18. සුමනාදෙවීවත්ථු අට්ඨකථා
18. සුමනාදෙවීවත්ථු
18. සුමනා දේවියගේ කථා වස්තුව
ඉධ නන්දතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සුමනාදෙවිං ආරබ්භ කථෙසි.
‘ඉධ නන්දති’ යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවසන සමයෙහි සුමනාදේවිය අරභයා දෙසූසේක.
සාවත්ථියඤ්හි දෙවසිකං අනාථපිණ්ඩිකස්ස ගෙහෙ ද්වෙ භික්ඛූසහස්සානි භුඤ්ජන්ති, තථා විසාඛාය මහාඋපාසිකාය. සාවත්ථියං යො යො දානං දාතුකාමො හොති, සො සො තෙසං උභින්නං ඔකාසං ලභිත්වාව කරොති. කිං කාරණා? “තුම්හාකං දානග්ගං අනාථපිණ්ඩිකො වා විසාඛා වා ආගතා”ති පුච්ඡිත්වා, “නාගතා”ති වුත්තෙ සතසහස්සං විස්සජ්ජෙත්වා කතදානම්පි “කිං දානං නාමෙත”න්ති ගරහන්ති. උභොපි හි තෙ භික්ඛුසඞ්ඝස්ස රුචිඤ්ච අනුච්ඡවිකකිච්චානි ච අතිවිය ජානන්ති, තෙසු විචාරෙන්තෙසු භික්ඛූ චිත්තරූපං භුඤ්ජන්ති. තස්මා සබ්බෙ දානං දාතුකාමා තෙ ගහෙත්වාව ගච්ඡන්ති. ඉති තෙ අත්තනො අත්තනො ඝරෙ භික්ඛූ පරිවිසිතුං න ලභන්ති. තතො විසාඛා, “කො නු ඛො මම ඨානෙ ඨත්වා භික්ඛුසඞ්ඝං පරිවිසිස්සතී”ති උපධාරෙන්තී පුත්තස්ස ධීතරං දිස්වා තං අත්තනො ඨානෙ ඨපෙසි.
සැවැත්නුවර අනේපිඬුසිටුතුමාගේ ගෙදර දවස් පතා භික්ෂූහු දෙදහසක් දන් වළඳති. විශාඛා මහා උපාසිකාවගේ ගෙදරත් එසේය. සැවැත්නුවර යමෙක් දන්දෙනු කැමැත්තේ නම් ඒ අය ඒ දෙදෙනාගේ අවසරය ලබාගෙනම දන් දෙති. කුමක් නිසාද? ඔබගේ අග්රදානයට අත්පිඬුසිටුතුමා හෝ විශාඛා මහා උපාසිකාව හෝ ආවෙහිදැයි විචාළවිට නොආවාහුයයි කීවොත් ලක්ෂයක් වියදම් කොට පිළියෙළ කළ දානයක් වුවද ඒ දානය කුමක්දැයි මිනිස්සු අවමානයෙන් කථාකරති. අනේපිඬු විශාඛා දෙදෙනම භික්ෂූන්ගේ රුචියත්, සුදුසු වැඩකටයුතුත් හොඳින් දනිත්, ඔවුන් විචාරා දානය පිළියෙළ කළ විට භික්ෂූහු සිත්සේ වළඳත්, එහෙයින් දන්දෙනු කැමැත්තෝ ඔවුන් ගෙන්වාගෙනම දන්දෙති. මේ හේතුවෙන් තම තමන්ගේ ගෙවල්වලදී භික්ෂුන් වැළඳවීමට බොහෝ අයට අවකාශ නොලැබේ. ඉක්බිති විශාඛාවෝ මගේ ස්ථානයේ සිට (මා මෙන්) භික්ෂු සංඝයා වැළඳවීමට සුදුසුදැයි සොයා බලන්නාහු තම පුතාගේ දුවණිය ඊට සුදුසු බව දැක ඈ තමන්ගේ තැන තැබුවෝය.
සා තස්සා නිවෙසනෙ භික්ඛුසඞ්ඝං පරිවිසති. අනාථපිණ්ඩිකොපි මහාසුභද්දං නාම ජෙට්ඨධීතරං ඨපෙසි. සා භික්ඛූනං වෙය්යාවච්චං කරොන්තී ධම්මං සුණන්තී සොතාපන්නා හුත්වා පතිකුලං අගමාසි. තතො චූළසුභද්දං ඨපෙසි. සාපි තථෙව කරොන්තී සොතාපන්නා හුත්වා පතිකුලං ගතා. අථ සුමනදෙවිං නාම කනිට්ඨධීතරං ඨපෙසි. සා පන ධම්මං සුත්වා සකදාගාමිඵලං පත්වා කුමාරිකාව හුත්වා තථාරූපෙන අඵාසුකෙන ආතුරා ආහාරුපච්ඡෙදං කත්වා පිතරං දට්ඨුකාමා හුත්වා පක්කොසාපෙසි. සො එකස්මිං දානග්ගෙ තස්සා සාසනං සුත්වාව ආගන්ත්වා, “කිං, අම්ම සුමනෙ”ති ආහ. සාපි නං ආහ – “කිං, තාත කනිට්ඨභාතිකා”ති? “විලපසි අම්මා”ති? “න විලපාමි, කනිට්ඨභාතිකා”ති. “භායසි, අම්මා”ති? “න භායාමි, කනිට්ඨභාතිකා”ති. එත්තකං වත්වායෙව පන සා කාලමකාසි. සො සොතාපන්නොපි සමානො සෙට්ඨිධීතරි උප්පන්නසොකං අධිවාසෙතුං අසක්කොන්තො ධීතු සරීරකිච්චං කාරෙත්වා රොදන්තො සත්ථු සන්තිකං ගන්ත්වා,
ඒ දුවණිතොමෝ ඒ විශාඛා උවැසියගේ නිවසෙහි භික්ෂූන් වළඳවයි. අනේපිඬු සිටුතෙමේත් මහාසුභද්රානම් දෙටුදුවණිය සිය තනතුරෙහි තැබීය. ඕතොමෝ භික්ෂූන්ගේ වතාවත් කරන්නී, බණ අසන්න සෝවාන්ව පතිකුලයකට ගියාය. අනතුරුව චූලසුභද්රාව එකී තනතුරෙහි තැබීය. ඕතොමෝත් එසේම කටයුතු කොට සෝවාන්ව පතිකුලයකට ගියාය. ඉන්පසු සුමනාදේවී නම් කනිටු දුවණියෝ ඒ තනතුරෙහි තැබූහ. ඕතොමෝ සකෘදාගාමීව කුමරියක ලෙසම සිටියාය. නැවත ඕතොමෝ ආහාරඅරුචියෙන් රෝගාතුරව පියා දකිනු කැමතිව පියා තමා ළඟට කැඳෙව්වාය. අනේපිඬුසිටුතෙමේ දන්ගෙදරකදීම ඇගේ පණිවුඩ ලියුම අසා වහාම එහි ගොස්, දුව සුමනාවනි, මේ කිමෙක්දැයි ඇසීය. ඕතොමෝ ඒ සිටාණන්ගෙන් බාල සොහොයුර ඇයිදැයි ඇසුවාය. දුවණියනි. නන්දොඩවන්නෙහිද? බාල සොහොයුර, මම නන්නොදඩමි. දුවණිය ඔබ භයවූයෙහිද? බාල සොහොයුර, මම බය නොවූයෙමියි මෙපමණක්ම කියා මිය පරලොව ගියාය. සිටුතෙමේත් සෝවාන් වූයේ නමුදු සිටුදුවගේ වියෝවෙන් උපන් ශෝකය ඉවසාගත නොහැකිව දූගේ සිරුර පිළිබඳ අවසන්කටයුතු කරවා අඬමින් බුදුන් සමීපයට ගියේය.
“කිං, ගහපති, දුක්ඛී දුම්මනො අස්සුමුඛො රොදමානො ආගතොසී”ති වුත්තෙ, “ධීතා මෙ, භන්තෙ, සුමනදෙවී කාලකතා”ති ආහ. “අථ කස්මා සොචසි, නනු සබ්බෙසං එකංසිකං මරණ”න්ති? “ජානාමෙතං, භන්තෙ, එවරූපා නාම මෙ හිරිඔත්තප්පසම්පන්නා ධීතා, සා මරණකාලෙ සතිං පච්චුපට්ඨාපෙතුං අසක්කොන්තී විලපමානා මතා, තෙන මෙ අනප්පකං දොමනස්සං උප්පජ්ජතී”ති. “කිං පන තාය කථිතං මහාසෙට්ඨී”ති? “අහං තං, භන්තෙ, ‘අම්ම, සුමනෙ’ති ආමන්තෙසිං. අථ මං ආහ – ‘කිං, තාත, කනිට්ඨභාතිකා’ති? ‘විලපසි, අම්මා’ති? ‘න විලපාමි, කනිට්ඨභාතිකා’ති. ‘භායසි, අම්මා’ති? ‘න භායාමි කනිට්ඨභාතිකා’ති. එත්තකං වත්වා කාලමකාසී”ති. අථ නං භගවා ආහ – “න තෙ මහාසෙට්ඨි ධීතා විලපතී”ති. “අථ කස්මා භන්තෙ එවමාහා”ති? “කනිට්ඨත්තායෙව. ධීතා හි තෙ, ගහපති, මග්ගඵලෙහි තයා මහල්ලිකා. ත්වඤ්හි සොතාපන්නො, ධීතා පන තෙ සකදාගාමිනී. සා මග්ගඵලෙහි තයා මහල්ලිකත්තා තං එවමාහා”ති. “එවං, භන්තෙ”ති? “එවං, ගහපතී”ති. “ඉදානි කුහිං නිබ්බත්තා, භන්තෙ”ති? “තුසිතභවනෙ, ගහපතී”ති. “භන්තෙ, මම ධීතා ඉධ ඤාතකානං අන්තරෙ නන්දමානා විචරිත්වා ඉතො ගන්ත්වාපි නන්දනට්ඨානෙයෙව නිබ්බත්තා”ති. අථ නං සත්ථා “ආම, ගහපති, අප්පමත්තා නාම ගහට්ඨා වා පබ්බජිතා වා ඉධ ලොකෙ ච පරලොකෙ ච නන්දන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
බුදුරජාණන්වහන්සේ, ගෘහපතිය, කුමක් නිසා දුක්වී, දොම්නසින්, කඳුළු පිරි ඇසින් යුක්තව හඬමින් ආවෙහිදැයි ඇසූහ. ස්වාමීනි, මගේ දුව සුමනාදේවී කළුරිය කළායයි කීවේය. ඉතින් කුමක් නිසා ශෝක කරන්නෙහිද? මරණය ඒකාන්ත නොවේද? ස්වාමීනි. මම එය දනිමි. එහෙත් මගේ මේ විලිලජ්ජා දෙකෙන් පිරිපුන් දුවණියෝ මරණාසන්න මොහොතෙහි සිහිය එළවාගන්නට නොහැකිව නන්දොඩවමින් මළාහ. එයින් මට බොහෝ දුක්දොම්නස් උපදී. මහසිටාණනි, ඈ කුමක් කීවෙහිද? ස්වාමීනි, මම දුව සුමනායයි ඈ ඇමතීමි. ඈ බාලමලණුවනියි මගෙන් ඇසුවාය. මම යළිත් දුව සුමනායයි ඈට කථාකෙළෙමි. ඔබ නන්දොඩවන්නෙහිදැයි මම ඇසුවෙමි. බාල සහෝදරය, මම නන්දොඩවන්නේ නැතැයි ඈ කීවාය. දුව ඔබ බිය වූයෙහිදැයි ඇසීමි. කනිටු සොහොයුරාණනි, මම බිය නොවෙමියි මෙපමණක්ම කියා ඈ කළුරිය කළාය. ඉක්බිති භාග්යවතුන්වහසේ සිටාණනි, ඔබේ දුව නන්දොඩවන්නේ නැතැයි වදාළහ. එසේ නම් කුමක් හෙයින් මට එසේ කීවාද? කනිටු බැවින්මය ගෘහපතිය. ඔබේ දුව වනාහි මගඵලවලින් ඔබට වඩා මහලුය. ඔබ සෝතාපන්නයෙකි. ඔබේ දුව සකෘදාගාමීය. ඕ මාර්ගඵලවලින් මහලු බැවින් මෙසේ කීවායයි වදාළහ. ස්වාමීනි, එය එසේද? එය ගෘහපතිය. ස්වාමීනි, දැන් ඈ කොහි උපන්නීද? තුසිත භවනෙහියයි වදාළ කල්හි ස්වාමීනි, මගේ දුව මෙහි නෑදයන් අතර ප්රීතිවෙමින් සිට මෙයින් පිටත්වී ගොසිනිදු සතුටුවන තැනකම උපන්නී නේදැයි කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔහුට එසේය ගෘහපතියයයි වදාරා, ගෘහපතිය, පැවිදි හෝ ගිහි හෝ වේවා නොපමාවූවාහු නම් මෙලොවත් පරලොවත් සතුටුවෙත්මයයි වදාරා මේ ගාථාවද ප්රකාශ කළහ:
“ඉධ නන්දති පෙච්ච නන්දති, කතපුඤ්ඤො උභයත්ථ නන්දති; පුඤ්ඤං මෙ කතන්ති නන්දති, භිය්යො නන්දති සුග්ගතිං ගතො”ති.
කළ පින් ඇත්තා මොලොව සතුටු වෙයි කළ පින් ඇත්තා එලොව සතුටු වෙයි මම පින් කෙළෙමියි බොහෝ සතුටු වෙයි සුගතියෙ ගොස් තව තවත් සතුටු වෙයි
තත්ථ ඉධාති ඉධ ලොකෙ කම්මනන්දනෙන නන්දති. පෙච්චාති පරලොකෙ විපාකනන්දනෙන නන්දති. කතපුඤ්ඤොති නානප්පකාරස්ස පුඤ්ඤස්ස කත්තා. උභයත්ථාති ඉධ “කතං මෙ කුසලං, අකතං මෙ පාප”න්ති නන්දති, පරත්ථ විපාකං අනුභවන්තො නන්දති. පුඤ්ඤං මෙති ඉධ නන්දන්තො පන “පුඤ්ඤං මෙ කත”න්ති සොමනස්සමත්තෙනෙව කම්මනන්දනං උපාදාය නන්දති. භිය්යොති විපාකනන්දනෙන පන සුගතිං ගතො සත්තපඤ්ඤාසවස්සකොටියො සට්ඨිවස්සසතසහස්සානි දිබ්බසම්පත්තිං අනුභවන්තො තුසිතපුරෙ අතිවිය නන්දතීති.
ඒ ගාථාවෙහි ඉධ යනු මේ ලෝකයෙහි යන අරුත්ය. පින්කම් කිරීමෙන් වන සතුටින් සතුටුවෙයි. පෙච්ච යනු පරලොව විපාක නන්දනයෙන් (අනුභවයෙන්) සතුටු වෙයි. කතපුඤ්ඤො යනු නානාප්රකාර පින්කරන තැනැත්තායි. උභයත්ථ යනු මෙලොව මා විසින් කුසල් කරනලදි. පවු නොකරනලදැයි සතුටු වෙයි. පරලොව එහි විපාක අනුභව කරන කල්හිත් සතුටු වෙයි. පුඤ්ඤං මෙඉති පුඤ්ඤංමෙ යනු මොලොව සතුටුවන තැනැත්තේ සොම්නස් මාත්රයෙන් පවා කර්ම ප්රීතිය නිසා සතුටු වෙයි. භිය්යොඉති භිය්යො යනු විපාක (වින්දන) නන්දනයෙන් සුගතියට ගියේ සත්පනස්කෙළක් හවුරුදුද, අවුරුදු හැටලක්ෂයක්ද දිව්යමයවූ සැප වළදමින් තුසීපුරෙහි අතිශයින් සතුටුවන්නේයයි වදාළසේක.
ගාථාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. මහාජනස්ස සාත්ථිකා ධම්මදෙසනා ජාතාති.
ගාථා කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදි මාර්ගඵලවලට පැමිණියාහුය. ධර්මදේශනාව මහජනයාට සාර්ථක විය.
සුමනාදෙවීවත්ථු තෙරසමං.
දහතුන්වන සුමනා දේවියගේ කථා වස්තුවයි.