැටියටම මිය පරලොව යාහැකිය යන මේ කරුණ සිදුවිය හැකිය. එහෙයින් කුමාරයාණනි, ඔබ පියා මරා රජබවට පත්වන්න. මම බුදුන් මරා බුදුවන්නෙමියි කියා සිටියේය. ඒ කුමරු රාජ්‍යයෙහි පිහිටි කල්හි බුදුන් මැරවීම සඳහා මිනිසුන් යොදවා, ඒ මිනිස්සු බණ අසා සෝවාන් ඵලයට පැමිණ (බුදුන් නොමරා) නැවතුණු කල්හි දෙව්දත් ගිජුකුළුපව්වට නැගී, මම ශ්‍රමණභවත් ගෞතමයන් ජීවිතයෙන් තොර කරන්නෙමියි ගලක් පෙරළා ලෝහිතුප්පාදක කර්මය (බුදුන්ගේ සිරුරින් ලේ සෙලවීම) කොට ඒ උපායෙනුත් බුදුන් මරා දැමීමට නොහැකිව නැවත නාලාගිරි නම් ඇතාට රා පොවා බුදුන් වෙත මුදාහැරියේය. ඒ ඇතු එන කල ආනන්ද තෙරණුවෝ ශාස්තෘන්වහන්සේ වෙනුවෙන් පෙනී සිට ජීවිතය පරිත්‍යාග කොට ඉදිරියට අවුත් සිටියෝය. බුදුහු ඇතු දමනය කොට නුවරින් නික්ම විහාරයට වැඩමවා නොයෙක් දහස් ගණන් උපාසකයන් විසින් පිළියෙළ කරනලද මහදන් වළදා එදවස රැස් වූ අටළොස් කෙළක් පමණ රජගහනුවර වැසියන්ට පිළිවෙළ කථාව වදාරා අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලබාදුන්හ.

“අහො ආයස‍්මා ආනන්‍දො මහාගුණො, තථාරූපෙ නාම හත්‍ථිනාගෙ ආගච‍්ඡන‍්තෙ අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා සත්‍ථු පුරතොව අට‍්ඨාසී”ති ථෙරස‍්ස ගුණකථං සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස මමත්‍ථාය ජීවිතං පරිච‍්චජියෙවා”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො චූළහංස (ජා· 1.15.133 ආදයො; 2.21.1 ආදයො) – මහාහංස (ජා· 2.21.89 ආදයො) – කක‍්කටකජාතකානි (ජා· 1.3.49 ආදයො) කථෙසි.

අහෝ පුදුමයි, අහෝ පුදුමයි, ආනන්ද තෙරණුවෝ මහා ගුණවතෙකි. එබඳු බිහිසුණු ඇතා එන විටත් තම දිවි පුදා බුදුන් ඉදිරියටවිත් සිටියහ. ආදි වශයෙන් කියනලද තෙරුන්ගේ ගුණකථාව අසා, මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තෙරණුවෝ මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළෝයයි වදාරා භික්ෂූන්ගේ ඉල්ලීම අනුව චුළහංස, මහාහංස, කක්කටක යන ජාතකයන්ද වදාළසේක.

දෙවදත‍්තස‍්සාපි කම‍්මං නෙව පාකටං, තථා රඤ‍්ඤො මාරාපිතත‍්තා, න වධකානං පයොජිතත‍්තා න සිලාය පවිද‍්ධත‍්තා පාකටං අහොසි, යථා නාළාගිරිහත්‍ථිනො විස‍්සජ‍්ජිතත‍්තා. තදා හි මහාජනො “රාජාපි දෙවදත‍්තෙනෙව මාරාපිතො, වධකොපි පයොජිතො, සිලාපි අපවිද‍්ධා. ඉදානි පන තෙන නාළාගිරි විස‍්සජ‍්ජාපිතො, එවරූපං නාම පාපකං ගහෙත්‍වා රාජා විචරතී”ති කොලාහලමකාසි.

රජුන් මැරවීම නිසා හෝ වධකයන් යැවීමෙන් හෝ ගල පෙරළීමෙන් හෝ නාලාගිරි ඇතු මෙහෙයවීමෙන් හෝ දෙව්දත්තෙරුන්ගේ පාපීක්‍රියා ප්‍රසිද්ධ නොවුණත් යම් කලක ඒ පාපී ක්‍රියා එනම්, රජුන් මැරවීම, වධකයන් යෙදවීම, ගල් පෙරළීම යන සියලු ක්‍රියා දෙව්දතුන්ගේමයයි මහජනයා විසින් දැනගන්නා ලද්දේ නාලාගිරි ඇතු යෙදවීමේ පුවතිනි. ඉන්පසු මහජනයා, අජාසත්රජු මෙබඳු මේ පවිටා සමඟ හැසිරේයයි අරගළ කළේය.

රාජා මහාජනස‍්ස කථං සුත්‍වා පඤ‍්ච ථාලිපාකසතානි නීහරාපෙත්‍වා න පුන තස‍්සූපට‍්ඨානං අගමාසි, නාගරාපිස‍්ස කුලං උපගතස‍්ස භික‍්ඛාමත‍්තම‍්පි න අදංසු. සො පරිහීනලාභසක‍්කාරො කොහඤ‍්ඤෙන ජීවිතුකාමො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පඤ‍්ච වත්‍ථූනි යාචිත්‍වා භගවතො “අලං, දෙවදත‍්ත, යො ඉච‍්ඡති, සො ආරඤ‍්ඤකො හොතූ”ති පටික‍්ඛිත‍්තො කස‍්සාවුසො, වචනං සොභනං, කිං තථාගතස‍්ස උදාහු මම, අහඤ‍්හි උක‍්කට‍්ඨවසෙන එවං වදාමි, “සාධු, භන‍්තෙ, භික‍්ඛූ යාවජීවං ආරඤ‍්ඤකා අස‍්සු, පිණ‍්ඩපාතිකා, පංසුකූලිකා, රුක‍්ඛමූලිකා, මච‍්ඡමංසං න ඛාදෙය්‍යු”න‍්ති. “යො දුක‍්ඛා මුච‍්චිතුකාමො, සො මයා සද‍්ධිං ආගච‍්ඡතූ”ති වත්‍වා පක‍්කාමි.

රජු මහජනයාගේ කථාව අසා බත්සැළි පන්සියය බැහැර කරවා දමා නැවත ඔහුට (දෙව්දත්ට) උපස්ථාන පිණිස නොගියේය. නගරවාසීහුද තම ගෙදරට පැමිණි ඔහුට ආහාර ටිකක් පවා නොදුන්හ. ලාභසත්කාරයෙන් පිරිහුණු ඔහු කුහකකමින් ජීවත්වීමට කැමතිව බුදුන් හමුවට ගොස් පංචවස්තුවක් ඉල්ලා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ දේවදත්තය, අවශ්‍ය නැත. කැමති කෙනෙක් ආරණ්‍යයෙහි වෙසෙත්වායි (එය අනිවාර්ය කිරීම)ප්‍රතික්ෂේප කළහ. (දෙව්දත් මෙසේ කීවේය.) ඇවැත්නී, වඩා සුදුසු කාගේ වචනයද? බුදුන්ගේද? මගේද? මම උත්කෘෂ්ට වශයෙන් මෙසේ කියමි. ස්වාමීනි, භික්ෂුහු දිවිහිමියෙන් ආරණ්‍යයෙහි වසන්නෝ, පිඩුසිඟීමෙන් යැපෙන්නෝ, පංශුකුල සිවුරු දරන්නෝ, රුක්මුල්වල වසන්නෝ, මත්ස්‍ය මාංශ නොබුදින්නෝ වන්නාහු නම් මැනවි. යමෙක් දුකින් මිදීමට කැමැත්තාහු නම් ඔවුහු මා සමඟ එත්වායි කියා පිටත්ව ගියේය.

තස‍්ස වචනං සුත්‍වා එකච‍්චෙ නවකපබ‍්බජිතා මන්‍දබුද‍්ධිනො “කල්‍යාණං දෙවදත‍්තො ආහ, එතෙන සද‍්ධිං විචරිස‍්සාමා”ති තෙන සද‍්ධිං එකතො අහෙසුං. ඉති සො පඤ‍්චසතෙහි භික‍්ඛූහි සද‍්ධිං තෙහි පඤ‍්චහි වත්‍ථූහි ලූඛප‍්පසන‍්නං ජනං සඤ‍්ඤාපෙන‍්තො කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො සඞ‍්ඝභෙදාය පරක‍්කමි.

දෙව්දත්ගේ කථාව අසා ඇතැම් මන්දබුද්ධික නවක පැවිද්දෝ ඔහු කියන්නේ යහපත් දේකැයි කියා ඔහු සමඟ යන්නෙමුයයි පිටත්ව ගියහ. ඔහු හා එක්වූහ. මෙසේ ඒ දෙව්දත්තෙමේ පන්සීයක් භික්ෂූන් සමඟ ඒ පංචවස්තුව ගැන කියමින් රූක්ෂප්‍රතිපදාවට පැහැදෙන ජනයා පහදවා ගනිමින් ගෙවල්වලට ගොස් එයම කියමින් වළඳමින් සංඝභේදයක් සඳහා උත්සාහ කළේය.

සො භගවතා, “සච‍්චං කිර ත්‍වං, දෙවදත‍්ත, සඞ‍්ඝභෙදාය පරක‍්කමසි චක‍්කභෙදායා”ති පුට‍්ඨො “සච‍්චං භගවා”ති වත්‍වා, “ගරුකො ඛො, දෙවදත‍්ත, සඞ‍්ඝභෙදො”තිආදීහි ඔවදිතොපි සත්‍ථු වචනං අනාදියිත්‍වා පක‍්කන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා, “අජ‍්ජතග‍්ගෙ දානාහං, ආවුසො ආනන්‍ද, අඤ‍්ඤත්‍රෙව භගවතා, අඤ‍්ඤත්‍ර, භික‍්ඛුසඞ‍්ඝා උපොසථං කරිස‍්සාමි, සඞ‍්ඝකම‍්මං කරිස‍්සාමී”ති ආහ. ථෙරො තමත්‍ථං භගවතො ආරොචෙසි. තං විදිත්‍වා සත්‍ථා උප‍්පන‍්නධම‍්මසංවෙගො හුත්‍වා, “දෙවදත‍්තො සදෙවකස‍්ස ලොකස‍්ස අනත්‍ථනිස‍්සිතං අත‍්තනො අවීචිම‍්හි පච‍්චනකකම‍්මං කරොතී”ති විතක‍්කෙත්‍වා –

බුදුරජාණන්වහන්සේ, දේවදත්තය, ඔබ භික්ෂූන්ගේ සමඟිය නැතිකොට සංඝභේදයකට උත්සාහ කරන්නේය යන්න ඇත්තදැයි විචාරන ලදුව, එසේ යයි කීවේය. දේවදත්තය, මේ සංඝභේදය ඉතා බැරූරුම්ය, ආදි වශයෙන් අවවාද කරනලද නමුත් බුදුවදන් නොපිළිගෙන පලාගියේය. එහි ගොස් පිඬුපිණිස හැසිරෙන ආනන්ද තෙරුන්ට මෙසේ කීවේය. ඇවැත් ආනන්දයෙනි, අද පටන් මම බුදුන්ගෙන් වෙන්ව භික්ෂූන්ගෙන් වෙන්ව පොහොය කරන්නෙමි. සංඝකර්ම කරන්නෙමි. ආනන්ද තෙරණුවෝ එම කරුණ භාග්‍යවතුන් වෙත දන්වා සිටියහ. බුදුහු එය දැන ධර්මසංවේගය උපදවා, දෙව්දත්තෙමේ දෙවියන් සහිත ලෝකයට අනතුරුදායකවූත් තමාත් අවීචියෙහි පැසවන්නාවූත් ක්‍රියාවක් කරන්නේයයි සලකා,

“සුකරානි අසාධූනි, අත‍්තනො අහිතානි ච; යං වෙ හිතඤ‍්ච සාධුඤ‍්ච, තං වෙ පරමදුක‍්කර”න‍්ති. (ධ· ප· 163) –

තමහට අහිත අයහපත් දේ සුවසේ කළ හැකියි යමක් හිතවත් යහපත් නම් එය අමාරුම කටයුත්තකි

ඉමං ගාථං වත්‍වා පුන ඉමං උදානං උදානෙසි –

මේ ගාථාව වදාරා නැවත මේ උදානයද පැවැත්වූහ.

“සුකරං සාධුනා සාධු, සාධු පාපෙන දුක‍්කරං; පාපං පාපෙන සුකරං, පාපමරියෙහි දුක‍්කර”න‍්ති. (උදා· 48; චූළව· 343);

කළහැකි යහපත සත්ජනයාහට පාපියාට එය දුෂ්කර වේ පාපියාට පව ඉතා පහසුවේ උතුමන්හට පවා දුෂ්කර වේමැයි.

අථ ඛො දෙවදත‍්තො උපොසථදිවසෙ අත‍්තනො පරිසාය සද‍්ධිං එකමන‍්තං නිසීදිත්‍වා, “යස‍්සිමානි පඤ‍්ච වත්‍ථූනි ඛමන‍්ති, සො සලාකං ගණ‍්හතූ”ති වත්‍වා පඤ‍්චසතෙහි වජ‍්ජිපුත‍්තකෙහි නවකෙහි අප‍්පකතඤ‍්ඤූහි සලාකාය ගහිතාය සඞ‍්ඝං භින්‍දිත්‍වා තෙ භික‍්ඛූ ආදාය ගයාසීසං අගමාසි. තස‍්ස තත්‍ථ ගතභාවං සුත්‍වා සත්‍ථා තෙසං භික‍්ඛූනං ආනයනත්‍ථාය ද‍්වෙ අග‍්ගසාවකෙ පෙසෙසි.

ඉක්බිති දෙව්දත් තෙමේ පොහෝ දිනයෙහි තම පිරිසත් සමඟ එකත්පසෙක හිඳගෙන යමෙකුට මේ පංචවස්තුව රිසිවේ නම් ඔහු සලාක ගනීවා’යි කියා ධර්මස්වභාව නොදත් පන්සීයක් වජ්ජීපුතුන් විසින් සලාක ගන්නාලද කල්හි සංඝයා බිඳගෙන ඒ භික්ෂූන්ද රැගෙන ගයාශීර්ෂයට ගියේය. ඔහු එහි ගිය බව අසා ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන් හැරගෙන ඒම පිණිස දැගසව්වන් ගයාශීර්ෂයට යැවූසේක.

තෙ තත්‍ථ ගන‍්ත්‍වා ආදෙසනාපාටිහාරියානුසාසනියා චෙව ඉද‍්ධිපාටිහාරියානුසාසනියා ච අනුසාසන‍්තා තෙ අමතං පායෙත්‍වා ආදාය ආකාසෙන ආගමිංසු. කොකාලිකොපි ඛො “උට‍්ඨෙහි, ආවුසො දෙවදත‍්ත, නීතා තෙ භික‍්ඛූ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙහි, නනු ත්‍වං මයා වුත‍්තො ‘මා, ආවුසො, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ විස‍්සාසී’ති. පාපිච‍්ඡා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා, පාපිකානං ඉච‍්ඡානං වසං ගතා”ති වත්‍වා ජණ‍්ණුකෙන හදයමජ‍්ඣෙ පහරි, තස‍්ස තත්‍ථෙව උණ‍්හං ලොහිතං මුඛතො උග‍්ගඤ‍්ඡි.

උන්වහන්සේලා එහි ගොස් කර්මාකර්ම දක්වා කරන දේශනාප්‍රාතිභාර්යයෙන්ද, සෘද්ධි ප්‍රාතිභාර්යානුශාසනාවෙන්ද අනුශාසනා කරමින් ඔවුන්ට අමෘතය පොවා අහසින් පැමිණියාහුය. කෝකාලික මහණතෙමේ, ඇවැත් දේවදත්තයෙනි, නැගිටුව. සැරියුත් මුගලන් දෙදෙනා විසින් ඔබේ භික්ෂු පිරිස රැගෙන ගියාහුය. ඇවැත්නී සැරියුත් මුගලන් දෙදෙනා කෙරෙහි විශ්වාස නොකරවයි මා ඔබට මින් පෙර කියාදෙන ලද්දේ නොවේද? සැරියුත් මුගලන් දෙදෙනා ලාමක අදහස් ඇත්තෝය. පාපකාරී අදහස්වලට වසඟවූවෝයයි කියා දණින් ළමැදට ගැසීය. දෙව්දතුන්ගේ මුවින් උණුලේ පිටවිය.

ආයස‍්මන‍්තං පන සාරිපුත‍්තං භික‍්ඛුසඞ‍්ඝපරිවුතං ආකාසෙන ආගච‍්ඡන‍්තං දිස‍්වා භික‍්ඛූ ආහංසු – “භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො ගමනකාලෙ අත‍්තදුතියො ගතො, ඉදානි මහාපරිවාරො ආගච‍්ඡන‍්තො සොභතී”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව සාරිපුත‍්තො සොභති, පුබ‍්බෙ තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තකාලෙපි මය‍්හං පුත‍්තො මම සන‍්තිකං ආගච‍්ඡන‍්තො සොභියෙවා”ති වත්‍වා –

භික්ෂුසංඝයා විසින් පිරිවරනලදුව අහසින් එන්නා වූ ආයුෂ්මත් සැරියුත්තෙරුන් දැක භික්ෂුහු බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙහි තමා දෙවෙනි කොට ගියෝය. දැන් මහ පිරිසක් සහිතව එන ආකාරය ඉතා හොබනේය. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, දැන් මතු නොවෙයි. පෙර තිරිසන් යෝනියෙහි උපන්කලත් මගේ පුතා මා වෙත ආවේ ශෝභන ලෙසින්මයයි වදාරා:

“හොති සීලවතං අත්‍ථො, පටිසන්‍ථාරවුත‍්තිනං; ලක‍්ඛණං පස‍්ස ආයන‍්තං, ඤාතිසඞ‍්ඝපුරක‍්ඛතං; අථ පස‍්සසිමං කාළං, සුවිහීනංව ඤාතිභී”ති. (ජා· 1.1.11) –

සීලයෙන් පිරිපුන් පිළිසඳර පැවතුම් ඇති සැම අයට දියුණුව නිතැතින්ම මෙන් සැලසේ නෑයන් පිරිවරා එන ලක්ඛණ බලනු මැන නෑයන් කෙරෙන් පිරිහී එන කාලද බලනු මැන

ඉදං ජාතකං කථෙසි. පුන භික‍්ඛූහි, “භන‍්තෙ, දෙවදත‍්තො කිර ද‍්වෙ අග‍්ගසාවකෙ උභොසු පස‍්සෙසු නිසීදාපෙත්‍වා ‘බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙස‍්සාමී’ති තුම‍්හාකං අනුකිරියං කරොතී”ති වුත‍්තෙ, “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස මම අනුකිරියං කාතුං වායමි, න පන සක‍්ඛී”ති වත්‍වා –

මේ ලක්ඛණමිග ජාතකය දේශනා කළ සේක. නැවත භික්ෂුන් විසින් ස්වාමීනි, දෙව්දත් දැගසවුවන් දෙපස හිඳුවා බුද්ධ ලීලාවෙන් දහම් දෙසන්නෙමියි, ඔබවහන්සේ අනුකරණය කෙළේයයි කියනලදකල්හි මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් මේ තෙමේ මට සමාන ක්‍රියාකරන්ට වෑයම් කළත් එය කරනු නොහැකි වූයේමයයි වදාරා:

“අපි වීරක පස‍්සෙසි, සකුණං මඤ‍්ජුභාණකං; මයූරගීවසඞ‍්කාසං, පතිං මය‍්හං සවිට‍්ඨකං.

පින්වත් වීරකය බලව මියුරු හඬනා මොනර ගෙළ පැහැ ඇති සවිට්ඨක නම් මගේ සැමියා

“උදකථලචරස‍්ස පක‍්ඛිනො, නිච‍්චං ආමකමච‍්ඡභොජිනො; තස‍්සානුකරං සවිට‍්ඨකො, සෙවාලෙ පලිගුණ‍්ඨිතො මතො”ති. (ජා· 1.2.107-108) –

දිය ගොඩෙහි හැසිරෙන අමුමස් බුදින විහඟෙකු අනුකරණය කරන්නට වෑයම් කළ සවිට්ඨක ජලාසයෙ සෙවෙලෙහි පැටලීමෙන් මිය ගියා

ආදිනා ජාතකං වත්‍වා අපරාපරෙසුපි දිවසෙසු තථානුරූපමෙව කථං ආරබ‍්භ –

මෙසේ වීරක ජාතකාදියද වදාරා තවත් දිනවලදී එබඳුම වුකථාවක් අරභයා:

“අචාරි වතායං විතුදං වනානි, කට‍්ඨඞ‍්ගරුක‍්ඛෙසු අසාරකෙසු; අථාසදා ඛදිරං ජාතසාරං, යත්‍ථබ‍්භිදා ගරුළො උත‍්තමඞ‍්ග”න‍්ති. (ජා· 1.2.120);

මොහු ඉඹුල් එරබදු ඈ නිසරු රුක් විඳිමින් ඇවිදිනත් කෑරලූ හරගසටම තබයි හොට

“ලසී ච තෙ නිප‍්ඵලිකා, මත්‍ථකො ච පදාලිතො; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, අජ‍්ජ ඛො ත්‍වං විරොචසී”ති. (ජා· 1.1.143) –

හිසමොළද තාගේ නික්මිණි හිසද පැළුණේ ඉලඇටත් බිඳුණා අද ඔබ හොඳින් දිස් වේ

එවමාදීනි ජාතකානි කථෙසි. පුන “අකතඤ‍්ඤූ දෙවදත‍්තො”ති කථං ආරබ‍්භ –

මේ කන්දගලක ආදි ජාතකයන්ද වදාළසේක. යළිඳු දෙව්දත් කළගුණ නොසලකන්නෙක යනාදි කථාවක් අරභයා:

“අකරම‍්හස තෙ කිච‍්චං, යං බලං අහුවම‍්හසෙ; මිගරාජ නමො ත්‍යත්‍ථු, අපි කිඤ‍්චි ලභාමසෙ.

අපි සියලු බලයන් ඔබේ වැඩටම යෙදුවෙමු ඔබට නමදින්නෙමු අපට කිසිවක් ලදොත් මැනවි

“මම ලොහිතභක‍්ඛස‍්ස, නිච‍්චං ලුද‍්දානි කුබ‍්බතො; දන‍්තන‍්තරගතො සන‍්තො, තං බහුං යම‍්පි ජීවසී”ති. (ජා· 1.4.29-30) –

ලේමස් බුදින නිති කුරිරු වූ වැඩ කරනා මා දත් අතර වැදජීවත්වීම අරුමෙකි

ආදීනි ජාතකානි කථෙසි. පුන වධාය පරිසක‍්කනමස‍්ස ආරබ‍්භ –

යනාදි ජවන සකුණ ආදි ජාතකයන්ද වදාළසේක. නැවත මේ දෙව්දතුන් වධය පිණිස ගන්නා ලද උත්සාහය අරභයා:

“ඤාතමෙතං කුරුඞ‍්ගස‍්ස, යං ත්‍වං සෙපණ‍්ණි සිය්‍යසි; අඤ‍්ඤං සෙපණ‍්ණි ගච‍්ඡාමි, න මෙ තෙ රුච‍්චතෙ ඵල”න‍්ති. (ජා· 1.1.21) –

දෙමටරුක ඔබ මා ඉදිරියට ගෙඩි විසුරුවන්නෙහි කුරුඟමිග නම් ලත් මා එකරුණ හොඳින් දත්තෙමි ඔබේ ගෙඩි මට රුචි නැත වෙන ගසක් වෙත ඉතින් යන්නෙමි

ආදීනි ජාතකානි කථෙසි. පුනදිවසෙ “උභතො පරිහීනො දෙවදත‍්තො ලාභසක‍්කාරතො ච සාමඤ‍්ඤතො චා”ති කථාසු පවත‍්තමානාසු “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො පරිහීනො, පුබ‍්බෙපෙස පරිහීනොයෙවා”ති වත්‍වා –

යන මේ කුරංගමිග ජාතකාදියද වදාළහ. මෙසේ රජගහනුවර වාසය කරන කාලයෙහි දෙව්දත් ලාභසත්කාරවලිනුත් ශ්‍රමණ ගුණදහම්වලිනුත් යන දෙපැත්තෙන්ම පිරිහුණේය, යන කථා පවතිද්දී, මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් මේ තෙමේ පිරිහුණේම යයි වදාරා:

“අක‍්ඛී භින‍්නා පටො නට‍්ඨො, සඛිගෙහෙ ච භණ‍්ඩනං; උභතො පදුට‍්ඨා කම‍්මන‍්තා, උදකම‍්හි ථලම‍්හි චා”ති. (ජා· 1.1.139) –

දෙඇස් බිඳුණා රෙදිත් නැති විය ගෙදර බිරිඳගෙ අඬදබර ඇත ගොඩත් කුඹුරෙත් කරපු ගොවිතැන් සහමුලින් වැනසිලා ගොස් ඇත

ආදීනි ජාතකානි කථෙසි. එවං රාජගහෙ විහරන‍්තොව දෙවදත‍්තං ආරබ‍්භ බහූනි ජාතකානි කථෙත්‍වා රාජගහතො සාවත්‍ථිං ගන‍්ත්‍වා ජෙතවනෙ විහාරෙ වාසං කප‍්පෙසි. දෙවදත‍්තොපි ඛො නව මාසෙ ගිලානො පච‍්ඡිමෙ කාලෙ සත්‍ථාරං දට‍්ඨුකාමො හුත්‍වා අත‍්තනො සාවකෙ ආහ – “අහං සත්‍ථාරං දට‍්ඨුකාමො, තං මෙ දස‍්සෙථා”ති. “ත්‍වං සමත්‍ථකාලෙ සත්‍ථාරා සද‍්ධිං වෙරී හුත්‍වා අචරි, න මයං තත්‍ථ නෙස‍්සාමා”ති වුත‍්තෙ, “මා මං නාසෙථ, මයා සත්‍ථරි ආඝාතො කතො, සත්‍ථු පන මයි කෙසග‍්ගමත‍්තොපි ආඝාතො නත්‍ථි”. සො හි භගවා –

යන මේ උභතොහට්ඨ ජාතකාදියද වදාළහ. මෙසේ බුදුරදුන් රජගහ නුවර වාසය කරන කාලයෙහි දෙව්දතුන් අරභයා බොහෝ ජාතකකථා වදාරා රජගහ නුවරින් සැවැත් නුවරට ගොස් දෙව්රම් වෙහෙර වස් විසූසේක. දෙව්දත් තෙමේත් නවමසක් ගිලන්ව සිට පසුකලක බුදුන් දකිනු කැමතිව තම ශ්‍රාවකයන්ට ඒ බව කීවේය. මම බුදුන් දකිනු කැමැත්තෙමි. මට උන්වහන්සේ දක්වව්යයි කීකල්හි ඔබ පුළුවන් කාලයෙහි බුදුන් හා වෛරියක්ව සිටියෙහිය. අපි ඔබ එහි ගෙනනොයන්නෙමු යයි කීකල්හි, මා නොනසව්. මම බුදුන් කෙරෙහි වෛර කෙළෙමි. ශාස්තෘන්වහන්සේ මා කෙරෙහි කෙසඟක් පමණවත් වෛරයක් නැත. ඒ භාග්‍යවතුන්වහන්සේ වනාහි:

“වධකෙ දෙවදත‍්තම‍්හි, චොරෙ අඞ‍්ගුලිමාලකෙ; ධනපාලෙ රාහුලෙ ච, සබ‍්බත්‍ථ සමමානසො”ති. (අප· ථෙර 1.1.585; මි· ප· 6.6.5) –

වධක දෙව්දතුන් සොර අඟුල්මල් කෙරෙහිත් දනපල් රහල් සැමවෙත සමමෙතයි හැම තැනම පෑවේ

“දස‍්සෙථ මෙ භගවන‍්ත”න‍්ති පුනප‍්පුනං යාචි. අථ නං තෙ මඤ‍්චකෙනාදාය නික‍්ඛමිංසු. තස‍්ස ආගමනං සුත්‍වා භික‍්ඛූ සත්‍ථු ආරොචෙසුං – “භන‍්තෙ, දෙවදත‍්තො කිර තුම‍්හාකං දස‍්සනත්‍ථාය ආගච‍්ඡතී”ති. “න, භික‍්ඛවෙ, සො තෙනත‍්තභාවෙන මං පස‍්සිතුං ලභිස‍්සතී”ති. දෙවදත‍්තො කිර පඤ‍්චන‍්නං වත්‍ථූනං ආයාචිතකාලතො පට‍්ඨාය පුන බුද‍්ධං දට‍්ඨුං න ලභති, අයං ධම‍්මතා. “අසුකට‍්ඨානඤ‍්ච අසුකට‍්ඨානඤ‍්ච ආගතො, භන‍්තෙ”ති. “යං ඉච‍්ඡති, තං කරොතු, න සො මං පස‍්සිතුං ලභිස‍්සතී”ති. “භන‍්තෙ, ඉතො යොජනමත‍්තං ආගතො, අඩ‍්ඪයොජනං, ගාවුතං, ජෙතවනපොක‍්ඛරණීසමීපං ආගතො, භන‍්තෙ”ති. “සචෙපි අන‍්තොජෙතවනං පවිසති, නෙව මං පස‍්සිතුං ලභිස‍්සතී”ති. දෙවදත‍්තං ගහෙත්‍වා ආගතා ජෙතවනපොක‍්ඛරණීතීරෙ මඤ‍්චං ඔතාරෙත්‍වා පොක‍්ඛරණිං න‍්හායිතුං ඔතරිංසු. දෙවදත‍්තොපි ඛො මඤ‍්චතො වුට‍්ඨාය උභො පාදෙ භූමියං ඨපෙත්‍වා නිසීදි. පාදා පථවිං පවිසිංසු. සො අනුක‍්කමෙන යාව ගොප‍්ඵකා, යාව ජණ‍්ණුකා, යාව කටිතො, යාව ථනතො, යාව ගීවතො පවිසිත්‍වා හනුකට‍්ඨිකස‍්ස භූමියං පවිට‍්ඨකාලෙ –

මෙසේ කියමින් මට ඒ බුදුන් දක්වව්යයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඉන්පසු ඔවුහු අදත් ඇඳක තබාගෙන පිටත්වූහ. දෙව්දතුන්ගේ පැමිණීම අසා භික්ෂූහු ඒ බව බුදුරදුන්ට දැන්වූහ. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේ දකිනු පිණිස දෙව්දත් මෙහි එතියි කීහ. මහණෙනි, දෙව්දතුන්ට මේ ආත්මයේදී මා දකිනු නොහැකියයි බුදුහු වදාළහ. භික්ෂූන්ට පංචවස්තූන් ඉල්ලු කලපටන් බුදුන් දක්නට නොලැබීම ධර්මතාවකැයි වදාළහ. භික්ෂූහු ස්වාමීනි, දැන් අසවල් තැන දක්වා ආවේය ආදි වශයෙන් ගමන ගැන විස්තර දන්වා සිටියහ. කැමැත්තක් කෙරේවා, එහෙත් ඔහුට මා දකින්ට නම් නොලැබේයයි වදාළහ. ස්වාමීනි, දැන් මෙහි සිට යොදුනක්, යොදුන් භාගයක් ගව්වක්, දෙව්රම පොකුණ දක්වා පැමිණියේයයි තොරතුරු වූහ. ඉදින් ඔහු ජේතවනය ඇතුළටම ආවත් මා දක්නට ලැබෙන්නේ නැතැයි වදාළහ. දෙව්දත් රැගෙන ආ පිරිස දෙව්‍රම පොකුණු ඉවුරට පැමිණ මැස්ස එහි තබා නෑම පිණිස පොකුණට බැස්සාහ. දෙව්දත් තෙමේද ඇඳෙන් නැඟිට දෙපා බිම තබා හුන්නේය. හෙතෙම පිළිවෙළින් ගොස් ඇටය, දණහිස, උකුළ, තනමඩල, ගෙළ දක්වා පොළොවේ ගිලී හකුඇටය භූමියෙහි පිහිටි කල:

“ඉමෙහි අට‍්ඨීහි තමග‍්ගපුග‍්ගලං, දෙවාතිදෙවං නරදම‍්මසාරථිං; සමන‍්තචක‍්ඛුං සතපුඤ‍්ඤලක‍්ඛණං, පාණෙහි බුද‍්ධං සරණං උපෙමී”ති. (මි· ප· 4.1.3) –

දෙවියන්ට දෙවිවූ පුරුෂ දමනෙහි රියැදුරන්වූ සමතැසින් යුතුවූ සිය ගණන් පින් ලකුණු ඇතිවූ උතුම් පුද්ගල වූ බුදුනැණවලින් පිරිපුන් මෙකියන ගුණවලින් හෙබි බුදුරදුන් මම සරණ යන්නෙමි

ඉමං ගාථමාහ. ඉදං කිර ඨානං දිස‍්වා තථාගතො දෙවදත‍්තං පබ‍්බාජෙසි. සචෙ හි න සො පබ‍්බජිස‍්ස, ගිහී හුත්‍වා කම‍්මඤ‍්ච භාරියං අකරිස‍්ස, ආයතිං භවනිස‍්සරණපච‍්චයං කාතුං න සක‍්ඛිස‍්ස, පබ‍්බජිත්‍වා ච පන කිඤ‍්චාපි කම‍්මං භාරියං කරිස‍්සති, ආයතිං භවනිස‍්සරණපච‍්චයං කාතුං සක‍්ඛිස‍්සතීති තං සත්‍ථා පබ‍්බාජෙසි. සො හි ඉතො සතසහස‍්සකප‍්පමත්‍ථකෙ අට‍්ඨිස‍්සරො නාම පච‍්චෙකබුද‍්ධො භවිස‍්සති, සො පථවිං පවිසිත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්ති.

යන මේ ගාථාව කීවේය. මේ කරුණ (කවදා හෝ බුදුන් සරණ යාම) දැක බුදුරජාණන්වහන්සේ දෙව්දත් පැවිදිකළසේක. යම්හෙයකින් ඔහු පැවිදි නොකළාහුනම් ගිහියෙක්ව හෝ (පසේබුදු වීමට) උපනිශ්‍රය සම්පත් ලැබීමට නොහැකි වන්නේය. පැවිදිවී ආනන්තර්ය වැනි කර්ම කළත්, මතු භවයකදී කවදා හෝ උපනිශ්‍රය සැපතක් ලැබීමට කිසියම් කර්මයක් කර ගැනීමට හැකි වන්නේය යන කරුණු සලකා භාග්‍යවතුන්වහන්සේ ඔහු පැවිදි කළහ. දෙව්දත් මෙයින් කල්ප ලක්ෂයකින් පසු අට්ඨිස්සර නම් පසේබුදුවරයෙක් වන්නේය. දෙව්දත් මහාපෘථිවියට පිවිස අවීචිමහානරකයෙහි උපන්නේය.

නිච‍්චලෙ බුද‍්ධෙ අපරජ‍්ඣභාවෙන පන නිච‍්චලොව හුත්‍වා පච‍්චතූති යොජනසතිකෙ අන‍්තො අවීචිම‍්හි යොජනසතුබ‍්බෙධමෙවස‍්ස සරීරං නිබ‍්බත‍්ති. සීසං යාව කණ‍්ණසක‍්ඛලිතො උපරි අයකපල‍්ලං පාවිසි, පාදා යාව ගොප‍්ඵකා හෙට‍්ඨා අයපථවියං පවිට‍්ඨා, මහාතාලක‍්ඛන්‍ධපරිමාණං අයසූලං පච‍්ඡිමභිත‍්තිතො නික‍්ඛමිත්‍වා පිට‍්ඨිමජ‍්ඣං භින්‍දිත්‍වා උරෙන නික‍්ඛමිත්‍වා පුරිමභිත‍්තිං පාවිසි, අපරං දක‍්ඛිණභිත‍්තිතො නික‍්ඛමිත්‍වා දක‍්ඛිණපස‍්සං භින්‍දිත්‍වා වාමපස‍්සෙන නික‍්ඛමිත්‍වා උත‍්තරභිත‍්තිං පාවිසි, අපරං උපරි කපල‍්ලතො නික‍්ඛමිත්‍වා මත්‍ථකං භින්‍දිත්‍වා අධොභාගෙන නික‍්ඛමිත්‍වා අයපථවිං පාවිසි. එවං සො තත්‍ථ නිච‍්චලොව පච‍්චි.

නිශ්චල බුදුන් කෙරෙහි අපරාධ කළ බැවින්, නිශ්චලව සිට පැසේවායි සියයක් යොදුන් දිගුපළලැති අවීචිය තුළ යොදුන් සියයක් උසසිරුරක් ඔහුට ලැබුණේය. හිස කන්සිදුරු දක්වා යකබලක් (උඩින් ඇති යකඩ උලක්) පාද ගොප් ඇටය (වළලූකර) දක්වා යටින් ඇණී යකඩ පොළොවෙහි පිහිටියේය. මහතල් කඳක් පමණ යකඩ උලක් පශ්චිම දිසා බිත්තියේ සිට අවුත් පිට මැද බිඳගෙන උරහිසින් නික්මී පෙරදිග බිත්තියේ ඇනී එහි පිවිසියේය. තවත් එබඳු යකඩ උලක් දකුණු බිත්තියේ සිට අවුත් සිරුරේ දකුණු පසින් පිවිසී බිඳගෙන උතුරු පසින් මතු වී උතුරු බිත්තියෙහි කිඳා බැස්සේය. තවත් එකක් උඩ කබලින් නික්මී අවුත් හිස්කබල බිඳගෙන ගොස් අධෝභාගයෙන් මතු වී යට යකඩ පොළොවට කිදා බැස්සේය. මෙසේ ඔහු නොසෙල්වී සිට රැදාවල් පෑසෙයි.

භික‍්ඛූ “එත‍්තකං ඨානං දෙවදත‍්තො ආගච‍්ඡන‍්තො සත්‍ථාරං දට‍්ඨුං අලභිත්‍වාව පථවිං පවිට‍්ඨො”ති කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මයි අපරජ‍්ඣිත්‍වා පථවිං පාවිසි, පුබ‍්බෙපි පවිට‍්ඨොයෙවා”ති වත්‍වා හත්‍ථිරාජකාලෙ මග‍්ගමූළ‍්හං පුරිසං සමස‍්සාසෙත්‍වා අත‍්තනො පිට‍්ඨිං ආරොපෙත්‍වා ඛෙමන‍්තං පාපිතස‍්ස පුන තික‍්ඛත‍්තුං ආගන‍්ත්‍වා අග‍්ගට‍්ඨානෙ මජ‍්ඣිමට‍්ඨානෙ මූලෙහි එවං දන‍්තෙ ඡින්‍දිත්‍වා තතියවාරෙ මහාපුරිසස‍්ස චක‍්ඛුපථං අතික‍්කමන‍්තස‍්ස තස‍්ස පථවිං පවිට‍්ඨභාවං දීපෙතුං –

මෙපමණ තැන් ඇවිදිනුත් දෙව්දත් බුදුන් නොදැක පොළොවේ ගිළීගියේයයි භික්ෂූහු කථාකරන්ට පටන්ගත්හ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, දෙව්දත් මට අපරාධකොට දැන් පමණක් නොව පෙරත් පොළොවට කිඳා බැස්සේමයයි වදාරා, එක් කලෙක මා ඇත් රජෙක්ව උපන් අවස්ථාවක මංමුළාවූ පුරුෂයකු සනසා තම පිටට නංවාගෙන නිර්භය තැනකට පමුණුවා ලීමෙන් පසු, ඒ පුරුෂයා නැවත තෙවරක් මා සොයා අවුත් දළෙහි අග මැද මුල කොටස් වශයෙන් කපාගෙන අවසාන වාරයෙහි මගේ ඇස්හමුව ඉක්මවනවාත් සමඟම පොළොව පැළී එහි පිවිසි බව දැක්වීම සඳහා:

“අකතඤ‍්ඤුස‍්ස පොසස‍්ස, නිච‍්චං විවරදස‍්සිනො; සබ‍්බං චෙ පථවිං දජ‍්ජා, නෙව නං අභිරාධයෙ”ති. (ජා· 1.1.72; 1.9.107) –

කළගුණ නොදන්නා නිතර වැරදිම දක්නා මහ පොළොවම දුන්නත් ඔහු තුටු කළ හැකි නොවේ

ඉදං ජාතකං කථෙත්‍වා පුනපි තථෙව කථාය සමුට‍්ඨිතාය ඛන‍්තිවාදිභූතෙ අත‍්තනි අපරජ‍්ඣිත්‍වා කලාබුරාජභූතස‍්ස තස‍්ස පථවිං පවිට‍්ඨභාවං දීපෙතුං ඛන‍්තිවාදිජාතකඤ‍්ච (ජා· 1.4.49 ආදයො), චූළධම‍්මපාලභූතෙ අත‍්තනි අපරජ‍්ඣිත්‍වා මහාපතාපරාජභූතස‍්ස තස‍්ස පථවිං පවිට‍්ඨභාවං දීපෙතුං චූළධම‍්මපාලජාතකඤ‍්ච (ජා· 1.5.44 ආදයො) කථෙසි.

මේ සීලවනාගරාජ ජාතකය වදාරා, නැවත නැවතත් ඒ කථාවම පැනනැඟුණු හෙයින් තමන් වහන්සේ ක්ෂාන්තිවාදීව සිටි කල්හි ඔහුකලාබු රජව තමන්ට අපරාධ කොට මහපොළොවේ ගිළුණු බව දැක්වීමට ක්ෂාන්තිවාදී ජාතකයත් චුල්ලධම්මපාලව උපන් තමන්ට මහාප්‍රතාප රජව උපන් ඔහු අපරාධ කොට පොළොවේ ගිළුණු බවත් දැක්වීමට චුල්ලධම්මපාල ජාතකයක් වදාළහ.

පථවිං පවිට‍්ඨෙ පන දෙවදත‍්තෙ මහාජනො හට‍්ඨතුට‍්ඨො ධජපටාකකදලියො උස‍්සාපෙත්‍වා පුණ‍්ණඝටෙ ඨපෙත්‍වා “ලාභා වත නො”ති මහන‍්තං ඡණං අනුභොති. තමත්‍ථං භගවතො ආරොචෙසුං. භගවා “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තෙ මතෙ මහාජනො තුස‍්සති, පුබ‍්බෙපි තුස‍්සියෙවා”ති වත්‍වා සබ‍්බජනස‍්ස අප‍්පියෙ චණ‍්ඩෙ ඵරුසෙ බාරාණසියං පිඞ‍්ගලරඤ‍්ඤෙ නාම මතෙ මහාජනස‍්ස තුට‍්ඨභාවං දීපෙතුං –

දෙව්දත් පොළොව පළාගෙන එහි පිවිසි කල්හි තුටු පහටු මහජනයා ධජ පතාක ඔසවා, කෙහෙල්තොරන් බැඳ ඒකාන්තයෙන්ම අපට ලාභයක් වූයේයයි මහත් සැණකෙළි පැවැත්වූහ. භික්ෂුහු ඒකරුණ බුදුරදුන්ට දැන්වූහ. බුදුහු දෙව්දත් මළකල මහජනයා ප්‍රීතිවුයේ දැන්මතු නොවෙයි. පෙරත් සතුටු වූවාහුයයි වදාරා, බරණැස සියලු දෙනාට අප්‍රිය චණ්ඩ ඵරුෂවූ පිංගල නම් රජු මළ කල්හි මහජනයා තුටුපහටුවූ බව දැක්වීමට:

“සබ‍්බො ජනො හිංසිතො පිඞ‍්ගලෙන, තස‍්මිං මතෙ පච‍්චයා වෙදයන‍්ති; පියො නු තෙ ආසි අකණ‍්හනෙත‍්තො, කස‍්මා තුවං රොදසි ද‍්වාරපාල.

පිංගල රජ සියලුදෙනා පීඩාවෙන් තැළුවා ඔහු මළ කල සියලුදෙනා තුටු කඳුලැලි හෙළුවා පිඟු ඇස් ඇති ඔහු මැරුණා ඔබටත් සෙත සැදුණා ද්වාරපාල ඇයි අඬන්නේ ඔබට ප්‍රියයි සිතුණා

“න මෙ පියො ආසි අකණ‍්හනෙත‍්තො, භායාමි පච‍්චාගමනාය තස‍්ස; ඉතො ගතො හිංසෙය්‍ය මච‍්චුරාජං, සො හිංසිතො ආනෙය්‍ය පුන ඉධා”ති. (ජා· 1.2.179-180) –

පිඟු ඇස් ඇති ඇස්කන්නැති ඔහු නම් මට ප්‍රිය නෑ මරුවාටත් හිංසාකොට යළි ඒ දැයි සිතුණා

ඉදං පිඞ‍්ගලජාතකං කථෙසි. භික‍්ඛූ සත්‍ථාරං පුච‍්ඡිංසු – “ඉදානි, භන‍්තෙ, දෙවදත‍්තො කුහිං නිබ‍්බත‍්තො”ති? “අවීචිමහානිරයෙ, භික‍්ඛවෙ”ති. “භන‍්තෙ, ඉධ තප‍්පන‍්තො විචරිත්‍වා පුන ගන‍්ත්‍වා තප‍්පනට‍්ඨානෙයෙව නිබ‍්බත‍්තො”ති. “ආම, භික‍්ඛවෙ, පබ‍්බජිතා වා හොන‍්තු ගහට‍්ඨා වා, පමාදවිහාරිනො උභයත්‍ථ තප‍්පන‍්තියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

යන මේ පිංගලජාතකය වදාළසේක. භික්ෂූහු ස්වාමීනි, දැන් දෙව්දත් කොහි උපන්නේදැයි විචාළහ. මහණෙනි අවීචිමහානරකයෙහිය. ස්වාමීනි, මෙලොව තැවෙමින්ම සිට මෙයින් චුතව තැවෙන තැනකම උපන්නේ වේදැයි කීවාහුය. එය පැවිදි හෝ ගිහි හෝ ප්‍රමාද විහරණ ඇත්තෝ නම් දෙලොවම තැවෙතියි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:

“ඉධ තප‍්පති පෙච‍්ච තප‍්පති, පාපකාරී උභයත්‍ථ තප‍්පති; පාපං මෙ කතන‍්ති තප‍්පති, භිය්‍යො තප‍්පති දුග‍්ගතිං ගතො”ති.

මෙලොව තැවෙයි ඔහු එලොව තැවෙයි පාපකාරියා දෙලොව තැවෙයි මම පව් කෙළෙමියි මෙලොව තැවෙයි දුගතිය ගොස් වැඩියෙන්ම තැවෙයි.

තත්‍ථ ඉධ තප‍්පතීති ඉධ කම‍්මතප‍්පනෙන දොමනස‍්සමත‍්තෙන තප‍්පති. පෙච‍්චාති පරලොකෙ පන විපාකතප‍්පනෙන අතිදාරුණෙන අපායදුක‍්ඛෙන තප‍්පති. පාපකාරීති නානප‍්පකාරස‍්ස පාපස‍්ස කත‍්තා. උභයත්‍ථාති ඉමිනා වුත‍්තප‍්පකාරෙන තප‍්පනෙන උභයත්‍ථ තප‍්පති නාම. පාපං මෙති සො හි කම‍්මතප‍්පනෙන කප‍්පන‍්තො “පාපං මෙ කත”න‍්ති තප‍්පති. තං අප‍්පමත‍්තකං තප‍්පනං, විපාකතප‍්පනෙන පන තප‍්පන‍්තො භිය්‍යො තප‍්පති දුග‍්ගතිං ගතො අතිඵරුසෙන තප‍්පනෙන අතිවිය තප‍්පතීති.

එහි ඉධතප්පති යනු මෙලොව පව්කම් කිරීමේදී ඇතිවන කර්ම සන්තාපයෙන් දොම්නස් මාත්‍රයෙන් තැවෙයි. පෙච්ච යනු පරලොව දී ඒ කර්ම විපාකයෙන් ඉතා දරුණු අපාදුකින් තැවෙයි. පාපකාරී යනු නන්වැදැරුම් පව්කම්කරන තැනැත්තායි. උභයත්ථ යනු ඉහත කියන ලද ආකාරයෙන් තැවීම් කරණකොටගෙන දෙලොවම තැවෙන්නේ වෙයි. පාපංච යනු ඒ පුද්ගලයා කර්ම තැවීමෙන් තැවෙමින් මවිසින් පවරන ලද්දේයයි තැවෙයි. ඒ තැවීම අල්පමාත්‍රිකය. භිය්‍යො තප්පති දුග්ගතිංගතො යනු විපාක විඳින විට ඇතිවෙන සන්තාපයෙන් තැවෙමින් ඉතා පරුෂ වූ තැවීමෙන් බොහෝ සෙයින් තැවේයයිද වදාළසේක.

ගාථාපරියොසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං. දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා ජාතාති.

ගාථා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ. දේශනාව මහජනයාට සාර්ථකවිය.

දෙවදත‍්තවත්‍ථු ද‍්වාදසමං.

දොළොස්වන දෙව්දත් තෙරුන්ගේ වස්තුවයි.