19-20. ද්වෙසහායකභික්ඛුවත්ථු අට්ඨකථා
19-20. ද්වෙසහායකභික්ඛුවත්ථු
19-20. යහළු භික්ෂු දෙනමගේ වස්තුව
බහුම්පි චෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ද්වෙ සහායකෙ ආරබ්භ කථෙසි.
‘බහුම්පි චෙ’ ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි යහළු භික්ෂූන් දෙනමක් අරභයා දේශනා කළ සේක.
සාවත්ථිවාසිනො හි ද්වෙ කුලපුත්තා සහායකා විහාරං ගන්ත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා කාමෙ පහාය සාසනෙ උරං දත්වා පබ්බජිත්වා පඤ්ච වස්සානි ආචරියුපජ්ඣායානං සන්තිකෙ වසිත්වා සත්ථාරං උපසඞ්කමිත්වා සාසනෙ ධුරං පුච්ඡිත්වා විපස්සනාධුරඤ්ච ගන්ථධුරඤ්ච විත්ථාරතො සුත්වා එකො තාව “අහං, භන්තෙ, මහල්ලකකාලෙ පබ්බජිතො න සක්ඛිස්සාමි ගන්ථධුරං පූරෙතුං, විපස්සනාධුරං පන පූරෙස්සාමී”ති යාව අරහත්තා විපස්සනාධුරං කථාපෙත්වා ඝටෙන්තො වායමන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. ඉතරො පන “අහං ගන්ථධුරං පූරෙස්සාමී”ති අනුක්කමෙන තෙපිටකං බුද්ධවචනං උග්ගණ්හිත්වා ගතගතට්ඨානෙ ධම්මං කථෙති, සරභඤ්ඤං භණති, පඤ්චන්නං භික්ඛුසතානං ධම්මං වාචෙන්තො විචරති. අට්ඨාරසන්නං මහාගණානං ආචරියො අහොසි.
සැවැත් නුවර වැසි යහළුකුලපුත්රයෝ දෙදෙනෙක් විහාරයට ගොස් බුදුන්ගේ ධර්මදේශනාව අසා වස්තූන් හැරදමා සසුනට ළයදී පැවිදිව පස්වසක් ආචාර්ය උපාධ්යයයන්වහන්සේ සමීපයෙහි වැස බුදුන්වෙත පැමිණ සසුනේ ධුර කෙතෙක්දැයි විචාරා විපස්සනාධූර ග්රන්ථධූරයන් විස්තර වශයෙන් අසා දැන එයින් එක්නමක්, ස්වාමීනි, මම මහලුකල පැවිදිවීමි. ග්‍රන්ථධූරය පුරන්නට අපොහොසත් වෙමි. විදර්ශනාධූරය පුරන්නෙමියි අර්හත්වය දක්වා විදර්ශනා කියවාගෙන බොහෝ වෑයම් කොට සිව්පිළිසිඹියා හා සමඟ රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව මම ග්‍රන්ථධූරය පුරන්නෙමියි පිළිවෙළින් ත්‍රිපිටක බුද්ධධර්මය උගෙන ගියගිය තැන්වල ධර්මදේශනා කෙරෙයි. මධුරස්වරයෙන් කථා කරයි. පන්සීයක් භික්ෂුන්ට ධර්මය කියාදෙයි. අටළොස් මහා සංඝගණයකට (පිරිසකට) ආචාර්යවරයා විය.
භික්ඛූ සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඉතරස්ස ථෙරස්ස වසනට්ඨානං ගන්ත්වා තස්ස ඔවාදෙ ඨත්වා අරහත්තං පත්වා ථෙරං වන්දිත්වා, “සත්ථාරං දට්ඨුකාමම්හා”ති වදන්ති. ථෙරො “ගච්ඡථ, ආවුසො, මම වචනෙන සත්ථාරං වන්දිත්වා අසීති මහාථෙරෙ වන්දථ, සහායකත්ථෙරම්පි මෙ ‘අම්හාකං ආචරියො තුම්හෙ වන්දතී’ති වදථා”ති පෙසෙති.
භික්ෂුහු බුදුන් වෙත පැමිණ කමටහන් ඉල්වාගෙන අනිත් විපස්සක තෙරුන් වසන තැනට ගොස් උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි භාවනාකොට රහත්බවට පත්ව තෙරුන් වැඳ බුදුන් දකිනු කැමැත්තම්හයි කියති. තෙරණුවෝ ඇවැත්නී, යව්. මගේ වචනයෙන් බුදුන් වැඳ අසූමහාසවුතෙරවරුනුත් වදිව්. මගේ යහළු තෙරුන්ද අපේ ආචාර්යයන්වහන්සේ ඔබ වඳිතියි කියව්යයි පිටත් කොළෝය.
තෙ භික්ඛූ විහාරං ගන්ත්වා සත්ථාරඤ්චෙව අසීති මහාථෙරෙ ච වන්දිත්වා ගන්ථිකත්ථෙරස්ස සන්තිකං ගන්ත්වා, “භන්තෙ, අම්හාකං ආචරියො තුම්හෙ වන්දතී”ති වදන්ති. ඉතරෙන ච “කො නාම සො”ති වුත්තෙ, “තුම්හාකං සහායකභික්ඛු, භන්තෙ”ති වදන්ති. එවං ථෙරෙ පුනප්පුනං සාසනං පහිණන්තෙ සො භික්ඛු ථොකං කාලං සහිත්වා අපරභාගෙ සහිතුං අසක්කොන්තො “අම්හාකං ආචරියො තුම්හෙ වන්දතී”ති වුත්තෙ, “කො එසො”ති වත්වා “තුම්හාකං සහායකභික්ඛූ”ති වුත්තෙ, “කිං පන තුම්හෙහි තස්ස සන්තිකෙ උග්ගහිතං, කිං දීඝනිකායාදීසු අඤ්ඤතරො නිකායො, කිං තීසු පිටකෙසු එකං පිටක”න්ති වත්වා “චතුප්පදිකම්පි ගාථං න ජානාති, පංසුකූලං ගහෙත්වා පබ්බජිතකාලෙයෙව අරඤ්ඤං පවිට්ඨො, බහූ වත අන්තෙවාසිකෙ ලභි, තස්ස ආගතකාලෙ මයා පඤ්හං පුච්ඡිතුං වට්ටතී”ති චින්තෙසි.
ඒ භික්ෂුහු විහාරයට ගොස් බුදුරදුන්ද, අසුමහතෙරවරුන්ද වැඳ ස්වාමීනි, අපේ ආචාර්යවරයන්වහන්සේ ඔබ වඳිතියි කීකල්හි අනිත් භික්ෂුව (ග්රන්ථ ධුරය පුරන) මේ කවුරුන්දැයි විචාළ කල්හි, ස්වාමීනි, ඔබගේ යහළු භික්ෂුවයයි කියති. මෙසේ ඒ (විපස්සක) තෙරුන් නැවත නැවතත් පණිවුඩ එවන කල්හි මද කලක් ඉවසා සිට මෑත භාගයෙහි එය ඉවසා සිටිය නොහැකිව අප ඇඳුරුතුමෝ ඔබ වඳිතියි කීකල, ඔබේ යහළු භික්ෂුවයයි දැන්වූ පසු තෙපි ඔවුන් ළඟින් කුමක් ඉගෙන ගත්තාහුදැයි අසා දීඝනිකාය ආදි සඟිවලින් කුමක් උගත්තුද, තුන්පිටකයෙන් එක් පිටකයක් හෝ උගත්තුද, සතරපද ගාථාවක් පවා නොදනියි. ඔහු පංශුකූල සිවුරු පොරවා පැවිදි වූ ළඟදීම කැලෑවට ගියේය. බොහෝ අතවැස්සන් නම් ලැබීය. ඔහු මෙහි ආවිට ප්‍රශ්න ඇසිය යුතුයයි සිතා ගත්තේය.
අථ අපරභාගෙ ථෙරො සත්ථාරං දට්ඨුං ආගතො. සහායකස්ස ථෙරස්ස සන්තිකෙ පත්තචීවරං ඨපෙත්වා ගන්ත්වා සත්ථාරඤ්චෙව අසීති මහාථෙරෙ ච වන්දිත්වා සහායකස්ස වසනට්ඨානං පච්චාගමි. අථස්ස සො වත්තං කාරෙත්වා සමප්පමාණං ආසනං ගහෙත්වා, “පඤ්හං පුච්ඡිස්සාමී”ති නිසීදි. තස්මිං ඛණෙ සත්ථා “එස එවරූපං මම පුත්තං විහෙඨෙත්වා නිරයෙ නිබ්බත්තෙය්යා”ති තස්මිං අනුකම්පාය විහාරචාරිකං චරන්තො විය තෙසං නිසින්නට්ඨානං ගන්ත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. තත්ථ තත්ථ නිසීදන්තා හි භික්ඛූ බුද්ධාසනං පඤ්ඤාපෙත්වාව නිසීදන්ති. තෙන සත්ථා පකතිපඤ්ඤත්තෙයෙව ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො පන ගන්ථිකභික්ඛුං පඨමජ්ඣානෙ පඤ්හං පුච්ඡිත්වා තස්මිං අකථිතෙ දුතියජ්ඣානං ආදිං කත්වා අට්ඨසුපි සමාපත්තීසු රූපාරූපෙසු ච පඤ්හං පුච්ඡි. ගන්ථිකත්ථෙරො එකම්පි කථෙතුං නාසක්ඛි. ඉතරො තං සබ්බං කථෙසි.
ඉන් පසු කාලයක අනික් (විපස්සක) තෙරණුවෝ බුදුන් දක්නට අවුත් යහළුතෙරුන් සමීපයෙහි පාසිවුරු තබා ගොස් බුදුන්ද අසූමහා ශ්රාවකයන්ද වැඳ යහළුතෙරුන්ගේ වාසස්ථානයට ආපසු පැමිණියෝය. ඒ ග්‍රන්ථධූරීන තෙරණුවෝ උන්වහන්සේට අවශ්‍ය වතාවත් කරවා, සමප්‍රමාණ අසුනක් ගෙන ප්‍රශ්න විචාරන්නෙමියි හිඳගත්හ. එකෙණෙහි ශාස්තෘන්වහන්සේ, මේ තෙමේ මගේ මෙබඳු පුතණුවන් වෙහෙසා අපාගතවන්නේයයි ඔහු කෙරෙහි අනුකම්පාවෙන් විහාර චාරිකාවේ හැසිරෙන්නාක් මෙන් ඔවුන් සිටි තැනට වැඩමවා පැනවූ බුද්ධාසනයෙහි වැඩහුන්සේක. ඒ ඒ තැන්වල වැඩහිඳින භික්ෂුහු බුද්ධාසනයක් පනවා හිඳිත්මය. ශාස්තෘන්වහන්සේ ප්‍රකෘතියෙන්ම එසේ පනවා තිබූ අසුන්හි වැඩහුන්සේක. එසේ වැඩසිට ග්‍රන්ථධූරීන භික්ෂුවගෙන් ප්‍රථමධ්‍යානය පිළිබඳවද, රූපාරූපසමාපත්ති පිළිබඳවද ප්‍රශ්න විචාළසේක. අනිත් තැනැත්තේ ඒ සියල්ලට පිළිතුරු දුන්නේය.
අථ නං සොතාපත්තිමග්ගෙ පඤ්හං පුච්ඡි. ගන්ථිකත්ථෙරො කථෙතුං නාසක්ඛි. තතො ඛීණාසවත්ථෙරං පුච්ඡි. ථෙරො කථෙසි. සත්ථා “සාධු සාධු, භික්ඛූ”ති අභිනන්දිත්වා සෙසමග්ගෙසුපි පටිපාටියා පඤ්හං පුච්ඡි. ගන්ථිකො එකම්පි කථෙතුං නාසක්ඛි, ඛීණාසවො පුච්ඡිතං පුච්ඡිතං කථෙසි. සත්ථා චතූසුපි ඨානෙසු තස්ස සාධුකාරං අදාසි.
ඉන් අනතුරුව ඒ භික්ෂුවගෙන් සෝවාන් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් විචාළෝය. ග්‍රන්ථධූරීන භික්ෂුවට එය කියනු නොහැකිවිය. ඉන්පසු ක්ෂීණාශ්රව (විදර්ශක) තෙරණුවන්ගෙන් ඒ ප්‍රශ්නයම අසන ලදහ. තෙරණුවෝ ඊට පිළිතුරු දුන්හ. ශාස්තෘන්වහන්සේ සාධුකාරයෙන් එය යහපතැයි පිළිගත්සේක. එසේ සතුට පළකොට සෙසු මාර්ගයන් පිළිබඳවද පිළිවෙළින් ප්‍රශ්න විචාළහ. ග්‍රන්ථක භික්ෂුව ඒ එකකට හෝ පිළිතුරු දීමට අපොහොසත්වූ අතර ක්ෂීණාශ්රව රහතන්වහන්සේ විචාළ විචාළ ප්‍රශ්න විසඳාලූහ. ශාස්තෘන්වහන්සේ මෙසේ සතර තැනක සාධුකාර දුන්සේක.
තං සුත්වා භුම්මදෙවෙ ආදිං කත්වා යාව බ්රහ්මලොකා සබ්බා දෙවතා චෙව නාගසුපණ්ණා ච සාධුකාරං අදංසු. තං සාධුකාරං සුත්වා තස්ස අන්තෙවාසිකා චෙව සද්ධිවිහාරිනො ච සත්ථාරං උජ්ඣායිංසු – “කිං නාමෙතං සත්ථාරා කතං, කිඤ්චි අජානන්තස්ස මහල්ලකත්ථෙරස්ස චතූසු ඨානෙසු සාධුකාරං අදාසි, අම්හාකං පනාචරියස්ස සබ්බපරියත්තිධරස්ස පඤ්චන්නං භික්ඛුසතානං පාමොක්ඛස්ස පසංසාමත්තම්පි න කරී”ති.
ඒ අසා සිටි භූම්‍යස්ථ (පොළාව ඇසුරෙහි සිටින) දෙවියන් ආදිකොට ඇති බඹලොව දක්වා සියලු දෙවියෝද, නාග සුපර්ණයෝද සාධුකාර දුන්හ. ඒ සාධුකාරය අසා ඒ ග්‍රන්ථික භික්ෂුවගේ අතවැසියෝත්, සද්ධිවිහාරිකයෝත්, බුදුරදුන් විසින් මේ කරන ලද්දේ කුමක්ද? කිසිවක්ම නොදන්නා මහලු තෙරුන්ට සිවුතැනකදී සාධුකාර දුන්හ. සකල පර්යාප්තිධර, (ත්‍රිපිටකධාරී) භික්ෂූන් පන්සීයකට ප්‍රධාන අපේ ආචාර්යයන්වහන්සේට ප්‍රශංසා මාත්‍රයකුදු නැත යනුවෙන් දොස් කියන්ට වූහ.
අථ නෙ සත්ථා “කිං නාමෙතං, භික්ඛවෙ, කථෙථා”ති පුච්ඡිත්වා තස්මිං අත්ථෙ ආරොචිතෙ, “භික්ඛවෙ, තුම්හාකං ආචරියො මම සාසනෙ භතියා ගාවො රක්ඛණසදිසො, මය්හං පන පුත්තො යථාරුචියා පඤ්ච ගොරසෙ පරිභුඤ්ජනකසාමිසදිසො”ති වත්වා ඉමා ගාථා අභාසි –
ඉක්බිති තථාගතයන්වහන්සේ මේ කියන්නේ මොනවාදැයි විචාරා ඒ කරුණ දන්වා සිටිපසු, මහණෙනි, තොපගේ ගුරුවරයා මගේ සසුනෙහි, කුලියට හරකුන් රකින ගොපල්ලෙකු මෙනි. මගේ පුත් විදර්ශක භික්ෂුව මනාප පරිද්දෙන් පස්ගෝරසයන් පරිභෝජනය කරන ගව ස්වාමියෙකු වැනියයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:
“බහුම්පි චෙ සංහිත භාසමානො, න තක්කරො හොති නරො පමත්තො; ගොපොව ගාවො ගණයං පරෙසං, න භාගවා සාමඤ්ඤස්ස හොති.
බණදහම් දැනගෙන කියන නමුත් එහි නොයෙදෙන ගොපල්ලෙකි ඔහු නම් අනුන් හරකුන් බලාගන්නා ඔහුට පස්ගෝරස බිඳක් හෝ නොලැබී යයි
“අප්පම්පි චෙ සංහිත භාසමානො, ධම්මස්ස හොති අනුධම්මචාරී; රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සම්මප්පජානො සුවිමුත්තචිත්තො.
ටිකක් බණ දැනගෙන කියන දහමෙහි හැසිරෙන රා දොස් මෝහ හැරදා මිදුණු සිතකින් යුතුවන
“අනුපාදියානො ඉධ වා හුරං වා, ස භාගවා සාමඤ්ඤස්ස හොතී”ති.
ඔහු සමණ පලයට පැමිණ එහි උරුමයට හිමිවේ
තත්ථ සංහිතන්ති තෙපිටකස්ස බුද්ධවචනස්සෙතං නාමං. තං ආචරියෙ උපසඞ්කමිත්වා උග්ගණ්හිත්වා බහුම්පි පරෙසං භාසමානො වාචෙන්තො තං ධම්මං සුත්වා යං කාරකෙන පුග්ගලෙන කත්තබ්බං, තක්කරො න හොති. කුක්කුටස්ස පක්ඛපහරණමත්තම්පි අනිච්චාදිවසෙන යොනිසොමනසිකාරං නප්පවත්තෙති. එසො යථා නාම දිවසං භතියා ගාවො රක්ඛන්තො ගොපො පාතොව නිරවසෙසං සම්පටිච්ඡිත්වා සායං ගහෙත්වා සාමිකානං නිය්යාදෙත්වා දිවසභතිමත්තං ගණ්හාති, යථාරුචියා පන පඤ්ච ගොරසෙ පරිභුඤ්ජිතුං න ලභති, එවමෙව කෙවලං අන්තෙවාසිකානං සන්තිකා වත්තපටිවත්තකරණමත්තස්ස භාගී හොති, සාමඤ්ඤස්ස පන භාගී න හොති. යථා පන ගොපාලකෙන නිය්යාදිතානං ගුන්නං ගොරසං සාමිකාව පරිභුඤ්ජන්ති, තථා තෙන කථිතං ධම්මං සුත්වා කාරකපුග්ගලා යථානුසිට්ඨං පටිපජ්ජිත්වා කෙචි පඨමජ්ඣානාදීනි පාපුණන්ති, කෙචි විපස්සනං වඩ්ඪෙත්වා මග්ගඵලානි පාපුණන්ති, ගොණසාමිකා ගොරසස්සෙව සාමඤ්ඤස්ස භාගිනො හොන්ති.
ඒ ගාථාවෙහි සහිතං යනු ත්‍රිපිටකයට නමකි. ඇඳුරන් වෙත පැමිණ ඒ ධර්මය ඉගෙන අනුන්ට බෙහෙවින් කියන්නේ කියවන්නේ නමුත් ඒ ධර්මය අසා පුද්ගලයා ඒ අනුව කළයුතු කටයුතු නොකරන්නේ නම්, ධර්මයට අනුව නොහැසිරෙන්නේ නම්, කුකුළෙකු පියාපත් සලන වේලාවක් පමණකුදු අනිත්‍යාදි වශයෙන් යෝනිසෝ මනසිකාරය (යමක මුල පටන් සිතීම) පවත්වා නොගන්නේ නම් ඒ පුද්ගලයා, යම්සේ දවස් කුලියට ගවයන් බලන, උදැසන ගණන් කර භාරගත්, සවස නැවතගණන්කර භාර දෙන ගොපල්ලා දවස් කුලියට පමණක් හිමිකාරයෙකු වෙයිද, මනාප ලෙස පස්ගෝරස නොලබයිද, ඒ ආකාරයෙන් හුදෙක් අතවැස්සන් ඉදිරියෙහි වත්පිළිවෙත් කිරීමට පමණක් හිමියෙක් වෙයි. මගඵල ලැබීමේ හිමියෙක් නොවෙයි. ගෙපොල්ලා සවස භාරදෙන ගවයන්ගේ පංචගෝරසය අයිතිකරුවන් විසින්ම පරිභෝග කරනු ලබත්ද, ඒ ආකාරයෙන් ඔහු විසින් කියනලද ධර්මය අසා ඒ අනුව පිළිපදින පුද්ගලයෝ අනුශාසනා පරිදි පිළිපැද කිසිවෙක් ප්‍රථමධ්‍යානාදියට පැමිණෙත්, සමහරු විදසුන් වඩා මාර්ග ඵලයන්ටද පැමිණෙත්. හරක් අයිතිකරුවෝ ගෝරසයට මෙන් ප්‍රතිපත්ති පුරන්නෝශ්රමණ ගුණයන්ට හිමිකරුවෝ වෙති.
ඉති සත්ථා සීලසම්පන්නස්ස බහුස්සුතස්ස පමාදවිහාරිනො අනිච්චාදිවසෙන යොනිසොමනසිකාරෙ පමත්තස්ස භික්ඛුනො වසෙන පඨමං ගාථං කථෙසි, න දුස්සීලස්ස. දුතියගාථා පන අප්පස්සුතස්සපි යොනිසොමනසිකාරෙ කම්මං කරොන්තස්ස කාරකපුග්ගලස්ස වසෙන කථිතා.
මෙසේ ශාස්තෘන්වහන්සේ, බහුශ්‍රැතව සියල්ල අනිත්යාදීවශයෙන් යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙහි ප්‍රමාදවූ එනිසාම ප්‍රමාද විහරණ ඇති සිල්වත් භික්ෂුවකගේ ස්වරූප වශයෙන් ප්‍රථම ගාථාව වදාළසේක. දෙවෙනි ගාථාව දුශ්ශීලවූද, අල්පශ්රැතවූද, යෝනිසෝ මනසිකාරයෙන් තොරවූද පුද්ගලයන්ගේ ස්වරූප වශයෙන් වදාරන ලදි.
තත්ථ අප්පම්පී චෙති ථොකං එකවග්ගද්විවග්ගමත්තම්පි. ධම්මස්ස හොති අනුධම්මචාරීති අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය නවලොකුත්තරධම්මස්ස අනුරූපං ධම්මං පුබ්බභාගපටිපදාසඞ්ඛාතං චතුපාරිසුද්ධිසීලධුතඞ්ගඅසුභකම්මට්ඨානාදිභෙදං චරන්තො අනුධම්මචාරී හොති. සො “අජ්ජ අජ්ජෙවා”ති පටිවෙධං ආකඞ්ඛන්තො විචරති. සො ඉමාය සම්මාපටිපත්තියා රාගඤ්ච දොසඤ්ච පහාය මොහං සම්මා හෙතුනා නයෙන පරිජානිතබ්බෙ ධම්මෙ පරිජානන්තො තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තීනං වසෙන සුවිමුත්තචිත්තො, අනුපාදියානො ඉධ වා හුරං වාති ඉධලොකපරලොකපරියාපන්නා වා අජ්ඣත්තිකබාහිරා වා ඛන්ධායතනධාතුයො චතූහි උපාදානෙහි අනුපාදියන්තො මහාඛීණාසවො මග්ගසඞ්ඛාතස්ස සාමඤ්ඤස්ස වසෙන ආගතස්ස ඵලසාමඤ්ඤස්ස චෙව පඤ්චඅසෙක්ඛධම්මක්ඛන්ධස්ස ච භාගවා හොතීති රතනකූටෙන විය අගාරස්ස අරහත්තෙන දෙසනාය කූටං ගණ්හීති.
ඒ ගාථාවෙහි අප්පම්පි චෙ යනු ස්වල්පයක් හෙවත් එක් වර්ගයක්, දෙවර්ගයක් පමණකි යන අර්ථයි. ධම්මස්ස හොති අනුධම්මචාරී යනු අර්ථ වශයෙන් හා පාළි වශයෙන් ධර්මය දැන, නවලොවුතුරා දහමම, චතුපාරිශුද්ධි ශීල, ධුතාංග දහතුන, අශුභ කම්මට්ඨාන යනාදි භේද ඇති, පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත වූ ගැළපෙන ධර්මයෙහි හැසිරෙන හෙයින් අනුධම්මචාරී නම්වෙයි. අද අදමයයි ප්‍රතිවෙධය බලාපොරොත්තු වෙමින් හැසිරෙයි. එබඳු පුද්ගලයා මේ මනා ප්‍රතිපත්තියෙන් රාග ද්වේෂ මෝහයන් ප්රභාණය කොට, මනා හේතුක්රමයෙන් පිරිසිඳ දන්නාවූ, තදංග විෂ්කම්භන සමුච්ඡේද ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිස්සරණ විමුක්ති යන මේ ක්‍රමයෙන් මනාව මිදුණා වූ සිත් ඇති අනුපාදියානො ඉධ වා හුරං වා යනු මෙලොව පරලොව යන දෙකට අයත්වූ හෝ ආධ්‍යාත්මික බාහිර හෝ ස්කන්ධ ධාතු ආයතනයන් සතර උපාදානයන් කරණකොට ගෙන නොපිළිගන්නාවූ, මහාක්ෂීණාශ්රව පුද්ගලයා මාර්ග සංඛ්‍යාත ශ්‍රමණ ඵල ලැබූ පුද්ගලයකු හැටියට පැමිණියාවූ ඵලශ්රාමණ්ය (ශ්‍රමණ ජීවිතයක ඵලය) ගුණයටද, පංචවිධවූ අශෛක්ෂ්ය ධර්මස්කන්ධයනටද කොටස් කාරයෙක් වන්නේ යයි ගෙයක වැඩ රුවන් කැණිමඩලකින් සම්පූර්ණ කරන්නාක් මෙන් දේශනා නැමැති ගෙය රහත්බව නැමැති මුදුනින් කෙළවර කළසේක.
ගාථාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදී මාර්ගඵලාදියට පැමිණියහ. ධර්මදේශනාව මහජනයාට අතිශයින් සාර්ථක විය.
ද්වෙසහායකභික්ඛුවත්ථු චුද්දසමං.
දහහතරවන යහළු භික්ෂු දෙනමගේ වස්තුවයි.
යමකවග්ගවණ්ණනා නිට්ඨිතා.
යමක වර්ග වර්ණනාව නිමයි
පඨමො වග්ගො.
ප්‍රථම වර්ගයයි.